සුතනුසුත‍්තං
8. 1. 3.
8. 1. 3.
සුතනුසුත‍්තං
සුතනු සූත්‍රය
3613. එකං සමයං ආයස‍්මා අනුරුද‍්ධො සාවත්‍ථියං විහරති සුතනුතීරෙ. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා අනුරුද‍්ධෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොචුං: ‘කතමෙසං ආයස‍්මා අනුරුද‍්ධො ධම‍්මානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො’ති.
3613. එක්සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි සුතනු ඉවුරෙහි වැඩවෙසෙති. එකල බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ට මෙය කීහ: “කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ මහාභිඥ බවට පැමිණියාහු දැ”යි.
චතුන‍්නං ඛො අහං ආවුසො, සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො. කතමෙසං චතුන‍්නං: ඉධාහං ආවුසො, කායෙ කායානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො අහං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො. ඉමෙසඤ‍්ච පනාහං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා හීනං ධම‍්මං හීනතො අබ‍්භඤ‍්ඤාසිං, මජ‍්ඣිමං ධම‍්මං මජ‍්ඣිමතො අබ‍්භඤ‍්ඤාසිං, පණීතං ධම‍්මං පණීතතො අබ‍්භඤ‍්ඤාසින‍්ති.
ඇවැත්නි, මම සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව් හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම හීනදහම් හීන විසින් දතිමි, මැදුම්දහම් මැදුම් විසින් දතිමි, ප්‍රණීතදහම් ප්‍රණීත විසින් දතිමි යි.