7. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං
7. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං
7. පවිටුදෘෂ්ටිය නොදුරැලීමේ උක්ඛේපනීය කර්මය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අරිට්ඨස්ස නාම භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල වනාහි පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන්නා වූ අරිට්ඨ භික්ෂුහට “යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලද්දාහු ද, ඒ ධර්ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වෙයි.
2. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ අරිට්ඨස්ස නාම කිර භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති.
2. පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්ෂුහට “යම් ධර්ම කෙනෙක් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද හු ද, ඒ ධර්ම සෙවුනාහට ස්වර්ගමෝක්ෂ අන්තරාය පිණිස ප්‍රමාණවත් නොවෙති යි. සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වේ යැ යි මෙ පවත් බොහෝ භික්ෂූහු ඇසූහ.
3. අථ ඛො තෙ භික්ඛූ යෙන අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතදවොචුං:
3. ඉක්බිති ඒ භික්ෂූහු පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්ෂු කරා එළැඹියහ. එළැඹ එගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට මෙසේ කීහු:
“සච්චං කිර තෙ ආවුසො අරිට්ඨ එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
“ඇවැත්නි අරිට්ඨයෙනි, යම් ඒ ධර්ම කෙනෙක් සගමොක් දෙකට අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලදහු ද, ඒ ධර්ම සේවනය කරන්නහුට එසේ ස්වර්ගමෝක්ෂ අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් ය යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් ඔබට උපන්නේ ලු. ඒ සැබෑදැ?” යි.
“එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්මයෝ යම්සේ දෙසන ලදහු ද, ඒ ධර්ම සේවනය කරන්නහුට සගමොක් දෙකට අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් යැ යි මෙසේ සිතිය හැකිසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි” යි හේ කීය.
4. මා ආවුසො අරිට්ඨ එවං අවච මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය. අනෙකපරියායෙන ආවුසො අරිට්ඨ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය.
4. “ඇවැත් අරිට්ඨයෙනි, එසේ නො කියව. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො කරව, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරණ සේක් ම ය. ඇවැත් අරිට්ඨයෙනි, අන්තරායකර ධර්මයෝ නොයෙක් ආකාරයෙන් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. ඒ ධර්ම සේවනය කරන්නාට (සගමොක්) අවුරණු පිණිස සමත් ම ය.
“අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
“කාමයෝ අල්ප වූ ආශ්වාද ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි උවදුරු බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තෝය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
මංසපෙසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
තිණුක්කූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ තණසුලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ අඟුරුවළකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
සුපිණකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ සිහිනයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
යාචිතකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ (තාවකාලිකව) ඉල්ලා ගන්නා ලද්දකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ ගසක ගෙඩි හා උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
අසිසූනූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ මස්කපන කැත්ත හා මස්ලොඹුවකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
කාමයෝ සිරියක් හා සූලායුධයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො”ති.
කාමයෝ සර්පශීර්ෂයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
5. එවම්පි ඛො අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙහි භික්ඛූහි වුච්චමානො තථෙව තං පාපකං දිට්ඨිගතං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරති: “එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
5. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුතෙම ඒ භික්ෂූන් විසින් මෙසේ කියනු ලැබූයේ “ඇවැත්නි, යම් මේ අන්තරායකර ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරණ ලද ද, ඒ ධර්ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද ධර්මයක් මම දනිමි” යි ඒ ලාමක දෘෂ්ටිය එ ලෙස ම දැඩි කොට ගෙණ ඊට ඇතුල්වී ව්‍යවහාර කෙරෙයි.
යතො ච ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
ගද්ධබාධිපුබ්බ අරිට්ඨ මහණ මේ ලාමක මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් හෙයකින් ඒ භික්ෂූහු අසමත් වූවාහු ද, එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළැඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.
6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං පටිපුච්ඡි: සච්චං කිර තෙ, අරිට්ඨ, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි ප්‍රකරණයෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා “අරිට්ඨය, ‘යම් මේ අන්තරායකර ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරනලද ද, ඒ ධර්මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් ය යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි’ යි මෙ බඳු ලාමක දෘෂ්ටියක් තට උපන්නේ ය යනු සැබෑදැ” යි අරිට්ඨ මහණහු පුළුවුත් සේක.
“එවං බ්යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති.
“යම් මේ අන්තරායකර ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදහු ද, ඒ ධර්මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස සමර්ත්ථ නො වෙත් යැයි සිතිය හැකි සේ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි” යි (අරිට්ඨ මහණ කී ය).
“කස්ස නු ඛො නාම ත්වං, මොඝපුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය.
“හිස් පුරුෂය, මවිසින් කවරකුට එසේ දෙසූ ධර්මයක් නුඹ දනිහි ද, හිස් පුරුෂය, මවිසින් නන් අයුරින් අන්තරායකර ධර්මයෝ අන්තරායකරහ යි ප්‍රකාශ කරණ ලද්දාහු නො වෙත් ද, සේවනය කරන්නාට සඟමොක් වළකනු පිණිස ඒ දහම් සමත් නො වෙත් ද?
7. අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
7. මවිසින් කාමයෝ අල්ප ආශ්වාද (රස විඳගැණුම්) ඇත්තෝ ය, බොහෝ දුක් ඇත්තෝ ය, දැඩි ආයාස ඇත්තෝ ය, මේ කාමයෙහි ආදීනව බොහෝය යි පවසන ලදහ.
අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
මංසපෙසූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
තිණුක්කූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ තණසුලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
අඞ්ගාරකාසූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ අඟුරුවළකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
සුපිණකූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ සිහිනයකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
යාචිතකූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ ඉල්ලාගන්නා ලද්දකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
රුක්ඛඵලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ ගසක ගෙඩි හා උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
අසිසූනූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ මස් කපන කැත්ත හා මස්ලොඹුවකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
සත්තිසූලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ සිරිය හා සුලායුධයට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
සප්පසිරූපමා කාමා වුත්තා මයා, බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො.
ම විසින් කාමයෝ සර්පසිරසකට උපමා ඇත්තෝය, බොහෝ දුක් ඇත්තෝ ය, බොහෝ ආයාස ඇත්තෝ ය, මේ කාමයෙහි ආදීනව බොහෝ යයි ප්‍රකාශ කරණ ලදහ.
8. අථ ච පන ත්වං, මොඝපුරිස, අත්තනා දුග්ගහිතෙන අම්හෙ ච අබ්භාචික්ඛසි, අත්තානඤ්ච ඛණසි, බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය. නෙතං, මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
8. එසේ ඇති කල්හිත් හිස්පුරුෂය, තෝ තමන් වරදවා ගත් අදහසින් අපට ද බොරුවෙන් චෝදනා කරන්නෙහි ය. තමන් ගුණ සාරාලන්නෙහි ය. බොහෝ අකුසල් රැස් කරන්නෙහි ය. හිස්පුරුෂය, එය නුඹට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. හිස්පුරුෂය, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වෙයි. (අරිට්ඨ භික්ෂුහට) ගරහා දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක:
තෙන හි භික්ඛවෙ සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මං කරොතු අසම්භොගං සඞ්ඝෙන.
මහණෙනි, එසේ නම් සංඝ තෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි සංඝයා සමග සම්භෝග නැති උක්ඛේපනීයකර්‍මය කෙරේවා.
එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො චොදෙතබ්බො. චොදෙත්වා සාරෙතබ්බො. සාරෙත්වා ආපත්තිං ආරොපෙතබ්බො. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
මහණෙනි, (ඒ උක්ඛේපනීයකර්‍මය) මෙසේ කටයුතු යි. පළමු කොට ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට චෝදනා කළ යුතු යි. චෝදනා කොට (ඇවැත) සිහිපත් කරවිය යුතුයි. (ඇවැත) සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ප්‍රතිබල වූ වියත් මහණකු විසින් සංඝතෙමේ දැන්විය යුතු යි:
9. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය, අසම්භොගං සඞ්ඝෙන. එසා ඤත්ති.
9. “ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට “යම් මේ ධර්ම කෙනෙක් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරණ ලදහු ද, ඒ ධර්ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො වෙත් යැ යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි” යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. හෙ තෙම ඒ දෘෂ්ටිය නො දුරලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සංඝතෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට සංඝයා සමග ධර්මාමිෂ සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය. මේ ඤත්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං, “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට “යම් මේ අන්තරයාකර ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ දෙසන ලදහු ද, ඒ ධර්ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො වෙත් යැ යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි”යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. හෙ තෙම ඒ ලාමක දෘෂ්ටිය නො දුරලයි. සංඝතෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට සංඝයා සමග සම්භෝග නැති ඒ ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරයි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි: යථා යෙ’මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. සො තං දිට්ඨිං නප්පටිනිස්සජ්ජති. සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරොති අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
දෙවනුවත් මේ කාරණය කියමි ... තෙවනුවත් මේ කාරණය කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට “යම් මේ අන්තරායකර ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලදහු ද, ඒ ධර්ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නොවෙත් යැයි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි”යි, මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. ඒ අරිට්ඨ භික්ෂු තෙම ඒ ලාමක දෘෂ්ටිය නො දුරලයි. සඞ්ඝ තෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ඒ ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරයි. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට සඞ්ඝයා සමග ධර්මාමිෂ සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා, යමකුට රුචි නොවේ නම් හෙ තෙම් කියාවා.
කතං සඞ්ඝෙන අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අසම්භොගං සඞ්ඝෙන. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් ගද්ධබාධිපුඛබ අරිට්ඨ භික්ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්මය කරණ ලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මෙය මෙසේ පිළිගණිමි” යි.
10. ආවාසපරම්පරඤ්ච භික්ඛවෙ සංසථ, “අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො අසම්භොගං සඞ්ඝෙනා”ති.
10. මහණෙනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට සංඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්මය කරණ ලද්දේ යැයි ආවාසයක් පාසා ද දන්වව්.
අධම්මකම්මද්වාදසකං
අධර්‍මකර්‍ම දොළොස
1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අපටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
1. මහණෙනි, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ අඞ්ග තුණෙකින් යුත් උක්ඛේපනීය කර්මය නො දැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද නො සංහිඳුනෙක් ද වෙයි. නො හමුවෙහි කරණ ලද්දේ වේ ද, නො පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, ලාමක දෘෂ්ටිය නො දුරලීමේ කළ මේ අඞ්ග තුණින් යුතු උක්ඛේපනීය කර්මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනයකමෙක් ද වෙයි. නො සංහිඳුනෙක් ද වෙයි.
2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
2. මහණෙනි, ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත උක්ඛේපනීය කර්මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නො සංහිඳුනක් ද වෙයි. නො ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ වේ ද ...
3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, අසාරෙත්වා කතං හොති, ආපත්තිං අනාරොපෙත්වා කතං හොති -පෙ-
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... චෝදනා නො කොට කරණ ලද ද, සිහිපත් නො කරවා කරණ ලද ද, ඇවැතට නොනංවා කරණ ලද ද ...
