කථිනානුජානනකථා අට්ඨකථා
කථිනානුජානනකථා
කථිනානුජානනකථා
කථිනක්ඛන්ධකෙ – පාවෙය්යකාති පාවෙය්යරට්ඨවාසිනො. පාවෙය්යං නාම කොසලෙසු පච්ඡිමදිසාභාගෙ රට්ඨං; තත්ථ වාසිනොති වුත්තං හොති. කොසලරඤ්ඤො එකපිතුකභාතූනං භද්දවග්ගියත්ථෙරානං එතං අධිවචනං. තෙසු සබ්බජෙට්ඨකො අනාගාමී, සබ්බපච්ඡිමකො සොතාපන්නො, එකොපි අරහා වා පුථුජ්ජනො වා නත්ථි. ආරඤ්ඤිකාති ධුතඞ්ගසමාදානවසෙන ආරඤ්ඤිකා; න අරඤ්ඤවාසමත්තෙන. පිණ්ඩපාතිකාදිභාවෙපි තෙසං එසෙව නයො. සීසවසෙන චෙතං වුත්තං. ඉමෙ පන තෙරසාපි ධුතඞ්ගානි සමාදායෙව වත්තන්ති. උදකසඞ්ගහෙති උදකෙන සඞ්ගහිතෙ ඝටිතෙ සංසට්ඨෙ; ථලෙ ච නින්නෙ ච එකොදකීභූතෙති අත්ථො.
කඨිනක්ඛන්ධකයෙහි - “පාඨෙය්යකා” පාඨෙය්‍ය රටවැසි භික්ෂූහු පාඨෙය්‍ය නම් කොසොල් දනව්වෙහි පැසුළු දෙස පිහිටි රටෙහි එහි වාසීහුයි කියන ලද්දේ වේ. කොසොල් රජුගේ එක්පිය සොහොයුරු වූ භද්දවග්ගිය තෙරුන්ට මේ නමකි. ඔවුන් අතුරෙහි සියල්ලන්ට දෙටුතෙමේ අනාගාමීය. සියල්ලන්ට පැසුළුතෙමේ සොතාපන්නය. ඒ පිරිසෙහි රහත්වූවෙක් හෝ පෘථග්ජනයෙක් හෝ නැත්තේය. “ආරඤ්ඤකා” ධුතඞ්ගසමාදාන වසයෙන් ආරණ්යකයෝය. අරණ්‍යයෙහි විසූ පමණකින් ආරණ්‍යකයෝ නොවෙති. ඔවුන්ගේ පිණ්ඩපාතිකාදිභාවයෙහිද මේ නය වේ. ප්රධානාඞ්ග වශයෙන් මෙය කියනලදී. මේ භික්ෂූහු වනාහි තෙළෙස් වැදෑරුම්වූම ධුතාඞ්ග සමාදන්වම පවතිත් “උදකසඞ්ගහෙ” දිය හා එක්වූකල්හි, ගැටුනුකල්හි ගැනුනු කල්හි, ගොඩද වළතැනද එකම දිය ඇති කල්හිය යන අර්‍ත්‍ථයි.
උදකචික්ඛල්ලෙති අක්කන්තඅක්කන්තට්ඨානෙ උදකචික්ඛල්ලො උට්ඨහිත්වා යාව ආනිසදා පහරති, ඊදිසෙ චික්ඛල්ලෙති අත්ථො. ඔකපුණ්ණෙහීති උදකපුණ්ණෙහි. තෙසං කිර චීවරානි ඝනානි, තෙසු පතිතං උදකං න පග්ඝරති ඝනත්තා පුටබද්ධං විය තිට්ඨති. තෙන වුත්තං – “ඔකපුණ්ණෙහි චීවරෙහී”ති. “ඔඝපුණ්ණෙහී”තිපි පාඨො.
“උදකවික්ඛල්ලෙ” පෑගු පෑගු තැන දිය සහිත මඩ නැගී ඉණමුල දක්වා වැදී සිටියි. මෙබඳු මඩ ඇතිකල්හිය යන අර්‍ත්‍ථයි. “ඔකපුණ්ණෙහි” දියෙන් පිරුණු ඔවුන්ගේ සිවුරු ඝනය. ඒ සිවුරුවල වැටුනු දිය නොවැගිරේ. ඝනබැවින් ගොටුකොට බැන්දාක් මෙන් සිටියි. “ඔකපුණ්ණෙහි චීවරෙහි,” යනු එහෙයින් කියනලදී. “ඔඝපුණ්ණෙහි” කියාද පාඨය වේ.
අවිවදමානා වස්සං වසිම්හාති එත්ථ ආගන්තුකට්ඨානෙ සෙනාසනඵාසුතාය අභාවෙන ච භගවතො දස්සනාලාභෙන උක්කණ්ඨිතතාය ච තෙ භික්ඛූ ඵාසුං න වසිංසු, තස්මා “අවිවදමානා ඵාසුකං වස්සං වසිම්හා”ති නාවොචුං. ධම්මිං කථං කත්වාති භගවා තෙසං භික්ඛූනං අනමතග්ගියකථං කථෙසි. තෙ සබ්බෙපි කථාපරියොසානෙ අරහත්තං පාපුණිත්වා නිසින්නට්ඨානතොයෙව ආකාසෙ උප්පතිත්වා අගමංසු, තං සන්ධාය වුත්තං – “ධම්මිං කථං කත්වා”ති. තතො භගවා “සචෙ කථිනත්ථාරො පඤ්ඤත්තො අභවිස්ස, එතෙ භික්ඛූ එකං චීවරං ඨපෙත්වා සන්තරුත්තරෙන ආගච්ඡන්තා න එවං කිලන්තා අස්සු, කථිනත්ථාරො ච නාමෙස සබ්බබුද්ධෙහි අනුඤ්ඤාතො”ති චින්තෙත්වා කථිනත්ථාරං අනුජානිතුකාමො භික්ඛූ ආමන්තෙසි, ආමන්තෙත්වා ච පන “අනුජානාමි භික්ඛවෙ”තිආදිමාහ.
“අවිවදමානා වස්සං වසිම්හ” මෙහි ආගන්තුක ස්ථානයෙහි සෙනසුන් පහසු නැති බැවින්ද, භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය නොලැබීමෙන් උකටලීවූ බැවින්ද, ඒ භික්ෂූහු පහසු සේ නොවිසූහ. එහෙයින් “අවිවාදමානා ඵාසුකං වස්සං වසිම්හ”යි නොකීහ. “ධම්මිං කථං කත්වා” භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට අනමතග්ගිය සංයුත්ත කථාව වදාළ සේක. ඒ සියල්ලෝම කථාවසානයෙහි රහත්බවට පැමිණ උන්තැනින්ම අහසට පැනනැගී ගියහ. ඒ සඳහා “ධම්මිං කථං කත්වා”යි කියනලදී. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඉදින් කඨිනත්ථාරය පණවන ලද්දේ වීනම් මේ භික්ෂූහු එක් සිවුරක් අඳනය හා පොරෝණයෙන් යුක්තව එන්නාහු මෙසේ ක්ලාන්ත නොවූවෝ වන්නාහ. මේ කඨිනත්ථාරය නම් සියලු බුදුවරයන් විසින් අනුදන්නා ලදැ’යි සිතා කඨිනත්ථාරය අනුදන්නා කැමතිසේක් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ආමන්ත්‍රණය කොටද “අනුජානාමි භික්ඛවෙ” යනාදිය වදාළසේක.
