කොසම්බකක්ඛන්ධකං අට්ඨකථා
කොසම්බකක්ඛන්ධ වර්ණනාව
කොසම්බකවිවාදකථා
කොසම්බකවිවාදකථා
කොසම්බකක්ඛන්ධකෙ – තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසූති එත්ථ අයමනුපුබ්බිකථා – ද්වෙ කිර භික්ඛූ එකස්මිං ආවාසෙ වසන්ති විනයධරො ච සුත්තන්තිකො ච. තෙසු සුත්තන්තිකො භික්ඛු එකදිවසං වච්චකුටිං පවිට්ඨො ආචමනඋදකාවසෙසං භාජනෙ ඨපෙත්වාව නික්ඛමි. විනයධරො පච්ඡා පවිට්ඨො තං උදකං දිස්වා නික්ඛමිත්වා තං භික්ඛුං පුච්ඡි – “ආවුසො, තයා ඉදං උදකං ඨපිත”න්ති? “ආමාවුසො”ති. “කිං ත්වං එත්ථ ආපත්තිභාවං න ජානාසී”ති? “ආම, න ජානාමී”ති. “හොති, ආවුසො එත්ථ ආපත්තී”ති? “සචෙ හොති, දෙසිස්සාමී”ති. “සචෙ පන තෙ, ආවුසො, අසඤ්චිච්ච අසතියා කතං, නත්ථි ආපත්තී”ති. සො තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි අහොසි.
කොසම්බකක්ඛන්ධකයෙහි - “තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු” යන මෙහි පිළිවෙළ කතාය. විනයධරය, සූත්රාන්තිකදැයි භික්ෂූහු දෙනමක් එක් ආවාසයෙක වසත්. ඒ දෙනම අතුරෙහි සූත්‍රාන්තික භික්ෂුතෙමේ එක් දවසක් වැසිකිළියට පිවිසියේ, මලසෝදා ඉතිරි වූ සෙසු ජලය බඳුනෙහි තබාම වැසිකිළියෙන් නික්මුනේය. විනයධර තෙමේ වැසිකිළියට පසුව පිවිසියේ, ඒ ජලය දැක නික්ම අවුත් ‘ඇවැත’ තා විසින් මේ ජලය තබන ලදදැ’යි ඒ මහණහු අතින් විචාළේය. ‘ඇවැත’ එසේය’යි කීය. තෝ මෙහි ඇවැත්බව නොදනිහිදැ’යි ඇසීය. ‘එසේය නොදනිමි’යි කීය. ඇවැත ‘මෙහි ඇවැත්වේ’යි කීය. ඇවැත්වේනම් දෙසන්නෙමි’යි කීය. ඇවැත ඉදින් තා විසින් නොසිතා නොසිහියෙන් කරන ලද්දේ නම්, ඇවැත් නැත්තේය’යි කීය. ඒ සූත්‍රාන්තික තෙමේ ඒ ඇවැතෙහි ඇවැත් නැතැයි යන දෘෂ්ටි ඇත්තේවීය.
විනයධරොපි අත්තනො නිස්සිතකානං “අයං සුත්තන්තිකො ආපත්තිං ආපජ්ජමානොපි න ජානාතී”ති ආරොචෙසි. තෙ තස්ස නිස්සිතකෙ දිස්වා “තුම්හාකං උපජ්ඣායො ආපත්තිං ආපජ්ජිත්වාපි ආපත්තිභාවං න ජානාතී”ති ආහංසු. තෙ ගන්ත්වා අත්තනො උපජ්ඣායස්ස ආරොචෙසුං. සො එවමාහ – “අයං විනයධරො පුබ්බෙ අනාපත්තී”ති වත්වා “ඉදානි ආපත්තී”ති වදති. මුසාවාදී එසොති. තෙ ගන්ත්වා “තුම්හාකං උපජ්ඣායො මුසාවාදී”ති එවං අඤ්ඤමඤ්ඤං කලහං වඩ්ඪයිංසු. තතො විනයධරො ඔකාසං ලභිත්වා තස්ස ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මං අකාසි. තෙන වුත්තං – “තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසූ”ති.
විනයධරතෙමේද තමන්ගේ නිශ්ශ්රිතකයන්ට ‘මේ සූත්‍රාන්තික භික්ෂුතෙමේ ඇවතට පැමිණෙන්නේද නොදන්නේය’යි දන්වා සිටියේය. විනයධර භික්ෂූහුගේ ඒ අතවැස්සෝ ඒ සූත්‍රාන්තික භික්ෂූහුගේ අතවැසියන් දැක ‘තොපගේ උපාද්ධ්‍යායතෙමේ ඇවැතට පැමිණද ඇවැත්බව නොදනීය’යි කීහ. ඔවුහු ගොස් තමන්ගේ උපාද්ධ්‍යායයාහට සැලකළහ. හෙතෙමේ ‘මේ විනයධරතෙමේ පෙර අනාපත්තියි කියා දැන් ආපත්තියි කියයි, මෙතෙමේ මුසාවාදීයි මෙසේ කීය. ඔවුහු ගොස් තොපගේ උපාද්ධ්‍යාය තෙමේ මුසාවාදියි කීහ. මෙසේ ඔවුනොවුන් කලහ වැඩූහ. ඉක්බිති විනයධර තෙමේ අවකාස ලබා ඒ සූත්‍රාන්තික භික්ෂූහට ඇවැත් නොදැක්මෙහි උත්ක්‍ෂෙපණීය කර්මය කෙළේය. එහෙයින් “තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු”යි වදාරනලදී.
භින්නො භික්ඛුසඞ්ඝො භින්නො භික්ඛුසඞ්ඝොති එත්ථ න තාව භින්නො; අපිච ඛො යථා දෙවෙ වුට්ඨෙ “ඉදානි සස්සං නිප්ඵන්න”න්ති වුච්චති, අවස්සඤ්හි තං නිප්ඵජ්ජිස්සති, එවමෙව ඉමිනා කාරණෙන ආයතිං අවස්සං භිජ්ජිස්සති, සො ච ඛො කලහවසෙන න සඞ්ඝභෙදවසෙන, තස්මා “භින්නො”ති වුත්තං. සම්භමඅත්ථවසෙන චෙත්ථ ආමෙඩිතං වෙදිතබ්බං.
