යෙදුමෙන් කියවන්න

චීවරරජනකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

චීවරරජනකථා

චීවරරජනකථා

ඡකණෙනාති ගොමයෙන. පණ‍්ඩුමත‍්තිකායාති තම‍්බමත‍්තිකාය. මූලරජනාදීසු හලිද‍්දිං ඨපෙත්‍වා සබ‍්බං මූලරජනං වට‍්ටති. මඤ‍්ජිට‍්ඨිඤ‍්ච තුඞ‍්ගහාරඤ‍්ච ඨපෙත්‍වා සබ‍්බං ඛන්‍ධරජනං වට‍්ටති. තුඞ‍්ගහාරො නාම එකො සකණ‍්ටකරුක‍්ඛො, තස‍්ස හරිතාලවණ‍්ණං ඛන්‍ධරජනං හොති. ලොද‍්දඤ‍්ච කණ‍්ඩුලඤ‍්ච ඨපෙත්‍වා සබ‍්බං තචරජනං වට‍්ටති. අල‍්ලිපත‍්තං නීලිපත‍්තඤ‍්ච ඨපෙත්‍වා සබ‍්බං පත‍්තරජනං වට‍්ටති. ගිහිපරිභුත‍්තං පන අල‍්ලිපත‍්තෙන එකවාරං රජිතුං වට‍්ටති. කිංසුකපුප‍්ඵඤ‍්ච කුසුම‍්භපුප‍්ඵඤ‍්ච ඨපෙත්‍වා සබ‍්බං පුප‍්ඵරජනං වට‍්ටති. ඵලරජනෙ පන න කිඤ‍්චි න වට‍්ටති.

“ඡකණෙන” ගොමින්. “පණ්ඩුමත්තිකාය” තඹවන් මැටියෙන්. “මූලරජනාදිසු” මුල්රදන් ආදීන් අතුරෙහි කහපැහැය හැර සියලු මුල්රඳන් වටියි. වෙනිවැල්ද, තුඞ්ගාහාරද හැර සියලු කඳන් රඳන් වටියි. තුඞ්ගහාරනම් එක් කටු සහිත රුකෙක. ඒ රුකෙහි රත්හිරියල් පැහැසමාන කඳන් රඳන් කොළඳ නිල් ඇවරිය කොළද හැර සියලු පත් රඳන් වටියි. ගිහින් විසින් පරිභොග කරන ලද වස්ත්‍රයෙන් මසනලද සිවුරක් වැලිකහකොළවලින් එක්වරක් රඳන් කිරීම වටියි. කෑලමල්ද වණුක්මල්ද, හැර සියලු මල්රඳන් වටියි. පලරඳන්හි කිසිවක් නොවටිනේ නොවේ.

සීතුදකාති අපක‍්කරජනං වුච‍්චති. උත‍්තරාළුම‍්පන‍්ති වට‍්ටාධාරකං, රජනකුම‍්භියා මජ‍්ඣෙ ඨපෙත්‍වා තං ආධාරකං පරික‍්ඛිපිත්‍වා රජනං පක‍්ඛිපිතුං අනුජානාමීති අත්‍ථො. එවඤ‍්හි කතෙ රජනං න උත‍්තරති. උදකෙ වා නඛපිට‍්ඨිකාය වාති සචෙ පරිපක‍්කං හොති, උදකපාතියා දින‍්නො ථෙවො සහසා න විසරති, නඛපිට‍්ඨියම‍්පි අවිසරන‍්තො තිට‍්ඨති. රජනුළුඞ‍්කන‍්ති රජනඋළුඞ‍්කං. දණ‍්ඩකථාලකන‍්ති තමෙව සදණ‍්ඩකං. රජනකොලම‍්බන‍්ති රජනකුණ‍්ඩං. ඔමද‍්දන‍්තීති සම‍්මද‍්දන‍්ති. න ච අච‍්ඡින‍්නෙ ථෙවෙ පක‍්කමිතුන‍්ති යාව රජනබින්‍දු ගළිතං න ඡිජ‍්ජති, තාව න අඤ‍්ඤත්‍ර ගන‍්තබ‍්බං. පත්‍ථින‍්නන‍්ති අතිරජිතත‍්තා ථද‍්ධං. උදකෙ ඔසාරෙතුන‍්ති උදකෙ පක‍්ඛිපිත්‍වා ඨපෙතුං. රජනෙ පන නික‍්ඛන‍්තෙ තං උදකං ඡඩ‍්ඩෙත්‍වා චීවරං මද‍්දිතබ‍්බං. දන‍්තකාසාවානීති එකං වා ද‍්වෙ වා වාරෙ රජිත්‍වා දන‍්තවණ‍්ණානි ධාරෙන‍්ති.

“සීතුන්‍දිකා” නොපැසවූ රඳන් කියනු ලැබේ. “උත්තාරලුම්පං” වටඅළුවක් පඬු පැසවන සැළ මැද ඒ වටඅළුව තබා එය වටකොට පඬුපතුරු බහාලන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. මෙසේ කළ කල්හි පඬුදිය නොඉතිර සිටියි. “උදකෙ වා නඛපිට්ඨිකාය වා” ඉදින් පඬුපැසුනේවේද දියතලියක හෙළු දියබින්දුවක් වහා නොවිසිරේද, නියපිටෙහිද එසේ නොවිසිර සිටීද, “රජනූළුඞ්කං” කිණිස්සක්. “දණ්ඩකථාලකං” දඬු සහිතවූ ඒ කිණිස්සමය. “රජනකොලුම්බං” මහ පඬු සැළියක්. “පත්‍ථන්නං” තදින් පඬුපෙවූ බැවින් තදවේ. “උදකෙ ඔසාදෙතුං” දියෙහි ගිල්වා තබන්නට, පඬු ගැලවීගිය කල්හි ඒ දිය පහකොට සිවුර මැඩිය යුතුය. “දන්තකාසාවානි” එක්වරක් හෝ දෙවරක් හෝ පඬු පොවා දත් මෙන් කහට පැහැති සිවුරු දරත්.

ඡින‍්නකචීවරානුජානනකථා

ඡින්නකචීවරානුජානනකථා

අච‍්ඡිබද‍්ධන‍්ති චතුරස‍්සකෙදාරකබද‍්ධං. පාළිබද‍්ධන‍්ති ආයාමතො ච විත්‍ථාරතො ච දීඝමරියාදබද‍්ධං. මරියාදබද‍්ධන‍්ති අන‍්තරන‍්තරා රස‍්සමරියාදබද‍්ධං. සිඞ‍්ඝාටකබද‍්ධන‍්ති මරියාදාය මරියාදං විනිවිජ‍්ඣිත්‍වා ගතට‍්ඨානෙ සිඞ‍්ඝාටකබද‍්ධං; චතුක‍්කසණ‍්ඨානන‍්ති අත්‍ථො. සංවිදහිතුන‍්ති කාතුං. උස‍්සහසි ත්‍වං ආනන්‍දාති සක‍්කොසි ත්‍වං ආනන්‍ද. උස‍්සහාමි භගවාති තුම‍්හෙහි දින‍්නනයෙන සක‍්කොමීති දස‍්සෙති. යත්‍ර හි නාමාති යො නාම. කුසිම‍්පි නාමාතිආදීසු කුසීති ආයාමතො ච විත්‍ථාරතො ච අනුවාතාදීනං දීඝපත‍්තානමෙතං අධිවචනං. අඩ‍්ඪකුසීති අන‍්තරන‍්තරා රස‍්සපත‍්තානං නාමං. මණ‍්ඩලන‍්ති පඤ‍්චඛණ‍්ඩිකචීවරස‍්ස එකෙකස‍්මිං ඛණ‍්ඩෙ මහාමණ‍්ඩලං. අඩ‍්ඪමණ‍්ඩලන‍්ති ඛුද‍්දකමණ‍්ඩලං. විවට‍්ටන‍්ති මණ‍්ඩලඤ‍්ච අඩ‍්ඪමණ‍්ඩලඤ‍්ච එකතො කත්‍වා සිබ‍්බිතං මජ‍්ඣිමඛණ‍්ඩං.

