උද්ධම්භාගියසුත්තං
7. 8. 160.
7. 8. 160.
උද්ධම්භාගියසුත්තං
උද්ධම්භාගිය සූත්රය
3610. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමෙ චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බාති.
3610. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි, කවර පසෙක්ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස සිවු ඉදුපා වැඩියයුතු. කවර සිවු ඉදුපාද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහනු පිණිස මේ සිවු ඉදුපා වැඩියයුතු යි.
ඔඝවග්ගො අට්ඨමො.
අටවැනි ඕඝවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා, ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂෝඩශක දශයෙකි. සුතුරු එක්සියසැටෙකි.
ඉද්ධිපාදසංයුත්තං සමත්තං.
ඉද්ධිපාදසංයුත්තය නිමියේය.
තත්ර වග්ගුද්දානං:
එහි වර්ගනාමාවලිය:
ඉද්ධිපාදෙ චාපාල පාසාදකම්පනයොගුළා ගඞ්ගාපෙය්යාල ආදීහි පඤ්චහි වග්ගො හොන්තට්ඨාති.
චාපාල, පාසාදකම්පන, අයොගුළ යන මොහු ගඞ්ගාපෙය්යාල ආදි පස සමග ඉද්ධිපාද සංයුත්තයෙහි වර්ග අටෙක් වේ.