යෙදුමෙන් කියවන්න

භෙසජ‍්ජක‍්ඛන්‍ධකං

6.

6.

භෙසජ‍්ජක‍්ඛන්‍ධකං

භේසජ්ජක්ඛන්‍ධකය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික‍්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට‍්ඨානං යාගුපි පීතා උග‍්ගච‍්ඡති. භත‍්තම‍්පි භුත‍්තං උග‍්ගච‍්ඡති. තෙ තෙන කිසා හොන‍්ති ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා. අද‍්දසා ඛො භගවා තෙ භික‍්ඛූ කිසෙ ලූඛෙ දුබ‍්බණ‍්ණෙ උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතෙ ධමනිසන්‍ථතගත‍්තෙ. දිස‍්වාන ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “කින‍්නුඛො ආනන්‍ද එතරහි භික‍්ඛූ කිසා ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා, ධමනිසන්‍ථතගත‍්තා?”ති.

1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ශරත්කාලයෙහි හටගත් පිත්තරෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද (නො දිරීමෙන්) නැගෙයි. අනුභව කළ බත් ද (නො දිරීමෙන්) නැගෙයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ වෑරුණු රළු සිරුරු ඇති දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුර ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක “ආනන්‍දය, දැන් භික්‍ෂූහු කුමක් හෙයින් වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳතෙරුන් ඇමතූ සේක.

2. “එතරහි භන‍්තෙ භික‍්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට‍්ඨානං යාගුපි පීතා උග‍්ගච‍්ඡති. භත‍්තම‍්පි භුත‍්තං උග‍්ගච‍්ඡති. තෙ තෙන කිසා හොන‍්ති ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා, ධමනිසන්‍ථතගත‍්තා”ති.

2. “ස්වාමීනි, දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණාහු ය. රළු වූ සිරුරු ඇත්තෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.”

3. අථ ඛො භගවතො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “එතරහි ඛො භික‍්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට‍්ඨානං යාගුපි පීතා උග‍්ගච‍්ඡති. භත‍්තම‍්පි භුත‍්තං උග‍්ගච‍්ඡති. තෙ තෙන කිසා ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා. කින‍්නු ඛො අහං භික‍්ඛූනං භෙසජ‍්ජං අනුජානෙය්‍යං, යං භෙසජ‍්ජඤ‍්චෙව අස‍්ස භෙසජ‍්ජසම‍්මතඤ‍්ච ලොකස‍්ස. ආහාරත්‍ථඤ‍්ච ඵරෙය්‍ය. න ච ඔළාරිකො ආහාරො පඤ‍්ඤායෙය්‍යා”ති.

3. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි “දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. එහෙයින් යමක් බෙහෙත් වන්නේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සපයන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, එබඳු වූ බෙහෙදක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ”යි අදහසෙක් පහළ වූයේ ය.

4. අථ ඛො භගවතො එතදහොසි: “ඉමානි ඛො පඤ‍්ච භෙසජ‍්ජානි. සෙය්‍යථිදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං භෙසජ‍්ජානි චෙව භෙසජ‍්ජසම‍්මතානි ච ලොකස‍්ස. ආහාරත්‍ථඤ‍්ච ඵරන‍්ති. න ච ඔළාරිකො ආහාරො පඤ‍්ඤායති. යන‍්නූනාහං භික‍්ඛූනං ඉමානි පඤ‍්ච භෙසජ‍්ජානි අනුජානෙය්‍යං කාලෙ පටිග‍්ගහෙත්‍වා කාලෙ පරිභුඤ‍්ජිතු”න‍්ති.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ අහර කිසත් සිදු කෙරෙත්. දළආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වැළඳීමට අනුදන්නෙම් නම්, යෙහෙකැ” සි මේ සිත් වි ය.

5. අථ ඛො භගවා සායණ‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “ඉධ මය‍්හං. භික‍්ඛවෙ, රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: ‘එතරහි ඛො භික‍්ඛූනං සාරදිකෙන ආබාධෙන ඵුට‍්ඨානං යාගුපි පීතා උග‍්ගච‍්ඡති. භත‍්තම‍්පි භුත‍්තං උග‍්ගච‍්ඡති. තෙ තෙන කිසා ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා. කින‍්නු ඛො අහං භික‍්ඛූනං භෙසජ‍්ජං අනුජානෙය්‍යං යං ඛො භෙසජ‍්ජං චෙව අස‍්ස, භෙසජ‍්ජසම‍්මතඤ‍්ච ලොකස‍්ස. ආහාරත්‍ථඤ‍්ච ඵරෙය්‍ය. න ච ඔළාරිකො ආහාරො පඤ‍්ඤායෙය්‍යා”ති.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටි සේක් මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, මෙහි රහෝගත ව විවේකයට පැමිණ හුන් මාගේ සිතෙහි ‘දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බීපු කැඳ ද උඩට එයි. වැළඳූ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූවෝ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. (එහෙයින්) යමක් බෙහෙත් වේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සිදු කරන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, (එබඳු වූ) බෙහෙතක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ’ යි අදහසෙක් උපන.

6. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: “ඉමානි ඛො පඤ‍්ච භෙසජ‍්ජානි. සෙය්‍යථිදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං භෙසජ‍්ජානි චෙව භෙසජ‍්ජසම‍්මතානි ච ලොකස‍්ස. ආහාරත්‍ථඤ‍්ච ඵරන‍්ති. න ච ඔළාරිකො ආහාරො පඤ‍්ඤායති. යන‍්නූනාහං භික‍්ඛූනං ඉමානි පඤ‍්ච භෙසජ‍්ජානි අනුජානෙය්‍යං කාලෙ පටිග‍්ගහෙත්‍වා කාලෙ පරිභුඤ‍්ජිතු”න‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ, තානි පඤ‍්ච භෙසජ‍්ජානි කාලෙ පටිග‍්ගහෙත්‍වා කාලෙ පරිභුඤ‍්ජිතු”න‍්ති.

6. “මහණෙනි, ඒ මට – ‘මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ. අහර කිසත් සිදු කෙරෙත්. දළ ආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදන්නෙම් නම්, යෙහෙකැ’යි මේ සිත් වි ය. මහණෙනි, ඒ බෙහෙත් පස සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදනිමි” යි.

7. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ තානි පඤ‍්ච භෙසජ‍්ජානි කාලෙ පටිග‍්ගහෙත්‍වා කාලෙ පරිභුඤ‍්ජන‍්ති. තෙසං යානිපි තානි පාකතිකානි ලූඛානි භොජනානි, තානිපි නච‍්ඡාදෙන‍්ති. පගෙව සෙනෙසිතානි. තෙ තෙන චෙව සාරදිකෙන ආබාධෙන ඵුට‍්ඨා ඉමිනා ච භත‍්තච‍්ඡාදකෙන තදුභයෙන භියොසොමත‍්තාය කිසා හොන‍්ති ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා.

7. එකල්හි භික්‍ෂූහු ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි පරිභෝග කෙරෙත්. ඒ භික්‍ෂූන්හට යම් ඒ ස්වාභාවික වූ රළුආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ රුචි නොවෙත් යනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.

8. අද‍්දසා ඛො භගවා තෙ භික‍්ඛූ භිය්‍යොසොමත‍්තාය කිසෙ ලූඛෙ දුබ‍්බණ‍්ණෙ උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතෙ ධමනිසන්‍ථතගත‍්තෙ, දිස‍්වාන ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “කින‍්නු ඛො, ආනන්‍ද, එතරහි භික‍්ඛූ භිය්‍යොසොමත‍්තාය කිසා ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා?”ති.

8. භාග්‍යවතුන් වහන්සේ ඉතා තදින් වෑරුණු රළු වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක, “ආනන්‍දය, කුමක් නිසා දැන් භික්‍ෂූහු ඉතා තදින් වෑරණාහු ද? රළු වූවාහු ද? දුර්වර්‍ණ වූවාහු ද? ඉතා පඬුවන් වූවාහු ද? නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳ තෙරුන් ඇමතූ සේක.

9. “එතරහි, භන‍්තෙ, භික‍්ඛූ තානි පඤ‍්ච භෙසජ‍්ජානි කාලෙ පටිග‍්ගහෙත්‍වා කාලෙ පරිභුඤ‍්ජන‍්ති. තෙසං යානිපි තානි පාකතිකානි ලූඛානි භොජනානි තානිපි නච‍්ඡාදෙන‍්ති. පගෙව සෙනෙසිකානි. තෙ තෙන චෙව සාරදිකෙන ආබාධෙන ඵුට‍්ඨා ඉමිනා ච භත‍්තාච‍්ඡාදකෙන තදුභයෙන භිය්‍යොසොමත‍්තාය කිසා ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා”ති.

9. “ස්වාමීනි, භික්‍ෂූහු දැන් ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳත්. ඔවුන්ට යම් ඒ ස්වාභාවික වූ රළු ආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ කියනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණාහු ය. රළු වූවාහුය. දුර්වර්‍ණ වූවාහු පඬුවන් වූවාහු ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු ය” යි.

10. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, තානි පඤ‍්ච භෙසජ‍්ජානි පටිග‍්ගහෙත්‍වා කාලෙපි විකාලෙපි පරිභුඤ‍්ජිතු”න‍්ති.

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, ඒ පස් බෙහෙත් පිළිගෙණ පෙරවරු කාලයෙහි ද පස්වරුකාලයෙහි ද වළඳන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.

11. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං වසෙහි භෙසජ‍්ජෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, වසානි භෙසජ‍්ජානි: අච‍්ඡවසං මච‍්ඡවසං, සුසුකාවසං සූකරවසං ගද්‍රභවසං කාලෙ පටිග‍්ගහිතං කාලෙ නිප‍්පක‍්කං කාලෙ සංසත‍්තං තෙලපරිභොගෙන පරිභුඤ‍්ජිතුං. විකාලෙ චෙ භික‍්ඛවෙ, පටිග‍්ගහිතං විකාලෙ නිප‍්පක‍්කං විකාලෙ සංසත‍්තං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති තිණ‍්ණං දුක‍්කටානං. කාලෙ චෙ භික‍්ඛවෙ, පටිග‍්ගහිතං විකාලෙ නිප‍්පක‍්කං විකාලෙ සංසත‍්තං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං. කාලෙ චෙ භික‍්ඛවෙ, පටිග‍්ගහිතං කාලෙ නිප‍්පක‍්කං විකාලෙ සංසත‍්තං, තං චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. කාලෙ චෙ භික‍්ඛවෙ, පටිග‍්ගහිතං කාලෙ නිප‍්පක‍්කං කාලෙ සංසත‍්තං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, අනාපත‍්තී”ති.

11. එකල්හි ගිලන් භික්‍ෂූන්ට වුරුණුතෙල්බෙහෙදින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. “මහණෙනි, වුරුණුතෙල් බෙහෙත්: වලස්තෙල් මත්ස්‍ය තෙල් කිඹුල්තෙල් ඌරුතෙල් කොටළුතෙල් යන තෙල් පෙරවරු කාලයෙහි පිළිගන්නා ලදු ව පෙරවරු කාලයෙහි පැසවන (කකාරණ) ලදු ව පෙරවරු කාලයෙහි (අන්‍යද්‍රව්‍යයන් හා කලතා) පෙරණ ලදු ව තෙල පරිභෝගයෙන් වළඳන්නට අනුදනිමි. මහණෙනි, පස්වරු කාලයෙහි පිළිගන්නා ලද, පස්වරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැත් තුණක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පස්වරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පෙරවරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැතෙක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පෙරවරු කාලයෙහි පැසවූ, පෙරවරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, ඇවැත් නො වේ” යි.

12. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං මූලෙහි භෙසජ‍්ජෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, මූලානි භෙසජ‍්ජානි: හලිද‍්දිං, සිඞ‍්ගිවෙරං වචං වචත්‍ථං අතිවිසං කටුකරොහිණිං උසීරං, භද‍්දමුත‍්තකං. යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි මූලානි භෙසජ‍්ජානි, නෙව ඛාදනීයෙ ඛාදනීයත්‍ථං ඵරන‍්ති, න භොජනීයෙ භොජනීයත්‍ථං ඵරන‍්ති, තානි පටිග‍්ගහෙත්‍වා යාවජීවං පරිහරිතුං, සති පච‍්චයෙ පරිභුඤ‍්ජිතුං. අසති පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

12. එකල්හි ගිලන්මහණුන්ට මුල්බෙහෙදින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. මහණෙනි, කහ ඉඟුරු වදකහ හෙළවදකහ අතිවිඩයන් කුළුරෑණ සුවඳහොට වම්මුතු යන මුල් බෙහෙත් ද, යම් අනෙක් මුල් බෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, බුදිය යුතු දැයෙහි ලා බුදීමේ ප්‍රයෝජනය නො සපයයි ද, (ඛාද්‍ය භෝජ්‍ය වශයෙන් නො ගැණෙන) එබඳු මුල් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද උපන් පසෙහි (හේතුවක් ඇති කල්හි) වළඳන්නට ද අනුදනිමි. නූපන් පසෙහි වළඳන්නහුට දුකුළාඇවැත් වේ යි.

13. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං මූලෙහි භෙසජ‍්ජෙහි පිට‍්ඨෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, නිසදං නිසදපොතක”න‍්ති.

13. එකල්හි ගිලන්මහණුන්ට බෙහෙත්මුල්පිටිවලින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දාගල (ඇඹරුම්ගල) ද දරුගල ද අනුදනිමි” යි.

14. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං කසාවෙහි භෙසජ‍්ජෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, කසාවානි භෙසජ‍්ජානි: නිම‍්බකසාවං කුටජකසාවං පටොලකසාවං සිග‍්ගවකසාවං නත‍්තමාලකසාවං. යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි කසාවානි භෙසජ‍්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්‍ථං ඵරන‍්ති, න භොජනීයෙ භොජනීයත්‍ථං ඵරන‍්ති තානි – පටිග‍්ගහෙත්‍වා යාවජීවං පරිහරිතුං, සති පච‍්චයෙ පරිභුඤ‍්ජිතුං. අසති පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්සා’ති.

14. එකල්හි ගිලන්මහණුන්ට කසටබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කොහොඹකසට කෙළිඳකසට දුම්මෑල්ලකසට හඟුලුකසට කරඳකසට යන කසට බෙහෙත් ද, යම් අනෙක් කසටබෙහෙත් කෑ යුතු දැයෙහි ලා කෑමේ ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කට යුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු කසටබෙහෙත් පිළිගෙණ දිවි තෙක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.

15. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං පණ‍්ණෙහි භෙසජ‍්ජෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, පණ‍්ණානි භෙසජ‍්ජානි: නිම‍්බපණ‍්ණං කුටජපණ‍්ණං පටොලපණ‍්ණං සුලසිපණ‍්ණං කප‍්පාසපණ‍්ණං. යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි පණ‍්ණානි භෙසජ‍්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්‍ථං ඵරන‍්ති, න භොජනීයෙ භොජනීයත්‍ථං ඵරන‍්ති, තානි පටිග‍්ගහෙත්‍වා යාවජීවං පරිහරිතුං, සති පච‍්චයෙ පරිභුඤ‍්ජිතුං. අසති පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

15. එකල්හි ගිලන්මහණුන්ට කොළබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කොසඹකොළ කෙළිඳකොළ දුම්මෑල්ලකොළ තලාකොළ කපුකොළ යන කොළ බෙහෙත් ද යම් අනෙක් කොළබෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු කොළබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.

16. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං ඵලෙහි භෙසජ‍්ජෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ඵලානි භෙසජ‍්ජානි: විළඞ‍්ගං පිප‍්ඵලිං මරිචං හරීටකං විභීටකං ආමලකං ගොට‍්ඨඵලං, යානි වා පනඤ‍්ඤානි පි අත්‍ථි ඵලානි භෙසජ‍්ජානි, නෙව ඛාදනීයෙ ඛාදනීයත්‍ථං ඵරන‍්ති, න භොජනීයෙ භොජනීයත්‍ථං ඵරන‍්ති, තානි පටිග‍්ගහෙත්‍වා යාවජීවං පරිහරිතුං. සති පච‍්චයෙ පරිභුඤ‍්ජිතුං. අසති පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

16. එකල්හි ගිලන්මහණුන්ට පලබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වළඟසාල් තිප්පිලි ගම්මිරිස් අරළු බුළු නෙල්ලි ගොටුපල (කුකුළු පක් = කුකුරුමුවන්) යන පලබෙහෙත් ද, යම් අනෙක් පලබෙහෙත් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කට යුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු පලබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වළඳන්නට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.

17. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං ජතූහි භෙසජ‍්ජෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ජතූනි භෙසජ‍්ජානි: හිංගු හිංගුජතු හිංගුසිපාටිකං තකං තකපත‍්තිං තකපණ‍්ණිං සජ‍්ජුලසං, යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි ජතූනි භෙසජ‍්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්‍ථං ඵරන‍්ති, න භොජනීයෙ භොජනීයත්‍ථං ඵරන‍්ති, තානි පටිග‍්ගහෙත්‍වා යාවජීවං පරිහරිතුං, සති පච‍්චයෙ පරිභුඤ‍්ජිතුං. අසති පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

17. එකල්හි ගිලන්මහණුන්ට මැලියම්බෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිඞ්ගු (= පෙරුම් කායම්) හිඞ්ගුදඬු තම්බා ගත් මැලියම්, හිඞ්ගුකොළ තම්බා ගත් මැලියම්, රුක් කරටියෙන් වැහෙන මැලියම්, රුක්හි කොළවලින් වැහෙන මැලියම්, රුක්හි මෙරූ කොළ තම්බා ගත් මැලියම්, දුම්මල යන මැලියම් බෙහෙත් ද, යම් අනෙක් මැලියම්බෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු මැලියම්බෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද, හේතුවක් ඇති කල්හි වළඳන්නට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.

18. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං ලොණෙහි භෙසජ‍්ජෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ලොණානි භෙසජ‍්ජානි: සාමුද‍්දං කාළලොණං, සින්‍ධවං උබ‍්භිදං බිළාලං, යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි ලොණානි භෙසජ‍්ජානි, නෙව ඛාදනීයෙ ඛාදනීයත්‍ථං ඵරන‍්ති, න භොජනීයෙ භොජනීයත්‍ථං ඵරන‍්ති, තානි පටිග‍්ගහෙත්‍වා යාවජීවං පරිහරිතුං. සති පච‍්චයෙ පරිභුඤ‍්ජිතුං. අසති පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

18. එකල්හි ගිලන්මහණුන්ට ලුණුබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මූදුලුණු, කළුලුණු, සින්‍ධුජනපදයෙහි උපන් ලුණු, සුවස ලුණු, බළල් ලුණු යන ලුණුමිශ්‍ර බෙහෙත් ද, යම් අනෙක් ලුණුබෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ඵලය නො සිදු කෙරේ ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ඵලය නො සිදු කෙරේ ද, එබඳු ලුණුබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද, හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.

19. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො ආනන්‍දස‍්ස උපජ‍්ඣායස‍්ස ආයස‍්මතො බෙලට‍්ඨසීසස‍්ස ථුල‍්ලකච‍්ඡාබාධො හොති. තස‍්ස ලසිකාය චීවරානි කායෙ ලග‍්ගන‍්ති. තානි භික‍්ඛූ උදකෙන තෙමෙත්‍වා තෙමෙත්‍වා අපකඩ‍්ඪන‍්ති.

19. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් බෙලට්ඨිසිස ස්ථවිරයන් වහන්සේට මහත් කැසීම් රෝගයෙක් වේ. සැරව ඕජසින් සිවුරු උන්වහන්සේගේ සිරුරෙහි ඇලෙයි. භික්‍ෂූහු ඒ සිවුරු දියෙන් තෙමතෙමා බැහැර කෙරෙත්.

20. අද‍්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තො තෙ භික‍්ඛූ තානි චීවරානි උදකෙන තෙමෙත්‍වා තෙමෙත්‍වා අපකඩ‍්ඪන‍්තෙ, දිස‍්වාන යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: “කිං ඉමස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො ආබාධො”ති? “ඉමස‍්ස භන‍්තෙ ආයස‍්මතො ථුල‍්ලකච‍්ඡාබාධො. ලසිකාය චීවරානි කායෙ ලග‍්ගන‍්ති. තානි මයං උදකෙන තෙමෙත්‍වා තෙමෙත්‍වා අපකඩ‍්ඪාමා”ති .

20. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙතට වැඩි සේක. වැඩ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි ඇසූහ. “ස්වාමීනි, මේ ආයුෂ්මතුන්ට ථුල්ලකච්ඡාබාධය වේ. සැරව ඕජසින් සිවුරු සිරුරෙහි ඇලෙයි. අපි ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරමු” යි.

21. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, යස‍්ස කණ‍්ඩු වා පිළකා වා අස‍්සාවො වා ථුල‍්ලකච‍්ඡු වා ආබාධො, කායො වා දුග‍්ගන්‍ධො, චුණ‍්ණානි භෙසජ‍්ජානි. අගිලානස‍්ස ඡකණං මත‍්තිකං රජනනිප‍්පක‍්කං. අනුජානාමි භික‍්ඛවෙ, උදුක‍්ඛලමුසල”න‍්ති.

21. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් මහණකුහට කැසීමෙක් හෝ පොළක් හෝ ඕජස් ගැලීමෙක් හෝ දැඩි කැසීම් ආබාධයෙක් හෝ වේ ද, කය හෝ දුගඳ වේ ද, (ඔහුට) සුණු බෙහෙත් අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක. නො ගිලන්මහණහුට ගොමබෙටි, මැටි, රජනකසට අනුදනිමි. මහණෙනි, වංගෙඩිය හා මොහොල අනුදනිමි” යි.

22. තෙන ඛො පන සමයෙන ගිලානානං භික‍්ඛූනං චුණ‍්ණෙහි භෙසජ‍්ජෙහි චාලිතෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, චුණ‍්ණචාලිනි”න‍්ති. සණ‍්හෙහි අත්‍ථො හොති. “අනුජානාමි භික‍්ඛවෙ, දුස‍්සචාලිනි”න‍්ති.

22. එකල්හි ගිලන්මහණුන්ට සලන ලද බෙහෙත්සුණුවෙන් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සුණු සලන පෙරහනක් අනුදනිමි”යි. සියුම් සුණුවෙන් ප්‍රයෝජන වේ. “මහණෙනි, රෙදිපෙරහනක් අනුදනිමි” යි.

23. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො අමනුස‍්සිකාබාධො හොති. තං ආචරියුපජ‍්ඣායා උපට‍්ඨහන‍්තා නාසක‍්ඛිංසු අරොගං කාතුං. සො සූකරසූනං ගන‍්ත්‍වා ආමකමංසඤ‍්ච ඛාදි. ආමකලොහිතඤ‍්ච පිවි. තස‍්ස සො අමනුස‍්සිකාබාධො පටිප‍්පස‍්සම‍්භි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අමනුස‍්සිකාබාධෙ ආමකමංසං ආමකලොහිත”න‍්ති.

23. එකල්හි එක්තරා මහණකුට අමනුෂ්‍යාබාධයෙක් වේ. ආචාර්‍ය්‍යඋපාධ්‍යායයෝ ඔහුට උවැටන් කරන්නෝ නීරෝග කරන්නට නො හැකි වූහ. ඒ මහණ තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමුමස් කෑසේ ය. අමුලේ ද බීයේ ය. (ආවිෂ්ට වූ අමනුෂ්‍යයා මස් ලේ කා බී ගියේ ය යි යූ සේ යි.) ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයෙහි අමුමස් අමුලේ අනුදනිමි” යි.

24. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො චක‍්ඛුරොගාබාධො හොති. තං භික‍්ඛූ පරිග‍්ගහෙත්‍වා උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි නික‍්ඛාමෙන‍්ති.

24. එකල්හි එක්තරා මහණකුහට ඇස්ලෙඩක් වේ. භික්‍ෂූහු ඔහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවත්.

25. අද‍්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තො තෙ භික‍්ඛූ තං භික‍්ඛුං පරිග‍්ගහෙත්‍වා උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි නික‍්ඛාමෙන‍්තෙ. දිස‍්වාන යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: “කිං ඉමස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො ආබාධො”ති. “ඉමස‍්ස භන‍්තෙ, ආයස‍්මතො චක‍්ඛුරොගාබාධො. ඉමං මයං පරිග‍්ගහෙත්‍වා උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි නික‍්ඛාමෙමා”ති.

25. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙත එළඹි සේක. එළඹ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි පිළිවිසූහ. “ස්වාමීනි, මේ මහණහුට ඇස්ලෙඩකි. අපි මේ මහණහු අල්වා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවමු” යි.

26. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, අඤ‍්ජනං: කාළඤ‍්ජනං රසඤ‍්ජනං සොතඤ‍්ජනං ගෙරුකං කපල‍්ලක”න‍්ති. අඤ‍්ජනූපපිංසනෙහි අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, චන්‍දනං තගරං කාළානුසාරියං තාලීසං භද‍්දමුත‍්තක”න‍්ති.

26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, කළුඅඳුන්, රසඳුන්, ගං හෝ ආදියෙහි උපදින අඳුන්, ලොහෝඅඳුන්, සුවන්ගුරුඅඳුන්, පහන්සිළුදැලිඅඳුන් යන අඳුන් අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක. අඳුන් පිණිස ගල ගා ගත් බෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඳුන්, තුවරලා, කළුඅගිල්, තලිස්, වම්මුතු අනුදනිමි” යි.

27. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ පිට‍්ඨානි අඤ‍්ජනානි ථාලකෙසුපි සරාවකෙසුපි නික‍්ඛිපන‍්ති. තිණචුණ‍්ණෙහිපි පංසුකෙහිපි ඔකිරීයන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අඤ‍්ජනි”න‍්ති.

27. එකල්හි භික්‍ෂූහු පිටිඅඳුන් තලු තැටියෙහි ද මලාවෙහි ද බහත්. තණසුන්නෙන් ද පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කුලාවක් (නළයක්) අනුදනිමි” යි.

28. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචා අඤ‍්ජනියො ධාරෙන‍්ති: සොවණ‍්ණමයං රූපීයමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, උච‍්චාවචා අඤ‍්ජනියො ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, අට‍්ඨිමයං දන‍්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට‍්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ‍්ඛනාභිමය”න‍්ති.

28. එකල්හි සවගමහණෝ රනින් කළ රිදියෙන් කළ උස් පහත් අගය ඇති අඳුන්කුලා දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කුලා නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ, දතින් කළ, අඟින් කළ, බටදඬුවෙන් කළ, උණදඬුවෙන් කළ, ලීයෙන් කළ, ලාකඩින් කළ, පැසුනුඵලයෙන් කළ, ලෝහයෙන් කළ, සක්නැබින් කළ අඳුන්කුලා අනුදනිමි” යි.

29. තෙන ඛො පන සමයෙන අඤ‍්ජනියො අපාරුතා හොන‍්ති, තිණචුණ‍්ණෙහිපි පංසුකෙහිපි ඔකිරීයන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අපිධාන”න‍්ති. අපිධානං පතති. “අනුජානාමි භික‍්ඛවෙ, සුත‍්තකෙන බන්‍ධිත්‍වා අඤ‍්ජනියා බන්‍ධිතු”න‍්ති. අඤ‍්ජනී ඵලති. “අනුජානාමි භික‍්ඛවෙ, සුත‍්තකෙන සිබ‍්බෙතු”න‍්ති.

29. එකල්හි අඳුන්කුලාවෝ නො වසන ලද්දාහු වෙත්. තණසුන්නෙන් හා පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි” යි. පියන වැටේ. “මහණෙනි, හුයකින් පියන බැඳ අඳුන්කුලාවෙහි බඳින්නට අනුදනිමි” යි. කුලාව පැළෙයි. “මහණෙනි, හුයෙන් විදිනට අනුදනිමි” යි.

30. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අඞ‍්ගුලියා අඤ‍්ජන‍්ති. අක‍්ඛීනි දුක‍්ඛානි හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අඤ‍්ජනිසලාක”න‍්ති.

30. එකල්හි භික්‍ෂූහු ඇඟිල්ලෙන් අඳුන් ගාති. ඇස් පෙළෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු (අඳුන්ලහ) අනුදනිමි” යි.

31. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචා අඤ‍්ජනිසලාකායො ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපිමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, උච‍්චාවචා අඤ‍්ජනිසලාකා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. “අනුජානාමි භික‍්ඛවෙ, අට‍්ඨිමයං -පෙ- සඞ‍්ඛනාභිමය”න‍්ති.

31. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් අඳුන්කූරු දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කූරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ අඳුන්කූරු අනුදනිමි” යි.

32. තෙන ඛො පන සමයෙන අඤ‍්ජනිසලාකා භූමියං පතිතා ඵරුසා හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සලාකොධානිය”න‍්ති.

32. එකල්හි අඳුන්කූරු බිම වැටුනේ රළු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු ලන කොපුවක් අනුදනිමි”යි.

33. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අඤ‍්ජනිම‍්පි අඤ‍්ජනිසලාකම‍්පි හත්‍ථෙන පරිහරන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අඤ‍්ජනිත්‍ථවික”න‍්ති. අංසවට‍්ටකො න හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අංසවට‍්ටකං බන්‍ධනසුත‍්ත”න‍්ති.

33. එකල්හි භික්‍ෂූහු අඳුන්කුලා ද අඳුන්කූරු ද අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන් පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් (උරහිස ලන පටියක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අස්වටක් බඳිනහුයක් අනුදනිමි” යි.

34. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස සීසාභිතාපො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, මුද‍්ධනි තෙලක”න‍්ති. නක‍්ඛමණීයො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, නත්‍ථුංකම‍්මන‍්ති. නත්‍ථුං ගලති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, නත්‍ථුංකරණි”න‍්ති.

34. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට හිසරුදාවක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිසෙහි තෙල් ගෑම අනුදනිමි” යි. ඉවසිය හැක්කේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍ය කිරීම අනුදනිමි” යි. නස්‍යය වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍යකරණියක් = නැහැඔරුවක් අනුදනිමි” යි.

35. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචා නත්‍ථුංකරණියො ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපිමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, උච‍්චාවචා නත්‍ථුංකරණී ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, අට‍්ඨිමයං -පෙ- සඞ‍්ඛනාභිමය”න‍්ති. නත්‍ථුං විසමං ආසිඤ‍්චීන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, යමකං නත්‍ථුකරණි”න‍්ති. නක‍්ඛමනියො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ධූමං පාතු”න‍්ති. තඤ‍්ඤෙව වට‍්ටිං ආලිම‍්පෙත්‍වා පිවන‍්ති. කණ‍්ඨො ඩහති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ධූමනෙත‍්ත”න‍්ති.

35. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් නස්‍යකරණීන් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් නස්‍යකරණී නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ නස්‍යකරණී අනුදනිමි” යි. නස්‍යය විෂම ව වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමක (සමදෙණි දෙකකින් යුත්) නස්‍යකරණියක් අනුදනිමි” යි. නො ඉවසිය හැකි වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම් බීම අනුදනිමි” යි. ඒ දුන්වැටිය ම දල්වා බොත්. උගුර දැවේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝවක් (=නළයක්) අනුදනිමි” යි.

36. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචානි ධූමනෙත‍්තානි, ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපීමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති. ඛීයන‍්ති, විපාචෙන‍්ති: සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. “න භික‍්ඛවෙ, උච‍්චාවචානි ධූමනෙත‍්තානි ධාරෙතබ‍්බානි. යො ධාරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. “අනුජානාමි භික‍්ඛවෙ, අට‍්ඨිමයං -පෙ- සඞ‍්ඛනාභිමය”න‍්ති.

36. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ වටිනා කමින් වැඩි අඩු දුම්කෝව දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් දුම්කෝව නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ දුම්කෝව අනුදනිමි” යි.

37. තෙන ඛො පන සමයෙන ධූමනෙත‍්තානි අපාරුතානි හොන‍්ති. පාණකා පවිසන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අපිධාන”න‍්ති.

37. එකල්හි දුම්කෝව නො වැසුනේ වේ. සත්තු වදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි”යි.

38. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ධූමනෙත‍්තානි හත්‍ථෙන පරිහරන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ධූමනෙත‍්තත්‍ථවික”න‍්ති. එකතො ඝංසීයන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, යමකත්‍ථවික”න‍්ති. අංසවට‍්ටකො න හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අංසවට‍්ටකං බන්‍ධනසුත‍්ත”න‍්ති.

38. එකල්හි භික්‍ෂූහු දුම්කෝව අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝව ලන පසුම්බියක් අනුදනිමි” යි. එකට හැපෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බියලි (කොපු) දෙකක් ඇති පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අංසවට්ටකයක් බඳිනාහුයක් අනුදනිමි” යි.

39. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස වාතාබාධො හොති. වෙජ‍්ජා එවමාහංසු: “තෙලං පචිතබ‍්බ”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, තෙලපාක”න‍්ති. තස‍්මිං ඛො පන තෙලපාකෙ මජ‍්ජං පක‍්ඛිපිතබ‍්බං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, තෙලපාකෙ මජ‍්ජං පක‍්ඛිපිතු”න‍්ති.

39. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට වාතාබාධයෙක් වේ. වෙද්දු “තෙලක් පිසිය යුතු ය” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත්තෙල් පිසීම අනුදනිමි” යි. ඒ තෙල් පිසීමෙහි මද්‍යය බැහිය යුත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත් පිණිස පිසන තෙලෙහි මද්‍යය බැහීම අනුදනිමි” යි.

40. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අතිපක‍්ඛිත‍්තමජ‍්ජානි තෙලානි පචන‍්ති. තානි පිවිත්‍වා මජ‍්ජන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, අතිපක‍්ඛිත‍්තමජ‍්ජං තෙලං පාතබ‍්බං. යො පිවෙය්‍ය, යථා ධම‍්මො කාරෙතබ‍්බො. අනුජානාමි භික‍්ඛවෙ, යස‍්මිං තෙලපාකෙ මජ‍්ජස‍්ස න ච වණ‍්ණො න ච ගන්‍ධො න ච රසො පඤ‍්ඤායති, එවරූපං මජ‍්ජපක‍්ඛිත‍්තං තෙලං පාතු”න‍්ති.

40. එකල්හි සවගමහණෝ වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් පිසත්. ඒ තෙල් පානය කොට මත් වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් නො පිය යුතු ය. යමෙක් බොන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය. මහණෙනි, යම් තෙල් පිසීමෙක මද්‍යායෙහි පැහැය නො පෙණේ ද, ගඳ නො පෙණේ ද, රසය නො පෙණේ ද, එබඳු වූ මද්‍යාය බැහූ තෙල් බීම අනුදනිමි” යි.

41. තෙන ඛො පන සමයෙන භික‍්ඛූනං බහුං අතිපක‍්ඛිත‍්තමජ‍්ජං තෙලං පක‍්කං හොති. අථ ඛො භික‍්ඛූනං එතදහොසි: “කථන‍්නු ඛො අතිපක‍්ඛිත‍්තමජ‍්ජෙ තෙලෙ පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අබ‍්භඤ‍්ජනං අධිට‍්ඨාතු”න‍්ති.

41. එකල්හි භික්‍ෂූන්ට මද්‍යය වැඩියක් බැහූ බොහෝ තෙල් පිසන ලද්දේ වේ. එකල්හි භික්‍ෂූන්ට “ඉතා වැඩියක් මද්‍යය බැහූ තෙලෙහි කෙසේ පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇඟ ගල්වන තෙලක් කොට ඉටීමට අනුදනිමි”යි.

42. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස බහුතරං තෙලං පක‍්කං හොති, තෙලභාජනං න විජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, තීණි තුම‍්බානි: ලොහතුම‍්බං කට‍්ඨතුම‍්බං ඵලතුම‍්බ”න‍්ති.

42. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට බොහෝ තෙල් පිසන ලද්දේ වේ. තෙල්බඳුනෙක් නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලොහොසැළිය, ලීසැළිය, මේරූ පලයෙන් කළ සැළිය යන සැළි තුණක් අනුදනිමි” යි.

43. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස අඞ‍්ගවාතො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සෙදකම‍්ම”න‍්ති. නක‍්ඛමනියො හොති. -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සම‍්භාරසෙද”න‍්ති. නක‍්ඛමනියො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, මහාසෙද”න‍්ති. නක‍්ඛමනියො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, භඞ‍්ගොදක”න‍්ති. නක‍්ඛමනියො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, උදකකොට‍්ඨක”න‍්ති.

43. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට අඞ්ගවාතයෙක් (=ඇඟරුදාවෙක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්වේදය (ඩහ ගැන්වීම) අනුදනිමි” යි. නො ඉවසිය හැක්කේ වේ. –පෙ– “මහණෙනි, කොළ වර්‍ග වලින් ස්වේද ගැන්වීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, මහාස්වේද ගැන්වීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, (ස්වේද ගැන්වීමට) කොළ තැම්බූ දිය අනුදනිමි” යි. පහසු නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (ස්වේද ගැන්වීමට) දියකොටුවක් අනුදනිමි” යි.

44. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස පබ‍්බවාතො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ලොහිතං මොචෙතු”න‍්ති. නක‍්ඛමනීයො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, ලොහිතං මොචෙත්‍වා විසාණෙන ගහෙතු”න‍්ති.

44. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට පුරුක්වාතයෙක් (=හන්දිරුදාවක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලේ ඇරීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, ලේ මුදා අඟකින් ගන්නට අනුදනිමි” යි.

45. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස පාදා ඵලිතා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, පාදබ‍්භඤ‍්ජන”න‍්ති. නක‍්ඛමනීයො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, පජ‍්ජං අභිසඞ‍්ඛරිතු”න‍්ති.

45. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ පාදයෝ පැළුනාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පය ගල් වන තෙලක් අනුදනිමි.” පහසු නොවේ. –පෙ– “මහණෙනි, පයට හිත වූ බෙහෙතක් පිළියෙල කරන්නට (පිසන්නට) අනුදනිමි” යි.

46. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො ගණ‍්ඩාබාධො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සත්‍ථකම‍්ම”න‍්ති. කසාවොදකෙන අත්‍ථො හොති. “අනුජානාමි භික‍්ඛවෙ, කසාවොදක”න‍්ති. තිලකක‍්කෙන අත්‍ථො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, තිලකක‍්කන‍්ති. කබලිකාය අත්‍ථො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, කබලික”න‍්ති. වණබන්‍ධනචොලකෙන අත්‍ථො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, වණබන්‍ධනචොලක”න‍්ති. වණො කණ‍්ඩුවති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, සාසපකුණ‍්ඩෙන ඵොසිතු”න‍්ති. වණො කිලිජ‍්ජිත්‍ථ -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, “ධූමං කාතු”න‍්ති. වඩ‍්ඪමංසං වුට‍්ඨාති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, ලොණසක‍්ඛරිකාය ඡින්‍දිතු”න‍්ති. වණො න රූහති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, වණතෙල”න‍්ති. තෙලං ගලති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, විකාසිකං සබ‍්බං වණපටිකම‍්ම”න‍්ති.

46. එකල්හි එක්තරා මහණකුහට ගණ්ඩාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැත්කම් අනුදනිමි” යි. කහට වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, කහටවතුර අනුදනිමි” යි. තලකල්කයෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, තලකල්කය අනුදනිමි” යි. කබොලුවකින් (පැලැස්තරයකින්) ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, කබොලුවක් අනුදනිමි” යි. වණ බඳින රෙදි කඩකින් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, වණ බඳින රෙදිකඩක් අනුදනිමි” යි. වණය කසයි. –පෙ– “මහණෙනි, අබකුඩුවෙන් උලන්නට අනුදනිමි” යි. වණය තෙත් වි ය.–පෙ– “මහණෙනි, දුම් (වේදු) ඇල්ලීමට අනුදනිමි” යි. වැඩෙන මස්දළු නගී. –පෙ– “මහණෙනි, ලුණුපුපුරකින් සිඳින්නට අනුදනිමි” යි. වණය ගොඩ නො වේ. –පෙ–“මහණෙනි, වණතෙල් අනුදනිමි” යි. තෙල් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වණවැටියක් (තෙල් රඳවන කඩක්) ද සියලු වණ පිළියම් ද අනුදනිමි” යි.

47. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අහිනා දට‍්ඨො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, චත‍්තාරි මහාවිකටානි දාතුං: ගූථං මුත‍්තං ඡාරිකං මත‍්තික”න‍්ති. අථ ඛො භික‍්ඛූනං එතදහොසි: “අප‍්පටිග‍්ගහිතානි නු ඛො උදාහු පටිග‍්ගහෙතබ‍්බානී”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සති කප‍්පියකාරකෙ පටිග‍්ගහාපෙතුං, අසති කප‍්පියකාරකෙ සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතු”න‍්ති.