තත්ථ අත්ථතකථිනානං වොති නිපාතමත්තං වොකාරො; අත්ථතකථිනානන්ති අත්ථො. එවඤ්හි සති පරතො “සො නෙසං භවිස්සතී”ති යුජ්ජති. අථ වා වොති සාමිවචනමෙවෙතං. සො නෙසන්ති එත්ථ පන සො චීවරුප්පාදො යෙ අත්ථතකථිනා, තෙසං භවිස්සතීති අත්ථො.
එහි “අත්ථතකඨිනානං වො” යන මෙහි ‘වො’ කාරය තෙමේ නිපාතමාත්රයෙකි. ‘ඇතුරූ කඨිනය ඇත්තවුන්ට යන අර්‍ත්‍ථයි. මෙසේ ඇති කල්හි පසුභාගයෙහි “සො තෙසං භවිස්සති”යි යෙදෙන්නේය. නොහොත් ‘වො’ යනු මෙය ෂෂ්ඨි වචනයි. “සො තෙසං” යන මෙහි යම් කෙනෙක් ඇතුරූ කඨිනය ඇත්තාහුද ඔවුන්ට ඒ චීවරොත්පාදය වේය යන අර්‍ත්‍ථයි.
තත්ථ අනාමන්තචාරොති යාව කථිනං න උද්ධරියති, තාව අනාමන්තෙත්වා චරණං කප්පිස්සති , චාරිත්තසික්ඛාපදෙන අනාපත්ති භවිස්සතීති අත්ථො. අසමාදානචාරොති තිචීවරං අසමාදාය චරණං; චීවරවිප්පවාසො කප්පිස්සතීති අත්ථො. ගණභොජනන්ති ගණභොජනම්පි කප්පිස්සති. යාවදත්ථචීවරන්ති යාවත්තකෙන චීවරෙන අත්ථො, තාවත්තකං අනධිට්ඨිතං අවිකප්පිතං කප්පිස්සතීති අත්ථො. යො ච තත්ථ චීවරුප්පාදොති තත්ථ කථිනත්ථතසීමායං මතකචීවරං වා හොතු සඞ්ඝං උද්දිස්ස දින්නං වා සඞ්ඝිකෙන තත්රුප්පාදෙන ආභතං වා, යෙන කෙනචි ආකාරෙන යං සඞ්ඝිකචීවරං උප්පජ්ජති, තං තෙසං භවිස්සතීති අත්ථො.
එහි “අනාමන්තචාරො” අනාමන්තචාරො නම් යම්තාක් කඨිනය නොඋදුරණු ලැබේද, ඒතාක් චාරිත්ත ශික්‍ෂාපදයෙහි කියූනයින් ආමන්ත්‍රණය නොකොට කුලයන්හි හැසිරීම කැපවන්නේය. චාරිත්ත ශික්ෂාපදයෙන් ඇවැත් නොවේය යන අර්‍ත්‍ථයි. “අසමාදානචාරො” තුන්සිවුර නොගෙන හැසිරීමය. සිවුරෙන් වෙන්ව විසීම කැප වන්නේය යන අර්‍ත්‍ථයි. “ගණභොජනං” ගණභොජන ශික්‍ෂාපදයෙහි කියූ ආකාරගණභොජනයද කැප වන්නේය. “යාවදත්ථචීවරං” යම් පමණකල් සිවුරෙන් ප්රයොජනවේද, එපමණකල් නොඉටූ නොවිකැපූ සිවුර පරිහරණය කිරීම කැපවන්නේය යන අර්‍ත්‍ථයි. “යො ච තත්ථ චීවරුප්පාදො” එහි කඨිනය අතුළ සීමාවෙහි මළවුන් සතු සිවුරක් හෝ වේවා, සඞ්ඝයා උදෙසා දුන් සිවුරක් හෝ වේවා, වස් එළැඹ කඨිනය අතුළ සීමාව තුළ හෝ ඒ සතු කෙත්වතු ආදියෙන් හෝ උපන් සංඝික ද්‍රව්‍යයකින් හෝ ගෙන එන ලද සිවුරක් හෝ වේවා, යම්කිසි ආකාරයකින් යම්කිසි කඨින චීවරයක් එහි උපදීද, ඒ සිවුර කඨිනය අතුළ ඔවුන්ට වන්නේය, යන අර්‍ත්‍ථයි.
එවඤ්ච පන භික්ඛවෙ කථිනං අත්ථරිතබ්බන්ති එත්ථ කථිනත්ථාරං කෙ ලභන්ති, කෙ න ලභන්තීති? ගණනවසෙන තාව පච්ඡිමකොටියා පඤ්ච ජනා ලභන්ති, උද්ධං සතසහස්සම්පි, පඤ්චන්නං හෙට්ඨා න ලභන්ති. වුත්ථවස්සවසෙන පුරිමිකාය වස්සං උපගන්ත්වා පඨමපවාරණාය පවාරිතා ලභන්ති, ඡින්නවස්සා වා පච්ඡිමිකාය උපගතා වා න ලභන්ති, අඤ්ඤස්මිං විහාරෙ වුත්ථවස්සාපි න ලභන්තීති මහාපච්චරියං වුත්තං. පුරිමිකාය උපගතානං පන සබ්බෙ ගණපූරකා හොන්ති, ආනිසංසං න ලභන්ති, ආනිසංසො ඉතරෙසංයෙව හොති. සචෙ පුරිමිකාය උපගතා චත්තාරො වා හොන්ති තයො වා ද්වෙ වා එකො වා, ඉතරෙ ගණපූරකෙ කත්වා කථිනං අත්ථරිතබ්බං. අථ චත්තාරො භික්ඛූ උපගතා, එකො පරිපුණ්ණවස්සො සාමණෙරො, සො චෙ පච්ඡිමිකාය උපසම්පජ්ජති, ගණපූරකො චෙව හොති, ආනිසංසඤ්ච ලභති. තයො භික්ඛූ ද්වෙ සාමණෙරා, ද්වෙ භික්ඛූ තයො සාමණෙරා, එකො භික්ඛු චත්තාරො සාමණෙරාති එත්ථාපි එසෙව නයො. සචෙ පුරිමිකාය උපගතා කථිනත්ථාරකුසලා න හොන්ති, අත්ථාරකුසලා ඛන්ධකභාණකථෙරා පරියෙසිත්වා ආනෙතබ්බා. කම්මවාචං සාවෙත්වා කථිනං අත්ථරාපෙත්වා දානඤ්ච භුඤ්ජිත්වා ගමිස්සන්ති. ආනිසංසො පන ඉතරෙසංයෙව හොති.
