සහස‍්සසුත‍්තං
8. 2. 1.
8. 2. 1.
සහස‍්සසුත‍්තං
සහස්ස සූත්‍රය
3621. එකං සමයං ආයස‍්මා අනුරුද‍්ධො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා අනුරුද‍්ධෙන සද‍්ධිං සම‍්මොදිංසු -පෙ- ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොචුං: “කතමෙසං ආයස‍්මා අනුරුද‍්ධො ධම‍්මානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො”ති. චතුන‍්නං ඛ‍්වාහං ආවුසො, සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො. කතමෙසං චතුන‍්නං: ඉධා’හං ආවුසො කායෙ කායානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛ‍්වාහං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො. ඉමෙසඤ‍්ච පනාහං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා කප‍්පසහස‍්සං අනුස‍්සරාමීති.
3621. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. ... ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ කවර දහම් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ”යි. ඇවැත්නි, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම කප් දහසක් සිහි කෙරෙමි යි.