යෙදුමෙන් කියවන්න

2. නියස‍්සකම‍්මං

2. නියස‍්සකම‍්මං

2. නියස්සකර්‍මය

1. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සෙය්‍යසකො බාලො හොති, අව්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග‍්ගෙහි. අපිස‍්සු භික‍්ඛූ පකතා පරිවාසං දෙන‍්තා, මූලාය පටිකස‍්සන‍්තා මානත‍්තං දෙන‍්තා, අබ‍්භෙන‍්තා.

1. එ සමයෙහි ආයුෂ්මත් සෙය්‍යසක භික්‍ෂූ තෙමේ අව්‍යාක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේදරහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත ව වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු කටයුත්තෙහි යෙදුනාහු වෙත්.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා, -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා සෙය්‍යසකො බාලො භවිස‍්සති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ගිහීසංසට‍්ඨො විහරිස‍්සති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි. අපිස‍්සු භික‍්ඛූ පකතා පරිවාසං දෙන‍්තා මූලාය පටිකස‍්සන‍්තා මානත‍්තං දෙන‍්තා, අබ‍්භෙන‍්තා”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

2. අපිස් ගුණ ඇති, ලද දෙයින් සතුටු වන සුලු, පවට පිළිකුල් කරණ කැප නො කැප පිළිබඳ විමැසීම කරවා (සැක කරණ) හික්මෙනු කැමැති යම් භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් සෙය්‍යසක භික්‍ෂූ තෙමේ බාල වූයේ, අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුණේ නොගැළපෙන්නා වූ ගිහිසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වූහ” යි (සෙය්‍යසක මහණහුගේ ක්‍රියාව) ලාමක කොට සිතත්, අගුණ කියත්, අගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහු ය.

3. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි:

3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසංඝයා රැස් කරවා, භික්‍ෂූන් විචාළ සේක:

“සච‍්චං කිර භික‍්ඛවෙ සෙය්‍යසකො භික‍්ඛු බාලො අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග‍්ගෙහි. අපිස‍්සු භික‍්ඛූ පකතා පරිවාසං දෙන‍්තා. මූලාය පටිකස‍්සන‍්තා, මානත‍්තං දෙන‍්තා, අබ‍්භෙන‍්තා”ති. “සච‍්චං භගවා”.

“මහණෙනි, සෙය්‍යසක මහණ තෙමේ අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ඉමක් නැති ඇවැත් ඇත්තේ, බාලයෙක් වේ ද? ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද? ‘එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තෝ වෙත්’ යනු සැබෑදැ?” යි (ඇසූ සේක). “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය” යී ඔහු උත්තර දුන්හ.

4. විගරහි බුද‍්ධො භගවා: “අනනුච‍්ඡවිකං භික‍්ඛවෙ තස‍්ස මොඝපුරිසස‍්ස අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම සො භික‍්ඛවෙ මොඝපුරිසො බාලො භවිස‍්සති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ගිහීසංසට‍්ඨො විහරිස‍්සති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි. අපිස‍්සු භික‍්ඛූ පකතා පරිවාසං දෙන‍්තා මූලාය පටිකස‍්සන‍්තා, මානත‍්තං දෙන‍්තා, අබ‍්භෙන‍්තා.

4. “මහණෙනි, ඒ හිස් පුරුෂයාගේ නො සුදුසු ක්‍රියාවෙකි. ශාසනයට අනුලොම් නොවූ ක්‍රියාවෙකි. අයුත්තෙකි. ශ්‍රමණයනට අයත් නොවූයෙකි, කැප නොවූයෙකි, නොකළ යුත්තෙකි. මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් බාල වූයේ, අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුනේ, අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මුලට අදින්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු නිතර කටයුත්තෙහි යෙදුනාහු ද වෙත්.

