කම්මක්ඛන්ධකං අට්ඨකථා
කම්මක්ඛන්ධක වර්ණනාව
තජ්ජනීයකම්මකථා
තජ්ජනීයකම්මකථා
චූළවග්ගස්ස පඨමෙ කම්මක්ඛන්ධකෙ තාව පණ්ඩුකලොහිතකාති පණ්ඩුකො චෙව ලොහිතකො චාති ඡබ්බග්ගියෙසු ද්වෙ ජනා; තෙසං නිස්සිතකාපි පණ්ඩුකලොහිතකාත්වෙව පඤ්ඤායන්ති. බලවාබලවං පටිමන්තෙථාති සුට්ඨුබලවං පටිවදථ. අලමත්ථතරාති සමත්ථතරා.
චුල්ලවර්ගය පිළිබඳ ප්‍රථම කර්මස්කන්ධකයෙහි වනාහි “පණ්ඩුකලොහිතකා” පණ්ඩුකද ලොහිතද ෂඩ්වර්ගිකයන් අතුරෙහි දෙදෙනෙකි. ඔවුන්ගේ අතවැස්සෝද නිශ්‍රය නිශ්රිත ව්‍යවහාරයෙන් පණ්ඩුක ලොහිතකයෝමැයි ප්‍රකට වෙත්. “බලවා බලවං පතිමන්තෙථ” මොනවට බලවත්ව පිළිවදන් දෙවු. “අලමත්තතරා” අතිශයින් සමර්ත්ථ වන්නහුය.
තජ්ජනීයකම්මකථා නිට්ඨිතා.
අධම්මකම්මද්වාදසකකථා
අධම්මකම්මද්වාදසකකථා
අසම්මුඛා කතන්තිආදීසු සඞ්ඝධම්මවිනයපුග්ගලසම්මුඛානං විනා කතං, චුදිතකං අප්පටිපුච්ඡිත්වා කතං, තස්සෙව අප්පටිඤ්ඤාය කතං. අදෙසනාගාමිනියාති පාරාජිකාපත්තියා වා සඞ්ඝාදිසෙසාපත්තියා වා. එත්ථ පුරිමකෙසු තීසු තිකෙසු නව පදා අධම්මෙනකතං වග්ගෙනකතන්ති ඉමෙහි සද්ධිං එකෙකං ගහෙත්වා නව තිකා වුත්තා. එවං සබ්බෙපි ද්වාදස තිකා හොන්ති. පටිපක්ඛවසෙන සුක්කපක්ඛෙසුපි එතෙයෙව ද්වාදස තිකා වුත්තා.
“අදෙසනාගාමිනියා” පාරාජිකාපත්තියෙන් හෝ සඞ්ඝාදිසෙසාපත්තියෙන් හෝ. [missing trans]
අනනුලොමිකෙහි ගිහිසංසග්ගෙහීති පබ්බජිතානං අනනුච්ඡවිකෙහි සහසොකිතාදීහි ගිහිසංසග්ගෙහි.
“අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි” පැවිද්දට නොසුදුසු වූ සහ සොකිතාදීවූ ගිහි සංසර්ගයෙන්.
