යෙදුමෙන් කියවන්න

සුක‍්කවිස‍්සට‍්ඨිකථා අට‍්ඨකථා

සුක‍්කවිස‍්සට‍්ඨිකථා

සුක්කවිස්සට්ඨිකථා

සමුච‍්චයක‍්ඛන්‍ධකෙ – ඡාරත‍්තං මානත‍්තන‍්ති එත්‍ථ චතුබ‍්බිධං මානත‍්තං – අප‍්පටිච‍්ඡන‍්නමානත‍්තං, පටිච‍්ඡන‍්නමානත‍්තං, පක‍්ඛමානත‍්තං, සමොධානමානත‍්තන‍්ති. තත්‍ථ අප‍්පටිච‍්ඡන‍්නමානත‍්තං නාම – යං අප‍්පටිච‍්ඡන‍්නාය ආපත‍්තියා පරිවාසං අදත්‍වා කෙවලං ආපත‍්තිං ආපන‍්නභාවෙනෙව මානත‍්තාරහස‍්ස මානත‍්තං දිය්‍යති. පටිච‍්ඡන‍්නමානත‍්තං නාම – යං පටිච‍්ඡන‍්නාය ආපත‍්තියා පරිවුත්‍ථපරිවාසස‍්ස දිය්‍යති. පක‍්ඛමානත‍්තං නාම – යං පටිච‍්ඡන‍්නාය වා අප‍්පටිච‍්ඡන‍්නාය වා ආපත‍්තියා අද‍්ධමාසං භික‍්ඛුනීනං දිය්‍යති. සමොධානමානත‍්තං නාම – යං ඔධාය එකතො කත්‍වා දිය්‍යති. තෙසු ඉදං “අප‍්පටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්ත”න‍්ති වචනතො “අප‍්පටිච‍්ඡන‍්නමානත‍්ත”න‍්ති වෙදිතබ‍්බං. තං දෙන‍්තෙන සචෙ එකං ආපත‍්තිං ආපන‍්නො හොති, ඉධ වුත‍්තනයෙන දාතබ‍්බං. සචෙ ද‍්වෙ වා තිස‍්සො වා තතුත‍්තරිං වා ආපන‍්නො, යථෙව “එකං ආපත‍්ති”න‍්ති වුත‍්තං; එවං “ද‍්වෙ ආපත‍්තියො, තිස‍්සො ආපත‍්තියො”ති වත‍්තබ‍්බං. තතුත‍්තරි පන සචෙපි සතං වා සහස‍්සං වා හොති, “සම‍්බහුලා”ති වත‍්තබ‍්බං. නානාවත්‍ථුකායොපි එකතො කත්‍වා දාතබ‍්බා, තාසං දානවිධිං පරිවාසදානෙ කථයිස‍්සාම.

සමුච්චයක්‍ඛන්‍ධකයෙහි - “ඡාරත්තං මානත්තං” යන මෙහි ‘අපටිච්ඡන්නමානත්ත, පටිච්ඡන්නමානත්ත, පක්‍ඛමානත්ත, සමොධානමානත්ත’යි සිවුවැදෑරුම් වේ. එහි අපටිච්ඡන්නමානත්ත නම්, නොපිළිසන් ඇවතට පිරිවෙස් නොදී හුදෙක් ඇවැතට පැමිණි බැවින්ම මානතට සුදුස්සහුට යම් මානතක් දෙනුලැබේද, ඒය. පටිච්ඡන්නමානත්ත නම්, පිළිසන් ඇවැතට පිරිවෙස් විසූවහුට යම් මානතක් දෙනු ලැබේද ඒය. පක්‍ඛමානත්ත නම් පිළිසන්වූ හෝ නොපිළිසන්වූ හෝ ඇවැතට අඩමසක් මෙහෙණන්හට යම් මානතක් දෙනු ලැබේද ඒය. සමොධානමානත්ත නම් සියලු ඇවැත් එක්කොට යම් මානතක් දෙනු ලැබේද, ඒය. ඔවුන් අතුරෙහි මේ මානත “අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං”යි වදාළ බැවින් අපටිච්ඡන්නමානත්තයි දතයුතුය. ඒ අපටිච්ඡන්නමානත්තය දෙන්නහු විසින් එක් ඇවැතකට පැමිණියේ වේනම්, මේ සමුච්චයක්‍ඛන්‍ධකයෙහි කියූ නයින් දියයුතුය. ඇවැත් දෙකකට හෝ තුනකට හෝ ඉන් වැඩියකට හෝ පැමිණියේ නම් “එකං ආපත්තිං”යි යම්සේ කියන ලදද, එසේ “ද්වෙ ආපත්තියො තිස්සො ආපත්තියො”යි කියයුතුය. එයින් මතුවෙහි වනාහි සියයක් හෝ දහසක් හෝ වේද? “සම්බහුලා”යි කියයුත්තේය. නානාවස්තුක ආපත්තීහුද එක්කොට දියයුතුය. ඔවුන් දෙන විධිය පරිවාසදානයෙහි කියන්නෙමු.

