රහොගතසුත්තං
8. 1. 1.
8. 1. 1.
රහොගතසුත්තං
රහෝගත සූත්රය
3611. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යෙසං කෙසඤ්චි චත්තාරො සතිපට්ඨානා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි චත්තාරො සතිපට්ඨානා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී”ති.
3611. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි රහෝගතව එකලාව සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: “යම් කෙනකුන් විසින්, සිවු සීවටන් වරදවන ලද ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් වරදවන ලදී. යම් කෙනකුන් විසින්, සිවු සීවටන් අරඹන ලද ද මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් අරඹන ලදී”යි.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මතො අනුරුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය, සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං ආයස්මතො අනුරුද්ධස්ස පමුඛෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “කිත්තාවතා නුඛො, ආවුසො අනුරුද්ධ, භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා ආරද්ධා හොන්තී”ති? ඉධාවුසො භික්ඛු අජ්ඣත්තං කායෙ සමුදයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං කායෙ වයධම්මානුපස්සී විහරති, -පෙ- අජ්ඣත්තං කායෙ සමුදයවයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. බහිද්ධා කායෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා කායෙ වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා කායෙ සමුදයවයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තබහිද්ධා කායෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා කායෙ වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා කායෙ සමුදයවයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ චිත්තවිතර්කයෙක් සිය සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, කෙතෙකින් මහණහුගේ සිවු සීවටන් පිරිපුන් වේ දැ”යි. ඇවැත්නි, මෙසසුන්හි මහණ සිය කයෙහිත් හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. සිය කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
සො සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො.
ඉදින් හේ නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලත් නොපිළිකුලත් යන දෙක දුරු කොට මැදහත් ව සිහි ඇතිව මනාදැනුම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
අජ්ඣත්තං වෙදනාසු සමුදයධම්මානුපස්සී විහරති. -පෙ- අජ්ඣත්තං වෙදනාසු වයධම්මානුපස්සී විහරති. -පෙ- අජ්ඣත්තං වෙදනාසු සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා වෙදනාසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා වෙදනාසු වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා වෙදනාසු සමුදයවයධම්මානුපස්සී විහරති. -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු සමුදයවයධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො සචෙ ආකඞ්ඛති -පෙ- උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො.
සිය විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඉදින් හෙතෙමේ ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
අජ්ඣත්තං චිත්තෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං චිත්තෙ වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං චිත්තෙ සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා චිත්තෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා චිත්තෙ වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා චිත්තෙ සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ සමුදයවයධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො සචෙ ආකඞ්ඛති -පෙ- උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
සියසිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියසිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. හේ ඉදින් ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
අජ්ඣත්තං ධම්මෙසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං ධම්මෙසු වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං ධම්මෙසු සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා ධම්මෙසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා ධම්මෙසු වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා ධම්මෙසු සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු සමුදයවයධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
සිය නීවරණාදි දහම්හි හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලු ව … වෙසේ. සියදහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා ගේ (නීවරණාදි) දහම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව … වෙසේ. මෙරමාදහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා දහම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය මෙරමා දහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
සො සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො. එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා ආරද්ධා හොන්තීති.
හෙතෙමේ ඉදින් නොපිළිකුලෙහි පිළිකුල් හැඟීම ඇති ව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලෙහිත් පිළිකුලෙහිත් පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් ඵහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහිත් නොපිළිකුලෙහිත් නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලත් පිළිකුලත් යන එදෙක දුරු කොට මැදහත් ව සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇතිව වෙසේ. ඇවැත්නි, මහණහුගේ සිවු සීවටන්හු මෙතෙකින් පිරිපුන් වෙති යි.