යෙදුමෙන් කියවන්න

කඨිනක‍්ඛන්‍ධකං

7.

7.

කඨිනක‍්ඛන්‍ධකං

කඨිනක්ඛන්‍ධකය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

2. තෙන ඛො පන සමයෙන තිංසමත‍්තා පාවෙය්‍යකා භික‍්ඛූ සබ‍්බෙ ආරඤ‍්ඤකා සබ‍්බෙ පිණ‍්ඩපාතිකා සබ‍්බෙ පංසුකූලිකා සබ‍්බෙ තෙචීවරිකා සාවත්‍ථිං ගච‍්ඡන‍්තා භගවන‍්තං දස‍්සනාය උපකට‍්ඨාය වස‍්සූපනායිකාය නාසක‍්ඛිංසු සාවත්‍ථියං වස‍්සූපනායිකං සම‍්භාවෙතුං. අන‍්තරාමග‍්ගෙ සාකෙතෙ වස‍්සං උපගච‍්ඡිංසු.

2. එකල්හි පාවානුවරවැසි තිසක් පමණ භික්‍ෂූහු සියල්ලෝ ආරණ්‍යක වූවාහු සියල්ලෝ පිණ්ඩපාතික වූවාහු සියල්ලෝ පංසුකූලික වූවාහු සියල්ලෝ තෙචීවරික වූවාහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට යන්නාහු වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹෙන්නට යෑමට නො හැකි වූහ. අතරමග සාකේතනුවර වස් එළඹියහ.

3. තෙ උක‍්කණ‍්ඨිතරූපා වස‍්සං වසිංසු “ආසන‍්නෙව නො භගවා විහරති ඉතො ඡසු යොජනෙසු. න ච මයං ලභාම භගවන‍්තං දස‍්සනායා”ති.

3. ඔහු “භාග්‍යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන්හි වැඩ වසන සේක. අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ලබමු” යි කළකිරුණෝ ම වස් විසූහ.

4. අථ ඛො තෙ භික‍්ඛූ වස‍්සං වුත්‍ථා තෙමාසච‍්චයෙන කතාය පවාරණාය දෙවෙ වස‍්සන‍්තෙ උදකසඞ‍්ගහෙ උදකචික‍්ඛල‍්ලෙ ඔකපුණ‍්ණෙහි චීවරෙහි කිලන‍්තරූපා, යෙන සාවත්‍ථි ජෙතවනං අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො, යෙන භගවා, තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු.

4. ඉක්බිති වස් වැස නිම කළ ඒ භික්‍ෂූහු තෙමසක් ඇවෑමෙන් පවාරණය කළ කල්හි වැසි වසිද්දී දිය ගැල්මෙන් (වළ ගොඩ) පිරුණු කල්හි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු (තෙමුනු) සිවුරුවලින් යුක්ත ව ක්ලාන්තස්වභාව ඇත්තෝ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.

5. ආචිණ‍්ණං ඛො පනෙතං බුද‍්ධානං භගවන‍්තානං ආගන‍්තුකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදිතුං. අථ ඛො භගවා තෙ භික‍්ඛූ එතදවොච: “කච‍්චි භික‍්ඛවෙ, ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඵාසුකං වස‍්සං වසිත්‍ථ? න ච පිණ‍්ඩකෙන කිලමිත්‍ථා?”ති.

5. භාග්‍යවත් බුදුවරුන්ට ආගන්තුක භික්‍ෂූන් සමග සතුටු වීම පුරුදු ම ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, කිම, ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, සමගි වූවහු සතුටු වූවහු විවාද නො කරන්නහු පහසුවෙන් වස් වුසූහු ද? ආහාරයෙන් වෙහෙසට පත් නො වූවහු දැ” යි අසා වදාළ සේක.

6. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. සමග‍්ගා ච මයං භන‍්තෙ, සම‍්මොදමානා අවිවදමානා වස‍්සං වසිම‍්හ. න ච පිණ‍්ඩකෙන කිලමිම‍්හ. ඉධ මයං භන‍්තෙ තිංසමත‍්තා පාවෙය්‍යකා භික‍්ඛූ සාවත්‍ථිං ආගච‍්ඡන‍්තා භගවන‍්තං දස‍්සනාය උපකට‍්ඨාය වස‍්සූපනායිකාය නාසක‍්ඛිම‍්හ සාවත්‍ථියං වස‍්සූපනායිකං සම‍්භාවෙතුං. අන‍්තරාමග‍්ගෙ සාකෙතෙ වස‍්සං උපගච‍්ඡිම‍්හ. තෙ මයං භන‍්තෙ උක‍්කණ‍්ඨිතරූපා වස‍්සං වසිම‍්හ ‘ආසන‍්නෙව නො භගවා විහරති ඉතො ඡසු යොජනෙසු. න ච මයං ලභාම භගවන‍්තං දස‍්සනායා’ති. අථ ඛො මයං භන‍්තෙ වස‍්සං වුත්‍ථා, තෙමාසච‍්චයෙන කතාය පවාරණාය, දෙවෙ වස‍්සන‍්තෙ උදකසඞ‍්ගහෙ උදකචික‍්ඛල‍්ලෙ ඔකපුණ‍්ණෙහි චීවරෙහි කිලන‍්තරූපා අද‍්ධානං ආගතා”ති.

6. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි සමගි ව සතුටු ව විවාද නො කරමින් වස් වුසුම්හ. ආහාරයෙන් ද වෙහෙසට පත් නො වූම්හ. ස්වාමීනි, මෙහි අපි පාවානුවර වැසි තිසක් පමණ වූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවර එන්නමෝ වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹීමට පැමිණෙන්නට නො හැකි වූම්හ. අතරමග සාකේත නුවර වස් එළඹියෙමු. ඒ අපි ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන වැඩ වසන සේක. අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ලබමු’ යි කළකිරුණාහු ම වස් වුසූම්හ. ස්වාමීනි, ඉක්බිති අපි වස් වැස නිම කළෝ තෙමසක් අවෑමෙන් පවාරණය කළ කල්හි වැහි වහිද්දී දිය ගැල්මෙහි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු සිවුරු වලින් යුක්ත ව ක්ලාන්තස්වභාවය ඇත්තමෝ දීර්‍ඝමාර්‍ගයට බැස ආවෙමු” යි.

7. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, වස‍්සං වුත්‍ථානං භික‍්ඛූනං කඨිනං අත්‍ථරිතුං. අත්‍ථතකඨිනානං වො භික‍්ඛවෙ, පංච කප‍්පිස‍්සන‍්ති: අනාමන‍්තචාරො, අසමාදානචාරො, ගණභොජනං, යාවදත්‍ථචීවරං, යො ච තත්‍ථ චීවරුප‍්පාදො, සො නෙසං භවිස‍්සති. අත්‍ථතකඨිනානං වො, භික‍්ඛවෙ, ඉමානි පඤ‍්ච කප‍්පිස‍්සන‍්ති.”

7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, වස් වැස නිම කළ භික්‍ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි” යි “මහණෙනි, ඇතිරූ කඨිනය ඇති (කෙළින් සිවුරු අතුළ) භික්‍ෂූන්ට අනාමන්තවාරය (නො විචාරා ගම් වැදීම), අසමාදානචාරය (තුන් සිවුරු නො ගෙණ යෑම), ගණභෝජනය (සමූහ භෝජනය), කැමැති පමණ සිවුරු පිළිගැණීම, එහි කඨිනය ඇතිරූ වෙහෙරෙහි යම්තාක් සිවුරු ලැබීමෙක් වේ ද, එය ද ඔවුන්ට (අයත්) වන්නේ ය යන පස කැප වන්නේ ය. මහණෙනි, අතුළ කඨිනය ඇති භික්‍ෂූන්ට මේ පස කැප වන්නේ ය.

