යෙදුමෙන් කියවන්න

චම‍්පෙය්‍යක‍්ඛන්‍ධකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

චම්පෙයයක්‍ඛන්‍ධක වර්‍ණනාව

කස‍්සපගොත‍්තභික‍්ඛුවත්‍ථුකථා

කස්සපගොත්තභික්ඛුවත්ථුකථා

චම‍්පෙය්‍යක‍්ඛන්‍ධකෙ – ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙති ගග‍්ගරානාමිකාය ඉත්‍ථියා කාරිතපොක‍්ඛරණියා තීරෙ. තන‍්තිබද‍්ධොති තස‍්මිං ආවාසෙ කත‍්තබ‍්බතාතන‍්තිපටිබද‍්ධො. උස‍්සුක‍්කම‍්පි අකාසි යාගුයාතිආදීසු මනුස‍්සෙහි ආගන‍්තුකෙසු ආගතෙසු ආචික‍්ඛෙය්‍යාථාති වුත‍්තට‍්ඨානෙයෙව උස‍්සුක‍්කං කාතුං වට‍්ටති; න අවුත‍්තට‍්ඨානෙ. ගච‍්ඡ ත්‍වං භික‍්ඛූති සත්‍ථා තස‍්ස භික‍්ඛුනො තත්‍ථෙව සෙනාසනං සප‍්පායන‍්ති අද‍්දස, තෙනෙවමාහ.

චම්පෙය්‍යක්‍ඛන්‍ධකයෙහි - “ගග්ගරාය පොක්‍ඛරණියා තීරෙ” ගග්ගරා නම්වූ රාජ ස්ත්‍රිය විසින් කරවන ලද පොකුණු තෙර. “තන්තිබද්ධො” ඒ ආවාසයෙහි කටයුතු ව්‍යාපාරයෙහි උත්සාහයට පැමිණියේය. “උස්සුක්කම්පි අකාසි යාගුයා” යනාදිතන්හි මිනිසුන් විසින් ආගන්තුකයන් ආකල්හි කියවු’යි කියූ තන්හිම උත්සාහ කිරීම වටියි. නොකියූ තන්හි නොවටියි. “ගච්ඡත්‍වං භික්‍ඛු” ශාස්තෘන් වහන්සේ ඒ මහණහුට එහිම සෙනසුන, සත්ප්‍රායයි දුටුසේක. එහෙයින්ම ‘මහණ ඔබ යව’යි වදාළ සේක.

අධම‍්මෙන වග‍්ගකම‍්මං කරොන‍්තීතිආදීනං පරතො පාළියංයෙව නානාකරණං ආගමිස‍්සති.

“අධම්මෙන වග්ගකම්මං කරොන්ති” යනාදීන්ගේ වෙනස ඉදිරියෙහි පෙළෙහිම එන්නේය.

අඤ‍්ඤත්‍රාපි ධම‍්මා කම‍්මං කරොන‍්තීති අඤ‍්ඤත්‍රාපි ධම‍්මං කම‍්මං කරොන‍්ති, අයමෙව වා පාඨො. භූතෙන වත්‍ථුනා කතං ධම‍්මෙන කතං නාම හොති, තථා න කරොන‍්තීති අත්‍ථො. අඤ‍්ඤත්‍රාපි විනයා කම‍්මං, අඤ‍්ඤත්‍රාපි සත්‍ථුසාසනා කම‍්මන‍්ති එතෙසුපි එසෙව නයො. එත්‍ථ පන විනයොති චොදනා ච සාරණා ච. සත්‍ථුසාසනන‍්ති ඤත‍්තිසම‍්පදා අනුස‍්සාවනසම‍්පදා ච; තාහි විනා කම‍්මං කරොන‍්තීති අත්‍ථො. පටිකුට‍්ඨකතන‍්ති පටිකුට‍්ඨඤ‍්චෙව කතඤ‍්ච; යං අඤ‍්ඤෙසු පටික‍්කොසන‍්තෙසු කතං තං පටිකුට‍්ඨඤ‍්චෙව හොති කතඤ‍්ච; තාදිසම‍්පි කම‍්මං කරොන‍්තීති අත්‍ථො.