තිණ්ණං , භික්ඛවෙ, භික්ඛූනන්තිආදි එකෙකෙනාපි අඞ්ගෙන තජ්ජනීයකම්මං කාතුං වට්ටතීති දස්සනත්ථං වුත්තං. තජ්ජනීයස්ස හි විසෙසෙන භණ්ඩනකාරකත්තං අඞ්ගං, නියස්සස්ස අභිණ්හාපත්තිකත්තං, පබ්බාජනීයස්ස කුලදූසකත්තං වුත්තං. ඉමෙසු පන තීසු අඞ්ගෙසු යෙන කෙනචි සබ්බානිපි කාතුං වට්ටති. යදි එවං යං චම්පෙය්යක්ඛන්ධකෙ වුත්තං – “තජ්ජනීයකම්මාරහස්ස නියස්සකම්මං කරොති…පෙ… උපසම්පදාරහං අබ්භෙති; එවං ඛො උපාලි අධම්මකම්මං හොති අවිනයකම්මං, එවඤ්ච පන සඞ්ඝො සාතිසාරො හොතී”ති ඉදං විරුජ්ඣතීති. ඉදඤ්ච න විරුජ්ඣති. කස්මා? වචනත්ථනානත්තතො, “තජ්ජනීයකම්මාරහස්සා”ති ඉමස්ස හි වචනස්ස කම්මසන්නිට්ඨානං අත්ථො. “තිණ්ණං, භික්ඛවෙ”තිආදිවචනස්ස අඞ්ගසම්භවො, තස්මා යදා සඞ්ඝෙන සන්නිපතිත්වා “ඉදං නාම ඉමස්ස භික්ඛුනො කම්මං කරොමා”ති සන්නිට්ඨානං කතං හොති, තදා කම්මාරහො නාම හොති. තස්ස ඉමිනා ලක්ඛණෙන තජ්ජනීයාදිකම්මාරහස්ස නියස්සකම්මාදිකරණං අධම්මකම්මඤ්චෙව අවිනයකම්මඤ්චාති වෙදිතබ්බං. යස්ස පන භණ්ඩනකාරකාදීසු අඞ්ගෙසු අඤ්ඤතරං අඞ්ගං අත්ථි, තස්ස ආකඞ්ඛමානො සඞ්ඝො යථානුඤ්ඤාතෙසු අඞ්ගෙසු ච කම්මෙසු ච යෙන කෙනචි අඞ්ගෙන යංකිඤ්චි කම්මං වවත්ථපෙත්වා තං භික්ඛුං කම්මාරහං කත්වා කම්මං කරෙය්ය. අයමෙත්ථ විනිච්ඡයො. එවං පුබ්බෙනාපරං සමෙති.
“තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං” යනාදිය එක් එක් අඞ්ගයකිනුදු තර්ජනීය කර්මය කිරීම වටීය’යි දැක්වීම පිණිස වදාරණලදී. තර්ජනීයකර්මයට වනාහි ඩබරකරණබව විශේෂ අඞ්ගයෙක් වේ. නියස්සකර්‍මයට නිතර ඇවතුන්ට පැමිණෙන බව අඞ්ග වේ. පබ්බාජනීය කර්මයට කුලදූසකත්වය අඞ්ගවේය’යි වදාරණ ලදී. මේ තුන් අඞ්ගයන් අතුරෙහි යම්කිසිවක් කරණකොට සියල්ල කිරීම වටියි. ඉදින් මෙසේ නම් චම්පෙය්යක්ඛන්ධකයෙහි ‘තර්ජනීය කර්මයට සුදුසුවූවහුට නියස්සකර්‍මය කරයි. -පෙ- උපසම්පදාවට සුදුසු වූවාහු අබ්හාන කර්මයෙන් ඔසාරණය කරයි, උපාලි මෙසේ වනාහි අධර්‍මකර්‍මය වේ. අවිනය කර්මය වේ. මෙසේ ඇති කල්හි සඞ්ඝතෙමේ දොස් සහිතවේය’යි යමක් වදාරණ ලද්දේ ද, එයට මෙය විරුද්ධවේද, යත් මද විරුද්ධ නොවේ. කුමක් හෙයින, යත්:- වචනයන්ගේ අර්ත්ථනානත්වයෙනි. “තජ්ජනීය කම්මාරභස්ස” යන මේ වචනයාගේ අර්ත්ථය කර්මයාගේ සනිටුහන් කිරීමය. “තිණ්ණං භික්ඛවෙ” යනාදිවචනයාගේ අඞ්ගසම්භවය වේ. එහෙයින් යම් කලෙක්හි සඞ්ඝයා විසින් රැස්ව ‘මේ මහණහුට මේ කර්මය කරමු’යි සනිටුහන් කරණ ලද්දේ ද, එකල්හි කර්මයට සුදුස්සේ වේ. ඔහුගේ මේ ලක්ෂණයෙන් තර්‍ජනීයාදි කර්මයන්ට සුදුසු වූවහුට නිස්සයාදිකර්ම කිරීම අධර්මකර්මද අවිනය කර්මද වේයයි දතයුතුය. යමක්හට වනාහි භණ්ඩනකාරකාදි අඞ්ගයන් අතුරෙහි එක්තරා අඞ්ගයක් ඇත්තේද, ඔහුට සඞ්ඝතෙමේ කැමැත්තේ නම් යම්සේ අනුදත් අඞ්ගයන් අතුරෙහිද කර්මයන් අතුරෙහිද යම්කිසි අඞ්ගයකින් යම්කිසි කර්මයක් ව්යවස්ථාකොට ඒ මහණහු කර්මයට සුදුස්සකුකොට කර්ම කරන්නේය. මේ මෙහි විනිශ්චය වේ. මෙසේ ඇතිකල්හි පූර්වය හා අපරය සමවේ.