“අච්චිබද්ධං” සතරැස්ලියදි බැන්දාවූ. “පාලිබද්ධං” දිගින් හා පළලින් දිග් මියර බැන්දා වූ. “මරියාදබද්ධං” අතරතුර කුඩාමියර බැන්දා වූ. “සිඞ්ඝාටකබද්ධං” මියරෙන් මියර විනිවිද ගිය තන්හි හතරමංහන්දි බැන්දා වූ, සතරමංහන්දියට සටහන් ඇත්තාවූ යන අර්‍ත්‍ථයි. “උස්සහසි ත්‍වං ආනන්‍ද” ආනන්‍ද තෙපි උත්සාහවත් වහුද, “උස්සහාමි භගවා” භාග්‍යවතුන් වහන්ස’, උත්සාහවත් වෙමි. ඔබවහන්සේ විසින් දෙන ලද නයින් උත්සාහවත් වෙමි’යි දක්වාලයි. “යත්‍ර හි නාම” යමෙක් නම්. “කුසිම්පි නාම” යනාදිතන්හි කුසී යනු දිගින්ද පළලින්ද අනුවාතාදී වූ දිග්පටිවලට මේ නමකි. “අඩ්ඪකුසිං” අතරතුර කෙටි පටිවලට නමකි. “මණ්ඩලං” පස්කඩක් ඇති සිවුරෙහි එක් එක් කඩෙහි මහ මැසිල්ලය. “අද්ධ මණ්ඩලං” කුඩා මැල්ලය. “විවට්ටං” මහමැඩිල්ලද අඩමැඩිල්ලද එක්කොට මසන ලද මැදකඩය.

අනුවිවට‍්ටන‍්ති තස‍්ස උභොසු පස‍්සෙසු ද‍්වෙ ඛණ‍්ඩානි. ගීවෙය්‍යකන‍්ති ගීවාවෙඨනට‍්ඨානෙ දළ‍්හීකරණත්‍ථං අඤ‍්ඤං සුත‍්තසංසිබ‍්බිතං ආගන‍්තුකපත‍්තං. ජඞ‍්ඝෙය්‍යකන‍්ති ජඞ‍්ඝපාපුණනට‍්ඨානෙ තථෙව සංසිබ‍්බිතං පත‍්තං. ගීවට‍්ඨානෙ ච ජඞ‍්ඝට‍්ඨානෙ ච පත‍්තානමෙවෙතං නාමන‍්තිපි වදන‍්ති. බාහන‍්තන‍්ති අනුවිවට‍්ටානං බහි එකෙකං ඛණ‍්ඩං. ඉති පඤ‍්චඛණ‍්ඩිකචීවරෙනෙතං විචාරිතන‍්ති. අථ වා අනුවිවට‍්ටන‍්ති විවට‍්ටස‍්ස එකපස‍්සතො ද‍්වින‍්නං එකපස‍්සතො ද‍්වින‍්නන‍්ති චතුන‍්නම‍්පි ඛණ‍්ඩානමෙතං නාමං. බාහන‍්තන‍්ති සුප‍්පමාණං චීවරං පාරුපන‍්තෙන සංහරිත්‍වා බාහාය උපරි ඨපිතා උභො අන‍්තා බහිමුඛා තිට‍්ඨන‍්ති, තෙසං එතං නාමං. අයමෙව හි නයො මහාඅට‍්ඨකථායං වුත‍්තොති.

“අනුවිවට්ටං” ඒ කඩෙහි දෙපස දෙකඩය. “ගීවෙය්‍යකං” ගෙල වෙළන තැන දැඩි කිරීම පිණිස හුයින් මසන ලද අන්‍යවූ ආගන්තුකපටිය “ජඞ්ඝෙය්‍යකං” කෙණ්ඩා වදින තැන එසේම එක්කොට මසන ලද පත්‍රය. ගෙලවදින තැනද කෙණ්ඩාවදින තැනද බැඳි මැසූ පත්‍රයන්ට මේ නමකැයි කියත්. “බාහන්තං” සිවුරෙහි දෙපස කඩට පිටින් එක එක කඩය. මෙසේ පස් කඩක් ඇති සිවුර ගෙණ මෙය විචාරණය කරණ ලද්දේය. නොහොත් “අනුවිවට්ටං” මැද කඩෙහි එක්පසකින් දෙකඩක්වූ එක්පසකින් දෙකඩවූ සිවුකඩටම මේ නමකි. “බාහන්තං” යනු මනා පමණින් යුත් සිවුරක් පොරවන්නාහු විසින් අකුලා බාහුව මතුවෙහි තැබූ උභයාන්තයෝ බහිර්මුඛව සිටිති. ඔවුනට මේ නමය. මේ නයම මහාර්‍ත්‍ථකථාවෙහි කියනලදී.

තිචීවරානුජානනකථා

තිචීවරානුජානනකථා

චීවරෙහි උබ‍්භණ‍්ඩිකෙති චීවරෙහි උබ‍්භණ‍්ඩෙ කතෙ; යථා උක‍්ඛිත‍්තභණ‍්ඩා හොන‍්ති එවං කතෙ; උක‍්ඛිත‍්තභණ‍්ඩිකභාවං ආපාදිතෙති අත්‍ථො. චීවරභිසින‍්ති එත්‍ථ භිසීති ද‍්වෙ තීණි එකතො කත්‍වා භිසිසඞ‍්ඛෙපෙන සංහරිතචීවරානි වුත‍්තානි. තෙ කිර භික‍්ඛූ “දක‍්ඛිණාගිරිතො භගවා ලහුං පටිනිවත‍්තිස‍්සතී”ති තත්‍ථ ගච‍්ඡන‍්තා ජීවකවත්‍ථුස‍්මිං ලද‍්ධචීවරානි ඨපෙත්‍වා අගමංසු. ඉදානි පන චිරෙන ආගමිස‍්සතීති මඤ‍්ඤමානා ආදාය පක‍්කමිංසු. අන‍්තරට‍්ඨකාසූති මාඝස‍්ස ච ඵග‍්ගුණස‍්ස ච අන‍්තරා අට‍්ඨසු. න භගවන‍්තං සීතං අහොසීති භගවතො සීතං නාහොසි. එතදහොසි යෙපි ඛො තෙ කුලපුත‍්තාති න භගවා අජ‍්ඣොකාසෙ අනිසීදිත්‍වා එතමත්‍ථං න ජානාති, මහාජනසඤ‍්ඤාපනත්‍ථං පන එවමකාසි. සීතාලුකාති සීතපකතිකා; යෙ පකතියාව සීතෙන කිලමන‍්ති. දිගුණං සඞ‍්ඝාටින‍්ති දුපට‍්ටං සඞ‍්ඝාටිං. එකච‍්චියන‍්ති එකපට‍්ටං. ඉති “භගවා අත‍්තනා චතූහි චීවරෙහි යාපෙති, අම‍්හාකං පන තිචීවරං අනුජානාතී”ති වචනස‍්ස ඔකාසං උපච‍්ඡින්‍දිතුං දිගුණං සඞ‍්ඝාටිං අනුජානාති, එකච‍්චිකෙ ඉතරෙ. එවඤ‍්හි නෙසං චත‍්තාරි භවිස‍්සන‍්තීති.