8. එවඤ‍්ච පන භික‍්ඛවෙ කඨිනං අත්‍ථරිතබ‍්බං. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

8. මහණෙනි, කඨිනය මෙසේ ඇතිරිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉදං සඞ‍්ඝස‍්ස කඨිනදුස‍්සං උප‍්පන‍්නං. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉමං කඨිනදුස‍්සං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දදෙය්‍ය කඨිනං අත්‍ථරිතුං. එසා ඤත‍්ති.

“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨිනවස්ත්‍රයක් ලැබුනේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන්නේ ය. මේ දැන්වීම ය.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉදං සඞ‍්ඝස‍්ස කඨිනදුස‍්සං උප‍්පන‍්නං. සඞ‍්ඝො ඉමං කඨිනදුස‍්සං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දෙති කඨිනං අත්‍ථරිතුං. යස‍්සායස‍්මතො ඛමති ඉමස‍්ස කඨිනදුස‍්සස‍්ස ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දානං කඨිනං අත්‍ථරිතුං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

“ස්වාමීනි සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨින වස්ත්‍රයක් ලැබුනේ ය. සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ කඨින වස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වන්නේ ය. යම් ආයුෂ්මතකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියන්නේ ය.

“දින‍්නං ඉදං සඞ‍්ඝෙන කඨිනදුස‍්සං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො කඨිනං අත්‍ථරිතුං. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

“සඞ්ඝයා විසින් මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.

9. එවං ඛො භික‍්ඛවෙ, අත්‍ථතං හොති කඨිනං, එවං අනත්‍ථතං. කථඤ‍්ච භික‍්ඛවෙ, අනත්‍ථතං හොති කඨිනං? න උල‍්ලිඛිතමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං, න ධොවනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න චීවරවිචාරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න ඡෙදනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න බන්‍ධනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න ඔවට‍්ටිකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න කණ‍්ඩූසකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න දළ‍්හීකම‍්මකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න අනුවාතකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න පරිභණ‍්ඩකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න ඔවට‍්ටෙය්‍යකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න කම‍්බලමද‍්දනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න නිමිත‍්තකතෙන අත්‍ථතං හොති කඨිනං. න පරිකථාකතෙන අත්‍ථතං හොති කඨිනං. න කුක‍්කුකතෙන අත්‍ථතං හොති කඨිනං. න සන‍්නිධිකතෙන අත්‍ථතං හොති කඨිනං. න නිස‍්සග‍්ගියෙන අත්‍ථතං හොති කඨිනං. න අකප‍්පකතෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර සඞ‍්ඝාටියා අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර උත‍්තරාසඞ‍්ගෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර අන‍්තරවාසකෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර පඤ‍්චකෙන වා අතිරෙකපඤ‍්චකෙන වා තදහෙව සඤ‍්ඡින‍්නෙන සමණ‍්ඩලීකතෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර පුග‍්ගලස‍්ස අත්‍ථාරා අත්‍ථතං හොති කඨිනං. සම‍්මා චෙව අත්‍ථතං හොති කඨිනං, තඤ‍්චෙ නිස‍්සීමට‍්ඨො අනුමොදති, එවම‍්පි අනත්‍ථතං හොති කඨිනං. එවං ඛො භික‍්ඛවෙ, අනත්‍ථතං හොති කඨිනං.

9. මහණෙනි, කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේ ද, ලකුණු කළ (සිවුරේ දිග පළල ගත්) පමණින් කඨිනය නො අතුළේ වේ. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ. හිස් (බොරු) නූල් ඇදීම් පමණින් කඨිනය නො අතුළේ වේ. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. අතු බැඳුම් (මූට්ටු කිරීම්) පමණින් කඨිනය නො අතුළේ වේ. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. පිට නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. අමුතු රෙදිපටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. අනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. තැන්පත් කොට (එදින ම නො මසා) තුබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. (රැය ඉක්ම යෑමෙන්) නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. කප්බිඳු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. සඟළ සිවුර හැර, උතුරුසඟ සිවුර හැර, අඳනය හැර (අනෙක් වස්ත්‍රයකින්) කඨිනය නො අතුළේ වේ. එදවස ම කපන ලද මැඩිලි සහිත කරණ (මැඩිලි දක්වා මසන) ලද කඩපසක් හෝ වැඩියක් හෝ කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වේ. පුද්ගලයකුගේ ඇතිරීමෙන් හැර (සඞ්ඝයාගේ හෝ ගණයාගේ ඇතිරීමෙන්) කඨිනය නො අතුළේ වේ. කඨිනය මනා කොට ම අතුරණ ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වේ. මහණෙනි, මෙසේ කඨිනය නො අතුළේ වේ.

[චතුවීසති ආකාරා]

(ආකාර සූවිස්සෙකි.)

10. කථඤ‍්ච භික‍්ඛවෙ, අත්‍ථතං හොති කඨිනං? අහතෙන අත්‍ථතං හොති කඨිනං. අහතකප‍්පෙන අත්‍ථතං හොති කඨිනං. පිලොතිකාය අත්‍ථතං හොති කඨිනං. පංසුකූලෙන අත්‍ථතං හොති කඨිනං. පාපණිකෙන අත්‍ථතං හොති කඨිනං. අනිමිත‍්තකතෙන අත්‍ථතං හොති කඨිනං. අපරිකථාකතෙන අත්‍ථතං හොති කඨිනං. අකුක‍්කුකතෙන අත්‍ථතං හොති කඨිනං. අසන‍්නිධිකතෙන අත්‍ථතං හොති කඨිනං. අනිස‍්සග‍්ගියෙන අත්‍ථතං හොති කඨිනං. කප‍්පකතෙන අත්‍ථතං හොති කඨිනං. සඞ‍්ඝාටියා අත්‍ථතං හොති කඨිනං. උත‍්තරාසඞ‍්ගෙන අත්‍ථතං හොති කඨිනං. අන‍්තරවාසකෙන අත්‍ථතං හොති කඨිනං. පඤ‍්චකෙන වා අතිරෙකපඤ‍්චකෙන වා තදහෙව සඤ‍්ඡින‍්නෙන සමණ‍්ඩලීකතෙන අත්‍ථතං හොති කඨිනං. පුග‍්ගලස‍්ස අත්‍ථාරා අත්‍ථතං හොති කඨිනං. සම‍්මා චෙ අත්‍ථතං හොති කඨිනං. තඤ‍්චෙ සීමට‍්ඨො අනුමොදති, එවම‍්පි අත්‍ථතං හොති කඨිනං. එවං ඛො භික‍්ඛවෙ, අත්‍ථතං හොති කඨිනං.

