පාරිවාසිකවත්තකථා අට්ඨකථා
පාරිවාසිකවත්තකථා
පාරිවාසිකවත්තකථා
පාරිවාසිකක්ඛන්ධකෙ – පාරිවාසිකාති පරිවාසං පරිවසන්තා. තත්ථ චතුබ්බිධො පරිවාසො – අප්පටිච්ඡන්නපරිවාසො, පටිච්ඡන්නපරිවාසො, සුද්ධන්තපරිවාසො, සමොධානපරිවාසොති. තෙසු “යො, භික්ඛවෙ, අඤ්ඤොපි අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, තස්ස චත්තාරො මාසෙ පරිවාසො දාතබ්බො”ති (මහාව· 86) එවං මහාඛන්ධකෙ වුත්තො තිත්ථියපරිවාසො අප්පටිච්ඡන්නපරිවාසො නාම. තත්ථ යං වත්තබ්බං තං වුත්තමෙව. අයං පන ඉධ අනධිප්පෙතො. සෙසා තයො යෙන සඞ්ඝාදිසෙසාපත්ති ආපන්නා චෙව හොති පටිච්ඡාදිතා ච, තස්ස දාතබ්බා. තෙසු යං වත්තබ්බං තං සමුච්චයක්ඛන්ධකෙ වක්ඛාම. එතෙ පන ඉධ අධිප්පෙතා. තස්මා එතෙසු යංකිඤ්චි පරිවාසං පරිවසන්තා “පාරිවාසිකා”ති වෙදිතබ්බා.
පරිවාසිකක්ඛන්ධකයෙහි - “පාරිවාසිකා” පිරිවෙස් වසන්නෝය. එහි අපටිච්ඡන්නපරිවාස - පටිච්ඡන්න පරිවාස - සුද්ධන්තපරිවාස - සමොධානපරිවාසයි පරිවාසය සිවුවැදෑරුම් වේ. ඔවුන් අතුරෙහි, ‘මහණෙනි’ අන්‍යවූද පෙර අන්‍යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි පැවිද්ද කැමැතිවේද, උපසම්පදාව කැමැතිවේද, ඔහුට සිවුමසෙක් විසීමෙහි පරිවාසය දියයුතුය’යි මෙසේ මහාක්ඛන්ධකයෙහි කියූ තීර්ථකපරිවාසය තෙමේ අපටිච්ඡන්නපරිවාස නම්වේ. එහි යමක් කියයුතුද, එය කියන ලද්දේමය. මේ පරිවාසය මෙහි අදහස් නොකරණ ලද්දේය. සෙසු පරිවාසයෝ තිදෙන යමකු විසින් සඞ්ඝාදිසෙසාපත්තිතොමෝ පැමිණෙන ලද්දීවේද, වසන ලද්දීවේද, ඔහුට දියයුතුය. ඒ පරිවාසයන්හි යමක් කියයුතුද, ඒ කියයුත්ත සමුච්චයක්‍ඛන්‍ධකයෙහි කියන්නෙමු. මේ පරිවාසයෝ මෙහි අදහස් කරණ ලදහ. එහෙයින් මේ පිරිවෙස් අතුරෙහි යම්කිසි පිරිවෙසක් ගෙණ වසන්නාහු පාරිවාසිකයෝයි දතයුත්තාහ.
පකතත්තානං භික්ඛූනන්ති ඨපෙත්වා නවකතරං පාරිවාසිකං අවසෙසානං අන්තමසො මූලායපටිකස්සනාරහාදීනම්පි. අභිවාදනපච්චුට්ඨානන්ති යං තෙ අභිවාදනාදිං කරොන්ති, තං සාදියන්ති, සම්පටිච්ඡන්ති; න පටික්ඛිපන්තීති අත්ථො. තත්ථ සාමීචිකම්මන්ති ඨපෙත්වා අභිවාදනාදීනි අඤ්ඤස්ස අනුච්ඡවිකස්ස බීජනවාතදානාදිනො ආභිසමාචාරිකස්සෙතං අධිවචනං. ආසනාභිහාරන්ති ආසනස්ස අභිහරණං, ආසනං ගහෙත්වා අභිගමනං පඤ්ඤාපනමෙව වා. සෙය්යාභිහාරෙපි එසෙව නයො. පාදොදකන්ති පාදධොවනඋදකං. පාදපීඨන්ති ධොතපාදට්ඨපනකං. පාදකථලිකන්ති අධොතපාදට්ඨපනකං පාදඝංසනං වා. ආපත්ති දුක්කටස්සාති සද්ධිවිහාරිකානම්පි සාදියන්තස්ස දුක්කටමෙව, තස්මා තෙ වත්තබ්බා – “අහං විනයකම්මං කරොමි, මය්හං වත්තං මා කරොථ, මා මං ගාමප්පවෙසනං ආපුච්ඡථා”ති. සචෙ සද්ධාපබ්බජිතා කුලපුත්තා “තුම්හෙ, භන්තෙ, තුම්හාකං විනයකම්මං කරොථා”ති වත්වා වත්තං කරොන්ති, ගාමප්පවෙසනම්පි ආපුච්ඡන්තියෙව, වාරිතකාලතො පට්ඨාය අනාපත්ති. මිථු යථාවුඩ්ඪන්ති පාරිවාසිකභික්ඛූනං අඤ්ඤමඤ්ඤං යො යො වුඩ්ඪො තෙන තෙන නවකතරස්ස සාදිතුං.
“පකතත්තානං භික්ඛූනං” නවකතර පාරිවාසිකයා හැර සෙසු මූලායපටිකස්සනරහාදීන්ගේද “අභිවාදනං පච්චුට්ඨානං” ඔවුහු යම් අභිවාදනාදියක් කෙරෙත්ද, එය ඉවසත්, පිළිගණිත්, ප්රතික්ෂෙප නොකෙරෙත්ය යන අර්‍ත්‍ථයි. ඒ අභිවාදනාදිය අතුරෙහි “සාමිචිකම්මං” අභිවාදනාදිය හැර පවන් සැලීම් ආදී වූ අන්‍යවූ සුදුසු ආභිසමාචාරිකයට මේ නමෙකි. “ආසනාභිහාරං” අසුන් එළවීම. අසුනක් ගෙණ යෑමය. නොහොත් පැණවීමම වේ. සෙය්යාභිහාරයෙහිද මේනයම වේ. “පාදොදකං” පාදෝනාදිය. “පාදපීඨං” දෙවූපා තබන පුටුව. “පාදකඨලිකං” නොදෙවූ පාතබන දඩුකඩ. පාගටන සක්ඛර කඨලාදිය හෝ ය. “ආපත්ති දුක්කටස්ස” සද්ධිවිහාරිකයන්ගේද වත්පිළිවෙත් ඉසන්නහුට දුක්කටමය. එහෙයින් ‘මම විනය කර්මයක් කරමි’ මට වත් නොකරවු ගම් වැදීම ගැන හෝ මා නොවිචාරවු’යි ඔවුන්ට කියයුතුය. ඉදින් සැදැහයෙන් පැවිදිවූ කුලපුත්‍රයෝ ‘ස්වාමීනි’ ඔබවහන්සේ ඔබවහන්සේගේ විනයකර්ම කරගනු මැනැවැ’යි කියා වත් කෙරෙත්නම් ගම්වැදීමත් විචාරත් නම් වැළකු කලපටන් ඇවැත් නොවේ. “මිථු යථාඛුඩ්ඪං” ඔවුනොවුන් පාරිවාසික භික්ෂූන් අතුරෙහි යමෙක් යමෙක් මහලුවේද, ඔහු ඔහු විසින් නවකතරයාගේ වත් ඉවසන්නට.
පඤ්ච යථාවුඩ්ඪන්ති පකතත්තෙහිපි සද්ධිං වුඩ්ඪපටිපාටියා එව. තස්මා පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ හත්ථපාසෙ නිසීදිතුං වට්ටති. මහාපච්චරියං පන “පාළියා අනිසීදිත්වා පාළිං විහාය හත්ථපාසං අමුඤ්චන්තෙන නිසීදිතබ්බ”න්ති වුත්තං. පාරිසුද්ධිඋපොසථෙ කරීයමානෙ සඞ්ඝනවකට්ඨානෙ නිසීදිත්වා තත්ථෙව නිසින්නෙන අත්තනො පාළියා පාරිසුද්ධිඋපොසථො කාතබ්බො. පවාරණායපි සඞ්ඝනවකට්ඨානෙ නිසීදිත්වා තත්ථෙව නිසින්නෙන අත්තනො පාළියා පවාරෙතබ්බං. සඞ්ඝෙන ඝණ්ටිං පහරිත්වා භාජීයමානං වස්සිකසාටිකම්පි අත්තනො පත්තට්ඨානෙ ගහෙතුං වට්ටති.