“එවං ච පන භික්ඛවෙ කඨිනං අත්ථරිතබ්බං” මෙහි කඨිනත්ථාරය කවරහු ලබත්ද, යත්:- ගණන් වසයෙන් පැසුළු කෙළවරින් පස්දෙන ලබත්. පස්දෙනාට මත්තෙහි ලක්ෂයක් නමුදු ලබයි. පස්දෙනාට අඩුව නොලබත්. විසූ වස් ඇත්තවුන්ගේ වසයෙන් පෙරවස් එළැඹ වස්සච්ඡෙදය නොකොට ප්‍රථම පවාරණයෙන් පැවරූවෝ ලබත්. සුන්වස් ඇත්තෝ හෝ වෙත්ද, පසුවස් එළඹියෝ හෝ වෙත්ද, නොලබත්. අන් වෙහෙරෙක විසූ වස් ඇත්තෝද නොලබත්යි මහාපච්චරියෙහි කියනලදී. පෙරවස් විසූවන්ට වනාහි සියල්ලෝ ගණපූරක වෙත්. ආනිසංසය නොලබත්. ආනිසංසය අන්යයන්හටම වේ. ඉදින් පෙරවස් විසූවෝ සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, අන්‍යයන් ගණපූරකයන්කොට කඨිනය ඇතිරිය යුතුය. ‘අථ’ යනු වචනාරම්භයෙහිය. සිවුනමක් භික්ෂූහු වස් එළඹිය යුතු දිනයෙහි උපසපන් වන්නේද ගණපූරකත්වේද, ආනිසංසයද ලබයි. තෙනමක් භික්ෂූහුය, දෙනමක් හෙරණහුය. දෙනමක් භික්ෂූහුය. තෙනමක් හෙරණහුය. එක් නමක් භික්ෂූහුය. සිවු නමක් හෙරණහුය යන මෙහිද මෙමනයයි. පෙරවස් විසූවෝ කඨිනය ඇතිරීමෙහි දක්ෂයෝ නොවෙත්ද, ඇතිරීමෙහි දක්ෂ වූ ඛන්ධකභාණක ස්ථවිරයන් වහන්සේලා සොයා ගෙන්විය යුත්තාහ. ඤත්තිදුතිය කර්මවාක්යය අස්වා කඨිනය අතුරුවා දානයද වලඳා යන්නාහ. ආනිසංසය අන්යයන්ටම වේ.
කථිනං කෙන දින්නං වට්ටති? යෙන කෙනචි දෙවෙන වා මනුස්සෙන වා පඤ්චන්නං වා සහධම්මිකානං අඤ්ඤතරෙන දින්නං වට්ටති. කථිනදායකස්ස වත්තං අත්ථි, සචෙ සො තං අජානන්තො පුච්ඡති – “භන්තෙ කථං කථිනං දාතබ්බ”න්ති තස්ස එවං ආචික්ඛිතබ්බං – “තිණ්ණං චීවරානං අඤ්ඤතරප්පහොනකං සූරියුග්ගමනසමයෙ වත්ථං ‘කථිනචීවරං දෙමා’ති දාතුං වට්ටති , තස්ස පරිකම්මත්ථං එත්තකා නාම සූචියො, එත්තකං සුත්තං, එත්තකං රජනං, පරිකම්මං කරොන්තානං එත්තකානං භික්ඛූනං යාගුභත්තඤ්ච දාතුං වට්ටතී”ති.
කඨිනය කවරකු විසින් දෙන ලද්දේ වටීද, යත්: යම්කිසි දෙවියකු විසින් හෝ මිනිසකු විසින් හෝ පස්සහදැහැමියන් අතුරෙහි එක්තරා එකක්හු විසින් දෙන ලද්දේ වටියි. කඨිනදායකයාහට වතක් ඇත්තේය. ඒ දායකතෙමේ ඒ වත නොදන්නේ ‘ස්වාමීනි’ කඨිනය කෙසේ දියයුත්තේදැ’යි විචාරාද, ඒ විචාළහුට තුන්සිවුරෙන් එක්තරා එකකට සෑහෙන වස්ත්‍රයක් ගෙන හිරුනගින කාලයෙහි “වත්ථං කඨිනචීවරං දෙම”යි කියාදීම වටියි. ඒ චීවර පරිකර්මය පිණිස මෙපමණ ඉදිකටු, මෙපමණ හු, මෙපමණ පඬු, පිරියම් කරන්නාවූ මෙපමණ භික්ෂූන්ට කැඳබත්ද දීම වටි’යි. මෙසේ කියයුත්තේය.
කථිනත්ථාරකෙනාපි ධම්මෙන සමෙන උප්පන්නං කථිනං අත්ථරන්තෙන වත්තං ජානිතබ්බං. තන්තවායගෙහතො හි ආභතසන්තානෙනෙව ඛලිමක්ඛිතසාටකො න වට්ටති, මලීනසාටකොපි න වට්ටති, තස්මා කථිනත්ථාරසාටකං ලභිත්වා සුට්ඨු ධොවිත්වා සූචිආදීනි චීවරකම්මූපකරණානි සජ්ජෙත්වා බහූහි භික්ඛූහි සද්ධිං තදහෙව සිබ්බිත්වා නිට්ඨිතසූචිකම්මං රජිත්වා කප්පබින්දුං දත්වා කථිනං අත්ථරිතබ්බං. සචෙ තස්මිං අනත්ථතෙයෙව අඤ්ඤං කථිනසාටකං ආහරති, අඤ්ඤානි ච බහූනි කථිනානිසංසවත්ථානි දෙති, යො ආනිසංසං බහුං දෙති, තස්ස සන්තකෙනෙව අත්ථරිතබ්බං. ඉතරො යථා තථා ඔවදිත්වා සඤ්ඤාපෙතබ්බො.