5. “නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ-” විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං කරොතු නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති. එවං ච පන භික‍්ඛවෙ කාතබ‍්බං: පඨමං සෙය්‍යසකො භික‍්ඛු චොදෙතබ‍්බො. චොදෙත්‍වා සාරෙතබ‍්බො. සාරෙත්‍වා ආපත‍්ති ආරොපෙතබ‍්බා. ආපත‍්තිං ආරොපෙත්‍වා ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

5. “මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි. ... පහන් වූවන්ගේ ඒ පහන් බව වැඩීම පිණිස හෝ නො වෙයි. වැලි දු මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ නොපහන් බව පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවතී ය”යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, එසේ නම් සංඝ තෙමේ සෙය්‍යසක භික්‍ෂූහට “තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි ම විසිය යුතුයැ” යි නියස්සකර්‍මය කෙරේවා. මහණෙනි, ඒ නියස්සකර්‍මය ද මෙසේ කළ යුතු යි: පළමු කොට සෙය්‍යසක මහණ තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට, ඇවැත සිහිපත් කරවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ව්‍යක්ත වූ ප්‍රතිබල මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුත්තේ ය:

6. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං සෙය්‍යසකො භික‍්ඛු බාලො අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි. අපිස‍්සු භික‍්ඛූ පකතා පරිවාසං දෙන‍්තා මූලාය පටිකස‍්සන‍්තා මානත‍්තං දෙන‍්තා අබ‍්භෙන‍්තා. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං කරෙය්‍ය නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති. එසා ඤත‍්ති.

6. “වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ සෙය්‍යසක මහණ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම්, සංඝ තෙමේ සෙය්‍යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කරන්නේ ය. මේ ඤත්ති යයි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං සෙය්‍යසකො භික‍්ඛු බාලො අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි. අපිස‍්සු භික‍්ඛූ පකතා පරිවාසං දෙන‍්තා මූලායපටිකස‍්සන‍්තා මානත‍්තං දෙන‍්තා අබ‍්භෙන‍්තා. සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං කරොති නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති. යස‍්සායස‍්මතො ඛමති සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සස‍්ස කම‍්මස‍්ස කරණං නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

වහන්ස, සංඝ තෙමේ මා කියන්න අසාවා. මේ සෙය්‍යසක භික්‍ෂු තෙමේ අව්‍යක්ත වූ, ඇවැත් බහුල කොට ඇති, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනය කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්‍යසක මහණහට “තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කෙරෙයි. සෙය්‍යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයේ විසිය යුතුය’ යි නියස්සකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නොවෙයි නම් හෙ තෙමේ කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි. -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං සෙය්‍යසකො භික‍්ඛු බාලො අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො. ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි. අපිස‍්සු භික‍්ඛූ පකතා පරිවාසං දෙන‍්තා, මූලාය පටිකස‍්සන‍්තා, මානත‍්තං දෙන‍්තා, අබ‍්භෙන‍්තා. සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං කරොති නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති. යස‍්සායස‍්මතො ඛමති සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මස‍්ස කරණං නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

දෙවනු වත් මේ කරුණ කියමි ... තෙවනු වත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සෙය්‍යසක භික්‍ෂු තෙමේ අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ ශාසනයට අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්‍යසක භික්‍ෂුහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයේ විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කෙරෙයි. සෙය්‍යසක භික්‍ෂුහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත වේ නම් හෙ තෙමේ කියාවා.

කතං සඞ‍්ඝෙන සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං, නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සංඝයා විසින් සෙය්‍යසක භික්‍ෂූහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කරණ ලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණු මෙසේ ධරමී” යනු යි.

අධම‍්මකම‍්මද‍්වාදසකං

අධර්‍මකර්‍ම දොළොස

1. තීහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං අධම‍්මකම‍්මඤ‍්ච හොති, අවිනයකම‍්මඤ‍්ච, දුවූපසන‍්තඤ‍්ච: අසම‍්මුඛා කතං හොති, අපටිපුච‍්ඡා කතං හොති, අපටිඤ‍්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං අධම‍්මකම‍්මං ච හොති, අවිනයකම‍්මඤ‍්ච, දුවූපසන‍්තඤ‍්ච.

