යෙදුමෙන් කියවන්න

අම‍්බපාලිසුත‍්තං

8. 1. 9.

8. 1. 9.

අම‍්බපාලිසුත‍්තං

අම්බපාලි සූත්‍රය

3619. එකං සමයං ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච සාරිපුත‍්තො වෙසාලියං විහරන‍්ති අම‍්බපාලිවනෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායණ‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා අනුරුද‍්ධෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච: “විප‍්පසන‍්නානි ඛො තෙ ආවුසො අනුරුද‍්ධ ඉන්‍ද්‍රියානි, පරිසුද‍්ධො මුඛවණ‍්ණො පරියොදාතො. කතමෙනායස‍්මා අනුරුද‍්ධො විහාරෙන එතරහි බහුලං විහරතී”ති.

3619. එක් සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් විසල්පුර සමීපයෙහි වූ අම්බපාලිවෙනෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුවපැහැය පිරිසුදුය. හාත්පසින් බබළන්නේ ය. ආයුෂ්මත් අනුරුද්ධයෝ දැන් කවර විහරණයකින් යුතුව බහුල කොට වෙසෙද්දැ”යි?

චතූසු ඛ‍්වාහං ආවුසො සතිපට‍්ඨානෙසු සුපතිට‍්ඨිතචිත‍්තො එතරහි බහුලං විහරාමි. කතමෙසු චතූසු: ඉධාහං ආවුසො, කායෙ කායානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසු ඛ‍්වාහං ආවුසො චතූසු සතිපට‍්ඨානෙසු සුපතිට‍්ඨිතචිත‍්තො එතරහි බහුලං විහරාමි. යො සො ආවුසො භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො, සො ඉමෙසු චතූසු සතිපට‍්ඨානෙසු සුපතිට‍්ඨිතචිත‍්තො බහුලං විහරතීති. ලාභා වත නො ආවුසො, සුලද‍්ධං වත නො ආවුසො, යෙ මයං ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස සම‍්මුඛාව අස‍්සුම‍්හ ආසභිං වාචං භාසමානස‍්සාති.

ඇවැත්නි, මම දැන් සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනා දැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම දැන් මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. ඇවැත්නි, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්‍ථි ඇති මුළුමනින් ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත්මහණෙක් වේ නම් හෙතෙමේ මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව බහුල කොට වෙසේ යි. ඇවැත්නි, යම්බඳු අපි ආයුෂ්මත් අනුරුද්ධයන් සෙට වදන් බෙණෙද්දී ඉදිරියෙහි ම ඇසුමෝ ද ඇවැත්නි, ඒ අපට ලාභයෙකි. ඒ අපට මනා ලැබීමෙකි යි.