“භින්නො භික්ඛුසඞ්ඝො භින්නො භික්ඛුසඞ්ඝො” මෙහි මෙතෙක් නොබිඳුනේය. එහෙත් වැසිවට කල්හි අවශ්‍යයෙන්ම ඒ සස්‍ය නිපැදෙන්නේයයි දැන දැන් සස්‍ය නිපැදුනේය’යි යම්සේ කියනු ලැබේ, එපරිද්දෙන්ම මේ කාරණයෙන් මත්තෙහි ඒකාන්තයෙන් බිඳෙන්නේය. ඒ වනාහි කලහ වසයෙන් වේ. සඞ්ඝභෙද වසයෙන් නොවේ. එහෙයින් බිඳුනේයයි වදාරනලදී. සම්භ්රම අර්ත්ථ වශයෙන් මෙහි ආමෙණ්ඩිතය දතයුතුය.
එතමත්ථං භාසිත්වා උට්ඨායාසනා පක්කාමීති කස්මා එවං භාසිත්වා පක්කාමි? සචෙ හි භගවා උක්ඛෙපකෙ වා “අකාරණෙ තුම්හෙහි සො භික්ඛු උක්ඛිත්තො”ති වදෙය්ය, උක්ඛිත්තානුවත්තකෙ වා “තුම්හෙ ආපත්තිං ආපන්නා”ති වදෙය්ය, “එතෙසං භගවා පක්ඛො, එතෙසං භගවා පක්ඛො”ති වත්වා ආඝාතං බන්ධෙය්යුං, තස්මා තන්තිමෙව ඨපෙත්වා එතමත්ථං භාසිත්වා උට්ඨායාසනා පක්කාමි.
“එතමත්ථං භාසිත්වා උට්ඨායාසනා පක්කාමි” කුමක්හෙයින් මෙසේ වදාරා වැඩිසේක්ද, යත්: ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘නොකරුණහි තොප විසින් ඒ මහණ නෙරපන ලදැ’යි උක්ඛෙපකයන්ට වදාරන්නාහු හෝ ‘තෙපි ඇවතට පැමිණියහු’යි උක්ඛිත්තානුවත්තකයන්ට වදාරන්නාහු හෝ ‘භාග්‍යවතුන් වහන්සේ මොවුනට පක්ෂයහ, භාග්‍යවතුන් වහන්සේ මොවුනට පක්ෂයහ’යි කියා ආඝාත බඳින්නාහුය. එහෙයින් පෙළ පමණක් තබමින් මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට වැඩිසේක.
අත්තනා වා අත්තානන්ති එත්ථ යො සඞ්ඝෙන උක්ඛෙපනීයකතානං අධම්මවාදීනං පක්ඛෙ නිසින්නො “තුම්හෙ කිං භණථා”ති තෙසඤ්ච ඉතරෙසඤ්ච ලද්ධිං සුත්වා “ඉමෙ අධම්මවාදිනො, ඉතරෙ ධම්මවාදිනො”ති චිත්තං උප්පාදෙති, අයං තෙසං මජ්ඣෙ නිසින්නොව තෙසං නානාසංවාසකො හොති, කම්මං කොපෙති, ඉතරෙසම්පි හත්ථපාසං අනාගතත්තා කොපෙති. එවං අත්තනා වා අත්තානං නානාසංවාසකං කරොති. සමානසංවාසකන්ති එත්ථාපි යො අධම්මවාදීනං පක්ඛෙ නිසින්නො “අධම්මවාදිනො ඉමෙ, ඉතරෙ ධම්මවාදිනො”ති තෙසං මජ්ඣං පවිසති, යත්ථ වා තත්ථ වා පන පක්ඛෙ නිසින්නො “ඉමෙ ධම්මවාදිනො”ති ගණ්හාති, අයං අත්තනා වා අත්තානං සමානසංවාසකං කරොතීති වෙදිතබ්බො.
“අත්තනාව අත්තානං” යන මෙහි යමෙක් සඞ්ඝයා විසින් උත්ක්‍ෂෙපණීය කර්මය කරණ ලද අධර්මවාදීන්ගේ පක්ෂයෙහි හුන්නේ, ‘තෙපි කුමක් කියවුදැ’යි ඔවුන්ගේද අන්‍යයන්ගේද ලබ්ධිය අසා ‘මොවුහු අධර්මවාදීහුය, අන්‍යයෝ ධර්මවාදීහුයයි සිත් උපදවාද, මෙතෙමේ ඔවුන්ගේ මද්ධ්යයෙහි හුන්නේම මොවුන්ට නානසංවාසකයෙක් වේ. කළකර්මය කොප්ය කෙරේ. අන්‍යයන්ගේද අත්පසට නොපැමිණි බැවින් කර්මය කොප්ය කෙරේ. මෙසේ තෙමේම තමන් නානාසංවාසකයෙකු කරයි. “සමානසංවාසකං” යන මෙහිද යමෙක් අධර්මවාදීන්ගේ පක්ෂයෙහි හුන්නේ ‘මේ භික්ෂූහු අධර්මවාදීහුය. අන්‍යයෝ ධර්මවාදීහුය’යි ඔවුන්ගේ මැදට පිවිසේද, යම් ඒ ධර්මවාදීන්ගේ හෝ අධර්මවාදීන්ගේ හෝ පක්ෂයෙක්හි හුන්නේ ‘මොවුහු ධර්මවාදීහුය’යි ගනීද, මෙතෙමේ, තෙමේම තමන් සමානසංවාසකයෙකු කෙරේය’යි දතයුතුය.
