යෙදුමෙන් කියවන්න

කොසම‍්බක‍්ඛන්‍ධකං

10.

10.

කොසම‍්බක‍්ඛන්‍ධකං

කෝසම්බක්ඛන්‍ධකය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ආපත‍්තිං ආපන‍්නො. සො තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨි හොති. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨිනො හොන‍්ති.

1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා මහණෙක් ඇවැතකට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැතෙහි ආපත්ති දෘෂ්ටි (ඇවැත් යන ලබ්ධි) ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි අනාපත්තිදෘෂ්ටි (ඇවැත් නැතැ යි යන ලබ්ධි) ඇත්තෝ වෙති.

2. සො අපරෙන සමයෙන තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි හොති. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨිනො හොන‍්ති.

2. හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවැතෙහි අනාපත්ති දෘෂ්ටි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ආපත්තිදෘෂ්ටි ඇත්තෝ වෙති.

3. අථ ඛො තෙ භික‍්ඛූ තං භික‍්ඛුං එතදවොචුං: “ආපත‍්තිං ත්‍වං ආවුසො, ආපන‍්නො. පස‍්සසෙතං ආපත‍්ති”න‍්ති. “නත්‍ථි මෙ ආවුසො, ආපත‍්ති, යමහං පස‍්සෙය්‍ය”න‍්ති.

3. ඉක්බිති ඒ භික්‍ෂූහු “ඇවැත, තෝ ඇවැතකට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට කීහ. “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ” යි හෙතෙමේ කීය.

4. අථ ඛො තෙ භික‍්ඛූ සාමග‍්ගිං ලභිත්‍වා තං භික‍්ඛුං ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිංසු.

4. එකල්හි ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ භික්‍ෂුනම ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.

5. සො ච භික‍්ඛු බහුස‍්සුතො හොති ආගතාගමො ධම‍්මධරො විනයධරො මාතිකාධරො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී ලජ‍්ජී කුක‍්කුච‍්චකො සික‍්ඛාකාමො.

5. ඒ මහණ තෙමේ ද බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. ආගම පුහුණු කෙළේ වේ. ධර්‍මධර ය. විනයධර ය. උභයමාතෘකා (ප්‍රාතිමෝක්‍ෂ) ධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. ශික්‍ෂාකාමී ය.

6. අථ ඛො සො භික‍්ඛු සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා එතදවොච: “අනාපත‍්ති එසා ආවුසො. නෙසා ආපත‍්ති. අනාපන‍්නොම‍්හි. නම‍්හි ආපන‍්නො. අනුක‍්ඛිත‍්තොම‍්හි. නම‍්හි උක‍්ඛිත‍්තො. අධම‍්මිකෙනම‍්හි කම‍්මෙන උක‍්ඛිත‍්තො කුප‍්පෙන අට‍්ඨානාරහෙන. හොථ මෙ ආයස‍්මන‍්තො ධම‍්මතො විනයතො පක‍්ඛා”ති. අලභි ඛො සො භික‍්ඛු සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ පක‍්ඛෙ.

6. ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු දැඩිමිතුරු භික්‍ෂූන් වෙත එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියේ වෙමි. පැමිණියෙක් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දෙක් නො වෙමි. කෝප්‍ය වූ (ආක්‍රෝශ කටයුතු බවට පැමිණි) සසුනට නො ගැළපෙන්නා වු අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂ වවු” යි මෙය කීයේ ය. ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ (තමහට) පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.

7. ජානපදානම‍්පි සන්‍දිට‍්ඨානං සම‍්භත‍්තානං භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පාහෙසි: “අනාපත‍්ති එසා ආවුසො, නෙසා ආපත‍්ති. අනාපන‍්නොම‍්හි. නම‍්හි ආපන‍්නො. අනුක‍්ඛිත‍්තොම‍්හි. නම‍්හි උක‍්ඛිත‍්තො. අධම‍්මිකෙනම‍්හි කම‍්මෙන උක‍්ඛිත‍්තො කුප‍්පෙන අට‍්ඨානාරහෙන. හොන‍්තු මෙ ආයස‍්මන‍්තො ධම‍්මතො විනයතො පක‍්ඛා”ති. අලභි ඛො සො භික‍්ඛු ජානපදෙපි සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ පක‍්ඛෙ.

7. “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දේ නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂවවු” යි මෙසේ කියා දනවු වැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය. ඒ භික්‍ෂු තෙමේ දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ද ලැබී ය.

8. අථ ඛො තෙ උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ යෙන උක‍්ඛෙපකා භික‍්ඛූ තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා උක‍්ඛෙපකෙ භික‍්ඛූ එතදවොචුං: “අනාපත‍්ති එසා ආවුසො. නෙසා ආපත‍්ති. අනාපන‍්නො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු ආපන‍්නො. අනුක‍්ඛිත‍්තො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු උක‍්ඛිත‍්තො. අධම‍්මිකෙන කම‍්මෙන උක‍්ඛිත‍්තො කුප‍්පෙන අට‍්ඨානාරහෙනා”ති.

8. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක (තහනම් කරණු ලැබූවහුට අනු ව පවතින) භික්‍ෂූහු තහනම් කළ භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. මේ මහණ තෙමේ ඇවැතට නො පැමිණියේ වේ. මේ මහණ තෙමේ ඇවැතට පැමිණියෙක් නො වේ. මේ මහණ තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ. මේ මහණ තෙමේ බැහැර කරණ ලද්දෙක් නො වේ. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ ය” යි බැහැර කළ භික්‍ෂූන්ට මෙය කීහ.

9. එවං වුත‍්තෙ උක‍්ඛෙපකා භික‍්ඛූ උක‍්ඛිත‍්තානුවත‍්තකෙ භික‍්ඛූ එතදවොචුං: “ආපත‍්ති එසා ආවුසො. නෙසා අනාපත‍්ති. ආපන‍්නො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු අනාපන‍්නො. උක‍්ඛිත‍්තො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු අනුක‍්ඛිත‍්තො. ධම‍්මිකෙන කම‍්මෙන උක‍්ඛිත‍්තො අකුප‍්පෙන ඨානාරහෙන. මා ඛො තුම‍්හෙ ආයස‍්මන‍්තො එතං උක‍්ඛිත‍්තකං භික‍්ඛුං අනුවත‍්තිත්‍ථ, අනුපරිවාරෙථා”ති.

9. මෙසේ කී කල්හි උත්ක්‍ෂේපකභික්‍ෂූහු “ඇවැත්නි, මෙය ඇවතකි. මෙය අනාපත්ති නො වේ. මේ මහණ තෙමේ ඇවැත් අවන් ය. මේ මහණ තෙමේ ඇවැතට අවන් නො වූයේ නො වේ. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත ය. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත නො වූයේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන්නා වූ ධාර්මිකකර්‍මයෙන් උත්ක්‍ෂිප්ත ය. (එහෙයින්) ආයුෂ්මත්හු මේ උත්ක්‍ෂිප්ත භික්‍ෂුහුහට අනුවර්‍තක නො වවු. අනුගමනය නො කරවු” යි උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට මෙය කීහ.

10. එවම‍්පි ඛො තෙ උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ උක‍්ඛෙපකෙහි භික‍්ඛූහි වුච‍්චමානා තථෙව තං උක‍්ඛිත‍්තකං භික‍්ඛුං අනුවත‍්තිංසු. අනුපරිවාරෙසුං.

10. උත්ක්‍ෂේපකභික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නා වූ ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු ඒ උත්ක්‍ෂිප්ත වූ මහණහු අනු ව පැවැත්තාහු ය. පිරිවැරූහ.

11. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “ඉධ භන‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු ආපත‍්තිං ආපන‍්නො අහොසි. සො තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨි අහොසි. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨිනො අහෙසුං.

11. ඒ අතර එක්තරා මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි, මෙහි එක්තරා මහණෙක් ඇවැත් අවන්නේ වේ. හෙතෙමේ ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තේ වී ය. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තෝ වූහ.”

12. “සො අපරෙන සමයෙන තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි අහොසි. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨිනො අහෙසුං.

12. “හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තේ විය. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තෝ වූහ.”

13. “අථ ඛො තෙ භන‍්තෙ භික‍්ඛූ තං භික‍්ඛුං එතදවොචුං: ‘ආපත‍්තිං ත්‍වං ආවුසො ආපන‍්නො. පස‍්සසෙතං ආපත‍්ති’න‍්ති. “නත්‍ථි මෙ ආවුසො ආපත‍්ති, යමහං පස‍්සෙය්‍ය”න‍්ති.

13. “ස්වාමීනි, අනතුරු ව ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට මෙය කීහ. ‘මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි (ඒ මහණ කී ය)

14. “අථ ඛො තෙ භන‍්තෙ භික‍්ඛූ සාමග‍්ගිං ලභිත්‍වා තං භික‍්ඛුං ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිංසු.

14. “එවිට ස්වාමීනි, ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ මහණහු ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.”

15. “සො ච භන‍්තෙ භික‍්ඛු බහුස‍්සුතො ආගතාගමො ධම‍්මධරො විනයධරො මාතිකාධරො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී ලජ‍්ජී කුක‍්කුච‍්චකො සික‍්ඛාකාමො.

15. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේත් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය.”

16. “අථ ඛො සො භන‍්තෙ භික‍්ඛු සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා එතදවොච: ‘අනාපත‍්ති එසා ආවුසො, නෙසා ආපත‍්ති. අනාපන‍්නොම‍්හි. නම‍්හි ආපන‍්නො. අනුක‍්ඛිත‍්තොම‍්හි. නම‍්හි උක‍්ඛිත‍්තො. අධම‍්මිකෙනම‍්හි කම‍්මෙන උක‍්ඛිත‍්තො කුප‍්පෙන අට‍්ඨානාරහෙන. හොථ මෙ ආයස‍්මන‍්තො ධම‍්මතො විනයතො පක‍්ඛා’ති.

16. “ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටු පමණින් මිතුරු වූ ආශ්‍රයයෙන් මිතුරු වූ භික්‍ෂූන් වෙත එළඹ ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැත් අවන් වූයෙම් නො වෙමි. ඇවැතට පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දෙම් වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි මෙය කී ය.”

17. “අලභි ඛො සො භන‍්තෙ භික‍්ඛු සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ පක‍්ඛෙ.

17. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩි මිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.”

18. “ජානපදානම‍්පි සන්‍දිට‍්ඨානං සම‍්භත‍්තානං භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පාහෙසි: ‘අනාපත‍්ති එසා ආවුසො. නෙසා ආපත‍්ති. අනාපන‍්නොම‍්හි. නම‍්හි ආපන‍්නො. අනුක‍්ඛිත‍්තොම‍්හි. නම‍්හි උක‍්ඛිත‍්තො. අධම‍්මිකෙනම‍්හි කම‍්මෙන උක‍්ඛිත‍්තො කුප‍්පෙන අට‍්ඨානාරහෙන. හොන‍්තු මෙ ආයස‍්මන‍්තො ධම‍්මතො විනයතො පක‍්ඛා’ති.

18. ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. ඇවැතට පැමිණියේ නො වෙමි. බැහැර නො කරණ ලද්දේ වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය.

19. “අලභි ඛො සො භන‍්තෙ භික‍්ඛු ජානපදෙපි සන්‍දිට‍්ඨෙ සම‍්භත‍්තෙ භික‍්ඛූ පක‍්ඛෙ.

19. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේ දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ (තමහට) පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.”

20. “අථ ඛො තෙ භන‍්තෙ උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ යෙන උක‍්ඛෙපකා භික‍්ඛූ තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා උක‍්ඛෙපකෙ භික‍්ඛූ එතදවොචුං: ‘අනාපත‍්ති එසා ආවුසො. නෙසා ආපත‍්ති. අනාපන‍්නො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු ආපන‍්නො. අනුක‍්ඛිත‍්තො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු උක‍්ඛිත‍්තො. අධම‍්මිකෙන කම‍්මෙන උක‍්ඛිත‍්තො කුප‍්පෙන අට‍්ඨානාරහෙනා’ති.

20. “ස්වාමීනි, ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු උත්ක්‍ෂේපක භික්‍ෂූන් වෙත ගියහ. ගොස් ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. මේ භික්‍ෂු තෙමේ ඇවැතට නො පැමිණියේ වේ. මේ භික්‍ෂු තෙමේ පැමිණියේ නො වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර නො කරණ ලද්දේ ය. මේ භික්‍ෂු තෙමේ බැහැර කරණ ලද්දේ නො වේ. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ වේ’ යි උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට මෙය කීහ.

21. “එවං වුත‍්තෙ තෙ භන‍්තෙ උක‍්ඛෙපකා භික‍්ඛූ උක‍්ඛිත‍්තානුවත‍්තකෙ භික‍්ඛූ එතදවොචුං: ‘ආපත‍්ති එසා ආවුසො. නෙසා අනාපත‍්ති. ආපන‍්නො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු අනාපන‍්නො. උක‍්ඛිත‍්තො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු අනුක‍්ඛිත‍්තො. ධම‍්මිකෙන කම‍්මෙන උක‍්ඛිත‍්තො අකුප‍්පෙන ඨානාරහෙන. මා ඛො තුම‍්හෙ ආයස‍්මන‍්තො එතං උක‍්ඛිත‍්තකං භික‍්ඛුං අනුවත‍්තිත්‍ථ. අනුපරිවාරෙථා’ති.

21. “ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ උත්ක‍්ෂෙපකභික්‍ෂූහු ‘ඇවැත්නි, මෙය ඇවැත් වේ. මෙය අනාපත්ති නො වේ. මේ භික්‍ෂු තෙමේ ඇවැතට පැමිණියේ වේ. මේ භික්‍ෂු තෙමේ නො පැමිණියේ නො වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර කරණ ලද්දේ වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර නො කරණ ලද්දේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන්නා වූ ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දේ වේ. ආයුෂ්මත්නි, තෙපි බැහැර කරණ ලද මේ මහණහුට අනුවර්‍තක නො වවු, අනුගමනය නො කරවු’ යි උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූන්ට කීහ.

22. “එවම‍්පි ඛො තෙ භන‍්තෙ උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ උක‍්ඛෙපකෙහි භික‍්ඛූහි වුච‍්චමානා තථෙව තං උක‍්ඛිත‍්තකං භික‍්ඛුං අනුවත‍්තන‍්ති අනුපරිවාරෙන‍්තී”ති.

22. “ස්වාමීනි, උත්ක්‍ෂේපකභික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නා වූ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු උත්ක්‍ෂිප්ත වූ ඒ මහණ ඒ ලෙසින් ම පිරිවරත්.”

23. අථ ඛො භගවා “භින‍්නො භික‍්ඛුසඞ‍්ඝො. භින‍්නො භික‍්ඛුසඞ‍්ඝො”ති උට‍්ඨායාසනා යෙන උක‍්ඛෙපකා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

23. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය. භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය” යි හුනස්නෙන් නැගිට උත්ක්‍ෂේපකභික්‍ෂූන් වෙත වැඩිසේක. වැඩ පැණ වූ අසුනෙහි වැඩහුන් සේක.

24. නිසජ‍්ජ ඛො භගවා උක‍්ඛෙපකෙ භික‍්ඛූ එතදවොච: “මා ඛො තුම‍්හෙ භික‍්ඛවෙ ‘පටිභාති නො. පටිභාති නො’ති යස‍්මිං වා තස‍්මිං වා භික‍්ඛුං උක‍්ඛිපිතබ‍්බං මඤ‍්ඤිත්‍ථ.

24. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි ‘අපට වැටහෙයි. අපට වැටහේ ය’ යි යම් ඒ කරුණෙක්හි මහණෙක් බැහැර කළ යුතු ය” යි නහමක් සලකවු.

25. ‘ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු ආපත‍්තිං ආපන‍්නො හොති. සො තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි හොති. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨිනො හොන‍්ති.

25. “මහණෙනි, මෙහි මහණෙක් ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වේ ය යි දැකුම් ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැත ඇවැත් ය යි දැකුම් ඇත්තෝ වෙති.

26. “තෙ චෙ භික‍්ඛවෙ භික‍්ඛූ තං භික‍්ඛුං එවං ජානන‍්ති. ‘අයං ඛො ආයස‍්මා බහුස‍්සුතො ආගතාගමො ධම‍්මධරො විනයධරො මාතිකාධරො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී ලජ‍්ජී කුක‍්කුච‍්චකො සික‍්ඛාකාමො. සචෙ මයං ඉමං භික‍්ඛුං ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිස‍්සාම, න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං උපොසථං කරිස‍්සාම, විනා ඉමිනා භික‍්ඛුනා උපොසථං කරිස‍්සාම, භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතොනිදානං භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණ’න‍්ති.

26. “මහණෙනි, ඒ භික්‍ෂූහු ඒ මහණහු ගැණ “මේ ආයුෂ්මත් තෙමේ බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය. අපි මේ මහණහු ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නෙමු නම්, අපි මේ මහණහු සමග පොහෝ නො කරන්නෙමු නම්, මේ මහණහු හැර පොහොය කරන්නෙමු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝයාගේ භේදයට ඉරි වැටීමක් සඞ්ඝයා වෙන් කිරීමක් සඞ්ඝයාගේ වෙනස් බවක් වන්නේ ය යි දනිත් ද?”

27. “භෙදගරුකෙහි භික‍්ඛවෙ භික‍්ඛූහි න සො භික‍්ඛු ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිතබ‍්බො.”

27. මහණෙනි, බිඳීම බරපතල කොට සලකන භික්‍ෂූන් විසින් ඒ මහණ තෙමේ ඇවැත් නො දැක්මෙහි බැහැර නො කට යුතු ය.

28. “ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු ආපත‍්තිං ආපන‍්නො හොති. සො තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි හොති. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨිනො හොන‍්ති.

28. “මහණෙනි, මෙහි මහණෙක් ඇවතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවත ඇවැත් නො වෙයි යන දැකුම් ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙත්.”

29. “තෙ චෙ භික‍්ඛවෙ භික‍්ඛූ තං භික‍්ඛුං එවං ජානන‍්ති: ‘අයං ඛො ආයස‍්මා බහුස‍්සුතො ආගතාගමො ධම‍්මධරො විනයධරො මාතිකාධරො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී ලජ‍්ජී කුක‍්කුච‍්චකො සික‍්ඛාකාමො. සචෙ මයං ඉමං භික‍්ඛුං ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිස‍්සාම, න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං පවාරෙස‍්සාම. විනා ඉමිනා භික‍්ඛුනා පවාරෙස‍්සාම. න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං සඞ‍්ඝකම‍්මං කරිස‍්සාම, විනා ඉමිනා භික‍්ඛුනා සඞ‍්ඝකම‍්මං කරිස‍්සාම, න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං ආසනෙ නිසීදිස‍්සාම, විනා ඉමිනා භික‍්ඛුනා ආසනෙ නිසීදිස‍්සාම. න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං යාගුපානෙ නිසීදිස‍්සාම, විනා ඉමිනා භික‍්ඛුනා යාගුපානෙ නිසීදිස‍්සාම, න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං භත‍්තග‍්ගෙ නිසීදිස‍්සාම, විනා ඉමිනා භික‍්ඛුනා භත‍්තග‍්ගෙ නිසීදිස‍්සාම. න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං එකච‍්ඡන‍්නෙ වසිස‍්සාම, විනා ඉමිනා භික‍්ඛුනා එකච‍්ඡන‍්නෙ වසිස‍්සාම, න මයං ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං යථාබුඩ‍්ඪං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං කරිස‍්සාම, විනා ඉමිනා භික‍්ඛුනා යථාවුඩ‍්ඪං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං කරිස‍්සාම. භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතොනිදානං භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණ’න‍්ති.

29. “මහණෙනි, ඒ භික්‍ෂූහු ඒ මහණහු පිළිබඳ ව ‘මේ ආයුෂ්මත් තෙමේ බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය. අපි මේ මහණහු ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නෙමු නම් අපි මේ මහණහු හා නො පවරන්නෙමු නම්, මේ මහණහු හැර පවරන්නෙමු නම්, අපි මේ මහණහු සමග සඞ්ඝකර්‍ම නො කරන්නෙමු නම්, මේ මහණහු හැර සඞ්ඝකර්‍ම කරන්නෙමු නම්, අපි මේ මහණහු සමග එක් අසුනෙහි නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර අසුනෙහි හිඳින්නෙමු නම්, අපි මේ මහණහු සමග යාගුපානයෙහි (කැඳ බීමට) නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර කැඳ බීමට හිඳින්නෙමු නම්, අපි මේ මහණහු සමග බත්හලෙහි නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර බත්හලෙහි හිඳින්නෙමු නම්, අපි මේ මහණ සමග එක් පියසි ඇති ගෙයි නො වසන්නෙමු නම්, මේ මහණහු හැර එක් පියසි ඇති ගෙයි වසන්නෙමු නම්; අපි මේ මහණහු සමග වැඩිමහල් පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලි කිරීම සැලකිලි කිරීම (සුදුසු ගෞරවය) නො කරන්නෙමු නම්, මේ මහණ හැර වැඩිමහල් පිළිවෙළට වැඳීම නැගී සිටීම ඇඳිලි කිරීම සැලකිලි කිරීම කරන්නෙමු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය’ යි මෙසේ දනිත් ද?”

30. “භෙදගරුකෙහි භික‍්ඛවෙ භික‍්ඛූහි න සො භික‍්ඛු ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිතබ‍්බො”ති.

