යෙදුමෙන් කියවන්න

භෙසජ‍්ජක‍්ඛන්‍ධකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

භෙසජ්ජක්‍ඛන්‍ධ වර්‍ණනාව

පඤ‍්චභෙසජ‍්ජාදිකථා

පඤ්චභෙසජ්ජාදිකථා

භෙසජ‍්ජක‍්ඛන්‍ධකෙ – සාරදිකෙන ආබාධෙනාති සරදකාලෙ උප‍්පන‍්නෙන පිත‍්තාබාධෙන, තස‍්මිඤ‍්හි කාලෙ වස‍්සොදකෙනපි තෙමෙන‍්ති, කද‍්දමම‍්පි මද‍්දන‍්ති, අන‍්තරන‍්තරා ආතපොපි ඛරො හොති, තෙන තෙසං පිත‍්තං කොට‍්ඨබ‍්භන‍්තරගතං හොති. ආහාරත්‍ථඤ‍්ච ඵරෙය්‍යාති ආහාරත්‍ථං සාධෙය්‍ය.

භෙසජ්ජක්‍ඛන්‍ධකයෙහි - “සාරදිකෙන ආබාධෙන” සරත් කාලයෙහි හටගත් පිත්තාබාධයෙක්. ඒ කාලයෙහි වනාහි වැසිදියෙන්ද තෙමෙත්, මඩද පාගත්, අතරතුර අව්වද රළුවේ. එයින් ඒ මහණුන්ගේ පිත කොෂ්ටාභ්‍යන්තරයට ගියේ වේ. “ආහාරත්‍ථඤ්ච එරෙය්‍ය” අහරින් ලැබෙන ප්‍රයොජනය සිද්ධ කරන්නේය.

නච‍්ඡාදෙන‍්තීති න ජිරන‍්ති, න වාතරොගං පටිප‍්පස‍්සම‍්භෙතුං සක‍්කොන‍්ති. සෙනෙසිතානීති සිනිද‍්ධානි. භත‍්තාච‍්ඡාදකෙනාති භත‍්තං අරොචිකෙන.

“සෙනෙසිකානි” සිනිදුවූ. [missing trans]

අච‍්ඡවසන‍්තිආදීසු නිස‍්සග‍්ගියවණ‍්ණනායං වුත‍්තනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො. කාලෙ පටිග‍්ගහිතන‍්තිආදීසු මජ‍්ඣන‍්හිකෙ අවීතිවත‍්තෙ පටිග‍්ගහෙත්‍වා පචිත්‍වා පරිස‍්සාවෙත්‍වා චාති අත්‍ථො. තෙලපරිභොගෙන පරිභුඤ‍්ජිතුන‍්ති සත‍්තාහකාලිකතෙලපරිභොගෙන පරිභුඤ‍්ජිතුං.

“අච්ඡවසං” යනාදීන්හි නිසග්ගිය වර්‍ණනාවෙහි කියූනයින්ම විනිශ්චය දතයුතුය. [missing trans]

මූලභෙසජ‍්ජාදි විනිච‍්ඡයොපි ඛුද‍්දකවණ‍්ණනායං වුත‍්තොයෙව. තස‍්මා ඉධ යං යං පුබ‍්බෙ අවුත‍්තං තං තදෙව වණ‍්ණයිස‍්සාම. වචත‍්තන‍්ති සෙතවචං. නිසදං නිසදපොතකන‍්ති පිසනසිලා ච පිසනපොතො ච. ඵග‍්ගවන‍්ති ලතාජාති. නත‍්තමාලන‍්ති කරඤ‍්ජං. හිඞ‍්ගුහිඞ‍්ගුජතුහිඞ‍්ගුසිපාටිකා හිඞ‍්ගුජාතියොයෙව. තකතකපත‍්තිතකපණ‍්ණියො ලාඛාජාතියො.

මූලභෙසජ්ජාදි විනිශ්චය ඛුද්දක වර්‍ණනාවෙහි කියන ලද්දේමය. එහෙයින් මෙහි පෙර යමක් යමක් නොකියන ලදද, ඒ ඒම වර්‍ණනා කරන්නෙමු. භිඞ්ගු - භිඞ්ගුජතු - භිඞ්ගුසිපාටිකා යනු පෙරුම්කායම් ජාතීහුමය. තක - තකපත්ති - තක පණ්ණියො යනු මැලියම් ජාතීහුමය.

සාමුද‍්දන‍්ති සමුද‍්දතීරෙ වාලුකා විය සන‍්තිට‍්ඨති. කාළලොණන‍්ති පකතිලොණං. සින්‍ධවන‍්ති සෙතවණ‍්ණං පබ‍්බතෙ උට‍්ඨහති. උබ‍්භිදන‍්ති භූමිතො අඞ‍්කුරං උට‍්ඨහති. බිලන‍්ති දබ‍්බසම‍්භාරෙහි සද‍්ධිං පචිතං, තං රත‍්තවණ‍්ණං.

[missing trans]

කායො වා දුග‍්ගන්‍ධොති කස‍්සචි අස‍්සාදීනං විය කායගන්‍ධො හොති, තස‍්සාපි සිරීසකොසුම‍්බාදිචුණ‍්ණානි වා ගන්‍ධචුණ‍්ණානි වා සබ‍්බානි වට‍්ටන‍්ති. ඡකණන‍්ති ගොමයං. රජනනිප‍්පක‍්කන‍්ති රජනකසටං. පාකතිකචුණ‍්ණම‍්පි කොට‍්ටෙත්‍වා උදකෙන තෙමෙත්‍වා න‍්හායිතුං වට‍්ටති; එතම‍්පි රජනනිප‍්පක‍්කසඞ‍්ඛෙපමෙව ගච‍්ඡති.

“කායො වා දුග්ගන්‍ධො” අශ්වාදීන්ගේ මෙන් කිසිවක්හුගේ කායගන්‍ධය වේ. ඔහුටද මහරිකොසඹ ආදි සුණු හෝ සුවඳසුණු හෝ යන සියල්ල උලා නාන්නටද ආලේප කරන්නටද වටිත්. “රජතනිප්පක්කං” රඳන්කසට. නොපැසවූ පියවිකසා සුණුද කොටා දියෙන් තෙමා ඇඟ උලා නාන්නට වටියි. මේද නොපැසවූ රඳන් ගණනටම යන්නේය.

ආමකමංසඤ‍්ච ඛාදි ආමකලොහිතඤ‍්ච පිවීති න තං භික‍්ඛු ඛාදි න පිවි, අමනුස‍්සො ඛාදිත්‍වා ච පිවිත්‍වා ච පක‍්කන‍්තො, තෙන වුත‍්තං – “තස‍්ස සො අමනුස‍්සිකාබාධො පටිප‍්පස‍්සම‍්භී”ති.

“ආමකමංසඤ්ච ඛාදි, ආමකලොහිතඤ්ච පිවි” ඒ අමුමස් හා අමුලේ මහණතෙමේ නොකෑයේය, නොබීයේය. ඒ මහණහට ආවේශව සිටි අමනුෂ්‍යතෙමේ කාබී ගියේය. එහෙයින් “තස්ස සො අමනුස්සිකාබාධො පටිප්පස්සම්හි”යි කියනලදී.

අඤ‍්ජනන‍්ති සබ‍්බසඞ‍්ගාහිකවචනමෙතං. කාළ‍්ඤ‍්ජනන‍්ති එකා අඤ‍්ජනජාති. රසඤ‍්ජනං නානාසම‍්භාරෙහි කතං. සොතඤ‍්ජනන‍්ති නදීසොතාදීසු උප‍්පජ‍්ජනකං අඤ‍්ජනං. ගෙරුකො නාම සුවණ‍්ණගෙරුකො. කපල‍්ලන‍්ති දීපසිඛතො ගහිතමසි. අඤ‍්ජනූපපිංසනෙහීති අඤ‍්ජනෙන සද‍්ධිං එකතො පිංසිතබ‍්බෙහි, න හි කිඤ‍්චි අඤ‍්ඤනූපපිංසනං න වට‍්ටති. චන්‍දනන‍්ති ලොහිතචන්‍දනාදිකං යංකිඤ‍්චි. තගරාදීනි පාකටානි, අඤ‍්ඤානිපි නීලුප‍්පලාදීනි වට‍්ටන‍්තියෙව.

“අඤ්ජනං” යන මෙය සර්‍වසඞ්ග්‍රාහික වචනයි. “කාලඤ්ජනං” යනු එක් අඳුන් ජාතියක. “රසඤ්ජනං” රසඳුන් නම් නොයෙක් සම්භාරයෙන් කරණ ලද්දේය. “සොතඤ්ජනං” ස්‍රොතාඤ්ජන නම් ගඟදිය ආදියෙහි හටගන්නා අඳුන්ය. ගේරුකො ගෙරුකනම් සුවන්ගුරු ආදියයි. “කපල්ලං” පහන් දැල්ලෙන් ගත් මැසිය “චන්‍දනං” රත්සඳුන් ආදීවූ යම්කිසිවෙකි. තුවරු ආදිය ප්‍රකටය. අන් නිල් උපුල් ආදීයද වටීමය. කිසි අඳුනක් ඇඹරීම නොවටින්නේ නොවේ.

අට‍්ඨිමයන‍්ති මනුස‍්සට‍්ඨිං ඨපෙත්‍වා අවසෙසඅට‍්ඨිමයං. දන‍්තමයන‍්ති හත්‍ථිදන‍්තාදිසබ‍්බදන‍්තමයං. විසාණමයෙපි අකප‍්පියං නාම නත්‍ථි, නළමයාදයො එකන‍්තකප‍්පියායෙව. සලාකට‍්ඨානියන‍්ති යත්‍ථ සලාකං ඔදහන‍්ති, තං සුසිරදණ‍්ඩකං වා ථවිකං වා අනුජානාමීති අත්‍ථො. අංසබද‍්ධකොති අඤ‍්ජනිත්‍ථවිකාය අංසබද‍්ධකො. යමකනත්‍ථුකරණින‍්ති සමසොතාහි ද‍්වීහි පනාළිකාහි එකං නත්‍ථුකරණිං.

“අට්ඨිමයං” මිනී ඇට හැර සෙසු ඇටවලින් කරන ලද අඳුන් කුලාය. “දන්තමයං” ඇත්දත් ආදීවූ සියලු දත්වලින් කරන ලද අඳුන්කුලාය. අංවලින් කරනලද අඳුන් කුලාවෙහි අකැපයක් නම් නැත්තේය. බටවලින් කරන ලද අඳුන්කුලා ඒකාන්තයෙන් කැපමය. “සලාකොධානියං” යම් තැනෙක්හි අඳුන්කුරු බහාලත්ද, එයට සිදුරු ඇති දණ්ඩක් හෝ කොපුවක් හෝ අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “අංසවට්ටකො” අඳුන් කුලාව දෑම පිණිස කළ අස්වැටියය. “යමකං නත්‍ථුකරණිං” සම ශ්‍රොත ඇති තල දෙකකින් යුත් නස්‍ය කරනු පිණිස කළ නත්‍ථුකරණියක්.

අනුජානාමි භික‍්ඛවෙ තෙලපාකන‍්ති යංකිඤ‍්චි භෙසජ‍්ජපක‍්ඛිත‍්තං සබ‍්බං අනුඤ‍්ඤාතමෙව හොති. අතිපක‍්ඛිත‍්තමජ‍්ජානීති අතිවිය ඛිත‍්තමජ‍්ජානි; බහුං මජ‍්ජං පක‍්ඛිපිත්‍වා යොජිතානීති අත්‍ථො.

“අනුජානාමි භික්‍ඛවෙ තෙලපාතං” බෙහෙත් බැහූ යම් කිසිවක්වේද ඒ සියල්ල අනුදන්නා ලද්දේම වේ. “අතිපක්‍ඛිතකමජ්ජානි” ඉතා වැඩියක් ලනලද මද්‍යය ඇති. බොහෝ මද්‍යය බහා යොදන ලද, යන අර්‍ත්‍ථයි.

අඞ‍්ගවාතොති හත්‍ථපාදෙ වාතො. සම‍්භාරසෙදන‍්ති නානාවිධපණ‍්ණභඞ‍්ගසෙදං. මහාසෙදන‍්ති මහන‍්තං සෙදං; පොරිසප‍්පමාණං ආවාටං අඞ‍්ගාරානං පූරෙත්‍වා පංසුවාලිකාදීහි පිදහිත්‍වා තත්‍ථ නානාවිධානි වාතහරණපණ‍්ණානි සන්‍ථරිත්‍වා තෙලමක‍්ඛිතෙන ගත‍්තෙන තත්‍ථ නිපජ‍්ජිත්‍වා සම‍්පරිවත‍්තන‍්තෙන සරීරං සෙදෙතුං අනුජානාමීති අත්‍ථො. භඞ‍්ගොදකන‍්ති නානාපණ‍්ණභඞ‍්ගකුථිතං උදකං; තෙහි පණ‍්ණෙහි ච උදකෙන ච සිඤ‍්චිත්‍වා සිඤ‍්චිත්‍වා සෙදෙතබ‍්බො. උදකකොට‍්ඨකන‍්ති උදකකොට‍්ඨෙ චාටිං වා දොණිං වා උණ‍්හොදකස‍්ස පූරෙත්‍වා තත්‍ථ පවිසිත්‍වා සෙදකම‍්මකරණං අනුජානාමීති අත්‍ථො.

“සම්භාරසෙදං” නන්වැදෑරුම් වූ කොළ බිඳදමා ගැන්විය යුතු උණුසුමය. “මහාසෙදං” මහත් ඩහගැන්වීමය. බඹයක් පමණ වූ වළක් අඟුරෙන් පුරවා පස් වැලි ආදියෙන් වසා ඒ මතුවෙහි නන්වැදෑරුම් වාතය හරිණ කොළ අතුට තෙල් ගෑ සිරුරු ඇති වාත රෝගීහු විසින් එහි හෙව එහා මෙහා පෙරළමෙන් සිරුරු ඩහගන්වන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “භඞ්ගොදකං” නසන නොයෙක් කොළමිටි බහා කකාරනලද ජලයය. ඒ කොළවලින්ද, දියෙන්ද, වාතරෝගීහුගේ සිරුරට ඉසිමින් ඩහගැන්විය යුතුය. “උදකකොට්ඨකං” නාන කොටුවෙහි සැළියක් හෝ ඔරුවක් හෝ භඞ්ගොදකයෙන් පුරවා එහි බැස ස්වෙදකර්‍ම කිරීම අනුදනිමි’යි යන අර්‍ත්‍ථයි.

