යෙදුමෙන් කියවන්න

2. මූලායපටිකස‍්සනාරහවත‍්තං

2. මූලායපටිකස‍්සනාරහවත‍්තං

2. මූලායපටිකස්සනාරහ වත

1. තෙන ඛො පන සමයෙන මූලායපටිකස‍්සනාරහා භික‍්ඛූ සාදියන‍්ති; පකතත‍්තානං භික‍්ඛූනං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං ආසනාභිහාරං සෙය්‍යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත‍්තචීවරපටිග‍්ගහණං නහානෙ පිට‍්ඨිපරිකම‍්මං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා, තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම මූලායපටිකස‍්සනාරහා භික‍්ඛූ සාදියිස‍්සන‍්ති පකතත‍්තානං භික‍්ඛූනං අභිවාදනං පච‍්චුට‍්ඨානං -පෙ- නහානෙ පිට‍්ඨිපරිකම‍්ම”න‍්ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

1. එ සමයෙහි මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලිකර්‍ම, සාමීචි කර්‍ම, ආසනාභිහාර, සෙය්‍යාභිහාර, පාදොදක, පාදපිඨ, පාදකඨලිකා, පත්තචීවර පටිග්ගහණ, නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසත්. අපිස් ගුණැති … සන්තුෂ්ටවූ ලජ්ජි වූ කුක්කුච්ච වූ ශික්‍ෂාකාම වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙ කී වත් ඉවසන්නාහු දැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළාහු ය.

2. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි: “සච‍්චං කිර භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහා භික‍්ඛූ සාදියන‍්ති පකතත‍්තානං භික‍්ඛූනං අභිවාදනං පච‍්චුට‍්ඨානං -පෙ- නහානෙ පිට‍්ඨිපරිකම‍්ම”න‍්ති. “සච‍්චං භගවා.”

2. එ කලැ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා, ‘මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසන්නාහු ය යනු සැබෑ දැ” යි අසා වදාළ සේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි එ මහණහු පිළිවදන් ඇස්සූහ.

3. විගරහි බුද‍්ධො භගවා: “අනනුච‍්ඡවිකං -පෙ- කථං හි නාම භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහා භික‍්ඛූ සාදියිස‍්සන‍්ති පකතත‍්තානං භික‍්ඛූනං අභිවාදනං පච‍්චුට‍්ඨානං -පෙ- නහානෙ පිට‍්ඨිපරිකම‍්මං. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය. අථ ඛො තං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය, පසන‍්නානංච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා’ති. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

3. “මහණෙනි, කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන, ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙකී වත් ඉවසන්නාහු ද? මහණෙනි, මෙය සස්නෙහි නොපහනුන්ගේ පැහැදීම පිණිස ද ... පහනුන්ගේ භූයෝභාවය පිණිස ද නො වේ. මහණෙනි, වැලිදු මෙය නොපහනුන්ගේ නොපැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වේ යැ” යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කතා කොට භික්‍ෂූන් මෙසේ ඇමතූ සේක.

4. “න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සාදිතබ‍්බං පකතත‍්තානං භික‍්ඛූනං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං ආසනාභිහාරං සෙය්‍යාභිහාරං පාදොදකං පාදපීඨං පාදකඨලිකං පත‍්තචීවරපටිග‍්ගහණං නහානෙ පිට‍්ඨිපරිකම‍්මං. යො සාදියෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස.

4. “මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්‍ම, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.

5. අනුජානාමි භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහානං භික‍්ඛූනං මිථු යථාබුඩ‍්ඪං අභිවාදනං පච‍්චුට‍්ඨානං -පෙ- නහානෙ පිට‍්ඨිපරිකම‍්මං.

5. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ... නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් අනුදනිමි.

6. අනුජානාමි, භික‍්ඛවෙ, මූලායපටිකස‍්සනාරහානං භික‍්ඛූනං පඤ‍්ච යථාබුඩ‍්ඪං උපොසථං පවාරණං වස‍්සිකසාටිකං ඔනොජනං භත‍්තං.

6. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් පොහෝ කිරීම, පවාරණාව, වැසිසළුව පිළිගැණීම, ඕනෝජනය (පසු ව ලබන අදහසින් එදිනට නියමිත බත නො පිළිගෙණ හැරැ) දැමීම, (පාරිවාසිකයන් උදෙසා පැණවූ) චතුශ්ශාල බත පිළිගැණීම යන පස අනුදනිමි.