30. “මහණෙනි, සඞ්ඝභේදය බරපතළ කොට සලකන භික්‍ෂූන් විසින් ඒ මහණ තෙමේ ඇවැත් නො දැක්මෙහි නහමක් බැහැර කළ යුතු” යි.

31. අථ ඛො භගවා උක‍්ඛෙපකානං භික‍්ඛූනං එතමත්‍ථං භාසිත්‍වා උට‍්ඨායාසනා යෙන උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂේපක භික්‍ෂූන්ට මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන් වෙත වැඩි සේක. වැඩ පැණවූ අසුනෙහි හුන්සේක.

32. නිසජ‍්ජ ඛො භගවා උක‍්ඛිත‍්තානුවත‍්තකෙ භික‍්ඛූ එතදවොච: “මා ඛො තුම‍්හෙ භික‍්ඛවෙ ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා ‘නාම‍්හ ආපන‍්නා. නාම‍්හ ආපන‍්නා’ති ආපත‍්තිං න පටිකාතබ‍්බං මඤ‍්ඤිත්‍ථ.

32. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවැතට පැමිණ ‘නො පැමිණියමෝ වෙමු. පැමිණියමෝ නො වෙමු’ යි ඇවැතට පිළියම් නො කට යුතු ය යි සැලකූවහුය.

33. “ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු ආපත‍්තිං ආපන‍්නො හොති. සො තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි හොති. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨිනො හොන‍්ති.

33. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වෙයි යන ලබ්ධි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙති.”

34. “සො චෙ භික‍්ඛවෙ භික‍්ඛු තෙ භික‍්ඛූ එවං ජානාති: ‘ඉමෙ ඛො ආයස‍්මන‍්තා බහුස‍්සුතා ආගතාගමා ධම‍්මධරා විනයධරා මාතිකාධරා පණ‍්ඩිතා ව්‍යත‍්තා මෙධාවිනො ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා නාලං මමං වා කාරණා අඤ‍්ඤෙසං වා කාරණා ඡන්‍දා දොසා මොහා භයා අගතිං ගන‍්තුං. සචෙ මං ඉමෙ භික‍්ඛූ ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිස‍්සන‍්ති, න මයා සද‍්ධිං උපොසථං කරිස‍්සන‍්ති, විනා මයා උපොසථං කරිස‍්සන‍්ති, භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතො නිදානං භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණ’න‍්ති.

34. “මහණෙනි, ඒ මහණතෙමේ ඒ මහණුන් ගැණ ‘මේ ආයුෂ්මත්හු බොහෝ ඇසූපිරූතැන් ඇත්තාහ. පුහුණු වූ නිකාය ඇත්තාහ. ධර්‍මධරයහ. විනයධරයහ. මාතෘකාධරයහ. පණ්ඩිතයහ. ව්‍යක්තයහ. නුවණැත්තාහ. ලජ්ජා ඇත්තාහ. කුකුස් කරන්නාහ. හික්මෙනු කැමැත්තාහ. මා නිසා හෝ අනුන් නිසා හෝ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ බියෙන් හෝ අගතියට යන්ට සුදුසු නො වෙත්. මේ භික්‍ෂූහු මා ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නාහු නම්, මා හා පොහොය නො කරන්නාහු නම්, මා හැර පොහොය කරන්නාහු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය යි. මෙසේ ද නී ද?”

35. “භෙදගරුකෙන භික‍්ඛවෙ භික‍්ඛුනා පරෙසම‍්පි සද‍්ධාය සා ආපත‍්ති දෙසෙතබ‍්බා.

35. “මහණෙනි, බිඳීම බරපතළ කොට සලකන මහණහු විසින් අනුන් පිළිබඳ විශ්වාසයෙන් ද ඒ ඇවැත දෙසිය යුතු ය.”

36. “ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු ආපත‍්තිං ආපන‍්නො හොති. සො තස‍්සා ආපත‍්තියා අනාපත‍්තිදිට‍්ඨි හොති. අඤ‍්ඤෙ භික‍්ඛූ තස‍්සා ආපත‍්තියා ආපත‍්තිදිට‍්ඨිනො හොන‍්ති.

36. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වේ යන ලබ්ධි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙත්.”

37. “සො චෙ භික‍්ඛවෙ, භික‍්ඛු තෙ භික‍්ඛූ එවං ජානාති: ‘ඉමෙ ඛො ආයස‍්මන‍්තො බහුස‍්සුතා. ආගතාගමා. ධම‍්මධරා. විනයධරා. මාතිකාධරා. පණ‍්ඩිතා. ව්‍යත‍්තා. මෙධාවිනො. ලජ‍්ජිනො. කුක‍්කුච‍්චකා. සික‍්ඛාකාමා, නාලං මමං වා කාරණා අඤ‍්ඤෙසං වා කාරණා ඡන්‍දා දොසා මොහා භයා අගතිං ගන‍්තුං. සචෙ මං ඉමෙ භික‍්ඛූ ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිස‍්සන‍්ති, න මයා සද‍්ධිං පවාරෙස‍්සන‍්ති, විනා මයා පවාරෙස‍්සන‍්ති, න මයා සද‍්ධිං සඞ‍්ඝකම‍්මං කරිස‍්සන‍්ති, විනා මයා සඞ‍්ඝකම‍්මං කරිස‍්සන‍්ති, න මයා සද‍්ධිං ආසනෙ නිසීදිස‍්සන‍්ති, විනා මයා ආසනෙ නිසීදිස‍්සන‍්ති, න මයා සද‍්ධිං යාගුපානෙ නිසීදිස‍්සන‍්ති, විනා මයා යාගුපානෙ නිසීදිස‍්සන‍්ති, න මයා සද‍්ධිං භත‍්තග‍්ගෙ නිසීදිස‍්සන‍්ති, විනා මයා භත‍්තග‍්ගෙ නිසීදිස‍්සන‍්ති, න මයා සද‍්ධිං එකච‍්ඡන‍්නෙ වසිස‍්සන‍්ති, විනා මයා එකච‍්ඡන‍්නෙ වසිස‍්සන‍්ති. න මයා සද‍්ධිං යථාබුඩ‍්ඪං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං කරිස‍්සන‍්ති, විනා මයා යථාබුඩ‍්ඪං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං කරිස‍්සන‍්ති, භවිස‍්සති සඞ‍්ඝස‍්ස තතො නිදානං භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණ’න‍්ති,

37. “මහණෙනි, ඒ මහණ තෙමේ ඒ මහණුන් ගැණ ‘මේ ආයුෂ්මත්හු බොහෝ ඇසූපිරූතැන් ඇත්තාහ. පුහුණු කළ නිකාය ඇත්තාහ. ධර්‍මධරයහ. විනයධරයහ. මාතෘකාධරයහ. පණ්ඩිතයහ. ව්‍යක්තයහ. නුවණැත්තාහ. ලජ්ජා ඇත්තාහ. කුකුස් කරන්නාහ. හික්මෙන්නට කැමැත්තාහ. මා නිසා හෝ අනුන් නිසා හෝ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ භයෙන් හෝ අගතියට යන්ට සුදුසු නො වෙත්. මේ භික්‍ෂූහු මා ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නාහු නම්, මා සමග නො පවරන්නාහු නම්, මා හැර පවරන්නාහු නම්, මා සමග සඞ්ඝකර්‍ම නො කරන්නාහු නම්, මා හැර සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, මා සමග එක් ආසනයෙහි නො හිඳින්නාහු නම්, මා හැර ආසනයෙහි හිඳින්නාහු නම්, මා සමග යාගුපානයෙහි නො හිඳින්නාහු නම්, මා හැර යාගුපානයෙහි හිඳින්නාහු නම්, මා සමග බත්හලෙහි නො හිඳින්නාහු නම්, මා හැර බත්හලෙහි හිඳින්නාහු නම්, මා සමග එක් පියසි ඇති ගෙයි නො වසන්නාහු නම්, මා හැර එක් පියසි ඇති ගෙයි වසන්නාහු නම්, මා සමග වැඩිමහලු පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලිකිරීම සැලකිලිකිරීම නො කරන්නාහු නම්, මා හැර වැඩිමහලු පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලිකිරීම සැලකිලිකිරීම කරන්නාහු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය’ යි දනී ද?”

38. “භෙදගරුකෙන භික‍්ඛවෙ, භික‍්ඛුනා පරෙසම‍්පි සද‍්ධාය සා ආපත‍්ති දෙසෙතබ‍්බා”ති.

38. “මහණෙනි, බිඳීම බරපතළ කොට සලකන මහණහු විසින් අනුන් පිළිබඳ විශ්වාසයෙන් ද ඒ ඇවැත දෙසිය යුතු” යි.

39. අථ ඛො භගවා උක‍්ඛිත‍්තානුවත‍්තකානං භික‍්ඛූනං එතමත්‍ථං භාසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූන්ට මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි සේක.

40. තෙන ඛො පන සමයෙන උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ තත්‍ථෙව අන‍්තොසීමාය උපොසථං කරොන‍්ති. සඞ‍්ඝකම‍්මං කරොන‍්ති.

40. එකල්හි උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි සීමාව තුළ ම පොහොය කෙරෙත්. සඞ්ඝකර්‍ම කෙරෙත්.

41. උක‍්ඛෙපකා පන භික‍්ඛූ නිස‍්සීමං ගන‍්ත්‍වා උපොසථං කරොන‍්ති. සඞ‍්ඝකම‍්මං කරොන‍්ති.

41. උත්ක්‍ෂේපකභික්‍ෂූහු සීමාවෙන් බැහරට ගොස් පොහොය කෙරෙත්. සඞ්ඝකර්‍ම කෙරෙත්.

42. අථ ඛො අඤ‍්ඤතරො උක‍්ඛෙපකො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “එතෙ භන‍්තෙ, උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ තත්‍ථෙව අන‍්තොසීමාය උපොසථං කරොන‍්ති. සඞ‍්ඝකම‍්මං කරොන‍්ති. මයං පන භන‍්තෙ, උක‍්ඛෙපකා භික‍්ඛූ නිස‍්සීමං ගන‍්ත්‍වා උපොසථං කරොම. සඞ‍්ඝකම‍්මං කරොමා”ති.

42. එකල්හි එක්තරා උත්ක්‍ෂේපක වූ මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි ම සීමාව තුළ පොහොය කරත්, සඞ්ඝකර්‍ම කරත්. ස්වාමීනි, උත්ක්‍ෂේපකභික්‍ෂූහු වූ අපි සීමාවෙන් බැහැරට ගොස් පොහොය කරමු. සඞ්ඝකර්‍ම කරමු” යි මෙය සැළ කළේ ය.

43. “තෙ චෙ භික‍්ඛු, උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ තත්‍ථෙව අන‍්තොසීමාය උපොසථං කරිස‍්සන‍්ති, සඞ‍්ඝකම‍්මං කරිස‍්සන‍්ති, යථා මයා ඤත‍්ති ච අනුස‍්සාවණා ච පඤ‍්ඤත‍්තා, තෙසං තානි කම‍්මානි ධම‍්මිකානි භවිස‍්සන‍්ති අකුප‍්පානි ඨානාරහානි. තුම‍්හෙ චෙ භික‍්ඛු උක‍්ඛෙපකා භික‍්ඛූ තත්‍ථෙව අන‍්තොසීමායං උපොසථං කරිස‍්සථ, සඞ‍්ඝකම‍්මං කරිස‍්සථ, යථා මයා ඤත‍්ති අනුස‍්සාවණා ච පඤ‍්ඤත‍්තා, තුම‍්හාකම‍්පි තානි කම‍්මානි ධම‍්මිකානි භවිස‍්සන‍්ති අකුප‍්පානි ඨානාරහානි. තං කිස‍්ස හෙතු? නානාසංවාසකා එතෙ භික‍්ඛූ තුම‍්හෙහි, තුම‍්හෙ ච තෙහි නානාසංවාසකා.

43. “මහණ, ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි ම සීමාව තුළ මා විසින් පැණ වූ ඤත්තියත් අනුසාවණයත් යම් සේ ද, (එසේ) පොහොය කරන්නාහු නම්, සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, ඔවුන්ගේ ඒ කර්‍මයෝ අකෝප්‍ය ද සසුනට සුදුසු ද ධාර්මික ද වෙති. මහණ, තෙපි උත්ක්‍ෂේපකභික්‍ෂූහු එහි ම සීමාව තුළ මා පැණ වූ ඤත්තියත් අනුසාවණයත් පරිදි පොහොය කරන්නාහු නම්, සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, තොපගේ ද ඒ කර්‍මයෝ අකෝප්‍ය ද සසුනට සුදුසු ද ධාර්මික ද වෙති. කිනම් හේතුවකින් ද? යත්: ඒ භික්‍ෂූහු තොප හා නානාසංවාසක වෙති. තෙපි ද ඔවුන් හා නානාසංවාසක වවු. (එහෙයිනි.)

44. “ද‍්වෙමා භික‍්ඛු, නානාසංවාසකභූමියො: අත‍්තනා වා අත‍්තානං නානාසංවාසකං කරොති, සමග‍්ගො වා නං සඞ‍්ඝො උක‍්ඛිපති අදස‍්සනෙ වා අප‍්පටිකම‍්මෙ වා අප‍්පටිනිස‍්සග‍්ගෙ වා, ඉමා ඛො භික‍්ඛු, ද‍්වෙ නානාසංවාසකභූමියො.

44. “මහණ, නානාසංවාසකභූමි දෙකෙකි: තෙමේ හෝ තමා නානාසංවාසක කරයි. සමගි වූ සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමක මිසදිටු අත් නො හැරීමෙහි හෝ ඔහු බැහැර කෙරේ යනුයි. මහණ, මේ නානාසංවාසකභූමි දෙක ය.”

45. “ද‍්වෙමා භික‍්ඛු, සමානසංවාසකභූමියො: අත‍්තනා වා අත‍්තානං සමානසංවාසං කරොති, සමග‍්ගො වා නං සඞ‍්ඝො උක‍්ඛිත‍්තං ඔසාරෙති අදස‍්සනෙ වා අප‍්පටිකම‍්මෙ වා අප‍්පටිනිස‍්සග‍්ගෙ වා, ඉමා ඛො භික‍්ඛු, ද‍්වෙ සමානසංවාසකභූමියො”ති.

45. “මහණ, සමානසංවාසකභූමි දෙකෙකි: තෙමේ හෝ තමන් සමානසංවාසක කෙරෙයි. සමගි වූ සඞ්ඝ තෙමේ හෝ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමක මිසදිටු අත් නො හැරීමෙහි හෝ බැහැර කරණ ලද්දහු ඇතුළත් කෙරේ යනුයි. මහණ, මේ සමානසංවාසකභූමි දෙක ය” යි.

46. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ භත‍්තග‍්ගෙ අන‍්තරඝරෙ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං අනනුලොමිකං කායකම‍්මං වචීකම‍්මං උපදංසෙන‍්ති. හත්‍ථපරාමාසං කරොන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා භත‍්තග‍්ගෙ අන‍්තරඝරෙ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං අනනුලොමිකං කායකම‍්මං වචීකම‍්මං උපදංසෙස‍්සන‍්ති. හත්‍ථපරාමාසං කරිස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භික‍්ඛූ භත‍්තග‍්ගෙ අන‍්තරඝරෙ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං අනනුලොමිකං කායකම‍්මං වචීකම‍්මං උපදංසෙස‍්සන‍්ති? හත්‍ථපරාමාසං කරිස‍්සන‍්තී?”ති.

46. එකල්හි භික්‍ෂූහු බත්හලෙහි ද ඇතුලු ගම්හි ද හටගත් ඩබර ඇත්තෝ හටගත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත්. අතින් ගසා ගණිත්. එකල්හි මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ බත්හලෙහි ඇතුලුගමෙහි හටගත් ඩබර ඇත්තෝ හටහත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත් ද? අතින් ගසා ගණිත්දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. අල්පේච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් භික්‍ෂූහු බත්හලෙහි ඇතුලුගමෙහි හටගත් ඩබර ඇත්තෝ හටගත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත් ද? අතින් ගසා ගණිත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.

47. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං: “සච‍්චං කිර භික‍්ඛවෙ,” -පෙ- “සච‍්චං භගවා” -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “භින‍්නෙ භික‍්ඛවෙ, සඞ‍්ඝෙ අධම‍්මියමානෙ අසම‍්මොදිකාය වත‍්තමානාය ‘එත‍්තාවතා න අඤ‍්ඤමඤ‍්ඤං අනනුලොමිකං කායකම‍්මං වචීකම‍්මං උපදංසෙස‍්සාම, හත්‍ථපරාමාසං කරිස‍්සාමා’ති ආසනෙ නිසීදිතබ‍්බං. භින‍්නෙ භික‍්ඛවෙ, සඞ‍්ඝෙ ධම‍්මියායමානෙ සම‍්මොදිකාය වත‍්තමානාය ආසනන‍්තරිකාය නිසීදිතබ‍්බ”න‍්ති.

47. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැබෑ ද?” -පෙ- “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”’ -පෙ- ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, සඞ්ඝයා බිදුනු කල්හි අධර්‍මකර්‍ම කරණ කල්හි නො සතුට උපදවන ක්‍රියා කරණ කල්හි (සතුටු නො විය හැකි කතා පවත්නා කල්හි) ‘මෙපමණකින්, ඔවුනොවුන්ට අනුලොම් නො වූ කායකර්‍ම වාක්කර්‍ම නො දක්වන්නෙමු. අතින් ගසා නො ගන්නෙමු” යි සමීප ආසනයෙහි නො හිඳිය යුතු ය. මහණෙනි, සඞ්ඝයා බිදුනු කල්හි ධර්‍මකර්‍ම කරණ කල්හි සතුටු විය හැකි කතා පවත්නා කල්හි අසුනක් හැර හිඳිය යුතු ය” යි වදාළ සේක.

48. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සඞ‍්ඝමජ‍්ඣෙ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති. තෙ න සක‍්කොන‍්ති තං අධිකරණං වූපසමෙතුං. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “ඉධ භන‍්තෙ, භික‍්ඛූ සඞ‍්ඝමජ‍්ඣෙ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති. තෙ න සක‍්කොන‍්ති තං අධිකරණං වූපසමෙතුං. සාධු භන‍්තෙ භගවා යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන.

48. එකල්හි භික්‍ෂූහු සඟමැද හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුවසැත්වලින් (වචන නැමැති අඩයටිවලින්) විදිමින් වෙසෙත්. ඔහු ඒ අධිකරණය සන්සිඳවීමට නො හැකිවෙත්. ඒ අතර එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මෙහි භික්‍ෂූහු සඟ මැද හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුවසැත්වලින් විදිමින් වෙසෙත්. ඔහු ඒ අධිකරණය සන්සිඳවීමට නො හැකි වෙත්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා ඒ භික්‍ෂූන් වෙතට වඩින සේක් නම්, මැනැවැ” යි සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂීණිම්භාවයෙන් (එය) ඉවසා වදාළ සේක.

49. අථ ඛො භගවා යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා තෙ භික‍්ඛූ එතදවොච: “අලං භික‍්ඛවෙ, මා භණ‍්ඩනං. මා කලහං. මා විග‍්ගහං. මා විවාද”න‍්ති. එවං වුත‍්තෙ අඤ‍්ඤතරො අධම‍්මවාදී භික‍්ඛු භගවන‍්තං එතදවොච: “ආගමෙතු භන‍්තෙ, භගවා ධම‍්මස‍්සාමී. අප‍්පොස‍්සුක‍්කො භන‍්තෙ, භගවා දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තො විහරතු. මයමෙතෙන භණ‍්ඩනෙන කලහෙන විග‍්ගහෙන විවාදෙන පඤ‍්ඤායිස‍්සාමා”ති. දුතියම‍්පි ඛො භගවා තෙ භික‍්ඛූ එතදවොච: “අලං භික‍්ඛවෙ, මා භණ‍්ඩනං. මා කලහං. මා විග‍්ගහං. මා විවාද”න‍්ති. දුතියම‍්පි ඛො සො අධම‍්මවාදී භික‍්ඛු භගවන‍්තං එතදවොච: “ආගමෙතු භන‍්තෙ, භගවා ධම‍්මස‍්සාමී. අප‍්පොස‍්සුක‍්කො භන‍්තෙ භගවා දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තො විහරතු. මයමෙතෙන භණ‍්ඩනෙන කලහෙන විග‍්ගහෙන විවාදෙන පඤ‍්ඤායිස‍්සාමා”ති.

49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වෙත වැඩිසේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ‘මහණෙනි, කම් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ (විරුද්ධග්‍රහණ) නො කරවු. විවාද නො කරවු” යි වදාළසේක. මෙසේ වදාළ කල්හි එක්තරා අධර්‍මවාදී මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ (නිසි කල් එන තෙක්) ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව මෙලොව සුවපහසුවෙහි එක්වන් යෙදී වසන සේක්වා. අපි මේ ඩබරයෙන් කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ප්‍රකට වන්නෙමු” යි දන්වා සිටියේ ය. දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කම් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ නො කරවු. විවාද නො කරවු” යි වදාළ සේක. දෙවනු ද ඒ අධර්‍මවාදී මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව මෙලොව සුවපහසුවෙහි එක්වන් යෙදී වසන සේක්වා. අපි මේ ඩබරයෙන් මේ කලහයෙන් මේ විග්‍රහයෙන් මේ විවාදයෙන් ප්‍රකට වන්නෙමු” යි සැළකෙළේ ය.

50. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “භූතපුබ‍්බං භික‍්ඛවෙ, බාරාණසියං බ්‍රහ‍්මදත‍්තො නාම කාසිරාජා අහොසි අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො මහබ‍්බලො මහාවාහනො මහාවිජිතො පරිපුණ‍්ණ කොසකොට‍්ඨාගාරො.

50. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, පෙර බරණැස් නුවර ධනයෙන් සමෘද්ධ වු නිදන්ගත මහත් ධන ඇති මහත් උපභෝග පරිභෝගසම්පත් ඇති මහත් බල ඇති මහත් වාහන ඇති මහත් රට ඇති පිරිපුන් කොටුගුල් ඇති බ්‍රහ්මදත්ත නම් කසීරජෙක් වීය.

51. “දීඝිති නාම කොසලරාජා අහොසි දළිද‍්දො අප‍්පධනො අප‍්පභොගො අප‍්පබලො අප‍්පවාහනො අප‍්පවිජිතො අපරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරො.

51. “එසේම දිළිඳු වූ ස්වල්ප ධන ඇති ස්වල්ප උපභෝග පරිභෝග සම්පත් ඇති ස්වල්ප බල ඇති ස්වල්ප වාහන ඇති ස්වල්ප වූ රට ඇති හිස් වූ කොටුගුල් ඇති දීඝීති නම් කොසොල් රජෙක් වී ය.

52. “අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා දීඝීතිං කොසලරාජානං අබ‍්භුය්‍යාසි.

52. “මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ සිවුරඟසෙන් සන්නද්ධ කොට (යුදට සරසා ගෙණ) දීඝීති කොසොල් රජු කරා යුද පිණිස ගියේ ය.

53. “අස‍්සොසි ඛො භික‍්ඛවෙ, දීඝිති කොසලරාජා ‘බ්‍රහ‍්මදත‍්තො කිර කාසිරාජා චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා මමං අබ‍්භුය්‍යාතො’ති.

53. “දීඝීතිකොසොල් රජතෙමේ බ්‍රහ්මදත්තකසීරජ තෙමේ සිවුරඟසෙන් සරසා ගෙණ මා වෙත යුද පිණිස එන්නේ ල’ යි ඇසී ය.”

54. “අථ ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො එතදහොසි: “බ්‍රහ‍්මදත‍්තො ඛො කාසිරාජා අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො මහබ‍්බලො මහාවාහනො මහාවිජිතො පරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරො. අහම‍්පනම‍්හි දළිද‍්දො අප‍්පධනො අප‍්පභොගො අප‍්පබලො අප‍්පවාහනො අප‍්පවිජිතො අපරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරො. නාහං පටිබලො බ්‍රහ‍්මදත‍්තෙන කාසිරඤ‍්ඤා එකසඞ‍්ඝාතම‍්පි සහිතුං. යන‍්නූනාහං පටිගච‍්චෙව නගරම‍්හා නිප‍්පතෙය්‍ය’න‍්ති.

54. “මහණෙනි, එකල්හි දීඝීති කොසොල් රජුට ‘බ්‍රහ්මදත්තකසීරජ තෙමේ ධනයෙන් සමෘද්ධ ය. නිදන්ගත මහත් ධන ඇත්තේ ය. මහත් උපභෝග පරිභෝගසම්පත් ඇත්තේ ය. මහත්බල ඇත්තේ ය. මහත් වාහන ඇත්තේ ය. මහත් රට ඇත්තේ ය. පරිපූර්‍ණකෝෂකෝෂ්ඨාගාර ඇත්තේ ය. මම දිළිඳු වෙමි. ස්වල්ප ධන ඇත්තෙමි. ස්වල්ප උපභෝග - පරිභෝගසම්පත් ඇත්තෙම් වෙමි. ස්වල්ප බල ඇත්තෙම් වෙමි. ස්වල්ප වාහන ඇත්තෙම් වෙමි. ස්වල්ප රට ඇත්තෙම් වෙමි. අපරිපූර්‍ණකෝෂකෝෂ්ඨාගාර ඇත්තේ වෙමි. එහෙයින් මම බ්‍රහ්මදත්තකසීරජුගෙන් එක යුදපහරකුත් ඉවසන්නට අපොහොසත් වෙමි. මම පළමු කොට ම නුවරින් නික්ම යන්නෙම් නම්, යෙහෙකැ’ යි සිත් විය.”

55. “අථ ඛො භික‍්ඛවෙ, දීඝිති කොසලරාජා මහෙසිං ආදාය පටිගච‍්චෙව නගරම‍්හා නිප‍්පති.

55. “මහණෙනි, ඉක්බිති දීඝීතිකොසොල්රජ තෙමේ මෙහෙසිය ගෙණ කලින් ම නුවරින් නික්ම ගියේ ය.”

56. “අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො බලං ච වාහනං ච ජනපදං ච කොසං ච කොට‍්ඨාගාරං ච අභිවිජිය අජ‍්ඣාවසි.

56. “මහණෙනි, ඉන් පසු බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝීතිකොසොල් රජුගේ සේනාව ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද දිනාගෙණ විසී ය.”

57. අථ ඛො භික‍්ඛවෙ, දීඝිති කොසලරාජා සපජාපතිකො යෙන බාරාණසී තෙන පක‍්කාමි. අනුපුබ‍්බෙන යෙන බාරාණසී තදවසරි. තත්‍ර සුදං භික‍්ඛවෙ, දීඝිති කොසලරාජා සපජාපතිකො බාරාණසියං අඤ‍්ඤතරස‍්මිං පච‍්චන‍්තිමෙ ඔකාසෙ කුම‍්භකාරනිවෙසනෙ අඤ‍්ඤාතකවෙසෙන පරිබ‍්බාජකච‍්ඡන‍්නෙන පටිවසති.

57. මහණෙනි, අනතුරු ව දිඝීතිකොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව බරණැසට ගියේ ය. පිළිවෙළින් ගොස් බරණැසට පැමිණියේ ය. මහණෙනි, දීඝීති කොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව එහි එක්තරා පසල්දෙසක කුඹල්ගෙයක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ වාසය කරයි.

58. අථ ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො මහෙසී න චිරස‍්සෙව ගබ‍්භිනී අහොසි. තස‍්සා එවරූපො දොහළො උප‍්පන‍්නො හොති: “ඉච‍්ඡති සුරියස‍්ස උග‍්ගමනකාලෙ චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නද‍්ධං වම‍්මිතං සුභූමියං ඨිතං පස‍්සිතුං, ඛග‍්ගානඤ‍්ච ධොපනං පාතුං”.

58. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ නොබෝ දිනකින් ම ගැබිනී වූ ය. ඈට මෙබඳු වූ දොළදුකෙක් උපන්නේ වේ: ඉරු උදා වන වේලෙහි යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මට ද, කඩු සේදූ දිය බොන්නට ද කැමැති වේ.

59. අථ ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො මහෙසී දීඝීතිං කොසලරාජානං එතදවොච: “ගබ‍්භිනීම‍්හි දෙව, තස‍්සා මෙ එවරූපො දොහළො උප‍්පන‍්නො: ඉච‍්ඡාමි සුරියස‍්ස උග‍්ගමනකාලෙ චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නද‍්ධං වම‍්මිකං සුභූමියං ඨිතං පස‍්සිතුං, ඛග‍්ගානඤ‍්ච ධොපනං පාතු”න‍්ති. “කුතො, දෙවි, අම‍්හාකං දුග‍්ගතානං චතුරඞ‍්ගිනී සෙනා සන‍්නද‍්ධා වම‍්මිතා සුභූමියං ඨිතා. ඛග‍්ගානඤ‍්ච ධොපන”න‍්ති. “සචාහං දෙව, න ලභිස‍්සාමි, මරිස‍්සාමී”ති.

59. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ දීඝීති කොසොල්රජුට “දේවයන් වහන්ස, මම ගැබිනී වෙමි. මට මෙබඳු දොළදුකෙක් උපන: ඉරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මටත් කඩු සේදූ දිය බොන්නටත් කැමැත්තෙමි” යි කීවා ය. “දේවිය, දුප්පත් වූ අපට යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් කොයින් ද? කඩු සේදූ දිය කොයින් දැ”යි රජතෙමේ කී ය. “දේවයන් වහන්ස, නො ලබන්නෙම් නම්, මම මැරෙන්නෙමි” යි දේවිය කීවා ය.

60. තෙන ඛො පන සමයෙන, බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පුරොහිතො බ්‍රාහ‍්මණො දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො සහායො හොති.

60. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ දීඝීති කොසොල්රජුගේ යහළුවෙක් වේ.

61. අථ ඛො භික‍්ඛවෙ, දීඝිති කොසලරාජා යෙන බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පුරොහිතො බ්‍රාහ‍්මණො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පුරොහිතං බ්‍රාහ‍්මණං එතදවොච: “සඛීනී තෙ සම‍්ම ගබ‍්භිනී. තස‍්සා එවරූපො දොහළො උප‍්පන‍්නො: ඉච‍්ඡති සුරියස‍්ස උග‍්ගමනකාලෙ චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නද‍්ධං වම‍්මිතං සුභූමියං ඨිතං පස‍්සිතුං, ඛග‍්ගානඤ‍්ච ධොවනං පාතු”න‍්ති. “තෙන හි දෙව, මයම‍්පි දෙවිං පස‍්සාමා”ති.

61. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජ තෙමේ බ්‍රහ්මදත්ත නම් කසීරජුගේ පෙරෙවි බමුණා වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණාට “යහළුව, ඔබගේ යෙහෙළිය ගැබිනී වූය. ඇයට මෙබඳු දොළදුකෙක් ඉපැද තිබේ: හිරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මටත් කඩු සේදූ දිය බොන්නටත් කැමැති වේ” යි කීයේ ය. “දේවයන් වහන්ස, එසේ නම්, අපි දු දේවිය දක්නෙමු” යි බමුණු තෙමේ කී ය.

62. අථ ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො මහෙසී යෙන බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පුරොහිතො බ්‍රාහ‍්මණො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පුරොහිතො බ්‍රාහ‍්මණො දීඝීතිස‍්ස කොසලරඤ‍්ඤො මහෙසිං දූරතොව ආගච‍්ඡන‍්තිං. දිස‍්වාන උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන දීඝීතිස‍්ස කොසලරඤ‍්ඤො මහෙසී තෙනඤ‍්ජලිම‍්පණාමෙත්‍වා තික‍්ඛත‍්තුං උදානං උදානෙසි: “කොසලරාජා වත භො කුච‍්ඡිගතො. කොසලරාජා වත භො කුච‍්ඡිගතො. කොසලරාජා වත භො කුච‍්ඡිගතො”ති. අවිමනා දෙවී හොහි. ලච‍්ඡසි සුරියස‍්ස උග‍්ගමනකාලෙ චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නද‍්ධං වම‍්මිතං සුභූමියං ඨිතං පස‍්සිතුං, ඛග‍්ගානඤ‍්ච ධොවනං පාතු”න‍්ති.

62. මහණෙනි, ඉක්බිති දීඝිතිකොසොල්රජුගේ මෙහෙසි තොමෝ බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණා වෙත ගියා ය. මහණෙනි, බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ එන්නා වූ දීඝීති කොසොල්රජුගේ මෙහෙසිය දුර දී ම දුටුයේ ය. දැක හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දීඝීති කොසොල්රජුගේ මෙහෙසිය දිසාවට ඇඳිලි බැඳ “පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය. පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය. පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය” යි තෙවරක් උදන් ඇනී ය. “දේවිය, දුර්මුඛ නොව. ඉරු උදා වන වේලේ යුද ඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දක්නටත් කඩු සේදූ දිය බොන්නටත් ලබව” යි කීය.

63. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පුරොහිතො බ්‍රාහ‍්මණො යෙන බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා බ්‍රහ‍්මදත‍්තං කාසිරාජානං එතදවොච: “තථා දෙව, නිමිත‍්තානි දිස‍්සන‍්ති: සුවෙ සුරියස‍්ස උග‍්ගමනකාලෙ චතුරඞ‍්ගිනී සෙනා සන‍්නද‍්ධා වම‍්මිතා සුභූමියං තිට‍්ඨතු. ඛග‍්ගා ච ධොපීයන‍්තූ”ති.

63. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ බ්‍රහ්මදත්තකසීරජු වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, හෙට ඉරු උදා වන වේලේ යුද ඇඳුමෙන් සැරසුනු කවච දැරු සිවුරඟසේනාව මනා බිම්හි සිටීවා. කඩු ද සෝදනු ලැබෙත්වා එබඳු නිමිති දක්නා ලැබෙත් ය” යි මෙසේ කී ය.

64. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා මනුස‍්සෙ ආණාපෙසි: “යථා භණෙ, පුරොහිතො බ්‍රාහ‍්මණො ආහ, තථා කරොථා”ති.

64. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “සගයෙනි, පෙරෙවි බමුණා යමක් කියා ද, එය එසේ කරවු” යි මිනිසුන්ට අණ කෙළේ ය.

65. අලභි ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො මහෙසී සුරියස‍්ස උග‍්ගමනකාලෙ චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නද‍්ධං වම‍්මිතං සුභූමියං ඨිතං පස‍්සිතුං, ඛග‍්ගානඤ‍්ච ධොපනං පාතුං.

65. මහණෙනි, දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ ඉරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දක්නටත් කඩු සේදූ දිය බොන්නටත් ලැබූ ය.

66. අථ ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො මහෙසී තස‍්ස ගබ‍්භස‍්ස පරිපාකමන්‍වාය පුත‍්තං විජායි. තස‍්ස දීඝාවූති නාමං අකංසු. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො න චිරස‍්සෙව විඤ‍්ඤුතං පාපුණි.

66. මහණෙනි, ඉක්බිති දිඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ ඒ ගැබ මේරීමට පැමිණීමෙන් පුතකු වැදූ ය. ඔහුට “දීඝාවු” යි නම් කළහ. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ නොබෝ කලකින් ම නුවණැතිබවට පැමිණියේ ය.

67. අථ ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො එතදහොසි: “අයං ඛො බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා බහුනො අම‍්හාකං අනත්‍ථස‍්ස කාරකො. ඉමිනා අම‍්හාකං බලඤ‍්ච වාහනඤ‍්ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරඤ‍්ච අච‍්ඡින‍්නං. සචායං අම‍්හෙ ජානිස‍්සති, සබ‍්බෙව තයො ඝාතාපෙස‍්සති. යන‍්නූනාහං දීඝාවුං කුමාරං බහිනගරෙ වාසෙය්‍ය”න‍්ති.

67. මහණෙනි, ඉක්බිති දිඝීති කොසොල්රජුට “මේ බ්‍රහ්මදත්ත කසී රජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ (පැහැර) ගන්නා ලද්දේ ය. මෙතෙමේ අප දන්නේ නම්, තිදෙනා ම මරවන්නේ ය. එහෙයින් මම දීඝාවු කුමරු නුවරින් පිටත වාසය කරවන්නෙම් නම්, යෙහෙකැ”යි සිත් වීය.

68. අථ ඛො භික‍්ඛවෙ දීඝිති කොසලරාජා දීඝාවුං කුමාරං බහිනගරෙ වාසෙසි. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බහිනගරෙ පටිවසන‍්තො න චිරස‍්සෙව සබ‍්බසිප‍්පානි සික‍්ඛි.

68. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල් රජතෙමේ දීඝාවු කුමරු නුවරින් පිටත වාසය කරවී ය. මහණෙනි, දීඝාවූ කුමාර තෙමේ බිහිනුවර වසන්නේ නොබෝ කලකින් ම සියලු සිප් උගත්තේ ය.

69. තෙන ඛො පන සමයෙන, භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො කප‍්පකො බ්‍රහ‍්මදත‍්තෙ කාසිරඤ‍්ඤෙ පටිවසති. අද‍්දසා ඛො භික‍්ඛවෙ, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො කප‍්පකො දීඝීතිං කොසලරාජානං සපජාපතිකං බාරාණසියං අඤ‍්ඤතරස‍්මිං පච‍්චන‍්තිමෙ ඔකාසෙ කුම‍්භකාරනිවෙසනෙ අඤ‍්ඤාතකවෙසෙන පරිබ‍්බාජකච‍්ඡන‍්නෙන පටිවසන‍්තං. දිස‍්වාන යෙන බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා බ්‍රහ‍්මදත‍්තං කාසිරාජානං එතදවොච: “දීඝිති දෙව, කොසලරාජා සපජාපතිකො බාරාණසියං අඤ‍්ඤතරස‍්මිං පච‍්චන‍්තිමෙ ඔකාසෙ කුම‍්භකාරනිවෙසනෙ අඤ‍්ඤාතකවෙසෙන පරිබ‍්බාජකච‍්ඡන‍්නෙන පටිවසතී”ති.

69. මහණෙනි, එකල්හි දීඝීති කොසොල්රජුගේ කරනවෑමි තෙමේ බ්‍රහ්මදත්තකසීරජු වෙත වෙසෙයි. මහණෙනි, දීඝීති කොසොල්රජුගේ කරනවෑමි තෙමේ බරණැස් නුවර එක්තරා පසල්දෙසක කුඹල්කරු ගෙදරක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ බිරිඳ හා එක් ව වසන දීඝීති කොසොල්රජු දුටුයේ ය. දැක බ්‍රහ්මදත්තකසීරජු වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්ත කසීරජුට “දේවයන් වහන්ස, දීඝීති කොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව බරණැස් නුවර එක්තරා පසල්දෙසක කුඹල්කරුගෙදරක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ වාසය කෙරේ ය”යි දැන්වී ය.

70. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා මනුස‍්සෙ ආණාපෙසි: “තෙන හි භණෙ, දීඝීතිං කොසලරාජානං සපජාපතිකං ආනෙථා”ති. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, තෙ මනුස‍්සා බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පටිස‍්සුත්‍වා දීඝීතිං කොසලරාජානං සපජාපතිකං ආනෙසුං.

70. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “කොල, එසේ නම් බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු අල්ලා ගෙනෙවු” යි මිනිසුන්ට අණ කෙළේ ය. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු අල්ලා ගෙණ ආහ.

71. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා මනුස‍්සෙ ආණාපෙසි: “තෙන හි භණෙ, දීඝීතිං කොසලරාජානං සපජාපතිකං දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියා රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස චතුධා ඡින්‍දිත්‍වා චතුද‍්දිසා බිලානි නික‍්ඛිපථා”ති.

71. මහණෙනි, අනතුරු ව බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “කොල, එසේ නම් බිරිඳ සහිත වූ දිඝීති කොසොල්රජු දළ රැහනකින් දෙඅත් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරහඬින් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට පමුණුවා දකුණුදිගදොරින් බැහැර කරවා නුවර දකුණුදිග දී සිවුකඩක් කොට සිඳ සිවුදිග කැබැලි බහාලවු”යි මිනිසුන් ඇණවී ය.

72. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, තෙ මනුස‍්සා බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පටිස‍්සුත්‍වා දීඝීතිං කොසලරාජානං සපජාපතිකං දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියා රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙන‍්ති.

72. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු දළ රැහනකින් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරයෙන් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ යෙත්.

73. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුස‍්ස කුමාරස‍්ස එතදහොසි: “චිරදිට‍්ඨා ඛො මෙ මාතාපිතරො. යන‍්නූනාහං මාතාපිතරො පස‍්සෙය්‍ය”න‍්ති.

73. මහණෙනි, එකල්හි දීඝාවුකුමාරයාහට “මා විසින් බොහෝ කලකට පෙර මවුපියෝ දක්නා ලදහ. මම මවුපියන් දකින්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වී ය.

74. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බාරාණසිං පවිසිත්‍වා අද‍්දස මාතාපිතරො දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියා රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙන‍්තෙ. දිස‍්වාන යෙන මාතාපිතරො තෙනුපසඞ‍්කමි.

74. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ බරණැසට පිවිස දැඩි රැහැනින් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරයකින් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ යන මවු පියන් දුටුයේ ය. දැක මවුපියන් වෙත ගියේ ය.

75. අද‍්දසා ඛො භික‍්ඛවෙ, දීඝිති කොසලරාජා දීඝාවුං කුමාරං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන දීඝාවුං කුමාරං එතදවොච: “මා ඛො ත්‍වං, තාත දීඝාවු, දීඝං පස‍්ස, මා රස‍්සං. න හි තාත දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී”ති.

75. මහණෙනි, දීඝීති කොසොල්රජ තෙමේ එන්නා වූ දීඝාවුකුමාරයා දුර දී ම දුටුයේ ය. දැක දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් ම වෛරයෝ සන්සිදෙත් මය”යි කී ය.

76. එවං වුත‍්තෙ භික‍්ඛවෙ, තෙ මනුස‍්සා දීඝීතිං කොසලරාජානං එතදවොචුං: “උම‍්මත‍්තකො අයං දීඝිති කොසලරාජා විප‍්පලපති. කො ඉමස‍්ස දීඝාවු? කං අයං එවමාහ: ‘මා ඛො ත්‍වං තාත දීඝාවු, දීඝං පස‍්ස, මා රස‍්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති, අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී?”ති. “නාහං භණෙ, උම‍්මත‍්තකො. විප‍්පලපාමි, අපි ච යො විඤ‍්ඤූ, සො විභාවෙස‍්සතී”ති.