පබ‍්බවාතො හොතීති පබ‍්බෙ පබ‍්බෙ වාතො විජ‍්ඣති. ලොහිතං මොචෙතුන‍්ති සත්‍ථකෙන ලොහිතං මොචෙතුං. පජ‍්ජං අභිසඞ‍්ඛරිතුන‍්ති යෙන ඵාලිතපාදා පාකතිකා හොන‍්ති; තං නාළිකෙරාදීසු නානාභෙසජ‍්ජානි පක‍්ඛිපිත්‍වා පජ‍්ජං අභිසඞ‍්ඛරිතුං; පාදානං සප‍්පායභෙසජ‍්ජං පචිතුන‍්ති අත්‍ථො. තිලකක‍්කෙන අත්‍ථොති පිට‍්ඨෙහි තිලෙහි අත්‍ථො. කබළිකන‍්ති වණමුඛෙ සත‍්තුපිණ‍්ඩං පක‍්ඛිපිතුං. සාසපකුඩ‍්ඩෙනාති සාසපපිට‍්ඨෙන. වඩ‍්ඪමංසන‍්ති අධිකමංසං ආණි විය උට‍්ඨහති. ලොණසක‍්ඛරිකාය ඡින්‍දිතුන‍්ති ඛුරෙන ඡින්‍දිතුං. විකාසිකන‍්ති තෙලරුන්‍ධනපිලොතිකං. සබ‍්බං වණපටිකම‍්මන‍්ති යංකිඤ‍්චි වණපරිකම‍්මං නාම අත්‍ථි; සබ‍්බං අනුජානාමීති අත්‍ථො.

“පබ්බවාතො හොති” පුරුකක් පුරුකක් පාසා වාතය විදියි. “ලොහිතං මොචෙතුං” සැනින් විද ලේ හරින්නට “පජ්ජං අභිසඞ්ඛරීතුං” යමකින් පැළුනු පාදයෝ ප්‍රකෘතික වෙත්ද, නාලිකෙරඵලාදියෙහි නොයෙක් බෙහෙත් ඇතුල්කොට එබඳුවූ පයට හිත වූ බෙහෙතක් පිළියෙල කරන්නට පාදයන්ට සත්ප්‍රාය වූ බෙහෙත් පිසන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “සාසපකුඩ්ඩෙන” අබපිටියෙන් “වඩ්ඪමංසං” වණයෙහි අධික වූ මසක් ඇණයක් මෙන් නගියි. “විකාසිකං” තෙල්වළකන රෙදිකඩ හෙවත් වණයෙහි තෙල්ගා ඒ මතුවෙහි එළන රෙදිකඩ “සබ්බං වණපටිකම්මං” යම්කිසි වණපිළියමක් නම් ඇත්තේද, ඒ සියල්ල අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.

සාමං ගහෙත්‍වාති ඉදං න කෙවලං සප‍්පදට‍්ඨස‍්සෙව, අඤ‍්ඤස‍්මිම‍්පි දට‍්ඨවිසෙ සති සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං; අඤ‍්ඤෙසු පන කාරණෙසු පටිග‍්ගහිතමෙව වට‍්ටති. කතො න පුන පටිග‍්ගහෙතබ‍්බොති සචෙ භූමිප‍්පත‍්තො, පටිග‍්ගහෙතබ‍්බො; අප‍්පත‍්තං පන ගහෙතුං වට‍්ටති.

“සාමං ගහෙත්‍වා” මල-මුත්‍ර හලු මැටි යන මේ සිවුවැදෑරුම් වූ මහාවිකටය, හුදෙක් සර්‍පයන් දෂ්ට කළහුටම නොවේ. අන්‍යවූද දෂ්ටවිෂයක් ඇති කල්හි තමන් විසින් ගෙන පරිභොග කටයුතුය. අන් කාරණයන්හි වනාහි පිළිගන්නා ලද්දෙක්ම වටියි. “කතො හොති න පුන පටිග්ගාහාපෙතබ්බො” ඉදින් මලපහකරන කල්හි මල බිමට පැමිණියේ වේද, පිළිගත යුතුය. බිමට නොපැමිණි මලද පිළිගැනීම වටියි.

ඝරදින‍්නකාබාධොති වසීකරණපානකසමුට‍්ඨිතරොගො. සීතාලොළින‍්ති නඞ‍්ගලෙන කසන‍්තස‍්ස ඵාලෙ ලග‍්ගමත‍්තිකං උදකෙන ආලොළෙත්‍වා පායෙතුං අනුජානාමීති අත්‍ථො.

“ඝරදින්නකාබාධො” ගෙහඹු දුන් වශීකරන බෙහෙතක් බීමෙන් හටගත් රෝගය. “සීතාලොළිං” නඟුලෙන් සාන්නහුගේ ඊවැලෙහි ඇලුනු මැටි දියෙන් කලතා ඒ ඝරදින්නකාබාධය ඇති මහණහුට බිමට අනුදනිමි, යන අර්‍ත්‍ථයි.

දුට‍්ඨගහණිකොති විපන‍්නගහණිකො; කිච‍්ඡෙන උච‍්චාරො නික‍්ඛමතීති අත්‍ථො. ආමිසඛාරන‍්ති සුක‍්ඛොදනං ඣාපෙත්‍වා තාය ඡාරිකාය පග‍්ඝරිතං ඛාරොදකං. මුත‍්තහරීතකන‍්ති ගොමුත‍්තපරිභාවිතං හරීතකං. අභිසන‍්නකායොති උස‍්සන‍්නදොසකායො. අච‍්ඡකඤ‍්ජියන‍්ති තණ‍්ඩුලොදකමණ‍්ඩො. අකටයුසන‍්ති අසිනිද‍්ධො මුග‍්ගපචිතපානීයො. කටාකටන‍්ති සොව ධොතසිනිද‍්ධො. පටිච‍්ඡාදනීයෙනාති මංසරසෙන.

“දුට්ඨගහණිකො” නපුරු ග්‍රහණි රෝග ඇත්තේ වේ. “ආමිසඛාරං” වියලිබත් පුළුස්සා ඒ හලූවෙන් වගුරුණු කරදිය “මුත්තහරීටකං” ගෝ මුත්‍රයෙහිලා පල්කළ අරළු. “අභිස්සන්නකායො” උත්සන්න වූ දොසින්යුතු සිරුරු ඇත්තේය. [missing trans] “පටිච්ඡාදනීයෙන” මස්රසින්,

ගුළාදිඅනුජානනකථා

ගුළාදිඅනුජානනකථා

සචෙ භික‍්ඛවෙ පක‍්කාපි මුග‍්ගා ජායන‍්තීති පක‍්කා මුග‍්ගා සචෙපි ජායන‍්ති, යථාසුඛං පරිභුඤ‍්ජිතබ‍්බා. පක‍්කත‍්තා හි තෙ කප‍්පියා එව.

“සචෙ භික්‍ඛවෙ පක්කාපි මුග්ගා ජායන්ති” ඉදින් තැම්බූ මුං හට ගනීනම්, හෙවත් ලැබේනම් කැමතිසේ පරිභොග කටයුතුය. තැම්බූ බැවින් ඒ මුං කැපමය.

අන‍්තොවුත්‍ථන‍්ති අකප‍්පියකුටියං වුත්‍ථං. සාමං පක‍්කන‍්ති එත්‍ථ යංකිඤ‍්චි ආමිසං භික‍්ඛුනො පචිතුං න වට‍්ටති. සචෙපිස‍්ස උණ‍්හයාගුයා සුලසිපණ‍්ණානි වා සිඞ‍්ගිවෙරං වා ලොණං වා පක‍්ඛිපන‍්ති, තම‍්පි චාලෙතුං න වට‍්ටති, “යාගුං නිබ‍්බාපෙමී”ති පන චාලෙතුං වට‍්ටති. උත‍්තණ‍්ඩුලභත‍්තං ලභිත්‍වාපි පිදහිතුං න වට‍්ටති. සචෙ පන මනුස‍්සා පිදහිත්‍වාව දෙන‍්ති, වට‍්ටති; “භත‍්තං වා මා නිබ‍්බායතූ”ති පිදහිතුං වට‍්ටති. ඛීරතක‍්කාදීසු පන සකිං කුථිතෙසු අග‍්ගිං දාතුං වට‍්ටති, පුනපාකස‍්ස අනුඤ‍්ඤාතත‍්තා. උක‍්කපිණ‍්ඩකාපි ඛාදන‍්තීති බිළාමූසිකගොධාමඞ‍්ගුසා ඛාදන‍්ති. දමකාති විඝාසාදා.

“සාමං පක්කං” මෙහි යම්කිසි ආමිසයක් මහණහු විසින් පිසීම නොවටියි. ඉදිනුදු උණුකැඳෙහි තලාකොළ හෝ ඉඟුරු හෝ ලුනු හෝ බහත්ද, තලාකොළ ආදිය බහාලූ ඒ උණුකැඳ බඳුනද සෙලවීම නොවටියි. ‘කැඳ නිවමි’යි සෙලවීම වටියි. නොපැසුනු සහල් ඇති උණුසුම් බතක් ලැබද වසා තබන්නට නොවටියි. ඉදින් මිනිස්සු වසාලාම දෙත්නම්, වටියි. බත් හෝ නොනිවේවායි වැසීම වරද නොවේ. කිරිමෝරු ආදිය වරක් පැසවූකල්හි ගිනි කිරීම සුදුසුය. කවරහෙයින, යත්:- ප්‍රතිපාතය අනුදත්බැවිනි. “උක්කපිණ්ඩකාපි ඛාදන්ති” බලල්ලු මීයෝ ගොයි මුගටියෝ කත්. “දමකා” ඉඳුල් කන්නෝ

තතො නීහටන‍්ති යත්‍ථ නිමන‍්තිතා භුඤ‍්ජන‍්ති, තතො නීහටං.

“තතො නීහටං” යම්තැනෙක්හි පවරන ලද්දහු බුදිත්ද, එයින් ගෙනෙන ලද්ද

වනට‍්ඨං පොක‍්ඛරට‍්ඨන‍්ති වනෙ චෙව පදුමිනිගච‍්ඡෙ ච ජාතං. අබීජන‍්ති තරුණඵලං, යස‍්ස බීජං න අඞ‍්කුරං ජනෙති. නිබ‍්බට‍්ටබීජන‍්ති බීජං නිබ‍්බට‍්ටෙත්‍වා අපනෙත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බකං අම‍්බපනසාදි.

“වනට්ඨං පොක්‍ඛරට්ඨං” වෙනෙහිද පියුම්ගසෙහිද හටගත්තක් “අබිජං” තරුණවූ යම් ඵලයෙක. යම් ඵලයක බීජය අඞ්කුරය නොඋපදවාද, ඒ ඵලය. “නිබ්බට්ටබීජං” බිජුවට උපුටා හැර අනුභව කටයුතු වූ අඹකොස් ආදියය.

දුරොපයො වණොති දුක‍්ඛෙන රුහති, දුක‍්ඛෙන පාකතිකො හොතීති අත්‍ථො. දුප‍්පරිහාරං සත්‍ථන‍්ති සම‍්බාධෙ දුක‍්ඛෙන සත්‍ථං පරිහරෙය්‍යං. සත්‍ථකම‍්මං වා වත්‍ථිකම‍්මං වාති යථාපරිච‍්ඡින‍්නෙ ඔකාසෙ යෙන කෙනචි සත්‍ථෙන වා සූචියා වා කණ‍්ටකෙන වා සත‍්තිකාය වා පාසාණසක‍්ඛලිකාය වා නඛෙන වා ඡින්‍දනං වා ඵාලනං වා විජ‍්ඣනං වා ලෙඛනං වා න කාතබ‍්බං; සබ‍්බඤ‍්හෙතං සත්‍ථකම‍්මමෙව හොති. යෙන කෙනචි පන චම‍්මෙන වා වත්‍ථෙන වා වත්‍ථිපීළනම‍්පි න කාතබ‍්බං; සබ‍්බඤ‍්හෙතං වත්‍ථිකම‍්මමෙව හොති. එත්‍ථ ච සම‍්බාධස‍්ස සාමන‍්තා ද‍්වඞ‍්ගුලාති ඉදං සත්‍ථකම‍්මංයෙව සන්‍ධාය වුත‍්තං. වත්‍ථිකම‍්මං පන සම‍්බාධෙයෙව පටික‍්ඛිත‍්තං. තත්‍ථ පන ඛාරං ආදාතුං යෙන කෙනචි රජ‍්ජුකෙන වා බන්‍ධිතුං වට‍්ටති. යදි තෙන ඡිජ‍්ජති, සුච‍්ඡින‍්නං. අණ‍්ඩවුඩ‍්ඪිරොගෙපි සත්‍ථකම‍්මං න වට‍්ටති, තස‍්මා අණ‍්ඩං ඵාලෙත්‍වා බීජානි උද‍්ධරිත්‍වා “අරොගං කරිස‍්සාමී”ති න කත‍්තබ‍්බං. අග‍්ගිතාපනභෙසජ‍්ජාලිම‍්පනෙසු පන පටික‍්ඛෙපො නත්‍ථි. වච‍්චමග‍්ගෙ භෙසජ‍්ජමක‍්ඛිතා ආදානවට‍්ටි වා වෙළුනාළිකා වා වට‍්ටති, යාය ඛාරකම‍්මං වා කරොන‍්ති, තෙලං වා පවෙසෙන‍්ති.