47. එකල්හි එක්තරා මහණෙක් තෙමේ සර්‍පයකු විසින් දෂ්ට කරණ ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මල, මූත්‍ර, උණුඅළු, මැටි යන සතර මහාවිකටය දෙන්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට “නො පිළිගත් මල ආදීහු ද? නොහොත් පිළිගතයුතු මල ආදීහු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කැපකරුවකු ඇති කල්හි පිළිගන්වා ගන්නට ද, කැපකරුවකු නැති කල්හි තමන් ගෙණ වළඳන්නට ද අනුදනිමි” යි.

48. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරෙන භික‍්ඛුනා විසං පීතං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ගූථං පායෙතු”න‍්ති. අථ ඛො භික‍්ඛූනං එතදහොසි: “අප‍්පටිග‍්ගහිතො නු ඛො උදාහු පටිග‍්ගහෙතබ‍්බො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, යං කරොන‍්තො පතිගණ‍්හාති, ස‍්වෙව පටිග‍්ගහො කතො හොති. න පුන පටිග‍්ගහාපෙතබ‍්බො”ති.

48. එකල්හි එක්තරා මහණකු විසින් විස බොන ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අශුචි පොවන්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට නො පිළිගත් මල ද නොහොත් පිළිගත යුතු මල දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පහ කරමින් යමක් පිළිගණී ද, ඒ ම පිළිගැණීම වේ. නැවැත පිළිගන්වා ගත යුත්තේ නො වේ” ය යි අනුදනිමි.

49. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො ඝරදින‍්නකාබාධො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සීතාළොලිං පායෙතු”න‍්ති.

49. එකල්හි එක්තරා මහණකුහට ඝරදින්නකාබාධයෙක් (ඝරණිය =ගෙහඹු දුන් වසීකරණ බෙහෙදක් බීමෙන් හටගත් ආබාධයෙක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හීවිට (නගුලෙහි) ඇලුනු මඩ දියෙන් කලතා පෙවීමට අනුදනිමි” යි.

50. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු දුට‍්ඨගහණිකො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ආමිසඛාරං පායෙතු”න‍්ති.

50. එකල්හි එක්තරා මහණෙක් තෙමේ නපුරු ග්‍රහණිරෝග ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වියලිබත් පුළුස්සා දිය කොට පෙරා ගත් බත්කාරම පොවන්නට අනුදනිමි” යි.

51. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො පණ‍්ඩුරොගාබාධො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං . “අනුජානාමි භික‍්ඛවෙ, මුත‍්තහරීටකං පායෙතු”න‍්ති.

51. එකල්හි එක්තරා මහණකුහට පණ්ඩුරෝගාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගොමූත්‍රයෙහි ලූ අරළු පොවන්නට අනුදනිමි” යි.

52. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො ඡවිදොසාබාධො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ගන්‍ධාලෙපං කාතු”න‍්ති.

52. එකල්හි එක්තරා මහණකුහට ඡවිදොෂාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සුගන්‍ධද්‍රව්‍යය ආලේප කරන්නට අනුදනිමි” යි.

53. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අභිසන‍්නකායො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං . “අනුජානාමි භික‍්ඛවෙ, විරෙචනං පාතු”න‍්ති. අච‍්ඡකඤ‍්ජියා අත්‍ථො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, අච‍්ඡකඤ‍්ජි”න‍්ති. අකටයූසෙන අත්‍ථො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, අකටයූස”න‍්ති. කටාකටෙන අත්‍ථො හොති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ, කටාකට”න‍්ති. පටිච‍්ඡාදනීයෙන අත්‍ථො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, පටිච‍්ඡාදනීය”න‍්ති.

53. එකල්හි එක්තරා මහණෙක් තෙමේ දොස් කිපුනු සිරුරු ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, විරේචනයක් බොන්නට අනුදනිමි” යි. පෙරා ගත් කැඳවතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, බත් නැති කැඳවතුර අනුදනිමි” යි. දුරු මිරිස් නො යෙදූ මුංඇට තැම්බූ වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, මුං ඇට තැම්බූ වතුර අනුදනිමි” යි. මුංඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, මුංඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුර අනුදනිමි” යි. මස්රසයෙන් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මස්රසය අනුදනිමි”යි.

54. තෙන ඛො පන සමයෙන ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රාජගහෙ පබ‍්භාරං සොධාපෙති ලෙණං කත‍්තුකාමො. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො යෙනායස‍්මා පිලින්‍දිවච‍්ඡො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං එතදවොච: “කිං භන‍්තෙ ථෙරො කාරාපෙතී”ති. “පබ‍්භාරං, මහාරාජ, සොධාපෙමි ලෙණං කත‍්තුකාමො”ති. “අත්‍ථො භන‍්තෙ, අය්‍යස‍්ස ආරාමිකෙනා”ති. “න ඛො මහාරාජ, භගවතා ආරාමිකො අනුඤ‍්ඤාතො”ති. “තෙන හි භන‍්තෙ, භගවන‍්තං පටිපුච‍්ඡිත්‍වා මම ආරොචෙය්‍යාථා”ති. “එවං මහාරාජා”ති ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පච‍්චස‍්සොසි.

54. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ලෙණක් කරණු කැමැත්තේ රජගහනුවර ගුහාවක් ශුද්ධ කරව යි. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගෙන් “ස්වාමීනි, ස්ථවිර තෙමේ කුමක් කරවා දැ” යි ඇසී ය. “මහරජ, ලෙණක් කරණු කැමැත්තෙම් ගුහාවක් පිරිසිදු කරවමි” යි. “ස්වාමීනි, ඔබවහන්සේට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන වේ දැ” යි (ඇසී ය). “මහරජ, භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිවිස මට දන්වනු මැනවි” යි. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මහරජ, එසේ ය” යි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට පිළිවදන් දුන්නේ ය.

55. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රාජානං මාගධං සෙනියං බිම‍්බිසාරං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි. සමාදපෙසි. සමුත‍්තෙජෙසි. සම‍්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මතා පිලින්‍දිවච‍්ඡෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො උට‍්ඨායාසනා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

55. ඉක්බිති ආයුෂ්මත් වූ පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු දැහැමිකතාවෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. තියුණු කරවී ය. සතුටු කරවී ය. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.

56. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො භගවතො සන‍්තිකෙ දූතං පාහෙසි: “රාජා භන‍්තෙ, මාගධො සෙනියො බිම‍්බිසාරො ආරාමිකං දාතුකාමො. කථන‍්නු ඛො භන‍්තෙ පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති? අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, ආරාමික”න‍්ති.

56. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “ස්වාමීනි, මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආරාමිකයකු දෙනු කැමැත්තේ ය. ස්වාමීනි, එහි දී කෙසේ පිළිපැදිය යුතු දැ” යි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට දූතයකු යැවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, ආරාමිකයකු අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.

57. දුතියම‍්පි ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො යෙනායස‍්මා පිලින්‍දිවච‍්ඡො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං එතදවොච: “අනුඤ‍්ඤාතො භන‍්තෙ, භගවතා ආරාමිකො”ති. “එවං මහාරාජා”ති. “තෙන හි භන‍්තෙ, අය්‍යස‍්ස ආරාමිකං දම‍්මී”ති.

57. දෙවනු ද මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් අනුදන්නා ලද්දේ දැ” යි ඇසී ය. “මහරජ, එසේ ය”. “ස්වාමීනි, එසේ නම් ස්වාමීන් වහන්සේට ආරාමිකයකු දෙමි” යි.

58. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස ආරාමිකං පටිස‍්සුත්‍වා විස‍්සරිත්‍වා චිරෙන සතිං පටිලභිත්‍වා අඤ‍්ඤතරං සබ‍්බත්‍ථකං මහාමත‍්තං ආමන‍්තෙසි: “යො මයා භණෙ, අය්‍යස‍්ස ආරාමිකො පටිස‍්සුතො, දින‍්නො සො ආරාමිකො”ති. “න ඛො, දෙව, අය්‍යස‍්ස ආරාමිකො දින‍්නො”ති. “කීව චිරන‍්නු ඛො භණෙ, ඉතො හි තං හොතී”ති. අථ ඛො සො මහාමත‍්තො රත‍්තියො විගණෙත්‍වා රාජානං මාගධං සෙනියං බිම‍්බිසාරං එතදවොච: “පඤ‍්ච දෙව රත‍්තිසතානී”ති. “තෙන හි භණෙ, අය්‍යස‍්ස පඤ‍්ච ආරාමිකසතානි දෙහී”ති. “එවං දෙවා”ති ඛො සො මහාමත‍්තො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පටිස‍්සුත්‍වා ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස පඤ‍්ච ආරාමිකසතානි පාදාසි. පාටියෙක‍්කො ගාමො නිවිසි. ආරාමිකගාමොතිපි නං ආහංසු. පිලින්‍දිගාමොතිපි නං ආහංසු.

58. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට අරාමිකයකු ගිවිස සිහි නො කොට කල් ගෙවා සිහි ලැබ සියලුකටයුතුවල අධිපති වූ එක්තරා මහඇමැතියකු අමතා “සගය, මා විසින් ආර්‍ය්‍යයන් වහන්සේට යම් ආරාමිකයෙක් (දීමට) ප්‍රතිඥා කරණ ලද්දේ ද, ඒ ආරාමික තෙමේ දෙන ලද්දේ දැ” යි ඇසී ය. “දේවයන් වහන්ස, ආරාමිකයෙක් නො දෙන ලද්දේ ය” යි. “සගය, මෙදවසින් එදවස කෙතෙක් කල් දැ” යි (ඇසී ය). ඉක්බිති ඒ මහාමාත්‍ය තෙමේ රෑ ගණන් කොට මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, රෑ පන්සියයකැ” යි කීයේ ය. “සගය, එසේ නම් ආර්‍ය්‍යයන් වහන්සේට ආරාමිකයන් පන්සියයක් දෙවු” යි. “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මහාමාත්‍ය තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට ගිවිස ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට ආරාමිකයන් පන්සියයක් දුන්නේ ය. වෙන ම (වෙන් වූ) ගමක් පිහිටියේ ය. ඒ ගම ආරාමිකගම යි ද කීහ. ඒ ගම පිලින්‍දිගම යි ද කීහ.

59. තෙන ඛො පන සමයෙන ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො තස‍්මිං ගාමකෙ කුලූපගො හොති. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො පුබ‍්බන‍්හසමයං* නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය පිලින්‍දිගාමං පිණ‍්ඩාය පාවිසි.

59. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ඒ ගමෙහි කුලුපග වේ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය.

60. තෙන ඛො පන සමයෙන තස‍්මිං ගාමකෙ උස‍්සවො හොති. දාරකා අලඞ‍්කිතා මාලාකිතා කීළන‍්ති. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො පිලින්‍දිගාමකෙ සපදානං පිණ‍්ඩාය චරමානො යෙන අඤ‍්ඤතරස‍්ස ආරාමිකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

60. එකල්හි ඒ ගමෙහි උත්සවයෙක් වේ. එහි දරුවෝ අබරණින් සැරසුනෝ පැලඳි මල්මාලා ඇත්තෝ ක්‍රීඩා කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ එක්තරා ආරාමිකයකුගේ ගෙට වැඩියේ ය. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන්නේ ය.

61. තෙන ඛො පන සමයෙන තස‍්සා ආරාමිකිනියා ධීතා අඤ‍්ඤෙ දාරකෙ අලඞ‍්කතෙ මාලාකිතෙ පස‍්සිත්‍වා රොදති: “මාලං මෙ දෙථ. අලංකාරං මෙ දෙථා”ති. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො තං ආරාමිකිනිං එතදවොච: “කිස‍්සායං දාරිකා රොදතී”ති. “අයං භන‍්තෙ, දාරිකා අඤ‍්ඤෙ දාරකෙ අලඞ‍්කතෙ මාලාකිතෙ පස‍්සිත්‍වා රොදති: ‘මාලං මෙ දෙථ. අලඞ‍්කාරං මෙ දෙථා’ති. කුතො අම‍්හාකං දුග‍්ගතානං මාලා. කුතො අලඞ‍්කාරො”ති.

61. එකල්හි ඒ ආරාමිකබිරින්දෑගේ දුව අබරණින් සැරසුනු පැලඳි මල්මාලා ඇති අන් දරුවන් දැක “මට මල්මාලාවක් දෙවු. මට ආභරණ දෙවු” යි හඬයි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මේ දැරිය කුමක් නිසා හඬා දැ” යි ඒ ආරාමිකබිරින්දෑගෙන් ඇසී ය. “ස්වාමීනි, මේ ලදැරිය අබරණින් සැරසුනු පැලඳි මල්මාලා ඇති අන් දරුවන් දැක “මට මල්මාලාවක් දෙවු. මට ආභරණ දෙවු” යි හඬයි. දුප්පත් වූ අපට මල්මාලා කොයින් ද? ආභරණ කොයින් දැ” යි (ඕතොමෝ කීවා ය.)

62. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො අඤ‍්ඤතරං තිණණ‍්ඩුපකං ගහෙත්‍වා තං ආරාමිකිනිං එතදවොච: “හන්‍දිමං තිණණ‍්ඩුපකං තස‍්සා දාරිකාය සීසෙ පටිමුඤ‍්චා”ති. අථ ඛො සා ආරාමිකිනී තං තිණණ‍්ඩුපකං ගහෙත්‍වා තස‍්සා දාරිකාය සීසෙ පටිමුඤ‍්චි. සා අහොසි සුවණ‍්ණමාලා අභිරූපා දස‍්සනීයා පාසාදිකා. නත්‍ථි තාදිසා රඤ‍්ඤොපි අන‍්තෙපුරෙ සුවණ‍්ණමාලා. මනුස‍්සා රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස ආරොචෙසුං: “අමුකස‍්ස දෙව, ආරාමිකස‍්ස ඝරෙ සුවණ‍්ණමාලා අභිරූපා දස‍්සනීයා පාසාදිකා. නත්‍ථි තාදිසා දෙවස‍්සපි අන‍්තෙපුරෙ සුවණ‍්ණමාලා. කුතො තස‍්ස දුග‍්ගතස‍්ස? නිස‍්සංසයං චොරිකාය ආභතා”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො තං ආරාමිකකුලං බන්‍ධාපෙසි.

62. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ එක්තරා තණ දරණුවක් ගෙණ ඒ ආරාමිකබිරින්දෑට “එසේ නම් මේ තණදරණුව ඒ ලදැරියගේ හිසෙහි පලඳව” යි කීයේ ය. ඉක්බිති ඒ ආරාමික බිරින්ද ඒ තණදරණුව ගෙණ ඒ ලදැරියගේ හිසෙහි පැලඳුවා ය. ඒ මාලාව මනා රූ ඇති දැකුම් කටයුතු සිත් ගන්නා රන්මාලාවක් වි ය. රජුගේ ද අන්තඃපුරයෙහි එබඳු වූ රන්මාලාවක් නැත. මිනිස්සු “දේවයන් වහන්ස, අසවල් ආරාමිකයාගේ ගෙයි මනා රූ ඇති දැකුම් කටයුතු සිත් ගන්නා රන්මාලාවක් ඇත. එබඳු වූ රන්මාලයක් දේවයන් වහන්සේගේ අන්තඃපුරයෙහි ද නැත. ඒ දුප්පතාට (එබඳු රන් මාලයක්) කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණෙන ලද ය” යි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට දැන්වූහ. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ඒ ආරාමිකකුලය බැඳවී ය. (සිර කරවී ය.)

63. දුතියම‍්පි ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය පිලින්‍දිගාමං පිණ‍්ඩාය පාවිසි. පිලින්‍දිගාමකෙ සපදානං පිණ‍්ඩාය චරමානො යෙන තස‍්ස ආරාමිකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පටිවිස‍්සකෙ පුච‍්ඡි: “කහං ඉමං ආරාමිකකුලං ගත”න‍්ති. “එතිස‍්සා භන‍්තෙ, සුවණ‍්ණමාලාය කාරණා රඤ‍්ඤා බන්‍ධාපිත”න‍්ති.

63. දෙවනු ද ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස ගියේ ය. පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ ඒ ආරාමිකයාගේ ගෙට එළඹියේ ය. එළඹ “මේ ආරාමිකකුලය කොහි ගියේ දැ” යි අසල් වැස්සන් අතින් විචාළේ ය. “ස්වාමීනි, ඒ රන්මාලාව හේතු කොට රජු විසින් බඳවන ලද්දේ ය” යි කීහ.

64. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො යෙන රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො යෙනායස‍්මා පිලින්‍දිවච‍්ඡො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං පිලින්‍දිවච‍්ඡං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො රාජානං මාගධං සෙනියං බිම‍්බිසාරං ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො එතදවොච: “කිස‍්ස මහාරාජ ආරාමිකකුලං බන්‍ධාපිත”න‍්ති. “තස‍්ස භන‍්තෙ, ආරාමිකස‍්ස ඝරෙ සුවණ‍්ණමාලා අභිරූපා, දස‍්සනීයා පාසාදිකා. නත්‍ථි තාදිසා අම‍්හාකම‍්පි අන‍්තෙපුරෙ සුවණ‍්ණමාලා. කුතො තස‍්ස දුග‍්ගතස‍්ස? නිස‍්සංසයං චොරිකාය ආභතා”ති.

64. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගේ මාලිගාවට ගියේ ය. ගොස් පැණවූ අසුනෙහි හුන්නේ ය. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගෙන් “මහරජ, කුමක් හෙයින් ආරාමිකකුලය බඳවන ලද දැ” යි ඇසී ය. “ස්වාමීනි, ඒ ආරාමිකයාගේ ගෙයි මනා රූ ඇති දැකුම්කලු සිත් ගන්නා රන්මාලයක් තිබේ. එබඳු වූ රන්මලාවක් අපගේ අන්තඃපුරයෙහි ද නැත. ඒ දුප්පතාට රන්මාලයක් කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණ එන ලද ය”.

65. අථ ඛො ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පාසාදං සුවණ‍්ණන‍්ති අධිමුච‍්චි. සො අහොසි සබ‍්බසොවණ‍්ණමයො. “ඉදං පන තෙ මහාරාජ, තාව බහුං සුවණ‍්ණං කුතො”ති. ‘අඤ‍්ඤාතං භන‍්තෙ, අය්‍යස‍්ස එසො ඉද‍්ධානුභාවො”ති. තං ආරාමිකකුලං මුඤ‍්චාපෙසි. මනුස‍්සා “අය්‍යෙන කිර පිලින්‍දිවච‍්ඡෙන සරාජිකාය පරිසාය උත‍්තරිමනුස‍්සධම‍්මා ඉද‍්ධිපාටිහාරියං දස‍්සිත”න‍්ති අත‍්තමනා අභිප‍්පසන‍්නා ආයස‍්මතො පිලින්‍දිවච‍්ඡස‍්ස පඤ‍්ච භෙසජ‍්ජානි අභිහරිංසු. සෙය්‍යථිදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිත”න‍්ති.

65. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගේ ප්‍රාසාදය රන් වේවා”සි ඉටුයේ ය. ඒ ප්‍රාසාදය සියල්ල රන් වි ය. “මහරජ, ඔබට මේ තරම් බොහෝ රන් කොයින් ද?” “ස්වාමීනි, දැන ගන්නා ලද්දේ ය. ආර්‍ය්‍යයන් වහන්සේගේ මේ ඍද්ධ්‍යානුභාව ය” යි ඒ ආරාමික කුලය නිදහස් කොට හැරියේ ය. මිනිස්සු ‘ස්වාමී වූ පිලින්‍දිවච්ඡ තෙරුන් විසින් රජුන් සහිත වූ පිරිසෙහි උතුරුමිනිස්දමින් ඉදුපෙළහරක් දක්වන ලද්දේ ල” යි සතුටු සිත් ඇත්තාහු විශේෂයෙන් පහන් වූවෝ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට පස් බෙහෙත් එළවූහ. එනම් ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි සකුරු යන මේ ය.

66. පකතියාපි ච ආයස‍්මා පිලින්‍දිවච‍්ඡො ලාභී හොති පඤ‍්චන‍්නං භෙසජ‍්ජානං. ලද‍්ධං ලද‍්ධං පරිසාය විස‍්සජ‍්ජෙති. පරිසා චස‍්ස හොති බාහුලිකා. ලද‍්ධං ලද‍්ධං කොලම‍්බෙපි ඝටෙපි පූරෙත්‍වා පටිසාමෙති. පරිස‍්සාවනානිපි ථවිකායොපි පූරෙත්‍වා වාතපානෙසු ලග‍්ගෙති. තානි ඔලීනවිලීනානි තිට‍්ඨන‍්ති. උන්‍දූරෙහිපි විහාරා ඔකිණ‍්ණා විකිණ‍්ණා හොන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “අන‍්තොකොට‍්ඨාගාරිකා ඉමෙ සමණා සක්‍යපුත‍්තියා සෙය්‍යථාපි රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො”ති.

66. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ප්‍රකෘතියෙන් ම පස් බෙහෙත් ලබනසුලු වේ. ලත් ලත් දෙය පිරිසට පරිත්‍යාග කරයි. උන්වහන්සේගේ පිරිස ද ප්‍රත්‍යයයන්ගේ බහුලත්‍වය පිණිස පිළිපන්නේ වේ. ලත් ලත් දෙය මහසැළි ද කළ ද පුරවා තැන් පත් කරයි. පෙරහන් ද පසුම්බි ද පුරවා වාකවුළුවල එල්ලයි. ඒ වැගිරි වැගිරී තිබේ. මීයන්ගෙන් ද ආවාසයෝ හැම අතින් ගැවසී ගත්තාහු වෙත්. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නෝ (ඒ දැක) “ශාක්‍යපුත්‍රීය වූ මේ ශ්‍රමණයෝ ඇතුළත කොටුගුල් ඇත්තෝ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු වැනි ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.

67. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛූ එවරූපාය බාහුල‍්ලාය චෙතෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛූ එවරූපාය බාහුල‍්ලාය චෙතෙන‍්තී”ති. “සච‍්චං භගවා”. -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “යානි ඛො පන තානි ගිලානානං භික‍්ඛූනං පටිසායනීයානි භෙසජ‍්ජානි, සෙය්‍යථිදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං, තානි පටිග‍්ගහෙත්‍වා සත‍්තාහපරමං සන‍්නිධිකාරකං පරිභුඤ‍්ජිතබ‍්බානි. තං අතික‍්කාමයතො යථා ධම‍්මො කාරෙතබ‍්බො”ති.

67. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. යම් ඒ භික්‍ෂූහු ආශා රහිත වූවාහු ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් භික්‍ෂූහු මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස (ප්‍රත්‍යයයන් බොහෝ සේ රැස් කිරීමට) සිතූහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, භික්‍ෂූහු මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස සිතත් ල, සැබෑ දැ” යි. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. –පෙ– ගරහා දැහැමි කතා කොට “ගිලන් භික්‍ෂූන් විසින් වැළඳිය යුතු වූ (රස විඳිය යුතු වූ) යම් ඒ බෙහෙත් එනම් ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි සකුරු වේ ද, ඒ පිළිගෙණ සතියක් නගා තබා වැළඳිය යුතු ය. ඒ නියමිත කාලය (සතිය) ඉක්මවන්නහුට ඇවැත් පරිදි කරවිය යුතු ය” යි භික්‍ෂූන් ඇමතූ සේක.

භෙසජ‍්ජානුඤ‍්ඤාතභාණවාරො පඨමො.

බෙහෙත් අනුදත් පළමුබණවර නිම.

1. අථ ඛො භගවා සාවත්‍ථියං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන රාජගහං තෙන චාරිකං පක‍්කාමි.

1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර කැමති තාක් වාසය කොට රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.

2. අද‍්දසා ඛො ආයස‍්මා කඞ‍්ඛාරෙවතො අන‍්තරාමග‍්ගෙ ගුළකරණං ඔක‍්කමිත්‍වා ගුළෙ පිට‍්ඨම‍්පි ඡාරිකම‍්පි පක‍්ඛිපන‍්තෙ. දිස‍්වාන “අකප‍්පියො ගුළො. සාමිසො. න කප‍්පති ගුළො විකාලෙ පරිභුඤ‍්ජිතු”න‍්ති කුක‍්කුච‍්චායන‍්තො සපරිසො ගුළං න පරිභුඤ‍්ජති. යෙපිස‍්ස සොතබ‍්බං මඤ‍්ඤන‍්ති, තෙපි ගුළං න පරිභුඤ‍්ජන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “කිමත්‍ථාය භික‍්ඛවෙ, ගුළෙ පිට‍්ඨම‍්පි ඡාරිකම‍්පි පක‍්ඛිපන‍්තී”ති’ “බන්‍ධනත්‍ථාය භගවා” ති. “සචෙ භික‍්ඛවෙ, බන්‍ධනත්‍ථාය ගුළෙ පිට‍්ඨම‍්පි ඡාරිකම‍්පි පක‍්ඛිපන‍්ති, සො ච ගුළොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. අනුජානාමි භික‍්ඛවෙ, යථාසුඛං ගුළං පරිභුඤ‍්ජිතු”න‍්ති.

2. ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිර තෙමේ අතරමග උක්හකුරු කරණ තැනකට ඇතුල් ව උක්හකුරුවල පිටි ද අළු ද බහන්නවුන් දුටුයේ ය. දැක “උක්හකුරු අකැප වේ. ආමිස සහිත වේ. නො කල්හි වළඳන්නට උක්හකුරු කැප නො වේ ය” යි කුකුස් කරන්නේ පිරිස් සහිත ව උක්හකුරු නො වළඳයි. උන්වහන්සේගේ වචනය අදහන්නෝ ද උක්හකුරු නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කුමක් සඳහා උක්හකුරුවල පිටිත් අළුත් බහත් ද?”. “භාග්‍යවතුන් වහන්ස, බඳිනු (කැටි කරණු) සඳහා ය.” “මහණෙනි, කැටි කිරීම සඳහා උක්හකුරුවල පිටිත් අළුත් බහත් නම්, එ ද උක්හකුරු ම ය යි සඞ්ඛ්‍යාවට යෙයි. මහණෙනි, උක්හකුරු කැමැති සේ වළඳන්නට අනුදනිමි” යි.

3. අද‍්දසා ඛො ආයස‍්මා කඞ‍්ඛාරෙවතො අන‍්තරාමග‍්ගෙ වච‍්චෙ මුග‍්ගං ජාතං. පස‍්සිත්‍වා “අකප‍්පියා මුග‍්ගා. පක‍්කාපි මුග‍්ගා ජායන‍්තී”ති කුක‍්කුච‍්චායන‍්තො සපරිසො මුග‍්ගං න පරිභුඤ‍්ජති. යෙපිස‍්ස සොතබ‍්බං මඤ‍්ඤන‍්ති තෙපි මුග‍්ගං න පරිභුඤ‍්ජන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සචෙ භික‍්ඛවෙ, පක‍්කාපි මුග‍්ගා ජායන‍්ති, අනුජානාමි භික‍්ඛවෙ, යථාසුඛං මුග‍්ගං පරිභුඤ‍්ජිතු”න‍්ති.

3. ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිර තෙමේ අතර මග දී වර්චස්හි හටගත් මුං (මුං පැළ) දුටුයේ ය. දැක “මුං නො කැපය. තැම්බූ මුං ද පැළ වේ ය” යි කුකුස් කරමින් පිරිස් සහිත ව මුං නො වළඳයි. උන්වහන්සේගේ වචනය අදහන්නෝ ද මුං නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තැම්බූ මුං හටගණිතත් මහණෙනි, කැමැති සේ (තැම්බූ) මුං වළඳන්නට අනුදනිමි” යි.

4. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො උදරවාතාබාධො හොති. සො ලොණසොවීරකං අපායි. තස‍්ස සො උදරවාතාබාධො පටිප‍්පස‍්සම‍්භි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ගිලානස‍්ස ලොණසොවීරකං අගිලානස‍්ස උදකසම‍්භින‍්නං පානපරිභොගෙන පරිභුඤ‍්ජිතු”න‍්ති.

4. එකල්හි එක්තරා මහණකුහට උදරවාතාබාධයෙක් වේ. හෙ තෙමේ ලෝණසෝවීරකය බීයේ ය. ඔහුගේ ඒ උදරාබාධය සංසිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලනහුට ලෝණසෝවීරකය අනුදනිමි. නො ගිලනහුට දිය හා මුසු කළ ලෝණසෝවීරකය පානපරි භෝගයෙන් වළඳන්නට අනුදනිමි” යි.

5. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්‍ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවතො උදරවාතාබාධො හොති.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් රජගහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහනුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට උදරවාතාබාධයෙක් වේ.

6. අථ ඛො ආයස‍්මා ආනන්‍දො “පුබ‍්බෙපි භගවතො උදරවාතාබාධො තෙකටුලාය යාගුයා ඵාසු හොතී”ති සාමං තිලම‍්පි තණ‍්ඩුලම‍්පි මුග‍්ගම‍්පි විඤ‍්ඤාපෙත්‍වා අන‍්තො වාසෙත්‍වා අන‍්තො සාමං පචිත්‍වා භගවතො උපනාමෙසි “පිවතු භගවා තෙකටුලයාගු”න‍්ති.

6. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ “පෙරත් භාග්‍යවතුන් වහන්සේගේ උදරවාතාබාධය තිකුළුකැඳෙන් පහසු වූයේ වේ ය” යි තෙමේ තල ද සහල් ද මුං ද විනවා (ඉල්ලා) ගේ තුළ තබා ඇතුළත තමා විසින් පිස භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ තිකුළුකැඳ වළඳන සේක්වා” යි එළවී ය.

7. ජානන‍්තාපි තථාගතා පුච‍්ඡන‍්ති. ජානන‍්තාපි න පුච‍්ඡන‍්ති. කාලං විදිත්‍වා පුච‍්ඡන‍්ති. කාලං විදිත්‍වා න පුච‍්ඡන‍්ති. අත්‍ථසංහිතං තථාගතා පුච‍්ඡන‍්ති. නො අනත්‍ථසංහිතං. අනත්‍ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං. ද‍්වීහි ආකාරෙහි බුද‍්ධා භගවන‍්තො භික‍්ඛූ පටිපුච‍්ඡන‍්ති: ධම‍්මං වා දෙසිස‍්සාම සාවකානං වා සික‍්ඛාපදං පඤ‍්ඤාපෙස‍්සාමා”ති.

7. තථාගතවරයෝ දන්නෝ ද විචාරත්. දන්නෝ ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරයෝ අර්‍ත්‍ථ සහිත වූවක් විචාරත්, අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. තථාගතවරයන්ට අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවෙහි හේතු නැසීම මාර්‍ගයෙන් සිද්ධ ය. භාග්‍යවත් බුදුවරයෝ “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු”සි දෙඅයුරකින් භික්‍ෂූන් විචාරත්.

8. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි “කුතො’යං ආනන්‍ද, යාගූ”ති.

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, මේ කැඳ කො තැනින් ලැබුනේ දැ” යි ආයුෂ්මත් අනඳතෙරුන් විචාළ සේක.

9. අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි. විගරහි බුද‍්ධො භගවා “අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම ත්‍වං ආනන්‍ද, එවරූපාය බාහුල‍්ලාය චෙතෙස‍්සසි? යදපි ආනන්‍ද, අන‍්තො වුත්‍ථං, තදපි අකප‍්පියං. යදපි අන‍්තො පක‍්කං, තදපි අකප‍්පියං. යදපි සාමං පක‍්කං, තදපි අකප‍්පියං. නෙතං ආනන්‍ද, අප‍්පසන‍්නානං වා පසාදාය” -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, අන‍්තො වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්කං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය, ආපත‍්ති දුක‍්කටස‍්ස. අන‍්තො චෙ භික‍්ඛවෙ, වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්කං තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති තිණ‍්ණං දුක‍්කටානං. අන‍්තො චෙ භික‍්ඛවෙ, වුත්‍ථං අන‍්තො පක‍්කං අඤ‍්ඤෙහි පක‍්කං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං. අන‍්තො චෙ භික‍්ඛවෙ, වුත්‍ථං බහි පක‍්කං සාමං පක‍්කං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං. බහි චෙ භික‍්ඛවෙ, වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්කං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං. අන‍්තො චෙ භික‍්ඛවෙ වුත්‍ථං බහි පක‍්කං අඤ‍්ඤෙහි පක‍්කං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. බහි චෙ, භික‍්ඛවෙ, වුත්‍ථං අන‍්තො පක‍්කං අඤ‍්ඤෙහි පක‍්කං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. බහි චෙ භික‍්ඛවෙ, වුත්‍ථං බහි පක‍්කං සාමං පක‍්කං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. බහි චෙ භික‍්ඛවෙ, වුත්‍ථං බහි පක‍්කං අඤ‍්ඤෙහි පක‍්කං, තඤ‍්චෙ පරිභුඤ‍්ජෙය්‍ය, අනාපත‍්තී”ති.

9. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “ආනන්‍දය, නුසුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. නො මහණකමෙක. අකැප වූවෙක. නො කටයුත්තෙක. ආනන්‍දය, කෙසේ නම් තෝ මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස සිතූවෙහි දැ?” යි ගැරහූ සේක. “ආනන්‍දය, යමක් ඇතුළත තුබූයේ ද, එ ද නො කැප ය. යමක් ඇතුළත පිසන ලද්දේ ද, එ ද නො කැප ය. යමක් තමන් විසින් පිසන ලද්දේ ද, එ ද නො කැප ය. ආනන්‍දය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් තුණක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද පිටත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, පිටත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද පිටත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද ඇතුළත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද පිටත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද පිටත පිසන ලද අන්‍යයන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, ඇවැත් නො වේ ය” යි භික්‍ෂූන් ඇමතූ සේක.

10. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ “භගවතා සාමංපාකො පටික‍්ඛිත‍්තො”ති පුන පාකෙ කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, පුන පාකං පචිතු”න‍්ති.

10. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් පිසීම ප්‍රතික්‍ෂේප කරණ ලද්දේ ය” යි පිසූ දෙය නැවැත පිසීමෙහි කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නැවැත පිසීම අනුදනිමි” යි.

11. තෙන ඛො පන සමයෙන රාජගහං දුබ‍්භික‍්ඛං හොති. මනුස‍්සා ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි ආරාමං ආහරන‍්ති. තානි භික‍්ඛූ බහි වාසෙන‍්ති. උක‍්කපිණ‍්ඩිකාපි ඛාදන‍්ති. චොරාපි හරන‍්ති. දමකාපි හරන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අන‍්තො වාසෙතු”න‍්ති. අන‍්තො වාසෙත්‍වා බහි පාචෙන‍්ති. දමකා පරිවාරෙන‍්ති. භික‍්ඛූ අවිස‍්සත්‍ථා පරිභුඤ‍්ජන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අන‍්තො පචිතු”න‍්ති. දුබ‍්භික‍්ඛෙ කප‍්පියකාරකා බහුතරං හරන‍්ති. අප‍්පතරං භික‍්ඛූනං දෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සාමං පචිතුං. අනුජානාමි භික‍්ඛවෙ, අන‍්තො වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්ක”න‍්ති.

11. එකල්හි රජගහනුවර දුර්භික්‍ෂ වේ. මිනිස්සු ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෙය ද ආරාමයට ගෙණ එත්. භික්‍ෂූහු ඒ දෑ පිටත තබවත්. බළල් මී මුගටි ආදිහු ද කත්. සොරු ද පැහැර ගණිත්. ඉඳුල් කන්නෝ ද ගෙණ යත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇතුළත තබවන්ට අනුදනිමි” යි. ඇතුළත තබවා පිටත පිසවත්, ඉඳුල් කන්නෝ පිරිවරා ගණිත්. භික්‍ෂූහු විශ්වාස රහිත වූවාහු (සැකඇත්තෝ) වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇතුළත පිසන්නට අනුදනිමි” යි. දුර්භික්‍ෂයෙහි කැපකරුවෝ ඉතා වැඩියක් ගෙණ යත්. භික්‍ෂූන්ට ඉතා ස්වල්පයක් දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තමන් විසින් පිසන්නට අනුදනිමි. මහණෙනි, ඇතුළත තබන ලද්ද, ඇතුළත පිසන ලද්ද, තමන් විසින් පිසන ලද්ද අනුදනිමි” යි.

12. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ කාසීසු වස‍්සං වුත්‍ථා රාජගහං ගච‍්ඡන‍්තා භගවන‍්තං දස‍්සනාය අන‍්තරාමග‍්ගෙ න ලභිංසු ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. බහුඤ‍්ච ඵලඛාදනීයං අහොසි. කප‍්පියකාරකො ච න අහොසි අථ ඛො තෙ භික‍්ඛූ කිලන‍්තරූපා යෙන රාජගහං වෙළුවනං කලන්‍දකනිවාපො යෙන භගවා තෙනුපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු.

12. එකල්හි බොහෝ භික්‍ෂූහු කසීදනව්වෙහි වස් වැස නිම කළෝ භාග්‍යවතුන් වහන්සේ දැක්මට රජගහනුවරට යන්නෝ අතර මග දී රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලැබූහ. බොහෝ කෑයුතු ඵලවර්‍ග වි ය. කැපකරුවෙක් නො වී ය. ඉක්බිති ඒ භික්‍ෂූහු ක්ලාන්ත ස්වභාව ඇත්තෝ රජගහ නුවර කලන්‍දකනිවාපය වූ වේළුවනයෙහි භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.

13. ආචිණ‍්ණං ඛො පනෙතං බුද‍්ධානං භගවන‍්තානං ආගන‍්තුකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදිතුං. අථ ඛො භගවා තෙ භික‍්ඛූ එතදවොච: “කච‍්චි භික‍්ඛවෙ, ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චිත්‍ථ අප‍්පකිලමථෙන අද‍්ධානං ආගතා? කුතො ච තුම‍්හෙ භික‍්ඛවෙ, ආගච‍්ඡථා?”ති. “ඛමනීයං භගවා. යාපනීයං භගවා. ඉධ මයං භන‍්තෙ කාසීසු වස‍්සං වුත්‍ථා රාජගහං ආගච‍්ඡන‍්තා භගවන‍්තං දස‍්සනාය අන‍්තරාමග‍්ගෙ න ලභිම‍්හා ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. බහුඤ‍්ච ඵලඛාදනීයං අහොසි. කප‍්පියකාරකො ච න අහොසි. තෙන මයං කිලන‍්තරූපා අද‍්ධානං ආගතා”ති.

13. භාග්‍යවත් බුදුරජුන් විසින් ආගන්තුක භික්‍ෂූන් සමග මේ පිළිසඳර කතා කිරීම පුරුදු කරණ ලද්දේ ම ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම ඉවසිය හැකි ද? කීම යැපිය හැකි ද? කිම නිදුකින් අදන් මග ආවාහු ද? මහණෙනි, තෙපි කොතැනින් එවු දැ?” යි ඒ භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි මෙහි කසිදනව්වෙහි වුසූ වස් ඇත්තමෝ භාග්‍යවතුන් වහන්සේ දැක්මට රජගහ නුවරට එන්නමෝ අතර මග දී රළු වූ හෝ මිහිරි වූ හෝ සෑහෙන පමණ බොජුන් නො ලැබීමු. බොහෝ කෑ යුතු ඵලවර්‍ග ද වී ය. කැපකරුවෙක් ද නො වූයේ ය. එයින් අපි ක්ලාන්තස්වභාව ඇත්තමෝ අදන්මග ආවෝ වෙමු” යි.

14. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, යත්‍ථ ඵලඛාදනීයං පස‍්සති, කප‍්පියකාරකො ච න හොති, සාමං ගහෙත්‍වා හරිත්‍වා කප‍්පියකාරකං පස‍්සිත්‍වා භූමියං නික‍්ඛිපිත්‍වා පටිග‍්ගහාපෙත්‍වා පරිභුඤ‍්ජිතුං. අනුජානාමි භික‍්ඛවෙ, උග‍්ගහිතපටිග‍්ගහිත”න‍්ති.

14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් තැනෙක කෑ යුතු ඵලවර්‍ග දකී ද, කැපකරුවෙක් නො වේ ද, (එය) තමන් ගෙණ ගොස් කැපකරුවෙකු දැක බිම හෙළා පිළිගන්වා ගෙණ වළඳන්නට අනුදනිමි. මහණෙනි, උග්ගහිතපටිග්ගහිතය (තමා විසින් ගත් ඵලාදිය වැළඳියටි වුව නැවත පිළිගන්වා ගැණීම) අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.

15. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නවා ච තිලා නවඤ‍්ච මධු උප‍්පන‍්නා හොන‍්ති. අථ ඛො තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එතදහොසි: “යන‍්නූනාහං නවෙ ච තිලෙ නවං ච මධුං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දදෙය්‍ය”න‍්ති. අථ ඛො සො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: “අධිවාසෙතු මෙ භවං ගොතමො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො සො බ්‍රාහ‍්මණො භගවතො අධිවාසනං විදිත්‍වා පක‍්කාමි.