1. “මහණෙනි, අඞ්ග තුණෙකින් යුත් නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක්ද, නොසංහිඳුනෙක් ද වෙයි: අසම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, නොපිළිවිස කරණ ලද්දේ වෙයි ද, ප්‍රතිඥා නොගෙණ කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක්ද මනා ව නොසංහිඳුනෙක් ද වෙයි.

2. අපරෙහි”පි භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං අධම‍්මකම‍්මං ච හොති, අවිනයකම‍්මඤ‍්ච, දුවූපසන‍්තඤ‍්ච: අනාපත‍්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත‍්තියා කතං හොති, දෙසිතාය ආපත‍්තියා කතං හොති ...

2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොසංහිඳුනෙක් ද වෙයි: ඇවැත් නැත්තෙහි කරණ ලද්දේ වෙයි ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද, දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද…

3. අපරෙහි’පි -පෙ- අචොදෙත්‍වා කතං හොති, අසාරෙත්‍වා කතං හොති, ආපත‍්තිං අනාරොපෙත්‍වා කතං හොති ...

3. අන්‍ය වූ ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වෙයි ද, සිහිපත් නො කරවා කරණ ලද්දේ වෙයි ද, ඇවැත නො නංවා කරණ ලද්දේ වෙයි ද ...

4. අපරෙහි’පි -පෙ- අසම‍්මුඛා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

4. අන්‍ය වූ ද ... අසම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ (අසමග්‍ර වූ) සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

5. අපරෙහි’පි -පෙ- අපටිපුච‍්ඡා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

5. අන්‍යවූ ද ... නොපිළිවිස කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

6. අපරෙහි’පි -පෙ- අපටිඤ‍්ඤාය කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

6. අන්‍ය වූ ද ... පිළිණ නොගෙණ කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

7. අපරෙහි’පි -පෙ- අනාපත‍්තියා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

7. අන්‍ය වූ ද ... ඇවැත නැත්තෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

8. අපරෙහි’පි -පෙ- අදෙසනාගාමිනියා ආපත‍්තියා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

8. අන්‍ය වූ ද ... දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

9. අපරෙහි’පි -පෙ- දෙසිතාය ආපත‍්තියා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

9. අන්‍ය වූ ද ... දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ, වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

10. අපරෙහි’පි -පෙ- අචොදෙත්‍වා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

10. අන්‍ය වූ ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

11. අපරෙහි’පි -පෙ- අසාරෙත්‍වා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති ...

11. අන්‍ය වූ ද ... සිහිපත් නොකරවා කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...

12. අපරෙහි’පි -පෙ- ආපත‍්තිං අනාරොපෙත්‍වා කතං හොති, අධම‍්මෙන කතං හොති, වග‍්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං අධම‍්මකම‍්මඤ‍්ච හොති අවිනයකම‍්මඤ‍්ච, දුවුපසන‍්තං ච.

12. අන්‍ය වූ ද ... ඇවැත නොනංවා කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද මනා ව නො සංහිඳුනෙක් ද වෙයි.

නියස‍්සකම‍්මෙ අධම‍්මකම‍්ම ද‍්වාදසකං නිට‍්ඨිතං.

නියස්සකර්‍මයෙහි අධර්‍මකර්‍ම දොළොස නිමි.

ධම‍්මකම‍්මද‍්වාදසකං

ධර්‍මකර්‍මදෙළොස

1. තීහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං ධම‍්මකම‍්මං ච හොති විනයකම‍්මං ච සුවූපසන‍්තං ච: සම‍්මුඛා කතං හොති, පටිපුච‍්ඡා කතං හොති, පටිඤ‍්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං ධම‍්මකම‍්මං ච හොති විනයකම‍්මං ච, සුවුපසන‍්තං ච:

1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වේ: සම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, පිළිවිස කරන ලද්දේ වෙයි ද, පිළිණ ගෙණ කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද, මනා ව සංහිඳුනෙක් ද වේ.