තත්ථ කිඤ්චාපි තජ්ජනීයකම්මෙ භණ්ඩනකාරකවසෙන කම්මවාචා වුත්තා, අථ ඛො බාලස්ස අබ්යත්තස්ස ආපත්තිබහුලස්ස තජ්ජනීයකම්මං කරොන්තෙන බාලඅබ්යත්තවසෙනෙව කම්මවාචා කාතබ්බා . එවඤ්හි භූතෙන වත්ථුනා කතං කම්මං හොති, න ච අඤ්ඤස්ස කම්මස්ස වත්ථුනා. කස්මා? යස්මා ඉදම්පි අනුඤ්ඤාතන්ති. එස නයො සබ්බත්ථ. අට්ඨාරස සම්මාවත්තනවත්ථූනි පාරිවාසිකක්ඛන්ධකෙ වණ්ණයිස්සාම.
එහි කිසිසේත් තර්ජනීය කර්මයෙහි භණ්ඩනකාරක වසයෙන් කර්මවාක්යය වදාරණ ලදී. එතකුදු වුවත් අඥයක්හට අව්යක්තයක්හට ආපත්ති බහුලවූවක්හට තර්ජනීය කර්මය කරන්නහු විසින් බාල අව්යක්තයන්ගේ වශයෙන්ම කර්මවාක්යය කටයුතුය. මෙසේ ඇති කල්හි විද්‍යමාන වස්තුව කරණකොට කර්මය කරණ ලද්දේ වේ. අන්‍ය කර්මයක්හුගේ වස්තුවක් කරණකොට කරණ ලද්දේ නොවේ. කුමක්හෙයින යත්:- යම්හෙයකින් මෙද අනුදන්නා ලද්දේ ද, එහෙයිනි. හැම තැන්හි මේනය වේ. අටළොස් මැනැවින් පවත්නා වස්තු පාරිවාසිකක්ඛන්ධකයෙහි වර්ණනා කරන්නෙමු.
අධම්මකම්මද්වාදසකකථා නිට්ඨිතා.
නප්පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකාදිකථා
නප්පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකාදිකථා
ලොමං පාතෙන්තීති පන්නලොමා හොන්ති; භික්ඛූ අනුවත්තන්තීති අත්ථො. නෙත්ථාරං වත්තන්තීති නිත්ථරන්තානං එතන්ති නෙත්ථාරං; යෙන සක්කා නිස්සාරණා නිත්ථරිතුං, තං අට්ඨාරසවිධං සම්මාවත්තනං වත්තන්තීති අත්ථො. කිත්තකං කාලං වත්තං පූරෙතබ්බන්ති? දස වා පඤ්ච වා දිවසානි. ඉමස්මිඤ්හි කම්මක්ඛන්ධකෙ එත්තකෙන වත්තං පූරිතමෙව හොති.
“ලොමං පාතෙන්ති” හෙලු ලොම් ඇත්තාහු වෙත්. භික්ෂූන්ට අනුව පවතිත්ය යන අර්‍ත්‍ථයි. “නෙත්ථාරං වත්තන්ති” එතෙර වන්නවුන්ගේ මේ වතයි. නෙත්ථාර නම. යම්වතක් කරණකොට නිස්සාරණයෙන් එතෙර වන්නට හැක්කේද, ඒ අටළොස් වැදෑරුම් වූ මනාවතෙහි පවතිත්ය යන අර්‍ත්‍ථයි. මෙතෙක් කල් වත පිරියයුතුද, යත්:- දසදවසක් හෝ පස් දවසක්හෝය. මේ කර්මස්කන්ධකයෙහි මෙපමණකින් වත පුරණ ලද්දේම වේ.
නප්පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකාදිකථා නිට්ඨිතා.
නියස්සකම්මකථා
නියස්සකම්මකථා
සෙය්යසකවත්ථුස්මිං – අපිස්සු භික්ඛූ පකතාති අපිස්සු භික්ඛූ නිච්චං බ්‍යාවටා හොන්ති. සෙසං තජ්ජනීයෙ වුත්තසදිසමෙව.
සෙය්යසක වස්තුවෙහි - “අපිස්සු භික්ඛු පකතත්තා” තවද භික්ෂූහු නිත්‍ය ව්‍යාවෘත වූවාහු වෙත්. සෙස්ස තර්ජනීය කර්මයෙහි කියන ලද්ද සමානම වේ.
නියස්සකම්මකථා නිට්ඨිතා.