15. එකල්හි එක්තරා බමුණකුහට අළුත් තල ද අළුත් මීපැණි ද ලැබුනේ වේ. ඉක්බිති ඒ බමුණාහට “මම අළුත් තලත් අළුත් මී පැණිත් බුද්ධප්‍රමුඛසඞ්ඝයාට දෙන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත් වි ය. එකල්හි ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ සිත් ගන්නා කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේහට “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට පිණිස මාගේ බත ඉවසාවා” යි (කී ය). භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක. එකල්හි ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන නික්ම ගියේ ය.

16. අථ ඛො සො බ්‍රාහ‍්මණො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භො ගොතම, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

16. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් (පසු) ප්‍රණීත වූ කෑ යුතු දෑ බිදිය යුතු දෑ පිළියෙල කරවා “භවත් ගෞතමය, දැන් කාල ය යි. බත් නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා ලී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ ඒ බ්‍රාහ්මණයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.

17. අථ ඛො සො බ්‍රාහ‍්මණො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො තං බ්‍රාහ‍්මණං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

17. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙසින් සියතින් සතප්වා හොඳින් වළඳවා වළඳා අවසන් කළ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ බ්‍රාහ්මණයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

18. අථ ඛො තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: “යෙසං ඛො මයා අත්‍ථාය බුද‍්ධපමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො නවෙ ච තිලෙ නවං ච මධුං දස‍්සාමී”ති තෙ මයා පම‍්මුට‍්ඨා දාතුං. යන‍්නූනාහං නවෙ ච තිලෙ නවඤ‍්ච මධුං කොලම‍්බෙහි ච ඝටෙහි ච ආරාමං ආහරාපෙය්‍ය”න‍්ති.

18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවක දී ඒ බමුණාහට “අළුත්තල ද අළුත්මී ද දෙන්නෙමි යි මා විසින් යමක් පිණිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, මා විසින් ඒ දෑ දීමට සිහිපත් නො කරණ ලදි. මම අළුත්තලත් අළුත්මීපැණිත් මහසැළිවලින් ද කළවලින් ද ආරාමයට ගෙන්වා ගෙණ යන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත් වි ය.

19. අථ ඛො සො බ්‍රාහ‍්මණො නවෙ ච තිලෙ නවඤ‍්ච මධුං කොලම‍්බෙහි ච ඝටෙහි ච ආරාමං ආහරාපෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: “යෙසං ඛො මයා භො ගොතම, අත්‍ථාය බුද‍්ධපමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො ‘නවෙ ච තිලෙ නවඤ‍්ච මධුං දස‍්සාමී’ති, තෙ මයා පමුට‍්ඨා දාතුං. පතිගණ‍්හාතු මෙ භවං ගොතමො නවෙ ච තිලෙ නවඤ‍්ච මධු”න‍්ති. “තෙන හි බ්‍රාහ‍්මණ, භික‍්ඛූනං දෙහී”ති.

19. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ අළුත්තලත් අළුත්මීපැණිත් මහ සැළිවලින් ද කළවලින් ද ආරාමයට ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ “භවත් භෞතමයන් වහන්ස, “අළුත්තලත් අළුත් මීපැණිත් දෙන්නෙමි” යි මා විසින් යමක් පිණිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, ඒ දෑ දීමට මා විසින් සිහි නො කරණ ලදී. භවත් ගෞතම තෙමේ මාගේ අළුත්තලත් අළුත්මීපැණිත් පිළිගණීවා” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “බ්‍රාහ්මණය, එසේ නම් භික්‍ෂූන්ට දෙව”.

20. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ දුබ‍්භික‍්ඛෙ අප‍්පමත‍්තකෙපි පවාරෙන‍්ති, පටිසඞ‍්ඛාපි පටික‍්ඛිපන‍්ති, සබ‍්බො ච සඞ‍්ඝො පවාරිතො හොති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පතිගණ‍්හන‍්ති. “පතිගණ‍්හාථ භික‍්ඛවෙ, පරිභුඤ‍්ජථ. අනුජානාමි භික‍්ඛවෙ, තතො නීහටං භුත‍්තාවිනා පවාරිතෙන අනතිරිත‍්තං පරිභුඤ‍්ජිතු”න‍්ති.

20. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි සුළුදෙයක් දුන් කල්හි ද පවරත්. සලකා ද ප්‍රතික්‍ෂේප කෙරෙත්. සියලු සඞ්ඝ තෙමේ භෝජන (වළඳා) පවාරණය කෙළේ වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, වැළඳූ තැනින් ගෙණ එන ලද අතිරික්ත නො වූ ආහාරය (පඨම පවාරණා සික්ඛාපදයෙහි කී ලෙසින් අයිරිත් නො කළ ආහාරය) වළඳා අවසන් කළ පැවරූ මහණහු විසින් වළඳන්නට අනුදනිමි” යි.

21. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො උපනන්‍දස‍්ස සක්‍යපුත‍්තස‍්ස උපට‍්ඨාකකුලං සඞ‍්ඝස‍්ස අත්‍ථාය ඛාදනීයං පාහෙසි: “ඉදං ඛාදනීයං අය්‍යස‍්ස උපනන්‍දස‍්ස දස‍්සෙත්‍වා සඞ‍්ඝස‍්ස දාතබ‍්බ”න‍්ති.

21. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන්ගේ උපස්ථායකකුලයක් සඞ්ඝයා පිණිස “මේ කෑ යුතු දෑ ස්වාමී වූ උපනන්‍ද තෙරුන්ට පෙන්වා සඞ්ඝයාට දිය යුතු ය” යි කෑමක් යැවී ය.

22. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨො හොති.

22. එකල්හි ශාක්‍යෂුත්‍ර ආයුෂ්මත් උපනන්‍ද් ස්ථවිර තෙමේ පිඬු පිණිස ගමට පිවිසියේ වේ.

23. අථ ඛො තෙ මනුස‍්සා ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූ පුච‍්ඡිංසු: “කහං භන‍්තෙ, අය්‍යො උපනන්‍දො”ති. එසාවුසො, ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨො”ති. “ඉදං භන‍්තෙ ඛාදනීයං අය්‍යස‍්ස උපනන්‍දස‍්ස දස‍්සෙත්‍වා සඞ‍්ඝස‍්ස දාතබ‍්බ”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “තෙන හි භික‍්ඛවෙ, පටිග‍්ගහෙත්‍වා නික‍්ඛිපථ යාව උපනන්‍දො ආගච‍්ඡතී”ති.

23. ඉක්බිති ඒ මිනිස්සු ආරාමයට ගොස් “ස්වාමීනි, ස්වාමී වූ උපනන්‍ද ස්ථවිර තෙමේ කොහි දැ” යි භික්‍ෂූන් විචාළහ. “ඇවැත්නි, මේ ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ පිඬු පිණිස ගමට පිවිසියේ” යි. “ස්වාමීනි, මේ කෑම ස්වාමී වූ උපනන්‍ද තෙරුන්ට පෙන්වා සඞ්ඝයාට දිය යුතු ය” යි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එසේ නම් පිළිගෙණ උපනන්‍දයන් එන තුරු බහා තබවු”.

24. අථ ඛො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො පුරෙභත‍්තං කුලානි පයිරුපාසිත්‍වා දිවා ආගච‍්ඡති.

24. ඉක්බිති ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි කුලයන් ඇසුරු කරමින් සිට ඉතා දහවල් එයි.

25. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ දුබ‍්භික‍්ඛෙ අප‍්පමත‍්තකෙපි පවාරෙන‍්ති. පටිසඞ‍්ඛාපි පටික‍්ඛිපන‍්ති. සබ‍්බො ච සඞ‍්ඝො පවාරිතො හොති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පතිගණ‍්හන‍්ති. “පතිගණ‍්හාථ භික‍්ඛවෙ, පරිභුඤ‍්ජථ. අනුජානාමි භික‍්ඛවෙ, පුරෙභත‍්තං පටිග‍්ගහිතං භුත‍්තාවිනා පවාරිතෙන අනතිරිත‍්තං පරිභුඤ‍්ජිතු”න‍්ති.

25. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි සුළුදෙයක් දුන් කල්හි ද පවරත්. සලකා ද ප්‍රතික්‍ෂේප කෙරෙත්. “සියලු සඞ්ඝ තෙමේ පැවරූයේ වේ ය” යි භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, පෙරවරුයෙහි පිළිගන්නා ලද අතිරික්ත නො වූ ආහාරය වළඳා අවසන් කළ පැවරූ (=භෝජන ප්‍රතික්‍ෂේප කළ) මහණහු විසින් වළඳන්නට අනුදනිමි” යි.

26. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් සැවැත්නුවරට වැඩියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වසන සේක.

27. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස කායඩාහාබාධො හොති.

27. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට කායදාහ ආබාධයෙක් (කයදැවිල්ලෙක්) වේ.

28. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “පුබ‍්බෙ තෙ ආවුසො සාරිපුත‍්ත, කායඩාහාබාධො කෙන ඵාසු හොතී”ති. “භිසෙහි ච මෙ ආවුසො මුළාලිකාහි චා”ති.

28. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙතට එළඹියහ. එළඹ “ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, පෙර ඔබගේ කයදැවිල්ල කුමකින් පහසු වී දැ?” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූහ. “ඇවැත්නි, මාගේ රෝගය නෙළුම්අලයෙන් ද නෙළුඹුදැළියෙන් ද පහසු වී ය”.

29. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ‍්ජෙය්‍ය, එවමෙව ජෙතවනෙ අන‍්තරහිතො මන්‍දාකිනියා පොක‍්ඛරණියා තීරෙ පාතුරහොසි.

29. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ අත දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අත හකුළන්නේ යම් සේ ද, එපරිද්දෙන් ජේතවනයෙහි අතුරුදහන් වූ සේක් මන්‍දාකිනී පොකුණු ඉවුරෙහි පහළ වූ සේක.

30. අද‍්දසා ඛො අඤ‍්ඤතරො නාගො ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං එතදවොච: “එතු ඛො භන‍්තෙ, අය්‍යො මහාමොග‍්ගල‍්ලානො. ස‍්වාගතං භන‍්තෙ අය්‍යස‍්ස මහාමොග‍්ගල‍්ලානස‍්ස. කෙන භන‍්තෙ, අය්‍යස‍්ස අත්‍ථො? කිං දම‍්මී”ති. “භිසෙහි ච මෙ ආවුසො අත්‍ථො මුළාලිකාහි චා”ති.

30. එක්තරා ඇතෙක් එන්නා වූ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට “ස්වාමීනි, ස්වාමී වූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වඩින සේක්වා. ස්වාමීනි, ස්වාමී වූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ යහපත් පැමිණීමෙකි. ස්වාමීනි, ස්වාමීන් වහන්සේට කුමකින් ප්‍රයෝජන වේ ද, (මම) කුමක් දෙම් දැ” යි කීයේ ය. “ඇවැත්නි, මට නෙළුම්අලයෙන් ද, නෙළුඹුදැළියෙන් ද ප්‍රයෝජන වේ”.

31. අථ ඛො සො නාගො අඤ‍්ඤතරං නාගං ආණාපෙසි: “තෙන හි භණෙ අය්‍යස‍්ස භිසෙ ච මුළාලිකායො ච යාවදත්‍ථං දෙහී”ති. අථ ඛො සො නාගො මන්‍දාකිනිං පොක‍්ඛරණිං ඔගාහෙත්‍වා සොණ‍්ඩාය භිසඤ‍්ච භිසමුළාලිකඤ‍්ච අබ‍්බාහෙත්‍වා සුවික‍්ඛාලිතං වික‍්ඛාලෙත්‍වා භණ‍්ඩිකං බන්‍ධිත්‍වා යෙනායස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි.

31. එවිට ඒ ඇත්තෙමේ එක්තරා ඇතකුට “කොල, එසේ නම් ස්වාමීන් වහන්සේට නෙළුම්අල ද නෙළුඹුදැළි ද සෑහෙන පමණ දෙව” යි අණ කෙළේ ය. ඉක්බිති ඒ ඇත් තෙමේ මන්‍දාකිනීපොකුණට බැස හොඬින් නෙළුඹලද නෙළුඹුදැළි ද උපුටා ගෙණ මනා කොට සෝදා මිටියක් බැඳ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙතට පැමිණියේ ය.

32. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ‍්ජෙය්‍ය, එවමෙව මන්‍දාකිනියා පොක‍්ඛරණියා තීරෙ අන‍්තරහිතො ජෙතවනෙ පාතුරහොසි.

32. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ, අත දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අත හකුළන්නේ යම් සේ ද, එපරිද්දෙන් වහා මන්‍දාකිනි පොකුණු ඉවුරෙහි අතුරුදහන් වූ සේක් ජේතවනයෙහි පහළ වූ සේක.

33. සොපි ඛො නාගො මන්‍දාකිනියා පොක‍්ඛරණියා තීරෙ අන‍්තරහිතො ජෙතවනෙ පාතුරහොසි. අථ ඛො සො නාගො ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස භිසෙ ච මුළාලිකායො ච පටිග‍්ගහාපෙත්‍වා ජෙතවනෙ අන‍්තරහිතො මන්‍දාකිනියා පොක‍්ඛරණියා තීරෙ පාතුරහොසි.

33. ඒ ඇත් තෙමේ ද මන්‍දාකිනීපොකුණු ඉවුරෙහි අතුරුදහන් ව ජේතවනයෙහි පහළ වූයේ ය. ඉක්බිති ඒ ඇත් තෙමේ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට නෙළුඹල ද නෙළුඹුදැළි ද පිළිගන්වා ජේතවනයෙහි අතුරුදහන් ව මන්‍දාකිනීපොකුණු ඉවුරෙහි පහළ වූයේ ය.

34. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භිසෙ ච මුළාලිකායො ච උපනාමෙසි. අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භිසෙ ච මුළාලිකායො ච පරිභුත‍්තස‍්ස කායඩාහාබාධො පටිප‍්පස‍්සම‍්භි. බහූ භිසා ච මුළාලිකායො ච අවසිට‍්ඨා හොන‍්ති.

34. ඉන් පසු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට නෙළුඹල ද නෙළුඹුදැළි ද එළවූහ. නෙළුඹල ද නෙළුඹුදැළි ද වැළඳූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ කයේ දැවිල්ල සංසිඳුනේ ය. බොහෝ නෙළුඹල ද නෙළුඹුදැළි ද ඉතිරි වි ය.

35. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ දුබ‍්භික‍්ඛෙ අප‍්පමත‍්තකෙපි පවාරෙන‍්ති. පටිසඞ‍්ඛාපි පටික‍්ඛිපන‍්ති. සබ‍්බො ච සඞ‍්ඝො පවාරිතො හොති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පතිගණ‍්හන‍්ති. “පතිගණ‍්හාථ භික‍්ඛවෙ, පරිභුඤ‍්ජථ. “අනුජානාමි භික‍්ඛවෙ, වනට‍්ඨං පොක‍්ඛරට‍්ඨං භුත‍්තාවිනා පවාරිතෙන අනතිරිත‍්තං පරිභුඤ‍්ජිතු”න‍්ති.

35. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි ස්වල්පමාත්‍රයක් දුන් කල්හි ද පවරත්. දැන ද ප්‍රතික්‍ෂේප කෙරෙත්, සියලු සඞ්ඝ තෙමේ ද පැවරූයේ වේ. භික්‍ෂූහු කුකුස් කරමින් නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, වළඳා අවසන් කළ මහණහු විසින් වනයෙහි හටගත් පියුම්ගසෙහි හටගත් අතිරික්ත නො වූ දෑ වළඳන්නට අනුදනිමි”.

36. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං බහුං ඵලඛාදනීයං උප‍්පන‍්නං හොති, කප‍්පියකාරකො ච න හොති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා ඵලං න පරිභුඤ‍්ජන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, අබීජං නිබ‍්බට‍්ටබීජං අකතකප‍්පං ඵලං පරිභුඤ‍්ජිතු”න‍්ති.

36. එකල්හි සැවැත්නුවර කෑයුතු බොහෝ ඵලවර්‍ග උපන්නේ වේ. කැපකරුවෙක් ද නො වේ. භික්‍ෂූහු කුකුස් කරමින් ඵල නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මුහු කළ ඇට නැත්තා වූ ද (පැළ වෙන) ඇට ඉවත් කළා වූ ද කැප නො කළා වූ ඵලවර්‍ග වළඳන්නට අනුදනිමි” යි.

37. අථ ඛො භගවා සාවත්‍ථියං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන රාජගහං තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්‍ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ.

37. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර කැමැති තාක් කල් වාසය කොට රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් රජගහනුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහනුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනාරාමයෙහි වාසය කරණ සේක.

38. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො භගන්‍දලාබාධො හොති. ආකාසගොත‍්තො වෙජ‍්ජො සත්‍ථකම‍්මං කරොති. අථ ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තො යෙන තස‍්ස භික‍්ඛුනො විහාරො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො ආකාසගොත‍්තො වෙජ‍්ජො භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන භගවන‍්තං එතදවොච: “ආගච‍්ඡතු භවං ගොතමො, ඉමස‍්ස භික‍්ඛුනො වච‍්චමග‍්ගං පස‍්සතු සෙය්‍යථාපි ගොධාමුඛ”න‍්ති .

38. එකල්හි එක්තරා මහණකුහට භගන්‍දරාබාධයෙක් වේ. ආකාසගොත්ත වෙද තෙමේ සැත්කම් (ශල්‍යකර්‍මයක්) කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ මහණහුගේ විහාරයට වැඩි සේක. ආකාසගොත්ත වෙද තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක “භවත් ගෞතම තෙමේ (මෙහි) ඒවා. මේ මහණහුගේ තලගොයි කට වැනි වූ වසමග බලාවා” යි කීයේ ය.

39. අථ ඛො භගවා “මමං ඛ‍්වායං මොඝපුරිසො උප‍්පණ‍්ඩෙතී”ති තතොව පටිනිවත‍්තිත්‍වා, එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි: “අත්‍ථි භික‍්ඛවෙ, අමුකස‍්මිං විහාරෙ භික‍්ඛු ගිලානො?”ති. “අත්‍ථි භගවා”ති. “කිං තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො ආබාධො?”ති. “තස‍්ස භන‍්තෙ ආයස‍්මතො භගන්‍දලාබාධො. ආකාසගොත‍්තො වෙජ‍්ජො සත්‍ථකම‍්මං කරොතී”ති. විගරහි බුද‍්ධො භගවා: “අනනුච‍්ඡවියං, භික‍්ඛවෙ, තස‍්ස මොඝපුරිසස‍්ස අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම සො භික‍්ඛවෙ, මොඝපුරිසො සම‍්බාධෙ සත්‍ථකම‍්මං කාරාපෙස‍්සති. සම‍්බාධෙ භික‍්ඛවෙ සුඛුමා ඡවි. දුරොපයො වණො. දුප‍්පරිහාරං සත්‍ථං. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, සම‍්බාධෙ සත්‍ථකම‍්මං කාරාපෙතබ‍්බං. යො කාරාපෙය්‍ය, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති.

39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මේ හිස් පුරුෂ තෙමේ මට විසුළු බස් බෙණේ ය” යී එයින් ම පෙරළා අවුත් මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අසුවල් වෙහෙර ගිලන් මහණෙක් ඇත්තේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඇත්තේ ය.” “මහණෙනි, ඒ මහණහුගේ රෝගය කුමක් ද?” “ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් හට භගන්‍දරාබාධයෙකි. ආකාසගොත්ත වෙද තෙමේ ශල්‍යකර්‍ම කෙරෙයි.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂයාගේ ක්‍රියාව නො ගැළපෙන්නක. අනුලොම් නො වූවෙක. නුසුදුස්සෙක. මහණකමට නො හොබනේ ය. අකැප වූවෙක. නො කටයුත්තෙක. මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් සම්බාධ ස්ථානයෙහි (වස මග පස මග අතර) ශල්‍යකර්‍ම කරවී ද? මහණෙනි, ලිඞ්ගප්‍රදේශයෙහි සිවිය සියුම් ය. වණය සුව කරණු අපහසු ය. ආයුධය ක්‍රියා කරවීම දුෂ්කර ය. මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ ය” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ලිඞ්ගප්‍රදේශයෙහි ශල්‍යකර්‍ම නො කරවිය යුතු ය. යමෙක් කරවන්නේ නම්, ථූලසිඇවැත් වේ ය” යි වදාළ සේක.

40. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ “භගවතා සත්‍ථකම‍්මං පටික‍්ඛිත‍්ත”න‍්ති වත්‍ථිකම‍්මං කාරාපෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාමඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වත්‍ථිකම‍්මං කාරාපෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

40. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් ශල්‍යකර්‍මය ප්‍රතික්‍ෂේප කරණ ලදැ” යි වස්තිකර්‍මය කරවත්. අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවගමහණෝ කෙසේ නම් වස්තිකර්‍ම කරවත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. එකල්හි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

41. “සච‍්චං කිර භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වත්‍ථිකම‍්මං කාරාපෙන‍්තී”ති. “සච‍්චං භගවා” -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, සම‍්බාධස‍්ස සාමන‍්තා ද‍්වඞ‍්ගුලා සත්‍ථකම‍්මං වා වත්‍ථිකම‍්මං වා කාරාපෙතබ‍්බං. යො කාරාපෙය්‍ය, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති.

41. “මහණෙනි, සවගමහණෝ වස්තිකර්‍ම කරවත් ල යනු සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” –පෙ– ගරහා දැහැමි කතා කොට ·‘මහණෙනි, ලිඞ්ගප්‍රදේශය හාත්පස දෑඟුලකින් ඇතුළත ශල්‍යකර්‍මය ද (සම්බාධයෙහි) වස්තිකර්‍මය (වස්තිපීඩනය) ද නො කරවිය යුතු ය. යමෙක් කරවා නම්, ථුලසිඇවැත් වේ ය” යි වදාළ සේක.

42. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන බාරාණසී තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්‍ර සුදං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ.

42. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වාසය කොට බරණැස් නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් බරණැස් නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන සේක.

43. තෙන ඛො පන සමයෙන බාරාණසියං සුප‍්පියො ච උපාසකො සුප‍්පියා ච උපාසිකා උභො පසන‍්නා හොන‍්ති දායකා කාරකා සඞ‍්ඝුපට‍්ඨාකා. අථ ඛො සුප‍්පියා උපාසිකා ආරාමං ගන‍්ත්‍වා විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛූ පුච‍්ඡති: “කො භන‍්තෙ ගිලානො, කස‍්ස කිං ආහරියතූ”ති.

43. එකල්හි බරණැස් නුවර සුප්පියඋපාසක තෙමේ ද සුප්පියා උපාසිකා තොමෝ ද යන දෙදෙන පැහැදුනෝ වෙත්. දායකයෝ වෙත්. කාරකයෝ වෙත්. සඞ්ඝෝපස්ථායකයෝ වෙත්. එකල්හි සුප්පියාඋපාසිකා තොමෝ ආරාමයට ගොස් වෙහෙරෙන් වෙහෙරට පිරිවෙණෙන් පිරිවෙණට එළඹ “ස්වාමීනි, කවරෙක් ගිලන් වේ ද? කවරකුට කුමක් ගෙණෙනු යුතු දැ” යි භික්‍ෂූන් අතින් විචාරයි.

44. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරෙන භික‍්ඛුනා විරෙචනං පීතං හොති. අථ ඛො සො භික‍්ඛු සුප‍්පියං උපාසිකං එතදවොච: “මයා ඛො භගිනි, විරෙචනං පීතං. අත්‍ථො මෙ පටිච‍්ඡාදනීයෙනා”ති. “සුට‍්ඨු අය්‍ය, ආහරීයිස‍්සතී”ති. ඝරං ගන‍්ත්‍වා අන‍්තෙවාසිං ආණාපෙසි: “ගච‍්ඡ භණෙ, පවත‍්තමංසං ජානාහී”ති. “එවං අය්‍යෙ”ති ඛො සො පුරිසො සුප‍්පියාය උපාසිකාය පටිස‍්සුත්‍වා කෙවලකප‍්පං බාරාණසිං ආහිණ‍්ඩන‍්තො න අද‍්දස පවත‍්තමංසං. අථ ඛො සො පුරිසො යෙන සුප‍්පියා උපාසිකා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සුප‍්පියං උපාසිකං එතදවොච: “නත්‍ථය්‍යෙ පවත‍්තමංසං. මාඝාතො අජ‍්ජා”ති.

44. එකල්හි එක්තරා මහණකු විසින් විරේචන බෙහෙතක් බොන ලද්දේ වේ. ඉක්බිති ඒ මහණ තෙමේ “බුහුනනිය, මා විසින් විරේචන බෙහෙතක් බොන ලදී. මට මස්රසයෙන් ප්‍රයෝජන වේ” යි සුප්පියා උපාසිකාවට කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, හොඳ යි. ගෙණෙනු ලබන්නේය” යි ගෙට ගොස් අතැවැසියකුට “සගය, යව. කඩපිළෙහි විකිණීමට තැබූ මස් දනුව” යි අණ කළා ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ පුරුෂතෙමේ සුප්පියාඋපාසිකාවට පිළිවදන් දී ගොස් මුළු බරණැස ඇවිදින්නේ කඩපිළෙහි විකිණීමට තැබූ මසක් නො දුටුයේ ය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ සුප්පියාඋපාසිකාව වෙතට ගියේ ය. ගොස් “ආර්‍ය්‍යාවෙනි, කඩපිළෙහි විකිණීමට තැබූ මසක් නැත්තේ ය. අද මාඝාත ය” (සතුන් මැරීම තහනම් ය) යි සුප්පියාඋපාසිකාවට දැන්වී ය.

45. අථ ඛො සුප‍්පියාය උපාසිකාය එතදහොසි: “තස‍්ස ඛො ගිලානස‍්ස භික‍්ඛුනො පටිච‍්ඡාදනීයං අලභන‍්තස‍්ස ආබාධො වා අභිවඩ‍්ඪිස‍්සති, කාලඞ‍්කිරියා වා භවිස‍්සති. න ඛො මෙ තං පතිරූපං, යාහං පටිස‍්සුත්‍වා න හරාපෙය්‍ය”න‍්ති. පොත්‍ථනිකං ගහෙත්‍වා ඌරුමංසං උක‍්කන‍්තිත්‍වා දාසියා අදාසි: “හන්‍ද ජෙ ඉමං මංසං සම‍්පාදෙත්‍වා, අමුකස‍්මිං විහාරෙ භික‍්ඛු ගිලානො, තස‍්ස දජ‍්ජෙහි. යො ච මං පුච‍්ඡති, ‘ගිලානාති පටිවෙදෙහී”ති. උත‍්තරාසඞ‍්ගෙන ඌරුං පවෙඨෙත්‍වා ඔවරකං පවිසිත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජි.

45. එවිට සුප්පියාඋපාසිකාවට “මස්රසය නො ලබන ඒ ගිලන් මහණහුගේ රෝගය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මම යමක් දීමට පොරොන්දු දී එය නො යවන්නෙම් නම්, එය මට නුසුදුසු ය” යි මෙබඳු සිතෙක් වි ය. මස් කපන කැත්ත ගෙණ කලවා මස් කපා “කෙල්ල, මේ මස පිස සකස් කොට, අසවල් වෙහෙර ගිලන් මහණෙක් වේ. ඒ මහණහුට දෙව” යි දාසියට දුන්නී ය. “යමෙක් මා ගැණ විචාරා නම්, ගිලන් වූවා යි කියව” යි උතුරුසළුවෙන් කලවය වෙළාගෙණ ඔවරකයට (නිදනගෙට) ඇතුල් ව ඇඳෙහි හොත්තා ය.

46. අථ ඛො සුප‍්පියො උපාසකො ඝරං ගන‍්ත්‍වා දාසිං පුච‍්ඡි: “කහං සුප‍්පියා”ති. “එසය්‍ය ඔවරකෙ නිපන‍්නා”ති. අථ ඛො සුප‍්පියො උපාසකො යෙන සුප‍්පියා උපාසිකා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සුප‍්පියං උපාසිකං එතදවොච: “කිස‍්ස නිපන‍්නාසී”ති. ගිලානාම‍්හී”ති. “කින‍්තෙ ආබාධො”ති. අථ ඛො සුප‍්පියා උපාසිකා සුප‍්පියස‍්ස උපාසකස‍්ස එතමත්‍ථං ආරොචෙසි.

46. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ගෙට ගොස් “සුප්පියාව කොහි දැ”යි දාසිය විචාළේ ය. “ආර්‍ය්‍යය, නිදනගෙයි හෝ නී ය”. එවිට සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව වෙතට ගියේ ය. ගොස් “කුමක් හෙයින් හෝනිහි දැ” යි සුප්පියාඋපාසිකාවගෙන් ඇසී ය. “මම ගිලන්මි”. “තීගේ ආබාධය කුමක් ද?” එවිට සුප්පියාඋපාසිකා තොමෝ සුප්පියඋපාසකයාහට මේ කාරණය කී ය.

47. අථ ඛො සුප‍්පියො උපාසකො “අච‍්ඡරියං වත භො! අබ‍්භුතං වත භො! යාව සද‍්ධායං සුප‍්පියා පසන‍්නා, යත්‍ර හි නාම අත‍්තනොපි මංසානි පරිච‍්චත‍්තානි, කිම‍්පනිමාය අඤ‍්ඤං කිඤ‍්චි අදෙය්‍යං භවිස‍්සතී”ති හට‍්ඨො උදග‍්ගො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි.

47. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ “භවත්නි, අරුමයක! භවත්නි, පෙර නො වූවෙක! මේ සුප්පියාඋපාසිකාතොමෝ නිරවශේෂයෙන් ශ්‍රද්ධාවත් ය. නිරවශේෂයෙන් ප්‍රසන්න ය. තමන්ගේ ම මස් මෙසේ පරිත්‍යාග කරණ ලද නම්, මැය විසින් නො දිය හැකි වූ අන් කුමක් වන්නේ දැ” යි සතුටු වූයේ ඔදවැඩියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය.

48. එකමන‍්තං නිසින‍්නො ඛො සුප‍්පියො උපාසකො භගවන‍්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන‍්තෙ භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො සුප‍්පියො උපාසකො භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

48. පසෙක හුන් සුප්පියඋපාසක තෙමේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසා වදාරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

49. අථ ඛො සුප‍්පියො උපාසකො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන සුප‍්පියස‍්ස උපාසකස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

49. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දෙය බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, දැන් මේ කාල ය යි, බත නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට සැළකරවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ සුප්පියඋපාසකයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.

50. අථ ඛො සුප‍්පියො උපාසකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො සුප‍්පියං උපාසකං භගවා එතදවොච: “කහං සුප‍්පියා”ති. “ගිලානා භගවා”ති. “තෙන හි ආගච‍්ඡතූ”ති. “න භගවා උස‍්සහතී”ති. “තෙන හි පරිග‍්ගහෙත්‍වාපි ආනෙථා”ති. අථ ඛො සුප‍්පියො උපාසකො සුප‍්පියං උපාසිකං පරිග‍්ගහෙත්‍වා ආනෙසි. තස‍්සා, සහ දස‍්සනෙන භගවතො තාව මහාවණො රුළහො අහොසි සුච‍්ඡවිලොමජාතො.

50. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක සිටි සුප්පිය උපාසකයාගෙන් “සුප්පියාව කොහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, (ඕ තොමෝ) ගිලන් වූවා ය” යි. “එසේ නම් මෙහි ඒවා” යි. “භාග්‍යවතුන් වහන්ස, නො හැකිය”. “එසේ නම් ඔසොවා ගෙණ එවු” යි. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව ඔසොවා ගෙනායේ ය. භාග්‍යවතුන් වහන්සේගේ දැකීම සමග ම ඇගේ ඒ මහත් වූ වණය ගොඩ වී මනා සිවි ඇත්තේ වි ය. ලොම් හටගත්තේ වි ය.

51. අථ ඛො සුප‍්පියො ච උපාසකො සුප‍්පියා ච උපාසිකා “අච‍්ඡරියං වත භො! අබ‍්භුතං වත භො! තථාගතස‍්ස මහිද‍්ධිකතා මහානුභාවතා, යත්‍ර හි නාම සහදස‍්සනෙන භගවතො තාව මහාවණො රූළ‍්හො භවිස‍්සති, සුච‍්ඡවිලොමජාතො”ති හට‍්ඨා උදග‍්ගා බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදිංසු. අථ ඛො භගවා සුප‍්පියං ච උපාසකං සුප‍්පියං ච උපාසිකං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

51. එවිට සුප්පියඋපාසක තෙමේ ද සුප්පියාඋපාසිකා තොමෝ ද “භාග්‍යවතුන්ගේ දැකීම සමග එපමණ මහත් වූ වණය ගොඩ වූයේ මනා සිවි ඇත්තේ හටගත් ලොම් ඇත්තේ වී නම්, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව, භවත්නි, අරුමයකි! භවත්නි, පුදුමයකි!” යි සතුටු වූවෝ ඔද වැඩියාහු බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදියු යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුප්පියඋපාසකයා ද සුප්පියාඋපාසිකාව ද දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

52. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි: “කො භික‍්ඛවෙ, සුප‍්පියං උපාසිකං මංසං විඤ‍්ඤාපෙසී”ති. එවං වුත‍්තෙ සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “අහං ඛො භන‍්තෙ සුප‍්පියං උපාසිකං මංසං විඤ‍්ඤාපෙසි”න‍්ති. “ආහරියිත්‍ථ භික‍්ඛූ”ති. “ආහරියිත්‍ථ භගවා”ති. “පරිභුඤ‍්ජි ත්‍වං භික‍්ඛූ”ති. “පරිභුඤ‍්ජාහං භගවා”ති. “පටිවෙක‍්ඛි ත්‍වං භික‍්ඛූ”ති. “නාහං භගවා පටිවෙක‍්ඛි”න‍්ති.

52. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, කවරෙක් සුප්පියාඋපාසිකාව මස් විණවූයේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. මෙසේ විචාළ කල්හි ඒ මහණ තෙමේ “ස්වාමීනි, මම සුප්පියා උපාසිකාව මස් විණ වූ (ඉල්ලූ) යෙමි” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණ, ගෙණෙනු ලැබී ද?” “භාග්‍යවතුන් වහන්ස, ගෙණෙනු ලැබී ය”. “මහණ, තෝ වැළඳූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම වැළඳූයෙමි”. “මහණ තෝ ‘කිනම් මසක් දැ’ යි විචාළෙහි (විමසුවෙහි) ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො විමසුවෙමි”.

53. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස, අප‍්පටිවෙක‍්ඛිත්‍වා මංසං පරිභුඤ‍්ජිස‍්සසි. මනුස‍්සමංසං ඛො තයා මොඝපුරිස, පරිභුත‍්තං. නෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “සන‍්ති භික‍්ඛවෙ, මනුස‍්සා සද‍්ධා පසන‍්නා. තෙහි අත‍්තනොපි මංසානි පරිච‍්චත‍්තානි. න භික‍්ඛවෙ, මනුස‍්සමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. න ච භික‍්ඛවෙ, අප‍්පටිවෙක‍්ඛිත්‍වා මංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

53. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “සිස් පුරුෂය, තෝ කෙසේ නම් නො විචාරා (පරීක්‍ෂා නො කොට) මස් වැළඳූයෙහි ද? සිස් පුරුෂය, තා විසින් වළඳන ලද්දේ මනුෂ්‍යමාංසයෙකි. සිස් පුරුෂය මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ශ්‍රද්ධාවත් වූ ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ වෙති. ඔවුන් විසින් තමන්ගේ මස් ද පුදන ලද්දේ ය. මහණෙනි, මිනිස් මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ථුලසිඇවැත් වේ” යි භික්‍ෂූන් ට වදාළ සේක. “මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

54. තෙන ඛො පන සමයෙන රඤ‍්ඤො හත්‍ථී මරන‍්ති. මනුස‍්සා දුබ‍්භික‍්ඛෙ හත්‍ථිමංසං පරිභුඤ‍්ජන‍්ති. භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං හත්‍ථිමංසං දෙන‍්ති. භික‍්ඛූ හත්‍ථිමංසං පරිභුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා හත්‍ථිමංසං පරිභුඤ‍්ජිස‍්සන‍්ති. රාජඞ‍්ගං හත්‍ථී. සචෙ රාජා ජානෙය්‍ය, න තෙසං අත‍්තමනො අස‍්සා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, හත්‍ථිමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

54. එකල්හි රජුගේ ඇත්තු මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි ඇත් මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ඇත්මස් දෙත්. භික්‍ෂූහු ඇත්මස් වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් ඇත්මස් වළඳත් ද? ඇත් තෙමේ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇත්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

55. තෙන ඛො පන සමයෙන රඤ‍්ඤො අස‍්සා මරන‍්ති. මනුස‍්සා දුබ‍්භික‍්ඛෙ අස‍්සමංසං පරිභුඤ‍්ජන‍්ති. භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං අස‍්සමංසං දෙන‍්ති. භික‍්ඛූ අස‍්සමංසං පරිභුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා අස‍්සමංසං පරිභුඤ‍්ජිස‍්සන‍්ති. රාජඞ‍්ගං අස‍්සා. සචෙ රාජා ජානෙය්‍ය, න තෙසං අත‍්තමනො අස‍්සා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, අස‍්සමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

55. එකල්හි රජුගේ අශ්වයෝ මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි අශ්වමාංස අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට අශ්වමාංස දෙත්. භික්‍ෂූහු අශ්වමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් අශ්වමාංස වළඳත් ද? අශ්වයෝ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අශ්වමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

56. තෙන ඛො පන සමයෙන මනුස‍්සා දුබ‍්භික‍්ඛෙ සුනඛමංසං පරිභුඤ‍්ජන‍්ති, භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං සුනඛමංසං දෙන‍්ති. භික‍්ඛූ සුනඛමංසං පරිභුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා සුනඛමංසං පරිභුඤ‍්ජිස‍්සන‍්ති. ජෙගුච‍්ඡො සුනඛො පටික‍්කූලො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, සුනඛමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

56. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි බලුමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට බලුමස් දෙත්. භික්‍ෂූහු බලුමස් වළඳත්, මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් බලුමස් වළඳත් ද? බලු තෙමේ නින්‍දිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලුමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

57. තෙන ඛො පන සමයෙන මනුස‍්සා දුබ‍්භික‍්ඛෙ අහිමංසං පරිභුඤ‍්ජන‍්ති, භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං අහිමංසං දෙන‍්ති. භික‍්ඛූ අහිමංසං පරිභුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා අහිමංසං පරිභුඤ‍්ජිස‍්සන‍්ති. ජෙගුච‍්ඡො අහි පටිකූලො”ති.

57. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි සර්‍පමාංස අනුභව කරත්, පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සර්‍පමාංස දෙත්. භික්‍ෂූහු සර්‍පමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් සර්‍පමාංස වළඳත් ද? සර්‍පයා හිරිකිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.

58. සුඵස‍්සොපි නාගරාජා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සුඵස‍්සො නාගරාජා භගවන‍්තං එතදවොච: “සන‍්ති හි භන‍්තෙ, නාගා අස‍්සද‍්ධා අප‍්පසන‍්නා. තෙ අප‍්පමත‍්තකෙහිපි භික‍්ඛූ විහෙඨෙය්‍යුං. සාධු භන‍්තෙ, අය්‍යා අහිමංසං න පරිභුඤ‍්ජෙය්‍යු”න‍්ති.

58. සුඵස්ස නාරජ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ සුඵස්ස නාරජ තෙමේ “ස්වාමීනි, ශ්‍රද්ධා නැති නො පහන් නාගයෝ ඇත්තාහ. ඔහු ස්වල්පයකිනුදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා සර්‍පමාංස නො වළඳන්නාහු නම්, යෙහෙකැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.

59. අථ ඛො භගවා සුඵස‍්සං නාගරාජානං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි. සමුත‍්තෙජෙසි. සම‍්පහංසෙසි. අථ ඛො සුඵස‍්සො නාගරාජා භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඵස්ස නාරජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති සුඵස්ස නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

60. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, අහිමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

60. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සර්‍පමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

61. තෙන ඛො පන සමයෙන ලුද‍්දකා සීහං හන‍්ත්‍වා සීහමංසං පරිභුඤ‍්ජන‍්ති. භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං සීහමංසං දෙන‍්ති. භික‍්ඛූ සීහමංසං පරිභුඤ‍්ජිත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්ති. සීහා මංසගන්‍ධෙන භික‍්ඛූ පරිපාතෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, සීහමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

61. එකල්හි වැද්දෝ සිංහයන් මරා සිංහමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සිංහමස් දෙත්. භික්‍ෂූහු සිංහමස් වළඳා වනයෙහි වෙසෙත්. සිංහයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිංහමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

62. තෙන ඛො පන සමයෙන ලුද‍්දකා ව්‍යග‍්ඝං හන‍්ත්‍වා ව්‍යග‍්ඝ මංසං පරිභුඤ‍්ජන‍්ති. භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං ව්‍යග‍්ඝමංසං දෙන‍්ති. භික‍්ඛූ ව්‍යග‍්ඝමංසං පරිභුඤ‍්ජිත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්ති. ව්‍යග‍්ඝා මංසගන්‍ධෙන භික‍්ඛූ පරිපාතෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, ව්‍යග‍්ඝමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සාති.

