ඉද‍්ධිවිධසුත‍්තං
8. 2. 2.
8. 2. 2.
ඉද‍්ධිවිධසුත‍්තං
ඉද්ධිවිධ සූත්‍රය
3622. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොමි: “එකොපි හුත්‍වා බහුධා හොමි, බහුධා’පි හුත්‍වා එකො හොමි, ආවිභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡාමි සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොමි සෙය්‍යථාපි උදකෙ. උදකෙ’පි අභෙජ‍්ජමානෙ ගච‍්ඡාමි සෙය්‍යථාපි පඨවියං. ආකාසෙ’පි පල‍්ලඞ‍්කෙන කමාමි සෙය්‍යථාපි පක‍්ඛී සකුණො. ඉමෙ’පි චන්‍දිමසුරියෙ එවම‍්මහිද‍්ධිකෙ එවම‍්මහානුභාවෙ පාණිනා පරාමසාමි පරිමජ‍්ජාමි. යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙමී”ති.
3622. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම නන් වැදෑරුම් ඉදු කොටස් විඳිමි. “එකෙක් ව ද බොහෝ අයුරු වෙමි. බොහෝ අයුරු ව ද එකෙක් වෙමි. පළට බව මුවහ බව විඳිමි. බිතෙන් පිටට පව්රෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නොගැටෙමින් යෙමි. දියෙහි මෙන් පොළොවෙහිත් මතුවීම කිමිදීම කෙරෙමි. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහිත් යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහිත් පළඟින් යුතු ව ගමන් කෙරෙමි. මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහසමි. පිරිමදිමි. බඹලොව තෙක්දු කයින් වෙසෙහි පවත්වමි” යි.
8. 2. 3.
8. 2. 3.
දිබ‍්බසොතසුත‍්තං
දිබ්බසෝත සූත්‍රය
3623. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාමි දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන‍්තිකෙ චාති.
3623. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිස්බැව් ඉක්මවා පැවති විශුද්ධ වූ දිව්‍යමය ශ්‍රෝත්‍රධාතුවෙන් දුර වූ ද ලඟ වූ ද දෙව් මිනිස් දෙ සද අසමි යි.
8. 2. 4.
8. 2. 4.
චෙතොපරියසුත‍්තං
චේතෝපරිය සූත්‍රය
3624. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: “සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාමි. වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානාමි. -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාමි. විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානාමි”ති.
3624. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම පරසතුන්ගේ පරපුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනිමි. සරාග සිත හෝ සරාග සිතැයි දනිමි. වීතරාග සිත හෝ වීතරාග සිතැයි දනිමි. ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දනිමි. විමුක්ත සිත හෝ විමුක්ත සිතැ යි දනිමි යි.
8. 2. 5.
8. 2. 5.
ඨානසුත‍්තං
ඨාන සූත්‍රය
3625. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාමීති.
3625. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මම කරුණ කරුණුවිසිනුත් නොකරුණ නොකරුණුවිසිනුත් තතු සේ දනිමි යි.
8. 2. 6.
8. 2. 6.
කම‍්මසුත‍්තං
කම්ම සූත්‍රය
3626. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාමීති.
3626. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම අතීතානාගතවර්‍තමානකර්‍මසමාදානයන්ගේ විපාකය කරුණු විසින් හේතු විසින් තතු සේ දනිමි යි.
8. 2. 7.
8. 2. 7.
සබ‍්බත්‍ථගාමිනිසුත‍්තං
සබ්බත්‍ථ සූත්‍රය
3627. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා සබ‍්බත්‍ථගාමිනිං පටිපදං යථාභූතං පජානාමීති.
3627. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සියලුගතිවලට පමුණුවන මඟ තතු සේ දනිමි යි.
8. 2. 8.
8. 2. 8.
අනෙකධාතුසුත‍්තං
අනේකධාතු සූත්‍රය
3628. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාමීති.
3628. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මේ නොයෙක් ධාතු නන් වැදෑරුම් ධාතුලෝකය තතු සේ දනිමි යි.
8. 2. 9.
8. 2. 9.
නානාධිමුත‍්තිකසුත‍්තං
නානාධිමුත්තික සූත්‍රය
3629. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං පජානාමීති.
3629. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සත්ත්‍වයන්ගේ හීනාදි නානාධිමුත්ති ඇති බව තතු සේ දනිමි යි.
8. 2. 10.
8. 2. 10.
ඉන්‍ද්‍රියසුත‍්තං
ඉන්‍ද්‍රිය සූත්‍රය
3630. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං පජානාමීති.
3630. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් අන් සතුන්ගේ හා අන් පුඟුලන්ගේ ඉඳුරන් පිළිබඳ වැඩීමත් පිරිහීමත් මම තතු සේ දනිමි යි.
8. 2. 11.
8. 2. 11.
ඣානසුත‍්තං
ඣාන සූත්‍රය
3631. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං පජානාමීති.
3631. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ කෙලෙසීමත් පිරිසිදුවීමත් නැගීසිටීමත් මම තතු සේ දනිමි යි.
8. 2. 12.
8. 2. 12.
පුබ‍්බෙනිවාසසුත‍්තං
පුබ්බෙනිවාස සූත්‍රය
3632. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි. සෙය්‍යථිදං: “එකම‍්පි ජාතිං -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමීති.
3632. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම නන් වැදෑරුම් පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. එනම්: “ජාති එකක් ද ... මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි” යි.
8. 2. 13.
8. 2. 13.
දිබ‍්බචක‍්ඛුසුත‍්තං
දිබ්බචක්ඛු සූත්‍රය
3633. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමීති.
3633. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිසැස ඉක්ම පැවති වෙසෙසින් පිරිසිදු වූ දිවැසින් ... කම් වූ පරිදි පැමිණි සතුන් දනිමි යි.
8. 2. 14.
8. 2. 14.
ආසවක‍්ඛයසුත‍්තං
ආසවක්ඛය සූත්‍රය
3634. ඉමෙසඤ‍්ච පනා’හං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤාසච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරාමීති.
3634. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙමි යි.
සහස‍්සවග‍්ගො දුතියො.
දෙවැනි සහස්සවර්‍ගය යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
සහස‍්සං ඉද‍්ධිවිධං දිබ‍්බං චෙතාපරිය ඨානකම‍්මා, සබ‍්බත්‍ථ නානාධධත්‍ථ මුත‍්තින්‍ද්‍රියං ඣානං තිස‍්සො විජ‍්ජාති.
සහස්ස, ඉද්ධිවිධ, දිබ්බසෝත, චේතෝපරිය, ඨාන, කම්ම, සබ්බත්‍ථ, නානාධාතු, නානාධිමුත්තික, ඉන්‍ද්‍රිය, ඣාන, පුබ්බෙනිවාස, දිබ්බචක්ඛු, ආසවක්ඛය යි තුදුස් සුතුරෙකි යි.
අනුරුද‍්ධසංයුත‍්තං සමත‍්තං
අනුරුද්ධසංයුත්තය නිමියේ ය.
තත්‍ර වග‍්ගුද‍්දානං:
එහි වර්‍ගනාමාවලිය:
රහොගතො සහස‍්සොති ද‍්වෙව වග‍්ගා භවන‍්තිහි අනුරුද‍්ධස‍්ස සංයුත‍්තෙ දෙසිතාදිච‍්චබන්‍ධුනාති.
රහෝගත සහස්ස යි අනුරුද්ධ සංයුත්තයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනා ලද වර්‍ග දෙකෙක් ම වේ යි.