කායකම්මං වචීකම්මන්ති එත්ථ කායෙන පහරන්තා කායකම්මං උපදංසෙන්ති, ඵරුසං වදන්තා වචීකම්මං උපදංසෙන්තීති වෙදිතබ්බා. හත්ථපරාමාසං කරොන්තීති කොධවසෙන හත්ථෙහි අඤ්ඤමඤ්ඤං පරාමසනං කරොන්ති. අධම්මියායමානෙති අධම්මියානි කිච්චානි කුරුමානෙ. අසම්මොදිකාවත්තමානායාති අසම්මොදිකාය වත්තමානාය. අයමෙව වා පාඨො. සම්මොදනකථාය අවත්තමානායාති අත්ථො. එත්තාවතා න අඤ්ඤමඤ්ඤන්ති එත්ථ ද්වෙ පන්තියො කත්වා උපචාරං මුඤ්චිත්වා නිසීදිතබ්බං, ධම්මියායමානෙ පන සම්මොදිකාය වත්තමානාය ආසනන්තරිකාය නිසීදිතබ්බං, එකෙකං ආසනං අන්තරං කත්වා නිසීදිතබ්බං.
“කායකම්මං වචීකම්මං” යන මෙහි කයින් පහර දෙන්නාහු කායකර්මය පවත්වත් පරොස්බස් කියන්නාහු වාක්කර්ම පවත්වත්යි දතයුතුය. “හත්ථ පරාමාසං කරොන්ති” ක්‍රොධ වශයෙන් අතින් ඔවුනොවුන් පරාමර්ෂණය කරත් “අධම්මියමානෙ” අධාර්මික කෘත්‍යයන් කරන කල්හි “අසම්මොදිකා වත්තමානාය” නොසතුට පවත්නා කල්හි. මේ පාඨයම හෝවේ. “අසම්මො දනාකථාය අවත්තමානාය” නොසතුටුකථාව නොපවත්නා කල්හිය, යන අර්‍ත්‍ථයි. “එත්තාවතා න අඤ්ඤමඤ්ඤං” මෙහි පඞ්කති දෙකක්කොට උපචාරය මුදා හිඳිය යුතුය. ධාර්මික, කෘත්‍යය පවත්නා කල්හි සතුටුකථා පවත්නා කල්හි අසුනට අසුන අතර තබා හිඳිය යුතුය. එක් එක් අසුන අතරකොට හිඳිය යුතුය.
මා භණ්ඩනන්තිආදීසු “අකත්ථා”ති පාඨසෙසං ගහෙත්වා “මා භණ්ඩනං අකත්ථා”ති එවමත්ථො දට්ඨබ්බො. අධම්මවාදීති උක්ඛිත්තානුවත්තකෙසු අඤ්ඤතරො. අයං පන භික්ඛු භගවතො අත්ථකාමො, අයං කිරස්ස අධිප්පායො “ඉමෙ භික්ඛූ කොධාභිභූතා සත්ථු වචනං න ගණ්හන්ති, මා භගවා එතෙ ඔවදන්තො කිලමිත්ථා”ති තස්මා එවමාහ. භගවා පන “පච්ඡාපි සඤ්ඤං ලභිත්වා ඔරමිස්සන්තී”ති තෙසං අනුකම්පාය අතීතවත්ථුං ආහරිත්වා කථෙසි. තත්ථ අනත්ථතොති අනත්ථො අතො; එතස්මා මෙ පුරිසා අනත්ථොති වුත්තං හොති. අථ වා අනත්ථතොති අනත්ථදො. සෙසං පාකටමෙව.
“මා භණ්ඩනං” යනාදිතන්හි ‘අකත්ථ’යි පාඨශෙෂය ගෙන ‘මා භණ්ඩනං අකත්ථ’ ඩබර නොකරවු’යි මෙසේ අර්ත්ථ දතයුතුය. “අධම්මවාදී” උක්ඛිත්තානුවර්තකයන් අතුරෙහි එක්තරා මහණෙක් තෙමේය. මේ මහණතෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේට වැඩ කැමැත්තේය. ‘මේ භික්ෂූහු ක්‍රෝධයෙන් මඩනා ලද්දාහු ශාස්තෲන් වහන්සේගේ වදන් නොපිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරමින් වෙහෙසට පත්නොවන සේක්වා, යනු මේ මහණහුගේ අදහස වේ. එහෙයින් මෙසේ කීයේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි ‘පසුද හැඟීම ලබා වළකින්නාහ’යි ඔවුන්ට අනුකම්පාවෙන් අතීත කථාවස්තුවක් ගෙනහැර වදාළසේක. “අනත්ථතො” මොහු කෙරෙන් වැඩක් නැත්තේය. මොහු කෙරෙන් මාගේ පුරුෂයෝය. වැඩක් නැත්තේයයි කියන ලද්දේ වේ. නොහොත් “අනත්ථතො” යනු “අනත්ථදො”යි වේ. සෙස්ස ප්‍රකටමය.
පුථුසද්දොතිආදිගාථාසු පන පුථු මහා සද්දො අස්සාති පුථුසද්දො. සමජනොති සමානො එකසදිසො ජනො; සබ්බො චායං භණ්ඩනකාරකොජනො සමන්තතො සද්දනිච්ඡාරණෙන පුථුසද්දො චෙව සදිසො චාති වුත්තං හොති. න බාලො කොචි මඤ්ඤථාති තත්ථ කොචි එකොපි “අහං බාලො”ති න මඤ්ඤිත්ථ; සබ්බෙපි පණ්ඩිතමානිනොයෙව. නාඤ්ඤං භිය්යො අමඤ්ඤරුන්ති කොචි එකොපි “අහං බාලො”ති ච න මඤ්ඤිත්ථ; භිය්යො ච සඞ්ඝස්මිං භිජ්ජමානෙ අඤ්ඤම්පි එකං “මය්හං කාරණා සඞ්ඝො භිජ්ජතී”ති ඉදං කාරණං න මඤ්ඤිත්ථාති අත්ථො.