“චීවරෙහි උබ්හණ්ඩිතො” සිවුරෙන් පොදිකළ යම්සේ එසවූ බඩු ඇත්තාහු වෙත්ද, එසේ කරනලද, ඔසොවාගත් බඩුපොදි ඇතිබවට පැමිණියේය යන අර්‍ත්‍ථයි. “චීවරභිසිං” මෙහි භිසි යනුවෙන් දෙකක් තුනක් එකතුකොට භිසි සඞ්ක්‍ෂෙපයෙන් අකුලන ලද සිවුරු කියන ලදහ. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණගිරි ජනපදයෙන් ලුහුව නවතින සේකැයි එහි යන්නාහු ජීවකවස්තුවෙහි ලද සිවුරු තබා ගියාහුය. දැන් වනාහි කල්ගෙවා එන්නාහයි සිතමින් ගෙනගියහ. “අන්තරට්ඨකාසු” උඳුවප් මසටද දුරුතුමසටද අතර අටදවස්හි. “න භගවන්තං සීතං අහොසි” භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවූයේය. “සීතාලුකා” පියොවින්ම සීතයෙන් පෙළෙන්නෝය. යම් කෙනෙක් පියොවින්ම සීතයෙන් ක්ලාන්ත වෙත්ද, “යෙහි ඛො තෙ කුලපුත්තා” භාග්‍යවතුන් වහන්සේ එළිමහනෙහි නොහිඳ මේ අර්‍ත්‍ථය නොදන්නාහු නොවෙත්. මහජනයාට හඟවනු පිණිස මෙසේ කළහ “ද්විගුණං සඞ්ඝාටිං” දෙපටින්යුත් සඟළ සිවුර. “එකච්චියං” එක්පටය. ‘මෙසේ භාග්‍යවතුන් වහන්සේ, තමන්වහන්සේ සිවුරු සතරකින් යැපෙන්නාහ. අපට සිවුරු තුනක් අනුදනිත්’යි යන වචනයට ඇති ඉඩ සිඳහරිණු ද්විගුණ සඞ්ඝාටිය අනුදනිත්. අන්සිවුරු එක්පටකොට අනුදනිත්. මෙසේ ඔවුන්ට සිවුරු සතරක් වන්නේයයි.

අතිරෙකචීවරාදිකථා

අතිරෙකචීවරාදිකථා

අග‍්ගළං අච‍්ඡුපෙය්‍යන‍්ති ඡිද‍්දට‍්ඨානෙ පිලොතිකඛණ‍්ඩං ලග‍්ගාපෙය්‍යං. අහතකප‍්පානන‍්ති එකවාරං ධොතානං. උතුද‍්ධටානන‍්ති උතුතො දීඝකාලතො උද‍්ධටානං හතවත්‍ථකානං, පිලොතිකානන‍්ති වුත‍්තං හොති. පාපණිකෙති අන‍්තරාපණතො පතිතපිලොතිකචීවරෙ. උස‍්සාහො කරණීයොති පරියෙසනා කාතබ‍්බා. පරිච‍්ඡෙදො පනෙත්‍ථ නත්‍ථි, පට‍්ටසතම‍්පි වට‍්ටති. සබ‍්බමිදං සාදියන‍්තස‍්ස භික‍්ඛුනො වසෙන වුත‍්තං. අග‍්ගළං තුන‍්නන‍්ති එත්‍ථ උද‍්ධරිත්‍වා අල‍්ලීයාපනඛණ‍්ඩං අග‍්ගළං, සුත‍්තෙන සංසිබ‍්බිතං තුන‍්නං; වට‍්ටෙත්‍වා කරණං ඔවට‍්ටිකං . කණ‍්ඩුසකං වුච‍්චති මුද‍්දිකා. දළ‍්හීකම‍්මන‍්ති අනුද‍්ධරිත්‍වාව උපස‍්සයං කත්‍වා අල‍්ලීයාපනකං වත්‍ථඛණ‍්ඩං.

“අහතකප්පානං” එක්වරක් සේදූ. “උතුද්ධමානං” සෘතුවෙන් දිගුකලකින්, උදුරණලද, කල්ඉකුත්වූ වස්ත්‍ර පිළිබඳව දිරාගිය වස්ත්‍ර පිළිබඳවයි කියන ලද්දේ වේ. “පාපණිකෙ” කඩපිළෙන් වැටීතිබූ දිරාගිය රෙදිකඩින් කළ සිවුරෙහි. “උස්සාහො කරණීයො” සෙවීම කටයුතුය. පිරිසිඳීමෙක් වනාහි නැත්තේය. පටසියයක්ද වටියි. මේ සියල්ල ඉවසන මහණහුගේ වසයෙන් වදාරණලදී. “අග්ගලං තුන්නං” මෙහි දුර්‍වල ස්ථාන උදුරා බැහැරකොට එහි අණ්ඩයක් වසයෙන් අලවන රෙදිකඩ අග්ගල නම. හුයින් එල්ලන ලද්දේ මසන ලද්දේ තුන්න නම. විදකිරීම වැටිකොට මැසීම ඔවට්ටිකා නම. මුදුපටි මැසීම කෑලිපිට කෑලි ඇල්ලීම කණ්ඩූසකයි කියනු ලැබේ. “දළ්හීකම්මං” නොඋදුරාම ආධාර වසයෙන් අලවන රෙදිකඩ දැඩි කිරීම.

විසාඛාවත්‍ථු උත‍්තානත්‍ථං. තතො පරං පුබ‍්බෙ විනිච‍්ඡිතමෙව. සොවග‍්ගිකන‍්ති සග‍්ගප‍්පත‍්තහෙතුකං. තෙනෙවාහ “සොවග‍්ගික”න‍්ති . සොකං අපනෙතීති සොකනුදං. අනාමයාති අරොගා. සග‍්ගම‍්හි කායම‍්හීති සග‍්ගොපපන‍්නා.

විසාඛවස්තුව ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. එයින් අන්‍යය පෙර විනිශ්චය කරන ලද්දේය.

පුථුජ‍්ජනා කාමෙසු වීතරාගාති ඣානලාභිනො. සන්‍දිට‍්ඨොති දිට‍්ඨමත‍්තකමිත‍්තො. සම‍්භත‍්තොති එකසම‍්භොගො දළ‍්හමිත‍්තො. ආලපිතොති “මම සන‍්තකං යං ඉච‍්ඡෙය්‍යාසි, තං ගණ‍්හාහී”ති එවං වුත‍්තො. එතෙසු තීසු අඤ‍්ඤතරනාමෙන සද‍්ධිං ජීවති, ගහිතෙ අත‍්තමනො හොතීති ඉමෙහි ගහිතවිස‍්සාසො රුහති.