“පඤ්ච යථාඛුඩ්ඪං” පකතත්ත භික්ෂූන්ද සමග වැඩිමහල් පිළිවෙළින්ම එහෙයින් පාමොක් උදෙසන කල්හි අත්පස හිඳීම වටියි. මහාපච්චරියෙහි වනාහි පෙළට නොඉඳ, පෙළහැර අත්පස නොමුදන්නහු විසින් හිඳියයුතුයයි කියනලදී. පාරිසුද්ධි උපොසථය කරණකල්හි සඞ්ඝනවකස්ථානයෙහි හිඳ, එහිම හුන්නහු විසින් තමන්ගේ පෙළෙහි පාරිසුද්ධි උපොසථය කටයුතුය. පවාරණයෙහිද සඞ්ඝනවකස්ථානයෙහි හිඳ එහිම හුන්නහු විසින් තමන්ගේ පෙළෙහි පැවරිය යුතුය. සඞ්ඝයා විසින් ගෙඩිය ගසා බෙදනු ලබන වැසිසළුවද තමන්ට පැමිණි තන්හිදී ගැණීම වටියි.
ඔණොජනන්ති විස්සජ්ජනං වුච්චති. සචෙ හි පාරිවාසිකස්ස ද්වෙ තීණි උද්දෙසභත්තාදීනි පාපුණන්ති, අඤ්ඤා චස්ස පුග්ගලිකභත්තපච්චාසා හොති, තානි පටිපාටියා ගහෙත්වා “භන්තෙ, හෙට්ඨා ගාහෙථ, අජ්ජ මය්හං භත්තපච්චාසා අත්ථි, ස්වෙ ගණ්හිස්සාමී”ති වත්වා විස්සජ්ජෙතබ්බානි. එවං තානි පුනදිවසෙසු ගණ්හිතුං ලභති. පුනදිවසෙ සබ්බපඨමං එතස්ස දාතබ්බන්ති කුරුන්දියං වුත්තං. යදි පන න ගණ්හාති න විස්සජ්ජෙති, පුනදිවසෙ න ලභති, ඉදං ඔණොජනං නාම පාරිවාසිකස්සෙව ඔදිස්ස අනුඤ්ඤාතං. කස්මා? තස්ස හි සඞ්ඝනවකට්ඨානෙ නිසින්නස්ස භත්තග්ගෙ යාගුඛජ්ජකාදීනි පාපුණන්ති වා න වා, තස්මා සො “භික්ඛාහාරෙන මා කිලමිත්ථා”ති ඉදමස්ස සඞ්ගහකරණත්ථාය ඔදිස්ස අනුඤ්ඤාතං.
“ඔනොජනං”යි අන් දවසට කල්තැබීම කියනු ලැබේ. ඉදින් පරිවාසිකයාහට දෙකක් තුනක් උද්දෙසභත්තාදිය ලැබෙත්නම්, මේ පාරිවාසිකයාගේ අන්‍යවූද, පුග්ගලිකභත්තාදිය පිළිබඳ ප්‍රත්‍යාශාවක් වේද, ඒ බත් ආදිය පිළිවෙළින් ගෙණ ‘ස්වාමීනි’ යට ගැන්වුව මැනැවැ, අද මට භත්තප්රත්යාශාවක් තිබේ, හෙට ගන්නෙමි’යි හැරිය යුතුය. මෙසේ ඒ බත් පුනපුනා දවස්හි ගන්නට ලැබේ. පසුදවසෙහි සියල්ලන්ට පළමුව මොහුට දියයුතුය’යි කුරුන්දියෙහි කියනලදී. ඉදින් නොගණීද, නොහරීද, දෙවන දවසෙහි නොලබන්නේය. මේ ඔනොජනය පාරිවාසිකයාහටම උදෙසා අනුදන්නාලදී. කුමක් හෙයින, යත්:- සඞ්ඝනවකස්ථානයෙහි හුන් ඔහුට වනාහි භත්තාග්රයෙහි කැඳ කැවිලි ආදිය පැමිණෙත් හෝ නොපැමිණෙත් හෝ, එහෙයින් හෙතෙමේ භික්ෂාහාරයෙන් ක්ලාන්ත නොවේවා’යි මෙය මොහුට සඞ්ග්රග කරණු පිණිස උදෙසා අනුදන්නාලදී.
භත්තන්ති ආගතාගතෙහි වුඩ්ඪපටිපාටියා ගහෙත්වා ගන්තබ්බං විහාරෙ සඞ්ඝස්ස චතුස්සාලභත්තං, එතං යථාවුඩ්ඪං ලභති. පාළියා පන ගන්තුං වා ඨාතුං වා න ලභති, තස්මා පාළිතො ඔසක්කිත්වා හත්ථපාසෙ ඨිතෙන හත්ථං පසාරෙත්වා යථා සෙනො නිපතිත්වා ගණ්හාති, එවං ගණ්හිතබ්බං. ආරාමිකසමණුද්දෙසෙහි ආහරාපෙතුං න ලභති. සචෙ සයමෙව ආහරන්ති, වට්ටති. රඤ්ඤො මහාපෙළභත්තෙපි එසෙව නයො. චතුස්සාලභත්තෙ පන සචෙ ඔණොජනං කත්තුකාමො හොති, අත්තනො අත්ථාය උක්ඛිත්තෙ පිණ්ඩෙ “අජ්ජ මෙ භත්තං අත්ථි, ස්වෙ ගණ්හිස්සාමී”ති වත්තබ්බං. පුනදිවසෙ ද්වෙ පිණ්ඩෙ ලභතීති මහාපච්චරියං වුත්තං. උද්දෙසභත්තාදීනිපි පාළිතො ඔසක්කිත්වාව ගහෙතබ්බානි. යත්ථ පන නිසීදාපෙත්වා පරිවිසන්ති, තත්ථ සාමණෙරානං ජෙට්ඨකෙන භික්ඛූනං සඞ්ඝනවකෙන හුත්වා නිසීදිතබ්බං.
“භත්තං” ආ ආවුන් විසින් වැඩිමහලු පිළිවෙළින් ගෙනයායුතු විහාරයෙහි සඞ්ඝයාගේ බොජුන්හලෙහි පිළිවෙළින් දෙන බතය. මෙය මහලු පිළිවෙළින් ලබයි. පෙළෙහි යන්නට හෝ සිටින්නට හෝ නොලබයි. එහෙයින් පෙළින්පහව දායකයාගේ අත්පස සිටියහු විසින් අත දිගුකොට යම්සේ උකුස්සෙක් වැටී ගණීද, එසේ ගතයුතුය. ආරාමයෙහි හෙරණුන් ලවා ගෙන්වා ගැනීම නොලබයි. තුමූම ගෙන එත්නම් වටියි. රජුගේ මහාපෙට්ටියෙහි බතෙහිද මේනයම වේ. පෙර කියූ චතුස්සාල බතෙහි වනාහි ඉදින් හැරදැමීම කරනු කැමැත්තේ වේද, තමන් පිණිස පිස එසවූ කල්හි ‘අද මට බත් තිබේ, හෙට ගන්නෙම්’යි කියයුතුය. පසුදිනයෙහි දෙපිඩක් ලබායයි මහාපච්චරියෙහි කියන ලදී. උද්දෙසභත්තාදියද පෙළින් පහවම ගතයුතුය. යම් තැනෙක්හි හිඳුවා වලඳවදත්ද, එහි හෙරණුන්ට ජ්යෙෂ්ඨකව භික්ෂූන්ට සඞ්ඝනවකව හිඳිය යුතුය.
ඉදානි යා අයං සම්මාවත්තනා වුත්තා, තත්ථ න උපසම්පාදෙතබ්බන්ති උපජ්ඣායෙන හුත්වා න උපසම්පාදෙතබ්බං; වත්තං නික්ඛිපිත්වා පන උපසම්පාදෙතුං වට්ටති. ආචරියෙන හුත්වාපි කම්මවාචා න සාවෙතබ්බා, අඤ්ඤස්මිං අසති වත්තං නික්ඛිපිත්වා සාවෙතුං වට්ටති. න නිස්සයොති ආගන්තුකානං නිස්සයො න දාතබ්බො. යෙහිපි පකතියාව නිස්සයො ගහිතො, තෙ වත්තබ්බා – “අහං විනයකම්මං කරොමි, අසුකත්ථෙරස්ස නාම සන්තිකෙ නිස්සයං ගණ්හථ, මය්හං වත්තං මා කරොථ, මා මං ගාමප්පවෙසනං ආපුච්ඡථා”ති. සචෙ එවං වුත්තෙපි කරොන්තියෙව, වාරිතකාලතො පට්ඨාය කරොන්තෙසුපි අනාපත්ති.
දැන් යම් මේ මනාපැවැත්මෙක් කියන ලදද, එහි න උපසම්පාදෙතබ්බං උපාද්ධ්යායව උපසම්පදා නොකටයුතුය වත බැහැරකොට උපසම්පදා කිරීම වටියි. ආචාර්ය්යවද කර්මවාක්යය නොඇස්විය යුතුය. අනිකකු නැති කල්හි වත නික්ෂෙපකොට ඇස්වීම වටියි. “න නිස්සයො” ආගන්තුකයන්ට නිස නොදියයුතුය. යම් කෙනකුන් විසිනුදු ප්‍රකෘතියෙන්ම නිස ගන්නා ලද්දේ ද, ‘මම විනය කර්මයක් කරමි, අසුවල් තෙරුන් සමීපයෙහි නිස ගණිවු’ මට වත්නොකරවු, මාගෙන් ගම් වැදීම නොවිචාරවු’යි ඔවුන්ට කියයුතුය. ඉදින් මෙසේ කියූ කල්හිද කෙරෙත්ම නම්, වැළකු කලපටන් කරණකල්හිද, ඇවැත් නොවේ.
