චීවරක්ඛන්ධකං
8.
8.
චීවරක්ඛන්ධකං
චීවරක්ඛන්ධකය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන වෙසාලී ඉද්ධා චෙව හොති ඵිතා ච. බහුජනා ආකිණ්ණමනුස්සා. සුභික්ඛා ච. සත්ත ච පාසාදසහස්සානි සත්ත ච පාසාදසතානි සත්ත ච පාසාදා. සත්ත ච කූටාගාරසහස්සානි සත්ත ච කූටාගාරසතානි සත්ත ච කූටාගාරානි. සත්ත ච ආරාමසහස්සානි සත්ත ච ආරාමසතානි සත්ත ච ආරාමා. සත්ත ච පොක්ඛරණීසහස්සානි සත්ත ච පොක්ඛරණීසතානි සත්ත ච පොක්ඛරණියො. අම්බපාලී ච ගණිකා අභිරූපා හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. පදක්ඛිණා නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච. අභිසටා අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං. පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡති. තාය ච වෙසාලී භිය්යොසොමත්තාය උපසොභති.
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඒ කාලයෙහි වේසාලි නගරය සමෘද්ධ වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ ජනයන් ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුව සේ ලැබිය හැකි භික්ෂා ඇත්තේ ද වේ. සත්දහස්සත්සිය සතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සිය සතක් ආරාම ද වෙත්. සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී දැකුම් කලු ය. ප්රසාදජනක වූවා උතුම් වූ වර්ණසෞන්දර්ය්යයෙන් යුක්ත වූවා වේ. නැටීමෙහි ද ගී කීමෙහි ද වැයීමෙහි ද සමත් වූවා වේ. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත යන ලද්දී ය. රැයකට කහවණු පණසක් ගෙණ යෙයි. ඇය කරණ කොට වේසාලිය බොහෝ සෙයින් හොබියි.
2. අථ ඛො රාජගහිකො නෙගමො වෙසාලිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අද්දසා ඛො රාජගහිකො නෙගමො වෙසාලිං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සඤ්ච සුභික්ඛඤ්ච, සත්ත ච පාසාදසහස්සානි සත්ත ච පාසාදසතානි සත්ත ච පාසාදෙ, සත්ත ච කූටාගාරසහස්සානි සත්ත ච කූටාගාරසතානි සත්ත ච කූටාගාරානි, සත්ත ච ආරාමසහස්සානි සත්ත ච ආරාමසතානි සත්ත ච ආරාමෙ, සත්ත ච පොක්ඛරණී සහස්සානි සත්ත ච පොක්ඛරණීසතානි සත්ත ච පොක්ඛරණියො, අම්බපාලිං ච ගණිකං අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං, පදක්ඛිණං නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච, අභිසටං අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං, පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡන්තිං, තාය ච වෙසාලිං භිය්යොසොමත්තාය උපසොභිතං.
2. එකල්හි රජගහනුවර වැසි කෙළෙඹි සමූහයක් තෙමේ කිසියම් කටයුත්තක් නිසා වේසාලියට ගියේ ය. රජගහ නුවර වැසි කෙළෙඹියෝ සමෘද්ධිමත් වූ සම්පූර්ණ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් සුව සේ ලැබිය හැකි භික්ෂා ඇති, සත්දහස්සත්සියසතක් ප්‍රාසාද ද, සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද, සත්දහස්සත්සියසතක් ආරාම ද, සත්දහස්සත්සියසතක් පොකුණු ද, මනා රූ ඇති දැකුම්කලු වූ ප්රසාදජනක වූ උතුම් වූ, වර්‍ණසම්පත්තියෙන් යුත් නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්ෂ වූ, ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන, රැයකට කහවණු පණසක් ගෙණ යන්නා වූ (=අය කරණ) අම්බපාලී ගණිකාව ද, ඇය නිසා බොහෝ සෙයින් හොබනා වූ වේසාලිය ද දුටුවෝ ය.
3. අථ ඛො රාජගහිකො නෙගමො වෙසාලියං තං කරණීයං තීරෙත්වා පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි. යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “වෙසාලී දෙව, ඉද්ධා චෙව ඵිතා ච. බහුජනා ආකිණ්ණමනුස්සා. සුභික්ඛා ච. සත්ත ච පාසාදසහස්සානි සත්ත ච පාසාදසතානි සත්ත ච පාසාදා. සත්ත ච කූටාගාරසහස්සානි සත්ත ච කූටාගාරසතානි සත්ත ච කූටාගාරානි. සත්ත ච ආරාමසහස්සානි සත්ත ච ආරාමසතානි සත්ත ච ආරාමා. සත්ත ච පොක්ඛරණීසහස්සානි සත්ත ච පොක්ඛරණීසතානි සත්ත ච පොක්ඛරණියො. අම්බපාලි ච ගණිකා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. පදක්ඛිණා නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච. අභිසටා අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං. පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡති. තාය ච වෙසාලී භිය්යොසොමත්තාය උපසොභති. සාධු දෙව, මයම්පි ගණිකං වුත්ථාපෙය්යාම”ති. “තෙන හි, භණෙ, තාදිසං කුමාරිං ජානාථ, යං තුම්හෙ තාදිසං ගණිකං වුත්ථාපෙය්යාථා”ති.
3. ඉක්බිති රජගහ නුවර වැසි කෙළෙඹි සමූහය වේසාලියෙහි ඒ කටයුත්ත අවසන් කොට නැවැත රජගහ නුවරට පෙරළා ආයේ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු වෙත ගියේය. ගොස් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට “දේවයන් වහන්ස, වේසාලිය සමෘද්ධිමත් ය. සම්පූර්ණය. බොහෝ ජනයා ඇත්තී ය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තී ය. සුවසේ ලැබිය හැකි භික්ෂා ද ඇත්තී ය. සත්දහස්සත්සියසතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සියසතක් ආරාමයෝ ද වෙත්, සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත ය. නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්ෂ ය. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන ලද්දී ය. රැයකට පණසක් ගෙණ යයි. (=අය කරයි). ඇය නිසා වේසාලිය බොහෝ සෙයින් හොබනී ය. “දේවයන් වහන්ස, අපිත් ගණිකාවක තබන්නෙමු නම්, යෙහෙකැ” යි කීයේ ය. “කොලෙනි, එසේ නම්, තෙපි එබඳු වූ යම් ගණිකාවක තබන්නහු නම්, එබඳු වූ කුමාරිකාවක සොයා දනිවු” යී රජතෙම කී ය.
4. තෙන ඛො පන සමයෙන රාජගහෙ සාලවතී නාම කුමාරිකා අභිරූපා හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. අථ ඛො රාජගහිකො නෙගමො සාලවතිං කුමාරිං ගණිකං වුත්ථාපෙසි. අථ ඛො සාලවතී ගණිකා න චිරස්සෙව පදක්ඛිණා අහොසි නච්චෙ ච ගීතෙ ච වාදිතෙ ච. අභිසටා අට්ඨිකානං අට්ඨිකානං මනුස්සානං. පටිසතෙන ච රත්තිං ගච්ඡති.
4. ඒ කාලයෙහි රජගහ නුවර සාලවතී නම් කුමාරිකා තොමෝ මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත වූවා වේ. එහෙයින් රජගහනුවර වැසි කෙළෙඹිසමූහය සාලවතී කුමරිය ගණිකාවක කොට තැබීය. ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ දවසකින් ම නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්ෂ වූවා ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් එළඹෙන ලද්දී ය. රැයකට කහවණු සියය බැගින් ගෙණ යයි.
5. අථ ඛො සාලවතී ගණිකා න චිරස්සෙව ගබ්භිනී අහොසි. අථ ඛො සාලවතියා ගණිකාය එතදහොසි: “ඉත්ථී ඛො ගබ්භිනී පුරිසානං අමනාපා හොති. සචෙ මං කො චි ජානිස්සති: ‘සාලවතී ගණිකා ගබ්භිනී’ති සබ්බො මෙ සක්කාරො පරිහායිස්සති. යන්නූනාහං ගිලානං පටිවෙදෙය්ය”න්ති. අථ ඛො සාලවතී ගණිකා දොවාරිකං ආණාපෙසි: “මා භණෙ දොවාරික, කො චි පුරිසො පාවිසි. යො ච මං පුච්ඡති, ගිලානාති පටිවෙදෙහී”ති. “එවං අය්යෙ”ති ඛො සො දොවාරිකො සාලවතියා ගණිකාය පච්චස්සොසි. අථ ඛො සාලවතී ගණිකා තස්ස ගබ්භස්ස පරිපාකමන්වාය පුත්තං විජායි. අථ ඛො සාලවතී ගණිකා දාසිං ආණාපෙසි: “හන්ද ජෙ, ඉමං දාරකං කත්තරසුප්පෙ පක්ඛිපිත්වා නීහරිත්වා සඞ්කාරකූටෙ ඡඩ්ඩෙහී”ති. “එවං අය්යෙ”ති ඛො සා දාසී සාලවතියා ගණිකාය පටිස්සුත්වා තං දාරකං කත්තරසුප්පෙ පක්ඛිපිත්වා නීහරිත්වා සඞ්කාරකූටෙ ඡඩ්ඩෙසි.
5. ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ කලකින් ම ගැබිනී වූවා ය. එකල්හි සාලවතී ගණිකාවට “ස්ත්‍රිය ගැබිනී වූවා පුරුෂයන්ගේ මන නො වඩන්නී ය. ‘සාලවතී ගණිකාව ගැබිනී වූවා’ යි ඉදින් කිසිවෙක් මා දන්නේ නම්, මාගේ සියලු සත්කාරය පිරිහෙන්නේ ය. මම ගිලන්මි’ යි දන්වන්නෙම් නම්, යෙහෙකැ”යි සිත් වි ය. ඉක්බිති සාලවතී ගණිකාව “කොල දොරටුපාලය, කිසි පුරුෂයෙක් (මා වෙත) නො පැමිණේවා. යමෙක් මා ගැණ විචාරා නම්, ගිලන් වූවා යි දන්වාලව” යි දොරටු පාලයාට අණ කළා ය. ඒ දොරටුපල්තෙමේ “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි සාලවතී ගණිකාවට පිළිවදන් දුන්නේ ය. ඒ අතර සාලවතී ගණිකාව ඒ දරුගැබ මේරීමට පැමිණීමෙන් පුතකු වැදුවා ය. එකල්හි සාලවතී ගණිකාව “කෙල්ල මේ දරුවා දිරූ කුල්ලෙක බහා කසළගොඩෙක ලව” යි දාසියට අණ කළා ය. “ආර්‍ය්‍යාව, එසේ ය” යි ඒ දාසිය සාලවතී ගණිකාවට පිළිවදන් දී ඒ දරු දිරූ කුල්ලෙක බහා ගෙණ ගොස් කසළගොඩෙක බැහුවා ය.
6. තෙන ඛො පන සමයෙන අභයො නාම රාජකුමාරො කාලස්සෙව රාජුපට්ඨානං ගච්ඡන්තො අද්දස තං දාරකං කාකෙහි සම්පරිකිණ්ණං. දිස්වාන මනුස්සෙ පුච්ඡි: “කිං එතං භණෙ, කාකෙහි සම්පරිකිණ්ණ”න්ති. “දාරකො දෙවා”ති. “ජීවති භණෙ”ති. “ජීවති දෙවා”ති. “තෙන හි භණෙ, තං දාරකං අම්හාකං අන්තෙපුරං නෙත්වා ධාතීනං දෙථ පොසෙතු”න්ති. “එවං දෙවා”ති ඛො තෙ මනුස්සා අභයස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා තං දාරකං අභයස්ස රාජකුමාරස්ස අන්තෙපුරං නෙත්වා ධාතීනං අදංසු “පොසෙථා”ති. තස්ස ජීවතී ති ‘ජීවකො’ති නාමං අකංසු. කුමාරෙන පොසාපිතොති “කොමාරභච්චො”ති නාමං අකංසු.
6. ඒ වේලෙහි අභයරාජකුමාර තෙමේ කලින් ම (=උදෑසනින්) රාජෝපස්ථානයට යන්නේ කවුඩන් විසින් වට කර ගත් ඒ දරු දුටුයේ ය. දැක “කොලෙනි, කවුඩන් විසින් වට කර ගත් මෙය කුමක් දැ” යි මිනිසුන් විචාළේ ය. “දේවයන් වහන්ස, දරුවෙක”. “කොලෙනි, ජීවත් වේ ද?”. “දේවයන් වහන්ස, ජීවත් වේ”. “කොලෙනි, එසේ නම් ඒ දරු අපගේ අන්තඃපුරයට ගෙණ ගොස් පෝෂණය කරන්නට කිරිමවුන්ට දෙවු”. “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මිනිස්සු අභයරාජකුමාරයාහට පිළිවදන් දී ඒ දරු අභයරාජකුමාරය ගේ අන්තඃපුරයට ගෙණ ගොස් “(මේ දරු) පෝෂණය කරවු” යි කිරිමවුන්ට දුන්හ. ඒ දරුවාට ජීවත් වේ යි යන අරුතෙන් “ජීවක” යි නම් කළහ. අභයකුමරුන් විසින් පෝෂණය කරණ ලද්දේ නු යි “කෝමාරභච්ච” යි නම් කළහ.
7. අථ ඛො ජීවකො කොමාරභච්චො න චිරස්සෙව විඤ්ඤුතං පාපුණි. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන අභයො රාජකුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අභයං රාජකුමාරං එතදවොච: “කා මෙ දෙව, මාතා. කො පිතා”ති. “අහම්පි ඛො තෙ භණෙ ජීවක, මාතරං න ජානාමි. අපිචාහං තෙ පිතා. මයාසි පොසාපිතො”ති. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමානි ඛො රාජකුලානි න සුකරානි අසිප්පෙන උපජීවිතුං. යන්නූනාහං සිප්පං සික්ඛෙය්ය”න්ති.
7. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ නො බෝ කලකින් ම නුවණැතිබවට පැමිණියේ ය. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයන් වෙත ගියේ ය. ගොස්, “දේවයන් වහන්ස, මාගේ මව කවරී ද? පියා කවරෙක් දැ” යි අභයරාජකුමාරයන්ගෙන් ඇසී ය. “සගය, ජීවකය, මම ද තාගේ මව ගැණ නො ද නිමි. එහෙත් මම තාගේ පියා වෙමි. මා විසින් පෝෂණය කරවන ලද්දෙහි ය” යි. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “මේ රාජකුලයෝ ශිල්ප නූගතකු විසින් (ශිල්ප නො ඉගෙණ) ඇසුරු කොට ජීවත් වන්නට සුකර නො වෙත්. මම ශිල්ප ඉගෙණ ගන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
8. තෙන ඛො පන සමයෙන තක්කසිලායං දිසාපාමොක්ඛො වෙජ්ජො පටිවසති. අථ ඛො ජීවකො කොමාරභච්චො අභයං රාජකුමාරං අනාපුච්ඡා යෙන තක්කසිලා යෙන සො වෙජ්ජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං වෙජ්ජං එතදවොච: “ඉච්ඡාමහං ආචරිය, සිප්පං සික්ඛිතු”න්ති. “තෙන හි භණෙ ජීවක, සික්ඛස්සූ”ති.
8. ඒ කාලයෙහි තක්සලා නුවර දිසාපාමොක් වෙදෙක් වාසය කරයි. ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයා නො විචාරා ම තක්සලා නුවර ඒ වෙදා වෙත ගියේ ය. ගොස් “ආචාර්ය්ය තුමනි, මම ශිල්ප ඉගෙණිමට කැමැත්තෙමි” යි ඒ වෙදාට කීයේ ය. “සගය ජීවකය, එසේ නම් උගනුව” යි.
9. අථ ඛො ජීවකො කොමාරභච්චො බහුඤ්ච ගණ්හාති ලහුඤ්ච ගණ්හාති සුට්ඨු ච උපධාරෙති. ගහිතඤ්චස්ස න පම්මුස්සති. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස සත්තන්නං වස්සානං අච්චයෙන එතදහොසි: “අහං ඛො බහුඤ්ච ගණ්හාමි. ලහුඤ්ච ගණ්හාමි. සුට්ඨු ච උපධාරෙමි. ගහිතඤ්ච මෙ න පම්මුස්සති. සත්ත ච මෙ වස්සානි අධීයන්තස්ස නයිමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායති. කදා ඉමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායිස්සතී”ති.
9. එතැන් සිට ජීවක කෝමාරභච්ච තෙමේ බොහෝ උගණියි. වහා ද උගණියි. මනා කොට දරයි. ඔහු විසින් උගත් දෙය නො නැසේ. ඉක්බිති ජීවක කෝමාරභච්චයාහට සත්වසක් ඉක්ම ගිය පසු “මම බොහෝ කොට උගණිමි. වහා ද උගණිමි. මනා කොට දරමි. මා විසින් උගත් දෙය ද නො නැසේ. සත්වසක් මුළුල්ලෙහි හදාරන්නා වූ මට මේ ශිල්පයාගේ කෙළවරෙක් නො පෙණේ. කවදා මේ ශිල්පයාගේ කෙළවර පෙණෙන්නේ දැ” යි සිත් වි ය.
10. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සො වෙජ්ජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං වෙජ්ජං එතදවොච: “අහං ඛො ආචරිය, බහුඤ්ච ගණ්හාමි. ලහුඤ්ච ගණ්හාමි. සුට්ඨු ච උපධාරෙමි. ගහිතඤ්ච මෙ න පම්මුස්සති. සත්ත ච මෙ වස්සානි අධීයන්තස්ස නයිමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායති. කදා ඉමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායිස්සතී”ති. “තෙන හි භණෙ, ජීවක, ඛණිත්තිං ආදාය තක්කසිලාය සමන්තා යොජනං ආහිණ්ඩිත්වා යං කිඤ්චි අභෙසජ්ජං පස්සෙය්යාසි තං ආහරා”ති. “එවං ආචරියා”ති ඛො ජීවකො කොමාරභච්චො තස්ස වෙජ්ජස්ස පටිස්සුත්වා ඛණිත්තිං ආදාය තක්කසිලාය සමන්තා යොජනං ආහිණ්ඩන්තො න කිඤ්චි අභෙසජ්ජං අද්දස.
10. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදා වෙත ගියේ ය. ගොස් ඒ වෙදාට “ආචාර්‍ය්‍යයන් වහන්ස, මම බොහෝ කොට ද උගණිමි. වහා ද උගණමි. මනා කොට දරමි. මා විසින් උගත් දෙය ද නො නැසේ. සත්අවුරුද්දක් මුළුල්ලෙහි හදාරන්නා වූ මට මේ ශිල්පයාගේ කෙළවරෙක් නො පෙණේ. කවර කලෙක මේ ශිල්පයාගේ කෙළවරෙක් පෙණෙන්නේ දැ” යි කීයේ ය. “ජීවකය, එසේ නම් (බිම කණින) යවුලක් ගෙණ තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිද බෙහෙත් නො වන්නා වූ යම් කිසිවක් දක්නෙහි ද, එය ගෙණ එව”. “ආචාර්‍ය්‍යයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදාට පිළිවදන් දී යවුලක් ගෙණ තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිදින්නේ බෙහෙත් නො වූ කිසිවක් නො දුටුයේ ය.
11. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සො වෙජ්ජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං වෙජ්ජං එතදවොච: “ආහිණ්ඩන්තොම්හි ආචරිය, තක්කසිලාය සමන්තා යොජනං. න කිඤ්චි අභෙසජ්ජං අද්දස”න්ති. “සික්ඛිතොසි භණෙ ජීවක, අලං තෙ එත්තකං ජීවිකායා”ති ජීවකස්ස කොමාරභච්චස්ස පරිත්තං පාථෙය්‍යං පාදාසි.
11. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ වෙදා වෙත ගියේ ය. ගොස් ඒ වෙදාට “ආචාර්‍ය්‍යයන් වහන්ස, තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිද්දෙම් වෙමි. බෙහෙත් නො වූ කිසිවක් නො දුටුවෙමි” යි කීයේ ය. “සගය ජීවකය, වෙදකම්හි හික්මුනේ වෙහි. තට ජීවත් වන්නට මෙතෙක් පමණැ” යි කියා ඒ ජීවක කෝමාරභච්චයාහට ස්වල්ප වූ මගවියදමක් දුන්නේ ය.
12. අථ ඛො ජීවකො කොමාරභච්චො තං පරිත්තං පාථෙය්‍යං ආදාය යෙන රාජගහං තෙන පක්කාමි. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස තං පරිත්තං පාථෙය්‍යං අන්තරාමග්ගෙ සාකෙතෙ පරික්ඛයං අගමාසි. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමෙ ඛො මග්ගා කන්තාරා අප්පොදකා අප්පභක්ඛා න සුකරා අපාථෙය්යෙන ගන්තුං. යන්නූනාහං පාථෙය්‍යං පරියෙසෙය්ය”න්ති.
12. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ස්වල්ප වූ ඒ මගවියදම ගෙණ රජගහනුවර බලා නික්ම ගියේ ය. එකල්හි ජීවක කෝමාරභච්චයාගේ ස්වල්ප වූ ඒ මගවියදම අතර මග සාකේතනුවර දී නිමාවට ගියේ ය. ඉක්බිති ජීවක කෝමාරභච්චයාහට “මේ කතරමග දිය නැත්තේ ය. කෑම නැත්තේ ය. මගවියදම නැතු ව යෑම පහසු නො වේ. (එහෙයින්) මම මගවියදම් සොයන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
13. තෙන ඛො පන සමයෙන සාකෙතෙ සෙට්ඨිභරියාය සත්තවස්සිකො සීසාබාධො හොති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසු. අථ ඛො ජීවකො කොමාරභච්චො සාකෙතං පවිසිත්වා මනුස්සෙ පුච්ඡි: “කො භණෙ, ගිලානො. කං තිකිච්ඡාමී”ති. “එතිස්සා ආචරිය, සෙට්ඨිභරියාය සත්තවස්සිකො සීසාබාධො. ගච්ඡ ආචරිය, සෙට්ඨිභරියං තිකිච්ඡාහී”ති.
13. එකල්හි සාකේත නුවර සිටුබිරිඳට සත් වසක් පැවැති හිසරුජාවෙක් වේ. ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් (බෙහෙත් කළෝ ද) ඇය රෝග නැත්තියක කරන්නට නො පොහොසත් වූහ. (එහෙත්) බොහෝ අමුරන් ගෙණ ගියහ. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සාකේත නුවරට පැමිණ මිනිසුන් ගෙන් “සගයෙනි, (මෙහි) කවරෙක් ගිලන් වූයේ වේ ද? කවරකුට පිළියම් කරම් දැ?” යි විචාළේ ය. “ආචාර්‍ය්‍යයෙනි, මේ සිටු බිරිඳට සත්අවුරුද්දක් පවත්නා හිසරුදාවක් තිබේ. ආචාර්‍ය්‍යයෙනි, යනු මැනවි. ඒ සිටුබිරිඳට පිළියම් කරව” යි කීහ.
14. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සෙට්ඨිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දොවාරිකං ආණාපෙසි: “ගච්ඡ භණෙ දොවාරික, සෙට්ඨිභරියාය පාවද” “වෙජ්ජො අය්යෙ, ආගතො. සො තං දට්ඨුකාමො”ති. “එවං ආචරියා”ති ඛො සො දොවාරිකො ජීවකස්ස කොමාරභච්චස්ස පටිස්සුත්වා යෙන සෙට්ඨිභරියා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිභරියං එතදවොච: “වෙජ්ජො අය්යෙ, ආගතො. සො තං දට්ඨුකාමො”ති. “කීදිසො භණෙ දොවාරික, වෙජ්ජො”ති. “දහරකො අය්යෙ”ති. “අලං භණෙ දොවාරික, කිං මෙ දහරකො වෙජ්ජො කරිස්සති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජාපි ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසූ”ති.
14. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ සිටුගැහැවිහුගේ ගෙට ගියේ ය. ගොස් දොරටුපාලයාහට “සගය, දොරටුපාලය, යව. ‘ආර්‍ය්‍යාවෙනි, වෙදෙක් ඇවිත් සිටි යි. ඒ වෙදා ඔබ දකිනු කැමැත්තේ ය’ යි සිටුබිරිඳට කියව” යි අණ කෙළේ ය. “ආචාර්‍ය්‍යයෙනි, එසේ ය” යි ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයාහට පිළිවදන් දී සිටුබිරිඳ වෙත ගියේ ය. ගොස්, “ආර්‍ය්‍යාවෙනි, වෙදෙක් ඇවිත් සිටි යි. ඒ වෙදා ඔබ දකිනු කැමැත්තේ ය” යි සිටුබිරිඳට දැන්වී ය. “සගය, දොරටුපාලය, වෙදා කෙබඳු ද?”. “ආර්‍ය්‍යාවෙනි, තරුණය”. “සගය, දොරටුපාලය, වැඩෙක් නැත. තරුණ වෙදෙක් මට කුමක් කරන්නේ ද? ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු ද අවුත් (මා) සුවපත් කරන්නට අසමර්ත්ථ වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ.”
15. අථ ඛො සො දොවාරිකො යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “සෙට්ඨිභරියා ආචරිය, එවමාහ: ‘අලං භණෙ දොවාරික, කිං මෙ දහරකො වෙජ්ජො කරිස්සති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසූ”ති.
15. ඉක්බිති ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයා වෙත ගියේ ය. ගොස් “ආචාර්‍ය්‍යයෙනි, සිටු බිරිඳ ‘සගය දොරටුපාලය, වැඩෙක් නැත. තරුණ වූ වෙදෙක් මට කුමක් කරන්නේ ද, ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු ද අවුත් (මා) සුවපත් කරන්නට අසමර්ත්ථ වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ යි කියා” යි ජීවක කෝමාරභච්චයාහට දැන්වී ය.
16. “ගච්ඡ භණෙ දොවාරික, සෙට්ඨිභරියාය පාවද:- ‘වෙජ්ජො අය්යෙ, එවමාහ: මා කිරය්යෙ, පුරෙ කිඤ්චි අදාසි. යදා අරොගා හොසි, තදා යං ඉච්ඡෙය්යාසි, තං දජ්ජෙය්යාසී”ති. “එවං ආචරියා”ති ඛො සො දොවාරිකො ජීවකස්ස කොමාරභච්චස්ස පටිස්සුත්වා යෙන සෙට්ඨිභරියා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිභරියං එතදවොච: “වෙජ්ජො අය්යෙ, එවමාහ: මා කිරය්යෙ, පුරෙ කිඤ්චි අදාසි. යදා අරොගා හොසි, තදා යං ඉච්ඡෙය්යාසි, තං දජ්ජෙය්යාසී”ති. “තෙන හි භණෙ දොවාරික, වෙජ්ජො ආගච්ඡතූ”ති. “එවං අය්යෙ”ති ඛො සො දොවාරිකො සෙට්ඨිභරියාය පටිස්සුත්වා යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “සෙට්ඨිභරියා තං ආචරිය, පක්කොසතී”ති .
16. “සගය, දොරටුපාලය, යව. ‘ආර්‍ය්‍යාවෙනි, සුවපත් කිරීමට පෙර කිසිවක් නො දේවා. යම් කලෙක සුවපත් වෙහි ද, එකල්හි යමක් (දෙනු) කැමැත්තෙහි නම්, එය දෙන්නෙහි’ යි ආර්‍ය්‍යාවෙනි, වෙදා මෙසේ කියා යි සිටු බිරිඳට කියව”. “ආචාර්‍ය්‍යයෙනි එසේය” යි. ඒ දොරටුපාල තෙමේ ජීවක කෝමාරභච්චයාහට පිළිවදන් දි සිටු බිරිඳ වෙත ගියේ ය. ගොස් “ආර්‍ය්‍යාවෙනි, වෙදා මෙසේ කියයි: ආර්‍ය්‍යාවෙනි, පිළියම් කිරීමට පෙර කිසිවක් නො දේවා. යම් කලෙක සුවපත් වෙහි ද, එකල්හි යමක් (දෙනු) කැමැත්තෙහි නම්, එය දෙන්නෙහි” යි සිටුබිරිඳට කීයේ ය. “සගය, දොරටුපාලය, එසේ නම් වෙදා ඒවා” යි. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ දොරටුපාල තෙමේ සිටුබිරිඳට පිළිවදන් දී ජීවක කෝමාරභච්චයා වෙත ගියේ ය. ගොස් “ආචාර්‍ය්‍යයෙනි, සිටුබිරිඳ ඔබ කැඳවා” යි ජීවක කොමාරභච්චහට දැන්වී ය.
17. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන සෙට්ඨිභරියා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිභරියාය විකාරං සල්ලක්ඛෙත්වා සෙට්ඨිභරියං එතදවොච: “පසතෙන මෙ අය්යෙ, සප්පිනා අත්ථො”ති . අථ ඛො සෙට්ඨිභරියා ජීවකස්ස කොමාරභච්චස්ස පසතං සප්පිං දාපෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො තං පසතං සප්පිං නානාභෙසජ්ජෙහි නිප්පචිත්වා සෙට්ඨිභරියං මඤ්චකෙ උත්තානං නිපජ්ජාපෙත්වා නත්ථුතො අදාසි. අථ ඛො තං සප්පිං නත්ථුතො දින්නං මුඛතො උග්ගඤ්ඡි. අථ ඛො සෙට්ඨිභරියා පටිග්ගහෙ නිට්ඨුභිත්වා දාසිං ආණාපෙසි: “හන්ද ජෙ, ඉමං සප්පිං පිචුනා ගණ්හාහී”ති.
17. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සිටුබිරිඳ වෙත ගියේ ය. ගොස් සිටුබිරිඳගේ රෝගය සලකා “ආර්‍ය්‍යාවෙනි, මට පතක් පමණ ගිතෙල් වුව මනා” යි සිටුබිරිඳට කීයේ ය. ඉක්බිති සිටුබිරිඳ ජීවක කෝමාරභච්චයාහට පතක් පමණ ගිතෙල් දෙවූ ය. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ ඒ පතක් පමණ ගිතෙල් නොයෙක් බෙහෙත් හා (මුසු කොට) පිස සිටුබිරිඳ ඇඳෙහි උඩුකුරු කොට හොවා නස්‍යය කෙළේ ය. එකල්හි නැහැයට වක් කළ ඒ ගිතෙල් මුවින් පිට වූයේ ය. ඉක්බිති සිටුබිරිඳ බඳුනෙක කාරා දමා “කෙල්ල, මේ ගිතෙල් පුලුන්රොදකින් ගණුව” යි දාසියට අණ කළා ය.
18. අථ ඛො ජීවකස්ස - කොමාරභච්චස්ස එතදහොසි: “අච්ඡරියං, යාව ලූඛායං ඝරණී, යත්ර හි නාම ඉමං ඡඩ්ඩනීයධම්මං සප්පිං පිචුනා ගාහාපෙස්සති. බහුකානි ච මෙ මහග්ඝානි මහග්ඝානි භෙසජ්ජානි උපගතානි. කිම්පිමායඞ්කිඤ්චි දෙය්යධම්මං දස්සතී”ති.
18. එවේලෙහි ජීවක කෝමාරභච්චයාහට “පුදුමයෙකි! මේ ගෙහඹුව ඉතා ලෝභ ඇත්තී ය. යම් හෙයකින් මැ මේ හළයුතු ගිතෙල පුළුන් රොදකින් ගන්වා ලූ ද, එ හෙයිනි. මාගේ ඉතා අගනා වූ බොහෝ බෙහෙත් ද (මෑට) වැය විය. මෝ යම් කිසි දෙයධර්‍මයක් කිම මට දෙන්නී” දැයි මේ සිත් විය.
19. අථ ඛො සෙට්ඨිභරියා ජීවකස්ස කොමාරභච්චස්ස විකාරං සල්ලක්ඛෙත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “කිස්ස ත්වං ආචරිය, විමනොසී”ති. ඉධ මෙ එතදහොසි: අච්ඡරියං යාව ලූඛායං ඝරණී, යත්ර හි නාම ඉමං ඡඩ්ඩනීයධම්මං සප්පිං පිචුනා ගාහාපෙස්සති. බහුකානි ච මෙ මහග්ඝානි මහග්ඝානි භෙසජ්ජානි උපගතානි. කිම්පිමායඞ්කිඤ්චි දෙය්යධම්මං දස්සතී”ති. “මයං ඛො ආචරිය, අගාරිකා නාම උපජානාමෙතස්ස සඤ්ඤමස්ස. වරමෙතං සප්පි දාසානං වා කම්මකරානං වා පාදබ්භඤ්ජනං වා පදීපකරණෙ වා ආසිත්තං. මා ත්වං ආචරිය, විමනො අහොසි. න තෙ දෙය්යධම්මො හායිස්සතී”ති.