[missing trans]

පච‍්ඡිමවිකප‍්පනුපගචීවරාදිකථා

පච්ඡිමවිකප්පනුපගචීවරාදිකථා

පංසුකූලකතොති කතපංසුකූලො. ගරුකො හොතීති ජිණ‍්ණජිණ‍්ණට‍්ඨානෙ අග‍්ගළාරොපනෙන ගරුකො හොති. සුත‍්තලූඛං කාතුන‍්ති සුත‍්තෙනෙව අග‍්ගළං කාතුන‍්ති අත්‍ථො. විකණ‍්ණො හොතීති සුත‍්තං අච‍්ඡෙත්‍වා අච‍්ඡෙත්‍වා සිබ‍්බන‍්තානං එකො සඞ‍්ඝාටිකොණො දීඝො හොති. විකණ‍්ණං උද‍්ධරිතුන‍්ති දීඝකොණං ඡින්‍දිතුං. ඔකිරියන‍්තීති ඡින‍්නකොණතො ගළන‍්ති. අනුවාතං පරිභණ‍්ඩන‍්ති අනුවාතඤ‍්චෙව පරිභණ‍්ඩඤ‍්ච. පත‍්තා ලුජ‍්ජන‍්තීති මහන‍්තෙසු පත‍්තමුඛෙසු දින‍්නානි සුත‍්තානි ගළන‍්ති, තතො පත‍්තා ලුජ‍්ජන‍්ති. අට‍්ඨපදකං කාතුන‍්ති අට‍්ඨපදකච‍්ඡන‍්නෙන පත‍්තමුඛං සිබ‍්බිතුං.

“පංසුකූලකතො” කළ පංසුකූලය ඇත්තේය. “ගරුකො හොති” දිරූ දිරූ තන්හි අණ්ඩ ඇල්ලීමෙන් බරවූයේ වේ. “සුත්තලූඛං කාතුං” නූලෙන්ම අණ්ඩ දැමීමට යන අර්‍ත්‍ථයි. “විකණ්ණො හොති” නූල් ඇද මහන සිවුරුවල එක් සඞ්ඝාටි කොනක් දිග්වේ. “ඔකිරීයති” සිඳිනලද කොනින් වැගිරේ. “අනුවාතං පරිභණ්ඩං” නුවාවද පරිභණ්ඩයද “පත්තා ලුජ්ජන්ති” මහත්වූ පත්මුවෙහි දෙනලද නූල් ගැලවී යත්. එයින් රෙදිපටිද ඉගිලී වැටෙත්. “අට්ඨපාදකං කාතුං” අටපද වූපොරූ ආකාරයෙන් පත්මුව මහන්නට.

අන්‍වාධිකම‍්පි ආරොපෙතුන‍්ති ආගන‍්තුකපත‍්තම‍්පි දාතුං. ඉදං පන අප‍්පහොනකෙ ආරොපෙතබ‍්බං. සචෙ පහොති, ආගන‍්තුකපත‍්තං න වට‍්ටති, ඡින්‍දිතබ‍්බමෙව.

“අන්‍ධාධිකම්පි ආරොපෙතුං” ආගන්තුකපත්‍ර දෙන්නට. මේ වනාහි නොපොහොනා තන්හි නැගිය යුතුය. ඉදින් පොහොනේනම් ආගන්තුක පත්‍රදීම නොවටියි. සිඳිය යුතුමය.

න ච භික‍්ඛවෙ සද‍්ධාදෙය්‍යන‍්ති එත්‍ථ සෙසඤාතීනං දෙන‍්තො විනිපාතෙතියෙව. මාතාපිතරො පන සචෙ රජ‍්ජෙ ඨිතා පත්‍ථයන‍්ති, දාතබ‍්බං.

“න භික්‍ඛවෙ සද්ධාදෙය්‍යං” මෙහි ගිහින් විසින් සැදැහයෙන් දෙනලද දෙය. මවුපියන් හැර සෙසු නෑයන්ට දෙන්නේ විනිපාතනය කෙරේමය. මවුපියෝ රාජ්‍යයෙහි සිටියාහු නමුදු පැවිදි දරුවන්ගෙන් ප්‍රත්‍යය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්නම්, දියයුතුය.

ගිලානොති ගිලානතාය ගහෙත්‍වා ගන‍්තුං අසමත්‍ථො. වස‍්සිකසඞ‍්කෙතන‍්ති වස‍්සිකෙ චත‍්තාරො මාසෙ. නදීපාරන‍්ති නදියා පාරෙ භත‍්තං භුඤ‍්ජිතබ‍්බං හොති. අග‍්ගළගුත‍්තිවිහාරොති සබ‍්බෙස‍්වෙව චෙතෙසු ගිලානවස‍්සිකසඞ‍්කෙතනදීපාරගමනඅත්‍ථතකථිනභාවෙසු අග‍්ගළගුත‍්තියෙව පමාණං. ගුත‍්තෙ එව හි විහාරෙ එතෙසු කාරණෙසු නික‍්ඛිපිත්‍වා බහි ගන‍්තුං වට‍්ටති, න අගුත‍්තෙ. ආරඤ‍්ඤකස‍්ස පන විහාරො න සුගුත‍්තො හොති, තෙන භණ‍්ඩුක‍්ඛලිකාය පක‍්ඛිපිත්‍වා පාසාණසුසිර රුක‍්ඛසුසිරාදීසු සුප‍්පටිච‍්ඡන‍්නෙසු ඨපෙත්‍වා ගන‍්තබ‍්බං.

“ගිලානො” ගිලන්බැවින් සඟළ සිවුරු හෝ උතුරුසඟළසිවුරු හෝ අඳන සිවුර හෝ ගෙන හැසිරෙන්නට නොසමත්වේද, මේ සියලුම ගිලාන වස්සිකසංකෙත නදීපාරගමන අත්‍ථත කඨිනය යන භාවයන්හි සිවුරු අගුලුලා රකින්නට හැකි වෙහෙරෙක තැබීමම ප්‍රමාණය. රකිනලද විහාරයෙකම තබා පිටතයෑම වටියි. නොරකින ලද වෙහෙරෙහි තබා පිටතයෑම නොවටියි. අරන්වැසි මහණහුගේ විහාරය මැනවින් ගොපනය කරන ලද්දේ නොවේ. ඔහු විසින් බඩුලන සැළකලා ගල්සිදුරු රුක්සිදුරු ආදිවූ සුපිළිපන් තැනක තබා යායුතුය.

සඞ‍්ඝිකචීවරුප‍්පාදකථා

සඞ්ඝිකචීවරුප්පාදකථා

තුය‍්හෙව භික‍්ඛු තානි චීවරානීති අඤ‍්ඤත්‍ථ ගහෙත්‍වා හටානිපි තුය‍්හෙව; න තෙසං අඤ‍්ඤො කොචි ඉස‍්සරොති. එවඤ‍්ච පන වත්‍වා අනාගතෙපි නික‍්කුක‍්කුච‍්චා ගණ‍්හිස‍්සන‍්තීති දස‍්සෙතුං ඉධ පනාතිආදිමාහ. තස‍්සෙව තානි චීවරානි යාව කථිනස‍්ස උබ‍්භාරාති සචෙ ගණපූරකෙ භික‍්ඛූ ලභිත්‍වා කථිනං අත්‍ථතං හොති, පඤ‍්චමාසෙ; නො චෙ අත්‍ථතං හොති, එකං චීවරමාසමෙව. යං “සඞ‍්ඝස‍්ස දෙමා”ති වා දෙන‍්ති, “සඞ‍්ඝං උද‍්දිස‍්ස දෙමා”ති වා දෙන‍්ති, “වස‍්සංවුත්‍ථසඞ‍්ඝස‍්ස දෙමා”ති වා දෙන‍්ති, “වස‍්සාවාසිකං දෙමා”ති වා දෙන‍්ති, සචෙපි මතකචීවරං අවිභජිත්‍වා තං විහාරං පවිසන‍්ති, තං සබ‍්බං තස‍්සෙව භික‍්ඛුනො හොති. යම‍්පි සො වස‍්සාවාසත්‍ථාය වඩ‍්ඪිං පයොජෙත්‍වා ඨපිතඋපනික‍්ඛෙපතො වා තත්‍රුප‍්පාදතො වා වස‍්සාවාසිකං ගණ‍්හාති, සබ‍්බං සුග‍්ගහිතමෙව හොති. ඉදමෙත්‍ථ ලක‍්ඛණං, යෙන තෙනාකාරෙන සඞ‍්ඝස‍්ස උප‍්පන‍්නං වත්‍ථං අත්‍ථතකථිනස‍්ස පඤ‍්චමාසෙ, අනත්‍ථතකථිනස‍්ස එකං චීවරමාසං පාපුණාතීති. යං පන “ඉදං ඉධ වස‍්සංවුත්‍ථසඞ‍්ඝස‍්ස දෙමා”ති වා “වස‍්සාවාසිකං දෙමා”ති වා වත්‍වා දින‍්නං, තං අනත්‍ථතකථිනස‍්සාපි පඤ‍්චමාසෙ පාපුණාති. තතො පරං පන උප‍්පන‍්නං වස‍්සාවාසිකං පුච‍්ඡිතබ‍්බං – “කිං අතීතවස‍්සෙ ඉදං වස‍්සාවාසිකං, උදාහු අනාගතවස‍්සෙ”ති! කස‍්මා? පිට‍්ඨිසමයෙ උප‍්පන‍්නත‍්තා.

