යෙදුමෙන් කියවන්න

ඤාණ සුත‍්තං

7. 1. 9.

7. 1. 9.

ඤාණ සුත‍්තං

ඤාණ සූත්‍රය

3131. අයං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදොති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. සො ඛො පනායං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො භාවෙතබ‍්බොති මෙ භික‍්ඛවෙ -පෙ- භාවිතොති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

3131. මහණෙනි, මේ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාද ය යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැ යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.

අයං විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදොති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො භාවෙතබ‍්බොති මෙ භික‍්ඛවෙ -පෙ- භාවිතොති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.

අයං චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදොති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො භාවෙතබ‍්බොති මෙ භික‍්ඛවෙ -පෙ- භාවිතොති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.

අයං වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදොති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො භාවෙතබ‍්බොති මෙ භික‍්ඛවෙ -පෙ- භාවිතො’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදීති.

මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි, වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. මට පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.