62. එකල්හි වැද්දෝ ව්‍යාඝ්‍රයන් නසා ව්‍යාඝ්‍රමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ව්‍යාඝ්‍රමස් දෙත්. භික්‍ෂූහු ව්‍යාඝ්‍රමස් වළඳා වනයෙහි වෙසෙත්. ව්‍යාඝ්‍රයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ව්‍යාඝ්‍රමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

63. තෙන ඛො පන සමයෙන ලුද‍්දකා දීපිං හන‍්ත්‍වා දීපිමංසං පරිභුඤ‍්ජන‍්ති. භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං දීපිමංසං දෙන‍්ති. භික‍්ඛූ දීපිමංසං පරිභුඤ‍්ජිත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්ති. දීපි මංසගන්‍ධෙන භික‍්ඛූ පරිපාතෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ දීපිමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

63. එකල්හි වැද්දෝ දිවියන් නසා දිවිමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට දිවිමස් දෙත්. භික්‍ෂූහු දිවිමස් වළඳා වනයෙහි වෙසෙත්. දිවියෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, දිවිමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

64. තෙන ඛො පන සමයෙන ලුද‍්දකා අච‍්ඡං හන‍්ත්‍වා අච‍්ඡමංසං පරිභුඤ‍්ජන‍්ති. භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං අච‍්ඡමංසං දෙන‍්ති. භික‍්ඛූ අච‍්ඡමංසං පරිභුඤ‍්ජිත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්ති. අච‍්ඡා මංසගන්‍ධෙන භික‍්ඛූ පරිපාතෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, අච‍්ඡමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

64. එකල්හි වැද්දෝ වලසුන් නසා වලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට වලස්මස් දෙත්. භික්‍ෂූහු වලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

65. තෙන ඛො පන සමයෙන ලුද‍්දකා තරච‍්ඡං හන‍්ත්‍වා තරච‍්ඡමංසං පරිභුඤ‍්ජන‍්ති. භික‍්ඛූනං පිණ‍්ඩාය චරන‍්තානං තරච‍්ඡමංසං දෙන‍්ති. භික‍්ඛූ තරච‍්ඡමංසං පරිභුඤ‍්ජිත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්ති. තරච‍්ඡා මංසගන්‍ධෙන භික‍්ඛූ පරිපාතෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, තරච‍්ඡමංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

65. එකල්හි වැද්දෝ කරබානාවලසුන් නසා කරබානාවලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට කරබානාවලස්මස් දෙත්. භික්‍ෂූහු කරබානාවලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. කරබානා වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කරබානාවලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

සුප‍්පියභාණවාරො දුතියො.

දෙවන සුප්පියබණවර.

1. අථ ඛො භගවා බාරාණසියං යථාභිරත‍්තං විහරිත්‍වා යෙන අන්‍ධකවින්‍දං තෙන චාරිකං පක‍්කාමි මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි.

1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර කැමැති තාක් කල් වාසය කොට අන්‍ධකවින්‍දය බලා එක්දහස්දෙසියපණසක් වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චාරිකාවෙහි වැඩි සේක.

2. තෙන ඛො පන සමයෙන ජානපදා මනුස‍්සා බහුං ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සකටෙසු ආරොපෙත්‍වා බුද‍්ධපමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබද‍්ධා හොන‍්ති “යදා පටිපාටිං ලභිස‍්සාම, තදා භත‍්තං කරිස‍්සාමා”ති. පඤ‍්චමත‍්තානි ච විඝාසාදසතානි.

2. එකල්හි දනවුවැසි මිනිස්සු බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෙය ද ගැල්වල නගා “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙමු ද එවිට බත් පිළියෙල කරන්නෙමු” යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාගේ පිටිපස ලුහු බැඳ ගියාහු වෙත්. පන්සියයක් පමණ ඉඳුල් කන්නෝ (සිඟන්නෝ) ද (මේ පිරිස හා) ගියහ.

3. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන අන්‍ධකවින්‍දං තදවසරි. අථ ඛො අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පටිපාටිං අලභන‍්තස‍්ස එතදහොසි: “අධිකානි ඛො මෙ ද‍්වෙ මාසානි බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං අනුබන්‍ධන‍්තස‍්ස ‘යදා පටිපාටිං ලභිස‍්සාමි, තදා භත‍්තං කරිස‍්සාමී’ති. න ච මෙ පටිපාටි ලබ‍්භති, අහං චම‍්හි එකකො. බහු ච මෙ ඝරාවාසත්‍ථො හායති. යන‍්නූනාහං භත‍්තග‍්ගං ඔලොකෙය්‍යං, යං භත‍්තග‍්ගෙ නාස‍්ස, තං පටියාදෙය්‍ය”න‍්ති. අථ ඛො සො බ්‍රාහ‍්මණො භත‍්තග‍්ගං ඔලොකෙන‍්තො ද‍්වෙ නාද‍්දස: යාගුඤ‍්ච මධුගොළකඤ‍්ච.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් අන්‍ධකවින්‍දයට වැඩි සේක. එකල්හි (බත්) පිළිවෙළ වාරය නො ලබන්නා වූ එක්තරා බමුණකුහට “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙම් ද, එවිට බත් පිළියෙල කරන්නෙමි යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ලුහු බඳනා මට දෙමසකට වැඩියක් ඉක්ම ගියේ ය. මාහට බත් පිළිවෙළ වාරය නො ලැබේ. මම ද තනි වූයෙමි. මාගේ බොහෝ වූ ද ගෘහවාසය පිළිබඳ කටයුතු පිරිහෙයි. මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ ද, එය පිළියෙල කරන්නෙමි’ යි මෙබඳු සිතක් උපන. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ බත්හල බලන්නේ දෙකක් – කැඳත් මීපිඬුත් නො දුටුයේ ය.

4. අථ ඛො සො බ්‍රාහ‍්මණො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “ඉධ මෙ භො ආනන්‍ද, පටිපාටිං අලභන‍්තස‍්ස එතදහොසි: ‘අධිකානි ඛො මෙ ද‍්වෙ මාසානි බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං අනුබන්‍ධන‍්තස‍්ස ‘යදා පටිපාටිං ලභිස‍්සාමි තදා භත‍්තං කරිස‍්සාමී’ති. න ච මෙ පටිපාටි ලබ‍්භති අහං චම‍්හි එකකො. බහු ච මෙ ඝරාවාසත්‍ථො හායති. යන‍්නූනාහං භත‍්තග‍්ගං ඔලොකෙය්‍යං, ‘යං භත‍්තග‍්ගෙ නාස‍්ස තං පටියාදෙය්‍ය’න‍්ති. සො ඛො අහං භො ආනන්‍ද, භත‍්තග‍්ගං ඔලොකෙන‍්තො ද‍්වෙ නාද‍්දසං: යාගුඤ‍්ච මධුගොළකඤ‍්ච. සචාහං භො ආනන්‍ද පටියාදෙය්‍යං යාගුඤ‍්ච මධුගොළකඤ‍්ච, පතිගණ‍්හෙය්‍ය මෙ භවං ගොතමො”ති. “තෙන හි බ්‍රාහ‍්මණ, භගවන‍්තං පටිපුච‍්ඡිස‍්සාමී”ති.

4. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත ගියේ ය. ගොස් “පින්වත් ආනන්‍දස්ථවිරයන් වහන්ස, බත්වාරය නො ලබන්නා වූ ‘යම් විටෙක බත් වාරය ලබන්නෙම් ද, එවිට බත් පිළියෙල කරන්නෙමි’ යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ලුහු බඳනා මට දෙමසකට වැඩියක් ඉක්ම ගියේ ය. මාහට බත්වාරය නො ලැබේ. මම ද තනි වූයෙමි. මාගේ බොහෝ වූ ගෘහවාසය පිළිබඳ කටයුතු පිරිහෙයි. මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ ද, එය පිළියෙල කරන්නෙමි’ යි මෙබඳු සිතක් උපන. පින්වත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, ඒ මම බත්හල බලන්නෙම් කැඳත් මීපිඬුත් යන දෙක නො දුටුයෙමි. පින්වත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මම කැඳත් මීපිඬුත් පිළියෙල කරන්නෙම් නම්, භවත් ගෞතම තෙමේ මාගේ කැඳ හා මීපිඬු පිළිගන්නේ දැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගෙන් විචාළේ ය. “බ්‍රාහ්මණය, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නෙමි”යි.

5. අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි. “තෙනහානන්‍ද, පටියාදෙතූ”ති. “තෙන හි බ්‍රාහ‍්මණ, පටියාදෙහී”ති. අථ ඛො සො බ්‍රාහ‍්මණො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පහූතං යාගුඤ‍්ච මධුගොළකඤ‍්ච පටියාදාපෙත්‍වා භගවතො උපනාමෙසි: “පතිගණ‍්හාතු මෙ භවං ගොතමො යාගුඤ‍්ච මධුගොළකඤ‍්චා”ති. “තෙන හි බ්‍රාහ‍්මණ, භික‍්ඛූනං දෙහී”ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පතිගණ‍්හන‍්ති. “පතිගණ‍්හාථ භික‍්ඛවෙ, පරිභුඤ‍්ජථා”ති.

5. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, එසේ නම් පිළියෙල කෙරේවා” යි. “බ්‍රාහ්මණය, එසේ නම් පිළියෙල කරව” යි. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු බොහෝ වූ කැඳත් මීපිඬුත් පිළියෙල කරවා “පින්වත් ගෞතම තෙමේ මාගේ කැඳත් මීපිඬුත් පිළිගණීවා” යි භාග්‍යවතුන් වහන්සේ වෙත එළවී ය. “බ්‍රාහ්මණය, එසේ නම් භික්‍ෂූන්ට දෙව“යි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු” යි.

6. අථ ඛො සො බ්‍රාහ‍්මණො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පහූතාය යාගුයා ච මධුගොළකෙන ච සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං ධොතහත්‍ථං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො තං බ්‍රාහ‍්මණං භගවා එතදවොච “දස ඉමෙ බ්‍රාහ‍්මණ, ආනිසංසා යාගුයා, යාගුං දෙන‍්තො ආයුං දෙති. වණ‍්ණං දෙති. සුඛං දෙති. බලං දෙති. පටිභානං දෙති. යාගු පීතා ඛුදං පටිහන‍්ති. පිපාසං පටිවිනෙති. වාතං අනුලොමෙති. වත්‍ථිං සොධෙති. ආමාවසෙසං පාචෙති. ඉමෙ ඛො බ්‍රාහ‍්මණ, දසානිසංසා යාගුයා”ති

6. නැවැත. ඒ බ්‍රාහ්මණ තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ වූ කැඳින් ද මීපිඬුවෙන් ද සියතින් සතප්වා වළඳවා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ බමුණාට “බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසයෙක් වේ: කැඳ දෙන්නේ ආයුෂ දෙයි. වර්‍ණය දෙයි. සැපය දෙයි. බලය දෙයි. නුවණ දෙයි. පානය කළ කැඳ බඩගිනි නසයි. පිපාසාව දුරු කෙරෙයි. වාතය අනුලොම් කරයි. වස්තිය පිරිසිදු කරයි. නො පැසී ශේෂ වූ ආහාරය පැසවයි. බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසය” යි වදාළ සේක.

7. යො සඤ‍්ඤතානං පරදත‍්තභොජිනං කාලෙන සක‍්කච‍්ච දදාති යාගුං, දසස‍්ස ඨානානි අනුප‍්පවෙච‍්ඡති ආයුඤ‍්ච වණ‍්ණඤ‍්ච සුඛං බලඤ‍්ච.

7. යමෙක් කායසංයමාදියෙන් යුත් අනුන් විසින් දුන්දෙය වළඳනසුලුවූවන්ට සුදුසු කාලයෙහි සකස් කොට කැඳ දේ ද, හෙතෙමේ ඔහුට අනුසස් (කරුණු) දසයක් දෙයි. ආයුෂය ද වර්‍ණය ද සැපය ද බලය ද (දෙයි.)

8. පටිභාණමස‍්ස උපජායතෙ තතො ඛුදං පිපාසං ව්‍යපනෙති වාතං, සොධෙති වත්‍ථිං පරිණාමෙති භුත‍්තං භෙසජ‍්ජමෙතං සුගතෙන වණ‍්ණිතං.

8. ඔහුට එයින් නුවණ උපදියි. (කැඳ) බඩසය හා පවස ද දුරු කෙරෙයි. වාතය දුරු කෙරෙයි. වස්තිය ශුද්ධ කෙරෙයි. වැළඳූදැය දිරවයි. මේ බුදුරජුන් විසින් වර්‍ණනා කරණ ලද බෙහෙතකි.

9. තස‍්මා හි යාගුං අලමෙව දාතුං; නිච‍්චං මනුස‍්සෙන සුඛත්‍ථිකෙන; දිබ‍්බානි වා පත්‍ථයතා සුඛානි; මනුස‍්සසොභග්‍යතමිච‍්ඡතා වාති.

9. එබැවින් සුව කැමැති වූ දිව්‍යසම්පත් හෝ පතන්නාවූ මනුෂ්‍ය සම්පත් හෝ කැමැත්තා වූ මිනිසා විසින් නිති කැඳ දන් දීම සුදුසු වේ ම ය.

10. අථ ඛො භගවා තං බ්‍රාහ‍්මණං ඉමාහි ගාථාහි අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, යාගුඤ‍්ච මධුගොළකඤ‍්චා”ති.

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කොට හුනස්නෙන් නැගී වැඩි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, කැඳත් මීපිඬුත් අනුදනිමි” යි.

11. අස‍්සොසුං ඛො මනුස‍්සා “භගවතා කිර භික‍්ඛූනං යාගු අනුඤ‍්ඤාතා මධුගොළකඤ‍්චා”ති. තෙ කාලස‍්සෙව භොජ‍්ජයාගුං පටියාදෙන‍්ති මධුගොළකඤ‍්ච. භික‍්ඛූ කාලස‍්සෙව භොජ‍්ජාය යාගුයා ධාතා මධුගොළකෙන ච භත‍්තග‍්ගෙ න චිත‍්තරූපං භුඤ‍්ජන‍්ති.

11. මිනිස්සු “භාග්‍යවතුන් වහන්සේ විසින් කැඳත් මීපිඬුත් අනුදන්නා ලදැ” යි ඇසූහ. ඔහු බුදිනකැඳ ද මීපිඬු ද උදෑසන ම පිළියෙල කෙරෙත්. භික්‍ෂූහු කලින් ම බුදිනකැඳින් ද මීපිඬුවෙන් ද තෘප්ත වූවෝ බත් (බොජුන්) හලෙහි දී සිත් සේ බත් නො වළඳත්,

12. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරෙන තරුණප‍්පසන‍්නෙන මහාමත‍්තෙන ස‍්වාතනාය බුද‍්ධපමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො හොති. අථ ඛො තස‍්ස තරුණප‍්පසන‍්නස‍්ස මහාමත‍්තස‍්ස එතදහොසි: “යන‍්නූනාහං අඩ‍්ඪතෙළසන‍්නං භික‍්ඛුසතානං අඩ‍්ඪතෙළසානි මංසපාතිසතානි පටියාදෙය්‍යං, එකමෙකස‍්ස භික‍්ඛුනො එකමෙකං මංසපාතිං උපනාමෙය්‍ය”න‍්ති. අථ ඛො සො තරුණප‍්පසන‍්නො මහාමත‍්තො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා අඩ‍්ඪතෙළසානි ච මංසපාතිසතානි භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන තස‍්ස තරුණප‍්පසන‍්නස‍්ස මහාමත‍්තස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

12. එකල්හි එක්තරා අළුත පැහැදුනු මහඇමතියකු විසින් බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ වේ. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහ ඇමතියාහට “මම එක්දහස්දෙසියපණසක් භික්‍ෂූන්ට එක්දහස්දෙසිය පණසක් මස්තලි පිළියෙල කරන්නෙම් නම්, එක එක මහණහුට එක එක මස්තලිය එළවන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහඇමති තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දෑ බිදිය යුතු දෑ එක්දහස්දෙසියපණසක් මස්තලි ද පිළියෙල කරවා “ස්වාමීනි, මේ කාලය යි. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ අළුත පැහැදුනු ඒ මහඇමතියාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණ වූ අසුනෙහි වැඩ හුන් සේක.

13. අථ ඛො සො තරුණප‍්පසන‍්නො මහාමත‍්තො භත‍්තග‍්ගෙ භික‍්ඛූ පරිවිසති. භික‍්ඛූ එවමාහංසු:– “ථොකං ආවුසො දෙහී”ති. “මා ඛො තුම‍්හෙ භන‍්තෙ, ‘අයං තරුණප‍්ලසන‍්නො මහාමත‍්තො’ති ථොකං ථොකං පතිගණ‍්හිත්‍ථ. බහුං මෙ ඛාදනීයං භොජනීයං පටියත‍්තං, අඩ‍්ඪතෙළසානි මංසපාතිසතානි. එකමෙකං මංසපාතිං උපනාමෙස‍්සාමී. පතිගණ‍්හථ භන‍්තෙ යාවදත්‍ථ”න‍්ති. “න ඛො මයං ආවුසො එතංකාරණා ථොකං ථොකං පතිගණ‍්හාම, අපි ච මයං කාලස‍්සෙව භොජ‍්ජාය යාගුයා ධාතා මධුගොළකෙන ච. තෙන මයං ථොකං ථොකං පතිගණ‍්හාමා”ති.

13. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහඇමති තෙමේ බත්හලෙහි භික්‍ෂූන් වළඳවයි. භික්‍ෂූහු “ඇවැත්නි, ටිකක් දෙව, ඇවැත, ටිකක් දෙව” යි මෙසේ කීහ. “ස්වාමීනි, නුඹ වහන්සේලා ‘මේ තෙමේ අළුත පැහැදුනු මහඇමතියෙකැ’ යි ටික ටික නො පිළිගන්නා සේක්වා.” මා විසින් බොහෝ කෑ යුතු දෙය ද බිදිය යුතු දෙය ද පිළියෙල කරණ ලද්දේ ය. එක්දහස් දෙසියපණසක් මස්තලි එක එක එළවන්නෙම්. ස්වාමීනි, සෑහෙන පමණ පිළිගන්නා සේක්වා “ඇවැත්නි, මේ කරුණෙන් අපි ටික ටික පිළිගන්නමෝ නො වෙමු. අපි උදෑසන ම භෝජ්ජයාගුවෙන් ද මීපිඬුවෙන් ද සෑහුනෝ වම්හ. එහෙයින් අපි ටික ටික පිළිගණිමු”යි.

14. අථ ඛො සො තරුණපසන‍්නො මහාමත‍්තො උජ‍්ඣායති, ඛීයති විපාචෙති: “කථං හි නාම භදන‍්තා මයා නිමන‍්තිතා අඤ‍්ඤස‍්ස භොජ‍්ජයාගුං පරිභුඤ‍්ජිස‍්සන‍්ති. න චාහං පටිබලො යාවදත්‍ථං දාතු”න‍්ති කුපිතො අනත‍්තමනො ආසාදනාපෙක‍්ඛො භික‍්ඛූනං පත‍්තෙ පූරෙන‍්තො අගමාසි “භුඤ‍්ජථ වා. හරථ වා”ති.

14. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා මා විසින් පවරණ ලද්දෝ අන්‍යයකුගේ බුදිනකැඳ වැළඳූහු ද? මම සෑහෙන පමණ දෙන්නට අපොහොසත් වෙම් දැ” යි අවමන් කෙරෙයි. නින්‍දා කෙරෙයි. දොස් කියයි. (මෙසේ) කිපියේ නො සතුටු සිත් ඇත්තේ චෝදනාවෙන් පෙළනු කැමැත්තේ “වළඳවු, නැතහොත් ගෙණ යවු” යි භික්‍ෂූන්ගේ පාත්‍ර පුරවමින් ගියේ ය.

15. අථ ඛො සො තරුණප‍්පසන‍්නො මහාමත‍්තො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො තං තරුණප‍්පසන‍්නං මහාමත‍්තං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

15. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂූ සංඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද සියතින් සතප්වා වළඳවා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් තුරුණුපහන් ඒ මහඇමතියා දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

16. අථ ඛො තස‍්ස තරුණප‍්පසන‍්නස‍්ස මහාමත‍්තස‍්ස අචිරපක‍්කන‍්තස‍්ස භගවතො අහුදෙව කුක‍්කුච‍්චං. අහු විප‍්පටිසාරො: “අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල‍්ලද‍්ධං වත මෙ, න වත මෙ සුලද‍්ධං, යොහං කුපිතො අනත‍්තමනො ආසාදනාපෙක‍්ඛො භික‍්ඛූනං පත‍්තෙ පූරෙන‍්තො අගමාසිං ‘භුඤ‍්ජථ වා හරථ වා’ති. කින‍්නු ඛො මයා බහුං පසුතං පුඤ‍්ඤං වා අපුඤ‍්ඤං වා?”ති.

16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ නො බෝ වේලාවක දී තුරුණුපහන් ඒ මහඇමතියාහට “ඒ මම කිපියෙම් නො සතුටු සිත් ඇත්තෙම් චෝදනා කරණු කැමැත්තෙම් ‘වළඳවු, නැතහොත් ගෙණ යවු’ යි භික්‍ෂූන්ගේ පාත්‍ර පුරවමින් ගියෙම් ද, ඒ මාහට අලාභ ය. මාහට ලාභයෙක් නො වේ. මා විසින් අයහපතක් ලද්දේ ය. මා විසින් යහපතක් නො ලද්දේ ය. කිමෙක් ද, මා විසින් බොහෝ කුසල් හෝ අකුසල් හෝ රැස් කරණ ලද්දේ දැ?” යි කුකුසෙක් වූයේ ය. විපිළිසරෙක් වූයේ ය.

17. අථ ඛො සො තරුණප‍්පසන‍්නො මහාමත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො තරුණප‍්පසන‍්නො මහාමත‍්තො භගවන‍්තං එතදවොච: “ඉධ මය‍්හං භන‍්තෙ අචිරපක‍්කන‍්තස‍්ස භගවතො අහුදෙව කුක‍්කුච‍්චං. අහු විප‍්පටිසාරො: ‘අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල‍්ලද‍්ධං වත මෙ, න වත මෙ සුලද‍්ධං, යොහං කුපිතො අනත‍්තමනො ආසාදනාපෙක‍්ඛො භික‍්ඛූනං පත‍්තෙ පූරෙන‍්තො අගමාසිං ‘භුඤ‍්ජථ වා හරථ වා’ති. කින‍්නු ඛො මයා බහුං පසුතං පුඤ‍්ඤං වා අපුඤ‍්ඤං වා?”ති. කින‍්නු ඛො මයා භන‍්තෙ බහුං පසුතං, පුඤ‍්ඤං වා අපුඤ‍්ඤං වා?”ති. “යදග‍්ගෙන තයා ආවුසො, ස‍්වාතනාය බුද‍්ධපමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො, තදග‍්ගෙන තෙ බහුං පුඤ‍්ඤං පසුතං. යදග‍්ගෙන තෙ එකමෙකෙන භික‍්ඛුනා එකමෙකං සිත්‍ථං පටිග‍්ගහිතං, තදග‍්ගෙන තෙ බහුං පුඤ‍්ඤං පසුතං. සග‍්ගා තෙ ආරද‍්ධා”ති.

17. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “ස්වාමීනි, මෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ නො බෝ වේලාවකින් මට – ‘යම්සේ මම කිපියෙම් නො සතුටු සිත් ඇත්තෙම් නින්‍දා කිරීම බලාපොරොත්තු වන්නෙම් ‘වළඳවු, නැත්නම් ගෙණ යවු’ යි භික්‍ෂුන්ගේ පාත්‍ර පුරවමින් ගියෙම් ද, ඒ මාහට අලාභ ය. මාහට ලාභයෙක් නො වේ. මා විසින් අයහපතක් ලද්දේ ය. මා විසින් යහපතක් නො ලද්දේ ය. කිමෙක් ද, මා විසින් බොහෝ කුසල් හෝ අකුසල් හෝ රැස් කරණ ලද්දේ දැ?” යි කුකුසෙක් වූයේ ය. විපිළිසරෙක් වූයේ ය. “ස්වාමීනි, කිම මා විසින් බොහෝ පින් හෝ පව් හෝ රැස් කරණ ලද දැ?” යි විචාළේ ය. ඇවැත, යම් දිනෙක පටන් තා විසින් හෙටට බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, එදින පටන් තා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ය. යම් වේලක පටන් එක එක මහණහු විසින් තොපගේ එක එක බත්තුළ පිළිගන්නා ලද්දේ ද, එවේලෙහි පටන් තොප විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ය. තොප විසින් ස්වර්‍ගයෝ සතුටු කරණ ලද්දාහ” යි.

18. අථ ඛො සො තරුණප‍්පසන‍්නො මහාමත‍්තො “ලාභා කිර මෙ. සුලද‍්ධං කිර මෙ. බහුං කිර මයා පුඤ‍්ඤං පසුතං. සග‍්ගා කිර මෙ ආරද‍්ධා”ති හට‍්ඨො උදග‍්ගො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි: “සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ අඤ‍්ඤත්‍ර නිමන‍්තිතා අඤ‍්ඤස‍්ස භොජ‍්ජයාගුං පරිභුඤ‍්ජන‍්තී”ති. “සච‍්චං භගවා”ති. විගරහි බුද‍්ධො භගවා: කථං හි නාම තෙ භික‍්ඛවෙ, මොඝපුරිසා අඤ‍්ඤත්‍ර නිමන‍්තිතා අඤ‍්ඤස‍්ස භොජ‍්ජයාගුං පරිභුඤ‍්ජිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය” -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, අඤ‍්ඤත්‍ර නිමන‍්තිතෙන අඤ‍්ඤස‍්ස භොජ‍්ජයාගු පරිභුඤ‍්ජිතබ‍්බා. යො පරිභුඤ‍්ජෙය්‍ය යථා ධම‍්මො කාරෙතබ‍්බො”ති.

18. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “මට ලාභයෙක් ල. මා විසින් මොනවට ලද්දේ ල. මා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ල. මා විසින් ස්වර්‍ගයෝ සතුටු කරණ ලද්දෝ ල” යි සතුටු වූයේ ඔදවැඩියේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අන් තැනක පවරණ ලද්දෝ අනෙකකුගේ බුදිනකැඳ වළඳත් ල යනු සැබෑ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ සිස් පුරුෂයෝ අන් තැනක පවරණ (ආරාධනා) ලද්දෝ අන්‍යයකුගේ බුදිනකැඳ වැළඳූවාහුදැයි ගැරහූ සේක. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අන් තැනක පවරණ ලද්දහු විසින්, අනෙකකුගේ බුදිනකැඳ නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ඇවැත් පරිදි කර විය යුතු ය” යි වදාළ සේක.

19. අථ ඛො භගවා අන්‍ධකවින්‍දෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන රාජගහං තෙන චාරිකං පක‍්කාමි මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි.

19. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධකවින්‍දයෙහි කැමැති තාක් වාසය කොට භික්‍ෂූන් එක් දහස් දෙසිය පණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.

20. තෙන ඛො පන සමයෙන බෙලට‍්ඨො කච‍්චානො රාජගහා අන්‍ධකවින්‍දං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නො හොති පඤ‍්චමත‍්තෙහි සකටසතෙහි සබ‍්බෙහෙව ගුළකුම‍්භපූරෙහි. අද‍්දසා ඛො භගවා බෙලට‍්ඨං කච‍්චානං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි.

20. එකල්හි බෙලට්ඨකච්චාන තෙමේ රජගහනුවරින් අන්‍ධකවින්‍දය බලා උක්හකුරු කළවලින් ම පිරුණු පන්සියයක් පමණ ගැල් සමග දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ බෙලට්ඨකච්චානයා දුර දී ම දුටු සේක. දැක මාර්‍ගයෙන් ඉවත් ව එක්තරා ගසක් මුල වැඩ හුන් සේක.

21. අථ ඛො බෙලට‍්ඨො කච‍්චානො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවන‍්තං එතදවොච: “ඉච‍්ඡාමහං භන‍්තෙ එකමෙකස‍්ස භික‍්ඛුනො එකමෙකං ගුළකුම‍්භං දාතු”න‍්ති. “තෙන හි ත්‍වං කච‍්චාන, එකංයෙව ගුළකුම‍්භං ආහරා”ති. “එවං භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා එකංයෙව ගුළකුම‍්භං ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: “ආහටො භන‍්තෙ, ගුළකුම‍්භො. කථාහං භන‍්තෙ, පටිපජ‍්ජාමී”ති. “තෙන හි ත්‍වං කච‍්චාන, භික‍්ඛූනං ගුළං දෙහී”ති. “එවං, භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා භික‍්ඛූනං ගුළං දත්‍වා භගවන‍්තං එතදවොච: “දින‍්නො භන‍්තෙ, භික‍්ඛූනං ගුළො. බහු චායං ගුළො අවසිට‍්ඨො. කථාහං භන‍්තෙ, පටිපජ‍්ජාමී”ති. “තෙන හි ත්‍වං කච‍්චාන, භික‍්ඛූනං ගුළං යාවදත්‍ථං දෙහී”ති. “එවං භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා භික‍්ඛූනං ගුළං යාවදත්‍ථං දත්‍වා භගවන‍්තං එතදවොච: “දින‍්නො භන‍්තෙ, භික‍්ඛූනං ගුළො යාවදත්‍ථො. බහු චායං ගුළො අවසිට‍්ඨො. කථාහං භන‍්තෙ, පටිපජ‍්ජාමී”ති. “තෙන හි ත්‍වං කච‍්චාන, භික‍්ඛූ ගුළෙහි සන‍්තප‍්පෙහී”ති. “එවං, භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා භික‍්ඛූ ගුළෙහි සන‍්තප‍්පෙසි. එකච‍්චෙ භික‍්ඛූ පත‍්තෙපි පූරෙසුං. පරිස‍්සාවනානිපි ථවිකායොපි පූරෙසුං.

21. එවිට බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ බෙලට්ඨකච්චාන තෙමේ “ස්වාමීනි, මම එක එක මහණහුට එක එක උක්සකුරුකළයක් දීමට කැමැත්තෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ එක ම උක්හකුරුකළයක් ගෙණ එව.” “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී එක ම උක්හකුරුකළයක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ “ස්වාමීනි, උක්හකුරු කළයක් ගෙණ එන ලද්දේ ය. ස්වාමීනි, මම කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන්ට උක්හකුරු දෙව”. “ස්වාමීනි එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භික්‍ෂූන්ට උක්හකුරු දී “ස්වාමීනි, භික්‍ෂූන්ට උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන්ට උක්හකුරු සෑහෙන පමණ දෙව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, භික්‍ෂූන්ට සෑහෙන පමණ උක්හකුරු දී “ස්වාමීනි, භික්‍ෂූන්ට සෑහෙන පමණ උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන් උක්හකුරු වලින් සතප්පව”. “ස්වාමීනි එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භික්‍ෂූන් උක්හකුරුවලින් සැතැප්වී ය. ඇතැම් භික්‍ෂූහු පාත්‍ර ද පිරවූහ. පෙරහන් ද පසුම්බි ද පිරවූහ.

22. අථ ඛො බෙලට‍්ඨො කච‍්චානො භික‍්ඛූ ගුළෙහි සන‍්තප‍්පෙත්‍වා භගවන‍්තං එතදවොච: “සන‍්තප‍්පිතා භන‍්තෙ භික‍්ඛූ ගුළෙහි. බහු චායං ගුළො අවසිට‍්ඨො. කථාහං භන‍්තෙ, පටිපජ‍්ජාමී”ති. “තෙන හි ත්‍වං කච‍්චාන විඝාසාදානං ගුළං දෙහී”ති. “එවං භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා විඝාසාදානං ගුළං දත්‍වා භගවන‍්තං එතදවොච: “දින‍්නො භන‍්තෙ විඝාසාදානං ගුළො. බහු චායං ගුළො අවසිට‍්ඨො. කථාහං භන‍්තෙ, පටිපජ‍්ජාමී”ති. “තෙන හි ත්‍වං කච‍්චාන, විඝාසාදානං ගුළං යාවදත්‍ථං දෙහී”ති. “එවං භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා විඝාසාදානං ගුළං යාවදත්‍ථං දත්‍වා භගවන‍්තං එතදවොච: “දින‍්නො භන‍්තෙ, විඝාසාදානං ගුළො යාවදත්‍ථො. බහු චායං ගුළො අවසිට‍්ඨො. කථාහං භන‍්තෙ, පටිපජ‍්ජාමී”ති. “තෙන හි ත්‍වං කච‍්චාන, විඝාසාදෙ ගුළෙහි සන‍්තප‍්පෙහී”ති. “එවං, භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා විඝාසාදෙ ගුළෙහි සන‍්තප‍්පෙසි. එකච‍්චෙ විඝාසාදා කොලම‍්බෙපි ඝටෙපි පූරෙසුං, පිටකානිපි උච‍්ඡඞ‍්ගෙපි පූරෙසුං.

22. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ භික්‍ෂූන් උක්හකුරුවලින් සතප්වා “ස්වාමීනි, භික්‍ෂූහු උක්හකුරුවලින් සතප්පන ලද්දාහු ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය එසේ නම්, තෝ ඉඳුල් කන්නන්ට (යාචකයන්ට) උක්හකුරු දෙව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යාචකයන්ට උක්හකුරු දී “ස්වාමීනි, යාචකයන්ට උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “කච්චානය, එසේ නම්, තෝ යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දෙව.” “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දී “ස්වාමීනි, යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දෙන ලද්දේ ය. මේ බොහෝ උක් හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඇසී ය. “කච්චානය, එසේ නම් තෝ යාචකයන් උක්සකුරුවලින් සතප්පව”, “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි යාචකයන් උක්හකුරුවලින් සැතැප්වීය. ඇතැම් යාචකයෝ මහසැළි ද කළ ද පැස් ද පුරවාගත්හ. ඔඩොක්කු ද පුරවාගත්හ.

23. අථ ඛො බෙලට‍්ඨො කච‍්චානො විඝාසාදෙ ගුළෙහි සන‍්තප‍්පෙත්‍වා භගවන‍්තං එතදවොච: “සන‍්තප‍්පිතා භන‍්තෙ විඝාසාදා ගුළෙහි. බහු චායං ගුළො අවසිට‍්ඨො. කථාහං භන‍්තෙ පටිපජ‍්ජාමී”ති.? “නාහං තං කච‍්චාන, පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය යස‍්සෙසො ගුළො පරිභුත‍්තො සම‍්මා පරිණාමං ගච‍්ඡෙය්‍ය අඤ‍්ඤත්‍ර තථාගතස‍්ස වා තථාගතසාවකස‍්ස වා. තෙන හි ත්‍වං, කච‍්චාන, තං ගුළං අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙහි. අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙහී”ති. “එවං භන‍්තෙ”ති ඛො බෙලට‍්ඨො කච‍්චානො භගවතො පටිස‍්සුත්‍වා තං ගුළං අප‍්පාණකෙ උදකෙ ඔපිලාපෙසි. අථ ඛො සො ගුළො උදකෙ පක‍්ඛිත‍්තො චිච‍්චිටායති චිටිචිටායති සන්‍ධූපායති සම‍්පධූපායති. සෙය්‍යථාපි නාම ඵාලො දිවසසන‍්තත‍්තො උදකෙ පක‍්ඛිත‍්තො චිච‍්චිටායති, චිටිචිටායති, සන්‍ධූපායති, සම‍්පධූපායති, එවමෙව සො ගුළො උදකෙ පක‍්ඛිත‍්තො චිච‍්චිටායති. චිටිචිටායති. සන්‍ධූපායති. සම‍්පධූපායති.

23. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ යාචකයන් උක්හකුරුවලින් සතප්වා “ස්වාමීනි, යාචකයෝ උක්හකුරුවලින් සතප්පන ලද්දාහ. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “කච්චානය, මම, යමකු විසින් මේ උක්හකුරු අනුභව කරණ ලද්දේ මැනවින් දිරවීමට යන්නේ ද, තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ හැර එබන්දකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණබමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි ද, මම නො දක්මි. කච්චානය, එසේ නම්, තෝ ඒ උක්හකුරු තණකොළ නැති තැනක හෝ දමව. සතුන් නැති දියෙහි හෝ පා කොට හරුව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ උක්හකුරු සතුන් නැති දියෙහි පා කොට හැරියේ ය. දියෙහි ලූ ඒ උක්හකුරු චිටි චිටි යන හඬ නගයි. චිටි චිටි යන හඬ නගයි. හැම අතින් දුමයි. හැම අතින් වැඩියක් දුමයි. දවසක් රත් කළ සීවැලක් (නගුල් තලයක්) දියෙහි ලන ලද්දේ යම් සේ චිටි චිටි යන හඬ නගා ද, චිටි චිටි යන හඬ නගා ද, හාත්පසින් දුමා යේ ද, හාත්පසින් වැඩියක් දුමා යේ ද, එපරිද්දෙන් ම ඒ උක්හකුරු දියෙහි ලන ලද්දේ චිටි චිටි යන හඬ නගයි. චිටි චිටි යන හඬ නගයි. හාත්පසින් දුමයි. හාත්පසින් වැඩියක් දුමයි.

24. අථ ඛො බෙලට‍්ඨො කච‍්චානො සංවිග‍්ගො ලොමහට‍්ඨජාතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නස‍්ස ඛො බෙලට‍්ඨස‍්ස කච‍්චානස‍්ස භගවා අනුපුබ‍්බීකථං කථෙසි. සෙය්‍යථිදං: දානකථං සීලකථං සග‍්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ‍්ඤාසි බෙලට‍්ඨං කච‍්චානං කල‍්ලචිත‍්තං මුදුචිත‍්තං විනීවරණචිත‍්තං උදග‍්ගචිත‍්තං පසන‍්නචිත‍්තං, අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා, තං පකාසෙසි. (සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පටිගණ‍්හෙය්‍ය,) එවමෙව බෙලට‍්ඨස‍්ස කච‍්චානස‍්ස තස‍්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති.

24. ඉක්බිති හටගත් බිය ඇති හටගත් ලොමුදහගැණීම් ඇති බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් බෙලට්ඨකච්චානයාහට පිළිවෙළකතාව වදාළ සේක. එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව ද කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීමට හේතුවන බව ද, පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ බෙලට්ඨකච්චානයා සුදුසු සිත් ඇත්තෙක, මොළොක් වූ සිත් ඇත්තෙක, නො හැකුළුණු සිත් ඇත්තෙක, ඔදවැඩි සිත් ඇත්තෙක, පහන් සිත් ඇත්තෙකැ යි දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ සාමුක්කංසික වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. [පිරිසිදු වූ පහ වූ කිලිටු ඇති වස්ත්‍රයක් මනා ව සායම් ගන්නේ යම් සේ ද,]. එපරිද්දෙන් ම බෙලට්ඨකච්චානයාහට ඒ අසුනෙහි දී ම “හටගැණීම ස්වභාවය කොට ඇති යම් කිසිවක් වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි රාගාදීරජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.

25. අථ ඛො බෙලට‍්ඨො කච‍්චානො දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථඞ‍්කථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කන‍්තං භන‍්තෙ, සෙය්‍යථාපි භන‍්තෙ, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විචරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය: චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තී ති, එවමෙවං ඛො භගවතා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භන‍්තෙ භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත”න‍්ති.

25. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ දක්නා ලද දහම් ඇත්තේ පැමිණි දහම් ඇත්තේ අවබෝධ කළ දහම් ඇත්තේ වෙසෙසින් බැස ගත් දහම් ඇත්තේ දුරු කළ සැක ඇත්තේ පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ විශාරදභාවයට පැමිණියේ බුදුසස්නෙහි (අවබෝධය සඳහා) අනුන්ගේ උපකාරයක් (ඕනෑ) නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මං මුළා වූවහුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දක්නාහු’ යි ගනඳුරෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය තෙමේ ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා” යි සැළකෙළේ ය.

26. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්‍ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගුළො උස‍්සන‍්නො හොති. භික‍්ඛූ “ගිලානස‍්සෙව භගවතා ගුළො අනුඤ‍්ඤාතො. නො අගිලානස‍්සා”ති කුක‍්කුච‍්චායන‍්තා ගුළං න පරිභුඤ‍්ජන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, ගිලානස‍්ස ගුළං. අගිලානස‍්ස ගුළොදක”න‍්ති.