“සත්‍ථකම්මං - වා වත්‍ථිකම්මං වා” පිරිසිඳි පරිදි වසමගින් දෑඟුල් පමණ අවකාශයෙහි හටගත් යම් ගඩක් යම්කිසි සැතකින් හෝ හිද්දකින් හෝ කටුවකින් හෝ කුඩා සැතකින් හෝ ගල්පතුරකින් හෝ නියෙන් හෝ සිඳීම හෝ පැළීම හෝ විදීම හෝ ලිවීම හෝ නොකටයුතුය. මේ සියල්ලම සැත්කම්ම වේ. යම්කිසි සමකින් හෝ වස්ත්‍රයකින් හෝ වසතිය පෙළීමද නොකටයුතුය. මේ සියල්ලම ගුදමගින් බඩට බෙහෙත් විදීම්ම වේ. මෙහිද “සම්බාධස්ස සමන්තා ද්වඞ්ගුලා” මෙය සැත්කම්ම සඳහා වදාරණ ලදී. ගුදමගින් බඩට බෙහෙත් විදීම බෙහෙත් විදීම මලමාර්‍ග නම් සම්බන්‍ධස්ථානයෙහිම වළකන ලද්දේය. එහි කාරමක් හෝ තබන්නට යම්කිසි රැහණකින් හෝ බඳින්නට වටියි. ඉදින් ඒ කාරම් බැඳීමෙන් සිඳියේනම්, මොනවට සිඳුනේ වේ. අණ්ඩවෘද්ධිරොගයෙහිද සැත්කම් නොවටියි. එහෙයින් අණ්ඩය පලා බීජොද්ධරණයකොට නීරොගී කරන්නෙමුයි නොකටයුතුයි. ගින්නෙන් තැවීමෙන්, බෙහෙත් ගෑමෙහි වනාහි ප්‍රතික්‍ෂෙපයෙක් නැත්තේය. මලමග බෙහෙත් තැවරූ රෙදිවැටිය හෝ උණපතුරක් හෝ වටියි. යමකින් කාරම හෝ කෙරෙත්ද, තෙල් හෝ ඇතුල්කෙරෙත්ද, වටියි.

පවත‍්තමංසන‍්ති මතස‍්ස මංසං. මාඝාතොති තං දිවසං න ලබ‍්භා කෙනචි කිඤ‍්චි ජීවිතා වොරොපෙතුං. පොත්‍ථනිකන‍්ති මංසච‍්ඡෙදනසත්‍ථකං වුච‍්චති. කිම‍්පිමායාති කිම‍්පි ඉමාය. න භගවා උස‍්සහතීති න භගවා සක‍්කොති. යත්‍ර හි නාමාති යස‍්මා නාම. පටිවෙක‍්ඛීති වීමංසි; පටිපුච‍්ඡීති වුත‍්තං හොති. අප‍්පටිවෙක‍්ඛිත්‍වාති අප‍්පටිපුච‍්ඡිත්‍වා. සචෙ පන අසුකමංසන‍්ති ජානාති, පටිපුච‍්ඡනකිච‍්චං නත්‍ථි, අජානන‍්තෙන පන පුච‍්ඡිත්‍වාව ඛාදිතබ‍්බං.

[missing trans] “පොත්‍ථනිකං” මස්කපන සැත කියනු ලැබේ. “කිම්පිමාය” මැගෙන් කිම, “න භගවා උස්සහති” ‘භාග්‍යවතුන් වහන්ස’ නොහැක්කේය. “යත්‍ර හි නාම” යම්හෙයකින් නම්, විමසූයෙහිද, විචාළහිදැ’යි කියන ලද්දේ වේ. “අප්පටිවෙක්‍ඛිත්‍වා” නොපිළිවිය. ඉදින්වනාහි අසුවල් මසයයි දනීනම්, පිළිවිසින කිසක් නැත්තේය. නොදන්නහු විසින් පිළිවිසීම කළයුතුය.

හත්‍ථිමංසාදිපටික‍්ඛෙපකථා

හත්ථිමංසාදිපටික්ඛෙපකථා

සුනඛමංසන‍්ති එත්‍ථ අරඤ‍්ඤකොකා නාම සුනඛසදිසා හොන‍්ති, තෙසං මංසං වට‍්ටති. යො පන ගාමසුනඛියා වා කොකෙන කොකසුනඛියා වා ගාමසුනඛෙන සංයොගා උප‍්පන‍්නො, තස‍්ස මංසං න වට‍්ටති, සො හි උභයං භජතීති. අහිමංසන‍්ති කස‍්සචි අපාදකස‍්ස දීඝජාතිකස‍්ස මංසං න වට‍්ටති. සීහමංසාදීනි පාකටානෙව.

“සුනඛමංසං” මෙහි වනබල්ලෝ සුනඛයන් සමානවෙත්. ඔවුන්ගේ මස්වටියි. යම් බල්ලෙක්, වනබල්ලකු ගම් බැල්ලියක සමග හෝ, ගම්බල්ලෙකු වන බැල්ලියක සමග හෝ, සංයෝගයෙන් උපන්නේද, ඔහුගෙ මස් නොවටියි. ඒ බලු දෙකොටසම සෙවනය කරයි. “අහිමංසං” යම්කිසි පානැති දිග් සිරුරු ඇතියකුගේ මස් නොවටියි. සිංහමංසාදීහු ප්‍රකටවූවාහුම වෙත්.

එත්‍ථ ච මනුස‍්සමංසං සජාතිතාය පටික‍්ඛිත‍්තං, හත්‍ථිඅස‍්සමංසං රාජඞ‍්ගතාය, සුනඛමංසඤ‍්ච අහිමංසඤ‍්ච පටිකූලතාය, සීහමංසාදීනි පඤ‍්ච අත‍්තනො අනුපද‍්දවත්‍ථායාති. ඉමෙසං මනුස‍්සාදීනං දසන‍්නං මංසම‍්පි අට‍්ඨිපි ලොහිතම‍්පි චම‍්මම‍්පි ලොමම‍්පි සබ‍්බං න වට‍්ටති, යංකිඤ‍්චි ඤත්‍වා වා අඤත්‍වා වා ඛාදන‍්තස‍්ස ආපත‍්තියෙව. යදා ජානාති, තදා දෙසෙතබ‍්බා. “අපුච‍්ඡිත්‍වා ඛාදිස‍්සාමී”ති ගණ‍්හතො පටිග‍්ගහණෙ දුක‍්කටං, “පුච‍්ඡිත්‍වා ඛාදිස‍්සාමී”ති ගණ‍්හතො අනාපත‍්ති. උද‍්දිස‍්ස කතං පන ජානිත්‍වා ඛාදන‍්තස‍්සෙව ආපත‍්ති, පච‍්ඡා ජානන‍්තො ආපත‍්තියා න කාරෙතබ‍්බොති.

මෙහිදී මිනීමස් සමජාතිකබැවින් ප්‍රතික්‍ෂෙප කරණ ලද්දේය. රජුගේ අඞ්ගබැවින් ඇත්, අස්,මස්ද, පිළිකුල් බැවින් බලුමස් හා නයිමස්ද, තමන්ට උවදුරු නොවන පිණිස සිංහ-ව්‍යාඝ්‍ර-දිවි-වල-කලුහිස් වලස් යන මේ පස්වැදෑරුම් මස් ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. මෙසේ මේ මනුෂ්‍යාදී වූ දසදෙනාගේ මස්ද, ඇටද ලේද, සමද, ලොම්ද යන සියල්ල නොවටියි. දැන හෝ නොදැන හෝ යම්කිසිවක් කන්නහුට ඇවැත්මය. යම්කලෙක දැන ගනීද, එකල්හි දෙසිය යුතුය. නොවිචාරා කන්නෙමි’යි ගන්නහුට පිළිගැණීමෙහිද දුක්කටය වේ. විචාරා කන්නෙමි, ගන්නහුට ඇවැත් නොවේ. උදෙසා කරණ ලද්දක් දැන කන්නහුටම ඇවැත් වේ. පසුව දන්නහුට ඇවත් නොනැගිය යුතුය.

යාගුමධුගොළකාදිකථා

යාගුමධුගොළකාදිකථා

එකත‍්තකොති එකකො, නත්‍ථි මෙ දුතියොති අත්‍ථො. පහූතං යාගුඤ‍්ච මධුගොළකඤ‍්ච පටියාදාපෙත්‍වාති සො කිර සතසහස‍්සං වයං කත්‍වා පටියාදාපෙසි. අනුමොදනාගාථාපරියොසානෙ “පත්‍ථයතං ඉච‍්ඡත”න‍්ති පදානං “අලමෙව දාතු”න‍්ති ඉමිනා සම‍්බන්‍ධො. සචෙ පන “පත්‍ථයතා ඉච‍්ඡතා”ති පාඨො අත්‍ථි, සොයෙව ගහෙතබ‍්බො.

“පහූතං යාගුඤ්ච මධුගොළඤ්ච පටියාදාපෙත්‍වා” ඒ බ්‍රාහ්මණ තෙමේ වනාහි ලක්‍ෂයක් වැය කොට බෙහෝ කැඳද, මීගුළිද පිළියෙල කරවීය. අනුමෝදනා ගාථාවසානයෙහි “පත්‍ථයතං, ඉච්ඡිතං” යන මේ පාදයන්ගේ “අලමෙවදාතුං” මේ හා සම්බන්‍ධ වේ. ඉදින් “පත්‍ථයතා ඉච්ඡතා”යි පාඨයක් ඇත්තේ නම් ඒ පාඨය ගතයුතුය.

භොජ‍්ජයාගුන‍්ති යා පවාරණං ජනෙති. යදග‍්ගෙනාති යං ආදිං කත්‍වා. සග‍්ගා තෙ ආරද‍්ධාති සග‍්ගනිබ‍්බත‍්තකපුඤ‍්ඤං උපචිතන‍්ති අත්‍ථො. යථාධම‍්මො කාරෙතබ‍්බොති පරම‍්පරභොජනෙන කාරෙතබ‍්බො, භොජ‍්ජයාගුයා හි පවාරණා හොතීති.

[missing trans] “යථා ධම්මො කාරෙතබ්බො” පරම්පරභොජනයෙහි කරවිය යුත්තේය. ඒ යාගුවෙන් පවාරණය වේයි

නාහං තං කච‍්චානාති තස‍්මිං කිර අවසිට‍්ඨගුළෙ දෙවතා සුඛුමොජං පක‍්ඛිපිංසු, සා අඤ‍්ඤෙසං පරිණාමං න ගච‍්ඡති, තස‍්මා එවමාහ. ගිලානස‍්ස ගුළන‍්ති තථාරූපෙන බ්‍යාධිනා ගිලානස‍්ස පච‍්ඡාභත‍්තං ගුළං අනුජානාමීති අත්‍ථො.

“නාහං තං කච්චාන” ඒ උක්සකුරු ඉතිරිවූ කල්හි දෙවතාවෝ එහි දිව්‍ය ඔජස් බහාලූහ. අන්‍යයන්ගේ එය පැසවීමට නොයන්නේය. එහෙයින් මෙසේ වදාළ සේක. “ගිලානස්ස ගුළං” එබඳු වූ ව්‍යාධියකින් පෙළෙන ගිලනහුට පසුබත උක්සකුරු අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.

පාටලිගාමවත්‍ථුකථා

පාටලිගාමවත්ථුකථා

සබ‍්බසන්‍ථරින‍්ති යථා සබ‍්බං සන්‍ථතං හොති, එවං. සුනිධවස‍්සකාරාති සුනිධො ච වස‍්සකාරො ච ද‍්වෙ බ්‍රාහ‍්මණා මගධරඤ‍්ඤො මහාමත‍්තා මහාමච‍්චා. වජ‍්ජීනං පටිබාහායාති වජ‍්ජිරාජකුලානං ආයමුඛපච‍්ඡින්‍දනත්‍ථං. වත්‍ථූනීති ඝරවත්‍ථූනි. චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුන‍්ති තා කිර දෙවතා වත්‍ථුවිජ‍්ජාපාඨකානං සරීරෙ අධිමුච‍්චිත්‍වා එවං චිත‍්තානි නාමෙන‍්ති. කස‍්මා? අම‍්හාකං යථානුරූපං සක‍්කාරං කරිස‍්සන‍්තීති අත්‍ථො. තාවතිංසෙහීති ලොකෙ කිර සක‍්කං දෙවරාජානං විස‍්සකම‍්මඤ‍්ච උපාදාය තාවතිංසා පණ‍්ඩිතාති සද‍්දො අබ‍්භුග‍්ගතො, තෙනෙවාහ තාවතිංසෙහීති, තාවතිංසෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා විය මාපෙන‍්තීති අත්‍ථො. යාවතා අරියං ආයතනන‍්ති යත‍්තකං අරියමනුස‍්සානං ඔසරණට‍්ඨානං නාම අත්‍ථි. යාවතා වණිප‍්පථොති යත‍්තකං වාණිජානං ආභතභණ‍්ඩස‍්ස රාසිවසෙනෙව කයවික‍්කයට‍්ඨානං නාම අත්‍ථි. ඉදං අග‍්ගනගරන‍්ති තෙසං අරියායතනවණිප‍්පථානං ඉදං අග‍්ගනගරං භවිස‍්සති. පුටභෙදනන‍්ති පුටභෙදනට‍්ඨානං මොචනට‍්ඨානන‍්ති වුත‍්තං හොති. අග‍්ගිතො වාතිආදීසු සමුච‍්චයත්‍ථො වා සද‍්දො. තත්‍ර හි එකස‍්ස කොට‍්ඨාසස‍්ස අග‍්ගිතො, එකස‍්ස උදකතො, එකස‍්ස අබ‍්භන‍්තරතො, අඤ‍්ඤමඤ‍්ඤභෙදා අන‍්තරායො භවිස‍්සති. උළුම‍්පන‍්ති පාරගමනත්‍ථාය ආණියො ආකොටෙත්‍වා කතං. කුල‍්ලන‍්ති වල‍්ලිආදීහි බන්‍ධිත්‍වා කතං.

[missing trans] “අග්ගිතො වා” යනාදිතන්හි වූ ශබ්දය සමුච්චයාර්‍ත්‍ථයෙහි වේ. එහි එක්කොටසකට ගින්නෙන්, එක් කොටසකට දියෙන්, එක් කොටසකට අභ්‍යන්තරයෙන්යි ඔවුනොවුන්ගේ බිඳීමෙන් අන්තරාය වන්නේය.

අණ‍්ණවන‍්ති සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන යොජනමත‍්තං ගම‍්භීරස‍්ස ච පුථුල‍්ලස‍්ස ච උදකට‍්ඨානස‍්සෙතං අධිවචනං. සරන‍්ති ඉධ නදී අධිප‍්පෙතා. ඉදං වුත‍්තං හොති – යෙ ගම‍්භීරං විත්‍ථතං තණ‍්හාසරං තරන‍්ති, තෙ අරියමග‍්ගසඞ‍්ඛාතං සෙතුං කත්‍වාන විසජ‍්ජ පල‍්ලලානි අනාමසිත්‍වාව උදකභරිතානි නින‍්නට‍්ඨානානි; අයං පන ඉදං අප‍්පමත‍්තකං උදකං උත‍්තරිතුකාමොපි කුල‍්ලඤ‍්හි පරිජනො බන්‍ධති, බුද‍්ධා පන බුද‍්ධසාවකා ච විනා එව කුල‍්ලෙන තිණ‍්ණා මෙධාවිනො ජනාති.