න සාමණෙරොති අඤ්ඤො සාමණෙරො න ගහෙතබ්බො. උපජ්ඣං දත්වා ගහිතසාමණෙරාපි වත්තබ්බා – “අහං විනයකම්මං කරොමි, මය්හං වත්තං මා කරොථ, මා මං ගාමප්පවෙසනං ආපුච්ඡථා”ති. සචෙ එවං වුත්තෙපි කරොන්තියෙව, වාරිතකාලතො පට්ඨාය කරොන්තෙසුපි අනාපත්ති. භික්ඛුනොවාදකසම්මුති නාම ආධිපච්චට්ඨානභූතාති පටික්ඛිත්තා, තස්මා භික්ඛුසඞ්ඝස්ස වත්තබ්බං – “භන්තෙ, අහං විනයකම්මං කරොමි, භික්ඛුනොවාදකං ජානාථා”ති, පටිබලස්ස වා භික්ඛුස්ස භාරො කාතබ්බො. ආගතා භික්ඛුනියො “සඞ්ඝසන්තිකං ගච්ඡථ, සඞ්ඝො වො ඔවාදදායකං ජානිස්සතී”ති වා “අහං විනයකම්මං කරොමි, අසුකභික්ඛුස්ස නාම සන්තිකං ගච්ඡථ, සො වො ඔවාදං දස්සතී”ති වා වත්තබ්බා.
“න සාමණේරො” අන් හෙරණෙක් නොගත යුතුය. උපාද්ධ්යායාදී ගන්නාලද හෙරණෝද ‘මම විනයකර්මයක් කරමි, මට වත් නොකරවු, මාගෙන් ගම්වැදීම නොවිචාරවු’යි කිය යුත්තාහ. ඉදින් මෙසේ කියන කල්හිත් කෙරෙත්ම නම් වැළකූකල පටන් කරණකල්හිද ඇවැත් නොවේ. “භික්ඛුනොවාදක සම්මුති” භික්ෂුණී අවවාද සම්මුතිය නම් අධිපතිස්ථානභූතයයි ප්රතික්ෂෙප කරණලදී. එහෙයින් භික්ෂුණී සඞ්ඝයාට, ‘ස්වාමීනි’ මම විනයකර්මයක් කරමි, භික්ෂුණී අවවාදකයකු දැනගණිවු’යි කියයුතුය. ප්‍රතිබල භික්ෂුනමක්හට හෝ භාරකටයුතුය. ආවාවූ භික්ෂුණීහු ‘සඞ්ඝයා වෙතට යවු, සඞ්ඝතෙමේ තොපට අවවාද දෙන්නකු දන්නේය’යි හෝ ‘මම විනයකර්මයක් කරන්නෙමි, අසුවල් මහණහු වෙතට යවු, හෙතෙමේ තොපට අවවාද දෙන්නේය’යි කියයුතුය.
සා ආපත්තීති සුක්කවිස්සට්ඨියා පරිවාසෙ දින්නෙ සුක්කවිස්සට්ඨි නාපජ්ජිතබ්බා. අඤ්ඤා වා තාදිසිකාති කායසංසග්ගාදිගරුකාපත්ති. තතො වා පාපිට්ඨතරාති පාරාජිකාපත්ති; සත්තසු හි ආපත්තීසු දුබ්භාසිතාපත්ති පාපිට්ඨා; දුක්කටාපත්ති පාපිට්ඨතරා; දුක්කටාපත්ති පාපිට්ඨා, පාටිදෙසනීයාපත්ති පාපිට්ඨතරාති එවං පාචිත්තියථුල්ලච්චයසඞ්ඝාදිසෙසපාරාජිකාපත්තීසු නයො නෙතබ්බො. තාසං වත්ථූසුපි දුබ්භාසිතවත්ථු පාපිට්ඨං, දුක්කටවත්ථු පාපිට්ඨතරන්ති පුරිමනයෙනෙව භෙදො වෙදිතබ්බො. පණ්ණත්තිවජ්ජසික්ඛාපදෙ පන වත්ථුපි ආපත්තිපි පාපිට්ඨා. ලොකවජ්ජෙ උභයම්පි පාපිට්ඨතරං.
“සා ආපත්ති” සුක්විසටියට පිරිවෙස දුන්කල්හි සුක්විසටියට නොපැමිණිය යුතුය. “අඤ්ඤා වා තාදිසිකා” කායසංසර්ගාදි ගරුකාපත්ති. “තතො වා පාපිට්ඨතරා” පාරාජිකාපත්ති සත්වැදෑරුම් ඇවැත් අතුරෙහි දුර්භාෂිතාපත්ති තොමෝ පාපිෂ්ටය. පාටිදෙසනීයාපත්තිතොමෝ පාපිෂ්ටතරයයි මෙසේ පාචිත්තිය ථුල්ලච්චය සඞ්ඝාදිසෙස පාරාජිකාපත්තීන්හි නය පැමිණවිය යුතුය. ඒ ආපත්තීන්ගේ වස්තූන් අතුරෙහිද දුර්භාෂිතවස්තුව පාපිෂ්ටය. දුක්කටවස්තුව පාපිෂ්ටතරය. පළමු කියූලෙසින් භෙදය දතයුතුය. ප්‍රඥප්තිවද්‍ය ශික්‍ෂාපදයෙහි වනාහි වස්තුවද ආපත්තියද පාපිෂ්ටය. ලොකවද්‍ය ශික්‍ෂාපදයෙහි දෙකම පාපිෂ්ටතරය.
කම්මන්ති පරිවාසකම්මවාචා වුච්චති. තං කම්මං “අකතං දුක්කට”න්තිආදීහි වා “කිං ඉදං කම්මං නාම කසිකම්මං ගොරක්ඛකම්ම”න්තිආදීහි වා වචනෙහි න ගරහිතබ්බං. කම්මිකාති යෙහි භික්ඛූහි කම්මං කතං, තෙ වුච්චන්ති, තෙ “බාලා අබ්යත්තා”තිආදීහි වචනෙහි න ගරහිතබ්බා. න සවචනීයං කාතබ්බන්ති පලිබොධත්ථාය වා පක්කොසනත්ථාය වා සවචනීයං න කාතබ්බං, පලිබොධත්ථාය හි කරොන්තො “අහං ආයස්මන්තං ඉමස්මිං වත්ථුස්මිං සවචනීයං කරොමි, ඉමම්හා ආවාසා එකපදම්පි මා පක්කාමි, යාව න තං අධිකරණං වූපසන්තං හොතී”ති එවං කරොති. පක්කොසනත්ථාය කරොන්තො “අහං තෙ සවචනීයං කරොමි, එහි මයා සද්ධිං විනයධරානං සම්මුඛීභාවං ගච්ඡාමා”ති එවං කරොති; තදුභයම්පි න කාතබ්බං.
“කම්මං” පරිවාසිකකර්ම වාක්‍යය කියනු ලැබේ. ‘ඒ පරිවාසික කර්මය නොකරණ ලද්දේය, වැරදි ලෙසින් කරණ ලද්දේය, යනාදියෙන් හෝ ‘මේ කර්මය කිනම් ද, කෘෂිකර්මයෙක්ද, ගොරක්ෂණ කර්මයෙක්දැ’යි යනාදියෙන් හෝ නොගැරහිය යුතුය. “කම්මිකා” යම් භික්ෂූන් විසින් කර්මය කරණ ලද්දේද, ඒ කර්මය කළාහු කියනු ලැබෙත්. “ඔවුහු අඥයහ, අව්යක්තයහ’යි යනාදි වචනයන්ගෙන් නොගැරහිය යුතුය. “න සච්චනීයං කාතබ්බං” පළිබොධය පිණිස හෝ කැඳවීම පිණිස හෝ දෙස් සහිත වූවක් නොකටයුතුය. පළිබොධය පිණිස කරන්නේ ‘මම මේ වස්තුවෙහි ආයුෂ්මත්හු දොස් සහිතකරමි, මේ ආවාසයෙන් යම්තාක් ඒ අධිකරණය නොසංසිඳුනේද, ඒතාක් එක් පියවරකුදු නොයව’යි මෙසේ කරයි. කැඳවීම පිණිස කරන්නේ ‘මම තම දොස් සහිත වදන් කියමි, එව, මාසමග විනයධරයන්ගේ හමුවට යමු’යි මෙසේ කරයි. ඒ දෙකම නොකටයුතුය.
න අනුවාදොති විහාරෙ ජෙට්ඨකට්ඨානං න කාතබ්බං. පාතිමොක්ඛුද්දෙසකෙන වා ධම්මජ්ඣෙසකෙන වා න භවිතබ්බං. නාපි තෙරසසු සම්මුතීසු එකසම්මුතිවසෙනාපි ඉස්සරියකම්මං කාතබ්බං. න ඔකාසොති “කරොතු මෙ ආයස්මා ඔකාසං, අහං තං වත්තුකාමො”ති එවං පකතත්තස්ස ඔකාසො න කාරෙතබ්බො, වත්ථුනා වා ආපත්තියා වා න චොදෙතබ්බො, “අයං පුබ්බෙ තෙ දොසො”ති න සාරෙතබ්බො. න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති අඤ්ඤමඤ්ඤං යොජෙත්වා කලහො න කාරෙතබ්බො.