26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් රජගහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනාරාමයෙහි වසන සේක. එකල්හි රජගහනුවර උක්හකුරු බහුල වේ. භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලනහුට ම උක්හකුරු අනුදන්නා ලද්දේ ය. නොගිලන් වූවහුට නො අනුදන්නා ලද්දේ ය” යි කුකුස් කරමින් උක්හකුරු නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලන් වූවහුට උක්හකුරු ද, නො ගිලන් වූවහුට උක්හකුරුදිය (උක්හකුරු කලතා ගත් දිය) ද අනුදනිමි” යි.

27. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන පාටලිගාමො තෙන චාරිකං පක‍්කාමි මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං, අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන පාටලිගාමො තදවසරි. අස‍්සොසුං ඛො පාටලිගාමිකා උපාසකා “භගවා කිර පාටලිගාමං අනුප‍්පත‍්තො”ති. අථ ඛො පාටලිගාමිකා උපාසකා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො පාටලිගාමිකෙ උපාසකෙ භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි. සමාදපෙසි. සමුත‍්තෙජෙසි. සම‍්පහංසෙසි. අථ ඛො පාටලිගාමිකා උපාසකා භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා භගවන‍්තං එතදවොචුං: “අධිවාසෙතු නො භන‍්තෙ භගවා ආවසථාගාරං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන.

27. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වාසය කොට පාටලිග්‍රාමය බලා එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂු සඞ්ඝයා සමග චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් පාටලිගමට වැඩි සේක. පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ පාටලිගමට වැඩිසේක් ල” යි ඇසූහ. එවිට පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් පාටලිගම්වැසි උපාසකයන් දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කර වූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භික්‍ෂුසඞ්ඝයා සමග භාග්‍යවතුන් වහන්සේ අපගේ ආගන්තුකාගාරය පිළිගන්නා සේක්වා” යි (කීහ). භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක.

28. අථ ඛො පාටලිගාමිකා උපාසකා භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන ආවසථාගාරං තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා සබ‍්බසන්‍ථරිං ආවසථාගාරං සන්‍ථරිත්‍වා ආසනානි පඤ‍්ඤපෙත්‍වා, උදකමණිකං පතිට‍්ඨාපෙත්‍වා තෙලප‍්පදීපං ආරොපෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො පාටලිගාමිකා උපාසකා භගවන‍්තං එතදවොචුං: “සබ‍්බසන්‍ථරිං සන්‍ථතං භන‍්තෙ, ආවසථාගාරං. ආසනානි පඤ‍්ඤත‍්තානි. උදකමණිකො පතිට‍්ඨාපිතො. තෙලප‍්පදීපො ආරොපිතො. යස‍්සදානි භන‍්තෙ, භගවා කාලං මඤ‍්ඤතී”ති. අථ ඛො භගවා නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පාදෙ පක‍්ඛාලෙත්‍වා ආවසථා ගාරං පවිසිත්‍වා මජ‍්ඣිමං ථම‍්භං නිස‍්සාය පුරත්‍ථාභිමුඛො නිසීදි. භික‍්ඛුසඞ‍්ඝොපි ඛො පාදෙ පක‍්ඛාලෙත්‍වා ආවසථාගාරං පවිසිත්‍වා පච‍්ඡිමං භිත‍්තිං නිස‍්සාය පුරත්‍ථාභිමුඛො නිසීදි භගවන‍්තංයෙව පුරක‍්ඛත්‍වා. පාටලිගාමිකාපි ඛො උපාසකා පාදෙ පක‍්ඛාලෙත්‍වා ආවසථාගාරං පවිසිත්‍වා පුරත්‍ථිමං භිත‍්තිං නිස‍්සාය පච‍්ඡිමාභිමුඛා නිසීදිංසු, භගවන‍්තංයෙව පුරක‍්ඛත්‍වා.

28. ඉක්බිති පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ආගන්තුකාගාරයට ගියහ. ගොස් ආගන්තුකාගාරය සියලු තැන අතුරා අසුන් පණවා මහදියබඳුනක් පිහිටුවා තෙල්පහන් නගා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියහ. පසෙක සිටි පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආගන්තුකාගාරය සියලු තැන අතුරණ ලදී. අසුන් පණවන ලදී. දිය බඳුනක් තබන ලදී. තෙල්පහන් නගන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් බලාපොරොත්තු වන සේක් නම්, මේ ඊට කාල ය” යි සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරොවා පාසිවුරු ගෙණ භික්‍ෂුසඞ්ඝයා සමග ආගන්තුකාගාරයට වැඩි සේක. වැඩ පා සෝදා ආගන්තුකාගාරයට පිවිස මැදකණුව නිසා පෙරදිගට මුහුණ දී වැඩ හුන් සේක. භික්‍ෂුසඞ්ඝ තෙමේ ද පා සෝදා ආගන්තුකාගාරයට පිවිස පැසුළු බිත්තිය නිසා පෙරදිගට මුහුණ දී භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්නේ ය. පාටලිගම්වැසි උපාසකයෝ ද පා සෝදා ආගන්තුකාගාරයට ඇතුල් ව පෙරදිග බිත්තිය නිසා පැසුළු දිගට මුහුණ දී භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ.

29. අථ ඛො භගවා පාටලිගාමිකෙ උපාසකෙ ආමන‍්තෙසි: “පඤ‍්චිමෙ ගහපතයො, ආදීනවා දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා. කතමෙ පඤ‍්ච? ඉධ, ගහපතයො, දුස‍්සීලො සීලවිපන‍්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච‍්ඡති. අයං පඨමො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා. පුන චපරං, ගහපතයො, දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. අයං දුතියො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා. පුන චපරං ගහපතයො, දුස‍්සීලො සීලවිපන‍්නො යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති: යදි ඛත‍්තියපරිසං යදි බ්‍රාහ‍්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදො උපසඞ‍්කමති මඞ‍්කුභූතො. අයං තතියො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා. පුන චපරං, ගහපතයො, දුස‍්සීලො සීලවිපන‍්නො සම‍්මූළ‍්හො කාලං කරොති. අයං චතුත්‍ථො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා. පුන චපරං ගහපතයො, දුස‍්සීලො සීලවිපන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. අයං පඤ‍්චමො ආදීනවො දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා. ඉමෙ ඛො ගහපතයො, පඤ‍්ච ආදීනවා දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා.

29. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම්වැසි උපාසකයන් ඇමතූ සේක: “ගැහැවියෙනි, දුග්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දොස් පසෙක් වේ. කවරපසෙක්ද? යත් ගැහැවියෙනි, මෙහි දුශ්ශීල තෙමේ ශීලවිපත්තියට පැමිණියේ ප්‍රමාදහේතුවෙන් මහත් භොගහානියට පැමිණේ. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි පළමුවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීලයා පිළිබඳ අයහපත් කීර්තිරාවයෙක් පැන නගියි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි දෙවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ ක්‍ෂත්‍රිය පිරිස බමුණුපිරිස ගැහැවි පිරිස මහණපිරිස යන යම් යම් පිරිසක් වෙතට එළඹේ ද, බිය ඇති ව තෙද රහිත ව එළඹෙයි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි තෙවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ මුළා වූයේ කලුරිය කරයි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි සිවුවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ ජීවිතේන්‍ද්‍රියවිනාශයෙන් මරණින් පසු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ අකමැත්තෙන් ම (දුබල ව) පතිත වන්නා වූ නරකයෙහි උපදී. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි පස්වන දොස වේ. ගැහැවියෙනි, මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි දොස් පස ය.”

30. පඤ‍්චිමෙ ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම‍්පදාය. කතමෙ පඤ‍්ච? ඉධ ගහපතයො, සීලවා සීලසම‍්පන‍්නො අප‍්පමාදාධිකරණං මහන‍්තං භොගක‍්ඛන්‍ධං අධිගච‍්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො, සීලවතො සීලසම‍්පන‍්නස‍්ස කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො, සීලවා සීලසම‍්පන‍්නො යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති: යදි ඛත‍්තියපරිසං යදි බ්‍රාහ‍්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ‍්කමති අමඞ‍්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො, සීලවා සීලසම‍්පන‍්නො අසම‍්මූළ‍්හො කාලං කරොති. අයං චතුත්‍ථො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. පුන චපරං ගහපතයො, සීලවා සීලසම‍්පන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. අයං පඤ‍්චමො ආනිසංසො සීලවතො සීලසම‍්පදාය. ඉමෙ ඛො ගහපතයො, පඤ‍්ච ආනිසංසා සීලවතො සීලසම‍්පදායා”ති.

30. “ගැහැවියෙනි, සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ අනුසස් පසෙක් වේ. කවර පසෙක් ද? ගැහැවියෙනි, මෙහි සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ අප්‍රමාදහේතුවෙන් මහත් වූ භොගරාශියක් ලබයි. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි පළමුවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්වත් වූ සීලයෙන් යුක්ත වූවහුගේ යහපත් කීර්තිරාවයෙක් පැන නගියි. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි දෙවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ ක්‍ෂත්‍රියපිරිස බමුණුපිරිස ගැහැවිපිරිස මහණපිරිස යන යම් යම් පිරිසක් වෙතට එළඹේ ද, නිර්‍භය ව තෙද සහිත ව එළඹේ. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි තෙවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ නො මුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි සිවුවන ආනිසංසය වේ. නැවැත ද, ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ ජීවිතේන්‍ද්‍රිය විනාශයෙන් මරණින් පසු මනා ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදී. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි පස්වන ආනිසංසය වේ. ගැහැවියෙනි, මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි අනුසස් පස ය.”

31. අථ ඛො භගවා පාටලිගාමිකෙ උපාසකෙ බහුදෙව රත‍්තිං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උය්‍යොජෙසි “අභික‍්කන‍්තා ඛො ගහපතයො, රත‍්ති. යස‍්සදානි තුම‍්හෙ කාලං මඤ‍්ඤථා”ති. “එවං භන‍්තෙ”ති, ඛො පාටලිගාමිකා උපාසකා භගවතො පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු. අථ ඛො භගවා අචිරපක‍්කන‍්තෙසු පාටලිගාමිකෙසු උපාසකෙසු සුඤ‍්ඤාගාරං පාවිසි.

31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලීගම්වැසි උපාසකයන් රෑ බොහෝ වේලාවක් ම දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා “ගැහැවියෙනි, රාත්‍රිතොමෝ ඉක්ම ගියා ය. දැන් යම් ගමනකට බලාපොරොත්තු වන්නහු නම්, එයට කාලය දනිවු” යි වදාළහ. පාටලිගම්වැසි උපාසකයෝ “ස්වාමීනි, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම්වැසි උපාසකයන් ගිය නොබෝ වේලාවකින් ශුන්‍යාගාරයට පිවිසි සේක.

32. තෙන ඛො පන සමයෙන සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා පාටලිගාමෙ නගරං මාපෙන‍්ති වජ‍්ජීනං පටිබාහාය. අද‍්දසා ඛො භගවා රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සම‍්බහුලා දෙවතායො පාටලිගාමෙ වත්‍ථූනි පරිගණ‍්හන‍්තියො. යස‍්මිං පදෙසෙ මහෙසක‍්ඛා දෙවතා වත්‍ථූනි පරිගණ‍්හන‍්ති, මහෙසක‍්ඛානං තත්‍ථ රාජූනං රාජමහාමත‍්තානං චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුං. යස‍්මිං පදෙසෙ මජ‍්ඣිමා දෙවතා වත්‍ථූනි පරිගණ‍්හන‍්ති, මජ‍්ඣිමානං තත්‍ථ රාජූනං රාජමහාමත‍්තානං චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුං. යස‍්මිං පදෙසෙ නීචා දෙවතා වත්‍ථූනි පරිගණ‍්හන‍්ති, නීචානං තත්‍ථ රාජූනං රාජමහාමත‍්තානං චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුං.

32. එකල්හි සුනීධ–වස්සකාර නම් මගධමහාමාත්‍යයයෝ වජ්ජීන් වළකනු පිණිස පාටලිගම්හි නුවරක් ගොඩ නගත්. භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම් වේලෙහි නැගී සිට පාටලිගම්හි ගෙබිම් පරිග්‍රහණ කරන්නා වූ (=අරක් ගන්නා වූ) බොහෝ දෙවියන් මිනිසැස ඉක්ම වූ පිරිසිදුවූ දිවැසින් දුටුසේක. මහේශාඛ්‍ය දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් (=දෘෂ්ටි හෙළීම් වසයෙන් ගණිත්) ද, එහි ගෙවල් ගොඩ නගන්නට මහේශාඛ්‍ය වූ රජුන්ගේ ද රජමහ ඇමැතියන්ගේ ද සිත් නැමේ. මධ්‍යම වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මධ්‍යම වූ රජුන්ගේ ද රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ. පහත් වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට පහත් රජුන්ගේ ද රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ.

33. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “කො නු ඛො තෙ ආනන්‍ද, පාටලිගාමෙ නගරං මාපෙන‍්තී”ති? “සුනීධවස‍්සකාරා, භන‍්තෙ, මගධමහාමත‍්තා පාටලිගාමෙ නගරං මාපෙන‍්ති වජ‍්ජීනං පටිබාහායා”ති. “සෙය්‍යථාපි ආනන්‍ද, දෙවෙහි තාවතිංසෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා, එවමෙව ඛො ආනන්‍ද, සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා පාටලිගාමෙ නගරං මාපෙන‍්ති වජ‍්ජීනං පටිබාහාය. ඉධාහං ආනන්‍ද, රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය අද‍්දසං දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සම‍්බහුලා දෙවතායො පාටලිගාමෙ වත්‍ථූනි පරිගණ‍්හන‍්තියො. යස‍්මිං පදෙසෙ මහෙසක‍්ඛා දෙවතා වත්‍ථූනි පරිගණ‍්හන‍්ති, මහෙසක‍්ඛානං තත්‍ථ රාජූනං රාජමහාමත‍්තානං චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුං. යස‍්මිං පදෙසෙ මජ‍්ඣිමා දෙවතා වත්‍ථූනි පරිගණ‍්හන‍්ති, මජ‍්ඣිමානං තත්‍ථ රාජූනං රාජමහාමත‍්තානං චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුං. යස‍්මිං පදෙසෙ නීචා දෙවතා වත්‍ථූනි පරිගණ‍්හන‍්ති, නීචානං තත්‍ථ රාජූනං රාජමහාමත‍්තානං චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුං. යාවතා ආනන්‍ද, අරියං ආයතනං, යාවතා වණිප‍්පථො, ඉදං අග‍්ගනගරං භවිස‍්සති පාටලිපුත‍්තං පුටභෙදනං. පාටලිපුත‍්තස‍්ස ඛො ආනන්‍ද, තයො අන‍්තරායා භවිස‍්සන‍්ති අග‍්ගිතො වා උදකතො වා අබ‍්භන‍්තරතො වා මිථුභෙදා”ති.

33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, ඒ කවර කෙනෙක් පාටලිගම්හි නුවරක් ගොඩ නගත් දැ” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූ සේක. “ස්වාමීනි, සුනීධ ය, වස්සකාරය යන මගධමහාමාත්‍යයෝ වජ්ජීන් පිළිබහනු (=වළක්වනු) පිණිස පාටලිගම්හි නුවරක් ගොඩනගත්” යි (සැළකෙළේය.) “ආනන්‍දය, සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට ගෙණ (කරන්නා) සේ, ආනන්‍දය, වජ්ජීන් වළක්වනු පිණිස පාටලිගම්හි නුවරක් ඉදි කෙරෙත්. ආනන්‍දය, මම මෙහි රෑ අලුයම් වේලෙහි නැගී සිට පාටලිගම්හි ගෙබිම් පරිග්‍රහණය කරන්නා වූ බොහෝ දෙවියන් මිනිසැස ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් දුටුවෙමි. මහේශාඛ්‍ය දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මහේශාඛ්‍ය රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ. මධ්‍යම වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මධ්‍යම වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. පහත් වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට පහත් වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. ආනන්‍දය, ආර්‍ය්‍යායතනය (=ආර්‍ය්‍යාවාසය – ආර්‍ය්‍ය මිනිසුන් ගැවසෙන තැන්) යම් තාක් ද, වණික්පථය (=වෙළඳ මග – වෙළෙඳුන් බඩු විකුණන හෝ වසන තැන්) යම් තාක් ද, එහි (නන් දෙසින් ගෙණෙන වෙළෙඳ) බඩු පොදි ලිහන මේ පාටලීපුත්‍රය අග්‍රනගරය වන්නේ ය. ආනන්‍දය, පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් ද ජලයෙන් ද (රටවැස්සන්) උනුන් බිඳීමෙන් ඇතුළතින් දැ යි අන්තරාය තුණෙක් වන්නේ ය” යි වදාළසේක.

34. අථ ඛො සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා භගවන‍්තං එතදවොචුං: “අධිවාසෙතු නො භවං ගොතමො අජ‍්ජතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා භගවතො අධිවාසනං විදිත්‍වා පක‍්කමිංසු.

34. එකල්හි සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියහ. පසෙක සිටි සුනීධ–වස්සකාර මගධමහාමාත්‍යයයෝ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයාත් සමග අදට අපගේ බත ඉවසාවා” යි සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක.

35. අථ ඛො සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසුං: “කාලො භො ගොතම, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන සුනීධවස‍්සකාරානං මගධමහාමත‍්තානං පරිවෙසනා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

35. ඉක්බිති සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ඉන් නික්ම ගියහ. අනතුරු ව සුනීධ–වස්සකාර මගධමහාමාත්‍යයයෝ ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දේ පිළියෙල කරවා “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය වේ. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් සැළකරවූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන්ගේ පරිවේසනයට (=වළඳවන තැනට) වැඩි සේක. වැඩ පණවා තුබූ අසුනෙහි භික්‍ෂුසඞ්ඝයාත් සමග වැඩ හුන් සේක.

36. අථ ඛො සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො සුනීධවස‍්සකාරෙ මගධමහාමත‍්තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි:

36. එවිට සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැරට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන් මේ ගාථාවලින් අනුමෝදනා කළ සේක.

37. “යස‍්මිං පදෙසෙ කප‍්පෙති වාසං පණ‍්ඩිතජාතියො, සීලවන‍්තෙත්‍ථ භොජෙත්‍වා සඤ‍්ඤතෙ බ්‍රහ‍්මචාරයො.

37. “යම් පෙදෙසක පණ්ඩිත වූවෙක් වාසය කෙරේ නම්, එහි සිල්වත් සංයත වූ බ්‍රහ්මචාරීන් වළඳවා–

38. යා තත්‍ථ දෙවතා ආසුං, තාසං දක‍්ඛිණමාදිසෙ, තා පූජිතා පූජයන‍්ති, මානිතා මානයන‍්ති නං.

38. එහි යම් දේවතාවෝ වූවාහු ද, ඔවුනට පින් දෙන්නේ ය. (මෙසේ) පුදන ලද දෙවියෝ ඔහු ද පුදත්. බුහුමන් කරණ ලද දෙවියෝ ඔහුට බුහුමන් කරත්.

39. “තතො නං අනුකම‍්පන‍්ති මාතා පුත‍්තංව ඔරසං, දෙවතානුකම‍්පිතො පොසො සදා භද්‍රානි පස‍්සතී”ති

39. එයින්, මවු තොමෝ ලෙහි හොවා වඩන පුතුට මෙන්, ඔහුට අනුකම්පා කෙරෙත්. දෙවියන් විසින් අනුකම්පා කරණ ලද පුරුෂ තෙමේ සියලු කල්හි යහපත දකි යි.

40. අථ ඛො භගවා සුනීධවස‍්සකාරෙ මගධමහාමත‍්තෙ ඉමාහි ගාථාහි අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. තෙන ඛො පන සමයෙන සුනීධවස‍්සකාරා මගධමහාමත‍්තා භගවන‍්තං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබද‍්ධා හොන‍්ති: “යෙන අජ‍්ජ සමණො ගොතමො ද‍්වාරෙන නික‍්ඛමිස‍්සති, තං ගොතමද‍්වාරං නාම භවිස‍්සති. යෙන තිත්‍ථෙන ගඞ‍්ගං නදිං උත‍්තරිස‍්සති, තං ගොතමතිත්‍ථං නාම භවිස‍්සතී”ති. අථ ඛො භගවා යෙන ද‍්වාරෙන නික‍්ඛමි, තං ගොතමද‍්වාරං නාම අහොසි. අථ ඛො භගවා යෙන ගඞ‍්ගා නදී, තෙනුපසඞ‍්කමි. තෙන ඛො පන සමයෙන ගඞ‍්ගානදී පූරා හොති සමතිත‍්තිකා කාකපෙය්‍යා. මනුස‍්සා අඤ‍්ඤෙ නාවං පරියෙසන‍්ති; අඤ‍්ඤෙ උළුම‍්පං පරියෙසන‍්ති, අඤ‍්ඤෙ කුල‍්ලං බන්‍ධන‍්ති ඔරා පාරං ගන‍්තුකාමා.

40. භාග්‍යවතුන් වහන්සේ සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන් මේ ගාථාවලින් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. එකල්හි සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයෝ “අද ශ්‍රමණ ගෞතම තෙමේ යම් දොරකින් නික්මෙන්නේ ද, ඒ දොර ගෞතමද්වාර නම් වන්නේ ය. යම් තොටකින් ගඞ්ගානදිය තරණය කරන්නේ ද, ඒ තොට ගෞතමතීර්‍ත්‍ථ නම් වන්නේ ය” යි භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස ලුහු බැන්දාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නික්මුනු සේක් ද, ඒ දොර ගෞතමද්වාර නම් වි ය. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදිය වෙතට එළඹි සේක. එකල්හි ගඞ්ගානදිය ගංඉවුර සම ව පිරුණේ වෙයි. කවුඩන් විසින් පිව හැකි වේ. මෙ ගොඩින් එ ගොඩට යනු කැමැති වූ මිනිස්සු සමහරු නැව් සොයත්. සමහරු (දඬු) පහුරු සොයත්. සමහරු (උණ බට ආදියෙන්) පහුරු බඳිත්.

41. අද‍්දසා ඛො භගවා තෙ මනුස‍්සෙ අඤ‍්ඤෙ නාවං පරියෙසන‍්තෙ අඤ‍්ඤෙ උළුම‍්පං පරියෙසන‍්තෙ අඤ‍්ඤෙ කුල‍්ලං බන්‍ධන‍්තෙ ඔරා පාරං ගන‍්තුකාමෙ. දිස‍්වාන සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙව භගවා ගඞ‍්ගාය නදියා ඔරිමතීරෙ අන‍්තරහිතො පාරිමතීරෙ පච‍්චුට‍්ඨාසි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

41. භාග්‍යවතුන් වහන්සේ මෙ ගොඩින් එ ගොඩට යනු කැමැති වූ මිනිසුන්, නැව් සොයන සමහරුන්, පහුරු සොයන සමහරුන්, පහුරු බඳින සමහරුන් දුටු සේක. දැක, බලවත් පුරුෂයෙක් හැකිළූ අත යම් සේ දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අත යම් සේ හකුළන්නේ හෝ වේ ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදියෙහි මෙ ගොඩ ඉවුරෙහි අතුරුදහන් වූ සේක් එ ගොඩ ඉවුරෙහි භික්‍ෂුසඞ්ඝයා සමග පහළ වූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූසේක.

42. “යෙ තරන‍්ති අණ‍්ණවං සරං සෙතුං කත්‍වාන විසජ‍්ජ පල‍්ලලානි, කුල‍්ලං හි ජනො පබන්‍ධති තිණ‍්ණා මෙධාවිනො ජනා”ති.

42. “යම් කෙනෙක් දියවතුරු හැර ගැඹුරු වූ (තෘෂ්ණා) නදිය ම තරණය කෙරෙත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ගය හෙය කොට එය තරණය කෙරෙත්. මහාජන තෙමේ දියත්තක් තරණය කිරීමට ද පහුරු බඳියි. නුවණැති බුද්ධාදිජනයෝ පහුරක් නැති ව ම එතෙර වූවාහු ය.”

43. අථ ඛො භගවා යෙන කොටිගාමො තෙනුපසඞ‍්කමි. තත්‍ර සුදං භගවා කොටිගාමෙ විහරති. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “චතුන‍්නං භික‍්ඛවෙ, අරියසච‍්චානං අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච. කතමෙසං චතුන‍්නං:? දුක‍්ඛස‍්ස භික‍්ඛවෙ, අරියසච‍්චස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච. දුක‍්ඛසමුදයස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධස‍්ස අරියසච‍්චස‍්ස -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච. තයිදං භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං. දුක‍්ඛසමුදයං අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං. දුක‍්ඛනිරොධං අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං. දුක‍්ඛනිරොධගාමිනීපටිපදං අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං. උච‍්ඡින‍්නා භවතණ‍්හා. ඛීණා භවනෙත‍්ති. නත්‍ථිදානි පුනබ‍්භවො”ති.

43. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කෝටිග්‍රාමයෙහි වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මා විසින් ද තොප විසින් ද චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගු කලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරිසරණ ලද්දේ ය. කවර සතරක් අවබෝධ ප්‍රතිවේධ නො කිරීමෙන් ද? යත්: ‘මහණෙනි, මා විසින් ද, තොප විසින් ද දුඃඛාර්‍ය්‍යසත්‍යය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගුකලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරි සරණ ලද්දේ ය. මා විසින් ද තොප විසින් ද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය –පෙ– දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය –පෙ– දුඃඛනිරෝධගාමිනීප්‍රතිදාර්‍ය්‍යසත්‍යය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගු කලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරි සරණ ලද්දේ ය. මහණෙනි, ඒ මේ දුඃඛ්‍යාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛසමුදයාර්‍ය්‍යාසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. භවතෘෂ්ණාව සිඳින ලද්දී ය. භවනෙත්තිය ක්‍ෂය කරණ ලද්දී ය. දැන් පුනර්‍භවයෙක් නැත්තේ ය” යි භික්‍ෂූන්ට වදාළ සේක:

44. “චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අදස‍්සනා, සංසිතං දීඝමද‍්ධානං තාසු තාස‍්වෙව ජාතිසු.

44. “චතුරාර්‍ය්‍යසත්‍යයන් තත් වූ පරිදි නො දැක්මෙන් ම දිගු කලක් ඒ ඒ ජාතීන්හි සැරිසරණ ලද්දේ ය.

45. තානි එතානි දිට‍්ඨානි භවනෙත‍්ති සමූහතා, උච‍්ඡින‍්නං මූලං දුක‍්ඛස‍්ස නත්‍ථිදානි පුනබ‍්භවොති.

45. ඒ මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයෝ දක්නා ලදහ. භවනෙත්තිය නසන ලද්දී ය. දුකෙහි මුල් සිඳින ලද්දේ ය. දැන් නැවැත ඉපැත්මෙක් නැත්තේ ය.”

46. අස‍්සොසි ඛො අම‍්බපාලී ගණිකා “භගවා කිර කොටිගාමං අනුප‍්පත‍්තො”ති. අථ ඛො අම‍්බපාලී ගණිකා භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්‍වා භද්‍රං යානං අභිරුහිත්‍වා භද්‍රෙහි භද්‍රෙහි යානෙහි වෙසාලියා නිය්‍යාසි භගවන‍්තං දස‍්සනාය. යාවතිකා යානස‍්ස භූමි, යානෙන ගන‍්ත්‍වා, යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකාව යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අම‍්බපාලිං ගණිකං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි. සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො අම‍්බපාලී ගණිකා භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා භගවන‍්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන‍්තෙ භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො අම‍්බපාලී ගණිකා භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

46. අම්බපාලී නම් ගණිකා තොමෝ “භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක් ල” යි ඇසූ ය. ඉක්බිති අම්බපාලී ගණිකා තොමෝ හොඳ හොඳ යානයන් යොදවා හොඳ යානයකට නැගී හොඳ හොඳ යානාවලින් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස විශාලාමහනුවරින් නික්ම ගියා ය. යානයෙන් යා හැකි බිම යම් පමණ ද, එපමණ තැන් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියා ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් අම්බපාලී ගණිකාව දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද අම්බපාලී ගණිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත පිළිගන්නා සේක්වා” යි සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලී ගණිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට සකසා වැඳ පැදකුණු කොට ගියා ය.

47. අස‍්සොසුං ඛො වෙසාලිකා ලිච‍්ඡවී “භගවා කිර කොටිගාමං අනුප‍්පත‍්තො”ති. අථ ඛො වෙසාලිකා ලිච‍්ඡවී භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්‍වා භද්‍රං භද්‍රං යානං අභිරූහිත්‍වා භද්‍රෙහි භද්‍රෙහි යානෙහි වෙසාලියා නියීංසු භගවන‍්තං දස‍්සනාය. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී නීලා හොන‍්ති නීලවණ‍්ණා නීලවත්‍ථා නීලාලඞ‍්කාරා. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී පීතා හොන‍්ති පීතවණ‍්ණා පීතවත්‍ථා පීතාලඞ‍්කාරා. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී ලොහිතකා හොන‍්ති ලොහිතවණ‍්ණා ලොහිතකවත්‍ථා ලොහිතාලඞ‍්කාරා. අප‍්පෙකච‍්චෙ ලිච‍්ඡවී ඔදාතා හොන‍්ති ඔදාතවණ‍්ණා ඔදාතවත්‍ථා ඔදාතාලඞ‍්කාරා.

47. විශාලාමහනුවර වැසි ලිච්ඡවීහු “භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක් ල” යි ඇසූහ. ඉක්බිති විශාලාමහනුවර වැසි ලිච්ඡවීහු හොඳ හොඳ යානයන් යොදවා හොඳ හොඳ යානයන්ට නැගී හොඳ හොඳ යානයන්ගෙන් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දක්නට විශාලාමහනුවරින් නික්ම ගියහ. ඇතැම් ලිච්ඡවීහු නිල් වෙත්. නිල්පැහැ ඇත්තෝ වෙත්. නිල්වත් ඇත්තෝ වෙත්. නිල්අබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු රන්වන් වෙත්. රන්වන් පැහැ ඇත්තෝ වෙත්. රන් වන් වත් ඇත්තෝ වෙත්. රන්වන් අබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු රතු වෙත්. රතුපැහැ ඇත්තෝ වෙත්. රතුවත් ඇත්තෝ වෙත්. රතුඅබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු සුදු වෙත්. සුදුපැහැ ඇත්තෝ වෙත්. සුදුවත් ඇත්තෝ වෙත්. සුදුඅබරණ ඇත්තෝ වෙත්.

48. අථ ඛො අම‍්බපාලී ගණිකා දහරානං දහරානං ලිච‍්ඡවීනං ඊසාය ඊසං යුගෙන යුගං චක‍්කෙන චක‍්කං අක‍්ඛෙන අක‍්ඛං පතිවට‍්ටෙසි. අථ ඛො තෙ ලිච‍්ඡවී අම‍්බපාලිං ගණිකං එතදවොචුං: “කිස‍්ස ජෙ අම‍්බපාලි, අම‍්හාකං දහරානං දහරානං ලිච‍්ඡවීනං ඊසාය ඊසං යුගෙන යුගං චක‍්කෙන චක‍්කං අක‍්ඛෙන අක‍්ඛං පතිවට‍්ටෙසී”ති. “තථා හි පන මයා අය්‍යපුත‍්තා, ස‍්වාතනාය බුද‍්ධපමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො”ති. “දෙහි ජෙ අම‍්බපාලි, අම‍්හාකං එතං භත‍්තං සතසහස‍්සෙනා”ති. “සචෙපි මෙ අය්‍යපුත‍්තා වෙසාලිං සාහාරං දජ‍්ජෙය්‍යාථ, නෙව දජ‍්ජා භත‍්ත”න‍්ති.

48. ඉක්බිති අම්බපාලීගණිකා තොමෝ තරුණලිච්ඡවීන්ගේ රියහිස රියහිසෙන් ද වියදණ්ඩ වියදණ්ඩෙන් ද චක්‍රය චක්‍රයෙන් ද අකුර අකුරෙන් ද ගැටුවා ය. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලී ගණිකාවට “කෙල්ල අම්බපාලි, කුමක් හෙයින් අපගේ ලිච්ඡවී තරුණයන්ගේ රියහිස රියහිසෙන් වියදණ්ඩ වියදණ්ඩෙන් චක්‍රය චක්‍රයෙන් අකුර අකුරෙන් ගැටුවා දැ” යි ඇසූහ. “ආර්‍ය්‍යපුත්‍රයෙනි, එසේ ම ය. මා විසින් හෙට බතට බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ” යි. “කෙල්ල, අම්බපාලි, ලක්‍ෂයකින් (ලක්‍ෂයක් ගෙණ) මේ බත අපට දෙව”. “ආර්‍ය්‍යපුත්‍රයෙනි, ඉදින් ජනපද සහිත වූ විශාලාමහානගරය මට දෙන්නහු ද, මම ඒ බත නො ම දෙන්නෙමි” යි.

49. අථ ඛො තෙ ලිච‍්ඡවී අඞ‍්ගුලිං ඵොටෙසුං: “පරාජිතම‍්හ වත භො අම‍්බකාය. පරාජිතම‍්හ වත භො අම‍්බකායා”ති.

49. ඉක්බිති ඒ ලිච්ඡවීහු “භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු. භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු” යි අසුර ගැසූහ.

50. අථ ඛො තෙ ලිච‍්ඡවී යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. අද‍්දසා ඛො භගවා තෙ ලිච‍්ඡවී දූරතොව ආගච‍්ඡන‍්තෙ. දිස‍්වාන භික‍්ඛූ ආමන‍්තෙසි: “යෙහි භික‍්ඛවෙ, භික‍්ඛූහි දෙවා තාවතිංසා අදිට‍්ඨපුබ‍්බා, ඔලොකෙථ භික‍්ඛවෙ, ලිච‍්ඡවීපරිසං. අපලොකෙථ භික‍්ඛවෙ, ලිච‍්ඡවීපරිසං. උපසංහරථ භික‍්ඛවෙ, ලිච‍්ඡවීපරිසං තාවතිංසපරිස”න‍්ති.

50. ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඒ ලිච්ඡවීන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, යම් භික්‍ෂූන් විසින් තව්තිසාවැසි දෙවියෝ පෙර නො දක්නා ලද්දෝ ද, මහණෙනි, (ඒ තෙපි), ලිච්ඡවීපිරිස බලවු. මහණෙනි, ලිච්ඡවීපිරිස බලවු. ලිච්ඡවීපිරිස තව්තිසාපිරිස ය යි සලකවු” යි වදාළ සේක.

51. අථ ඛො තෙ ලිච‍්ඡවී යාවතිකා යානස‍්ස භූමි, යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකාව යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු; උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ ලිච‍්ඡවී භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි. සමාදපෙසි. සමුත‍්තෙජෙසි. සම‍්පහංසෙසි. අථ ඛො තෙ ලිච‍්ඡවී භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා භගවන‍්තං එතදවොචුං: “අධිවාසෙතු නො භන‍්තෙ භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. “අධිවුත්‍ථොම‍්හි ලිච‍්ඡවී, ස‍්වාතනාය අම‍්බපාලියා ගණිකාය භත‍්ත”න‍්ති. අථ ඛො තෙ ලිච‍්ඡවී අඞ‍්ගුලිං පොඨෙසුං: “පරාජිතම‍්හ වත භො අම‍්බකාය. පරාජිතම‍්හ වත භො අම‍්බකායා”ති. අථ ඛො තෙ ලිච‍්ඡවී භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු.

51. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයෙන් යා හැකි බිම යම් පමණ ද, එපමණ යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ ලිච්ඡවීන්ට දැහැමි කතාවෙන් කරණු දැක්වූහ. (එහි ඔවුන්) සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා සමග හෙට අපේ බත ඉවසන සේක්වා” යි සැළකළහ. “ලිච්ඡවීනි, අම්බපාලිගණිකාව විසින් හෙට බත පිණිස ආරාධිත වෙමි” යි (වදාළසේක). ඉක්බිති ඒ ලිච්ඡවීහු “භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු. භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු” යි අසුර ගැසූහ. එකල්හි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.

52. අථ ඛො භගවා කොටිගාමෙ යථාභිරත‍්තං විහරිත්‍වා යෙන නාතිකා තෙනුපසඞ‍්කමි. තත්‍ර සුදං භගවා නාතිකෙ විහරති ගිඤ‍්ජකාවසථෙ. අථ ඛො අම‍්බපාලී ගණිකා තස‍්සා රත‍්තියා අච‍්චයෙන සකෙ ආරාමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන අම‍්බපාලියා ගණිකාය පරිවෙසනා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

52. භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාමයෙහි කැමැති තාක් කල් වාසය කොට නාතිකාගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නාතිකාගමෙහි ගඩොළින් කළ හෙයින් ගිඤ්ජකාවසථ නම් වූ ගෙඩිගෙයි වැඩ වසන සේක. ඉක්බිති අම්බපාලිගණිකාව ඒ රෑ ඉක්ම යෑමෙන් පසු සිය අරමෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, කාලය වේ. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් සැළකරවූ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ අම්බපාලිගණිකාවගේ පරිවේසනයට (බොජුන්හලට) වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.

53. අථ ඛො අම‍්බපාලී ගණිකා බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නා ඛො අම‍්බපාලී ගණිකා භගවන‍්තං එතදවොච: “ඉමාහං භන‍්තෙ, අම‍්බවනං බුද‍්ධපමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දම‍්මී”ති. පටිග‍්ගහෙසි භගවා ආරාමං.

53. ඉක්බිති අම්බපාලිගණිකාව බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නී ය. පසෙක හුන් අම්බපාලිගණිකාව භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම මේ අඹඋයන බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාට දෙමි” යි සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත් සේක.

54. අථ ඛො භගවා අම‍්බපාලිං ගණිකං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා යෙන මහාවනං තෙනුපසඞ‍්කමි. තත්‍ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.

54. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිගණිකාව දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට මහාවනයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විශාලාමහනුවර මහාවනයෙහි වූ කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක.

ලිච‍්ඡවීභාණවාරො තතියො.

ලිච්ඡවීබණවර තෙවැනිය.

1. තෙන ඛො පන සමයෙන අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා ලිච‍්ඡවී සන්‍ථාගාරෙ සන‍්නිසින‍්නා සන‍්නිපතිතා අනෙකපරියායෙන බුද‍්ධස‍්ස වණ‍්ණං භාසන‍්ති. ධම‍්මස‍්ස වණ‍්ණං භාසන‍්ති. සඞ‍්ඝස‍්ස වණ‍්ණං භාසන‍්ති.

1. එකල්හි ඉතා ප්‍රසිද්ධ වූ (වැදගත්) ලිච්ඡවීහු සන්‍ථාගාර (රැස්වීම්) සාලාවෙහි රැස් ව නොයෙක් කරුණෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්.

2. තෙන ඛො පන සමයෙන සීහො සෙනාපති නිගණ‍්ඨසාවකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති. අථ ඛො සීහස‍්ස සෙනාපතිස‍්ස එතදහොසි: “නිස‍්සංසයං ඛො සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො භවිස‍්සති. තථා හිමෙ අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා ලිච‍්ඡවී සන්‍ථාගාරෙ සන‍්නිසින‍්නා සන‍්නිපතිතා අනෙකපරියායෙන බුද‍්ධස‍්ස වණ‍්ණං භාසන‍්ති. ධම‍්මස‍්ස වණ‍්ණං භාසන‍්ති. සඞ‍්ඝස‍්ස වණ‍්ණං භාසන‍්ති. යන‍්නූනාහං තං භගවන‍්තං දස‍්සනාය උපසඞ‍්කමෙය්‍යං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධ”න‍්ති.

2. එවේලෙහි නිර්ග්‍රන්‍ථශ්‍රාවක වූ සීහසේනාපති තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වේ. ඉක්බිති සීහසේනාපතිහුහට “නිසැකයෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. එහෙයින් ම මේ ඉතා ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නෝ නොයෙක් අයුරින් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. මම රහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට එළඹෙන්නෙම් නම්, යෙහෙකැ” යි සිතෙක් වි ය.

3. අථ ඛො සීහො සෙනාපති යෙන නිගණ‍්ඨො නාතපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා නිගණ‍්ඨං නාතපුත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සීහො සෙනාපති නිගණ‍්ඨං නාතපුත‍්තං එතදවොච: “ඉච‍්ඡාමහං භන‍්තෙ, සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතු”න‍්ති. “කිං පන ත්‍වං සීහ, කිරියවාදො සමානො අකිරියවාදං සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සසි? සමණො හි සීහ, ගොතමො අකිරියවාදො අකිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී”ති. අථ ඛො සීහස‍්ස සෙනාපතිස‍්ස යො අහොසි ගමිකාභිසඞ‍්ඛාරො භගවන‍්තං දස‍්සනාය සො පටිප‍්පස‍්සම‍්භි.