“පුථුසද්දො” යනාදි ගාථාවන්හි වනාහි පුථුයි වූයේය. මහත් ශබ්දයක් මොහුටනුයි ‘පුථුශබ්ද’ නම. “සමජනො” සමානවූ එකාකාර ජනතෙමේය. මේ සියලුම ඩබර කරන ජනතෙමේය. හාත්පසින් ශබ්ද පැතිරවීමෙන් මහත් ශබ්ද ඇත්තේද, සමවූයේදවේයයි කියනලදී. “න බාලො කොචි මඤ්ඤථ” බිඳීගිය ඒ මහණසමූහයා අතුරෙහි කිසි එකෙක්ද, ‘මම බාලයා වෙමි’යි නොසිතුයේය. සියල්ලෝම පණ්ඩිත මානීහුම වෙති. “න අඤ්ඤං භීයො අමඤ්ඤරුං” කිසි එකෙක්ද ‘මම බාලවෙමි’යි නොසිතුයේය. බොහෝසෙයින් සඞ්ඝයා බිඳෙන කල්හි අන් එකකුදු ‘මා කරනකොට සඞ්ඝතෙමේ බිඳේය’යි මේ කාරණය නොසිතුයේය යන අර්‍ත්‍ථයි.
පරිමුට්ඨාති පරිමුට්ඨස්සතිනො. වාචාගොචරභාණිනොති රාකාරස්ස රස්සාදෙසො කතො , වාචාගොචරා න සතිපට්ඨානාදිගොචරා. භාණිනො ච කථං භාණිනො? යාවිච්ඡන්ති මුඛායාමං යාව මුඛං පසාරෙතුං ඉච්ඡන්ති, තාව පසාරෙත්වා භාණිනො, එකොපි සඞ්ඝගාරවෙන මුඛසඞ්කොචං න කරොතීති අත්ථො. යෙන නීතාති යෙන කලහෙන ඉමං නිල්ලජ්ජභාවං නීතා. න තං විදූති න තං ජානන්ති, “එවං සාදීනවො අය”න්ති.
“පරිමුට්ඨා” මුළාසිහි ඇත්තාහු “වාචාගොචරභාණිනො” රාකාරයට හුස්වාදෙශය කරණ ලද්දේය. වදන් ගොදුරුකොට ඇත්තාහුය. සතිපට්ඨානාදිය ගොදුරුකොට ඇත්තාහුය. බණන්නාහුද වෙත්. කෙසේ බණන්නාහුද, යත් “යාවිච්ඡන්ති මුඛායාමං” යම්තාක් කටහරින්නට කැමති වෙත්ද, ඒතාක් කටදිගහැර බණන්නාහුය. එකෙකුදු සඞ්ඝගෞරවයෙන් මුව හැකිළීමක් නොකෙරේය යන අර්‍ත්‍ථයි. “යෙන නීතා” යම් කලහයකින් මේ ලජ්ජා නැති බවට පමුණුවන ලද්දාහුද, “න තං විදු” ‘මේ කලහය මෙසේ ආදීනව සහිතය’යි ඒ කලහය නොදනිත්.
යෙ ච තං උපනය්හන්තීති තං “අක්කොච්ඡි මං, අවධි ම”න්තිආදිකං ආකාරං යෙ ච උපනය්හන්ති. සනන්තනොති පොරාණො.
“යෙ ච උපනය්හන්ති” “අක්කොච්ඡි මං අවධි මං” යනාදි ආකාර ඇති ඒ වෛරය යම් කෙනෙක් සිත්හි බදිත්ද, “සන්නතනො” පෞරාණික වූ.
පරෙති පණ්ඩිතෙ ඨපෙත්වා තතො අඤ්ඤෙ භණ්ඩනකාරකා පරෙ නාම. තෙ එත්ථ සඞ්ඝමජ්ඣෙ කලහං කරොන්තා “මයං යමාමසෙ උපයමාම; සතතං සමිතං මච්චුසන්තිකං ගච්ඡාමා”ති න ජානන්ති. යෙ ච තත්ථ විජානන්තීති යෙ තත්ථ පණ්ඩිතා “මයං මච්චුසමීපං ගච්ඡාමා”ති විජානන්ති. තතො සම්මන්ති මෙධගාති එවඤ්හි තෙ ජානන්තා යොනිසොමනසිකාරං උප්පාදෙත්වා මෙධගානං කලහානං වූපසමාය පටිපජ්ජන්ති.
“පරෙ” පණ්ඩිතයන් හැර එයින් අන්‍ය වූ ඩබරකරුවෝ පරහු නම්වෙත්. සඟමැද කලහකරන්නාවූ ඔවුහු “එත්ථ” මෙහි “මයං යමාමසෙ” වැනසෙමු නැසෙමු. නිරතුරුව මරහුගේ සමීපයට යමු’යි නොදනිත්ද “යෙ ච තත්ථ විජානන්ති” එහි යම් පණ්ඩිත කෙනෙක් ‘අපි මරහු සමීපයට යමු’යි දනිත්ද “තතො සම්මන්නි මෙධගා” මෙසේ දන්නාවූ ඔවුහු යොනිසොමනසිකාරය උපදවා කලහයන්ගේ සංසිඳීම පිණිස පිළිපදිත්.
අට්ඨිච්ඡින්නාති අයං ගාථා බ්රහ්මදත්තඤ්ච දීඝාවුකුමාරඤ්ච සන්ධාය වුත්තා. තෙසම්පි හොති සඞ්ගති, කස්මා තුම්හාකං න හොති, යෙසං වො නෙව මාතාපිතූනං අට්ඨීනි ඡින්නානි, න පාණා හතා, න ගවාස්සධනානි හටානීති.
“අට්ඨිච්ඡිදා” මේ ගාථාතොමෝ බඹදත්රජුද දීඝාවූ කුමරුද සඳහා වදාරනලදී. “තෙසම්පි හොති සංගති” ඔවුන්ගේද එක්වීම වේ. කුමක් හෙයින් තොපගේ එක්වීම නොවේද, තොප විසින් යම් කෙනෙකුගේ මවුපියන්ගේ ඇට නොසිඳින ලදය. පණ නොනසන ලදය. ගව, අශ්ව නමැති ධනයෝ නොපැහැර ගන්නා ලදහ.
සචෙ ලභෙථාතිආදිගාථා පණ්ඩිතසහායස්ස ච බාලසහායස්ස ච වණ්ණාවණ්ණදීපනත්ථං වුත්තා. අභිභුය්ය සබ්බානි පරිස්සයානීති පාකටපරිස්සයෙ ච පටිච්ඡන්නපරිස්සයෙ ච අභිභවිත්වා තෙන සද්ධිං අත්තමනො සතිමා චරෙය්ය.