“අඤ්ඤත්‍රාපි ධම්මකම්මං කරොන්ති” අඤ්ඤත්‍රාපි ධම්මං කරොන්ති’යි මේ පාඨයම හෝ වේවා, විද්‍යමාන වස්තුවෙන් කරණ ලද්දේ ධර්‍මයෙන් කරණ ලද්දේ නම්වේ. චම්පානුවරවැසි භික්‍ෂූහු එසේ නොකෙරෙත්ය යන අර්‍ත්‍ථයි. “අඤ්ඤත්‍රාපි විනයා කම්මං, අඤ්ඤත්‍රාපි සත්‍ථුසාසනා කම්මං” මොවුන් කෙරෙහිද මේනය වේ. මෙහි වනාහි “විනයො” විනය යනු චෝදනා කිරීම හා ඇවැත සිහිකරවීමද වේ. “සත්‍ථුසාසනං” ශාස්තෘශාසන යන ඤත්ති සම්පත්තිය හා අනුශ්‍රාවණ සම්පත්තියද වේ. එකල චම්පා නුවර වැඩි භික්‍ෂූහු එදෙකින් වෙන්ව කර්‍ම කෙරෙත්ය යන අර්‍ත්‍ථයි. “පතිකුට්ඨකටං” ප්‍රතික්‍රොශ කරන ලද්දද, කරන ලද්දද යනමේය. අන්‍යයන් ප්‍රතික්‍රොශය කරන කල්හි යම් කර්‍මයක් කරන ලද්දේද එය ප්‍රතික්‍රොශ කරන ලද්දේ ද, කරන ලද්දේ ද වේ. එබඳු කර්‍ම කෙරෙත්ය යන අර්‍ත්‍ථයි.

ඡයිමානි භික‍්ඛවෙ කම‍්මානි අධම‍්මකම‍්මන‍්තිආදීසු පන “ධම‍්මො”ති පාළියා අධිවචනං. තස‍්මා යං යථාවුත‍්තාය පාළියා න කරියති, තං අධම‍්මකම‍්මන‍්ති වෙදිතබ‍්බං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන පාළියංයෙව ආගතො. සො ච ඛො ඤත‍්තිදුතියඤත‍්තිචතුත්‍ථකම‍්මානංයෙව වසෙන. යස‍්මා පන ඤත‍්තිකම‍්මෙ ඤත‍්තිදුතියඤත‍්තිචතුත්‍ථෙසු විය හාපනං වා අඤ‍්ඤථා කරණං වා නත්‍ථි, අපලොකනකම‍්මඤ‍්ච සාවෙත්‍වාව කරියති, තස‍්මා තානි පාළියං න දස‍්සිතානි, තෙසං සබ‍්බෙසම‍්පි කම‍්මානං විනිච‍්ඡයං පරතො වණ‍්ණයිස‍්සාම.

“ඡ ඉමානි භික්‍ඛවෙ කම්මානි අධම්මකම්මං” යනාදිතන්හි ධම්ම යනු පෙළට නමකි. එහෙයින් ඒ කර්‍මය පෙළෙහි කියනලද පරිදි නොකරනු ලැබේ. එය අධර්‍මකර්‍මැයි දතයුතුය. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි පෙළෙහිම ආයේය. භෙද ඤත්තිදුතිය ඤත්තිචතුත්‍ථ කර්‍මයන්ගේම වසයෙන් දතයුතුය. යම් හෙයකින් ඤත්තිකර්‍මයෙහි, ඤත්තිදුතිය ඤත්තිචතුත්‍ථ කර්‍මයන්හි මෙන් එක්ම ඤත්තියෙන් කටයුතු බැවින් එයින් පිරිහීමෙක් හෝ අන් අයුරකින් කිරීමක් හෝ නැත්තේය. අපලොපනකර්‍මයද සිහිකරවාම කරනු ලැබේ. එහෙයින් ඒ කර්‍ම පෙළෙහි නොදක්වන ලදී. ඒ සියලුම කර්‍මයන්ගේ විනිශ්චය ඉදිරියෙහි වර්‍ණනා කරන්නෙමු.

චතුවග‍්ගකරණාදිකථා

චතුවග්ගකරණාදිකථා

ඉදානි යදිදං ඡට‍්ඨං ධම‍්මෙන සමග‍්ගකම‍්මං නාම, තං යෙහි සඞ‍්ඝෙහි කාතබ‍්බං, තෙසං පභෙදං දස‍්සෙතුං “පඤ‍්ච සඞ‍්ඝා”තිආදි වුත‍්තං. කම‍්මප‍්පත‍්තොති කම‍්මං පත‍්තො, කම‍්මයුත‍්තො කම‍්මාරහො; න කිඤ‍්චි කම‍්මං කාතුං නාරහතීති අත්‍ථො.