2. අපරෙහි’පි භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං ධම‍්මකම‍්මං ච හොති විනයකම‍්මං ච සුවුපසන‍්තං ච: ආපත‍්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත‍්තියා කතං හොති, අදෙසිතාය ආපත‍්තියා කතං හොති

2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනාව සංහිඳුනෙක් ද වේ: ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නො දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.

3. අපරෙහි’පි -පෙ- චොදෙත්‍වා කතං හොති, සාරෙත්‍වා කතං හොති, ආපත‍්තිං ආරොපෙත්‍වා කතං හොති.

3. අන්‍ය වූ ද ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද,...

4. අපරෙහි’පි -පෙ- සම‍්මුඛා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

4. අන්‍ය වූ ද ... සම්මුඛයෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

5. අපරෙහි’පි -පෙ- පටිපුච‍්ඡා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

5. අන්‍ය වූ ද ... පිළිවිස කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

6. අපරෙහි’පි -පෙ- පටිඤ‍්ඤාය කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

6. අන්‍ය වූ ද ... පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

7. අපරෙහි’පි -පෙ- ආපත‍්තියා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

7. අන්‍ය වූ ද ... ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

8. අපරෙහි’පි -පෙ- දෙසනාගාමිනියා ආපත‍්තියා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

8. අන්‍ය වූ ද ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

9. අපරෙහි’පි -පෙ- අදෙසිතාය ආපත‍්තියා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

9. අන්‍ය වූ ද ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

10. අපරෙහි’පි -පෙ- චොදෙත්‍වා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

10. අන්‍ය වූ ද,... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

11. අපරෙහි’පි -පෙ- සාරෙත්‍වා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති.

11. අන්‍ය වූ ද ... සිහිපත් කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...

12. අපරෙහි’පි -පෙ- ආපත‍්තිං ආරොපෙත්‍වා කතං හොති, ධම‍්මෙන කතං හොති, සමග‍්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතං නියස‍්සකම‍්මං ධම‍්මකම‍්මං ච හොති, විනයකම‍්මං ච, සුවුපසන‍්තං ච.

12. අන්‍ය වූ ද ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.

නියස‍්සකම‍්මෙ ධම‍්මකම‍්මද‍්වාදසකං නිට‍්ඨිතං.

නියස්සකර්‍මයෙහි ධර්‍මකර්‍ම දොළොස නිමි.

ආකඞ‍්ඛමානඡක‍්කං

ආකඞ්ඛමානඡක්කය

1. තීහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො, ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය: භණ‍්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස‍්සකාරකො සඞ‍්ඝෙ අධිකරණකාරකො. බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො. ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො, ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය.

1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ කලහ කරන්නේ (ඇවැත් වෙයි නොවෙයි ආදි) විරුද්ධවාද කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයයෙහි අධිකරණ කරන්නේ වේ ද, අව්‍යක්ත වූ ඇවැත් බහුල කොට ඇති ආපත්ති පරිච්ඡේද රහිත බාලයෙක් වේ ද, ගිහියන් හා එකට ගැටුණේ අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.

2. අපරෙහි’පි භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය: අධිසීලෙ සීලවිපන‍්නො හොති, අජ‍්ඣාචාරෙ ආචාරවිපන‍්නො හොති, අතිදිට‍්ඨියා දිට‍්ඨිවිපන‍්නො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය.

2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, උත්තම ආචාරයෙහි විපන් ආචාර ඇත්තේ ද, උතුම් සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.

3. අපරෙහි’පි භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය: බුද‍්ධස‍්ස අවණ‍්ණං භාසති, ධම‍්මස‍්ස අවණ‍්ණං භාසති, සඞ‍්ඝස‍්ස අවණ‍්ණං භාසති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය.

3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියා ද, දමුරුවන්හි අයුණු කියා ද, සඟුරුවන්හි අයුණු කියා ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.

4. තිණ‍්ණං භික‍්ඛවෙ භික‍්ඛූනං ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය: එකො භණ‍්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස‍්සකාරකො සඞ‍්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති, අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, එකො ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි. ඉමෙසං ඛො භික‍්ඛවෙ තිණ‍්ණං භික‍්ඛූනං ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය.