“අණ්ණවා” සියලු අන්තිම පිරිසිඳීමෙන් යොදුනක් පමණ ගැඹුරුවූද පෘථුල වූද ජලස්ථානයට මේ නමෙකි. “සරං” මෙහි නදිය අදහස් කරණලදී. මේ කියන ලද්දේ වේ. යම් කෙනෙක් ගැඹුරුවූ පුළුල් වූ ඒ තෘෂ්ණානමැති නදිය එතෙර කෙරෙත්ද, ඔවුහු ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත හෙයක්කොට “විසජ්ජපල්ලලානි” දියෙන් පිරුණු වළතැන් ආමර්‍ශනය නොකොට මේ ටිකදියක් තරණය කරනු කැමතිවූයේද වේ. ජනතෙමේ ඒකාන්තයෙන් පහුරක් බඳින්නේය. ආර්‍ය්‍යමාර්‍ගසඞ්ඛ්‍යාත ප්‍රඥාවෙන් යුක්තවූ බුදුවරයෝද බුදුසව්වෝද යන ජනයෝ එබඳු පහුරක් නැතිවම එතෙර පිහිටියාහුය.

අනනුබොධාති අබුජ‍්ඣනෙන. සන්‍ධාවිතන‍්ති භවතො භවං ගමනවසෙන සන්‍ධාවිතං. සංසරිතන‍්ති පුනප‍්පුනං ගමනවසෙන සංසරිතං. මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්චාති මයා ච තුම‍්හෙහි ච. අථ වා සන්‍ධාවිතං සංසරිතන‍්ති සන්‍ධාවනං සංසරණං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච අහොසීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. සංසිතන‍්ති සංසරිතං. භවනෙත‍්ති සමූහතාති භවතො භවගමනා සන්‍ධාවනා තණ‍්හාරජ‍්ජු සුට‍්ඨු හතා ඡින‍්නා අප‍්පවත‍්තිකතා.

[missing trans]

නීලාති ඉදං සබ‍්බසඞ‍්ගාහකං. නීලවණ‍්ණාතිආදි තස‍්සෙව විභාගදස‍්සනත්‍ථං. තත්‍ථ න තෙසං පකතිවණ‍්ණා නීලා, නීලවිලෙපනානං විචිත‍්තතාවසෙනෙතං වුත‍්තං. පටිවට‍්ටෙසීති පහාරෙසි. සාහාරං දජ‍්ජෙය්‍යාථාති සජනපදං දදෙය්‍යාථ. අඞ‍්ගුලිං ඵොටෙසුන‍්ති අඞ‍්ගුලිං චාලෙසුං. අම‍්බකායාති ඉත්‍ථිකාය. ඔලොකෙථාති පස‍්සථ. අපලොකෙථාති පුනප‍්පුනං පස‍්සථ. උපසංහරථාති උපනෙථ. ඉමං ලිච‍්ඡවිපරිසං තුම‍්හාකං චිත‍්තෙන තාවතිංසපරිසං හරථ, තාවතිංසස‍්ස සමකං කත්‍වා පස‍්සථාති අත්‍ථො.

[missing trans]

සීහසෙනාපතිවත්‍ථුආදිකථා

සීහසෙනාපතිවත්ථුආදිකථා

ධම‍්මස‍්ස ච අනුධම‍්මං බ්‍යාකරොන‍්තීති භගවතා වුත‍්තකාරණස‍්ස අනුකාරණං කථෙන‍්ති. සහධම‍්මිකො වාදානුවාදොති අපරෙහි වුත‍්තකාරණෙන සකාරණො හුත්‍වා තුම‍්හාකං වාදො විඤ‍්ඤුගරහිතබ‍්බං කාරණං කොචි අප‍්පමත‍්තකොපි කිං න ආගච‍්ඡති. ඉදං වුත‍්තං හොති “කිං සබ‍්බකාරෙනාපි තුම‍්හාකං වාදෙ ගාරය‍්හකාරණං නත්‍ථී”ති. අනබ‍්භක‍්ඛාතුකාමාති අභිභවිත්‍වා න ආචික‍්ඛිතුකාමා.

[missing trans]

අනුවිච‍්චකාරන‍්ති අනුවිදිත්‍වා චින‍්තෙත්‍වා තුලයිත්‍වා කාතබ‍්බං කරොහීති වුත‍්තං හොති. ඤාතමනුස‍්සානන‍්ති ලොකෙ පාකටානං. සාධු හොතීති සුන්‍දරං හොති. පටාකං පරිහරෙය්‍යුන‍්ති පටාකං උක‍්ඛිපිත්‍වා නගරෙ ඝොසන‍්තා ආහිණ‍්ඩෙය්‍යුං. කස‍්මා? “එවං නො අම‍්හාකං මහන‍්තභාවො භවිස‍්සතී”ති. ඔපානභූතන‍්ති පටියත‍්තඋදපානො විය ඨිතං. කුලන‍්ති නිවෙසනං. දාතබ‍්බං මඤ‍්ඤෙය්‍යාසීති මා ඉමෙසං දෙය්‍යධම‍්මං උපච‍්ඡින්‍දිත්‍ථ, සම‍්පත‍්තානඤ‍්හි දාතබ‍්බමෙවාති ඔවදති. ඔකාරොති අවකාරො ලාමකභාවො. සාමුක‍්කංසිකාති අත‍්තනායෙව උද‍්ධරිත්‍වා ගහිතා; අසාධාරණං අඤ‍්ඤෙසන‍්ති අත්‍ථො. උද‍්දිස‍්ස කතන‍්ති උද‍්දිසිත්‍වා කතං.

[missing trans]

පටිච‍්චකම‍්මන‍්ති අත‍්තානං පටිච‍්ච කතන‍්ති අත්‍ථො. අථ වා පටිච‍්චකම‍්මන‍්ති නිමිත‍්තකම‍්මස‍්සෙතං අධිවචනං, තං පටිච‍්චකම‍්මං එත්‍ථ අත්‍ථීති මංසම‍්පි පටිච‍්චකම‍්මන‍්ති වුත‍්තං. යො හි එවරූපං මංසං පරිභුඤ‍්ජති, සොපි තස‍්ස කම‍්මස‍්ස දායාදො හොති, වධකස‍්ස විය තස‍්සාපි පාණඝාතකම‍්මං හොතීති අධිප‍්පායො . ජිරිදන‍්තිති ජිරන‍්ති අබ‍්භාචික‍්ඛන‍්තා න ජිරන‍්ති, අබ‍්භක‍්ඛානස‍්ස අන‍්තං න ගච‍්ඡන‍්තීති අත්‍ථො. තිකොටිපරිසුද‍්ධකථා සඞ‍්ඝභෙදසික‍්ඛාපදවණ‍්ණනායං වුත‍්තා.

“සාහාරං දජ්ජෙය්‍යථ” ජනපද සහිතව දෙන්නහුද, “පටිච්චකම්මං” නිමිත්තකර්‍මයට මේ නමකි. ඒ නිමිත්තකර්‍මය මෙහි ඇතැයි මාසයද පටිච්චකම්මයයි කියන ලදී. “ජීරන්ති” දිරත්. ගැරහීමෙහි කෙළවරට නොපැමිණෙන්නේය, යන අර්‍ත්‍ථයි. ත්‍රිකෝටිපාරිශුද්ධි කථාතොමෝ සඞ්ඝභෙද ශික්‍ෂාපද වර්‍ණනාවෙහි කියනලදී.

කප‍්පියභූමිඅනුජානනකථා

කප්පියභූමිඅනුජානනකථා

සකටපරිවට‍්ටන‍්ති සකටෙහි පරික‍්ඛෙපං විය කත්‍වා අච‍්ඡන‍්ති. පච‍්චන‍්තිමන‍්ති අභිලාපමත‍්තමෙතං “යං සඞ‍්ඝො ආකඞ‍්ඛතී”ති වුත‍්තත‍්තා පන ධුරවිහාරොපි සම‍්මන‍්නිතුං වට‍්ටති, කම‍්මවාචං අවත්‍වා අපලොකනෙනාපි වට‍්ටතියෙව. කාකොරවසද‍්දන‍්ති තත්‍ථ තත්‍ථ පවිට‍්ඨානං ආමිසඛාදනත්‍ථාය අනුප‍්පගෙයෙව සන‍්නිපතිතානං කාකානං ඔරවසද‍්දං. යසොජො නාම කපිලසුත‍්තපරියොසානෙ පබ‍්බජිතානං පඤ‍්චන‍්නං සතානං අග‍්ගපුරිසො.

“පච්චන්තිමං” මේ දෙශනා මාත්‍රයකි. “යං සඞ්ඝො ආකඞ්ඛති”යි වදාළ බැවින් ධුරවිහාරයද සම්මත කිරීමට වටනේය. කර්‍මවාක්‍යය නොකියා අපලොකනයෙන් නමුදු වටීමය. “කාකොරවසද්දං” ඒ ඒ තැන්හි පිවිසි ආමිසය කනු පිණිස උදෑසනම රැස්වූ කවුඩන්ගේ මහත් හඬ යසොජ නම් කපිල සූත්‍රාවසානයෙහි පැවිදිවූ පන්සිය දෙනාගෙන් අග්‍රපුරුෂතෙමේය.

උස‍්සාවනන‍්තිකන‍්තිආදීසු උස‍්සාවනන‍්තිකා තාව එවං කත‍්තබ‍්බා. යො ථම‍්භානං වා උපරි භිත‍්තිපාදෙ වා නිඛනිත්‍වා විහාරො කරියති, තස‍්ස හෙට‍්ඨා ථම‍්භපටිච‍්ඡකා පාසාණා භූමිගතිකා එව. පඨමථම‍්භං පන පඨමභිත‍්තිපාදං වා පතිට‍්ඨාපෙන‍්තෙහි බහූහි සම‍්පරිවාරෙත්‍වා “කප‍්පියකුටිං කරොම, කප‍්පියකුටිං කරොමා”ති වාචං නිච‍්ඡාරෙන‍්තෙහි මනුස‍්සෙසු උක‍්ඛිපිත්‍වා පතිට‍්ඨාපෙන‍්තෙසු ආමසිත්‍වා වා සයං උක‍්ඛිපිත්‍වා වා ථම‍්භෙ වා භිත‍්තිපාදො වා පතිට‍්ඨාපෙතබ‍්බො. කුරුන්‍දිමහාපච‍්චරීසු පන “කප‍්පියකුටි කප‍්පියකුටී”ති වත්‍වා පතිට‍්ඨාපෙතබ‍්බන‍්ති වුත‍්තං. අන්‍ධකට‍්ඨකථායං “සඞ‍්ඝස‍්ස කප‍්පියකුටිං අධිට‍්ඨාමී”ති වුත‍්තං. තං පන අවත්‍වාපි අට‍්ඨකථාසු වුත‍්තනයෙන වුත‍්තෙ දොසො නත්‍ථි. ඉදං පනෙත්‍ථ සාධාරණලක‍්ඛණං, ථම‍්භපතිට‍්ඨානඤ‍්ච වචනපරියොසානඤ‍්ච සමකාලං වට‍්ටති. සචෙ හි අනිට‍්ඨිතෙ වචනෙ ථම‍්භො පතිට‍්ඨාති, අප‍්පතිට‍්ඨිතෙ වා තස‍්මිං වචනං නිට‍්ඨාති, අකතා හොති කප‍්පියකුටි. තෙනෙව මහාපච‍්චරියං වුත‍්තං – “බහූහි සම‍්පරිවාරෙත්‍වා වත‍්තබ‍්බං, අවස‍්සඤ‍්හි එත්‍ථ එකස‍්සපි වචනනිට‍්ඨානඤ‍්ච ථම‍්භපතිට‍්ඨානඤ‍්ච එකතො භවිස‍්සතී”ති.

“උස්සාවනන්තිකං” යනාදිතන්හි උස්සාවනන්තිකා නම් කිළිය වනාහි පළමුකොට මෙසේ කටයුතුය. ටැම්මතුවෙහි හෝ බිත්ති මතුවෙහි හෝ කැන සිටුවා යම් විහාරයක් කරනු ලැබේද, ඒ විහාරයෙහි යට ටැම් වැදීසිටි ගල් භූමිගතිකමය. පළමු ටැඹ හෝ පළමු බිත්ති අඩිය හෝ පිහිටුවන්නන් විසින් බොහෝදෙනා පිරිවරා “කප්ටියකුටිං කරොම, කප්පිය කුටිං කරොම” වචන පිටකරන්නවුන් විසින් මිනිසුන් ඔසොවා පිහිටුවන කල්හි ආමර්‍ෂණයකොට හෝ තමන් විසින් ඔසොවා හෝ ටැඹ හෝ බිත්තිපාදය හෝ පිහිටුවිය යුතුය. කුරුන්‍දි මහාපච්චරී අර්‍ත්‍ථකථාවන්හි “කප්පිය කුටී, කප්පිය කුටී”යි කියා පිහිටුවිය යුතුයයි කියනලදී. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි “සඞ්ඝස්ස කප්පියකුටිං අධිට්ඨාමි”යි කියන ලදී. ඒ නොකියා සෙසු අර්‍ත්‍ථකථාවන්හි “කප්පියකුටිං කරොම”යි හෝ, “කප්පියකුටී”යි හෝ කියූ ලෙසින් කියූ කල්හි දොසෙක් නැත්තේය. මෙය මෙහි සියලු අර්‍ත්‍ථකථාවන්ට සාධාරණ වූ ලක්‍ෂණයයි. ටැම්පිහිටීමද වචනයෙහි කෙළවරද සමකාලයෙහි වටියි. ඉදින් වචනය නොනිමිකල්හි ටැඹපිහිටාද, ඒ ටැඹ නොපිහිටි කල්හි හෝ වචනය නිමවේද, එකල්හි කැපකිළියක් නොකරන ලද්දී වේ. එහෙයින්ම මහාපච්චරියෙහි ‘බොහෝ දෙන පිරිවර කියයුතුය. අවශ්‍යයෙන්ම මෙහි එකෙකුගේද වචන නිමවීමත්, ටැඹ පිහිටීමත් එකට වන්නේය’යි කියන ලද්දේය.