19. ඉක්බිති ඒ සිටුබිරිඳ ජීවක කෝමාරභච්චයාගේ විකාරය (කළකිරීම) සලකා “ආචාර්‍ය්‍යයෙනි, ඔබ කුමක් නිසා නො සතුටු දැ?” යි ජීවක කෝමාරභච්චයා විචාළා ය. “පුදුමයෙකි! මේ ගෙහඹුව ඉතා ලෝභ ඇත්තී ය. යම් හෙයකින් මෑ මේ හළයුතු ගිතෙල පුලුන් රොදෙකින් ගන්වා ලූ ද, එහෙයිනි. මාගේ ඉතා අගනා බොහෝ බෙහෙත් ද (මෑට) වැය විය. මෝ මට යම්කිසි දෙයධර්‍මයක් (මිලක්) කිම දෙන්නී දැ යි මෙහි මට මේ අදහස වී ය”යි. හෙතෙමේ කී ය. “ඇදුර, අපි ගිහි ගෙයි වසන්නමෝ සකසුරුවමේ (රැක්මේ) අනුසස් දනුම්හ. මේ ගිතෙල් දාසයන්ගේ ද කම්කරුවන්ගේ ද පය ගැල්වීමට හෝ පහනක් දැල්වීමේ දී වත් කරණ ලද්දේ හෝ යහපත් ය. ඇදුර, ඔබ නො සතුටු නො වන්න. ඔබට දියයුතු දේ නො අඩු වන්නේ ය.” යි ඕ තොමෝ කීය.
20. අථ ඛො ජීවකො කොමාරභච්චො සෙට්ඨිභරියාය සත්තවස්සිකං සීසාබාධං එකෙනෙව නත්ථුකම්මෙන අපකඩ්ඪි. අථ ඛො සෙට්ඨිභරියා අරොගා සමානා ජීවකස්ස කොමාරභච්චස්ස චත්තාරි සහස්සානි පාදාසි. පුත්තො “මාතා මෙ අරොගාපිතා”ති චත්තාරි සහස්සානි පාදාසි. සුණිසා “සස්සු මෙ අරොගාපිතා”ති චත්තාරි සහස්සානි පාදාසි. සෙට්ඨිගහපති “භරියා මෙ අරොගාතා”ති චත්තාරි සහස්සානි පාදාසි දාසඤ්ච දාසිඤ්ච අස්සරථඤ්ච.
20. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ සිටුබිරිඳගේ සත් වසක් පැවැති හිසරුදාව එක ම නස්යකර්මයෙන් දුරු කෙළේ ය. ඉක්බිති සිටුබිරිඳ සුවපත් වූවා ජීවක කෝමාරභච්චයාහට සාරදහසක් දුන්නී ය. පුත්‍රයා ද “මාගේ මවු නීරෝග කරණ ලදැ” යි සාරදහසක් දුන්නේ ය. යෙහෙළිය “මගේ නැන්දා නීරෝග කරණ ලදැ” යි සාරදහසක් දුන්නී ය. සිටුගැහැවි තෙමේ “මගේ බිරිඳ නීරෝග කරණ ලදැ” යි සාරදහසක් ද දාසයකු ද දාසියක ද අශ්වරථයක් ද දුන්නේ ය.
21. අථ ඛො ජීවකො කොමාරභච්චො තානි සොළසසහස්සානි ආදාය දාසඤ්ච දාසිඤ්ච අස්සරථඤ්ච යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං යෙන අභයො රාජකුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අභයං රාජකුමාරං එතදවොච: “ඉදං මෙ දෙව, පඨමකම්මං සොළසසහස්සානි දාසො ච දාසී ච අස්සරථො ච. පතිගණ්හාතු මෙ දෙවො පොසාවනික”න්ති. “අලං භණෙ ජීවක, තුය්හෙව හොතු. අම්හාකඤ්ඤෙව අන්තෙපුරෙ නිවෙසනං මාපෙහී”ති. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො අභයස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා අන්තෙපුරෙ නිවෙසනං මාපෙසි.
21. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සොළොස් දහසත් දාසයාත් දාසියත් අශ්වරථයත් ගෙණ රජගහනුවර බලා නික්ම ගියේ ය. පිළිවෙළින් රජගහනුවරට ගොස් අභය රාජකුමාරයා වෙත එළඹියේ ය. එළඹ “දේවයන් වහන්ස, රන් සොළොස් දහසක් ද දාසයෙක් ද දාසියක් ද අශ්වරථයක් ද යන මෙතෙක් මගේ පළමු වෙදකමෙන් ලැබුනේ ය. දේවයන් වහන්සේ මා වැඩූ පෝසාවනික මිලයට මෙය පිළිගන්නා සේක්වා” යි අභයරාජකුමාරයාහට කීයේ ය. “සගය ජීවකය, කම් නැත. මේ තට ම වේවා. අපගේ ම නුවර තුළ ගෙයක් ගොඩ නගව” යි. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයාහට පිළිවදන් දි ඇතුල්නුවර ගෙයක් ගොඩ නැංවී ය.
22. තෙන ඛො පන සමයෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස භගන්දලාබාධො හොති. සාටකා ලොහිතෙන මක්ඛියන්ති. දෙවියො දිස්වා උප්පණ්ඩෙන්ති: “උතුනී’දානි දෙවො. පුප්ඵං දෙවස්ස උප්පන්නං. න චිරං දෙවො විජායිස්සතී”ති. තෙන රාජා මඞ්කු හොති.
22. ඒ කාලයෙහි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට භගන්දරාබාධය වේ. සළු ලෙයින් තැවරුණේ වේ. බිසෝවරු දැක “දැන් රජ තෙමේ උතුනී වේ. රජුට ඔසප් උපන. නො බෝ කලකින් රජ තෙමේ වදන්නේ ය” යි වෙහෙසත්. (කවටබස් කියත්.) එයින් රජ තෙමේ මංකු (=තෙද රහිත ව ලජ්ජිත) වේ.
23. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අභයං රාජකුමාරං එතදවොච: “මය්හං ඛො භණෙ අභය, තාදිසො ආබාධො. සාටකා ලොහිතෙන මක්ඛියන්ති. දෙවියො දිස්වා උප්පණ්ඩෙන්ති: “උතුනී’දානි දෙවො. පුප්ඵං දෙවස්ස උප්පන්නං. න චිරං දෙවො විජායිස්සතී”ති. “ඉඞ්ඝ භණෙ අභය, තාදිසං වෙජ්ජං ජානාහි යො මං තිකිච්ඡෙය්යා”ති. “අයං දෙව, අම්හාකං ජීවකො වෙජ්ජො තරුණො භද්රකො. සො දෙවං තිකිච්ඡිස්සතී”ති. “තෙන හි භණෙ අභය, ජීවකං වෙජ්ජං ආණාපෙහි. සො මං තිකිච්ඡිස්සතී”ති.
23. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ අභයරාජකුමාරයාහට “සගය අභය, මට මෙබඳු රෝගයෙක් වේ. සළු ලෙයින් වැකී යයි. බිසෝවරු දැක ‘දැන් රජ තෙමේ මල්වර ඇත්තේ වේ. රජුට ඔසප් උපන. රජ තෙමේ නොබෝ කලකින් වදන්නේ ය’යි කවටකම් කෙරෙත්”. “සගය, අභය, යමෙක් මට පිළියම් කරන්නේ ද, එබඳු වෙදකු දනුව” යි රජතෙමේ කීයේ ය. “දේවයන් වහන්ස, අපගේ මේ ජීවක වෙද තෙමේ තරුණ ය. භද්‍ර ය. කලණ ගුණ ඇත්තේ ය. හෙතෙමේ දේවයන් වහන්සේට පිළියම් කරන්නේ ය.” (රජතෙමේ) “සගය අභය, එසේ නම් ජීවක වෙදාට අණ කරව. හෙතෙමේ මට පිළියම් කරන්නේ ය”යි කී ය.
24. අථ ඛො අභයො රාජකුමාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ භණෙ ජීවක, රාජානං තිකිච්ඡාහී”ති. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො අභයස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා නඛෙන භෙසජ්ජං ආදාය යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “ආබාධං දෙව, පස්සාමා”ති.
24. ඉක්බිති අභයරාජකුමාර තෙමේ “සගය, ජීවකය, රජුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයාට පිළිවදන් දි බෙහෙතක් නියතුළ බහා ගෙණ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත ගියේ ය. ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, රෝගය බලමු” යි කීයේ ය.
25. අථ ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස භගන්දලාබාධං එකෙනෙව ආලෙපෙන අපකඩ්ඪි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අරොගො සමානො පඤ්ච ඉත්ථිසතානි සබ්බාලඞ්කාරං භූසාපෙත්වා ඔමුඤ්චාපෙත්වා පුඤ්ජං කාරාපෙත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “එතං භණෙ ජීවක, පඤ්චන්නං ඉත්ථිසතානං සබ්බාලඞ්කාරං තුය්හං හොතු”ති. “අලං දෙව, අධිකාරං මෙ දෙවො සරතු”ති. “තෙන හි භණෙ ජීවක, මං උපට්ඨහ. ඉත්ථාගාරඤ්ච බුද්ධපමුඛඤ්ච සඞ්ඝ”න්ති. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පච්චස්සොසි.
25. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුගේ භගන්දරාබාධය එක ම ආලේපයකින් බැහැර කෙළේ ය. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ නීරෝග වූයේ පන්සියයක් අඟනන් සියලු අබරණින් සරසවා, (නැවත) මුදවා පොට්ටනියක් කරවා ජීවකකෝමාරභච්ච හට “සගය ජීවකය, මේ පන්සියයක් අඟනන්ගේ සියලු අබරණ තට වේවා” යි කීයේ ය. ජීවක තෙමේ “දේවයන් වහන්ස, (මෙයින් මට) කම් නැත. දේවයන් වහන්සේ මාගේ අධිකාරය (ශ්‍රේෂ්ඨ) ක්‍රියාව සිහි කෙරෙත්වා” යි කී ය. “ජීවකය, එසේ නම් මටත් බුද්ධප්රමුඛසඞ්ඝයාටත් උපස්ථාන කරව”. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දුන්නේ ය.
26. තෙන ඛො පන සමයෙන රාජගහිකස්ස සෙට්ඨිස්ස සත්තවස්සිකො සීසාබාධො හොති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසු. අපි ච වෙජ්ජෙහි පච්චක්ඛාතො හොති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: “පඤ්චමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සති”ති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: “සත්තමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී”ති.
26. එකල්හි රජගහනුවර වැසි සිටුහු හට සත් අවුරුද්දක් සිට පැවැති හිස රුදාවෙක් වේ. ඉතා උසස් වූ බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් සුවපත් කරන්නට නො හැකි වූහ. බොහෝ අමුරන් – ගෙණ ගියහ. තව ද වෙදුන් විසින් ප්‍රතික්ෂේප කරණ ලද්දේ වේ. ඇතැම් වෙද්දු “සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය” යි මෙසේ කීහ. සමහර වෙද්දු “සිටුගැහැවි තෙමේ සත්වන දින කලුරිය කරන්නේ ය” යි මෙසේ කීහ.
27. අථ ඛො රාජගහිකස්ස නෙගමස්ස එතදහොසි: “අයං ඛො සෙට්ඨිගහපති බහුකාරො රඤ්ඤො චෙව නෙගමස්ස ච. අපි ච වෙජ්ජෙහි පච්චක්ඛාතො. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘පඤ්චමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී’ති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘සත්තමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී’ති. අයඤ්ච රඤ්ඤො ජීවකො වෙජ්ජො තරුණො භද්රකො. යන්නූන මයං රාජානං ජීවකං වෙජ්ජං යාචෙය්යාම සෙට්ඨිං ගහපතිං තිකිච්ඡිතු”න්ති.
27. ඉන් පසු රජගහනුවර වැසි කෙළෙඹි සමූහයාට “මේ සිටුගැහැවි තෙමේ රජුට ද කෙළෙඹි සමූහයාට ද බොහෝ උපකාර ඇත්තේ වේ. එහෙත් වෙදුන් විසින් හරණා ලද්දේ ය. සමහර වෙද්දු ‘සිටු ගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ සත්වන දින කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. රජුගේ මේ ජීවක වෙද තෙමේ තරුණ ය. භද්‍ර ය. අපි සිටු ගැහැවියාහට පිළියම් කරන්නට රජුගෙන් ජීවක වෙදා ඉල්ලන්නෙමු නම් යෙහෙකැ” යි සිත් වි ය.
28. අථ ඛො රාජගහිකො නෙගමො යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “අයං දෙව, සෙට්ඨිගහපති බහූපකාරො දෙවස්ස චෙව නෙගමස්ස ච. අපි ච වෙජ්ජෙහි පච්චක්ඛාතො. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘පඤ්චමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සතී’ති. එකච්චෙ වෙජ්ජා එවමාහංසු: ‘සත්තමං දිවසං සෙට්ඨිගහපති කාලං කරිස්සති’ති. සාධු දෙවො ජීවකං වෙජ්ජං ආණාපෙතු සෙට්ඨිං ගහපතිං තිකිච්ඡිතු”න්ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ භණෙ ජීවක, සෙට්ඨිං ගහපතිං තිකිච්ඡාහී”ති.
28. ඉක්බිති රජගහනුවර වැසි කෙළෙඹි ගණයා මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත ගියේ ය. ගොස්, “දේවයන් වහන්ස, මේ සිටු ගැහැවි තෙමේ දේවයන් වහන්සේට ද කෙළෙඹි ගණයාට ද බොහෝ උපකාර ඇත්තේ වේ. තවද වෙදුන් විසින් හරණා ලද්දේ ය. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි. මෙසේ කීහ. සමහර වෙද්දු ‘සිටුගැහැවි තෙමේ සත්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීහ. දේවයන් වහන්සේ සිටුගැහැවියාට පිළියම් කරන්නට ජීවක වෙදාට අණ කෙරෙත්වා” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට කී ය. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ “සගය ජීවකය, යව. සිටුගැහැවියාහට පිළියම් කරව” යි ජීවක කොමාරභච්චහට අණ කෙළේ ය.
29. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා යෙන සෙට්ඨි ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙට්ඨිස්ස ගහපතිස්ස විකාරං සල්ලක්ඛෙත්වා සෙට්ඨිං ගහපතිං එතදවොච: “සචාහං තං ගහපති, අරොගාපෙය්යං, කිං මෙ අස්ස දෙය්යධම්මො”ති. “සබ්බං සාපතෙය්යඤ්ච තෙ ආචරිය, හොතු. අහඤ්ච තෙ දාසො”ති. “සක්ඛිස්සසි පන ත්වං ගහපති, එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්කොමහං ආචරිය, එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්ඛිස්සසි පන ත්වං ගහපති, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්කොමහං, ආචරිය, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්ඛිස්සසි පන ත්වං ගහපති, උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සක්කොමහං ආචරිය, උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති.
29. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට පිළිවදන් දී සිටුගැහැවියා වෙත ගියේ ය. ගොස් සිටුගැහැවියාගේ රෝගය සලකා “ගැහැවිය, ඉදින් මම ඔබ නීරෝග කරන්නෙම් නම්, මට දිය යුතු දෙය කුමක් වන්නේ දැ” යි සිටුගැහැවියාට කීයේ ය. “ඇදුර, සියලු සම්පත් ඔබට වේවා. මමත් ඔබට දාසයෙක් වෙමි”. “ගැහැවිය, සත්මසක් එක් ඇළයකින් හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් එක් ඇළයකින් හොවින්ට මම සමත් වෙමි”. “ගැහැවිය, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට මම සමත් වෙමි.” “ගැහැවිය, සත්මසක් උඩුකුරු ව හොවින්ට ඔබ සමත් ද?” “ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම පොහොසත් වෙමි”.
30. අථ ඛො ජීවකො කොමාරභච්චො සෙට්ඨිං ගහපතිං මඤ්චකෙ නිපප්ජාපෙත්වා මඤ්චකෙන සම්බන්ධිත්වා සීසච්ඡවිං ඵාලෙත්වා සිබ්බනිං විනාමෙත්වා ද්වෙ පාණකෙ නීහරිත්වා ජනස්ස දස්සෙසි: “පස්සෙය්යාථ ඉමෙ ද්වෙ පාණකෙ එකං ඛුද්දකං එකං මහල්ලකං. යෙ තෙ ආචරියා එවමාහංසු: ‘පඤ්චමං දිවසං සෙට්ඨි ගහපති කාලං කරිස්සති’ති, තෙහායං මහල්ලකො පාණකො දිට්ඨො. පඤ්චමං දිවසං සෙට්ඨිස්ස ගහපතිස්ස මත්ථලුඞ්ගං පරියාදියිස්සති. මත්ථලුඞ්ගස්ස පරියාදානා සෙට්ඨි ගහපති කාලං කරිස්සති. සුදිට්ඨො තෙහි ආචරියෙහි. යෙපි තෙ ආචරියා එවමාහංසු: ‘සත්තමං දිවසං සෙට්ඨි ගහපති කාලං කරිස්සති’ති, තෙහායං ඛුද්දකො පාණකො දිට්ඨො. සත්තමං දිවසං සෙට්ඨිස්ස ගහපතිස්ස මත්ථලුඞ්ගං පරියාදියිස්සති. මත්ථලුඞ්ගස්ස පරියාදානා සෙට්ඨි ගහපති කාලං කරිස්සති. සුදිට්ඨො තෙහි ආචරියෙහී”ති. සිබ්බනිං සම්පටිපාදෙත්වා සීසච්ඡවිං සිබ්බෙත්වා ආලෙපං අදාසි.
30. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ සිටුගැහැවියා ඇඳක හොවා ඇඳ හා බැඳ හිසෙහි සිවිය පළා හිස් බැඳුම (තුන් සන්ධිය) වෙන් කොට (හිස් කබල ගලවා) පණුවන් දෙදෙනකුන් බැහැර කොට ජනයාට දැක්වී ය: “එකකු කුඩා වූ ද එකකු මහත් වූ ද මේ පණුවන් දෙදෙනා බලවු. යම් ඒ ඇදුරු කෙනෙක් ‘සිටුගැහැවි තෙමේ පස්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීවාහු ද, ඔවුන් විසින් දක්නා ලද මේ මහත පණුවා පස්වන දිනයෙහි සිටුගැහැවියාගේ හිස්මුල් (මොළය) කා නිම වන්නේ ය. හිස්මුල් කා නිමවීමෙන් සිටුගැහැවි තෙමේ කලුරිය කරන්නේ ය. ඒ ඇදුරන් විසින් මැනවින් දක්නා ලද්දේ ය. යම් ඒ ඇදුරු කෙනෙක් ‘සිටුගැහැවි තෙමේ සත්වන දිනයෙහි කලුරිය කරන්නේ ය’ යි මෙසේ කීවාහු ද, ඔවුන් විසින් දක්නා ලද මේ කුඩා පණුවා සත්වන දිනයෙහි සිටුගැහැවියාගේ හිස්මුල් කා නිම වන්නේ ය. හිස්මුල් කා නිමවීමෙන් සිටුගැහැවි තෙමේ කලුරිය කරන්නේ ය. ඒ ඇදුරන් විසින් මැනවින් දක්නා ලද්දේ ය” යි හිස්මැස්ම (හිස්කබල පෙර සේ ම) සන්ධි කොට හිසේ සිවිය මසා ආලේපයක් දුන්නේ ය.
31. අථ ඛො සෙට්ඨිගහපති සත්තාහස්ස අච්චයෙන ජීවකං කොමාරභච්චං එතදවොච: “නාහං ආචරිය, සක්කොමි එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. නනු මෙ ත්වං ගහපති, පටිස්සුණි: සක්කොමහං ආචරිය, එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සච්චාහං ආචරිය, පටිස්සුණිං. අපාහං මරිස්සාමි, නාහං සක්කොමි එකෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “තෙන හි ත්වං ගහපති, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජාහී”ති.
31. ඉක්බිති සිටුගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර සත්මසක් එක්ඇළයකින් හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, සත්මසක් එක්ඇළයකින් හොවින්ට මම සමත් වෙමි’ යි ප්‍රතිඥා නො කළහු ද?” “ඇදුර, සැබව. මම ප්‍රතිඥා කෙළෙමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් සත්මසක් එක් ඇළයකින් හොවින්ට මම අසමත් වෙමි. “එසේ නම්, ගැහැවිය, ඔබ දෙවන ඇළයෙන් සත්මසක් හොවිනු මැනවැ”යි කී ය.
32. අථ ඛො සෙට්ඨි ගහපති සත්තාහස්ස අච්චයෙන ජීවකං කොමාරභච්චං එතදවොච: “නාහං ආචරිය, සක්කොමි දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “නනු මෙ ත්වං ගහපති, පටිස්සුණි: සක්කොමහං ආචරිය, දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සච්චාහං ආචරිය, පටිස්සුණිං, අපාහං මරිස්සාමි, නාහං සක්කොමි දුතියෙන පස්සෙන සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “තෙන හි ත්වං ගහපති, උත්තානො සත්තමාසෙ නිපජ්ජාහී”ති.
32. ඉක්බිති සිටු ගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර, සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, මම සත්මසක් දෙවන ඇළයෙන් හොවින්ට හැක්කෙමි’ යි ප්‍රතිඥා නුදුනහුද?” “ඇදුර, සැබව. මම ප්‍රතිඥා දුනිමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් දෙවන ඇළයෙන් සත්මසක් හොවින්ට මම අසමත් වෙමි”. “එසේ නම්, ගැහැවිය ඔබ උඩුකුරු ව සත්මසක් හොවිනු මැනවැ” යි කීය.
33. අථ ඛො සෙට්ඨි ගහපති සත්තාහස්ස අච්චයෙන ජීවකං කොමාරභච්චං එතදවොච: “නාහං ආචරිය, සක්කොමි උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “නනු මෙ ත්වං ගහපති පටිස්සුණි: සක්කොමහං ආචරිය, උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “සච්චාහං, ආචරිය පටිස්සුණිං. අපාහං මරිස්සාමි නාහං, සක්කොමි උත්තානො සත්තමාසෙ නිපජ්ජිතු”න්ති. “අහඤ්චෙතං ගහපති, න වදෙය්යං, එත්තකම්පි ත්වං න නිපජ්ජෙය්යාසි. අපි ච පටිගච්චොසි මයා ඤාතො: තීහි සත්තාහෙහි සෙට්ඨි ගහපති අරොගො භවිස්සතී’ති. උට්ඨෙහි ගහපති, අරොගො’සි. ජානාහි කිං මෙ දෙය්යධම්මො”ති. “සබ්බං සාපතෙය්යඤ්ච තෙ ආචරිය, හොතු. අහං ච තෙ දාසො”ති. “අලං ගහපති, මා මෙ ත්වං සබ්බං සාපතෙය්යං අදාසි. මා ච මෙ දාසො. රඤ්ඤො සතසහස්සං දෙහි මය්හං සතසහස්ස”න්ති. අථ ඛො සෙට්ඨි ගහපති අරොගො සමානො රඤ්ඤො සතසහස්සං අදාසි ජීවකස්ස කොමාරභච්චස්ස සතසහස්සං.
33. ඉක්බිති සිටුගැහැවි තෙමේ සත්දවසක් ඉක්ම ගිය පසු ජීවක කෝමාරභච්චයාහට “ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම අසමත් වෙමි” යි කීයේ ය. “ගැහැවිය, තෙපි මට ‘ඇදුර, සත්මසක් උඩුකුරු ව හොවින්ට මම සමත් වෙමි’ යි පිළින කෙළෙහි ද නො කෙළෙහි ද?” “ඇදුර, සැබව. මම පිළින කෙළෙමි. එහෙත් මම මැරෙන්නෙම් නමුත් මම සත් මසක් උඩුකුරු ව හොවින්ට අසමත් වෙමි”. “ගැහැවිය, මම මෙය නො කීයෙම් නම්, තෙපි මෙපමණකුත් නො හොවින්නහු ය. එසේ නමුත් ‘සති තුණකින් සිටුගැහැවි තෙමේ නීරෝග වන්නේ ය’ යි මා විසින් පළමු කොට ම දන්නා ලද්දෙහි ය. ගැහැවිය, නැගී සිටුව, නීරෝග වෙහි ය. මාහට දිය යුතු දේ කිමැ යි දනුව”. “ඇදුර, සියලු සම්පත් ඔබට වේවා. මම ද ඔබගේ දාසයෙක් වෙමි”. “ගැහැවිය, කම් නැත. මාහට සියලු සම්පත් නො දෙව. මා හට දාසයෙක් ද නො වෙව. රජුට ලක්ෂයක් ද මට ලක්ෂයක් ද දෙව” යි. කී ය. එකල්හි සිටු ගැහැවි තෙමේ නීරෝග වූයේ රජුට ලක්ෂයක් ද ජීවක කෝමාරභච්චයාට ලක්ෂයක් ද දුන්නේ ය.
34. තෙන ඛො පන සමයෙන බාරාණසෙය්යකස්ස සෙට්ඨිපුත්තස්ස මොක්ඛචිකාය කීළන්තස්ස අන්තගණ්ඩාබාධො හොති, යෙන යාගු’පි පීතා න සම්මා පරිණාමං ගච්ඡති, භත්තම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති, උච්චාරොපි පස්සාවොපි න පගුණො. සො තෙන කිසො හොති ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො.
34. එකල්හි බරණැස්නුවර සිටුපුතුහට කරණම් පැනීමෙන් ක්‍රීඩා කරද්දී බඩවැල ගැට ගැසීමෙන් හටගත් රෝගයෙක් වේ. ඒ ආබාධය කරණ කොට (ඔහු) පානය කළ කැඳ ද මනා කොට දිරවීමට නො යෙ යි. අනුභව කළ බත් ද මනා කොට නො දිරයි. මලමූත්‍ර ද ස්වභාවයෙන් පහ වීමෙක් (ඔහුට) නැත. එයින් හෙතෙමේ වෑරුණේ වියලුනේ දුර්වණි වූයේ හටගත් පඬුවන්පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වෙයි.
35. අථ ඛො බාරාණසෙය්යකස්ස සෙට්ඨිස්ස එතදහොසි: “මය්හං ඛො පුත්තස්ස තාදිසො ආබාධො, යෙන යාගු’පි පීතා න සම්මා පරිණාමං ගච්ඡති. භත්තම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති. උච්චාරො’පි පස්සාවො’පි න පගුණො. සො තෙන කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. යන්නූනාහං රාජගහං ගන්ත්වා රාජානං ජීවකං වෙජ්ජං යාචෙය්යං පුත්තං මෙ තිකිච්ඡිතු”න්ති.
35. ඉක්බිති බරණැස් සිටුහට “යම් ආබාධයක් කරණ කොට පානය කළ කැඳ මනා කොට නො දිරා ද, අනුභව කළ බත් මනා කොට නො දිරා ද, මලමූත්‍ර ද ස්වභාවයෙන් පහ නො වේ ද, මාගේ පුත්‍රයාට එබඳු රෝගයෙක් වේ. හෙතෙමේ එයින් වෑරුණේ වියලුනේ දුර්වර්ණ ඇත්තේ උපන් පඬුවන්පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වෙයි. මම රජගහනුවරට ගොස් මාගේ පුතුට පිළියම් කරන්නට ජීවක වෙදා රජුගෙන් ඉල්ලන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
36. අථ ඛො බාරාණසෙය්යකො සෙට්ඨි රාජගහං ගන්ත්වා යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “මය්හං ඛො දෙව, පුත්තස්ස තාදිසො ආබාධො, යෙන යාගු’පි පීතා න සම්මා පරිණාමං ගච්ඡති, භත්ත’ම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති. උච්චාරො’පි පස්සාවො’පි න පගුණො. සො තෙන කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. සාධු දෙවො ජීවකං වෙජ්ජං ආණාපෙතු පුත්තං මෙ තිකිච්ඡිතු”න්ති.
36. ඉක්බිති බරණැස් සිටු තෙමේ රජගහනුවරට ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, යම් ආබාධයක් කරණ කොට පානය කළ කැඳ මනා කොට නො දිරා ද, අනුභව කළ බත් මනා කොට නො දිරා ද, මලමූත්රත් පහ නො වේ ද, මාගේ පුතුට එබඳු වූ රෝගයෙක් වේ. හෙතෙමේ එයින් වෑරුණේ වියලුනේ දුර්වර්ණ ඇත්තේ උපන් පඬුපැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වේ. දේවයන් වහන්සේ මාගේ පුතුට පිළියම් කරන්නට ජීවක වෙදාට අණ කෙරෙත්වා” යි කීය.
37. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ, භණෙ ජීවක, බාරාණසිං ගන්ත්වා බාරාණසෙය්යකං සෙට්ඨිපුත්තං තිකිච්ඡාහී”ති. “එවං දෙවා”ති ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා බාරාණසිං ගන්ත්වා යෙන බාරාණසෙය්යකො සෙට්ඨිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බාරාණසෙය්යකස්ස සෙට්ඨිපුත්තස්ස විකාරං සල්ලක්ඛෙත්වා ජනං උස්සාරෙත්වා තිරොකරණිං පරික්ඛිපිත්වා ථම්භෙ උබ්බන්ධිත්වා භරියං පුරතො ඨපෙත්වා උදරච්ඡවිං උප්පාටෙත්වා අන්තගණ්ඨිං නීහරිත්වා භරියාය දස්සෙසි: “පස්ස තෙ සාමිකස්ස ආබාධං. ඉමිනා යාගු’පි පීතා න සම්මා පරිණාමං ගච්ඡති. භත්තම්පි භුත්තං න සම්මා පරිණාමං ගච්ඡති. උච්චාරො’පි පස්සාවො’පි න පගුණො. ඉමිනා’යං කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො”ති. අන්තගණ්ඨිං විනිවෙඨෙත්වා අන්තානි පටිපවෙසෙත්වා උදරච්ඡවිං සිබ්බිත්වා ආලෙපං අදාසි.
37. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ “සගය ජීවකය, බරණැසට යව. ගොස් බරණැස්සිටුපුතුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාහට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දී බරණැසට ගොස් බරණැස්සිටුපුත් වෙත එළඹියේ ය. එළඹ බරණැස්සිටුපුතුගේ රෝගය සලකා ජනයා බැහැර කරවා තිරයකින් වට කොට ඔහු කණුවක බැඳ බිරිඳ ඉදිරියෙහි සිටුවා බඩ සිවිය උපුටා අතුණුගැටය බැහැර කොට “තිගේ සැමියාගේ රෝගය බලව” යි බිරිඳට දැක්වී ය. “මේ රෝගයෙන් පානය කළ කැඳ ද මනා කොට නො දිරයි. අනුභව කළ බත් ද මනාකොට නො දිරයි. මලමුත්රත් පහ නො වේ. මෙයින් මෙතෙමේ වෑරුණේ වියලුනේ දුර්වර්ණ ඇත්තේ උපන් පඬු පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වේ” යි (කියා) අතුණුගැටය උනා හැර නැවත අතුණු ඇතුල් කොට බඩසිවිය මසා ආලේපයක් දුන්නේ ය.
38. අථ ඛො බාරාණසෙය්යකො සෙට්ඨිපුත්තො න චිරස්සෙව අරොගො අහොසි. අථ ඛො බාරාණසෙය්යකො සෙට්ඨි “පුත්තො මෙ අරොගො ඨිතො”ති. ජීවකස්ස කොමාරභච්චස්ස සොළසසහස්සානි පාදාසි. අථ ඛො ජීවකො කොමාරභච්චො තානි සොළසසහස්සානි ආදාය පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි.
38. ඉක්බිති බරණැස්සිටුපුත් තෙමේ නොබෝ කලකින් ම නීරෝග වූයේ ය. අනතුරු ව බරණැස්සිටු තෙමේ “මාගේ පුත්‍රයා නීරෝග කරණ ලද්දේය” යි ජීවක කෝමාරභච්චයාහට සොළොස් දහසක් දුන්නේ ය. ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සොළොස් දහස ගෙණ නැවත රජගහ නුවරට පෙරළා ගියේ ය.
39. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පජ්ජොතස්ස පණ්ඩුරොගාබාධො හොති. බහූ මහන්තා මහන්තා දිසාපාමොක්ඛා වෙජ්ජා ආගන්ත්වා නාසක්ඛිංසු අරොගං කාතුං. බහුං හිරඤ්ඤං ආදාය අගමංසු. අථ ඛො රාජා පජ්ජොතො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස සන්තිකෙ දූතං පාහෙසි: “මය්හං ඛො තාදිසො ආබාධො. සාධු දෙවො ජීවකං වෙජ්ජං ආණාපෙතු. සො මං තිකිච්ඡිස්සතී”ති.
39. එකල්හි පජ්ජෝත රජහට පාණ්ඩුරෝගාබාධයෙක් වේ. ඉතා උසස් බොහෝ දිසාපාමොක් වෙදවරු අවුත් නීරෝග කරන්නට නො හැකි වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ. ඉක්බිති පජ්ජෝත රජතෙමේ “මට මෙබඳු ආබාධයෙක් වේ. දෙව තෙමේ ජීවක වෙදාට අණ කෙරේවා. හෙතෙමේ මට පිළියම් කරන්නේ ය” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත දූතයකු යැවී ය.
40. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ජීවකං කොමාරභච්චං ආණාපෙසි: “ගච්ඡ භණෙ ජීවක, උජ්ජෙනිං ගන්ත්වා රාජානං පජ්ජොතං තිකිච්ඡාහී”ති. “එවං දෙවා”ති ජීවකො කොමාරභච්චො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුත්වා උජ්ජෙනිං ගන්ත්වා යෙන රාජා පජ්ජොතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො පජ්ජොතස්ස විකාරං සල්ලක්ඛෙත්වා රාජානං පජ්ජොතං එතදවොච: “සප්පිං දෙව, නිප්පචිස්සාමි. තං දෙවො පිවිස්සතී”ති. “අලං භණෙ ජීවක, යං තෙ සක්කා විනා සප්පිනා අරොගං කාතුං, තං කරොහි. ජෙගුච්ඡං මෙ සප්පි, පටික්කූල”න්ති.
40. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජතෙමේ “සගය ජීවකය, උදෙනියට යව ගොස් පජ්ජෝත රජුට පිළියම් කරව” යි ජීවක කෝමාරභච්චයාහට අණ කෙළේ ය. “දේවයන් වහන්ස, එසේ ය” යි ජීවක කෝමාරභච්ච තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට පිළිවදන් දී උදෙනියට ගොස් පජ්ජෝත රජු වෙත එළඹියේ ය. එළඹ පජ්ජෝත රජුගේ රෝගය සලකා “දේවයන් වහන්ස, ගිතෙල් මුසු බෙහෙතක් පිසන්නෙමි. රජතෙමේ එය පානය කරන්නේ දැ” යි පජ්ජෝත රජුගෙන් ඇසී ය. “සගය ජීවකය, කම් නැත. යම් ලෙසකින් ගිතෙල් නැති ව නීරෝග කරන්නට ඔබට හැක්කේ නම් එසේ කරව. මාහට ගිතෙල් අප්‍රිය ය. පිළිකුල් ය”.
41. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමස්ස ඛො රඤ්ඤො තාදිසො ආබාධො න සක්කා විනා සප්පිනා අරොගං කාතුං. යන්නූනාහං සප්පිං නිප්පචෙය්යං කසාවවණ්ණං කසාවගන්ධං කසාවරස”න්ති. අථ ඛො ජීවකො කොමාරභච්චො නානාභෙසජ්ජෙහි සප්පිං නිප්පචි කසාවවණ්ණං කසාවගන්ධං කසාවරසං.
41. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “ගිතෙල් නැති ව නීරෝග කරන්නට නො හැක්කේ ය. මේ රජුට (ඇත්තේ) එබඳු ආබාධයෙකි. මම කසට පැහැ ඇති කසට ගඳ ඇති කසටරස ඇති ගිතෙල් බෙහෙතක් පිසන්නෙම් නම් යෙහෙකැ” යි සිත් වි ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ නොයෙක් බෙහෙතින් යුත් කසාවන් වූ කසට ගඳ ඇති කසට රස ඇති ගිතෙල් බෙහෙතක් පිසී ය.
42. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉමස්ස ඛො රඤ්ඤො සප්පි පීතං පරිණාමෙන්තං උද්දෙකං දස්සති. චණ්ඩො’යං රාජා ඝාතාපෙය්යාපි මං. යන්නූනාහං පටිකගච්චෙව ආපුච්ඡෙය්ය”න්ති.
42. අනතුරු ව ජීවක කෝමාරභච්චයාහට “මේ රජුට පානය කළ ගිතෙල් පැසවන්නේ තැලි (ඔක්කාරය) උපදවන්නේ ය. මේ රජ තෙමේ චණ්ඩ ය. මා මැරවිය හැක්කේ ය. මම පළමු කොට ම විචාරන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
43. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන රාජා පජ්ජොතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං පජ්ජොතං එතදවොච: “මයං ඛො දෙව, වෙජ්ජා නාම තාදිසෙන මුහුත්තෙන මූලානි උද්ධරාම. භෙසජ්ජානි සංහරාම. සාධු දෙවො වාහනාගාරෙසු ච ද්වාරෙසු ච ආණාපෙතු: ‘යෙන වාහනෙන ජීවකො ඉච්ඡති, තෙන වාහනෙන ගච්ඡතු. යෙන ද්වාරෙන ඉච්ඡති, තෙන ද්වාරෙන ගච්ඡතු. යං කාලං ඉච්ඡති, තං කාලං ගච්ඡතු. යං කාලං ඉච්ඡති තං කාලං පවිසතූ”ති.
43. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජු වෙත එළඹියේ ය. එළඹ “දේවයන් වහන්ස, අපි වෙදහු වූ කලී (යම් බඳු නැකැත් සුදුසු නම්) එබඳු නැකතින් මුල් උදුරා ගණුම්හ. බෙහෙත් එකතු කරම්හ. එහෙයින් වාහනාගාරයන්හි ද, ද්වාරයන්හි ද “ජීවකයා යම් වාහනයකින් (යනු) කැමැති ද, ඒ වාහනයෙන් යේවා. යම් ද්වාරයකින් (යනු) කැමැති ද, ඒ ද්වාරයෙන් යේවා. යම් කලෙක (යනු) කැමැති ද, එකල්හි යේවා. යම් කලෙක පිවිසෙනු කැමැති ද එකල්හි පිවිසේවා” යි දේවයන් වහන්සේ අණ කෙරෙත්වා” යි පජ්ජෝතරජුට කී ය.
44. අථ ඛො රාජා පජ්ජොතො වාහනාගාරෙසු ච ද්වාරෙසු ච ආණාපෙසි: “යෙන වාහනෙන ජීවකො ඉච්ඡති, තෙන වාහනෙන ගච්ඡතු. යෙන ද්වාරෙන ඉච්ඡති, තෙන ද්වාරෙන ගච්ඡතු. යං කාලං ඉච්ඡති, තං කාලං ගච්ඡතු. යං කාලං ඉච්ඡති, තං කාලං පවිසතූ”ති.
44. ඉන් පසු පජ්ජෝත රජ තෙම් “යම් වාහනයකින් ජීවක තෙමේ යනු කැමැති වේ ද, ඒ වාහනයෙන් යේවා. යම් දොරටුවකින් (යනු) කැමැති වේ ද, ඒ දොරටුවෙන් යේවා. යම් කලෙක (යනු) කැමැති වේ ද, එකල්හි යේවා. යම්කලෙක (පිවිසෙනු) කැමැති වේ ද, එකල්හි පිවිසේවා” යි වාහනාගාරයන්හි ද ද්වාරයන්හි ද අණ කරවී ය.
45. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පජ්ජොතස්ස භද්දවතිකා නාම හත්ථිනිකා පඤ්ඤාසයොජනිකා හොති. අථ ඛො ජීවකො කොමාරභච්චො රඤ්ඤො පජ්ජොතස්ස සප්පිං උපනාමෙසි: “කසාවං දෙවො පිවතූ”ති. අථ ඛො ජීවකො කොමාරභච්චො රාජානං පජ්ජොතං සප්පිං පායෙත්‍වා හත්ථිසාලං ගන්ත්වා භද්දවතිකාය හත්ථිනිකාය නගරම්හා නිප්පති.
45. එකල්හි පජ්ජෝත රජුගේ භද්දවතිකා නම් ඇතින්න දවසකට පණස් යොදුනක් යන ගමන් වේග ඇත්තී ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජුට “දේවයන් වහන්සේ කෂාය පානය කරණ සේක්වා” යි කසට පැහැති ගිතෙල් බෙහෙත එළවී ය. ජීවක කෝමාරභච්ච තෙමේ පජ්ජෝත රජුට ගිතෙල් බෙහෙත පොවා ඇත්හලට ගොස් භද්දවතී ඇතින්න පිට නැගී නුවරින් පලා ගියේ ය.
46. අථ ඛො රඤ්ඤො පජ්ජොතස්ස තං සප්පි පීතං පරිණාමෙන්තං උද්රෙකං අදාසි. අථ ඛො රාජා පජ්ජොතො මනුස්සෙ එතදවොච: “දුට්ඨෙන භණෙ, ජීවකෙන සප්පිං පායිතො’ම්හි. තෙන හි භණෙ, ජීවකං වෙජ්ජං විචිනථා”ති. “භද්දවතිකාය දෙව, හත්ථිනිකාය නගරම්හා නිප්පතිතො”ති.
46. එවිට පජ්ජෝත රජුට පානය කළ ඒ ගිතෙල් බෙහෙත පැසවන්නේ තැලි ඉපදවී ය. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ “සගයෙනි, දුෂ්ට වූ ජීවකයා විසින් ගිතෙල් පොවන ලද්දේ වෙමි. සගයෙනි, එබැවින් ජීවක වෙදා සොයවු” යි මිනිසුන්ට කීයේ ය. “දේවයන් වහන්ස, භද්දවතී ඇතින්න පිට නැගී නුවරින් පැන ගියේ ය” යි ඔහු කීහ.
47. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පජ්ජොතස්ස කාකො නාම දාසො සට්ඨියොජනිකො හොති අමනුස්සෙන ජාතො. අථ ඛො රාජා පජ්ජොතො කාකං දාසං ආණාපෙසි. “ගච්ඡ භණෙ කාක, ජීවකං වෙජ්ජං නිවත්තෙහි: “රාජා තං ආචරිය නිවත්තාපෙතී’ති. එතෙ ඛො භණෙ කාක, වෙජ්ජා නාම බහුමායා. මා චස්ස කිඤ්චි පටිග්ගහෙසී”ති.
47. එකල්හි පජ්ජෝත රජුගේ අමනුෂ්‍යයකු නිසා උපන් කාක නම් දාස තෙමේ දවසකට සැට යොදුන් යන ගමන් වේග ඇත්තේ වේ. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ “කොල කාකය, ‘ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා’ය යි ජීවක වෙදා නවතව. කොල කාකය, මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහු ය. ඔහු දෙන කිසිවක් නො පිළිගණුව” යි කාකදාසයාහට අණ කෙළේ ය.
48. අථ ඛො කාකො දාසො ජීවකං කොමාරභච්චං අන්තරාමග්ගෙ කොසම්බියං සම්භාවෙසි පාතරාසං කරොන්තං. අථ ඛො කාකො දාසො ජීවකං කොමාරභච්චං එතදවොච: “රාජා තං ආචරිය, නිවත්තාපෙතී”ති. “ආගමෙහි භණෙ කාක, යාව භුඤ්ජාමි. හන්ද භණෙ කාක, භුඤ්ජස්සූ”ති. “අලං ආචරිය, රඤ්ඤාම්හි ආණත්තො, ‘එතෙ ඛො භණෙ කාක, වෙජ්ජා නාම බහුමායා. මා චස්ස කිඤ්චි පටිග්ගහෙසී”ති.
48. ඉක්බිති කාක දාස තෙමේ අතරමග කොසඹෑ නුවර දී උදාසන අහර ගන්නා ජීවකයා දුටුයේ ය. එකල්හි කාක දාස තෙමේ “ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා” යයි ජීවක කෝමාරභච්චයාහට කීයේ ය. “කොල කාකය, අනුභව කරමි. ඒ තාක් බලාපොරොත්තු වෙව. කොල කාකය, තෝ ද අනුභව කරව”. ආචාර්‍ය්‍යයෙනි, කම් නැත. ‘කාකය මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහු ය. ඔහු දෙන කිසිවක් නො පිළිගණුව’යි රජු විසින් අණ කරණ ලද්දෙම් වෙමි”යි කාකදාසයා කී ය.
49. තෙන ඛො පන සමයෙන ජීවකො කොමාරභච්චො නඛෙන භෙසජ්ජං ඔලුම්පෙත්වා ආමලකඤ්ච ඛාදති පානීයඤ්ච පිවති. අථ ඛො ජීවකො කොමාරභච්චො කාකං දාසං එතදවොච: “හන්ද භණෙ කාක, ආමලකඤ්ච ඛාද. පානීයඤ්ච පිවස්සූ”ති. අථ ඛො කාකො දාසො “අයඤ්ච ඛො වෙජ්ජො ආමලකඤ්ච ඛාදති. පානීයඤ්ච පිවති. න අරහති කිඤ්චි පාපකං හොතු”න්ති උපඩ්ඪාමලකඤ්ච ඛාදි. පානීයඤ්ච අපායි. තස්ස තං උපඩ්ඪාමලකං ඛාදිතං තත්ථෙව නිච්ඡාරෙසි.
49. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ නියගින් බෙහෙතක් ඔබා ගෙණ නෙල්ලි ද කයි. පැන් ද බොයි. එකල්හි ජීවක කෝමාරභච්චතෙමේ “කොල කාකය, නෙල්ලි ද කව. පැන් ද බොව”යි කාකදාසයාට කී ය. ඉක්බිති කාක දාස තෙම් “මේ වෙදා නෙල්ලි ද කයි. පැන් ද බොයි. කිසි නපුරක් වන්නට යුතු නො වේ ය“යි නෙල්ලි ගෙඩියෙන් අඩක් ද කෑයේ ය. පැන් ද බිවේ ය. ඔහු විසින් කන ලද ඒ නෙල්ලි පලුව එ වෙලේම ඔහුට විරේක කෙළේ ය.
50. අථ ඛො කාකො දාසො ජීවකං කොමාරභච්චං එතදවොච: “අත්ථි මෙ ආචරිය, ජීවිත”න්ති. “මා භණෙ කාක, භායි. ත්වඤ්චෙව අරොගො භවිස්සසි. රාජා ච. චණ්ඩො සො රාජා ඝාතාපෙය්යාපි මං. තෙනාහං න නිවත්තාමී”ති භද්දවතිකං හත්ථිනිකං කාකස්ස නිය්යාදෙත්වා යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතමත්ථං ආරොචෙසී. “සුට්ඨු භණෙ ජීවක, අකාසි යං සි න නිවත්තො’. චණ්ඩො සො රාජා ඝාතාපෙය්යාපි ත”න්ති.
50. එවිට කාකදාස තෙමේ “ආචාර්‍ය්‍යයන් වහන්ස, මාගේ ජීවිතය රැකේදැ” යි ජීවක කෝමාරභච්චයාගෙන් ඇසී ය. “කොල, කාකය, බිය පත් නොව, තෝත් නීරෝග වන්නෙහි ය. රජ තෙමේ ද නීරෝග වන්නේ ය. චණ්ඩ වූ ඒ රජතෙමේ මා මරවන්නේ ද වේ. එහෙයින් මම නො නවතිමි” යි භද්දවතිකා ඇතින්න කාකදාසයාට භාර දී රජගහ නුවර බලා නික්ම ගියේ ය. පිළිවෙළින් රජගහනුවරට ගියේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙත එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට මේ වග සැළකෙළේ ය. රජ තෙමේ “සගය ජීවකය, යම් හෙයකින් නො නැවතුනෙහි ද එහෙයින් යහපතක් කෙළෙහි ය. (නැවතුනෙහි නම්) චණ්ඩ වූ ඒ රජතෙමේ තා මරවන්නේ ය.”යි කී ය.
51. අථ ඛො රාජා පජ්ජොතො අරොගො සමානො ජීවකස්ස කොමාරභච්චස්ස සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡතු ජීවකො. වරං දස්සාමී”ති. “අලං අය්යො. අධිකාරං මෙ දෙවො සරතූ”ති.
51. ඉක්බිති පජ්ජෝත රජ තෙමේ නීරෝග වූයේ “ජීවක තෙමේ පැමිණේව. වරයක් දෙන්නෙමි” යි ජීවක කෝමාරභච්චයා වෙත දූතයකු යැවී ය. “ආර්‍ය්‍යය, කම් නැත. දේවයන් වහන්සේ මාගේ අධිකාරය (=ශ්‍රේෂ්ඨ ක්‍රියාව) සිහි කෙරෙත්වා” යි කියා යැවී ය.
52. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පජ්ජොතස්ස සීවෙය්යකං දුස්සයුගං උප්පන්නං හොති බහුන්නං දුස්සානං බහුන්නං දුස්සයුගානං බහුන්නං දුස්සයුගසතානං බහුන්නං දුස්සයුගසහස්සානං බහුන්නං දුස්සයුගසතසහස්සානං අග්ගඤ්ච සෙට්ඨඤ්ච මොක්ඛඤ්ච උත්තමඤ්ච පවරඤ්ච. අථ ඛො රාජා පජ්ජොතො තං සීවෙය්යකං දුස්සයුගං ජීවකස්ස කොමාරභච්චස්ස පාහෙසි.
52. එකල්හි පජ්ජෝතරජුහට බොහෝ වස්ත්රයන්ට බොහෝ වස්ත්‍ර යුග්මයන්ට බොහෝ සිය ගණන් වස්ත්රයුග්මයන්ට බොහෝ දහස් ගණන් වස්ත්රයුග්මයන්ට බොහෝ ලක්ෂගණන් වස්ත්රයුග්මයන්ට අග්‍ර වූ ද ශ්‍රේෂ්ඨ වූ ද මුඛ්‍ය වූ ද උතුම් වූ ප්‍රවර වූ ද සීවෙය්යකවස්ත්රයුග්මයක් ලැබුනේ වේ. ඉක්බිති පජ්ජෝත රජතෙමේ ඒ සීවෙය්යකවස්ත්රයුග්මය ජීවක කොමාරභච්චහට යැවී ය.
53. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “ඉදං ඛො මෙ සීවෙය්යකං දුස්සයුගං රඤ්ඤා පජ්ජොතෙන පහිතං බහුන්නං දුස්සානං බහුන්නං දුස්සයුගානං බහුන්නං දුස්සයුගසතානං බහුන්නං දුස්සයුගසහස්සානං බහුන්නං දුස්සයුගසතසහස්සානං අග්ගඤ්ච සෙට්ඨඤ්ච මොක්ඛඤ්ච උත්තමඤ්ච පවරඤ්ච. නයිමං අඤ්ඤො කොචි පච්චාරහති අඤ්ඤත්ර තෙන භගවතා අරහතා සම්මා සම්බුද්ධෙන, රඤ්ඤා වා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙනා”ති.
53. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “පජ්ජෝත රජු විසින් මා වෙත එවූ සීවෙය්යකවස්ත්රයුග්මය බොහෝ වස්ත්රයන්ට බොහෝ වස්ත්‍ර යුග්මයන්ට බොහෝ සියගණන් වස්ත්රයුග්මයන්ට බොහෝ දහස්ගණන් වස්ත්රයුග්මයන්ට බොහෝ ලක්ෂගණන් වස්ත්රයුග්මයන්ට අග්‍ර ද වේ. ශ්‍රේෂ්ඨ ද වේ. මුඛ්‍ය ද වේ. උතුම් ද වේ. ප්‍රවර ද වේ. භාග්‍යවත් වූ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ තථාගතයන් වහන්සේ හෝ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු හෝ හැර අන් කිසිවෙක් මේ වස්ත්රයුග්මයට සුදුසු නො වේ”යි. මේ සිත විය.
54. තෙන ඛො පන සමයෙන භගවතො කායො දොසාභිසන්නො හොති. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “දොසාභිසන්නො ඛො ආනන්ද තථාගතස්ස කායො. ඉච්ඡති තථාගතො විරෙචනං පාතු”න්ති.
54. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දොස් කිපීමෙන් පීඩිත වේ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූ සේක: “ආනන්දය, තථාගතයන්ගේ ශරීරය දොස් අධික වූයේ වේ. තථාගත තෙමේ විරේක බෙහෙතක් පානය කරන්නට කැමැති”යි වදාළ සේක.
55. අථ ඛො ආයස්මා ආනන්දො යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච: “දොසාභිසන්නො ඛො ආවුසො ජීවක, තථාගතස්ස කායො. ඉච්ඡති තථාගතො විරෙචනං පාතු”න්ති. “තෙන හි භන්තෙ ආනන්ද, භගවතො කායං කතිපාහං සිනෙහෙථා”ති.
55. ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ ජීවක කෝමාරභච්චයා වෙත ගියහ. ගොස් ඇවැත ජීවකය, තථාගතයන් වහන්සේගේ ශරීරය දොස් කිපීමෙන් පීඩිත වේ. තථාගතයන් වහන්සේ විරේක බෙහෙතක් පානය කරන්නට කැමැති සේකැ”යි ජීවක කෝමාරභච්චයාහට කීහ. “ආනන්ද ස්ථවිරයන් වහන්ස, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය කිහිප දිනක් තෙල් පොවා මොළොක් කරණ සේක්වා”යි හෙතෙම කී ය.
56. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො කායං කතිපාහං සිනෙහෙත්වා යෙන ජීවකො කොමාරභච්චො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජීවකං කොමාරභච්චං එතදවොච “සිනිද්ධො ඛො ආවුසො ජීවක, තථාගතස්ස කායො. යස්ස’දානි කාලං මඤ්ඤසී”ති.
56. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කිහිප දිනක් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මොළොක් කොට ජීවක කෝමාරභච්චයා වෙත ගියහ. ගොස් “ඇවැත, ජීවකය, තථාගතයන් වහන්සේගේ ශරීරය මොළොක් වූයේය. දැන් යමකට කල් සලකන්නෙහි නම් මේ ඒ විරේක බෙහෙත දීමට කල් වේ යැ යි ජීවකකෝමාරභච්චයාහට දැන්වූහ.
57. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස එතදහොසි: “න ඛො මෙ තං පතිරූපං යො’හං භගවතො ඔළාරිකං විරෙචනං දදෙය්ය”න්ති. තීණි උප්පලහත්ථානි නානාභෙසජ්ජෙහි පරිභාවෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකං උප්පලහත්ථං භගවතො උපනාමෙසි: “ඉමං භන්තෙ භගවා පඨමං උප්පලහත්ථං උපසිඞ්ඝතු. ඉදං භගවන්තං දසක්ඛත්තුං විරෙචෙස්සතී”ති. දුතියං උප්පලහත්ථං භගවතො උපනාමෙසි: “ඉමං භන්තෙ භගවා දුතියං උප්පලහත්ථං උපසිඞ්ඝතු. ඉදං භගවන්තං දසක්ඛත්තුං විරෙචෙස්සතී”ති. තතියං උප්පලහත්ථං භගවතො උපනාමෙසි: “ඉමං භන්තෙ භගවා තතියං උප්පලහත්ථං උපසිඞ්ඝතු. ඉදං භගවන්තං දසක්ඛත්තුං විරෙචෙස්සතී”ති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී”ති. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතො සමතිංසාය විරෙචනං දත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
57. එවිට ජීවක කෝමාරභච්චයාහට “මම භාග්‍යවතුන් වහන්සේට දැඩි වූ විරේක බෙහෙතක් දෙන්නෙමි නම්, මට ඒ සුදුසු නො වේ”යි සිත් වි ය. එසේ සිතා උපුල්මිටි තුණක් නොයෙක් බෙහෙත් ගල්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පළමුවන උපුල්මිටිය සිඹිනා සේක්වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේ ය” යි එක් උපුල් මිටියක් භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ දෙවන උපුල් මිටිය සිඹිනා සේක් වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේය”යි දෙවන උපුල් මිටිය භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ තෙවන උපුල්මිටිය සිඹිනා සේක්වා. මෙය භාග්‍යවතුන් වහන්සේට දසවරක් විරේක කරන්නේ ය” යි තෙවන උපුල් මිටිය භාග්‍යවතුන් වහන්සේට එළවූයේ ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේක වන්නට බෙහෙත් දී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
58. අථ ඛො ජීවකස්ස කොමාරභච්චස්ස බහි ද්වාරකොට්ඨකා නික්ඛන්තස්ස එතදහොසි: “මයා ඛො භගවතො සමතිංසාය විරෙචනං දින්නං. දොසාභිසන්නො තථාගතස්ස කායො. න භගවන්තං සමතිංසක්ඛත්තුං විරෙචෙස්සති. එකූනත්තිංසක්ඛත්තූං භගවන්තං විරෙචෙස්සති. අපි ච භගවා විරිත්තො නහායිස්සති. නහාතං භගවන්තං සකිං විරෙචෙස්සති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී”ති.
58. ඉක්බිති බිහිදොරොටුවෙන් නික්මෙන්නා වූ ජීවක කොමාරභච්චහට “මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය දොස් අධික වූයේ වේ. භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක නො වන්නේ ය. එකුන් තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේක වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරන්නාහ. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය වන්නේය” යි මේ සිත විය.
59. අථ ඛො භගවා ජීවකස්ස කොමාරභච්චස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉධානන්ද, ජීවකස්ස කොමාරභච්චස්ස බහිද්වාරකොට්ඨකා නික්ඛන්තස්ස එතදහොසි: ‘මයා ඛො භගවතො සමතිංසාය විරෙචනං දින්නං. දොසාභිසන්නො තථාගතස්ස කායො. න භගවන්තං සමතිංසක්ඛත්තුං විරෙචෙස්සති, එකූනතිංසක්ඛත්තුං භගවන්තං විරෙචෙස්සති. අපිච භගවා විරිත්තො නහායිස්සති. නහාතං භගවන්තං සකිං විරෙචෙස්සති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී’ති. තෙන හානන්ද, උණ්හොදකං පටියාදෙහී”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උණ්හොදකං පටියාදෙසි.
59. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාගේ අදහස (තමන්) සිතින් දැන “ආනන්දය, මෙහි බිහිදොරටුවෙන් නික්මෙන්නා වූ ජීවක කෝමාරභච්චයාහට ‘මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය උත්සන්න වූ දොස් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය නො වන්නේ ය. එකුන්තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේචනය වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක. ස්නානය කළ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය වන්නේ ය” යන සිත් වී ය යි වදාරා ආයුෂ්මත් අනඳතෙරුන් ඇමතූ සේක: “ආනන්දය, එසේ නම් උණුදිය පිළියෙල කරව”යි. “ස්වාමීනි, එසේය”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි උණුදිය පිළියෙල කළහ.
60. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “විරිත්තො භන්තෙ භගවා”ති. “විරිත්තො’ම්හි, ජීවකා”ති. ඉධ මය්හං භන්තෙ බහිද්වාරකොට්ඨකා නික්ඛන්තස්ස එතදහොසි: “මයා ඛො භගවතො සමතිංසාය විරෙචනං දින්නං. දොසාභිසන්නො තථාගතස්ස කායො. න භගවන්තං සමතිංසක්ඛත්තුං විරෙචෙස්සති. එකූනත්තිංසක්ඛත්තුං භගවන්තං විරෙචෙස්සති. අපි ච භගවා විරිත්තො නහායිස්සති. නහාතං භගවන්තං සකිං විරෙචෙස්සති. එවං භගවතො සමතිංසාය විරෙචනං භවිස්සතී”ති. නහායතු, භන්තෙ, භගවා, නහායතු සුගතො”ති. අථ ඛො භගවා උණ්හොදකං නහායි. නහාතං භගවන්තං සකිං විරෙචෙසි. එවං භගවතො සමතිංසාය විරෙචනං අහොසි.
60. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ජීවක කෝමාරභච්ච තෙමේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විරේක කළ සේක් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “ජීවකය විරේක කළෙම් වෙමි.” “ස්වාමීනි, මෙහි පිටදොරටුවෙන් නික්මෙන්නාවූ මට “මා විසින් භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේක වන බෙහෙතක් දෙන ලද්දේ ය. තථාගතයන් වහන්සේගේ ශරීරය උත්සන්න වූ දොස් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට තිස් වරක් විරේචනය නො වන්නේ ය. එකුන්තිස්වරක් භාග්‍යවතුන් වහන්සේට විරේචනය වන්නේ ය. එහෙත් විරේචනය කළා වූ භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තිස්වරක් විරේචනය වන්නේ ය’යි. මේ අදහස වී ය. භාග්‍යවතුන් වහන්සේ ස්නානය කරණ සේක්වා. සුගතයන් වහන්සේ ස්නානය කරණ සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උණුදිය ස්නානය කළ සේක. ස්නානය කළා වූ භාග්‍යවතුන් වහන්සේට වරක් විරේචනය වි ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේට සමතිස් විරේචනයෙක් විය.
61. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “යාව භන්තෙ, භගවතො කායො පකතත්තො හොති, අලං තාව යූසපිණ්ඩපාතෙනා”ති.
61. අනතුරුව ජීවක කෝමාරභච්චතෙමේ “ස්වාමීනි, යම්තාක් කලකින් භග්යවතුන්වහන්සේගේ ශරීරය ප්‍රකෘතිස්වභාවය ඇත්තේ වේ ද, ඒ තාක් කල් සිනිඳු වූ ආහාර සුදුසු ය”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
62. අථ ඛො භගවතො කායො න චිරස්සෙව පකතත්තො අහොසි. අථ ඛො ජීවකො කොමාරභච්චො තං සීවෙය්යකං දුස්සයුගං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “එකාහං භන්තෙ, භගවන්තං වරං යාචාමී”ති. “අතික්කන්තවරා ඛො ජීවක, තථාගතා”ති. “යඤ්ච භන්තෙ, කප්පති යඤ්ච අනවජ්ජ”න්ති. “වදෙහි ජීවකා”ති. “භගවා භන්තෙ, පංසුකූලිකො භික්ඛුසඞ්ඝො ච. ඉදං මෙ භන්තෙ, සීවෙය්යකං දුස්සයුගං රඤ්ඤා පජ්ජොතෙන පහිතං බහුන්නං දුස්සානං බහුන්නං දුස්සයුගානං බහුන්නං දුස්සයුගසතානං බහුන්නං දුස්සයුගසහස්සානං බහුන්නං දුස්සයුගසතසහස්සානං අග්ගඤ්ච සෙට්ඨඤ්ච මොක්ඛඤ්ච උත්තමඤ්ච පවරඤ්ච. පතිගණ්හාතු මෙ භන්තෙ, භගවා සීවෙය්යකං දුස්සයුගං. භික්ඛුසඞ්ඝස්ස ච ගහපති චීවරං අනුජානාතූ”ති. පටිග්ගහෙසි භගවා සීවෙය්යකං දුස්සයුගං.
62. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය නොබෝ කලකින් ම ප්‍රකෘති ස්වභාව ඇත්තේ වි ය. නැවත ජීවක කෝමාරභච්ච තෙමේ ඒ සීවෙය්යකවස්ත්රයුග්මය ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ජීවක කෝමාරභච්ච තෙමේ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “ජීවකය, තථාගතවරයෝ වර ඉක්මවූවාහු ය”. “ස්වාමීනි, යමක් කැප වේ ද, යමක් නිදොස් වේ ද, (එබඳු වරයක් ඉල්ලමි)”යි. “ජීවකය, කියව”. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලික වන සේක. භික්‍ෂුසඞ්ඝ තෙමේත් පංසුකූලික වේ. ස්වාමීනි, මේ සීවෙය්යකවස්ත්රයුග්මය පජ්ජෝත රජු විසින් මට එවන ලද්දේ ය. බොහෝ වස්ත්රයන්ට බොහෝ වස්ත්රයුග්මයන්ට බොහෝ සියගණන් වස්ත්රයුග්මයන්ට බොහෝ දහස්ගණන් වස්ත්රයුග්මයන්ට බොහෝ ලක්ෂගණන් වස්ත්රයුග්මයන්ට අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ සීවෙය්යකවස්ත්රයුග්මය පිළිගන්නා සේක් වා. භික්‍ෂුසඞ්ඝයාට ද ගෘහපතිචීවරය අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ සීවෙය්යකවස්ත්රයුග්මය පිළිගත් සේක.
63. අථ ඛො භගවා ජීවකං කොමාරභච්චං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
63. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක (එහි ඔහු) සමාදන් කරවූ සේක. තියුණු කරවු සේක. සතුටු කරවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද ජීවක කෝමාරභච්චතෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
64. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, ගහපතිචීවරං. යො ඉච්ඡති, පංසුකූලිකො හොතු. යො ඉච්ඡති, ගහපතිචීවරං සාදියතු. ඉතරීතරෙනපහං භික්ඛවෙ, සන්තුට්ඨිං වණ්ණෙමී”ති.
64. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, ගෘහපතිචීවරය අනුදනිමි. යමෙක් කැමැති නම්, පංසුකූලික වේවා, යමෙක් කැමැති නම්, ගෘහපතිචීවරය ඉවසාවා. මහණෙනි, මම කුදු මහත් අගය ඇති යම්කිසිවකින් (ලදදෙයින්) ම සතුටු වී ම වර්ණනා කරමි” යි භික්ෂූන් ඇමතූ සේක.
65. අස්සොසුං ඛො රාජගහෙ මනුස්සා “භගවතා කිර භික්ඛූනං ගහපතිචීවරං අනුඤ්ඤාත”න්ති. තෙ ච මනුස්සා හට්ඨා අහෙසුං උදග්ගා: “ඉදානි ඛො මයං දානානි දස්සාම, පුඤ්ඤානි කරිස්සාම, යතො භගවතා භික්ඛූනං ගහපතිචීවරං අනුඤ්ඤාත”න්ති. එකාහෙනෙව රාජගහෙ බහූනි චීවරසහස්සානි උප්පජ්ජිංසු.
65. රජගහනුවර වැසි මිනිස්සු “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ල”යි ඇසූහ. “යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ද, (එහෙයින්) අපි දැන් දන් දෙන්නෙමු. පින් කරන්නෙමු”යි ඒ මිනිස්සු ද සතුටු වූහ. ඔද වැඩියෝ වූහ. එක දවසින් ම රජගහ නුවර දී (භික්ෂූන්ට) බොහෝ දහස්ගණන් සිවුරු උපන.