4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... නො හමුවෙහි කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... නො පිළිවිස කරණ ලද්දේ වේ ද නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අපටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
6. මහණෙනි, අන්‍ය වූ අඞ්ග තුණෙකින් ... පිළිණ නො ගෙණ කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
7. මහණෙනි, අන්‍ය වූ අඞ්ග තුණෙකින් ... නො ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... ඇවැත දෙසූ කල්හි කරණ ලද ද, නො දැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
10. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති -පෙ-
11. මහණෙනි, අන්‍ය වූද අඞ්ග තුණෙකින් යුතු ... සිහිපත් නො කරවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුතු, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නොසංහිඳුනෙක් ද වෙයි. ඇවැත නො නංවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද මහණෙනි, මෙ අඞ්ග තුණෙන් යුක්ත වූ ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නො සංහිඳුනෙක් ද වෙයි.
අධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
අධර්මකම් දොළොස නිමි.
ධම්මකම්මද්වාදසකං
ධර්මකම් දොළොස
1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මඤ්ච සුවුපසන්තං ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මඤ්ච සුවුපසන්තං ච:
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත වූ ලාමක දෘෂ්ටියනොදුරලීමෙහි කළ උක්ඛේපනීය කර්මය දැහැමිකමෙක් ද වෙයි, විනයකමෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණගෙණ කරණ ලද්දේ වේද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුතු ලාමක දෘෂ්ටිය නොදුරලීමේ උක්ඛේපනීය කර්මය දැහැමිකමෙක් ද වෙයි. විනයකමෙක් ද වෙයි. මනා ව සංහිඳුනෙක් ද වෙයි.
2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති, විනයකම්මඤ්ච සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති -පෙ-
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුතු ලාමක දෘෂ්ටිය නොදුරලීමේ උක්ඛේපනීය කර්මය දැහැමිකමෙක් ද වෙයි, විනයකමෙක් ද මනා ව සංසිඳුනෙක් ද වෙයි: ඇවත ඇති කල්හි කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, ඇවැත නො දෙසූ කල්හි කරණ ලද ද ...
3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති -පෙ-
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... චෝදනා කොට කරණ ලද ද, සිහිපත් කරවා කරණ ලද ද, ඇවැත නංවා කරණලද ද ...
4. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... හමුවෙහි කරණලද ද, දැහැමින් කරණලද ද සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
5. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... පිළිවිස කරණ ලද ද, දැහැමින් කරණ ලද ද සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
6. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... පිළිණ ගෙණ කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
7. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... ඇවැත ඇති කල්හි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
8. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමගි වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
9. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... දෙසූ ඇවැතෙහි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
10. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
10. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... චෝදනා කොට කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
11. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති -පෙ-
11. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... සිහිපත් කරවා කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
12. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි -පෙ- ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං ධම්මකම්මඤ්ච හොති, විනයකම්මඤ්ච, සුවුපසන්තඤ්ච:
12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි කළ උක්ඛේපනීය කර්මය දැහැමිකමෙක් ද වෙයි. විනය කමෙක් ද වෙයි. මනා ව සංහිඳුනෙක් ද වෙයි. ඇවැත නංවා කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත්, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්මය දැහැමි කමෙක් ද වෙයි. විනය කමෙක් ද වෙයි. මනාව සංහිඳුනෙක් ද යෙයි.
ධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
දැහැමිකම් දොළොස නිමි.
ආකඞ්ඛමානඡක්කං
ආකඞ්ඛමාන ෂටකය
1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි, ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත භික්ෂුහට සංඝ තෙම කැමැති වන්නේ නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්මය කරන්නේ ය ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇති කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයෙහි අධිකරණ ඉදිරිපත් කරන්නේ වේ ද, අඥ වූයේ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ කෙළවරක් නැති ඇවැත් ඇත්තේ වේ ද, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නො වූ ගිහීසංර්ගයෙන් යුක්ත වැ වසයි ද මහණෙනි, මේ අඞ්ග තුණින් යුතු මහණහට සංඝ තෙම් කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරන්නේ ය.
2. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමේ උක්ඛේපනීය කර්මය කරන්නේ ය: උත්තම ශීලයෙහි නටුවාවූ සිල් ඇත්තේ ද, උතුම් ආචාරයෙහි නටුවාවූ ආචාර ඇත්තේ ද, උතුම් සම්යදෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්මය කරන්නේ ය.
3. අපරෙහිපි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියයි ද, දමුරුවන්හි අයුණු කියයි ද, සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්මය කරන්නේ ය.
4. තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
4. මහණෙනි, භික්ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරන්නේය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇතිකරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා හමුවේ අධිකරණ කරන්නේ වේ ද, එක් මහණෙක් බාල වූයේ නො වියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ සීමාරහිත ඇවැත් ඇත්තේ වේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, මහණෙනි, මේ භික්ෂූන් තිදෙනාට සංඝතෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්මය කරන්නේ ය.
5. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
5. මහණෙනි, අන්‍ය වූ ද භික්ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්මය කරන්නේ ය: එක් මහණෙක් උත්තමශීලයෙහි විපන් සිල් ඇත්තේ ද, උත්තමාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ ද, එක් මහණෙක් උතුම් දෘෂ්ටියෙහි නටුවා වූ දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්ෂූන් තිදෙනාට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්මය කරන්නේ ය.
6. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය: එකො බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ධම්මස්ස අවණ්ණං භාසති, එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සගෙ උක්ඛෙපනීයකම්මං කරෙය්ය.