“අනුවාදො” විහාරයෙහි පරිවාසිකයා විසින් ප්‍රධාන ස්ථානය නොකටයුතුය. පාමොක් උදෙසන්නකු හෝ දහම් දෙසන්නකු හෝ නොවිය යුතුය. තෙළෙස් සම්මුති අතුරෙහි එක් සම්මුතියකගේ වසයෙන්ද ඓශ්චර්‍ය්‍යය කර්මය නොකටයුතුය. “න ඔකාසො” ආයුෂ්මත් තෙමේ මට අවකාශ කෙරේවාමම යුෂ්මත්හට කියනු කැමැත්තෙමි’යි මෙසේ පකතත්ත භික්ෂුනමක්හට අවකාශ නොකරවිය යුතුය. වස්තුවෙන් හෝ ඇවතින් හෝ චෝදනා නොකටයුතුය. ‘මෙය ආයුෂ්මත්හුගේ පෙර දොසැ’යි පරිවාසිකයා විසින් සිහිනොකරවිය යුතුය. “න භික්ඛූහි සම්පයොජෙතබ්බං” උන් උන් යොදා කලහ නොකරවිය යුතුය.
පුරතොති සඞ්ඝත්ථෙරෙන හුත්වා පුරතො න ගන්තබ්බං, ද්වාදසහත්ථං උපචාරං මුඤ්චිත්වා එකකෙන ගන්තබ්බං. නිසීදනෙපි එසෙව නයො. ආසනපරියන්තොති භත්තග්ගාදීසු සඞ්ඝනවකාසනං වුච්චති; ස්වාස්ස දාතබ්බො, තත්ථ නිසීදිතබ්බං. සෙය්යාපරියන්තොති සෙය්යානං පරියන්තො, සබ්බලාමකං මඤ්චපීඨං. අයඤ්හි වස්සග්ගෙන අත්තනො පත්තට්ඨානෙ සෙය්යං ගහෙතුං න ලභති. සබ්බභික්ඛූහි විචිනිත්වා ගහිතාවසෙසා මඞ්කුලගූථභරිතා වෙත්තලතාදිවිනද්ධා ලාමකසෙය්යා අස්ස දාතබ්බා. විහාරපරියන්තොති යථා ච සෙය්යා, එවං වසනආවාසොපි වස්සග්ගෙන අත්තනො පත්තට්ඨානෙ තස්ස න වට්ටති. සබ්බභික්ඛූහි විචිනිත්වා ගහිතාවසෙසා පන රජොහතභූමි ජතුකමූසිකභරිතා පණ්ණසාලා අස්ස දාතබ්බා. සචෙ පකතත්තා සබ්බෙ රුක්ඛමූලිකා අබ්භොකාසිකා ච හොන්ති, ඡන්නං න උපෙන්ති, සබ්බෙපි එතෙහි විස්සට්ඨාවාසා නාම හොන්ති. තෙසු යං ඉච්ඡති, තං ලභති. වස්සූපනායිකදිවසෙ පච්චයං එකපස්සෙ ඨත්වා වස්සග්ගෙන ගණ්හිතුං ලභති. සෙනාසනං න ලභති, නිබද්ධවස්සාවාසිකං සෙනාසනං ගණ්හිතුකාමෙන වත්තං නික්ඛිපිත්වා ගහෙතබ්බං.
“පුරතො” සඞ්ඝස්ථවිරව ඉදිරියෙහි නොයා යුතුය. දොළොරියනක් උපචාරය මුදා එකලාව යායුතුය. හිදීමෙහි ද මෙම නයවේ. “ආසනපරියන්තො” භත්තග්රාදියෙහි සඞ්ඝනවකාසනය කියනු ලැබේ. ඒ ආසනය මේ පාරවාසිකයාහට දියයුතුය. එහි හිඳිය යුතුය. “සෙය්යාපරියන්තො” යහන් කෙළවර. සියලු ලාමක ඇඳපුටු මෙතෙමේ වනාහි වස්ගණනින් තමන්ට ලැබුනු තැන හිඳීම නොලබයි. සියලු භික්ෂූන් විසින් තෝරා ගන්නාලද ඉතිරිවූ මකුණු ගූථයෙන් භරිත වූ වේවැල් ආදියෙන් වියන ලද ලාමක ඇඳක්ම මොහුට දියයුතුය. “විහාරපරියන්තො” සෙය්යොතොමෝ යම්සේද, වඩින ආවාසයද මෙසේ වස් ගණනින් තමන්ට ලැබුනු තැන මොහුට නොවටියි. සියලු භික්ෂූන් විසින් තෝරා ගැණීමෙන් ඉතිරිවූ දූවිල්ලෙන් ගැවසුනු බිම ඇති ලහටුවෙන් හා මීයන්ගෙන් හරිතවූ පන්සලක් මොහුට දියයුතුය. ඉදින් පකතන්ත වූ සියල්ලෝ වෘක්ෂ මූලිකයෝත් අභ්යවකාශිකයෝත් වෙත්ද, සෙවෙනි කළ තැනකට නොපැමිණෙත්ද මොවුන් විසින් සියලුම ආවාසයෝ හරණ ලද්දාහුම වෙත්. ඒ ආවාසයන් අතුරෙහි යම් සෙනසුනක් කැමැතිවේනම් ඒ ලබයි. වස් එළඹෙන දිනයෙහි සියලු සිවුරු පෙළහැර මහණුන්ගේ පසු පස සිට වස්ගණනින් ගැණීම ලබයි. සෙනසුනක් නොලබයි. නිබඳ වස්වසන සෙනසුනක් ගනු කැමැත්තහු විසින් වත නික්ෂෙපකොට ගතයුතුය.
තෙන ච සො සාදිතබ්බොති යං අස්ස ආසනාදිපරියන්තං භික්ඛූ දෙන්ති, සො එව සාදිතබ්බො. පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වාති ඤාතිපවාරිතට්ඨානෙ “එත්තකෙ භික්ඛූ ගහෙත්වා ආගච්ඡථා”ති නිමන්තිතෙන “භන්තෙ, අසුකං නාම කුලං භික්ඛූ නිමන්තෙසි, එථ තත්ථ ගච්ඡාමා”ති එවං සංවිධාය භික්ඛූ පුරෙසමණෙ වා පච්ඡාසමණෙ වා කත්වා න ගන්තබ්බං. “භන්තෙ, අසුකස්මිං නාම ගාමෙ මනුස්සා භික්ඛූනං ආගමනං ඉච්ඡන්ති, සාධු වතස්ස සචෙ තෙසං සඞ්ගහං කරෙය්යාථා”ති එවං පන පරියායෙන කථෙතුං වට්ටති.
“තෙන ච සො සාදිතබ්බො” භික්ෂූහු මේ පරිවාසිකයාහට යහන් ආදියෙහි කෙළවර තුබූ යම් සෙනසුනක් දෙත්ද, ඒ සෙනසුනම ඉවසිය යුතුය. “පුරෙ සමණෙන වා පච්ඡාසමණෙනවා” නෑයන් විසින් පැවරූ තන්හි ‘මෙතෙක් භික්ෂූන් ගෙන වඩිනු මැනැවැ’යි පවරණ ලද්දහු විසින් ‘ස්වාමීනි’ අසුවල් කුලය භික්ෂූන්ට ආරාධනා කළේය. එවු, එහි යමු’යි මෙසේ සංවිධානකොට භික්ෂූන්ගේ ඉදිරියෙහි ශ්රමණයන් හෝ පසුව ශ්රමණයන් හෝ කොට නොයායුතුය. ‘ස්වාමීනි’ අසුවල් නම් ගමෙහි මනුෂ්‍යයෝ භික්ෂූන්ගේ ඊම කැමැති වෙති. ඔවුන්ට සඞ්ග්‍රහ කරන්නහු නම් ඒකාන්තයෙන් මැනැවැ’යි මෙසේ පරියායයෙන් කීම වටියි.
න ආරඤ්ඤිකඞ්ගන්ති ආගතාගතානං ආරොචෙතුං හරායමානෙන ආරඤ්ඤිකධුතඞ්ගං න සමාදාතබ්බං. යෙනාපි පකතියා සමාදින්නං, තෙන දුතියං භික්ඛුං ගහෙත්වා අරඤ්ඤෙ අරුණං උට්ඨාපෙතබ්බං, න ච එකකෙන වත්ථබ්බං. තථා භත්තග්ගාදීසු ආසනපරියන්තෙ නිසජ්ජාය හරායමානෙන පිණ්ඩපාතිකධුතඞ්ගම්පි න සමාදාතබ්බං. යො පන පකතියාව පිණ්ඩපාතිකො තස්ස පටිසෙධො නත්ථි.
“න ආරඤ්ඤිකඞ්ගං” ආ ආවුන්ට සැලකිරීමට ලජ්ජිත වන්නහු විසින් ආරණ්‍යක ධුතාඞ්ගය සමාදන් නොවිය යුතුය. යමකු විසින් ප්‍රකෘතියෙන් සමාදන් වන ලද්දේ ද, ඔහු විසින් දෙවන මහණක්හු ගෙණ අරණ්‍යයෙහි අරුණ නැන්විය යුතුය. එකලාව නොවිසිය යුතුය. එසේ භන්තාග්රාදියෙහි කෙළවර අසුනෙහි හිඳීමට ලජ්ජිත වන්නහු විසින් පිණ්ඩපාතිකධුතාඞ්ගය සමාදන් නොවිය යුතුය. යමෙක් වනාහි ප්‍රකෘතියෙන්ම පිණ්ඩපාතිකවේද, ඔහුට ප්රතිෂෙධයෙක් නැත්තේය.