10. මහණෙනි, කඨිනය කෙසේ අතුරණ ලද්දේ වේ ද? අළුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අළුත් වස්ත්‍රයට සමාන වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. රෙදි කැබලිවලින් කළ සිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. පංසුකූලික (වශයෙන් ලත්) වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සල්පිල්දොරටුවෙහි හැර දැමූ (අහුලාගත්) වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. හැඟවීමක් නැති ව ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අනුසස් නො කීමෙන් ලද වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. තාවකාලික නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සන්නිධි (තැන්පත්) කොට නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. නිසඟි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සඟළසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. උතුරුසඟසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අඳනාසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. එදවස ම කපන ලද මැඩිලි සහිත කරණ ලද අතු පසක් ඇති පසට වැඩි වූ හෝ අතු ඇති සිවුරකින් කඨිනය අතුරණ ලද්දේ වේ. පුද්ගලයකුගේ ඇතිරීමෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. කඨිනය මනා කොට (නියමය අනු ව ම) අතුරණ ලද්දේ ද, එය සීමාවෙහි සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේත් කඨිනය අතුරණ ලද්දේ වේ. මහණෙනි, කඨිනය මෙසේ අතුරණ ලද්දේ වේ.

[සත‍්තරස ආකාරා]

[ආකාර සතළොස]

1. කථඤ‍්ච භික‍්ඛවෙ, උබ‍්භතං හොති කඨිනං? අට‍්ඨිමා භික‍්ඛවෙ, මාතිකා කඨිනස‍්ස උබ‍්භාරාය: පක‍්කමනන‍්තිකා නිට‍්ඨානන‍්තිකා සන‍්නිට‍්ඨානන‍්තිකා නාසනන‍්තිකා සවණන‍්තිකා ආසාවච‍්ඡෙදිකා සීමාතික‍්කන‍්තිකා සහුබ‍්භාරා”ති.

1. මහණෙනි, කඨිනය කෙසේ (පඤ්චානිසංස නො ලැබෙන සේ) උදුරණ ලද්දේ වේ ද? මහණෙනි, කඨිනය ඉදිරීමට පක්කමනන්නතිකා නිට්ඨානන්තිකා සන්නිට්ඨානන්තිකා නාසනන්තිකා සවණන්තිකා ආසාවච්ඡේදිකා සීමාතික්කන්තිකා සහුබ්භාරා යි මේ මාතෘකා අටෙකි.

2. භික‍්ඛු අත්‍ථතකඨිනො කතචීවරං ආදාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො පක‍්කමනන‍්තිකො කඨිනුද‍්ධාරො. (1)

2. කෙළින් අතුළ මහණ තෙමේ නිම කළ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි ඒ ආවාසයෙන් බැහැර යෙයි. ඒ මහණහුට පක්කමනන්තික (බැහැර යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය (කඨිනබලය ඉදිරී යෑම)) වේ. (1)

3. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (2)

3. අතුළ කඨින ඇති මහණ තෙමේ (නො කළ) සිවුර (වස්ත්‍රය) ගෙණ බැහැර යෙයි. සීමාවෙන් බැහැර වෙන වෙහරකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට නිට්ඨානන්තික (සිවුර නිම කිරීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (2)

4. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (3)

4. අතුළ කඨින ඇති මහණ තෙමේ වස්ත්‍රය ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සන්නිට්ඨානන්තික (සනිටුහන් කිරීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (3)

5. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (4)

5. අතුළ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඔහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නාසනන්තික (නැසීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (4)

6. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සවණන‍්තිකො කඨිනුද‍්ධාරො. (5)

6. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට සවණන්තික (ඇසීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (5)

7. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො. (6)

7. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ පෙරළා එන්නෙමි” යි බැහැර යයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාතික්කන්තික (චීවර කාල සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ.

8. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භූණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො. (7)

8. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුරු ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග (= සහුබ්භාර) කඨිනුද්ධාරය වේ. (7)

ආදායසත‍්තකං නිට‍්ඨිතං.

ආදායසත්තකය නිමි.

1. භික‍්ඛු අත්‍ථතකඨිනො කතචීවරං සමාදාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො පක‍්කමනන‍්තිකො කඨිනුද‍්ධාරො. (1)

1. අතුළකඨින ඇති මහණ තෙමේ නිම කළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. ඒ මහණහුට බැහැර යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)

2. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (2)

2. අතුළකඨින ඇති මහණ තෙමේ (නො කළ) සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)

3. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (3)

3. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)

4. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (4)

4. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නසියි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)

5. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සවණන‍්තිකො කඨිනුද‍්ධාරො. (5)

5. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ ඒ ආවාසයෙහි “කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)

6. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං පච‍්චෙස‍්ස”න‍්ති– බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො. (6)

6. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉකුත් වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)

7. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භූණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො. (7)

7. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (7)

සමාදායසත‍්තකං නිට‍්ඨිතං.

සමාදායසත්තකය නිමි.

1. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (1)

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)

2. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (2)

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)

3. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (3)

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)

4. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සවණන‍්තිකො කඨිනුද‍්ධාරො. (4)

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)

5. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො. (5)

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)

6. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භූණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො. (6)

6. ඇතිරූ කඨිනය ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (6)

ආදායඡක‍්කං නිට‍්ඨිතං.

ආදාය ඡක්කය නිමි.

1. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (1)

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)

2. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (2)

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)

3. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (3)

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)

4. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සවණන‍්තිකො කඨිනුද‍්ධාරො. (4)

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුරු රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)

5. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං පච‍්චෙස‍්ස”න‍්ති. බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො. (5)

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉකුත් වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)

6. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භූණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො. (6)

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (6)

සමාදායඡක‍්කං නිට‍්ඨිතං.

සමාදායඡක්කය නිමි.

1. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං, න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (1)

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)

2. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (2)

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)

3. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (3)

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)

[ආදාය තිකං. 1.]

[ආදාය තිකය 1.]

4. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති. “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති. “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (4)

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)

5. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (5)

5. අතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)

6. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (6)

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)

[ආදාය තිකං. 2]

(ආදාය තිකය 2.)

7. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති: “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති: “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (7)

7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ (එන්නෙමි යි හෝ නො එන්නෙමි යි හෝ) නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ “මහණහුට පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (7)

8. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති: “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති: “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (8)

8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (8)

9. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති: “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (9)

9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ නො ඉටීමෙන් සිවුර ගෙණ බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (9)

[ආදාය තිකං. 3.]

(ආදාය තිකය 3.)

10. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (10)

10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (10)

11. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (11)

11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි. බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (11)

12. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (12)

12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (12)

13. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සවණන‍්තිකො කඨිනුද‍්ධාරො. (13)

13. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (13)

14. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති – බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො. (14)

14. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉක්ම යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (14)

15. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං ආදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භුණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො. (15)

15. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (15)

(ආදාය ඡක‍්කං)

(ආදාය ඡක්කය යි.)

[ආදායපණ‍්ණරසකං නිට‍්ඨිතං.]

(ආදාය පසළොස්වර නිමි.)

16. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරං සමාදාය පක‍්කමති. -පෙ- (ආදායවාරසදිසං එවං විත්‍ථාරෙතබ‍්බං.)

16. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. –පෙ– (ආදායවාරය සේ විස්තර කට යුතු ය.)

[සමාදායපණ‍්ණරසක පෙය්‍යාලං.]

[සමාදාය පසළොස්වර පෙය්‍යාලමෙන් දතයුතු.]

17. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං ආදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං, න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො (සමාදායවාරසදිසං එවං විත්‍ථාරෙතබ‍්බං.)

17. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (සමාදායවාරය සේ විස්තර කට යුතු ය.)

[විප‍්පකතආදායපණ‍්ණරසකං පෙය්‍යාලං.]

[විප්පකතආදාය පසළොස්වර පෙය්‍යාලමෙන් දතයුතු.]

1. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං, න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (1)

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)

2. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (2)

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2).

3. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (3)

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)

[විප‍්පකතසමාදායතිකං 1.]

(විප්පකතසමාදායතිකය 1.)

4. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (4)

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)

5. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (5)

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)

6. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (6)

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි, බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණතෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)

[විප‍්පකතසමාදායතිකං. 2.]

(විප්පකතසමාදායතිකය. 2.)

7. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති: “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති: “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (7)

7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටීමෙන් බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (7)

8. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති: “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති: “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (8)

8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටීමෙන් බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (8)

9. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති: “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති: “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං, න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (9)

9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (9)

[විප‍්පකතසමාදායතිකං. 3.]

(විප්පකතසමාදායතිකය. 3)

10. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො. (10)

10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (10)

11. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති – “නෙවිමං චීවරං කාරෙස‍්සං, න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (11)

12. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො. (12)

12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (12)

13. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සවණන‍්තිකො කඨිනුද‍්ධාරො. (13)

13. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (13)

14. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං, පච‍්චෙස‍්ස”න‍්ති බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො. (14)

14. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම දක්වා බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉක්මවීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (14)

15. භික‍්ඛු අත්‍ථතකඨිනො විප‍්පකතචීවරං සමාදාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භුණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො. (15)

15. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික‍්ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (15)

(විප‍්පකතසමාදායඡක‍්කං.)

(විප්පකතසමාදායඡක්කය)

[විප‍්පකතසමාදායපණ‍්ණරසකං]

(විප්පකතසමාදාය පසළොස්වර)

ආදායභාණවාරො නිට‍්ඨිතො.

ආදායභාණවාරය නිමි.

1. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

1. ඇතුරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට (සමීප විහාරයකට) ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ (යම්කිසි) තැනකින් (සිවුරු) ලබයි. ආසාකළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

2. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

3. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති, ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

4. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

5. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

6. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

7. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි”යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

8. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා නො එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දි ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ අසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

9. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්සන‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා (නැවත ඊම හෝ නො ඊම මෙනෙහි නො කොට) බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

10. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

11. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ආසා නො කළ තැනකින් (සිවුරු) ලබයි. ආසා කළ තැනින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

12. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

අනාසා ද‍්වාදසකං නිට‍්ඨිතං.

අනාසා ද්වාදසකය (අනාසා පිළිබඳ වාර දොළොස නිමි.)

1. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණෙතමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

2. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

3. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ සිවුරු ලැබීමේ ආසාවෙන් “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

4. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. එ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

5. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස එවං හොති: “යතො තස‍්මිං ආවාසෙ උබ‍්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

6. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස එවං හොති: “යතො තස‍්මිං ආවාසෙ උබ‍්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

7. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස එවං හොති: “යතො තස‍්මිං ආවාසෙ උබ‍්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණතෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

8. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස එවං හොති: “යතො තස‍්මිං ආවාසෙ උබ‍්භතං කඨිනං, ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට “යම් හෙයකින් ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ද, මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

9. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. සො තං චීවරං කාරෙති. සො කතචීවරො සුණාති: “උබ‍්භතං කිර තස‍්මිං ආවාසෙ කඨින”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සවණන‍්තිකො කඨිනුද‍්ධාරො.

9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

10. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ලැබීමේ ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

11. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. සො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං පච‍්චෙස‍්ස”න‍්ති – බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො.

11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට (චීවරකාල) සීමා ඉක්මවීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

12. භික‍්ඛු අත්‍ථතකඨිනො චීවරාසාය පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරාසං පයිරුපාසති. ආසාය ලභති. අනාසාය න ලභති. සො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භුණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො.

12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ “පෙරළා එන්නෙමි” යි සිවුරු ලැබීමේ ආසාවෙන් බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුරු ලැබීමේ ආසාව ඇසුරු කෙරෙයි. අපේක්‍ෂිතස්ථානයෙන් (සිවුරු) ලබයි. අනපේක්‍ෂිතස්ථානයකින් නො ලබයි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට (සෙසු) භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ.

ආසාද‍්වාදසකං නිට‍්ඨිතං.

ආසාද්වාදසකය (ආසා පිළිබඳ වාර දොළොස) නිමි.

1. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

2. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති. “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

3. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

4. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

4. ඇති රූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

5. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

6. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

7. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

8. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

9. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

9. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඒ මහණහුට චීවරාසාව උපදි. ඒ මහණ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

10. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

10. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඔහුට චීවරාසාව උපදි. හෙ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිතස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඔහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

11. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. සො තං චීවරාසං පයිරුපාසති. අනාසාය ලභති. ආසාය න ලභති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

11. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඔහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඔහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. සීමාවෙන් බැහැර ගියා වූ ඔහුට චීවරාසාව උපදී. හෙ තෙමේ ඒ චීවරාසාව ඇසුරු කරයි. අනපේක්‍ෂිස්ථානයකින් (සිවුරු) ලබයි. අපේක්‍ෂිතස්ථානයෙන් නො ලබයි. ඔහුට “මෙහි දී ම මේ සිවුරු කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. හෙ තෙමේ ඒ සිවුරු කරව යි. ඔහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

12. භික‍්ඛු අත්‍ථතකඨිනො කෙනචිදෙව කරණීයෙන පක‍්කමති අනධිට‍්ඨිතෙන. නෙවස‍්ස හොති “පච‍්චෙස‍්ස”න‍්ති. න පනස‍්ස හොති “න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස චීවරාසා උප‍්පජ‍්ජති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරාසං පයිරුපාසිස‍්සං, න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරාසං පයිරුපාසති. තස‍්ස සා චීවරාසා උපච‍්ඡිජ‍්ජති. තස‍්ස භික‍්ඛුනො ආසාවච‍්ඡෙදිකො කඨිනුද‍්ධාරො.

12. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ කිසි යම් කටයුත්තක් සඳහා නො ඉටා බැහැර යෙයි. ඒ මහණහුට “පෙරළා එන්නෙමි” යි ද අදහස් නො වේ. ඒ මහණහුට “පෙරළා නො එන්නෙමි” යි ද අදහස් නො වේ. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට සිවුරු ආසාව උපදී. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුරු ආසාව ඇසුරු කරන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු ආසාව ඇසුරු කෙරෙයි. ඒ මහණහුගේ ඒ සිවුරු ආසාව සිඳී යෙයි. ඒ මහණහුට ආසා සිඳීම ඇති කඨිනුද්ධාරය වේ.

කරණීයද‍්වාදසකං නිට‍්ඨිතං.

කරණීය ද්වාදසකය (කටයුතු පිළිබඳ වාර දොළොස නිමි.)

1. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති චීවරපටිවිංසං අපචිනයමානො. තමෙනං දිසඞ‍්ගතං භික‍්ඛූ පුච‍්ඡන‍්ති: “කහං ත්‍වං ආවුසො වස‍්සං වුත්‍ථො? කත්‍ථ ච තෙ චීවරපටිවිංසො”ති. සො එවං වදෙති: “අමුකස‍්මිං ආවාසෙ වස‍්සං වුත්‍ථොම‍්හි. තත්‍ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන‍්ති: “ගච‍්ඡාවුසො තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස‍්සාමා”ති. සො තං ආවාසං ගන‍්ත්‍වා භික‍්ඛූ පුච‍්ඡති: “කහං මෙ ආවුසො චීවරපටිවිංසො?”ති. තෙ එවං වදෙන‍්තී: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො. කහං ත්‍වං ගමිස‍්සසී?”ති. සො එවං වදෙති: “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි, තත්‍ථ මෙ භික‍්ඛූ චීවරං කරිස‍්සන‍්තී”ති. තෙ එවං වදෙන‍්ති: “අලං ආවුසො, මා අගමාසි. මයං තෙ ඉධ චීවරං කරිස‍්සාමා”ති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස බලාපොරොත්තු වෙමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? තාගේ සිවුරු කොටස කොහිදැ” යි විචාරත්. ඒ මහණ තෙමේ අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත්නි, මාගේ සිවුරු කොටස කොහි දැ” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ තාගේ සිවුරු කොටස ය. තෝ කොහි යන්නෙහි දැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි භික්‍ෂූහු මාගේ සිවුරකරන්නාහු ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

2. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති -පෙ- තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ– බැහැර යෙයි. –පෙ– ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

3. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති -පෙ- තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ −පෙ– බැහැර යෙයි. –පෙ– ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

4. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති චීවරපටිවිංසං අපවිනයමානො. තමෙනං දිසඞ‍්ගතං භික‍්ඛූ පුච‍්ඡන‍්ති: “කහං ත්‍වං ආවුසො, වස‍්සං වුත්‍ථො? කත්‍ථ ච තෙ චීවරපටිවිංසො”ති. සො එවං වදෙති: “අමුකස‍්මිං ආවාසෙ වස‍්සං වුත්‍ථොම‍්හි. තත්‍ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන‍්ති: “ගච‍්ඡාවුසො තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස‍්සාමා”ති. සො තං ආවාසං ගන‍්ත්‍වා භික‍්ඛූ පුච‍්ඡති: “කහං මෙ ආවුසො, චීවරපටිවිංසො”?ති. තෙ එවං වදෙන‍්ති: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො”ති. සො තං චීවරං ආදාය තං ආවාසං ගච‍්ඡති. තමෙනං අන‍්තරාමග‍්ගෙ භික‍්ඛූ පුච‍්ඡන‍්ති: “කහං ආවුසො කහං ගමිස‍්සසී”ති. සො එවං වදෙති: “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ භික‍්ඛූ චීවරං කරිස‍්සන‍්තී”ති. තෙ එවං වදෙන‍්ති: “අලං ආවුසො, මා අගමාසි. මයං තෙ ඉධ චීවරං කරිස‍්සාමා”ති. තස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? තාගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි තාගේ සිවුර මෙහි දි කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත්නි, මාගේ සිවුරු කොටස කොහි දැ?” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, තාගේ මේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. භික්‍ෂූහු අතරමග දී “ඇවැත, කොහි යන්නෙහි දැ” යි ඔහු විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි දී භික්‍ෂූහු මාගේ සිවුර කරන්නාහ ය” යි මෙසේ කියයි. ඒ මහණහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී ඔබගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නොඑන්නෙමි”යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුරු කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

5. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති චීවරපටිවිංසං අපවිනයමානො. තමෙනං දිසඞ‍්ගතං භික‍්ඛූ පුච‍්ඡන‍්ති: “කහං ත්‍වං ආවුසො වස‍්සං වුත්‍ථො? කත්‍ථ ච තෙ චීවරපටිවිංසො”ති. සො එවං වදෙති: “අමුකස‍්මිං ආවාසෙ වස‍්සං වුත්‍ථොම‍්හි. තත්‍ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන‍්ති: “ගච‍්ඡාවුසො. තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස‍්සාමා”ති. සො තං ආවාසං ගන‍්ත්‍වා භික‍්ඛූ පුච‍්ඡති: “කහං මෙ ආවුසො චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන‍්ති: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො”ති. සො තං චීවරං ආදාය තං ආවාසං ගච‍්ඡති. තමෙනං අන‍්තරාමග‍්ගෙ භික‍්ඛූ පුච‍්ඡන‍්ති: “කහං ආවුසො, ගමිස‍්සසී?”ති. සො එවං වදෙති: “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ භික‍්ඛූ චීවරං කරිස‍්සන‍්තී”ති. තෙ එවං වදෙන‍්ති: “අලං ආවුසො, මා අගමාසි, මයං තෙ ඉධ චීවරං කරිස‍්සාමා”ති. තස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙ හි ද? තාගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත, මාගේ සිවුරු කොටස කොහි දැ?” යි භික්‍ෂූන් විචාරත්. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ තාගේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. භික්‍ෂූහු අතරමග දි “ඇවැත, කොහි යන්නෙහි දැ?” යි ඒ මහණහු විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයට යන්නෙමි. එහි දී භික්‍ෂූහු මාගේ සිවුර කරන්නාහු ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, කම් නැත. නො යව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

6. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති -පෙ- “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

6. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ– බැහැර යෙයි. –පෙ– “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

7. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති චීවරපටිවිංසං අපවිනයමානො. තමෙනං දිසඞ‍්ගතං භික‍්ඛූ පුච‍්ඡන‍්ති: “කහං ත්‍වං ආවුසො වස‍්සං වුත්‍ථො? කත්‍ථ ච තෙ චීවරපටිවිංසො”ති. සො එවං වදෙති: “අමුකස‍්මිං ආවාසෙ වස‍්සං වුත්‍ථොම‍්හි. තත්‍ථ ච මෙ චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන‍්ති: “ගච‍්ඡාවුසො. තං චීවරං ආහර. මයං තෙ ඉධ චීවරං කරිස‍්සාමා”ති. සො තං ආවාසං ගන‍්ත්‍වා භික‍්ඛූ පුච‍්ඡති: “කහං මෙ ආවුසො චීවරපටිවිංසො”ති. තෙ එවං වදෙන‍්ති: “අයං තෙ ආවුසො චීවරපටිවිංසො”ති. සො තං චීවරං ආදාය තං ආවාසං ගච‍්ඡති. තස‍්ස තං ආවාසං ගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

7. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ සිවුරු කොටස පතමින් බැහැර යෙයි. භික්‍ෂූහු දිශා ගියා වූ ඒ මහණහු “ඇවැත, තෝ කොහි වස් වුසුවෙහි ද? ඔබගේ සිවුරු කොටස කොහි දැ?” යි විචාරත්. ඒ මහණ තෙමේ “අසවල් ආවාසයෙහි වස් වුසුවෙමි. මාගේ සිවුරු කොටස එහි ය” යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු “ඇවැත, යව. ඒ සිවුර ගෙණ එව. අපි මෙහි දී තාගේ සිවුර කරන්නෙමු” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ ආවාසයට ගොස් “ඇවැත, මාගේ සිවුරු කොටස කොහිදැ?” යි භික්‍ෂූන් විචාරයි. ඒ භික්‍ෂූහු “ඇවැත, මේ ඔබගේ සිවුරු කොටසැ” යි මෙසේ කියත්. ඒ මහණ තෙමේ ඒ සිවුර ගෙණ ඒ ආවාසයට යෙයි. ඒ ආවාසයට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

8. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති -පෙ- “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

8. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ –පෙ – බැහැර යෙයි –පෙ–“මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

9. භික‍්ඛු අත්‍ථතකඨිනො දිසඞ‍්ගමිකො පක‍්කමති -පෙ- “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

9. ඇති රූ කඨින ඇති මහණ තෙමේ දිශා යනුයේ – පෙ– බැහැර යෙයි. –පෙ – “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

අපවිනයනවකං නිට‍්ඨිතං.