එවං ආපත‍්තිවසෙන කම‍්මවාචං කත්‍වා දින‍්නෙ මානත‍්තෙ “එවමෙතං ධාරයාමී”ති කම‍්මවාචාපරියොසානෙ මාළකසීමායමෙව “මානත‍්තං සමාදියාමි, වත‍්තං සමාදියාමී”ති වුත‍්තනයෙන වත‍්තං සමාදාතබ‍්බං. වත‍්තං සමාදියිත්‍වා තත්‍ථෙව සඞ‍්ඝස‍්ස ආරොචෙතබ‍්බං, ආරොචෙන‍්තෙන ච එවං ආරොචෙතබ‍්බං –

මෙසේ ආපත්තීන්ගේ වසයෙන් කර්‍මවාක්‍යයකොට මානත දුන්කල්හි “එවමෙතං ධාරයාමි”යි කර්‍මවාක්‍යයාගේ කෙළවර මාලකසීමාවෙහිදීම “මානත්තං සමාදියාමි වත්තං සමාදියාමි” කියූනයින්ම වතසමාදන් වියයුතුය. සමාදන්ව එහිදීම සඞ්ඝයාට ආරොචනය කටයුතුය. ආරොචනය කරන්නහු විසින්ද -

“අහං , භන‍්තෙ, එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං අප‍්පටිච‍්ඡන‍්නං, සොහං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිස‍්සට‍්ඨියා අප‍්පටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචිං, තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිස‍්සට‍්ඨියා අප‍්පටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං අදාසි. සොහං මානත‍්තං චරාමි, වෙදයාමහං, භන‍්තෙ ‘වෙදයතී’ති මං සඞ‍්ඝො ධාරෙතූ”ති.

“අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං සොහං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං, තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සොහං මානත්තං චරාමි, වෙදියාමහම්භන්තෙ වෙදියතීති මං සඞ්ඝො ධාරෙතු” යි මෙසේ ආරොචනය කටයුතුය.

ඉමඤ‍්ච පන අත්‍ථං ගහෙත්‍වා යාය කායචි භාසාය ආරොචෙතුං වට‍්ටතියෙව. ආරොචෙත්‍වා සචෙ නික‍්ඛිපිතුකාමො, වුත‍්තනයෙනෙව සඞ‍්ඝමජ‍්ඣෙ නික‍්ඛිපිතබ‍්බං. මාළකතො භික‍්ඛූසු නික‍්ඛන‍්තෙසු එකස‍්සපි සන‍්තිකෙ නික‍්ඛිපිතුං වට‍්ටති. මාළකතො නික‍්ඛමිත්‍වා සතිං පටිලභන‍්තෙන සහගච‍්ඡන‍්තස‍්ස සන‍්තිකෙ නික‍්ඛිපිතබ‍්බං. සචෙ සොපි පක‍්කන‍්තො, අඤ‍්ඤස‍්ස යස‍්ස මාළකෙ නාරොචිතං, තස‍්ස ආරොචෙත්‍වා නික‍්ඛිපිතබ‍්බං. ආරොචෙන‍්තෙන පන අවසානෙ “වෙදයතීති මං ආයස‍්මා ධාරෙතූ”ති වත‍්තබ‍්බං. ද‍්වින‍්නං ආරොචෙන‍්තෙන “ආයස‍්මන‍්තා ධාරෙන‍්තූ”ති, තිණ‍්ණං ආරොචෙන‍්තෙන “ආයස‍්මන‍්තො ධාරෙන‍්තූ”ති වත‍්තබ‍්බං. නික‍්ඛිත‍්තකාලතො පට‍්ඨාය පකතත‍්තට‍්ඨානෙ තිට‍්ඨති.

