කණ්ටකීසුත්තං
8. 1. 4.
8. 1. 4.
කණ්ටකීසුත්තං
කණ්ටකී සූත්‍රය
3614. එකං සමයං ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො සාකෙතෙ විහරන්ති කණ්ටකීවනෙ. අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතා යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරුද්ධෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “සෙඛෙන ආවුසො, අනුරුද්ධ, භික්ඛුනා කතමෙ ධම්මා උපසම්පජ්ජ විහාතබ්බා”ති.
3614. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකීවෙනෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, සේඛමහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතුදැ”යි.
සෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බා. කතමෙ චත්තාරො: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ඉමෙ චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බාති.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, සේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවුසීවටන්හු ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, සේඛමහණ විසින් මේ සිවුසීවටන් උපයා ගෙන විසිය යුතු යි.