66. අස්සොසුං ඛො ජානපදා මනුස්සා “භගවතා කිර භික්ඛූනං ගහපති චීවරං අනුඤ්ඤාත”න්ති. තෙ ච මනුස්සා හට්ඨා අහෙසුං උදග්ගා: “ඉදානි ඛො මයං දානානි දස්සාම, පුඤ්ඤානි කරිස්සාම, යතො භගවතා භික්ඛූනං ගහපතිචීවරං අනුඤ්ඤාත”න්ති. ජනපදෙපි එකාහෙනෙව බහූනි චීවරසහස්සානි උප්පජ්ජිංසු.
66. දනවුවණැසි මිනිස්සු “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ල”යි ඇසූහ. “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට ගෘහපතිචීවරය අනුදන්නා ලද්දේ ද, (එහෙයින්) අපි දැන් දන් දෙන්නෙමු. පින් කරන්නෙමු”යි ඒ මිනිස්සු ද සතුටු වූහ. ඔද වැඩියෝ වූහ. එක දවසින් ම ජනපදයෙහි ද බොහෝ දහස් ගණන් සිවුරු උපන.
67. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස පාවාරො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පාවාර”න්ති. කොසෙය්යපාවාරො උප්පන්නො හොති. “අනුජානාමි භික්ඛවෙ, කොසෙය්යපාවාර”න්ති. කොජවං උප්පන්නං හොති. “අනුජානාමි භික්ඛවෙ, කොජව”න්ති.
67. එකල්හි සඞ්ඝයාහට පොරෝණා සළුවක් ලැබුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, පොරෝණ සළුව අනුදනිමි.” පටපණුහුයින් වියූ පොරෝණ සළුවක් ලැබුනේ ය. “මහණෙනි, පටපණුහුයින් වියූ පොරෝණා සළුව අනුදනිමි.” කොඳුපලසක් ලැබුනේ ය. “මහණෙනි, කොඳුපලස අනුදනිමි”යි වදාළසේක.
පඨමභාණවාරො නිට්ඨිතො.
පළමු බණවර නිමි.
1. තෙන ඛො පන සමයෙන කාසිරාජා ජීවකස්ස කොමාරභච්චස්ස අඩ්ඪකාසියං කම්බලං පාහෙසි උපඩ්ඪකාසිනං ඛමමානං. අථ ඛො ජීවකො කොමාරභච්චො තං අඩ්ඪකාසිකං කම්බලං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි’ උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: “අයම්මෙ භන්තෙ, අඩ්ඪකාසිකො කම්බලො කාසිරඤ්ඤා පහිතො උපඩ්ඪකාසිනං ඛමමානො. පතිගණ්හාතු මෙ භන්තෙ, භගවා කම්බලං, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. පටිග්ගහෙසි භගවා කම්බලං.
1. එකල්හි කසීරජ තෙමේ ජීවක කොමාරභච්චහට අඩදහසකට පොහෝනා වූ (පන්සියයක් අගනා වූ) කම්බිලියක් යැවී ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පන්සියයක් අගනා වූ ඒ කම්බිලිය ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ජීවක කෝමාරභච්චතෙමේ “ස්වාමීනි, මාගේ අඩ දහසකට පොහෝනා වූ (පන්සියයක් අගනා වූ) මේ කම්බිලිය කාසිරජු විසින් එවන ලද්දේ ය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැණීම මට බොහෝ කාලයක් හිත සැප පිණිස වන්නේ ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ කම්බිලිය පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ කම්බිලිය පිළිගත්සේක.
2. අථ ඛො භගවා ජීවකං කොමාරභච්චං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො ජීවකො කොමාරභච්චො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. (එහි ඔහු) සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, කම්බල”න්ති.
3. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් අමතා “මහණෙනි, කම්බිලිය අනුදනිමි” යි වදාළසේක.
4. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස උච්චාවචානි චීවරානි උප්පජ්ජන්ති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කින්නු ඛො භගවතා චීවරං අනුඤ්ඤාතං කිං අනනුඤ්ඤාත”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඡ චීවරානි: ඛොමං කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං භඞ්ග”න්ති.
4. එකල්හි සඞ්ඝයාට අගය ඇති නැති සිවුරු ලැබෙයි. එකල භික්ෂූන්ට “කවර භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට සිවුරු අනුදන්නා ලද ද, කවර නො අනුදන්නා ලද දැ?” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොමු පිළී, කපු පිළී, පට පිළී, කම්බිලි, හණවැහැරි පිළී, මේ පස් නූලෙන් මුසු පිළී යන සිවුරු සයක් අනුදනිමි”.
5. තෙන ඛො පන සමයෙන යෙ තෙ භික්ඛූ ගහපතිචීවරං සාදියන්ති, තෙ කුක්කුච්චායන්තා පංසුකූලං න සාදියන්ති: “එකංයෙව භගවතා චීවරං අනුඤ්ඤාතං. න ද්වෙ”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගහපතිචීවරං සාදියන්තෙන පංසුකූලම්පි සාදියිතුං. තදුභයෙනපහං භික්ඛවෙ, සන්තුට්ඨිං වණ්ණෙමී”ති.
5. එකල්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් එක ම සිවුරක් අනුදන්නා ලද ය. සිවුරු දෙකක් නො අනුදන්නා ලදැ”යි යම් ඒ භික්ෂූහු ගෘහපතී චීවරය ඉවසත් ද, ඒ භික්ෂූහු කුකුස් කරන්නෝ පංසුකූලය නො ඉවසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගෘහපති චීවරය ඉවසන්නහු විසින් පංසුකූලයත් ඉවසන්නට අනුදනිමි. මහණෙනි, මම ඒ දෙකින් ම සතුටු වීම වර්ණනා කරමි”.
6. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙ අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකච්චෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ නාගමෙසුං. යෙ තෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය, තෙ පංසුකූලානි ලභිංසු. යෙ තෙ භික්ඛූ නාගමෙසුං, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ නාගමිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, නාගමෙන්තානං න අකාමා භාගං දාතු”න්ති.
6. එකල්හි බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි දීර්ඝමාර්ගයට පිළිපන්නාහු වෙත්. ඇතැම් භික්ෂූහු පංසුකූල වස්ත්‍ර පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්ෂූහු එය බලාපොරොත්තු නො වූවාහු ය. යම් ඒ භික්ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ද, ඒ භික්ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්ෂූහු බලාපොරොත්තු නො වූවාහු ද, ඒ භික්ෂූහු “ඇවැත්නි, අපටත් කොටසක් දෙවු” යි මෙසේ කීහ. ඒ භික්ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටසක් නො දෙන්නෙමු. කුමක් නිසා තෙපි බලාපොරොත්තු නො වූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. ‘මහණෙනි, (බලාපොරොත්තු නො වන්නවුන්ට) අකමැත්තෙන් කොටස නො දෙන්නට අනුදනිමි” යි.
7. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකච්චෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ ආගමෙසුං. යෙ තෙ භික්ඛූ සුසානං ඔක්කමිංසු පංසුකූලාය, තෙ පංසුකූලානි ලභිංසු. යෙ තෙ භික්ඛූ ආගමෙසුං, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ න ඔක්කමිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආගමෙන්තානං අකාමා භාගං දාතු”න්ති.
7. එකල්හි බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි දීර්ඝමාර්ගයට පිළි පන්නාහු වෙත්. ඇතැම් භික්ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්ෂූහු බලාපොරොත්තු ව සිටියහ. යම් ඒ භික්ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ද, ඒ භික්ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්ෂූහු බලාපොරොත්තු ව සිටියාහු ද, ඒ භික්ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො පැමිණියහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලාපොරොත්තු ව සිටින්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
8. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකච්චෙ භික්ඛූ පඨමං සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ පච්ඡා ඔක්කමිංසු. යෙ තෙ භික්ඛූ පඨමං සුසානං ඔක්කමිංසු පංසුකූලාය, තෙ පංසුකූලානි ලභිංසු. යෙ තෙ භික්ඛූ පච්ඡා ඔක්කමිංසු, තෙ න ලභිංසු. තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ පච්ඡා ඔක්කමිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පච්ඡා ඔක්කමන්තානං න අකාමා භාගං දාතු”න්ති.
8. එකල්හි බොහෝ භික්ෂූහු කොසොල්දනව්වෙහි දීර්ඝමාර්ගයට පිළිපන්නාහු වෙත්. ඇතැම් භික්ෂූහු පංසුකූල පිණිස පළමු කොට සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්ෂූහු පසු ව පිවිසියාහු ය. යම් ඒ භික්ෂූහු පංසුකූල පිණිස පළමු කොට සොහොනට පිවිසියාහු ද, ඒ භික්ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්ෂූහු පසු ව පිවිසියාහු ද, ඒ භික්ෂූහු නො ලැබූහ. ඒ භික්ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි පසු ව පැමිණියහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, පසු ව පැමිණෙන්නවුන්ට අකමැත්තෙන් කොටස නො දෙන්නට අනුදනිමි”.
9. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ සදිසා සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ පංසුකූලානි ලභිංසු, එකච්චෙ භික්ඛූ න ලභිංසු. යෙ තෙ භික්ඛූ න ලභිංසු, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ න ලභිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ සදිසානං ඔක්කන්තානං අකාමා භාගං දාතු”න්ති.
9. එකල්හි බොහෝ භික්ෂූහු කොසොල්දනව්වෙහි දීර්ඝමාර්ගයට පිළිපන්නාහු වෙත්. ඒ භික්ෂූහු සම ව (එක් විට) පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්ෂූහු පංසුකූල ලැබූහ. ඇතැම් භික්ෂූහු නො ලැබූහ. යම් ඒ භික්ෂූහු නො ලැබූහු ද, ඒ භික්ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො ලැබූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සම ව පැමිණෙන්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
10. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ කතිකං කත්වා සුසානං ඔක්කමිංසු පංසුකූලාය. එකච්චෙ භික්ඛූ පංසුකූලානි ලභිංසු. එකච්චෙ භික්ඛූ න ලභිංසු. යෙ තෙ භික්ඛූ න ලභිංසු, තෙ එවමාහංසු: “අම්හාකම්පි ආවුසො භාගං දෙථා”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො තුම්හාකං භාගං දස්සාම. කිස්ස තුම්හෙ න ලභිත්ථා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කතිකං කත්වා ඔක්කන්තානං අකාමා භාගං දාතු”න්ති.
10. එකල්හි බොහෝ භික්ෂූහු කොසොල්දනව්වෙහි දීර්ඝමාර්ගයට පිළිපන්නාහු වෙත්. ඒ භික්ෂූහු කතිකා කොට පාංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්ෂූහු පාංසුකූල ලැබූහ. ඇතැම් භික්ෂූහු නො ලැබූහ. යම් ඒ භික්ෂූහු නො ලැබුවාහු ද, ඒ භික්ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු”යි මෙසේ කීහ. ඒ භික්ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො ලැබූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කතිකා කොට පැමිණෙන්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
11. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරං ආදාය ආරාමං ආගච්ඡන්ති. තෙ පටිග්ගාහකං අලභමානා පටිහරන්ති. චීවරං පරිත්තං උප්පජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය.”
11. එකල්හි මිනිස්සු සිවුරු ගෙණ ආරාමයට එත්. ඒ මිනිස්සු පිළි ගන්නකු නො ලබන්නෝ පෙරළා ගෙණයත්. සිවුරු ස්වල්පවශයෙන් ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යම් මහණෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නො ගත් දෙය දන්නේ ද, එබඳු පසගින් යුත් මහණකු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
12. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නෙය්ය. එසා ඤත්ති. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරපටිග්ගාහකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරපටිග්ගාහකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
12. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්විය යුත්තේ ය. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූහුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරයි යම් ආයුෂ්මතකු හට මෙ නම් ඇති මහණහුගේ චීවරප්රතිග්රාහකසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමකුට රුචි නො වේ නම් හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ චීවරප්රතිග්රාහකයා යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”යි කියා යි.
13. තෙන ඛො පන සමයෙන චීවරපටිග්ගාහකා භික්ඛූ චීවරං පටිග්ගහෙත්වා තත්ථෙව උජ්ඣිත්වා පක්කමන්ති. චීවරං නස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරනිදහකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, නිහිතානිහිතඤ්ච ජානෙය්ය.”
13. එකල්හි චීවරප්රතිග්රාහක භික්ෂූහු සිවුරු පිළිගෙණ එහි ම හැරදමා බැහැර යෙත්. සිවුරු නැසේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, තැන්පත් කළ නො කළ දෙය දන්නේ ද යන පසඟින් යුත් මහණකු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි”.
14. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරනිදහකං සම්මන්නෙය්ය. එසා ඤත්ති. “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරනිදහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරනිදහකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරනිදහකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
14. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්විය යුත්තේ ය. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙ නම් ඇති මහණහුගේ සිවුරු තැන්පත් කිරීමේ සම්මුතිය රුචි වේ නම්, ඒ මහණ තෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යම් මහණකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ සිවුරු තැන්පත් කරන්නේ යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
15. තෙන ඛො පන සමයෙන චීවරනිදහකා භික්ඛු මණ්ඩපෙපි රුක්ඛමූලෙපි නිබ්බකොසෙපි චීවරං නිදහන්ති, උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, භණ්ඩාගාරං සම්මන්නිතුං, යං සඞ්ඝො ආකඞ්ඛති විහාරං වා අඩ්ඪයොගං වා පාසාදං වා හම්මියං වා ගුහං වා.”
15. එකල්හි සිවුරු තැන්පත් කරණ භික්ෂූහු මණ්ඩපයෙහි ද රුක්මුලෙහි ද අගුවෙහි ද සිවුරු තැන්පත් කෙරෙත්. මීයන් විසින් ද වේයන් විසින් ද කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සඞ්ඝතෙමේ වෙහෙරක් හෝ අඩ පියසි ගෙයක් හෝ සිවුරැස් ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ යමක් කැමැති නම්, එය භාණ්ඩාගාරයක් කොට සම්මත කරන්නට අනුදනිමි”.
16. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං භණ්ඩාගාරං සම්මන්නෙය්ය. එසා ඤත්ති. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං විහාරං භණ්ඩාගාරං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස විහාරස්ස භණ්ඩාගාරස්ස සම්මුති, සො තුණ්හස්ස යස්ස නක්ඛමති, සො භාසෙය්ය. “සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො විහාරො භණ්ඩාගාරං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
16. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙ නම් විහාරයාගේ භාණ්ඩාගාරසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
17. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරෙ චීවරං අගුත්තං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගුත්තාගුත්තඤ්ච ජානෙය්ය.” එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: -පෙ- සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භණ්ඩාගාරිකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
17. එකල්හි සඞ්ඝයාගේ භාණ්ඩාගාරයෙහි සිවුරු නො රැකුනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, රකින නො රකින ලද්ද දන්නේ ද යන පසඟින් යුත් මහණකු භාණ්ඩාගාරික කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. –පෙ– සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ භාණ්ඩාගාරික ය යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
18. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භණ්ඩාගාරිකං වුත්ථාපෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, භණ්ඩාගාරිකො වුත්ථාපෙතබ්බො. යො වුත්ථාපෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
18. එකල්හි සවගමහණෝ භාණ්ඩාගාරිකයා පහ කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, භාණ්ඩාගාරික තෙමේ පහ නො කට යුතු ය. යමෙක් පහකරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
19. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරෙ චීවරං උස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතු”න්ති.
19. එකල්හි සඞ්ඝයාගේ භාණ්ඩාගාරයෙහි සිවුරු බොහෝ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හමු වූ සඞ්ඝයා විසින් බෙදා ගන්නට අනුදනිමි”.
20. තෙන ඛො පන සමයෙන සබ්බො සඞ්ඝො චීවරං භාජෙන්තො කොලාහලං අකාසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ, සම්මන්නිතබ්බො: -පෙ- “සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරභාජකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
20. එකල්හි සියලු සඞ්ඝ තෙමේ සිවුරු බෙදන්නේ කලහ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, බෙදූ නො බෙදූ දෙය දන්නේ ද යන මේ පසඟින් යුත් මහණකු සිවුරු බෙදන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි”. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: –පෙ– සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ සිවුරු බෙදන්නේ ය යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
21. අථ ඛො චීවරභාජකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො චීවරං භාජෙතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඨමං උච්චිනිත්වා තුලයිත්වා වණ්ණාවණ්ණං කත්වා භික්ඛූ ගණෙත්වා වග්ගං බන්ධිත්වා චීවරපටිවීසං ඨපෙතු”න්ති.
21. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “කෙසේ සිවුරු බෙදිය යුතු දැ”යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පළමු කොට තෝරා වටිනාකම පිරිසිඳ, සම කොටස් කොට, භික්ෂූන් ගණන් කොට, පොදි බැඳ, සිවුරු කොටස් තබන්නට අනුදනිමි”.
22. අථ ඛො චීවරභාජකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො සාමණෙරානං චීවරපටිවීසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සාමණෙරානං උපඩ්ඪපටිවිංසංදාතු”න්ති.
22. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “කෙසේ නම් හෙරණුන්ට සිවුරු කොටස් දිය යුතු දැ”යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, හෙරණුන්ට කොටස් භාගයක් දෙන්නට අනුදනිමි”.
23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සකෙන භාගෙන උත්තරිතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උත්තරන්තස්ස සකං භාගං දාතු”න්ති.
23. එකල්හි එක්තරා මහණෙක් සිය කොටස ගෙණ එතෙර ව යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එතෙර යනු කැමැත්තහුට සිය කොටස දෙන්නට අනුදනිමි”.
24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අතිරෙකභාගෙන උත්තරිතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අනුක්ඛෙපෙ දින්නෙ අතිරෙකභාගං දාතු”න්ති.
24. එකල්හි එක්තරා මහණෙක් වැඩි කොටසකින් යුක්තව එතෙර යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොටසෙහි වැඩි වටිනා ගණන වෙනුවට දිය යුතු කැප පිරිකර දුන් කල්හි වැඩි කොටසක් දෙන්නට අනුදනිමි”.
25. අථ ඛො චීවරභාජකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො චීවරපටිවිංසො දාතබ්බො ආගතපටිපාටියා නු ඛො උදාහු යථාවුඩ්ඪ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, විකලකෙ තොසෙත්වා කුසපාතං කාතු”න්ති.
25. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “සිවුරු කොටස කෙසේ නම් දිය යුතු ද? ආ පිළිවෙළින් දිය යුතු ද? නොහොත් වැඩිමහලු පිළිවෙළින් දිය යුතු දැ”යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඌන ව සිටි කල්හි (සම සේ බෙදීමට සිවුරු හෝ පුද්ගලයන් නො පොහෝනා කල්හි) සතුටු කරවා කුසපත් හෙළීම කරන්නට අනුදනිමි”යි වදාළසේක.
26. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡකණෙනපි පණ්ඩුමත්තිකායපි චීවරං රජෙන්ති. චීවරං දුබ්බණ්ණං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ඡ රජනානි: මූලරජනං ඛන්ධරජනං තචරජනං පත්තරජනං පුප්ඵරජනං ඵලරජන”න්ති.
26. එකල්හි භික්ෂූහු ගොමින් ද පඬුවන් මැටියෙන් ද සිවුරු පඬු පොවත්. සිවුරු දුර්වර්ණ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මුල්පඬු, දඬුපඬු, පොතුපඬු, කොළපඬු, මල්පඬු, පලපඬු යන පඬු (වර්ග) සයක් අනුදනිමි”.
27. තෙන ඛො පන සමයෙන භික්ඛූ සීතුන්දිකාය චීවරං රජන්ති. චීවරං දුග්ගන්ධං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, රජනං පචිතුං චුල්ලිං රජනකුම්භි”න්ති. රජනං උත්තරීයති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උත්තරාලුම්පං බන්ධිතු”න්ති.
27. එකල්හි භික්ෂූහු නො පැසුනු පඬුයෙන් සිවුරු පඬු පොවත්. සිවුරු දුගඳ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬු පිසන්නට උදුනක් ද පඬුසැළියක් ද අනුදනිමි.” පඬු උතුරා යෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වටඅළුවක් (වට ආදාරයක්) බඳින්නට අනුදනිමි”.
28. තෙන ඛො පන සමයෙන භික්ඛූ න ජානන්ති රජනං පක්කං වා අපක්කං වා. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උදකෙ වා නඛපිට්ඨිකාය වා ථෙවකං දාතු”න්ති.
28. එකල්හි භික්ෂූහු “පඬු පැසුනේ ද නො පැසුනේ දැ” යි නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දියෙහි හෝ නිය පිට හෝ පඬු බින්දුවක් හෙළන්නට අනුදනිමි”.
29. තෙන ඛො පන සමයෙන භික්ඛූ රජනං ඔරොපෙන්තා කුම්භිං ආවිඤ්ඡන්ති. කුම්භී පභිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, රජනුළුඞ්කං දණ්ඩකථාලක”න්ති.
29. එකල්හි භික්ෂූහු (සැළියෙන්) පඬු බාන්නාහු සැළිය නමත්. සැළිය බිඳේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬු කිණිස්සක්, දඬුයෙන් කළ හැන්දක්, අනුදනිමි”.
30. තෙන ඛො පන සමයෙන භික්ඛූනං රජනභාජනං න සංවිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, රජනකොලම්බං රජනඝට”න්ති.
30. එකල්හි භික්ෂූන්ට පඬු (බැහීමට) බඳුනක් නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහපඬුසැළියක් ද පඬු කළයක් ද අනුදනිමි”.
31. තෙන ඛො පන සමයෙන භික්ඛූ පාතියාපි පත්තෙපි චීවරං සම්මද්දන්ති. චීවරං පරිභිජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං: “අනුජානාමි භික්ඛවෙ, රජනදොණික”න්ති.
31. එකල්හි භික්ෂූහු තැටියෙහි ද පාත්‍රයෙහි ද සිවුරු මඩිත්. සිවුර ඉරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬුඔරුවක් අනුදනිමි”.
32. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡමාය චීවරං පත්ථරන්ති. චීවරං පංසුකිතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තිණසන්ථාරක”න්ති. තිණසන්ථාරකො උපචිකාහි ඛජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, චීවරවංසං චීවරරජ්ජු”න්ති. මජ්ඣෙන ලග්ගෙන්ති. රජනං උභතො ගලති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කණ්ණෙ බන්ධිතු”න්ති. කණ්ණො ජීරති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, කණ්ණසුත්තක”න්ති. රජනං එකතො ගලති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්පරිවත්තකං සම්පරිවත්තකං රජෙතුං, න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතු”න්ති.
32. එකල්හි භික්ෂූහු සිවුරු බිම එලත්. සිවුරු පස් තැවරුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තණඇතිරියක් අනුදනිමි”. තණඇතිරිය වේයන් විසින් කනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි සිවුරු ලන උණදණ්ඩක් ද සිවුරු ලන රැහනක් ද අනුදනිමි”. මැදින් එල්බේ. පඬු දෙකොණින් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොන් බඳින්නට අනුදනිමි”. කොණ දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොන්හි බඳින හුයක් අනුදනිමි”. පඬු එක් කොණකින් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරළ පෙරළා පඬු පොවන්නට ද දියබින්දු නො සිඳුනු තෙක් බැහැර නො යන්නට ද අනුදනිමි”.
33. තෙන ඛො පන සමයෙන චීවරං පත්ථින්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, උදකෙ ඔසාදෙතු”න්ති.
33. එකල්හි සිවුරු (අතිරජනයෙන්) තද වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දියෙහි ගිල්වා තබන්නට අනුදනිමි”.
34’ තෙන ඛො පන සමයෙන චීවරං ඵරුසං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පාණිනා ආකොටෙතු”න්ති .
34. එකල්හි සිවුරු රළු වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අතින් පෙළන්නට (පොඩි කරන්නට) අනුදනිමි”.
35. තෙන ඛො පන සමයෙන භික්ඛූ අච්ඡින්නකානි ධාරෙන්ති දන්තකාසාවානි. [මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “සෙය්යථාපි නාම ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, අච්ඡින්නකානි චීවරානි ධාරෙතබ්බානි. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.]
35. එකල්හි භික්ෂූහු කඩ නො කැපූ, දත් මෙන් කහට පැහැති, සිවුරු දරත්, මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්, “මහණෙනි, නො කැපූ සිවුරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත්වේය” යි වදාළසේක.
36. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන දක්ඛිණාගිරි තෙන චාරිකං පක්කාමි. අද්දසා ඛො භගවා මගධක්ඛෙත්තං අච්චිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිඞ්ඝාටකබද්ධං. දිස්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “පස්සසි නො ත්වං ආනන්ද, මගධඛෙත්තං අච්ඡිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිඞ්ඝාටකබද්ධ”න්ති. “එවං භන්තෙ”ති. “උස්සහසි ත්වං ආනන්ද, භික්ඛූනං එවරූපානි චීවරානි සංවිදහිතු”න්ති. “උස්සහාමි භගවා”ති.
36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට දක්ෂිණාගිරිය බලා චාරිකාවෙහි වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සතරැස් ලියදි බැන්දා වූ දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩාමියර බැන්දා වූ සතරහන්දි බැන්දා වූ මගධක්ෂේත්රය දුටුසේක. දැක, “ආනන්දය, තෙපි සතරැස් ලියදි බැන්දා වූ දිගින් හා පළලින් බැඳි මහමියර ඇත්තා වූ අතරතුර බැඳි කුඩා මියර ඇත්තා වූ බඳනා ලද සතරහන්දි ඇත්තා වූ මගධක්ෂේත්රය දුටුහු දැ” යි ආයුෂ්මත් ආනන්ද තෙරුන් විචාළ සේක. “ස්වාමීනි, එසේ ය”. “ආනන්දය, තෙපි භික්ෂූන්ට මෙබඳු වූ සිවුරු (සිවුරු මෙසේ කපා මැසීම) විධාන කරන්නට උත්සාහවත් වහු ද?” “භාග්‍යවතුන් වහන්ස, උත්සාහවත් වෙමි”යි පිළිවදන් දුන්හ.
37. අථ ඛො භගවා දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා පුනදෙව රාජගහං පච්චාගඤ්ඡි. අථ ඛො ආයස්මා ආනන්දො සම්බහුලානං භික්ඛූනං චීවරානි සංවිදහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “පස්සතු මෙ භන්තෙ, භගවා චීවරානි සංවිදහිතානී”ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “පණ්ඩිතො භික්ඛවෙ, ආනන්දො; මහාපඤ්ඤො භික්ඛවෙ, ආනන්දො යත්ර හි නාම මයා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානිස්සති, කුසිම්පි නාම කරිස්සති, අඩ්ඪකුසිම්පි නාම කරිස්සති, මණ්ඩලම්පි නාම කරිස්සති, අඩ්ඪමණ්ඩලම්පි නාම කරිස්සති, විවට්ටම්පි නාම කරිස්සති, අනුවිවට්ටම්පි නාම කරිස්සති, ගීවෙය්යකම්පි නාම කරිස්සති, ජඞ්ඝෙය්යකම්පි නාම කරිස්සති, බාහන්තම්පි නාම කරිස්සති, ඡින්නකඤ්ච භවිස්සති සත්ථලූඛං සමණසාරුප්පං පච්චත්ථිකානඤ්ච අනභිජ්ඣිතං. “අනුජානාමි භික්ඛවෙ, ඡින්නකං සඞ්ඝාටිං, ඡින්නකං උත්තරාසඞ්ගං ඡින්නකං අන්තරවාසක”න්ති.
37. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දක්ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වැඩ වාසය කොට නැවත රජගහනුවරට පෙරළා වැඩි සේක. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂූන්ට සිවුරු විධාන කොට දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා විසින් විධාන කරණ ලද සිවුරු බලා වදාරණ සේක්වා” යි සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් අමතා “මහණෙනි, යමෙක් මා විසින් සැකෙවින් කියන ලද කාරණයෙහි අර්ත්ථය විස්තර වශයෙන් දත්තේ ද, දිග පළල නුවා කෙළේ ද, හරස් නුවා කෙළේ ද, මහමැඩිලි කෙළේ ද, කුඩා මැඩිලි කෙළේ ද, වස් අත්ත කෙළේ ද, ඇළ අතු කෙළේ ද, ගෙලපටි ඇල්ලීම කෙළේ ද, කෙණ්ඩාපටි ඇල්ලීම කෙළේ ද, නුවා අතු නොහොත් බාහුව මත සිටින නුවා කෙළේ ද, (මෙසේ කිරීමෙන් සිවුර) කපන ලද්දේත් සැතින් රළු වූයේත් පැවිද්දන්ට සුදුසු වූයේත් පසමිතුරන් විසින් නො පතනලද්දේත් වූයේ ද, මහණෙනි, ඒ ආනන්ද තෙමේ පණ්ඩිත වේ. ඒ ආනන්ද තෙමේ මහ නුවණැත්තේ වේ. මහණෙනි, කඩ කැපූ සඟළසිවුර ද කඩ කැපූ උතුරු සඟසිවුර ද කඩ කැපූ අදනා සිවුර ද අනුදනිමි” යි වදාළ සේක.
38. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අද්දසා ඛො භගවා අන්තරා ච රාජගහං අන්තරා ච වෙසාලිං අද්ධානමග්ගප්පටිපන්නො සම්බහුලෙ භික්ඛූ චීවරෙහි උබ්භණ්ඩිතෙ සීසෙපි චීවරභිසිං කරිත්වා ඛන්ධෙපි චීවරභිසිං කරිත්වා කටියාපි චීවරභිසිං කරිත්වා ආගච්ඡන්තෙ. දිස්වාන භගවතො එතදහොසි: “අති ලහුං ඛො ඉමෙ මොඝපුරිසා චීවරබාහුල්ලාය ආවත්තා. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්ය”න්ති.
38. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට වේසාලී නගරය බලා චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරටත් විසාලාමහනුවරටත් අතර වූ දීර්ඝමාර්ගයට පිළිපන් සේක් සිවුරුපොදි ඔසොවා ගත් හිසෙහි ද සිවුරුබිසි කොට කරෙහි ද සිවුරුබිසි කොට උකුළෙහි ද සිවුරුබිසි කොට එන්නා වූ බොහෝ භික්ෂූන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට “මේ හිස් පුරුෂයෝ ඉතා වහා චීවර බහුලත්වය පිණිස හැරුණාහු ය. මම භික්ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි මායිම් තබන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
39. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති ගොතමකෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන භගවා සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාතසමයෙ රත්තිං අජ්ඣොකාසෙ එකචීවරො නිසීදි. න භගවන්තං සීතං අහොසි. නික්ඛන්තෙ පඨමෙ යාමෙ සීතං භගවන්තං අහොසි. දුතියං භගවා චීවරං පාරුපි. න භගවන්තං සීතං අහොසි. නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ සීතං භගවන්තං අහොසි. තතියං භගවා චීවරං පාරුපි. න භගවන්තං සීතං අහොසි. නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා සීතං භගවන්තං අහොසි. චතුත්ථං භගවා චීවරං පාරුපි. න භගවන්තං සීතං අහොසි. අථ ඛො භගවතො එතදහොසි: “යෙපි ඛො තෙ කුලපුත්තා ඉමස්මිං ධම්මවිනයෙ සීතාලුකා සීතභීරුකා, තෙපි සක්කොන්ති තිචීවරෙන යාපෙතුං. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්යං, තිචීවරං අනුජානෙය්ය”න්ති.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් විසාලාමහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩ වාසය කරත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හේමන්ත ඍතුවෙහි නවම් මැදින් දෙමස අතර අට දිනයෙහි ශීතරාත්රීන්හි හිම වැටෙන කාලයෙහි රාත්‍රියෙහි එළිමහනෙහි එක් සිවුරක් ඇති සේක් හුන් සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. පෙරයම නික්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ දෙවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. මැදියම නික්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. පශ්චිම යාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි රාත්‍රිය පාන් වූ කල භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ සිවුවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මේ ශාසනයෙහි පැවිදි වූ යම් ඒ කුලපුත්‍රයෝ ශීතප්රකෘතික (=පියෙවින් ම ශීතයෙන් පෙළෙන්නෝ) වූවාහු සීතයට බිය වන සුලු වෙත් ද, ඔහු ද තුන්සිවුරෙන් යැපෙන්නට පොහොසත් වෙති. මම භික්ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, තුන් සිවුරක් අනුදන්නෙම් නම්, යෙහෙකැ” යි සිත්වී ය.
40. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “ඉධාහං භික්ඛවෙ, අන්තරා ච රාජගහං අන්තරා ච වෙසාලිං අද්ධානමග්ගප්පටිපන්නො අද්දසං සම්බහුලෙ භික්ඛූ චීවරෙහි උබ්භණ්ඩිතෙ සීසෙපි චීවරභිසිං කරිත්වා ඛන්ධෙපි චීවරභිසිං කරිත්වා කටියාපි චීවරභිසිං කරිත්වා ආගච්ඡන්තෙ. දිස්වාන මෙ එතදහොසි: ‘අතිලහුං ඛො ඉමෙ මොඝපුරිසා චීවරබාහුල්ලාය ආවත්තා. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්ය’න්ති.
40. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, මම මෙහි රජගහනුවරටත් විසාලාමහනුවරටත් අතර දීර්ඝමාර්ගයට පිළිපන්නෙම්, සිවුරු පොදි ඔසොවා ගත් හිසෙහි ද සිවුරුබිසි කොට, කරෙහි ද සිවුරුබිසි කොට, උකුළෙහි ද සිවුරුබිසි කොට, එන්නා වූ බොහෝ භික්ෂූන් දිටිමි. දැකීමෙන් මට ‘මේ හිස් පුරුෂයෝ ඉතා වහා චීවරබහුලත්වය පිණිස හැරුණාහු ය. මම භික්ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, යෙහෙකැ’ යි සිත් වී ය.”
41. “ඉධාහං භික්ඛවෙ, සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාතසමයෙ රත්තිං අජ්ඣොකාසෙ එකචීවරො නිසීදිං. න මං සීතං අහොසි. නික්ඛන්තෙ පඨමෙ යාමෙ සීතං මං අහොසි. දුතියාහං චීවරං පාරුපිං. න මං සීතං අහොසි. නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ සීතං මං අහොසි. තතියාහං චීවරං පාරුපිං. න මං සීතං අහොසි. නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා සීතං මං අහොසි. චතුත්ථාහං චීවරං පාරුපිං. න මං සීතං අහොසි. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: ‘යෙපි ඛො තෙ කුලපුත්තා ඉමස්මිං ධම්මවිනයෙ පබ්බජිතා සීතාලුකා සීතභීරුකා, තෙපි සක්කොන්ති තිචීවරෙන යාපෙතුං. යන්නූනාහං භික්ඛූනං චීවරෙ සීමං බන්ධෙය්යං, මරියාදං ඨපෙය්යං. තිචීවරං අනුජානෙය්ය’න්ති. “අනුජානාමි භික්ඛවෙ, තිචීවරං: දිගුණං සඞ්ඝාටිං, එකච්චියං උත්තරාසඞ්ගං, එකච්චියං අන්තරවාසක”න්ති.
41. “මහණෙනි, මම මෙහි හේමන්තඍතුවෙහි නවම් මැදින් දෙමස අතර අටදිනයෙහි ශීතරාත්රීන්හි හිම වැටෙන කාලයෙහි රාත්‍රියෙහි එළිමහනෙහි එක් සිවුරක් ඇති ව හුන්නෙමි. මට සීත නො වී ය. පෙරයම ඉක්ම ගිය කල්හි මට සීත වී ය. මම දෙවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. මැදියම ඉක්ම ගිය කල්හි මට සීත වී ය. මම තෙවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. පශ්චිමයාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි රෑ එලි වූ කල මට සීත වී ය. මම සිවුවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. මහණෙනි, ඒ මට ‘මේ සාසනයෙහි පැවිදි වූ යම් ඒ කුලපුත්‍රයෝ ශීතප්රකෘතීක වූවාහු සීතයට බිය වන සුලු වෙත් ද, ඔහු ද තුන්සිවුරෙන් යැපෙන්නට පොහොසත් වෙති. මම භික්ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, තුන් සිවුරක් අනුදන්නෙම් නම්, යෙහෙකැ’යි සිත් වී ය. මහණෙනි, මම දෙපටක් ඇති සඟළසිවුර ද, එක් පටක් ඇති උතුරුසඟසිවුර ද, එක් පටක් ඇති අඳනා සිවුර ද අනුදනිමි”යි වදාළසේක.
42. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා තිචීවරං අනුඤ්ඤාත”න්ති අඤ්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන්ති. අඤ්ඤෙනෙව තිචීවරෙන ආරාමෙ අච්ඡන්ති. අඤ්ඤෙනෙව තිචීවරෙන නහානං ඔතරන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකචීවරං ධාරෙස්සන්තී”ති.
42. එකල්හි සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරක් අනුදන්නා ලදැ”යි අන් තුන්සිවුරකින් ම ගමට වදිත්. අන් තුන් සිවුරකින් ම ආරාමයෙහි සිටිත්. අන් තුන්සිවුරකින් ම නෑමට බසිත්. අල්පෙච්ඡ වූ යම් ඒ භික්ෂූහු වෙත් ද, ඒ භික්ෂූහු “කෙසේ නම් සවග මහණහු වැඩි සිවුරු දරත් දැ”යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.
43. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න, භික්ඛවෙ, අතිරෙකචීවරං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, යථාධම්මො කාරෙතබ්බො”ති.
43. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, අතිරේක සිවුරක් (නො ඉටූ නො විකැපූ සිවුරක්) නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය.”
44. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස අතිරෙකචීවරං උප්පන්නං හොති. ආයස්මා ච ආනන්දො තං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: “භගවතා පඤ්ඤත්තං: ‘න අතිරෙකචීවරං ධාරෙතබ්බ’න්ති. ඉදං ච මෙ අතිරෙකචීවරං උප්පන්නං. අහඤ්චිමං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “කීව චිරං පනානන්ද, සාරිපුත්තො ආගච්ඡිස්සතී”ති. “නවමං වා භගවා, දිවසං දසමං වා”ති.
44. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට අතිරේක සිවුරක් ලැබුනේ වේ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද ඒ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වේ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වසත්, ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අතිරේක සිවුරක් නො දැරිය යුතු ය’ යි පණවන ලද්දේ ය. මට ද මේ අතිරේක සිවුරක් ලැබුනේ ය. මම ද මේ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වෙමි. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වසත්. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මේ සිත් වි ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්දය, කෙතෙක් දවසකින් ශාරීපුත්‍ර තෙමේ එන්නේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නවවැනි හෝ දසවැනි දිනයෙහි එන්නේ ය”.
45. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතු”න්ති.
45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, දස දිනක් අවසන් කොට ඇති කාලයක් අතිරේක (වැඩි) සිවුරක් දරන්ට අනුදනිමි”.
46. තෙන ඛො පන සමයෙන භික්ඛූනං අතිරෙකචීවරං උප්පජ්ජති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො අම්හෙහි අතිරෙකචීවරෙ පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අතිරෙකචීවරං විකප්පෙතුන්ති.
46 එසමයෙහි භික්ෂූන්ට අතිරේක සිවුරක් ලැබේ. එකල්හි භික්ෂූන්ට “අතිරේක සිවුරෙහි කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අතිරේක සිවුර විකපන්නට (අනෙකකු හට භාරදෙන්නට) අනුදනිමි”.
47. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්ර සුදං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ.
47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට බරණැස්නුවර බලා චාරිකාවෙහි වැඩිසේක. පිළිවෙළින් චාරිකා කරණසේක් බරණැස්නුවරට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනයෙහි වැඩ වාසය කරත්.
48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අන්තරවාසකො ඡිද්දො හොති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා තිචීවරං අනුඤ්ඤාතං: දිගුණා සඞ්ඝාටි, එකච්චියො උත්තරාසඞ්ගො, එකච්චියො අන්තරවාසකො. අයඤ්ච මෙ අන්තරවාසකො ඡිද්දො. යන්නූනාහං අග්ගළං අච්ඡුපෙය්යං, සමන්තතො දුපට්ටං භවිස්සති, මජ්ඣෙ එකච්චිය”න්ති. අථ ඛො සො භික්ඛු අග්ගළං අච්ඡුපෙසි. අද්දසා ඛො භගවා සෙනාසන චාරිකං ආහිණ්ඩන්තො තං භික්ඛුං අග්ගළං අච්ඡුපෙන්තං. දිස්වාන යෙන සො භික්ඛු, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිං ත්වං භික්ඛු කරොසී”ති. “අග්ගළං භගවා, අච්ඡුපෙමී”ති. “සාධු, සාධු, භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, අග්ගළං අච්ඡුපෙසී”ති.
48. එකල්හි එක්තරා මහණකුගේ අඳනය සිදුරු වූයේ වේ. එවිට ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දෙපටක් ඇති සඟළ සිවුර එක් පටක් ඇති උතුරුසඟසිවුර එක්පටක් ඇති අඳනා සිවුර’ ය යි තුන් සිවුරක් අනුදන්නා ලද්දේ ය. මාගේ මේ අඳනා සිවුර සිදුරු වි ය. මම අණ්ඩ ලන්නෙම් නම්, හාත්පස (වටේ) දෙපට වන්නේ ය. මැද එක්පට වන්නේ ය” යි සිත් වි ය. එකල්හි ඒ මහණෙතෙම් අණ්ඩයක් ඇල්ලී ය. සේනාසන චාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ අණ්ඩය ලන්නා වූ ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහු වෙතට එළඹියහ. එළඹ “මහණ, තෝ කුමක් කෙරෙහි දැ” යි ඒ මහණහු විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, අණ්ඩයක් ලමි”. “මහණ ඉතා මැනවි. මහණ, ඔබ අණ්ඩයක් ලන්නේ යහපත් ය” වදාළහ.
49. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, අහතානං දුස්සානං අහතකප්පානං දිගුණං සඞ්ඝාටිං, එකච්චියං උත්තරාසඞ්ගං, එකච්චියං අන්තරවාසකං, උතුද්ධටානං දුස්සානං චතුග්ගුණං සඞ්ඝාටිං, ද්විගුණං උත්තරාසඞ්ගං, ද්විගුණං අන්තරවාසකං, පංසුකූලෙ යාවදත්ථං. පාපණිකෙ උස්සාහො කරණීයො. අනුජානාමි භික්ඛවෙ අග්ගළං, තුන්නං, ඔවට්ටිකං, කණ්ඩුසකං දළ්හීකම්ම”න්ති.
49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, අළුත් වස්ත්‍රයෙන් හා වරක් සේදූ වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟළසිවුර, එක් පටක් ඇති උතුරු සඟසිවුර, එක් පටක් ඇති අඳනා සිවුර ද, පුරාණවස්ත්රයෙන් කළ සිවුපටක් ඇති සඟළසිවුර, දෙපටක් ඇති උතුරුසඟසිවුර, දෙපටක් ඇති අඳනා සිවුර ද, පංසුකූලයෙහි කැමැති පමණ පට ඇති සිවුර ද, අනුදනිමි. කඩ පිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුරු දැරීමෙහි උත්සාහය කට යුතු ය. මහණෙනි, අණ්ඩ ලීම, නූලෙන් එලලීම, වැටි කොට මැසිම, මුදුපත් මැසීම (කැලි පිට කැලි ඇල්ලීම), දැඩි කිරීම අනුදනිමි”.
50. අථ ඛො භගවා බාරාණසියං යථාභිරත්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
50. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් සැවැත්නුවරට වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කෙරෙත්.
51. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි.
51. එකල්හි මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛාවට දැහැමිකතාවෙන් කරුණු දැක්වූහ. (ඇය එහි) සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ.
52. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
52. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසන සේක්වා” යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියා ය.
53. තෙන ඛො පන සමයෙන තස්සා රත්තියා අච්චයෙන චාතුද්දීපිකො මහාමෙඝො පාවස්සි. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “යථා භික්ඛවෙ, ජෙතවනෙ වස්සති, එවං චතුසු දීපෙසු වස්සති. ඔවස්සාපෙථ භික්ඛවෙ, කායං. අයං පච්ඡිමකො චාතුද්දීපිකො මහාමෙඝො”ති. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නික්ඛිත්තචීවරා කායං ඔවස්සාපෙන්ති.
53. එකල්හි ඒ රැය ඉක්ම ගිය පසු සිවුදිවයිනට එක පැහැර වස්නා වූ මහත් මේඝයෙක් වැස්සේ ය. ඒ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, ජේතවනයට වසින්නා සේ සිවුදිවයිනෙහි වසි යි. මහණෙනි, කය තෙමවු. මේ සිවුදිවයිනට එකපැහැර වස්නා වූ අන්තිම මහාමේඝය”යි වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී බහා තැබූ සිවුරු ඇත්තෝ කය තෙමත්.
54. අථ ඛො විසාඛා මිගාරමාතා පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා දාසිං ආණාපෙසි: “ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. “එවං අය්යෙ”ති ඛො සා දාසී විසාඛාය මිගාරමාතුයා පටිස්සුත්වා ආරාමං ගන්ත්වා අද්දස භික්ඛූ නික්ඛිත්තචීවරෙ කායං ඔවස්සාපෙන්තෙ. දිස්වාන “නත්ථි ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී”ති යෙන විසාඛා මිගාරමාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා විසාඛං මිගාරමාතරං එතදවොච: “නත්ථය්යෙ, ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී”ති.
54. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛාතොමෝ ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා “කෙල්ල, යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ දාසිය මෘගාරිමාතෘ විශාඛාවට පිළිවදන් දී ආරාමයට ගොස් බැහැර කළ සිවුරු ඇති ව කය තෙමන්නා වූ භික්ෂූන් දුටුවා ය. දැක “ආරාමයෙහි භික්ෂූහු නැත. ආජිවකයෝ කය තෙමති” යි (සිතා) මෘගාරිමාතෘ විශාඛාව වෙත ගියා ය. ගොස් ‘ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්ෂූහු නැත. ආජිවකයෝ කය තෙමති” යි මෘගාරිමාතෘ විශාඛාවට කීවා ය.
55. අථ ඛො විසාඛාය මිගාරමාතුයා පණ්ඩිතාය වියත්තාය මෙධාවිනියා එතදහොසි: “නිස්සංසයං ඛො අය්යා නික්ඛිත්තචීවරා කායං ඔවස්සාපෙන්ති. සායං බාලා මඤ්ඤිත්ථ: නත්ථි ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී”ති. පුන දාසිං ආණාපෙසි: “ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති.
55. එකල්හි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති මෘගාරිමාතෘ විශාඛාවට නිසැකයෙන් ම ආර්‍ය්‍යයන් වහන්සේලා බැහැර කළ සිවුරු ඇති ව කය තෙමත්. ඒ මේ මෝඩ ගෑණි ‘ආරාමයෙහි භික්ෂූහු නැත. ආජිවකයන් වැස්සෙන් කය තෙමති’යි සිතුවා ය” යි අදහස් වි ය. නැවත, “කෙල්ල, යව. ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය.
56. අථ ඛො තෙ භික්ඛූ ගත්තානි සීතිං කරිත්වා කල්ලකායා චීවරානි ගහෙත්වා යථාවිහාරං පවිසිංසු.
56. ඉක්බිතී ඒ භික්ෂූහු සිරුරු සිහිල් කොට සුවපත් සිරුරු ඇත්තාහු සිවුරු ගෙණ තමතමන් වසන වෙහෙරට පිවිසියාහු ය.
57. අථ ඛො සා දාසී ආරාමං ගන්ත්වා භික්ඛූ අපස්සන්තී “නත්ථි ආරාමෙ භික්ඛූ. සුඤ්ඤො ආරාමො”ති යෙන විසාඛා මිගාරමාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා විසාඛං මිගාරමාතරං එතදවොච: “නත්ථය්යෙ, ආරාමෙ භික්ඛූ. සුඤ්ඤො ආරාමො”ති.
57. නැවත ඒ දාසිය ආරාමයට ගොස් භික්ෂූන් නො දක්නී “ආරාමයෙහි භික්ෂූහු නැත. ආරාමය සිස් ය” යි (සිතා) මෘගාරිමාතෘ විශාඛාව වෙත ගියා ය. ගොස් මෘගාරිමාතෘ විශාඛාවට “ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්ෂූහු නැත. ආරාමය සිස් ය” යි කීවා ය.
58. අථ ඛො විසාඛාය මිගාරමාතුයා පණ්ඩිතාය වියත්තාය මෙධාවිනියා එතදහොසි: “නිස්සංසයං ඛො අය්යා ගත්තානි සීතිං කරිත්වා කල්ලකායා චීවරානි ගහෙත්වා යථාවිහාරං පවිට්ඨා. සායං බාලා මඤ්ඤිත්ථ: නත්ථි ආරාමෙ භික්ඛූ. සුඤ්ඤො ආරාමො”ති. පුන දාසිං ආණාපෙසි, “ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ නිට්ඨිතං භත්ත”න්ති.
58. එකල්හි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති මෘගාරිමාතෘ විශාඛාවට “නිසැකයෙන් ම ආර්‍ය්‍යයන් වහන්සේලා සිරුරු සිහිල් කොට සුව පත් සිරුරු ඇත්තාහු සිවුරු ගෙණ තමතමන් වසන වෙහෙරට පිවිසියෝ ය. ඒ මේ මෝඩ ගෑණිය ‘ආරාමයෙහි භික්ෂූහු නැත. ආරාමය සි ස්ය’ යි සිතු ය” යි අදහස් වි ය. නැවත “කෙල්ල යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ ය’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය.
59. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සන්නහථ භික්ඛවෙ පත්තචීවරං. කාලො භත්තස්සා”ති. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, බතට කාලය යි. සිවුරු සකස් කර ගණිවු” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
60. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො විසාඛාය මිගාරමාතුයා කොට්ඨකෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
60. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නා සේ දිගු කළ අතක් හකුළන්නා සේ ජේතවනයෙහි නො පෙණී ගිය සේක් මෘගාරිමාතෘ විශාඛාවගේ වාහල්කඩ පහළ වු සේක. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩහුන් සේක.
61. අථ ඛො විසාඛා මිගාරමාතා “අච්ඡරියං වත භො! අබ්භුතං වත භො! තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. යත්ර හි නාම ජණ්ණුකමත්තෙසුපි ඔඝෙසු වත්තමානෙසු කටිමත්තෙසුපි ඔඝෙසු වත්තමානෙසු න හි නාම එකභික්ඛුස්සපි පාදානි වා චීවරානි වා අල්ලානි භවිස්සන්තී”ති හට්ඨා උදග්ගා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි.
61. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ “පින්වත්නි, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් තෙදැති බව ආශ්චර්‍ය්‍යයෙක. පුදුමයෙක. දණ පමණ ජල ගැල්ම පවත්නා කල්හි ද උකුළ පමණ ජලගැල්ම පවත්නා කල්හි ද එක් භික්ෂුනමකගේත් පාදයෝ හෝ සිවුරු හෝ නො තෙමුනාහු වෙත් ය” යි සතුටු වූවා ඔදවැඩි වූවා බුද්ධපුමුඛභික්ෂූසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නී ය.
62. එකමන්තං නිසින්නා ඛො විසාඛා මිගාරමාතා භගවන්තං එතදවොච: “අට්ඨාහං භන්තෙ භගවන්තං වරානි යාචාමී”ති. “අතික්කන්තවරා ඛො විසාඛෙ, තථාගතා”ති. “යානි ච භන්තෙ, කප්පියානි යානි ච අනවජ්ජානී”ති. “වදෙහි විසාඛෙ”ති. “ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝස්ස යාවජීවං වස්සිකසාටිකං දාතුං, ආගන්තුකභත්තං දාතුං, ගමිකභත්තං දාතුං, ගිලානභත්තං දාතුං, ගිලානුපට්ඨාකභත්තං දාතුං, ගිලානභෙසජ්ජං දාතුං, ධුවයාගුං දාතුං, භික්ඛුනිසඞ්ඝස්ස උදකසාටිකං දාතු”න්ති.
62. පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛා තොමෝ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් වර අටක් ඉල්ලමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළා ය. “විශාඛාව, තථාගතයෝ (ස්ත්රීන්ට දිය යුතු) වර ඉක්මවූවෝ ය.” “ස්වාමීනි, යමක් කැප ද, යමක් නිදොස් ද (එබඳු වර අටක් ඉල්ලමි.)” “විශාඛාවෙනි, කියව”. “ස්වාමීනි, මම දිවිහිම් කොට සඞ්ඝයාහට වැසිසළු දෙන්නට, ආගන්තුකබත් දෙන්නට, ගමිකබත් දෙන්නට, ගිලන්බත් දෙන්නට, ග්ලානෝපස්ථායකබත් දෙන්නට, ගිලන්බෙහෙත් දෙන්නට, නිතිකැඳ දෙන්නට, මෙහෙණසඟනට දියසළු දෙන්නට, කැමැත්තෙමි” යි සැළකළා ය.
63. “කිං පන ත්වං විසාඛෙ, අත්ථවසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසී”ති. “ඉධාහං භන්තෙ දාසිං ආණාපෙසිං: ‘ගච්ඡ ජෙ, ආරාමං ගන්ත්වා කාලං ආරොචෙහි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”’න්ති. අථ ඛො සා භන්තෙ දාසී ආරාමං ගන්ත්වා අද්දස භික්ඛූ නික්ඛිත්තචීවරෙ කායං ඔවස්සාපෙන්තෙ. දිස්වාන ‘නත්ථි ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී’ යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං එතදවොච: “නත්ථය්යෙ, ආරාමෙ භික්ඛූ. ආජීවකා කායං ඔවස්සාපෙන්තී’ති. අසුචි භන්තෙ නග්ගියං ජෙගුච්ඡං. පටික්කූලං. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං වස්සිකසාටිකං දාතුං.
63. “විශාඛාවෙනි, තී කිනම් කරුණක් දක්නී තථාගතයන් වෙතින් වර අටක් ඉල්වහි ද?”. “ස්වාමීනි, මම මෙහි ‘කෙල්ල, යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව’ යි දාසියට අණ කෙළෙමි. ඉක්බිති ස්වාමීනි, ඒ දාසිය ආරාමයට ගොස් බැහැර කළ සිවුරු ඇති ව වැසිදියෙන් කය තෙමන්නා වූ භික්ෂූන් දුටුවා ය. දැක ‘ආරාමයෙහි භික්ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි (සිතා) මා වෙත පැමිණියා ය. පැමිණ ‘ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි. මට සැළකළා ය. ස්වාමීනි, නග්න භාවය නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි හිම් කොට සඞ්ඝයාහට වැසිසළු දෙන්නට කැමැත්තෙමි.
64. “පුන චපරං භන්තෙ ආගන්තුකො භික්ඛු න වීථිකුසලො න ගොචරකුසලො කිලන්තො පිණ්ඩාය චරති. සො මෙ ආගන්තුකභත්තං භුඤ්ජිත්වා වීථිකුසලො ගොචරකුසලො අකිලන්තො පිණ්ඩාය චරිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ආගන්තුකභත්තං දාතුං.
64. “නැවත ද, ස්වාමීනි, ආගන්තුකභික්ෂු තෙමේ (මෙහි) වීථින්හි දක්ෂ නො වූයේ ගෝචරස්ථානයන්හි දක්ෂ නො වූයේ විඩා පත් වූයේ පිඬු පිණිස හැසිරේ. ඒ භික්ෂු තෙමේ මාගේ ආගන්තුකබත වළඳා වීථින්හි දක්ෂ (පුරුදු) වූයේ ගෝචරස්ථානයන්හි දක්ෂ වූයේ (යා යුතු නො යා යුතු තැන් දන්නේ) විඩාපත් නො වූයේ පිඬු පිණිස හැසිරෙන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ආගන්තුකබත් දෙන්නට කැමැත්තෙමි.
65. “පුන චපරං භන්තෙ, ගමිකො භික්ඛු අත්තනො භත්තං පරියෙසමානො සත්ථා වා විහායිස්සති. යත්ථ වා වාසං ගන්තුකාමො භවිස්සති, තත්ථ විකාලෙ උපගච්ඡිස්සති. කිලන්තො අද්ධානං ගමිස්සති. සො මෙ ගමිකභත්තං භුඤ්ජිත්වා සත්ථා න විහායිස්සති, යත්ථ වාසං ගන්තුකාමො භවිස්සති, තත්ථ කාලෙන උපගච්ඡිස්සති. අකිලන්තො අද්ධානං ගමිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගමිකභත්තං දාතුං.
65. “නැවත ද ස්වාමීනි, ගමිකභික්ෂු තෙමේ තමාගේ බත සොයන්නේ සත්වායෙන් (=තවලම් නඩයෙන්) හෝ අත්හැරෙන්නේ ය. යම් තැනෙක විසීමට යනු කැමැත්තේ හෝ වන්නේ ද, එතැනට නො කල්හි පැමිණෙන්නේ ය. විඩා පත් වූයේ මග යන්නේ ය. ඒ භික්ෂු තෙමේ මාගේ ගමිකබත වළඳා සත්වායෙන් නො වෙන් වන්නේ ය. යම්තැනක විසීමට යනු කැමැති වන්නේ ද, එතැනට සුදුසු කාලයෙහි පැමිණෙන්නේ ය. විඩා පත් නො වූයේ මග යන්නේ ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගමිකබත් දෙන්නට කැමැත්තෙමි.
66. “පුන චපරං භන්තෙ, ගිලානස්ස භික්ඛුනො සප්පායානි භොජනානි අලභන්තස්ස ආබාධො වා අභිවඩ්ඪිස්සති. කාලකිරියා වා භවිස්සති. තස්ස මෙ ගිලානභත්තං භුත්තස්ස ආබාධො න අභිවඩ්ඪිස්සති, කාලකිරියා න භවිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගිලානභත්තං දාතුං.
66. “නැවත ද ස්වාමීනි, හිත වූ බොජුන් නො ලබන්නා වූ ගිලන් මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මගේ ගිලන්බත වැළඳූ ඒ භික්ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බත් දෙන්නට කැමැත්තෙමි.
67. “පුන චපරං භන්තෙ, ගිලානුපට්ඨාකො භික්ඛු අත්තනො භත්තං පරියෙසමානො ගිලානස්ස උස්සූරෙ භත්තං නීහරිස්සති. භත්තච්ඡෙදං කරිස්සති. සො මෙ ගිලානුපට්ඨාකභත්තං භුඤ්ජිත්වා ගිලානස්ස කාලෙන භත්තං නීහරිස්සති. භත්තච්ඡෙදං න කරිස්සති. ඉමාහං භන්තෙ, අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගිලානුපට්ඨාකභත්තං දාතුං.
67. “නැවත ද ස්වාමීනි, ග්ලානෝපස්ථායකභික්ෂු තෙමේ තමාගේ බත සොයන්නේ ගිලනහුට ඉර නැගි කල්හි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම කරන්නේ ය. ඒ ග්ලානෝපස්ථායකභික්ෂු තෙමේ මාගේ ග්ලානෝපස්ථායක බත වළඳා ගිලනහුට සුදුසු කාලයෙහි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම නො කරන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවිඇති තාක් සඞ්ඝයාහට ග්ලානෝපස්ථායකබත් දෙනු කැමැත්තෙමි.
68. “පුන චපරං භන්තෙ, ගිලානස්ස භික්ඛුනො සප්පායානි භෙසජ්ජානි අලභන්තස්ස ආබාධො වා අභිවඩ්ඪිස්සති. කාලකිරියා වා භවිස්සති. තස්ස මෙ ගිලානභෙසජ්ජං පරිභුත්තස්ස ආබාධො න අභිවඩ්ඪිස්සති. කාලකිරියා න භවිස්සති. ඉමාහං භන්තෙ. අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ගිලානභෙසජ්ජං දාතුං.
68. “නැවත ද ස්වාමීනි, හිත වූ බෙහෙත් නො ලබන්නා වූ ගිලන් වූ මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මාගේ ගිලන්බෙහෙත් වැළඳූ ඒ භික්ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බෙහෙත් දෙනු කැමැත්තෙමි.
69. “පුන චපරං භන්තෙ භගවතා අන්ධකවින්දෙ දසානිසංසෙ සම්පස්සමානෙන යාගු අනුඤ්ඤාතා. ත්යාහං භන්තෙ, ආනිසංසෙ සම්පස්සමානා ඉච්ඡාමි සඞ්ඝස්ස යාවජීවං ධුවයාගුං දාතුං.
69. “නැවත ද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන්ධකවින්ද නගරයෙහි දී අනුසස්දසයක් දකිමින් කැඳ අනුදන්නා ලද්දේ ය. ස්වාමීනි, මම මේ අනුසස් දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාට නිතිකැඳ දෙනු කැමැත්තෙමි.
70. “ඉධ භන්තෙ භික්ඛුනියො අචිරවතියා නදියා වෙසියාහි සද්ධිං නග්ගා එකතිත්ථෙ නහායන්ති. තා භන්තෙ වෙසියා භික්ඛුනියො උප්පණ්ඩෙසුං: කින්නු ඛො නාම තුම්හාකං අය්යෙ, දහරානං බ්රහ්මචරියං චිණ්ණෙන. නනු නාම කාමා පරිභුඤ්ජිතබ්බා. යදා ජිණ්ණා භවිස්සථ, තදා බ්රහ්මචරියං චරිස්සථ. එවං තුම්හාකං උභො අත්ථා පරිග්ගහිතා භවිස්සන්තී’ති. තා, භන්තෙ, භික්ඛුනියො වෙසියාහි උප්පණ්ඩියමානා මඞ්කූ අහෙසුං. අසුචි භන්තෙ, මාතුගාමස්ස නග්ගියං ජෙගුච්ඡං. පටික්කූලං. ඉමාහං භන්තෙ අත්ථවසං සම්පස්සමානා ඉච්ඡාමි භික්ඛුනිසඞ්ඝස්ස යාවජීවං උදකසාටිකං දාතු”න්ති.
70. “ස්වාමීනි, මෙහි මෙහෙණහු අචිරවතීනදියෙහි වෙසඟනන් සමග නග්න ව එක් තොටෙහි ස්නානය කෙරෙත්. ස්වාමීනි, ඒ වෙසඟනෝ මෙහෙණන්ට ‘ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ ඔබට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයෙක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙක දිරුණාහු වන්නහු ද, එකල්හි බඹසරෙහි හැසිරෙවු. එසේ ඇති කල්හි ඔබ විසින් උභයාර්ත්ථයෝ ම ප්‍රයෝජන ගන්නා ලද්දෝ වන්නාහු ය’ යි වෙහෙසූහ. ස්වාමීනි, වෙසඟනන් විසින් වෙහෙසනු ලබන ඒ මෙහෙණහු මංකු (ලජ්ජිත) වූහ. ස්වාමීනි, නග්න භාවය මාගමට නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි තෙක් මෙහෙණ සඟනට දියසළු දෙනු කැමැත්තෙමි” යි කීවා ය.
71. “කිං පන ත්වං විසාඛෙ, ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසී”ති. “ඉධ භන්තෙ දිසාසු වස්සං වුත්ථා භික්ඛූ සාවත්ථිං ආගච්ඡිස්සන්ති භගවන්තං දස්සනාය. තෙ භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡිස්සන්ති: ‘ඉත්ථන්නාමො භන්තෙ භික්ඛු කාලකතො. තස්ස කා ගති. කො අභිසම්පරායො.’ති. තං භගවා ව්යාකරිස්සති සොතාපත්තිඵලෙ වා සකදාගාමිඵලෙ වා අනාගාමිඵලෙ වා අරහත්තෙ වා. ත්යාහං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාමි: ‘ආගතපුබ්බා නු ඛො භන්තෙ, තෙන අය්යෙන සාවත්ථී’ති. සචෙ මෙ වක්ඛන්ති: ‘ආගතපුබ්බා තෙන භික්ඛුනා සාවත්ථී’ති නිට්ඨමෙත්ථ ගච්ඡිස්සාමි: නිස්සංසයං මෙ පරිභුත්තං තෙන අය්යෙන වස්සිකසාටිකා වා ආගන්තුකභත්තං වා ගමිකභත්තං වා ගිලානභත්තං වා ගිලානුපට්ඨාකභත්තං වා ගිලානභෙසජ්ජං වා ධුවයාගු වා’ ති. තස්සා මෙ තදනුස්සරන්තියා පාමුජ්ජං ජායිස්සති. පමුදිතාය පීති ජායිස්සති. පීතිමනාය කායො පස්සම්භිස්සති. පස්සද්ධකායා සුඛං වෙදයිස්සාමි. සුඛිනියා චිත්තං සමාධියිස්සති. සා මෙ භවිස්සති ඉන්ද්රියභාවනා, බලභාවනා, බොජ්ඣඞ්ගභාවනා. ඉමාහං භන්තෙ ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචාමී”ති.