“තුය්හෙව භික්‍ඛු තානි චීවරානි” අන් තැනක ගෙන යන ලද ඒ සිවුරු තොටමය. ඒ සිවුරුවලට අන්කිසිවෙක් ඊශ්වර නොවේ. මෙසේද කියා අනාගතයෙහිද කුකුස් නැත්තාහුයි දක්වන්නට. “ඉධ පන” යනාදිය වදාළ සේක. “තස්සෙව තානි චීවරානි යාව කඨිනස්ස උබ්හාරාය” ඉදින් ගණපූරක භික්‍ෂූන් ලැබ කඨිනය අතුළේවේද, පස්මසෙහි නොඅතුළේවේද, එක් චීවරමාසයකට යම් යම් සිවුරු වස්විසූ සඞ්ඝයාට දෙමුයි කියා හෝ දෙත්ද, සඞ්ඝයා උදෙසා දෙමුයි කියා හෝ දෙත්ද, වස්වසා නිමකළ සඞ්ඝයාට දෙමුයි කියා හෝ දෙත්ද, වස්සාවාසිකය දෙමු’යි කියා හෝ දෙත්ද, ඉදින් මතකචීවරය නොබෙදා එය විහාරයට ඇතුල් කෙරෙත්ද, ඒ සියල්ල ඒ මහණහුටම වේ. ඒ මහණතෙමේ වස්විසීම පිණිස වැඩෙහි යොදා තැබූ දෙයින් හෝ එහි උපන් දෙයින් හෝ යම් වස්සාවාසිකයක් ගනීද, සියල්ල මොනවට ගන්නා ලද්දේම වේ. මේ මෙහි ලක්‍ෂණයයි. ‘යම් අයුරකින් සඞ්ඝයාට උපන් වස්ත්‍රය ඇතුරු කඨිනය ඇත්තහුට පස්මසෙක්හිද නොඇතුරූ කඨිනය ඇත්තහුට එක් චීවරමායෙක්හිද පැමිණේ. යම් සිවුරක් වනාහි ‘මේ වස්ත්‍රය මෙහි වස්විසූ සඞ්ඝයාට දෙමු’යි කියා හෝ ‘වස්සාවාසිකය දෙමු’යි කියා හෝ දෙන ලද්දේ ද, ඒ සිවුර නොඇතුරූ කඨිනය ඇත්තහුටද පස්මසෙක්හි පැමිණේ. ඉන් පසුව උපන් වස්සාවාසිකය ‘කිම, මේ වස්සාවාසිකය, ඉකුත් වසෙහිද, නොහොත් අනාගත වසෙහිදැ’යි විචාළ යුතුය. කුමක්හෙයින යත්:- පිට්ඨිසමයෙහි උපන් බැවිනි.

උතුකාලන‍්ති වස‍්සානතො අඤ‍්ඤං කාලං. තානි චීවරානි ආදාය සාවත්‍ථිං ගන‍්ත්‍වාති එත්‍ථ තානි චීවරානි ගතගතට‍්ඨානෙ සඞ‍්ඝිකානෙව හොන‍්ති, භික‍්ඛූහි දිට‍්ඨමත‍්තමෙවෙත්‍ථ පමාණං. තස‍්මා සචෙ කෙචි පටිපථං ආගච‍්ඡන‍්තා “කුහිං ආවුසො ගච‍්ඡසී”ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා “කිං ආවුසො මයං සඞ‍්ඝො න හොමා”ති තත්‍ථෙව භාජෙත්‍වා ගණ‍්හන‍්ති, සුග‍්ගහිතානි. සචෙපි එස මග‍්ගා ඔක‍්කමිත්‍වා කඤ‍්චි විහාරං වා ආසනසාලං වා පිණ‍්ඩාය චරන‍්තො එකං ගෙහමෙව වා පවිසති, තත්‍ර ච නං භික‍්ඛූ දිස‍්වා තමත්‍ථං පුච‍්ඡිත්‍වා භාජෙත්‍වා ගණ‍්හන‍්ති, සුග‍්ගහිතානෙව.

“උතුකාලං” වස්සානයෙන් අනික් කලෙක. “තානි චීවරානි ආදාය සාවත්‍ථිං ගනත්‍වා” මෙහි සැවැත් නුවරට ගෙනගිය ඒ සිවුරු ගිය ගිය තැන සඞ්ඝිකම වෙත්. මහණුන් විසින් දුටු පමණම මෙහි ප්‍රමාණ වේ. එහෙයින් කිසි මහණෙක් පෙරමගට එනුයේ ‘ඇවත’ කොහි යෙහිදැ’යි විචාරා, එකරුණ අසා ‘ඇවැත’ කිම, අපි සඞ්ඝ නොවෙමුදැ’යි එහිදීම බෙදා ගනීනම්, මොනවට ගන්නා ලදහ. ඉදින් මේ මහණතෙමේ මගින් පහව පිඬුපිණිස හැසිරෙනුයේ කිසි වෙහෙරකට හෝ අසුන්හලකට හෝ එක් ගෙයකටම හෝ පිවිසේද භික්‍ෂූහු ඔහු දැක ඒ කරුණ විචාරා බෙදා ගනිත්ද, මොනවට ගන්නා ලද්දාහුමය.

අධිට‍්ඨාතුන‍්ති එත්‍ථ අධිට‍්ඨහන‍්තෙන වත‍්තං ජානිතබ‍්බං . තෙන හි භික‍්ඛුනා ඝණ‍්ටිං පහරිත්‍වා කාලං ඝොසෙත්‍වා ථොකං ආගමෙත්‍වා සචෙ ඝණ‍්ටිසඤ‍්ඤාය වා කාලසඤ‍්ඤාය වා භික‍්ඛූ ආගච‍්ඡන‍්ති, තෙහි සද‍්ධිං භාජෙතබ‍්බානි. නො චෙ ආගච‍්ඡන‍්ති, “මය‍්හිමානි චීවරානි පාපුණන‍්තී”ති අධිට‍්ඨාතබ‍්බානි. එවං අධිට‍්ඨිතෙ සබ‍්බානි තස‍්සෙව හොන‍්ති, ඨිතිකා පන න තිට‍්ඨති.