4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක් කලහ කරන්නේ සංඝයා කෙරෙහි අධිකරණ කරන්නේ වේ ද, එක් මහණෙක් අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ආපත්ති පරිච්ඡේද නොදත් බාලයෙක් වේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ ශාසනයට අනුකූල නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.

5. අපරෙසම‍්පි භික‍්ඛවෙ තිණ‍්ණං භික‍්ඛූනං ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය: එකො අධිසීලෙ සීලවිපන‍්නො හොති, එකො අජ‍්ඣාචාරෙ ආචාරවිපන‍්නො හොති, එකො අතිදිට‍්ඨියා දිට‍්ඨිවිපන‍්නො හොති. ඉමෙසං ඛො භික‍්ඛවෙ තිණ‍්ණං භික‍්ඛූනං ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය.

5. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, එක් මහණෙක් උත්තමාචාරයෙහි විපන් ආචාර ඇත්තේ වේ ද, එක් මහණෙක් උත්තම වූ සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.

6. අපරෙසම‍්පි භික‍්ඛවෙ තිණ‍්ණං භික‍්ඛූනං ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය: එකො බුද‍්ධස‍්ස අවණ‍්ණං භාසති, එකො ධම‍්මස‍්ස අවණ‍්ණං භාසති, එකො සඞ‍්ඝස‍්ස අවණ‍්ණං භාසති. ඉමෙසං ඛො භික‍්ඛවෙ තිණ‍්ණං භික‍්ඛූනං ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය.

6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේය. එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.

නියස‍්සකම‍්මෙ ආකඞ‍්ඛමානඡක‍්කං නිට‍්ඨිතං.

නියස්සකර්‍මයෙහි ආකඞ්ඛමාන ඡක්කය නිමි.

අට‍්ඨාරසවත‍්තං

අටළොස්වත

1. නියස‍්සකම‍්මකතෙන භික‍්ඛවෙ භික‍්ඛුනා සම‍්මා වත‍්තිතබ‍්බං. තත්‍රායං සම‍්මා වත‍්තනා: න උපසම‍්පාදෙතබ‍්බං, න නිස‍්සයො දාතබ‍්බො, න සාමණෙරො උපට‍්ඨාපෙතබ‍්බො, න භික‍්ඛුනොවාදකසම‍්මුති සාදිතබ‍්බා, සම‍්මතෙනපි භික‍්ඛුනියො න ඔවදිතබ‍්බා. යාය ආපත‍්තියා සඞ‍්ඝෙන නියස‍්සකම‍්මං කතං හොති සා ආපත‍්ති න ආපජ‍්ජිතබ‍්බා, අඤ‍්ඤා වා තාදිසිකා, තතො වා පාපිට‍්ඨතරා, කම‍්මං න ගරහිතබ‍්බං, කම‍්මිකා න ගරහිතබ‍්බා. න පකතත‍්තස‍්ස භික‍්ඛුනො උපොසථො ඨපෙතබ‍්බො, න පවාරණා ඨපෙතබ‍්බා, න සවචනීයං කාතබ‍්බං, න අනුවාදො පට‍්ඨපෙතබ‍්බො, න ඔකාසො කාරෙතබ‍්බො, න චොදෙතබ‍්බො, න සාරෙතබ‍්බො, න භික‍්ඛූහි සම‍්පයොජෙතබ‍්බ”න‍්ති.

