යෙදුමෙන් කියවන්න

අට‍්ඨචීවරමාතිකාකථා අට‍්ඨකථා

අට‍්ඨචීවරමාතිකාකථා

අට්ඨචීවරමාතිකාකථා

ඉදානි ආදිතො පට‍්ඨාය වුත‍්තචීවරානං පටිලාභඛෙත‍්තං දස‍්සෙතුං “අට‍්ඨිමා භික‍්ඛවෙ මාතිකා”තිආදිමාහ. සීමාය දෙතීතිආදි පුග‍්ගලාධිට‍්ඨානනයෙන වුත‍්තං. එත්‍ථ පන සීමාය දානං එකා මාතිකා, කතිකාය දානං දුතියා…පෙ… පුග‍්ගලස‍්ස දානං අට‍්ඨමා. තත්‍ථ සීමාය දම‍්මීති එවං සීමං පරාමසිත්‍වා දෙන‍්තො සීමාය දෙති නාම. එස නයො සබ‍්බත්‍ථ.

දැන් මුල පටන් කියූ සිවුරු පිළිබඳ ප්‍රතිලාභ ක්‍ෂෙත්‍රය දක්වාලන්නට “අට්ඨිමා භික්‍ඛවෙ මාතිකා” යනාදිය වදාළ සේක. “සීමාය දෙති” යනාදිය පුද්ගලාධිෂ්ඨානනයින් වදාරණ ලද්දේය. මෙහි සීමාවෙහිදීම එක් මාතෘකාවකි. කතිකාවෙන් දීම දෙවන මාතෘකාය -පෙ- පුද්ගලයෙකුහට දීම අටවැනි මාතෘකාය. එහි ‘සීමාවෙහි දෙමි’යි මෙසේ සීමාව පරාමර්‍ෂණයකොට දෙන්නේ, සීමාවෙහි දේ නම. සියලු තන්හි මේ නයම වේ.

සීමාය දෙති, යාවතිකා භික‍්ඛූ අන‍්තොසීමගතා තෙහි භාජෙතබ‍්බන‍්තිආදිම‍්හි පන මාතිකානිද‍්දෙසෙ සීමාය දෙතීති එත්‍ථ තාව ඛණ‍්ඩසීමා, උපචාරසීමා, සමානසංවාසසීමා, අවිප‍්පවාසසීමා, ලාභසීමා, ගාමසීමා, නිගමසීමා, නගරසීමා, අබ‍්භන‍්තරසීමා, උදකුක‍්ඛෙපසීමා, ජනපදසීමා, රට‍්ඨසීමා, රජ‍්ජසීමා, දීපසීමා, චක‍්කවාළසීමාති පන‍්නරස සීමා වෙදිතබ‍්බා.

“සීමාය දෙති යාවතිකා භික්‍ඛුමා අන්තො සීමගතා, තෙහි භාජෙතබ්බං” යනාදිවූ මාතෘකා නිර්‍දෙශයෙහි “සීමාය දෙති” යන මෙහි පළමුකොට ඛණ්ඩසීමා-උපචාරසීමා-සමානසංවාසසීමා-අවිප්පවාසසීමා-ලාභසීමා-ගාමසීමා-නිගමසීමා-නගරසීමා-අබ්භන්තරසීමා-උදකුක්‍ඛෙපසීමා-ජනපදසීමා-රට්ඨසීමා-රජ්ජසීමා-දීපසීමා-චක්කවාළසීමායි පසළොස් සීමා දතයුතුය.

තත්‍ථ ඛණ‍්ඩසීමා සීමාකථායං වුත‍්තාව. උපචාරසීමා පරික‍්ඛිත‍්තස‍්ස විහාරස‍්ස පරික‍්ඛෙපෙන අපරික‍්ඛිත‍්තස‍්ස පරික‍්ඛෙපාරහට‍්ඨානෙන පරිච‍්ඡින‍්නා හොති. අපිච භික‍්ඛූනං ධුවසන‍්නිපාතට‍්ඨානතො වා පරියන‍්තෙ ඨිතභොජනසාලතො වා නිබද‍්ධවසනකආවාසතො වා ථාමමජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ද‍්වින‍්නං ලෙඩ‍්ඩුපාතානං අන‍්තො උපචාරසීමා වෙදිතබ‍්බා, සා පන ආවාසෙසු වඩ‍්ඪන‍්තෙසු වඩ‍්ඪති, පරිහායන‍්තෙසු පරිහායති. මහාපච‍්චරියං පන “භික‍්ඛූසුපි වඩ‍්ඪන‍්තෙසු වඩ‍්ඪතී”ති වුත‍්තං. තස‍්මා සචෙ විහාරෙ සන‍්නිපතිතභික‍්ඛූහි සද‍්ධිං එකාබද‍්ධා හුත්‍වා යොජනසතම‍්පි පූරෙත්‍වා නිසීදන‍්ති, යොජනසතම‍්පි උපචාරසීමාව හොති, සබ‍්බෙසං ලාභො පාපුණාති. සමානසංවාසඅවිප‍්පවාසසීමාද‍්වයම‍්පි වුත‍්තමෙව.

එහි ඛණ්ඩසිමා සීමාකථාවෙහි කියන ලද්දීමය. උපචාරසීමා තොමෝ පවුරෙන් වටකරණලද විහාරයෙහි පවුරෙන්ද වටනොකළ විහාරයෙහි වටකිරීමට සුදුසු තැනින්ම පිරිසිඳින ලද්දී වේ. තවද භික්‍ෂූන් නිබඳ රැස්වන තැන පටන් හෝ කෙළවර සිටි බොජුන්හල පටන් හෝ නිබඳ වසන ආවාසය පටන් හෝ බල මැදුම් පුරුෂයක්හුගේ ලෙඩ්ඩූපාත දෙකක්තුළ වූවා උපචාර සීමායි දතයුතුය. ඕ සීමා තොමෝ ආවාසයන් වැඩෙන කල්හි වැඩෙන්නීය. පිරිහෙන කල්හි පිරිහෙන්නීය. මහාපච්චරියෙහි වනාහි මහණුන් වැඩෙන කල්හිද වැඩෙන්නීයයි කියන ලදී. ඉදින් විහාරයෙහි රැස්වූ මහණුන් සමග එකාබද්ධව යොදුන් සියයක්ද පුරා හිඳිත්නම් යොදුන් සියයද උපචාර සීමාව වේ. සියල්ලන්ට ලාභය පැමිණේ. සමානසංවාස-අවිප්පවාසසීමා දෙකද කියන ලද්දේමය.

ලාභසීමා නාම නෙව සම‍්මාසම‍්බුද‍්ධෙන අනුඤ‍්ඤාතා, න ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි ඨපිතා; අපිච ඛො රාජරාජමහාමත‍්තා විහාරං කාරෙත්‍වා ගාවුතං වා අඩ‍්ඪයොජනං වා යොජනං වා සමන‍්තතො පරිච‍්ඡින්‍දිත්‍වා “අයං අම‍්හාකං විහාරස‍්ස ලාභසීමා”ති නාමලිඛිතකෙ ථම‍්භෙ නිඛණිත්‍වා “යං එත්‍ථන‍්තරෙ උප‍්පජ‍්ජති, සබ‍්බං තං අම‍්හාකං විහාරස‍්ස දෙමා”ති සීමං ඨපෙන‍්ති, අයං ලාභසීමා නාම. ගාමනිගමනගරඅබ‍්භන‍්තරඋදකුක‍්ඛෙපසීමාපි වුත‍්තා එව. ජනපදසීමා නාම – කාසිකොසලරට‍්ඨාදීනං අන‍්තො බහූ ජනපදා හොන‍්ති, තත්‍ථ එකෙකො ජනපදපරිච‍්ඡෙදො ජනපදසීමා. රට‍්ඨසීමා නාම කාසිකොසලාදිරට‍්ඨපරිච‍්ඡෙදො. රජ‍්ජසීමා නාම “චොළභොගො කෙරළභොගො”ති එවං එකෙකස‍්ස රඤ‍්ඤො ආණාපවත‍්තිට‍්ඨානං. දීපසීමා නාම සමුද‍්දන‍්තෙන පරිච‍්ඡින‍්නමහාදීපා ච අන‍්තරදීපා ච. චක‍්කවාළසීමා නාම චක‍්කවාළපබ‍්බතෙනෙව පරිච‍්ඡින‍්නා.

ලාභසීමා නම් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් නොඅනුදන්නා ලදී. ධර්‍මසඞ්ග්‍රාහක ස්ථවිරයන් විසින් නොතබන ලදී. එහෙත් රාජරාජ මහාමාත්‍යයෝ විහාරයක් කරවා ගව්වක් හෝ අඩයොදුනක් හෝ යොදුනක් හෝ වටින් පිරිසිඳ ‘මේ අපගේ විහාරයට ලාභසීමායි නම් ලියූ ටැම් සිටුවා ‘මේ අතර යමක් උපදී නම් ඒ සියල්ල අපගේ විහාරයට දෙමු’යි ඉම තබත්ද, මෝතොමෝ ලාභසීමා නම. ගාම නිගම නගර අභ්‍යන්තර සීමාද කියන ලද්දාහුමය. ජනපදසීමා නම් කාශිකොශල රාෂ්ට්‍රාදීන්ගේ ඇතුළත බොහෝ ජනපදයෝ වෙත්ද, එහි එක් එක් ජනපද පරිච්ඡෙදයක් ජනපදසීමානම. රට්ඨසීමා නම් කාශිකොශලාදිරාෂ්ට්‍රයන්ගේ පරිච්ඡෙදයයි. රජ්ජසීමා නම් චොලභොගරජ්‍යය- කෙරල භොගරාජ්‍යය’යි මෙසේ එක් එක් රජක්හුගේ අණපැවැති තැන්ය. දීපසීමා නම් මුහුදු කෙළවරින් පිරිසිඳින ලද මහාද්වීපද අන්තරද්වීපද වෙත්. චක්කවාළසීමා නම් චක්‍රවාට පර්‍වතයෙන්ම පිරිසිඳින ලද්දීය.