ඉට‍්ඨකසිලාමත‍්තිකාකුට‍්ටිකාසු පන කුටීසු හෙට‍්ඨා චයං බන්‍ධිත්‍වා වා අබන්‍ධිත්‍වා වා කරොන‍්තු, යතො පට‍්ඨාය භිත‍්තිං උට‍්ඨාපෙතුකාමා හොන‍්ති, තං සබ‍්බපඨමං ඉට‍්ඨකං වා සිලං වා මත‍්තිකාපිණ‍්ඩං වා ගහෙත්‍වා වුත‍්තනයෙනෙව කප‍්පියකුටි කාතබ‍්බා. ඉට‍්ඨකාදයො හි භිත‍්තියා පඨමිට‍්ඨකාදීනං හෙට‍්ඨා න වට‍්ටන‍්ති, ථම‍්භා පන උපරි උග‍්ගච‍්ඡන‍්ති, තස‍්මා වට‍්ටන‍්ති. අන්‍ධකට‍්ඨකථායං “ථම‍්භෙහි කරියමානෙ චතූසු කොණෙසු චත‍්තාරො ථම‍්භා ඉට‍්ඨකාදිකුට‍්ටෙ චතූසු කොණෙසු ද‍්වෙ තිස‍්සො ඉට‍්ඨකා අධිට‍්ඨාතබ‍්බා”ති වුත‍්තං. තථා පන අකතායපි දොසො නත්‍ථි, අට‍්ඨකථාසු හි වුත‍්තමෙව පමාණං.

ගඩොල්මුවා කිළිගල්මුවා කිළිමැටිමුවා කිළි යන කිළි අතුරෙහි යට අඩිතාලම බැඳ හෝ නොබැඳ හෝ කෙරෙත්වා යම් තැනක පටන් බිත්තිය නගනු කැමැත්තාහු වෙත්ද, ඒ සියල්ලට පළමු ගඩොලක් හෝ ගලක් හෝ මැටිපිඩක් හෝ ගෙන කියූ ලෙසින්ම කැපකිළිය කටයුතුය. ගඩොල් ආදීහු බිත්තියෙහි පළමු තැබු ගඩොල් ආදින්ගේ යට තැබීම නොවටිත්. ටැම් මත්තට නගිත්. එහෙයින් වටිත්. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි ටැඹින් කරනු ලබන කල්හි සිවුකොන්හි කණු සතරක්, ගඩොල් ආදියෙන් කළ බිත්තියෙහි සිවුකොන්හි ගඩොල් දෙකතුනක් ඉටිය යුතුය’යි කියන ලදී. මෙසේ නොකළකල්හිද, දොසක් නැත්තේය. අර්‍ත්‍ථකථාවන්හි කියනලද්දම ප්‍රමාණයි.

ගොනිසාදිකා දුවිධා – ආරාමගොනිසාදිකා, විහාරගොනිසාදිකාති. තාසු යත්‍ථ නෙව ආරාමො න සෙනාසනානි පරික‍්ඛිත‍්තානි හොන‍්ති, අයං “ආරාමගොනිසාදිකා” නාම. යත්‍ථ සෙනාසනානි සබ‍්බානි වා එකච‍්චානි වා පරික‍්ඛිත‍්තානි, ආරාමො අපරික‍්ඛිත‍්තො, අයං “විහාරගොනිසාදිකා” නාම. ඉති උභයත්‍රාපි ආරාමස‍්ස අපරික‍්ඛිත‍්තභාවොයෙව පමාණං. ආරාමො පන උපඩ‍්ඪපරික‍්ඛිත‍්තොපි බහුතරං පරික‍්ඛිත‍්තොපි පරික‍්ඛිත‍්තොයෙව නාමාති කුරුන්‍දිමහආපච‍්චරියාදීසු වුත‍්තං. එත්‍ථ කප‍්පියකුටිං ලද‍්ධුං වට‍්ටති.

ගොනිසාදිකා තොමෝ ආරාමගොනිසාදිකා - විහාරගොනිසාදිකායි දෙවැදෑරුම් වේ. එදෙක අතුරෙහි යම් තැනක ආරාමය හා සෙනසුන් වට නොකරන ලද්දාහු වෙත්ද, මෝතොමෝ ආරාමගොනිසාදිකා නම. යම් තැනක සෙනසුන් සියල්ල හෝ සමහරක් හෝ වටකරන ලද්දාහු වෙත්ද, ආරාමය වටනොකරන ලද්දේවේද, මෝතොමෝ විහාරගොනිසාදිකා නම. මෙසේ දෙතැන්හිම ආරාමයේ අපරික්‍ෂිප්තභාවයම ප්‍රමාණ වේ. ආරාමය වනාහි අඩක් වටකරන ලද්දේ ද, ඉතා වැඩියක් වටකරන ලද්දේ ද, වටකරන ලද්දේම නමැයි කුරුන්‍දි මහාපච්චරීන්හි කියන ලද්දීය. මෙහි මේ අඩක් වටකිරීමෙහි ගොනිසාදිය නැති බැවින් සෙසු කැප කිළියක් ලබන්නට වටියි.

ගහපතීති මනුස‍්සා ආවාසං කත්‍වා “කප‍්පියකුටිං දෙම, පරිභුඤ‍්ජථා”ති වදන‍්ති, එසා ගහපති නාම. “කප‍්පියකුටිං කාතුං දෙමා”ති වුත‍්තෙපි වට‍්ටතියෙව. අන්‍ධකට‍්ඨකථායං පන “යස‍්මා භික‍්ඛුං ඨපෙත්‍වා සෙසසහධම‍්මිකානං සබ‍්බෙසඤ‍්ච දෙවමනුස‍්සානං හත්‍ථතො පටිග‍්ගහො ච සන‍්නිධි ච අන‍්තොවුත්‍ථඤ‍්ච තෙසං සන‍්තකං භික‍්ඛුස‍්ස වට‍්ටති, තස‍්මා තෙසං ගෙහානි වා තෙහි දින‍්නා කප‍්පියකුටි වා ගහපතීති වුච‍්චතී”ති වුත‍්තං. පුනපි වුත‍්තං – “භික‍්ඛුසඞ‍්ඝස‍්ස විහාරං ඨපෙත්‍වා භික‍්ඛුනුපස‍්සයො වා ආරාමිකානං වා තිත්‍ථියානං වා දෙවතානං වා නාගානං වා අපි බ්‍රහ‍්මානං විමානං කප‍්පියකුටි හොතී”ති, තං සුවුත‍්තං; සඞ‍්ඝසන‍්තකමෙව හි භික‍්ඛුසන‍්තකං වා ගෙහං ගහපතිකුටිකා න හොති. සම‍්මුතිකා නාම කම‍්මවාචං සාවෙත්‍වා කතාති.

“ගහපති” මනුෂ්‍යයෝ ආවාසයක්කොට, කැපකිළියක් දෙමු. පරිභොග කරවු’යි කියත්ද, මෝතොමෝ ගහපතිනම. ‘කැප කිළියක් කරන්නට දෙමු’යි කියූකල්හිද වටීමය. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි ‘යම්හෙයකින් මහණහු හැර, සෙසු සහධාර්මිකයන්ගේද, සියලු දෙව් මිනිසුන්ගේද, අතින් පිළිගැණීමද, තැන්පත් කරතැබීමද, ඇතුළත තැබූ දෙයද යන ඔවුන් සතුදෙය මහණහට වටියි. එහෙයින් ඔවුන්ගේ ගෙවල් හෝ ඔවුන් විසින් දෙන ලද කැපකිළිය හෝ ගැහැවිකිළියයි කියනු ලැබේයයි කියනලදී. නැවතද භික්‍ෂුසඞ්ඝයාගේ විසීමට කළ විහාරය හැර මෙහෙණ අසපුව හෝ, ආරාමිකයන්ගේ හෝ තීර්ථකයන්ගේ හෝ දෙවියන්ගේ හෝ නාගයන්ගේ හෝ නැවැතද බ්‍රහ්මයන්ගේ හෝ විමානය කැපකිළිය වේයයි කියනලදී. ඒ කියනලද්ද මනාමය. සඟසතුමවූද මහණහු සතුවූද ගෙය ගැහැවිකිළියක් නොවේ. සම්මුතිකා නම් කර්‍මවාක්‍යය අස්වා කරන ලද්දීය.

යං ඉමාසු චතූසු කප‍්පියභූමීසු වුත්‍ථං ආමිසං, තං සබ‍්බං අන‍්තොවුත්‍ථසඞ‍්ඛ්‍යං න ගච‍්ඡති. භික‍්ඛූනඤ‍්ච භික‍්ඛුනීනඤ‍්ච අන‍්තොවුත්‍ථඅන‍්තොපක‍්කමොචනත්‍ථඤ‍්හි කප‍්පියකුටියො අනුඤ‍්ඤාතා. යං පන අකප‍්පියභූමියං සහසෙය්‍යප‍්පහොනකෙ ගෙහෙ වුත්‍ථං සඞ‍්ඝිකං වා පුග‍්ගලිකං වා භික‍්ඛුස‍්ස භික‍්ඛුනියා වා සන‍්තකං එකරත‍්තම‍්පි ඨපිතං, තං අන‍්තොවුත්‍ථං; තත්‍ථ පක‍්කඤ‍්ච අන‍්තොපක‍්කං නාම හොති, එතං න කප‍්පති. සත‍්තාහකාලිකං පන යාවජීවිකඤ‍්ච වට‍්ටති.

මේ සිවු කැපබිම්හි තැබූ යම් ආමිසයක් වේද, ඒ සියල්ල ඇතුළත තැබු ගණනට නොයයි. මහණුන්ට හා මෙහෙණන්ටද අන්තොවුත්‍ථ අන්තොපාකමොචනය පිණිස කැපකිළි අනුදන්නා ලදහ. අකැප බිම සහසෙය්‍යාවට පොහොනා ගෙයක තැබූ සඞ්ඝික වූ හෝ පෞද්ගලික වූ හෝ යමක් මහණක්හු හෝ මෙහෙණක හෝ සතුව එක් රැයකුදු තබන ලද්දේනම් එය “අන්තොවුත්‍ථ” නම් වේ. එහි පිසන ලද්ද ද “අන්තොපක්ක” නම්වේ. මේ අන්තොවුත්‍ථ අන්තොපාකය කැප නොවේ. සත්තාහකාලිකයද යාවජීවිකයද වටියි.

තත්‍රායං විනිච‍්ඡයො – සාමණෙරො භික‍්ඛුස‍්ස තණ‍්ඩුලාදිකං ආමිසං ආහරිත්‍වා කප‍්පියකුටියං නික‍්ඛිපිත්‍වා පුනදිවසෙ පචිත්‍වා දෙති, අන‍්තොවුත්‍ථං න හොති. තත්‍ථ අකප‍්පියකුටියං නික‍්ඛිත‍්තසප‍්පිආදීසු යංකිඤ‍්චි පක‍්ඛිපිත්‍වා දෙති, මුඛසන‍්නිධි නාම හොති. මහාපච‍්චරියං පන “අන‍්තොවුත්‍ථං හොතී”ති වුත‍්තං. තත්‍ථ නාමමත‍්තමෙව නානාකරණං. භික‍්ඛු අකප‍්පියකුටියං ඨපිතසප‍්පිඤ‍්ච යාවජීවිකපණ‍්ණඤ‍්ච එකතො පචිත්‍වා පරිභුඤ‍්ජති, සත‍්තාහං නිරාමිසං වට‍්ටති. සචෙ ආමිසසංසට‍්ඨං කත්‍වා පරිභුඤ‍්ජති, අන‍්තොවුත්‍ථඤ‍්චෙව සාමංපාකඤ‍්ච හොති. එතෙනුපායෙන සබ‍්බසංසග‍්ගා වෙදිතබ‍්බා.

එහි මේ විනිශ්චයයයි:- හෙරණෙක් තෙමේ මහණක්හුගේ සහල් ආදී ආමිසයක් ගෙන කැපකිළියෙහි තබා දෙවන දිනයෙහි පිස දේද, අන්තොවුත්‍ථ නොවේ. ඒ අකැප කිළියෙහි තැබූ ගිතෙල් ඈ අතුරෙහි යම්කිසිවක් බහා දේද, මුඛසන්නිධි නම්වේ. මහාපච්චරියෙහි වනාහි අන්තොවුත්‍ථය වේයයි කියනලදී. එහි නාමමාත්‍රයම වෙනස් වේ. මහණෙක්තෙමේ අකැප කිළියෙහි තැබූ ගිතෙල්ද දිවි ඇතිතාක් ගතහැකි කොළද එක්කොට පිස අනුභව කෙරේද, සත්දවසක් ආමිස රහිතව වටියි. ඉදින් ආමිස හා මුසුකොට අනුභව කෙරේනම් අන්තොවුත්‍ථයද සාමපාකයද වේ. මේ උපායෙන් සියලු සංසර්‍ගයෝ දතයුත්තාහ.

ඉමා පන කප‍්පියකුටියො කදා ජහිතවත්‍ථුකා හොන‍්ති? උස‍්සාවනන‍්තිකා තාව යා ථම‍්භානං උපරි භිත‍්තිපාදෙ වා නිඛණිත්‍වා කතා, සා සබ‍්බෙසු ථම‍්භෙසු ච භිත‍්තිපාදෙසු ච අපනීතෙසු ජහිතවත්‍ථුකා හොති. සචෙ පන ථම‍්භෙ වා භිත‍්තිපාදෙ වා පරිවත‍්තෙන‍්ති, යො යො ඨිතො තත්‍ථ තත්‍ථ පතිට‍්ඨාති, සබ‍්බෙසුපි පරිවත‍්තිතෙසු අජහිතවත්‍ථුකාව හොති. ඉට‍්ඨකාදීහි කතා චයස‍්ස උපරි භිත‍්තිඅත්‍ථාය ඨපිතං ඉට‍්ඨකං වා සිලං වා මත‍්තිකාපිණ‍්ඩං වා ආදිංකත්‍වා විනාසිතකාලෙ ජහිතවත්‍ථුකා හොති. යෙහි පන ඉට‍්ඨකාදීහි අධිට‍්ඨිතා, තෙසු අපනීතෙසුපි තදඤ‍්ඤාසු පතිට‍්ඨිතාසු අජහිතවත්‍ථුකාව හොති.