අපවිනය නවකය (සිවුරු කොටස අපේක්‍ෂා කිරීම පිළිබඳ වාර නවය) නිමි.

1. භික‍්ඛු අත්‍ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක‍්කමති “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස භික‍්ඛුනො නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

2. භික‍්ඛු අත්‍ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක‍්කමති “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “නෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස භික‍්ඛුනො සන‍්නිට‍්ඨානන‍්තිකො කඨිනුද‍්ධාරො.

2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම් අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

3. භික‍්ඛු අත්‍ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක‍්කමති “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, පච‍්චෙස‍්ස”න‍්ති. තස‍්ස බහිසීමගතස‍්ස එවං හොති: “ඉධෙවිමං චීවරං කාරෙස‍්සං. න පච‍්චෙස‍්ස”න‍්ති. සො තං චීවරං කාරෙති. තස‍්ස තං චීවරං කයිරමානං නස‍්සති. තස‍්ස භික‍්ඛුනො නාසනන‍්තිකො කඨිනුද‍්ධාරො.

3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො, වන්නේ නම් පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දි ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන්නා වූ ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

4. භික‍්ඛු අත්‍ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක‍්කමති “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති. අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො– “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති බහිද‍්ධා කඨිනුද‍්ධාරං වීතිනාමෙති. තස‍්ස භික‍්ඛුනො සීමාතික‍්කන‍්තිකො කඨිනුද‍්ධාරො.

4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි, බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ.

5. භික‍්ඛු අත්‍ථතකඨිනො ඵාසුවිහාරිකො චීවරං ආදාය පක‍්කමති “අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, අමුකං නාම ආවාසං ගමිස‍්සාමි. තත්‍ථ මෙ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි. නො චෙ මෙ ඵාසු භවිස‍්සති, පච‍්චෙස‍්ස”න‍්ති. සො බහිසීමගතො තං චීවරං කාරෙති. සො කතචීවරො “පච‍්චෙස‍්සං. පච‍්චෙස‍්ස”න‍්ති සම‍්භුණාති කඨිනුද‍්ධාරං. තස‍්ස භික‍්ඛුනො සහ භික‍්ඛූහි කඨිනුද‍්ධාරො.

5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ පහසු විහරණ කැමැත්තේ සිවුර ගෙණ “අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, අසවල් ආවාසයට යන්නෙමි. එහි මට පහසු වන්නේ නම්, වසන්නෙමි. මට පහසු නො වන්නේ නම්, පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට සෙසු භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ.

ඵාසුවිහාරපඤ‍්චකං නිට‍්ඨිතං.

ඵාසුවිහාරපඤ්චකය (පහසු විහරණය පිළිබඳ වාර පස) නිමි.

1. ද‍්වෙ මෙ භික‍්ඛවෙ, කඨිනස‍්ස පළිබොධා, ද‍්වෙ අපළිබොධා. කතමෙ ච භික‍්ඛවෙ, ද‍්වෙ කඨිනස‍්ස පළිබොධා? ආවාසපළිබොධො ච චීවරපළිබොධො ච. කථඤ‍්ච භික‍්ඛවෙ, ආවාසපළිබොධො හොති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු වසති වා තස‍්මිං ආවාසෙ, සාපෙක‍්ඛො වා පක‍්කමති “පච‍්චෙස‍්ස”න‍්ති. එවං ඛො භික‍්ඛවෙ, ආවාසපළිබොධො හොති. කථඤ‍්ච භික‍්ඛවෙ, චීවරපළිබොධො හොති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො චීවරං අකතං වා හොති විප‍්පකතං වා චීවරාසා වා අනුපච‍්ඡින‍්නා. එවං ඛො භික‍්ඛවෙ, චීවරපළිබොධො හොති. ඉමෙ ඛො භික‍්ඛවෙ, ද‍්වෙ කඨිනස‍්ස පළිබොධා.

1. මහණෙනි, කඨිනය පිළිබඳ මේ පළිබෝධ කරණු දෙකක් වේ. මේ පළිබෝධ නො වන කරුණු දෙකක් වේ. මහණෙනි, කඨිනයාගේ පළිබෝධ කරුණු දෙක කවරේ ද? ආවාසපළිබෝධය ද චීවරපළිබොධය ද යන මේ යි. මහණෙනි, ආවාසපළිබෝධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ ඒ ආවාසයෙහි හෝ වෙසේ. බලාපොරොත්තු සහිත වූයේ හෝ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. මහණෙනි, මේ ආවාසපළිබෝධය වේ. මහණෙනි, චීවරපළිබොධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ සිවුර නො කරණ ලද්දේ හෝ අඩාළ කරණ ලද්දේ හෝ වේ. සිවුරු ආසාව නො සිඳුනී හෝ වේ. මහණෙනි, මේ චීවරපළිබොධය වේ. මහණෙනි, කඨිනයාගේ මේ පළිබෝධ දෙක ය.

2. කතමෙ ච භික‍්ඛවෙ ද‍්වෙ කඨිනස‍්ස අපළිබොධා? ආවාසඅපළිබොධො ච චීවරඅපළිබොධො ච. කථඤ‍්ච භික‍්ඛවෙ, ආවාසඅපළිබොධො හොති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පක‍්කමති තම‍්හා ආවාසා චත‍්තෙන වන‍්තෙන මුත‍්තෙන අනපෙඛො “න පච‍්චෙස‍්ස”න‍්ති. එවං ඛො භික‍්ඛවෙ, ආවාසඅපළිබොධො හොති. කථඤ‍්ච භික‍්ඛවෙ, චීවරඅපළිබොධො හොති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො චීවරං කතං වා හොති නට‍්ඨං වා විනට‍්ඨං වා දඩ‍්ඪං වා චීවරාසා වා උපච‍්ඡින‍්නා. එවං ඛො භික‍්ඛවෙ, චීවරඅපළිබොධො හොති. ඉමෙ ඛො, භික‍්ඛවෙ, ද‍්වෙ කඨිනස‍්ස අපළිබොධා”ති.

2. මහණෙනි, කඨිනය පිළිබඳ පළිබෝධ නො වන කරුණු දෙක කවරේ ද? ආවාසඅපළිබෝධය ද චීවරඅපළිබොධය ද යන මේ යි. මහණෙනි, ආවාසඅපළිබෝධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ ඒ ආවාසයෙන් හළ සිතින් දුරු කළ සිතින් මුදා හළ සිතින් අපේක්‍ෂා රහිත වූයේ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. මහණෙනි, මේ ආවාසඅපළිබෝධය යි. මහණෙනි, චීවරඅපළිබොධය කෙසේ වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ සිවුර කරණ ලද්දේ හෝ නැසුනේ හෝ වැනසුනේ හෝ දැවුනේ හෝ වේ. සිවුරු ආසාව සිඳුනී හෝ වේ. මහණෙනි, මේ චීවරඅපළිබොධය වේ. මහණෙනි, කඨිනයාගේ මේ අපළිබෝධ කරුණු දෙක ය.