එවමෙතාසු සීමාසු ඛණ‍්ඩසීමාය කෙනචි කම‍්මෙන සන‍්නිපතිතං සඞ‍්ඝං දිස‍්වා “එත්‍ථෙව සීමාය සඞ‍්ඝස‍්ස දෙමී”ති වුත‍්තෙ යාවතිකා භික‍්ඛූ අන‍්තොඛණ‍්ඩසීමගතා, තෙහි භාජෙතබ‍්බං. තෙසංයෙව හි තං පාපුණාති. අඤ‍්ඤෙසං සීමන‍්තරිකාය වා උපචාරසීමාය වා ඨිතානම‍්පි න පාපුණාති. ඛණ‍්ඩසීමාය ඨිතෙ පන රුක‍්ඛෙ වා පබ‍්බතෙ වා ඨිතස‍්ස හෙට‍්ඨා වා පථවීවෙමජ‍්ඣගතස‍්ස පාපුණාතියෙව. “ඉමිස‍්සා උපචාරසීමාය සඞ‍්ඝස‍්ස දම‍්මී”ති දින‍්නං පන ඛණ‍්ඩසීමාසීමන‍්තරිකාසු ඨිතානම‍්පි පාපුණාති. “සමානසංවාසසීමාය දම‍්මී”ති දින‍්නං පන ඛණ‍්ඩසීමාසීමන‍්තරිකාසු ඨිතානං න පාපුණාති. අවිප‍්පවාසසීමාලාභසීමාසු දින‍්නං තාසු සීමාසු අන‍්තොගතානං පාපුණාති. ගාමසීමාදීසු දින‍්නං තාසං සීමානං අබ‍්භන‍්තරෙ බද‍්ධසීමාය ඨිතානම‍්පි පාපුණාති. අබ‍්භන‍්තරසීමාඋදකුක‍්ඛෙපසීමාසු දින‍්නං තත්‍ථ අන‍්තොගතානංයෙව පාපුණාති. ජනපදරට‍්ඨරජ‍්ජදීපචක‍්කවාළසීමාසුපි ගාමසීමාදීසු වුත‍්තසදිසොයෙව විනිච‍්ඡයො.

මෙසේ මේ සීමාවන් අතුරෙහි ඛණ්ඩසීමාවෙහි කිසි කර්‍මයක් නිසා රැස්වූ සඞ්ඝයා දැක මෙහිම සීමාවෙහි සඞ්ඝයාට දෙමි’යි කියු කල්හි යම්පමණ භික්‍ෂූහු ඛණ්ඩ සීමාව තුළට පැමිණියාහුද, ඔවුන් විසින් බෙදිය යුතුය. ඔවුන්ටම ඒ ප්‍රත්‍යය පැමිණේ. සීමාන්තරිකාවෙහි හෝ උපචාර සීමාවෙහි හෝ සිටියාවූද අන්‍යයන්ට නොපැමිණේ. ඛණ්ඩසීමාවෙහි පිහිටියාවූ රුකෙක හෝ පව්වෙක හෝ සිටියහුටද යට හෝ පොළොව මැදට පැමිණියහුටද පැමිණේමය. ‘මේ උපචාර සීමාවෙහි සඞ්ඝයාට දෙමි’යි දෙනලද්ද වනාහි ඛණ්ඩසීමා සීමාන්තරිකාවන්හි සිටියවුන්ටද නොපැමිණේ. සමානසංවාස සීමාවට දෙමි’යි දෙන ලද්ද වනාහි ඛණ්ඩ සීමා සීමන්තරිකාවන්හි සිටියවුන්ට නොපැමිණේ. අවිප්පවාසසීමා ලාභසීමාවන්හි දෙනලද්ද ඒ සීමාවන්හි ඇතුළට පැමිණියවුන්ට පැමිණේ. ගාමසීමාදියෙහි දෙනලද්ද ඒ සීමා තුළ බද්ධසීමාවෙහි සිටියවුන්ටද පැමිණේ. අභ්‍යන්තරසීමා උදකුක්‍ඛෙප සීමාවන්හි දෙන ලද්ද එහි තුළට පැමිණියවුන්ටම පැමිණේ. ජනපදරට්ඨරජ්ජදීපචක්කවාළ සීමාවන්හිද විනිශ්චය ගාමසීමාදියෙහි කියූ විනිශ්චය සමානම වේ.

සචෙ පන ජම‍්බුදීපෙ ඨිතො “තම‍්බපණ‍්ණිදීපෙ සඞ‍්ඝස‍්ස දම‍්මී”ති දෙති, තම‍්බපණ‍්ණිදීපතො එකොපි ගන‍්ත්‍වා සබ‍්බෙසං ගණ‍්හිතුං ලභති. සචෙපි තත්‍රෙව එකො සභාගභික‍්ඛු සභාගානං භාගං ගණ‍්හාති, න වාරෙතබ‍්බො. එවං තාව යො සීමං පරාමසිත්‍වා දෙති, තස‍්ස දානෙ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

ඉදින් දඹදිව සිටියෙක් ‘තාම්‍රපර්‍ණද්වීපයෙහි සඞ්ඝයාට දෙමි’යි දේනම්, තාම්‍රපර්‍ණද්වීපයෙන් එක්මහණෙක් නමුදු එහි ගොස් සියල්ලන්ගේ කොටස් ගැනීම ලබන්නේය. ඉදින් ඒ දඹදිව්හිද එක් සභාග මහණෙක්ව සභාගමහණුන්ගේ කොටස ගනීනම් නොවැළකිය යුතුය. මෙසේ වනාහි යමෙක් සීමාව පරාමර්‍ෂණය කොට දේනම් ඔහුගේ දීමෙහි විනිශ්චය දතයුතුය.

යො පන අසුකසීමායාති වත‍්තුං න ජානාති, කෙවලං සීමාති වචනමත‍්තමෙව ජානන‍්තො විහාරං ගන‍්ත්‍වා “සීමාය දම‍්මී”ති වා “සීමට‍්ඨකසඞ‍්ඝස‍්ස දම‍්මී”ති වා භණති, සො පුච‍්ඡිතබ‍්බො – “සීමා නාම බහුවිධා, කතරසීමං සන්‍ධාය භණසී”ති ? සචෙ වදති – “අහං අසුකසීමාති න ජානාමි, සීමට‍්ඨකසඞ‍්ඝො භාජෙත්‍වා ගණ‍්හාතූ”ති කතරසීමාය භාජෙතබ‍්බං? මහාසීවත්‍ථෙරො කිරාහ – “අවිප‍්පවාසසීමායා”ති. තතො නං ආහංසු – “අවිප‍්පවාසසීමා නාම තියොජනාපි හොති, එවං සන‍්තෙ තියොජනෙ ඨිතා ලාභං ගණ‍්හිස‍්සන‍්ති, තියොජනෙ ඨත්‍වා ආගන‍්තුකවත‍්තං පූරෙත්‍වා ආරාමං පවිසිතබ‍්බං භවිස‍්සති, ගමිකො තියොජනං ගන‍්ත්‍වා සෙනාසනං ආපුච‍්ඡිස‍්සති, නිස‍්සයපටිපන‍්නස‍්ස තියොජනාතික‍්කමෙ නිස‍්සයො පටිප‍්පස‍්සම‍්භිස‍්සති, පාරිවාසිකෙන තියොජනං අතික‍්කමිත්‍වා අරුණං උට‍්ඨාපෙතබ‍්බං භවිස‍්සති, භික‍්ඛුනියා තියොජනෙ ඨත්‍වා ආරාමප‍්පවෙසනං ආපුච‍්ඡිතබ‍්බං භවිස‍්සති, සබ‍්බම‍්පෙතං උපචාරසීමාය පරිච‍්ඡෙදවසෙනෙව කාතුං වට‍්ටති. තස‍්මා උපචාරසීමායමෙව භාජෙතබ‍්බ”න‍්ති.

යමෙක් වනාහි අසවල් සීමාවෙහියි කියන්නට නොදනීද, හුදෙක් සීමා යන වචනමාත්‍රයම දන්නේ විහාරයට අවුත් ‘සීමාවට දෙමි’යි හෝ සීමාවෙහි සිටි සඞ්ඝයාට දෙමි’යි හෝ කියාද, ‘සීමානම් බහුවිධය. එහෙයින් කවර සීමාවක් සඳහා බෙණෙහිදැ’යි ඔහු විචාළයුතුය. ඉදින් ‘මම අසුවල් සීමායි නොදනිමි, සීමාවෙහි සිටි සඞ්ඝතෙමේ බෙදා ගනීවා’යි කියානම්, කවර සීමාවෙක්හි බෙදියයුතුද, මහාසිවස්ථවිරතෙමේ වනාහි ‘අවිප්පවාස සීමාවෙහි’යි කීයේය. ඉනික්බිති අවිප්පවාසසීමා නම් තුන්යොදුනක් නමුදු වේ. මෙසේ ඇති කල්හි තුන් යොදුනෙක්හි සිටියාහු ලාභය ගන්නාහුය. තුන්යොදුනෙක්හි සිට ආගන්තුක වත පුරා ආරාමයට ඇතුල්විය යුතු වන්නේය. ගමිකතෙමේ තුන්යොදුනක් ගොස් සෙනසුන විචාරන්නේය. නිස පිළිපන්නහුගේ තුන්යොදුන ඉක්මීමෙහිදී නිස සංසිඳී යන්නේය. පරිවාසිකයා විසින් තුන්යොදුන ඉක්මවා අරුණ නැන්විය යුතුවන්නේය. මෙහෙණ විසින් තුන්යොදුන් තැන සිට ආරාමයට පිවිසීම විචාළ යුතුවන්නේය. මේ සියල්ලම උපචාර සීමා පිරිසිඳීමෙන්ම කිරීම වටියි. එහෙයින් උපචාරසීමාවෙහිම බෙදියයුතුය’යි ඔහුට කීහ.

කතිකායාති සමානලාභකතිකාය. තෙනෙවාහ – “සම‍්බහුලා ආවාසා සමානලාභා හොන‍්තී”ති. තත්‍රෙවං කතිකා කාතබ‍්බා, එකස‍්මිං විහාරෙ සන‍්නිපතිතෙහි භික‍්ඛූහි යං විහාරං සඞ‍්ගණ‍්හිතුකාමා සමානලාභං කාතුං ඉච‍්ඡන‍්ති, තස‍්ස නාමං ගහෙත්‍වා අසුකො නාම විහාරො පොරාණකොති වා බුද‍්ධාධිවුත්‍ථොති වා අප‍්පලාභොති වා යංකිඤ‍්චි කාරණං වත්‍වා තං විහාරං ඉමිනා විහාරෙන සද‍්ධිං එකලාභං කාතුං සඞ‍්ඝස‍්ස රුච‍්චතීති තික‍්ඛත‍්තුං සාවෙතබ‍්බං. එත‍්තාවතා තස‍්මිං විහාරෙ නිසින‍්නොපි ඉධ නිසින‍්නොව හොති, තස‍්මිං විහාරෙපි සඞ‍්ඝෙන එවමෙව කාතබ‍්බං. එත‍්තාවතා ඉධ නිසින‍්නොපි තස‍්මිං නිසින‍්නොව හොති. එකස‍්මිං ලාභෙ භාජියමානෙ ඉතරස‍්මිං ඨිතස‍්ස භාගං ගහෙතුං වට‍්ටති. එවං එකෙන විහාරෙන සද‍්ධිං බහූපි ආවාසා එකලාභා කාතබ‍්බා.