දැන් යම්මේ සවැනි වූ ධර්‍මයෙන් සමගි කර්‍මයෙක් නම්වේද, ඒ කර්‍මය යම් කෙනකුන් විසින් කටයුතුද, ඔවුන්ගේ ප්‍රභෙදය දක්වනු පිණිස “පඤ්චසඞ්ඝා” යනාදිය වදාරනලදී. “කම්මපත්තො” කර්‍මයට පැමිණියේය. කර්‍මයෙහි යෙදුනේය. කර්‍මයට සුදුසුවූයේය. කිසිදු කර්‍මයක් කරන්නට නොසුදුසුවූයේ නොවේ යන අර්‍ත්‍ථයි.

චතුවග‍්ගකරණඤ‍්චෙ භික‍්ඛවෙ කම‍්මං භික‍්ඛුනිචතුත්‍ථොතිආදි පරිසතො කම‍්මවිපත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ උක‍්ඛිත‍්තකග‍්ගහණෙන කම‍්මනානාසංවාසකො ගහිතො, නානාසංවාසකග‍්ගහණෙන ලද‍්ධිනානාසංවාසකො. නානාසීමාය ඨිතචතුත්‍ථොති සීමන‍්තරිකාය වා බහිසීමාය වා හත්‍ථපාසෙ ඨිතෙනාපි සද‍්ධිං චතුවග‍්ගො හුත්‍වාති අත්‍ථො.

“චතුවග්ගකරණඤෙච භික්‍ඛවෙ කම්මං භික්‍ඛුණී චතුත්‍ථො” යනාදිය පිරිස වසයෙන් කර්‍මවිපත්තිය දක්වනු පිණිස වදාරන ලදී. එහි උක්‍ඛිත්තක ග්‍රහණයෙන් කර්‍මනානාසංවාසක තෙමේ ගන්නා ලද්දේය. නානාසංවාසක ග්‍රහණයෙන් ලබ්ධිනානාසංවාසක තෙමේ ගන්නා ලද්දේය. “නානාසීමාය ඨිතචතුත්‍ථො” සීමාන්තරිකාවෙහි හෝ සීමාවෙන් පිටත හෝ අත්පස සිටියකුද සමග චතුවර්‍ගව යන අර්‍ත්‍ථයි.

පාරිවාසිකචතුත්‍ථොතිආදි පරිවාසාදිකම‍්මානංයෙව පරිසතො විපත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තං, තෙසං විනිච‍්ඡයං පරතො වණ‍්ණයිස‍්සාම.

“පරිවාසිකචතුත්‍ථො” යනාදිය පරිවාසාදි කර්‍මයන්ගේම පිරිස වසයෙන් විපත්ති දැක්වීම පිණිස වදාරනලදී. ඔවුන්ගේ විනිශ්චය ඉදිරියෙහි වර්‍ණනා කරන්නෙමු.

එකච‍්චස‍්ස භික‍්ඛවෙ සඞ‍්ඝමජ‍්ඣෙ පටික‍්කොසනා රුහතීතිආදි පටිකුට‍්ඨකතකම‍්මස‍්ස කුප‍්පාකුප‍්පභාවදස‍්සනත්‍ථං වුත‍්තං. පකතත‍්තස‍්සාති අවිපන‍්නසීලස‍්ස පාරාජිකං අනජ‍්ඣාපන‍්නස‍්ස. ආනන‍්තරිකස‍්සාති අත‍්තනො අනන‍්තරං නිසින‍්නස‍්ස.