“සචෙ ලභෙථ” යනාදි ගාථා නුවණැති යහළුහුගේද, නුවණ නැති යහළුහුගේද ගුණ අගුණ දැක්වීම පිණිස වදාරනලදී. “අභිභුය්ය සබ්බානි පරිස්සයානි” සිංහ, ව්යාඝ්රාදීවූ ප්‍රකට උපද්‍රවයන්ද රාග ද්වෙෂාදී වූ අප්‍රකට උපද්‍රවයන්ද මැඩගෙන යහපත් විහරණ ඇති ඒ නැණවත් යහළුවා සමග “අත්තමනො සතිමා චරෙය්ය” සතුටු සිත් ඇත්තේ, සිහි ඇත්තේ හැසිරෙන්නේය.
රාජාව රට්ඨං විජිතන්ති යථා අත්තනො විජිතං රට්ඨං මහාජනකරාජා ච අරින්දමමහාරාජා ච පහාය එකකා චරිංසු; එවං චරෙය්යාති අත්ථො. මාතඞ්ගරඤ්ඤෙව නාගොති මාතඞ්ගො අරඤ්ඤෙ නාගොව. මාතඞ්ගොති හත්ථී වුච්චති; නාගොති මහන්තාධිවචනමෙතං. යථා හි මාතුපොසකො මාතඞ්ගනාගො අරඤ්ඤෙ එකො චරි, න ච පාපානි අකාසි. යථා ච පාලිලෙය්යකො, එවං එකො චරෙ, න ච පාපානි කයිරාති වුත්තං හොති.
“රාජාව රට්ඨං විජිතං” මහාජනරජ තෙමේද, අරින්දම මහරජතෙමේද, තමාගේ විජිතය රට හැරදමා එකලාව හැසිරුණාහුද, එසේ හැසිරෙන්නේය යන අර්‍ත්‍ථයි. “මාතඞ්ගරඤ්ඤෙව නාගො” අරණ්‍යයෙහි මහත්වූ ඇතෙමෙනි. ඇත්තෙමේ මාතඞ්ග’යි කියනු ලැබේ. නාග යනු මෙය මහත්වූවාහුට නමකි. මාතෘපොෂක මහාහස්තිතෙමේ වනයෙහි යම්සේ එකලාව හැසුරුනේද, පව් නොකෙළේද, පාරිලෙය්යහස්ති තෙමේ යම්සේද එසේ “එකොචරෙ න ච පාපානි කයිරා” එකලාව හැසිරෙන්නේය. පව් නොකරන්නේයයි වදාරන ලද්දේය.
පාලිලෙය්යකගමනකථා
පාලිලෙය්යකගමනකථා
පාලිලෙය්යකෙ විහරති රක්ඛිතවනසණ්ඩෙති පාලිලෙය්යකං උපනිස්සාය රක්ඛිතවනසණ්ඩෙ විහරති. හත්ථිනාගොති මහාහත්ථී. හත්ථිකලභෙහීති හත්ථිපොතකෙහි. හත්ථිච්ඡාපෙහීති ඛීරූපකෙහි දහරපොතකෙහි. ඡින්නග්ගානීති තෙහි පුරතො පුරතො ගච්ඡන්තෙහි ඡින්නග්ගානි ඛායිතාවසෙසානි ඛාණුසදිසානි තිණානි ඛාදති. ඔභග්ගොභග්ගන්ති තෙන හත්ථිනාගෙන උච්චට්ඨානතො භඤ්ජිත්වා භඤ්ජිත්වා පාතිතං. අස්ස සාඛාභඞ්ගන්ති එතස්ස සන්තකං සාඛාභඞ්ගං තෙ ඛාදන්ති. ආවිලානීති තෙහි පඨමතරං ඔතරිත්වා පිවන්තෙහි ආලුලිතානි කද්දමොදකානි පිවති. ඔගාහාති තිත්ථතො.
“පාරිලෙය්යකෙ විහරති රක්ඛිතවනසණ්ඩෙ” පාරිලෙය්‍යක වනය ඇසුරුකොට රක්ඛිතවන ලැහැබෙහි වැඩවසන සේක. “හත්ථිනාගො” මහාහස්ති තෙමේ. “හත්ථිකලහෙහි” ඇත්පැටවුන් විසින්. “හත්ථිච්ඡාපෙහි” කිරිබොන ළදරු පැටවුන් විසින්. “ජින්නග්ගාහි” ඉදිරියෙහි ඉදිරියෙහි යන ඒ ඇත්පැටවු ආදීන් විසින් කාඉතිරිවූ සුන්අත් ඇති කණු සමානවූ තණකයි. “ඔභග්ගොභග්ගං” ඒ මහත් ඇතු විසින් උස්තැනින් බිඳ-බිඳ හෙළන ලද “අස්ස සාඛාභඞ්ගං” මොහු සතු බිඳ හෙළන ලද කොළඅතු ඒ ඇත්පැටවු කත්. “ආවිලානි” පළමුකොට දියට බැස පැන්බොන්නාවූ. ඒ ඇත්පැටවුන් විසින් කලඹනලද මඩ සහිත දිය පානය කරයි. “ඔගාහා” තොටින්
නාගස්ස නාගෙනාති හත්ථිනාගස්ස බුද්ධනාගෙන. ඊසාදන්තස්සාති රථඊසාසදිසදන්තස්ස. යදෙකො රමතී වනෙති යස්මා බුද්ධනාගො විය අයම්පි හත්ථිනාගො එකො පවිවිත්තො වනෙ රමති; තස්මාස්ස නාගස්ස නාගෙන චිත්තං සමෙති, එකීභාවරතියා එකසදිසං හොතීති අත්ථො.
“නාගස්ස නාගෙන” හස්තිනාගයාගේ බුද්ධනාගයා සමග “ඊසාදන්තස්ස” රියහිස් වැනි දළ ඇති. “යදෙකො රමතී වනෙ” යම්හෙයකින් බුද්ධනාගයා මෙන් මේ හස්තිනාග තෙමේද, එකලාවූයේ ප්‍රකර්‍ෂවිවෙක ඇත්තේ වනයෙහි ඇලේද, එහෙයින් මේ හස්ති නාගයාගේ සිත බුද්ධනාගයා සමග සමවේ. එකීභාවරතියෙන් එක් වැනිවේය යන අර්‍ත්‍ථයි.