න ච තප්පච්චයාති “නීහටභත්තො හුත්වා විහාරෙයෙව නිසීදිත්වා භුඤ්ජන්තො රත්තියො ගණයිස්සාමි, ගච්ඡතො මෙ භික්ඛුං දිස්වා අනාරොචෙන්තස්ස රත්තිච්ඡෙදො සියා”ති ඉමිනා කාරණෙන පිණ්ඩපාතො න නීහරාපෙතබ්බො. මා මං ජානිංසූති “මා මං එකභික්ඛුපි ජානාතූ”ති ච ඉමිනා අජ්ඣාසයෙන විහාරෙ සාමණෙරෙහි පචාපෙත්වා භුඤ්ජිතුම්පි න ලභති. ගාමං පිණ්ඩාය පවිසිතබ්බමෙව. ගිලානස්ස පන නවකම්මආචරියුපජ්ඣායකිච්චාදිපසුතස්ස වා විහාරෙයෙව අච්ඡිතුං වට්ටති. සචෙපි ගාමෙ අනෙකසතා භික්ඛූ විචරන්ති, න සක්කා හොති ආරොචෙතුං, ගාමකාවාසං ගන්ත්වා සභාගට්ඨානෙ වසිතුං වට්ටති.
“තප්පච්චයා” ගෙණෙන ලද බත් ඇත්තේ විහාරයෙහිම හිඳ වළඳමින් රාත්‍රීන් ගණන් කරන්නෙමි, යන කල්හි මහණුන් දැක ආරොචනය නොකරන්නාවූ මාගේ රාත්රිච්ඡෙදය වන්නේයයි මේ කාරණයෙන් පිණ්ඩපාතය නොගෙන්විය යුත්තේය. “මා මං ජානිංසු” ‘එක් මහණෙක් ද මා නොදනීවා’යි මේ අදහසින් විහාරයෙහි හෙරණුන් ලවා පිසවාගෙණ වැලඳීමද නොලබයි. පිඬු පිණිස ගමට පිවිසිය යුතුමය ගිලනහු විසින්ද නවකර්මාන්ත ආචාර්ය්ය උපාද්ධ්‍යාය කෘත්යායෙහි යෙදුනහු විසින්ද, විහාරයෙහිම ඉඳීම වටියි. ඉදින් ගමෙහි නොයෙක් සියගණන් භික්ෂූහු හැසිරෙත් නම්, ආරොචනය කරන්නට නොහැකිවේ නම්, ගමෙහි ආවාසයකට ගොස් සභාගස්ථානයෙක විසිය යුතුය.
ආගන්තුකෙනාති කඤ්චි විහාරං ගතෙන තත්ථ භික්ඛූනං ආරොචෙතබ්බං. සචෙ සබ්බෙ එකට්ඨානෙ ඨිතෙ පස්සති, එකට්ඨානෙ ඨිතෙනෙව ආරොචෙතබ්බං. අථ රුක්ඛමූලාදීසු විසුං විසුං ඨිතා හොන්ති, තත්ථ තත්ථ ගන්ත්වා ආරොචෙතබ්බං. සඤ්චිච්ච අනාරොචෙන්තස්ස රත්තිච්ඡෙදො ච හොති, වත්තභෙදෙ ච දුක්කටං. අථ විචිනන්තො එකච්චෙ න පස්සති, රත්තිච්ඡෙදොව හොති, න වත්තභෙදදුක්කටං.
“ආගන්තුකෙන” කිසි වෙහෙරකට ගියහු විසින් එහි භික්ෂූන්ට ආරොචනය කටයුතුය. එත්තැනක සිටි සියල්ලන් දකීද, එක් තැනක සිටියහු විසින්ම ආරොචනය කටයුතුය. එකල්හි රුක්මුල් ආදීන්හි වෙන් වෙන්ව සිටියාහු වෙත්ද, ඒ ඒ තැන ගොස් ආරොචනය කටයුතුය. සිතා දැන ආරෝචනය නොකරන්නහුට රාත්රිච්ඡෙදයද වේ. වත්තභෙදයෙහි දුක්කටයද වේ. එකල්හි සොයන්නේ සමහරුන් නොදකීද, රාත්රිච්ඡෙදයම වේ. වත්තභෙදයෙහි දුක්කටය නොවේ.
ආගන්තුකස්සාති අත්තනො වසනවිහාරං ආගතස්සාපි එකස්ස වා බහූනං වා වුත්තනයෙනෙව ආරොචෙතබ්බං . රත්තිච්ඡෙදවත්තභෙදාපි චෙත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බා. සචෙ ආගන්තුකා මුහුත්තං විස්සමිත්වා වා අවිස්සමිත්වා එව වා විහාරමජ්ඣෙන ගච්ඡන්ති, තෙසම්පි ආරොචෙතබ්බං. සචෙ තස්ස අජානන්තස්සෙව ගච්ඡන්ති, අයඤ්ච පන ගතකාලෙ ජානාති, ගන්ත්වා ආරොචෙතබ්බං. සම්පාපුණිතුං අසක්කොන්තස්ස රත්තිච්ඡෙදොව හොති, න වත්තභෙදදුක්කටං. යෙපි අන්තොවිහාරං අප්පවිසිත්වා උපචාරසීමං ඔක්කමිත්වා ගච්ඡන්ති, අයඤ්ච නෙසං ඡත්තසද්දං වා උක්කාසිතසද්දං වා ඛිපිතසද්දං වා සුත්වාව ආගන්තුකභාවං ජානාති, ගන්ත්වා ආරොචෙතබ්බං . ගතකාලෙ ජානන්තෙනපි අනුබන්‍ධිත්‍වා ආරොචෙතබ්බමෙව. සම්පාපුණිතුං අසක්කොන්තස්ස රත්තිච්ඡෙදොව හොති, න වත්තභෙදදුක්කටං. යොපි රත්තිංයෙව ආගන්ත්වා රත්තිංයෙව ගච්ඡති, සොපිස්ස රත්තිච්ඡෙදං කරොති, අඤ්ඤාතත්තා පන වත්තභෙදදුක්කටං නත්ථි. සචෙ අජානිත්වාව අබ්භානං කරොති, අකතමෙව හොතීති කුරුන්දියං වුත්තං. තස්මා අධිකා රත්තියො ගහෙත්වා කාතබ්බං, අයං අපණ්ණකපටිපදා.
“ආගන්තුකස්ස” තමන් වසන විහාරයට ආවාවූද එකක්හට හෝ බොහෝ දෙනකුන්ට හෝ කියූනයින්ම ආරොචනය කටයුතුය. මෙහි රාත්රිච්ඡෙදවත්තභෙදයෝ කියූනයින්ම දතයුත්තාහ. ආගන්තුකයෝ මොහොතක් විඩා හැර හෝ විඩා නොහැරම හෝ වෙහෙර මැදින් යෙත්නම් ඔවුන්ටද ආරොචනය කටයුතුය. ඔහු නොදන්නා කල්හිම යෙත්නම් ගිය කල්හි මෙතෙමේ දනීද, ගොස් ආරොචනය කටයුතුය. පැමිණෙන්ට නොහැකිවූවහුට රාත්රිච්ඡෙදයම වේ. වතබිදීමෙහි දුක්කටය නොවේ. යම් කෙනෙක් විහාරයතුළට නොපිවිස උපචාර සීමාවට බැසයෙත්ද, මෙතෙමේ ඒ ආගන්තුකයන්ගේ ඡත්‍ර ශබ්දය හෝ කෑරීම් හඬ හෝ කිමිසිලිහඬ හෝ අසාම ආගන්තුකභාවය දනීද, ගොස් ආරොචනය කටයුතුය. ගිය කල්හි දන්නහු විසිනුදු ලුහුබැඳ ගොස් ආරොචනය කටයුතුමය. පැමිණෙන්නට නොහැක්කහුට රාත්රිච්ඡෙදයම වේ. වත්බිඳීමෙහි දුක්කටය නොවේ. යම් ආගන්තුකයෙක් තෙමේ රෑ අවුත් රාත්රියෙහිමයේද, හෙතෙමේද මේ පාරවාසිකයාහට රාත්රිච්ඡෙදය කරයි. නොදත්බැවින් වතබිඳීමෙහි දුක්කටයෙක් නැත්තේය. ඉදින් නොදැනම අබ්හානය කෙරේනම් නොකරණ ලද්දේමයයි කුරුන්දියෙහි කියනලදී. එහෙයින් වැඩිරාත්රිහු ගෙණ කටයුතු යන මෙය අවිරුද්ධප්රතිපදා තොමෝය.