දැහැමෙන් සෙමෙන් උපන් කඨිනය අතුරන්නාවූ කඨිනත්ථාරක භික්ෂූහු විසිනුදු වත දැනගත යුතුය. රෙදිවියන්නන්ගේ ගෙයින් ගෙන ආ ලෙසින්ම කදුතයෙන් මකන ලද අලුත් වස්ත්‍රයක්ද නොවටියි. කිලිටි වස්ත්‍රයක්ද, නොවටියි. එහෙයින් කඨිනය අතුරණ වස්ත්‍රයක් ලැබ මොනවට සෝදා හිදි ආදීවූ චීවරකර්ම උපකරණයන් සදා බොහෝ භික්ෂූන් සමග එදවසම මසා නිමවූ හිදිකම් ඇති සිවුර රඳන්කොට කප්බිඳු දී කඨිනය ඇතිරිය යුතුය. ඉදින් ඒ කඨිනය නොඅතුළ කල්හිම අනිකෙක් කඨින වස්ත්‍රයක් ගෙන ඒද, අන්‍යවූද බොහො කඨිනානිසංස වස්ත්‍ර දේද, යමෙක් බොහෝ ආනිසංස සිවුරු දේද, ඔහු සතුවූවෙන්ම ඇතිරිය යුතුය. අනිකා යම්සේ ඔවුන්ට ආනිසංසය වැඩේද, එසේ අවවාද කොට අවබෝධ කරවිය යුතුය.
කථිනං පන කෙන අත්ථරිතබ්බං? යස්ස සඞ්ඝො කථිනචීවරං දෙති. සඞ්ඝෙන පන කස්ස දාතබ්බං? යො ජිණ්ණචීවරො හොති. සචෙ බහූ ජිණ්ණචීවරා හොන්ති, වුඩ්ඪස්ස දාතබ්බං. වුඩ්ඪෙසුපි යො මහාපරිසො තදහෙව චීවරං කත්වා අත්ථරිතුං සක්කොති, තස්ස දාතබ්බං. සචෙ වුඩ්ඪො න සක්කොති නවකතරො සක්කොති, තස්ස දාතබ්බං. අපිච සඞ්ඝෙන මහාථෙරස්ස සඞ්ගහං කාතුං වට්ටති, තස්මා “තුම්හෙ භන්තෙ ගණ්හථ, මයං කත්වා දස්සාමා”ති වත්තබ්බං. තීසු චීවරෙසු යං ජිණ්ණං හොති, තදත්ථාය දාතබ්බං. පකතියා දුපට්ටචීවරස්ස දුපට්ටත්ථායෙව දාතබ්බං. සචෙපිස්ස එකපට්ටචීවරං ඝනං හොති, කථිනසාටකො ච පෙලවො, සාරුප්පත්ථාය දුපට්ටප්පහොනකමෙව දාතබ්බං, “අහං අලභන්තො එකපට්ටං පාරුපාමී”ති වදන්තස්සාපි දුපට්ටං දාතුං වට්ටති. යො පන ලොභපකතිකො හොති, තස්ස න දාතබ්බං. තෙනාපි “කථිනං අත්ථරිත්වා පච්ඡා සිබ්බිත්වා ද්වෙ චීවරානි කරිස්සාමී”ති න ගහෙතබ්බං. යස්ස පන දීයති, තස්ස යෙන විධිනා දාතබ්බං, තං දස්සෙතුං “එවඤ්ච පන භික්ඛවෙ කථිනං අත්ථරිතබ්බ”න්ති ආරභිත්වා සුණාතු මෙ භන්තෙතිආදිකා දානකම්මවාචා තාව වුත්තා.
කඨිනය වනාහි කවරෙකු විසින් ඇතිරිය යුත්තේද, යත්: සඞ්ඝ තෙමේ යම් මහණක්හට කඨිනචීවරය දේනම්, ඔහු විසින් ඇතිරිය යුතුය. සඞ්ඝයා විසින් කවරක්හට කඨින චීවරය දියයුත්තේද, යත්:- යම් මහණෙක් දිරූ සිවුරු ඇත්තේ වේද, ඉදින් දිරූ සිවුරු ඇති බොහෝ මහණෝ වෙත්ද, මහල්ලාට දියයුතුය. මහල්ලන් අතුරෙහිද යමෙක් මහා පිරිස් ඇත්තේ වේද, එදවසම සිවුරකොට අතුරන්නට හැක්කේද, ඔහුට දියයුතුය. ඉදින් වෘද්ධතෙමේ එහි අසමර්ත්ථ වේනම්, නවකතරයෙක් සමර්ත්ථ වේනම්, ඔහුට දියයුතුය. එහෙත් සඞ්ඝයා විසින් මහතෙරුන්ට සඞ්ග්‍රහ කිරීම වටියි. එහෙයින් ‘ස්වාමීනි යුෂ්මත්හු ගනිවු’ ‘අපි ඔබට දෙන්නෙමු’යි කියයුතුය. තුන්සිවුරෙන් යම් සිවුරක් දිරුණේ වේද, ඒ පිණිස දියයුතුය. ප්‍රකෘතියෙන් දෙපටසිවුරට දෙපට පිණිසම දිය යුතුය. ඉදිනුදු ඔහුගේ තනිපට සිවුර ඝනවේද, කඨිණ වස්ත්‍රයක් බලවත් වේද, සාරුප්බව පිණිස දෙපටට පොහොනා එකක්ම දියයුතුය. ‘මම නොලබන්නෙම් නම්, තනිපටසිවුර පොරවමි’යි කියන්නහුට දෙපට සිවුරක් දීම වටියි. යම් මහණෙක් වනාහි ලොභය ප්‍රකෘති කොට ඇත්තේ වේද, ඔහුට නොදියයුතුය. ඔහු විසින්ද ‘කඨිනය අතුරා පසුව මසා සිවුරු දෙකක් කරන්නෙමි’යි නොගතයුතුය. යමක්හට දෙනු ලැබේද, ඔහුට යම් විධියකින් දියයුතුද එය දක්වන්නට “එවඤ්ච පන භික්ඛවෙ කඨිනං අත්ථරිතබ්බං” යනාදිය අරබයා “සුණාතු මෙ භන්තෙ” යනාදීවූ දාන කර්මවාක්ය පළමුකොට වදාරණ ලදී.
එවං දින්නෙ පන කථිනෙ සචෙ තං කථිනදුස්සං නිට්ඨිතපරිකම්මමෙව හොති , ඉච්චෙතං කුසලං. නො චෙ නිට්ඨිතපරිකම්මං හොති, “අහං ථෙරො”ති වා “බහුස්සුතො”ති වා එකෙනාපි අකාතුං න ලබ්භති, සබ්බෙහෙව සන්නිපතිත්වා ධොවනසිබ්බනරජනානි නිට්ඨාපෙතබ්බානි. ඉදඤ්හි කථිනවත්තං නාම බුද්ධප්පසත්ථං. අතීතෙ පදුමුත්තරොපි භගවා කථිනවත්තං අකාසි. තස්ස කිර අග්ගසාවකො සුජාතත්ථෙරො නාම කථිනං ගණ්හි, තං සත්ථා අට්ඨසට්ඨියා භික්ඛුසතසහස්සෙහි සද්ධිං නිසීදිත්වා අකාසි.