76. මහණෙනි, මෙසේ කී කල්හි ඒ මිනිස්සු දීඝිති කොසොල්රජුට “මේ දීඝීති කොසොල්රජ තෙමේ උමතු ව නන් දොඩයි. මොහුගේ දීඝාවු කවරෙක් ද? මෙතෙමේ පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් මය’යි කවරකුට කියා දැ”යි කීහ. “සගයෙනි, මම උමතු නො වෙමි. නන් නො දොඩමි. වැලි, යමෙක් නුවණැත්තේ නම් හෙතෙමේ සලකන්නේ ය” යි රජ තෙමේ කී ය.

77. දුතියම‍්පි ඛො භික‍්ඛවෙ, -පෙ- තතියම‍්පි ඛො භික‍්ඛවෙ, දීඝිති කොසලරාජා දීඝාවුං කුමාරං එතදවොච: “මා ඛො ත්‍වං තාත, දීඝාවු, දීඝං පස‍්ස, මා රස‍්සං. න හි තාත දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී”ති. තතියම‍්පි ඛො භික‍්ඛවෙ, තෙ මනුස‍්සා දීඝීතිං කොසලරාජානං එතදවොචුං: “උම‍්මත‍්තකො අයං දීඝිති කොසලරාජා විප‍්පලපති. කො ඉමස‍්ස දීඝාවු? කං අයං එවමාහ: මා ඛො ත්‍වං තාත, දීඝාවු, දීඝං පස‍්ස මා රස‍්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී”ති. “නාහං භණෙ, උම‍්මත‍්තකො විප‍්පලපාමි. අපි ච යො විඤ‍්ඤූ, සො විභාවෙස‍්සතී”ති.

77. දෙවනු ද මහණෙනි, -පෙ- තෙවනු ද මහණෙනි, දිඝීති කොසොල් රජ තෙමේ දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව, දුර බලව, ලඟ නො බලව, පුත දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කී ය. තෙවනු ද මහණෙනි, මිනිස්සු දීඝීතිකොසොල්රජුට “මේ දිඝීති කොසොල් රජ තෙමේ උමතු ව නන් දොඩයි. මොහුගේ දීඝාවු කවරෙක් ද, මෙතෙමේ ‘පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කවරකුට මෙසේ කියා දැ”යි කීහ. “සගයෙනි, මම උමතු නො වෙමි. නන් නො දොඩමි. වැලි, යමෙක් නුවණැත්තේ නම්, හෙතෙමේ සලකන්නේ ය”යි කී ය.

78. අථ ඛො භික‍්ඛවෙ, තෙ මනුස‍්සා දීඝීතිං කොසලරාජානං සපජාපතිකං රථියා රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස චතුධා ඡින්‍දිත්‍වා චතුද‍්දිසා බිලානි නික‍්ඛිපිත්‍වා ගුම‍්බං ඨපෙත්‍වා පක‍්කමිංසු.

78. මහණෙනි, ඉක්බිති ඒ මිනිස්සු බිරිඳ සහිත වූ දීඝීතිකොසොල්රජු වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ ගොස් දකුණු දොරින් බැහැර කරවා නුවරට දකුණෙහි සිවු කඩ කොට සිඳ සිවු දිග කැබැලි බහා රැකවල් තබා නික්ම ගියහ.

79. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බාරාණසිං පවිසිත්‍වා සුරං නීහරිත්‍වා ගුම‍්බියෙ පායෙසි. යදා තෙ මත‍්තා අහෙසුං පතිතා, අථ කට‍්ඨානි සංකඩ‍්ඪිත්‍වා චිතකං කරිත්‍වා මාතාපිතූනං සරීරං චිතකං ආරොපෙත්‍වා අග‍්ගිං දත්‍වා පඤ‍්ජලිකො තික‍්ඛත‍්තුං චිතකං පදක‍්ඛිණං අකාසි.

79. එකල්හි මහණෙනි, දීඝාවු කුමාර තෙමේ බරණැසට පිවිස සුරා ගෙණවුත් රැකවල සිටියවුන්ට පෙවී ය. යම් විටෙක ඔහු මත් වී වැටුනාහු ද, එවිට දරකඩ රැස් කොට දරසෑයක් කොට මවුපියන්ගේ සිරුරු දරසෑයට නගා ගිනි දල්වා බදැඳිලි ඇත්තේ තෙවරක් සෑය පැදකුණු කෙළේ ය.

80. තෙන ඛො පන සමයෙන භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා උපරිපාසාදවරගතො හොති. අද‍්දසා ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝාවුං කුමාරං පඤ‍්ජලිකං තික‍්ඛත‍්තුං චිතකං පදක‍්ඛිණං කරොන‍්තං. දිස‍්වානස‍්ස එතදහොසි: “නිස‍්සංසයං ඛො සො මනුස‍්සො දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො ඤාති වා සාලොහිතො වා. අහො මෙ අනත්‍ථකො. න හි නාම මෙ කොචි ආරොචෙස‍්සතී”ති.

80. මහණෙනි, එවේලෙහි බ්‍රහ්මදත්තකසීරජ තෙමේ පහය මතුමහලට නැගී සිටියේ වේ. මහණෙනි, බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බදැඳිලි ව තෙවරක් සෑය පැදකුණු කරණ දීඝාවු කුමාරයා දුටුයේ ය. දැකීමෙන් ඔහුට “ඒ මිනිසා නිසැකයෙන් ම දීඝීතිකොසොල්ජුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ වන්නේ ය. හා! මට නපුරෙක. කිසිවෙක් මට නො දන්වන්නේ ය”යි මෙසේ සිත් වි ය.

81. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො අරඤ‍්ඤං ගන‍්ත්‍වා යාවදත්‍ථං කන්‍දිත්‍වා රොදිත්‍වා බප‍්පං පුඤ‍්ඡිත්‍වා බාරාණසිං පවිසිත්‍වා අන‍්තෙපුරස‍්ස සාමන‍්තා හත්‍ථිසාලං ගන‍්ත්‍වා හත්‍ථාචරියං එතදවොච: “ඉච‍්ඡාමහං ආචරිය, සිප‍්පං සික‍්ඛිතු”න‍්ති. තෙන හි භණෙ, මාණවක, සික‍්ඛස‍්සූ”ති.

81. මහණෙනි, අනතුරුව දීඝාවු කුමාර තෙමේ වනයට ගොස් හැකි තාක් විලාප කියා හඬා බාෂ්ප (=කඳුලු) පිස දමා බරණැසට පිවිස ඇතුළුනගරය සමීපයෙහි වූ ඇත්හලට ගොස් ඇතැදුරාට “ඇදුර, මම සිප් ඉගෙණීමට කැමැත්තෙමි”යි කියා සිටියේ ය. “සගය මාණවකය, එසේ නම් උගනුව” යි හෙතෙමේ කී ය.

82. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය හත්‍ථිසාලායං මඤ‍්ජුනා සරෙන ගායි, වීණඤ‍්ච වාදෙසි.

82. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගායනා කෙළේ ය. වීණාව ද වැයී ය.

83. අස‍්සොසි ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය හත්‍ථිසාලායං මඤ‍්ජුනා සරෙන ගීතං වීණඤ‍්ච වාදිතං. සුත්‍වාන මනුස‍්සෙ පුච‍්ඡි: “කො භණෙ, රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය හත්‍ථිසාලායං මඤ‍්ජුනා සරෙන ගායි? වීණඤ‍්ච වාදෙසී?”ති.

83. මහණෙනි, බ්‍රහ්මදත්තකසී රජතෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයීම හා වැයූ වෙණහඬ ද ඇසී ය. අසා “සගයෙනි, කවරෙක් රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයී ද? වෙණ වැයී දැ?”යි මිනිසුන් විචාළේ ය.

84. “අමුකස‍්ස දෙව, හත්‍ථාචරියස‍්ස අන‍්තෙවාසී මාණවකො රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය හත්‍ථිසාලායං මඤ‍්ජුනා සරෙන ගායි, වීණඤ‍්ච වාදෙසී”ති. තෙන හි භණෙ, තං මාණවකං ආනෙථා”ති. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, තෙ මනුස‍්සා බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පටිස‍්සුත්‍වා දීඝාවුං කුමාරං ආනෙසුං.

84 “දේවයන් වහන්ස, අසවල් ඇතැදුරාගේ අතැවැසි වූ මාණවක තෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයී ය. වීණාව ද වැයී ය”’ යි ඔහු කී හ. “සගයෙනි, එසේ නම් ඒ මාණවකයා ගෙණ එවු”යි රජතෙමේ කී ය. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී දීඝාවු කුමරු ගෙණ ආහ.

85. “ත්‍වං භණෙ, මාණවක, රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය හත්‍ථිසාලායං මඤ‍්ජුනා සරෙන ගායි. වීණඤ‍්ච වාදෙසී”ති. “එවං දෙවා”ති. “තෙන හි ත්‍වං භණෙ, මාණවක, ගායස‍්සු වීණඤ‍්ච වාදෙහී”ති. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො ආරාධනාපෙක‍්ඛො මඤ‍්ජුනා සරෙන ගායි. වීණඤ‍්ච වාදෙසි. “ත්‍වං භණෙ, මාණවක, මං උපට‍්ඨහා”ති. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පච‍්චස‍්සොසි.

85. “සගය, මාණවකය, රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගායනා කෙළෙහි ද? වෙණ වැයූයෙහි ද?”. “දේවයන් වහන්ස, එසේය”. “සගය, මාණවකය, එසේ නම් ගයව, වෙණ ද වයව”. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජු සතුටු කීරීම බලාපොරොත්තු වන්නේ මිහිරිහඩින් ගැයී ය. වෙණ ද වැයී ය. “සගය, මාණවකය, තෝ මට උවැටන් කරව”. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජුට පිළිවදන් දුන්නේ ය.

86. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පුබ‍්බුට‍්ඨායී අහොසි පච‍්ඡා නිපාතී කිඞ‍්කාරපටිස‍්සාවී මනාපචාරී පියවාදී.

86. මහණෙනි, එතැන් සිට දීඝාවු කුමාර තෙමේ බ්‍රහ්මදත්තකසීරජුට පෙරාතු ව නින්දෙන් නැගී සිටිනුයේ පසු ව නිදන්නේ ‘කුම් කෙරෙම් දැ’යි පිළිවිස කරන්නේ මනාප වූ හැසිරීම් ඇත්තේ පියවදන් කියන්නේ වි ය.

87. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝාවුං කුමාරං න චිරස‍්සෙව අබ‍්භන‍්තරිකෙ විස‍්සාසිකට‍්ඨානෙ ඨපෙසි.

87 මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමරු නොබෝ කලකින් ම ඇතුළත්හි විශ්වාසිකස්ථානයෙහි තැබී ය.

88. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝාවුං කුමාරං එතදවොච: “තෙන හි භණෙ, මාණවක, රථං යොජෙහි. මිගවං ගමිස‍්සාමා”ති. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පටිස‍්සුත්‍වා රථං යොජෙත්‍වා බ්‍රහ‍්මදත‍්තං කාසිරාජානං එතදවොච: “යුත‍්තො ඛො තෙ දෙව, රථො. යස‍්සදානි කාලං මඤ‍්ඤසී”ති.

88. මහණෙනි, එකල බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමරුට “සගය, මාණවකය, එසේ නම් රිය යොදව, මුවදඩයමට යන්නෙමු” යි කීයේ ය. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී රිය යොදා බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, යම් ගමනකට සුදුසු කලැ යි සලකන සේක් නම්, ඒ ගමනට නුඹවහන්සේට රිය යොදන ලද්දේ” ය යි කී ය.

89. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා රථං අභිරුහි. දීඝාවුකුමාරො රථං පෙසෙසි. තථා තථා රථං පෙසෙසි, යථා අඤ‍්ඤෙනෙව සෙනා අගමාසි, අඤ‍්ඤෙනෙව රථො.

89. මහණෙනි, ඉන් පසු බ්‍රහ්මදත්තකසීරජ තෙමේ රියට නැංගේ ය. දීඝාවු කුමාර තෙමේ රිය පැදවී ය. යම් සේ අන් පසෙකින් සේනාවත් අන් පසෙකින් රියත් ගියේ ද, එලෙසින් රිය පැදවී ය.

90. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දූරං ගන‍්ත්‍වා දීඝාවුං කුමාරං එතදවොච: තෙන හි භණෙ, මාණවක, රථං මුඤ‍්චස‍්සු. කිලන‍්තොම‍්හි. නිපජ‍්ජිස‍්සාමී”ති.

90. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දුරක් ගොස් දීඝාවු කුමරුට “සගය, මාණවකය, රිය මුදව. විඩාපත් වීමි. නිදන්නෙමි”යි කීයේ ය.

91. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසි රඤ‍්ඤො පටිස‍්සුත්‍වා රථං මුඤ‍්චිත්‍වා පඨවියං පල‍්ලඞ‍්කෙන නිසීදි.

91. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජුට පිළිවදන් දී රිය මුදා බිම හසරමිණිය ගොතා හුන්නේ ය.

92. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝාවුස‍්ස කුමාරස‍්ස උච‍්ඡඞ‍්ගෙ සීසං කත්‍වා සෙය්‍යං කප‍්පෙසි. තස‍්ස කිලන‍්තස‍්ස මුහුත‍්තෙනෙව නිද‍්දා ඔක‍්කමි.

92. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමාරයාගේ ඇකයෙහි හිස තබා සයනය කෙළේ ය. වෙහෙසට පත් ව සිටි ඔහුට මොහොතකින් ම නින්ද ගියේ ය.

93. අථ ඛො, භික‍්ඛවෙ, දීඝාවුස‍්ස කුමාරස‍්ස එතදහොසි: “අයං ඛො බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා බහුනො අම‍්හාකං අනත්‍ථස‍්ස කාරකො. ඉමිනා අම‍්හාකං බලඤ‍්ච වාහනඤ‍්ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරඤ‍්ච අච‍්ඡින‍්නං. ඉමිනා ච මෙ මාතාපිතරො හතා. අයඞ‍්ඛවස‍්ස කාලො, ය‍්වාහං වෙරං අප‍්පෙය්‍ය”න‍්ති කොසියා ඛග‍්ගං නිබ‍්බාහි.

93. මහණෙනි, එකල්හි දීඝාවුකුමාරයාහට මේ සිත් වි ය: “මේ බ්‍රහ්මදත්තකසීරජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ ගන්නා ලද්දේ ය. මොහු විසින් මාගේ මවුපියෝ ද නසන ලදහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය”යි. (මෙසේ සිතා) කොපුවෙන් කඩුව ඇද ගත්තේ ය.

94. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුස‍්ස කුමාරස‍්ස එතදහොසි: “පිතා ඛො මං මරණකාලෙ අවච: ‘මා ඛො ත්‍වං තාත, දීඝාවු, දීඝං පස‍්ස, මා රස‍්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී’ති. න ඛො මෙතං පතිරූපං, ය‍්වාහං පිතුවචනං අතික‍්කමෙය්‍ය”න‍්ති කොසියා ඛග‍්ගං පවෙසෙසි.

94. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාරයාහට “මාගේ පියා මැරෙණ වේලෙහි මට ‘පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කීයේ ය. මම පියාගේ වචනය ඉක්මවන්නෙම් නම්, එය මට සුදුසු නො වේ”යි කඩුව කොපුවෙහි බැහී ය.

95. දුතියම‍්පි ඛො භික‍්ඛවෙ, -පෙ- තතියම‍්පි ඛො භික‍්ඛවෙ, දීඝාවුස‍්ස කුමාරස‍්ස එතදහොසි: “අයං ඛො බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා බහුනො අම‍්හාකං අනත්‍ථස‍්ස කාරකො. ඉමිනො අම‍්හාකං බලඤ‍්ච වාහනඤ‍්ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරඤ‍්ච අච‍්ඡින‍්නං. ඉමිනා ච මෙ මාතාපිතරො හතා. අයඞ‍්ඛවස‍්ස කාලො, ය‍්වාහං වෙරං අප‍්පෙය්‍ය”න‍්ති කොසියා ඛග‍්ගං නිබ‍්බාහි. තතියම‍්පි ඛො භික‍්ඛවෙ, දීඝාවුස‍්ස කුමාරස‍්ස එතදහොසි: “පිතා ඛො මං මරණකාලෙ අවච: ‘මා ඛො ත්‍වං තාත, දීඝාවු, දීඝං පස‍්ස. මා රස‍්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී’ති. න ඛො මෙතං පතිරූපං, ය‍්වාහං පිතුවචනං අතික‍්කමෙය්‍ය”න‍්ති පුනදෙව කොසියා ඛග‍්ගං පවෙසෙසි.

95. දෙවනු ද මහණෙනි, -පෙ- තෙවනු ද මහණෙනි, දීඝාවු කුමාරයාහට මේ සිත් වි ය: “මේ බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාර ය ද අසිඳ ගන්නා ලද්දේ ය. මොහු විසින් මාගේ මවුපියෝ නසන ලදහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය” යි මෙසේ සිතා කඩුව කොපුවෙන් ඇද්දේ ය. තෙවනු ද මහණෙනි, දීඝාවුකුමාරයාහට මේ සිත් වි ය: “මාගේ පියා මැරෙණ වේලේ මට ‘පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය” යි කීයේ ය. මම පියාගේ වචනය ඉක්මවන්නෙම් නම් මට ඒ නො සුදුසු ය”යි මෙසේ සිතා නැවතත් කඩුව කොපුවෙහි බැහී ය.

96. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා භීතො උබ‍්බිග‍්ගො උස‍්සඞ‍්කී උත්‍රස‍්තො සහසා උට‍්ඨාසි.

96. මහණෙනි, ඒ අතර බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බිය පත් වූයේ තැති ගත්තේ මහත් සැක ඇත්තේ වෙවුලන්නේ වහා නැගී සිටියේ ය.

97. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බ්‍රහ‍්මදත‍්තං කාසිරාජානං එතදවොච: “කිස‍්ස ත්‍වං දෙව, භීතො උබ‍්බිග‍්ගො උස‍්සඞ‍්කී උත්‍රස‍්තො සහසා වුට‍්ඨාසී” ති. “ඉධ මං භණෙ, මාණවක, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො පුත‍්තො දීඝාවුකුමාරො සුපින‍්නතෙන ඛග‍්ගෙන පරිපාතෙසි. තෙනාහං භීතො උබ‍්බිග‍්ගො උස‍්සඞ‍්කී උත්‍රස‍්තො සහසා වුට‍්ඨාසි”න‍්ති.

97. මහණෙනි, එකල්හි දීඝාවුකුමාර තෙමේ බ්‍රහ්මදත්ත කසීරජුගෙන් “දේවයන් වහන්ස, බියපත් වූවෙහි තැති ගත්තෙහි සැක ඇත්තෙහි වෙවුලන්නෙහි වහා නැගී සිටියෙහි කුමක් හෙයින් දැ?”යි ඇසී ය. “සගය, මාණවකය, මෙහි දී දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවුකුමාර තෙමේ සීනෙන් මා කඩුවෙන් කපා හෙළී ය. එයින් මම බියපත් වීමි. තැති ගත්තෙමි. සැක ඇත්තේ වීමි. සැලුණේ වීමි. වහා නැගී සිටියෙමි”.

98. අථ ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො වාමෙන හත්‍ථෙන බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො සීසං පරාමසිත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන ඛග‍්ගං නිබ‍්බාහෙත්‍වා බ්‍රහ‍්මදත‍්තං කාසිරාජානං එතදවොච: “අහං ඛො සො දෙව, දීඝිතිස‍්ස කොසලරඤ‍්ඤො පුත‍්තො දීඝාවුකුමාරො. බහුනො ත්‍වං අම‍්හාකං අනත්‍ථස‍්ස කාරකො. තයා අම‍්හාකං බලඤ‍්ච වාහනඤ‍්ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරඤ‍්ච අච‍්ඡින‍්නං. තයා ච මෙ මාතාපිතරො හතා. අයඞ‍්ඛවස‍්ස කාලො, ය‍්වාහං වෙරං අප‍්පෙය්‍ය”න‍්ති.

98. මහණෙනි, ඉක්බිති දීඝාවු කුමාර තෙමේ වම්අතින් බ්‍රහ්මදත්ත කසීරජුගේ හිස අල්වා දකුණු අතින් කඩුව ඇද බ්‍රහ්මදත්ත කසීරජුට “දේවයන් වහන්ස, දීඝීතිකොසොල්රජුගේ පුත්‍ර වූ දීඝාවුකුමාරයා මම වෙමි. යුෂ්මතා අපට බොහෝ අවැඩ කෙළෙහි ය. ඔබ විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ ගන්නා ලද්දේ ය. ඔබ විසින් මාගේ මවුපියෝ නසන ලද්දාහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය”යි කී ය.

99. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝාවුස‍්ස කුමාරස‍්ස පාදෙසු සිරසා නිපතිත්‍වා දීඝාවුං කුමාරං එතදවොච: “ජීවිතං මෙ තාත, දීඝාවු, දෙහි. ජීවිතං මෙ තාත, දීඝාවු, දෙහී”ති. “ක්‍යාහං උස‍්සහාමි දෙවස‍්ස ජීවිතං දාතුං? දෙවො ඛො මෙ ජීවිතං දදෙය්‍යා”ති. “තෙන හි තාත, දීඝාවු, ත්‍වංචෙ මෙ ජීවිතං දෙහි. අහඤ‍්ච තෙ ජීවිතං දම‍්මී”ති.

99. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවුකුමාරයාගේ පාමුල හිසින් වැටී දීඝාවුකුමාරයාහට “පුත, දීඝාවු, මට දිවි දෙව. පුත, දීඝාවු, මට දිවි දෙව”යි කී ය. “කිම, මම දේවයන් වහන්සේට දිවි දීමට උත්සාහ කෙරෙම් ද? දේවයන් වහන්සේ මට දිවි දෙත්වා.” “පුත, දීඝාවු, එසේ නම් තෝ මට දිවි දෙව. මමත් තට දිවි දෙමි”යි රජතෙමේ කී ය.

100. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො ච කාසිරාජා දීඝාවු ච කුමාරො අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ජීවිතං අදංසු. පාණිඤ‍්ච අග‍්ගහෙසුං. සපථඤ‍්ච අකංසු අදුභාය.

100. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේත් දීඝාවුකුමාරයාත් ඔවුනොවුන්ට දිවි දුන්හ. අතින් අත ගත්හ. ද්‍රෝහ නො කරණු සඳහා දිවුළහ.

101. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝාවුං කුමාරං එතදවොච: “තෙන හි තාත, දීඝාවු, රථං යොජෙහි. ගමිස‍්සාමා”ති. “එවං දෙවා”ති ඛො භික‍්ඛවෙ, දීඝාවුකුමාරො බ්‍රහ‍්මදත‍්තස‍්ස කාසිරඤ‍්ඤො පටිස‍්සුත්‍වා රථං යොජෙත්‍වා බ්‍රහ‍්මදත‍්තං කාසිරාජානං එතදවොච: “යුත‍්තො ඛො තෙ දෙව, රථො. යස‍්සදානි කාලං මඤ‍්ඤසී”ති.

101. මහණෙනි, අනතුරු ව බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, එසේ නම් රිය යොදව. යන්නෙමු”යි කී ය. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී රිය යොදා බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, ඔබවහන්සේට රිය යොදන ලද්දේ ය. දැන් ගමනට කල් දන්නා සේක්වා”යි සැළකෙළේ ය.

102. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා රථං අභිරුහි. දීඝාවුකුමාරො රථං පෙසෙසි. තථා තථා රථං පෙසෙසි, යථා න චිරස‍්සෙව සෙනාය සමාගච‍්ඡි.

102. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ රියට නැංගේ ය. දීඝාවුකුමාර තෙමේ රිය පැදවී ය. නොබෝවේලාවකින් සේනාව හා එක් වන ලෙසට රිය පැදවී ය.

103. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා බාරාණසිං පවිසිත්‍වා අමච‍්චෙ පාරිසජ‍්ජෙ සන‍්නිපාතාපෙත්‍වා එතදවොච: “සචෙ භණෙ, දීඝීතිස‍්ස කොසලරඤ‍්ඤො පුත‍්තං දීඝාවුං කුමාරං පස‍්සෙය්‍යාථ, කින‍්ති නං කරෙය්‍යාථා”ති.

103. මහණෙනි, නැවැත බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බරණැසට පිවිස ඇමැතිපිරිස රැස් කරවා “සගයෙනි, දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවු කුමරු දක්නහු නම්, ඔහුට කුමක් කරන්නහු දැ?”යි පිළිවිසී ය.

104. එකච‍්චෙ එවමාහංසු: “මයං දෙව, හත්‍ථෙ ඡින්‍දෙය්‍යාම. මයං දෙව, පාදෙ ඡින්‍දෙය්‍යාම. මයං දෙව, හත්‍ථපාදෙ ඡින්‍දෙය්‍යාම. මයං දෙව, කණ‍්ණෙ ඡින්‍දෙය්‍යාම. මයං දෙව, තාසං ඡින්‍දෙය්‍යාම. මයං දෙව, කණ‍්ණනාසං ඡින්‍දෙය්‍යාම. මයං දෙව, සීසං ඡින්‍දෙය්‍යාමා”ති.

104. ඇතැම් කෙනෙක් “දේවයන් වහන්ස, අපි අත් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි පා සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි අත්පා සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි කන් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි නාසය සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි කන්නාස් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි හිස සිඳින්නෙමු” යි මෙසේ කීහ.

105. “අයං ඛො සො භණෙ, දීඝීතිස‍්ස කොසලරඤ‍්ඤො පුත‍්තො දීඝාවුකුමාරො, නායං ලබ‍්භා කිඤ‍්චි කාතුං. ඉමිනා ච මෙ ජීවිතං දින‍්නං, මයා ච ඉමස‍්ස ජීවිතං දින‍්න”න‍්ති.

105. “සගයෙනි, මේ ඒ දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවු කුමාරයා ය. මේ තෙමේ කිසි දඬුවමක් කිරීම නො ලබයි. මොහු විසින් මට දිවි දෙන ලද්දේ ය. මා විසිනුත් මොහුට දිවි දෙන ලද්දේ ය.”

106. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා දීඝාවුං කුමාරං එතදවොච: “යං ඛො තෙ තාත, දීඝාවු, පිතා මරණකාලෙ අවච: ‘මා ඛො ත්‍වං තාත, දීඝාවු, දීඝං පස‍්ස. මා රස‍්සං. න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී’ති, කිං තෙ පිතා සන්‍ධාය අවචා”ති.

106. ඉක්බිති මහණෙනි, බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවු කුමාරයාගෙන් “දරුව, දීඝාවු, තාගේ පියා මැරෙණ වේලේ “පුත දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, මෛත්‍රියෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි යමක් කීයේ ද, තාගේ පියා කුමක් සඳහා (ඒ) කීයේ දැ”යි ඇසී ය.

107. “යං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච: ‘මා දීඝ’න‍්ති - මා ‘චිරං වෙරං අකාසී’ති. ඉමං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච ‘මා දීඝ’න‍්ති. යං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච: ‘මා රස‍්ස’න‍්ති - මා ඛිප‍්පං මිත‍්තෙහි භිජ‍්ජිත්‍ථා’ති. ඉමං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච ‘මා රස‍්ස’න‍්ති. යං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච: ‘න හි තාත දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම‍්මන‍්තී’ති - ‘දෙවෙන මෙ මාතාපිතරො හතා’ති. සචාහං දෙවං ජීවිතා වොරොපෙය්‍යං, යෙ දෙවස‍්ස අත්‍ථකාමා, තෙ මං ජීවිතා වොරොපෙය්‍යුං. යෙ මෙ අත්‍ථකාමා, තෙ තෙ ජීවිතා වොරොපෙය්‍යුං. එවං තං වෙරං වෙරෙන න වූපසමෙය්‍ය. ඉදානි ච පන මෙ දෙවෙන ජීවිතං දින‍්නං. මයා ච දෙවස‍්ස ජීවිතං දින‍්නං. එවං තං වෙරං අවෙරෙන වූපසන‍්තං. ඉමං ඛො මෙ දෙව, පිතා මරණකාලෙ අවච ‘න හි තාත, දීඝාවු, වෙරෙන වෙරා සම‍්මන‍්ති. අවෙරෙන හි තාත දීඝාවු, වෙරා සම‍්මන‍්තී’ති.

107. “දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි ‘මා දීඝං’ යි යමක් කීයේ ද, (එයින්) ‘බොහෝ කල් වෛර නො කරව’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘මා දීඝං’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි ‘මා රස්සං’ යි යමක් කීයේ ද, (එයින්) ‘වහා මිත්‍රයන් හා නො බිඳෙව’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘මා රස්සං’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි “න හි තාත, දීඝාවු, වේරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්ති” යි යමක් කීයේ ද, (එයින්) ‘දේවයන් වහන්සේ විසින් මාගේ මවුපියෝ නසන ලද්දාහ’යි මම දේවයන් වහන්සේ ජීවිතයෙන් තොර කරන්නෙම් නම්, දේවයන් වහන්සේට වැඩ කැමැති වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු මා ජීවිතයෙන් තොර කරන්නාහු ය. මට වැඩ කැමැති වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු ඔවුන් ජීවිතයෙන් තොර කරන්නාහු ය. මෙසේ ඒ වෛරය වෛරයෙන් නො සන්සිඳෙන්නේ ය. දැන් දේවයන් වහන්සේ විසින් මට දිවි දෙන ලද්දේ ය. මා විසිනුත් දේවයන් වහන්සේට දිවි දෙන ලද්දේ ය. මෙසේ ඒ වෛරය අවෛරයෙන් සන්සිඳුනේය’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘න හි තාත, දීඝාවු, වේරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි වෙරා සම්මන්ති’ යනු කීයේ ය.”

108. අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා. “අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, යාව පණ‍්ඩිතො අයං දීඝාවුකුමාරො යත්‍ර හි නාම පිතුනො සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානිස‍්සතී”ති පෙත‍්තිකං බලඤ‍්ච වාහනඤ‍්ච ජනපදඤ‍්ච කොසඤ‍්ච කොට‍්ඨාගාරඤ‍්ච පටිපාදෙසි. ධීතරඤ‍්ච අදාසි.

108. ඉක්බිති මහණෙනි, බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ “පින්වත්නි, අරුමයකි. පින්වත්නි, පුදුමයකි. යමෙක් පියා විසින් සැකෙවින්, කියූ වචනයෙහි අර්‍ත්‍ථය විස්තරවශයෙන් දන්නේ ද, ඒ මේ දීඝාවුකුමාර තෙමේ අතිශයින් පණ්ඩිත ය”යි පියසතු වූ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරයද නැවැත දුන්නේ ය. දුව ද දුන්නේ ය.

109. තෙසං හි නාම භික‍්ඛවෙ, රාජූනං ආදින‍්නදණ‍්ඩානං ආදින‍්නසත්‍ථානං එවරූපං ඛන‍්තිසොරච‍්චං භවිස‍්සති. ඉධ ඛො පන තං භික‍්ඛවෙ, සොභෙථ “යං තුම‍්හෙ එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිතා සමානා ඛමා ච භවෙය්‍යාථ සොරතා චා”ති.

109. මහණෙනි, දඬු ගත් අවි ගත් ඒ රජුන්ගේත් මෙබඳු වූ ඉවසීමෙක් හා සුරත බවෙක් වන්නේ ය. මහණෙනි, තෙපි මනා කොට දෙසූ මෙබඳු සසුන්හි පැවිදි වූවහු කමා ඇත්තෝ සුරත වූවෝ වහු නම්, ඒ තෙපි මේ සස්න හොබවන්නහු ය යි වදාළසේක.

110. තතියම‍්පි ඛො භගවා තෙ භික‍්ඛූ එතදවොච: “අලං භික‍්ඛවෙ, මා භණ‍්ඩනං. මා කලහං. මා විග‍්ගහං. මා විවාද”න‍්ති.

110. තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට “මහණෙනි, වැඩෙක් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ නො කරවු. විවාද නො කරවු”යි වදාළහ.

111. තතියම‍්පි ඛො සො අධම‍්මවාදී භික‍්ඛු භගවන‍්තං එතදවොච: “ආගමෙතු භන‍්තෙ, භගවා ධම‍්මස‍්සාමි. අප‍්පොස‍්සුක‍්කො භන‍්තෙ, භගවා දිට‍්ඨධම‍්මසුඛ විහාරමනුයුත‍්තො විහරතු. මයමෙතෙන භණ‍්ඩනෙන කලහෙන විග‍්ගහෙන විවාදෙන පඤ‍්ඤායිස‍්සාමා”ති.

111. තෙවනු ද ඒ අධර්‍මවාදී මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව සමවත් සුවවිහරණයෙහි යෙදී වෙසෙන සේක්වා. අපි මේ ඩබරයෙන් කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ප්‍රසිද්ධ වන්නෙමු”යි කීයේ ය.

112. අථ ඛො භගවා “පරියාදින‍්නරූපා ඛො ඉමෙ මොඝපුරිසා. නයිමෙ සුකරා සඤ‍්ඤාපෙතු”න‍්ති – උට‍්ඨායාසනා පක‍්කාමි.

112. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මේ හිස් පුරුෂයෝ විනාශයට ලංව සිටියාහ. මොහු (කරුණු) හඟවන්නට පහසු වූවෝ නො වෙති. (මොවුන් සන්හිඳුවීම පහසු නො වේ.) යි හුනස්නෙන් නැගිට වැඩි සේක.

දීඝාවුභාණවාරො නිට‍්ඨිතො පඨමො.

පළමු දීඝාවු බණවර නිමියේ ය.

1. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය කොසම‍්බිං පිණ‍්ඩාය පාවිසි. කොසම‍්බියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය සඞ‍්ඝමජ‍්ඣෙ ඨිතකොව ඉමා ගාථායො අභාසි:

1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ පිඬු පිණිස කොසඹෑ නුවරට පිවිසිසේක. කොසඹෑනුවර පිඬු පිණිස හැසිර පස්වරු පිණ්ඩපාතයෙන් හැරී ආ සේක් සෙනසුන් තැන්පත් කොට පා සිවුරු ගෙණ සඟමැද සිටිසේක් ම මේ ගාථාවන් වදාළසේක:

2. පුථුසද‍්දො සමජනො න බාලො කොචි මඤ‍්ඤථ, සඞ‍්ඝස‍්මිං භිජ‍්ජමානස‍්මිං, නාඤ‍්ඤං භිය්‍යො අමඤ‍්ඤරුං.

2. මේ එක සමාන (කලහකාරී) ජන තෙමේ මහහඬ ඇත්තේ ය. (පණ්ඩිතමානී වූ) ඔවුනතුරෙන් කිසිවෙක් “මම අඥ වෙමි” යි නො සිතී ය. තව ද, සඞ්ඝයා බිඳෙන කල්හි අනෙක් එකෙක් වත් (= “මා නිසා සඞ්ඝයා බිඳේ ය”යි මේ කරුණ) නො සිතී ය.

3. පරිමුට‍්ඨා පණ‍්ඩිතාභාසා වාචාගොචරභාණිනො, යාවිච‍්ඡන‍්ති මුඛායාමං යෙන නීතා න තං විදූ.

3. මුළාසිහි ඇති පණ්ඩිතම්මන්‍ය වූ වචන ම ගෝචර කොට ඇත්තාහු හැකි තාක් මුව අයා (නො නවත්වා) බණනසුලු වෙත් මැයි. (ඔහු) යම් කලහයකින් නීර්‍ලජ්ජභාවයට පමුණුවන ලද්දාහු ද, එය (මෙබඳු දොස් සහිත ය යි) නො දත්හ.

4. අක‍්කොච‍්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං උපනය‍්හන‍්ති, වෙරං තෙසං න සම‍්මති.

4. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු වස්තුව, පැහැර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත බඳිත් ද, ඔවුන්ගේ වෛරය නො සන්සිඳේ.

5. අක‍්කොච‍්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං නුපනය‍්හන‍්ති වෙරං තෙසූපසම‍්මති.

5. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු දෙය පැහැර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත නො බඳිත් ද, ඔවුන්ගේ වෛරය සන්සිඳේ.

6. න හි වෙරෙන වෙරානි සම‍්මන‍්තීධ කුදාචනං, අවෙරෙන ච සම‍්මන‍්ති එස ධම‍්මො සනන‍්තනො.

6. මේ සත්ත්‍වලෝකයෙහි කිසි කලකෙත් වෛරයෝ වෛරයෙන් නො සන්සිඳෙත්. අවෛරයෙන් (මෛත්‍රියෙන්) ම සන්සිඳෙත්. අවෛරයෙන් වෛරය සන්සිඳෙයි යන මේ ධර්‍මය පැරණි දහමෙකි.

7. පරෙ ච න විජානන‍්ති මයමෙත්‍ථ යමාමසෙ, යෙ ච තත්‍ථ විජානන‍්ති තතො සම‍්මන‍්ති මෙධගා.

7. (පණ්ඩිතයන් හැර) අන්‍ය වූ කලහකාරකජනයෝ මෙහි (සඟමැද) කලහ කරන්නෝ “අපි නැසෙමු (මරු වෙත යමු)” යි නො දනිත්. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් එය දනිත් ද, එයින් කලහයෝ සන්සිඳෙත්.

8. අට‍්ඨිච‍්ඡින‍්නා පාණහරා ගවාස‍්සධනහාරිනො, රට‍්ඨං විලුම‍්පමානානං තෙසම‍්පි හොති සඞ‍්ගති. කස‍්මා තුම‍්හාක නො සියා?

8. (යම්කෙනෙකුන්ගේ මවුපියන්ගේ) ඇට සිඳින ලද ද, (යම් කෙනෙක්) ප්‍රාණය පැහැර ගණිත් (=දිවි තොර කෙරෙත්) ද, ගව - අශ්ව - ධනයන් පැහැර ගන්නා සුලු වෙත් ද, (එබඳු වූ) රට වොලෝ ගන්නා වූ ඒ රජුන්ගේ ද සමගිය වේ. කුමක් හෙයින් තොපගේ සමගිය නො වන්නේ ද?

9. සචෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිං චරං සාධු විහාරි ධීරං අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානි චරෙය්‍ය තෙනත‍්තමනො සතීමා.

9. ස්ථානෝචිතප්‍රඥා ඇති සමග හැසිරීමට සුදුසු වූ මනා විහරණ ඇති නුවණැති යහළුවකු ලබන්නේ නම්, ප්‍රකට අප්‍රකට හැම උවදුරු මැඩ ඔහු සමග සතුටු සිත් ඇත්තේ සිහි ඇත්තේ හැසිරෙන්නේ ය.

10.නො චෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිං චරං සාධු විහාරි ධීරං, රාජාව රට‍්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො.

10. ස්ථානෝචිතප්‍රඥා ඇති සමග හැසිරීමට සුදුසු වූ මනා විහරණ ඇති ධෘතිසම්පන්න වූ යහළුවකු නො ලබන්නේ නම්, දිනූ රට හැර ගියා වූ (මහාජනක අරින්‍දමාදී) රජුන් මෙන් ද වනයෙහි (=සීලව හෝ පාරිලෙය්‍යක) ශ්‍රේෂ්ඨහස්තියා මෙන් ද එකලා ව හැසිරෙන්නේ ය.

11. එකස‍්ස චරිතං සෙය්‍යො නත්‍ථි බාලෙ සහායතා, එකො චරෙ න ච පාපානි කයිරා අප‍්පොස‍්සුක‍්කො මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගොති.

11. එකලා වූ වහුගේ හැසිරීම උතුම් ය. අඥයා කෙරෙහි යහළුබවෙක් නැත. වනයෙහි ශ්‍රේෂ්ඨ හස්තියා මෙන් (ගණයා සමග එක් වීමේ) උත්සාහ රහිත ව එකලා ව හැසිරෙන්නේ ය. පව් නො කරන්නේ ය.

12. අථ ඛො භගවා සඞ‍්ඝමජ‍්ඣෙ ඨිතකොව ඉමා ගාථායො භාසිත්‍වා යෙන බාලකලොණකාරගාමො තෙනුපසඞ‍්කමි.

12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟ මැද සිටි සේක් ම මේ ගාථාවන් වදාරා බාලකලෝණකාරගමට වැඩි සේක.

13. තෙන ඛො පන සමයෙන ආයස‍්මා භගු බාලකලොණකගාමෙ විහරති.

13. එකල්හි ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ බාලකලොණකාරගමෙහි වාසය කෙරෙයි.

14. අද‍්දසා ඛො ආයස‍්මා භගු භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන ආසනං පඤ‍්ඤපෙසි. පාදොදකං පාදපීඨං පාදකථලිකං උපනික‍්ඛිපි. පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ ඛො භගවා පාදෙ පක‍්ඛාලෙසි.

14. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටු සේක. දැක අසුනක් පැණවී ය. පාදෝනාදිය පාපුටුව පාපුවරුව එළවා තැබී ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ පා සේදූහ.

15. ආයස‍්මාපි ඛො භගු භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං භගුං භගවා එතදවොච: “කච‍්චි භික‍්ඛු, ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි පිණ‍්ඩකෙන න කිලමසී”ති. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. න චාහං භන‍්තෙ පිණ‍්ඩකෙන කිලමාමී”ති.

15. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් භගු තෙරුන්ගෙන් “මහණ, කිම, ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම, ආහාරයෙන් විඩාපත් නො වූයෙහි දැ?”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, මම ආහාරයෙන් ද වෙහෙසට නො පත් වූයෙමි” යි තෙරහු කී හ.

16. අථ ඛො භගවා ආයස‍්මන‍්තං භගුං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා යෙන පාචීනවංසදායො තෙනුපසඞ‍්කමි.

16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගුතෙරුන් දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට පාචීනවංස නම් වනයට වැඩි සේක.

17. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො පාචීනවංසදායෙ විහරන‍්ති.

17. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද පාචීනවංස මුවවනයෙහි වෙසෙත්.

18. අද‍්දසා ඛො දායපාලො භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන භගවන‍්තං එතදවොච: “මා සමණ, එතං දායං පාවිසි. සන‍්තෙත්‍ථ තයො කුලපුත‍්තා අත‍්තකාමරූපා විහරන‍්ති. මා තෙසං අඵාසුමකාසී”ති.

18. උයන්පල් තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක “ශ්‍රමණය, මේ උයනට නහමක් පිවිසෙව. මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙත්. ඔහු තමහට හිත කැමැත්තාහු වෙසෙත්. උන්වහන්සේලාට කරදර නො කළ මැනැවැ”යි කී ය.

19. අස‍්සොසි ඛො ආයස‍්මා අනුරුද‍්ධො දායපාලස‍්ස භගවතා සද‍්ධිං මන‍්තයමානස‍්ස. සුත්‍වාන දායපාලං එතදවොච: “මා ආවුසො දායපාල, භගවන‍්තං වාරෙසි. සත්‍ථා නො භගවා අනුප‍්පත‍්තො”ති.

19. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ හා කතා කරණ උයන්පල්ලාගේ ඒ කතාව ඇසී ය. අසා උයන්පල්ලාට “ඇවැත, උයන්පල්ල, භාග්‍යවතුන් වහන්සේ නො වළකුව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි කී ය.

20. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො යෙනායස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ච නන්‍දියං ආයස‍්මන‍්තඤ‍්ච කිම‍්බිලං එතදවොච: “අභික‍්කමථායස‍්මන‍්තො. අභික‍්කමථායස‍්මන‍්තො. සත්‍ථා නො භගවා අනුප‍්පත‍්තො”ති.

20. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් නන්‍දිය තෙරුන් වෙත ද ආයුෂ්මත් කිම්බිලතෙරුන් වෙත ද ගියේ ය. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරුන්ට ද ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද “ආයුෂ්මත්නි, මෙහි පැමිණෙවු. ඉදිරියට එවු. අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි දැන්වී ය.

21. අථ ඛො ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො භගවන‍්තං පච‍්චුග‍්ගන‍්ත්‍වා එකො භගවතො පත‍්තචීවරං පටිග‍්ගහෙසි. එකො ආසනං පඤ‍්ඤපෙසි. එකො පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ පාදෙ පක‍්ඛාලෙසි.

21. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස් එක් නමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගත්තේ ය. එක් නමක් අසුන් පැණවී ය. එක් නමක් පාදෝනාදිය පාපුටුව පාපුවරුව එළවා තැබී ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ පා සේදූහ.

22. තෙපි ඛො ආයස‍්මන‍්තො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං අනුරුද‍්ධං භගවා එතදවොච: “කච‍්චි වො අනුරුද‍්ධා ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි පිණ‍්ඩකෙන න කිලමථා”ති.

22. ඒ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගෙන් “අනුරුද්ධයෙනි, කිම, තොපට ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, ආහාරයෙන් වෙහෙසට පත් නො වහු දැ?”යි ඇසූහ.

“ඛමනීයං භගවා. යාපනීයං භගවා. න ච මයං භන‍්තෙ පිණ‍්ඩකෙන කිලමාමා”ති.

“භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි ආහාරයෙන් වෙහෙසට පත් නො වම්හ.”

“කච‍්චි පන වො අනුරුද‍්ධා සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරථා”ති.

“අනුරුද්ධයෙනි, කිම තෙපි සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියහු ඔවුනොවුන් පියඇසින් බලමින් වසවුද?”

“තග‍්ඝ මයං, භන‍්තෙ, සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරාමා”ති.

“ස්වාමීනි, එසේ ය. අපි සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියමෝ ඔවුනොවුන් පියඇසින් බලමින් වසමු”.

“යථා කථම‍්පන තුම‍්හෙ අනුරුද‍්ධා සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරථා”ති.

“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියහු ඔවුනොවුන් පියඇසින් බලමින් වසවු ද?”

23. “ඉධ මය‍්හං භන‍්තෙ, එවං හොති: ‘ලාභා වත මෙ. සුලද‍්ධං වත මෙ. යොහං එවරූපෙහි සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං විහරාමී’ති. තස‍්ස මය‍්හං භන‍්තෙ, ඉමෙසු ආයස‍්මන‍්තෙසු මෙත‍්තං කායකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවී චෙව රහො ච. මෙත‍්තං වචීකම‍්මං -පෙ- මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවී චෙව රහො ච. තස‍්ස මය‍්හං භන‍්තෙ, එවං හොති: ‘යන‍්නූනාහං සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසං යෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තෙය්‍ය’න‍්ති. සො ඛො අහං භන‍්තෙ, සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසං යෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තාමි. නානා හි ඛො නො භන‍්තෙ කායා. එකඤ‍්ච පන මඤ‍්ඤෙ චිත‍්ත”න‍්ති.

23. ‘ස්වාමීනි, මෙහි දී මට ‘යම් මම මෙබඳු වූ සබ්‍රම්සරුන් හා එක් ව වෙසෙම් ද, මට (එය) ලාභයෙකි. මා ලත් යහපත් ලැබීමකැ’යි සිත් වෙයි. ‘ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි ඒ මාගේ මෛත්‍රීකායකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. මෛත්‍රීවාක්කර්‍මය -පෙ– මෛත්‍රීමනඃකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. ස්වාමීනි, ඒ මට ‘මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතින්නෙම් නම් යෙහෙකැ’යි සිත් වේ. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපගේ ශරීරයෝ වෙන් ව පවත්නෝ ම වෙති. අපගේ සිත නම් එකක් ම යයි සිතමි.”

24. ආයස‍්මාපි ඛො නන්‍දියො -පෙ- ආයස‍්මාපි ඛො කිම‍්බිලො භගවන‍්තං එතදවොච: “මය‍්හම‍්පි ඛො භන‍්තෙ, එවං හොති: ‘ලාභා වත මෙ. සුලද‍්ධං වත මෙ. යොහං එවරූපෙහි සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං විහරාමී’ති. තස‍්ස මය‍්හං භන‍්තෙ, ඉමෙසු ආයස‍්මන‍්තෙසු මෙත‍්තං කායකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවී චෙව රහො ච. මෙත‍්තං වචීකම‍්මං -පෙ- මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවී චෙව රහො ච. තස‍්ස මය‍්හං භන‍්තෙ, එවං හොති: ‘යන‍්නූනාහං සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසං යෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තෙය්‍ය’න‍්ති. සො ඛො අහං භන‍්තෙ, සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසං යෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තාමි. නානා හි ඛො නො භන‍්තෙ, කායා, එකඤ‍්ච පන මඤ‍්ඤෙ චිත‍්ත’න‍්ති. එවං ඛො මයං භන‍්තෙ, සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරාමා”ති.

24. ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද -පෙ- ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මටත් ‘යම් මම මෙබඳු වූ සබ්‍රම්සරුන් හා එක් ව වෙසෙම් ද, මට (එය) ලාභයෙකි. මා ලත් යහපත් ලැබීමකැ’ යි සිත් වෙයි. ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි ඒ මාගේ මෛත්‍රීකායකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. මෛත්‍රීවාක්කර්‍මය -පෙ– මෛත්‍රීමනඃකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. ස්වාමීනි, ඒ මට ‘මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතින්නේනම් නම් යෙහෙකැ’ යි සිත් වේ. ස්වාමීනි, ඒ මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපගේ ශරිරයෝ වෙන් ව පවත්නෝ ම වෙති. අපගේ සිත නම් එකක් ම ය යි සිතමි. ස්වාමීනි, අපි මෙසේ සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා දිය සේ එකතු ව ඔවුනොවුන් පියඇසින් බලමින් වෙසෙමු”.

25. “කච‍්චි පන වො අනුරුද‍්ධා, අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරථා?”ති. “තග‍්ඝ මයං භන‍්තෙ, අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරාමා”ති.

25. “අනුරුද්ධයෙනි, කිම, තෙපි අප්‍රමත්තවූවහු කෙලෙස් තවන වැරැ ඇත්තාහු භාවනාවට යැවූ සිත් ඇත්තහු වසවු ද”? “ස්වාමීනි, එසේය. අපි අප්‍රමත්ත වූවමෝ කෙලෙස් තවන වැර ඇත්තමෝ භාවනාවට යැවූ සිත් ඇත්තමෝ වසන්නෙමු”.

26. “යථා කථම‍්පන තුම‍්හෙ අනුරුද‍්ධා අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරථා?”ති.

26. “අනුරුද්ධයෙනි, තෙපි කෙසේ අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වැර ඇත්තාහු භාවනාවට යැවූ සිත් ඇත්තාහු වසවු ද?”

27. “ඉධ භන‍්තෙ, අම‍්හාකං යො පඨමං ගාමතො පිණ‍්ඩාය පටික‍්කමති, සො ආසනං පඤ‍්ඤපෙති. පාදොදකං පාදපීඨං පාදකථලිකං උපනික‍්ඛිපති. අවක‍්කාරපාතිං ධොවිත්‍වා උපට‍්ඨාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. යො පච‍්ඡා ගාමතො පිණ‍්ඩාය පටික‍්කමති, සචෙ හොති භුත‍්තාවසෙසො, සචෙ ආකඞ‍්ඛති, භුඤ‍්ජති. නො චෙ ආකඞ‍්ඛති, අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙති. අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනං උද‍්ධරතී. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙති. අවක‍්කාරපාතිං ධොවිත්‍වා පටිසාමෙති. පානීයං පරිභොජනීයං පටිසාමෙති. භත‍්තග‍්ගං සම‍්මජ‍්ජති. යො පස‍්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච‍්චඝටං වා රිත‍්තං තුච‍්ඡං සො උපට‍්ඨාපෙති. සචස‍්ස හොති අවිසය‍්හං, හත්‍ථවිකාරෙන දුතියං ආමන‍්තෙත්‍වා හත්‍ථවිලඞ‍්ඝකෙන උපට‍්ඨාපෙති. නත්‍වෙව මයං භන‍්තෙ, තප‍්පච‍්චයා වාචං භින්‍දාම. පඤ‍්චාහිකං ඛො පන මයං භන‍්තෙ, සබ‍්බරත‍්තියා ධම‍්මියා කථාය සන‍්නිසීදාම. එවං ඛො මයං භන‍්තෙ, අප‍්පමත‍්තා, ආතාපිනො පහිතත‍්තා විහරාමා”ති.

27. “ස්වාමීනි, මෙහි අපගෙන් යමෙක් පළමු කොට ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඒ ද, හෙතෙමේ අසුන් පණවයි. පාදෝනාදිය පාපුටුව පා තබන පුවරුව එළවා තබයි. ඉඳුල් ලන බඳුන සෝදා තබයි. පැන් හා පිරිබෝදිය එළවයි. යමෙක් පසු ව ගමෙහි පිඬු සිඟා හැසිර පෙරළා ඒ ද, වළඳා ඉතිරි වූවක් වේ නම්, කැමැත්තේ නම්, වළඳයි. නො කැමැත්තේ නම්, නිල්තණ නැති තැන හෝ බහයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙතෙමේ අසුන් ඔසොවා තබයි. පාදෝනාදිය පාපුටුව පාපුවරුව තැන්පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන්පත් කරයි. පැන් හා පිරිබෝදිය තැන් පත් කරයි. බත්හල හමදියි. යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දකී ද, හෙතෙමේ එය එළවා තබයි. ඔහුට නො ඉසිලිය හැකි නම් හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟුවෙන් එළවා තබයි. ස්වාමීනි, ඒ හේතුවෙන් අපි වචන නො බිඳින්නෙමු. (කතා නො කරන්නෙමු.) ස්වාමීනි, පස් දවසකට වරක් සියලු රෑ දැහැමිකතාවෙන් යුක්ත ව හිඳිමු. ස්වාමීනි, මෙසේ අපි අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව භාවනාවට යැවූ සිත් ඇති ව වාසය කරමු”යි.

28. අථ ඛො භගවා ආයස‍්මන‍්තඤ‍්ච අනුරුද‍්ධං ආයස‍්මන‍්තඤ‍්ච නන්‍දියං ආයස‍්මන‍්තඤ‍්ච කිම‍්බිලං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා යෙන පාරිලෙය්‍යකං තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්‍යකං තදවසරි. තත්‍ර සුදං භගවා පාරිලෙය්‍යකෙ විහරති රක‍්ඛිතවනසණ‍්ඩෙ භද‍්දසාලමූලෙ.

28. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද ආයුෂ්මත් නන්‍දිය තෙරුන් ද ආයුෂ්මත් කිම්බිල තෙරුන් ද දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට පාරිලෙය්‍යකවනය බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණසේක් පාරිලෙය්‍යකවනයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාරිලෙය්‍යකවනයෙහි රක්ඛිත වනලැහැබෙහි මැනැවින් වැඩුනු මහත් සල් රුකක් මුල වසන සේක.

29. අථ ඛො භගවතො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “අහං ඛො පුබ‍්බෙ ආකිණ‍්ණො න ඵාසු විහාසිං තෙහි කොසම‍්බකෙහි භික‍්ඛූහි භණ‍්ඩනකාරකෙහි කලහකාරකෙහි විවාදකාරකෙහි භස‍්සකාරකෙහි සඞ‍්ඝෙ අධිකරණකාරකෙහි. සොම‍්හි එතරහි එකො අදුතියො සුඛං ඵාසු විහරාමි අඤ‍්ඤත්‍රෙව තෙහි කොසම‍්බකෙහි භික‍්ඛූහි භණ‍්ඩනකාරකෙහි කලහකාරකෙහි විවාදකාරකෙහි භස‍්සකාරකෙහි සඞ‍්ඝෙ අධිකරණකාරකෙහී”ති.

29. ඉක්බිති එකලා ව විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිත්හි “මම පෙර ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ කොසඹෑ නුවර වැසි භික්‍ෂූන් හා එක් වූයෙම් පහසුවෙන් නො විසූයෙමි. ඒ මම දැන් එකලා වූයෙම් දෙවැන්නෙක් නැත්තෙම් ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් හැර සුව සේ පහසුවෙන් වෙසෙමි”යි පරිවිතර්‍කයෙක් උපන.

30. අඤ‍්ඤතරොපි ඛො හත්‍ථිනාගො ආකිණ‍්ණො විහරති හත්‍ථීහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි. ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදති. ඔභග‍්ගොභග‍්ගඤ‍්චස‍්ස සාඛාභඞ‍්ගං ඛාදන‍්ති. ආවිලානි ච පානීයානි පිවති. ඔගාහා චස‍්ස උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො ගච‍්ඡන‍්ති.

30. එක්තරා මහත් ඇතෙක් ද ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් වූයේ ඔවුන් විසින් සිඳ දැමූ අක් ඇති තණ කයි. ඔහු විසින් (උස් තැනින් බිඳ හෙළු) අතුකැබලි (අනික් ඇත්තු) කත්. කැලඹුනු දිය බොයි. ඇතිනියෝ දියෙහි ගැලීමෙන් නොහොත් තොටින් ගොඩ නැංගා වූ ඔහුගේ සිරුර ගටා යෙත්.

31. අථ ඛො තස‍්ස හත්‍ථිනාගස‍්ස එතදහොසි: “අහං ඛො ආකිණ‍්ණො විහරාමි හත්‍ථීහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි. ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග‍්ගොභග‍්ගඤ‍්ච මෙ සාඛාභඞ‍්ගං ඛාදන‍්ති. ආවිලානි ච පානීයානි පිවාමි. ඔගාහා ච මෙ උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො ගච‍්ඡන‍්ති. යන‍්නූනාහං එකොව ගණස‍්මා වූපකට‍්ඨො විහරෙය්‍ය”න‍්ති.

31. එකල්හි ඒ මහ ඇතුට “මම ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් ව වසමි. (ඔවුන් විසින්) සිඳ දැමූ අග ඇති තණ ද කමි. මා විසින් බිඳි අතු කැබලි ඔහු කත්, කැලඹුනු දිය ද බොමි. දියට බස්නා ඇතිනියෝ දියෙන් ගොඩ වූ මාගේ කය ගටා යෙත්. එහෙයින් මම එකලා ව ම සමූහයාගෙන් වෙන් වූයේ ම වසන්නෙම් නම් යෙහෙකැ”යි සිත් වි ය.

32. අථ ඛො සො හත්‍ථිනාගො යූථා අපක‍්කම‍්ම යෙන පාරිලෙය්‍යකං රක‍්ඛිතවනසණ‍්ඩො භද‍්දසාලමූලං යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සොණ‍්ඩාය භගවතො පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. අප‍්පහරිතඤ‍්ච කරොති.

32. ඉක්බිති ඒ මහඇත් තෙමේ රැළෙන් ඉවත් ව පාරිලෙය්‍යකවනයෙහි රක්ඛිත වනලැහැබෙහි විසල්සල්රුක්මුල හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ සොඬින් භාග්‍යවතුන් වහන්සේට පැන් පිරිබෝදිය එළවයි. තණ ද බැහැර කරයි.

33. අථ ඛො තස‍්ස හත්‍ථිනාගස‍්ස එතදහොසි: “අහං ඛො පුබ‍්බෙ ආකිණ‍්ණො න ඵාසු විහාසිං හත්‍ථීහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි. ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදිං. ඔභග‍්ගොභග‍්ගඤ‍්ච මෙ සාඛාභඞ‍්ගං ඛාදිංසු. ආවිලානි ච පානීයානි අපායිං. ඔගාහා ච මෙ උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො අගමංසු. සොම‍්හි එතරහි එකො අදුතියො සුඛං ඵාසු විහරාමි අඤ‍්ඤත්‍රෙව හත්‍ථීහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහී”ති.

33. එකල්හි ඒ මහඇතුට “මම පෙර ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් වූයෙම් පහසුවෙන් නො විසීමි. සිඳ දැමූ අක් ඇති තණ ද කෑවෙමි. මා විසින් කඩා දැමූ අතුකැබලි ඔහු කෑහ. කැලඹුනු දිය ද බීමි. දියට බස්නා ඇතින්නෝ දියෙන් ගොඩ වූ මාගේ කය ගටා ගියහ. ඒ මම දැන් එකලා ව දෙවැන්නෙකු නැති ව ඇතුන් ඇතින්නන් තරුණඇතුන් ඇත්පැටවුන් හැර සැප සේ පහසුවෙන් වසමි” යි සිත් වි ය.

34. අථ ඛො භගවා අත‍්තනො ච පවිවෙකං විදිත්‍වා තස‍්ස ච හත්‍ථිනාගස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

34. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ පවිවේකය ද දැන ඒ මහඇතුගේ සිතෙහි අදහස ද දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පැවැත්වූහ:

“එතං නාගස‍්ස නාගෙන ඊසාදන‍්තස‍්ස හත්‍ථිනො, සමෙති චිත‍්තං චිත‍්තෙන යදෙකො රමතී වනෙ”ති.

“යම් හෙයකින් එකලා වූයේ වනයෙහි සිත් අලවා වෙසේ ද, එහෙයින් (ඒ විවේකරතියෙන්) රියඉස් වැනි (හේරිය කඳ මෙන් දික් වූ) දළ ඇති හස්තිනාගයාගේ සිත බුද්ධනාගයාගේ සිත හා සම වේ” යී.

35. අථ ඛො භගවා පාරිලෙය්‍යකෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

35. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරිලෙය්‍යයකවනයෙහි කැමැති තාක් කල් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත්නුවරට වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

36. අථ ඛො කොසම‍්බකා උපාසකා “ඉමෙ ඛො අය්‍යා කොසම‍්බකා භික‍්ඛූ බහුනො අම‍්හාකං අනත්‍ථස‍්ස කාරකා. ඉමෙහි උබ‍්බාළ‍්හො භගවා පක‍්කන‍්තො. හන්‍ද මයං අය්‍යෙ කොසම‍්බකෙ භික‍්ඛූ නෙව අභිවාදෙය්‍යාම, න පච‍්චුට‍්ඨෙය්‍යාම, න අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං කරෙය්‍යාම, න සක‍්කරෙය්‍යාම, න ගරුං කරෙය්‍යාම, න මානෙය්‍යාම, න පූජෙය්‍යාම, උපගතානම‍්පි පිණ‍්ඩකං න දදෙය්‍යාම, එවං ඉමෙ අම‍්හෙහි අසක‍්කරියමානා අගරුකරියමානා අමානියමානා අපූජියමානා අසක‍්කාරපකතා පක‍්කමිස‍්සන‍්ති වා විබ‍්භමිස‍්සන‍්ති වා භගවන‍්තං වා පසාදෙස‍්සන‍්තී”ති.

36. එකල්හි කොසඹෑනුවර වැසි උපාසකයෝ “කොසඹෑනුවර වැසි ආර්‍ය්‍ය වූ මේ භික්‍ෂූහු අපට බොහෝ අවැඩ කළෝ ය. මොවුන් විසින් පෙළනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ වනයට වැඩි සේක. එබැවින් අපි ආර්‍ය්‍ය වූ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් නො වඳින්නෙමු නම්, දැක හුනස්නෙන් නො නැගිටින්නෙමු නම්, ඇඳිලි කිරීම් ගෞරව කිරීම් නො කරන්නෙමු නම්, සත්කාර නො කරන්නෙමු නම්, ගරු නො කරන්නෙමු නම්, බුහුමන් නො කරන්නෙමු නම්, නො පුදන්නෙමු නම්, අප වෙත එළඹියවුන්ට ද ආහාර නො දෙන්නෙමු නම්, මෙසේ අප විසින් සත්කාර නො කරණු ලබන ගරු නො කරණු ලබන බුහුමන් නො කරණු ලබන නො පුදනු ලබන මොහු අසත්කාරයෙන් මැඩුනෝ බැහැර යන්නාහු හෝ වෙති. සිවුරු හරින්නාහු හෝ වෙති. භාග්‍යවතුන් වහන්සේ හෝ පහදවන්නාහු වෙති”යි (සිතූහ.)

37. අථ ඛො කොසම‍්බකා උපාසකා කොසම‍්බකෙ භික‍්ඛූ නෙව අභිවාදෙසුං. න පච‍්චුට‍්ඨෙසුං න අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං අකංසු. න සක‍්කරිංසු. න ගරුං කරිංසු. න මානෙසුං. න පූජෙසුං. උපගතානම‍්පි පිණ‍්ඩකං න අදංසු.