3. ඉක්බිති සීහසේනාපති තෙමේ නිර්ග්‍රන්‍ථඥාත පුත්‍රයා වෙත ගියේ ය. ගොස් නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයා සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සීහසේනාපති තෙමේ නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයාහට “ස්වාමිනී, මම ශ්‍රමණ ගෞතමයන් දක්නට යෑමට කැමැත්තෙමි” යි කීයේ ය. “සීහය, ක්‍රියාවාදී වූ තෝ අක්‍රියාවාදී වූ ශ්‍රමණ ගෞතමයන් දක්නට කුමක් නිසා එළඹෙන්නෙහි ද? සීහය, ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාදී ය. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවයි”. එකල්හි සීහසේනාපතිහුහට භාග්‍යවතුන් වහන්සේ දැකීමට යෑමෙහි යම් උත්සාහයෙක් වී ද, එය සංහිඳී ගියේ ය.

4. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා ලිච‍්ඡවී සන්‍ථාගාරෙ සන‍්නිසින‍්නා සන‍්නිපතිතා අනෙකපරියානෙන බුද‍්ධස‍්ස වණ‍්ණං භාසන‍්ති. ධම‍්මස‍්ස වණ‍්ණං භාසන‍්ති. සඞ‍්ඝස‍්ස වණ‍්ණං භාසන‍්ති. තතියම‍්පි ඛො සීහස‍්ස සෙනාපතිස‍්ස එතදහොසි: “නිස‍්සංසයං ඛො සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො භවිස‍්සති. තථා හි මෙ අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා ලිච‍්ඡවී සන්‍ථාගාරෙ සන‍්නිසින‍්නා සන‍්නිපතිතා අනෙකපරියායෙන බුද‍්ධස‍්ස වණ‍්ණං භාසන‍්ති. ධම‍්මස‍්ස වණ‍්ණං භාසන‍්ති. සඞ‍්ඝස‍්ස වණ‍්ණං භාසන‍්ති. කිං හි මෙ කරිස‍්සන‍්ති නිගණ‍්ඨා අපලොකිතා වා අනපලොකිතා වා? යන‍්නූනාහං කිං හි මෙ කරිස‍්සන‍්ති නිගණ‍්ඨා අපලොකිතා වා අනපලොකිතා වා? යන‍්නූනාහං අනපලොකෙත්‍වාව නිගණ‍්ඨෙ තං භගවන‍්තං දස‍්සනාය උපසඞ‍්කමෙය්‍යං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධ”න‍්ති.

4. දෙවනු ද –පෙ– තෙවනු ද ඉතා ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නාහු නොයෙක් කරුණෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. තෙවනු ද සීහසේනාපතියාහට “ඒ භාග්‍යවතුන් වහන්සේ නිසැකයෙන් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. එබැවින් ම මේ ඉතා ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නාහු නොයෙක් අයුරින් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. නිගණ්ඨයෝ විචාරණ ලද්දෝ හෝ නො විචාරණ ලද්දෝ හෝ මාහට කුමක් කරන්නාහු ද? මම නිගණ්ඨයන් නො විචාරා ම රහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස යන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.

5. අථ ඛො සීහො සෙනාපති පඤ‍්චහි රථසතෙහි දිවාදිවස‍්ස වෙසාලියා නීය්‍යාසි භගවන‍්තං දස‍්සනාය. යාවතිකා යානස‍්ස භූමි යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සීහො සෙනාපති භගවන‍්තං එතදවොච: “සුතම‍්මෙතං භන‍්තෙ, අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති. යෙ තෙ භන‍්තෙ එවමාහංසු: අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. කච‍්චි තෙ භන‍්තෙ, භගවතො වුත‍්තවාදිනො? න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති? ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොන‍්ති? න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡති? අනබ‍්භක‍්ඛාතුකාමා හි මයං භන‍්තෙ භගවන‍්ත”න‍්ති.

5. ඉක්බිති සීහසේනාපති තෙමේ රිය පන්සියයකින් යුක්ත ව ඉරමුදුන් දවල් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස විශාලාමහානගරයෙන් නික්ම ගියේ ය. යානයෙන් යා යුතු සීමාව යම් පමණ ද, (එපමණ) යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වන්සේට “ස්වාමිනී, ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාදී වේ. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ශ්‍රාවකයන් ද හික්මවා’ යි මා විසින් මෙය අසන ලද්දේ ය. ස්වාමිනී, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියවාදී වේ. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ශ්‍රාවකයන් ද හික්මවා’ යි. මෙසේ කීහු ද, ස්වාමිනී, කිමෙක් ද, ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහු ද? භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් ගටා නො කියත් ද? කාරණයට එකඟ වූවක් ප්‍රකාශ කෙරෙත් ද? (එයින්) කරුණු සහිත වූ කිසියම් වාදයෙක් හෝ අනුවාදයෙක් ගැරහිය යුතු තැනට නො පැමිණේ ද? ස්වාමිනී, අපි භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් ගටා චෝදනා නො කරණු කැමැත්තෝ ම වෙමු” යි (සැළකෙළේ ය).

6. “අත්‍ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

6. “සීහය, මැනවින් (ඇතිසැටි) කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

7. “අත්‍ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

7. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

8. “අත්‍ථි සීහ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘උච‍්ඡෙදවාදො සමණො ගොතමො උච‍්ඡෙදාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

8. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

9. “අත්‍ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘ජෙගුච‍්ඡී සමණො ගොතමො ජෙගුච‍්ඡිතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

9. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

10. “අත්‍ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: වෙනයිකො සමණො ගොතමො විනයාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

10. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශ කරන්නේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

11. “අත්‍ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘තපස‍්සී සමණො ගොතමො තපස‍්සිතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

11. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් “ශ්‍රමණ ගෞතම තෙමේ තපස් ඇත්තේ (තවන්නේ) තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

12. “අත්‍ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අපගබ‍්භො සමණො ගොතමො අපගබ‍්භතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

12. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ හීන වූ ගැබ් ඇත්තේ (ගර්‍භාවාස – ඉපදීම් නැත්තේ) ගැබ් (ඉපදීම) පහ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

13. “අත්‍ථි සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අස‍්සත්‍ථො සමණො ගොතමො, අස‍්සාසාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

13. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අස්වැසුනේ අස්වැසුම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”

14. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, අකිරියං වදාමි කායදුච‍්චරිතස‍්ස වචීදුච‍්චරිතස‍්ස මනොදුච‍්චරිතස‍්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං අකිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

14. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වචීදුච්චරිතය මනෝදුච්චරිතය නො කිරීම කියමි. (සෙසු) නානාවිධ ලාමක අකුශල ධර්‍මයන් නො කිරීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේත් නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”

15. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, කිරියං වදාමි කායසුචරිතස‍්ස වචීසුචරිතස‍්ස මනොසුචරිතස‍්ස. අනෙකවිහිතානං කුසලානං ධම‍්මානං කිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘කිරියවාදො සමණො ගොතමො. කිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

15. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායසුචරිතය වචීසුචරිතය මනෝසුචරිතය කිරීම කියමි. නානාවිධ කුශලධර්‍මයන්ගේ කිරීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”

16. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘උච‍්ඡෙදවාදො සමණො ගොතමො, උච‍්ඡෙදාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, උච‍්ඡෙදං වදාමි රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං උච‍්ඡෙදං වදාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘උච‍්ඡෙදවාදො සමණො ගොතමො උච‍්ඡෙදාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

16. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම රාගයාගේ දෝසයාගේ මෝහයාගේ සිඳීම කියමි. නානාවිධ ලාමක අකුශලධර්‍මයන්ගේ සිඳීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”

17. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘ජෙගුච‍්ඡී සමණො ගොතමො,ජෙගුච‍්ඡිතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, ජිගුච‍්ඡාමි කායදුච‍්චරිතෙන වචීදුච‍්චරිතෙන මනොදුච‍්චරිතෙන. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා ජිගුච‍්ඡාමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: “ජෙගුච‍්ඡී සමණො ගොතමො ජෙගුච‍්ඡිතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

17. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වචීදුච්චරිතය මනෝදුච්චරිතය පිළිකුල් කරමි. නානාවිධ ලාමක වූ අකුශලධර්‍මයන්ගේ ඉපදීම පිළිකුල් කරමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නෙන් නම්, මේ ඒ ක්‍රමය වේ.”

18. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘වෙනයිකො සමණො ගොතමො විනයාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. අහං හි සීහ, විනයාය ධම‍්මං දෙසෙමි රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං විනයාය ධම‍්මං දෙසෙමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘වෙනයිකො සමණො ගොතමො විනයාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

18. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශ කරන්නේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම රාගය දෝසය මෝහය වැනසීම පිණිස දහම් දෙසමි. නානාවිධ ලාමක අකුශලධර්‍මයන්ගේ විනාශය පිණිස දහම් දෙසමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශකාර වූයේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”

19. “කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘තපස‍්සී සමණො ගොතමො තපස‍්සිතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති. තපනීයාහං සීහ, පාපකෙ අකුසලෙ ධම‍්මෙ වදාමි කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං. යස‍්ස ඛො සීහ, තපනීයා පාපකා අකුසලා ධම‍්මා පහීණා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තමහං තපස‍්සීති වදාමි. තථාගතස‍්ස ඛො සීහ, තපනීයා පාපකා අකුසලා ධම‍්මා පහීණා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවංකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: තපස‍්සී සමණො ගොතමො තපස‍්සිතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

19. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තවන්නේ තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වවීදුච්චරිතය මනෝදුච්චරිතය තැවිය යුතු වූ ලාමක අකුශලධර්‍මය යි කියමි. සීහය, යමකුගේ තැවිය යුතු වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ වූවාහු ද, සිඳින ලද මුල් ඇත්තාහු ද, මුදුන සිඳ දැමූ (නැවත නො වැඩෙන) තල්ගසක් සේ කරණ ලද්දාහු ද, පසු ව නූපදනා සේ විනාශයට පමුණුවන ලද්දාහු ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තාහු ද, මම ඔහු තපස්සී යි කියමි. සීහය තථාගතයන් වහන්සේගේ තැවිය යුතු වූ ලාමක වූ අකුශලධර්‍මයෝ ප්‍රහීණ වූහ. සිඳින ලද මුල් ඇත්තාහ. මුදුන සිඳ දැමූ තල්ගසක් සේ කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තාහ. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තවන්නේ තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”

20. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අපගබ‍්භො සමණො ගොතමො අපගබ‍්භතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති? යස‍්ස ඛො සීහ, ආයතිං ගබ‍්භසෙය්‍යා පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති පහීණා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවංකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තමහං අපගබ‍්භොති වදාමි. තථාගතස‍්ස ඛො සීහ, ආයතිං ගබ‍්භසෙය්‍යා පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති පහීණා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අපගබ‍්භො සමණො ගොතමො අපගබ‍්භතාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති.

20. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ගැබ් නැත්තේ ගැබ් නැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, යමකුගේ මතු ගැබෙක හොවීම (මවුකුස විසීම) නැවැත භවයක ඉපදීම ප්‍රහීණ වී ද, සිඳ දැමූ මුල් ඇත්තේ ද, මුදුන සිඳ දැමූ නැවත හට නො ගන්නා තල්ගසක් සේ කරණ ලද්දේ ද, අභාවයට පමුණුවන ලද්දේ ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ද, මම ඔහු අපගබ්භ ය යි කියමි. සීහය, තථාගතයන්ගේ මතු මවුකුස විසීම නැවැත භවයෙක ඉපදීම ප්‍රහීණ වී ය. සිඳින ලද මුල් ඇත්තේ ය. මුදුන සිඳ දැමූ තල්ගසක් සේ කරණ ලද්දේ ය. අභාවයට පමුණුවන ලද්දේ ය. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ය. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ගැබ් නැත්තේ ගැබ් නසනු පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”

21. “කතමො ච සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අස‍්සත්‍ථො සමණො ගොතමො අස‍්සාසාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී’ති? අහං හි සීහ, අස‍්සත්‍ථොපරමෙන අස‍්සාසෙන. අස‍්සාසාය ච ධම‍්මං දෙසෙමි. තෙන ච සාවකෙ විනෙමි. අයං ඛො සීහ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය: ‘අස‍්සත්‍ථො සමණො ගොතමො අස‍්සාසාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී”ති.

21. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අස්වැසුනේ අස්වැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම උතුම් වූ (සිවුමගපල) අස්වැසීමෙන් සැනසුනේ වෙමි. අස්වැසීම පිණිස දහම් දෙසමි. එයින් ම ශ්‍රාවකයන් හික්මවමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණගෞතමතෙමේ අස්වැසුනේ අස්වැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”

22. එවං වුත‍්තෙ සීහො සෙනාපති භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තං භන‍්තෙ. අභික‍්කන‍්තං භන‍්තෙ. සෙය්‍යථාපි භන‍්තෙ නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය: ‘චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තී’ ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං, භන‍්තෙ, තතියම‍්පි භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත”න‍්ති.

22. මෙසේ වදාළ කල්හි සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමිනී, ඉතා යහපත් ය. ස්වාමිනී, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්ගෙන් ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි ගනඳුරෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දහම් දෙසන ලද්දේ ය. ස්වාමිනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද, නව ලෝකෝත්තර ධර්‍මය ද, අෂ්ටාර්‍ය්‍යපුද්ගල භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වා” යි සැළ කෙළේය.

23. අනුවිච‍්චකාරං ඛො සීහ, කරොහි. අනුවිච‍්චකාරො තුම‍්හාදිසානං ඤාතමනුස‍්සානං සාධු හොතී”ති. ඉමිනාපහං භන‍්තෙ භගවතො වචනෙන භිය්‍යොසොමත‍්තාය අත‍්තමනො අභිරද‍්ධො, යං මං භගවා එවමාහ: “අනුවිච‍්චකාරං ඛො සීහ, කරොහි. අනුවිච‍්චකාරො තුම‍්හාදිසානං ඤාතමනුස‍්සානං සාධු හොතී”ති. මමං හි භන‍්තෙ අඤ‍්ඤතිත්‍ථියා සාවකං ලභිත්‍වා කෙවලකප‍්පං වෙසාලිං පටාකං පරිහරෙය්‍යුං: “සීහො අම‍්හාකං සෙනාපති සාවකත‍්තං උපගතො’ති. අථ ච පන මං භගවා එවමාහ: “අනුවිච‍්චකාරං ඛො සීහ, කරොහි. අනුවිච‍්චකාරො තුම‍්හාදිසානං ඤාතමනුස‍්සානං සාධු හොතී”ති. එසාහං භන‍්තෙ දුතියම‍්පි භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත”න‍්ති.

23. සීහය, දැන (සිතා බලා) ක්‍රියා කරව, තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට සලකා බලා ක්‍රියා කිරීම සුදුසු වේ. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ “සීහය, දැන ක්‍රියා කරව. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට සලකා බලා කිරීම සුදුසු වේ” යි මෙසේ මට යම් වචනයක් වදාළ සේක් ද, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනයෙන් ඉතා බොහෝ සේ සතුටු වූයෙම් ඇලුනෙම් වෙමි. “ස්වාමිනී, අන්‍යතීර්‍ත්‍ථකයෝ (නම්) මා වැනි ශ්‍රාවකයකු ලැබ ‘සීහසේනාපති තෙමේ අපගේ ශ්‍රාවකභාවයට පැමිණියේ’ යි මුළු විශාලා මහනුවර දද නංවා (හඬ නගා) ඇවිදින්නාහු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, දැන ක්‍රියා කරව. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට දැන කිරීම සුදුසු වේ’ යි මට මෙසේ වදාළ සේක. ස්වාමිනී, මේ මම දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ද, නවලෝකෝත්තරධර්‍මය ද, අෂ්ටර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වා.”

24. දීඝරත‍්තං ඛො තෙ සීහ, නිගණ‍්ඨානං ඔපානභූතං කුලං, යෙන තෙසං උපගතානං පිණ‍්ඩකං දාතබ‍්බං මඤ‍්ඤෙය්‍යාසී”ති. ඉමිනාපාහං භන‍්තෙ, භගවතො භීය්‍යොසොමත‍්තාය අත‍්තමනො අභිරද‍්ධො, යං මං භගවා එවමාහ: “දීඝරත‍්තං ඛො තෙ සීහ, නිගණ‍්ඨානං ඔපානභූතං කුලං, යෙන තෙසං උපගතානං පිණ‍්ඩකං දාතබ‍්බං මඤ‍්ඤෙය්‍යාසී”ති.

24. සීහය, තොපගේ කුලය (නිවෙස) බොහෝ කලක් නිඝණ්ඨයන්ට පැන් පොකුණක් සේ සිටියේ ය. එහෙයින් (තොප) වෙත පැමිණි නිඝණ්ඨයන්ට පිණ්ඩාහාරය දිය යුතු ය යි සිතව”. (බුදුන් සරණ ගිය මුත් නිඝණ්ඨයන් පැමිණි කල ඔවුන්ට දෙන දෑ නො සිඳ දිය යුතු ම ය යි යූ සේ යි.) ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ‘සීහය, තොපගේ කුලය බොහෝ කලක් නිඝණ්ඨයන්ට පැන්පොකුණක් සේ වීය. එහෙයින් වෙත පැමිණි නිඝණ්ඨයන්ට පිඬු දිය යුතු ය යි සිතව’ යි මට යම් වචනයක් වදාළ සේක් ද, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනයෙන් ද ඉතා බොහෝ සේ සතුටු වූයෙම් ඇලුනෙම් වෙමි.

25. සුතං මෙතං භන‍්තෙ, “සමණො ගොතමො එවමාහ: මය‍්හමෙව දානං දාතබ‍්බං. න අඤ‍්ඤෙසං දානං දාතබ‍්බං. මය‍්හමෙව සාවකානං දානං දාතබ‍්බං. න අඤ‍්ඤෙසං සාවකානං දානං දාතබ‍්බං. මය‍්හමෙව දින‍්නං මහප‍්ඵලං. න අඤ‍්ඤෙසං දින‍්නං මහප‍්ඵලං. මය‍්හමෙව සාවකානං දින‍්නං මහප‍්ඵලං. න අඤ‍්ඤෙසං සාවකානං දින‍්නං මහප‍්ඵල”න‍්ති. අථ ච පන මං භගවා නිගණ‍්ඨෙසුපි දානෙ සමාදපෙති. අපි ච භන‍්තෙ, මයමෙත්‍ථ කාලං ජානිස‍්සාම. එසාහං භන‍්තෙ, තතියම‍්පි භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත න‍්ති.

25. ස්වාමිනී, “ශ්‍රමණ ගෞතම තෙමේ ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. මාගේ ම ශ්‍රාවකයන්ට දන් දිය යුතු ය. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දන් නො දිය යුතු ය. මට ම දෙන ලද්ද මහත්ඵල ඇත්තේ ය. අන්හට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ නො වේ. මාගේ ම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ ය. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ නො වේ” යි මෙසේ වදාරන්නේ ය” යි මා විසින් අසන ලද්දේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයන් කෙරෙහි ද දීමෙහි මා සමාදන් කරවන සේක. (මෙහෙයවන සේක). ස්වාමිනී, වේවා; අපි මෙහි කල් දන්නෙමු. ස්වාමිනී, මේ මම තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ද, නවලෝකොත්තරධර්‍ම ය ද අෂටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද, සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වායි.

26. අථ ඛො භගවා සීහස‍්ස සෙනාපතිස‍්ස අනුපුබ‍්බීකථං කථෙසි සෙය්‍යථිදං: දානකථං සීලකථං සග‍්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං. නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ‍්ඤාසි සීහසෙනාපතිං කල‍්ලචිත‍්තං මුදුචිත‍්තං විනීවරණචිත‍්තං උදග‍්ගචිත‍්තං පසන‍්නචිත‍්තං, අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා, තං පකාසෙසි: දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ගං. සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පතිගණ‍්හෙය්‍ය, එවමෙව සීහස‍්ස සෙනාපතිස‍්ස තස‍්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: “යංකිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති.

26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සීහසේනාපතිහුහට දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීමට හේතු වන බව යන පිළිවෙළකථාව වදාළසේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක සීහසේනාපතියා සුදුසු සිත් ඇතැ යි, මොළොක් සිත් ඇතැ යි, නීවරණ රහිත වූ සිත් ඇතැ යි, ඔදවැඩි සිත් ඇතැ යි, පහන් සිත් ඇතැ යි, දත් සේක් ද, එකල බුදුවරුන්ගේ තමන් (=ස්වභාවයෙන්) ම උත්කෘෂ්ට වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන මේ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එසේ ම සීහසේනාපතිහුහට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදි රජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.

27. අථ ඛො සීහො සෙනාපති දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථඞ‍්කථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ භගවන‍්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන‍්තෙ භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො සීහො සෙනාපති භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

27. ඉක්බිති දක්නා ලද දහම් ඇති පැමිණ දහම් ඇති අවබෝධ කළ දහම් ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි, බුදුදහමෙහි අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. අනතුරු ව සීහ සේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.

28. අථ ඛො සීහො සෙනාපති අඤ‍්ඤතරං පුරිසං ආණාපෙසි: “ගච‍්ඡ භණෙ, පවත‍්තමංසං ජානාහී”ති. අථ ඛො සීහො සෙනාපති තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි. “කාලො භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන සීහස‍්ස සෙනාපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

28. ඉක්බිති සීහසේනාපති තෙමේ “සගය, යව, ප්‍රවෘත්තමාංස (විකුණන මස්) තිබේ දැ යි දනුව” යි එක්තරා පුරුෂයකුට ඇණවී ය. නැවැත සීහසේනාපති තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු වූ බිදිය යුතු වූ දෙය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමිනී, මේ කාල ය යි. බත් නිමියේ” යි කල් සැළකරවී ය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ සීහසේනාපතියාගේ නිවෙසට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.

29. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා නිගණ‍්ඨා වෙසාලියං රථියා රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්ති: “අජ‍්ජ සීහෙන සෙනාපතිනා ථුල‍්ලං පසුං වධිත්‍වා සමණස‍්ස ගොතමස‍්ස භත‍්තං කතං. තං සමණො ගොතමො ජානං උද‍්දිස‍්සකටං මංසං පරිභුඤ‍්ජති පටිච‍්චකම‍්ම”න‍්ති.

29. එසමයෙහි බොහෝ නිගණ්ඨයෝ විශාලාමහනුවර වීථියෙන් වීථියෙහි සතරමංසන්‍ධියෙන් සතරමංසන්‍ධියෙහි (සිටගෙණ) දෙඅත් ඔසොවා ගෙණ “අද සීහසේනාපතියා විසින් තරබාරු සිවුපාවකු මරා ශ්‍රමණ ගෞතමයාට බත් කරණ ලද්දේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ තමන් උදෙසා කළ (මරණ ලද) තමන් නිමිති කොට (කන්නා විසින් ද ස්පර්‍ශ කරණ ප්‍රාණඝාතකර්‍ම) ඇති ඒ මස් දැන ගෙණ වළඳා” යි විලාප (අඳෝනා) කියත්.

30. අථ ඛො අඤ‍්ඤතරො පුරිසො යෙන සීහො සෙනාපති තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සීහස‍්ස සෙනාපතිස‍්ස උපකණ‍්ණකෙ ආරොචෙසි: “යග‍්ඝෙ භන‍්තෙ, ජානෙය්‍යාසි? එතෙ සම‍්බහුලා නිගණ‍්ඨා වෙසාලියං රථියා රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්ති: අජ‍්ජ සීහෙන සෙනාපතිනා ථුල‍්ලං පසුං වධිත්‍වා සමණස‍්ස ගොතමස‍්ස භත‍්තං කතං. තං සමණො ගොතමො ජානං උද‍්දිස‍්සකටං මංසං පරිභුඤ‍්ජති පටිච‍්චකම‍්ම”’න‍්ති.

30. එවිට එක්තරා පුරුෂයෙක් සීහසේනාපතියා වෙතට ගියේ ය. ගොස් සීහසේනාපතියාට “ස්වාමිනී, දන්නෙහි ද? මේ බොහෝ නිගණ්ඨයෝ විශාලාමහනුවර වීථියෙන් වීථියට සතරමංසන්‍ධියෙන් සතරමංසන්‍ධියට පැමිණ ‘අද සීහසේනාපතියා විසින් තරබාරු සිවුපාවකු මරා ශ්‍රමණ ගෞතමයාහට බත් කරණ ලද්දේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ තමන් උදෙසා කළ තමන් නිමිති කොට ඇති ඒ මස් දැන ගෙණ වළඳා’ යි දෙඅත් ඔසොවා ගෙණ අඳෝනා කියත්” යි කණ ලඟ (කොඳුරා) දැන්වී ය.

31. “අලං අය්‍යො, දීඝරත‍්තම‍්පි තෙ ආයස‍්මන‍්තා අවණ‍්ණකාමා බුද‍්ධස‍්ස. අවණ‍්ණකාමා ධම‍්මස‍්ස. අවණ‍්ණකාමා සඞ‍්ඝස‍්ස. න ච පන තෙ ආයස‍්මන‍්තා ජිරින‍්ති තං භගවන‍්තං අසතා තුච‍්ඡා මුසා අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්තා. න ච මයං ජීවිතහෙතූපි සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍යාමා”ති.

31. “පින්වත, කම් නැත. ඒ ආයුෂ්මත්හු බොහෝ කලක් ම බුදුන්ගේ අගුණ කියනු කැමැත්තෝ ය. ධර්‍මයෙහි අගුණ කියනු කැමැත්තෝ ය. සඞ්ඝයාගේ අගුණ කියනු කැමැත්තෝ ය. ඒ භාග්‍යවතුන් වහන්සේට නැත්තා වූ හිස් වූ බොරු වූ අවිද්‍යාමාන වූ කරුණකින් ගටා කියන්නා වූ ඒ ආයුෂ්මත්හු නො දිරත්, (චෝදනාවෙහි කෙළවරට නො පැමිණෙත්.) අපි ජීවිතහේතුවෙන් වත් දැන දැන ප්‍රාණයකු ජීවිතයෙන් තොර නො කරන්නෙමු.”

32. අථ ඛො සීහො සෙනාපති බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො සීහං සෙනාපතිං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

32. ඉක්බිති සීහසේනාපති තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැරට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් සීහසේනාපතියා දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

33. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, ජානං උද‍්දිස‍්සකටං මංසං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, තිකොටිපරිසුද‍්ධං මච‍්ඡමංසං: අදිට‍්ඨං අසුතං අපරිසඞ‍්කිත”න‍්ති.

33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. “මහණෙනි, තමන් විසින් නො දුටු, නො ඇසූ, සැක නො කළ, ත්‍රිකෝටිකපරිශුද්ධ මත්ස්‍යමාංස අනුදනිමි”.

34. තෙන ඛො පන සමයෙන වෙසාලී සුභික‍්ඛා හොති සුසස‍්සා සුලභපිණ‍්ඩා. සුකරා උඤ‍්ඡෙන පග‍්ගහෙන යාපෙතුං.

34. එකල්හි විශාලාමහනුවර සුලභ වූ භික්‍ෂා ඇත්තේ යහපත් සස්‍ය ඇත්තේ සුව සේ ලැබිය හැකි ආහාර ඇත්තේ පාත්‍රය ගෙණ පිඬු සිඟා යෑමෙන් යැපීමට පහසු වූයේ වේ.

35. අථ ඛො භගවතො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “යානි තානි මයා භික‍්ඛූනං අනුඤ‍්ඤාතානි දුබ‍්භික‍්ඛෙ දුස‍්සස‍්සෙ දුල‍්ලභපිණ‍්ඩෙ අන‍්තො වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්කං, උග‍්ගහිතපටිග‍්ගහිතකං තතො නීහටං, පුරෙභත‍්තං පටිග‍්ගහිතං, වනට‍්ඨං, පොක‍්ඛරට‍්ඨං, අජ‍්ජාපි නු ඛො තානි භික‍්ඛූ පරිභුඤ‍්ජන‍්තී”ති.

35. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මෙබඳු කල්පනාවෙක් පහළ වි ය: “භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද්ද, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය. පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් පරිභෝග කෙරෙත්දැ” යි (කියායි).

36. අථ ඛො භගවා සායණ‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “යානි තානි ආනන්‍ද, මයා භික‍්ඛූනං අනුඤ‍්ඤාතානි දුබ‍්භික‍්ඛෙ දුස‍්සස‍්සෙ දුල‍්ලභපිණ‍්ඩෙ අන‍්තො වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්කං, උග‍්ගහිතපටිග‍්ගහිතකං, තතො නීහටං, පුරෙභත‍්තං පටිග‍්ගහිතං, වනට‍්ඨං පොක‍්ඛරට‍්ඨං, අජ‍්ජාපි නු ඛො තානි භික‍්ඛූ පරිභුඤ‍්ජන‍්තී”ති. “පරිභුඤ‍්ජන‍්ති භගවා”ති.

36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටි සේක් “ආනන්‍දය, භික්‍ෂා නැති සස්‍ය නැති පිඬු දුර්‍ලභ වූ කාලයෙහි ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරු පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් වළඳත් දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, වළඳත්” යි අනඳ තෙරහු සැළකළහ.

37. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “යානි තානි භික‍්ඛවෙ, මයා භික‍්ඛූනං අනුඤ‍්ඤාතානි දුබ‍්භික‍්ඛෙ දුස‍්සස‍්සෙ දුල‍්ලභපිණ‍්ඩෙ අන‍්තො වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්කං, උග‍්ගහිතපටිග‍්ගහිතකං, තතො නීහටං, පුරෙභත‍්තං පටිග‍්ගහිතං, වනට‍්ඨං පොක‍්ඛරට‍්ඨං, තානාහං අජ‍්ජතග‍්ගෙ පටික‍්ඛිපාමි. න භික‍්ඛවෙ, අන‍්තො වුත්‍ථං අන‍්තො පක‍්කං සාමං පක‍්කං උග‍්ගහිතපටිග‍්ගහිතකං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. න ච භික‍්ඛවෙ, තතො නීහටං, පුරෙභත‍්තං පටිග‍්ගහිතං, වනට‍්ඨං, පොක‍්ඛරට‍්ඨං භුත‍්තාවිනා පවාරිතෙන අනතිරිත‍්තං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය, යථා ධම‍්මො කාරෙතබ‍්බො”ති.

37. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය, පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද, මම අද පටන් ඒ දෑ ප්‍රතික්‍ෂේප කරමි. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, වළඳා අවසන් කළ පවාරණය කළ මහණහු විසින් වැළඳූ තැනින් ගෙනෙණන ලද, පෙරවරුයෙහි පිළිගන්නා ලද, වනයෙහි හටගත් පියුම්ගසෙහි හටගත් අනතිරික්ත වූ, දෙය නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය” යි.

38. තෙන ඛො පන සමයෙන ජානපදා මනුස‍්සා බහුං ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සකටෙසු ආරොපෙත්‍වා බහාරාමකොට‍්ඨකෙ සකටපරිවත‍්තං කරිත්‍වා අච‍්ඡන‍්ති: “යදා පටිපාටිං ලභිස‍්සාම, තදා භත‍්තං කරිස‍්සාමා”ති. මහා ච මෙඝො උග‍්ගතො හොති.

38. එකල්හි දනවුවැසි මිනිස්සු බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා ගෙණ අරම්කොටුවෙන් පිටත ගැල්වට තබා “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙමු ද එවිට බත් පිළියෙල කරන්නෙමු” යි බලා සිටිත්. මහාමේඝයෙක් ද නැගුනේ වෙයි.

39. අථ ඛො තෙ මනුස‍්සා යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොචුං: “ඉධ භන‍්තෙ ආනන්‍ද, බහුං ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සකටෙසු ආරොපිතා තිට‍්ඨන‍්ති, මහා ච මෙඝො උග‍්ගතො. කථන‍්නුඛො භන‍්තෙ ආනන්‍ද, පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති.

39. ඉක්බිති ඒ මිනිස්සු ආයුෂ්මත් අනඳ තෙරුන් වෙතට ගියහ. ගොස් “ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා තිබේ. මහා මේඝයෙක් ද නැංගේ ය. ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, කුමක් කළ යුතු දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළහ.

40. අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි. “තෙනහානන්‍ද, සඞ‍්ඝො පච‍්චන‍්තිමං විහාරං කප‍්පියභූමිං සම‍්මන‍්නිත්‍වා තත්‍ථ වාසෙතු, යං සඞ‍්ඝො ආකඞ‍්ඛති විහාරං වා අඩ‍්ඪයොගං වා පාසාදං වා හම‍්මියං වා ගුහං වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ, සම‍්මන‍්නිතබ‍්බො - ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො: “සුණාතු මෙ භන‍්තෙ, සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං විහාරං කප‍්පියභූමිං සම‍්මන‍්නෙය්‍ය, එසා ඤත‍්ති. “සුණාතු මෙ භන‍්තෙ, සඞ‍්ඝො. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං විහාරං කප‍්පියභූමිං සම‍්මන‍්නති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස විහාරස‍්ස කප‍්පියභූමියා සම‍්මුති, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය. සම‍්මතො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමො විහාරො කප‍්පියභූමි. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

40. එවිට ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, එසේ නම් සඞ්ඝ තෙමේ යම් වෙහෙරක් හෝ අඩපියසි ඇති ගෙයක් හෝ පහයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ යන යම් තැනක් කැපබිමක් කිරීමට කැමැති වේ ද, එබඳු පසු පසෙක පිහිටි විහාරයක් කැපබිම සේ සම්මත කොට එහි තැන්පත් කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැප බිම කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙනම් විහාරය කැපබිමක් කොට සම්මත කිරීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.

41. තෙන ඛො පන සමයෙන මනුස‍්සා තත්‍ථෙව සම‍්මුතියා කප‍්පියභූමියා යාගුයො පචන‍්ති. භත‍්තානි පචන‍්ති. සූපානි සම‍්පාදෙන‍්ති. මංසානි කොට‍්ටෙන‍්ති. කට‍්ඨානි ඵාලෙන‍්ති.

41. එකල්හි මිනිස්සු එහි ම – සම්මත කරණ ලද කැපබිමෙහි කැඳ පිසත්. බත් පිසත්. ව්‍යඤ්ජන සපයත්. මස් කපත්. දර පළත්.

42. අස‍්සොසි ඛො භගවා රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය උච‍්චාසද‍්දං මහාසද‍්දං කාකොරවසද‍්දං. සුත්‍වාන ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “කින‍්නු ඛො සො ආනන්‍ද, උච‍්චාසද‍්දො මහාසද‍්දො කාකොරවසද‍්දො”?ති. “එතරහි භන‍්තෙ, මනුස‍්සා තත්‍ථෙව සම‍්මුතියා කප‍්පියභූමියා යාගුයො පචන‍්ති. භත‍්තානි පචන‍්ති. සූපානි සම‍්පාදෙන‍්ති. මංසානි කොට‍්ටෙන‍්ති. කට‍්ඨානි ඵාලෙන‍්ති. සො එසො භගවා, උච‍්චාසද‍්දො මහාසද‍්දො කාකොරවසද‍්දො”ති.

42. භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගී සිට උස්හඬ මහහඬ කවුඩුහඬ ඇසූ සේක. අසා “ආනන්‍දය, ඒ උස්හඬ මහහඬ කවුඩුහඬ කිමැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විචාළ සේක. “ස්වාමිනී, මිනිස්සු දැන් සම්මත භූමියෙහි ම කැඳ පිසත්. බත් පිසත්. ව්‍යඤ්ජන සපයත්. මස් කපත්. දර පළත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ මහහඬ කවුඩුහඬ ය”.

43. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, සම‍්මුතිකප‍්පියභූමි පරිභුඤ‍්ජිතබ‍්බා. යො පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. “අනුජානාමි භික‍්ඛවෙ, තිස‍්සො කප‍්පියභූමියො: උස‍්සාවනන‍්තිකං ගොනිසාදිකං ගහපති”න‍්ති.

43. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සම්මත කළ කැපබිම පරිභෝග නො කට යුතු ය. යමෙක් පරිභෝග කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, උස්සාවනන්තිකා කිළිය, ගො නිසාදි කිළිය, ගහපති කිළිය යි කැපබිම් තුණක් අනුදනිමි”.

44. තෙන ඛො පන සමයෙන ආයස‍්මා යසොජො ගිලානො හොති. තස‍්සත්‍ථාය භෙසජ‍්ජානි ආහරියන‍්ති. තානි භික‍්ඛූ බහි වාසෙන‍්ති. උක‍්කපිණ‍්ඩිකාපි ඛාදන‍්ති, චොරාපි හරන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි, භික‍්ඛවෙ, සම‍්මුතිං කප‍්පියභූමිං පරිභුඤ‍්ජිතුං. අනුජානාමි භික‍්ඛවෙ, චතස‍්සො කප‍්පියභූමියො: උස‍්සාවනන‍්තිකං ගොනිසාදිකං ගහපතිං සම‍්මුති”න‍්ති.

44. එකල්හි ආයුෂ්මත් යසොජ ස්ථවිර තෙමේ ගිලන් වේ. උන්වහන්සේ පිණිස බෙහෙත් ගෙණෙනු ලැබේ. භික්‍ෂූහු ඒ බෙහෙත් බැහැර තබවත්. බළල් මී ආදී සත්තු ද කත්. සොරු ද ගෙණ යත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සම්මත කළ කැපබිම පරිභෝග කරන්නට අනුදනිමි. මහණෙනි, උස්සාවනන්තිකා ගො නිසාදිකා ගහපති සම්මුති යි කැපබිම් සතරක් අනුදනිමි”.

සීහභාණවාරො චතුත්‍ථො.

සීහබණවර සිවුවැනි වේ.

1. තෙන ඛො පන සමයෙන භද‍්දියනගරෙ මෙණ‍්ඩකො ගහපති පටිවසති. තස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො හොති: සීසං නහායිත්‍වා ධඤ‍්ඤාගාරං සම‍්මජ‍්ජාපෙත්‍වා පද‍්වාරෙ නිසීදති. අන‍්තළික‍්ඛා ධඤ‍්ඤස‍්ස ධාරා ඔපතිත්‍වා ධඤ‍්ඤාගාරං පූරෙති.

1. එකල්හි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් (සිටු) ගැහැවියෙක් වෙසෙයි. ඒ සිටුහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: ඉස් සෝධා නා කොටුගෙය හමදවා ප්‍රාග්ද්වාරයෙහි (අක් දෙරියෙහි – ගෘහය අභිමුඛයෙහි) හිඳියි. අහසින් ධාන්‍යධාරා (=රත්හැල් වී කඳු) වැටී කොටුගෙය පුරවයි.

2. භරියාය එවරූපො ඉද‍්ධානුභාවො හොති: එකඤ‍්ඤෙව ආළ‍්හකථාලිකං උපනිසීදිත්‍වා එකඤ‍්ච සූපභිඤ‍්ජරකං දාසකම‍්මකරපොරිසං භත‍්තෙන පරිවිසති. න තාව තං ඛීයති, යාව සා න වුට‍්ඨාති.

2. බිරින්දගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: සිවු නැළියක් ගන්නා එක ම බත්තලියක් හා එක ම ව්‍යඤ්ජන ඇතිලියක් ලඟ හිඳගෙණ දස්කම්කරු පිරිසට බත් වළඳවයි. ඕ තොමෝ යම් තාක් (එතැනින්) නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ.

3. පුත‍්තස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො හොති: එකංයෙව සහස‍්සත්‍ථවිකං ගහෙත්‍වා දාසකම‍්මකරපොරිසස‍්ස ඡම‍්මාසිකං වෙතනං දෙති. න තාව තං ඛීයති, යාවස‍්ස හත්‍ථගතා.

3. පුත්‍රයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ දස්කම්කරු පුරුෂයන්ට සමසක වැටුප් දෙයි. යම් තාක් (ඒ පසුම්බිය) ඔහුගේ අතෙහි වේ ද, ඒ තාක් එය හිස් නො වේ.

4. සුණිසාය එවරූපො ඉද‍්ධානුභාවො හොති: එකඤ‍්ඤෙව චතුදොණිකං පිටකං උපනිසීදිත්‍වා දාසකම‍්මකරපොරිසස‍්ස ඡම‍්මාසිකං බීජභත‍්තං දෙති. න තාව තං ඛීයති, යාව සා න වුට‍්ඨාති.

4. යෙහෙළියගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: ද්‍රෝණ (ලාස්) සතරක් ගන්නා එක ම වී පැස ලඟ හිඳ දස්කම්කරු පුරුෂයන්ට සමසක බත් බිජුවට (= වී) දෙයි. යම් තාක් ඕ තොමෝ (එතැනින්) නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ.