කඨිනය මෙසේ දුන්කල්හි ඒ කඨින වස්ත්‍රය නිමවූ මැසීම් සේදීම් පඬු පෙවීම් ඈ පිරියම් ඇත්තේම වේද, ‘මේ පරිකර්ම නිමවීම මැනව. නිමවූ පරිකර්ම ඇත්තේ නොවේනම් ‘මම ස්ථවිරයෙමි’යි හෝ බහුශ්‍රැතයෙමි’යි හෝ එකෙකු විසිනුදු කඨින චීවරයෙහි කර්මාන්ත නොකිරීම නොලබයි. සියල්ලන්ම රැස්ව සේදීම් මැසීම් රඳන් කිරීම් නිමකළ යුතුය. මේ කඨින වත වනාහි බුදුවරුන් විසින් පසස්නා ලද්දේය. අතීතයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේද, කඨිනවත් කළ සේක. උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ සුජාත ස්ථවිරයන් වහන්සේ කඨිනය ගත්සේක. ශාස්තෲන් වහන්සේ ඒ කඨිනය අටසැට ලක්ෂයක් භික්ෂූන් හා එක්ව වැඩහිඳ කළසේක.
කතපරියොසිතං පන කථිනං ගහෙත්වා අත්ථාරකෙන භික්ඛුනා “සචෙ සඞ්ඝාටියා කථිනං අත්ථරිතුකාමො හොති, පොරාණිකා සඞ්ඝාටි පච්චුද්ධරිතබ්බා, නවා සඞ්ඝාටි අධිට්ඨාතබ්බා. ‘ඉමාය සඞ්ඝාටියා කථිනං අත්ථරාමී’ති වාචා භින්දිතබ්බා”තිආදිනා පරිවාරෙ වුත්තවිධානෙන කථිනං අත්ථරිතබ්බං. අත්ථරිත්වා ච පන “තෙන කථිනත්ථාරකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො – ‘අත්ථතං භන්තෙ සඞ්ඝස්ස කථිනං, ධම්මිකො කථිනත්ථාරො, අනුමොදථා’ති තෙහි අනුමොදකෙහි භික්ඛූහි එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො – ‘අත්ථතං ආවුසො සඞ්ඝස්ස කථිනං, ධම්මිකො කථිනත්ථාරො, අනුමොදාමා”ති එවමාදිනා පරිවාරෙ වුත්තවිධානෙනෙව අනුමොදාපෙතබ්බං, ඉතරෙහි ච අනුමොදිතබ්බං. එවං සබ්බෙසං අත්ථතං හොති කථිනං. වුත්තඤ්හෙතං පරිවාරෙ “ද්වින්නං පුග්ගලානං අත්ථතං හොති කථිනං – අත්ථාරකස්ස ච අනුමොදකස්ස චා”ති (පරි· 403). පුනපි වුත්තං – “න සඞ්ඝො කථිනං අත්ථරති, න ගණො කථිනං අත්ථරති, පුග්ගලො කථිනං අත්ථරති, සඞ්ඝස්ස අනුමොදනා ගණස්ස අනුමොදනා පුග්ගලස්ස අත්ථාරා සඞ්ඝස්ස අත්ථතං හොති කථිනං, ගණස්ස අත්ථතං හොති කථිනං, පුග්ගලස්ස අත්ථතං හොති කථිනං”ති (පරි· 414).
කරන ලදුව නිමවූ කඨිනය ගෙන අතුරණ මහණහු විසින් සඞ්ඝාටියෙන් කඨිනය අතුරණු කැමැත්තේ වේද, පෞරාණික සඞ්ඝාටිය පච්චුද්ධරණය කටයුතුය. අලුත් සඞ්ඝාටිය ඉටිය යුතුය. “ඉමාය සඞ්ඝාටියා කඨිනං අත්ථරාමි”යි වාග්භෙද කටයුතුය යනාදීන් පරිවාරයෙහි කියනලද විධානයෙන් කඨිනය ඇතිරිය යුතුය. අතුරාද වනාහි කඨිනය අතුළ ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ සිවුර එකස්කොට ඇඳිලි බැඳ “අත්ථතං භන්තෙ සඞ්ඝස්ස කඨිනං, ධම්මිකො කඨිනත්ථාරො අනුමොදථ” මෙසේ කියයුතු වන්නේය. අනතුරුව ඒ අනුමෝදන් වන මහණුන් විසින්, උතුරු සඟ සිවුර සකස්කොට ඇඳිලි බැඳ “අත්ථතං ආවුසො සඞ්ඝස්ස කඨිනං, ධම්මිකො කඨිනත්ථාරො, අනුමොදාම”යි මෙසේ කියයුතු වන්නේය. මේ ආදීවූ පරිවාරයෙහි කියනලද විධානයෙන්ම අනුමෝදන් කරවිය යුතුය. අන්‍යයන් විසිනුදු අනුමෝදන් වියයුතුය. මෙසේ කල්හි සියල්ලන් විසින් කඨිනය අතුරණ ලද්දේ වේ. පරිවාරයෙහි ‘කඨිනත්ථාරකයා විසින්ද අනුමොදකයා විසින්ද යන පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය අතුරණ ලද්දේවේය’යි මෙය වදාරණ ලද්දේය. නැවතද ‘සඞ්ඝයා කඨිනය නොඅතුරයි. ගණයා කඨිනය නොඅතුරති. පුද්ගලතෙමේ කඨිනය අතුරයි. සඞ්ඝයාගේ අනුමොදනාවෙන් ගණයාගේ අනුමෝදනාවෙන් පුද්ගලයාගේ ඇතිරීමෙන් සඞ්ඝයා විසින් කඨිනය අතුරණ ලද්දේ වේ. ගණයා විසින් කඨිනය අතුරණ ලද්දේ වේ. පුද්ගලයා විසින් කඨිනය අතුරණ ලද්දේවේය’යි වදාරණ ලද්දේය.
එවං අත්ථතෙ පන කථිනෙ සචෙ කථිනචීවරෙන සද්ධිං ආභතං ආනිසංසං දායකා “යෙන අම්හාකං කථිනං ගහිතං, තස්සෙව දෙමා”ති දෙන්ති , භික්ඛුසඞ්ඝො අනිස්සරො. අථ අවිචාරෙත්වාව දත්වා ගච්ඡන්ති, භික්ඛුසඞ්ඝො ඉස්සරො. තස්මා සචෙ කථිනත්ථාරකස්ස සෙසචීවරානිපි දුබ්බලානි හොන්ති, සඞ්ඝෙන අපලොකෙත්වා තෙසම්පි අත්ථාය වත්ථානි දාතබ්බානි. කම්මවාචා පන එකායෙව වට්ටති. අවසෙසෙ කථිනානිසංසෙ බලවවත්ථානි වස්සාවාසිකට්ඨිතිකාය දාතබ්බානි, ඨිතිකාය අභාවෙ ථෙරාසනතො පට්ඨාය දාතබ්බානි, ගරුභණ්ඩං න භාජෙතබ්බං. සචෙ පන එකසීමාය බහූ විහාරා හොන්ති, සබ්බෙ භික්ඛූ සන්නිපාතෙත්වා එකත්ථ කථිනං අත්ථරිතබ්බං, විසුං විසුං අත්ථරිතුං න වට්ටති.