“අධිට්ඨාතුං” මෙහි ඒ සිවුරු ඉටන්නහු විසින් වත දතයුතුය. ඒ මහණහු විසින් ගෙඩිය ගසා කල් දන්වා මඳක්කල් බලාහිඳ ඉදින් ගෙඩිය ගැසූ සංඥාවෙන් හෝ කාලඝොෂා සංඥාවෙන් හෝ භික්‍ෂූහු පැමිණෙත්ද, ඔවුන් සමග බෙදිය යුතුය. ඉදින් නොඑත්නම්, ‘මට මේ සිවුරු පැමිණෙති’යි ඉටිය යුතුය. මෙසේ ඉටූකල්හි සියලු සිවුරු ඔහුටම වෙත්. ඨිතිකාවද නොසිටියි.

සචෙ එකෙකං උද‍්ධරිත්‍වා “අයං පඨමභාගො මය‍්හං පාපුණාති, අයං දුතියභාගො”ති එවං ගණ‍්හාති, ගහිතානි ච සුග‍්ගහිතානි හොන‍්ති, ඨිතිකා ච තිට‍්ඨති. එවං පාපෙත්‍වා ගණ‍්හන‍්තෙනාපි අධිට‍්ඨිතමෙව හොති. සචෙ පන ඝණ‍්ටිං පහරිත්‍වා වා අප‍්පහරිත්‍වා වා කාලම‍්පි ඝොසෙත්‍වා වා අඝොසෙත්‍වා වා “අහමෙවෙත්‍ථ මය‍්හමෙව ඉමානි චීවරානී”ති ගණ‍්හාති, දුග‍්ගහිතානි හොන‍්ති. අථ “අඤ‍්ඤො කොචි ඉධ නත්‍ථි, මය‍්හං එතානි පාපුණන‍්තී”ති ගණ‍්හාති, සුග‍්ගහිතානි.

ඉදින් එක එක උදුරා ‘මේ පළමු කොටස මට පැමිණේ, මේ දෙවන කොටසැ’යි මෙසේ ගනීනම්, ගන්නා ලද්දාහු මොනවට ගන්නා ලද්දාහු වෙත්. ඨිතිකාවද සිටියි. මෙසේ පමණුවා ගන්නහු විසින්ද, ඉටන ලද්දේම වේ. ගෙඩිය ගසා හෝ නොගසා හෝ කල් දන්වා හෝ නොදන්වා හෝ ‘මම පමණෙක්මය, මේ සිවුරු මාගේමයයි ගනීනම්, නොමනා ලෙසින් ගන්නා ලද්දාහුම වෙත්. නැවත අන්කිසිවෙක් මෙහි නැත්තේය, මේ සිවුරු මට පැමිණෙති’යි ගනීද, මැනවින් ගන්නා ලද්දාහු වෙත්.

පාතිතෙ කුසෙති එකකොට‍්ඨාසෙ කුසදණ‍්ඩකෙ පාතිතමත‍්තෙ සචෙපි භික‍්ඛුසහස‍්සං හොති, ගහිතමෙව නාම චීවරං. නාකාමා භාගො දාතබ‍්බො. සචෙ පන අත‍්තනො රුචියා දාතුකාමා හොන‍්ති, දෙන‍්තු. අනුභාගෙපි එසෙව නයො.

“පාතිතෙ කුසෙ” එක් කොටසෙක්හි කුසදඬුව හෙළු ඇසිල්ලෙහි භික්‍ෂූන් දහසක් වේ නම් සිවුර ගන්නා ලද්දේම වේ. නොකැමැත්තෙන් කොටස නොදිය යුතුය. තමන්ගේ කැමත්තෙන් දෙනු කැමැත්තාහු වෙත්ද, දෙත්වා, නැවත දෙන කොටසෙහිද මේනයම වේ.

සචීවරානීති “කාලචීවරම‍්පි සඞ‍්ඝස‍්ස ඉතොව දස‍්සාම, විසුං සජ‍්ජියමානෙ අතිචිරං හොතී”ති ඛිප‍්පංයෙව සචීවරානි භත‍්තානි අකංසු. ථෙරෙ ආගම‍්ම උප‍්පන‍්නානීති තුම‍්හෙසු පසාදෙන ඛිප‍්පං උප‍්පන‍්නානි.

“සචීවරානි” කාලචීවරයක් නමුදු සඞ්ඝයාට මෙයින්ම දෙන්නෙමු වෙන්ව පිළියෙල කරණකල්හි ඉතා කල්ගතවේයයි වහාම සිවුරු සහිතව බත් පිළියෙල කළහ. “ථෙරෙ ආගම්ම උප්පන්නානි” ඔබවහන්සේලා කෙරෙහි පැහැදීම කරණකොට වහා උපන්හ.

සඞ‍්ඝස‍්ස දෙමාති චීවරානි දෙන‍්තීති සකලම‍්පි චීවරකාලං සණිකං සණිකං දෙන‍්තියෙව. පුරිමෙසු පන ද‍්වීසු වත්‍ථූසු පච‍්ඡින‍්නදානත‍්තා අදංසූති වුත‍්තං. සම‍්බහුලා ථෙරාති විනයධරපාමොක‍්ඛථෙරා. ඉදං පන වත්‍ථුං සද‍්ධිං පුරිමෙන ද‍්වෙභාතිකවත්‍ථුනා පරිනිබ‍්බුතෙ භගවති උප‍්පන‍්නං, ඉමෙ ච ථෙරා දිට‍්ඨපුබ‍්බා තථාගතං, තස‍්මා පුරිමෙසු වත්‍ථූසු තථාගතෙන පඤ‍්ඤත‍්තනයෙනෙව කථෙසුං.

“සඞ්ඝස්ස දෙමාති චීවරානි දෙන්ති” සියලු චීවරකාලයෙහි වහවහා දෙත්මය. පළමු වස්තු දෙක්හි සුන්වූ දන් ඇති බැවින් දුන්හයි කියනලදී. “සම්බහුලා ථෙරා” විනයධරවූ ප්‍රධාන ස්ථවිරයන් වහන්සේලා මේ වස්තුව, පළමු ද්වෙභාතුක වස්තුව සමග භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උපන්නේය. මේ ස්ථවිරයන් වහන්සේලා තථාගතයන් වහන්සේ දක්නා ලද විරූහ. එහෙයින් පළමු වස්තූන්හි තථාගතයන් වහන්සේ විසින් පැණවූ නයින්ම කීහ.

උපනන්‍දසක්‍යපුත‍්තවත්‍ථුකථා

උපනන්දසක්යපුත්තවත්ථුකථා

ගාමකාවාසං අගමාසීති අප‍්පෙව නාම චීවරානි භාජෙන‍්තා මය‍්හම‍්පි සඞ‍්ගහං කරෙය්‍යුන‍්ති චීවරභාජනකාලං සල‍්ලක‍්ඛෙත්‍වාව අගමාසි. සාදියිස‍්සසීති ගණ‍්හිස‍්සසි. එත්‍ථ ච කිඤ‍්චාපි තස‍්ස භාගො න පාපුණාති. අථ ඛො “නගරවාසිකො අයං මුඛරො ධම‍්මකථිකො”ති තෙ භික‍්ඛූ “සාදියිස‍්සසී”ති ආහංසු. යො සාදියෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති එත්‍ථ පන කිඤ‍්චාපි ලහුකා ආපත‍්ති, අථ ඛො ගහිතානි ගහිතට‍්ඨානෙ දාතබ‍්බානි. සචෙපි නට‍්ඨානි වා ජිණ‍්ණානි වා හොන‍්ති, තස‍්සෙව ගීවා. දෙහීති වුත‍්තෙ අදෙන‍්තො ධුරනික‍්ඛෙපෙ භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො.