“කතිකාය” සමානලාභ කතිකාවෙන් එහෙයින්ම “සම්බහුලා ආවාසා සමානලාභා හොන්ති” යනු වදාළ සේක. එහි මෙසේ කතිකා කටයුත්තීය. එක් වෙහෙරෙක රැස්වූ මහණුන් විසින් යම් වෙහෙරක සඞ්ග්‍රහ කරණු කැමැත්තාහු සමානලාභය කරන්නට කැමති වෙත්ද, ඒ විහාරයෙහි නම ගෙන ‘අසුවල් නම් විහාරය පුරාණයයි හෝ බුදුරජුන් වසන ලදැ’යි හෝ ඉතා මදලාභ ඇත්තේයයි හෝ යම්කිසි කරුණක් කියා ඒ වෙහෙර, මේ වෙහෙර සමග සමාන ලාභ ඇත්තක් කිරීම සඞ්ඝයාට රුචිවන්නේය’යි තෙවරක් ඇස්විය යුතුය. මෙපමණකින් ඒ වෙහෙර හුන්නේද මේ වෙහෙර හුන්නෙකු වැනිවේ. ඒ වෙහෙරෙහිද සඞ්ඝයා විසින් මෙසේම කටයුතුය. මෙපමණකින් මෙහි හුන්නේද ඒ වෙහෙර හුන්නෙකු වැනිවේ. එක් වෙහෙරක ලාභය බෙදනකල්හි අනික් වෙහෙර සිටියහුට කොටස ගැනීම වටියි. මෙසේ එක් වෙහෙරක් සමග බොහෝ ආවාසයන්ට සමානලාභ ඇතිවන ලෙසට කටයුත්තාහ.

භික‍්ඛාපඤ‍්ඤත‍්තියාති අත‍්තනො පරිච‍්චාගපඤ‍්ඤාපනට‍්ඨානෙ. තෙනෙවාහ – “යත්‍ථ සඞ‍්ඝස‍්ස ධුවකාරා කරියන‍්තී”ති. තස‍්සත්‍ථො – යස‍්මිං විහාරෙ ඉමස‍්ස චීවරදායකස‍්ස සන‍්තකං සඞ‍්ඝස‍්ස පාකවට‍්ටං වා වත‍්තති, යස‍්මිං වා විහාරෙ භික‍්ඛූ අත‍්තනො භාරං කත්‍වා සදා ගෙහෙ භොජෙති, යත්‍ථ වා අනෙන ආවාසො කාරිතො, සලාකභත‍්තාදීනි වා නිබද‍්ධානි, යෙන පන සකලොපි විහාරො පතිට‍්ඨාපිතො, තත්‍ථ වත‍්තබ‍්බමෙව නත්‍ථි, ඉමෙ ධුවකාරා නාම. තස‍්මා සචෙ සො “යත්‍ථ මය‍්හං ධුවකාරා කරීයන‍්ති, තත්‍ථ දම‍්මී”ති වා “තත්‍ථ දෙථා”ති වා භණති, බහූසු චෙපි ඨානෙසු ධුවකාරා හොන‍්ති, සබ‍්බත්‍ථ දින‍්නමෙව හොති.

“භික්‍ඛාපඤ්ඤත්තියා” තමන්ගේ පරිත්‍යාගය පණවන තැන. එහෙයින්ම “යත්‍ථ සඞ්ඝස්ස ධුවකාරා කරීයන්ති” යනාදිය වදාළ සේක. එහි අර්‍ත්‍ථය මෙසේය. යම් විහාරයෙක්හි මේ චීවරදායකයා සන්තකවූ සඞ්ඝයාගේ නිබද්ධ දානයක් හෝ පවතීද, යම් විහාරයෙක්හි මහණුන් තමන්ට භාරකොට හැමකල්හි ගෙයි වලඳවාද, යම් තැනෙක්හි හෝ ඔහු විසින් ආවාසයක් කරවන ලද්දේ ද, ලහබත් ආදීහු හෝ නිති තබන ලද්දාහුද, යමෙක්හු විසින් සියලු විහාරය පිහිටුවන ලද්දේ ද, එහි කියයුත්තක්ම නැත්තේය. මේ ධුවකාර නම. එහෙයින් හෙතෙමේ ‘යම් තැනක මාගේ ධුවකාරයෝ කරණු ලැබෙත්ද, එහි දෙමි’යි හෝ ‘එහි දෙවු’යි හෝ බෙණේද, බොහෝ තන්හිද ධුවකාරයෝ වෙත්ද, සියලු තන්හි දෙනලද්දේම වේ.

සචෙ පන එකස‍්මිං විහාරෙ භික‍්ඛූ බහුතරා හොන‍්ති, තෙහි වත‍්තබ‍්බං – “තුම‍්හාකං ධුවකාරෙ එකත්‍ථ භික‍්ඛූ බහූ එකත්‍ථ අප‍්පකා”ති. සචෙ “භික‍්ඛුගණනාය ගණ‍්හථා”ති භණති, තථා භාජෙත්‍වා ගණ‍්හිතුං වට‍්ටති. එත්‍ථ ච වත්‍ථභෙසජ‍්ජාදි අප‍්පකම‍්පි සුඛෙන භාජියති. යදි පන මඤ‍්චො වා පීඨකං වා එකමෙව හොති, තං පුච‍්ඡිත්‍වා යස‍්ස වා විහාරස‍්ස එකවිහාරෙපි වා යස‍්ස සෙනාසනස‍්ස සො විචාරෙති, තත්‍ථ දාතබ‍්බං. සචෙ “අසුකභික‍්ඛු ගණ‍්හාතූ”ති වදති, වට‍්ටති. අථ “මය‍්හං ධුවකාරෙ දෙථා”ති වත්‍වා අවිචාරෙත්‍වාව ගච‍්ඡති, සඞ‍්ඝස‍්සාපි විචාරෙතුං වට‍්ටති. එවං පන විචාරෙතබ‍්බං – “සඞ‍්ඝත්‍ථෙරස‍්ස වසනට‍්ඨානෙ දෙථා”ති වත‍්තබ‍්බං. සචෙ තස‍්ස සෙනාසනං පරිපුණ‍්ණං හොති, යත්‍ථ නප‍්පහොති, තත්‍ථ දාතබ‍්බං. සචෙ එකො භික‍්ඛු “මය‍්හං වසනට‍්ඨානෙ සෙනාසනපරිභොගභණ‍්ඩං නත්‍ථී”ති වදති, තත්‍ථ දාතබ‍්බං.

ඉදින් එක් විහාරයෙක්හි ඉතා බොහෝ භික්‍ෂූහු වෙත්ද, ඔවුන් විසින් තොපගේ ධුවකාරයෙහි සමහර තැනක භික්‍ෂූහු බොහෝය. සමහර තැනක ස්වල්පයයි කියයුතුය. ඉදින් භික්‍ෂූන්ගේ ගණනින් ගනිවු’යි බෙණේනම්, එසේ බෙදා ගැනීම වටියි. මෙහිද වස්ත්‍ර භෛෂජ්‍ය ආදිය ටිකවූයේද පහසුවෙන් බෙදනු ලැබේ. ඉදින් ඇඳ හෝ පුටුව හෝ එකක්මවේද, එය විචාරා යම් විහාරයක හෝ එක් විහාරයෙක්හි හෝ යම් සෙනාසනයකට හෝ හෙතෙමේ විචාරණය කෙරේද එහි දියයුතුය. ඉදිනුදු ‘අසුවල් මහණතෙමේ ගනීවා’යි කියා නම් වටියි. තවද ‘මාගේ ධුවකාරය පවත්නා තැන දෙවු’යි කියා විචාරණය නොකොටම යේද, සඞ්ඝයා විසින්ද විචාරණය කිරීම වටියි. මෙසේ විචාරණය කටයුතුය. ‘සඞ්ඝස්ථවිරයන් වසන තැනට දෙවු’යි කියයුතුය. ඉදින් එහි සෙනසුන් පිරිපුන්වූයේ වේද, යම්තැනෙක නොපොහොනේද, එතැනට දියයුතුය. එක් මහණෙක් මාවසන තැන සෙනසුන් පිණිස පරිභොග කටයුතු භාණ්ඩ නැතැ’යි කියා නම් එතැනට දියයුතුය.

සඞ‍්ඝස‍්ස දෙතීති විහාරං පවිසිත්‍වා “ඉමානි චීවරානි සඞ‍්ඝස‍්ස දම‍්මී”ති දෙති. සම‍්මුඛීභූතෙනාති උපචාරසීමාය ඨිතෙන සඞ‍්ඝෙන ඝණ‍්ටිං පහරිත්‍වා කාලං ඝොසෙත්‍වා භාජෙතබ‍්බං. සීමට‍්ඨස‍්ස අසම‍්පත‍්තස‍්සාපි භාගං ගණ‍්හන‍්තො න වාරෙතබ‍්බො. විහාරො මහා හොති, ථෙරාසනතො පට‍්ඨාය වත්‍ථෙසු දිය්‍යමානෙසු අලසජාතිකා මහාථෙරා පච‍්ඡා ආගච‍්ඡන‍්ති, “භන‍්තෙ වීසතිවස‍්සානං දිය්‍යති, තුම‍්හාකං ඨිතිකා අතික‍්කන‍්තා”ති න වත‍්තබ‍්බා, ඨිතිකං ඨපෙත්‍වා තෙසං දත්‍වා පච‍්ඡා ඨිතිකාය දාතබ‍්බං.

“සඞ්ඝස්ස දෙති” විහාරයට පිවිස ‘මේ සිවුරු සඞ්ඝයාට දෙමි’යි දේනම් එය “සම්මුඛීභුතෙන”. උපචාර සීමාවෙහි සිටි සඞ්ඝයා විසින් ගෙඩිය ගසා කල් දන්වා ඒ දුන් සිවුරු බෙදිය යුතුය. සීමාවෙහි සිටියාවූ නොපැමිණියහුටද කොටස ගන්නේනම් නොවැළකිය යුතුය. විහාරය මහත්වේද, තෙරසුන පටන් වස්ත්‍ර දෙනකල්හි අලස ස්වභාව ඇති මහතෙරහු පසුව එත්ද ‘ස්වාමීනි’ විසිවයස් ඇතියනට දෙනු ලැබේ. යුෂ්මතුන්ගේ ඨිතිකාව ඉක්මගියා’යි නොකියයුතුය. ඨිතිකාව තබා ඒ මහතෙරුන්ටදී පසුව ඨිතිකාවෙහි පටන් දියයුතුය.