7. තෙන හි භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහානං භික‍්ඛූනං වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා මූලායපටිකස‍්සනාරහෙහි භික‍්ඛූහි වත‍්තිතබ‍්බං. මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛවෙ භික‍්ඛුනා සම‍්මා වත‍්තිතබ‍්බං. තත්‍රායං සම‍්මාවත‍්තනා:

7. එසේ වී නම් මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු වූ මහණුන් විසින් යම්සේ පැවතිය යුතු ද, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට ඔවුන් විසින් පැවැතිය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. එහි මේ මොනොවට පැවැත්ම යි:

8. න උපසම‍්පාදෙතබ‍්බං. න නිස‍්සයො දාතබ‍්බො. න සාමණෙරො උපට‍්ඨාපෙතබ‍්බො. න භික‍්ඛුනොවාදකසම‍්මුති සාදිතබ‍්බා. සම‍්මතෙනපි භික‍්ඛුනියො න ඔවදිතබ‍්බා. යාය ආපත‍්තියා සඞ‍්ඝෙන මූලාය පටිකස‍්සනාරහො කතො හොති සංඝෙන, සා ආපත‍්ති න ආපජ‍්ජිතබ‍්බා, අඤ‍්ඤා වා තාදිසිකා, තතො වා පාපිට‍්ඨතරා. කම‍්මං න ගරහිතබ‍්බං. කම‍්මිකා න ගරහිතබ‍්බා. න පකතත‍්තස‍්ස භික‍්ඛුනො උපොසථො ඨපෙතබ‍්බො. න පවාරණා ඨපෙතබ‍්බා. න සවචනීයං කාතබ‍්බං. න අනුවාදො පට‍්ඨපෙතබ‍්බො. න ඔකාසො කාරෙතබ‍්බො. න චොදෙතබ‍්බො. න සාරෙතබ‍්බො. න භික‍්ඛූහි සම‍්පයොජෙතබ‍්බං.

8. තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කට යුතු. (ආචාර්‍ය්‍ය වැ) නිස නො දියැ යුතු. හෙරෙණක් උවටනට තමා වෙතැ නො තබා ගත යුතු. භික්බුනෝවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණහු නො ඔවැයිය යුතු. යම් ඇවැතෙකින් මූලායපටිකස්සනාවට සුදුසු කෙළේ වේ ද, ඒ ඇවැත හෝ එබඳු වූ අන් ඇවැතක් හෝ එයටත් වඩා පවිටු ඇවැතක් නො ඇවැද්ද යුතු. විනයකර්‍මය නො ගැරැහියැ යුතු. විනයකර්‍මය කළ මහණහු නො ගැරැහියැ යුතුහ. පුවතත් මහණක්හුගේ උපෝසථය නො වැළැක්වියැ යුතු. පවාරණාව නො වැළැක්වියැ යුතු. සවචනීය කර්‍මය නො කටයුතු. අනුවාදය (වෙහෙරැ අධිපති බව) නො කළ යුතු. අවසර ගැන්වීම නො කළ යුතු. චෝදනා නො කළ යුතු. ඇවැත් සිහිපත් නො කැරැවියැ යුතු. මහණුන් උනුන් කලහයෙහි නො යෙදියැ යුතු.

9. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා පකතත‍්තස‍්ස භික‍්ඛුනො පුරතො ගන‍්තබ‍්බං. න පුරතො නිසීදිතබ‍්බං. යො හොති සඞ‍්ඝස‍්ස ආසනපරියන‍්තො, සෙය්‍යාපරියන‍්තො, විහාරපරියන‍්තො, සො තස‍්ස පදාතබ‍්බො. තෙන ච සො සාදිතබ‍්බො.

9. මහණෙනි, මුලායපටිකස්සානවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හට පෙරැටු වැ නො යා යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් පිරියත් අස්නෙක් පිරියත් යහනෙක් පිරියත් වෙහෙරෙක් වේ ද එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.

10. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා පකතත‍්තෙන භික‍්ඛුනා පුරෙසමණෙන වා පච‍්ඡාසමණෙන වා කුලානි උපසඞ‍්කමිතබ‍්බානි, න ආරඤ‍්ඤිකඞ‍්ගං සමාදියිතබ‍්බං. න පිණ‍්ඩපාතිකඞ‍්ගං සමාදියිතබ‍්බං. න ච තප‍්පච‍්චයා පිණ‍්ඩපාතො නීහරාපෙතබ‍්බො ‘මා මං ජානිංසූ’ති.

10. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ පුවතත් මහණකු හා කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යාකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. ‘මා පිරිවෙස් වසන නියා නො දනිත්වා” යි ඒ හේතුයෙන් පිණ්ඩපාතය තමා වෙත නො ගෙන්වා ගත යුතු.

11. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා අභික‍්ඛුකො ආවාසො ගන‍්තබ‍්බො, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා අභික‍්ඛුකො අනාවාසො ගන‍්තබ‍්බො, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා අභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන‍්තබ‍්බො. අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා.

11. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) මහණුන් නැති ආවාසයකට නො යෑ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායකුත් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක අනාවාසයකට නො යෑ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයකුත් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.

12. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා අනාවාසා අභික‍්ඛුකො ආවාසො ගන‍්තබ‍්බො -පෙ- න -පෙ- සභික‍්ඛුකා අනාවාසා අභික‍්ඛුකො අනාවාසො ගන‍්තබ‍්බො -පෙ- න -පෙ- අභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන‍්තබ‍්බො, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා.

12. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයකුත් නැති වැ, අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.

13. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික‍්ඛුකො ආවාසො ගන‍්තබ‍්බො, -පෙ- න -පෙ- අභික‍්ඛුකො අනාවාසො ගන‍්තබ‍්බො -පෙ- න -පෙ- අභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන‍්තබ‍්බො, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා.

13. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ ... අභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... අභික්‍ෂුක අනාවාසයට නොයෑයුතු ... පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට හෝ නො යෑ යුතු.

14. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා සභික‍්ඛුකො ආවාසො ගන‍්තබ‍්බො යත්‍ථස‍්සු භික‍්ඛූ නානාසංවාසකා, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා. න -පෙ- සභික‍්ඛුකො අනාවාසො ගන‍්තබ‍්බො -පෙ- න -පෙ- සභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන‍්තබ‍්බො, යත්‍ථස‍්සු භික‍්ඛූ නානාසංවාසකා, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා.

14. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යෑ යුතු.

15. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා අනාවාසා සභික‍්ඛුකො ආවාසො ගන‍්තබ‍්බො, යත්‍ථස‍්සු භික‍්ඛූ නානාසංවාසකා, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා -පෙ- සභික‍්ඛුකො අනාවාසො ගන‍්තබ‍්බො -පෙ- සභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන‍්තබ‍්බො, යත්‍ථස‍්සු භික‍්ඛූ නානාසංවාසකා, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා.

15. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ, නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.

16. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික‍්ඛුකො ආවාසො ගන‍්තබ‍්බො, යත්‍ථස‍්සු භික‍්ඛූ නානාසංවාසකා, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා. -පෙ- සභික‍්ඛුකො අනාවාසො ගන‍්තබ‍්බො -පෙ- සභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන‍්තබ‍්බො, යත්‍ථස‍්සු භික‍්ඛූ නානාසංවාසකා, අඤ‍්ඤත්‍ර පකතත‍්තෙන, අඤ‍්ඤත්‍ර අන‍්තරායා.

16. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ ... සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නානාසසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.

17. ගන‍්තබ‍්බො භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා, සභික‍්ඛුකො ආවාසො, යත්‍ථස‍්සු භික‍්ඛූ සමානසංවාසකා, යං ජඤ‍්ඤා සක‍්කොමි අජ‍්ජෙව ගන‍්තුන‍්ති. -පෙ- සභික‍්ඛුකො අනාවාසො -පෙ- සභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා -පෙ-

17. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, අද ම යත හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.

18. ගන‍්තබ‍්බො භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා අනාවාසා සභික‍්ඛුකො ආවාසො, යත්‍ථස‍්සු භික‍්ඛූ සමානසංවාසකා, යං ජඤ‍්ඤා සක‍්කොමි අජ‍්ජෙව ගන‍්තුන‍්ති. -පෙ- සභික‍්ඛුකො අනාවාසො -පෙ- සභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා -පෙ-

18. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, අද ම යෑ හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට … සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.

19. ගන‍්තබ‍්බො භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා සභික‍්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික‍්ඛුකො ආවාසො යත්‍ථස‍්සු භික‍්ඛූ සමානසංවාසකා, යං ජඤ‍්ඤා සක‍්කොමි අජ‍්ජෙව ගන‍්තුන‍්ති. -පෙ- සභික‍්ඛුකො අනාවාසො -පෙ- සභික‍්ඛුකො ආවාසො වා අනාවාසො වා. -පෙ- අජ‍්ජෙව ගන‍්තුන‍්ති.

19. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් අද ම යා හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සමානසංවාසක භික්‍ෂූන් ඇති, සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.

20. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා පකතත‍්තෙන භික‍්ඛුනා සද‍්ධිං එකච‍්ඡන‍්නෙ ආවාසෙ වත්‍ථබ‍්බං, න එකච‍්ඡන‍්නෙ අනාවාසෙ වත්‍ථබ‍්බං, න එකච‍්ඡන‍්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්‍ථබ‍්බං, පකතත‍්තං භික‍්ඛුං දිස‍්වා ආසනා වුට‍්ඨාතබ‍්බං, පකතත‍්තො භික‍්ඛු ආසනෙන නිමන‍්තෙතබ‍්බො. පකතත‍්තෙන භික‍්ඛුනා සද‍්ධිං එකාසනෙ නිසීදිතබ‍්බං, න නීචෙ ආසනෙ නිසින‍්නෙ උච‍්චෙ ආසනෙ නිසීදිතබ‍්බං, න ඡමායං නිසින‍්නෙ ආසනෙ නිසීදිතබ‍්බං. න එකචඞ‍්කමෙ චඞ‍්කමිතබ‍්බං, න නීචෙ චඞ‍්කමෙ චඞ‍්කමන‍්තෙ උච‍්චෙ චඞ‍්කමෙ චඞ‍්කමිතබ‍්බං, න ඡමාය චඞ‍්කමන‍්තෙ චඞ‍්කමෙචඞ‍්කමිතබ‍්බං. න භික‍්ඛවෙ මූලායපටිකස‍්සනාරහෙන භික‍්ඛුනා පාරිවාසිකෙන භික‍්ඛුනා සද‍්ධිං -පෙ- මූලායපටිකස‍්සනාරහෙන බුඩ‍්ඪතරෙන භික‍්ඛුනා සද‍්ධිං -පෙ- මානත‍්තාරහෙන භික‍්ඛුනා සද‍්ධිං -පෙ- මානත‍්තචාරිකෙන භික‍්ඛුනා සද‍්ධිං -පෙ- අබ‍්භානාරහෙන භික‍්ඛුනා සද‍්ධිං එකච‍්ඡන‍්නෙ ආවාසෙ වත්‍ථබ‍්බං. න එකච‍්ඡන‍්නෙ අනාවාසෙ වත්‍ථබ‍්බං, න එකච‍්ඡන‍්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්‍ථබ‍්බං, න එකාසනෙ නිසීදිතබ‍්බං; න නීචෙ ආසනෙ නිසින‍්නෙ උච‍්චෙ ආසනෙ නිසීදිතබ‍්බං, න ඡමායං නිසින‍්නෙ ආසනෙ නිසීදිතබ‍්බං, න එකචඞ‍්කමෙ චඞ‍්කමිතබ‍්බං, න නීචෙ චඞ‍්කමෙ චඞ‍්කමන‍්තෙ උච‍්චෙ චඞ‍්කමෙ චඞ‍්කමිතබ‍්බං, න ඡමායං චඞ‍්කමන‍්තෙ චඞ‍්කමෙ චඞ‍්කමිතබ‍්බං.

20. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් නිමැතියැ යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නෙහි නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙක නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කලැ තමා උස් සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුයෙකැ සක්මන් නො කළ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පිරිවෙස් වසන මහණක්හු හා ... වඩා මහලු මූලායපටිකස්සනාරහ මහණක්හු හා ... මානත්තාරහ මහණක්හු හා ... මානත්තවාරික මහණක්හු හා ... අබ්භානාරහ මහණක්හු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නෙක හුන් කලැ තමා උසස්නෙකැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙක නො හින්දැ යුතු. එක් සක්මන් මළුයෙහි ඔහු හා සක්මන් නො කළයුතු. ඔහු මිටි සක්මන් මළුයෙක සක්මන් කරද්දී තමා උස් සක්මන් මළුයෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු.

21. මූලායපටිකස‍්සනාරහචතුත්‍ථො චෙ භික‍්ඛවෙ පරිවාසං දදෙය්‍ය මූලායපටිකස‍්සෙය්‍ය, මානත‍්තං දදෙය්‍ය, තබ‍්බීසො අබ‍්භෙය්‍ය, අකම‍්මං, න ච කරණීයන‍්ති.

21. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු සතරවනු කොටැති වැ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති වැ අබ්භානකර්‍මය කරන්නේ නම්, ඒ අකර්‍මයෙකි. නො ද කළ යුතු.

මූලායපටිකස‍්සනාරහවත‍්තං නිට‍්ඨිතං.

මූලායපටිකස්සනාරහ වත නිමියේ ය.