යථාභිරන්තං විහරිත්වාති එත්ථ තෙමාසං භගවා තත්ථ විහාසීති වෙදිතබ්බො. එත්තාවතා කොසම්බකෙහි කිර උබ්බාළ්හො භගවා තෙමාසං අරඤ්ඤං පවිසිත්වා වසීති සබ්බත්ථ කථා පත්ථටා අහොසි.
“යථාභිරන්තං විහරිත්වා” යන මෙහි භාග්‍යවතුන් වහන්සේ තෙමසක් එහි වැඩවිසූ සේකැයි දතයුතුය. මෙපමණකින් ‘කොසැඹෑනුවර වැසි මහණුන් විසින් පෙළනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ තෙමසක් වනයට පිවිස වැඩවසන සේකැ’යි සියලු තන්හි කථා පැතිර ගියාය.
අථ ඛො කොසම්බකා උපාසකාති අථ ඛො ඉමං කථාසල්ලාපං සුත්වා කොසම්බිවාසිනො උපාසකා.
“අථ ඛො කොසම්බකා උපාසකා” ඉක්බිති මේ කථා සල්ලාපය අසා කොසැඹෑනුවර වැසි උපාසකයෝ.
අට්ඨාරසවත්ථුකථා
අට්ඨාරසවත්ථුකථා
අධම්මං ධම්මොතිආදීනි අට්ඨාරස භෙදකරවත්ථූනි සඞ්ඝභෙදකක්ඛන්ධකෙ වණ්ණයිස්සාම.
“අධම්මං ධම්මො” යනාදී වූ අෂ්ටාරශභෙදකර වස්තූන් සඞ්ඝභෙදකක්ඛන්ධකයෙහි වර්ණනා කරන්නෙමු.
තං උක්ඛිත්තකං භික්ඛුං ඔසාරෙත්වාති තං ගහෙත්වා සීමං ගන්ත්වා ආපත්තිං දෙසාපෙත්වා කම්මවාචාය ඔසාරෙත්වා. තාවදෙව උපොසථොති තංදිවසමෙව උපොසථක්ඛන්ධකෙ වුත්තනයෙනෙව සාමග්ගීඋපොසථො කාතබ්බො.
“තං උක්ඛිත්තකං භික්ඛුං ඔසාරෙත්වා” ඒ මහණහු ගෙන සීමාවට ගොස් ඇවැත් දෙසවා කර්මවාක්යයෙන් ඇතුළත් කොට “තාවදෙව උපොසථො” එදවසම උපොසථක්ඛන්ධකයෙහි කියූනයින්ම සාමග්ගිඋපොසථය කටයුතුය.
අමූලා මූලං ගන්ත්වාති න මූලා මූලං ගන්ත්වා; තං වත්ථුං අවිනිච්ඡිනිත්වාති අත්ථො. අයං වුච්චති උපාලි සඞ්ඝසාමග්ගී අත්ථාපෙතා බ්යඤ්ජනූපෙතාති අත්ථතො අපගතා, “සඞ්ඝසාමග්ගී”ති ඉමං පන බ්යඤ්ජනමත්තං උපෙතා.
“අමූලාමූලං ගනත්වා” අමූලයෙන් මූලයට ගොස්, ඒ වස්තුව විනිශ්චය නොකොට, යන අර්‍ත්‍ථයි. “අයං වුච්චති උපාලි සඞ්ඝසාමග්ගි අත්ථාපෙතා ව්යඤ්ජනූපෙතා” අර්ත්ථයෙන් පහවූ සඞ්ඝසාමග්රියයි. මෙය වනාහි ව්යඤ්ජනමාත්රයට පැමිණියාය.
සඞ්ඝස්ස කිච්චෙසූති සඞ්ඝස්ස කරණීයෙසු උප්පන්නෙසු. මන්තනාසූති විනයමන්තනාසු. අත්ථෙසු ජාතෙසූති විනයඅත්ථෙසු උප්පන්නෙසු. විනිච්ඡයෙසූති තෙසංයෙව අත්ථානං විනිච්ඡයෙසු. මහත්ථිකොති මහාඋපකාරො. පග්ගහාරහොති පග්ගණ්හිතුං වුත්තො.
“සඞ්ඝස්ස කිච්චෙසු” සඞ්ඝයාට කටයුතු ඇතිවූ කල්හි. “මන්තණාසු” විනයමන්ත්‍රණයන්හි. “අත්ථෙසු ජාතෙසු” විනයාර්ත්ථ ඉදිරිපත්වූකල්හි. “විනිච්ඡයෙසු” ඒ අර්ත්ථයන්ගේම විනිශ්චයන්හි. “මහත්ථිකො” මහත් උපකාර ඇත්තේ. “පග්ගහාරහො” සසුනට අනුබල දීමට සුදුසුවූයේ.
අනානුවජ්ජො පඨමෙන සීලතොතිආදිම්හියෙව තාව සීලතො න උපවජ්ජො. අවෙක්ඛිතාචාරොති අපෙක්ඛිතාචාරො; ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරීතිආදිනා නයෙන උපපරික්ඛිතාචාරො. අට්ඨකථාසු පන “අප්පටිච්ඡන්නාචාරො”ති වුත්තං.
“අනානුවජ්ජො පඨමෙන සීලතො” ආදියෙහිම වනාහි සීලයෙන් උපවාද කටයුත්තේ නොවේ. “අවෙක්ඛිතාචාරො” බලාපොරොත්තුවන හැසිරීම් ඇත්තේ. “ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී” යනාදිනයින් බලාපොරොත්තුවන හැසිරීම් ඇත්තේ, අර්ත්ථ කථාවන්හි වනාහි “අප්පටිච්ඡන්නාචාරො”යි කියනලදී.