නදීආදීසු නාවාය ගච්ඡන්තම්පි පරතීරෙ ඨිතම්පි ආකාසෙන ගච්ඡන්තම්පි පබ්බතතලඅරඤ්ඤාදීසු දූරෙ ඨිතම්පි භික්ඛුං දිස්වා සචෙ “භික්ඛූ”ති වවත්‍ථානං අත්ථි, නාවාදීහි වා ගන්ත්වා මහාසද්දං කත්වා වා වෙගෙන අනුබන්‍ධිත්‍වා වා ආරොචෙතබ්බං, අනාරොචෙන්තස්ස රත්තිච්ඡෙදො චෙව වත්තභෙදදුක්කටඤ්ච. සචෙ වායමන්තොපි සම්පාපුණිතුං වා සාවෙතුං වා න සක්කොති, රත්තිච්ඡෙදොව හොති, න වත්තභෙදදුක්කටං. සඞ්ඝසෙනාභයත්ථෙරො පන විසයාවිසයෙන කථෙති – “විසයෙ කිර අනාරොචෙන්තස්ස රත්තිච්ඡෙදො චෙව වත්තභෙදදුක්කටඤ්ච හොති, අවිසයෙ පන උභයම්පි නත්ථී”ති. කරවීකතිස්සත්ථෙරො “සමණො අයන්ති වවත්ථානමෙව පමාණං, සචෙපි අවිසයො හොති, වත්තභෙදදුක්කටමෙව නත්ථි, රත්තිච්ඡෙදො පන හොතියෙවා”ති ආහ.
නදී ආදියෙහි නැවෙන් යන්නාවූද එතෙර සිටියාවූද අහසෙහි යන්නාවූද පර්වතස්ථල, අරණ්‍යාදියෙහි දුරසිටියාවූද මහණකු දැක, මහණෙකැයි නියමකර ගැණීමක් ඇත්තේද නැව් ආදියෙන් හෝ ගොස් මහහඬකොට හෝ ගොස් වේගයෙන් ලුහුබැදගොස් හෝ ආරොචනය කටයුතුය. ආරොචනය නොකරන්නහුට රාත්රිච්ඡෙදයද, වත බිඳීමේ දුක්කටයද වේ. ව්‍යායාම කරන්නේද, පැමිණෙන්නට හෝ අස්වන්නට හෝ නොහැකිවේද, රාත්රිච්ඡෙදයම වේ. වතබිඳීමෙහි දුක්කටය නොවේ. සඞ්ඝසෙනාභය ස්ථවිර තෙමේ වනාහි විෂය අවිෂය භාවයෙන් කියයි. කළහැකි තන්හි වනාහි ආරොචනය නොකරන්නහුට රාත්රිච්ඡෙදයද වතබිඳීමෙහි දුක්කටය වේ. නොකළහැකිතන්හි රාත්රිච්ඡෙදය හා වතබිඳීමෙහි දුක්කටයද යන දෙකම නැත්තේය’යි කීයේය. කරවීකතිස්ස ස්ථවිරතෙමේ ‘මේ ශ්‍රමණයෙකැ’යි නියමකොට ගැණීමම ප්‍රමාණය. ඉදිනුදු නොකළහැකිවේද, වත බිඳීමෙහි දුක්කටය පමණක්ම නැත්තේය. රාත්රිච්ඡෙදය වේමැ’යි කීයේය.
උපොසථෙති “උපොසථං සම්පාපුණිස්සාමා”ති ආගන්තුකා භික්ඛූ ආගච්ඡන්ති, ඉද්ධියා ගච්ඡන්තාපි උපොසථභාවං ඤත්වා ඔතරිත්වා උපොසථං කරොන්ති, තස්මා ආගන්තුකසොධනත්ථං උපොසථදිවසෙ ආරොචෙතබ්බං. පවාරණායපි එසෙව නයො. ගිලානොති ගන්තුං අසමත්ථො. දූතෙනාති එත්ථ අනුපසම්පන්නං පෙසෙතුං න වට්ටති, භික්ඛුං පෙසෙත්වා ආරොචාපෙතබ්බං.
“උපොසථෙ” උපොසථයට පැමිණෙන්නෙමු’යි ආගන්තුක භික්ෂූහු පැමිණෙත්ද, සෘද්ධියෙන් යන්නාහුද උපොසථභාවය දැන බැස උපොසථය කෙරෙත්ද, එහෙයින් ආගන්තුකයන්ගේ ශොධනය පිණිස උපොසථදිනයෙහි ආරොචනය කටයුතුය. පවාරණයෙහිද මෙම නයවේ. “ගිලානො” යන්නට අසමර්ත්ථ වූයේය. “දූතෙන” මෙහි අනුපසම්පන්නයකු යැවීම සුදුසු නොවේ. මහණකු යවා ආරොචනය කරවිය යුතුය.
අභික්ඛුකො ආවාසොති සුඤ්ඤවිහාරො; යත්ථ එකොපි භික්ඛු නත්ථි, තත්ථ වාසත්ථාය න ගන්තබ්බං. න හි තත්ථ වුත්ථරත්තියො ගණනූපිකා හොන්ති, පකතත්තෙන පන සද්ධිං වට්ටති. දසවිධන්තරායෙ පන සචෙපි රත්තියො ගණනූපිකා න හොන්ති, අන්තරායතො පරිමුච්චනත්ථාය ගන්තබ්බමෙව. තෙන වුත්තං – “අඤ්ඤත්ර අන්තරායා”ති. නානාසංවාසකෙහි සද්ධිං විනයකම්මං කාතුං න වට්ටති. තෙසං අනාරොචනෙපි රත්තිච්ඡෙදො නත්ථි, අභික්ඛුකාවාසසදිසමෙව හොති. තෙන වුත්තං – “යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා”ති. සෙසං උපොසථක්ඛන්ධකෙ වුත්තනයමෙව.
“අභික්ඛුකො ආවසො” ශුන්‍ය විහාරය යම්තැනෙක එක් මහණෙක්වත් නැත්තේද එහි විසීම පිණිස නොයා යුතුය. එහි විසූ රාත්‍රීහු ගණනට නොපැමිණෙත් පකතත්ත භික්ෂුනමක් සමග විසීම වටියි. දසවිධ අන්තරාය ඇති කල්හි රාත්‍රීහු ගණනට නොපැමිණෙත්ද, අන්තරායෙන් මිදෙනු පිණිස යායුතුමය. “අඤ්ඤත්ර අන්තරායා” යනු එහෙයින් වදාරණ ලදී. ත්රිවිධනානාසංවාසකයන් සමග විනයකර්ම කිරීම සුදුසු නොවේ. ඒ නානාසංවාසකයන්ට ආරොචනය නොකිරීමෙහිද රාත්රිච්ඡෙදයක් නැත්තේය. භික්ෂූන් නැති ආවාසය සමානම වේ. “යත්ථස්සු” “භික්ඛූ නානාසංවාසකා”යි එහෙයින් වදාරණ ලදී. සෙස්ස උපොසථක්ඛන්ධයෙහි කියූනය ඇත්තේමය.
එකච්ඡන්නෙ ආවාසෙතිආදීසු ආවාසො නාම වසනත්ථාය කතසෙනාසනං. අනාවාසො නාම චෙතියඝරං බොධිඝරං සම්මුඤ්ජනිඅට්ටකො දාරුඅට්ටකො පානීයමාළො වච්චකුටි ද්වාරකොට්ඨකොති එවමාදි. තතියපදෙන තදුභයම්පි ගහිතං. එතෙසු යත්ථ කත්ථචි එකච්ඡන්නෙ ඡදනතො උදකපතනට්ඨානපරිච්ඡින්නෙ ඔකාසෙ උක්ඛිත්තකො වසිතුං න ලභති. “පාරිවාසිකො පන අන්තොආවාසෙයෙව න ලභතී”ති මහාපච්චරියං වුත්තං. මහාඅට්ඨකථායං පන “අවිසෙසෙන උදකපාතෙන වාරිත”න්ති වුත්තං. කුරුන්දියං “එතෙසු එත්තකෙසු පඤ්චවණ්ණච්ඡදනබද්ධට්ඨානෙසු පාරිවාසිකස්ස ච උක්ඛිත්තකස්ස ච පකතත්තෙන සද්ධිං උදකපාතෙන වාරිත”න්ති වුත්තං. තස්මා නානූපචාරෙපි එකච්ඡන්නෙ න වට්ටති. සචෙ පනෙත්ථ තදහුපසම්පන්නෙපි පකතත්තෙ පඨමං පවිසිත්වා නිපන්නෙ සට්ඨිවස්සොපි පාරිවාසිකො පච්ඡා පවිසිත්වා ජානන්තො නිපජ්ජති, රත්තිච්ඡෙදො චෙව වත්තභෙදදුක්කටඤ්ච. අජානන්තස්ස රත්තිච්ඡෙදොව න වත්තභෙදදුක්කටං. සචෙ පන තස්මිං පඨමං නිපන්නෙ පච්ඡා පකතත්තො පවිසිත්වා නිපජ්ජති, පාරිවාසිකො ච ජානාති, රත්තිච්ඡෙදො චෙව වත්තභෙදදුක්කටඤ්ච. නො චෙ ජානාති, රත්තිච්ඡෙදොව න වත්තභෙදදුක්කටං.
