3. මානත්තාරහවත්තං
3. මානත්තාරහවත්තං
3. මානත්තාරහ වත
1. තෙන ඛො පන සමයෙන මානත්තාරහා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං, පච්චුට්ඨානං, අඤ්ජලිකම්මං, සාමීචිකම්මං, ආසනාභිහාරං, සෙය්යාභිහාරං, පාදොදකං, පාදපීඨං, පාදකඨලිකං, පත්තචීවර පටිග්ගහණං, නහානෙ පිට්ඨිපරිකම්මං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම මානත්තාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මන්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. එ සමයෙහි මානත්තාරහ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳුම්, සාමීචිකර්ම, අසුන් එළැවීම්, යහන් එළැවීම්, පාදොවුන් දිය එළැවීම්, පාපුටුව එළැවීම්, පාකටෙලි එළැවීම්, පාසිවුරු පිළිගැණුම්, නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත්, අපිස් ගුණැති සන්තුෂ්ටවූ ලජ්ජීවූ කුක්කුච්චකවූ ශික්ෂාකාමවූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මානත්තාරහ භික්ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම් දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙ කී වත් ඉවසන්නාහුදැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ.
2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛු පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ මානත්තාරහා භික්ඛූ සාදියන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මන්ති. “සච්චං භගවා.”
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස්කරවා “මහණෙනි, මානත්තාරහ භික්ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත් යනු සැබෑ දැ?” යි භික්ෂූන් විචාළ සේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
3. විගරහි බුද්ධො භගවා: කථං හි නාම භික්ඛවෙ මානත්තාරහා භික්ඛූ සාදියිස්සන්ති පකතත්තානං භික්ඛූනං අභිවාදනං පච්චුට්ඨානං -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් මානත්තාරහ භික්ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත්, ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ ... යැ යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූ සේක:
4. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සාදිතබ්බං පකතත්තානං භික්ඛූනං අභිවාදනං, පච්චුට්ඨානං, -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං. යො සාදියෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, මානත්තාරහානං භික්ඛූනං මිථු යථාබුඩ්ඪං අභිවාදනං, පච්චුට්ඨානං, -පෙ- නහානෙ පිට්ඨිපරිකම්මං.
4. “මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මේ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මානතට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම් අනුදනිමි.
5. අනුජානාමි භික්ඛවෙ මානත්තාරහානං භික්ඛූනං පඤ්ච යථාබුඩ්ඪං උපොසථං, පවාරණං, වස්සිකසාටිකං, ඔනොජනං, භත්තං.
5. මහණෙනි, මානත්තාරහ මහණුනට උපෝසථය, පවාරණාව, වැසිසළු පිළිගැන්ම, ඕනෝජනය (පසුවට පිළිගන්නා අදහසින් එ දිනට නියමිත බත අත් හැරීම), චතුශ්ශාල බත පිළිගැන්ම, යන පස මහලු පිළිවෙළින් කිරීමට අනුදනිමි.
6. තෙන හි භික්ඛවෙ මානත්තාරහානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි, යථා මානත්තාරහෙහි භික්ඛූහි වත්තිතබ්බං. මානත්තාරහෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා:
6. එහෙයින් මහණෙනි, යම්සේ මානත්තාරහ මහණුන් විසින් පැවැතිය යුතු ද, එසේ ඔවුනට වත් පණවන්නෙමි. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
7. න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. -පෙ- න භික්ඛූහි සම්පයොජෙතබ්බං. න, භික්ඛවෙ, මානත්තාරහෙන භික්ඛුනා පකතත්තස්ස භික්ඛුනො පුරතො ගන්තබ්බං, න පුරතො නිසීදිතබ්බං. යො හොති සඞ්ඝස්ස ආසනපරියන්තො සෙය්යාපරියන්තො විහාරපරියන්තො, සො තස්ස පදාතබ්බො, තෙන ච සො සාදිතබ්බො.
7. තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු. නිස නො දියයුතු. සාමෙණෙරයෙක් උපස්ථානයට නො ගතයුතු. ... මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු ව නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සංඝයාගේ යම් අන්තිම අස්නෙක්, අන්තිම යහනෙක්, අන්තිම වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
8. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනො පුරෙසමණෙන වා පච්ඡාසමණෙන වා කුලානි උපසඞ්කමිතබ්බානි, න ආරඤ්ඤිකඞ්ගං සමාදියිතබ්බං, න පිණ්ඩපාතිකඞ්ගං සමාදියිතබ්බං, න තප්පච්චයා පිණ්ඩපාතො නීහරාපෙතබ්බො ‘මා මං ජානිංසූ’ති.
8. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ හෝ පසු වැ යන මහණකු වැ කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. මා (පිරිවෙස් පුරණබව) නොදනිත්වා” යි එ කරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
9. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
9. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙකින් අභික්ෂුක ආවාසයට නො යා යුතු ... මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් අභික්ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
10. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
10. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණකු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක අනාවාසයෙන් අභික්ෂුක ආවාසයට නො යා යුතු ... අභික්ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
11. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා අභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- අභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
11. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ අභික්ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ අභික්ෂුක ආවාසයට නො යා යුතු. ... අභික්ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
12. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
12. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.
13. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
13. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යායුතු. ... සභික්‍ෂුක අනාවාසයට ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.
14. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො අනාවාසො ගන්තබ්බො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා ගන්තබ්බො යත්ථස්සු භික්ඛූ නානාසංවාසකා අඤ්ඤත්ර පකතත්තෙන අඤ්ඤත්ර අන්තරායා.
14. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
15. ගන්තබ්බො භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා සභික්ඛුකො ආවාසො යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති. -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
15. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් සමානසංවාසක භික්ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා, සභික්‍ෂුක ආවාසයට යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට ... සමානසංවාසක මහණුන් ඇති, ‘අදම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
16. ගන්තබ්බො භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා අනාවාසා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
16. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් සමානසංවාසක භික්ෂූන් ඇති ‘අදම යා හැක්කෙමි’යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
17. ගන්තබ්බො භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා සභික්ඛුකා ආවාසා වා අනාවාසා වා සභික්ඛුකො ආවාසො -පෙ- සභික්ඛුකො අනාවාසො -පෙ- සභික්ඛුකො ආවාසො වා අනාවාසො වා, යත්ථස්සු භික්ඛූ සමානසංවාසකා, යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති.
17. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සමානසංවාසක භික්ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
18. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං, න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. පකතත්තං භික්ඛුං දිස්වා ආසනා වුට්ඨාතබ්බං. පකතත්තො භික්ඛු ආසනෙන නිමන්තෙතබ්බො. න පකතත්තෙන භික්ඛුනා සද්ධිං එකාසනෙ නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
18. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් නිමැතියැ යුතු. පුවතත් මහණක්හු හා එකස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නැ නො ඉන්දැ යුතු. ඔහු බිම උන් කල්හි තමා අස්නෙක නො ඉන්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුවෙක සක්මන් කරණ කල්හි තමා උස් සක්මන් මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කල්හි තමා සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු.
19. න භික්ඛවෙ මානත්තාරහෙන භික්ඛුනා පාරිවාසිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- මූලායපටිකස්සනාරහෙන භික්ඛුනා සද්ධිං -පෙ- මානත්තචාරිකෙන භික්ඛුනා සද්ධිං -පෙ- අබ්භානාරහෙන භික්ඛුනා සද්ධිං එකච්ඡන්නෙ ආවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ අනාවාසෙ වත්ථබ්බං. න එකච්ඡන්නෙ ආවාසෙ වා අනාවාසෙ වා වත්ථබ්බං. න එකාසනෙං නිසීදිතබ්බං. න නීචෙ ආසනෙ නිසින්නෙ උච්චෙ ආසනෙ නිසීදිතබ්බං. න ඡමායං නිසින්නෙ ආසනෙ නිසීදිතබ්බං. න එකචඞ්කමෙ චඞ්කමිතබ්බං. න නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං. න ඡමායං චඞ්කමන්තෙ චඞ්කමෙ චඞ්කමිතබ්බං.
19. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පිරිවෙස් වසන මහණකු හා … මූලායපටිකස්සනාරහ මහණකු හා ... මානත්තාරහ (වඩා මහලු) මහණකු හා ... මානත පුරණ මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. ඔහු හා එකස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු මිටි අස්නැ උන් කලැ තමා උසස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු බිමැ උන් කලැ තමා අස්නෙක නො ඉන්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන් මළුවෙක සක්මන් නො කළ යුතු.
20. මානත්තාරහචතුත්ථො චෙ භික්ඛවෙ පරිවාසං දදෙය්ය, මූලාය පටිකස්සෙය්ය, මානත්තං දදෙය්ය, තබ්බීසො අබ්භෙය්ය, අකම්මං, න ච කරණීයන්ති.
20. මහණෙනි, මානතට සුදුස්සා සිවුවනු කොටැති වැ පිරිවෙස දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති වැ අබ්භාන කරන්නේ නම්, ඒ අකර්මයෙක, නො ද කටයුතු.
මානත්තාරහවත්තං නිට්ඨිතං.
මානත්තාරහයා පිළිබඳ වත නිමියේ ය.