විසය්හාති අභිභවිත්වා. අනුය්යුතං භණන්ති අනුඤ්ඤාතං අනපගතං භණන්තො. යස්මා හි සො අනුය්යුතං භණති, උසූයාය වා අගතිගමනවසෙන වා කාරණාපගතං න භණති, තස්මා අත්ථං න හාපෙති. උසූයාය පන අගතිගමනවසෙන වා භණන්තො අත්ථං හාපෙති, කාරණං න දෙති, තස්මා සො පරිසගතො ඡම්භති චෙව වෙධති ච. යො ඊදිසො න හොති, අයං “පග්ගහාරහො”ති දස්සෙති.
“විසය්හ” මැඩපවත්වා. “අනුය්යුතං භණන්ති” අනුදන්නාලද කරුණින් නොපහවූවක් බණන්නේ, යම්හෙයකින් හෙතෙමේ අනුදන්නාලද කරුණින් නොපහවූවක් බෙණේද, ඊර්ෂ්‍යාවෙන් හෝ අගතිගමන වසයෙන් හෝ කරුණින් පහවූවක් නොබෙණේද, එහෙයින් අර්ත්ථය නොපිරිහෙළයි. ඊර්ෂ්‍යාවෙන් හෝ අගතිගමන වසයෙන් හෝ බණන්නේ අර්ත්ථය පිරිහෙළයි. කරුණු නොකියයි. එහෙයින් හෙතෙමේ පිරිස් කරාගියේ තැති ගනියි. කම්පිතද වේ. යමෙක් මෙබඳුනොවේද, මෙතෙමේ සසුනට අනුබලදීමට සුදුසුවේයයි දක්වාලන්නේය.
කිඤ්ච භිය්යො “තථෙව පඤ්හ”න්ති ගාථා, තස්සත්ථො – යථා ච අනුය්යුතං භණන්තො අත්ථං න හාපෙති, තථෙව පරිසාය මජ්ඣෙ පඤ්හං පුච්ඡිතො සමානො න චෙව පජ්ඣායති, න ච මඞ්කු හොති. යො හි අත්ථං න ජානාති, සො පජ්ඣායති. යො වත්තුං න සක්කොති, සො මඞ්කු හොති. යො පන අත්ථඤ්ච ජානාති, වත්තුඤ්ච සක්කොති; සො න පජ්ඣායති, න මඞ්කු හොති. කාලාගතන්ති කථෙතබ්බයුත්තකාලෙ ආගතං. බ්යාකරණාරහන්ති පඤ්හස්ස අත්ථානුලොමතාය බ්යාකරණානුච්ඡවිකං. වචොති වදන්තො; එවරූපං වචනං භණන්තොති අත්ථො. රඤ්ජෙතීති තොසෙති. විඤ්ඤූපරිසන්ති විඤ්ඤූනං පරිසං.
බොහෝකොට කිම, “තථෙව පඤ්හං” යනු ගාථාය. ඒ පිළිබඳ අර්ත්ථය මෙසේය:- යම්සේ කරුණින් නොපහවූවක් බණන්නේ අර්ත්ථය මෙසේය:- යම්සේ කරුණින් නොපහවූවක් බණන්නේ. අර්ත්ථය නොපිරිහෙළයි. එසේම පිරිස්මැද ප්‍රශ්නයක් විචාරණ ලද්දේ සිතිවිලි නොමසිතයි. එයට මකුනොවේ. යමෙක් වනාහි අර්ත්ථය නොදනීද, හෙතෙමේ සිතිවිලි සිතයි. යමෙක් කියන්නට අසමර්ත්ථවේද, හෙතෙමේ මකුවේ. යමෙක් අර්‍ත්‍ථයත් දනීද, කියන්නටත් සමර්ත්ථවේද, හෙතෙමේ සිතිවිලි නොසිතයි. මකුනොවේ. “කාලාගතං” කියයුතු කල්හි පැමිණෙන පැමිණියාවූ, “ව්යාකරණාරහං” ප්රශ්නය පිළිබඳ අර්ත්ථයට අනුලොම් වූ ව්‍යාකරණයට සුදුසු වචන කියන්නේ, මෙබඳු වචන කියන්නේය යන අර්‍ත්‍ථයි. “රඤ්ජෙති” සතුටුකරයි. “විඤ්ඤූපරිසං” නුවණැත්තන්ගේ පිරිස.
ආචෙරකම්හි ච සකෙති අත්තනො ආචරියවාදෙ. අලං පමෙතුන්ති වීමංසිතුං තං තං කාරණං පඤ්ඤාය තුලයිතුං සමත්ථො. පගුණොති කතපරිචයො ලද්ධාසෙවනො. කථෙතවෙති කථෙතබ්බෙ. විරද්ධිකොවිදොති විරද්ධට්ඨානකුසලො.
“ආචෙරකම්හි ච සකෙ” තමන්ගේ ආචාර්‍ය්‍යවාදයෙහි. “අලං පමෙතුං” විමසන්නට. ඒ ඒ කරුණ නුවණින් තීරණය කරන්නට සමර්ත්ථ වේ. “පගුණො” කළපුරුද්ද ඇත්තේය. ලැබූ සෙවනය ඇත්තේය. “කථෙතචෙ” කියයුත්තෙහි. “විසන්දිකොවිදො” පසමිතුරන් වැරදවූ තැන් දැක්මෙහි දක්ෂ වේ.
පච්චත්ථිකා යෙන වජන්තීති අයං ගාථා යාදිසෙ කථෙතබ්බෙ පගුණො, තං දස්සෙතුං වුත්තා. අයඤ්හෙත්ථ අත්ථො – යාදිසෙන කථිතෙන පච්චත්ථිකා ච නිග්ගහං ගච්ඡන්ති, මහාජනො ච සඤ්ඤපනං ගච්ඡති; සඤ්ඤත්තිං අවබොධනං ගච්ඡතීති අත්ථො. යඤ්ච කථෙන්තො සකං ආදායං අත්තනො ආචරියවාදං න හාපෙති, යස්මිං වත්ථුස්මිං අධිකරණං උප්පන්නං, තදනුරූපං අනුපඝාතකරං පඤ්හං බ්යාකරමානො තාදිසෙ කථෙතබ්බෙ පගුණො හොතීති.