මේ අර්‍ත්‍ථය ගෙණ යම්කිසි භාෂාවකින් ආරොචනය කිරීම වටීමය. ආරොචනයකොට බහාතබනු කැමැත්තේනම් කියූනයින්ම සඟමැද නික්‍ෂෙප කටයුතුය. මාළකයෙන් භික්‍ෂූන් නික්ම ගිය කල්හි එකක්හුගේ සමීපයෙහිද නික්‍ෂෙප කළ හැකිය. මාළකයෙන් නික්මී සිහිය ලබන්නහු විසින් කැටුව යන්නකුගේ සමීපයෙහි නික්‍ෂෙප කටයුතුය. හෙතෙමේද ගියේනම්, මාළකයෙහි යම් අනිකක්හට ආරොචනය නොකරන ලද්දේ ද ඔහුට ආරොචනයකොට නික්‍ෂෙප කටයුතුය. ආරොචනය කරන්නහු විසින් අවසානයෙහි “වෙදීයතිති මං ආයස්මා ධාරෙතු”යි කියයුතුය. දෙදෙනක්හට ආරොචනය කරන්නහු විසින් “ආයස්මන්තා ධාරෙන්තු”යිද තිදෙනක්හට ආරොචනය කරන්නහු විසින් “ආයස්මන්තො ධාරෙන්තු”යි කියයුතුය. නික්‍ෂෙපය කළතැන් පටන් ප්‍රකෘති ආත්ම ස්ථානයෙහි සිටියි.

සචෙ අප‍්පභික‍්ඛුකො විහාරො හොති, සභාගා භික‍්ඛූ වසන‍්ති, වත‍්තං අනික‍්ඛිපිත්‍වා අන‍්තොවිහාරෙයෙව රත‍්තියො ගණෙතබ‍්බා. අථ න සක‍්කා සොධෙතුං, වුත‍්තනයෙනෙව වත‍්තං නික‍්ඛිපිත්‍වා පච‍්චූසසමයෙ චතූහි පඤ‍්චහි වා භික‍්ඛූහි සද‍්ධිං පරික‍්ඛිත‍්තස‍්ස විහාරස‍්ස පරික‍්ඛෙපතො, අපරික‍්ඛිත‍්තස‍්ස පරික‍්ඛෙපාරහට‍්ඨානතො ද‍්වෙ ලෙඩ‍්ඩුපාතෙ අතික‍්කමිත්‍වා මහාමග‍්ගතො ඔක‍්කම‍්ම ගුම‍්බෙන වා වතියා වා පටිච‍්ඡන‍්නට‍්ඨානෙ නිසීදිතබ‍්බං. අන‍්තොඅරුණෙයෙව වුත‍්තනයෙන වත‍්තං සමාදියිත්‍වා ආරොචෙතබ‍්බං. සචෙ අඤ‍්ඤො කොචි භික‍්ඛු කෙනචිදෙව කරණීයෙන තං ඨානං ආගච‍්ඡති, සචෙ එස තං පස‍්සති, සද‍්දං වාස‍්ස සුණාති, ආරොචෙතබ‍්බං. අනාරොචෙන‍්තස‍්ස රත‍්තිච‍්ඡෙදො චෙව වත‍්තභෙදො ච.

භික්‍ෂූන් ටිකදෙනකු වසන විහාරයක්වේද, සභාග භික්‍ෂූහු වෙසෙත්ද වත නික්‍ෂෙප නොකොට වෙහෙර තුළම රාත්‍රීහු ගිණිය යුත්තාහ. එකල්හි ශුද්ධ කරන්නට නොහැක්කේ නම් කියූනයින්ම වත නික්‍ෂෙපකොට අලුයම් කාලයෙහි මහණුන් සතරපස්නමක් සමග වටකළ විහාරයෙහි වටකළ පවුර පටන්, නොවටකළ විහාරයෙහි පවුරු බැදීමට සුදුසු තැන පටන් ලෙඩ්ඩුපාත දෙකක් ඉක්මවා මහමගින් පහව වනලැහැබෙකින් හෝ වැටකින් හෝ පිළිසන් තැනක හිඳිය යුතුය. අරුණ තුළම කියූනයින් වත සමාදන්ව ආරොචනය කටයුතුය. අන්කිසි මහණෙක් කිසි කටයුත්තක් කරුණුකොට ඒ ස්ථානයට ඒනම්, මෙතෙමේ ඔහු දකීනම්, මොහුගේ ශබ්දය හෝ අසා නම්, ආරොචනය කටයුතුය. ආරොචනය නොකරන්නහුට රාත්‍රිච්ඡෙදයද වතබිඳීමද වේ.