අසුකවිහාරෙ කිර බහුං චීවරං උප‍්පන‍්නන‍්ති සුත්‍වා යොජනන‍්තරිකවිහාරතොපි භික‍්ඛූ ආගච‍්ඡන‍්ති, සම‍්පත‍්තසම‍්පත‍්තානං ඨිතට‍්ඨානතො පට‍්ඨාය දාතබ‍්බං. අසම‍්පත‍්තානම‍්පි උපචාරසීමං පවිට‍්ඨානං අන‍්තෙවාසිකාදීසු ගණ‍්හන‍්තෙසු දාතබ‍්බමෙව. “බහිඋපචාරසීමාය ඨිතානං දෙථා”ති වදන‍්ති, න දාතබ‍්බං. සචෙ පන උපචාරසීමං ඔක‍්කන‍්තෙහි එකාබද‍්ධා හුත්‍වා අත‍්තනො විහාරද‍්වාරෙ වා අන‍්තොවිහාරෙයෙව වා හොන‍්ති, පරිසවසෙන වඩ‍්ඪිතා නාම හොති සීමා , තස‍්මා දාතබ‍්බං. සඞ‍්ඝනවකස‍්ස දින‍්නෙපි පච‍්ඡා ආගතානං දාතබ‍්බමෙව. දුතියභාගෙ පන ථෙරාසනං ආරුළ‍්හෙ ආගතානං පඨමභාගො න පාපුණාති, දුතියභාගතො වස‍්සග‍්ගෙන දාතබ‍්බං.

‘අසුවල් විහාරයෙහි බොහෝ සිවුරු උපන්නේය’යි අසා යොදුනක් අතර වූ විහාරයෙන්ද භික්‍ෂූහු එත්, පැමිණි පැමිණියවුන්ට සිටිතැන පටන් දියයුතුය. නොපැමිණියවූද උපචාර සීමාවට පැමිණියවුන්ට අතවැසි ආදීන් ගන්නා කල්හි දියයුතුමය. ‘උපචාර සීමාවෙන් පිටත සිටියවුන්ට දෙවු’යි කියත්නම් නොදියයුතුය. උපචාර සීමාවට බටුවන් සමග එකාබද්ධව තමන්ගේ වෙහෙර දොරකඩ හෝ විහාරය තුළම හෝ වෙත්ද, පිරිස් වසයෙන් වැඩුනු සීමානම් වන්නීද, එහෙයින් දියයුතුය. සඞ්ඝනවකයාහට දුන්කල්හිද පසුව ආවුන්ටද දියයුතුය. ද්විතීයභාගය තෙරසුනට නැගි කල්හි ආවුන්ට ප්‍රථම භාගය නොපැමිණේ. ද්විතීය භාගය පටන් වස්ගණනින් දියයුතුය.

එකස‍්මිං විහාරෙ දස භික‍්ඛූ හොන‍්ති, “දස වත්‍ථානි සඞ‍්ඝස‍්ස දෙමා”ති දෙන‍්ති, පාටෙක‍්කං භාජෙතබ‍්බානි . සචෙ “සබ‍්බානෙව අම‍්හාකං පාපුණන‍්තී”ති ගහෙත්‍වා ගච‍්ඡන‍්ති, දුප‍්පාපිතානි චෙව දුග‍්ගහිතානි ච ගතගතට‍්ඨානෙ සඞ‍්ඝිකානෙව හොන‍්ති. එකං පන උද‍්ධරිත්‍වා “ඉදං තුම‍්හාකං පාපුණාතී”ති සඞ‍්ඝත්‍ථෙරස‍්ස දත්‍වා “සෙසානි අම‍්හාකං පාපුණන‍්තී”ති ගහෙතුං වට‍්ටති.

එක් විහාරයෙක්හි භික්‍ෂූහු දසනමක් වෙත්ද ‘වස්ත්‍රදශයක් සඞ්ඝයාට දෙම්හ’යි දෙත්ද, වෙන්ව බෙදිය යුතුය. ඉදින් ‘සියල්ලම අපට පැමිණෙති’යි ගෙන යෙත්ද, නොමැනවින් පමුණුවන ලද්දාහුද නොමනාව ගන්නා ලද්දාහුද වෙත්. ගෙනගිය ගිය තන්හි සාඞ්ඝිකම වෙයි. එකක් උදුරා මෙය යුෂ්මතුන්ට පැමිණේය’යි සඞ්ඝස්ථවිරයන්ටදී ‘මේ සෙසු වස්ත්‍ර අපට පැමිණේය’යි ගැනීම වටියි.

එකමෙව වත්‍ථං සඞ‍්ඝස‍්ස දෙමාති ආහරන‍්ති, අභාජෙත්‍වාව අම‍්හාකං පාපුණන‍්තීති ගණ‍්හන‍්ති, දුප‍්පාපිතඤ‍්චෙව දුග‍්ගහිතඤ‍්ච. සත්‍ථකෙන පන හලිද‍්දිආදිනා වා ලෙඛං කත්‍වා එකං කොට‍්ඨාසං “ඉමං ඨානං තුම‍්හාකං පාපුණාතී”ති සඞ‍්ඝත්‍ථෙරස‍්ස පාපෙත්‍වා “සෙසං අම‍්හාකං පාපුණාතී”ති ගහෙතුං වට‍්ටති. යං පන වත්‍ථස‍්සෙව පුප‍්ඵං වා වලි වා, තෙන පරිච‍්ඡෙදං කාතුං න වට‍්ටති. සචෙ එකං තන‍්තං උද‍්ධරිත්‍වා “ඉදං ඨානං තුම‍්හාකං පාපුණාතී”ති සඞ‍්ඝත්‍ථෙරස‍්ස දත්‍වා “සෙසං අම‍්හාකං පාපුණාතී”ති ගණ‍්හන‍්ති, වට‍්ටති. ඛණ‍්ඩං ඛණ‍්ඩං ඡින්‍දිත්‍වා භාජියමානං වට‍්ටතියෙව.

එක්ම වස්ත්‍රයක් සඞ්ඝයාට දෙමු’යි ගෙනඑත්ද, නොබෙදාම ‘අපට පැමිණේය’යි ගනිත්ද, නොමැනවින් පමුණුවන ලද්දේ ද, නොමනාව ගන්නා ලද්දේ ද වේ. සැතකින් හෝ කසා ආදියෙන් හෝ රෙඛාවක් කොට එක් කොටසක් ‘මෙතැන යුෂ්මතුන්ට පැමිණේය’යි සඞ්ඝස්ථවිරයන්හට පමුණුවා ‘සෙස්ස අපට පැමිණේය’යි ගැනීම වටියි. වස්ත්‍රයෙහිම යම් පුෂ්පයක් හෝ රැලියක් හෝ වේද එයින් පිරිසිඳීම කරන්නට නොවටියි. ඉදින් එක් හුයක් නගා උදුරා ‘මෙතැන යුෂ්මතුන්ට පැමිණේය’යි සඞ්ඝස්ථවිරයන්ටදී ‘සෙස්ස අපට පැමිණේය’යි ගනිත්නම් වටියි. කඩ කඩකොට බෙදනු ලබන්නේ වටීමය.

එකභික‍්ඛුකෙ විහාරෙ සඞ‍්ඝස‍්ස චීවරෙසු උප‍්පන‍්නෙසු සචෙ පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සො භික‍්ඛු “සබ‍්බානි මය‍්හං පාපුණන‍්තී”ති ගණ‍්හාති, සුග‍්ගහිතානි, ඨිතිකා පන න තිට‍්ඨති. සචෙ එකෙකං උද‍්ධරිත්‍වා “ඉදං මය‍්හං පාපුණාතී”ති ගණ‍්හාති, ඨිතිකා තිට‍්ඨති. තත්‍ථ අට‍්ඨිතාය ඨිතිකාය පුන අඤ‍්ඤස‍්මිං චීවරෙ උප‍්පන‍්නෙ සචෙ එකො භික‍්ඛු ආගච‍්ඡති, මජ‍්ඣෙ ඡින්‍දිත්‍වා ද‍්වීහිපි ගහෙතබ‍්බං. ඨිතාය ඨිතිකාය පුන අඤ‍්ඤස‍්මිං චීවරෙ උප‍්පන‍්නෙ සචෙ නවකතරො ආගච‍්ඡති, ඨිතිකා හෙට‍්ඨා ඔරොහති. සචෙ වුඩ‍්ඪතරො ආගච‍්ඡති, ඨිතිකා උද‍්ධං ආරොහති. අථඤ‍්ඤො නත්‍ථි, පුන අත‍්තනො පාපෙත්‍වා ගහෙතබ‍්බං.

එක් මහණකු ඇති විහාරයක සඞ්ඝයාට සිවුරු උපන්කල්හි පෙර කියූ නයින්ම ඒ මහණතෙමේ ‘සියලු සිවුරු මට පැමිණෙති, ගනීද, මනාව ගන්නා ලද්දාහු වෙත්, ඨිතිකා තොමෝ නොසිටියි. ඉදින් එක එක නගාගෙන ‘මෙය මට පැමිණේය’යි ගනීනම් ඨිතිකාව සිටියි. එහි ඨිතිකාව නොසිටිකල්හි නැවත අන්සිවුරක් උපන්කල්හි එක් මහණෙක් ඒ නම් මැදින් සිඳ දෙදෙනා විසින් ගතයුතුය. ඨිතිකාව සිටි කල්හි නැවත අන් සිවුරක් උපන්කල්හි නවකතරයෙක් ඒනම් ඨිතිකා තොමෝ යටට යන්නීය. වෘද්ධතරයෙක් ඒනම් ඨිතිකා තොමෝ උඩට නගින්නීය. එකල්හි අනිකෙක් නැත්තේනම් නැවත තමන්ට පමුණුවා ගතයුතුය.

“සඞ‍්ඝස‍්ස දෙමා”ති වා “භික‍්ඛුසඞ‍්ඝස‍්ස දෙමා”ති වා යෙන කෙනචි ආකාරෙන සඞ‍්ඝං ආමසිත්‍වා දින‍්නං පන පංසුකූලිකානං න වට‍්ටති, “ගහපතිචීවරං පටික‍්ඛිපාමි පංසුකූලිකඞ‍්ගං සමාදියාමී”ති වුත‍්තත‍්තා, න පන අකප‍්පියත‍්තා . භික‍්ඛුසඞ‍්ඝෙන අපලොකෙත්‍වා දින‍්නම‍්පි න ගහෙතබ‍්බං. යං පන භික‍්ඛු අත‍්තනො සන‍්තකං දෙති, තං භික‍්ඛුදත‍්තියං නාම වට‍්ටති, පංසුකූලං පන න හොති. එවං සන‍්තෙපි ධුතඞ‍්ගං න භිජ‍්ජති. “භික‍්ඛූනං දෙම, ථෙරානං දෙමා”ති වුත‍්තෙ පන පංසුකූලිකානම‍්පි වට‍්ටති. “ඉදං වත්‍ථං සඞ‍්ඝස‍්ස දෙම, ඉමිනා උපාහනත්‍ථවිකපත‍්තත්‍ථවිකආයොගඅංසබද‍්ධකාදීනි කරොන‍්තූ”ති දින‍්නම‍්පි වට‍්ටති.

