1. රහොගතවග්ගො අට්ඨකථා
1. රහොගත වර්ගය
1-2. රහොගතසුත්තාදිවණ්ණනා
1-2. රහොගත ආදි සූත්‍ර වර්ණනා
අනුරුද්ධසංයුත්තස්ස පඨමෙ ආරද්ධාති පරිපුණ්ණා. සඞ්ඛෙපතො පනෙත්ථ ඡත්තිංසාය ඨානෙසු අරහත්තං පාපෙත්වා විපස්සනා කථිතා, දුතියෙ ද්වාදසසු ඨානෙසු අරහත්තං පාපෙත්වා විපස්සනා කථිතා.
අනුරුද්ධ සංයුත්තයේ පළමු වැන්නෙහි - ආරද්ධ = පිරිපුන් මෙහිදී සැකෙවින් ස්ථාන තිස් හයකදී, රහත් බවට පමුණුවා (ලියහැකි) විදර්ශනාව කියන ලදී. දෙවැන්නෙහි - ස්ථාන දොළසකදී රහත් බවට පමුණුවා (ලිය හැකි) විදර්ශනාව කියන ලදී.
3-4. සුතනුසුත්තාදිවණ්ණනා
3-4. සුතනු ආදි සූත්‍ර වර්ණනා
තතියෙ මහාභිඤ්ඤතන්ති ඡඅභිඤ්ඤාභාවං. හීනං ධම්මන්තිආදීසු ඉමාය පාළියා අත්ථො වෙදිතබ්බො –
තුන් වැන්නෙහි මහාභිඤ්ඤත්තං = අභිඥාවන් (විශිෂ්ට දැනීම්) නැතිබව. හීනංධම්මං = යන මේ ආදියෙහි දී මෙහි පෙළෙහි අර්ථය දත යුතුය.
“කතමෙ ධම්මා හීනා? ද්වාදස අකුසලචිත්තුප්පාදා, ඉමෙ ධම්මා හීනා. කතමෙ ධම්මා මජ්ඣිමා? තීසු භූමීසු කුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාබ්‍යාකතං සබ්බඤ්ච රූපං, ඉමෙ ධම්මා මජ්ඣිමා. කතමෙ ධම්මා පණීතා? චත්තාරො මග්ගා අපරියාපන්නා, චත්තාරි ච සාමඤ්ඤඵලානි නිබ්බානඤ්ච, ඉමෙ ධම්මා පණීතා”ති (ධ· ස· 1423-1425).
කවර ධර්මයන් ලාමක නම් වේද? අකුසල් සිත් දොළස උපදවන මේ ධර්මයන් ලාමක නම් වේ. කවර ධර්මයන් මධ්‍යම නම් වේද? ත්‍රිවිධ භූමින්හි විපාක දෙන, ත්‍රිවිධ භූමින්හි ක්‍රියාවන් ප්‍රකට වන මෙම සියලුම රූප ධර්මයන් මධ්‍යම නම් වේ. කවර ධර්මයන් උසස් (ප්‍රණීත) නම් වේද? මාර්ග සතර ද, ශ්‍රමණ භාවයේ ඵල සතර ද, නිවන ද යන මේ ධර්මයෙන් උසස් (ප්‍රණීත) නම් වේ.
4. කණ්ටකීසුත්තවණ්ණනා
4. කණ්ටකී සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ කණ්ඩකීවනෙති මහාකරමන්දවනෙ.
සතර වැන්නෙහි කණ්ටකීවනෙ = මහා කරඳ ගස් වනයෙහි.
6-7. තතිය කණ්ටකීසුත්තාදිවණ්ණනා
6-7. තතිය කණ්ටකී ආදි සූත්‍ර වර්ණනා
ඡට්ඨෙ සහස්සං ලොකන්ති ඉමිනා ථෙරස්ස සතත විහාරො දස්සිතො. ථෙරො හි පාතොව මුඛං ධොවිත්වා අතීතානාගතෙ කප්පසහස්සං අනුස්සරති. පච්චුප්පන්නෙ පන දසචක්කවාළසහස්සං එකාවජ්ජනස්ස ආපාථමාගච්ඡති. සත්තමං උත්තානමෙව.
සය වැන්නෙහි - සහස්ස ලොකං = මෙයින් තෙරුන් වහන්සේගේ නිරන්තර විහරණය දක්වන ලදී. තෙරුන් වහන්සේ වනාහී උදෑසන ම මුව දොවා අතීතයෙහිද අනාගතයෙහි ද කල්ප දහසක් සිහි කරයි. වර්තමානයෙහි එක් සිහි කිරීමකින්ම දස දහසක් සක්වළ දර්ශන පථයට පැමිණෙයි. සත්වැන්න පහසු වේ.
8. සලලාගාරසුත්තවණ්ණනා
8. සලලාගාර සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සලළාගාරෙති සලළරුක්ඛමයාය පණ්ණසාලාය, සලළරුක්ඛස්ස වා ද්වාරෙ ඨිතත්තා එවංනාමකෙ අගාරෙ. ඉමස්මිං සුත්තෙ විපස්සනාය සද්ධිං විපස්සකපුග්ගලො කථිතො.
අට වැන්නෙහි - සලළාගාරෙ = සලළ නම් රුක්වලින් තැනූ පන්සලෙහි. නැතහොත් දොරටුවෙහි සලළ රුකක් පිහිටි බැවින් (සලළාගාර යන) මේනම ඇති වූ ගෘහයෙහි. මේ සූත්‍රයෙහිදී විදර්ශනාව ද, විදර්ශනාව වඩන පුද්ගලයා (පිළිබඳව) ද කියන ලද්දේ වෙයි.
9. අම්බපාලිසුත්තවණ්ණනා
9. අම්බපාලි සූත්‍ර වර්ණනාව
නවමෙ ආසභිං වාචන්ති අත්තනො අරහත්තභාවදීපකං උත්තමවාචං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
නව වැන්නෙහි - ආසභිං වාචං = තමාගේ රහත් බව දක්වන උතුම් කියමන සෙස්ස සියලු තැන්හි පහසුවන්නේය.
රහොගතවග්ගො පඨමො.
පළමු වන රහොගත වග්ගය නිමි.