යෙදුමෙන් කියවන්න

දුතියඵලසුත‍්තං

7. 3. 6.

7. 3. 6.

දුතියඵලසුත‍්තං

දුතියඵල සූත්‍රය

3148. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා.

3148. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා සත‍්තඵලා සත‍්තානිසංසා පාටිකඞ‍්ඛා. කතමෙ සත‍්තඵලා සත‍්තානිසංසා: දිට‍්ඨෙව ධම‍්මෙ පටිගච‍්ච අඤ‍්ඤං ආරාධෙති. නො චෙ දිට‍්ඨෙව ධම‍්මෙ පටිගච‍්ච අඤ‍්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ‍්ඤං ආරාධෙති, නො චෙ දිට‍්ඨෙව ධම‍්මෙ පටිගච‍්ච අඤ‍්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ‍්ඤං ආරාධෙති, අථ පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා අන‍්තරාපරිනිබ‍්බායී හොති, උපහච‍්ච පරිනිබ‍්බායී හොති, අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති, සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති, උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඉමෙසත‍්ත ඵලා සත‍්තානිසංසා පාටිකඞ‍්ඛාති.

මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතු. කවර සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල්හි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අතර කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වේ. (ආයුමැද ඉක්මවා) ආයුකෙළවරට ළං ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ නැති ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ ඇති ව කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත්පල සත් අනුසස් කැමති විය යුතු යි.