“ගාමකාවාසං අගමාසි” සිවුරු බෙදන්නෝ මටද සඞ්ග්‍රහ කරන්නාහු ඉතා මැනවැයි සිවුරු බෙදන කාලය සලකාම ගියේය. “සාදියිස්සසි” ගන්නෙහිද, මෙහිදී කිසිසේත් ඒ උපනන්‍ද තෙරුන්ට කොටසක් නොපැමිණේ. එහෙත් ඒ භික්‍ෂූහු ‘මේ උපනන්‍ද මහණ නුවරවැසි මුඛරවූ ධර්‍මකථිකයෙකැ’යි සිවුරු කොටස ඉවසන්නෙහිදැ’යි විචාළාහුය. “යො සාදිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස” මෙහි කිසිසේත් ලහුකාපත්තිය වේ. එහෙත් ගන්නාලද සිවුරු ගත්තැනදී දියයුතුය. ඉදින් නැසුනාහු හෝ දිරාගියාහු හෝ වෙත්ද, ඔහුටම ග්‍රීවා වේ. දෙව’යි කියූ කල්හි නොදෙනුයේ ධුරනික්‍ෂෙපය ඇති කල්හි බඩු අගය වසයෙන් කරවිය යුතුය.

එකාධිප‍්පායන‍්ති එකං අධිප‍්පායං; එකං පුග‍්ගලපටිවීසමෙව දෙථාති අත්‍ථො. ඉදානි යථා සො දාතබ‍්බො, තං දස‍්සෙතුං තන‍්තිං ඨපෙන‍්තො ඉධ පනාතිආදිමාහ. තත්‍ථ සචෙ අමුත්‍ර උපඩ‍්ඪං අමුත්‍ර උපඩ‍්ඪන‍්ති එකෙකස‍්මිං එකාහමෙකාහං වා සත‍්තාහං සත‍්තාහං වා සචෙ වසති, එකෙකස‍්මිං විහාරෙ යං එකො පුග‍්ගලො ලභති, තතො තතො උපඩ‍්ඪං උපඩ‍්ඪං දාතබ‍්බං. එවං එකාධිප‍්පායො දින‍්නො හොති. යත්‍ථ වා පන බහුතරන‍්ති සචෙ එකස‍්මිං විහාරෙ වසන‍්තො ඉතරස‍්මිං සත‍්තාහවාරෙන අරුණමෙව උට‍්ඨාපෙති, එවං පුරිමස‍්මිං බහුතරං වසති නාම. තස‍්මා තතො බහුතරං වසිතවිහාරතො තස‍්ස පටිවීසො දාතබ‍්බො. එවම‍්පි එකාධිප‍්පායො දින‍්නො හොති. ඉදඤ‍්ච නානාලාභෙහි නානූපචාරෙහි එකසීමවිහාරෙහි කථිතං, නානාසීමවිහාරෙ පන සෙනාසනග‍්ගාහො පටිප‍්පස‍්සම‍්භති. තස‍්මා තත්‍ථ චීවරපටිවීසො න පාපුණාති. සෙසං පන ආමිසභෙසජ‍්ජාදි සබ‍්බං සබ‍්බත්‍ථ අන‍්තොසීමගතස‍්ස පාපුණාති.

“එකාධිප්පායං” එක් අදහසය. එක් පුද්ගලයෙක්හට දියයුතු කොටසක්ම දෙවු’ යන අර්‍ත්‍ථයි. දැන් එය යම්සේ දියයුතු නම් එය දක්වන්නට පෙළ තබන සේක් “ඉධපන” යනාදිය වදාළ සේක. එහි “සචෙ අමුත්‍ර උපඩ්ඪං අමුත්‍ර උපඩ්ඪං” එක් එක් ආවාසයෙක්හි එක් එක් දවස හෝ සත් සත් දවස හෝ ඉදින් වෙසේනම්, එක් එක් ආවාසයක එක් පුද්ගලයෙක් යම් කොටසක් ලබානම් ඒ ඒ කොටසින් අඩ අඩ කොටස දියයුතුය. මෙසේ එක් අධිප්‍රායෙක් දෙන ලද්දේ වේ. “යත්‍ථ වා පන බහුතරං” එක් විහාරයෙක්හි වසන්නේ අන්තැනෙක්හි, සෙසු කිසක් නැති බැවින් සත්තාහවාරයක අරුණම නන්වාද, මෙසේ පළමු විහාරයෙහි ඉතා වැඩියක් වෙසේ නම. එහෙයින් ඒ ඉතා වැඩිකලක් විසූ විහාරයෙන් ඒ මහණහුට කොටස දියයුතුය. මෙසේද එක් අධිප්‍රායෙක් දෙන ලද්දේ වේ. මෙය වනාහි නොයෙක් ලාභ ඇති පවුරු ආදියෙන් පිරිසිඳී නොයෙක් උපචාර ඇති එක් සීමාවක් ඇති විහාර කරුණුකොට කියන ලදය. නොයෙක් සීමා ඇති විහාරයෙහි සෙනසුන් ගැන්ම සංසිදීයයි. එහෙයින් එහි සිවුරුකොටස නොපැමිණේ. සෙසු ආමිෂභෛෂද්‍යාදී වූ සියල්ල හැමතන්හි සීමාව තුළට පැමිණියහුට ලැබේ.

ගිලානවත්‍ථුකථා

ගිලානවත්ථුකථා

මඤ‍්චකෙ නිපාතෙසුන‍්ති එවං ධොවිත්‍වා අඤ‍්ඤං කාසාවං නිවාසෙත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජාපෙසුං; නිපජ‍්ජාපෙත්‍වා ච පනායස‍්මා ආනන්‍දො මුත‍්තකරීසකිලිට‍්ඨං කාසාවං ධොවිත්‍වා භූමියං පරිභණ‍්ඩං අකාසි. යො භික‍්ඛවෙ මං උපට‍්ඨහෙය්‍ය, සො ගිලානං උපට‍්ඨහෙය්‍යාති යො මං ඔවාදානුසාසනීකරණෙන උපට‍්ඨහෙය්‍ය, සො ගිලානං උපට‍්ඨහෙය්‍ය; මම ඔවාදකාරකෙන ගිලානො උපට‍්ඨාතබ‍්බොති අයමෙවෙත්‍ථ අත්‍ථො. භගවතො ච ගිලානස‍්ස ච උපට‍්ඨානං එකසදිසන‍්ති එවං පනෙත්‍ථ අත්‍ථො න ගහෙතබ‍්බො. සඞ‍්ඝෙන උපට‍්ඨාතබ‍්බොති යස‍්සෙතෙ උපජ‍්ඣාදයො තස‍්මිං විහාරෙ නත්‍ථි, ආගන‍්තුකො හොති එකචාරිකො භික‍්ඛු, සො සඞ‍්ඝස‍්ස භාරො, තස‍්මා සඞ‍්ඝෙන උපට‍්ඨාතබ‍්බො. නො චෙ උපට‍්ඨහෙය්‍ය, සකලස‍්ස සඞ‍්ඝස‍්ස ආපත‍්ති. වාරං ඨපෙත්‍වා ජග‍්ගන‍්තෙසු පන යො අත‍්තනො වාරෙ න ජග‍්ගති, තස‍්සෙව ආපත‍්ති. සඞ‍්ඝත්‍ථෙරොපි වාරකො න මුච‍්චති. සචෙ සකලො සඞ‍්ඝො එකස‍්ස භාරං කරොති, එකො වා වත‍්තසම‍්පන‍්නො භික‍්ඛු අහමෙව ජග‍්ගිස‍්සාමීති පටිජග‍්ගති, සඞ‍්ඝො ආපත‍්තිතො මුච‍්චති.

