යෙදුමෙන් කියවන්න

මූලායපටිකස‍්සනාරහවත‍්තකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මූලායපටිකස‍්සනාරහවත‍්තකථා

මූලායපටිකස්සනාරහවත්තකථා

මූලායපටිකස‍්සනාරහා භික‍්ඛූ සාදියන‍්ති පකතත‍්තානන‍්ති ඨපෙත්‍වා නවකතරං මූලායපටිකස‍්සනාරහං අවසෙසානං අන‍්තමසො පාරිවාසිකාදීනම‍්පි. ඉමෙසඤ‍්හි පාරිවාසිකමූලායපටිකස‍්සනාරහමානත‍්තාරහමානත‍්තාචාරිකබ‍්භානාරහානං පඤ‍්චන‍්නං ඨපෙත්‍වා අත‍්තනො අත‍්තනො නවකතරං, සෙසා සබ‍්බෙ පකතත‍්තා එව. කස‍්මා? මිථු යථාවුඩ‍්ඪං අභිවාදනාදීනං අනුඤ‍්ඤාතත‍්තා. තෙන වුත‍්තං – “අවසෙසානං අන‍්තමසො පාරිවාසිකාදීනම‍්පී”ති. මූලායපටිකස‍්සනාරහාදිලක‍්ඛණං පන නෙසං පරතො ආවිභවිස‍්සති. සෙසමෙත්‍ථ ඉතො පරෙසු ච මානත‍්තාරහාදිවත‍්තෙසු පාරිවාසිකවත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

“මූලායපටිකස්සනාරහා භික්‍ඛු සාදියන්නි පකතත්තානං” මූලාය පටිකස්සනයට සුදුසුවූ නවකතරයා හැර යටත් පිරිසෙයින් සෙසු පාරිවාසිකාදීගේද, මේ පාරිවාසික මූලාය පටිකස්සනාරහ මානන්තරහ මානත්තචාරික අබ්හානාරහ වූ පස්දෙන පිළිබඳය. තමතමන්ට නවකතරයන් හැර, සෙසු සියල්ලෝ පකතත්තයෝම වෙත්. කුමක් හෙයින, යත්: දෙදෙනාහට වැඩිමහලු පිළිවෙළින් අභිවාදනාදිය අනුදත් බැවිනි. එහෙයින් “අවසෙසානං අන්තමසො පරිවාසකාදීනම්පි” යනු වදාරණ ලදී. ඒ මූලාය පටිකස්සනාරහාදීන්ගේ ලක්‍ෂණය වනාහි ඉදිරියෙහි පහළවන්නේය. මෙහි සෙස්ස මෙයින් අන්‍යවූද, මානත්තාර්‍හාදීන්ගේ වත් අතුරෙහි පරිවාසිකවතෙහි කියූනයින්ම දත යුතුය.

මූලායපටිකස‍්සනාරහචතුත්‍ථො චෙතිආදීසුපි යථෙව පාරිවාසිකො; එවං එතෙපි එතෙසු විනයකම‍්මෙසු ගණපූරකා න හොන‍්ති, සෙසසඞ‍්ඝකම‍්මෙසු හොන‍්ති.

“මූලායපටිකස්සනාරහචතුත්‍ථො ච” යනාදිතන්හි පාරිවාසික තෙමේ යම්සේද එසේ මේ විනයකර්‍මයන්හි මේ මූලාය පටිකස්සනයට සුදුසුවූවාහුද, ගණ පූරකයෝ නොවෙත්. සෙසු සඞ්ඝ කර්‍මයන්හි ගණපූරකයෝ වෙත්.

මූලායපටිකස‍්සනාරහවත‍්තකථා නිට‍්ඨිතා.

මානත‍්තචාරිකවත‍්තකථා

මානත්තචාරිකවත්තකථා

මානත‍්තචාරිකස‍්ස වත‍්තෙසු “දෙවසිකං ආරොචෙතබ‍්බ”න‍්ති විසෙසො.

මානත්තචාරිකයාගේ වත්හි ‘දවස්පතා ආරොචනය කටයුතුය, යනු වෙනසය.

රත‍්තිච‍්ඡෙදෙසු ඌනෙ ගණෙති එත්‍ථ ගණොති චත‍්තාරො වා අතිරෙකා වා; තස‍්මා සචෙපි තීහි භික‍්ඛූහි සද‍්ධිං වසති, රත‍්තිච‍්ඡෙදො හොතියෙව. මානත‍්තනික‍්ඛෙපසමාදානෙසු වුත‍්තසදිසොව විනිච‍්ඡයො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

රාත්‍රිච්ඡෙදයන් අතුරෙහි “ඌණෙ ගණෙ” යන මෙහි “ගණො” යනු සිවුදෙනෙක් හෝ ඉන් වැඩිදෙනෙක් හෝය. එහෙයින් භික්‍ෂූන් තෙනමක් සමග වෙසේනම් රාත්‍රිච්ඡෙදය වේමය. මානත්තනික්‍ඛෙප සමාදානයන්හි කියනලද විනිශ්චය හා සමානය. සෙස්ස සියලුතන්හි ප්‍රකටමය.

මානත‍්තචාරිකවත‍්තකථා නිට‍්ඨිතා.

පාරිවාසිකක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

පාරිවාසිකක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.