6. මහණෙනි, අන්‍ය වූ ද භික්ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්මය කරන්නේ ය: එක් මහණෙක් බුදුරුවන්හි අගුණ කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අගුණ කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අගුණ කියයි ද, මහණෙනි, මේ භික්ෂූන් තිදෙනාට සංඝ තෙම කැමැති නම්, පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරන්නේ ය.
පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සගෙ උක්ඛෙපනීයකම්මෙ ආකඞ්ඛමානඡක්කං නිට්ඨිතං.
ලාමක දෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්මයෙහි ආකඞ්ඛමාන ෂට්කය නිමි.
තෙචත්තාළීසවත්තං
තෙසාළිස්වත
1. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මා වත්තනා: න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො, න භික්ඛුනොවාදකසම්මුති සාදිතබ්බා, සම්මතෙනාපි භික්ඛුනියො න ඔවදිතබ්බා, යාය ආපත්තියා සඞ්ඝෙන, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කතං හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා, අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා, කම්මං න ගරහිතබ්බං, කම්මිකා න ගරහිතබ්බා, -පෙ- න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො, න පවාරණා ඨපෙතබ්බා, න සවචනීයං කාතබ්බං, න අනුවාදො පට්ඨපෙතබ්බො, න ඔකාසො කාරෙතබ්බො, න චොදෙතබ්බො, න සාරෙතබ්බො, න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
1. මහණෙනි, පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණු ලැබූ මහණ විසින් මැනැවින් පැවැතිය යුතුයි. එහි මේ මනා ව පැවැත්ම යි: (තමා උපාද්ධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතු යි. නිස නො දිය යුතු යි. හෙරණකු ලවා උවටැන් නො කරවා ගත යුතු යි. මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවසිය යුතු යි. සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දිය යුතු යි. යම් ඇවැතකින් සංඝයා විසින් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණ ලද ද ඒ ඇවැතට නො පැමිණිය යුතු යි. එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයට වැඩි ලාමක ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. කර්මය නො ගැරැහිය යුතු යි. කර්මය කළවුනට නො ගැරහිය යුතු යි ... පුවතත් මහණහුගේ පොහොය තැබීම නො කළ යුතු යි. පවාරණය නො තැබිය යුතු යි. සවචනීය කම් නො කළ යුතු යි. විහාරයෙහි අධිපතිබව්හි නො සිටිය යුතු යි. අවසර ගැණීම නො කරවිය යුතු යි. චෝදනා නො කළ යුතු යි. ඇවැත් සිහිපත් කරවීම නො කළ යුතු යි. භික්ෂූන් ඔවුනොවුන් කලහයට නො යෙදවිය යුතු යි.
පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මෙ තෙචත්තාළීසවත්තං නිට්ඨිතං.
පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්මයෙහි තෙසාළිස් වත නිමි.
1. අථ ඛො සඞ්ඝො අරිට්ඨස්ස භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං අකාසි අසම්භොගං සඞ්ඝෙන. සො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමි.
1. ඉක්බිති සංඝ තෙම පෙර ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්ෂුහට පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි සංඝයා සමග සම්භෝග නැති උක්ඛේපනීය කර්මය කළේ ය. ඒ අරිට්ඨ භික්ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණු ලැබුයේ සිවුරු හැර ගියේ ය.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
2. අපිස්සතොස් ගුණ ඇති, පවට පිළිකුල් කරන, හික්මෙනු කැමැති යම් ඒ භික්ෂූහු වෙත් ද, ඔහු “ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුතෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණ ලද්දේ කෙසේ නම් සිවුරු හැර ගියේ දැ යි” අවඥා කෙරෙත්. දොස් කියත්. නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ.
3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමී”ති “සච්චං භගවා”.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂු සංඝයා රැස් කරවා, “මහණෙනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණු ලැබුයේ සිවුරු හැර ගියේ ය යනු සැබෑ දැ” යි විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ යැ” යි (භික්ෂූහු පිළිතුරු දුන්හ.)
4. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවිකං -පෙ- කථං හි නාම සො භික්ඛවෙ මොඝපුරිසො සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො විබ්භමිස්සති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ සඞ්ඝො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතු”.
4. “මහණෙනි, නුසුදුස්සෙක ... කෙසේ නම් ඒ හිස් පුරුෂ තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය කරණ ලද්දේ සිවුරු හැර ගියේ ද” මහණෙනි, මෙය නොපහන් වුවන්ගේ පැහැදීම පිණිස ... නො වේ යැ යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වෙසෙසින් ගැරහූ සේක. ගරහා දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, එසේ නම් සංඝ තෙම පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය සංහිඳුවාවා.
5. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතො’පි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
5. මහණෙනි, අඞ්ග පසෙකින් යුක්ත භික්ෂුහුගේ පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්මය නො සංහිඳුවිය යුතු යි. උපසම්පදා කරයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටන් කරවා ගණි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලදුවත් මෙහෙණනට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහට පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය නො සංහිඳුවිය යුතු යි.
6. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
6. මහණෙනි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය නො සංහිඳුවිය යුතු යි. යම් ඇවැතෙකින් සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණ ලද නම් ඒ ඇවැතට පැමිණෙයි ද, එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි ද, කර්මයට ගරහයි ද, කර්මය කළවුනට ගරහයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය නො නැවැත්විය යුතු යි.
7. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
7. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය නො සංහිඳුවිය යුතු යි. පුවතත් මහණහුගේ පොහොය තබයි ද, පවාරණය තබයි ද, සවචනීය කම් කරයි ද, විහාරයෙහි අධිපති බව්හි සිටියි ද, අවසර ගැණීම කරවයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්ෂූන් ඔවුනොවුන් කලහ පිණිස යොදවයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්මය නො සංහිඳුවිය යුතු යි.
පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මෙ නපටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්මයෙහි නො සංහිඳුවිය යුතු අංග අටොළොස නිමි.
පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං
සංහිඳුවියයුතු අංග අටොළොස
1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨාපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො න ඔවදති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය සංහිඳුවිය යුතු යි: උපසම්පදා නො කරයි ද, නිස නො දෙයි ද, හෙරණකු උවටනෙහි නො යොදයි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මුතිය නො ඉවසයි ද, සම්මුතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්මය සංහිඳුවිය යුතු යි.
2. අපරෙහිපි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං. යාය ආපත්තියා සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං කතං හොති තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං න ගරහති, කම්මිකෙ න ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
2. මහණෙනි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය සංහිඳුවිය යුතු යි: යම් ඇවැතෙකින් සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණ ලද්දේ නම් ඒ ඇවැතට නො පැමිණෙයි ද, එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණෙයි ද, කර්මයට නො ගරහයි ද, කර්මය කළවුනට නො ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය සංහිඳුවිය යුතු යි.
3. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
3. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය සංහිඳුවිය යුතු යි. පුවතත් මහණක්හුගේ පොහොය නො තබයි ද, පවාරණය නො තබයි ද, සවචනීය කම් නො කරයි ද, විහාරයේ අධිපති බව්හි නො සිටියි ද, අවසර ගැන්වීම නො කරයි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්ෂූන් ඔවුනොවුන් කලහයට නො යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය සංහිඳුවිය යුතු යි.
පාපිකාය දිට්ඨියා අටිප්පනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මෙ පටිප්පස්සම්භෙතබ්බ අට්ඨාරසකං නිට්ඨිතං.
පටිප්පස්සම්භනං
සංහිඳුවීම
1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං: තෙන භික්ඛවෙ පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
1. මහණෙනි, පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි වූ උක්ඛේපනීය කර්මය මෙසේ සංහිඳුවිය යුතු යි: මහණෙනි, පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය කරණු ලැබූ ඒ මහණ විසින් සංඝයා වෙත එළැඹ පොරෝණය ඒකාංශ කොට වැඩිමහලු භික්ෂූන් පා වැඳ උත්කුටුකයෙන් හිඳ දෝත් මුදුන තබා වැඳ මෙසේ කිය යුතු යි:
“අහං භන්තෙ සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි, ලොමං පාතෙමි, නෙත්ථාරං වත්තාමි. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා.
“වහන්ස, මම සඞ්ඝයා විසින් පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණු ලැබූයෙමි. මනා ව පවතිමි. භික්ෂූන් අනුව පවතිමි. නිස්තරණ වතෙහි පවතිමි. පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මයාගේ සංහිඳුවීම යදිමි” යනුයි. දෙවනුත් යැදිය යුතුයි. තෙවනුත් යැදිය යුතු යි.
ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
වියත් ප්‍රතිබල මහණහු විසින් සඞ්ඝ තෙම දැන්විය යුතු යි:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්මයාගේ සංහිඳුවීම් යදියි. ඉඳින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙම මේ නම් ඇති භික්ෂූහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ, උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්ෂු තෙම සඞ්ඝයා විසින් පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්මය කරණ ලැබුයේ මැනැවින් පවතියි. භික්ෂූන් අනුව පවතියි. අටොළොස් නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම මේ නම ඇති භික්ෂුහුගේ පාප දෘෂ්ටිය නොබැහැරලිමේ උක්ඛේපනීය කර්මය සංහිඳුවයි. මෙ නම් ඇති භික්ෂුහුගේ පාපදෘෂ්ටිය නොහැරීමේ උක්ඛේපනීය කර්මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යම්කුට අනභිමත නම් හෙ තෙම කියාවා.
“දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි:
දෙවනුත් මේ කාරණය කියමි ... තෙවනුත් මේ කාරණය කියමි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම මෙ නම් ඇති භික්ෂුහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්මය සංහිඳුවයි. මේ නම් භික්ෂුහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්මයාගේ සංහිඳුවීම් යම් ආයුෂ්මතකුහට අභිමත නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
පටිප්පස්සද්ධං සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සංඝයා විසින් මෙ නම් භික්ෂුහුගේ පාපදෘෂ්ටිය නොහැරීමෙහි උක්ඛේපනීය කර්මය සංහිඳුවන ලදී. එය සංඝයාට රිසියෙයි. එහෙයින් මෙසේ නිහඬ ය. මේ කාරණය පිළිගණිමි” යි.
පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛෙපනීයකම්මං නිට්ඨිතං සත්තමං.
සත්වැනි වූ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීයකර්‍මය නිමි.
කම්මක්ඛන්ධකො නිට්ඨිතො පඨමො.
පළමු වන කර්මස්කන්ධකය නිමියේ ය.
ඉමම්හි ඛන්ධකෙ වත්ථු සත්ත.
මේ ඛන්ධකයෙහි වස්තු සතෙකි.
තස්සුද්දානං:
එහි උද්දානය:
1. පණ්ඩුලොහිතකා භික්ඛූ සයං භණ්ඩනකාරකා තාදිසෙ උපසඞ්කම්ම උස්සහිංසු ච භණ්ඩනෙ.