කඨිනක‍්ඛන්‍ධකො නිට‍්ඨිතො සත‍්තමො.

සත්වන කඨිනක්ඛන්‍ධකය නිමි.

ඉමම‍්හි ඛන්‍ධකෙ වත්‍ථු ද‍්වාදස. පෙය්‍යාලමුඛානි එකසතං අට‍්ඨාරස.

මේ ඛන්‍ධකයෙහි වස්තූහු දොළොසෙකි. පෙය්‍යාලමුඛයෝ එක්සිය අටළොසෙකි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:

තිංසපාවෙය්‍යකා භික‍්ඛූ, සාකෙතුක‍්කණ‍්ඨිතා වසුං, වස‍්සං වුත්‍ථොකපුණ‍්ණෙහි අගමුං ජිනදස‍්සනං.

තිසක් පාවානුවර වැසි භික්‍ෂූහු කළකිරුණේ සාකේතනුවර වස් විසූහ. වස් වැස නිම කළෝ දිය පිරුණු සිවුරුවලින් යුක්ත ව බුදුරජුන් දැකීමට ගියහ.

ඉදං වත්‍ථු කඨිනස‍්ස කප‍්පිස‍්සන‍්ති ච පඤ‍්චකා, අනාමන‍්තාසමාදානං තථෙව ගණභොජනං.

කඨිනය පැණවීමට මෙය වස්තු වි ය. කඨිනය අතුළ මහණුන්ට අනාමන්තචාරය, අසමාදානචාරය, එසේ ම ගණභෝජනය, යාවදත්‍ථචීවරය, තත්‍ථුප්පාදචීවරය යන පස කැප වේ. ඤත්තිය ද, මෙසේ අතුරණ ලද්දේ, මෙසේ නො අතුරණ ලද්දේ – යනු ද,

යාවදත්‍ථඤ‍්ච උප‍්පාදො අත්‍ථතානං භවිස‍්සති, ඤත‍්ති එවත්‍ථතඤ‍්චෙව එවඤ‍්චෙව අනත්‍ථතං.

උල‍්ලිඛා ධොවනා චෙව විචාරණඤ‍්ච ඡෙදනං, බන්‍ධනොවට‍්ටිකණ‍්ඩුසදළ‍්හීකම‍්මානුවාතකා.

නූල් ගැසීම, සේදීම, චීවරවිචාරණය, සිඳීම, බැඳීම, දික් මැහුම් මැසීම, හිස් හූ බැඳීම, දළ්හීකර්‍මය, පිට නුවා ඇල්ලීම, ඇතුල් නුවා ඇල්ලීම–

පරිභණ‍්ඩං ඔවට‍්ටෙය්‍යං මද‍්දනා නිමිත‍්තංකථා. කුක‍්කුසන‍්නිධි නිස‍්සග‍්ගි, න කප‍්පඤ‍්ඤත්‍ර තෙ තයො.

ආගන්තුකපත්‍ර දීම, පඬු පෙවීම, නිමිති කීම, පරිකථා, තාවකාලිකවස්ත්‍රය, සන්නිධි වස්ත්‍රය, නිසගිවස්ත්‍රය, කප්බිඳු නො තැබූ සිවුර, සඟළසිවුර උතුරු සඟසිවුර අඳනාසිවුර යන තුන් සිවුරු හැර ඇතිරීම–

අඤ‍්ඤත්‍ර පඤ‍්චාතිරෙකෙ සඤ‍්ඡින‍්නෙන සමණ‍්ඩලී, නාඤ‍්ඤත්‍ර පුග‍්ගලා සම‍්මා නිස‍්සීමට‍්ඨොනුමොදති; කඨිනං අනත්‍ථතං හොති එවං බුද‍්ධෙන දෙසිතං.

සිඳීමෙන් මැඩිලි සහිත කරණලද අතු පසක් හෝ පසින් වැඩි අතු ඇති සිවුර හැර, පුද්ගලයකුගේ ඇතිරීම හැර, මනා කොට අතුරණ ලද්ද වස් සීමාවෙන් බැහැර වූවෙක් අනුමෝදන් වේ ද, කඨිනය නො අතුරණ ලදැ යි බුදුරජුන් විසින් මෙසේ දේසනා කරණ ලද්දේ ය.

අහතාකප‍්පපිලොති පංසුපාපණිකාය ච, අනිමිත‍්තා පරිකථා අකුක‍්කු ච අසන‍්නිධි.

අළුත් වස්ත්‍රය, වරක් දෙවරක් සේදූ වස්ත්‍රය, රෙදි කැබලිවලින් කළ සිවුර, පංසුකූල සිවුර, කඩපිලෙන් අවුලා ගත් වතින් කළ සිවුර, නිමිති නො කිරීමෙන් ලත් සිවුර, පරිකථා නො කිරීමෙන් ලත් සිවුර, නො තැවුකැලි සිවුර, සන්නිධි නො කළ සිවුර–

අනිස‍්සග‍්ගි කප‍්පකතො තථා තිචීවරෙන ච, පඤ‍්චකෙ වාතිරෙකෙ වා ඡින‍්නෙ සමණ‍්ඩලීකතෙ.

නිසගි නො වූ සිවුර, කප්බිඳු තැබූ සිවුර, තුන් සිවුරෙන් එක් සිවුරක්, සිඳින ලද මැඩිලි සහිත වූ පසක් හෝ වැඩියක් හෝ අතු ඇති සිවුර–

පුග‍්ගලස‍්සත්‍ථාරා සම‍්මා සීමට‍්ඨො අනුමොදති, එවං කඨිනත්‍ථරණං උබ‍්භාරස‍්සට‍්ඨමාතිකා:

පුද්ගලයකුගේ ඇතිරීම, මනා කොට ඇතිරීම වස් සීමාවෙහි සිටියේ අනුමෝදන් වේ ද, මෙසේ කඨිනයාගේ ඇතිරීම වේ. උද්ධරණය පිළිබඳ මාතෘකා අටෙකි:

පක‍්කමනන‍්ති නිට‍්ඨානං සන‍්නිට‍්ඨානඤ‍්ච නාසනං, සවණං ආසාවච‍්ඡෙදී සීමා සඋබ‍්භාරට‍්ඨමී.

පක්කමනන්තිකය, නිට්ඨානන්තිකය, සන්නිට්ඨානන්තිකය, නාසනන්තිකය, සවණන්තිකය, ආසාවච්ඡේදිකය, සීමාතික්කන්තිකය, අට වැනි සඋබ්භාරය යන මේ ය.

කතචීවරමාදාය “න පච‍්චෙස‍්ස”න‍්ති ගච‍්ඡති, තස‍්ස තං කඨිනුද‍්ධාරො හොති පක‍්කමනන‍්තිකො.

“පෙරළා නො එන්නෙමි” යි කළ සිවුර ගෙණ යයි. ඔහුගේ ඒ කඨිනුද්ධාරය පක්කමනන්තික නම් වේ.

ආදාය චීවරං යාති නිස‍්සීමෙ ඉදං චින‍්තයී: “කාරෙස‍්සං, න පච‍්චෙස‍්ස”න‍්ති නිට‍්ඨානෙ කඨිනුද‍්ධාරො.