‘සඞ්ඝයාට දෙමු’යි හෝ භික්‍ෂු සඞ්ඝයාට දෙමු’යි හෝ යම්කිසි අයුරකින් සඞ්ඝයා ආමර්‍ෂණයකොට දෙනලද සිවුර වනාහි පාංසුකූලිකයන්ට නොවටියි. “ගහපතිචීවරං පටික්‍ඛිපාමි, පංසුකූලිකඞ්ගං සමාදියාමි’යි කියූ බැවිනි. නොකැපබැවින් නොවේ. භික්‍ෂු සඞ්ඝයා විසින් අපලොකනය කොට දෙන ලද්ද ද නොගතයුතුය. මහණතෙමේ තමන් සතු වූ යම් සිවුරක් දේනම් එය භික්‍ෂුදත්තිය නම්වේ. වටියි. පංසුකූලයක් නොවේ. මෙසේ ඇති කල්හි ධුතඞ්ගය නොබිඳේ. ‘භික්‍ෂූන්ට දෙමු, තෙරුන්ට දෙමු’යි කියූ කල්හි පංසුකූලිකයනටද වටියි. ‘මේ වස්ත්‍රය සඞ්ඝයාට දෙමු, මේ වස්ත්‍රයෙන් වහන්පසුම්බි පාපසුම්බි එල්බෙන පටි අස්වටු ආදිය කෙරෙත්වා’යි දෙනලද්ද වටියි.

පත‍්තත්‍ථවිකාදීනං අත්‍ථාය දින‍්නානි බහූනිපි හොන‍්ති, චීවරත්‍ථායපි පහොන‍්ති, තතො චීවරං කත්‍වා පාරුපිතුං වට‍්ටති. සචෙ පන සඞ‍්ඝො භාජිතාතිරිත‍්තානි වත්‍ථානි ඡින්‍දිත්‍වා උපාහනත්‍ථවිකාදීනං අත්‍ථාය භාජෙති, තතො ගහෙතුං න වට‍්ටති. සාමිකෙහි විචාරිතමෙව හි වට‍්ටති, න ඉතරං.

පාපසුම්බි ආදිය පිණිස දෙනලද බොහෝ වස්ත්‍රයෝ වෙත්ද, සිවුරු පිණිසද සෑහෙත් නම් එයින් සිවුරුකොට පෙරවීම වටියි. සඞ්ඝතෙමේ බෙදා ඉතිරි වු වස්ත්‍ර කපාකොටා වහන්පසුම්බි ආදිය පිණිස බෙදානම් එයින් ගැනීම නොවටියි. හිමියන් විසින් වහන්පසුම්බි ආදිය පිණිස විචාරණය කරණලද්දම ගැනීම වටියි. අනිකක් නොවටියි.

“පංසුකූලිකසඞ‍්ඝස‍්ස ධමකරණපටාදීනං අත්‍ථාය දෙමා”ති වුත‍්තෙපි ගහෙතුං වට‍්ටති, පරික‍්ඛාරො නාම පංසුකූලිකානම‍්පි ඉච‍්ඡිතබ‍්බො. යං තත්‍ථ අතිරෙකං හොති, තං චීවරෙපි උපනෙතුං වට‍්ටති. සුත‍්තං සඞ‍්ඝස‍්ස දෙන‍්ති, පංසුකූලිකෙහිපි ගහෙතබ‍්බං. අයං තාව විහාරං පවිසිත්‍වා “ඉමානි චීවරානි සඞ‍්ඝස‍්ස දම‍්මී”ති දින‍්නෙසු විනිච‍්ඡයො.

‘පංසුකූලික සඞ්ඝයාට ඩබරාපට ආදිය පිණිස දෙමු’යි කියූකල්හි ගැනීම වටියි. පිරිකරනම් පංසුකූලිකයන් විසින්ද කැමති වියයුතුය. එහි යමක් වැඩි වූයේවේද, ඒ අතිරේකය සිවුරෙහිද එළවන්නට හැකිය. සඞ්ඝයාට හූ දෙත්නම් පංසුකූලිකයන් විසින්ද ගතයුතුය. මේවනාහි විහාරයට පිවිස ‘මේ සිවුරු සඞ්ඝයාට දෙමි’යි දෙනලද චීවරයන්හි විනිශ්චයයි.

සචෙ පන බහිඋපචාරසීමායං අද‍්ධානප‍්පටිපන‍්නෙ භික‍්ඛූ දිස‍්වා “සඞ‍්ඝස‍්ස දම‍්මී”ති සඞ‍්ඝත්‍ථෙරස‍්ස වා සඞ‍්ඝනවකස‍්ස වා ආරොචෙති, සචෙපි යොජනං ඵරිත්‍වා පරිසා ඨිතා හොති, එකබද‍්ධා චෙ, සබ‍්බෙසං පාපුණාති. යෙ පන ද‍්වාදසහි හත්‍ථෙහි පරිසං අසම‍්පත‍්තා, තෙසං න පාපුණාති.

උපචාර සීමාවෙන් පිටත අදන්මගට පිළිපන් මහණුන් දැක ‘සඞ්ඝයාට දෙමි’යි සඞ්ඝස්ථවිරයන්ට හෝ සඞ්ඝනවකයක්හට හෝ සැලකෙරේ නම්, යොදුනක් පැතිර පිරිස එකාබද්ධව සිටියාද සියල්ලන්ට ලැබේ. යම් කෙනෙක් දොළොස්රියනකින් පිරිසට නොලංවූවාහුද ඔවුන්ට නොලැබේ.

උභතොසඞ‍්ඝස‍්ස දෙතීති එත්‍ථ “උභතොසඞ‍්ඝස‍්ස දම‍්මී”ති වුත‍්තෙපි “ද‍්විධා සඞ‍්ඝස‍්ස දම‍්මි, ද‍්වින‍්නං සඞ‍්ඝානං දම‍්මි, භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස ච දම‍්මී”ති වුත‍්තෙපි උභතොසඞ‍්ඝස‍්ස දින‍්නමෙව හොති. උපඩ‍්ඪං දාතබ‍්බන‍්ති ද‍්වෙභාගෙ සමෙ කත්‍වා එකො දාතබ‍්බො. “උභතොසඞ‍්ඝස‍්ස ච තුය‍්හඤ‍්ච දම‍්මී”ති වුත‍්තෙ සචෙ දස දස භික‍්ඛූ ච භික‍්ඛුනියො ච හොන‍්ති, එකවීසති පටිවීසෙ කත්‍වා එකො පුග‍්ගලස‍්ස දාතබ‍්බො, දස භික‍්ඛුසඞ‍්ඝස‍්ස, දස භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස යෙන පුග‍්ගලිකො ලද‍්ධො සො සඞ‍්ඝතොපි අත‍්තනො වස‍්සග‍්ගෙන ගහෙතුං ලභති. කස‍්මා? උභතොසඞ‍්ඝග‍්ගහණෙන ගහිතත‍්තා.

“උභතො සඞ්ඝස්ස දෙති” මෙහි ‘උභතො සඞ්ඝයාට දෙමි’යි කියූකල්හිද, ‘ද්විප්‍රකාර සඞ්ඝයාට දෙමි, දෙසඟුන්ට දෙමි, භික්‍ෂු සඞ්ඝයාටද භික්‍ෂුණී සඞ්ඝයාටද දෙමි’යි කියූ කල්හිද උභතො සඞ්ඝයාට දෙන ලද්දේම වේ. “උපඩ්ඪං දාතබ්බං” දෙකොටසක් සමකොට එක් කොටසක් දියයුතුය. ‘උභතො සඞ්ඝයාටද යුෂ්මත්හටද දෙමියි කියූ කල්හි දසනමක් භික්‍ෂූහු, දසනමක් භික්‍ෂුණීහු වෙත්ද, එක්විසි කොටසක් කොටසක්කොට, එක් කොටසක් පුද්ගලයාහට දියයුතුය. දසකොටසක් භික්‍ෂුසඞ්ඝයාටද දසකොටසක් භික්‍ෂුණී සඞ්ඝයාටද දියයුතුය. යමකු පුද්ගලික යමක් ලද්දේ ද, ඒ පුද්ගලිකයා සඞ්ඝයා කෙරෙන්ද තමන්ගේ වස් ගණනින් ගැනීම ලබයි. කුමක් හෙයින, යත්:- උභතොසඞ්ඝග්‍රහණයෙන් ගත් බැවිනි.

“උභතොසඞ‍්ඝස‍්ස ච චෙතියස‍්ස ච දම‍්මී”ති වුත‍්තෙපි එසෙව නයො. ඉධ පන චෙතියස‍්ස සඞ‍්ඝතො පාපුණනකොට‍්ඨාසො නාම නත්‍ථි, එකපුග‍්ගලස‍්ස පත‍්තකොට‍්ඨාසසමොව කොට‍්ඨාසො හොති.

‘උභතො සඞ්ඝයාටද චෛත්‍යයටද දෙමි’යි කියූකල්හිද මේනයම වේ. මෙහි වනාහි චෛත්‍යයට සඞ්ඝයා කෙරෙන් පැමිණෙන කොටසක් නම් නැත්තේය. එක් පුද්ගලයක්හට පැමිණි කොටසට සමානවූම කොටසක් වේ.

“උභතොසඞ‍්ඝස‍්ස ච තුය‍්හඤ‍්ච චෙතියස‍්ස චා”ති වුත‍්තෙ පන ද‍්වාවීසති කොට‍්ඨාසෙ කත්‍වා දස භික‍්ඛූනං, දස භික‍්ඛුනීනං, එකො පුග‍්ගලස‍්ස, එකො චෙතියස‍්ස දාතබ‍්බො. තත්‍ථ පුග‍්ගලො සඞ‍්ඝතොපි අත‍්තනො වස‍්සග‍්ගෙන පුන ගහෙතුං ලභති, චෙතියස‍්ස එකොයෙව.

උභතො සඞ්ඝයාටද යුෂ්මත්හටද චෛත්‍යයටදැයි කියූ කල්හි දෙවිසි කොටසක්කොට, දසකොටසක් භික්‍ෂූන්ට දසකොටසක් භික්‍ෂුණීන් හට එක් කොටසක් පුද්ගලයන්හට එක් කොටසක් චෛත්‍යයට දියයුතුය. එහි පුද්ගල තෙමේ සඞ්ඝයා කෙරෙන්ද, තමන්ගේ වස්ගණනින් නැවත ගැනීම ලබන්නේය. චෛත්‍යයට එක් කොටසක්මය.

“භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච භික‍්ඛුනීනඤ‍්ච දම‍්මී”ති වුත‍්තෙ පන න මජ‍්ඣෙ භින්‍දිත්‍වා දාතබ‍්බං, භික‍්ඛූ ච භික‍්ඛුනියො ච ගණෙත්‍වා දාතබ‍්බං. “භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච භික‍්ඛුනීනඤ‍්ච තුය‍්හඤ‍්චා”ති වුත‍්තෙ පන පුග‍්ගලො විසුං න ලභති, පාපුණනට‍්ඨානතො එකමෙව ලභති. කස‍්මා? භික‍්ඛුසඞ‍්ඝග‍්ගහණෙන ගහිතත‍්තා. “භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච භික‍්ඛුනීනඤ‍්ච තුය‍්හඤ‍්ච චෙතියස‍්ස චා”ති වුත‍්තෙපි චෙතියස‍්ස එකපුග‍්ගලපටිවීසො ලබ‍්භති, පුග‍්ගලස‍්ස විසුං න ලබ‍්භති, තස‍්මා එකං චෙතියස‍්ස දත්‍වා අවසෙසං භික‍්ඛූ ච භික‍්ඛුනියො ච ගණෙත්‍වා භාජෙතබ‍්බං.

‘භික්‍ෂු සඞ්ඝයාටද, භික්‍ෂුණීන්ටද දෙමි’යි කීකල්හි මැදින් කඩා නොදියයුතුය. භික්‍ෂූන්ද භික්‍ෂූණීන්ද ගැණ දියයුතුය. ‘භික්‍ෂු සඞ්ඝයාටද භික්‍ෂුණීන්ටද යුෂ්මත්හටදැ’යි කියූ කල්හි පුද්ගල තෙමේ වෙන්ව නොලබන්නේය. තමන්ගේ වස් ගණනින් පැමිණිය යුතු තැනින් එක් කොටසක්ම ලබයි. කුමක් හෙයින, යත්: භික්‍ෂු සඞ්ඝග්‍රහණයෙන්ම ගත් බැවිනි. ‘භික්‍ෂු සඞ්ඝයාටද භික්‍ෂුණීන්ටද යුෂ්මත්හටද චෛත්‍යයටදැයි කියූකල්හිද චෛත්‍යයට එක් පුද්ගලයකුහට දියයුතු කොටස ලැබේ. එහෙයින් එක් කොටසක් චෛත්‍යයටදී සෙස්ස භික්‍ෂූන්ද භික්‍ෂුණීන්ද ගැණ බෙදිය යුතුය.

“භික‍්ඛූනඤ‍්ච භික‍්ඛුනීනඤ‍්ච දම‍්මී”ති වුත‍්තෙපි මජ‍්ඣෙ භින්‍දිත්‍වා න දාතබ‍්බං, පුග‍්ගලගණනාය එව විභජිතබ‍්බං. “භික‍්ඛූනඤ‍්ච භික‍්ඛුනීනඤ‍්ච තුය‍්හඤ‍්ච චෙතියස‍්ස චා”ති එවං වුත‍්තෙපි චෙතියස‍්ස එකපුග‍්ගලපටිවීසො ලබ‍්භති, පුග‍්ගලස‍්ස විසුං නත්‍ථි, භික‍්ඛූ ච භික‍්ඛුනියො ච ගණෙත්‍වා එව භාජෙතබ‍්බං. යථා ච භික‍්ඛුසඞ‍්ඝං ආදිං කත්‍වා නයො නීතො, එවං භික‍්ඛුනිසඞ‍්ඝං ආදිං කත්‍වාපි නෙතබ‍්බො. “භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච තුය‍්හඤ‍්චා”ති වුත‍්තෙ පුග‍්ගලස‍්ස විසුං න ලබ‍්භති, වස‍්සග‍්ගෙනෙව ගහෙතබ‍්බං. “භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච චෙතියස‍්ස චා”ති වුත‍්තෙ පන චෙතියස‍්ස විසුං පටිවීසො ලබ‍්භති. “භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච තුය‍්හඤ‍්ච චෙතියස‍්ස චා”ති වුත‍්තෙපි චෙතියස‍්සෙව ලබ‍්භති, න පුග‍්ගලස‍්ස.

‘භික්‍ෂූන්ටද භික්‍ෂුණීන්ටද දෙමි’යි කියූකල්හිද මැදින් කඩා නොදිය යුතුය. පුද්ගලයන් ගණනින්ම බෙදිය යුතුය. ‘භික්‍ෂූන්ටද භික්‍ෂුණීන්ටද යුෂ්මත්හටද චෛත්‍යයටදැයි මෙසේ කියූ කල්හි චෛත්‍යයට එක්පුද්ගලයෙක්හට දියයුතු කොටස ලැබේ. පුද්ගලයාහට වෙන්වූ කොටසක් නැත්තේය. භික්‍ෂූන්ද භික්‍ෂුණීන්ද ගැණම බෙදිය යුතුය. යම්සේ භික්‍ෂු සඞ්ඝයා ආදිකොට ක්‍රමයෙක් පමුණුවන ලද්දේ ද, එසේ භික්‍ෂුණී සඞ්ඝයා ආදිකොටද පැමිණවිය යුත්තේය. ‘භික්‍ෂු සඞ්ඝයාටද යුෂ්මත්හටදැ’යි කියූකල්හි පුද්ගලයාහට වෙන්ව නොලැබේ. වස්ගණනින්ම ගතයුතුය. ‘භික්‍ෂු සඞ්ඝයාටද චෛත්‍යයටදැ’යි කියූ කල්හි චෛත්‍යයට වෙන්ව කොටසක් ලැබේ. ‘භික්‍ෂුවටද යුෂ්මත්ටද චෛත්‍යයටදැ’යි කියූ කල්හි චෛත්‍යයටම ලැබේ. පුද්ගලයාහට නොලැබේ.

“භික‍්ඛූනඤ‍්ච තුය‍්හඤ‍්චා”ති වුත‍්තෙපි විසුං න ලබ‍්භති. “භික‍්ඛූනඤ‍්ච චෙතියස‍්ස චා”ති වුත‍්තෙ පන චෙතියස‍්ස ලබ‍්භති. “භික‍්ඛූනඤ‍්ච තුය‍්හඤ‍්ච චෙතියස‍්ස චා”ති වුත‍්තෙපි චෙතියස‍්සෙව විසුං ලබ‍්භති, න පුග‍්ගලස‍්ස. භික‍්ඛුනිසඞ‍්ඝං ආදිං කත්‍වාපි එවමෙව යොජෙතබ‍්බං.

භික්‍ෂුණීසඞ්ඝයා ආදිකොටද මෙපරිද්දෙන්ම යෙදිය යුතුය.

පුබ‍්බෙ බුද‍්ධප‍්පමුඛස‍්ස උභතොසඞ‍්ඝස‍්ස දානං දෙන‍්ති, භගවා මජ‍්ඣෙ නිසීදති, දක‍්ඛිණතො භික‍්ඛූ වාමතො භික‍්ඛුනියො නිසීදන‍්ති, භගවා උභින‍්නං සඞ‍්ඝත්‍ථෙරො , තදා භගවා අත‍්තනා ලද‍්ධපච‍්චයෙ අත‍්තනාපි පරිභුඤ‍්ජති, භික‍්ඛූනම‍්පි දාපෙති. එතරහි පන පණ‍්ඩිතමනුස‍්සා සධාතුකං පටිමං වා චෙතියං වා ඨපෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස උභතොසඞ‍්ඝස‍්ස දානං දෙන‍්ති. පටිමාය වා චෙතියස‍්ස වා පුරතො ආධාරකෙ පත‍්තං ඨපෙත්‍වා දක‍්ඛිණොදකං දත්‍වා බුද‍්ධානං දෙමාති, තත්‍ථ යං පඨමං ඛාදනීයං භොජනීයං දෙන‍්ති, විහාරං වා ආහරිත්‍වා ඉදං චෙතියස‍්ස දෙමාති පිණ‍්ඩපාතඤ‍්ච මාලාගන්‍ධාදීනි ච දෙන‍්ති, තත්‍ථ කථං පටිපජ‍්ජිතබ‍්බන‍්ති? මාලාගන්‍ධාදීනි තාව චෙතියෙ ආරොපෙතබ‍්බානි, වත්‍ථෙහි පටාකා, තෙලෙන පදීපා කාතබ‍්බා, පිණ‍්ඩපාතමධුඵාණිතාදීනි පන යො නිබද‍්ධචෙතියජග‍්ගකො හොති පබ‍්බජිතො වා ගහට‍්ඨො වා, තස‍්සෙව දාතබ‍්බානි. නිබද‍්ධජග‍්ගකෙ අසති ආහටභත‍්තං ඨපෙත්‍වා වත‍්තං කත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. උපකට‍්ඨෙ කාලෙ භුඤ‍්ජිත්‍වා පච‍්ඡාපි වත‍්තං කාතුං වට‍්ටතියෙව.

පෙර බුද්ධ ප්‍රමුඛ උභතො සඞ්ඝයාට දන් දෙත්. භාග්‍යවතුන් වහන්සේ මැද වැඩ හිඳින සේක. දකුණු පසින් භික්‍ෂූහු, වම් පසින් භික්‍ෂුණීහු හිඳිත්. භාග්‍යවතුන් වහන්සේ දෙපක්‍ෂයෙහි සඞ්ඝස්ථවිර වන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේ ලද ප්‍රත්‍යය තමන්වහන්සේද වලඳන සේක. භික්‍ෂූන්ටද දෙවා වදාරණ සේක. දැන් වනාහි පණ්ඩිත මනුෂ්‍යයෝ ධාතුසහිතවූ ප්‍රතිමාවක් හෝ චෛත්‍යයක් හෝ තබා බුද්ධ ප්‍රමුඛ උභතො සඞ්ඝයාට දන්දෙත්. ප්‍රතිමාවෙහි හෝ චෛත්‍යයෙහි හෝ ඉදිරියෙහිවූ ආධාරකයෙහි පාත්‍රය තබා දක්‍ෂණෙදකයදී ‘බුදුරජුන්ට දෙමු’යි එහි පළමු කෑයුතුදැයද බිඳියයුතු දැයද දෙත්. විහාරයට හෝ ගෙන අවුත් ‘මේ දැය චෛත්‍යයට දෙමු’යි පිණ්ඩපාතයද මාලාගන්‍ධාදියද දෙත්. එහි කෙසේ පිළිපැදිය යුතුද, යත්: මාලාගන්‍ධාදිය වනාහි චෛත්‍යයෙහි ආරොපණය කටයුතුය. වස්ත්‍රයන්ගෙන් පතාකාද, තෙලින් ප්‍රදීපයෝද, කටයුත්තාහ. පිණ්ඩපාත මධුඵාණිතාදිය වනාහි යමෙක් නිතර සෑය පිළිදැගුම් කරන්නෙක් වේනම් පැවිද්දෙක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, ඔහුට දියයුතුය. නිතර පිළිදැගුම් කරන්නකු නැති කල්හි ගෙනාපාත්‍රය තබා වත්කොට වැලදීම සුදුසුය. කාලය එළඹසිටිකල්හි අනුභවකොට පසුද වත්කළ යුතුමය.