1. පණ්ඩුකලෝහිතක මහණහු තුමූ කලහ කරන්නෝ ව එබඳුවන් වෙත එළඹ ඔවුනුදු කලහයෙහි උත්සාහවත් කළහ.
2. අනුප්පන්නාපි ජායන්ති උප්පන්නානිපි ච වඩ්ඪරෙ අප්පිච්ඡා පෙසලා භික්ඛූ උජ්ඣායන්ති පරිසතො.
2. එයින් නොඋපන් කලහ උපදී. උපන් කලහ වැඩේ. අල්පෙච්ඡ වූ ප්‍රියශීල භික්ෂූහු පිරිස් වශයෙන් (පිරිස් පිරිස් වැ) දොස් පවසත්.
3. සද්ධම්මට්ඨිතිකො බුද්ධො සයම්භූ අග්ගපුග්ගලො ආණාපෙසි තජ්ජනීයකම්මං සාවත්ථියං ජිනො.
3. ලොවට අගපුඟුල් වූ, තමන් ම සියල්ල දත්, සදහම් බොහෝ කල් පවතිනු කැමැති සම්බුදුරජුහු සැවැත් නුවරදී තර්ජනීය කර්මය ඇණැවූහ.
4. අසම්මුඛා පටිපුච්ඡා පටිඤ්ඤාය කතං ච යං අනාපත්ති අදෙසනෙ දෙසිතාය කතං ච යං.
4. නොහමුයෙහි ද නොපිළිවිස ද, පිළිණ නොගෙණ ද යම් කර්මයෙක් කරණ ලද ද, නො ඇවැතෙහි ද දේසනාගාමිනී නොවූ ඇවැතෙහි ද දෙසූ ඇවැතෙහි ද යම් කර්මයෙක් කරණ ලද ද,
5. අචොදෙත්වා අසාරෙත්වා අනාරොපෙත්වා ච යං කතං අසම්මුඛා අධම්මෙන වග්ගෙන චාපි යං කතං.
5. චෝදනා නොකොට ද සිහිපත් නොකරවා ද ඇවැත නොනංවා ද යමක් කරණ ලද ද, නොහමුයෙහි ද නොදහමින් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්මයෙක් කරණ ලද ද,
6. අප්පටිපුච්ඡා’ධම්මෙන පුන වග්ගෙන යං කතං අප්පටිඤ්ඤායධම්මෙන වග්ගෙන චාපි යං කතං.
6. නොපිළිවිස ද අධර්මයෙන් ද නැවැත ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්මයෙක් කරන ලද ද, පිළිණ නොගෙණ ද අධර්මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්මයෙක් කරණ ලද ද,
7. අනාපත්ති අධම්මෙන වග්ගෙන චාපි යං කතං. අදෙසනාගාමිනියා අධම්මවග්ගමෙව ච.
7. නො ඇවැතෙහි ද අධර්මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්මයෙක් කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි ද අධර්මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්මයෙක් කරණ ලද ද,
8. දෙසිතාය අධම්මෙන වග්ගෙනාපි තථෙව ච අචොදෙත්වා අධම්මෙන වග්ගෙනාපි තථෙව ච.
8. ඇවැත දෙසූ කල්හි ද අධර්මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්මයෙක් කරණ ලද ද, චෝදනා නොකොට ද අධර්මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සංඝයා විසින් ද යම් කර්මයක් කරණ ලද ද,
9. අසාරෙත්වා අධම්මෙන වග්ගෙනාපි තථෙව ච ආරොපෙත්වා අධම්මෙන වග්ගෙනාපි තථෙව ච.
9. සිහිපත් නො කරවා ද අධර්මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්මයෙක් කරණ ලද ද, එසේ ම ඇවැත නො නංවා ද අධර්මයෙන් ද ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් ද යම් කර්මයෙක් කරණ ලද ද, ඒ හැම අධර්‍මකර්‍ම යි.
10. කණ්හවාරනයෙනෙව සුක්කවාරං විජානියා සඞ්ඝො ආකඞ්ඛමානො ච යස්ස තජ්ජනීයං කරෙ.
10. කෘෂ්ණපක්ෂයේ වාර ක්‍රමයෙන් ශුක්ලපක්ෂයේ වාරගණන ද දැන ගන්නේය. සංඝ තෙම කැමැති වන්නේ ද, ඔහුට තර්ජනීය කර්මය කරන්නේ ය.
11. භණ්ඩනං බාලො සංසට්ඨො අධිසීලෙ අජ්ඣාචාරෙ අතිදිට්ඨිවිපන්නො’ස්ස සඞ්ඝො තජ්ජනීයං කරෙ.
11. ඩබර කරන්නේ ද බාලයෙක් වේ ද ගිහිසංසර්‍ගයෙන් යුක්ත ද, උත්තම ශීලයෙහිත් උතුම් ආචාරයෙහිත් උතුම් දෘෂ්ටියෙහිත් නටුවා වූ ශීලාදිය ඇත්තේ ද සංඝ තෙම ඔහුට තර්ජනීය කර්මය කරන්නේ ය.
12. බුද්ධධම්මස්ස සඞ්ඝස්ස, අවණ්ණං යො ච භාසති තිණ්ණන්නම්පි ච භික්ඛූනං සඞ්ඝො තජ්ජනීයං කරෙ.
12. යමෙක් බුදුරජුන් අගුණ කියාද යමෙක් දහම්හි අගුණ කියා ද යමෙක් සංඝයාගේ අගුණ කියාද ඒ තුන් මහණුනට ම සඟ තෙමේ තර්ජනීය කර්මය කරන්නේය.