“එකච්චස්ස භික්‍ඛවෙ සඞ්ඝමජ්ඣෙ පටික්කොසනා රූහති” යනාදිය ප්‍රතික්‍රොශය කරද්දී කරන කර්‍මයාගේ කොප්‍යාකොප්‍යභාවය දක්වනු පිණිස වදාරන ලදී. “පකතත්තස්ස” විපතට නොපැමිණි සිල් ඇත්තහුට. පාරාජිකාධර්‍මයට නොපැමිණියහුට. “අනන්තරිකස්ස” තමන්ට අනතුරුව හුන්නහුට

ද‍්වෙනිස‍්සාරණාදිකථා

ද්වෙනිස්සාරණාදිකථා

ද‍්වෙමා භික‍්ඛවෙ නිස‍්සාරණාතිආදි වත්‍ථුතො කම‍්මානං කුප‍්පාකුප‍්පභාවදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ “අප‍්පත‍්තො නිස‍්සාරණං, තඤ‍්චෙ සඞ‍්ඝො නිස‍්සාරෙති, සුනිස‍්සාරිතො”ති ඉදං පබ‍්බාජනීයකම‍්මං සන්‍ධාය වුත‍්තං. පබ‍්බාජනීයකම‍්මෙන හි විහාරතො නිස‍්සාරෙන‍්ති, තස‍්මා තං “නිස‍්සාරණා”ති වුච‍්චති. තඤ‍්චෙස යස‍්මා කුලදූසකො න හොති, තස‍්මා ආවෙණිකෙන ලක‍්ඛණෙන අප‍්පත‍්තො. යස‍්මා පනස‍්ස ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පබ‍්බාජනීයකම‍්මං කරෙය්‍යාති වුත‍්තං, තස‍්මා සුනිස‍්සාරිතො හොති. තඤ‍්චෙ සඞ‍්ඝො නිස‍්සාරෙතීති සචෙ සඞ‍්ඝො තජ‍්ජනීයකම‍්මාදිවසෙන නිස‍්සාරෙති, සො යස‍්මා තත්‍ථ “තිණ‍්ණං භික‍්ඛවෙ භික‍්ඛූනං ආකඞ‍්ඛමානො සඞ‍්ඝො තජ‍්ජනීයකම‍්මං කරෙය්‍ය – එකො භණ‍්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස‍්සකාරකො සඞ‍්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, එකො ගිහිසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග‍්ගෙහී”ති (චූළව· 395) එවං එකෙකෙනපි අඞ‍්ගෙන නිස‍්සාරණා අනුඤ‍්ඤාතා, තස‍්මා සුනිස‍්සාරිතො.

“ද්වෙමා භික්‍ඛවෙ නිස්සාරණා” යනාදිය වස්තු වශයෙන් කර්‍මයන්ගේ කොප්‍යාකොප්‍යභාවය දක්වනු පිණිස වදාරන ලදී. එහි “අප්පත්තො නිස්සාරණං, තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති, සුනිස්සාරිතො” යන මෙය පබ්බාජනීය කර්‍මය සඳහා වදාරනලදී. පබ්බාජනීය කර්‍මයෙන් වනාහි විහාරයෙන් පහ කෙරෙත්. එහෙයින් ඒ පබ්බාජනීය කර්‍මය නිස්සාරණයි කියනු ලැබේ. මෙතෙමේ යම්හෙයකින් කුලදූසක නොවේද, එහෙයින් පබ්බාජනීය කර්‍මයට නිමිත්තභාවයෙන් පෙළෙහි වදාළ බැවින් අසාධාරණ වූ කුලදූසක භාවලක්‍ෂණයෙන් ඒ පබ්බාජනීය කර්‍මයට නොපැමිණියේය. යම්හෙයකින් සඞ්ඝතෙමේ කැමැති වන්නේනම් මොහුට පබ්බාජනීයකර්‍මය කරන්නේය යන අර්‍ත්‍ථයි. එහෙයින් නිවැරදි ලෙසින් නෙරපන ලද්දේ වේ. “තඤ්චෙ සඞ්ඝො නිස්සාරෙති” ඉදින් සඞ්ඝතෙමේ තර්‍ජනය කර්‍මාදීන්ගේ වසයෙන් නෙරපාද හෙතෙමේ යම්හෙයකින් තර්‍ජනීයාදී වූ ඒ කර්‍ම විෂයෙහි ‘මහණෙනි” සඞ්ඝතෙමේ කැමති වන්නේනම් භික්‍ෂූන් තෙනමකට තර්‍ජණීය කර්‍මය කරන්නේය. එකෙක් ඩබර කරන්නේය. කලහකරන්නේය. විරුද්ධවාද කරන්නේය. කලහ උපදවන කතාකරන්නේය. සඞ්ඝයා විෂයෙහි පැමිණිලි කරන්නේය. එකෙක් අඥවේ. අව්‍යක්ත වේ. ඇවැත් බහුලකොට ඇත්තේය. ඉමක් නැති ඇවැත් ඇත්තේය. එකෙක් ගිහින් හා හැනී සිටියේය. අනුලොම් නොවූ ගිහිසසගින් යුක්තව වසන්නේය යන මෙසේ මොවුනට එක් එක් අඞ්ගයකිනුදු නෙරපීම අනුදන්නා ලදද, එහෙයින් නිවැරදි ලෙසින් නෙරපන ලද්දේය.