මෙසේ කඨිනය අතුළ කල්හි කඨින චීවරය සමග ගෙනඑන ලද ආනිසංස වස්ත්‍ර කොටස, දායකයෝ ‘යමෙකු විසින් අපගේ කඨිනය ගන්නා ලද්දේ ද, ඔහුටම දෙමු’යි දෙත්ද, භික්ෂුසඞ්ඝතෙමේ එයට ඉසුරු වේ. නැවත නොවිචාරාම දීලායත්ද, භික්ෂුසඞ්ඝතෙමේ ඉසුරු වේ. එහෙයින් ඉදින් කඨිනත්ථාරකයාගේ සෙසු සිවුරුද දුර්වලවෙත්ද, සඞ්ඝයා විසින් අපලොකනය කොට ඒ සිවුරු පිණිස වස්ත්‍ර දිය යුතුය. කර්මවාක්යය වනාහි එකක්ම වටියි. සෙසු කඨිනානිසංස වස්ත්‍රයෙහි බලවත් වස්ත්‍ර වස්සාවාසිකඨිතිකාවෙන් දිය යුතුය. ඨිතිකාවක් නැතිකල්හි ථෙරාසනය පටන් දියයුතුය. ගරු භාණ්ඩ නොබෙදිය යුතුය. ඉදින් එක් සීමාවක විහාරයෝ වෙත්නම්, සියලු භික්ෂූන් රැස්කරවා එක්තැන කඨිනය ඇතිරියයුතුය. වෙන් වෙන්ව ඇතිරීම නොසුදුසුය.
ඉදානි යථා ච කථිනං අත්ථතං හොති, යථා ච අනත්ථතං, තං විධිං විත්ථාරතො දස්සෙතුං එවඤ්ච පන භික්ඛවෙ අත්ථතං හොති කථිනං එවං අනත්ථතන්ති වත්වා අකරණීයඤ්චෙව මහාභූමිකඤ්ච අනත්ථතලක්ඛණං තාව දස්සෙන්තො න උල්ලිඛිතමත්තෙනාතිආදිකෙ චතුවීසති ආකාරෙ දස්සෙසි. තතො පරං අත්ථතලක්ඛණං දස්සෙන්තො අහතෙන අත්ථතන්තිආදිකෙ සත්තරස ආකාරෙ දස්සෙසි. පරිවාරෙපි හි “චතුවීසතියා ආකාරෙහි අනත්ථතං හොති කථිනං, සත්තරසහි ආකාරෙහි අත්ථතං හොති කථින”න්ති ඉදමෙව ලක්ඛණං වුත්තං.
දැන් කඨිනය යම්සේ අතුරණ ලද්දේ, යම්සේ නොඅතුරණ ලද්දේවේද, ඒ විධිය විස්තර වශයෙන් දක්වන්නට “එවඤ්ච පන භික්ඛවෙ අත්ථතං හොති කඨිනං, එවං අනත්ථතං”යි වදාරා නොකටයුතුමවූද, සිවුවිසි අයුරුවක් බැවින් මහාභූමිකවූද නොඅතුරණලද ලක්ෂණ පළමුකොට දක්වනසේක් “න උල්ලිඛිතමත්තෙන” යනාදීවූ සූවිසි ආකාරය දැක්වූ සේක. එයින්පසු අතුරණලද ලක්ෂණ දක්වනසේක් “අහතෙන අත්ථතං” යනාදීවූ සතළොස් ආකාරය දැක්වූ සේක. පරිවාරයෙහිද ‘සූවිසි අයුරෙන් කඨිනය නොඅතුරණ ලද්දේ වේ, සතළොස් අයුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේය’යි මෙම ලක්ෂණය දක්වන ලද්දේය.
තත්ථ උල්ලිඛිතමත්තෙනාති දීඝතො ච පුථුලතො ච පමාණග්ගහණමත්තෙන. පමාණඤ්හි ගණ්හන්තො තස්ස තස්ස පදෙසස්ස සඤ්ජානනත්ථං නඛාදීහි වා පරිච්ඡෙදං දස්සෙන්තො උල්ලිඛති, නලාටාදීසු වා ඝංසති, තස්මා තං පමාණග්ගහණං “උල්ලිඛිතමත්ත”න්ති වුච්චති. ධොවනමත්තෙනාති කථිනදුස්සධොවනමත්තෙන. චීවරවිචාරණමත්තෙනාති “පඤ්චකං වා සත්තකං වා නවකං වා එකාදසකං වා හොතූ”ති එවං විචාරිතමත්තෙන. ඡෙදනමත්තෙනාති යථාවිචාරිතස්ස වත්ථස්ස ඡෙදනමත්තෙන. බන්ධනමත්තෙනාති මොඝසුත්තකාරොපනමත්තෙන. ඔවට්ටියකරණමත්තෙනාති මොඝසුත්තකානුසාරෙන දීඝසිබ්බිතමත්තෙන. කණ්ඩුසකරණමත්තෙනාති මුද්ධියපත්තබන්ධනමත්තෙන. දළ්හීකම්මකරණමත්තෙනාති ද්වෙ චිමිලිකායො එකතො කත්වා සිබ්බිතමත්තෙන. අථ වා පඨමචිමිලිකා ඝටෙත්වා ඨපිතා හොති, කථිනසාටකං තස්සා කුච්ඡිචිමිලිකං කත්වා සිබ්බිතමත්තෙනාතිපි අත්ථො. මහාපච්චරියං “පකතිචීවරස්ස උපස්සයදානෙනා”ති වුත්තං. කුරුන්දියං පන “පකතිපත්තබද්ධචීවරං දුපට්ටං කාතුං කුච්ඡිචිමිලිකං අල්ලියාපනමත්තෙනා”ති වුත්තං. අනුවාතකරණමත්තෙනාති පිට්ඨිඅනුවාතාරොපනමත්තෙන. පරිභණ්ඩකරණමත්තෙනාති කුච්ඡිඅනඋවාතාරොපනමත්තෙන. ඔවද්ධෙය්යකරණමත්තෙනාති ආගන්තුකපත්තාරොපනමත්තෙන . කථිනචීවරතො වා පත්තං ගහෙත්වා අඤ්ඤස්මිං අකථිනචීවරෙ පත්තාරොපනමත්තෙන.