සිවුර ගෙණ යෙයි. සීමාවෙන් බැහැර “සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙය සිතී. ඒ නිට්ඨානන්තිකකඨිනුද්ධාරය වේ.

ආදාය නිස‍්සීමං නෙව “න පච‍්චෙස‍්ස”න‍්ති මානසො. තස‍්ස තං කඨිනුද‍්ධාරො සන‍්නිට‍්ඨානන‍්තිකො භවෙ.

සිවුර ගෙණ බැහැර ගියේ “සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි සිත් ඇත්තේ වේ. ඔහුගේ ඒ කඨිනුද්ධාරය සන්නිට්ඨානන්තික නම් වේ.

ආදාය චීවරං යාති නිස‍්සීමෙ ඉදං චින‍්තයි: “කාරෙස‍්සං න පච‍්චෙස‍්ස”න‍්ති කයිරං තස‍්ස නස‍්සති, තස‍්ස තං කඨිනුද‍්ධාරො, භවති නාසනන‍්තිකො.

සිවුර ගෙණ බැහැර යෙයි. සිවුර “කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙය සිතී. ඔහුගේ කරණු ලබන සිවුර නැසේ. ඔහුගේ ඒ කඨිනුද්ධාරය නාසනන්තික නම් වේ.

ආදාය යාති පච‍්චෙස‍්සං බහි කාරෙති චීවරං, කතචීවරො සුණාති උබ‍්භතං කඨිනං තහිං; තස‍්ස තං කඨිනුද‍්ධාරො භවති සවණන‍්තිකො.

“පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ යයි. පිටත දී සිවුර කරවයි. කළ සිවුර ඇත්තේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඔහුගේ ඒ කඨිනුද්ධාරය සවණන්තික නම් වේ.

ආදාය යාති පච‍්චෙස‍්සං බහි කාරෙති චීවරං, කතචීවරො බහිද‍්ධා නාමෙති කඨිනුද‍්ධරං; තස‍්ස තං කඨිනුද‍්ධාරො සීමාතික‍්කන‍්තිකො භවෙ.

“පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ යයි. පිටත දී සිවුර කරවයි. කළ සිවුරු ඇත්තේ කඨිනුද්ධාරය තෙක් බැහැර කල් ගෙවයි. ඔහුගේ ඒ කඨිනුද්ධාරය සීමාතික්කන්තික නම් වන්නේ ය.

ආදාය යාති පච‍්චෙස‍්සං බහි කාරෙති චීවරං, කතචීවරො පච‍්චෙස‍්සං සම‍්භොති කඨිනුද‍්ධරං; තස‍්ස තං කඨිනුද‍්ධාරො සහ භික‍්ඛූහි ජායති.

“පෙරළා එන්නෙමි” යි සිවුර ගෙණ යයි. පිටත දි සිවුර කරවයි. කළ සිවුරු ඇත්තේ “පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඔහුගේ ඒ කඨිනුද්ධාරය භික්‍ෂූන් සමග හට ගණියි.

ආදාය ච සමාදාය සත‍්ත-සත‍්ත විධා ගති, පක‍්කමනන‍්තිකා නත්‍ථි ඡක‍්කෙ විප‍්පකතා ගති.

ආදායසත්තක ය, සමාදායසත්තක ය යි කඨිනුද්ධාර ක්‍රමය සත සත දෙකක් වේ. ෂට්කවාර දෙකෙහි පක්කමනන්තිකකඨිනුද්ධාරය නැත්තේ ය. විප්පකතය (අඩාළ සිවුර) එහි ගතිය (යෙදෙන ක්‍රමය) වේ.

ආදාය නිස‍්සීමගතං කාරෙස‍්සං ඉති ජායති, නිට‍්ඨානං සන‍්නිට‍්ඨානඤ‍්ච නාසනඤ‍්ච ඉමෙ තයො.

“සිවුර ගෙණ ගොස් බැහැර සීමාවකදී කරමි යි” මෙසේ නිට්ඨානන්තික, සන්නිට්ඨානන්තික, නාසනන්තික ය යි කඨිනුද්ධාර තුණක් උපදි.

ආදාය න පච‍්චෙස‍්සන‍්ති බහි සීමෙ කරොමිති, නිට‍්ඨානං සන‍්නිට‍්ඨානම‍්පි නාසනම‍්පි ඉමෙ තයො; අනධිට‍්ඨිතෙන නෙවස‍්ස හෙට‍්ඨා තීණි නයා විධි.

සිවුර ගෙණ “වස් විසූ වෙහෙරට නැවැත නො යන්නෙමි. බැහැර සීමාවෙක සිවුර කරන්නෙමි” යි. මෙයින් ද, නිට්ඨානන්තික, සන්නිට්ඨානන්තික, නාසනන්තික යන තුන් විධිය දක්වන ලදී. යට දැක්වූ මේ තුණ “එන්නෙමි හෝ නො එන්නෙමි” යි නො ඉටීම හා යෙදීමෙන් ද කඨිනුද්ධාර විධි තුණක් වේ.

ආදාය යාති පච‍්චෙස‍්සං බහි සීමෙ කරොමිති, න පච‍්චෙස‍්සන‍්ති කාරෙති නිට‍්ඨානෙ කඨිනුද‍්ධරො.

අඩාළ සිවුර ගෙණ “බැහැර සීමාවෙහි කරමි. පෙරළා එන්නෙමි” යි යේ ද “නැවැත නො එන්නෙමි” යි එහි දී සිවුර කෙරේ ද, මෙසේ නිට්ඨානන්තික කඨිනුද්ධාරය වේ.

සන‍්නිට‍්ඨානං නාසනඤ‍්ච සවණං සීමාතික‍්කමො, සහ භික‍්ඛූහි ජායෙථ එවං පණ‍්ණරසා ගති.

සන්නිට්ඨානන්තිකය, නාසනන්තිකය, සවණන්තිකය, සීමාතික්කන්තිකය, භික්‍ෂූන් සමග වන සඋබ්භාරය දැ යි මෙසේ (යට කී තික තුණ සමග) කඨිනුද්ධාර පසළොසෙක් වේ.

සමාදාය විප‍්පකතා සමාදාය පුනා තථා, ඉමෙතෙ චතුරො වාරා සබ‍්බෙ පණ‍්ණරසා විධි.

සමාදායපණ්ණරසක ය, නැවැත විප්පකතචීවරයාගේ එසේ ම ආදාය සමාදායපණ්ණරසක දෙකෙක, යන මේ සතර වාරයෝ ම පසළොස් විධි ඇත්තෝ ය.

අනාසාය ච ආසාය කරණීයො ච තෙ තයො, නයතො තං විජානෙය්‍ය තයො ද‍්වාදස ද‍්වාදස.

අනාසාය, ආසාය, කරණීය යන ඒ තුණෙහි, ආසාද්වාදසක, අනාසාද්වාදසක, කරණීයද්වාදසක යි ක්‍රම විසින් ද්වාදසක තුණ තුණ දන්නේ ය.

අපචිනා නව චෙත්‍ථ ඵාසු පඤ‍්චවිධා තහිං, පළිබොධා අපළිබොධා උද‍්දානං නයතො කතන‍්ති.

මෙහි අපචිනයෝ නවයකි. එහි ඵාසුවිහාරයෝ පස් වැදෑරුම් ය. පළිබෝධ අපළිබෝධයෝ ද වෙති. මෙසේ නය වසයෙන් උද්දානය කරණ ලදී.