5. දාසස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො හොති: එකෙන නඞ‍්ගලෙන කසන‍්තස‍්ස සත‍්ත සීතායො ගච‍්ඡන‍්ති.

5. දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: එක් නඟුලකින් සාන්නහුට හීවිටි (නඟුල්පාර) සතක් (සෑවී) යෙයි.

6. අස‍්සොසි ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො “අම‍්හාකං කිර විජිතෙ භද‍්දියනගරෙ මෙණ‍්ඩකො ගහපති පටිවසති. තස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො: සීසං නහායිත්‍වා ධඤ‍්ඤාගාරං සම‍්මජ‍්ජාපෙත්‍වා පද‍්වාරෙ නිසීදති, අන‍්තළික‍්ඛා ධඤ‍්ඤස‍්ස ධාරා ඔපතිත්‍වා ධඤ‍්ඤාගාරං පූරෙති. භරියාය එවරූපො ඉද‍්ධානුභාවො: එකංයෙව ආළ‍්හකථාලිකං උපනිසීදිත්‍වා එකඤ‍්ච සූපභිඤ‍්ජරකං දාසකම‍්මකරපොරිසං භත‍්තෙන පරිවිසති. න තාව තං ඛීයති, යාව සා න වුට‍්ඨාති. පුත‍්තස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො: එකංයෙව සහස‍්සත්‍ථවිකං ගහෙත්‍වා දාසකම‍්මකරපොරිසස‍්ස ඡම‍්මාසිකං වෙතනං දෙති. න තාව තං ඛීයති, යාවස‍්ස හත්‍ථගතා. සුණිසාය එවරූපො ඉද‍්ධානුභාවො: එකංයෙව චතුදොණිකං පිටකං උපනිසීදිත්‍වා දාසකම‍්මකරපොරිසස‍්ස ඡම‍්මාසිකං බීජභත‍්තං දෙති. න තාව තං ඛීයති, යාව සා න වුට‍්ඨාති. දාසස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො: එකෙන නඞ‍්ගලෙන කසන‍්තස‍්ස සත‍්ත සීතායො ගච‍්ඡන‍්තී”ති.

6. මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ – “අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසේ. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: හිස් සෝදා නහා කොටුගෙය හමදවා ඉදිරිදෙරටුවෙහි හිඳියි. අහසින් වී ධාරා වැටී කොටුගෙය පුරවයි. බිරින්දගේ මෙබඳු ‘ඍද්ධ්‍යනුභාවයෙක් වේ: සිවු නැළියක් ගන්නා එක ම බත්තලියක් හා එක ම ව්‍යඤ්ජනඇතිලියක් ලඟ හිඳ ගෙණ දස්කම්කරුපිරිසට බත් වළඳවයි. යම් තාක් ඕ තොමෝ නො නැගිටි ද, ඒ තාක් එය හිස් නො වේ. පුත්‍රයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ දස්කම්කරු පුරුෂයන්ට සමසක වැටුප් දෙයි. යම් තාක් (ඒ පසුම්බිය) ඔහුගේ අතෙහි වේ ද, ඒ තාක් එය හිස් නො වේ’. ලේළියගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. සතර ද්‍රෝණයක් ගන්නා එක ම පෙට්ටියක් ලඟ හිඳ දස්කම්කරු පුරුෂයන්ට සමසක බත් බිජුවට දෙයි. යම් තාක් ඕ තොමෝ නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ. දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් (සෑවී) යේ ය” යි ඇසී ය.

7. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො අඤ‍්ඤතරං සබ‍්බත්‍ථකං මහාමත‍්තං ආමන‍්තෙසි: “අම‍්හාකං කිර භණෙ, විජිතෙ භද‍්දියනගරෙ මෙණ‍්ඩකො ගහපති පටිවසති. තස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො: සීසං නහායිත්‍වා ධඤ‍්ඤාගාරං සම‍්මජ‍්ජාපෙත්‍වා පද‍්වාරෙ නිසීදති. අන‍්තළික‍්ඛා ධඤ‍්ඤස‍්ස ධාරා ඔපතිත්‍වා ධඤ‍්ඤාගාරං පූරෙති. භරියාය -පෙ- පුත‍්තස‍්ස -පෙ- සුණිසාය -පෙ- දාසස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො: එකෙන නඞ‍්ගලෙන කසන‍්තස‍්ස සත‍්ත සීතායො ගච‍්ඡන‍්තීති. ගච‍්ඡ භණෙ, ජානාහි. යථා මයා සාමං දිට‍්ඨො, එවං තව දිට‍්ඨො භවිස‍්සතී”ති.

7. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ සියලු කටයුතුවල යෙදෙන එක්තරා මහඇමැතියකු ඇමතූසේ ය: “සගය, අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසෙයි. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. හිස සෝධා නා කොටුගෙය හමදවා අගදොරකඩ හිඳියි. අහසින් ධාන්‍යධාරා වැටී කොටුගෙය පුරවයි. බිරින්දගේ –පෙ– පුත්‍රයාගේ –පෙ– යේළනියන්ගේ –පෙ– දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් යෙ යි. සගය, යව. දනුව, තා විසින් දක්නා ලද්ද මා විසින් ම දක්නා ලද්දක් මෙන් වන්නේ ය.

8. “එවං දෙවා”ති ඛො සො මහාමත‍්තො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පටිස‍්සුත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය යෙන භද‍්දියං තෙන පායාසි. අනුපුබ‍්බෙන යෙන භද‍්දියං යෙන මෙණ‍්ඩකො ගහපති තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මෙණ‍්ඩකං ගහපතිං එතදවොච: “අහං හි ගහපති, රඤ‍්ඤා ආණත‍්තො ‘අම‍්හාකං කිර භණෙ, විජිතෙ භද‍්දිය නගරෙ මෙණ‍්ඩකො ගහපති පටිවසති. තස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො: සීසං නහායිත්‍වා ධඤ‍්ඤාගාරං සම‍්මජ‍්ජාපෙත්‍වා පද‍්වාරෙ නිසීදති. අන‍්තළික‍්ඛා ධඤ‍්ඤස‍්ස ධාරා ඔපතිත්‍වා ධඤ‍්ඤාගාරං පූරෙති. -පෙ- දාසස‍්ස එවරූපො ඉද‍්ධානුභාවො: එකෙන නඞ‍්ගලෙන කසන‍්තස‍්ස සත‍්ත සීතායො ගච‍්ඡන‍්තී.’ ගච‍්ඡ භණෙ, ජානාහි. යථා මයා සාමං දිට‍්ඨො, එවං තව දිට‍්ඨො භවිස‍්සතී’ති. පස‍්සාම තෙ ගහපති, ඉද‍්ධානුභාව”න‍්ති.

8. ඒ මහාමාතා තෙමේ “දේවයන් වහන්ස, එසේ ය” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට පිළිවදන් දී සිවුරඟසෙනගින් යුක්ත ව භද්දිය නගරයට ගියේ ය. පිළිවෙළින් (ගොස්) භද්දියනුවර මෙණ්ඩක ගැහැවියා වෙතට පැමිණියේ ය. පැමිණ මෙණ්ඩක ගැහැවියාහට මෙය කී ය: “ගැහැවිය, මම – අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසෙයි. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: හිස සෝදා නා කොටුගෙය හමදවා ඉදිරිදොර හිඳියි. අහසින් ධාන්‍ය ධාරා වැටී කොටුගෙය පුරවයි. –පෙ– දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් යේ ය’ යි. සගය, යව, දනුව, තා විසින් දක්නා ලද්ද මා විසින් ම දක්නා ලද්දක් මෙන් වන්නේ ය යි රජු විසින් අණවන ලද්දෙම් වෙමි. ගෘහපතිය, තාගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු.”

9. අථ ඛො මෙණ‍්ඩකො ගහපති සීසං නහායිත්‍වා ධඤ‍්ඤාගාරං සම‍්මජ‍්ජාපෙත්‍වා පද‍්වාරෙ නිසීදි. අන‍්තළික‍්ඛා ධඤ‍්ඤස‍්ස ධාරා ඔපතිත්‍වා ධඤ‍්ඤාගාරං පූරෙසි.

9. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ හිස සෝදා නා කොටුගෙය හමදවා ඉදිරි දොරටුවෙහි හුන්නේ ය. අහසින් ධාන්‍යධාරා වැටී කොටුගෙය පිරවී ය.

10. “දිට‍්ඨො තෙ ගහපති, ඉද‍්ධානුභාවො. භරියාය තෙ ඉද‍්ධානුභාවං පස‍්සිස‍්සාමා”ති. අථ ඛො මෙණ‍්ඩකො ගහපති භරියං ආණාපෙසි: “තෙන හි චතුරඞ‍්ගිනිං සෙනං භත‍්තෙන පරිවිසා”ති. අථ ඛො මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස භරියා එක යෙව ආළ‍්හකථාලිකං උපනිසීදිත්‍වා එකඤ‍්ච සූපභිඤ‍්ජරකං චතුරඞ‍්ගිනිං සෙනං භත‍්තෙන පරිවිසි. න තාව තං ඛීයි. යාව සා න වුට‍්ඨාසි.

10. “ගැහැවිය, තාගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ බිරින්දගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු”. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට බත් කව” යි බිරින්දට අණ කෙළේ ය. එවිට මෙණ්ඩක ගැහැවිහුගේ බිරින්ද සතර නැළියක් ගන්නා එක ම බත් තලියක් ලඟ හිඳ එක ම ව්‍යඤජනඇතිලියක් ගෙණ සිවුරඟසෙනඟට බත් කැවී ය. යම් තාක් ඕ තොමෝ නො නැගී සිටියා ද, ඒ තාක් එය හිස් නො වී ය.

11. “දිට‍්ඨො තෙ ගහපති, භරියායපි ඉද‍්ධානුභාවො. පුත‍්තස‍්ස තෙ ඉද‍්ධානුභාවං පස‍්සාමා”ති. අථ ඛො මෙණ‍්ඩකො ගහපති පුත‍්තං ආණාපෙසි: “තෙන හි චතුරඞ‍්ගිනියා සෙනාය ඡම‍්මාසිකං වෙතනං දෙහී”ති . අථ ඛො මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස පුත‍්තො එකංයෙව සහස‍්සත්‍ථවිකං ගහෙත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය ඡම‍්මාසිකං වෙතනං අදාසි. න තාව තං ඛීයි, යාවස‍්ස හත්‍ථගතා.

11. “ගැහැවිය, තාගේ බිරින්දගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ පුත්‍රයාගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු” යි. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට සමසක වැටුප් දෙව” යි පුත්‍රයාට අණ කෙළේ ය. ඉක්බිති මෙණ්ඩක ගැහැවිහුගේ පුත්‍ර තෙමේ දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ සිවුරඟසෙනඟට සමසක වැටුප් දුන්නේ ය. යම් තාක් ඒ පසුම්බිය ඔහුගේ අතෙහි වී ද, ඒ තාක් එය හිස් නො වී ය.

12. “දිට‍්ඨො තෙ, ගහපති, පුත‍්තස‍්සපි ඉද‍්ධානුභාවො. සුණිසාය තෙ ඉද‍්ධානුභාවං පස‍්සාමා”ති. අථ ඛො මෙණ‍්ඩකො ගහපති සුණිසං ආණාපෙසි: “තෙන හි චතුරඞ‍්ගිනියා සෙනාය ඡම‍්මාසිකං බීජභත‍්තං දෙහී”ති. අථ ඛො මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස සුණිසා එකංයෙව චතුදොණිකං පිටකං උපනිසීදිත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය ඡම‍්මාසිකං බීජභත‍්තං අදාසි. න තාව තං ඛීයී, යාව සා න වුට‍්ඨාසි.

12. “ගැහැවිය, තාගේ පුත්‍රයාගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ යෙහෙළියගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු” යි. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට සමසක බත්බිජු දෙව” යි යෙහෙළියට අණ කෙළේ ය. ඉක්බිති මෙණ්ඩක ගැහැවිහුගේ යෙහෙළි තොමෝ ද්‍රෝණසතරක් ගන්නා එක ම වී පෙට්ටියක් ලඟ හිඳ සිවුරඟසෙනඟට සමසක බත්බිජු දුන්නී ය. යම් තාක් ඕ තොමෝ නො නැගී සිටියා ද, ඒ තාක් එය අවසන් නො වී ය.

13. “දිට‍්ඨො තෙ ගහපති, සුණිසායපි ඉද‍්ධානුභාවො. දාසස‍්ස තෙ ඉද‍්ධානුභාවං පස‍්සාමා”ති. “මය‍්හං ඛො සාමි, දාසස‍්ස ඉද‍්ධානුභාවො ඛෙත‍්තෙ පස‍්සිතබ‍්බො”ති. “අලං ගහපති, දිට‍්ඨො තෙ දාසස‍්සපි ඉද‍්ධානුභාවො”ති.

13. “ගැහැවිය, තාගේ යෙහෙළියගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ දාසයාගේ ඍද්ධානුභාවය බලන්නෙමු” යි. “හිමියෙනි, මාගේ දාසයාගේ ඍද්ධ්‍යනුභාවය කෙතෙහි දී දැක්ක යුතු ය”. “ගැහැවිය, කම් නැත. තාගේ දාසයාගේ ඍද්ධ්‍යනුභාවය ද දක්නා ලද්දේ ය”.

14. අථ ඛො සො මහාමත‍්තො චතුරඞ‍්ගිනියා සෙනාය පුනදෙව රාජගහං පච‍්චාගඤ‍්ඡි. යෙන රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස එතමත්‍ථං ආරොචෙසි.

14. ඉක්බිති ඒ මහාමාත්‍ය තෙමේ සිවුරඟසෙනනනඟින් යුක්ත ව නැවැත රජගහනුවරට පෙරළා ගියේ ය. (එහි) මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙතට එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට මෙ පවත් දැන්වී ය.

15. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන භද‍්දියං තෙන චාරිකං පක‍්කාමි මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි.

15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විශාලාමහානගරයෙහි කැමැති තාක් කල් වාසය කොට එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග භද්දියනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.

16. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන භද‍්දියං තදවසරි. තත්‍රසුදං භගවා භද‍්දියෙ විහරති ජාතියාවනෙ.

16. එකල භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් භද්දියනගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි භද්දිය නගරයෙහි ජාතියාවනයෙහි (සමන්මල් වනයෙහි) වැඩ වාසය කරණ සේක.

17. අස‍්සොසි ඛො මෙණ‍්ඩකො ගහපති “සමණො ඛලු භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො භද‍්දියං අනුප‍්පත‍්තො භද‍්දියෙ විහරති ජාතියාවනෙ. තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං, සම‍්මාසම‍්බුද‍්ධො, විජ‍්ජාචරණසම‍්පන‍්නො, සුගතො, ලොකවිදූ, අනුත‍්තරො පුරිසදම‍්මසාරථි, සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො, භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං, සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙ කල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං. කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී”ති.

17. මෙණ්ඩක ගැහැවි තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ භද්දියනගරයට පැමිණියේ භද්දියනගරයෙහි ජාතියා වනයෙහි වාසය කෙරේ. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ කල්‍යාණ වූ කීර්තිඝෝෂයෙක් පැන නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මේ මේ කරුණෙන් රහත් සේක. මේ මේ කරුණෙන් සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් සුගත් සේක. මේ මේ කරුණෙන් ලෝකවිදූ සේක. මේ මේ කරුණෙන් පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් දෙව්මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් බුද්ධ සේක. මේ මේ කරුණෙන් භාග්‍යවත් සේක. උන්වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල මැද අග යහපත් වූ අර්‍ත්‍ථසම්පත්තියෙන් යුක්ත වූ පදසම්පත්තියෙන් යුක්ත වූ දහම් දෙසන සේක. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ සේක’. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ” ය යි ඇසී ය.

18. අථ ඛො මෙණ‍්ඩකො ගහපති භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්‍වා භද්‍රං භද්‍රං යානං අභිරූහිත්‍වා භද්‍රෙහි භද්‍රෙහි යානෙහි භද‍්දියා නීය්‍යාසි භගවන‍්තං දස‍්සනාය.

18. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ හොඳ හොඳ යානයන් යොදවා හොඳ යානයකට නැගී හොඳ හොඳ යානයන්ගෙන් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස භද්දියනුවරින් පිටත් ව ගියේ ය.

19. අද‍්දසංසු ඛො සම‍්බහුලා තිත්‍ථියා මෙණ‍්ඩකං ගහපතිං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන මෙණ‍්ඩකං ගහපතිං එතදවොචුං: කහං ත්‍වං ගහපති, ගච‍්ඡසී”ති. “ගච‍්ඡාමහං භන‍්තෙ, භගවන‍්තං සමණං ගොතමං දස‍්සනායා”ති. “කිං පන ත්‍වං ගහපති, කිරියවාදො සමානො අකිරියවාදං සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සසි? සමණො හි ගහපති, ගොතමො අකිරියවාදො අකිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතී”ති.

19. බොහෝ තීර්‍ත්‍ථකයෝ එන්නා වූ මෙණ්ඩක ගැහැවියා දුර දී ම දුටුවාහු ය. දැක මෙණ්ඩක ගැහැවියාට “ගැහැවිය, තෝ කොහි යෙහි දැ” යි කීහ. ස්වාමිනී, මම භාග්‍යවත් ශ්‍රමණගෞතමයන් දැකීමට යමි”. “ගැහැවිය, තෝ ක්‍රියාවාදී වෙහි. කුමක් හෙයින් අක්‍රියාවාදී ශ්‍රමණ ගෞතමයා දැකීමට යෙහි ද? ගැහැවිය, ශ්‍රමණගෞතම තෙමේ අක්‍රියාවාදී වූයේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවයි”.

20. අථ ඛො මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස එතදහොසි: “නිස‍්සංසයං, ඛො සො භගවා අරහං සම‍්මා සම‍්බුද‍්ධො භවිස‍්සති, යථාපිමෙ තිත්‍ථියා උසූයන‍්තී”ති. යාවතිකා යානස‍්ස භූමි යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නස‍්ස ඛො මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස භගවා ආනුපුබ‍්බීකථං කථෙසි සෙය්‍යථිදං: දානකථං සීලකථං සග‍්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි.

20. ඉක්බිති මෙණ්ඩක ගැහැවියාහට “මේ තීර්‍ත්‍ථකයෝ යම් කරුණකින් ඊර්‍ෂ්‍යා කෙරෙත් ද, ඒ කරුණෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ නිසැකයෙන් ම රහත් වෙති. සම්‍යක්සම්බුද්ධ වෙති” යි මෙබඳු සිතෙක් විය. (ගැහැවි තෙමේ) යානයෙන් යා හැකි බිම යම් පමණවී ද, එපමණ තැන් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවියාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළ කතාව එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීම ඇතිබව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.

21. යදා භගවා අඤ‍්ඤාසි මෙණ‍්ඩකං ගහපතිං කල‍්ලචිත‍්තං මුදුචිත‍්තං විනීවරණචිත‍්තං උදග‍්ගචිත‍්තං පසන‍්නචිත‍්තං, අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා, තං පකාසෙසි - දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ගං. සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පතිගණ‍්හෙය්‍ය, එවමෙව ඛො මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස තස‍්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති.

21. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියා සුදුසු සිත් ඇතැ යි මොළොක් සිත් ඇතැ යි නීවරණ රහිත වූ සිත් ඇතැ යි ඔදවැඩි සිත් ඇතැ යි පහන් සිත් ඇතැ යි දත් සේක් ද එකල්හි බුදුවරුන්ගේ තමන් ම (ස්වභාවයෙන් ම) උත්කෘෂ්ට වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එසේ ම මෙණ්ඩක ගැහැවියාහට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදීරජස් ඇති පහ වූ කෙලෙස් මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.

22. අථ ඛො මෙණ‍්ඩකො ගහපති දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථඞ‍්කථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තං භන‍්තෙ අභික‍්කන‍්තං භන‍්තෙ. සෙය්‍යථාපි භන‍්තෙ නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය: ‘චක‍්ඛුන‍්තො රූපානි දක‍්ඛින‍්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භන‍්තෙ, භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භන‍්තෙ භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො මෙණ‍්ඩකො ගහපති භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

22. ඉක්බිති දක්නා ලද දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම් ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි (අවබෝධය පිණිස) අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මංමුළා වූවකුට යම් සේ මාර්‍ගය කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද එපරිද්දෙන් ම, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේ ය. ස්වාමීනි, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය වූ උපාසකයකු කොට දරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ද ඉවසන සේක්වා”. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.

23. අථ ඛො මෙණ‍්ඩකො ගහපති තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති.

23. එකල්හි මෙණ්ඩක ගැහැවි තෙමේ ඒ රෑ ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දේ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ කාලය යි. බත් නිමියේ ය” යි කල් සැළ කරවී ය.

24. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස නිවෙසනං, තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

24. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙණ්ඩක ගැහැවියාගේ නිවෙසට වැඩි සේක. වැඩ භික්‍ෂු සඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.

25. අථ ඛො මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස භරියා ච පුත‍්තො ච සුණිසා ච දාසො ච යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. තෙසං භගවා අනුපුබ‍්බීකථං කථෙසි සෙය්‍යථිදං: දානකථං සීලකථං සග‍්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සඞ‍්කිලෙසං, නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි.

25. එකල්හි මෙණ්ඩක ගැහැවියාගේ බිරින්ද ද පුත්‍රයා ද ලේළිය ද දාසයා ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකතාව එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක් බව ලාමකබව කෙලෙසීම ඇති බව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.

26. යදා තෙ භගවා අඤ‍්ඤාසි කල‍්ලචිත‍්තෙ මුදුචිත‍්තෙ විනීවරණ චිත‍්තෙ උදග‍්ගචිත‍්තෙ පසන‍්නචිත‍්තෙ, අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා, තං පකාසෙසි - දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ගං. සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පතිගණ‍්හෙය්‍ය, එවමෙව තෙසං තස‍්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති.

26. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇත්තන් මොළොක් සිත් ඇත්තන් නීවරණ රහිත වූ සිත් ඇත්තන් ඔදවැඩි සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් යි දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ සාමුක්කංසික වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.

27. තෙ දිට‍්ඨධම‍්මා පත‍්තධම‍්මා විදිතධම‍්මා පරියොගාළ‍්හධම‍්මා තිණ‍්ණවිචිකිච‍්ඡා විගතකථඞ‍්කථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ භගවන‍්තං එතදවොචුං: අභික‍්කන‍්තං භන‍්තෙ. අභික‍්කන‍්තං භන‍්තෙ. සෙය්‍යථාපි භන‍්තෙ, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය - ‘චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එතෙ මයං භන‍්තෙ, භගවන‍්තං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකෙ නො භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති.

27. දක්නා ලද දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි (අවබෝධය පිණිස) අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්ගෙන් ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේ ය. ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකොත්තර ධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගල භික්‍ෂු සඞ්ඝයා ද සරණ කොට යමු. භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයන් කොට දරණ සේක්වා” යි.

28. අථ ඛො මෙණ‍්ඩකො ගහපති බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා, භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මෙණ‍්ඩකො ගහපති භගවන‍්තං එතදවොච: “යාව භන‍්තෙ භගවා භද‍්දියෙ විහරති තාව අහං බුද‍්ධපමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස ධුවභත‍්තෙනා”ති. අථ ඛො භගවා මෙණ‍්ඩකං ගහපතිං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

28. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් තාක් කල් භද්දියනගරයෙහි වාසය කරණ සේක් ද, ඒ තාක් කල් මම බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාහට නිති බතින් උපස්ථාන කරමි” යි සැළකෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියා දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

29. අථ ඛො භගවා භද‍්දියෙ යථාභිරත‍්තං විහරිත්‍වා මෙණ‍්ඩකං ගහපතිං අනාපුච‍්ඡා යෙන අඞ‍්ගුත‍්තරාපො තෙන චාරිකං පක‍්කාමි මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි.

29. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් භද්දියනගරයෙහි වාසය කොට මෙණ්ඩකගැහැවියා නො විචාරා භික්‍ෂූන් එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග අඞ්ගුත්තරාපය බලා චාරිකාවෙහි වැඩි සේක.

30. අස‍්සොසි ඛො මෙණ‍්ඩකො ගහපති “භගවා කිර යෙන අඞ‍්ගුත‍්තරාපො තෙන චාරිකං පක‍්කන‍්තො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහී”ති.

30. මෙණ්ඩක ගැහැවි තෙමේ “භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග අඞ්ගුත්තරාපය බලා වැඩි සේක් ල” යි ඇසී ය.

31. අථ ඛො මෙණ‍්ඩකො ගහපති දාසෙ ච කම‍්මකරෙ ච ආණාපෙසි: “තෙන හි භණෙ, බහුං ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සකටෙසු ආරොපෙත්‍වා ආගච‍්ඡථ. අඩ‍්ඪතෙළසානි ච ගොපාලකසතානි අඩ‍්ඪතෙළසානි ච ධෙනුසතානි ආදාය ආගච‍්ඡන‍්තු. යත්‍ථ භගවන‍්තං පස‍්සිස‍්සාම, ධාරුණ‍්හෙන ඛීරෙන භොජෙස‍්සාමා”ති.

31. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ “කොලෙ නි, එසේ නම් බොහෝ ලුණු ද තෙල් ද මී ද සහල් ද කෑ යුතු දේ ද ගැල්වල පටවා ගෙණ එවු. එක්දහස්දෙසියපණසක් ගොපල්ලන් ද එක්දහස්දෙසියපණසක් දෙනුන් ද ගෙණ එත්වා. අපි යම් තැනෙක දී භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමු ද, එහි දී එකෙණෙහි දෙවූ උණුසුම් කිරි වළඳවන්නෙමු” යි දාසයන්ට ද කම්කරුවන්ට ද අණ කෙළේ ය.

32. අථ ඛො මෙණ‍්ඩකො ගහපති භගවන‍්තං අන‍්තරාමග‍්ගෙ කන‍්තාරෙ සම‍්භාවෙසි. අථ ඛො මෙණ‍්ඩකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො මෙණ‍්ඩකො ගහපති භගවන‍්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන‍්තෙ භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො මෙණ‍්ඩකො ගහපති භගවතො අධිවාසනං විදිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

32. එකල මෙණ්ඩක ගැහැවි තෙමේ අතරමග කාන්තාරයෙහි දී භාග්‍යවතුන් වහන්සේට හමු වි ය. එහි දී මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටි මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.

33. අථ ඛො මෙණ‍්ඩකො ගහපති තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති.

33. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ කාල ය යි. බත නිමියේ ය” යි කල් දැන්වී ය.

34. අථ ඛො භගවාපුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස පරිවෙසනා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

34. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ මෙණ්ඩක ගැහැවියාගේ පරිවේසනයට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයාත් සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.

35. අථ ඛො මෙණ‍්ඩකො ගහපති අඩ‍්ඪතෙළසානි ගොපාලකසතානි ආණාපෙසි: “තෙන හි භණෙ, එකමෙකං ධෙනුං ගහෙත්‍වා එකමෙකස‍්ස භික‍්ඛුනො උපතිට‍්ඨථ ධාරුණ‍්හෙන ඛීරෙන භොජෙස‍්සාමා”ති.

35. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ එක්දහස්දෙසියපණසක් ගොපල්ලන්ට “කොලෙනි, ‘දෙවූ කෙණෙහි උණුසුම් කිරි වළඳවන්නෙමු’ යි එක එක දෙන ගෙණ එක එක මහණහු වෙතට එළඹ සිටිවු” යි අණ කෙළේ ය.

36. අථ ඛො මෙණ‍්ඩකො ගහපති බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි. සම‍්පවාරෙසි ධාරුණ‍්හෙන ච ඛීරෙන. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා ඛීරං න පතිගණ‍්හන‍්ති. “පතිගණ‍්හාථ භික‍්ඛවෙ, පරිභුඤ‍්ජථා”ති.

36. එකල මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද සියතින් සැතැප්වී ය. දෙවූ කෙණෙහි උණුසුම් වූ කිරෙන් ද පැවරී ය. භික්‍ෂූහු කුකුස් කරන්නෝ කිරි නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු.”

37. අථ ඛො මෙණ‍්ඩකො ගහපති බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා ධාරුණ‍්හෙන ච ඛීරෙන භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මෙණ‍්ඩකො ගහපති භගවන‍්තං එතදවොච: “සන‍්ති භන‍්තෙ, මග‍්ගා කන‍්තාරා, අප‍්පොදකා අප‍්පභක‍්ඛා න සුකරා අපාථෙය්‍යෙන ගන‍්තුං. සාධු භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාථෙය්‍යං අනුජානාතූ”ති. අථ ඛො භගවා මෙණ‍්ඩකං ගහපතිං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

37. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද එකෙණෙහි දෙවූ කිරෙන් ද සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි දිය නැත්තා වූ ආහාර නැත්තා වූ පාථේය (මාර්ගෝපකරණ) රහිත ව නො යා හැකි (යෑමට අපහසු වූ) කාන්තාරමාර්‍ගයෝ ඇත්තාහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මාර්ගෝපකරණ අනුදන්නා සේක්වා. ඒ යහපති” යි සැළකෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියාට දැහැමි කතාවෙන් මොනවට කරුණු දක්වා එහි ඔහු සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

38. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, පඤ‍්ච ගොරසෙඛීරං දධි තක‍්කං නවනීතං සප‍්පි. සන‍්ති භික‍්ඛවෙ, මග‍්ගා කන‍්තාරා අප‍්පොදකා අප‍්පභක‍්ඛා න සුකරා අපාථෙය්‍යෙන ගන‍්තුං. අනුජානාමි. භික‍්ඛවෙ, පාථෙය්‍යං පරියෙසිතුං. තණ‍්ඩුලො තණ‍්ඩුලත්‍ථිකෙන. මුග‍්ගො මුග‍්ගත්‍ථිකෙන. මාසො මාසත්‍ථිකෙන. ලොණං ලොණත්‍ථිකෙන. ගුළො ගුළත්‍ථිකෙන. තෙලං තෙලත්‍ථිකෙන. සප‍්පි සප‍්පිත්‍ථිකෙන. සන‍්ති භික‍්ඛවෙ, මනුස‍්සා සද‍්ධා පසන‍්නා. තෙ කප‍්පියකාරකානං හත්‍ථෙ හිරඤ‍්ඤං උපනික‍්ඛිපන‍්ති: ‘ඉමිනා අය්‍යස‍්ස යං කප‍්පියං තං දෙථා’ති. අනුජානාමි. භික‍්ඛවෙ, යං තතො කප‍්පියං තං සාදියිතුං. න ත්‍වෙවාහං භික‍්ඛවෙ, කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදියිතබ‍්බං පරියෙසිතබ‍්බන‍්ති. වදාමී”ති.

38. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, කිරි දිහි මෝරු වෙඬරු ගිතෙල් යන පස්ගෝරසය අනුදනිමි. මහණෙනි, දිය නැත්තා වූ ආහාර නැත්තා වූ මග වියදම් රහිත ව යෑමට අපහසු වූ කාන්තාරමාර්‍ගයෝ ඇත්තාහ. මහණෙනි, මාර්ගෝපකරණ සොයන්නට අනුදනිමි. සහල් කැමැත්තහු විසින් සහල්, මුං කැමැත්තාහු විසින් මුං, මෑඇට කැමැත්තහු විසින් මෑඇට, ලුණු කැමැත්තහු විසින් ලුණු, උක්සකුරු කැමැත්තහු විසින් උක්සකුරු, තෙල් කැමැත්තහු විසින් තෙල්, ගිතෙල් කැමැත්තහු විසින් ගිතෙල් සෙවිය යුතු ය යි අනුදනිමි. මහණෙනි, සැදැහැති පහන් වූ මිනිස්සු ඇත්තාහ. ඔහු ‘මෙයින් ස්වාමීන් වහන්සේට කැප වූ දෙයක් ගෙණ දෙවු’යි කැපකරුවන්ගේ අත මසුරන් (මුදල්) තබත්. මහණෙනි, එයින් කැප වූ දෙයක් ඉවසන්නට අනුදනිමි. මහණෙනි, කිසි ලෙසකින් රන් රිදී ඉවසිය යුතු ය යි සෙවිය යුතු ය යි මම නො කියමි” යි වදාළ සේක.

39. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන ආපණං තදවසරි. අස‍්සොසි ඛො කෙණියො ජටිලො “සමණො ඛලු භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො ආපණං අනුප‍්පත‍්තො ආපණෙ විහරති. තං ඛො පන භවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං, සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී”ති.

39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් ආපණයට වැඩි සේක. කේණිය ජටිල තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ආපණයට පැමිණියේ ආපණයෙහි වෙසේ. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ යහපත් කීර්තිරාවයෙක් පැන නැංගේ ය. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් ද රහත් සේක. මේ මේ කරුණෙන් ද සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් ද අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් ද සුගත සේක. මේ මේ කරුණෙන් ද ලෝකවිදූ සේක. මේ මේ කරුණෙන් ද පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් ද බුද්ධ සේක. මේ මෙම කරුණෙන් ද භාග්‍යවත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණබමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. –පෙ– එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි ඇසී ය.

40. අථ ඛො කෙණියස‍්ස ජටිලස‍්ස එතදහොසි: “කින‍්නු ඛො අහං සමණස‍්ස ගොතමස‍්ස හරාපෙය්‍ය”න‍්ති. අථ ඛො කෙණියස‍්ස ජටිලස‍්ස එතදහොසි: “යෙපි ඛො තෙ බ්‍රාහ‍්මණානං පුබ‍්බකා ඉසයො මන‍්තානං කත‍්තාරො මන‍්තානං පවත‍්තාරො, යෙසමිදං එතරහි බ්‍රාහ‍්මණා පොරාණං මන‍්තපදං ගීතං පවුත‍්තං සමීහිතං තදනුගායන‍්ති, තදනුභාසන‍්ති, භාසිතමනුභාසන‍්ති, වාචිතමනුවාචෙන‍්ති සෙය්‍යථිදං: අට‍්ටකො, වාමකො, වාමදෙවො, වෙස‍්සාමිත‍්තො, යමතග‍්ගි, අඞ‍්ගීරසො, භාරද‍්වාජො, වාසෙට‍්ඨො, කස‍්සපො, භගු, රත‍්තූපරතා විරතා විකාලභොජනා. තෙ එවරූපානි පානානි සාදියිංසු. “සමණොපි ගොතමො රත‍්තූපරතො විරතො විකාලභොජනා. අරහති සමණොපි ගොතමො එවරූපානි පානානි සාදියිතු”න‍්ති පහූතං පානං පටියාදාපෙත්‍වා කාජෙහි ගාහාපෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො කෙණියො ජටිලො භගවන‍්තං එතදවොච: “පතිගණ‍්හාතු මෙ භවං ගොතමො පාන”න‍්ති. “තෙන හි කෙණිය, භික‍්ඛූනං දෙහී”ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පතිගණ‍්හන‍්ති. “පතිගණ‍්හාථ භික‍්ඛවෙ, පරිභුඤ‍්ජථා”ති.

40. ඉක්බිති කේණිය ජටිලයාහට “මම ශ්‍රමණ භවත් ගෞතමයන්ට කුමක් යවන්නෙම් දැ” යි සිත් වි ය. නැවත කේණිය ජටිලයාහට මෙසේ සිතුනේ ය: “බමුණන්ගේ මන්ත්‍ර (වේද) කළා වූ පැවැත්වූ යම් ඒ පූර්‍ව ඍෂීහු වූවහු ද, යම්කෙනෙකුන් සතු වූ ඒ පැරණි වේද මන්ත්‍ර දැන් බමුණෝ (පෙර බමුණන්) ගැයූ කියු රැස් කොට තැබූ පරිදි ගයත් ද, කියත් ද, හදාළ පරිදි හදාරත් ද, කියවූ පරිදි කියවත් (උගන්වත්) ද, ඒ ඍෂීහු – එනම්: අට්ටක, වාමක, වාමදෙව, වෙස්සාමිත්ත, යමතග්ගි, අඞ්ගිරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොහු රාත්‍රිභෝජනයෙන් වැළකුනෝ ය. විකල්බොජුනෙන් තොර වූවෝ ය. ඔහු මෙබඳු පැන් ඉවසූහ. ශ්‍රමණගෞතම තෙමේ ද රාත්‍රිභෝජයෙන් වැළකුනේ ය. විකල්බොජුනෙන් වෙන් වූයේ ය ශ්‍රමණගෞතම තෙමේ ද මෙබඳු පැන් ඉවසීමට සුදුසු වේ” යි (මෙසේ සිතූ කේණිය ජටිල තෙමේ) බොහෝ පැන් පිළියෙල කරවා කත්වලින් ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටි කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ මාගේ පැන් පිළිගණීවා” යි සැළකෙළේ ය. “කේණිය, එසේ නම් භික්‍ෂූන්ට දෙව”. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු, වළඳවු”.

41. අථ ඛො කෙණියො ජටිලො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පහූතෙහි පානෙහි සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා, භගවන‍්තං ධොතහත්‍ථං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො කෙණියං ජටිලං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි. සමාදපෙසි. සමුත‍්තෙජෙසි. සම‍්පහංසෙසි.

41. ඉක්බිති කේණිය ජටිල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ පැනින් සියතින් සතප්පා පවරා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. එහි ඔහු සමාදන් කරවූ සේක. සතුටු කරවූ සේක. තියුණු කරවූ සේක.

42. අථ ඛො කෙණියො ජටිලො භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො භගවන‍්තං එතදවොච: “අධිවාසෙතු මෙ භවං ගොතමො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. “මහා ඛො කෙණිය, භික‍්ඛුසඞ‍්ඝො. අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි. ත්‍වඤ‍්ච බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො”ති. දුතියම‍්පි ඛො කෙණියො ජටිලො භගවන‍්තං එතදවොච: “කිඤ‍්චාපි භො ගොතම, මහා භික‍්ඛුසඞ‍්ඝො අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි, අහං ච බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. “මහා ඛො, කෙණිය, භික‍්ඛුසඞ‍්ඝො. අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි. ත්‍වං ච බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො”ති . තතියම‍්පි ඛො කෙණියො ජටිලො භගවන‍්තං එතදවොච: “කිඤ‍්චාපි භො ගොතම, මහා භික‍්ඛුසඞ‍්ඝො අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි, අහං ච බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො කෙණියො ජටිලො භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

42. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සමාදන් කරවූ තියුණු කරවූ සතුටු කරවූ කේණිය ජටිල තෙමේ “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස් දෙසියපණසෙකි. තෝ ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනෙකැ”යි (බුදුහු වදාළහ.) දෙවනු ද කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේහට භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස්දෙසිය පණසෙකි. තෝ ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනෙක”. තෙවනු ද කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ගියේ ය.

43. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, අට‍්ඨ පානානි: අම‍්බපානං ජම‍්බුපානං චොචපානං මොචපානං මධුපානං මුද‍්දිකපානං සාලූකපානං ඵාරුසකපානං. අනුජානාමි භික‍්ඛවෙ, සබ‍්බං ඵලරසං ඨපෙත්‍වා ධඤ‍්ඤඵලරසං. අනුජානාමි භික‍්ඛවෙ, සබ‍්බං පත‍්තරසං ඨපෙත්‍වා ඩාකරසං. අනුජානාමි භික‍්ඛවෙ, සබ‍්බං පුප‍්ඵරසං ඨපෙත්‍වා මධූකපුප‍්ඵරසං. අනුජානාමි භික‍්ඛවෙ, උච‍්ඡුරස”න‍්ති.

43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, අඹපැන් දඹපැන් ඇටකෙසෙල්පැන් මස් කෙසෙල්පැන් මීපැන් මිදිපැන් ඕලුපැන් බොරලුදමුනුපැන් යන අට වැදෑරුම් පැන් අනුදනිමි. මහණෙනි, ධාන්‍යඵලරසය හැර සියලු ඵලරසය අනුදනිමි. මහණෙනි, පිසූ පලාකොළරසය හැර දිය හා මුසු කොට මිරිකාගත් සියලු කොළරස අනුදනිමි. මහණෙනි, මීපුප්රසය හැර සියලු මල්රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි” යි වදාළ සේක.

44. අථ ඛො කෙණියො ජටිලො තස‍්සා රත‍්තියා අච‍්චයෙන සකෙ අස‍්ස මෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භො ගොතම, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන කෙණියස‍්ස ජටිලස‍්ස අස‍්සමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන.

44. එකල්හි කේණිය ජටිල තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු සිය අසපුවෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දැ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය යි. බත් නිමියේ ය” යි කල් සැළකරවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුවට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.