13. භණ්ඩනකාරකො එකො බාලො සංසග්ගනිස්සිතො අධිසීලෙ අජ්ඣාචාරෙ තථෙව අතිදිට්ඨියා.
13. එකෙක් කලහකරු වේ ද, එකෙක් නොවියත් වේ ද, එකෙක් ගිහිසසඟින් යුත් වේ ද, මේ තුන් දෙනාට ම සඟ තෙමේ තර්ජනීය කර්මය කරන්නේය. එකෙක් අධිශීලයෙහිත් අනෙකෙක් අධ්යචාරයෙත් එසේ ම අනෙකෙක් අතිදෘෂ්ටියෙහිත් විපන්න වේ ද, (මේ තිදෙනාටම සඟ තෙමේ තර්ජනීය කර්මය කරන්නේ ය.)
14. බුද්ධධම්මස්ස සඞ්ඝස්ස අවණ්ණං යො ච භාසති තජ්ජනීයකම්මකතස්සෙවං සම්මානුවත්තනා.
14. යමෙක් බුදුරජුන්ගේ අගුණ කියා ද, ධර්මයේ අගුණකියා ද, සංඝයාගේ අගුණ කියා ද, සඟ තෙමේ ඔවුන් තිදෙනාට ම තර්ජනීය කර්මය කරන්නේ ය. තර්ජනිය කර්මය කරණු ලැබුවහුගේ මෙසේ (මතු දැක්වෙන සේ) මනා පැවැත්ම විය යුතු:
15. උපසම්පදානිස්සයා සාමණෙරඋපට්ඨනා ඔවාදං සම්මතොවාපි න කරෙ තජ්ජනීකතො.
15. තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ මහණ තෙම් තමා උපාධ්‍යාය ව උපසම්පදාව ද, තමා ඇදුරු වැ නිස දීම ද, හෙරණකුගෙන් උවටන ගැන්ම ද, සම්මත වූ නුමුදු මෙහෙණිනට ඔවා දී ම ද නො කරන්නේ ය.
16. නාපජ්ජෙ තං ච ආපත්තිං තාදිසං ච තතො පරං කම්මං ච කම්මිකෙ චාපි න ගරහෙ තථාවිධො.
16. ඒ ඇවැතට ද එබඳු ඇවැතකට ද එයට වඩා පවිටු ඇවැතකට ද නො පැමිණිය යුතු. එවැනි මහණ තෙම කර්මයට ද කර්මය කළවුනට ද නො ගරහන්නේ ය.
17. උපොසථං පවාරණං පකතත්තස්ස නට්ඨපෙ සවචනිං අනුවාදො ඔකාසො චොදනෙන ච.
17. හේ පුවතත් මහණක්හුගේ පොහෝ කිරීම ද පවාරණාව ද නො තබන්නේ ය. සවචනීය කර්මය ද නො කරන්නේ ය. අනුවාදය නො පිහිටුවන්නේ ය. පුවතත් මහණකුට චෝදනා කරණු පිණිස අවකාශ නො කරවන්නේ ය. චෝදනා නො කරන්නේ ය.
18. සාරණං සම්පයොගඤ්ච න කරෙය්ය තථාවිධො උපසම්පදානිස්සයං සාමණෙරඋපට්ඨනා.
18. පුවතත් මහණකුට ඇවැත් සිහි කරවීම ද, මහණුන් උනුන් හා කලහයෙහි යෙදීම ද, තමා උපාධ්‍යාය වැ උපසම්පදාව ද, ආචාර්ය්ය ව නිසදීම ද, හෙරණකුගෙන් උවටන් ගැන්ම ද නො කරන්නේ ය.
19. ඔවාදසම්මතෙනාපි පංචඞ්ගෙහි න සම්මති තං චාපජ්ජති ආපත්තිං තාදිසිං ච තතො පරං.
19. අවවාදකසම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණිනට අවවාද නො කරන්නේ ය. ඉදින් මේ පස කරන්නේ නම්, මේ අඞ්ග පස කරණ කොට ගෙන තර්ජනිය කර්මය නො සංහිඳේ. ඒ ඇවැතට පැමිණේ ද, එබඳු ඇවැතකට පැමිණේ ද, එයට වඩා පවිටු ඇවැතකට පැමිණේ ද,
20. කම්මං ච කම්මිකෙ චාපි ගරහන්තො න සම්මති. උපොසථං පවාරණං සවචනීයං අනුවාදො.
20. කර්මයටත් කර්මය කළවුනටත් ගරහන්නේ ද, ඔහුට කළ තර්ජනිය කර්මය නො සංහිඳේ. උපෝසථය ද පවාරණාව ද සවචනීය කර්ම ද අනුවාදපට්ඨපනය ද,
21. ඔකාසො චොදනා චෙව සාරණා සම්පයොජනා. ඉමෙහට්ඨඞ්ගෙහි යො යුත්තො තජ්ජනා නූපසම්මති.
21. අවකාශ කරවීම ද, චෝදනා ද, ඇවැත් සිහි කරවීම ද, මහණුන් කලහයෙහි යෙදවීම ද යන මේ අඞ්ග අටින් යමෙක් යුක්ත ද, ඔහුට කළ තර්ජනීය කර්මය නො සංහිඳෙයි.
22. කණ්හවාරනයෙනෙව සුක්කවාරං විජානියා. බාලො ආපත්තිබහුලො සංසට්ඨො’පි ච සෙය්‍යසො.
22. කෘෂ්ණවාරයට කී නයින් ම ශුක්ලවාරය ද දැන ගන්නේ ය. සෙය්යසක මහණ තෙම අව්‍යක්ත ද, ඇවැත් බහුල කොට ඇත්තේ ද, ගිහින් අනනුලෝමික සංස්ර්ගයෙන් හැනුනේ ද වෙයි.