අථ ද‍්වාදසහත්‍ථං උපචාරං ඔක‍්කමිත්‍වා අජානන‍්තස‍්සෙව ගච‍්ඡති, රත‍්තිච‍්ඡෙදො හොති එව, වත‍්තභෙදො පන නත්‍ථි. ආරොචිතකාලතො පට‍්ඨාය ච එකං භික‍්ඛුං ඨපෙත්‍වා සෙසෙහි සති කරණීයෙ ගන‍්තුම‍්පි වට‍්ටති. අරුණෙ උට‍්ඨිතෙ තස‍්ස භික‍්ඛුස‍්ස සන‍්තිකෙ වත‍්තං නික‍්ඛිපිතබ‍්බං. සචෙ සොපි කෙනචි කම‍්මෙන පුරෙඅරුණෙයෙව ගච‍්ඡති, අඤ‍්ඤං විහාරතො නික‍්ඛන‍්තං වා ආගන‍්තුකං වා යං පඨමං පස‍්සති, තස‍්ස සන‍්තිකෙ ආරොචෙත්‍වා වත‍්තං නික‍්ඛිපිතබ‍්බං. අයඤ‍්ච යස‍්මා ගණස‍්ස ආරොචෙත්‍වා භික‍්ඛූනඤ‍්ච අත්‍ථිභාවං සල‍්ලක‍්ඛෙත්‍වාව වසි, තෙනස‍්ස ඌනෙ ගණෙ චරණදොසො වා විප‍්පවාසො වා න හොති. සචෙ න කඤ‍්චි පස‍්සති, විහාරං ගන‍්ත්‍වා අත‍්තනා සද‍්ධිං ගතභික‍්ඛූසු එකස‍්ස සන‍්තිකෙ නික‍්ඛිපිතබ‍්බන‍්ති මහාසුමත්‍ථෙරො ආහ. මහාපදුමත්‍ථෙරො පන “යං පඨමං පස‍්සති, තස‍්ස ආරොචෙත්‍වා නික‍්ඛිපිතබ‍්බං; අයං නික‍්ඛිත‍්තවත‍්තස‍්ස පරිහාරො”ති ආහ.

නොහොත් දොළොස් රියන් උපාචරයට බැස නොදන්නා කල්හිමයේ නම්, රාත්‍රිච්ඡෙදයම වේ. වතබිඳීමෙක් නැත්තේය. ආරොචනය කළ කාලයෙහි පටන් එක් මහණකු සෙස්සන් විසින් කටයුත්තක් ඇති කල්හි යෑමද වටියි. අරුණ නැගි කල්හි ඒ මහණහුගේ සමීපයෙහි වන නික්‍ෂෙප කටයුතුය. හෙතෙමේද කිසි කර්‍මාන්තයක් නිසා අරුණට පළමුවම යේනම්, විහාරයෙන් නික්මුනු යම් ආගන්තුකයකු හෝ පළමුකොට දකීනම් ඔහුගේ සමීපයෙහි ආරොචනයකොට වත නික්‍ෂෙප කටයුතුය. මෙතෙමේද යම් හෙයකින් ගණයාහට ආරොචනයකොට භික්‍ෂූන් ඇති බවද සලකා විසූයේද, ඒ කාරණයෙන් මේ මහණහුට ඌනෙ ගණෙ චරණදොෂයද විප්‍රවාසයද නොවේ. ඉදින් කිසිවකු නොදනීනම් විහාරයට ගොස් තමන් සමග ගිය මහණුන් අතුරෙහි එකක්හුගේ සමීපයෙහි නික්‍ෂෙප කටයුතු යයි මහාසුම්ම ස්ථවිර තෙමේ කීයේය. මහාපදුම ස්ථවිරතෙමේ වනාහි ‘යමකු පළමුකොට දකීද ඔහුට ආරොචනය කොට නික්‍ෂෙප කටයුතුය. මෙය නික්‍ෂෙප කළ වත් ඇත්තහුට පරිහාරය’යි කීයේය.