පබ්බාජනීයකම්මකථා
පබ්බාජනීයකම්මකථා
අස්සජිපුනබ්බසුකවත්ථු සඞ්ඝාදිසෙසවණ්ණනායං වුත්තං.
“අස්සජි පුනබ්බසුක” වස්තුව සඞ්ඝාදිසෙස වර්ණනාවෙහි කියනලදී.
කායිකෙන දවෙනාතිආදීසු පනෙත්ථ කායිකො දවො නාම කායකීළා වුච්චති. සෙසපදද්වයෙපි එසෙව නයො. කායිකො අනාචාරො නාම කායද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදවීතික්කමො වුච්චති . සෙසද්වයෙපි එසෙව නයො. කායිකං උපඝාතිකං නාම කායද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදස්ස අසික්ඛනභාවෙන උපහනනං වුච්චති; නාසනං විනාසනන්ති අත්ථො. සෙසද්වයෙපි එසෙව නයො. කායිකො මිච්ඡාජීවො නාම පටික්ඛිත්තවෙජ්ජකම්මාදිවසෙන තෙලපචනඅරිට්ඨපචනාදීනි. වාචසිකො මිච්ඡාජීවො නාම ගිහීනං සාසනසම්පටිච්ඡනාරොචනාදීනි. කායිකවාචසිකො නාම තදුභයං. සෙසං තජ්ජනීයෙ වුත්තනයමෙව.
“කායිකෙන දවෙන” යනාදිතන්හි වනාහි මෙහි කායිකද්වය නම් කායක්රීඩාව කියනු ලැබේ. සෙසු දෙපදයෙහිද මේනයම වේ. “කායිකො අනාචාරො” කායික අනාචාර නම් කායද්වාරයෙහි පැණවූ ශික්ෂාපදයන්ගේ ව්‍යතික්‍රමය කියනු ලැබේ. සෙසු දෙපදයෙහි මේනයම වේ. “කායිකං උපඝාතිකං” කායික උපඝාතක නම් කායද්වාරයෙහි පැණවූ ශික්ෂාපදයන්හි නොහික්මෙන බැවින් පෙළීමයි කියනු ලැබේ. නැසීම වැනසීම යන අර්‍ත්‍ථයි. සෙසු දෙපදයෙහිද මේනයම වේ. “කායිකෙ මිච්ඡාජිවො” කායිකමිත්ථ්යාජීව නම් ප්රතික්ෂිප්ත වෛද්‍ය කර්මාදීන්ගේ වසයෙන් තෙල් පිසීම් අරිෂ්ට පිසීම් ආදියයි. “වාචසිකො මිච්ඡාජීවො” වාචසිකමිත්ථ්යාජීවනම් ගිහින්ගේ හසුන් පිළිගැණීම් සැලකිරීම් ආදියයි. “කායිකවාචසිකො” කායික වාචසික නම් එදෙකමය. සෙස්ස තර්ජනීයයෙහි කියූනය ඇත්තේමය.
පබ්බාජනීයකම්මකථා නිට්ඨිතා.
පටිසාරණීයකම්මකථා
පටිසාරණීයකම්මකථා
සුධම්මවත්ථුස්මිං පන – අනපලොකෙත්වාති න ආපුච්ඡිත්වා. එතදවොචාති කිං තෙ ගහපති ථෙරානං පටියත්තන්ති සබ්බං විවරාපෙත්වා දිස්වා එතං අවොච. එකා ච ඛො ඉධ නත්ථි යදිදං තිලසංගුළිකාති යා අයං තිලසක්ඛලිකා නාම වුච්චති, සා නත්ථීති අත්ථො. තස්ස කිර ගහපතිනො වංසෙ ආදිම්හි එකො පූවියො අහොසි. තෙන නං ථෙරො ජාතියා ඛුංසෙතුකාමො එවමාහ. යදෙව කිඤ්චීති එවං බහුං බුද්ධවචනං රතනං පහාය කිඤ්චිදෙව තිලසංගුළිකාවචනං භාසිතං. කුක්කුටපොතකඋදාහරණෙන ඉදං දස්සෙති “යථා සො නෙව කාකවස්සිතං න කුක්කුටවස්සිතං අකාසි, එවං තයාපි නෙව භික්ඛුවචනං න ගිහිවචනං වුත්ත”න්ති.