71. “විශාඛාවෙනි, තී කිනම් අනුසසක් දක්නී තථාගතයන් වහන්සේ වෙතින් වර අට ඉල්වන්නෙහි ද?” යි අසා වදාළ සේක. “ස්වාමීනි, මෙහි දිසාවන්හි වස් වැස නිම කළ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත්නුවරට පැමිණෙන්නාහු ය. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කවරී ද? පරලොව කවරේ දැ?” යි විචාරන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්ෂුනම) සෝතාපත්තිඵලයෙහි හෝ සකදාගාමිඵලයෙහි හෝ අනාගාමිඵලයෙහි හෝ අරහත්තඵලයෙහි හෝ යි ඔහු ගැණ ප්‍රකාශ කරණ සේක. මම ඒ භික්ෂූන් වෙත එළඹ ‘ස්වාමීනි, ඒ ආර්‍ය්‍යයන් වහන්සේ පෙර සැවැත්නුවරට පැමිණි විරූ දැ’ යි විචාරන්නෙමි. ඉදින් ඒ මහණහු ‘සැවැත් නුවරට පැමිණි විරූ ය’ යි මට කියන්නාහු නම්, ‘නිසැකයෙන් ඒ ආර්‍ය්‍යයන් වහන්සේ විසින් මාගේ වැසිසළු හෝ ආගන්තුකබත් හෝ ගමිකබත් හෝ ගිලන්බත් හෝ ග්ලානෝපස්ථායකබත් හෝ ගිලන්බෙහෙත් හෝ නිති කැඳ හෝ වළඳන ලදැ’ යි මෙහි නිශ්චයට යන්නෙමි. එය සිහි කරන්නා වූ ඒ මට ප්‍රමෝදය උපදින්නේ ය. ප්‍රමුදිත වූ මට ප්‍රීතිය උපදින්නේ ය. ප්‍රීත සිත් ඇති මාගේ කය සන්සිඳෙන්නේ ය. සන්සිඳුනු කය ඇත්තී සුව විඳින්නෙමි. සුව ඇත්තා වූ මාගේ සිත එකඟ වන්නේ ය. එය මට ඉන්ද්රියභාවනාව, බලභාවනාව, බොද්ධ්යඞ්ගභාවනාව වන්නේ ය. ස්වාමීනි, මම මේ අනුසස් දක්නෙම් තථාගතයන් වහන්සේගෙන් වර අට ඉල්ලමි” යි කිවු ය.
72. “සාධු සාධු විසාඛෙ, සාධු ඛො ත්වං විසාඛෙ, ඉමං ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසි. අනුජානාමි තෙ විසාඛෙ, අට්ඨ වරානී”ති.
72. “විශාඛාව, ඉතා යහපති, විශාඛාව, තී මේ අනුසස් දක්නී තථාගතයන් වහන්සේගෙන් වර අට ඉල්වන්නෙහි ද, ඒ යහපති. විශාඛාව, තිට වර අට අනුදනිමි’ යි වදාළසේක.
73. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ඉමාහි ගාථාහි අනුමොදි:
73. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාවට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කළ සේක:
“යා අන්නපානං දදතී පමොදිතා සීලූපපන්නා සුගතස්ස සාවිකා, දදාති දානං අභිභුය්ය මච්ඡරං සොවග්ගිකං සොකනුදං සුඛාවහං.
“සුගතයන් වහන්සේගේ සීලසම්පන්න වූ යම් ශ්‍රාවිකාවක් ප්‍රමුදිත වූවා ආහාරපාන දේ ද, මසුරුමල මැඩ ස්වර්ගයට හිත වූ ශෝක දුරු කරන්නා වූ සුව එළවන්නා වූ දන් දේ ද–
“දිබ්බං සා ලභතෙ ආයුං ආගම්ම මග්ගං විරජං අනඞ්ගණං, සා පුඤ්ඤකාමා සුඛිනී අනාමයා සග්ගම්හි කායම්හි චිරං පමොදතී”ති.
ඕ තොමෝ දිව්‍යමය වූ ආයුෂ ලබයි. පහ වූ රාගාදීරජස් ඇති පව් නැති මාර්ගයට පැමිණ පින් කැමැති ඕ තොමෝ සුවපත් ව රෝග රහිත ව ස්වර්ගලෝකයෙහි බොහෝ කලක් සතුටු වෙයි.”
74. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, වස්සිකසාටිකං ආගන්තුකභත්තං ගමිකභත්තං ගිලානභත්තං ගිලානුපට්ඨාකභත්තං ගිලානභෙසජ්ජං ධුවයාගුං භික්ඛුනිසඞ්ඝස්ස උදකසාටික”න්ති.
74. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාවට මේ ගාථාවන්ගෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් අමතා “මහණෙනි, වැසිසළු, ආගන්තුකබත, ගමිකබත, ගිලන්බත, ග්ලානෝපස්ථායකබත, ගිලන්බෙහෙත්, නිතිකැඳ, මෙහෙණසඟනට දියසළු අනුදනිමි”යි වදාළ සේක.
විසාඛභාණවාරං නිට්ඨිතං.
විසාබණවර නිමි.
1. තෙන ඛො පන සමයෙන භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා මුට්ඨස්සතී අසම්පජානා නිද්දං ඔක්කමන්ති. තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චති. සෙනාසනං අසුචිනා මක්ඛීයති.
1. එකල්හි භික්ෂූහු පිණිබොජුන් වළඳා මුළා වූ සිහි ඇත්තාහු සම්‍යක් ප්‍රඥා නැත්තාහු නින්දට බසිත්. මුළා වූ සිහි ඇති ව යහපත් නුවණින් තොර වූ නින්දට යන්නා වූ ඔවුන්ට සිහිනෙන් අසුචි (ශුක්‍ර) මිදේ (නික්මේ). සෙනසුන ශුක්රයෙන් කිලිටි වේ.
2. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො අද්දස සෙනාසනං අසුචිනා මක්ඛිතං. දිස්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කිං එතං ආනන්ද, සෙනාසනං මක්ඛිත”න්ති. “එතරහි භන්තෙ, භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා මුට්ඨස්සතී අසම්පජානා නිද්දං ඔක්කමන්ති. තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චති. තයිදං භගවා, සෙනාසනං අසුචිනා මක්ඛිත”න්ති. “එවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, මුච්චති හි ආනන්ද, මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි. යෙ තෙ ආනන්ද, භික්ඛූ උපට්ඨිතසතී සම්පජානා නිද්දං ඔක්කමන්ති, තෙසං අසුචි න මුච්චති. යෙපි තෙ ආනන්ද, පුථුජ්ජනා කාමෙසු වීතරාගා, තෙසම්පි අසුචි න මුච්චති. අට්ඨානමෙතං ආනන්ද අනවකාසො යං අරහතො අසුචි මුච්චෙය්යා”ති.
2. භාග්‍යවතුන් වහන්සේ (තමන් වහන්සේ) පසු ව යන මහණහු වූ ආයුෂ්මත් වූ අනඳ තෙරුන් සමග සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ශුක්රයෙන් කිලිටි වූ සෙනසුන් දුටු සේක. දැක, “ආනන්දය, මේ සෙනසුන කුමකින් වැකුනේ දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් අසා වදාළ සේක. “ස්වාමීනි, දැන් භික්ෂූහු පිණිබොජුන් වළඳා මුළාසිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා නැත්තාහු නින්දට බසිත්. මුළා වූ සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා නැති ව නින්දට බසින්නා වූ ඔවුන්ට සිහිනෙන් ශුක්‍ර මොචනය වේ. භාග්‍යවතුන් වහන්ස, ඒ මේ සෙනසුන් ශුක්රයෙන් කිලිටි වූයේ ය” යි සැළකළහ. “ආනන්දය, ඒ එසේ ය. ආනන්දය, ඒ එසේ ය. ආනන්දය, මුළා වූ සිහි ඇති ව සම්‍යක් ප්‍රඥාවෙන් තොරව නින්දට බසින්නවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ ම ය. ආනන්දය, එළඹ සිටි සිහි ඇති යහපත් නුවණ ඇති යම් ඒ භික්ෂූහු නින්දට බසිත් ද, ඔවුන්ට ශුක්‍ර නො මිදේ. ආනන්දය, යම් ඒ පුහුදුන් කෙනෙක් කාමයන්හි පහ වූ ඇලුම් ඇත්තෝ වෙත් ද, ඔවුන්ට ද ශුක්‍ර නො මිදේ. ආනන්දය, රහතුන් වහන්සේට ශුක්‍ර මිදෙන්නේ ය යනු නො විය හැකි ය. ඊට අවකාස (හේතු) නැතැ” යි වදාළහ.
3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “ඉධාහං භික්ඛවෙ, ආනන්දෙන පච්ඡාසමණෙන සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො අද්දසං සෙනාසනං අසුචිනා මක්ඛිතං. දිස්වාන, ආනන්දං ආමන්තෙසිං: ‘කිං එතං ආනන්ද, සෙනාසනං මක්ඛිත’න්ති. ‘එතරහි භන්තෙ, භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා මුට්ඨස්සතී අසම්පජානා නිද්දං ඔක්කමන්ති. තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චති. තයිදං භගවා, සෙනාසනං අසුචිනා මක්ඛිත’න්ති. ‘එවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, මුච්චති හි ආනන්ද, මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි. යෙ තෙ ආනන්ද, භික්ඛූ උපට්ඨිතස්සතී සම්පජානා නිද්දං ඔක්කමන්ති, තෙසං අසුචි න මුච්චති. යෙපි තෙ ආනන්ද, පුථුජ්ජනා කාමෙසු වීතරාගා, තෙසම්පි අසුචි න මුච්චති. අට්ඨානමෙතං ආනන්ද, අනවකාසො යං අරහතො අසුචි මුච්චෙය්යා”ති.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් අමතා “මහණෙනි, මම මෙහි පසු මහණහු වූ ආනන්දයන් සමග සේනාසනචාරිකාවෙහි ඇවිදින්නෙම් ශුක්රයෙන් කිලිටි වූ සෙනසුන් දුටුවෙමි. දැක “මේ සෙනසුන් කුමක් නිසා ශුක්රයෙන් කිලිටි වූයේ දැ” යි ආනන්දයන් විචාළෙමි. “ස්වාමීනි, දැන් භික්ෂූහු පිණිබොජුන් වළඳා මුළාසිහි ඇති ව සම්‍යක් ප්‍රඥාවෙන් තොර ව නින්දට බසිත්. මුළා සිහි ඇති ව යහපත් නුවණින් තොර ව නින්දට බසින්නා වූ ඔවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ. භාග්‍යවතුන් වහන්ස, මේ සෙනසුන ඒ අසුචියෙන් කිලිටි වී ය” යි හේ කී ය. “ආනන්දය, ඒ එසේ ය. ආනන්දය, ඒ එසේ ය. ආනන්දය, මුළාසිහි ඇති ව සම්‍යක්ප්‍රඥාවෙන් තොර ව නින්දට බසින්නවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ ම ය. ආනන්දය, එළඹ සිටි සිහි ඇති සම්‍යක් ප්‍රඥා ඇති යම් ඒ භික්ෂූහු නින්දට බසිත් ද, ඔවුන්ට ශුක්‍ර නො මිදේ. ආනන්දය, යම් ඒ පුහුදුන් කෙනෙක් කාමයන්හි පහ වූ ඇලුම් ඇත්තාහු ද, ඔවුන්ට ද ශුක්‍ර නො මිදේ. ආනන්දය, රහතුන් වහන්සේට ශුක්‍ර මිදෙන්නේ ය යනු නො විය හැකි ය. ඊට හේතු නැතැ” යි කීවෙමි.
4. “පඤ්චිමෙ භික්ඛවෙ, ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො: දුක්ඛං සුපති. දුක්ඛං පටිබුජ්ඣති. පාපකං සුපිනං පස්සති. දෙවතා න රක්ඛන්ති, අසුචි මුච්චති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො.
4. “මහණෙනි, මුළා වූ සිහි ඇති ව සම්‍යක්ප්‍රඥා නැති ව නින්දට බසින්නාහට මේ දොස් පසෙක් වේ: දුක සේ නිදයි. දුක සේ පිබිදෙයි. පවිටු සිහින දකියි. දෙවියෝ නො රකිත්. ශුක්‍ර මිදේ. මහණෙනි, මුළා සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා නැති ව නින්දට බසින්නහුට මේ දොස් පස වේ.
5. “පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා උපට්ඨිතසතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතො: සුඛං සුපති. සුඛං පටිබුජ්ඣති. න පාපකං සුපිනං පස්සති. දෙවතා රක්ඛන්ති. අසුචි න මුච්චති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා උපට්ඨිතසතිස්ස සම්පජානස්ස නිද්දං ඔක්කමතො. අනුජානාමි භික්ඛවෙ, කායගුත්තියා චීවරගුත්තියා සෙනාසනගුත්තියා නිසීදන”න්ති.
5. “මහණෙනි, එළඹ සිටි සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව නින්දට බසින්නහුට මේ අනුසස් පසෙක් වේ: සුව සේ නිදයි. සුව සේ පිබිදෙයි. පවිටු සීන නො දකියි. දෙවියෝ රකිත්. ශුක්‍ර නො මිදේ. මහණෙනි, එළඹ සිටි සිහි ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව නින්දට බසින්නහුට මේ අනුසස් පස වේ. මහණෙනි, කය රක්නා පිණිස සිවුරු රක්නා පිණිස සෙනසුන් රක්නා පිණිස නිසීදනය (හිඳිනා ඇතිරිය) අනුදනිමි” යි වදාළහ.
6. තෙන ඛො පන සමයෙන අතිඛුද්දකං නිසීදනං න සබ්බං සෙනාසනං ගොපෙති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, යාව මහන්තං පච්චත්ථරණං ආකඞ්ඛති, තාව මහන්තං පච්චත්ථරණං කාතු”න්ති.
6. එකල්හි ඉතා කුඩා වූ නිසීදනය මුළු සෙනසුන නො රකියි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් පමණ මහත් වූ පසතුරුණු කැමැති වේ නම්, එපමණ මහත් වූ පසතුරුණු කරන්නට අනුදනිමි” යි
7. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස උපජ්ඣායස්ස ආයස්මතො බෙලට්ඨසීසස්ස ථුල්ලකච්ඡාබාධො හොති. තස්ස ලසිකාය චීවරානි කායෙ ලග්ගන්ති. තානි භික්ඛූ උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪන්ති.
7. එකල්හි ආයුෂ්මත් අනඳතෙරුන්ගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් බෙලට්ඨසිස ස්ථවිරයන් වහන්සේට මහත් පිළිකාරෝගයෙක් වේ. උන්වහන්සේගේ සිවුරු සඳමිදුලෙන් ශරීරයෙහි ලැගෙත් භික්ෂූහු ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කෙරෙත්.
8. අද්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තෙ භික්ඛූ තානි චීවරානි උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කිං ඉමස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “ඉමස්ස භන්තෙ, ආයස්මතො ථුල්ලකච්ඡාබාධො. ලසිකාය චීවරානි කායෙ ලග්ගන්ති. තානි මයං උදකෙන තෙමෙත්වා තෙමෙත්වා අපකඩ්ඪාමා”ති.
8. භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරන්නා වූ භික්ෂූන් දුටු සේක. දැක ඒ භික්ෂූන් වෙත එළඹි සේක. එළඹ, “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි ඒ භික්ෂූන්ගෙන් ඇසූහ. “ස්වාමීනි, මේ ආයුෂ්මත්හුහට මහ පිළිකාරොගය වේ. සඳමිදුලෙන් සිවුරු සිරුරෙහි ලැගෙයි. අපි ඒ සිවුරු දියෙන් තෙම තෙමා ඉවත් කරමු” යි කීහ.
9. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, යස්ස කණ්ඩු වා පිළකා වා අස්සාවො වා ථුල්ලකච්ඡු වා ආබාධො කණ්ඩුපටිච්ඡාදි”න්ති.
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් අමතා “මහණෙනි, යම් මහණකුහට කැසීමෙක් හෝ ලේගඩුවක් හෝ භගන්දරාදි සැරව වැගිරෙන ආබාධයක් හෝ මහ පිළිකා ආබාධයෙක් හෝ වේ ද, කස්පිළිසනක් (වණ වැසුමක්) අනුදනිමි” යි වදාළ සේක.
10. අථ ඛො විසාඛා මිගාරමාතා මුඛපුඤ්ඡනචොළං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො විසාඛා මිගාරමාතා භගවන්තං එතදවොච: “පතිගණ්හාතු මෙ භන්තෙ, භගවා මුඛපුඤ්ඡනචොළකං, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. පටිග්ගහෙසි භගවා මුඛපුඤ්ඡනචොළකං.
10. එකල්හි මෘගාරිමාතෘ විශාඛා තොමෝ මුව පිස්නා රෙදිකඩක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛා තොමෝ “භාග්‍යවතුන් වහන්සේ මාගේ මුවපිස්නා රෙදිකඩ පිළිගන්නා සේක්වා. එය මට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය” යි භාග්‍යවතුන් වහන්සේට සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ මුවපිස්නා රෙදිකඩ පිළිගත්හ.
11. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාව දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. (ඇය එහි) සමාදන් කරවූ හ. තියුණු කරවූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියා ය.
12. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ, මුඛපුඤ්ඡනචොළක”න්ති.
12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්ෂූන් අමතා “මහණෙනි, මුවපිස්නා රෙදිකඩක් අනුදනිමි” යි වදාළ සේක.
13. තෙන ඛො පන සමයෙන රොජො මල්ලො ආයස්මතො ආනන්දස්ස සහායො හොති. රොජස්ස මල්ලස්ස ඛොමපිලොතිකා ආයස්මතො ආනන්දස්ස හත්ථෙ නික්ඛිත්තා හොති. ආයස්මතො ච ආනන්දස්ස ඛොමපිලොතිකාය අත්ථො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස විස්සාසං ගහෙතුං: සන්දිට්ඨො ච හොති, සම්භත්තො ච, ආලපිතො ච, ජීවති ච, ජානාති ච, - ගහිතෙ මෙ අත්තමනො භවිස්සතී”ති. “අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස විස්සාසං ගහෙතු”න්ති.
13. එකල්හි රොජමල්ල තෙමේ ආයුෂ්මත් වූ අනඳතෙරුන්ගේ යහළුවෙක් වේ. රොජමල්ලයා විසින් කොමුපිළියක් ආයුෂ්මත් අනඳ තෙරුන් අත තබන ලද්දේ වේ. ආයුෂ්මත් අනඳතෙරුන්ට ද කොමු පිළියකින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඞ්ග පසකින් යුක්ත වූවෙකුගේ දෙයක් විශ්වාසයෙන් ගැණීමට අනුදනිමි: දුටු මිතුරු වේ ද, දැඩි මිතුරු වේ ද, කථාමාත්රයෙන් මිතුරු වූයේ ද, ජීවත් වේ ද, ‘මා විසින් ගත් කල සතුටු වන්නේ ය’ යි ද නී ද, මහණෙනි, මේ පසඟින් යුක්ත වූවහු පිළිබඳ දෙය විශ්වාසයෙන් ගැණිමට අනුදනිමි”.
14. තෙන ඛො පන සමයෙන භික්ඛූනං පරිපුණ්ණං හොති තිචීවරං. අත්ථො ච හොති පරිස්සාවනෙහිපි ථවිකාහිපි. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, පරික්ඛාරචොළක”න්ති.
14. එකල්හි භික්ෂූන්ට තුන්සිවුරු සම්පූර්ණ වේ. පෙරහන්වලින් ද පසුම්බිවලින් ද ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිරිකර රෙදිකඩක් අනුදනිමි”.
15. අථ ඛො භික්ඛූනං එතදහොසි: “යානි තානි භගවතා අනුඤ්ඤාතානි තිචීවරන්ති වා වස්සිකසාටිකාති වා නිසීදනන්ති වා පච්චත්ථරණන්ති වා කණ්ඩුප්පටිච්ඡාදීති වා මුඛපුඤ්ඡනචොළකන්ති වා පරික්ඛාරචොළකන්ති වා, සබ්බානි තානි අධිට්ඨාතබ්බානි නු ඛො? උදාහු විකප්පෙතබ්බානී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, තිචීවරං අධිට්ඨාතුං, න විකප්පෙතුං. වස්සිකසාටිකං වස්සානං චාතුමාසං අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතුං; නිසීදනං අධිට්ඨාතුං න විකප්පෙතුං; පච්චත්ථරණං අධිට්ඨාතුං න විකප්පෙතුං, කණ්ඩුපටිච්ඡාදිං යාව ආබාධා අධිට්ඨාතුං, තතොපරං විකප්පෙතුං, මුඛපුඤ්ඡනචොළකං අධිට්ඨාතුං, න විකප්පෙතුං. පරික්ඛාරචොළකං අධිට්ඨාතුං, න විකප්පෙතු”න්ති. අථඛො භික්ඛූනං එතදහොසි: “කිත්තකං පච්ඡිමං නු ඛො චීවරං විකප්පෙතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ආයාමෙන අට්ඨඞ්ගුලං සුගතඞ්ගුලෙන චතුරඞ්ගුලවිත්ථතං පච්ඡිමං චීවරං විකප්පෙතු”න්ති.
15. “භාග්‍යවතුන් වහන්සේ විසින් – තුන් සිවුර ය යි ද, වැසිසළු ය යි ද, නිසීදන ය යි ද, පසතුරුණ ය යි ද, කස්පිළිසන යි ද මුවපිස්නා වත ය යි ද, පිරිකරසොළ ය යි ද යම් ඒ සිවුරු (වස්ත්‍ර) අනුදන්නා ලද ද, ඒ සියල්ල ඉටිය යුතු ද? නොහොත් විකැපිය යුතු දැ” යි භික්ෂුන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තුන් සිවුර ඉටන්නට නො විකපන්නට, වැසිසළුව වස් සාරමස ඉටන්නට ඉන් පසු විකපන්නට, නිසීදනය ඉටන්නට නො විකපන්නට, පසතුරුණ ඉටන්නට නො විකපන්නට, කස්පිළිසන ආබාධ ඇති තෙක් ඉටන්නට ඉන් පසු විකපන්නට, මුවපිස්නාවත ඉටන්නට නො විකපන්නට, පිරිකරසොළ ඉටන්නට, නො විකපන්නට අනුදනිමි”. අනතුරු ව භික්ෂූන්ට “කොපමණ දිග පළල ඇති පශ්චිමචීවරය (කුඩා ම සිවුර) විකැපිය යුතු දැ” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දිගින් සුගත් අඟලෙන් අටඟුලක් (වඩුරියනක්) වූ, සතරඟුලක් (වඩුවියතක්) පමණ පළල් වූ පශ්චිමචීවරය විකපන්නට අනුදනිමි”.
16. තෙන ඛො පන සමයෙන ආයස්මතො මහාකස්සපස්ස පංසුකූලකතො ගරුකො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සුත්තලූඛං කාතු”න්ති. විකණ්ණො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, විකණ්ණං උද්ධරිතු”න්ති. සුත්තා ඔකිරීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අනුවාතං පරිභණ්ඩං ආරොපෙතු”න්ති. තෙන ඛො පන සමයෙන සඞ්ඝාටියා පත්තා ලුජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අට්ඨපදකං කාතු”න්ති.
16. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ පංසුකූලයෙන් කළ සිවුර (දිරූ තැන් අණ්ඩ ලීමෙන්) බර වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නූලෙන් (පමණක්) රළු කරන්නට (එල ලන්ට) අනුදනිමි”. සම නො වූ කොන් ඇත්තේ වේ. එක් කොණක් (පරැණි මැහුම් නූල් නො කපා මැහීමෙන්) දික් වූයේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දික් වූ සිවුරුකොණ කපන්නට අනුදනිමි.” කැපූ කොණින් නූල් වැගිරෙයි. (විසිරී යයි.) භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නුවාව හා පිරිබඩ (උඩුනුවාකඩ) ඇල්ලීම අනුදනිමි”. එකල්හි සඟළසිවුරෙහි පත් (කැබලි නූල් හීමෙන්) නැසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දාම්පෝරුවේ මඩුලු මෙන් පත් (මැඩිලි) මුව මහන්නට අනුදනිමි”.
17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො තිචීවරෙ කයිරමානෙ සබ්බං ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ද්වෙ ඡින්නකානි එකං අච්ඡින්නක”න්ති. ද්වෙ ඡින්නකානි එකං අච්ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ද්වෙ අච්ඡින්නකානි. එකං ඡින්නක”න්ති. ද්වෙ අච්ඡින්නකානි එකං ඡින්නකං නප්පහොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, අන්වාධිකම්පි ආරොපෙතුං. න ච භික්ඛවෙ, සබ්බං අච්ඡින්නකං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
17. එකල්හි එක්තරා මහණකුගේ තුන් සිවුර කරණු ලබන කල සියල්ල කපනලද්දේ (තුන් සිවුර ම කඩ කපා ප්‍රමාණ වන සේ මැහීමට) නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එසේනම් කැපූ දෙකක් (සිවුරු දෙකක් කපා මැහීමට) ද නො කැපූ එකක් (එක සිවුරක් නො කපා මැහීමට) ද අනුදනිමි”. කැපූ දෙක ද නො කැපූ එක ද (ප්‍රමාණයට) නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නො කැපූ දෙකක් ද කැපූ එකක් ද අනුදනිමි”. නො කැපූ දෙක ද කැපූ එක ද නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අමුතු රෙදිකඩක් අල්ලන්නට අනුදනිමි. සියල්ල ම නො කැපූ (එකකුදු නො කපා මැහූ) තුන් සිවුරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
18. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො බහුං චීවරං උප්පන්නං හොති. සො ච තං චීවරං මාතාපිතූනං දාතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “මාතාපිතරොති ඛො භික්ඛවෙ, වදමානෙ කිං වදෙය්යාම. “අනුජානාමි භික්ඛවෙ, මාතාපිතූනං දාතුං. න ච භික්ඛවෙ සද්ධාදෙය්යං විනිපාතෙතබ්බං. යො විනිපාතෙය්ය” ආපත්ති දුක්කටස්සා”ති.
18. එකල්හි එක්තරා මහණකුහට බොහෝ සිවුරු (වස්ත්‍ර) ලැබුනේ ය. ඒ මහණ තෙමේ ද ඒ සිවුරු මවුපියන්ට දෙනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මවුපියෝ යි කියන කල්හි කුමක් කියන්නෙමු ද? මහණෙනි, මවුපියන්ට දෙන්නට අනුදනිමි. මහණෙනි, සැදැහැයෙන් දුන් දෙය වැරදි තැන නො යෙදිය යුතු ය. යමෙක් යොදන්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අන්ධවනෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසි. චොරා තං චීවරං අවහරිංසු. සො භික්ඛු දුච්චොළො හොති ලූඛචීවරො. භික්ඛූ එවමාහංසු: “කිස්ස ත්වං ආවුසො, දුච්චොළො ලූඛචීවරොසී”ති. ඉධාහං ආවුසො, අන්ධවනෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසිං. චොරා තං චීවරං අවහරිංසු. තෙනාහං දුච්චොළො ලූඛචීවරො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ, සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො. යො පවිසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
19. එකල්හි එක්තරා මහණෙක් අන්ධවනයෙහි සිවුර බහා තබා උතුරුසඟසිවුර හා අඳනා සිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියේ ය. සොරු ඒ සිවුර පැහැර ගත්හ. ඒ මහණ තෙමේ කිලිටි සිවුරු ඇත්තේ රළු සිවුරු ඇත්තේ වේ. භික්ෂූහු “ඇවැත, තෝ කුමක් හෙයින් කිලිටි සිවුරු ඇත්තේ රළු සිවුරු ඇත්තේ වෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, මම මෙහි අන්ධවනයෙහි සිවුර බහා තබා උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියෙමි. සොරු ඒ සිවුර පැහැර ගත්හ. එයින් මම කිලිටි සිවුරු ඇත්තෙම් රළු සිවුරු ඇත්තෙම් වෙමි” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය. යමෙක් ගම් වදින්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
20. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො අස්සතියා සන්තරුත්තරෙන ගාමං පිණ්ඩාය පාවිසි. භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “නනු ඛො ආවුසො ආනන්ද, භගවතා පඤ්ඤත්තං ‘න සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො’ති. කිස්ස ත්වං ආවුසො සන්තරුත්තරෙන ගාමං පවිට්ඨො?”ති. “සච්චං ආවුසො, භගවතා පඤ්ඤත්තං ‘න සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො’ති. අපි චාහං අස්සතියා පවිට්ඨො”ති.
20. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සිහි පත් නො කිරීමෙන් උතුරු සඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියහ. භික්ෂූහු “ඇවැත්නි, ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය.’ යි පණවන ලද්දේ නො වේ ද? ඇවැත්නි, කුමක් හෙයින් තෙපි උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගමට පිවිසියහු දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන්ගෙන් ඇසූහ. “ඇවැත්නි, සැබව. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය’ යි පණවන ලද්දේ ය. එහෙත් මම අසතියෙන් ගමට පිවිසියෙමි”යි කී ය .
21. භගවතො එතමත්ථං ආරොචෙසුං. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා සඞ්ඝාටියා නික්ඛෙපාය: ගිලානො වා හොති, වස්සිකසඞ්කෙතං වා හොති, නදීපාරගතං වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා සඞ්ඝාටියා නික්ඛෙපාය.
21. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඟළසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසිලකුණක් හෝ වේ ද, ගඟකින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ (යතුරු ලූ දොර ඇති) විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ ද, මහණෙනි, මේ පස සඟළසිවුර බහා තැබීමට කරුණු ය.
22. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා උත්තරාසඞ්ගස්ස නික්ඛෙපාය: ගිලානො වා හොති, වස්සිකසඞ්කෙතං වා හොති. නදීපාරගතං වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා උත්තරාසඞ්ගස්ස අන්තරවාසකස්ස නික්ඛෙපාය.
22. “මහණෙනි, උතුරුසඟසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසිලකුණක් හෝ වේ ද, ගඟින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ. ද, මහණෙනි, මේ පස උතුරුසඟසිවුර බහා තැබීමට කරුණු ය.
23. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා අන්තරවාසකස්ස නික්ඛෙපාය: ගිලානො වා හොති. වස්සිකසඞ්කෙතං වා හොති. නදීපාරගතං වා හොති. අග්ගළගුත්තිවිහාරො වා හොති. අත්ථතකඨිනං වා හොති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා අන්තරවාසකස්ස නික්ඛෙපාය.
23. “මහණෙනි, අඳනාසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසි ලකුණක් හෝ වේ ද, ගඟින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ ද, මහණෙනි, මේ පස අඳනාසිවුර බහා තැබීමට කරුණු ය.
24. “පඤ්චිමෙ භික්ඛවෙ, පච්චයා වස්සිකසාටිකාය නික්ඛෙපාය: ගිලානො වා හොති. නිස්සීමගතං වා හොති. නදීපාරගතං වා හොති. අග්ගුළගුත්ති විහාරො වා හොති. වස්සිකසාටිකා අකතා වා හොති. විප්පකතා වා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච පච්චයා වස්සිකසාටිකාය නික්ඛෙපයා”ති.
24. “මහණෙනි, වැසිසළුව බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, සීමාවෙන් බැහැර ගමනක් හෝ වේ ද, ගඟින් එතර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්ෂා කළ විහාරයෙක් හෝ වේ ද, වැසිසළුව නො කරණ ලද්දේ හෝ අඩාළ කරණ ලද්දේ හෝ වේ ද, මහණෙනි, මේ පස වැසිසළුව බහා තැබීමට කරුණු ය”යි වදාළ සේක.
25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එකො වස්සං වසි. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි අදංසු. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. අහඤ්චම්හි එකකො. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි අදංසු. යන්නූනාහං ඉමානි සඞ්ඝිකානි චීවරානි සාවත්ථිං හරෙය්ය”න්ති. අථ ඛො සො භික්ඛු තානි චීවරානි ආදාය සාවත්ථිං ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසි. “තුය්හෙව භික්ඛු, තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
25. එකල්හි එක්තරා මහණෙක් තෙමේ තනි ව වස් විසී ය. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දුන්හ. එකල්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් චතූර්වර්ගය (සිවු දෙන) පශ්චිම (අඩු ම ගණනින්) සඞ්ඝයා යි පණවන ලද්දේ ය. මම ද එකලා වෙමි. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දුන්හ. මම මේ සඟසතුසිවුරු සැවැත්නුවරට ගෙණ යන්නෙමි නම්, යෙහෙකැ” යි ඒ මහණහුට අදහස් වී ය. ඉක්බිති ඒ මහණ තෙමේ ඒ සිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේ ය. “මහණ, කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු තට ම අයත් ය” යි වදාළසේක.
26. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු එකො වස්සං වසති. තත්ථ මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. “අනුජානාමි භික්ඛවෙ, තස්සෙව තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
26. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එකලා ව වස් වසයි. එහි මිනිස්සු ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඒ සිවුරු, කඨිනය ඉදිරීම තෙක් ඒ මහණහුට ම අයත් ය යි අනුදනිමි.”
27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උතුකාලං එකො වසි. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි අදංසු. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. අහඤ්චම්හි එකකො. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි අදංසු. යන්නූනාහං ඉමානි සඞ්ඝිකානි චීවරානි සාවත්ථිං හරෙය්ය”න්ති. අථ ඛො සො භික්ඛු තානි චීවරානි ආදාය සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං.”
27. එකල්හි එක්තරා මහණෙක් තෙමේ ඍතුකාලයෙහි (වස්සානයෙන් අන්යකාලයෙහි) එකලා ව විසී ය. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දුන්හ. ඉක්බිති ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්වර්ගය පශ්චිමසඞ්ඝයා’ යි පණවන ලද්දේ ය. මම ද එකලා වෙමි. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දුන්හ. මම මේ සඟසතු සිවුරු සැවැත්නුවරට ගෙණ යන්නෙම් නම් යෙහෙකැ” යි අදහස් වී ය. අනතුරු ව ඒ මහණ තෙමේ ඒ සිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් මේ කරුණ භික්ෂූන්ට සැළකෙළේ ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හමු වූ සඞ්ඝයා විසින් බෙදන්නට අනුදනිමි.”
28. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු උතුකාලං එකො වසති. තත්ථ මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. “අනුජානාමි භික්ඛවෙ, තෙන භික්ඛුනා තානි චීවරානි ‘අධිට්ඨාතුං මය්හං ඉමානි චීවරානී”ති. තස්ස චෙ භික්ඛවෙ, භික්ඛුනො තං චීවරං අනධිට්ඨිතෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, සමකො දාතබ්බො භාගො. තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි තං චීවරං භාජියමානෙ, අපාතිතෙ කුසෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, සමකො දාතබ්බො භාගො. තෙහි චෙ භික්ඛවෙ, භික්ඛූහි තං චීවරං භාජියමානෙ පාතිතෙ කුසෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති, න අකාමා දාතබ්බො භාගො”ති.
28. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඍතුකාලයෙහි එකලා ව වසයි. එහි මිනිස්සු ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඒ මහණහු විසින් ‘මේ සිවුරු මා සතු ය’ යි ඒ සිවුරු ඉටන්නට අනුදනිමි. මහණෙනි, ඒ මහණහුගේ ඒ සිවුරු දෙනා ඉටූ කල්හි අන් මහණෙක් එයි නම්, සම කොටසක් දිය යුතු ය. මහණෙනි, ඒ මහණුන් විසින් ඒ සිවුරු බෙදනු ලබන කල්හි කුසපත් නො හෙළූ කල්හි අන් මහණෙක් එයි නම්, සම කොටසක් දිය යුතු ය. මහණෙනි, ඒ භික්ෂූන් විසින් ඒ සිවුරු බෙදනු ලබන කල්හි කුසපත් හෙළූ කල්හි අන් මහණෙක් එයි නම්, නො කැමැත්තෙන් කොටසක් නො දිය යුතු ය” යි වදාළ සේක.
29. තෙන ඛො පන සමයෙන ද්වෙ භාතුකා ථෙරා, ආයස්මා ච ඉසිදාසො ආයස්මා ච ඉසිභද්දො, සාවත්ථියං වස්සං වුත්ථා අඤ්ඤතරං ගාමකාවාසං අගමංසු. මනුස්සා “චිරස්සාපි ථෙරා ආගතා”ති සචීවරානි භත්තානි අකංසු. ආවාසිකා භික්ඛූ ථෙරෙ පුච්ඡිංසු: “ඉමානි භන්තෙ සඞ්ඝිකානි චීවරානි ථෙරෙ ආගම්ම උප්පන්නානි. සාදියිස්සන්ති ථෙරා භාග”න්ති. ථෙරා එවමාහංසු: “යථා ඛො මයං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාම, තුම්හාකංයෙවෙතානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
29. එකල්හි ආයුෂ්මත් ඉසිදාස ආයුෂ්මත් ඉසිභද්ද යන සහෝදර තෙරවරු දෙනම සැවැත්නුවර වස් වසා නිම කළාහු එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියහ. මිනිස්සු “බොහෝ කලකින් තෙරවරු ආහ” යි සිවුරු සහිත ව බත් පිළියෙල කළහ. ආවාසික භික්ෂූහු “ස්වාමීනි, මේ සඟසතුසිවුරු තෙරුන් නිසා ලැබුනේ ය. ස්ථවිරයන් වහන්සේලා කොටස ඉවසන්නාහු දැ” යි තෙරුන් විචාළාහු ය. “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ විනයදහම් යම් ලෙසකින් දනිමු ද, (එ ලෙසින්) කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු ඔබ වහන්සේලාට ම අයත් ය” යි ඒ ස්ථවිරයන් වහන්සේලා මෙසේ කීහ.
30. තෙන ඛො පන සමයෙන තයො භික්ඛූ රාජගහෙ වස්සං වසන්ති. තත්ථ මනුස්සා “සඞ්ඝස්ස දෙමා”ති චීවරානි දෙන්ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා පඤ්ඤත්තං ‘චතුවග්ගො පච්ඡිමො සඞ්ඝො’ති. මයඤ්චම්හා තයො ජනා. ඉමෙ ච මනුස්සා ‘සඞ්ඝස්ස දෙමා’ති චීවරානි දෙන්ති. කථන්නු ඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති.
30. එකල්හි තෙනමක් භික්ෂූහු රජගහනුවර වස් වසත්. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දෙත්. එකල්හි ඒ භික්ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්වර්ගය පශ්චිමසඞ්ඝයා’ යි පණවන ලද්දේ ය. අපි ද තිදෙනෙක් වෙමු. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. අප විසින් කෙසේ කළ යුතු දැ” යි අදහස් වී ය.
31. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා, ආයස්මා ච නීලවාසී, ආයස්මා ච සාණවාසී, ආයස්මා ච ගොපකො, ආයස්මා ච භගු, ආයස්මා ච ඵළිකසන්දානො පාටලිපුත්තෙ විහරන්ති කුක්කුටාරාමෙ. අථ ඛො තෙ භික්ඛූ පාටලිපුත්තං ගන්ත්වා ථෙරෙ පුච්ඡිංසු. ථෙරා එවමාහංසු: “යථා ඛො මයං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාම, තුම්හාකංයෙව තානි චීවරානි යාව කථිනස්ස උබ්භාරායා”ති.
31. එකල්හි ආයුෂ්මත් නීලවාසි තෙමේ ද ආයුෂ්මත් සාණවාසී තෙමේ ද ආයුෂ්මත් ගොපක තෙමේ ද ආයුෂ්මත් භගු තෙමේ ද ආයුෂ්මත් එළිකසන්දාන තෙමේ ද යන බොහෝ ස්ථවිරයන් වහන්සේලා පාටලිපුත්‍ර නගරයෙහි වූ කුක්කුටාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ඒ භික්ෂූහු පාටලිපුත්රනගරයට ගොස් තෙරුන් විචාළාහු ය. ස්ථවිරයන් වහන්සේලා “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ විනයදහම් යම් ලෙසකින් දනිමු ද, (එ ලෙසින්) කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු ඔබ වහන්සේලාට ම අයත් ය” යි මෙසේ කීහ.
32. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සාවත්ථියං වස්සං වුත්ථො අඤ්ඤතරං ගාමකාවාසං අගමාසි. තත්ථ භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙ එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාග?න්ති.” “ආමාවුසො සාදියිස්සාමී”ති. තතො චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති?” “ආමාවුසො සාදියිස්සාමී”ති තතොපි චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසි. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති?” “ආමාවුසො සාදියිස්සාමී”ති. තතොපි චීවරභාගං ගහෙත්වා මහන්තං චීවරභණ්ඩියං ආදාය පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි.
32. එකල්හි ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්ද ස්ථවිර තෙමේ සැවැත්නුවර වස් වැස නිම කෙළේ එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියේ ය. එහි භික්ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්ෂූහු “ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි (උපනන්ද තෙරුන්) විචාළාහු ය. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් සිවුරුකොටස ගෙණ අන් ආවාසයකට ගියේ ය. එහි ද භික්ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්ෂූහු ද “ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් ද සිවුරු කොටස ගෙණ අන් ආවාසයකට ගියේ ය. එහි ද භික්ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්ෂූහු ද ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් ද සිවුරුකොටස පිළිගෙණ මහත් සිවුරුපොදියක් ගෙණ නැවැත සැවැත්නුවර ට පෙරළා ආයේ ය.
33. භික්ඛු එවමාහංසු: “මහුපුඤ්ඤොසි ත්වං ආවුසො උපනන්ද, බහුං තෙ චීවරං උප්පන්නන්ති.” “කුතො මෙ ආවුසො පුඤ්ඤං? ඉධාහං ආවුසො සාවත්ථියං වස්සං වුත්ථො අඤ්ඤතරං ගාමකාවාසං අගමාසිං. තත්ථ භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙ මං එවමාහංසු: “ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති සාදියිස්සසි භාගන්ති.” ‘ආමාවුසො සාදියිස්සාමී’ති තතො චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසිං. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි මං එවමාහංසු: ‘ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති.” “ආමාවුසො සාදියිස්සාමී”ති තතොපි චීවරභාගං ගහෙත්වා අඤ්ඤං ආවාසං අගමාසිං. තත්ථපි භික්ඛූ චීවරං භාජෙතුකාමා සන්නිපතිංසු. තෙපි මං එවමාහංසු: ‘ඉමානි ඛො ආවුසො සඞ්ඝිකානි චීවරානි භාජියිස්සන්ති. සාදියිස්සසි භාගන්ති.’ ‘ආමාවුසො සාදියිස්සාමී’ ති තතොපි චීවරභාගං අග්ගහෙසිං. එවං මෙ බහුං චීවරං උප්පන්න”න්ති.
33. භික්ෂූහු “ඇවැත, උපනන්දය, තෝ මහපිණැත්තෙහිය. ඔබට බොහෝ සිවුරු ලැබී තිබේ” යි මෙසේ කීහ. “ඇවැත්නි, මට පින් කොයින් ද? ඇවැත්නි, මම මෙහි සැවැත්නුවර වස් වැස නිම කෙළෙම් එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියෙමි. එහි භික්ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි, මේ සඟසතු වූ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි. එතැනින් සිවුරුකොටස ගෙණ අන් ආවාසයකට ගියෙමි. එහි ද භික්ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්ෂූහු ද ‘ඇවැත්නි, මේ සඟසතුසිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි එතැනින් ද සිවුරු කොටස ගෙණ අන් ආවාසයකට ගියෙමි. එහි ද භික්ෂූහු සිවුරු බෙදනු කැමති ව රැස් වූහ. ඒ භික්ෂූහු ද ‘ඇවැත, මේ සඟසතුසිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි එ තැනින් ද සිවුරුකොටස ගත්තෙමි. මට බොහෝ සිවුරු ලැබුනේ මෙසේ ය” යි කී ය.
34. “කිං පන ත්වං ආවුසො උපනන්ද, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියී”ති. “එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියිස්සතී”ති.
34. “ඇවැත, උපනන්දය, කිම? තෝ අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස ඉවසූයෙහි දැ” යි ඇසූහ. “ඇවැත්නි, එසේ” යි කී ය. අල්පෙච්ඡ වූ –පෙ– යම් ඒ භික්ෂූහු වෙත් ද, ඒ භික්ෂූහු “ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්ද තෙමේ කෙසේ නම් අන් තැනෙක වස් වැස නිම කෙළේ අන් තැනෙක සිවුරු කොටස ඉවසී දැ” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.
35. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උපනන්ද, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියී”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස, අඤ්ඤත්ර වස්සං වුත්ථො අඤ්ඤත්ර චීවරභාගං සාදියිස්සසි, නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: න භික්ඛවෙ අඤ්ඤත්ර වස්සං වුත්ථෙන අඤ්ඤත්ර චීවරභාගො සාදිතබ්බො. යො සාදියෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
35. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “උපනන්දය, සැබෑ ද? තෝ අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස ඉවසූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂය, අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස කෙසේ නම් ඉවසූයෙහි ද? හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අන් තැනෙක වස් වැස නිම කළහු විසින් අන් තැනෙක සිවුරු කොටස නො ඉවසිය යුතු ය. යමෙක් ඉවසන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
36. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො එකො ද්වීසු ආවාසෙසු වස්සං වසි “එවං මෙ බහුං චීවරං උප්පජ්ජිස්සතී”ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස චීවරපටිවීසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “දෙථ භික්ඛවෙ, මොඝපුරිසස්ස එකාධිප්පායං.”
36. එකල්හි ශාක්යපුත්රීයවූ ආයුෂ්මත් උපනන්ද ස්ථවිර තෙමේ “මෙසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය” යි හුදකලා වූයේ ආවාස දෙකක වස් විසී ය. එකල්හි ඒ භික්ෂූන්ට “ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්ද තෙරුන්ට කෙසේ නම් සිවුරුකොටස දිය යුතු දැ” යි අදහස් වී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිස් පුරුෂයාහට එක් (පුද්ගලයෙකුගේ) කොටසක් දෙවු” යී වදාළ සේක.
37. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු එකො ද්වීසු ආවාසෙසු වස්සං වසති ‘එවං මෙ බහුං චීවරං උප්පජ්ජිස්සතී’ති. සචෙ අමුත්ර උපඩ්ඪං අමුත්ර උපඩ්ඪං වසති, අමුත්ර උපඩ්ඪො, අමුත්ර උපඩ්ඪො චීවරපටිවිංසො දාතබ්බො. යත්ථ වා පන බහුතරං වසති, තතො චීවරපටිවිංසො දාතබ්බො”ති.
37. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මෙසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය’ යි හුදකලා ව ආවාස දෙකෙක වස් වසයි. ඉදින් අසවල් තැන අඩක් වෙසේ ද, අසවල් තැන අඩක් වෙසේ ද, අසවල් තැන භාගයක් ද, අසවල් තැන භාගයක් දැ යි (මෙසේ) සිවුරුකොටස දිය යුතු ය. යම් තැනෙක වැඩියක් වෙසේ නම්, එතැනින් (එක් පුද්ගලයකු ලබන සම්පූර්ණ) සිවුරු කොටස දිය යුතු ය” යි වදාළහ.
38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කුච්ඡිවිකාරාබාධො හොති. සො සකෙ මුත්තකරීසෙ පළිපන්නො සෙති. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙන තස්ස භික්ඛුනො විහාරො තෙනුපසඞ්කමි.
38. එකල්හි එක්තරා මහණකුහට කුස රුජාවක් වේ. හෙ තෙමේ සිය මලමුත්‍රයෙහි වැතිරී හොවි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් පසු ව යන මහණහු කොට සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ මහණහුගේ විහාරයට වැඩියහ.
39. අද්දසා ඛො භගවා තං භික්ඛුං සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං. දිස්වාන යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිං තෙ භික්ඛු, ආබාධො”ති. “කුච්ඡිවිකාරො මෙ භගවා”ති. “අත්ථි පන තෙ භික්ඛු, උපට්ඨාකො”ති. “නත්ථි භගවා”ති. “කිස්ස තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති. “අහං ඛො භන්තෙ, භික්ඛූනං අකාරකො. තෙන මං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ස්වකීයමලමුත්රයෙහි වැතිරී නිදන ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහු වෙතට වැඩි සේක. වැඩ “මහණ තාගේ ආබාධය කිමැ” යි ඒ මහණහු විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මට කුස රුජාවක් වේ”. “මහණ, තට උපස්ථායකයෙක් ඇත්තේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නැත”. කුමක් හෙයින් භික්ෂූහු තට උවැටන් නො කෙරෙත් ද?” “ස්වාමීනි, මම භික්ෂූන්ට (උවැටන්) නො කරන්නෙක් වෙමි. එහෙයින් භික්ෂූහු මට උවැටන් නො කෙරෙත්”.
40. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගච්ඡානන්ද, උදකං ආහර. ඉමං භික්ඛුං නහාපෙස්සාමා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උදකං ආහරි. භගවා උදකං ආසිඤ්චි. ආයස්මා ආනන්දො පරිධොවි. භගවා සීසතො අග්ගහෙසි. ආයස්මා ආනන්දො පාදතො උච්චාරෙත්වා මඤ්චකෙ නිපාතෙසුං.
40. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, යව. දිය ගෙණ එව. මේ මහණ නාවමු” යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී දිය ගෙණ ආයේ ය. භාග්‍යවතුන් වහන්සේ දිය වක් කළහ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ සේදූයේ ය. භාග්‍යවතුන් වහන්සේ හිසින් ගත් සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ දෙපයින් ගත්තේ ය. (මෙසේ) ඔසොවා ඇඳෙහි හොවා ලූහ.
41. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “අත්ථි භික්ඛවෙ, අමුකස්මිං විහාරෙ භික්ඛු ගිලානො”ති. “අත්ථි භගවා”ති. “කිං තස්ස භික්ඛවෙ, භික්ඛුනො ආබාධො”ති. “තස්ස භන්තෙ, ආයස්මතො කුච්ඡිවිකාරාබාධො”ති. “අත්ථි පන භික්ඛවෙ, තස්ස භික්ඛුනො උපට්ඨාකො”ති. “නත්ථි භගවා”ති. “කිස්ස තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති. “එසො භන්තෙ, භික්ඛු භික්ඛූනං අකාරකො. තෙන තං භික්ඛූ න උපට්ඨෙන්තී”ති.
41. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අසවල් විහාරයෙහි ගිලන් මහණෙක් ඇත්තේ දැ” යි භික්ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඇත්තේ ය”. “මහණෙනි, ඒ මහණහුගේ ආබාධය කිම?” “ස්වාමීනි, ඒ ආයුෂ්මත්හුහට කුස රුජාවක් වේ”. “මහණෙනි, ඒ මහණහුට උවැටන් කරන්නෙක් වේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නැත්තේ ය”. “කුමක් හෙයින් භික්ෂූහු ඔහුට උවැටන් නො කරත් ද?” “ස්වාමීනි, මේ මහණ තෙමේ භික්ෂූන්ට උවැටන් නො කරන්නෙක් වේ. එහෙයින් භික්ෂූහු ඔහුට උවැටන් නො කෙරෙත්”යි කීහ.
42. “නත්ථි වො භික්ඛවෙ, මාතා, නත්ථි පිතා, යෙ වො උපට්ඨහෙය්යුං. තුම්හෙ චෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං න උපට්ඨහිස්සථ, අථ කො චරහි උපට්ඨහිස්සති. යො භික්ඛවෙ, මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය. සචෙ උපජ්ඣායො හොති, උපජ්ඣායෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ ආචරියො හොති, ආචරියෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සද්ධිවිහාරිකො හොති, සද්ධිවිහාරිකෙන යාවජීවං උපට්ඨාතබ්බො; වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ අන්තෙවාසිකො හොති, අන්තෙවාසිකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානුපජ්ඣායකො හොති, සමානුපජ්ඣායකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානාචරියකො හොති, සමානාචරියකෙන යාවජීවං උපට්ඨාතබ්බො. වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ න හොති උපජ්ඣායො වා ආචරියො වා සද්ධිවිහාරිකො වා අන්තෙවාසිකො වා සමානුපජ්ඣායකො වා සමානාචරියකො වා, සඞ්ඝෙන උපට්ඨාතබ්බො. නො චෙ උපට්ඨහෙය්‍ය, ආපත්ති දුක්කටස්ස.
42. “මහණෙනි, යම් කෙනෙක් තොපට උවැටන් කරන්නාහු ද, තොපට එබඳු මවක් නැත. පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උවැටන් නො කරන්නහු නම් එකල්හි කවරෙක් උවැටන් කරන්නේ ද? මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය. උපාදධ්යායයෙක් වේ නම්, උපාද්ධ්‍යායයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. ඇදුරෙක් වේ නම්, ඇදුරා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරෙත්තු විය යුතු ය. සද්ධිවිහාරිකයෙක් වේ නම්, සද්ධිවිහාරිකයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. අතැවැසියෙක් වේ නම්, අතැවැසියා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. සමානෝපාධ්යායයෙක් වේ නම්, සමානොපාධ්යායයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. සමානාචාර්‍ය්‍යයෙක් වේ නම් සමානාචාර්ය්යයා විසින් ජීවත් වන තුරු උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. උපාද්ධ්යායයෙක් හෝ ආචාර්‍ය්‍යයෙක් හෝ සද්ධිවිහාරිකයෙක් හෝ අතැවැසියෙක් හෝ සමානෝපාදධ්යායයෙක් හෝ සමානාචාර්‍ය්‍යයෙක් හෝ නො වේ නම්, සඞ්ඝයා විසින් උවැටන් කළ යුතු ය. උවැටන් නො කරන්නේ නම්, දුකුළාදෑවැත් වේ.
43. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨො හොති: අසප්පායකාරී හොති, සප්පායෙ මත්තං න ජානාති, භෙසජ්ජං න පටිසෙවිතා හොති, අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථාභූතං ආබාධං නාවිකත්තා හොති ‘අභික්කමන්තං වා අභික්කමතී ති පටික්කමන්තං වා පටික්කමතී ති ඨිතං වා ඨිතොති, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨො හොති.
43. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලන් තෙමේ උවැටන් නො කට හැකි වේ: (යම් ගිලනෙක්) අහිතදෙය කරන්නේ ද, හිතදෙයෙහි පමණ නො දන්නේ ද, බෙහෙත් නැවැත නැවැත සේවනය නො කරන්නේ ද, වැඩෙන්නා වූ රෝගය වැඩේ ය යි ද දුරු වන්නා වූ රෝගය දුරු වේ යයි ද පවත්නා වූ රෝගය පවතී යි ද වැඩ කැමැත්තා වූ ගිලන්උවැටන් කරන්නහුට ඇති සැටියෙන් ආබාධය ප්‍රකාශ කොට නො කියන්නේ ද, උපන්නා වූ සිරුරෙහි වූ දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ දිවි හැරගන්නා වූ වේදනාවන් නො ඉවසන ස්වභාව ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලන් තෙමේ උවැටන් කළහැකි නො වේ.
44. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨො හොති: සප්පායකාරී හොති, සප්පායෙ මත්තං ජානාති, භෙසජ්ජං පටිසෙවිතා හොති, අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථාභූතං ආබාධං ආවීකත්තා හොති ‘අභික්කමන්තං වා අභික්කමතීති, පටික්කමන්තං වා පටික්කමතීති, ඨිතං වා ඨිතො’ති, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨො හොති.
44. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලන් තෙමේ පහසුවෙන් උවැටන් කළ හැකි වේ: (යම් ගිලනෙක්) හිතදෙය කරන්නේ ද, හිතදෙයෙහි පමණ දන්නේ ද, බෙහෙත් නැවත නැවැත සේවනය කරන්නේ ද, වැඩෙන්නා වූ රෝගය වැඩේ ය යි ද දුරු වන්නා වූ රෝගය දුරු වේ ය යි ද පවත්නා වූ රෝගය පවති යි ද වැඩ කැමැත්තා වූ ගිලන්උවැටන් කරන්නහුට ඇති සැටියෙන් ආබාධය ප්‍රකාශ කොට කියන්නේ ද, උපන්නා වූ සිරුරෙහි වූ දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ දිවි හැර ගන්නා වූ වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලන් තෙමේ ඉතා පහසුවෙන් උවැටන් කළ හැක්කේ ය.
45. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං: න පටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං, සප්පායාසප්පායං න ජානාති අසප්පායං උපනාමෙති සප්පායං අපනාමෙති, ආමිසන්තරො ගිලානං උපට්ඨාති නො මෙත්තචිත්තො, ජෙගුච්ඡී හොති උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා වන්තං වා නීහාතුං, න පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං.
45. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට නො සුදුසු ය. (යමෙක්) බෙහෙත් යොදන්නට සමර්ත්ථ නො වේ ද, හිතඅහිතදෙය නො ද නී ද අහිතදෙය ලං කරයි ද හිතදෙය බැහැර කරයි ද, ආමිෂයක් (ලාභයක්) කැමැත්තේ ගිලනහුට උවැටන් කරයි ද මෙත් සිත් ඇත්තේ උවැටන් නො කරයි ද, මලමූ හෝ කෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් ඇත්තේ ද, කලින් කල දැහැමි කතාවෙන් ගිලනහුට කරුණු දක්වන්නට (එහි ඔහු) සමාදන් කරවන්නට තියුණු කරවන්නට සමර්ත්ථ නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු නො වේ.
46. “පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතුං: පටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං, සප්පායාසප්පායං ජානාති අසප්පායං අපනාමෙති සප්පායං උපනාමෙති, මෙත්තචිත්තො ගිලානං උපට්ඨාති නො ආමිසන්තරො, අජෙගුච්ඡි හොති උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා වන්තං වා නීහාතුං, පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං, ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ගිලානුපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතු”න්ති.
46. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු ය: (යමෙක්) බෙහෙත් යොදන්නට සමර්ත්ථ වේ ද, හිතඅහිතදෙය දනියි ද අහිතදෙය බැහැර කෙරෙයි ද හිතදෙය ලං කෙරෙයි ද, ආමිෂයක් නො කැමැත්තේ මෙත් සිත් ඇති ව ගිලනහුට උවැටන් කෙරෙයි ද, මලමූ හෝ කෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් ඇත්තේ නො වේ ද, කලින් කල දැහැමිකතාවෙන් ගිලනහුට කරුණු දක්වන්නට (එහි ඔහු) සමාදන් කරවන්නට උත්සාහවත් කරවන්නට සතුටු කරවන්නට සමර්ත්ථ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු වේ.”
47. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙසු අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. තෙ අඤ්ඤතරං ආවාසං උපගච්ඡිංසු. තත්ථ අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “භගවතා ඛො ආවුසො ගිලානුපට්ඨානං වණ්ණිතං. හන්ද මයං ආවුසො ඉමං භික්ඛුං උපට්ඨෙමා”ති තෙ තං උපට්ඨහිංසු. සො තෙහි උපට්ඨියමානො කාලමකාසි.
47. එකල්හි දෙනමක් භික්ෂූහු කොසොල් දනව්වෙහි දීර්ඝමාර්ගයට පිළිපන්නාහු වෙත්. ඔහු එක්තරා ආවාසයකට එළඹියහ. එහි එක්තරා මහණෙක් ගිලන් වූයේ වේ. එකල්හි ඒ භික්ෂූන්ට “ඇවැත්නි, ගිලන් උවැටන් භාග්‍යවතුන් වහන්සේ විසින් වර්ණනා කරණ ලද්දේ ය. ඇවැත්නි, එහෙයින් අපි මේ මහණහට උවැටන් කරමු” යි අදහස් වී ය. ඔහු ඒ මහණහුට උවැටන් කළහ. ඔවුන් විසින් උවැටන් කරණු ලබන ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය.
48. අථ ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පත්තචීවරං ආදාය සාවත්ථිං ගන්ත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන තිචීවරං ච පත්තංච ගිලානුපට්ඨාකානං දාතුං.
48. ඉක්බිති ඒ භික්ෂූහු ඒ කලුරිය කළ මහණහුගේ පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහණකු කලුරිය කළ කල්හි සඞ්ඝතෙමේ පාසිවුරෙහි හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තෝ වෙති. මහණෙනි, සඞ්ඝයා විසින් තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට අනුදනිමි.
49. “එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බං: තෙන ගිලානුපට්ඨාකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ඉත්ථන්නාමො භන්තෙ භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරං ච පත්තො චා’ති. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දදෙය්ය. එසා ඤත්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො භික්ඛු කාලකතො. ඉදං තස්ස තිචීවරඤ්ච පත්තො ච. සඞ්ඝො ඉමං තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දෙති. යස්සායස්මතො ඛමති ඉමස්ස තිචීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨාකානං දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. “දින්නං ඉදං සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තො ච ගිලානුපට්ඨාකානං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
49. “මහණෙනි, මෙසේ දිය යුතු ය; ඒ ගිලානුපට්ඨාක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඒ මහණහුගේ තුන් සිවුර ය. මේ පාත්‍රය’ යි මෙසේ කිය යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල වූ මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: ස්වාමීනි, ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ තුන් සිවුර ද පාත්‍රය ද වේ. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ තුන් සිවුර ද පාත්‍රය ද ග්ලානෝපස්ථායකයන්ට දෙන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ තුන් සිවුර ද පාත්‍රය ද වේ. සඞ්ඝ තෙමේ මේ තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ තුන් සිවුරත් පාත්‍රයත් ගිලානුපට්ඨාකයන්ට දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා, යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
50. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො සාමණෙරො කාලකතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සාමණෙරස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන චීවරඤ්ච පත්තං ච ගිලානුපට්ඨාකානං දාතුං.”
50. එකල්හි එක්තරා හෙරණෙක් කලුරිය කෙළේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හෙරණකු කලුරිය කළ කල්හි සඞ්ඝ තෙමේ පාසිවුරෙහි හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තාහු ය. මහණෙනි, සඞ්ඝයා විසින් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට අනුදනිමි.”
51. “එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බං: තෙන ගිලානුපට්ඨාකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “ඉත්ථන්නාමො භන්තෙ, සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො චා’ති. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො ච. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං චීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දදෙය්ය. එසා ඤත්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො සාමණෙරො කාලකතො. ඉදං තස්ස චීවරඤ්ච පත්තො ච. සඞ්ඝො ඉමං චීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දෙති. යස්සායස්මතො ඛමති ඉමස්ස චීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨාකානං දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. දින්නං ඉදං සඞ්ඝෙන චීවරඤ්ච පත්තො ච ගිලානුපට්ඨාකානං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
51. “මහණෙනි, මෙසේ දිය යුතු ය: ඒ ගිලානුපට්ඨාක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ’ යි මෙසේ කිය යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල වූ මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ. සඞ්ඝ තෙමේ මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ සිවුරත් පාත්‍රයත් ගිලානුපට්ඨාකයන්ට දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ච සාමණෙරො ච ගිලානං උපට්ඨහිංසු. සො තෙහි උපට්ඨහියමානො කාලමකාසි. අථ ඛො තස්ස ගිලානුපට්ඨාකස්ස භික්ඛුනො එතදහොසි: “කථන්නු ඛො ගිලානුපට්ඨාකස්ස සාමණෙරස්ස චීවරපටිවිංසො දාතබ්බො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ, ගිලානුපට්ඨාකස්ස සාමණෙරස්ස සමකං පටිවීසං දාතු”න්ති.
52. එකල්හි එක්තරා උපසපන් මහණෙක් ද හෙරණෙක් ද ගිලනකුට උවැටන් කළහ. ඔවුන් විසින් උවැටන් කරණු ලබන හෙ තෙමේ කලුරිය කෙළේ ය. එකල්හි ඒ ගිලන් උවැටන් කරණ මහණහුට “ගිලානුපට්ඨාක සාමණේරයාහට සිවුරු කොටස කෙසේ දිය යුතු දැ” යි සිත් වී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි ගිලානුපට්ඨාක සාමණේරයාහට සම කොටසක් දෙන්නට අනුදනිමි” යි.
53. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු බහුභණ්ඩො බහුපරික්ඛාරො කාලකතො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සඞ්ඝො සාමී පත්තචීවරෙ. අපි ච ගිලානුපට්ඨාකා බහූපකාරා. අනුජානාමි භික්ඛවෙ, සඞ්ඝෙන තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දාතුං. යං තත්ථ ලහුභණ්ඩං ලහුපරික්ඛාරං, තං සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතුං. යං තත්ථ ගරුභණ්ඩං ගරුපරික්ඛාරං තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස අවිස්සජ්ජිකං අවෙභඞ්ගික”න්ති.
53. එකල්හි බොහෝ බඩු ඇති බොහෝ පිරිකර ඇති එක්තරා මහණෙක් කලුරිය කෙළේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහණකු කලුරිය කළ කල්හි සඞ්ඝ තෙමේ පාසිවුරට හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, සඞ්ඝයා විසින් තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට ද, එහි යම් ලඝුභාණ්ඩයක් වේ නම්, ලඝුපරිෂ්කාරයක් වේ නම්, එය හමු වූ සඞ්ඝයා විසින් බෙදන්නට ද, එහි යම් ගරුභාණ්ඩයක් වේ නම්, ගරු පරිෂ්කාරයක් වේ නම්, එය පැමිණි නො පැමිණි සිවුදිසාවැසි සඞ්ඝයාට අයත්, නො දිය යුතු, නො බෙදිය යුතු දෙය කොට තබන්නට ද අනුදනිමි”.
54. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නග්ගො හුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉදං භන්තෙ නග්ගියං අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතත්තාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං නග්ගියං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං. අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං. අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, නග්ගියං තිත්ථියසමාදානං සමාදියිස්සසි? නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, නග්ගියං තිත්ථියසමාදානං සමාදියිතබ්බං. යො සමාදියෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
54. එකල්හි එක්තරා මහණෙක් තෙමේ නග්න ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයකින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවන සුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යය ඇත්තහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ නග්න භාවය නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවන සුලු පැවතුම් පිණිස, කෙලෙස් නසනු පිණිස, වීර්‍ය්‍යයාරම්භය පිණිස, පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නග්න භාවය අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණකමට නො සරිලන්නෙක. නො කැප වූවෙක. නො කට යුත්තෙකැ” යි ගැරහූ සේක. “හිස්පුරුෂය, තීර්ත්ථකව්රතයක් වූ නග්නභාවය කෙසේ නම් සමාදන් වූයෙහි ද? හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ”. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තීර්ත්ථකව්රතයක් වූ නග්නභාවය සමාදන් නො විය යුතු ය. යමෙක් සමාදන් වන්නේ නම්, තුලසි ඇවැත් වේ” යි භික්ෂූන්ට වදාළ සේක.
55. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කුසචීරං නිවාසෙත්වා -පෙ- වාකචීරං නිවාසෙත්වා -පෙ- ඵලකචීරං නිවාසෙත්වා -පෙ- කෙසකම්බලං නිවාසෙත්වා -පෙ- වාලකම්බලං නිවාසෙත්වා -පෙ- උලූකපක්ඛං නිවාසෙත්වා -පෙ- අජිනක්ඛිපං නිවාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉදං භන්තෙ, අජිනක්ඛිපං අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨිතාය සල්ලෙඛාය ධුතතාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං අජිනක්ඛිපං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, අජිනක්ඛිපං තිත්ථියධජං ධාරෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, අජිනක්ඛිපං තිත්ථියධජං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
55. එකල්හි එක්තරා මහණෙක් කුසවැහැරි ඇඳ –පෙ– වාවැහැරි ඇඳ –පෙ– පෝරුවැහැරි ඇඳ –පෙ– කෙහෙකම්බිලි ඇඳ –පෙ– සැඩමුවලොමින් කළ කම්බිලි ඇඳ –පෙ– බකමූණුපියාපත් ඇඳ –පෙ– අඳුන්දිවිසම් ඇඳ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවනසුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යාරම්භය කරන්නහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ අඳුන්දිවිසම නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවනසුලු පැවතුම් පිණිස, කෙලෙස් නැසීම පිණිස, වීර්‍ය්‍යාරම්භය පිණිස පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අඳුන්දිවිසම අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණකමට නො සරිලන්නෙක. නො කැප වූවෙක. නො කට යුත්තෙකැ” යි ගැරහූ සේක. “හිස්පුරුෂය, කෙසේ නම් තෝ තීර්ත්ථකධ්වජය වූ අඳුන්දිවිසම දැරූ යෙහි ද? හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ”. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තීර්ත්ථකධ්වජය වූ අඳුන්දිවිසම නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, තුලසිඇවැත් වේ” යි වදාළ සේක.
54. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අක්කනාළං නිවාසෙත්වා -පෙ- පොත්ථකං නිවාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “භගවා භන්තෙ, අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. අයං භන්තෙ පොත්ථකො අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨිතාය සල්ලෙඛාය ධුතත්තාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තති. සාධු භන්තෙ, භගවා භික්ඛූනං පොත්ථකං අනුජානාතූ”ති. විගරහි බුද්ධො භගවා “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං. අප්පතිරූපං. අස්සාමණකං. අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, පොත්ථකං නිවාසෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ, පොත්ථකො නිවාසෙතබ්බො. යො නිවාසෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
54. එකල්හි එක්තරා මහණෙක් තෙමේ වරාහුයෙන් කළ වතක් ඇඳ –පෙ– නියඳවැහැරියෙන් කළ වතක් ඇඳ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවන සුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යාරම්භය කරන්නහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ නියඳවැහරියෙන් කළ වත නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවන සුලු පැවතුම් පිණිස, කෙලෙස් නැසීම පිණිස, වීර්‍ය්‍යයාරම්භය පිණිස පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ භික්ෂූන්ට නියඳවැහැරියෙන් කළ වත අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. මහණකමට නො සරි ලන්නෙක. නො කැප වූවෙක. නො කටයුත්තෙකැ”යි ගැරහූ සේක. “හිස්පුරුෂය, කෙසේ නම් තෝ නියඳවැහැරියෙන් කළ වතක් හැඳියෙහි ද, හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, නියඳවැහැරියෙන් කළ වත නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
55. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සබ්බනීලකානි චීවරානි ධාරෙන්ති -පෙ- සබ්බපීතකානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බලොහිතකානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙන්ති -පෙ- සබ්බකණ්හානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙන්ති. -පෙ- සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙන්ති. -පෙ- අච්ඡින්නදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- දීඝදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- පුප්ඵදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- ඵණදසානි චීවරානි ධාරෙන්ති. -පෙ- කඤ්චුකං ධාරෙන්ති. -පෙ- තිරීටකං ධාරෙන්ති. -පෙ- වෙඨනං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති. ඛීයන්ති. විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා වෙඨනං ධාරෙස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති.
55. එකල්හි සවගමහණෝ සියල්ල නිල් වූ සිවුරු දරත්. –පෙ– සියල්ල රන්වන් වූ සිවුරු දරත්, –පෙ– සියල්ල රතු වූ සිවුරු දරත්. –පෙ– සියල්ල මදටියවන් වූ සිවුරු දරත්. –පෙ– සියල්ල කළු වූ සිවුරු දරත්. –පෙ– සියල්ල රත්වෑපිටපැහැති සිවුරු දරත්. –පෙ– සියල්ල මුසුපැහැති සිවුරු දරත්. –පෙ– නො සිඳූ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– දික් දාවලු ඇති සිවුරු දරත්. –පෙ– මල්කම් කළ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– පෙණ සේ ගෙතූ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– අඟිය (සැට්ට) දරත්. –පෙ– තිහිරිපිළී දරත්. –පෙ– හිස් වෙළුම් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ කෙසේ නම් හිස්වෙළුම් දරත් දැ” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.
56. භගවතො එතමත්ථං ආරොචෙසුං . “න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න අච්ඡින්නදසානි චීවරානි ධාරෙතබ්බානි. න දීඝදසානි චීවරානි ධාරෙතබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි. න කඤ්චුකං ධාරෙතබ්බං. න තිරීටකං ධාරෙතබ්බං. න වෙඨනං ධාරෙතබ්බං. යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
56. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රතුපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල මදටියපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල කළුපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රත්වෑපිටපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතු ය. නො සිඳි දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. මල්දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. පෙණදාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. අඟිය නො දැරිය යුතු ය. තිහිරිපිළී නො දැරිය යුතු ය. හිස්වෙළුම් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ”.
57. තෙන ඛො පන සමයෙන වස්සං වුත්ථා භික්ඛූ අනුප්පන්නෙ චීවරෙ පක්කමන්තිපි. විබ්භමන්තිපි. කාලම්පි කරොන්ති. සාමණෙරාපි පටිජානන්ති. සික්ඛං පච්චක්ඛාතකාපි පටිජානන්ති. අන්තිමවත්ථුං අජ්ඣාපන්නකාපි පටිජානන්ති. උම්මත්තකාපි පටිජානන්ති. ඛිත්තචිත්තාපි පටිජානන්ති. වෙදනාට්ටාපි පටිජානන්ති. ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකාපි පටිජානන්ති. පණ්ඩකාපි පටිජානන්ති. ථෙය්යසංවාසකාපි පටිජානන්ති. තිත්ථියපක්කන්තකාපි පටිජානන්ති. තිරච්ඡානගතාපි පටිජානන්ති. මාතුඝාතකාපි පටිජානන්ති. පිතුඝාතකාපි පටිජානන්ති. අරහන්තඝාතකාපි පටිජානන්ති. භික්ඛුනිදූසකාපි පටිජානන්ති. සඞ්ඝභෙදකාපි පටිජානන්ති. ලොහිතුප්පාදකාපි පටිජානන්ති. උභතොබ්යඤ්ජනකාපි පටිජානන්ති.
57. එකල්හි වස් වැස නිම කළ භික්ෂූහු සිවුරු නූපන් කල්හි බැහැර ද යෙත්. සිවුරු ද හරිත්. කලුරිය ද කෙරෙත්. හෙරණුම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ශික්ෂාව බැහැර කළම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. අන්තිමවස්තුවට පැමිණියම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. උන්මත්තකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. යක්‍ෂෝන්මාද ඇත්තම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. වේදනාවෙන් පෙළෙන්නම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ඇවැත් නො දැක්මෙහි උඛෙව්නීකම් (තහනම්) කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ඇවතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. පණ්ඩකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ථෙය්යසංවාසකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. තීර්ත්ථක ශාසනයට ගියම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. තිරච්ඡානගතයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. මාතෘඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. පිතෘඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. අරහන්තඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. භික්ඛුනීදූසකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. සඞ්ඝභේදකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ලොහිතුප්පාදකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. උභතෝබ්යඤ්ජනකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්.
58. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ පක්කමති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
58. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි බැහැර යේ ද, සුදුසු වූ ගන්නකු ඇති කල්හි දිය යුතු ය.
59. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමී.
59. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි සිවුරු හරියි, කලුරිය කෙරෙයි, හෙරණෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ශික්ෂාව බැහැර කළ එකෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අන්තිමවස්තුවට පැමිණියෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝ තෙමේ (ඔහුගේ කොටසට) හිමියා වේ.
60. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
60. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි උමතු වූවෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, යක්‍ෂෝන්මාද ඇත්තෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, වේදනාවෙන් පෙළෙන්නෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැත් නො දැක්මෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
61. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු අනුප්පන්නෙ චීවරෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී.
61. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි පණ්ඩකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ථෙය්‍යසංවාසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිත්‍ථියපක්කන්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිරච්ඡානගත යෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, මාතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, පිතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අරහන්තඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, භික්ඛුනීදූසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝභේදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලොහිතුප්පාදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, උභතොබ්‍යඤ්ජනකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඔහුගේ කොටසට සඞ්ඝ තෙමේ හිමියා වේ.
62. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ පක්කමති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
62. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ බෙදූ කල්හි බැහැර යෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
63. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමී.
63. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි සිවුරු හරියි, කලුරිය කෙරෙයි, හෙරණෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ශික්ෂාව බැහැර කෙළෙමි යි ප්‍රතිඥා කෙරෙයි, අන්තිමවස්තුවට පැමිණියෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝ තෙමේ හිමියා වේ.
64. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ උම්මත්තකො පටිජානාති. ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, සන්තෙ පතිරූපෙ ගාහකෙ දාතබ්බං.
64. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි උන්මත්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, යක්‍ෂෝන්මාද ඇත්තෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, වේදනාවෙන් පෙළෙන්නෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැත් නො දැක්මෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි. ඇවැතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
65. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථො භික්ඛු උප්පන්නෙ චීවරෙ අභාජිතෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනිදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී.”
65. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණෙක් තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි පණ්ඩකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ථෙය්‍යසංවාසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිත්‍ථියපක්කන්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිරච්ඡානගතයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, මාතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, පිතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අරහන්තඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි. භික්ඛුනීදූසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝභේදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලොහිතුප්පාදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, උභතෝබ්යඤ්ජනකයෙක් මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝතෙමේ හිමියා වේ.”
66. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති, තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, එකස්මිං පක්ඛෙ චීවරං දෙන්ති ‘සඞ්ඝස්ස දෙමා’ති. සඞ්ඝස්සෙවෙතං.
66. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්ෂයකට දිය දෙත්, එක් පක්ෂයකට ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්, ඒ සිවුරු සඞ්ඝයාට ම වේ.
67. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, තස්මිංයෙව පක්ඛෙ චීවරං දෙන්ති ‘සඞ්ඝස්ස දෙමා’ති, සඞ්ඝස්සෙවෙතං.
67. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්ෂයක දිය දෙත්, ‘සඞ්ඝයාට දෙමු’ යි ඒ පක්ෂයට ම සිවුරු දෙත්, ඒ සිවුරු සඞ්ඝයාට ම වේ.
68. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, එකස්මිං පක්ඛෙ චීවරං දෙන්ති ‘පක්ඛස්ස දෙමා’ති, පක්ඛස්සෙවෙතං.
68. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්ෂයකට දිය දෙත්, ‘පක්ෂයට දෙමු’ යි එක් පක්ෂයකට සිවුරු දෙත්, ඒ සිවුරු පක්ෂයට ම වේ.
69. “ඉධ පන, භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං අනුප්පන්නෙ චීවරෙ සඞ්ඝො භිජ්ජති. තත්ථ මනුස්සා එකස්මිං පක්ඛෙ උදකං දෙන්ති, තස්මිංයෙව පක්ඛෙ චීවරං දෙන්ති ‘පක්ඛස්ස දෙමා’ති, පක්ඛස්සෙවෙතං.
69. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්ෂයකට දිය දෙත්, ඒ පක්ෂයට ම ‘පක්ෂයට දෙමු’ යි සිවුරු දෙත්, ඒ සිවුරු පක්ෂයට ම අයත් වේ.
70. “ඉධ පන භික්ඛවෙ, වස්සං වුත්ථානං භික්ඛූනං උප්පන්නෙ චීවරෙ අභාජිතෙ සඞ්ඝො භිජ්ජති. සබ්බෙසං සමකං භාජෙතබ්බ”න්ති.
70. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්ෂූන්ට උපන් සිවුරු නො බෙදූ කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, සියල්ලන්ට සම ව බෙදිය යුතු ය”.
71. තෙන ඛො පන සමයෙන ආයස්මා රෙවතො අඤ්ඤතරස්ස භික්ඛුනො හත්ථෙ ආයස්මතො සාරිපුත්තස්ස චීවරං පාහෙසි: “ඉමං චීවරං ථෙරස්ස දෙහී”ති. අථ ඛො සො භික්ඛු අන්තරාමග්ගෙ ආයස්මතො රෙවතස්ස විස්සාසා තං චීවරං අග්ගහෙසි. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මතා සාරිපුත්තෙන සමාගන්ත්වා පුච්ඡි: “අහං භන්තෙ, ථෙරස්ස චීවරං පාහෙසිං. සම්පත්තං තං චීවර”න්ති. “නාහන්තං ආවුසො චීවරං පස්සාමී”ති. අථ ඛො ආයස්මා රෙවතො තං භික්ඛුං එතදවොච: “අහං ආවුසො ආයස්මතො හත්ථෙ ථෙරස්ස චීවරං පාහෙසිං. කහං තං චීවර”න්ති. “අහම්භන්තෙ, ආයස්මතො විස්සාසා තං චීවරං අග්ගහෙසි”න්ති.
71. එකල්හි ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ එක්තරා මහණකු අත ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “මේ සිවුර තෙරුන්ට දෙව”යි සිවුරක් යැවී ය. ඉක්බිති ඒ මහණ තෙමේ අතරමග දී ආයුෂ්මත් රේවත තෙරුන් කෙරෙහි විශ්වාසයෙන් ඒ සිවුර ගත්තේ ය. එකල්හි ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හමු වී “ස්වාමීනි, මම තෙරුන් වහන්සේට සිවුරක් යැවීමි. ඒ සිවුර ලැබුනේ දැ” යි විචාළේ ය. “ඇවැත්නි, මම ඒ සිවුර නො දකිමි.” ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ ඒ මහණහු “ඇවැත්නි, මම ආයුෂ්මතුන්ගේ අත තෙරුන් වහන්සේට සිවුරක් යැවීමි. ඒ සිවුර කොහි දැ” යි විචාළේ ය. “ස්වාමීනි, මම ආයුෂ්මතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒ සිවුර ගත්තෙමි” යි කී ය.
72. භගවතො එතමත්ථං ආරොචෙසුං. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී”ති. සො අන්තරාමග්ගෙ යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
72. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’ යි මහණකු අත සිවුරක් යවයි, ඒ මහණ තෙමේ අතරමග දී යමෙක් යවා නම්, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, එය නිවරැදි ගැණීමෙකි. එය යමකු සඳහා යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, එය වැරදි ගැණීමෙකි.
73. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී”ති. සො අන්තරාමග්ගෙ යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
73. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මේ සිවුර මෙනම් ඇති මහණහුට දෙව’ යි මහණකු අත සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි. වැරදි ගැණීමෙක් වේ. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි. නිවරැදි ගැණීමෙක් වේ.
74. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යො පහිණාති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
74. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමෙක් යවා ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’. යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරැදි ඉටීමෙක් වේ. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙක් වේ.
75. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යස්ස පහීයති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති. ද්වාධිට්ඨිතං. යො පහිණාති තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
75. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමකුට යවනු ලැබේ ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙක් වේ. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙක් වේ.
76. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දෙහී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘උභො කාලකතා’ති. යො පහිණාති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං.
76. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී, දෙදෙන ම කලුරිය කළහ’ යි අසයි. යමෙක් යවා ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි.
77. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහිතං. යස්ස පහීයති තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං.
77. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි.
78. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති, සුග්ගහීතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
78. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි.
79. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘යො පහිණාති, සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස විස්සාසා ගණ්හාති. සුග්ගහීතං.
79. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමෙක් යවා ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාස යෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි.
80. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: “යස්ස පහීයති සො කාලකතො’ති. තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං. යො පහිණාති, තස්ස විස්සාසා ගණ්හාති, දුග්ගහීතං.
80. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමකුට යවනු ලැබේ ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරැදි ඉටීමෙකි. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි.
81. “ඉධ පන භික්ඛවෙ, භික්ඛු භික්ඛුස්ස හත්ථෙ චීවරං පහිණාති: ‘ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති. සො අන්තරාමග්ගෙ සුණාති: ‘උභො කාලකතා’ති. යො පහිණාති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ද්වාධිට්ඨිතං. යස්ස පහීයති, තස්ස මතකචීවරං අධිට්ඨාති, ස්වාධිට්ඨිතං.”
81. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘දෙදෙන කලුරිය කළහ’ යි අසයි, යමෙක් යවා ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරදි ඉටීමෙකි.”
82. “අට්ඨිමා භික්ඛවෙ, මාතිකා චීවරස්ස උප්පාදාය: සීමාය දෙති. කතිකාය දෙති. භික්ඛාපඤ්ඤත්තියා දෙති. සඞ්ඝස්ස දෙති. උභතො සඞ්ඝස්ස දෙති. වස්සං වුත්ථසඞ්ඝස්ස දෙති. ආදිස්ස දෙති, පුග්ගලස්ස දෙති.”
82. “මහණෙනි, සිවුරු ලැබීමට මේ මාතෘකා අටෙකි: සීමාවෙහි දෙයි. කතිකාවෙන් දෙයි. භික්ෂාප්රඥප්තියෙන් දෙයි. සඞ්ඝයාට දෙයි. උභතෝසඞ්ඝයාට දෙයි. වස් වැස නිම කළ සඞ්ඝයාට දෙයි. නියම කොට දෙයි. පුද්ගලයකුහට දෙයි යන අට ය.”
83. “සීමාය දෙති, යාවතිකා භික්ඛූ අන්තොසීමගතා, තෙහි භාජෙතබ්බං.
83. “සීමාවෙහි දෙයි ද, යම් පමණ භික්ෂූහු සීමාව තුළට පිවිසියෝ ද, ඔවුන් විසින් බෙදිය යුතු ය.
84. “කතිකාය දෙති, සම්බහුලා ආවාසා සමානලාභා හොන්ති, එකස්මිං ආවාසෙ දින්නෙ සබ්බත්ථ දින්නං හොති.
84. “කතිකාවෙන් (සමානලාභසම්මුතියෙන්) දෙයි ද, බොහෝ ආවාසයෝ සමානලාභ ඇත්තාහු වෙත් ද, එක් ආවාසයකට දුන් කල්හි කතිකානුරූප ව සියලු ආවාසයන්ට දෙන ලද්දේ වේ.
85. “භික්ඛාපඤ්ඤත්තියා දෙති, යත්ථ සඞ්ඝස්ස ධුවකාරා කරීයන්ති, තත්ථ දෙති.
85. “භික්ෂාප්රඥප්තියෙන් දෙයි ද, යම් තැනෙක්හි සඞ්ඝයාට නිති සත්කාරකරණු ලැබෙත් ද, ඒ ආවාසයන්ට දෙයි.
86. “සඞ්ඝස්ස දෙති, සම්මුඛීභූතෙන සඞ්ඝෙන භාජෙතබ්බං.
86. “සඞ්ඝයාට දෙයි ද, හමු වූ සඞ්ඝයා විසින් බෙදිය යුතු ය.
87. “උභතො සඞ්ඝස්ස දෙති, බහුකාපි භික්ඛූ හොන්ති, එකා භික්ඛුනී හොති, උපඩ්ඪං දාතබ්බං, බහුකාපි භික්ඛුනියො හොන්ති, එකො භික්ඛු හොති, උපඩ්ඪං දාතබ්බං.
87. “උභතෝසඞ්ඝයාට දෙයි ද, බොහෝ භික්ෂූහු වෙත් ද, එක් භික්ෂූණියක් වේ ද, අඩක් දිය යුතු ය. බොහෝ භික්ෂුණීහු වෙත් ද, එක් භික්ෂුනමක් වේ ද, අඩක් දිය යුතු ය.
88. “වස්සං වුත්ථසඞ්ඝස්ස දෙති, යාවතිකා භික්ඛූ තස්මිං ආවාසෙ වස්සං වුත්ථා, තෙහි භාජෙතබ්බං.
88. “වස් වැස නිම කළ සඞ්ඝයාට දෙයි ද, යම් පමණ භික්ෂූහු ඒ ආවාසයෙහි වස් වැස නිම කළාහු ද, ඔවුන් විසින් බෙදිය යුතු ය.
89. “ආදිස්ස දෙති, යාගුයා වා භත්තෙ වා ඛාදනීයෙ වා චීවරෙ වා සෙනාසනෙ වා භෙසජ්ජෙ වා.
89. “නියම කොට දෙයි ද, කැඳ හෝ බත් හෝ කෑයුතු දෙය හෝ සිවුරු හෝ සෙනසුන් හෝ බෙහෙත් හෝ පිළිගත්තවුන්ට එය අයත් වෙයි.
90. “පුග්ගලස්ස දෙති, “ඉමං චීවරං ඉත්ථන්නාමස්ස දම්මී’ති.”
90. “පුද්ගලයකුහට දෙයි. ‘මේ සිවුරු මෙනම් ඇත්තහුට දෙමි’ යි.”
චීවරක්ඛන්ධකො නිට්ඨිතො අට්ඨමො.
අටවැනි චීවරක්ඛන්ධකය නිමි.
ඉමම්හි ඛන්ධකෙ වත්ථූ ඡන්නවුති.
මේ ඛන්ධකයෙහි වස්තු සානූවෙකි.
තස්ස උද්දානං:
එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
1. රාජගහකො නෙගමො දිස්වා වෙසාලියං ගණිං, පුන රාජගහං ගන්ත්වා රඤ්ඤො තං පටිවෙදයි.
1. රජගහනුවර වැසි කෙළඹිජන තෙමේ විසාලාමහනුවර වැසි ගණිකාව දැක නැවත රජගහනුවරට ගොස් රජුට එකරුණ දැන් වී ය.
2. පුත්තො සාලවතිකාය අභයස්ස හි අත්රජො, ජීවතීති කුමාරෙන සඞ්ඛාතො ජීවකො ඉති.
2. අභයකුමරුගේ අත්‍රජ වූ, සාලවතී නම් ගණිකාවගේ පුත්‍ර තෙමේ කුමරුන් විසින් “ජීවත් වේ” නු යි ජීවක ය යි කියන ලද්දේ ය.
3. සො හි තක්කසිලං ගන්ත්වා උග්ගහෙත්වා මහාභිසො, සත්තවස්සිකආබාධං නත්ථුකම්මෙන නාසයි.
3. හෙතෙමේ තක්සලාවට ගොස් උගෙණ මහ වෙදෙක් වූයේ සත් අවුරුද්දක් පැවති හිසරුදාව නස්යකර්මයෙන් නැසී ය.
4. රඤ්ඤො භගන්දලාබාධං, ආලෙපෙන අපාකරි, මමඤ්ච ඉත්ථාගාරඤ්ච බුද්ධසඞ්ඝඤ්චුපට්ඨහ.
4. බිම්සරරජුගේ භගන්දළාබාධය ආලේපයක් දීමෙන් ඉවත් කෙළේ ය. මාහට ද අන්තඃපුරයට ද බුදුරජුන්ට ද භික්‍ෂුසඞ්ඝයාට ද උවටැන් කරව යි (රජතෙමේ තනතුරු දුන්නේ ය.)
5. රාජගහිකො ච සෙට්ඨි අන්තගණ්ඨිං තිකිච්ඡිතං, පජ්ජොතස්ස මහ රොගං ඝතපානෙන නාසයි.
5. රජගහසිටු තෙමේ සුව පත් කරණ ලද්දේ ය. (බරණැස්සිටුපුත්හුගේ) අන්තගණ්ඨි ආබාධයට පිළියම් කරණ ලදී. පජ්ජෝත රජුගේ මහා රෝගය ගිතෙල් පෙවීමෙන් නැසූයේ ය.
6. අධිකාරඤ්ච සීවෙය්යං අභිසන්නං සිනෙහයි, තීහි උප්පලහත්ථෙහි සමතිංසවිරෙචනං.
6. අධිකාරය ද, සීවෙය්යපරිත්යාගය ද, දොස් කිපුනු ශරීරය මොළොක් කිරීම ද, උපුල්මල්මිටි තුණෙකින් සමතිස් විරේචනය–
7. පකතත්තං වරං යාචි, සීවෙය්යඤ්ච පටිග්ගහි, චීවරඤ්ච ගිහීදානං අනුඤ්ඤාසි තථාගතො.
7. ප්‍රකෘතිස්වභාව ඇති බුදුරජුගෙන් වරයක් ඉල්ලී ය. සීවෙය්යවස්ත්ර පිළිගත්හ. තථාගතයන් වහන්සේ ගැහැවියන් දෙන සිවුරු පිළිගැණීම අනුදත් සේක.
8. රාජගහෙ ජනපදෙ බහුං උප්පජ්ජි චීවරං, පාවාරො කොසිකඤ්චෙව කොජවො අඩ්ඪකාසියං.
8. රජගහනුවර ද ජනපදයෙහි ද බොහෝ සිවුරු උපන. උතුරු සළුව ද, කෝසෙය්යපාවාරය ද, කොඳුපලස ද පන්සියයක් අගනා කම්බිලිය ද,
9. උච්චාවචා ච සන්තුට්ඨි නාගමෙ සාගමෙසු ච පඨමං පච්ඡා සදිසා කතිකා ච පටීහරුං.
9. කුදුමහත් සිවුරු, සතුටුවීම, අනපෙක්ෂා සාපේක්ෂාවන්හි (අකැමැත්තෙන් කොටස නො දීම, අකැමැත්තෙන් කොටස දිම), පළමු පැමිණීම, පසු ව පැමිණීම, එක් ව සොහොනට පැමිණීම, කතිකා කොට පැමිණීම, ආරාමයට ගෙණ ආ සිවුරු ආපසු ගෙණ ගියහ.
10. භණ්ඩාගාරං අගුත්තඤ්ච වුත්ථාපෙන්ති තථෙව ච, උස්සන්නං කොලාහලඤ්ච කථං භාජෙ කථං දදෙ.
10. භාණ්ඩාගාරය, සිවුරු ආරක්ෂා නො වීම, (භාණ්ඩාගාරිකයා) බැහැර කරවත්. භාණ්ඩාගාරය සිවුරුවලින් පිරීම, සිවුරු බෙදන තැන කොලාහලය, කෙසේ බෙදන්නේ ද කෙසේ දෙන්නේ ද –
11. සකාතිරෙකභාගෙන පටිවිංසො කථං දදෙ, ඡකණෙන සීතුන්දී ච උත්තරිතුං න ජානරෙ.
11. ගමනට සූදානම් වූ භික්ෂුහුගේ කොටස දීම, අතිරේක භාගය දීම, පිරිකර කොටස කෙසේ දෙන්නේ ද, ගොම හා නො තැම්බූ පඬු, පඬු ඉතිරීම, පඬු පැසීම පඬු නො පැසීම ද නො දනිත්.
12. ඔරොපෙන්තා භාජනඤ්ච, පාතියා ච ඡමාය ච; උපචිකාමජ්ඣෙ ජීරන්ති එකතො පත්ථින්නෙන ච.
12. පඬු බාන්නෝ, පඬු වක්කිරීමට බඳුන, තලියෙහි, බිම සිවුරු ඇතිරීම, (වේයෝ තණ ඇතිරිය කෑහ.) සිවුර මැද (පඬු ගැලීම), කොන් දිරත්. එක් පසකින් පඬු වැගිරේ. සිවුර දැඩි වීම,
13. ඵරුසාච්ඡින්නච්චිබද්ධා අද්දසාසි උබ්භණ්ඩිතෙ, වීමංසිත්වා සක්‍යමුනි අනුඤ්ඤාසි තිචීවරං.
13. සිවුර රළුවීම, කඩ නො කැපීම, ලියදී බැඳි කුඹුර, සිවුරුපොදි ඔසවා ගත් භික්ෂූන් ද දුටු සේක. භාග්‍යවතුන් වහන්සේ පරීක්ෂා කොට තුන් සිවුර අනුදත් සේක.
14. අඤ්ඤෙන අතිරෙකෙන උප්පජ්ජි ඡිද්දමෙව ච, චාතුද්දීපො වරං යාචි දාතුං වස්සිකසාටිකං.
14. අනික් අනික් අතිරේක සිවුරෙන් යුක්තවීම, අනඳ තෙරුන්ට සිවුරක් ලැබුනේ ය. අඳනය සිදුරුවීම, චාතුද්දීපිකමහාමේඝය, වර ඉල්වී ය. වැසිසළු දීම,
15. ආගන්තුගමිගිලානං උපට්ඨාකඤ්ච භෙසජං ධුවං උදකසාටිඤ්ච පණීතං අතිඛුද්දකං.
15. ආගන්තුක, ගමික, ගිලාන, උපට්ඨාක, බෙහෙත් දීම, නිති කැඳ දීම, දියසළු දීම, පිණි බොජුන් වැළඳීම, කුඩා පසතුරුණ තහනම් කිරීම,
16. ථුල්ලකච්ඡු මුඛං ඛොමං පරිපුණ්ණං අධිට්ඨනං, පච්ඡිමං කතො ගරුකො විකණ්ණො සුත්තමොකිරි.
16. ථුල්ලකච්ඡුආබාධය, මුව පිස්නා රෙදිකඩ, කොමුයෙන් කළ පැරණි වත, පිරිපුන් තුන් සිවුරු, ඉටීම, පැසුළු සිවුර, කරණ ලද බර වූ පංසුකූල චීවරය, සිවුරෙහි කොන් දික්වීම, නූල් ඉදිරීම,
17. ලුජ්ජන්ති නප්පහොන්ති ච අන්වාධිකං බහූනි ච, අන්ධවනෙ අසතියා එකො වස්සං උතුම්හි ච.
17. සිවුරු පත් නැසේ. කඩ කැපීමට නො පොහෝනේ ය. අමුතු පටියක් ඇල්ලීම, බොහෝ සිවුරු ලැබීම, අන්ධවනයෙහි තුබූ සිවුර නැතිවීම, අසතියෙන් සඟලසිවුරෙන් වෙන් ව ගම් වැදීම, තනි ව වස් විසීම, වස්සානයෙන් අන් කාලයෙහි එකලා ව විසීම –
18. ද්වෙ භාතුකා රාජගහෙ, උපනන්දො පුන ද්වීසු; කුච්ඡිවිකාරො ගිලානො, උභො චෙව ගිලානකා.
18. සහෝදරයෝ දෙදෙන රජගහනුවර වස් වුසූහ. උපනන්ද තෙරුන් සැවැත්නුවර වස් විසීම, දෙපලක එකලා ව වස් විසීම, කුච්ජිවිකාරය ඇති ගිලනා, ගිලන්හු දෙදෙන, ගිලන් උවටැනට සුදුසු නො සුදුසු අය –
19. නග්ගා කුසා වාකචීරං, ඵලකො කෙසකම්බලං, වාලඋලූකපක්ඛඤ්ච අජිනං අක්කනාළ ච.
19. නග්න ව පැමිණීම, කුසවැහරි දැරීම, වාකවැහරි, ඵලකවැහරි, කෙහෙකම්බිලි, වාලකම්බිලි, මහමූණු පියාපත්, අඳුන් දිවිසම්, වරාහුයෙන් කළ වැහරි,
20. පොත්ථකං නීලපීතඤ්ච ලොහිතං මඤ්ජෙට්ඨෙන ච, කණ්හා මහාරඞ්ගනාමා අච්ඡින්නදසිකං තථා.
20. නියඳින් කළ වැහරි, නිල්වන් වත්, රන්වන් වත්, රතුවන්, මදටිය පැහැ ඇති වත් හා කළු වත්, පත්තෑපිටපැහැති වත්, කන්වෑපිටපැහැති වත්, නො සිඳූ දාවලු ඇති සිවුරු, එසේම –
21. දීඝපුප්ඵඵණදසා කඤ්චුතිරීටවෙඨනං, අනුප්පන්නෙ පක්කමති සඞ්ඝො භිජ්ජති තාවදෙ.
21. දික් දාවලු ඇති සිවුරු, මල්දාවලු ඇති සිවුර ද, පෙණදාවලු ඇති සිවුරු, සැට්ටය, රුක්සුඹුලු, හිස්වෙළුම්, සිවුරු නූපන් කල්හි බැහැර යයි. සිවුරු උපන් කෙණෙහි සඞ්ඝ තෙමේ බිඳේ.
22. පක්ඛෙ දදන්ති සඞ්ඝස්ස ආයස්මා රෙවතො පහි, විස්සාසගාහාධිට්ඨාති, අට්ඨ චීවරමාතිකාති.
22. පක්ෂයකට දෙත්. සඞ්ඝයාට දෙත්. ආයුෂ්මත් රේවත තෙමේ (ශාරීපුත්‍ර තෙරුන්ට සිවුරක්) යැවී ය. විශ්වාසයෙන් ගැණීම, ඉටීම, සිවුරු ලැබීමේ මාතෘකා අටෙක යන මොහු වෙත්.