1. මහණෙනි, නියස්සකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මනා ව පැවතිය යුතුයි. එහි මේ මනා පැවැත්මයි: (තමන් උපාධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතුයි, නිස නො දිය යුතුයි, සාමණේරකෙනෙකු උපස්ථානය පිණිස නො තබාගත යුතුයි, භික්ඛුනෝවාදකසම්මතිය නො පිළිගත යුතුයි, ඒ සම්මතිය ලැබූවහු විසින් ද මෙහෙණිනට ඔවා නොදිය යුතුයි, යම් ඇවැතක් කරණකොට සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද්දේ ද ඒ ඇවැතට නො පැමිණිය යුතුයි, එබඳු අන් ඇවැතකට ද නො පැමිණිය යුතුයි, එයට වඩා පවිටු ඇවැතකට ද නො පැමිණිය යුතුයි, විනයකර්‍මයට නො ගැරහිය යුතුයි, කර්‍මය කළ භික්‍ෂූන්ට නො ගැරහිය යුතුයි, පුවතක් මහණහුගේ පොහොය නො තැබිය යුතුයි, පවාරණය නො තැබිය යුතුයි, සවචනීයකර්‍මය නො කළ යුතුයි, විහාරයෙහි දෙටු තනතුරැ නො පිහිටිය යුතුයි, චෝදනා පිණිස අවසර නො ගත යුතුයි, චෝදනා නො කළ යුතුයි, ඇවැත් සිහිපත් නො කරවිය යුතුයි, භික්‍ෂූන් ඔවුනොවුන් හා කලහ පිණිස නො යෙදෙවිය යුතුයි.

නියස‍්සකම‍්මෙ අට‍්ඨාරසවත‍්තං නිට‍්ඨිතං.

නියස්සකර්‍මයෙහි අටළොස්වත නිමි.

න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බඅට‍්ඨාරසකං

නොසංහිඳුවියයුතු අටළොස්වත

1. අථ ඛො සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං අකාසි නිස‍්සාය තෙ වත්‍ථබ‍්බන‍්ති. සො සඞ‍්ඝෙන නියස‍්සකම‍්මකතො කල්‍යාණමිත‍්තෙ සෙවමානො භජමානො පයිරුපාසමානො උද‍්දිසාපෙන‍්තො පරිපුච‍්ඡන‍්තො බහුස‍්සුතො හොති ආගතාගමො ධම‍්මධරො විනයධරො මාතිකාධරො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී ලජ‍්ජි කුක‍්කුච‍්චකො සික‍්ඛාකාමො. සො සම‍්මා වත‍්තති, ලොමං පාතෙති, නෙත්‍ථාරං වත‍්තති. භික‍්ඛු උපසඞ‍්කමිත්‍වා එවං වදෙති: “අහං ආවුසො සඞ‍්ඝෙන නියස‍්සකම‍්මකතො සම‍්මා වත‍්තාමි, ලොමං පාතෙමි, නෙතාරං වත‍්තාමි, කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතුං”

1. ඉක්බිත්තෙන් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහට ‘තා විසින් මහතෙරකෙනකුන් ඇසුරු කොට විසිය යුතුයැ’ යි නියස්සකර්‍මය කෙළේ ය. සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූ හෙ තෙම කලණමිතුරන් සෙව්නේ, ඛජනුයේ, ඇසුරු කරණුයේ, උදෙසවනුයේ, නැවත නැවත විචාරණුයේ, වාචෝද්ගත කොට ගත් ආගමය ඇති, ධර්‍මධර, විනයධර, මාතෘකාධර, පණ්ඩිත, ව්‍යක්ත, ප්‍රඥාවත්, ලජ්ජී, සුළුවරදෙහි ද කුකුස් කරණ, ශික්‍ෂාකාමී වූ බහුශ්‍රැතයෙක් වෙයි. හෙ තෙම මනා ව පවතී. (මන් බැහැර ලා) මහතෙරුන් අනුව පවතී. නිස්තරණය පිණිස පවතී. භික්‍ෂූන් කරා එළැඹ, “ඇවැත්නි, මම් සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලදුයෙම් මොනොවට පවතිමි, අනුලොම් වැ පවතිමි, නිස්තරණය පිණිස පවතිමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මෙසේ කියයි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළහ. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවාවා.”

2. පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං: උපසම‍්පාදෙති, නිස‍්සයං දෙති, සාමණෙරං උපට‍්ඨාපෙති, භික‍්ඛුනොවාදකසම‍්මුතිං සාදියති, සම‍්මතො’පි භික‍්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං.

2. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: උපසපන් කෙරෙයි ද, නිස දෙයි ද, හෙරණකු තමාට උවටනෙහි යොදා ගණි ද, මෙහෙණින්හට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලැබුයේත් මෙහෙණින්හට ඔවා දෙයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.