මේ කැපකිළීහු කවරකලෙක හරිණලද වස්තු ඇත්තාහු වෙත්ද, යම් උස්සාවනන්තිකා කුටියක් තොමෝ ඒතාක් කණුමතුවෙහි බිතුපා හෝ කැණ සිටුවා කරන ලදද, ඕතොමෝ සියලු කණු හා බිතුපා හෝ පෙරලත්ද, යමක් යමක් පිහිටා සිටියේද, එහි එය පිහිටයි. සියල්ලම පෙරළුනු කල්හි අජහිතවත්‍ථුකාම වේ. ගඩොල් ආදියෙන් කරන ලද්ද ද අඩිතාලම මතුවෙහි බිත්තිය පිණිස තබන ලද ගඩොල හෝ ගල හෝ මැටිපිඩ හෝ ආදිකොට නැසුනු කල්හි ජහිතවත්‍ථුකා වේ. යම් ගඩොල් ආදියකින් අධිෂ්ඨිතද, ඒ ගඩොල් ආදිය පහකළකල්හි අජහිතවත්‍ථුකාම වේ.

ගොනිසාදිකා පාකාරාදීහි පරික‍්ඛෙපෙ කතෙ ජහිතවත්‍ථුකා හොති. පුන තස‍්මිං ආරාමෙ කප‍්පියකුටි ලද‍්ධුං වට‍්ටති. සචෙ පන පුනපි පාකාරාදයො තත්‍ථ තත්‍ථ ඛණ‍්ඩා හොන‍්ති, තතො තතො ගාවො පවිසන‍්ති, පුන කප‍්පියකුටි හොති. ඉතරා පන ද‍්වෙ ගොපානසීමත‍්තං ඨපෙත්‍වා සබ‍්බස‍්මිං ඡදනෙ විනට‍්ඨෙ ජහිතවත්‍ථුකා හොන‍්ති. සචෙ ගොපානසීනං උපරි එකම‍්පි පක‍්ඛපාසකමණ‍්ඩලං අත්‍ථි, රක‍්ඛති.

ගොනිසාදිකා තොමෝ පවුරු ආදියකින් වටකළ කල්හි ජහිතවත්‍ථුකා වේ. නැවත ඒ ආරාමයෙහි කැපකිළියක් ලබන්නට වටියි. නැවත පවුරු ආදීහු ඒ ඒ තැන අඩකට වඩා කඩාවැටුනාහු වෙත්ද, ඒ ඒ තැනින් ගෙරිහු ඇතුල්වෙත්ද, නැවත කැපකිළිය වන්නීය. ගෘහපති සම්මුතිකා යන අනික් දෙක ගොනැස් පමණක් තිබියදී සියලු වහල නැසීගිය කල්හි ජහිතවත්‍ථුකා නම් වේ. ඉදින් එකම පසෙක්හි ගොනැස් තැනක් මතුවෙහි තණපත් ආදියෙන් කළ වහලක් ඇත්තේ නම් රකියි.

යත්‍ර පනිමා චතස‍්සොපි කප‍්පියභූමියො නත්‍ථි, තත්‍ථ කිං කාතබ‍්බං? අනුපසම‍්පන‍්නස‍්ස දත්‍වා තස‍්ස සන‍්තකං කත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං. තත්‍රිදං වත්‍ථු – කරවිකතිස‍්සත්‍ථෙරො කිර විනයධරපාමොක‍්ඛො මහාසීවත්‍ථෙරස‍්ස සන‍්තිකං අගමාසි. සො දීපාලොකෙන සප‍්පිකුම‍්භං පස‍්සිත්‍වා “භන‍්තෙ කිමෙත”න‍්ති පුච‍්ඡි. ථෙරො “ආවුසො ගාමතො සප‍්පිකුම‍්භො ආභතො, ලූඛදිවසෙ සප‍්පිනා භුඤ‍්ජනත්‍ථායා”ති ආහ. තතො නං තිස‍්සත්‍ථෙරො “න වට‍්ටති භන‍්තෙ”ති ආහ. ථෙරො පුනදිවසෙ පමුඛෙ නික‍්ඛිපාපෙසි. තිස‍්සත්‍ථෙරො පුන එකදිවසෙ ආගතො තං දිස‍්වා තථෙව පුච‍්ඡිත්‍වා “භන‍්තෙ සහසෙය්‍යප‍්පහොනකට‍්ඨානෙ ඨපෙතුං න වට‍්ටතී”ති ආහ. ථෙරො පුනදිවසෙ බහි නීහරාපෙත්‍වා නික‍්ඛිපාපෙසි, තං චොරා හරිංසු. සො පුන එකදිවසං ආගතං තිස‍්සත්‍ථෙරං ආහ – “ආවුසො තයා ‘න වට‍්ටතී’ති වුත‍්තො සො කුම‍්භො බහි නික‍්ඛිත‍්තො චොරෙහි අවහතො”ති. තතො නං තිස‍්සත්‍ථෙරො ආහ – “නනු භන‍්තෙ අනුපසම‍්පන‍්නස‍්ස දාතබ‍්බො අස‍්ස, අනුපසම‍්පන‍්නස‍්ස හි දත්‍වා තස‍්ස සන‍්තකං කත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටතී”ති.

යම් තැනක වනාහි මේ සිවුකැපබිම් නැත්තේද, එහි කුමක් කටයුතුද, අනුපසපනක්හටදී ඔහු සතුකොට පරිභොග කටයුතුය. එහි මේ වස්තුවයි. විනයධරයන්ට ප්‍රමුඛ වූ කරවීකතිස්ස ස්ථවිරතෙමේ මහාසීව ස්ථවිරයන් වෙතට ගියේය. කරවීකතිස්ස ස්ථවිරතෙමේ පහන් ඵලියෙන් ගිතෙල් සැළියක් තිබෙනු දැක ‘ස්වාමීනි’ ‘මේ කිමැ’යි විචාළේය. මහාසීව ස්ථවිරතෙමේ ‘ඇවැත’ රළුදවසැ ගිතෙල් සමග වලඳනු පිණිස ගමින් ගිතෙල් සැළියක් ගෙන එන ලදැ’යි කීයේය. ඉක්බිති තිෂ්‍ය ස්ථවිර තෙමේ මහාසීව ස්ථවිරයන්හට, ‘ස්වාමීනි’ නොවටීය’යි කීයේය. මහාසීව ස්ථවිරතෙමේ පසුදා එය පිළෙහි බහා තැබ්බවීය. තිෂ්‍ය ස්ථවිරතෙමේ එක් දවසක් එහි ආයේ, ඒ ගිතෙල් සැළිය දැක එසේම විචාරා ‘’ස්වාමීනි’ සහසෙය්‍යාවට පොහොනා තන්හි තබන්නට නොවටීය’යි කීය. මහාසීව ස්ථවිරතෙමේ දෙවන දවසෙහිම පිටතට පහකරවා තැබ්බවීය. හොරු ඒ ගිතෙල් සැළිය ගෙනගියහ. ඒ මහාසීව ස්ථවිරතෙමේ නැවත එක් දවසක එහි පැමිණි තිස්‍ය ස්ථවිරයන්හට ‘ඇවැත’ තා විසින් නොවටීයයි කියන ලද ඒ ගිතෙල් සැළිය පිටත තබන ලද්දේ සොරුන් විසින් ගෙනයන ලදැ’යි කීය. ඉක්බිති තිෂ්‍ය ස්ථවිර තෙමේ සීව ස්ථවිරයන්හට ‘ස්වාමීනි’, අනුපසපනක් හට දියයුතුව තුබුනේය. අනුපසපනක්හටදී ඔහු සතුකොට පරිභොග කරන්නට වටනේ නොවේදැ’යි කීය.

මෙණ‍්ඩකවත්‍ථු උත‍්තානමෙව. අපි චෙත්‍ථ අනුජානාමි භික‍්ඛවෙ පඤ‍්ච ගොරසෙති ඉමෙ පඤ‍්ච ගොරසෙ විසුං පරිභොගෙන පරිභුඤ‍්ජිතුම‍්පි අනුජානාමීති අත්‍ථො. පාථෙය්‍යං පරියෙසිතුන‍්ති එත්‍ථ සචෙ කෙචි සයමෙව ඤත්‍වා දෙන‍්ති, ඉච‍්චෙතං කුසලං; නො චෙ දෙන‍්ති, ඤාතිපවාරිතට‍්ඨානතො වා භික‍්ඛාචාරවත‍්තෙන වා පරියෙසිතබ‍්බං. තථා අලභන‍්තෙන අඤ‍්ඤාතිකඅපවාරිතට‍්ඨානතො යාචිත්‍වාපි ගහෙතබ‍්බං. එකදිවසෙන ගමනීයෙ මග‍්ගෙ එකභත‍්තත්‍ථාය පරියෙසිතබ‍්බං. දීඝෙ අද‍්ධානෙ යත‍්තකෙන කන‍්තාරං නිත්‍ථරති, තත‍්තකං පරියෙසිතබ‍්බං.

මෙණ්ඩක වස්තුව ප්‍රකටමය. එතකුදුවුවත් මේ මෙණ්ඩක වස්තුවෙහි “අනුජානාමි භික්‍ඛවෙ පඤ්ච ගොරසෙ”යි මේ පස්ගෝරස වෙන්වෙන්ව පරිභෝගයෙන් අනුව කරන්නටද අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “පාථෙය්‍යං පරියෙසිතුං” මෙහි ඉදින් සමහර කෙනෙක් තුමූම දැන දෙත්නම්, මේ දීම මැනවි. ඉදින් නොදෙත්නම්, නෑ පැවරූ තැනින් හෝ පිඬුසිඟීමේ වතින් හෝ සෙවිය යුතුය. එසේ නොලබන්නහු විසින් නොනෑ නොපැවරූ තැනින් ඉල්වාද ගතයුතුය. එක්දවසකින් යායුතු මගෙහි එක්බතක් පිණිස සෙවිය යුතුය. දිග්මගෙහි යම්පමණ මාර්‍ගොපකරණයකින් එතරවන්නට හැක්කේද, එපමණ සෙවිය යුතුය.

කෙණියජටිලවත්‍ථුකථා

කෙණියජටිලවත්ථුකථා

කාජෙහි ගාහාපෙත්‍වාති පඤ‍්චහි කාජසතෙහි සුසඞ‍්ඛතස‍්ස බදරපානස‍්ස කුටසහස‍්සං ගාහාපෙත්‍වා. එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වාති “සාධු භික‍්ඛවෙ පානං අපිවන‍්තා සමණස‍්ස ගොතමස‍්ස සාවකා පච‍්චයබාහුල‍්ලිකාති වාදං න උප‍්පාදයිත්‍ථ, මයි ච ගාරවං අකත්‍ථ, මම ච තුම‍්හෙසු ගාරවං ජනයිත්‍ථ, ඉති වො අහං ඉමිනා කාරණෙන සුට‍්ඨු පසන‍්නො”තිආදිනා නයෙන ධම‍්මිං කථං කත්‍වා අනුජානාමි භික‍්ඛවෙ අට‍්ඨ පානානීතිආදිමාහ.

“කාජෙහි ගාහාපෙත්‍වා” පන්සියයක් කදින් මොනවට පිළියෙල කළ ඩෙබර පැන්කළ දහසක් ගෙන්වා “එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්‍වා” මැනව, මහණෙනි ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවකයෝ පැන් නොබොන්නාහු පසය බහුලකොට ගත්තාහුය යන වාදය නොඉපදවූහ. මා කෙරෙහිද ගෞරවය කළාහුය. මාගේ ගෞරවයද තොප කෙරෙහි ඉපදවූහ. මෙසේ තොපට මම මේ කරුණෙන් තදින් පැහැදුනෙමි’යි යනාදි නයින් ධර්‍මකථාවකොට “අනුජානාමි භික්‍ඛවෙ අට්ඨපානානි” යනාදිය වදාළ සේක.

තත්‍ථ අම‍්බපානන‍්ති ආමෙහි වා පක‍්කෙහි වා අම‍්බෙහි කතපානං. තත්‍ථ ආමෙහි කරොන‍්තෙන අම‍්බතරුණානි භින්‍දිත්‍වා උදකෙ පක‍්ඛිපිත්‍වා ආතපෙ ආදිච‍්චපාකෙන පචිත්‍වා පරිස‍්සාවෙත්‍වා තදහුපටිග‍්ගහිතෙහි මධුසක‍්කරකප‍්පූරාදීහි යොජෙත්‍වා කාතබ‍්බං. එවං කතං පුරෙභත‍්තමෙව කප‍්පති. අනුපසම‍්පන‍්නෙහි කතං ලභිත්‍වා පන පුරෙභත‍්තං පටිග‍්ගහිතං පුරෙභත‍්තං සාමිසපරිභොගෙනාපි වට‍්ටති, පච‍්ඡාභත‍්තං නිරාමිසපරිභොගෙන යාව අරුණුග‍්ගමනා වට‍්ටතියෙව. එස නයො සබ‍්බපානෙසු.

එහි “අම්බපානං” අමුවූ හෝ පැසුනාවූ හෝ අඹපලයෙන් කරන ලද පැන්ය. එහි අමු අඹපලයෙන් කරන්නන් විසින් තරුණ අඹපල පොඩිකොට දියෙහි බහා අව්වෙහි ලා සූර්‍ය්‍යපාකයෙන් පැසවා පෙරා එදවස පිළිගත් මීසකුරු කපුරු ආදිය සමග යොදා කටයුතුය. මෙසේ කරනලද පැන් පෙරබතම කැපවේ. අනුපසම්පන්නයන් විසින් කරන ලද පැනක් ලැබ පෙරබතම කැපවේ. අනුපසම්පන්නයන් විසින් කරන ලද පැනක් ලැබ පෙරබත පිළිගන්නා ලද්දේ පෙරබත ආමිස සහිත පරිභොගයෙන් නමුදු වටියි. පසුබත නිරාමිස පරිභොගයෙන් අරුණ නැගීම දක්වා වටීමය. සියලු පැන්හි මේනය වේ.

