1. පාරිවාසිකවත්තං
1. පාරිවාසිකවත්තං
1. පාරිවාසික වත
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන පාරිවාසිකා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම පාරිවාසිකා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම”න්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එසමයෙහි පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදේනා දිය එළැවීම, පාපුටුව හා පාදකඨලිකාව එළවා තැබීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිට පිරියම් කිරීම යන මෙ කී දෑ ඉවසත්. අපිස් ගුණ ඇති ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිට පිරියම් කිරීම ඉවසත් දැ?” යි අවඥා කෙරෙත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ පාරිවාසිකා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්ම”න්ති. ‘සච්චං භගවා’.
2. එකල්හි භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටු පිරියම් ඉවසත් යනු සැබෑ ද?” යි අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ”යි මහණහු පිළිවදන් ඇස්වූහ.
3. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවිකං -පෙ- කථං හි නාම භික්ඛවෙ පාරිවාසිකා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං, සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
3. මහණෙනි, පිරිවෙස් වසන මහණහු කෙසේ නම් පුවතත් මහණුන් ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටිමි, ඇඳිලි බැඳීම, සාමිචීකර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටු පාකටෙලි එළැවීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් ද, මහණෙනි, මෙය සස්නැ නො පහනුන්ගේ පැහැදීම් පිණිස ද ... නො පවතියැ යි භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට මෙසේ වදාළ සේක:
4. “න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සාදිතබ්බං පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරො සෙය්යාභිහාරො පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං. යො සාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස.
4. “මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය එළැවීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටු පිරියම යන මෙකී වත් නො ඉවැසිය යුතු. යම් මහණෙක් ඉවසන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
5. අනුජානාමි භික්ඛවෙ පාරිවාසිකානං භික්ඛූනං මිථු යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං ආසනාභිහාරං සෙය්යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත්තචීවරපටිග්ගහණං නහානෙ පිට්ඨිපරිකම්මං.”
5. මහණෙනි, පිරිවෙස් වසන මහණුන්හට උනුන් මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචි කර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය තැබීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටුපිරියම යන මෙ කී වත් උනුනට මහලු පිළිවෙළින් කිරීම අනුදනිමි.”
6. අනුජානාමි භික්ඛවෙ පාරිවාසිකානං භික්ඛූනං පඤ්ච යථාබුඩ්ඪං: උපොසථං, පවාරණං, වස්සිකසාටිකං, ඔනොජනං, භත්තං.
6. මහණෙනි, පිරිවෙස් වසන මහණුනට උපෝසථ, පවාරණා, වස්සිකසාටිකා ඕනෝජන (පසුව ලබන අදහසින් එදිනට නියම බත නොගෙන හැරීම) චතුශ්ශාල බත ඉවසීම යන පස වැඩිමහලු පිළිවෙළ අනුව කිරීම අනුදනිමි.
7. තෙන හි භික්ඛවෙ පාරිවාසිකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා පාරිවාසිකෙහි භික්ඛූහි වත්තිතබ්බං. පාරිවාසිකෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා:
7. එහෙයින් මහණෙනි, පිරිවෙස් වසන මහණුනට ඔවුන් විසින් පැවැත්විය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මොනොවට පැවැතිය යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
8. න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙනාපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන පරිවාසො දින්නො හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා, කම්මං න ගරහිතබ්බං, කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො, න පවාරණා ඨපෙතබ්බා, න සවචනීයං කාතබ්බං, න අනුවාදො පට්ඨපෙතබ්බො, න ඔකාසො කාරෙතබ්බො, න චොදෙතබ්බො, න සාරෙතබ්බො, න භික්ඛූහි සම්පයොජෙතබ්බං.
8. පිරිවෙස් වසන මහණහු විසින් තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කටයුතු. තමා ඇදුරු වැ නිස නො දියයුතු. හෙරණක් උවටු නො කොට යුතු. භික්ඛුනීඕවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණනට ඔවා නො දිය යුතු. යම් ඇවැතෙකින් සඟහු විසින් පිරිවෙස් දෙන ලද ද, ඒ ඇවැත හෝ එ බඳු අන් ඇවැතක් හෝ එයට වඩා ලාමක ඇවැතක් හෝ නො ඇවැද්ද යුතු. කර්මය නො ගැරැහිය යුතු යැ. කර්මය කළ මහණහු නො ගැරැගියැ යුතුහ. පුවතත් මහණක්හුගේ පොහොය නො තැබියැ යුතු. පවුරුණු නො තැබියැ යුතු. සවචනීය කර්මය නො කළ යුතු. වෙහෙරැ දෙටුතන්හි නො සිටියැ යුතු. අවසර ගැන්ම නො කරවියැ යුතු. පුවතත් මහණක්හට චෝදනා නො කට යුතු. ඇවැත් සිහිකරවනු නො කට යුතු. මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු.
9. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පකතත්තස්ස භික්ඛුනො පුරතො ගන්තබ්බං, න පුරතො නිසීදිතබ්බං. යො හොති සඞ්ඝස්ස ආසනපරියන්තො සෙය්යාපරියන්තො විහාරපරියන්තො සො තස්ස පදාතබ්බො. තෙන ච සො සාදිතබ්බො.
9. මහණෙනි, පිරිවෙස් පුරණ මහණහු විසින් පුවතත් මහණකුහට පෙරටු වැ නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් කෙළවරැ අස්නෙක් කෙළවරැ යහනෙක් කෙළවරැ වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
10. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වා කුලානි උපසඞ්කමිතබ්බානි. න ආරඤ්ඤිකඞ්ගං සමාදිතබ්බං, න පිණ්ඩපාතිකඞ්ගං සමාදාතබ්බං, න ච තප්පච්චයා පිණ්ඩපාතො නීහරාපෙතබ්බො ‘මා මං ජානිංසූ’ති.
10. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ කුලයෝ නො එළැඹියැ යුතුහ. ‘මා පිරිවෙස් පුරන්නකු කොට සෙස්සෝ නො දනිත්වා” යි යන ඒ කාරණයෙන් ආරණ්‍යකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතය නො ගෙන්වා ගත යුතු.
11. පාරිවාසිකෙන භික්ඛවෙ භික්ඛුනා ආගන්තුකෙන ආරොචෙතබ්බං, ආගන්තුකස්ස ආරොචෙතබ්බං, උපොසථෙ ආරොචෙතබ්බං, පවාරණාය ආරොචෙතබ්බං. සචෙ ගිලානො හොති දූතෙනපි ආරොචෙතබ්බං.
11. මහණෙනි, පිරිවෙස් වසන ආගන්තුක මහණහු විසින් නේවාසික මහණුනට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පිරිවෙස් වසන නේවාසික මහණහු විසින් ආගන්තුක මහණහට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පොහෝ කිරීමෙහිදී (තමා පිරිවෙස් පුරන බව) සැළ කළ යුතු. පවුරුණුයෙහිදී සැළ කළ යුතු. ඉදින් හේ ගිලන් වේ නම් දූතයකු ලවා නුමුදු සැළ කැරැවියැ යුතු.
12. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා . න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
12. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, දසවිධ අන්තරාය අතුරෙන් යම් කිසි අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු යි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින්, පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
13. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
13. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැතිවැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති අනාවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට හෝ නො යා යුතු.
14. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
14. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති අනාවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
15. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
15. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයකට පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට හෝ අනාවාසයකට හෝ පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු.
16. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
16. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයකට පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) ය තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට හෝ අනාවාසයකට හෝ පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු.
17. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො, යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා, අඤ්ඤත්ර පකතත්තෙන, අඤ්ඤත්ර අන්තරායා.
17. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේවූ මහණුන් ඇති ආවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු.
18. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො අනාවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
18. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
19. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො අනාවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
19. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යෑ හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති, අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
20. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො අනාවාසො, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. ගන්තබ්බො භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
20. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති, ආවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
21. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං. පකතත්තො භික්ඛු ආසනෙන නිමන්තෙතබ්බො. න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න භික්ඛවෙ පාරිවාසිකෙන භික්ඛුනා පාරිවාසිකෙන බුඩ්ඪතරෙන භික්ඛුනා සද්ධිං -පෙ- මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තචාරිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- අබ්භානාරහෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. න එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමාය නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
21. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණකු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ අස්නෙන් නිමැතිය යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. පුවතත් මහණක්හු මිටි අස්නැ හුන් කල්හි තමා උස් අසුනැ නො හින්දැ යුතු. පුවතත් මහණක්හු බිමැ හුන් කල්හි තමා අස්නෙකැ නො හින්දැ යුතු. පුවතත් මහණක්හු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළයුතු. පුවතත් මහණක්හු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කල්හි තමා උස් සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. පුවතත් මහණක්හු බිමැ සක්මන් කරන කල්හි තමා සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පිරිවෙස් වසන වැඩි මහලු මහණකු හා ... මූලායපටිකස්සනාවට සුදුසු මහණකු හා ... මානතට සුදුසු මහණකු හා ... මානතෙහි හැසිරෙන මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ උන් කල්හි තමා උසස්නෙක නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කල්හි තමා අස්නෙකැ නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කලැ තමා උස් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු.
22. පාරිවාසිකචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං දදෙය්ය; මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තබ්බීසො අබ්භෙය්ය, අකම්මං. න ච කරණීයන්ති.