එහි “උල්ලිඛිතමත්තෙන” දිගින්ද පුළුලින්ද පමණ ගැනීම් පමණකින් පමණ ගන්නේ ඒ ඒ පෙදෙස් දැනගනු පිණිස නිය ආදියෙන් හෝ පිරිසිඳීම දක්වමින් ලකුණු කරයි. නළල් ආදියෙහි හෝ ගටයි. එහෙයින් ඒ ලකුණු පමණ ගැනීම උල්ලිඛිතමාත්රයි කියනු ලැබේ. “ධොවනමත්තෙන” කඨින වස්ත්‍රය සේදූ පමණින්, “චීවරවිචාරණමත්තෙන” පස්කඩක් හෝ සත්කඩක් හෝ නවකඩක් හෝ එකොළොස් කඩක් හෝ වේවා’යි මෙසේ විචාරය කළ පමණින්, “ඡෙදනමත්තෙන” විචාරය කළ පරිදි වස්ත්‍රයෙහි සිඳීම් පමණින්, “බන්ධනමත්තෙන” හිස්නූල් ඇදීම් පමණින්, “ඔවවටිකරණමත්තෙන” හිස්නූල් අනුසරින් දික්මැහුම් මැසීම් පමණින්, “කණ්ඩුසකරණමත්තෙන” අතු බැඳීම් පමණකින්, “දළ්හීකම්මකරනමන්තෙන” දෙපට එක්කොට මැසීම් පමණින් නොහොත් පළමු රෙදිකඩ ගටා තබන ලද්දී වේද, කඨිනවස්ත්‍රය ඒ කඩරෙද්ද තුළ රෙදිකඩක්කොට මැසූ පමණින් යන අර්‍ත්‍ථයි. මහාපච්චරියෙහි ප්රකෘතිචීවරයට උපාශ්‍රය දීමෙන්යි කියනලදී. කුරුන්දියෙහි වනාහි ප්‍රකෘතියෙන් පත්රබද්ධචීවරය දෙපට කරන්නට ඇතුල්රෙදිකඩ අල්ලවන පමණිනැයි කියනලදී. “අනුවාතකරණමත්තෙන” පිටනුවා ඇල්ලූ පමණින්, “පරිභණ්ඩකරණමත්තෙන” ඇතුල්නුවා ඇල්ලූ පමණින්, “ඔවට්ටීකරණමත්තෙන” අමුතුරෙදි පටක් ඇල්ලූ පමණින්, කඨින චීවරයෙන් හෝ මැඩිල්ලක් ගෙන අන්‍ය වූ අකඨින චීවරයෙක්හි අතු ඇල්ලීම් පමණකින්,
කම්බලමද්දනමත්තෙනාති එකවාරංයෙව රජනෙ පක්ඛිත්තෙන දන්තවණ්ණෙන පණ්ඩුපලාසවණ්ණෙන වා. සචෙ පන සකිං වා ද්වික්ඛත්තුං වා රත්තම්පි සාරුප්පං හොති, වට්ටති. නිමිත්තකතෙනාති “ඉමිනා දුස්සෙන කථිනං අත්ථරිස්සාමී”ති එවං නිමිත්තකතෙන. එත්තකමෙව හි පරිවාරෙ වුත්තං. අට්ඨකථාසු පන “අයං සාටකො සුන්දරො, සක්කා ඉමිනා කථිනං අත්ථරිතු’න්ති එවං නිමිත්තකම්මං කත්වා ලද්ධෙනා”ති වුත්තං. පරිකථාකතෙනාති “කථිනං නාම දාතුං වට්ටති, කථිනදායකො බහුං පුඤ්ඤං පසවතී”ති එවං පරිකථාය උප්පාදිතෙන. කථිනං නාම අතිඋක්කට්ඨං වට්ටති, මාතරම්පි විඤ්ඤාපෙතුං න වට්ටති, ආකාසතො ඔතිණ්ණසදිසමෙව වට්ටතීති. කුක්කුකතෙනාති තාවකාලිකෙන. සන්නිධිකතෙනාති එත්ථ දුවිධො සන්නිධි කරණසන්නිධි ච නිචයසන්නිධි ච. තත්ථ තදහෙව අකත්වා ඨපෙත්වා කරණං කරණසන්නිධි. සඞ්ඝො අජ්ජ කථිනදුස්සං ලභිත්වා පුනදිවසෙ දෙති, අයං නිචයසන්නිධි.
“කම්බලමද්දනමත්තෙන” එක්වරක්ම රඳන්හි බැහීමෙන්වූ දත්පැහැයෙන්, පඬුපැහැති පත් පැහැයෙන් හෝ වරක් හෝ දෙවරක් හෝ පඬු පොවන ලද්දේ සරුප් වේනම් වටියි. “නිමිත්තකතෙන” මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරන්නෙමි’යි මෙසේ කරනලද නිමිත්තෙන්. මෙපමණක්ම පරිවාරයෙහි කියනලදී. අර්‍ත්‍ථකථාවන්හි වනාහි ‘මේ වස්ත්‍රය යහපත, මෙයින් කඨිනය අතුරන්නට හැකිය’යි මෙසේ නිමිත්තකර්මයකොට ලද වස්ත්රයෙනැ’යි කියන ලදී. “පරිකථාකතෙන” ‘කඨිනය නම් දීම වටියි. කඨිනදායකතෙමේ බොහෝ කුසල් රැස් කෙරේයයි මෙසේ පරිකථාවෙන් උපදවනලද වස්ත්‍රයෙනි. කඨිනය නම් අතිඋත්කෘෂ්ටවූවෙක් වටීයි. මවද දන්වන්නට නොවටියි. අහසින් බස්නා ලද්දක් වැනිවූයේම වටියි. “කුක්කුකතෙන” තාවකාලික වස්ත්‍රයෙන් “සන්නිධිකතෙන” මෙහි සන්නිධිය, කරණසන්නිධියද නිචයසන්නිධියදැයි දෙවැදෑරුම් වේ. එහි එදවසම නොකොට තබා කිරීම කරන සන්නිධි නම. සඞ්ඝතෙමේ අද කඨිනවස්ත්රයක් ලැබ පසුවදා දේනම් මෙය නිචයසන්නිධි නම.
නිස්සග්ගියෙනාති රත්තිනිස්සග්ගියෙන. පරිවාරෙපි වුත්තං – “නිස්සග්ගියං නාම කරියමානෙ අරුණං උට්ඨහතී”ති. අකප්පකතෙනාති අනාදින්නකප්පබින්දුනා. අඤ්ඤත්ර සඞ්ඝාටියාතිආදීසු ඨපෙත්වා සඞ්ඝාටිඋත්තරාසඞ්ගඅන්තරවාසකෙ අඤ්ඤෙන පච්චත්ථරණාදිනා අත්ථතං අනත්ථතං හොතීති. අඤ්ඤත්ර පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වාති පඤ්ච වා අතිරෙකානි වා ඛණ්ඩානි කත්වා මහාමණ්ඩලඅඩ්ඪමණ්ඩලානි දස්සෙත්වා කතෙනෙව වට්ටති. එවඤ්හි සමණ්ඩලිකතං හොති, තං ඨපෙත්වා අඤ්ඤෙන අච්ඡින්නකෙන වා ද්වත්තිචතුඛණ්ඩෙන වා න වට්ටති. අඤ්ඤත්ර පුග්ගලස්ස අත්ථාරාති පුග්ගලස්ස අත්ථාරං ඨපෙත්වා න අඤ්ඤෙන සඞ්ඝස්ස වා ගණස්ස වා අත්ථාරෙන අත්ථතං හොති. නිස්සීමට්ඨො අනුමොදතීති බහිඋපචාරසීමාය ඨිතො අනුමොදති.
