1. ගඞ්ගාපෙය්යාලවග්ගො
1. ගඞ්ගාපෙය්යාල වර්ගය
9. 1. 1-12.
9. 1. 1-12.
පාචීනනින්නාදිසුත්තානි
පාචීනනින්නාදි සූත්ර
3635-3646. සාවත්ථියං:
3635-3646. සැවැත්නුවර-
චත්තාරො’මෙ භික්ඛවෙ, ඣානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙඛකො ච විහරති, සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඣානා.
මහණෙනි, මෙ දැහැන් සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම අකුසල්දහමින් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. විතර්ක විචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. (යම් ධ්යානයකින්) ප්රීතිය දුරු කිරීමෙන් මැදහත් ව වෙසේද, සිහි ඇත්තේත් මනා නුවණ ඇත්තේත් කයින් සුවත් විඳීද, “මැදහත් ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය” යි. ආර්ය්යයෝ ඒ යමකු ගැන කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තගමයෙන් නොදුක් වූ නොසුව වූ උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදුබැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ. මහණෙනි, මොහු සිවු දැහැන්හු යි.
සෙය්යථා’පි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු චත්තාරො ඣානෙ භාවෙන්තො චත්තාරො ඣානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු චත්තාරො ඣානෙ භාවෙන්තො චත්තාරො ඣානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමජ්ඣානං -පෙ- දුතියජ්ඣානං -පෙ- තතියජ්ඣානං -පෙ- චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු චත්තාරො ඣානෙ භාවෙන්තො චත්තාරො ඣානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිවු දැහැන් වඩනුයේ සිවු දැහැන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
(දුතියපාචීනනින්නාදයො’පි එවං විත්ථාරෙතබ්බා)
(දුතිය පාචීනනින්නාදි සූත්ර ද මෙසේ විතර කට යුතු.)
ගඞ්ගාපෙය්යාලවග්ගො පඨමො.
පළමුවැනි ගඞ්ගාපෙය්යාලවර්ගය යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ඡ පාචීනතො නින්නා - ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති - වග්ගො තෙන පවුච්චතීති.
පාචීනනින්නාසූත්ර සයෙකි. සමුද්දනින්නාසූත්ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසෙක් වේ. එයින් වර්ගය යි කියනු ලැබේ යි.