සලලාගාරසුත‍්තං
8. 1. 8.
8. 1. 8.
සලලාගාරසුත‍්තං
සලලාගාර සූත්‍රය
3618. එකං සමයං ආයස‍්මා අනුරුද‍්ධො සාවත්‍ථියං විහරති සලලාගාරෙ. තත්‍ර ඛො ආයස‍්මා අනුරුද‍්ධො -පෙ- එතදවොච: සෙය්‍යථාපි ආවුසො, ගඞ‍්ගානදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. අථ මහාජනකායො ආගච‍්ඡෙය්‍ය කුද‍්දාලපිටකං ආදාය “මයං ඉමං ගඞ‍්ගානදිං පච‍්ඡානින‍්නං කරිස‍්සාම පච‍්ඡාපොණං පච‍්ඡාපබ‍්භාරන‍්ති. තං කිං මඤ‍්ඤථාවුසො, අපි නු සො මහාජනකායො ගඞ‍්ගානදිං පච‍්ඡානින‍්නං කරෙය්‍ය පච‍්ඡාපොණං පච‍්ඡාපබ‍්භාරන‍්ති. නො හෙතං ආවුසො. තං කිස‍්ස හෙතු: ගඞ‍්ගාවුසො නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. සා න සුකරා පච‍්ඡානින‍්නං කාතුං පච‍්ඡාපොණං පච‍්ඡාපබ‍්භාරං. යාවදෙව ච පන සො මහාජනකායො කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සාති.
3618. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි සලලාගාරයෙහි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ … මෙය වදාළහ: “ඇවැත්නි, යම් සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි ‘අපි මේ ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නෙමු’යි උදලු පැසි ගෙන මහජනසමූහයා එන්නේ ය. ඇවැත්නි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජනසමූහයා ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නේ දැයි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වෙයි. එය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නට සුකර නො වෙයි. හුදෙක් ඒ මහාජනසමූහයා වෙහෙසට විඩාවට බඳුන් වන්නේ යි.
එවමෙව ඛො ආවුසො, භික‍්ඛුං චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙන‍්තං චත‍්තාරො සතිපට‍්ඨානෙ බහුලීකරොන‍්තං රාජා වා රාජමහාමත‍්තො වා මිත‍්තා වා අමච‍්චා වා ඤාතිසාලොහිතා වා භොගෙහි අභිහට‍්ඨුං පවාරෙය්‍යුං: “හම‍්භො පුරිස, කිං තෙ ඉමෙ කාසාවා අනුදහන‍්ති. කිං මුණ‍්ඩො කපාලමනුසඤ‍්චරසි. එහි හීනායාවත‍්තිත්‍වා භොගෙ භුඤ‍්ජස‍්සු පුඤ‍්ඤානි ච කරොහී”ති. සො වතාවුසො භික‍්ඛු චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙන‍්තො චත‍්තාරො සතිපට‍්ඨානෙ බහුලීකරොන‍්තො සික‍්ඛං පච‍්චක‍්ඛායහීනායාවත‍්තිස‍්සතීති, නෙතං ඨානං විජ‍්ජති. තං කිස‍්ස හෙතු: “යං හි ආවුසො චිත‍්තං දීඝරත‍්තං විවෙකනින‍්නං විවෙකපොණං විවෙකපබ‍්භාරං. තං තථා හීනායාවත‍්තිස‍්සතී”ති නෙතං ඨානං විජ‍්ජති.
ඇවැත්නි, එසෙයින් ම සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන මහණහු රජෙක් හෝ රජු සම වූවෙක් හෝ මිතුරු කෙනෙක් හෝ ඇමති කෙනෙක් හෝ නෑ සහලේනෑ නෙනෙක් හෝ “එම්බා පුරුෂය, කුමක් හෙයින් මේ කසාවත්හු තොපගේ (සිරුර) දවද්ද? කුමක් හෙයින් මුඩු ව කබලක් ගෙන හැසිරෙවු ද? එව ගිහි බවට පෙරළී භෝගත් වළඳ ව පිනුත් කරව”යි භෝගයන් එළවා පවරන්නාහු නම් ඇවැත්නි, සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන ඒ මහණ සික පිළිකෙවු කොට ගිහි බවට පෙරළෙන්නේය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: “ඇවැත්නි, යම් සිතක් දිගුකලක් මුළුල්ලෙහි නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ නම් එය එසේ ලාමක බවට පෙරළෙන්නේ ය” යන මෙකරුණ නැත.
කථඤ‍්චාවුසො, භික‍්ඛු චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙති, චත‍්තාරො සතිපට‍්ඨානෙ බහුලීකරොති: ඉධාවුසො, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. එවං ඛො ආවුසො, භික‍්ඛු චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙති, චත‍්තාරො සතිපට‍්ඨානෙ බහුලීකරොතීති.
ඇවැත්නි, කෙසේ නම් මහණ සිවු සීවටන් වඩා ද, සිවු සීවටන් බහුල කෙරේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙකි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මෙසේ මහණ සිවු සීවටන් වඩයි. සිවු සීවටන් බහුල කෙරේ යි.