දුතිය රහොගතසුත‍්තං
8. 1. 2.
8. 1. 2.
දුතිය රහොගතසුත‍්තං
දුතිය රහෝගත සූත්‍රය
3612. එකං සමයං ආයස‍්මා අනුරුද‍්ධො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “යෙසං කෙසඤ‍්චි චත‍්තාරො සතිපට‍්ඨානා විරද‍්ධා, විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි චත‍්තාරො සතිපට‍්ඨානා ආරද‍්ධා, ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමී”ති. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස චෙතසා චෙතො පරිවිතක‍්කමඤ‍්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො -පෙ- එවමෙවං ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස සම‍්මුඛෙ පාතුරහොසි. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච: “කිත‍්තාවතා නුඛො ආවුසො අනුරුද‍්ධ, භික‍්ඛුනො චත‍්තාරො සතිපට‍්ඨානා ආරද‍්ධා හොන‍්තී”ති.
3612. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙත්. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “යම් කෙනකුන්ට සිවු සීවටන්හු වැරදුණාහු ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට වැරදුණේ ය. යම් කිසි කෙනකුන්ට සිවු සීවටන්හු පිරිපුන් වෙද්ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට පිරිපුන් වේ යි”. එකල ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ගේ චිත්තවිතර්‍කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, මහණහුගේ සිවු සීවටන්හු කෙතෙකින් පිරිපුන් වෙද්දැ”යි.
ඉධාවුසො භික‍්ඛු අජ‍්ඣත‍්තං කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. බහිද‍්ධා කායෙ කායානුපස‍්සී විහරති ආතාපී -පෙ- අජ‍්ඣත‍්තබහිද‍්ධා කායෙ කායානුපස‍්සී විහරති ආතාපී -පෙ- අජ‍්ඣත‍්තං වෙදනාසු -පෙ- බහිද‍්ධා වෙදනාසු -පෙ- අජ‍්ඣත‍්තබහිද‍්ධා වෙදනාසු -පෙ- අජ‍්ඣත‍්තං චිත‍්තෙ -පෙ- බහිද‍්ධා චිත‍්තෙ -පෙ- අජ‍්ඣත‍්තබහිද‍්ධා චිත‍්තෙ -පෙ- අජ‍්ඣත‍්තං ධම‍්මෙසු -පෙ- බහිද‍්ධා ධම‍්මෙසු -පෙ- අජ‍්ඣත‍්තබහිද‍්ධා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. එත‍්තාවතා ඛො ආවුසො, භික‍්ඛුනො චත‍්තාරො සතිපට‍්ඨානා ආරද‍්ධා හොන‍්තීති.
ඇවැත්නි, මෙසස්නෙහි මහණ සියකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමාකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියමෙරමාකයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියවිඳුම්හි ... මෙරමාවිඳුම්හි ... සිය මෙරමාවිඳුම්හි ... සියසිත්හි ... මෙරමාසිත්හි ... සියමෙරමාසිත්හි ... සියදහම්හි ... මෙරමාදහම්හි ... සියමෙරමාදහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මහණහුගේ සිවුසීවටන්හු මෙතෙකින් පිරිපුන් වෙති යි.