“එකච්ඡන්නෙ ආවාසෙ” යනාදිතන්හි ආවාස නම් විසීම පිණිස කළ සෙනාසනයයි. අනාවාස නම් චෛත්‍යගෘහය, බොධිගෘහය, මුසුන් තබන අටල්ලය. දැව තබන අටල්ලය, පැන්මලුව වැසිකිළිය දොරකොටුවය යන මේ ආදිය තෙවන පදයෙන් ඒ ආවාස-අනාවාස දෙකම ගන්නා ලද්දේය. මේ ආවාස-අනාවායෙක සෙවනියෙන් දිය වැටෙන තැනින් පිරිසිඳින ලද අවකාශයෙහි උක්ඛිත්තකතෙමේ විසීම නොලබයි. පාරිවාසික තෙමේ වනාහි අවාසය තුළම විසිම නොලබායි. මහාපච්චරියෙහි කියනලදී. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි විශේෂයක් නොතබා පාරිවාසික උක්ඛිත්තකයන්ට දියවැටෙන තැනින් වළකන ලදැයි කියනලදී. කුරුන්දියෙහි මෙපමණ මේ පස්පැහැති සෙවෙනි බැඳි තැන්හි පාරිවාසිකයාගේද උක්ඛිත්තකයාගේද පකතත්ත මහණකු සමග පැමිණීම වළකන ලදැයි කියනලදී. එහෙයින් නොයෙක් උපචාර ඇති එක් සෙවෙනියෙහි නොවටියි. එහෙයින් මෙහි එදවස උපසපන්වූ පකතත්තයකු පළමුව පැමිණ, හොත් කල්හි සෑම වයස් ඇත්තාවූද පාරිවාසිකයෙක් තෙමේ පසුව පිවිස, දන්නේ හොවීද, රාත්රිච්ඡෙදයද වත බිඳීමෙහි දුක්කටයද වේ. නොදන්නහුට රාත්රිච්ඡෙදය වේ. වතබිදීමෙහි දුක්කටය නොවේ. ඒ පරිවාසිකයා පළමුව හොත්කල්හි පසුව පකතත්ත තෙමේ පිවිස හොවීද, පාරිවාසික තෙමේත් එබව දනීනම් රාත්රිච්ඡෙදයද වතබිදීමෙහි දුක්කටයද වේ. නොදනීනම් රාත්රිච්ඡෙදයම වේ. වතබිඳීමෙහි දුක්කටය නොවේ.
වුට්ඨාතබ්බං නිමන්තෙතබ්බොති තදහුපසම්පන්නම්පි දිස්වා වුට්ඨාතබ්බමෙව; වුට්ඨාය ච “අහං ඉමිනා සුඛනිසින්නො වුට්ඨාපිතො”ති පරම්මුඛෙන න ගන්තබ්බං, “ඉදං ආචරිය-ආසනං, එත්ථ නිසීදථා”ති එවං නිමන්තෙතබ්බොයෙව. නවකෙන පන “මහාථෙරං ඔබද්ධං කරොමී”ති පාරිවාසිකත්ථෙරස්ස සන්තිකං න ගන්තබ්බං. එකාසනෙති සමානවස්සිකාසනෙ මඤ්චෙ වා පීඨෙ වා . න ඡමායං නිසින්නෙති පකතත්තෙ භූමියං නිසින්නෙ ඉතරෙන අන්තමසො තිණසන්ථාරෙපි උච්චතරෙ වාලිකාතලෙපි වා න නිසීදිතබ්බං, ද්වාදසහත්ථං පන උපචාරං මුඤ්චිත්වා නිසීදිතුං වට්ටති. එකචඞ්කමෙති සහායෙන විය සද්ධිං චඞ්කමන්තො එකස්මිං චඞ්කමෙ.
“වුට්ඨාතබ්බං නිමන්තෙතබ්බො” එදවස උපසපන්වූවකු නමුදු දැක නැගිට්ට වියයුතුය. ‘මම සුවසේ හුන්නෙමි, මොහු විසින් නැගිටුවන ලද්දෙමි’යි පිටුපා නොයා යුතුය. ‘ආචාර්ය්ය’ මේ ආසනයයි මෙහි හිඳිනු මැනැවැ’යි මෙසේ පැවරිය යුත්තේමය. නවකයා විසින් වනාහි මහතෙරහු පෙළීම කරමි’යි පාරිවාසික ස්ථවිරයන්ගේ සමීපයට නොයා යුතුය. “එකාසනෙ” සමාන වයස් ඇතියන්ගේ ආසනයවූ ඇඳක හෝ පුටුවක හෝ “ඡමාය නිසින්නෙ” පකතත්තයකු බිමහුන් කල්හි අන්‍යවූ පාරිවාසිකයා විසින් යටත් පිරිසයින් තණ ඇතිරියෙහිද ඉතා උස්වූ වැලිතෙලෙක්හි හෝ නොහිඳිය යුතුය. දොළොස්රියනක් පමණ උපචාරය මුදා හිඳිය යුතුය. “එකචඞ්කමෙ” යහළුවකු සමග මෙන් එක්සක්මනෙක්හි සක්මන් කරන්නේ.
ඡමායං චඞ්කමන්තන්ති ඡමායං චඞ්කමන්තෙ, අයමෙව වා පාඨො. අයං පනෙත්ථ අත්ථො – අකතපරිච්ඡෙදාය භූමියා චඞ්කමන්තෙ පරිච්ඡෙදං කත්වා වාලිකං ආකිරිත්වා ආලම්බනං යොජෙත්වා කතචඞ්කමෙ නීචෙපි න චඞ්කමිතබ්බං, කො පන වාදො ඉට්ඨකාචයසම්පන්නෙ වෙදිකාපරික්ඛිත්තෙති! සචෙ පන පාකාරපරික්ඛිත්තො හොති ද්වාරකොට්ඨකයුත්තො පබ්බතන්තරවනන්තරගුම්බන්තරෙසු වා සුප්පටිච්ඡන්නො, තාදිසෙ චඞ්කමෙ චඞ්කමිතුං වට්ටති. අප්පටිච්ඡන්නෙපි උපචාරං මුඤ්චිත්වා වට්ටති.
“ජමාය චඞ්කමන්නො” පොළොවෙහි සක්මන් කරණ කල්හි මේ පාඨයම වේ. මේ මෙහි අර්ත්ථයයි. නොකළ පිරිසිඳීම් ඇති බිමැ පකතත්ත මහණහු සක්මන් කරන කල්හි පිරිසිඳීම කොට වැලි අතුරා එල්බෙන පුවරු කඩක් යොදා පහත්වූද සක්මනෙහි සක්මන් නොකටයුතුය. ගඩොල් ඇතිරීමෙන් යුත් වේදිකාවෙන් වටකරණලද සක්මනෙහි කියනුකිම, ඉදින් සක්මන පවුරෙන් වටකරණ ලද්දේවේද, දොරකොටුවෙන් යුක්තවේද පර්වත අතර වන අතර ලැහැබ් අතර හෝ මොනවට වැසී සිටියේද, එබඳු සක්මනෙහි සක්මන් කිරීම වරද නැත. නොවැසුනු සක්මනෙහිද උපචාරය මුදා සක්මන් කිරීම සුදුසු වේ.
වුඩ්ඪතරෙනාති එත්ථ සචෙ වුඩ්ඪතරෙ පාරිවාසිකෙ පඨමං නිපන්නෙ ඉතරො ජානන්තො පච්ඡා නිපජ්ජති, රත්තිච්ඡෙදො චස්ස හොති වත්තභෙදෙ ච දුක්කටං. වුඩ්ඪතරස්ස පන රත්තිච්ඡෙදොව න වත්තභෙදදුක්කටං. අජානිත්වා නිපජ්ජති, ද්වින්නම්පි වත්තභෙදො නත්ථි, රත්තිච්ඡෙදො පන හොති. අථ නවකපාරිවාසිකෙ පඨමං නිපන්නෙ වුඩ්ඪතරො පච්ඡා නිපජ්ජති, නවකො ච ජානාති, රත්ති චස්ස ඡිජ්ජති, වත්තභෙදෙ ච දුක්කටං හොති. වුඩ්ඪතරස්ස රත්තිච්ඡෙදොව න වත්තභෙදො. නො චෙ ජානාති, ද්වින්නම්පි වත්තභෙදො නත්ථි, රත්තිච්ඡෙදො පන හොති. සචෙ ද්වෙපි අපච්ඡාපුරිමං නිපජ්ජන්ති, වුඩ්ඪතරස්ස රත්තිච්ඡෙදොව ඉතරස්ස වත්තභෙදොපීති කුරුන්දියං වුත්තං. ද්වෙ පාරිවාසිකා සමවස්සා, එකො පඨමං නිපන්නො, එකො ජානන්තොව පච්ඡා නිපජ්ජති, රත්ති ච ඡිජ්ජති, වත්තභෙදෙ ච දුක්කටං. පඨමං නිපන්නස්ස රත්තිච්ඡෙදොව න වත්තභෙදො. සචෙ පච්ඡා නිපජ්ජන්තොපි න ජානාති, ද්වින්නම්පි වත්තභෙදො නත්ථි, රත්තිච්ඡෙදො පන හොති. සචෙ ද්වෙපි අපච්ඡාපුරිමං නිපජ්ජන්ති, ද්වින්නම්පි රත්තිච්ඡෙදොයෙව, න වත්තභෙදො. සචෙ හි ද්වෙ පාරිවාසිකා එකතො වසෙය්යුං, තෙ අඤ්ඤමඤ්ඤස්ස අජ්ඣාචාරං ඤත්වා අගාරවා වා විප්පටිසාරිනො වා හුත්වා පාපිට්ඨතරං වා ආපත්තිං ආපජ්ජෙය්යුං විබ්භමෙය්යුං වා, තස්මා නෙසං සහසෙය්යා සබ්බප්පකාරෙන පටික්ඛිත්තා. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං. මූලායපටිකස්සනාරහාදයො චෙත්ථ පාරිවාසිකානං පකතත්තට්ඨානෙ ඨිතාති වෙදිතබ්බා.