ඔසාරණාති පවෙසනා. තත්‍ථ තඤ‍්චෙ සඞ‍්ඝො ඔසාරෙතීති උපසම‍්පදකම‍්මවසෙන පවෙසෙති. දොසාරිතොති දුඔසාරිතො. සහස‍්සක‍්ඛත‍්තුම‍්පි උපසම‍්පාදිතො අනුපසම‍්පන‍්නොව හොති ආචරියුපජ‍්ඣායා ච සාතිසාරා, තථා සෙසො කාරකසඞ‍්ඝො, න කොචි ආපත‍්තිතො මුච‍්චති. ඉති ඉමෙ එකාදස අභබ‍්බපුග‍්ගලා දොසාරිතා. හත්‍ථච‍්ඡින‍්නාදයො පන ද‍්වත‍්තිංස සුඔසාරිතා, උපසම‍්පාදිතා උපසම‍්පන‍්නාව හොන‍්ති, න තෙ ලබ‍්භා කිඤ‍්චි වත‍්තුං. ආචරියුපජ‍්ඣායා පන කාරකසඞ‍්ඝො ච සාතිසාරා, න කොචි ආපත‍්තිතො මුච‍්චති.

“ඔසාරණා” ඇතුළත් කරගැනීම “තත්‍ථ සචෙ සඞ්ඝො ඔසාරෙති” උපසම්පදා කර්‍ම වශයෙන් ඇතුළත් කරයි. “දොසාරිතො” වැරදි ලෙසින් ඇතුළත් කරන ලද්දේ වේ. දහස්වරක් උපසපන් කරන ලද්දේ ද, අනුපසම්පන්නම වේ. ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝද දොස් සහිතයෝ වෙත්. සෙසු කාරක සඞ්ඝතෙමේද එසේ දොස් සහිත වේ. කිසිවෙක් ඇවතින් නොමිදේ. මෙසේ මොවුන් අතුරෙහි මේ එකොළොස් අභව්‍ය පුද්ගලයෝ වැරදි ලෙස ඇතුළත් කරන ලද්දාහුය. හත්‍ථච්ජින්නාදීවූ දෙතිස් දෙන නිවැරදි ලෙස ඇතුළත් කරන ලද්දාහුය. උපසපන් කරන ලද්දාහු උපසපන් කරන ලද්දාහුම වෙත්. ඔවුන්ට කිසිවක් කියන්නට නොලැබේ. ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝද, කාරකසඞ්ඝතෙමේද දොස් සහිතයෝය. කිසිවෙක් ඇවතින් නොමිදේ.

ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛුස‍්ස න හොති ආපත‍්ති දට‍්ඨබ‍්බාතිආදි අභූතවත්‍ථුවසෙන අධම‍්මකම‍්මං, භූතවත්‍ථුවසෙන ධම‍්මකම‍්මඤ‍්ච දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ පටිනිස‍්සජ‍්ජිතාති පටිනිස‍්සජ‍්ජිතබ‍්බා.

“ඉධ පන භික්‍ඛවෙ භික්‍ඛුස්ස න හොති ආපත්ති දට්ඨබ්බා” යනාදිය අවිද්‍යමාන වස්තු වශයෙන් අර්‍ධමකර්‍මයද විද්‍යාමාන වස්තු වශයෙන් ධර්‍මකර්‍මයද දක්වනු පිණිස වදාරන ලදී. එහි “පටිනිස්සජෙතා” දුරුකටයුතුය.