එවං ඡාරත‍්තං මානත‍්තං අඛණ‍්ඩං චරිත්‍වා යත්‍ථ සියා වීසතිගණො භික‍්ඛුසඞ‍්ඝො, තත්‍ථ සො භික‍්ඛු අබ‍්භෙතබ‍්බො. අබ‍්භෙන‍්තෙහි ච පඨමං අබ‍්භානාරහො කාතබ‍්බො. අයඤ‍්හි නික‍්ඛිත‍්තවත‍්තත‍්තා පකතත‍්තට‍්ඨානෙ ඨිතො, පකතත‍්තස‍්ස ච අබ‍්භානං කාතුං න වට‍්ටති, තස‍්මා වත‍්තං සමාදාපෙතබ‍්බො. වත‍්තෙ සමාදින‍්නෙ අබ‍්භානාරහො හොති. තෙනාපි වත‍්තං සමාදියිත්‍වා ආරොචෙත්‍වා අබ‍්භානං යාචිතබ‍්බං. අනික‍්ඛිත‍්තවත‍්තස‍්ස පුන වත‍්තසමාදානකිච‍්චං නත්‍ථි. සො හි ඡාරත‍්තාතික‍්කමෙනෙව අබ‍්භානාරහො හොති, තස‍්මා සො අබ‍්භෙතබ‍්බො. තත්‍ර ය‍්වායං “එවඤ‍්ච පන, භික‍්ඛවෙ, අබ‍්භෙතබ‍්බො”ති පාළියංයෙව අබ‍්භානවිධි වුත‍්තො, අයඤ‍්ච එකාපත‍්තිවසෙන වුත‍්තො. සචෙ පන ද‍්වෙ තිස‍්සො සම‍්බහුලා වා එකවත්‍ථුකා වා නානාවත්‍ථුකා වා ආපත‍්තියො හොන‍්ති, තාසං වසෙන කම‍්මවාචා කාතබ‍්බා. එවං අප‍්පටිච‍්ඡන‍්නමානත‍්තං දාතබ‍්බං. පටිච‍්ඡන‍්නමානත‍්තං පන යස‍්මා පටිච‍්ඡන‍්නාය ආපත‍්තියා පරිවුත්‍ථපරිවාසස‍්ස දාතබ‍්බං හොති, තස‍්මා නං පරිවාසකථායංයෙව කථයිස‍්සාම.

මෙසේ සරැයක් මුළුල්ලෙහි මානත නොකඩව හැසිර යම්තැනක වීසතිගණ භික්‍ෂුසඞ්ඝතෙමේ වන්නේද, එහිදී ඒ මහණතෙමේ අබ්හාන කටයුතුය. අබ්හාන කරන්නහු විසින්ද පළමුකොට අබ්හානයට සුදුස්සෙක් කටයුතුය. මෙතෙමේ වනාහි නික්‍ෂෙපකළ වත් ඇති බැවින් ප්‍රකෘති ආත්මස්ථානයෙහි සිටුනේය. ප්‍රකෘති ආත්ම ඇත්තහුට අබ්හාන කිරීම නොවටියි. එහෙයින් වත සමාදන් කරවිය යුතුය. වත සමාදන් වූ කල්හි අබ්හානයට සුදුස්සේ වේ. ඔහු විසිනුදු වත සමාදන්ව ආරොචනයකොට අබ්හානය යාඥා කටයුතුය. නික්‍ෂෙප නොකළවත් ඇත්තහුට නැවත වත් සමාදන් වීමෙහි කිසක් නැත්තේය. ඒ මානත්තචාරික භික්‍ෂු තෙමේ සරැය ඉක්මීමෙහිදීම අබ්හානයට සුදුසුවූයේ වේ. එහෙයින් හෙතෙමේ අබ්හාන කටයුත්තේය. එහි යම්මේ “එවඤ්ච පන භික්‍ඛවෙ අබ්හෙතබ්බො”යි පෙළෙහිම අබ්හාන විධියක් වදාරණ ලද්දේ ද, මෙද එක් ඇවැතකගේ වසයෙන් වදාරණ ලදී. දෙකක් තුනක් හෝ බොහෝවූ හෝ එකවස්තුකවූ හෝ ආපත්තීහු වෙත්ද, ඔවුන්ගේ වසයෙන් කර්‍මවාක්‍යය කටයුතුය. මෙසේ අපටිච්ඡන්නමානත්තය දියයුතුය. පටිච්ඡන්නමානත්තය වනාහි යම් හෙයකින් ප්‍රතිච්ඡන්න ආපත්තිය නිමිතිකොට විසූ පිරිවෙස් ඇත්තහුට දියයුතු වේද, එහෙයින් එය පරිවාසකථාවෙහිදීම කියන්නෙමු.