“පච්චත්ථිකා යෙන වජන්ති” යන මේ ගාථා යම්බඳු කියයුත්තෙක ප්‍රගුණ වූයේද, ඒ දක්වන්නට වදාරනලදී. මෙහි මේ අර්ත්ථය වේ. ඉදින් යම් කියන ලද්දකින් පසමිතුරෝද නිග්‍රහයට යෙත්ද, “මහාජනො ච සඤ්ඤාපනං ගච්ඡති” සංඥප්තියට අවබෝධයට යේය යන අර්‍ත්‍ථයි. යමක් කියන්නේ, “සකං ආදායං” තමන්ගේ ආචාර්‍ය්‍යවාදය නොපිරිහෙළයි. යම් කාර්ය්යයෙක්හි අධිකරණ ගැටලුවක් ඇතිවුවහොත් උපන්නේනම්, ඊට අනුරූප වූ හිංසා නොකරන්නාවූ ප්රශ්නයන් ප්‍රකාශ කරමින් එබඳු කියයුත්තෙහි ප්රගුණවූයේ වේ.
දූතෙය්යකම්මෙසු අලන්ති අට්ඨහි දූතඞ්ගෙහි සමන්නාගතත්තා සඞ්ඝස්ස දූතෙය්යකම්මෙසු සමත්ථො. සුට්ඨු උග්ගණ්හාතීති සමුග්ගහො. ඉදං වුත්තං හොති – යථා නාම ආහුනං ආහුතිපිණ්ඩං සමුග්ගණ්හන්ති, එවං පීතිසොමනස්සජාතෙනෙව චෙතසා සඞ්ඝස්ස කිච්චෙසු සමුග්ගහො, සඞ්ඝස්සකිච්චෙසු තස්ස තස්ස කිච්චස්ස පටිග්ගාහකොති අත්ථො. කරං වචොති වචනං කරොන්තො. න තෙන මඤ්ඤතීති තෙන වචනකරණෙන “අහං කරොමි, සඞ්ඝභාරං නිත්ථරාමී”ති න මානාතිමානං ජප්පෙති.
“දූතෙය්‍ය කම්මෙසු අලං” අටවැදෑරුම් වූ දූතාඞ්ගයන්ගෙන් යුක්තබැවින් සඞ්ඝයාගේ දූතකර්මයන්හි සමර්ත්ථ වේ. මොනවට උගණීනුයි සමුග්ගහ නමි. මෙය කියන ලද්දේ වේ. “යථා” යම්සේ නම් “ආහුනං” ආහු යන පිණ්ඩය පිළිගනීද, මෙසේ හටගත් ප්‍රීතිසෞමනස්‍යයෙන් යුක්තවූම සිතින් “සඞ්ඝස්ස කිච්චෙසු සමුග්ගහො” සඞ්ඝකෘත්යයන් අතුරෙහි ඒ ඒ කෘත්‍යය පිළිගන්නේය යන අර්‍ත්‍ථයි. “කරං වචො” වචන කරන්නේය. “න තෙන මඤ්ඤෙති” ඒ වචන කරන්නහු විසින් ‘මම කරමි, සඞ්ඝභාරය උසුලමි’යි මානාතිමානයෙන් නොබෙණෙයි.
ආපජ්ජති යාවතකෙසු වත්ථූසූති යත්තකෙසු වත්ථූසු ආපත්තිං ආපජ්ජමානො ආපජ්ජති. හොති යථා ච වුට්ඨිතීති තස්සා ච ආපත්තියා යථා වුට්ඨානං හොති. එතෙ විභඞ්ගාති යෙසු වත්ථූසු ආපජ්ජති, යථා ච වුට්ඨානං හොති, ඉමෙසං අත්ථානං ජොතකා එතෙ විභඞ්ගා. උභයස්සාති උභයෙ අස්ස. ස්වාගතාති සුට්ඨු ආගතා. ආපත්තිවුට්ඨානපදස්ස කොවිදොති ආපත්තිවුට්ඨානකාරණකුසලො.
“ආපජ්ජති යාවතකෙසු වත්ථුසු” යම් පමණ වස්තූන්හි ඇවැතට පැමිණෙන්නේ, ඇවැතට පැමිණියේවේද “යථා ච වුට්ඨාති” ඒ ඇවතින් යම්සේ නැගිසිටීමවේද, මේ අර්ත්ථ ප්‍රකාශ කරන්නාවූ මේ විභඞ්ගයෝ “උභයස්ස” දෙදෙන, සාගතානි මොනවට ආවාහුය. “ආපත්ති වුට්ඨානපදස්ස කොවිදො” ඇවැතින් නැගීසිටීම පිළිබඳ කාරණයන්හි දක්ෂ වේ.
යානි චාචරන්ති යානි ච භණ්ඩනකාරණාදීනි ආචරන්තො තජ්ජනීයකම්මාදිවසෙන නිස්සාරණං ගච්ඡති. ඔසාරණං තංවුසිතස්ස ජන්තුනොති තං වත්තං වුසිතස්ස ජන්තුනො, යා ඔසාරණා කාතබ්බා, එතම්පි ජානාති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“යානි චා චරන්ති” යම් ඩබර කාරණාදියෙහි හැසිරෙමින්, තර්ජනීය කර්මාදිවශයෙන් බැහැර කිරීම පැමිණේද, “ඔසාරණ තං වුසිතස්ස ජන්තුනො” ඒ වතෙහි පැවති මහණහු පිළිබඳ යම් ඇතුල් කිරීමක් කටයුතුද, මෙද දනියි. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
කොසම්බකක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
කොසම්බකක්ඛන්ධ වර්ණනාව නිමි.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය මහාවග්ගවණ්ණනා සමත්තා.
සිංහල සමන්තපාසාදිකාවෙහි මහාවර්‍ග වර්ණනාව නිමි.
මහාවග්ග-අට්ඨකථා නිට්ඨිතා.
මේ වර්ණනාව උවදුරු රහිතව යම්සේ සම්පූර්ණ වූවාද, එසේ සියලු ජනයෝ උවදුරු රහිතව නිවනට පැමිණෙත්වා.