උපාලිපුච‍්ඡාකථා

උපාලිපුච්ඡාකථා

උපාලිපඤ‍්හෙසුපි වත්‍ථුවසෙනෙව ධම‍්මාධම‍්මකම‍්මං විභත‍්තං. තත්‍ථ ද‍්වෙ නයා – එකමූලකො ච ද‍්විමූලකො ච. එකමූලකො උත‍්තානොයෙව. ද‍්විමූලකෙ යථා සතිවිනයො අමූළ‍්හවිනයෙන සද‍්ධිං එකා පුච‍්ඡා කතා, එවං අමූළ‍්හවිනයාදයොපි තස‍්සපාපිය්‍යසිකාදීහි. අවසානෙ පන උපසම‍්පදාරහං උපසම‍්පාදෙතීති එකමෙව පදං හොති. පරතො භික‍්ඛූනම‍්පි සතිවිනයං ආදිං කත්‍වා එකෙකෙන සද‍්ධිං සෙසපදානි යොජෙතබ‍්බානි.

උපාලි ප්‍රශ්නයන්හිද වස්තු වශයෙන්ම ධර්‍මාධර්‍මකර්‍මය බෙදන ලදී. එහි එකමූලකද ද්විමූලකදැයි නය දෙකක් වේ. එක මූලකය ප්‍රකටමය. ද්විමූලකයෙහි සතිවිනය-අමූළ්හවිනය සමග යම්සේ එක් පුච්ඡාවක් කරන ලදද, මෙසේ අමූළ්හවිනයාදීහුද කස්සපාපිය්‍යසිකාදීන් සමග එක් ප්‍රච්ඡාවක් කරනලදී. අවසානයෙහි වනාහි “උපසම්පදාරහං උපසම්පාදෙති”යි එක්ම පදයෙක් වේ. පසුභාගයෙහි භික්‍ෂූන්ටද සතිවිනය ආදිකොට එක එක සමග සෙසු පදයෝ යොදන ලදහ.

තජ‍්ජනීයකම‍්මකථා

තජ්ජනීයකම්මකථා

ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු භණ‍්ඩනකාරකොතිආදි “අධම‍්මෙනවග‍්ගං, අධම‍්මෙනසමග‍්ගං; ධම‍්මෙනවග‍්ගං, ධම‍්මපතිරූපකෙනවග‍්ගං, ධම‍්මපතිරූපකෙනසමග‍්ග”න‍්ති ඉමෙසං වසෙන චක‍්කං බන්‍ධිත්‍වා තජ‍්ජනීයාදීසු සත‍්තසු කම‍්මෙසු පටිපස‍්සද‍්ධීසු ච විපත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ අනපදානොති අපදානවිරහිතො. අපදානං වුච‍්චති පරිච‍්ඡෙදො; ආපත‍්තිපරිච‍්ඡෙදවිරහිතොති අත්‍ථො. තතො පරං පටිකුට‍්ඨකතකම‍්මප‍්පභෙදං දස‍්සෙතුං සායෙව පාළි “අකතං කම‍්ම”න‍්තිආදීහි සංසන්‍දිත්‍වා වුත‍්තා. තත්‍ථ න කිඤ‍්චි පාළිඅනුසාරෙන න සක‍්කා විදිතුං, තස‍්මා වණ‍්ණනං න විත්‍ථාරයිම‍්හාති.

“ඉධ පන භික්‍ඛවෙ භික්‍ඛු භණ්ඩනකාරකො” යනාදිය ‘අධර්‍මයෙන් ව්‍යාග්‍රකර්‍මය, අධර්‍මයෙන් සමග්‍ර කර්‍මය, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයන් සමග්‍රකර්‍මයයි මොවුන්ගේ වසයෙන් චක්‍රය බැඳ, තර්‍ජනය සප්තවිධ කර්‍මයන්ගේ සංසිඳුම්හි විපත්ති දැක්වීම පිණිස වදාරන ලදී. එහි “අනපදානො” අපදාන විරහිතය. පිරිසිඳීම අපදානැයි කියනු ලැබේ. ආපත්තීන්ගේ පිරිසිඳීමෙන් තොරවූයේය යන අර්‍ත්‍ථයි. ඉන් ඔබ්බෙහි අන්‍යයන් විසින් වළකත්දී කරණලද කර්‍මයාගේ ප්‍රභෙද දක්වනු පිණිස ඒ පාළිවිස්සකයෙහි “අකතං කම්මං” යනාදීන් හා සසඳා වදාරනලදී. එහි පාළිඅනුසාරයෙන් කිසිවක් දැනගන්නට නොහැක්කේ නොවේ. එහෙයින් වර්‍ණනාව විස්තර නොකෙළෙමු.

චම‍්පෙය්‍යක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

චම්පෙයයක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.