“නිස්සග්ගියෙන” රැය ඉක්ම යෑමෙන් නිසගිවූ වස්ත්‍රයෙන්, පරිවාරයෙහි නිස්සග්ගිය නම් කරනු ලබන කල්හි අරුණ නැගීයේ’යි කියනලදී. “අකප්පකතෙන” නොදුන් කප්බිඳු ඇති සිවුරෙන්, “අඤ්ඤත්ර සඞ්ඝාටියා” යනාදිතන්හි සඞ්ඝාටිඋත්තරාසඞ්ඝ අන්තරවාසකයන් හැර පසුතුරුණු ආදීවූ අනිකකින් අතුරන ලද්දේ, නොඅතුරන ලද්දේ වේ. “අඤ්ඤත්ර පඤ්චකෙන වා අතිරෙක පඤ්චකෙන” පස්කඩක් හෝ ඉන් වැඩිකඩ හෝ කොට මහමැසිලි අඩමැසිලි දක්වා කළ සිවුරකින්ම වටියි. මෙසේ මැසිලිසහිතව කරණ ලද්දේ වේ. ඒහැර අනික් නොසිඳි එකකින් හෝ දෙතුන් සිවුකඩ ඇත්තකින් හෝ නොවටියි. “අඤ්ඤත්ර පුග්ගලස්ස අත්ථාරා” පුද්ගලයාගේ ඇතිරීම හැර සඞ්ඝයාගේ හෝ ගණයාගේ හෝ යන අනික් ඇතිරීමකින් අතුරණ ලද්දේ නොවේ. “නිස්සීමට්ඨො අනුමොදති” උපචාර සීමාවෙන් පිටත සිටියේ අනුමෝදන්වේද,
අහතෙනාති අපරිභුත්තෙන. අහතකප්පෙනාති අහතසදිසෙන එකවාරං වා ද්වික්ඛත්තුං වා ධොතෙන. පිලොතිකායාති හතවත්ථකසාටකෙන . පංසුකූලෙනාති තෙවීසතියා ඛෙත්තෙසු උප්පන්නපංසුකූලෙන. පංසුකූලිකභික්ඛුනා චොළකභික්ඛං ආහිණ්ඩිත්වා ලද්ධචොළකෙහි කතචීවරෙනාතිපි කුරුන්දිමහාපච්චරීසු වුත්තං. පාපණිකෙනාති ආපණද්වාරෙ පතිතපිලොතිකං ගහෙත්වා කථිනත්ථාය දෙති, තෙනාපි වට්ටතීති අත්ථො. සෙසං වුත්තවිපල්ලාසෙනෙව වෙදිතබ්බං. ඉමස්මිං පන ඨානෙ “සහ කථිනස්ස අත්ථාරා කති ධම්මා ජායන්තී”තිආදි බහුඅට්ඨකථාසු වුත්තං, තං සබ්බං පරිවාරෙ පාළිආරූළ්හමෙව, තස්මා තත්ථ ආගතනයෙනෙව වෙදිතබ්බං. න හි තෙන ඉධ අවුච්චමානෙන කථිනත්ථාරකස්ස කිඤ්චි පරිහායති.
“අහතෙන” පරිභොග නොකළ වස්ත්‍රයකින්. “අහතකප්පෙන” පරිභොග නොකළ වස්ත්‍රයක් සමාන වූ එක්වරක් හෝ දෙවරක් හෝ සේදූ වස්ත්‍රයකින්. “පිලොතිකාය” දිරූරෙදි කැබලිවලින් “පංසුකූලෙන” තෙවිසිවැදෑරුම් කෙත්හි උපන් පංසුකූලයෙන් පංසුකූලික භික්ෂූහු විසින් වස්ත්‍ර සිඟීමෙහි ඇවිද, ලැබූ රෙදිකැබලිවලින් කළ සිවුරකින්යයි කුරුන්දි - මහාපච්චරී අර්‍ත්‍ථකථාවන්හි කියනලදී. “පාපණිකෙන” කඩදොරකඩ වැටුනු රෙදි කැබලි ගෙන කඨිනය පිණිස දේද එයිනුදු වටීය යන අර්‍ත්‍ථයි. සෙස්ස උක්තවිපර්ය්යාසයෙන් දතයුතුය. මෙතැන්හි වනාහි ‘කඨිනත්ථාරය සමග කෙතෙක් ධර්මයෝ උපදිත්, යනාදිය බොහෝකොට අර්‍ත්‍ථකථාවන්හි කියන ලදය. ඒ සියල්ල පරිවාරයෙහි පෙළට නැගීසිටියේම වේ. එහෙයින් එහි ආනයින්ම දතයුතුය. මෙහි ඒ නොකීමෙන් කඨිනත්ථාරයෙහි කිසිවක් නොපිරිහේ.
එවං කථිනත්ථාරං දස්සෙත්වා ඉදානි උබ්භාරං දස්සෙතුං කථඤ්ච භික්ඛවෙ උබ්භතං හොති කථිනන්තිආදිමාහ. තත්ථ මාතිකාති මාතරො; ජනෙත්තියොති අත්ථො. කථිනුබ්භාරඤ්හි එතා අට්ඨ ජනෙත්තියො. තාසු පක්කමනං අන්තො අස්සාති පක්කමනන්තිකා. එවං සෙසාපි වෙදිතබ්බා.
මෙසේ කඨිනත්ථාරය දක්වා දැන් කඨිනොද්ධරණය දක්වනු පිණිස, “කථඤ්ච භික්ඛවෙ උබ්හතං හොති කඨිනං” යනාදිය වදාළ සේක. එහි “මාතිකා” මවුහුය. ජනෙත්තීහුය. යන අර්‍ත්‍ථයි. කඨිනුබ්හාරයට මොවුහු අටදිනිතියෝය. ඔවුන් අතුරෙහි චීවර මාස පසතුළ නැවත උපචාර සීමාවට නැවත නොඑන්නෙමි’යි යෑම කෙළවරවූයේ මේ මාතෘකාවටනුයි පක්කමනන්තිකා නම. සෙසු මාතෘකාද මෙසේ දතයුතුය.