37. ඉක්බිති කොසඹෑ නුවර වැසි උපාසකයෝ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් නො වැන්දාහ. දැක හුනස්නෙන් නො නැගිට්ටාහ. ඇඳිලි කිරීම් ගෞරව කිරීම් නො කළහ. සත්කාර නො කළහ. ගරු නො කළහ. බුහුමන් නො කළහ. නො පිදූහ. වෙත පැමිණියවුන්ට ආහාර ද නො දුන්හ.

38. අථ ඛො කොසම‍්බකා භික‍්ඛූ කොසම‍්බකෙහි උපාසකෙහි අසක‍්කරියමානා අගරුකරියමානා අමානියමානා අපූජියමානා අසක‍්කාරපකතා එවමාහංසු: “හන්‍ද මයං ආවුසො, සාවත්‍ථිං ගන‍්ත්‍වා භගවතො සන‍්තිකෙ ඉමං අධිකරණං වූපසමෙය්‍යාමා”ති.

38. ඉක්බිති කොසඹෑ නුවර වැසි උපාසකයන් විසින් සත්කාර නො කරණු ලබන ගරු නො කරණු ලබන බුහුමන් නො කරණු ලබන නො පුදනු ලබන කොසඹෑනුවර වැසි භික්‍ෂූහු අසත්කාරයෙන් මැඩුනෝ “ඇවැත්නි, එසේ නම්, අපි සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ආරාවුල සන්සිඳුවන්නෙමු”යි මෙසේ කීහ.

39. අථ ඛො කොසම‍්බකා භික‍්ඛූ සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන සාවත්‍ථි තෙනුපසඞ‍්කමිංසු.

39. අනතුරු ව කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සෙනසුන් තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගියහ.

40. අස‍්සොසි ඛො ආයස‍්මා සාරිපුත‍්තො “තෙ කිර කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස‍්සකාරකා සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්තී”ති.

40. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ “ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූහ.

41. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: “තෙ කිර භන‍්තෙ, කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්ති. කථාහං භන‍්තෙ, තෙසු භික‍්ඛූසු පටිපජ‍්ජාමී”ති. “තෙන හි ත්‍වං සාරිපුත‍්ත, යථා ධම‍්මො තථා තිට‍්ඨාහී”ති. “කථාහං භන‍්තෙ, ජානෙය්‍යං ධම‍්මං වා අධම‍්මං වා?”ති.

41. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නාවූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම මේ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ” යි විචාළහ. “ශාරීපුත්‍රය, එසේ නම් තෙපි ධර්‍මය පරිදි සිටිවු”යි. “ස්වාමීනි, මම (මෙය) ධර්‍මය යි හෝ අධර්‍මය යි හෝ කෙසේ දනිම් ද?”

42. “අට‍්ඨාරසහි ඛො සාරිපුත‍්ත, වත්‍ථූහි අධම‍්මවාදී ජානිතබ‍්බො: ඉධ සාරිපුත‍්ත, භික‍්ඛු අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, පඤ‍්ඤත‍්තං තථාගතෙන අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, අනාපත‍්තිං ආපත‍්තීති දීපෙති, ආපත‍්තිං අනාපත‍්තීති දීපෙති, ලහුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙති, ගරුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙති, සාවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙති, අනවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, ඉමෙහි ඛො සාරිපුත‍්ත, අට‍්ඨාරසහි වත්‍ථූහි අධම‍්මවාදී ජානිතබ‍්බො.

42. “ශාරීපුත්‍රය, වස්තු අටළොසකින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: ශාරීපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය ධර්‍මය යි දක්වයි ද, ධර්‍මය අධර්‍මයයි දක්වයි ද, අවිනය විනය යි දක්වයි ද, විනය අවිනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, අනාපත්තිය ආපත්තිය යි දක්වයි ද, ආපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, ශාරීපුත්‍රය, මේ වස්තු අටළොසින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය.

43. “අට‍්ඨාරසහි ච ඛො සාරිපුත‍්ත, වත්‍ථූහි ධම‍්මවාදී ජානිතබ‍්බො: ඉධ සාරිපුත‍්ත, භික‍්ඛු අධම‍්මං අධම‍්මොති දීපෙති, ධම‍්මං ධම‍්මොති දීපෙති, අවිනයං අවිනයොති දීපෙති, විනයං විනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙන අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, පඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, අනාපත‍්තිං අනාපත‍්තීති දීපෙති, ආපත‍්තිං ආපත‍්තීති දීපෙති, ලහුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙති, ගරුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙති, සාවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙති, අනවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, ඉමෙහි ඛො සාරිපුත‍්ත, අට‍්ඨාරසහි වත්‍ථූහි ධම‍්මවාදී ජානිතබ‍්බො”ති.

43. “ශාරීපුත්‍රය, වස්තු අටළොසකින් ම ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය. ශාරීපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය අධර්‍මය යි දක්වයි ද, ධර්‍මය ධර්‍මය යි දක්වයි ද, අවිනය අවිනය යි දක්වයි ද, විනය විනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වයි ද, අනාපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ආපත්තිය ආපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද සාවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තියයි දක්වයි ද, ශාරීපුත්‍රය, මේ වස්තු අටළොසින් ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය”යි වදාළසේක.

44. අස‍්සොසි ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො “තෙ කිර කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්තී”ති. -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා මහාකස‍්සපො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා මහාකච‍්චානො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා මහාකප‍්පිනො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා මහාචුන්‍දො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා අනුරුද‍්ධො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා රෙවතො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා උපාලි -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා ආනන්‍දො -පෙ- අස‍්සොසි ඛො ආයස‍්මා රාහුලො ෙ“තෙ කිර කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්තී”ති.

44. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යානස්ථවිරයන් වහන්සේ “ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල” යි ඇසූහ. ආයුෂ්මත් මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකොට්ඨිතස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාචුන්‍දස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ -පෙ– ඇසූහ. ආයුෂ්මත් රේවතස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් රාහුලස්ථවිරයන් වහන්සේ ඩබරකරුවූ -පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූහ.

45. අථ ඛො ආයස‍්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං එතදවොච: “තෙ කිර භන‍්තෙ, කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්ති. කථාහං භන‍්තෙ තෙසු භික‍්ඛූසු පටිපජ‍්ජාමී?”ති. “තෙන හි ත්‍වං රාහුල, යථා ධම‍්මො තථා තිට‍්ඨාහී”ති. “කථාහං භන‍්තෙ, ජානෙය්‍යං ධම‍්මං වා අධම‍්මං වා?”ති.

45. ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළාහු ය. “රාහුලය, එසේ නම් තෝ ධර්‍මය පරිදි සිටුව”. “ස්වාමීනි, මම (මෙය) ධර්‍මය යි හෝ අධර්‍මය යි හෝ කෙසේ දනිම් ද?”

46. “අට‍්ඨාරසහි ඛො රාහුල, වත්‍ථූහි අධම‍්මවාදී ජානිතබ‍්බො: ඉධ රාහුල භික‍්ඛු, අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, පඤ‍්ඤත‍්තං තථාගතෙන අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, අනාපත‍්තිං ආපත‍්තීති දීපෙති, ආපත‍්තිං අනාපත‍්තීති දීපෙති, ලහුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙති, ගරුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙති, සාවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙති, අනවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, ඉමෙහි ඛො රාහුල අට‍්ඨාරසහි වත්‍ථූහි අධම‍්මවාදී ජානිතබ‍්බො.

46. “රාහුලය, වස්තු අටළොසකින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: රාහුලය, මෙහි මහණෙක් අධර්‍මය ධර්‍මය යි දක්වයි ද, ධර්‍මය අධර්‍මය යි දක්වයි ද, අවිනය විනය යි දක්වයි ද, විනය අවිනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වයි ද, අනාපත්තිය ආපත්තිය යි දක්වයි ද, ආපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය, දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, රාහුලය, මේ වස්තු අටළොසින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය.

47. “අට‍්ඨාරසහි ච ඛො රාහුල, වත්‍ථූහි ධම‍්මවාදී ජානිතබ‍්බො: ඉධ රාහුල, භික‍්ඛු අධම‍්මං අධම‍්මොති දීපෙති, ධම‍්මං ධම‍්මොති දීපෙති, අවිනයං අවිනයොති දීපෙති, විනයං විනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙන අප‍්පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, පඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, අනාපත‍්තිං අනාපත‍්තීති දීපෙති, ආපත‍්තිං ආපත‍්තීති දීපෙති, ලහුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙති, ගරුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙති, සාවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙති, අනවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, ඉමෙහි ඛො රාහුල අට‍්ඨාරසහි වත්‍ථූහි ධම‍්මවාදී ජානිතබ‍්බො”ති.

47. “රාහුලය, වස්තු අටළොසකින් ම ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: රාහුලය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය අධර්‍මය යි දක්වයි ද, ධර්‍මය ධර්‍මය යි දක්වයි ද, අවිනය අවිනය යි දක්වයි ද, විනය විනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, අනාපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ආපත්තිය ආපත්තියයි දක්වයි ද, ලහුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියයි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, රාහුලය, මේ වස්තු අටළොසින් ධර්‍මවාදී පුද්ගල තෙමේ දතයුතු ය”.

48. අස‍්සොසි ඛො මහාපජාපති ගොතමී “තෙ කිර කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස‍්සකාරකා සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්තී”ති.

48. මහාපජාපතීගෝතමී තොමෝ “ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූ ය.

49. අථ ඛො මහාපජාපතිගොතමී යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො මහාපජාපති ගොතමී භගවන‍්තං එතදවොච: “තෙ කිර භන‍්තෙ, කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්ති. කථාහං භන‍්තෙ, තෙසු භික‍්ඛූසු පටිපජ‍්ජාමී?”ති. “තෙන හි ත්‍වං ගොතමි, උභයත්‍ථ ධම‍්මං සුණ. උභයත්‍ථ ධම‍්මං සුත්‍වා යෙ තත්‍ථ භික‍්ඛූ ධම‍්මවාදිනො තෙසං දිට‍්ඨිඤ‍්ච ඛන‍්තිඤ‍්ච රුචිඤ‍්ච ආදායඤ‍්ච රොචෙහි. යං ච කිඤ‍්චි භික‍්ඛුනිසඞ‍්ඝෙන භික‍්ඛුසඞ‍්ඝතො පච‍්චාසිංසිතබ‍්බං, සබ‍්බං තං ධම‍්මවාදිතොව පච‍්චාසිංසිතබ‍්බ”න‍්ති.

49. ඉක්බිති මහාපජාපතීගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියා ය. පසෙක සිටියා වූ මහාපජාපතිගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ– සඞ්ඝයා වෙත නඩු පවරන්නා වූ ඒ කොසඹෑ නුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචළයා ය. “ගෞතමිය, එසේ නම්, ඔබ දෙපක්‍ෂය වෙත ම දහම් අසන්න. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් නම්, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම හෝ හැඟීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරන්න. භික්‍ෂුණීසඞ්ඝයා විසින් භික්‍ෂුසඞ්ඝයාගෙන් යමක් බලාපොරොත්තු විය යුතු නම්, ඒ සියල්ල ධර්‍මවාදීන් කෙරෙන් ම බලාපොරොත්තු විය යුතු ය.”

50. අස‍්සොසි ඛො අනාථපිණ‍්ඩිකො ගහපති “තෙ කිර කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්තී”ති.

50. අනේපිඬුගැහැවි තෙමේ “ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහු සැවැත් නුවරට එත් ල” යි ඇසී ය.

51. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අනාථපිණ‍්ඩිකො ගහපති භගවන‍්තං එතදවොච: “තෙ කිර භන‍්තෙ, කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්ති. කථාහං භන‍්තෙ, තෙසු භික‍්ඛූසු පටිපජ‍්ජාමී?”ති. “තෙන හි ත්‍වං ගහපති, උභයත්‍ථ දානං දෙහි. උභයත්‍ථ දානං දත්‍වා උභයත්‍ථ ධම‍්මං සුණ. උභයත්‍ථ ධම‍්මං සුත්‍වා යෙ තත්‍ථ භික‍්ඛූ ධම‍්මවාදිනො, තෙසං දිට‍්ඨිඤ‍්ච ඛන‍්තිඤ‍්ච රුචිඤ‍්ච ආදායඤ‍්ච රොචෙහී”ති.

51. අනතුරු ව අනේපිඩුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් අනේපිඩුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළේ ය. “ගැහැවිය, එසේ නම් තොප දෙපක්‍ෂයට ම දන් දෙන්න. දෙපක්‍ෂයට දන් දී දෙපක්‍ෂය වෙත දහම් අසන්න. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් ද, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම හෝ හැඟීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරන්න”.

52. අස‍්සොසි ඛො විසාඛා මිගාරමාතා “තෙ කිර කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස‍්සකාරකා සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්තී”ති.

52. මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ “ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසු ය.

53. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නා ඛො විසාඛා මිගාරමාතා භගවන‍්තං එතදවොච: “තෙ කිර භන‍්තෙ, කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස‍්සකාරකා සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං ආගච‍්ඡන‍්ති. කථාහං භන‍්තෙ, තෙසු භික‍්ඛූසු පටිපජ‍්ජාමී?”ති. “තෙන හි ත්‍වං විසාඛෙ, උභයත්‍ථ දානං දෙහි. උභයත්‍ථ දානං දත්‍වා උභයත්‍ථ ධම‍්මං සුණ. උභයත්‍ථ ධම‍්මං සුත්‍වා යෙ තත්‍ථ භික‍්ඛූ ධම‍්මවාදිනො, තෙසං දිට‍්ඨිඤ‍්ච ඛන‍්තිඤ‍්ච රුචිඤ‍්ච ආදායඤ‍්ච රොචෙහී”ති.

53. ඉක්බිති මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. පසෙක හුන් මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළා ය. “විශාඛාව, එසේ නම් තෙපි දෙපක්‍ෂයට ම දන් දෙවු. දෙපක්‍ෂයට දන් දී දෙපක්‍ෂය වෙත දහම් අසවු. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් නම්, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරවු”.

54. අථ ඛො කොසම‍්බකා භික‍්ඛූ අනුපුබ‍්බෙන යෙන සාවත්‍ථි තදවසරුං.

54. එකල්හි කොසඹෑනුවර භික්‍ෂූහු පිළිවෙළින් සැවැත්නුවරට පැමිණියහ.

55. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: “තෙ කිර භන‍්තෙ, කොසම‍්බකා භික‍්ඛූ භණ‍්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස‍්සකාරකා සඞ‍්ඝෙ අධිකරණකාරකා සාවත්‍ථිං අනුප‍්පත‍්තා. කථන‍්නු ඛො භන‍්තෙ, තෙසු භික‍්ඛූසු සෙනාසනෙ පටිපජ‍්ජිතබ‍්බ?”න‍්ති. “තෙන හි සාරිපුත‍්ත, විවිත‍්තං සෙනාසනං දාතබ‍්බ”න‍්ති. “සචෙ පන භන‍්තෙ, විවිත‍්තං න හොති, කථං පටිපජ‍්ජිතබ‍්බ?”න‍්ති. “තෙන හි සාරිපුත‍්ත, විවිත‍්තං කත්‍වාපි දාතබ‍්බං. න ත්‍වෙවාහං සාරිපුත‍්ත, කෙනචි පරියායෙන වුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො සෙනාසනං පටිබාහිතබ‍්බන‍්ති, වදාමි. යො පටිබාහෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. “ආමිසෙ පන භන‍්තෙ, කථං පටිපජ‍්ජිතබ‍්බ?”න‍්ති. “ආමිසං ඛො සාරිපුත‍්ත, සබ‍්බෙසං සමකං භාජෙතබ‍්බ”න‍්ති.

55. අනතුරු ව ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර භික්‍ෂූහු සැවැත්නුවරට පැමිණියාහු ය. ස්වාමීනි, ඒ භික්‍ෂූන් කෙරෙහි සෙනසුන් දීම කෙසේ කළ යුතු දැ”යි විචාළාහු ය. “ශාරීපුත්‍රය, එසේ නම් විවික්ත සෙනසුනක් දිය යුතු ය”. “ස්වාමීනි, විවික්ත සෙනසුනක් නො වේ නම්, කෙසේ කළ යුතු ද?” “ශාරීපුත්‍රය, එසේ නම් විවික්ත කොට ද දිය යුතු ය. ශාරීපුත්‍රය, මම කිසි ලෙසකින් ඉතා වැඩිහිටි මහණහුට සෙනසුන් වැළැක්විය යුතු ය යි නො කියමි. යමෙක් වළකා නම්, දුකුළා ඇවැත් වේ”. “ස්වාමීනි, ආමිෂයෙහි කෙසේ කළ යුතු ද?” “ශාරීපුත්‍රය, ආමිෂය සියල්ලන්ට සම ව බෙදිය යුතු ය”.

56. අථ ඛො තස‍්ස උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛුනො ධම‍්මඤ‍්ච විනයඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස එතදහොසි: “ආපත‍්ති එසා. නෙසා අනාපත‍්ති. ආපන‍්නොම‍්හි. නම‍්හි අනාපන‍්නො. උක‍්ඛිත‍්තොම‍්හි. නම‍්හි අනුක‍්ඛිත‍්තො. ධම‍්මිකෙනම‍්හි කම‍්මෙන උක‍්ඛිත‍්තො අකුප‍්පෙන ඨානාරහෙනා”ති.

56. ඉක්බිති ධර්‍මය ද විනයය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂූහුහට “මෝ ඇවැත් ය. මෝ නො ඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි” යි සිත් වි ය.

57. අථ ඛො සො උක‍්ඛිත‍්තකො භික‍්ඛු යෙන උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා උක‍්ඛිත‍්තානුවත‍්තකෙ භික‍්ඛූ එතදවොච: “ආපත‍්ති එසා ආවුසො. නෙසා අනාපත‍්ති. ආපන‍්නොම‍්හි. නම‍්හි අනාපන‍්නො. උක‍්ඛිත‍්තොම‍්හි. නම‍්හි අනුක‍්ඛිත‍්තො. ධම‍්මිකෙනම‍්හි කම‍්මෙන උක‍්ඛිත‍්තො අකුප‍්පෙන ඨානාරහෙන. එථ, මං ආයස‍්මන‍්තො ඔසාරෙථා”ති.

57. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂු තෙමේ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට, “ඇවැත්නි, මෝ ඇවැත් ය. මෝ නො ඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. ඇවැතට නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. එහෙයින් ආයුෂ්මත්හු මා ඇතුළත් කරත්වා”යි කීයේ ය.

58. අථ ඛො තෙ උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ තං උක‍්ඛිත‍්තකං භික‍්ඛුං ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “අයං භන‍්තෙ, උක‍්ඛිත‍්තකො භික‍්ඛු එවමාහ: ‘ආපත‍්ති එසා, ආවුසො. නෙසා අනාපත‍්ති. ආපන‍්නොම‍්හි. නම‍්හි අනාපන‍්නො. උක‍්ඛිත‍්තොම‍්හි. නම‍්හි අනුක‍්ඛිත‍්තො. ධම‍්මිකෙනම‍්හි කම‍්මෙන උක‍්ඛිත‍්තො අකුප‍්පෙන ඨානාරහෙන. එථ, මං ආයස‍්මන‍්තො ඔසාරෙථා’ති. කථන‍්නු ඛො භන‍්තෙ පටිපජ‍්ජිතබ‍්බ?”න‍්ති. “ආපත‍්ති එසා භික‍්ඛවෙ. නෙසා අනාපත‍්ති. ආපන‍්නො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු අනාපන‍්නො. උක‍්ඛිත‍්තො එසො භික‍්ඛු. නෙසො භික‍්ඛු අනුක‍්ඛිත‍්තො. ධම‍්මිකෙන කම‍්මෙන උක‍්ඛිත‍්තො අකුප‍්පෙන ඨානාරහෙන. යතො ච ඛො සො භික‍්ඛවෙ, භික‍්ඛු ආපන‍්නො ච, උක‍්ඛිත‍්තො ච, පස‍්සති ච, තෙන හි භික‍්ඛවෙ, තං භික‍්ඛුං ඔසාරෙථා”ති.

58. එකල්හි ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූහු ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂුනම ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ උත්ක්‍ෂිප්ත භික්‍ෂු තෙමේ ‘ඇවැත්නි, මෝ ඇවැත්ය. මෝ නොඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. ඇවැතට නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. එවු, ආයුෂ්මත්හු මා ඇතුළත් කරත්වා’යි මෙසේ කී ය. ස්වාමීනි, කෙසේ පිළිපැදිය යුතු ද?” “මහණෙනි, මෝ ඇවැත් ය. මෝ නොඇවැත් නො වේ. මේ මහණ ඇවැතට පැමිණියේ ය. මේ මහණ ඇවැතට නො පැමිණියේ නො වේ. මේ මහණ බැහැර කරණ ලද්දේ ය. මේ මහණ බැහැර නො කරණ ලද්දේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ ය. මහණෙනි, යම් හෙයකින් ඒ මහණ (ඇවැතට) පැමිණියේ ද, බැහැර කරණ ලද්දේ (ඇවැත) දකී ද, මහණෙනි, එසේ නම් ඒ මහණහු ඇතුළත් කරවු”.

59. අථ ඛො තෙ උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ තං උක‍්ඛිත‍්තකං භික‍්ඛුං ඔසාරෙත්‍වා යෙන උක‍්ඛෙපකා භික‍්ඛූ තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා උක‍්ඛෙපකෙ භික‍්ඛූ එතදවොචුං: “යස‍්මිං ආවුසො, වත්‍ථුස‍්මිං අහොසි සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සො එසො භික‍්ඛු ආපන‍්නො ච, උක‍්ඛිත‍්තො ච පස‍්සී ච, ඔසාරිතො ච. හන්‍ද මයං ආවුසො තස‍්ස වත්‍ථුස‍්ස වූපසමාය සඞ‍්ඝසාමග‍්ගිං කරොමා”ති.

59. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු ඒ බැහැර කළ මහණහු ඇතුළත් කොට උත්ක්‍ෂේපක භික්‍ෂූන් වෙත ගියහ. ගොස් “ඇවැත්නි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ ඇවතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද (ඇවැත්) දක්නේ ද වේ. (සඞ්ඝයාට) ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඇවැත්නි, එබැවින් අපි ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරමු”යි උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට කීහ.

60. අථ ඛො තෙ උක‍්ඛෙපකා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “තෙ භන‍්තෙ, උක‍්ඛිත‍්තානුවත‍්තකා භික‍්ඛූ එවමාහංසු: ‘යස‍්මිං ආවුසො, වත්‍ථුස‍්මිං අහොසි සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සො එසො භික‍්ඛු ආපන‍්නො ච, උක‍්ඛිත‍්තො ච, පස‍්සි ච, ඔසාරිතො ච. හන්‍ද මයං ආවුසො, තස‍්ස වත්‍ථුස‍්ස වූපසමාය සඞ‍්ඝසාමග‍්ගිං කරොමා’ති. කථං නු ඛො භන‍්තෙ, පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති. යතො ච ඛො සො භික‍්ඛවෙ, භික‍්ඛු ආපන‍්නො ච, උක‍්ඛිත‍්තො ච, පස‍්සි ච, ඔසාරිතො ච, තෙන හි භික‍්ඛවෙ, සඞ‍්ඝො තස‍්ස වත්‍ථුස‍්ස වූපසමාය සඞ‍්ඝසාමග‍්ගිං කරොතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ, කාතබ‍්බො: සබ‍්බෙහෙව එකජ‍්ඣං සන‍්නිපතිතබ‍්බං ගිලානෙහි ච අගිලානෙහි ච. න කෙහිචි ඡන්‍දො දාතබ‍්බො. සන‍්නිපතිත්‍වා ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

60. එකල්හි ඒ උත්ක්‍ෂේපකභික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැද පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ඒ උත්ක්‍ෂේපකභික්‍ෂූහු “ස්වාමීනි, ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූහු ‘ඇවැත්නි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ (ඇවැතට) පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඇවැත්නි, එබැවින් අපි ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරමු’යි මෙසේ කීහ. ස්වාමීනි, කෙසේ පිළිපැදිය යුතු දැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළාහු ය. “මහණෙනි, යම් හෙයකින් ඒ මහණ (ඇවැතට) පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද, මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කෙරේවා. මහණෙනි, මෙසේ කළ යුතු ය: ගිලන් වූ ද නො ගිලන් වූ ද සියල්ලන් ම එක් තැනක රැස් විය යුතු ය. කිසිවකු විසින් ඡන්‍දය නො දිය යුතු ය. රැස් වී ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:

61. ‘සුණාතු මෙ භන‍්තෙ, සඞ‍්ඝො. යස‍්මිං වත්‍ථුස‍්මිං අහොසි සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සො එසො භික‍්ඛු ආපන‍්නො ච, උක‍්ඛිත‍්තො ච, පස‍්සි ච, ඔසාරිතො ච. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො තස‍්ස වත්‍ථුස‍්ස වූපසමාය සඞ‍්ඝසාමග‍්ගිං කරෙය්‍ය. එසා ඤත‍්ති.

61. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ ඇවැතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරන්නේ ය. මේ දැන්වීම ය.

“සුණාතු මෙ භන‍්තෙ, සඞ‍්ඝො. යස‍්මිං වත්‍ථුස‍්මිං අහොසි සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සො එසො භික‍්ඛු ආපන‍්නො ච, උක‍්ඛිත‍්තො ච, පස‍්සි ච, ඔසාරිතො ච. සඞ‍්ඝො තස‍්ස වත්‍ථුස‍්ස වූපසමාය සඞ‍්ඝසාමග‍්ගිං කරොති. යස‍්සායස‍්මතො ඛමති තස‍්ස වත්‍ථුස‍්ස වූපසමාය සඞ‍්ඝසාමග‍්ගියා කරණං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

‘ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ ඇවැතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. සඞ්ඝතෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරයි. යම් ආයුෂ්මතකුහට ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රීකරණය රුචි වේ නම්, හෙතෙමේ නිශ්ශබ්ද වන්නේ ය. යම් ආයුෂ්මතකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය.

“කතා සඞ‍්ඝෙන තස‍්ස වත්‍ථුස‍්ස වූපසමාය සඞ‍්ඝසාමග‍්ගි. නිහතා සඞ‍්ඝරාජි. නිහතො සඞ‍්ඝභෙදො. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී’ති. තාවදෙව උපොසථො කාතබ‍්බො. පාතිමොක‍්ඛං උද‍්දිසිතබ‍්බ”න‍්ති.

‘සඞ්ඝයා විසින් ඒ වස්තුව සන්සිඳවීම පිණිස සඞ්ඝසාමග්‍රිය කරණ ලදී. සඞ්ඝරාජීය නසන ලදී. සඞ්ඝභේදය හරණ ලදී. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි’යි. එකෙණෙහි පොහොය කළ යුතු ය. පාමොක් උදෙසිය යුතු ය”යි වදාළසේක.

62. අථ ඛො ආයස‍්මා උපාලි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා උපාලි භගවන‍්තං එතදවොච: යස‍්මිං භන‍්තෙ වත්‍ථුස‍්මිං හොති සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජී සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සඞ‍්ඝො තං වත්‍ථුං අවිනිච‍්ඡිනිත්‍වා අමූලා මූලං ගන‍්ත්‍වා සඞ‍්ඝසාමග‍්ගිං කරොති, ධම‍්මිකා නු ඛො සා භන‍්තෙ, සඞ‍්ඝසාමග‍්ගී?”ති.

62. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, ස්වාමීනි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික දැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූහ.

“යස‍්මිං උපාලි, වත්‍ථුස‍්මිං හොති සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සඞ‍්ඝො තං වත්‍ථුං අවිනිච‍්ඡිනිත්‍වා අමූලා මූලං ගන‍්ත්‍වා සඞ‍්ඝසාමග‍්ගිං කරොති, අධම‍්මිකා සා උපාලි, සඞ‍්ඝසාමග‍්ගී”ති.

“උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, ඒ සඞ්ඝසාමග්‍රිය අධාර්මික ය”.

“යස‍්මිං පන, භන‍්තෙ වත්‍ථුස‍්මිං හොති සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සඞ‍්ඝො තං වත්‍ථුං විනිච‍්ඡිනිත්‍වා මූලා මූලං ගන‍්ත්‍වා සඞ‍්ඝසාමග‍්ගිං කරොති, ධම‍්මිකා නු ඛො සා භන‍්තෙ, සඞ‍්ඝසාමග‍්ගී”ති?

“ස්වාමීනි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මුලෙන් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, ස්වාමීනි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික ද?”.

“යස‍්මිං, උපාලි, වත්‍ථුස‍්මිං හොති සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සඞ‍්ඝො තං වත්‍ථුං විනිච‍්ඡිනිත්‍වා මූලා මූලං ගන‍්ත්‍වා සඞ‍්ඝසාමග‍්ගිං කරොති, ධම‍්මිකා සා, උපාලි, සඞ‍්ඝසාමග‍්ගී”ති.

“උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මුලින් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික ය”.

63. “කති නු ඛො භන‍්තෙ, සඞ‍්ඝසාමග‍්ගියො?”ති. “ද‍්වෙමා උපාලි, සඞ‍්ඝසාමග‍්ගියො. අත්‍ථුපාලි සඞ‍්ඝසාමග‍්ගි, අත්‍ථාපෙතා බ්‍යඤ‍්ජනුපෙතා. අත්‍ථුපාලි, සඞ‍්ඝසාමග‍්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ‍්ජනුපෙතා ච.

63. “ස්වාමීනි, සඞ්ඝසාමග්‍රීහු කෙතෙක් ද?”. “උපාලි, මේ සඞ්ඝසාමග්‍රී දෙකෙකි. උපාලි, අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ (නමින් පමණක් වූ) සඞ්ඝසාමග්‍රියක් ඇත. උපාලි, අන්‍වර්‍ත්‍ථ වූත් පදයෙන් යුක්ත වූත් සඞ්ඝසාමග්‍රියක් ඇත.

64. “කතමා ච සා උපාලි, සඞ‍්ඝසාමග‍්ගි අත්‍ථාපෙතා ව්‍යඤ‍්ජනූපෙතා? යස‍්මිං උපාලි, වත්‍ථුස‍්මිං හොති සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සඞ‍්ඝො තං වත්‍ථුං අවිනිච‍්ඡිනිත්‍වා අමූලා මූලං ගන‍්ත්‍වා සඞ‍්ඝසාමග‍්ගිං කරොති, අයං වුච‍්චති උපාලි, සඞ‍්ඝසාමග‍්ගි අත්‍ථාපෙතා ව්‍යඤ‍්ජනුපෙතා.

64. “උපාලි, අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රිය කවරී ද? උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, මේ අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ.

65. “කතමා ච සා උපාලි, සඞ‍්ඝසාමග‍්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ‍්ජනුපෙතා ච? යස‍්මිං උපාලි, වත්‍ථුස‍්මිං හොති සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො සඞ‍්ඝභෙදො සඞ‍්ඝරාජි සඞ‍්ඝවවත්‍ථානං සඞ‍්ඝනානාකරණං, සඞ‍්ඝො තං වත්‍ථුං විනිච‍්ඡිනිත්‍වා මූලා මූලං ගන‍්ත්‍වා සඞ‍්ඝසාමග‍්ගිං කරොති, අයං වුච‍්චති, උපාලි, සඞ‍්ඝසාමග‍්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ‍්ජනූපෙතා ච. ඉමා ඛො උපාලි, ද‍්වෙ සඞ‍්ඝසාමග‍්ගියො”ති.

65. “උපාලි, අර්‍ත්‍ථයෙන් තොර නො වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝ සාමග්‍රිය කවරී ද? උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, මේ අර්‍ත්‍ථයෙන් යුක්ත වූ ද පදයෙන් යුක්ත වූ ද සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ. උපාලි, මේ සඞ්ඝසාමග්‍රී දෙක ය”.’

66. අථ ඛො ආයස‍්මා උපාලි, උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:-

66. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි කොට භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීහ:

67. “සඞ‍්ඝස‍්ස කිච‍්චෙසු ච මන‍්තණාසු ච අත්‍ථෙසු ජාතෙසු විනිච‍්ඡයෙසු ච, කථම‍්පකාරොධ නරො මහත්‍ථිකො භික‍්ඛු කථං හොතිධ පග‍්ගහාරහො”ති.

67. “සඞ්ඝයාගේ කර්‍තව්‍යයන්හි ද විනයමන්ත්‍රණයන්හි ද උපන් විනයාර්‍ත්‍ථයන්හි ද ඒ අර්‍ත්‍ථයන් විනිශ්චය කිරීම්හි ද මහත් උපකාර ඇත්තා වූ මිනිස් තෙමේ මේ ශාසනයෙහි කෙබඳු වේ ද? මේ ශාසනයෙහි අනුබල දීමට සුදුසු වූ මහණ තෙමේ කෙබඳු වේ ද?”

68. “අනානුවජ‍්ජො පඨමෙන සීලතො අවෙක‍්ඛිතාචාරො සුසංවුතින්‍ද්‍රියො, පච‍්චත්‍ථිකා නොපවදෙන‍්ති ධම‍්මතො න හිස‍්ස තං හොති වදෙය්‍යු යෙන නං.

68. “පළමු කොට සීලයෙන් උපවාද රහිත වූයේ ‘ආලෝකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති’ යනාදීන් බලාපොරොත්තු වන හැසිරීම් ඇත්තේ මනා කොට හික්මවූ ඉඳුරන් ඇත්තේ වේ ද, ඔහුට පසමිතුරෝ කරුණු වශයෙන් චෝදනා නො කෙරෙත් (දොස් නො කියත්). යම් හෙයකින් ඔහුට කියන්නාහු ද ඔහුට ඒ චෝදනාව නැත්තේ ය.

69. සො තාදිසො සීලවිසුද‍්ධියා ඨිතො විසාරදො හොති විසය‍්හ භාසති, නච‍්ඡම‍්භති පරිසගතො න වෙධති අත්‍ථං න හාපෙති අනුය්‍යුතං භණං.

69. එබඳු වූ ශීලවිශුද්ධියෙහි පිහිටියා වු හෙතෙමේ විශාරද වෙයි. අභිභවනය කොට කියයි. පිරිස් මැදට ගියේ තැති නො ගණියි. නො සැලෙයි. අනුදන්නා ලද්දක් කරුණු සහිත ව කියන්නේ අර්‍ත්‍ථය නො නසයි.

70. තථෙව පඤ‍්හං පරිසාසු පුච‍්ඡිතො න චෙව පජ‍්ඣායති න මඞ‍්කු හොති, සො කාලාගතං බ්‍යාකරණාරහං වචො රඤ‍්ජෙති විඤ‍්ඤූපරිසං විචක‍්ඛණො.

70. එපරිද්දෙන් ම පිරිස් මැද පුළුවුස්නා ලද්දේ සිතිවිලි නො සිතයි. තෙදරහිත නො වේ. මකු නො වේ. කිය යුතු කල්හි පැමිණියා වූ අර්‍ත්‍ථානුලෝම වූ ව්‍යාකරණයට සුදුසු වූ වචන කියන්නා වූ ඒ නුවණැත්තේ නුවණැති පිරිස සතුටු කෙරෙයි.

71. සගාරවො වුඩ‍්ඪතරෙසු භික‍්ඛුසු ආචෙරකම‍්හි ච සකෙ විසාරදො, අලං පමෙතුං පගුණො කථෙතවෙ පච‍්චත්‍ථිකානඤ‍්ච විසන්‍ධිධිකොවිදො.

71. වැඩි මහලු මහණුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වාසය කරයි. ස්වකීය ආචාර්‍ය්‍යවාදයෙහි විශාරද වේ. ඒ ඒ කරුණු නුවණින් ප්‍රමාණ කරන්ට (විනිශ්චය කරන්ට) සමර්‍ත්‍ථ වේ. කිය යුත්තෙහි කළ පරිචය ඇත්තේ වේ. පසමිතුරන් වැරදවූ තැන් දැක්මෙහි දක්‍ෂ වේ.

72. පච‍්චත්‍ථිකා යෙන වජන‍්ති නිග‍්ගහං මහාජනො සඤ‍්ඤපනඤ‍්ච ගච‍්ඡති, සකඤ‍්ච ආදායං සමයං න රිඤ‍්චති සො බ්‍යාකරං පඤ‍්හමනූපඝාතිකං.

72. යම් වචනයකින් පසමිතුරෝ නිග්‍රහයට යෙත් ද, මහාජන තෙමේ අවබෝධයට යේ ද, හෙතෙමේ හිංසා නො කරන්නා වූ ප්‍රශ්නයන් ප්‍රකාශ කරමින් ස්වකීය ආචාර්‍ය්‍යවාදය වූ ලබ්ධිය සිස් නො කෙරෙයි.

73. දූතෙය්‍යකම‍්මෙසු අලං සමුග‍්ගහො සඞ‍්ඝස‍්ස කිච‍්චෙසු ච ආහුනං යථා, කරං වචො භික‍්ඛුගණෙන පෙසිතො අහං කරොමීති න තෙන මඤ‍්ඤති.

73. සඞ්ඝයාගේ දූතකර්‍මයන්හි සමර්‍ත්‍ථ වේ. සඞ්ඝයාගේ කෘත්‍යයන්හි ආහුතිපිණ්ඩය (හෝමගින්නෙහි ලු ගිතෙල්) සේ ඉගෙණීම් හෝ පිළිගැණිම් ඇත්තේ වේ. පැවිදි සමූහයා විසින් යවන ලද්දේ සඞ්ඝයාගේ වචන කරමින් ‘මම සඞ්ඝයාගේ කටයුතු කරමි’යි යන හේතුවෙන් තමන් උසස් කොට නො සිතයි.

74. ආපජ‍්ජතෙ යාවතකෙසු වත්‍ථුසු ආපත‍්තියා හොති යථා ච වුට‍්ඨිති, එතෙ විභඞ‍්ගා උභයෙස‍්ස සාගතා ආපත‍්තිවුට‍්ඨානපදස‍්ස කොවිදො.

74. යම් පමණ වූ වස්තූන්හි ඇවැතට පැමිණේ ද, යම් ලෙසකින් ඇවැතින් නැගී සිටීම වේ ද, ආපත්තිආපජ්ජන ආපත්තිවුට්ඨාන යන මේ විහඞ්ගයෝ (අර්‍ත්‍ථද්‍යොතකයෝ) දෙදෙන ඔහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දාහු නු යි ඇවැතින් නැගී සිටීම් කරුණෙහි දක්‍ෂ වේ.

75. නිස‍්සාරණං ගච‍්ඡති යානි චාචරං නිස‍්සාරිතො හොති යථා ච වත්‍ථුනා, ඔසාරණං තංවුසිතස‍්ස ජන‍්තුනො එතම‍්පි ජානාති විභඞ‍්ගකොවිදො.

75. විභඞ්ගයෙහි දක්‍ෂ වූයේ යම් ඩබර කිරීම් ආදිය කරන්නේ තර්‍ජනීයකර්‍මාදීන්ගේ වශයෙන් බැහැර කිරීමට පැමිණේ ද, යම් ලෙසකින් වස්තුවශයෙන් බැහැර කරණ ලද්දේ වේ ද, ඒ නිස්සාරණයට නියමිත වත් සම්පුර්‍ණර්‍ කළා වූ මහණහුගේ ඇතුළත් කරගැණීම ද දනියි.

76. සගාරවො වුඩ‍්ඪතරෙසු භික‍්ඛූසු නවෙසු ථෙරෙසු ච මජ‍්ඣිමෙසු; මහාජනස‍්සත්‍ථචරොධ පණ‍්ඩිතො සො තාදිසො භික‍්ඛු ඉධ පග‍්ගහාරහො”ති.

76. මේ ශාසනයෙහි වැඩි මහලු වූ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි ද නවකයන් කෙරෙහි ද මද්ධ්‍යමයන් කෙරෙහි ද ගෞරව සහිත වූ ද, නුවණැත්තා වූ ද, මහාජනයාගේ වැඩෙහි හැසිරෙන්නා වූ ද, එබඳු වූ මහණ තෙමේ අධිකරණ විනිශ්චය පිණිස ගත යුත්තේ වේ”.

කොසම‍්බක‍්ඛන්‍ධකො නිට‍්ඨිතො දසමො.

දස වැනි වූ කෝසම්බක්ඛන්‍ධකය නිමි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:

1. කොසම‍්බියං ජිනවරො විවාදාපත‍්තිදස‍්සනෙ, උක‍්ඛිපෙය්‍ය යස‍්මිං තස‍්මිං සද‍්ධායාපත‍්ති දෙසයෙ.

1. ශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ කොසඹෑනුවර වැඩ වසන කල්හි විවාදාපත්තිදර්‍ශනයෙහි යම් තම් අවකාශයෙක්හි උක්ඛේපනීයකර්‍මය කෙළේ ය. භේදගරුක පැවිද්දා අනුන් බස් පිළිගෙණ ඇවැත් දෙසන්නේ ය.

2. අන‍්තොසීමාය තත්‍ථෙව බාලකඤ‍්චෙව වංසදා, පාරිලෙය්‍යඤ‍්ච සාවත්‍ථි, සාරිපුත‍්තො ච කොලිතො.

2. එහි සීමාව තුළ උපෝසථාදිවිනයකර්‍ම කරන්නේ ය. බාලකලෝණකාරග්‍රාමය, පාචීනවංසදාය, පාරිලෙය්‍යකවනය, සැවැත්නුවර, සාරිපුත්ත, කෝලිත -

3. මහාකස‍්සපකච‍්චානා, කොට‍්ඨිකො කප‍්පිනෙනච, මහාචුන්‍දො ච අනුරුද‍්ධො රෙවතො උපාලි චුභයෙ.

3. මහාකස්සප, මහාකච්චාන, මහාකොට්ඨිත, මහාකප්පින, මහාචුන්‍ද, අනුරුද්ධ, රේවත, උපාලි

4. ආනන්‍දො රාහුලො චෙව ගොතමී නාථපිණ‍්ඩිකො, විසාඛා මිගාරමාතා ච .................................................. සෙනාසනං විවිත‍්තඤ‍්ච ආමිසං සමකං දදෙ.

4. ආනන්‍ද රාහුල දෙනම ද, මහා පජාපතීගෝතමී, අනාථපිණ්ඩික, විශාඛා මෘගාරිමාතෘ ... (යන මොහු වෙත්). විවේකසෙනසුනක් දෙන්නේ ය. ආමිසය සමාන ව දෙන්නේ ය.

5. න කෙහි ඡන්‍දො දාතබ‍්බො, උපාලිපරිපුච‍්ඡිතො, අනානුවජ‍්ජොධිසීලෙන සාමග‍්ගී ජිනසාසනෙති.

5. කිසිවකු විසින් ඡන්‍දය නො දිය යුතු ය. උපාලි තෙරුන් ප්‍රශ්න විචාරීම; සමගි කරවන මහණ ජිනසසුන්හි අධිශීලයෙන් උපවාද රහිත විය යුතු ය.

මහාවග‍්ගො සමත‍්තො.

මහවග නිමි.