තෙසු පන ජම‍්බුපානන‍්ති ජම‍්බුඵලෙහි කතපානං. චොචපානන‍්ති අට‍්ඨිකෙහි කදලිඵලෙහි කතපානං. මොචපානන‍්ති අනට‍්ඨිකෙහි කදලිඵලෙහි කතපානං. මධුකපානන‍්ති මධුකානං ජාතිරසෙන කතපානං; තං පන උදකසම‍්භින‍්නං වට‍්ටති, සුද‍්ධං න වට‍්ටති. මුද‍්දිකපානන‍්ති මුද‍්දිකා උදකෙ මද‍්දිත්‍වා අම‍්බපානං විය කතපානං. සාලූකපානන‍්ති රත‍්තුප‍්පලනීලුප‍්පලාදීනං සාලූකෙ මද‍්දිත්‍වා කතපානං. ඵාරුසකපානන‍්ති ඵාරුසකඵලෙහි අම‍්බපානං විය කතපානං. ඉමානි අට‍්ඨ පානානි සීතානිපි ආදිච‍්චපාකානිපි වට‍්ටන‍්ති, අග‍්ගිපාකානි න වට‍්ටන‍්ති. ධඤ‍්ඤඵලරසන‍්ති සත‍්තන‍්නං ධඤ‍්ඤානං ඵලරසං. ඩාකරසන‍්ති පක‍්කඩාකරසං. යාවකාලිකපත‍්තානඤ‍්හි පුරෙභත‍්තංයෙව රසො කප‍්පති. යාවජීවිකානං පටිග‍්ගහෙත්‍වා ඨපිතසප‍්පිආදීහි සද‍්ධිං පක‍්කානං සත‍්තාහං කප‍්පති. සචෙ පන සුද‍්ධඋදකෙන පචති, යාවජීවම‍්පි වට‍්ටති. ඛීරාදීහි පන සද‍්ධිං පචිතුං න වට‍්ටති. අඤ‍්ඤෙහි පක‍්කම‍්පි ඩාකරසසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. කුරුන්‍දියං පන “යාවකාලිකපත‍්තානම‍්පි සීතොදකෙන මද‍්දිත්‍වා කතරසො වා ආදිච‍්චපාකො වා වට‍්ටතී”ති වුත‍්තං. ඨපෙත්‍වා මධුකපුප‍්ඵරසන‍්ති එත්‍ථ මධුකපුප‍්ඵරසො අග‍්ගිපාකො වා හොතු ආදිච‍්චපාකො වා, පච‍්ඡාභත‍්තං න වට‍්ටති. පුරෙභත‍්තම‍්පි යං පානං ගහෙත්‍වා මජ‍්ජං කරොන‍්ති, සො ආදිතො පට‍්ඨාය න වට‍්ටති. මධුකපුප‍්ඵං පන අල‍්ලං වා සුක‍්ඛං වා භජ‍්ජිතං වා තෙන කතඵාණිතං වා යතො පට‍්ඨාය මජ‍්ජං න කරොන‍්ති, තං සබ‍්බං පුරෙභත‍්තං වට‍්ටති. උච‍්ඡුරසො නිකසටො පච‍්ඡාභත‍්තං වට‍්ටති . ඉති පානානි අනුජානන‍්තෙන ඉමෙපි චත‍්තාරො රසා අනුඤ‍්ඤාතාති. අග‍්ගිහුත‍්තමුඛා යඤ‍්ඤාතිආදීසු අග‍්ගිහුතං සෙට‍්ඨං, අග‍්ගිහුතං මුඛන‍්ති වුත‍්තං හොති.

ඒ පැන් අතුරෙහි “ජම්බුපානං” දඹපලයෙන් කරන ලද පැන්ය. “චොචපානං” ඇටකෙහෙල් පලයෙන් කරන ලද පැන්ය. “මොචපානං” ඇට රහිත කෙහෙල් පලයෙන් කරන ලද පැන්ය. “මධුපානං” මිදිරසයෙන් කරන ලද පැන්ය. එය, දිය හා මිශ්‍රකරන ලද්දේ වටනේය. එකලා වූයේ පිරිසිදු වූයේ නොවටියි. “මුද්දිකපානං” මිදිපල දියෙහිලා පොඩිකර අඹපැන් මෙන් කරන ලද පැන්ය. “සාලූකපානං” රත්උපුල් නිල්උපුල් ආදීන්ගේ ඇට පොඩිකර කරන ලද පැන්ය. “ඵාරුසකපානං” බොරලු දමන ඵලයෙන් අඹපැන් මෙන් කරනලද පැන්ය. මේ අටවැදෑරුම් පැන් සිහිල් වූවාහුද හිරුරැසින් පැසවන ලද්දහුද වටිත්. ගින්නෙන් පැසවන ලද්දාහු නොවටිත්. “ධඤ්ඤඵලරසං” සත්වැදෑරුම් ධාන්‍යඵලයන්ගේ රසයයි. “ඩාකරසං” තැම්බූ පලාකොළ රසයයි. යාවකාලික කෙළවල රසය පෙරබතම කැපවේ. පිළිගෙන තැබූ ගිතෙල් ආදිය සමග තැම්බූ යාවජීවක කොළ රසය සත්දවසක් කැපවේ. ඉදින් පිරිසිදු දිය සමග පැසවාද, දිවිහිම් වටියි. කිරිආදිය සමග පිසීම නොවටියි. අන්‍යද්‍රව්‍යයන් සමග තම්බන ලද්ද පලාරස ගණනටම යන්නේය. කුරුන්‍දියෙහි වනාහි යාවකාලික පත්‍රයන්ගේද සිහිල් දිය හා මැඩ කරනලද රසයද හිරුරැසින් පැසවන ලද්දේ වටීයයි කියනලදී. “ඨපෙත්‍වා මධුකපුප්ඵරසං” මෙහි මීමල් රසය ගින්නෙන් පැසවූවෙක් හෝ වේවා, හිරුරැසින් පැසවූවෙක් හෝ වේවා, පසුබත නොවටියි. පෙරබතද පැසවූ යම් මීමල් රසයක් ගෙන මද්‍යය කෙරෙත්ද, ඒ රසය මුලපටන් නොවටියි. මීමල්වනාහි තෙත්වූයේ හෝ වේවා, වියලුනේ හෝ වේවා, බදින ලද්දේ හෝ වේවා, එයින් කරන ලද පැණි (හකුරු) යම්කලෙක පටන් මද්‍යය නොකෙරෙත්ද, ඒ සියල්ල පෙරබත වටියි. උක්රසය කසට රහිතවූයේ පසුබත වටියි. මෙසේ පානයන් අනුදන්නාවූ බුදුරජුන් විසින් මේ සිවුරස අනුදන්නා ලදහයි.

රොජමල‍්ලාදිවත්‍ථුකථා

රොජමල්ලාදිවත්ථුකථා

රොජවත්‍ථු උත‍්තානත්‍ථමෙව. තත්‍ථ සඞ‍්කරං අකංසූති කතිකං අකංසු. උළාරං ඛො තෙ ඉදන‍්ති සුන්‍දරං ඛො තෙ ඉදං. නාහං භන‍්තෙ ආනන්‍ද බහුකතොති නාහං බුද‍්ධාදිගතපසාදබහුමානෙන ඉධාගතොති දස‍්සෙති. සබ‍්බඤ‍්ච ඩාකන‍්ති සප‍්පිආදීහි පක‍්කං වා අපක‍්කං වා යංකිඤ‍්චි ඩාකං. පිට‍්ඨඛාදනීයන‍්ති පිට‍්ඨමයං ඛාදනීයං; රොජො කිර ඉදං උභයම‍්පි සතසහස‍්සං වයං කත්‍වා පටියාදාපෙසි.

රොජවස්තුව ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. ඒ රොජවස්තුවෙහි “සබ්බඤ්ච ඩාකං” ගිතෙල් ආදිය සමග පැසවූද නොපැසවූද යම්කිසි පලාකොළය. “පිට්ඨඛාදනීයං” පිටියෙන් කළ කැවිලිය. රොජ නම් මල්ලවතෙමේ වනාහි මේ දෙවර්‍ගයම ලක්‍ෂයක් වියදම්කොට පිළියෙල කරවූයේය.

මඤ‍්ජුකාති මධුරවචනා. පටිභානෙය්‍යකාති සකෙ සිප‍්පෙ පටිභානසම‍්පන‍්නා. දක‍්ඛාති ඡෙකා, අනලසා වා. පරියොදාතසිප‍්පාති නිද‍්දොසසිප‍්පා. නාළියාවාපකෙනාති නාළියා ච ආවාපකෙන ච. ආවාපකො නාම යත්‍ථ ලද‍්ධං ලද‍්ධං ආවපන‍්ති, පක‍්ඛිපන‍්තීති වුත‍්තං හොති. න ච භික‍්ඛවෙ නහාපිතපුබ‍්බෙන ඛුරභණ‍්ඩන‍්ති එත්‍ථ ගහෙත්‍වා පරිහරිතුමෙව න වට‍්ටති, අඤ‍්ඤස‍්ස සන‍්තකෙන කෙසෙ ඡෙදෙතුං වට‍්ටති. සචෙ වෙතනං ගහෙත්‍වා ඡින්‍දති, න වට‍්ටති. යො අනහාපිතපුබ‍්බො තස‍්ස පරිහරිතුම‍්පි වට‍්ටති, තං වා අඤ‍්ඤං වා ගහෙත්‍වා කෙසෙ ඡෙදෙතුම‍්පි වට‍්ටති.

“මඤ්ජෙකා” මිහිරිබස් කියන. “පටිභාණෙය්‍යකා” සියසිප්හි වැටගෙන නුවණින් යුක්තවූ “දක්‍ඛා” දක්‍ෂ වූ අලස නොවූ “පරියොදාතසිප්පා” නිදොස්වූ ශිල්ප ඇති නැළියකින් හා පසුම්බියකින් යුක්තව. ආවාපක නම් යම් තැනෙක්හිදී ලද ලද දෙය බහා ලත්ද, ප්‍රක්‍ෂෙප කෙරෙත්’යි කියන ලද්දේ වේ. “භික්‍ඛවෙ නහාපිතපුබ්බෙන ඛුරභණ්ඩං” මෙහි කරබඩු ගෙන පරිහරණය කරන්නට පමණක්ම නොවටියි. අනුන් සතුවූවකින් හිසකේ සිඳීම වටියි. ඉදින් වැටුප් ගෙන සිඳීද, නොවටියි. යමෙක් පෙර ගිහි කාලයෙහි කරනැවෑමි නොවූයේද, ඔහු විසින් ගෙන පරිහරණයද වටියි. එය හෝ අනිකක් හෝ ගෙන හිසකෙස් සිඳීමද වටියි.

භාගං දත්‍වාති දසමභාගං දත්‍වා; ඉදං කිර ජම‍්බුදීපෙ පොරාණකචාරිත‍්තං, තස‍්මා දසකොට‍්ඨාසෙ කත්‍වා එකො කොට‍්ඨාසො භූමිසාමිකානං දාතබ‍්බො.

“භාගං දත්‍වා” දසවැනි කොටසක්දී. මේ වනාහි පෙර දඹදිව පුරාණ චාරිත්‍රයයි. එහෙයින් දස කොටසක්කොට එක් කොටසක් බිම්හිමියන්ට දියයුතුය.

චතුමහාපදෙසකථා

චතුමහාපදෙසකථා

යං භික‍්ඛවෙ මයා ඉදං න කප‍්පතීති ඉමෙ චත‍්තාරො මහාපදෙසෙ භගවා භික‍්ඛූනං නයග‍්ගහණත්‍ථාය ආහ. තත්‍ථ ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරා සුත‍්තං ගහෙත්‍වා පරිමද‍්දන‍්තා ඉදං අද‍්දසංසු. ඨපෙත්‍වා ධඤ‍්ඤඵලරසන‍්ති සත‍්තධඤ‍්ඤරසානි පච‍්ඡාභත‍්තං න කප‍්පන‍්තීති පටික‍්ඛිත‍්තානි. තාලනාළිකෙරපනසලබුජඅලාබුකුම‍්භණ‍්ඩපුස‍්සඵලතිපුසඵලඑළාලුකානි , නව මහාඵලානි සබ‍්බඤ‍්ච අපරණ‍්ණං, ධඤ‍්ඤගතිකමෙව. තං කිඤ‍්චාපි න පටික‍්ඛිත‍්තං, අථ ඛො අකප‍්පියං අනුලොමෙති, තස‍්මා පච‍්ඡාභත‍්තං න කප‍්පති. අට‍්ඨ පානානි අනුඤ‍්ඤාතානි. අවසෙසානි වෙත‍්තතින‍්තිණිකමාතුලුඞ‍්ගකපිත්‍ථකොසම‍්බකරමන්‍දාදිඛුද‍්දකඵලපානානි අට‍්ඨපානගතිකානෙව, තානි කිඤ‍්චාපි න අනුඤ‍්ඤාතානි, අථ ඛො කප‍්පියං අනුලොමෙන‍්ති, තස‍්මා කප‍්පන‍්ති. ඨපෙත්‍වා හි සානුලොමං ධඤ‍්ඤඵලරසං අඤ‍්ඤං ඵලපානං නාම අකප‍්පියං නත්‍ථි, සබ‍්බං යාමකාලිකංයෙවාති කුරුන්‍දියං වුත‍්තං.

“යං භික්‍ඛවෙ මයා ඉදං කප්පති”යි මේ සතර මහා ප්‍රදේශයන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට නය ගැනීම පිණිස වදාළ සේක. ඒ සිවුවැදෑරුම් විනය අතුරෙහි සූත්‍රය ගෙන පිරිමදින්නාවූ ධර්‍මග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා මේ මතු පහළවන ක්‍රමය දුටහ. “ඨපෙත්‍වා ධඤ්ඤඵලරසං” සප්තවිධ ධාන්‍යයෝද. පසුබත අකැපැයි ප්‍රතික්‍ෂෙප කරණ ලදහ. තල්-පොල්-කොස්-දෙල්-ලබු-කොමඩු-පුසුල්-තියඹරා-කැකිරි යන නවමහාඵල, සියලු අපරණ්ණයද ධාන්‍යගතිකම වෙත්. එය කිසිසේත් ප්‍රතික්‍ෂෙප නොකරන ලදී. එතකුදු වුවත් අකැපයට අනුලොම් වෙති. එහෙයින් පසුබත අකැපයි පානවර්‍ග අටක් අනුදන්නා ලද්දේය. සියඹලා-ලජනාරං-ගිවුල්-කොසඹ-කරඹ යනාදී වූ කුඩා ඵලපාන වර්‍ග අෂ්ටපානගතිකම වෙත්. ඒ ඵල කිසිසේත් නොඅනුදන්නා ලද්දේය. එහෙත් කැපයට අනුලොම් වෙති. එහෙයින් කැපවෙත්. අනුලොම් සහිත වූ ධාන්‍යඵලරසය හැර අකැපවූ අන්‍ය ඵලපානයක් නම් නැත්තේය. සියල්ල යාමකාලිකමැයි කුරුන්‍දියෙහි කියන ලද්දේය.

