දුතිය කණ්ටකීසුත්තං
8. 1. 5.
8. 1. 5.
දුතිය කණ්ටකීසුත්තං
දුතිය කණ්ටකී සූත්රය
3615. අසෙඛෙන ආවුසො අනුරුද්ධ, භික්ඛුනා කතමෙ ධම්මා උපසම්පජ්ජ විහාතබ්බාති. අසෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බා. කතමෙ චත්තාරො: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අසෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ඉමෙ චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බාති.
3615. ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ (රහත්) මහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතු දැයි? ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවු සීවටන්හුද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතු යි.
8. 1. 6.
8. 1. 6.
තතිය කණ්ටකීසුත්තං
තතිය කණ්ටකී සූත්රය
3616. කතමෙසං ආයස්මා අනුරුද්ධො ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තොති? චතුන්නං ඛ්වාහං ආවුසො, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. කතමෙසං චතුන්නං: ඉධාහං ආවුසො, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛ්වාහං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. ඉමෙසඤ්ච පනාහං ආවුසො චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සහස්සං ලොකං අභිජානාමීති.
3616. ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් දහසක් ලොව වෙසෙසින් දනිමි යි.
8. 1. 7.
8. 1. 7.
තණ්හක්ඛයසුත්තං
තණ්හක්ඛය සූත්රය
3617. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා අනුරුද්ධො භික්ඛු ආමන්තෙසි -පෙ- චත්තාරොමෙ ආවුසො, සතිපට්ඨානා භාවිතා බහුලීකතා තණ්හක්ඛයාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො ආවුසො, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා තණ්හක්ඛයාය සංවත්තන්තීති.
3617. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ භික්ෂූන් ඇමතූහ ... ඇවැත්නි, මේ සිවු සීවටන් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්ෂය පිණිස පවතිත්. කවර සිවු සීවටන් කෙනෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්ෂය පිණිස පවතිත් යි.