මාලාගන්‍ධාදීසු ච යං කිඤ‍්චි “ඉදං හරිත්‍වා චෙතියස‍්සපූජං කරොථා”ති වුත‍්තෙ දූරම‍්පි හරිත්‍වා පූජෙතබ‍්බං. “භික‍්ඛං සඞ‍්ඝස‍්ස හරා”ති වුත‍්තෙපි හරිතබ‍්බං. සචෙ පන “අහං පිණ‍්ඩාය චරාමි, ආසනසාලාය භික‍්ඛූ අත්‍ථි, තෙ ආහරිස‍්සන‍්තී”ති වුත‍්තෙ “භන‍්තෙ තුය‍්හංයෙව දම‍්මී”ති වදති, භුඤ‍්ජිතුං වට‍්ටති. අථ පන “භික‍්ඛුසඞ‍්ඝස‍්ස දස‍්සාමී”ති හරන‍්තස‍්ස ගච‍්ඡතො අන‍්තරාව කාලො උපකට‍්ඨො හොති, අත‍්තනො පාපෙත්‍වා භුඤ‍්ජිතුං වට‍්ටති.

මාලාගන්‍ධාදීන් අතුරෙහි යම් කිසිවක් ‘මෙය ගෙනගොස් සෑයට පූජාකරවු’යි කියූකල්හි දුරටද ගෙනගොස් පිදිය යුතුය. ‘භික්‍ෂු සඞ්ඝයාට ගෙනයව’යි කියූ කල්හිද ගෙනයායුතුය. ‘මම පිඬුපිණිස හැසිරෙමි, අසුන් හලෙහි භික්‍ෂූහු ඇත්තාහ. ඔවුහු ගෙන යන්නාහයි කියූ කල්හි ‘ස්වාමීනි’ ඔබවහන්සේටම දෙමි’යි කියාද, අනුභව කිරීම වරදක් නොවේ. එකල්හි වනාහි ‘භික්‍ෂු සඞ්ඝයාට දෙමි’යි ගෙන යන්නට යන අතරම කාලය එළඹ සිටියේ වේද, තමන්ට පමුණුවා වැලඳිය යුතුය.

වස‍්සංවුට‍්ඨසඞ‍්ඝස‍්ස දෙතීති විහාරං පවිසිත්‍වා “ඉමානි චීවරානි වස‍්සංවුට‍්ඨසඞ‍්ඝස‍්ස දම‍්මී”ති දෙති. යාවතිකා භික‍්ඛූ තස‍්මිං ආවාසෙ වස‍්සංවුට‍්ඨාති යත‍්තකා වස‍්සච‍්ඡෙදං අකත්‍වා පුරිමවස‍්සංවුට‍්ඨා, තෙහි භාජෙතබ‍්බං, අඤ‍්ඤෙසං න පාපුණාති. දිසාපක‍්කන‍්තස‍්සාපි සති පටිග‍්ගාහකෙ යාව කථිනස‍්සුබ‍්භාරා දාතබ‍්බං, අනත්‍ථතෙ පන කථිනෙ අන‍්තොහෙමන‍්තෙ එවඤ‍්ච වත්‍වා දින‍්නං, පච‍්ඡිමවස‍්සංවුට‍්ඨානම‍්පි පාපුණාතීති ලක‍්ඛණඤ‍්ඤූ වදන‍්ති. අට‍්ඨකථාසු පනෙතං න විචාරිතං.

“වස්සං වුත්‍ථසඞ්ඝස්ස දෙති” විහාරයට පිවිස ‘මේ සිවුරු වස්වසූ සඞ්ඝයාට දෙමි’යි දේද, “යාවතිකා භික්‍ඛු තස්මිං ආවාසෙ වස්සං වුත්‍ථා” යම්පමණ භික්‍ෂූහු වස්සිඳීම නොකොට පෙරවස් විසූවාහුද, ඔවුන් විසින් බෙදිය යුතුය. අන්‍යයන්හට නොපැමිණේ. දිග්ගියහුටද, ගන්නකු ඇති කල්හි කඨිනුද්ධාරය දක්වා දියයුතුය. කඨිනය නොඅතුළකල්හි වනාහි හෙමන්ත සෘතුව තුළ මෙසේද කියා දෙන ලද්ද, පසුවස් විසූවන්ටද පැමිණේයයි ලක්‍ෂණ දන්නාහු කියත්. අර්‍ත්‍ථකථාවන්හි වනාහි මේ ලක්‍ෂණය නොවිචාරණ ලද්දේය.

සචෙ පන බහිඋපචාරසීමායං ඨිතො “වස‍්සංවුට‍්ඨසඞ‍්ඝස‍්ස දම‍්මී”ති වදති, සම‍්පත‍්තානං සබ‍්බෙසං පාපුණාති. අථ “අසුකවිහාරෙ වස‍්සංවුට‍්ඨසඞ‍්ඝස‍්සා”ති වදති, තත්‍ර වස‍්සංවුට‍්ඨානමෙව යාව කථිනස‍්සුබ‍්භාරා පාපුණාති. සචෙ පන ගිම‍්හානං පඨමදිවසතො පට‍්ඨාය එවං වදති, තත්‍ර සම‍්මුඛීභූතානං සබ‍්බෙසං පාපුණාති. කස‍්මා? පිට‍්ඨිසමයෙ උප‍්පන‍්නත‍්තා. අන‍්තොවස‍්සෙයෙව “වස‍්සං වසන‍්තානං දම‍්මී”ති වුත‍්තෙ ඡින‍්නවස‍්සා න ලභන‍්ති, වස‍්සං වසන‍්තාව ලභන‍්ති. චීවරමාසෙ පන “වස‍්සං වසන‍්තානං දම‍්මී”ති වුත‍්තෙ පච‍්ඡිමිකාය වස‍්සූපගතානංයෙව පාපුණාති, පුරිමිකාය වස‍්සූපගතානඤ‍්ච ඡින‍්නවස‍්සානඤ‍්ච න පාපුණාති.

උපචාර සීමාවෙන් පිටත සිටියේ ‘වස්විසූ සඞ්ඝයාට දෙමි’යි කියානම් පැමිණි සියල්ලනට පැමිණේ. නැවත අසුවල් විහාරයෙහි වස්විසූ සඞ්ඝයාටය’යි කියානම් ඒ විහාරයෙහි වස්විසූවන්ටම කඨිනුද්ධාරය දක්වා ලැබෙන්නේය. ග්‍රිෂ්මඍතුවෙහි ප්‍රථමදිනය පටන් ‘වස්විසූවන්ට දෙමියි මෙසේ කියානම්, එහි හමුවූ සියල්ලන්ට ලැබෙන්නේය. කුමක්හෙයින, යත්: පිට්ඨිසමයෙහි උපන්බැවිනි. චීවර මාසයෙහි වස් වසන්නවුන්ට දෙමි’යි කියූකල්හි පසුවස් එළැඹියවුන්ටම ලැබෙන්නේය. පෙරවස් විසූවන්ටද සුන්වස් ඇත්තවුන්ටද නොලැබේ.

චීවරමාසතො පට‍්ඨාය යාව හෙමන‍්තස‍්ස පච‍්ඡිමො දිවසො, තාව වස‍්සාවාසිකං දෙමාති වුත‍්තෙ කථිනං අත්‍ථතං වා හොතු අනත්‍ථතං වා අතීතවස‍්සංවුට‍්ඨානමෙව පාපුණාති. ගිම‍්හානං පඨමදිවසතො පට‍්ඨාය වුත‍්තෙ පන මාතිකා ආරොපෙතබ‍්බා – “අතීතවස‍්සාවාසස‍්ස පඤ‍්ච මාසා අතික‍්කන‍්තා, අනාගතො චතුමාසච‍්චයෙන භවිස‍්සති, කතරවස‍්සාවාසස‍්ස දෙතී”ති? සචෙ “අතීතවස‍්සංවුට‍්ඨානං දම‍්මී”ති වදති, තංඅන‍්තොවස‍්සංවුට‍්ඨානමෙව පාපුණාති, දිසාපක‍්කන‍්තානම‍්පි සභාගා ගණ‍්හිතුං ලභන‍්ති.

චීවරමාසය පටන් හේමන්ත සෘතුව පිළිබඳ පැසුළු දිනය යම්තාක්ද ඒතාක් වස්සාවාසිකය දෙමුයි කියූ කල්හි කඨිනය අතුරණ ලද්දේ හෝ වේවා, නොඅතුරණ ලද්දේ හෝ වේවා, ඉකුත්වස් විසූවන්ටම ලැබෙන්නේය. ග්‍රීෂ්ම සෘතුව පිළිබඳ පළමුදිනය පටන් කියූ කල්හි මාතෘකාව ආරොපණය කටයුතුය. අතීතවස්සාවාසය පිළිබඳ පස්මසක් ඉක්මගියේය. අනාගතවස්සාවාසය තෙමේ සිවුමසක් ඇවෑමෙන් වන්නේය. කිනම් වස්සාවාසයකට දෙන්නෙහිදැ’යි විචාළයුතුය. ‘ඉකුත්වස විසූවන්ට දෙමි’යි කියානම්, ඒදුන් සිවුරු වසතුළ විසූවන්ටම ලැබේ. දිශාගියවුටද සභාගයෝ ගැනීම ලබත්.

සචෙ “අනාගතෙ වස‍්සාවාසිකං දම‍්මී”ති වදති, තං ඨපෙත්‍වා වස‍්සූපනායිකදිවසෙ ගහෙතබ‍්බං. අථ “අගුත‍්තො විහාරො, චොරභයං අත්‍ථි, න සක‍්කා ඨපෙතුං, ගණ‍්හිත්‍වා වා ආහිණ‍්ඩිතු”න‍්ති වුත‍්තෙ “සම‍්පත‍්තානං දම‍්මී”ති වදති, භාජෙත්‍වා ගහෙතබ‍්බං. සචෙ වදති “ඉතො මෙ භන‍්තෙ තතියෙ වස‍්සෙ වස‍්සාවාසිකං න දින‍්නං, තං දම‍්මී”ති, තස‍්මිං අන‍්තොවස‍්සෙ වුට‍්ඨභික‍්ඛූනං පාපුණාති. සචෙ තෙ දිසා පක‍්කන‍්තා, අඤ‍්ඤො විස‍්සාසිකො ගණ‍්හාති, දාතබ‍්බං. අථ එකොයෙව අවසිට‍්ඨො, සෙසා කාලඞ‍්කතා, සබ‍්බං එකස‍්සෙව පාපුණාති. සචෙ එකොපි නත්‍ථි, සඞ‍්ඝිකං හොති, සම‍්මුඛීභූතෙහි භාජෙතබ‍්බං.