3. අපරෙහි’පි භික‍්ඛවෙ පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං: යාය ආපත‍්තියා සඞ‍්ඝෙන නියස‍්සකම‍්මං කතං හොති තං ආපත‍්තිං ආපජ‍්ජති, අඤ‍්ඤං වා තාදිසිකං, තතො වා පාපිට‍්ඨතරං, කම‍්මං ගරහති, කම‍්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං.

3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: යම් ඇවැතකට සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද නම්, ඒ ඇවැතට පැමිණේ ද, එවැනි අනිත් ඇවැතකට හෝ පැමිණේ ද, එයට වඩා පවිටු ඇවැතකට හෝ පැමිණේ ද, කර්‍මය ගරහා ද, කම් කළවුන් ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.

4. අට‍්ඨහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං; පකතත‍්තස‍්ස භික‍්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට‍්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික‍්ඛූහි සම‍්පයොජෙති; ඉමෙහි ඛො භික‍්ඛවෙ අට‍්ඨහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං.

4. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: පුවතක් මහණහුගේ පොහොය තබා ද, පවුරුණු තබා ද, සවචනීයකර්‍මය කෙරේ ද, වෙහෙරැ දෙටු බව කෙරේ ද, අනුනට චෝදනා කිරීමට අවකාශ කරවා ගණී ද, (පුවතක් මහණකුට) චෝදනා කෙරේ ද, (ඇවැත්) සිහිපත් කරවා ද, භික්‍ෂූන් උනුන් හා කලහයෙහි යොදා ද, මහණෙනි, මේ අඞ්ග අටෙන් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.

න පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බඅට‍්ඨාරසකං නිට‍්ඨිතං.

නොසංහිඳුවියයුතු අටළොස නිමියේ ය.

පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බ අට‍්ඨාරසකං

සංහිඳුවියයුතු අටළොස

1. පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං: න උපසම‍්පාදෙති, න නිස‍්සයං දෙති, න සාමණෙරං උපට‍්ඨාපෙති, න භික‍්ඛුනොවාදකසම‍්මුතිං සාදියති, සම‍්මතොපි භික‍්ඛුනියො න ඔවදති; ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං.

1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු: තමා උපාධ්‍යාය ව උපසපන් නො කෙරෙයි ද, නිස නො දෙයි ද, හෙරණකු උවටනට යොදා නො ගණී ද, මෙහෙණින්හට ඔවාදීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලදුයේ නමුත් ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.

2. අපරෙහි’පි භික‍්ඛවෙ පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං: යාය ආපත‍්තියා සඞ‍්ඝෙන නියස‍්සකම‍්මං කතං හොති තං ආපත‍්තිං න ආපජ‍්ජති, අඤ‍්ඤං වා තාදිසිකං, තතො වා පාපිට‍්ඨතරං, කම‍්මං න ගරහති, කම‍්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං.

2. මහණෙනි, අන්‍ය වූ ද පඤ්චාඞ්ගයෙකින් යුක්ත මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු: යම් ඇවැතකට සඞ්ඝයා විසින් (ඔහුට) නියස්සකර්‍මය කරණ ලද්දේ නම්, ඒ ඇවැතට නො පැමිණේ ද, එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණේ ද, (කරණ ලද) විනයකර්‍මය නො ගරහා ද, විනයකර්‍මය කළවුන් නො ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.

3. අට‍්ඨහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං: න පකතත‍්තස‍්ස භික‍්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට‍්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික‍්ඛූහි සම‍්පයොජෙති. ඉමෙහි ඛො භික‍්ඛවෙ අට‍්ඨහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං.

3. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු. පුවතක් මහණකුගේ පොහොය නො තබා ද, පවුරුණු නො තබා ද, සවචනීය කර්‍මය නො කෙරේ ද, වෙහෙරෙහි දෙටු තැන්හි නො සිටී ද, චෝදනා පිණිස අවකාශ කරවා නො ගණි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් උනුන් කලහයෙහි නා යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.

පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බ අට‍්ඨාරසකං නිට‍්ඨිතං.

සංහිඳුවියයුතු අටළොස නිමියේ ය.

[පටිප‍්පස‍්සම‍්භනං]

[සංහිඳුවීම]

1. එවඤ‍්ච පන භික‍්ඛවෙ පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බං: තෙන භික‍්ඛවෙ සෙය්‍යසකෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ සඞ‍්ඝෙන නියස‍්සකම‍්මකතො සම‍්මා වත‍්තාමි, ලොමං පාතෙමි, නෙත්‍ථාරං වත‍්තාමි, නියස‍්සකම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධිං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බො. තතියම‍්පි යාචිතබ‍්බො.

1. මහණෙනි, නියස්සකර්‍මය මෙසේ සංහිඳුවිය යුතු: ඒ සෙය්‍යසක මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පොරොවා වැඩිමහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ ගෙණ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූයෙම් මැනැවින් පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. (අටොළොස්) නිස්තරණ වත අනුව පවතිමි. නියස්සකර්‍මයාගේ සංහිඳුවීම යදිමි” යි. දෙවෙනු ද යැදිය යුතු. තෙවෙනුව ද යැදිය යුතු.

2. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

2. ව්‍යක්ත වූ ප්‍රබල මහණකු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං සෙය්‍යසකො භික‍්ඛු සඞ‍්ඝෙන නියස‍්සකම‍්මකතො සම‍්මා වත‍්තති, ලොමං පාතෙති, නෙත්‍ථාරං වත‍්තති, නියස‍්සස‍්ස කම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධිං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සෙය්‍යසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතී. (භික්‍ෂූන්හට) අනුකූල ව පවතී. (අටළොස්) නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මය වේ නම් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං සෙය්‍යසකො භික‍්ඛු සඞ‍්ඝෙන නියස‍්සකම‍්මකතො සම‍්මා වත‍්තති, ලොමං පාතෙති, නෙත්‍ථාරං වත‍්තති, නියස‍්සස‍්ස කම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධිං යාචති. සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙති. යස‍්සායස‍්මතො ඛමති සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සස‍්ස කම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධි, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සෙය්‍යසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබුයේ, මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හෙ තෙම නිහඬ වේවා. යමකුට නා රිසියේ නම් හේ කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං සෙය්‍යසකො භික‍්ඛු සඞ‍්ඝෙන නියස‍්සකම‍්මකතො සම‍්මා වත‍්තති, ලොමං පාතෙති, නෙත්‍ථාරං වත‍්තති, නියස‍්සස‍්ස කම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධිං යාචති. සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙති. යස‍්සායස‍්මතො ඛමති සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සස‍්ස කම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධි, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

දෙවෙනුව ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සෙය්‍යාසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.

තතියම‍්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං සෙය්‍යසකො භික‍්ඛු සඞ‍්ඝෙන නියස‍්සකම‍්මකතො සම‍්මා වත‍්තති, ලොමං පාතෙති, නෙත්‍ථාරං වත‍්තති, නියස‍්සස‍්ස කම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධිං යාචති. සඞ‍්ඝො සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං පටිප‍්පස‍්සම‍්භෙති. යස‍්සායස‍්මතො ඛමති සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සස‍්ස කම‍්මස‍්ස පටිප‍්පස‍්සද‍්ධි, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

තෙවෙනු ව ද මෙ කරුණ කියමි. සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූ මේ සෙය්‍යසක මහණ තෙම මැනැවින් පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත් පුරයි. (හේ) නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.

පටිප‍්පස‍්සද‍්ධිං සඞ‍්ඝෙන සෙය්‍යසකස‍්ස භික‍්ඛුනො නියස‍්සකම‍්මං. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවන ලදී. සඞ්ඝයාට එය රිසියෙයි. එහෙයින් නිහඬ ය. මේ කාරණය මෙසේ සලකමි”යනු යි.

නියස‍්සකම‍්මං නිට‍්ඨිතං දුතියං.

දෙවන නියස්සකර්‍මය නිමියේ ය.