23. නියස්සකම්මං සම්බුද්ධො ආණාපෙසි මහාමුනි. කීටාගිරිස්මිං ද්වෙ භික්ඛූ අස්සජි ච පුනබ්බසු.
23. මහාමුනි වූ සම්බුදුහු නියස්සකර්‍මය ඇණැවූහ. අස්සජී ද පුනබ්බසු ද යන දෙමහණහු කීටාගිරියෙහි වෙසෙති.
24. අනාචාරං ච විවිධං ආචරිංසු අසඤ්ඤතා පබ්බාජනීයං සම්බුද්ධො කම්මං සාවත්ථියං ජිනො මච්ඡිකාසණ්ඩෙ සුධම්මො චිත්තස්සාවාසිකො අහු.
24. සංයම නැති මහණහු විවිධ අනාචාර කළහ. බුදුරජුහු ඔවුන් සඳහා සැවැත්හිදි පබ්බාජනීය කර්මය පැණැවූහ. සුධර්ම ස්ථවිර තෙම මච්ජිකාසණ්ඩ නුවරෙහි චිත්‍ර ශෘහපතියන්ගේ ආවාසයෙහි වසන්නේ විය.
25. ජාතිවාදෙන ඛුංසෙති, සුධම්මො චිත්තුපාසකං පටිසාරණීය කම්මං ආණාපෙසි තථාගතො.
25. ඒ සුදම් තෙර චිත්ත උවසුහට ජාතිවාදයෙන් ගටා බෙණෙයි. තථාගත බුදුහු ඒ කරුණෙහි පටිසාරණීය කර්මය පැණැවූහ.
26. කොසම්බියං ඡන්නං භික්ඛුං නිච්ඡන්තාපත්තිං පස්සිතුං අදස්සනෙ උක්ඛිපිතුං ආණාපෙසි ජිනුත්තමො.
26. ජිනෝත්තම බුදුරජුහු කොසොඹෑහිදී ඇවැත දක්නට නො කැමැති ඡන්න මහණහට ඇවැත් නොදැක්මෙහි උත්ක්ෂේපණීය කර්මය කරන්නට ඇණැවූහ.
27. ඡන්නො තං යෙව ආපත්තිං පටිකාතුං න ඉච්ඡති උක්ඛෙපනාප්පටිකම්මෙ ආණාපෙසි විනායකො.
27. ඡන්න තෙමේ ඒ ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ වෙයි. විනේතෘ වූ බුදුරජුහු ඇවැතට පිළියම් නොකිරීමෙහි උඛෙව්නී කම් ඇණැවූහ.
28. පාපදිට්ඨි අරිට්ඨස්ස ආසි අඤ්ඤාණනිස්සිතා දිට්ඨියාප්පටිනිස්සග්ගෙ උක්ඛෙපං ජිනභාසිතං.
28. අරිට්ඨ මහණහට නොදැන්ම නිසා උපන් පාපදෘෂ්ටිය නො බැහැරැ ලීමෙහි උත්ක්ෂේපණීය කර්මය බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ය.
29. නියස්සකම්මං පබ්බාජං තථෙව පටිසාරණී අදස්සනාප්පටිකම්මෙ අනිස්සග්ගෙ ච දිට්ඨියා.
29. නියස්ස කර්මයත් පබ්බාජනීය කර්මයත්, එසේ ම පටිසාරණීය කර්මයත්, ඇවැත නොදැක්ම, ඇවැතට පිළියම් නොකිරීම, පාපදෘෂ්ටිය බැහැර නො කිරීම යන මෙහි (උක්ඛේපනීය) කර්මයත් (බුදුරජුහු ඇණැවූහ)
30. දවානාචාරූපඝාතමීච්ඡාආජීවමෙව ච පබ්බාජනීයකම්මම්හි අතිරෙකපදා ඉමෙ.
30. ක්‍රීඩා අනාචාර උපඝාත මිථ්‍යාආජීව යන මොහු පටිසාරණීය කර්මයෙහි අතිරේක පදයෝ යැ.
31. අලාභාවණ්ණා ද්වෙ පංච ද්වෙ පඤ්චකාති නාමකා පටිසාරණීයකම්මම්හි අතිරෙකපදා ඉමෙ.
31. ගිහීනට අලාභ පිණිස තැත් කිරීම පිළිබඳ වූ ගිහින් අගුණ කීම පිළිබඳ වූ ද පංචක දෙකෙක් දෙකෙකැ යි පටිසාරණීය කර්මයෙහි මොහු අතිරේක පදයෝ නම් වෙති.
32. තජ්ජනීයං නියස්සං ච දුවෙ කම්මාපි සාදිසා පබ්බජ්ජා පටිසාරිනං අත්ථි පදාතිරිත්තතා.
32. තර්ජනීය නියස්ස යන කර්ම දෙදෙන ම සමානහ. පබ්බාජනීය පටිසාරණීය යන කර්ම දෙදෙනාගේ අතිරේක පදඇති බව ද වේ.
33. තයො උක්ඛෙපනා කම්මා සදිසා තෙ විභත්තිතො තජ්ජනීයනයෙනාපි සෙසං කම්මං විජානියා’ති.
33. උක්ඛේපණිය කර්ම තිදෙනෙක. විභාග විසින් ඔහු සමාන හ. තර්ජනීය කර්මයට කී නයින් ම සෙසු කර්ම දැන ගන්නේ ය.
කම්මක්ඛන්ධකං නිට්ඨිතො.
කර්මස්කන්ධකය නිමියේ ය.