ගිලානසුත‍්තං
8. 1. 10.
8. 1. 10.
ගිලානසුත‍්තං
ගිලාන සූත්‍රය
3620. එකං සමයං ආයස‍්මා අනුරුද‍්ධො සාවත්‍ථියං විහරති අන්‍ධවනස‍්මිං ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොචුං: “කතමෙනායස‍්මතො අනුරුද‍්ධස‍්ස විහාරෙන විහරතො උප‍්පන‍්නා සාරීරිකා දුක‍්ඛා වෙදනා චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්තී”ති.
3620. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ හටගත් ආබාධ ඇතියෝ දුකට පැමිණියෝ දැඩිසේ ගිලන් වූවෝ සැවත සමීපයෙහි අඳවෙනෙහි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය කීහ: “කවර විහරණයකින් වෙසෙන ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ගේ හටගත් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිද්දැ”යි.
චතූසු ඛො මෙ ආවුසො, සතිපට‍්ඨානෙසු සුපතිට‍්ඨිතචිත‍්තස‍්ස විහරතො උප‍්පන‍්නා සාරීරිකා දුක‍්ඛා වෙදනා චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්ති. කතමෙසු චතූසු: ඉධාහං ආවුසො, කායෙ කායානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසු ඛො මෙ ආවුසො, චතූසු සතිපට‍්ඨානෙසු සුපතිට‍්ඨිතචිත‍්තස‍්ස විහරතො උප‍්පන‍්නා සාරීරිකා දුක‍්ඛා වෙදනා චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්තීති.
ඇවැත්නි, සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ උපන් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ හටගත් ශාරීරික දුක් වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිති යි.
රහොගතවග‍්ගො පඨමො.
පළමුවැනි රහෝගතවර්‍ගය යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
රහොගතෙනෙව දුවෙ සුතනුකණ‍්ටකී තයො, තණ‍්හක‍්ඛයසලලාගාරෙ අම‍්බපාලිගිලානෙහීති.
රහෝගත නමින් ම දෙකෙකි. සුතනු නමින් එකෙකි. කණ්ටකී නමින් තුනෙකි. තණ්හාක්ඛය, සලලාගාර, අම්බපාලි ගිලාන යි සතරෙකි යි. මුළුල්ල දශයෙකි යි.