22. මහණෙනි, පිරිවෙස් වසන මහණහු සතර වැනි කොටැති වැ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම් මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොටැති වැ අබ්භාන කරන්නේ නම්, එය අකර්මයෙක් වෙයි. එය නො කටයුතු ද වෙයි.
චතුනවුති පාරිවාසිකවත්තං නිට්ඨිතං.
සිවුඅනූ පිරිවෙසිවත් නිමියේ ය.
23. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: “කති නු ඛො භන්තෙ පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා?”ති. “තයො ඛො උපාලි පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා: සහවාසො, විප්පවාසො, අනාරොචනා. ඉමෙ ඛො උපාලි තයො පාරිවාසිකස්ස භික්ඛුනො රත්තිච්ඡෙදා”ති.
23. ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ “වහන්ස, පිරිවෙස් වසන මහණහට රාත්රිච්ඡේද කීයෙක් දැ?” යි විචාළහ. “උපාලිනි, සහවාසය (පුවතත් මහණුන් හා එක් වැ, විසීම), විනාවාසය (පුවතත් මහණුන්ගෙන් වෙන් ව විසීම), අනාරෝචනය (ආගන්තුකාදීනට තමා පිරිවෙස් වසන බව නොදැන්වීම) යැ යි පිරිවෙස් වසන මහණහට රාත්රිච්ඡේද තුනෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
24. තෙන ඛො පන සමයෙන සාවත්ථියා මහාභික්ඛුසඞ්ඝො සන්නිපතිතො හොති. න සක්කොන්ති පාරිවාසිකා භික්ඛූ පරිවාසං සොධෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
24. එ සමයෙහි සැවැත්හි මහත් මහණමුළුවෙක් මුළු දෙවුණේ වෙයි. පිරිවෙස් වසන මහණහු පරිවාස ශෝධනය කරන්නට නො හැක්කාහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
25. “අනුජානාමි භික්ඛවෙ පරිවාසං නික්ඛිපිතුං. එවඤ්ච පන භික්ඛවෙ නික්ඛිපිතබ්බො: තෙන පාරිවාසිකෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “පරිවාසං නික්ඛිපාමීති” නික්ඛිත්තො හොති පරිවාසො. “වත්තං නික්ඛිපාමීති” නික්ඛිත්තො හොති පරිවාසො”ති.
25. “මහණෙනි, පිරිවෙස නික්‍ෂිප්ත කරන්නට (බහා තබන්නට) අනුදනිමි. මහණෙනි, මෙසේ නික්ෂේප ද කළ යුතු: ඒ පිරිවෙස් වසන මහණහු විසින් එක් මහණක්හු කරා එළැඹ උතුරුසඟ එකස් කොට උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා “පිරිවෙස බහා තබමි යි” මෙසේ කියැ යුතු. (මෙතෙකින්) පිරිවෙස බහා තබන ලදුයේ වෙයි. “වත බහා තබමි යි” කියැ යුතු. පිරිවෙස බහා තබන ලදුයේ වෙයි.
26. තෙන ඛො පන සමයෙන සාවත්ථියා භික්ඛූ තහං තහං පක්කමිංසු. න සක්කොන්ති පාරිවාසිකා භික්ඛූ පරිවාසං සොධෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
26. එ සමයෙහි සැවතෙහි භික්ෂූහු ඒ ඒ අත නික්ම ගියහ. පිරිවෙස් වසන මහණහු පිරිවෙස් ශෝධනය කරණට නොහැකි වෙත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
27. “අනුජානාමි භික්ඛවෙ පරිවාසං සමාදියිතුං. එවඤ්ච පන භික්ඛවෙ සමාදිතබ්බො: තෙන පාරිවාසිකෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘පරිවාසං සමාදියාමී’ති. සමාදින්නො හොති පරිවාසො. ‘වත්තං සමාදියාමී’ති. සමාදින්නො හොති පරිවාසො’ති.
27. මහණෙනි, පිරිවෙස සමාදානය කොට ගන්නට අනුදනිමි යි. මහණෙනි, මෙසේ සමාදන්වීම කළයුතුයි. ඒ පිරිවෙස් වසන මහණහු විසින් එක් මහණකු වෙත එළඹ උතුරුසඟ එකස් කොට උත්කුටුකවැ හිඳ ඇඳිලි බැඳ “පිරිවෙස සමාදන් කොට ගණිමි යි” කිය යුතු. පිරිවෙස සමාදන් කොට ගන්නා ලදුයේ වෙයි. “වත සමාදන් කොට ගණිමි” යි, කිය යුතු. පිරිවෙස සමාදන් කොට ගන්නා ලදුයේ වෙයි.
පාරිවාසිකවත්තං නිට්ඨිතං.
පාරිවාසික වත නිමියේ ය.