45. අථ ඛො කෙණියො ජටිලො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා, භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො කෙණියං ජටිලං භගවා ඉමාහි ගාථාහි අනුමොදි:- –

45. එවිට කේණිය ජටිල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කළ සේක:–

i. “අග‍්ගිහුත‍්තමුඛා යඤ‍්ඤා සාවිත‍්තී ඡන්‍දසො මුඛං, රාජා මුඛං මනුස‍්සානං නදීනං සාගරො මුඛං.

i. “යාගයේ ගිනිපිදීම ප්‍රධාන කොට ඇත්තාහ. සාවිත්‍රීජන්‍දස වේදයට ප්‍රධාන වේ. රජතෙමේ මිනිසුන්ට ප්‍රධාන වේ. සාගරය නදීන්ට ප්‍රධාන වේ.

ii. නක‍්ඛත‍්තානං මුඛං චන්‍දො ආදිච‍්චො තපතං මුඛං, පුඤ‍්ඤමාකඞ‍්ඛමානානං සඞ‍්ඝො වෙ යජතං මුඛ”න‍්ති.

ii. චන්‍ද්‍ර තෙමේ තාරකාවන්ට ප්‍රධාන වේ. බබළන්නන් අතුරෙන් සූර්‍ය්‍ය තෙමේ ප්‍රධාන වේ. පින් කැමැත්තා වූ දන් දෙන්නන්ට සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් ප්‍රධාන වේ”.

46. අථ ඛො භගවා කෙණියං ජටිලං ඉමාහි ගාථාහි අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො භගවා ආපණෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන කුසිනාරා, තෙන චාරිකං පක‍්කාමි මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි.

46. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කේණියජටිලයාට මේ ගාථාවන් ගෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. නැවත භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආපණයෙහි කැමැති තාක් කල් වාසය කොට කුසිනාරාව බලා චාරිකාවෙහි වැඩි සේක.

47. අස‍්සොසුං ඛො කොසිනාරකා මල‍්ලා “භගවා කිර කුසිනාරං ආගච‍්ඡති මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහී”ති. තෙ සඞ‍්ගරං අකංසු: “යො භගවතො පච‍්චුග‍්ගමනං න කරිස‍්සති, පඤ‍්චසතානිස‍්ස දණ‍්ඩො”ති.

47. කුසිනාරානුවරවැසි මල්ලයෝ “භාග්‍යවතුන් වහන්සේ එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග කුසිනාරාවට එත් ල” යි ඇසූහ. ඔහු “යමෙක් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් නො කරන්නේ ද, ඔහුට පන්සියයක් දඩැ” යි ගිවිසුමක් කළහ.

48. තෙන ඛො පන සමයෙන රොජො මල‍්ලො ආයස‍්මතො ආනන්‍දස‍්ස සහායො හොති. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන කුසිනාරා, තදවසරි. අථ ඛො කොසිනාරකා මල‍්ලා භගවතො පච‍්චුග‍්ගමනං අකංසු.

48. එකල්හි රොජමල්ල තෙමේ අනඳතෙරුන්ගේ සහායයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩනා සේක් කුසිනාරාවට පැමිණියහ. එකල්හි කුසිනාරානුවරවැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කළහ.

49. අථ ඛො රොජො මල‍්ලො භගවතො පච‍්චුග‍්ගමනං කරිත්‍වා යෙනායස‍්මා ආනන්‍දො, තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො රොජං මල‍්ලං ආයස‍්මා ආනන්‍දො එතදවොච: “උළාරං ඛො තෙ ඉමං ආවුසො රොජ, යං ත්‍වං භගවතො පච‍්චුග‍්ගමනං අකාසී”ති. “නාහං, භන‍්තෙ ආනන්‍ද, බහුකතො බුද‍්ධෙ වා ධම‍්මෙ වා සඞ‍්ඝෙ වා. අපි ච ඤාතීහි සඞ‍්ගරො කතො: ‘යො භගවතො පච‍්චුග‍්ගමනං න කරිස‍්සති, පඤ‍්චසතානිස‍්ස දණ‍්ඩො’ති. සො ඛො අහං භන‍්තෙ ආනන්‍ද, ඤාතීනං දණ‍්ඩභයා එවාහං භගවතො පච‍්චුග‍්ගමනං අකාසි”න‍්ති.

49. රොජමල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට ආයුෂ්මත් අනඳතෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ පසෙක සිටියේ ය. ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ පසෙක හුන් රොජමල්ලයාට “ඇවැත, රොජය, තෝ භාග්‍යවතුන් වහන්සේට යම් පෙරගමනක් කෙළෙහි ද, තාගේ මේ ගමන ඉතා උසස් ය” යි කී ය. “ස්වාමීනි ආනන්‍දස්ථවිරයන් වහන්ස, මම බුදුන් කෙරෙහි හෝ ධර්‍මය කෙරෙහි හෝ සඞ්ඝයා කෙරෙහි හෝ බොහෝ උපකාර කෙළෙම් නො වෙමි. එහෙත් ‘යමෙක් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් නො කරන්නේ ද, ඔහුට පන්සියයක් දඩැ’ යි නෑයන් විසින් සම්මතයක් කරණ ලද්දේ ය. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම නෑයන්ගේ දඩයට බියෙන් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කෙළෙමි” යි.

50. අථ ඛො ආයස‍්මා ආනන්‍දො අනත‍්තමනො අහොසි: “කථං හි නාම රොජො මල‍්ලො එවං වක‍්ඛතී”ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “අයං භන‍්තෙ රොජො මල‍්ලො අභිඤ‍්ඤාතො ඤාතමනුස‍්සො. මහිද‍්ධිකො ඛො පන එවරූපානං ඤාතමනුස‍්සානං ඉමස‍්මිං ධම‍්මවිනයෙ පසාදො. සාධු භන‍්තෙ, භගවා තථා කරොතු, යථා රොජො මල‍්ලො ඉමස‍්මිං ධම‍්මවිනයෙ පසීදෙය්‍යා”ති. “න ඛො තං, ආනන්‍ද, දුක‍්කරං තථාගතෙන යථා රොජො මල‍්ලො ඉමස‍්මිං ධම‍්මවිනයෙ පසීදෙය්‍යා”ති.

50. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ “කෙසේ නම් රොජමල්ල තෙමේ මෙසේ කීයේ දැ” යි නො සතුටු සිත් ඇත්තේ වී ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ රොජමල්ල තෙමේ ප්‍රකට වූවෙකි. බොහෝ දෙනා විසින් දන්නා ලද මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මේ සසුනෙහි පැහැදීම මහත් දියුණුවෙක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, රොජමල්ල තෙමේ මේ සසුනෙහි යම් සේ පහදින්නේ නම්, එසේ කරණ සේක්වා” යි සැළ කෙළේ ය. “ආනන්‍දය, රොජමල්ල තෙමේ මේ සසුනෙහි යම් සේ පහදින්නේ නම් එසේ කිරීම තථාගතයන් විසින් දුෂ්කර නො වේ” යි.

51. අථ ඛො භගවා රොජං මල‍්ලං මෙත‍්තෙන චිත‍්තෙන ඵරිත්‍වා උට‍්ඨායාසනා විහාරං පාවිසි. අථ ඛො රොජො මල‍්ලො භගවතා මෙත‍්තෙන චිත‍්තෙන ඵුට‍්ඨො සෙය්‍යථාපි නාම ගාවී තරුණවච‍්ඡා, එවමෙව, විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛූ පුච‍්ඡති: “කහන‍්නු ඛො භන‍්තෙ එතරහි සො භගවා විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො? දස‍්සනකාමා හි මයං තං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධ”න‍්ති. “එසාවුසො රොජ, විහාරො සංවුතද‍්වාරො. තෙන අප‍්පසද‍්දො උපසඞ‍්කමිත්‍වා අතරමානො ආලින්‍දං පවිසිත්‍වා උක‍්කාසිත්‍වා අග‍්ගළං ආකොටෙහි, විවරිස‍්සති තෙ භගවා ද‍්වාර”න‍්ති.

51. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රොජමල්ලයාහට මෙත්සිත පතුරුවා හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙත්සිතින් පහස්නා ලද රොජමල්ල තෙමේ ලදරුවස්සකු ඇති දෙනක මෙන් වෙහෙරෙන් වෙහෙරට පිරිවෙණෙන් පිරිවෙණට ගොස් “ස්වාමීනි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩ වසන සේක් ද? අපි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ” යි භික්‍ෂූන් විචාරයි. “ඇවැත, රොජය, තෙල වැසූ දොර ඇති විහාරය වෙයි. නිශ්ශබ්ද ව එහි එළඹ ඉක්මන් නො වී ආලින්‍දයට පිවිස කාරා අගුළට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ තට දොර අරින්නාහු ය” යි භික්‍ෂූහු කීහ.

52. අථ ඛො රොජො මල‍්ලො යෙන සො විහාරො සංවුතද‍්වාරො, තෙන අප‍්පසද‍්දො උපසඞ‍්කමිත්‍වා අතරමානො ආලින්‍දං පවිසිත්‍වා උක‍්කාසිත්‍වා අග‍්ගළං ආකොටෙසි. විවරි භගවා ද‍්වාරං. අථ ඛො රොජො මල‍්ලො විහාරං පවිසිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නස‍්ස ඛො රොජස‍්ස මල‍්ලස‍්ස භගවා ආනුපුබ‍්බීකථං කථෙසි; සෙය්‍යථීදං: දානකථං සීලකථං සග‍්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි.

52. ඉක්බිති රොජමල්ල තෙමේ වැසූ දොර ඇති ඒ වෙහෙරට නිශ්ශබ්ද ව පැමිණ ඉක්මන් නො වී ආලින්‍දයට පිවිස කාරා අගුළට තට්ටු කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ දොර අළ සේක. එවිට රොජමල්ල තෙමේ වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් රොජමල්ලයාහට පිළිවෙළ කතාව එනම්: දානකථාව ශීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීම ඇති බව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.

53. යදා භගවා අඤ‍්ඤාසි රොජං මල‍්ලං කල‍්ලචිත‍්තං මුදුචිත‍්තං විනීවරණචිත‍්තං උදග‍්ගචිත‍්තං පසන‍්නචිත‍්තං, අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා, තං පකාසෙසි: දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ගං සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පතිගණ‍්හෙය්‍ය, එවමෙව ඛො රොජස‍්ස මල‍්ලස‍්ස තස‍්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති.

53. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක රොජමල්ලයා සුදුසු සිත් ඇතැ යි මොළොක් සිත් ඇතැ යි නීවරණ රහිත සිත් ඇතැ යි ඔදවැඩි සිත් ඇතැ යි පහන් සිත් ඇතැ යි දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ සාමුත්කර්ෂිකීධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම රොජමල්ලයාහට ඒ ආසනයෙහි දී ම “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන පහ වූ රාගාදීරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.

54. අථ ඛො රොජො මල‍්ලො දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථඞ‍්කථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ භගවන‍්තං එතදවොච: “සාධු භන‍්තෙ, අය්‍යා මමඤ‍්ඤෙව පතිගණ‍්හෙය්‍යුං චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං, නො අඤ‍්ඤෙස”න‍්ති. “යෙසං ඛො රොජ, සෙඛෙන ඤාණෙන සෙඛෙන දස‍්සනෙන ධම‍්මො දිට‍්ඨො සෙය්‍යථාපි තයා, තෙසම‍්පි එවං හොති: ‘අහො නූන අය්‍යා අම‍්හාකඤ‍්ඤෙව පතිගණ‍්හෙය්‍යුං චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං, නො අඤ‍්ඤෙස’න‍්ති. තෙන හි රොජ, තව චෙව පටිග‍්ගහෙස‍්සන‍්ති අඤ‍්ඤෙසඤ‍්චා”ති.

54. ඉක්බිති දක්නා ලද දහම් ඇති අවබොධකළ දහම් ඇති බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ රොජමල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා මාගෙන් ම සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස බෙහෙත්පිරිකර පිළිගන්නාහු නම්, අනුන්ගෙන් නො පිළිගන්නාහු නම්, යෙහෙකැ” යි සැළකෙළේ ය. “රොජය, තා විසින් දක්නා ලද පරිදි යම් කෙනෙකුන් විසින් සේඛඤාණයෙන් සෙඛදස්සනයෙන් නිර්‍වාණධර්‍මය දක්නා ලද්දේ නම්, ඔවුන්ට ද ‘ආර්‍ය්‍යයන් වහන්සේලා අපගෙන් ම සිවුරු අහර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගන්නහු නම්, අනුන්ගෙන් නො පිළිගන්නාහු නම්, යෙහෙකැ’ යි මෙසේ අදහස් වේ. රොජය, එසේ නම්, තාගේ සිවුරු – පිරිකර ද අනුන්ගේ සිවුරු – පිරිකර ද, පිළිගන්නාහු ය” යි (වදාළ සේක).

55. තෙන ඛො පන සමයෙන කුසිනාරායං පණීතානං භත‍්තානං භත‍්තපටිපාටි අට‍්ඨිතා හොති. අථ ඛො රොජස‍්ස මල‍්ලස‍්ස පටිපාටිං අලභන‍්තස‍්ස එතදහොසි: “යන‍්නූනාහං භත‍්තග‍්ගං ඔලොකෙය්‍යං, යං භත‍්තග‍්ගෙ නාස‍්ස, තං පටියාදෙය්‍ය’න‍්ති. අථ ඛො රොජො මල‍්ලො භත‍්තග‍්ගං ඔලොකෙන‍්තො ද‍්වෙ නාද‍්දස ඩාකඤ‍්ච පිට‍්ඨඛාදනීයඤ‍්ච. අථ ඛො රොජො මල‍්ලො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “ඉධ මෙ භන‍්තෙ ආනන්‍ද, පටිපාටිං අලභන‍්තස‍්ස එතදහොසි: ‘යන‍්නූනාහං භත‍්තග‍්ගං ඔලොකෙය්‍යං, යං භත‍්තග‍්ගෙ නාස‍්ස, තං පටියාදෙය්‍ය’න‍්ති. සො ඛො අහං, භන‍්තෙ ආනන්‍ද, භත‍්තග‍්ගං ඔලොකෙන‍්තො ද‍්වෙ නාද‍්දසං ඩාකඤ‍්ච පිට‍්ඨඛාදනීයඤ‍්ච. සචාහං භන‍්තෙ ආනන්‍ද, පටියාදෙය්‍යං ඩාකඤ‍්ච පිට‍්ඨඛාදනීයඤ‍්ච, පතිගණ‍්හෙය්‍ය මෙ භගවා”ති. “තෙන හි රොජ, භගවන‍්තං පටිපුච‍්ඡිස‍්සාමී”ති.

55. එකල්හි කුසිනාරානුවර පිණී වූ බත් පිළිවෙළක් පැවැත්තේ ය. එකල්හි පිළිවෙළ (දන් දීමට දිනක්) නො ලබන්නා වූ රොජමල්ලයාහට “මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ නම්, එය පිළියෙල කරන්නෙමි” යි සිත් වි ය. ඉන් පසු බත්හල බලන්නා වූ රොජමල්ල තෙමේ පලා ද පිටකැවිලි ද යන දෙක නො දුටුයේ ය. එවිට රොජමල්ල තෙමේ ආයුෂ්මත් අනඳතෙරුන් වෙතට ගියේ ය. ගොස් ආයුෂ්මත් අනඳතෙරුන්ට “ස්වාමීනි ආනන්‍දස්ථවිරයන් වහන්ස, මෙහි දන් දීමට දිනක් නො ලබන්නා වූ මට ‘මම බත්හල බලන්නෙම් නම්, යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ නම්, එය පිළියෙල කරන්නෙමි’ යි සිත් වි ය. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම බත්හල බලන්නෙම් පලාකොළ ද පිටිකැවුම් ද යන දෙක නො දුටුවෙමි. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම පලාකොළත් පිටිකෑමත් පිළියෙල කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මාගේ පලාකොළත් පිටිකෑමත් පිළිගන්නා සේක් දැ” යි විචාළේ ය. “රොජය, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ විචාරන්නෙමි” යි.

56. අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි. “තෙනහානන්‍ද, පටියාදෙතූ”ති. “තෙන හි රොජ, පටියාදෙහී”ති.

56. ඉක්බිති ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළහ: “ආනන්‍දය, එසේ නම් පිළියෙල කෙරේවා” යි. “රොජය, එසේ නම් පිළියෙල කරන්නැ” යි (ආනන්‍දස්ථවිරයන් වහන්සේ රොජයාහට දැන්වූහ).

57. අථ ඛො රොජො මල‍්ලො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පහූතං ඩාකඤ‍්ච පිට‍්ඨඛාදනීයඤ‍්ච පටියාදාපෙත්‍වා භගවතො උපනාමෙසි පතිගණ‍්හාතු මෙ භන‍්තෙ භගවා ඩාකඤ‍්ච පිට‍්ඨඛාදනීයඤ‍්චා”ති. “තෙන හි රොජ භික‍්ඛූනං දෙහී”ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පතිගණ‍්හන‍්ති. “පතිගණ‍්හාථ භික‍්ඛවෙ, පරිභුඤ‍්ජථා”ති.

57. ඉක්බිති රොජමල්ල තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු බොහෝ පලා ද පිටිකෑම ද පිළියෙල කරවා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ පලාත් පිටිකෑමත් පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේ වෙතට එළවී ය. “රොජය, එසේ නම් භික්‍ෂූන්ට දෙව” යි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු” යි.

58. අථ ඛො රොජො මල‍්ලො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පහූතෙහි ඩාකෙහි ච පිට‍්ඨඛාදනීයෙහි ච සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං ධොතහත්‍ථං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො රොජං මල‍්ලං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

58. ඉක්බිති රොජමල්ල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ පලාවලින් හා පිටිකෑමෙන් ද සියතින් සතප්පා, සේදූ අත් ඇති පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් රොජමල්ලයාට දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

59. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, සබ‍්බඤ‍්ච ඩාකං සබ‍්බඤ‍්ච පිට‍්ඨඛාදනීය”න‍්ති.

59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, පිසූ නො පිසූ සියලු පලා ද සියලු පිටිකෑම ද අනුදනිමි” යි

60. අථ ඛො භගවා කුසිනාරායං යථාභිරත‍්තං විහරිත්‍වා යෙන ආතුමා, තෙන චාරිකං පක‍්කාමි මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි.

60. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් කුසිනාරාවෙහි වාසය කොට එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරය බලා චාරිකාවෙහි වැඩි සේක.

61. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො වුඩ‍්ඪපබ‍්බජිතො ආතුමායං පටිවසති නහාපිතපුබ‍්බො. තස‍්ස ද‍්වෙ දාරකා හොන‍්ති මඤ‍්ජුකා පටිභාණෙය්‍යකා දක‍්ඛා පරියොදාතසිප‍්පා සකෙ ආචරියකෙ නහාපිතකම‍්මෙ. අස‍්සොසි ඛො සො බුඩ‍්ඪපබ‍්බජිතො “භගවා කිර ආතුමං ආගච‍්ඡති මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහී”ති.

61. එකල්හි පෙර කරනැවෑමියෙක් වූ එක්තරා මහලු පැවිද්දෙක් ආතුමානගරයෙහි වෙසෙයි. ඔහුට මිහිරිබස් කියන සියසිප්හි වැටහෙන නුවණැති දක්‍ෂ වූ සියඇදුරන් අයත් කරනෑවිකම්හි නිදොස් වූ ශිල්ප ඇත්තා වූ දරු දෙදෙනෙක් වෙත්. ඒ මහලු පැවිදි තෙමේ “භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරයට එත් ල” යි ඇසී ය.

62. අථ ඛො සො බුඩ‍්ඪපබ‍්බජිතො තෙ දාරකෙ එතදවොච: “භගවා කිර තාතා, ආතුමං ආගච‍්ඡති මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි. ගච‍්ඡථ තුම‍්හෙ තාතා, ඛුරභණ‍්ඩං ආදාය. නාළියාවාපකෙන අනුඝරකං ආහිණ‍්ඩථ. ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සංහරථ. භගවතො ආගතස‍්ස යාගුදානං කරිස‍්සාමා”ති. “එවං තාතා”ති ඛො තෙ දාරකා තස‍්ස බුඩ‍්ඪපබ‍්බජිතස‍්ස පටිස‍්සුණිත්‍වා ඛුරභණ‍්ඩං ආදාය නාළියා ආවාපකෙන අනුඝරකං ආහිණ‍්ඩන‍්ති ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සංහරන‍්තා. මනුස‍්සා තෙ දාරකෙ මඤ‍්ජුකෙ පටිභාණෙය්‍යකෙ පස‍්සිත්‍වා යෙපි න කාරාපෙතුකාමා, තෙපි කාරාපෙන‍්ති, කාරාපෙත්‍වාපි බහුං දෙන‍්ති. අථ ඛො තෙ දාරකා බහුං ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සංහරිංසු.

62. ඉක්බිති ඒ මහලු පැවිදි තෙමේ “දරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරයට එත් ල” යි ඒ දරුවන්ට කී ය. “දරුවෙනි, තෙපි කරනෑවිබඩු ගෙණ නැළියක් හා ආවාපක=පසුම්බියක් ද ඇතු ව යවු, ගෙයක් පාසා ඇවිදිවු. වැඩියා වූ භාග්‍යවතුන්ට කැඳදනක් දෙන්නෙමු. ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කරවු” යි. “පියේ, එසේ ය” යි ඒ දරුවෝ මහලු පැවිද්දාට පිළිවදන් දී කරනෑවිබඩු ගෙණ නැළියකින් හා පසුම්බියකින් යුක්ත ව ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කරමින් ගෙයක් පාසා ඇවිදිත්. මිනිස්සු මිහිරිබස් කියන සියසිප්හි ප්‍රතිභා සම්පන්න වූ ඒ දරුවන් දැක, යම් කෙනෙක් (කරකම්) නො කරවනු කැමැත්තාහු ද, ඔහු ද කරවත්. කරවා ගෙණ ද බොහෝ දෙත්. ඉක්බිති ඒ දරුවෝ බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කළහ.

63. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන ආතුමා තදවසරි. තත්‍ර සුදං භගවා ආතුමායං විහරති භුසාගාරෙ.

63. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් ආතුමානගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි පිදුරු (සෙවෙනි කළ) ගෙයක වැඩ වසන සේක.

64. අථ ඛො සො බුඩ‍්ඪපබ‍්බජිතො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පහූතං යාගුං පටියාදාපෙත්‍වා භගවතො උපනාමෙසි: “පතිගණ‍්හාතු මෙ භන‍්තෙ භගවා යාගු”න‍්ති.

64. ඉක්බිති ඒ මහලු පැවිදිතෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු බොහෝ කැඳ පිළියෙල කරවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කැඳ පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේ වෙතට එළවී ය.

65. ජානන‍්තාපි තථාගතා පුච‍්ඡන‍්ති. ජානන‍්තාපි න පුච‍්ඡන‍්ති. කාලං විදිත්‍වා න පුච‍්ඡන‍්ති. අත්‍ථසංහිතං තථාගතා පුච‍්ඡන‍්ති නො අනත්‍ථසංහිතෙ සෙගුඝාතො තථාගතානං. ද‍්වීහාකාරෙහි බුද‍්ධා භගවන‍්තො භික‍්ඛූ පටිපුච‍්ඡන‍්ති. “ධම‍්මං වා දෙසෙස‍්සාම. සාවකානං වා සික‍්ඛාපදං පඤ‍්ඤාපෙස‍්සාමා”ති.

65. තථාගතවරු දන්නෝ ම විචාරත්. දන්නෝ ම නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් විචාරත්. අනර්‍ත්‍ථ සහිත වූවක් නො විචාරත්, අනර්‍ත්‍ථයෙන් යුක්ත වචනයෙහි හේතු නැසීම තථාගතයන් වහන්සේලාට මාර්‍ගඥානයෙන් ම සිද්ධ ය. භාග්‍යවත් බුදුරජහු “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු” යි යන දෙ කරුණින් භික්‍ෂූන් පිළිවිසිත්.

66. අථ ඛො භගවා තං බුඩ‍්ඪපබ‍්බජිතං එතදවොච: “කුතායං භික‍්ඛු, යාගූ”ති අථ ඛො සො බුඩ‍්ඪපබ‍්බජිතො භගවතො එතමත්‍ථං ආරොචෙසි. විගරහි බුද‍්ධො භගවා, ‘අනනුච‍්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම ත්‍වං මොඝපුරිස, පබ‍්බජිතෙ අකප‍්පියෙ සමාදපෙස‍්සසි. නෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, පබ‍්බජිතා අකප‍්පියෙ සමාදපෙතබ‍්බා. යො සමාදපෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. න ච භික‍්ඛවෙ, නහාපිතපුබ‍්බෙන ඛුරභණ‍්ඩං පරිහරිතබ‍්බං. යො පරිහරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

66. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහලු පැවිද්දහු “මහණ, මේ කැඳ කොයින් දැ?” යි අසා වදාළ සේක. එවිට ඒ මහලු පැවිදිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේ ය. ඉන් පසු භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “සිස් පුරුෂය, නුසුදුස්සෙක. අනුලොම් නො වන්නෙක. නො ගැළපෙන්නක. මහණකමට නුසුදුසු ය. නො කැප වූවෙක. නො කට යුත්තෙක. සිස් පුරුෂය, කෙසේ නම් තෝ පැවිද්දන් නො කැප කරුණෙහි සමාදන් කරවූයෙහි ද, සිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි ගැරහූ සේක. –පෙ– ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, පැවිද්දෝ නො කැප කරුණෙහි සමාදන් නො කරවිය යුත්තාහු ය. යමෙක් සමාදන් කරවන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පෙර කරනැවෑමි වූ මහණහු විසින් කරබඩු පරිහරණය නො කළ යුතු ය. යමෙක් පරිහරණය කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

67. අථ ඛො භගවා ආතුමායං යථාභිරත‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

67. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් ආතුමානගරයෙහි වැඩ වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත්නුවරට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වසන සේක.

68. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං බහුං ඵලඛාදනීයං උප‍්පන‍්නං හොති. අථ ඛො භික‍්ඛූනං එතදහොසි: “කින‍්නු ඛො භගවතා ඵලඛාදනීය අනුඤ‍්ඤාතං? කිං අනනුඤ‍්ඤාත”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සබ‍්බං ඵලඛාදනීය”න‍්ති.

68. එකල්හි සැවැත්නුවර බොහෝ කෑ යුතු පල උපන්නේ වේ. එකල භික්‍ෂූන්ට “කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් කෑ යුතු පල අනුදන්නාලද ද? කිම, නො අනුදන්නා ලද දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කෑ යුතු සියලු පල අනුදනිමි” යි.

69. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝිකානි බීජානි පුග‍්ගලිකාය භූමියා රොපියන‍්ති, පුග‍්ගලිකානි බීජානි සඞ‍්ඝිකාය භූමියා රොපියන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සඞ‍්ඝිකානි භික‍්ඛවෙ, බීජානි පුග‍්ගලිකාය භූමියා රොපිතානි භාගං දත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බානි. පුග‍්ගලිකානි බීජානි සඞ‍්ඝිකාය භූමියා රොපිතානි භාගං දත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බානී”ති.

69. ඒ කාලයෙහි සඟුන් අයත් බිජුවට පුද්ගලයන් අයත් බිම්හි රෝපණය කරණු ලැබේ. පුද්ගලයන් අයත් බිජුවට සඟුන් අයත් බිම්හි රෝපණය කරණු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සඟුන් අයත් බිජුවට පුද්ගලයන් අයත් බිම්හි රෝපණය කරණ ලද්දේ නම්, (දහයෙන්) කොටසක් දී වැළඳිය යුතු ය. පුද්ගලයන් අයත් බිජුවට සඟුන් අයත් බිම්හි රෝපණය කරණ ලද්දේ නම්, (දහයෙන්) කොටසක් දී වැළඳිය යුතු ය” යි.

70. තෙන ඛො පන සමයෙන භික‍්ඛූනං කිස‍්මිඤ‍්චි කිස‍්මිඤ‍්චි ඨානෙ කුක‍්කුච‍්චං උප‍්පජ‍්ජති: “කින‍්නු ඛො භගවතා අනුඤ‍්ඤාතං? කිං අනනුඤ‍්ඤාත”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “යං භික‍්ඛවෙ, මයා ‘ඉදං න කප‍්පතී’ති අප‍්පටික‍්ඛිත‍්තං තං චෙ අකප‍්පියං අනුලොමෙති, කප‍්පියං පටිබාහති, තං වො න කප‍්පති. යං භික‍්ඛවෙ, මයා ‘ඉදං න කප‍්පතී’ති අප‍්පටික‍්ඛිත‍්තං, තං චෙ කප‍්පියං අනුලොමෙති, අකප‍්පියං පටිබාහති, තං වො කප‍්පති. යං භික‍්ඛවෙ, මයා ‘ඉදං කප‍්පතී’ති අනනුඤ‍්ඤාතං, තං චෙ අකප‍්පියං අනුලොමෙති, කප‍්පියං පටිබාහති, තං වො න කප‍්පති. යං භික‍්ඛවෙ, මයා ‘ඉදං කප‍්පතී’ති අනනුඤ‍්ඤාතං, තං චෙ කප‍්පියං අනුලොමෙති, අකප‍්පියං පටිබාහති, තං වො කප‍්පතී”ති.

70. ඒ කාලයෙහි භික්‍ෂූන්ට ඇතැම් කරුණෙහි “කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද ද? කිම, නො අනුදන්නා ලද දැ” යි කුකුස් උපදී. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මා විසින් ‘මේ නො කැපැ’ යි යමක් ප්‍රතික්‍ෂේප නො කරණ ලද්දේ ද, ඉදින් එය නො කැපයට අනුලොම් වේ ද, කැපය වළකා ද, තොපට එය නො කැප වේ. මහණෙනි, මා විසින් ‘මේ නො කැපැ’ යි යමක් ප්‍රතික්‍ෂේප නො කරණ ලද්දේ ද, ඉදින් එය කැපයට අනුලොම් වේ ද, නො කැපය වළකා ද, තොපට එය කැප වේ. මහණෙනි, මා විසින් මේ කැපැ යි යමක් නො අනුදන්නා ලද්දේ ද, ඉදින් එය නො කැපයට අනුලොම් වේ ද, කැපය වළකා ද, තොපට එය නො කැප වේ. මහණෙනි, මා විසින් මේ කැපැ යි නො අනුදන්නා ලද්දේ ද, ඉදින් එය කැපයට අනුලොම් වේ ද, නො කැපය වළකා ද, තොපට එය කැප වේ” යි.

71. අථ ඛො භික‍්ඛූනං එතදහොසි: “කප‍්පති නු ඛො යාවකාලිකෙන යාමකාලිකං? න නු ඛො කප‍්පති? කප‍්පති නු ඛො යාවකාලිකෙන සත‍්තාහකාලිකං? න නු ඛො කප‍්පති? කප‍්පති නු ඛො යාවකාලිකෙන යාවජීවිකං? න නු ඛො කප‍්පති? කප‍්පති නු ඛො යාමකාලිකෙන සත‍්තාහකාලිකං? න නු ඛො කප‍්පති? කප‍්පති නු ඛො යාමකාලිකෙන යාවජීවිකං? න නු ඛො කප‍්පති? කප‍්පති නු ඛො සත‍්තාහකාලිකෙන යාවජීවිකං? න නු ඛො කප‍්පතී?”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “යාවකාලිකෙන භික‍්ඛවෙ, යාමකාලිකං, තදහු පටිග‍්ගහිතං කාලෙ කප‍්පති, විකාලෙ න කප‍්පති. යාවකාලිකෙන භික‍්ඛවෙ, සත‍්තාහකාලිකං තදහු පටිග‍්ගහිතං කාලෙ කප‍්පති. විකාලෙ න කප‍්පති. යාවකාලිකෙන භික‍්ඛවෙ, යාවජීවිකං තදහු පටිග‍්ගහිතං කාලෙ කප‍්පති, විකාලෙ න කප‍්පති. යාමකාලිකෙන භික‍්ඛවෙ, සත‍්තාහකාලිකං තදහු පටිග‍්ගහිතං යාමෙ කප‍්පති. යාමාතික‍්කන‍්තෙ න කප‍්පති. යාමකාලිකෙන භික‍්ඛවෙ, යාවජීවිකං තදහු පටිග‍්ගහිතං යාමෙ කප‍්පති. යාමාතික‍්කන‍්තෙ න කප‍්පති. සත‍්තාහකාලිකෙන භික‍්ඛවෙ, යාවජීවිකං පටිග‍්ගහිතං සත‍්තාහං කප‍්පති. සත‍්තාහාතික‍්කන‍්තෙ න කප‍්පතී”ති.

71. එකල්හි භික්‍ෂූන්ට “යාවකාලිකය හා මිශ්‍ර වූ යාමකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාවකාලිකාය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාවකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ ද? යාමකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාමකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ ද? සත්තාහකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ දැ” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එදවස පිළිගන්නා ලද යාවකාලිකය හා මිශ්‍ර වූ යාමකාලිකය කාලයෙහි (පෙරවරුයෙහි) කැප වේ. නො කල්හි (පස්වරුයෙහි) නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාවකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කාලයෙහි කැප වේ. නො කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාවකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කාලයෙහි කැප වේ. නො කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාමකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය පැසුළුයම අවසන තෙක් කැප වේ. පැසුළුයම ඉක්මුනු කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාමකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය පැසුළුයම අවසන තෙක් කැප වේ. පැසුළුයම ඉක්මුනු කල්හි නො කැප වේ. මහණෙනි, එ දවස පිළිගත් සත්තාහකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය සතියක් කැප වේ. සතිය ඉක්මුනු කල්හි නො කැප වේ” යි.

භෙසජ‍්ජක‍්ඛන්‍ධකො නිට‍්ඨිතො ඡට‍්ඨො.

සවන භේසජ්ජක්ඛන්‍ධකය නිමි.

ඉමම‍්හි ඛන්‍ධකෙ වත්‍ථූ එකසතං ඡ වත්‍ථූ.

මේ ඛන්‍ධකයෙහි වස්තු එක්සියසයෙකි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:

සාරදිකෙ විකාලෙපි වසං මූලෙ පිට‍්ඨෙහි ච, කසාවෙහි පණ‍්ණං ඵලං ජතු ලොණං ඡකණඤ‍්ච.

ශරද්ඍතුවෙහි ලෙඩ, නො කල්හි ගිතෙල් ඈ බෙහෙත්, වුරුණුතෙල්, මුල් හා මුලින් කළ පිටි, කසට හා කොළ, පල ලාටු, ලුණු, අස්බෙටි ද,

චුණ‍්ණං චාලිනී මංසඤ‍්ච අඤ‍්ජනී උපපිංසනී, අඤ‍්ජනී උච‍්චපාරුතා සලාකා සලාකොධනී.

සුණු පෙණේරය, අමුමස්, අඳුන්, අඳුන් සාදන ද්‍රව්‍යය, අඳුන්කුලා, රන් ආදියෙන් කළ උසස් අඳුන්කූරු, අඳුන්කූරුකොපු,

ථවිකං සවට‍්ටකං සුත‍්තං මුද‍්ධනි තෙලනත්‍ථු ච, නත්‍ථුකරණී ධූම නෙත‍්තඤ‍්ච පිධානං යමකත්‍ථවි.

ථවිකය, අංසවට්ටකය, හුය, හිසෙහි ලන තෙල්, නස්‍යය, නස්‍යය කරණ ඔරු, ධූමනෙත්තය, පියන, යමකථවිකය,

තෙලපාකෙසු මජ‍්ජඤ‍්ච අතික‍්ඛිත‍්තං අබ‍්භඤ‍්ජනං, තුම‍්බං සෙදං සම‍්භාරඤ‍්ච, මහාභඞ‍්ගොදකං තථා.

මද්‍ය මිශ්‍ර තෙල් පිසීම, අධිකමද්‍යතෙල්බිම, තෙල් ඇඟ ගෑම, සැළි, ඩහගැන්වීම, සම්හාරසෙදය, මහාසෙදය, එසේ ම භඞ්ගෝදකය,

දකකොට‍්ඨං ලොහිතඤ‍්ච විසාණං පාදබ‍්භඤ‍්ජනං, පජ‍්ජං සත්‍ථං කසාවඤ‍්ච තිලකක‍්කං කබලිකං.

දියකොටුව, ලේ බැහැර කිරීම, වක්කම් ඇල්ලීම, පාතෙල් ගැල්වීම, පාදයට හිත තෙල් පිසීම, සැත්කම් කිරීම, කසාවෝදකය, තිලකක්කය, කබලිකය,

චොලං සාසපකුඩ‍්ඩඤ‍්ච ධූමසක‍්ඛරිකාය ච, වණතෙලං විකාසිකං විකටඤ‍්ච පටිග‍්ගහං.

වණ බඳින රෙදිකඩ, අබපිටි, දුම් දීම, ලුණුපුපුරෙන් කැපීම, වණතෙල්, වණවැටිය, විකට පිළිගැණීම,

ගූථං කරොන‍්තා රොළිඤ‍්ච ඛාරං මුත‍්තහරිටකී ගන්‍ධා විරෙචනඤ‍්චෙව අච‍්ඡා කට කටාකටං.

මල පෙවීම, සීතාලෝලිය, ක්‍ෂාරය, ගොමූත්‍රයෙහි ලූ අරළු, ගන්‍ධාලේපය, විරේචනය, අච්ඡකඤ්ජිය, නො කළ යුෂය, කළ නො කළ යුෂය,

පටිච‍්ඡාදනී පබ‍්භාරා ආරාමා සතා පඤ‍්චහි ගුළං මුග‍්ගං සොවීරඤ‍්ච සාමපාකා පුනා පචෙ.

මස්රසය, ගුහා පිරිසිදු කිරීම, ආරාමිකයන් පන්සියයක් දීම, උක්සකුරු, මුංඇට, ලුණුකාඩි, සාමපාකය, පුනපාකය,

පුනානුඤ‍්ඤාසි දුබ‍්භික‍්ඛෙ ඵලඤ‍්ච තිලඛාදනී, පුරෙභත‍්තං කායඩාහො නිබ‍්බට‍්ටඤ‍්ච භගන්‍දලං.

දුර්භික්‍ෂයෙහි නැවත අනුදැනීම, පල, තල, කෑයුතු දෙය, පෙරබත, කායදාහය, උපුටා හළ බීජ ඇති පල, භගන්‍දරාරෝගය,

වත්‍ථිකම‍්මඤ‍්ච සුප‍්පි ච මනුස‍්සමංසමෙව ච, හත්‍ථි අස‍්සා සුනඛාහි සීහබ්‍යග‍්ඝං ච දීපිකං.

වස්තිකර්‍මය, සුප්පියාඋපාසිකාව, මිනීමස්, ඇත්මස්, අස්මස්, බලුමස්, සර්‍පමස්, සිංහමස්, වගමස්, දිවිමස්,

අච‍්ඡ තරච‍්ඡ මංසඤ‍්ච පටිපාටි ච යාගු ච, තරුණං අඤ‍්ඤත්‍ර ගුළං සුනීධාවසථාගරං.

වලස්මස්, කරබානාවලස්මස්, පටිපාටිය, කැඳ, තරුණමහාමාත්‍ය, අන් තැනෙක නො වැළඳීම, උක්සකුරු, සුනීධ–වස්සකාර දෙදෙන, ආවස්ථාගාරය,

ගඞ‍්ගා කොටි සච‍්චකථා අම‍්බපාලී ච ලිච‍්ඡවී, උද‍්දිස‍්ස කටං සුභික‍්ඛං පුනදෙව පටික‍්ඛිපි.

ගඞ්ගානදිය, කෝටිග්‍රාමය, චතුස්සත්‍යකථා, අම්බපාලිගණිකාව, ලිච්ඡවීහු, උදෙසා කළ මත්ස්‍යමාංසය, සුභික්‍ෂයෙහි නැවත තහනම් කිරීම,

මෙඝො යසො මෙණ‍්ඩකො ච ගොරසං පාථෙය්‍යකෙන ච, කෙණි අම‍්බො ජම‍්බුචොච මොචමධුමුද‍්දිකසාලුකං.

මේඝය, යසෝජස්ථවිර, මෙණ්ඩක, මාර්ගෝපකරණය හා පස්ගෝරසය, කේණිය, අම්බජම්බු වොච මොච මධු මුද්දික සාලුක ඵාරුසක යන අෂ්ටපාන වර්‍ග, පලාකාළ හා පිටි, ආතුමානුවර, කරනැවෑමි, සැවැත්නුවර දී කෑයුතු පල අනුදැනීම, බීජරෝපණය, ඇතැම් කරුණෙහි සැකය, කාලිකයෙහි විනිශ්චය ද වේ.

ඵාරුසකං ඩාකපිට‍්ඨං, ආතුමායං නහාපිතො, සාවත්‍ථියං ඵලං බීජං කිස‍්මිං ඨානෙ ච කාලිකෙති.