සුධම්ම වස්තුවෙහි - “අනපලොකෙත්වා” නොවිචාරා. “එතදවොච” ‘ගැහැවිය’ තාවිසින් කුමක් තෙරුන්ට පිළියෙල කරණලදදැ’යි සියල්ල වැස්ම හරවා දැක, මේ වචනය කීයේය. “එකාව ඛො ඉධ නත්ථි යදිදං තිලසඞ්ගුළිකා” මේ තලගුළි නමැයි යමක් කියනු ලැබේද ඒ තල ගුළි නැතැයි යන අර්‍ත්‍ථයි. ඒ ගැහැවිහුගේ වංශයෙහි ආදියෙහි එක් පූවෙළෙන්දෙක් වූයේය. ඒ කාරණයෙන් ස්ථවිරතෙමේ ඒ ගැහැවියාහට ජාතියෙන් ගරහනු කැමැත්තේ මෙසේ කීයේය. “යදෙව කිඤ්චි” මෙසේ බොහෝ බුදුවදන් නැමැති රුවන් හැරදමා යම්කිසි තිලසඞ්ගුළික වචනයක් කියන ලදද, කුක්කුටපොතක උදාහරණයෙන් මෙය දක්වාලන්නේය. යම්සේ ඒ කුකුළු පැටවා කවුඩු හඬක් නොමකෙළේය. කුකුළු හඬක් නොකෙළේය. එපරිද්දෙන් තා විසින්ද, මහණුන් විසින් කියයුතු වචනයක් නොකියන ලදය. ගිහියන් විසින් කියයුතු වචනයක් නොකියන ලදය.
පටිසාරණීයකම්මකථා නිට්ඨිතා.
අධම්මකම්මාදිද්වාදසකකථා
අධම්මකම්මාදිද්වාදසකකථා
අසම්මුඛා කතන්තිආදයො තිකා වුත්තප්පකාරා එව.
“අසම්මුඛා කතං” යනාදීවූ ත්‍රිකය කියූ ආකාර ඇත්තේමය.
අඞ්ගසමන්නාගමො පුරිමෙහි අසදිසො. තත්ථ යථා ලාභං න ලභන්ති; එවං පරිසක්කන්තො පරක්කමන්තො අලාභාය පරිසක්කති නාම. එස නයො අනත්ථාදීසු. තත්ථ අනත්ථොති අත්ථභඞ්ගො. අනාවාසොති තස්මිං ඨානෙ අවසනං. ගිහීනං බුද්ධස්ස අවණ්ණන්ති ගිහීනං සන්තිකෙ බුද්ධස්ස අවණ්ණං භාසති. ධම්මිකං පටිස්සවං න සච්චාපෙතීති යථා සච්චො හොති, එවං න කරොති; වස්සාවාසං පටිස්සුණිත්වා න ගච්ඡති, අඤ්ඤං වා එවරූපං කරොති. පඤ්චන්නං භික්ඛවෙතිආදි එකඞ්ගෙනපි කම්මාරහභාවදස්සනත්ථං වුත්තං. සෙසමෙත්ථ උත්තානත්ථඤ්චෙව, තජ්ජනීයෙ ච වුත්තනයමෙව.
අඞ්ගසමන්නාගමය පෙර තර්‍ජනීයාදි කර්මයන්ට කියනලද කරුණු හා අසමාන වේ. එහි යම්සේ ලාභ නොලබත්ද, එසේ උත්සාහ කරණුයේ පරාක්‍රම කරණුයේ අලාභය පිණිස උත්සාහය කෙරේනම. අනර්ත්ථාදීන් කෙරෙහිද මේ නයවේ. එහි “අනත්ථො” වැඩ නැසීමය. “අවාසො” එතැන්හි නොවිසීමය. “ගිහීනං බුද්ධස්ස අවණ්ණං.” ගිහියන්ගේ සමීපයෙහි බුදුරජුන්ගේ නුගුණ කියාද, “ධම්මිකං පටිස්සවං න සච්චාපෙති” යම්සේ සත්‍යය ඇත්තේවේද, මෙසේ නොකෙරේද, වස්සාවාසය පිළිගෙණ නොයේද, අන්‍ය වූ හෝ මෙබන්දක් නොකෙරේද, “පංචන්නං භික්ඛවෙ” යනාදිය එක් අඞ්ගයක් කරණකොට ගෙණද, කර්මයට සුදුසු බව දක්වනු පිණිස වදාරණ ලදී. මෙහි සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය. තර්ජනීයකර්මයෙහිද කියූනය ඇත්තේමය.