භගවතා ඡ චීවරානි අනුඤ‍්ඤාතානි. ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි තෙසං අනුලොමානි දුකූලං, පත‍්තුණ‍්ණං, චීනපට‍්ටං, සොමාරපට‍්ටං, ඉද‍්ධිමයිකං, දෙවදත‍්තියන‍්ති අපරානි ඡ අනුඤ‍්ඤාතානි. තත්‍ථ “පත‍්තුණ‍්ණ”න‍්ති පත‍්තුණ‍්ණදෙසෙ පාණකෙහි සඤ‍්ජාතවත්‍ථං. ද‍්වෙ පටා දෙසනාමෙනෙව වුත‍්තා. තානි තීණි කොසෙය්‍යස‍්සානුලොමානි. දුකූලං සාණස‍්ස, ඉතරානි ද‍්වෙ කප‍්පාසිකස‍්ස වා සබ‍්බෙසං වා.

භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුරු සයක් අනුදන්නා ලදය. ධර්‍මසඞ්ග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා විසින් ඒ සිවුරුවලට අනුලොම් වූ දුකුලවස්ත්‍ර-පත්තුන්නවස්ත්‍ර-චීනපට්ට-සොමාරපට්ට හා එහි මහණුන්ගේ පුණ්‍යර්ද්ධියෙන් උපදින වස්ත්‍ර - දෙවියන් දුන් වස්ත්‍ර යන අනිකුදු සයක් අනුදන්නා ලද්දේය. එහි පත්තුණ්ණ නම් පත්තුණ්ණදෙශයෙහි පණුවන්ගෙන් උපන් වස්ත්‍රයි. චීන-සොමාර වස්ත්‍ර දෙක දෙශනාමයෙන් කියනලදී. පත්තුන්නපටයද දෙශනාමයෙන්ම කියන ලදය. පත්තුන්න - චීන - සොමාර යන මේ තුන, කොසෙය්‍යයට අනුලොම් වේ. දුකුලවස්ත්‍රය සාණවස්ත්‍රයට අනුලොම්ය. අනික් සෘද්ධිමය - දෙවදත්තිය යන දෙක කපු නූලෙන් කරනලද වස්ත්‍රයට හෝ සියල්ලන්ට හෝ අනුලොම් වේ.

භගවතා එකාදස පත‍්තෙ පටික‍්ඛිපිත්‍වා ද‍්වෙ පත‍්තා අනුඤ‍්ඤාතා – ලොහපත‍්තො චෙව මත‍්තිකාපත‍්තො ච. ලොහථාලකං, මත‍්තිකාථාලකං, තම‍්බලොහථාලකන‍්ති තෙසංයෙව අනුලොමානි. භගවතා තයො තුම‍්බා අනුඤ‍්ඤාතා – ලොහතුම‍්බො, කට‍්ඨතුම‍්බො, ඵලතුම‍්බොති. කුණ‍්ඩිකා, කඤ‍්චනකො, උදකතුම‍්බොති තෙසංයෙව අනුලොමානි. කුරුන්‍දියං පන “පානීයසඞ‍්ඛපානීයසරාවකානි එතෙසං අනුලොමානී”ති වුත‍්තං. පට‍්ටිකා, සූකරන‍්තන‍්ති ද‍්වෙ කායබන්‍ධනානි අනුඤ‍්ඤාතානි, දුස‍්සපට‍්ටෙන රජ‍්ජුකෙන ච කතකායබන්‍ධනානි තෙසං අනුලොමානි. සෙතච‍්ඡත‍්තං, කිලඤ‍්ජච‍්ඡත‍්තං, පණ‍්ණච‍්ඡත‍්තන‍්ති තීණි ඡත‍්තානි අනුඤ‍්ඤාතානි. එකපණ‍්ණච‍්ඡත‍්තං තෙසංයෙව අනුලොමන‍්ති ඉමිනා නයෙන පාළිඤ‍්ච අට‍්ඨකථඤ‍්ච අනුපෙක‍්ඛිත්‍වා අඤ‍්ඤානිපි කප‍්පියාකප‍්පියානං අනුලොමානි වෙදිතබ‍්බානි.

භාග්‍යවතුන් වහන්සේ විසින් පාත්‍ර එකොළසක් ප්‍රතික්‍ෂෙපකොට ලොහපාත්‍රය හා මැටි පාත්‍රය යන පාත්‍ර දෙකක් අනුදන්නා ලද්දේ වේ. ලොහොතළිය - මැටිතළිය - තඹලෝතළිය යන මෙය ඒ පාත්‍රයන්ටම අනුලොම් වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ලොහොබඳුන - දැවබඳුන - ලබුබඳුනැයි බඳුන් තුනක් අනුදන්නා ලදය. කුණ්ඩිකා - කඤ්චනක - උදකතුම්බයී කළතුන ඔවුන්ටම අනුලොම්ය. කුරුන්‍දියෙහි වනාහි පානීය සඞ්ඛය හා පැන්මලාව යන මෙය මේ භාජනයන්ට අනුලොම්යයි කියනලදී. පට්ටිකා-සූකරන්තයි කායබන්‍ධන දෙකක් අනුදන්නා ලද්දේය. රෙදිපටින්ද, රැහණින්ද කරන ලද කායබන්‍ධනයි ඔවුන්ට අනුලොම් වෙයි. ශ්වෙතච්ඡත්‍ර - කිලඤ්ජච්ඡත්‍ර - පර්‍ණච්ඡත්‍රයි ඡත්‍ර තුනක් අනුදන්නා ලදය. එකපර්‍ණච්ඡත්‍රය ඔවුන්ටම අනුලොම්වේය යන මේ නයින් පෙළද අටුවාවද අපේක්‍ෂා නොකොට කැපවූවන්ට අනුලොම් වූ අන්‍යයද දතයුත්තාහ.

තදහුපටිග‍්ගහිතං කාලෙ කප‍්පතීතිආදි සබ‍්බං සම‍්භින‍්නරසං සන්‍ධාය වුත‍්තං. සචෙ හි ඡල‍්ලිම‍්පි අනපනෙත්‍වා සකලෙනෙව නාළිකෙරඵලෙන සද‍්ධිං පානකං පටිග‍්ගහිතං හොති , නාළිකෙරං අපනෙත්‍වා තං විකාලෙපි කප‍්පති. උපරි සප‍්පිපිණ‍්ඩං ඨපෙත්‍වා සීතලපායාසං දෙන‍්ති, යං පායාසෙන අසංසට‍්ඨං සප‍්පි, තං අපනෙත්‍වා සත‍්තාහං පරිභුඤ‍්ජිතුං වට‍්ටති. බද‍්ධමධුඵාණිතාදීසුපි එසෙව නයො. තක‍්කොලජාතිඵලාදීහි අලඞ‍්කරිත්‍වා පිණ‍්ඩපාතං දෙන‍්ති, තානි උද‍්ධරිත්‍වා ධොවිත්‍වා යාවජීවං පරිභුඤ‍්ජිතබ‍්බානි. යාගුයං පක‍්ඛිපිත්‍වා දින‍්නසිඞ‍්ගිවෙරාදීසුපි තෙලාදීසු පක‍්ඛිපිත්‍වා දින‍්නලට‍්ඨිමධුකාදීසුපි එසෙව නයො. එවං යං යං අසම‍්භින‍්නරසං හොති, තං තං එකතො පටිග‍්ගහිතම‍්පි යථා සුද‍්ධං හොති, තථා ධොවිත්‍වා වා තච‍්ඡෙත්‍වා වා තස‍්ස තස‍්ස කාලවසෙන පරිභුඤ‍්ජිතුං වට‍්ටති.

“තදහු පටිග්ගහිතං කාලෙ කප්පති” යනාදි තන්හි සියල්ල මිශ්‍රරසය සඳහා වදාරණ ලදී. ලෙලි හැරදමා මුළුමනින්ම පොල්පලය සමග පැන් පිළිගන්නාවේද, ඒ පැන් පොල්පලය බැහැරකොට විකාලයෙහිද කැපවේ. මත්තෙහි ගිතෙල්පිඩක් තබා සිහිල් පායාසයක් දෙත්ද, ගිතෙල් පායාසය සමග නොගැටුනු යම් ගිතෙල් ප්‍රමාණයක් වේද, ඒ ගිතෙල් බැහැරකොට සත්දවසක් පරිභොග කිරීම වටියි. යාවකාලිකය සමග බැඳුනු මී උක්පැණි, හකුරු ආදියෙහිද මෙම නය වේ. තකුල් සාදික්කා ගෙඩි ආදිය සමග සරසා පිණ්ඩපාතය දෙත්ද, ඒ තකුල්ආදිය උදුරා හැර සෝදා දිවි ඇතිතාක් පරිභොග කටයුතුය. කැඳෙහි ලා දුන් ඉඟුරු ආදියෙහිද, තෙල් ආදියෙහිලා දුන් වැල්මී ආදීන්හිද මේ නයමය. මෙසේ යමක් යමක් නොමුසු වූ රස ඇත්තේවේද, ඒ ඒ දෙය එකට පිළිගන්නා ලද්දේවේද, යම්ලෙසකින් පිරිසිදුවේද, එසේ සෝදා හෝ සැසදමා හෝ ඒ ඒ ද්‍රව්‍යයන්ගේ කාලවසයෙන් පරිභොග කිරීම වටියි.

සචෙ පන සම‍්භින‍්නරසං හොති සංසට‍්ඨං, න වට‍්ටති. යාවකාලිකඤ‍්හි අත‍්තනා සද‍්ධිං සම‍්භින‍්නරසානි තීණිපි යාමකාලිකාදීනි අත‍්තනො සභාවං උපනෙති, යාමකාලිකං ද‍්වෙපි සත‍්තාහකාලිකාදීනි අත‍්තනො සභාවං උපනෙති, සත‍්තාහකාලිකම‍්පි අත‍්තනා සද‍්ධිං සංසට‍්ඨං යාවජීවිකං අත‍්තනො සභාවඤ‍්ඤෙව උපනෙති; තස‍්මා තෙන තදහුපටිග‍්ගහිතෙන සද‍්ධිං තදහුපටිග‍්ගහිතං වා පුරෙපටිග‍්ගහිතං වා යාවජීවිකං සත‍්තාහං කප‍්පති ද‍්වීහපටිග‍්ගහිතෙන ඡාහං, තීහපටිග‍්ගහිතෙන පඤ‍්චාහං…පෙ… සත‍්තාහපටිග‍්ගහිතෙන තදහෙව කප‍්පතීති වෙදිතබ‍්බං. තස‍්මායෙව හි “සත‍්තාහකාලිකෙන භික‍්ඛවෙ යාවජීවිකං තදහුපටිග‍්ගහිත”න‍්ති අවත්‍වා “පටිග‍්ගහිතං සත‍්තාහං කප‍්පතී”ති වුත‍්තං.

ඉදින් මුසුරස ඇත්තේවේනම්, හනන ලද්දේ නොවටියි. යාවකාලිකය වනාහි තමන් සමග මුසුරස ඇත්තාවූ යාමකාලකාදීවූ තුනම තමන්ගේ ස්වභාවයට හෙවත් යාවකාලික ස්වභාවයට පමුණුවාද, යාමකාලිකය, සත්තාහකාලික-යාවජීවක යන තුනද තමන්ගේ ස්වභාවයට හෙවත් යාමකාලික ස්වභාවයට පමුණුවාද සත්තාහකාලිකයද තමන් සමග ගැනුනු යාවජීවිකය තමන්ගේ ස්වභාවයටම පමුණුවාද, එහෙයින් එදවස පිළිගත් ඒ සත්තාහකාලිකය සමග එදවස පිළිගන්නා ලද්දා වූ හෝ පෙර පිළිගන්නාලදවූ හෝ යාවජීවකය සත්දවසක් කැපවේ. පිළිගන්නා ලදුව දෙදවසක් ඉක්මගියා වූ සත්තාහකාලිකය සදවසක්ද, පිළිගන්නා ලදුව තෙදිනක් ඉක්මගියාවූ සත්තාහකාලිකය, පස් දවසක්ද, පිළිගන්නා ලදුව සත් දවසක් ඉක්ම ගියාවූ සත්තාහකාලිකය. එදවසම කැපයයි දතයුතුය. එහෙයින්ම “සත්තාහකාලිකෙන භික්‍ඛවෙ යාවජීවිකං තදහු පටිග්ගහිතං”යි වදාරණලදී.

කාලයාමසත‍්තාහාතික‍්කමෙසු චෙත්‍ථ විකාලභොජනසන‍්නිධිභෙසජ‍්ජසික‍්ඛාපදානං වසෙන ආපත‍්තියො වෙදිතබ‍්බා. ඉමෙසු ච පන චතූසු කාලිකෙසු යාවකාලිකං යාමකාලිකන‍්ති ඉදමෙව ද‍්වයං අන‍්තොවුත්‍ථකඤ‍්චෙව සන‍්නිධිකාරකඤ‍්ච හොති, සත‍්තාහකාලිකඤ‍්ච යාවජීවිකඤ‍්ච අකප‍්පියකුටියං නික‍්ඛිපිතුම‍්පි වට‍්ටති, සන‍්නිධිම‍්පි න ජනෙතීති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

මෙහි කාලයාම සත්තාහාතික්‍රමණයන්හි විකාලභොජන සන්නිධිභෙසජ්ජ ශික්‍ෂාපදයන්ගේ වසයෙන් ඇවැත් දතයුතුය. මේ චතුර්විධ කාලිකයන් අතුරෙහි යාවකාලික යාමකාලික යන මේ දෙක පමණක් අන්තොවුත්‍ථයද සන්නිධිකාරකයද වේ. සත්තාහකාලිකයද යාවජීවිකයද අකැප කිළියෙහි තැබීමද වටියි. සන්නිධියද නොඋපදවයි. සියලු තන්හි සෙස්ස ප්‍රකටමය.

භෙසජ‍්ජක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

භෙසජ්ජක්‍ඛන්‍ධ වර්‍ණනාව නිමි.