‘අනාගතයෙහි වස්සාවාසිකය දෙමි’යි කියානම්, තබා වස්ඵළඹෙන දිනයෙහි ගතයුතුය. එකල්හි ‘විහාරය නොරක්නා ලද්දේය, සොරබිය ඇත්තේය, තබන්නට නොහැකිය, ගෙන හෝ හැසිරේවා’යි කියූ කල්හි පැමිණියවුන්ට දෙමි’යි කියානම්, බෙදා ගතයුතුය. ස්වාමීනි මෙයින් තෙවන වසෙහි මා විසින් වස්සාවාසිකය නොදෙන ලද්දේ ද, ඒ වස්සාවාසිකය දෙමි’යි කියානම් එහි වස තුළ විසූ භික්‍ෂූන්ට ලැබෙන්නේය. ඒ භික්‍ෂූහු දිශා ගියාහු නම්, අන් විස්වස් ඇතියෙක් ගනීනම් දිය යුතුය. එකල්හි එක් මහණෙක්ම ඉතිරි වූයේත් සෙස්සෝ කලුරිය කළාහුනම්, සියල්ල එකක්හටම ලැබෙන්නේය. එකෙකුදු නැත්නම්, සඞ්ඝික වේ. හමුවූවන් විසින් බෙදාගත යුතුය.

ආදිස‍්ස දෙතීති ආදිසිත්‍වා පරිච‍්ඡින්‍දිත්‍වා දෙති; යාගුයා වාතිආදීසු අයමත්‍ථො – යාගුයා වා…පෙ… භෙසජ‍්ජෙ වා ආදිස‍්ස දෙති. තත්‍රායං යොජනා – භික‍්ඛූ අජ‍්ජතනාය වා ස‍්වාතනාය වා යාගුයා නිමන‍්තෙත්‍වා තෙසං ඝරං පවිට‍්ඨානං යාගුං දෙති, යාගුං දත්‍වා පීතාය යාගුයා “ඉමානි චීවරානි, යෙහි මය‍්හං යාගු පීතා, තෙසං දම‍්මී”ති දෙති, යෙහි නිමන‍්තිතෙහි යාගු පීතා, තෙසංයෙව පාපුණාති. යෙහි පන භික‍්ඛාචාරවත‍්තෙන ඝරද‍්වාරෙන ගච‍්ඡන‍්තෙහි වා ඝරං පවිට‍්ඨෙහි වා යාගු ලද‍්ධා, යෙසං වා ආසනසාලතො පත‍්තං ආහරිත්‍වා මනුස‍්සෙහි නීතා, යෙසං වා ථෙරෙහි පෙසිතා, තෙසං න පාපුණාති. සචෙ පන නිමන‍්තිතභික‍්ඛූහි සද‍්ධිං අඤ‍්ඤෙපි බහූ ආගන‍්ත්‍වා අන‍්තොගෙහඤ‍්ච බහිගෙහඤ‍්ච පූරෙත්‍වා නිසින‍්නා, දායකො ච එවං වදති – “නිමන‍්තිතා වා හොන‍්තු අනිමන‍්තිතා වා, යෙසං මයා යාගු දින‍්නා, සබ‍්බෙසං ඉමානි වත්‍ථානි හොන‍්තූ”ති සබ‍්බෙසං පාපුණන‍්ති. යෙහි පන ථෙරානං හත්‍ථතො යාගු ලද‍්ධා , තෙසං න පාපුණන‍්ති. අථ සො “යෙහි මය‍්හං යාගු පීතා, සබ‍්බෙසං හොන‍්තූ”ති වදති, සබ‍්බෙසං පාපුණන‍්ති. භත‍්තඛාදනීයෙසුපි එසෙව නයො.

“ආදිස්ස දෙති” දක්වා පිරිසිද දෙයි “යාගුයා වා” යනාදි තන්හි මේ අර්‍ත්‍ථය වේ:- “යාගුයා වා -පෙ- භෙසජ්ජෙ වා” කැඳින් හෝ -පෙ- බෙහෙතින් හෝ පිරිසිඳ දෙයි. එහි මේ යොජනාය:- මහණුන්ට අද පිණිස හෝ හෙට පිණිස කැඳින් නිමන්ත්‍රණයකොට ගෙට පිවිසි ඔවුන්ට කැඳදේද, කැඳදී කැඳ වැලඳූ කල්හි ‘යම් කෙනකුන් විසින් මාගේ කැඳ වලඳන ලදද, ඔවුන්ට මේ සිවුරු දෙමි’යි දේනම් නිමන්ත්‍රණය කරණලද යම්කෙනෙකුන් විසින් කැඳ වලඳන ලදද, ඔවුන්ටම ලැබෙන්නේය. භික්‍ෂාචාරවතින් ඝරද්වාරයෙන් යන්නාවූ හෝ ගෙට පිවිසියාවූ හෝ යම් කෙනකුන් විසින් කැඳ ලදද, යම් කෙනකුන්ගේ හෝ අසුන් හලින් පාත්‍රය ගෙන අවුත් මිනිසුන් විසින් පමුණුවන ලදද, තෙරුන් විසින් යම් කෙනෙකුන්ට යවන ලදද, ඔවුන්ට නොලැබේ. නිමන්ත්‍රණයලද භික්‍ෂූන් සමග අන්‍යවූද බොහෝ භික්‍ෂූහු අවුත් ගෙය තුළද, ගෙයින් පිටතද පිරිහුන්නාහුද, දායකතෙමේද ‘නිමන්ත්‍රණය කරණ ලද්දාහු හෝ වෙත්වා, නිමන්ත්‍රණය නොකරණ ලද්දාහු හෝ වෙත්වා, මා විසින් යම් කෙනකුන්ට කැඳ දෙනලදද ඒ සියල්ලන්ට මේ වස්ත්‍ර වෙත්වා’යි මෙසේ කියානම්, සියල්ලන්ට වස්ත්‍ර ලැබෙත්. යම්කෙනකුන් විසින් තෙරුන්ගේ අතින් කැඳ ලදද, ඔවුන්ට නොලැබෙත්. එකල්හි හෙතෙමේ යම් කෙනකුන් විසින් මාගේ කැඳ වලඳන ලදද, ඒ සියල්ලන්ට වේවා’යි කියානම්, සියල්ලන්ට ලැබෙත්. බත්, කෑයුතුදැය ආදියෙහිද මේ නයමවේ.

චීවරෙ වාති පුබ‍්බෙපි යෙන වස‍්සං වාසෙත්‍වා භික‍්ඛූනං චීවරං දින‍්නපුබ‍්බං හොති, සො චෙ භික‍්ඛූ භොජෙත්‍වා වදති – “යෙසං මයා පුබ‍්බෙ චීවරං දින‍්නං, තෙසංයෙව ඉමං චීවරං වා සුත‍්තං වා සප‍්පිමධුඵාණිතාදීනි වා හොන‍්තූ”ති, සබ‍්බං තෙසංයෙව පාපුණාති. සෙනාසනෙ වාති යො මයා කාරිතෙ විහාරෙ වා පරිවෙණෙ වා වසති, තස‍්සිදං හොතූ”ති වුත‍්තෙ තස‍්සෙව හොති. භෙසජ‍්ජෙ වාති “මයං කාලෙන කාලං ථෙරානං සප‍්පිආදීනි භෙසජ‍්ජානි දෙම, යෙහි තානි ලද‍්ධානි, තෙසංයෙවිදං හොතූ”ති වුත‍්තෙ තෙසංයෙව හොති.

“චීවරෙ වා” පෙරද යමකු විසින් වස්වසවා භික්‍ෂූන්ට සිවුරු දෙනලද විරූද, හෙතෙමේ භික්‍ෂූන් වලදවා ‘පෙර මාවිසින් යම් කෙනකුන්ට සිවුරු දෙන ලදද, ඔවුන්ටම මේ සිවුරු හෝ නූල් හෝ ගිතෙල් හෝ මීහකුරු ආදීහු හෝ වෙත්වා’යි කියානම් සියල්ල ඔවුන්ටම ලැබේ. “සෙනාසනෙවා” යමෙක් මාවිසින් කරවන ලද විහාරයෙහි හෝ පිරිවෙණෙහි හෝ වසාද, මේ සිවුර ඔහුට වේවා’යි කියූකල්හි ඔහුටම වේ. “භෙසජ්ජෙ වා” අපි කලින් කල තෙරුන්ට ගිතෙල් ආදීවූ බෙහෙත් දෙමු, යම්කෙනකුන් විසින් ඒ බෙහෙත් ආදීහු ලද්දාහුද, ඔවුන්ටම වේවා’යි කියූකල්හි ඔවුන්ටම වේ.

පුග‍්ගලස‍්ස දෙතීති “ඉමං චීවරං ඉත්‍ථන‍්නාමස‍්ස දම‍්මී”ති එවං පරම‍්මුඛා වා පාදමූලෙ ඨපෙත්‍වා “ඉමං භන‍්තෙ තුම‍්හාකං දම‍්මී”ති එවං සම‍්මුඛා වා දෙති. සචෙ පන “ඉදං තුම‍්හාකඤ‍්ච තුම‍්හාකං අන‍්තෙවාසිකානඤ‍්ච දම‍්මී”ති එවං වදති, ථෙරස‍්ස ච අන‍්තෙවාසිකානඤ‍්ච පාපුණාති. උද‍්දෙසං ගහෙතුං ආගතො ගහෙත්‍වා ගච‍්ඡන‍්තො ච අත්‍ථි, තස‍්සාපි පාපුණාති. “තුම‍්හෙහි සද‍්ධිං නිබද‍්ධචාරිකභික‍්ඛූනං දම‍්මී”ති වුත‍්තෙ උද‍්දෙසන‍්තෙවාසිකානං වත‍්තං කත්‍වා උද‍්දෙසපරිපුච‍්ඡාදීනි ගහෙත්‍වා විචරන‍්තානං සබ‍්බෙසං පාපුණාති. අයං පුග‍්ගලස‍්ස දෙතීති ඉමස‍්මිං පදෙ විනිච‍්ඡයො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

“පුග්ගලස්ස දෙති” ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’යි මෙසේ නොහමුවෙහි හෝ පාමුල හෝ තබා ‘ස්වාමීනි’ මේ සිවුර යුෂ්මත්හට දෙමි’යි මෙසේ හමුවෙහි හෝ දේද? ‘මේ සිවුර යුෂ්මත්හටද, යුෂ්මතුන්ගේ අතවැසියන්ටද දෙමි’යි මෙසේ කියාද, තෙරුන්ටද අතවැසියන්ටද, ලැබෙන්නේය. උද්දෙසය ගන්නට ආයේද, උද්දෙසය ගෙන යන්නෙක්ද ඇත්තේනම් ඔහුටද ලැබේ. යුෂ්මතුන් සමග නිබද වසන මහණුන්ට දෙමි’යි කියූකල්හි උදෙස අතවැසිවූ. වත්කොට උද්දෙස පරිපුච්ඡාදිය ගෙන හැසිරෙණ සියල්ලට ලැබේ. මේ “පුග්ගලස්ස දෙති” යන මේ පදයෙහි විනිශ්චයයි සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

චීවරක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

චීවරක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.