අධම්මකම්මාදිද්වාදසකකථා නිට්ඨිතා.
ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකථා
ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකථා
ඡන්නවත්ථුස්මිං – ආවාසපරම්පරඤ්ච භික්ඛවෙ සංසථාති සබ්බාවාසෙසු ආරොචෙථ.
ඡන්න වස්තුවෙහි - “ආවාසපරම්පරඤ්ච භික්ඛවෙ සංසථ” සියලු ආවාසයන්හි සැලකරවු.
භණ්ඩනකාරකොතිආදීසු භණ්ඩනාදිපච්චයා ආපන්නං ආපත්තිං රොපෙත්වා තස්සා අදස්සනෙයෙව කම්මං කාතබ්බං. තිකා වුත්තප්පකාරා එව.
“භණ්ඩනකරකො” යනාදිතන්හි ඩබරකිරීම් ආදිය නිසා පැමිණි ඇවත නගා ඇවැත නොදැක්මෙහිම කර්ම කටයුතුය. ත්‍රිකය කියූ ආකාර ඇත්තේමය.
සම්මාවත්තනායං පනෙත්ථ තෙචත්තාලීස වත්තානි. තත්ථ න අනුද්ධංසෙතබ්බොති න චොදෙතබ්බො. න භික්ඛු භික්ඛූහීති අඤ්ඤො භික්ඛු අඤ්ඤෙහි භික්ඛූහි න භින්දිතබ්බො. න ගිහිද්ධජොති ඔදාතවත්ථානි අච්ඡින්නදසපුප්ඵදසානි ච න ධාරෙතබ්බානි. න තිත්ථියද්ධජොති කුසචීරාදීනි න ධාරෙතබ්බානි. න ආසාදෙතබ්බොති න අපසාදෙතබ්බො. අන්තො වා බහි වාති විහාරස්ස අන්තො වා බහි වා. න තිත්ථියාදිපදත්තයං උත්තානමෙව . සෙසං සබ්බං පාරිවාසිකක්ඛන්ධකෙ වණ්ණයිස්සාම. සෙසං තජ්ජනීයෙ වුත්තනයමෙව. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං ඉමිනා සදිසමෙව.
මෙහි මනාව පැවැත්මෙහි තෙසාළිසක් වත්වේ. එහි “න අනුද්ධංසෙතබ්බො” චෝදනා නොකටයුතුය. “න භිඣු භික්ඛූහි” අන් මහණෙක් තෙමේ අන් මහණුන් හා නොබිදිය යුතුය. “ න ගිහීධජො” සුදුවත්ද නොසිඳූ දාවලු ඇති මල්දාවලු ඇති වත් නොදැරිය යුතුය. “න ආසදෙතබ්බො” නොගැටිය යුතුය. “අන්තො වා බහි වා” විහාරය තුළ හෝ පිටත හෝ න තිත්ථියාදිපදත්රය ප්‍රකටමය. සෙසු සියල්ල පරිවාසිකක්ඛන්ධකයෙහි වර්ණනා කරන්නෙමු. සෙස්ස තර්ජනීය කර්මයෙහි කියූනය ඇත්තේමය. ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂෙපණීය කර්මය මේ ප්රතිසාරාණීය කර්මය සමානම වේ.
අරිට්ඨවත්ථු ඛුද්දකවණ්ණනායං වුත්තං. “භණ්ඩනකාරකො”තිආදීසු යං දිට්ඨිං නිස්සාය භණ්ඩනාදීනි කරොති, තස්සා අප්පටිනිස්සග්ගෙයෙව කම්මං කාතබ්බං. සෙසං තජ්ජනීයෙ වුත්තනයමෙව. සම්මාවත්තනායම්පි හි ඉධ තෙචත්තාලීසංයෙව වත්තානීති.
අරිෂ්ට වස්තුව ඛුද්දක වර්ණනාවෙහි කියනලදී. “භණ්ඩනකාරකො” යනාදිතන්හි යම් දෘෂ්ටියක් නිසා ඩබරකිරීම් ආදිය කෙරේද, ඒ දෘෂ්ටිය නොහැරීමෙහිම උත්ක්‍ෂෙපණීය කර්මය කටයුතුය. සෙස්ස තර්ජනීය කර්මයෙහි කියූනය ඇත්තේමය. මනාව පැවැත්මෙහිද මෙහි තෙසාළිසක්ම වත්වේ.
ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකථා නිට්ඨිතා.
කම්මක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
කම්මක්ඛන්ධක වර්ණනාව නිමි.