“වුඩ්ඪතරෙන” මෙහි ඉතාමහලු වූ පාරිවාසිකයා පළමුකොට හොත් එහි අන්‍යයා දන්නේ පසුව හොවීද මොහුට රාත්රිච්ඡෙදයද වත බිඳීමෙහි දුක්කටයද වේ. වෘද්ධතරයාහට රාත්රිච්ඡෙදයම වේ. වතබිඳීමෙහි දුක්කටය නොවේ. නොදැන හොවීනම් දෙදෙනාහටම වතබිඳීමෙක් නැත්තේය. රාත්රිච්ඡෙදය වේ. නැවැත නවක පාරිවාසිකයා පළමුකොට හොත්කල්හි වෘද්ධතරතෙමේ පසුව හොවීනම් නවකතෙමේත් දනීද, මොහුට රාත්රියද සිඳේ. වතබිඳීමෙහි දුක්කටයද වේ. වෘද්ධතරයාහට රාත්රිච්ඡෙදයම වේ. වතබිඳීම නොවේ. නොදනීනම් දෙදෙනාහටම වතබිඳීම නැත්තේය. රාත්රිච්ඡෙදයම වේ. දෙදෙනම පෙරපසු නොව හොවිත්නම් වෘද්ධතරයාහට රාත්රිච්ඡෙදයම වේ. අන්‍යයාහට වතබිඳීමද වේයයි කුරුන්දියෙහි කියනලදී. පාරිවාසිකයෝ දෙදෙන සමවයස් ඇත්තාහුය. එකෙක් පළමුකොට හොත්තේය. එකෙක් දන්නේම පසුව නිදයි. රාත්රියද සිඳේ. වතබිඳීමෙහි දුක්කටයද වේ. පළමුකොට හොත්තහුට රාත්රිච්ඡෙදයම වේ. වතබිදීම නොවේ. පසුව හොවින්නේත් නොදනීනම් දෙදෙනාහටම වතබිඳීම නැත්තේය. රාත්රිච්ඡෙදය වේ. දෙදෙනම පෙරපසු නොව හොවිත් නම් දෙදෙනාහටම රාත්රිච්ඡෙදයම වේ. වතබිඳීම නොවේ. පාරිවාසිකයෝ දෙදෙනෙක් එකට හොවින්නාහු නම් ඔවුහු ඔවුනොවුන්ගේ අනාචාරයක් දැන ගෞරව නැත්තාහු හෝ විපිළිසර ඇත්තාහු හෝවී ඉතා පවිටු වූ හෝ ඇවතකට පැමිණෙන්නාහු හෝ ගිහිවන්නාහු හෝ වෙත්ද, එහෙයින් ඒ පාරිවාසිකයන්ගේ එක්ව සයනය කිරීම හැම ලෙසින් ප්රතික්ෂෙප කරණලදී. සෙස්ස කියූනයින්ම දතයුතුය. මෙහි මූලාය පටිකස්සනයට සුදුස්සෝද පාරිවාසිකයන්ගේ පකතත්තට්ඨානයෙහි සිටියාහ’යි දතයුතුය.
පාරිවාසිකචතුත්ථො චෙ, භික්ඛවෙ, පරිවාසන්ති එත්ථ පාරිවාසිකං චතුත්ථං කත්වා අඤ්ඤස්ස පරිවාසදානාදීනි කාතුං න වට්ටති. එතෙස්වෙවායං ගණපූරකො න හොති, සෙසසඞ්ඝකම්මෙසු හොති. ගණෙ පන අප්පහොන්තෙ වත්තං නික්ඛිපාපෙත්වා ගණපූරකො කාතබ්බොති.
“පාරිවාසිකචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං” මෙහි පාරිවාසිකයා සිවුවැනියකුකොට අනිකක්හට පරිවාසදානාදිය කිරීම නොවටියි. මොවුන් අතුරෙහි මේ පාරිවාසිකතෙමේ ගණපූරකයෙක් නොවේ. සෙසු සඞ්ඝ කර්මයන්හි ගණපූරක වේ. ගණය නොපොහොනා කල්හි වත නික්‍ෂෙප කරවා ගණපූරකයෙක් කටයුතුය.
ඉමං පන වත්තකථං සුත්වා විනයධරඋපාලිත්ථෙරස්ස රහොගතස්ස එවං පරිවිතක්කො උදපාදි – “භගවතා බහු පාරිවාසිකවත්තං පඤ්ඤත්තං, කතිහි නු ඛො එත්ථ කාරණෙහි රත්තිච්ඡෙදො හොතී”ති! සො භගවන්තං උපසඞ්කමිත්වා තමත්ථං පුච්ඡි. භගවා චස්ස බ්යාකාසි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා උපාලි…පෙ… රත්තිච්ඡෙදා”ති. තත්ථ සහවාසොති ය්වායං පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙතිආදිනා නයෙන වුත්තො එකතො වාසො. විප්පවාසොති එකකස්සෙව වාසො. අනාරොචනාති ආගන්තුකාදීනං අනාරොචනා. එතෙසු තීසු එකෙකෙන කාරණෙන රත්තිච්ඡෙදො හොති.
මේ වත්තකථාව අසා විනයධර උපාලි ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් බොහෝවූ පාරිවාසිකවත් පණවන ලද්දේය. මෙහි කෙනෙක් කරුණුවලින් රාත්රිච්ඡෙදය වේදැ’යි මෙසේ පරිවිර්තකයෙක් පහළ වූයේය. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ඒ කරුණ විචාළාහුය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ ප්‍රකාශ කළ සේක. එහෙයින් “අථ ඛො ආයස්මා උපාලි -පෙ- රත්තිච්ඡෙදො”යි වදාරණ ලදී. එහි “සහවාසො” පකතත්ත මහණකු සමග එකච්ඡන්නෙ යනාදිනයින් වදාරණලද යම්මේ එක්ව පිවිසීමෙක්වේද, හේයි. “විප්පවාසො” එකලාවූ ඔහුගේම විසීමය. “අනාරොචනා” ආගන්තුකයන්ට ආරොචනය නොකිරීමය. මේ කරුණු තුන අතුරෙහි එක් එක් කරුණක් රාත්රිච්ඡෙදය වේ.
න සක්කොන්තීති සඞ්ඝස්ස මහන්තතාය තත්ථ තත්ථ ගන්ත්වා සබ්බෙසං ආරොචෙතුං අසක්කොන්තා සොධෙතුං න සක්කොන්ති. පරිවාසං නික්ඛිපාමි, වත්තං නික්ඛිපාමීති ඉමෙසු ද්වීසු පදෙසු එකෙනාපි නික්ඛිත්තොව හොති පරිවාසො; ද්වීහි සුනික්ඛිත්තොයෙව. සමාදානෙපි එසෙව නයො. එවං වත්තං සමාදියිත්වා පරිවුත්ථපරිවාසස්ස මානත්තං ගණ්හතො පුන වත්තසමාදානකිච්චං නත්ථි, සමාදින්නවත්තොයෙව හෙස තස්මාස්ස ඡාරත්තං මානත්තං දාතබ්බං, චිණ්ණමානත්තො අබ්භෙතබ්බො. එවං අනාපත්තිකො හුත්වා සුද්ධන්තෙ පතිට්ඨිතො තිස්සො සික්ඛා පූරෙත්වා දුක්ඛස්සන්තං කරිස්සතීති.
“න සක්කොන්ති” සඞ්ඝයාගේ මහතත්වය නිසා ඒ ඒ තැන ගොස් සියල්ලන්ට ආරොචනය කරන්නට නොහැක්කාහු, පිරිවෙස ශුද්ධ කරන්නට නොහැකිවෙත්. “පරිවාසං නික්ඛිපාමි, වත්තං නික්ඛිපාමි” යන මේ දෙපදය අතුරෙහි එකෙකිනුදු පිරිවෙස බහා තබන ලද්දේම වේ. දෙපදයෙන් මනාකොට බහාතබන ලද්දේමය. සමාදානයෙහිද මෙම නයවේ. මෙසේ වත සමාදන්ව විසු පිරිවෙන් ඇති මානත ගන්නහුට නැවැත වතසමාදන් කිසෙක් නැත්තේය. මෙතෙමේ සමාදන්වූ වත් ඇත්තේමය. එහෙයින් මොහුට සරැයක් විසීමට මානත දියයුතුය. පිරූමානත ඇත්තේම අබ්භාත කටයුත්තේය. මෙසේ ඇවැත් නැත්තෙක්ව සුද්ධන්තයෙහි පිහිටියේය. ත්‍රිවිධ ශික්ෂාවන් පුරා දුක් කෙළවර කරන්නේය.
පාරිවාසිකවත්තකථා නිට්ඨිතා.
පාරිවාසිකවත්තකථාව නිමි.