“මඤ්චකෙ නිපාතෙසුං” මෙසේ සෝදා අන් සිවුරක් හන්දවා ඇඳෙහි සයනය කරවූහ. සයනය කරවාද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ මලමූත්‍රයෙන් කිලිටි වූ සිවුර සෝදා බිමද පිරිබඩ කෙළේය. “යො භික්‍ඛවෙ මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය” යමෙක් මාගේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් උපස්ථාන කරන්නේ නම්, හෙතෙමේ ගිලන්හට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය කරන්නාහු විසින් ගිලන් තැනැත්තහුට උපස්ථාන කටයුතුය යනු මෙහි මේ අර්‍ත්‍ථය වේ. ‘භාග්‍යවතුන් වහන්සේටද ගිලන්හටද කරන උපස්ථානය ඒකාකාරයයි මෙසේ මෙහි අර්‍ත්‍ථ නොගත යුතුය. “සඞ්ඝෙන උපට්ඨාතබ්බො” යම් ගිලනක්හුගේ ඒ උපාද්ධ්‍යායාදීහු ඒ විහාරයෙහි නැත්තාහුද, ආගන්තුකයෙක් වේද, ඒ එකලාව හැසිරෙණ මහණ සඞ්ඝයාට භාර වේ. එහෙයින් සඞ්ඝයා විසින් උපස්ථාන කටයුතුය. ඉදින් උපස්ථාන නොකරන්නේනම් සියලු සඞ්ඝයාහට ඇවැත් වේ. වාරනියමකොට තබාගෙන පිළිදැගුම් කරන්නවුන් අතුරෙහි යමෙක් තමන්ගේ වාරයෙහි පිළිදැගුම් නොකෙරේනම්, ඔහුටම ඇවැත් වේ. සඞ්ඝ ස්ථවිරතෙමේද වාරයෙන් නොමිදේ. සියලු සඞ්ඝයා වහන්සේ එක් නමක්හට භාර කෙරේද, වතින් යුත් එක් මහණෙක් හෝ මමම පිළිදැගුම් කරන්නෙමි’යි පිළිදැගුම් කෙරේනම්, සඞ්ඝයා ඇවැතින් මිදේ.

අභික‍්කමන‍්තං වා අභික‍්කමතීතිආදීසු වඩ‍්ඪන‍්තං වා ආබාධං “ඉදං නාම මෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස වඩ‍්ඪති, ඉදං පරිභුඤ‍්ජන‍්තස‍්ස පරිහායති, ඉදං පරිභුඤ‍්ජන‍්තස‍්ස තිට‍්ඨතී”ති යථාභූතං නාවිකරොතීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. නාලන‍්ති න පතිරූපො, න යුත‍්තො උපට‍්ඨාතුං. භෙසජ‍්ජං සංවිධාතුන‍්ති භෙසජ‍්ජං යොජෙතුං අසමත්‍ථො හොති. ආමිසන‍්තරොති ආමිසං අස‍්ස අන‍්තරන‍්ති ආමිසන‍්තරො. අන‍්තරන‍්ති කාරණං වුච‍්චති; ආමිසකාරණා යාගුභත‍්තපත‍්තචීවරානි පත්‍ථෙන‍්තො උපට‍්ඨාතීති අත්‍ථො.

“අභික්කමන්තවා අභික්කමති” යනාදියෙහි වැඩෙන්නා වූ හෝ ආබාධය මෙනම් දෙය අනුභව කරන මාගේ ආබාධය වැඩෙන්නේය. මෙනම් දෙය අනුභව කරන්නා වූ මාගේ ආබාධය පිරිහෙන්නේය. මෙනම් දෙය අනුභව කරන්නාවූ මාගේ ආබාධය පවත්නේය’යි තතුසේ ප්‍රකාශ නොකෙරේය’යි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය. “නාලං” නොසුදුසුය. උපස්ථාන කරන්නට යුතුනොවේ. “භෙසජ්ජං සංවිධාතුං” වෙදහු කියූ ලෙසින් බෙහෙත් යොදන්නට සමර්‍ත්‍ථ නොවේද, “ආමිසන්තරො” ආමිෂය මොහුට කරුණුවූයේනුයි ආමිසන්තර නම. අනතුරු කාරණය කියනු ලැබේ. ආමිෂ හෙතුවෙන් කැඳ බත් පාසිවුරු පතමින් උපස්ථාන කෙරේය යන අර්‍ත්‍ථයි.

මතසන‍්තකකථා

මතසන්තකකථා

කාලඞ‍්කතෙති කාලකිරියාය. ගිලානුපට‍්ඨාකානං දාතුන‍්ති එත්‍ථ අනන‍්තරං වුත‍්තාය කම‍්මවාචාය දින‍්නම‍්පි අපලොකෙත්‍වා දින‍්නම‍්පි දින‍්නමෙව හොති, වට‍්ටති.

“කාලකතෙ” කලුරිය කළකල්හි “ගිලානුපට්ඨාකානං දාතුං” ගිලානොපස්ථායිකයන්ට ඔහු සතු පාසිවුරු දෙන්නට යන මෙහි අනතුරුව කියන ලද කර්‍මවාක්‍යයෙන් දෙන ලද්ද, අපලොකනය කොට දෙන ලද්ද ද දෙනලද්දේම වේ. වටියි.

යං තත්‍ථ ලහුභණ‍්ඩං යං තත්‍ථ ගරුභණ‍්ඩන‍්ති එත්‍ථ ලහුභණ‍්ඩගරුභණ‍්ඩානං නානාකරණං පරතො වණ‍්ණයිස‍්සාම. ගිලානුපට‍්ඨාකලාභෙ පන අයං ආදිතො පට‍්ඨාය විනිච‍්ඡයො –

“යං තත්‍ථ ලහුභණ්ඩං යං තත්‍ථ ගරුභණ්ඩං” මෙහි ලහුභාණ්ඩ ගරු භාණ්ඩයන්ගේ වෙනස ඉදිරියෙහි වර්‍ණනා කරන්නෙමු. ගිලානොපස්ථාය කලාහයෙහි මේ මුලපටන් විනිශ්චයයි.

සචෙ සකලෙ භික‍්ඛුසඞ‍්ඝෙ උපට‍්ඨහන‍්තෙ කාලං කරොති, සබ‍්බෙපි සාමිකා. අථ එකච‍්චෙහි වාරෙ කතෙ එකච‍්චෙහි අකතෙයෙව කාලං කරොති, තත්‍ථ එකච‍්චෙ ආචරියා වදන‍්ති – “සබ‍්බෙපි අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ කරෙය්‍යුං, තස‍්මා සබ‍්බෙපි සාමිනො”ති. එකච‍්චෙ වදන‍්ති – “යෙහි ජග‍්ගිතො තෙ එව ලභන‍්ති, ඉතරෙ න ලභන‍්තී”ති. සාමණෙරෙ කාලඞ‍්කතෙ සචෙ චීවරං අත්‍ථි, ගිලානුපට‍්ඨාකානං දාතබ‍්බං. නො චෙ අත්‍ථි යං අත්‍ථි, තං දාතබ‍්බං. අඤ‍්ඤස‍්මිං පරික‍්ඛාරෙ සති චීවරභාගං කත්‍වා දාතබ‍්බං.

ඉදින් සියලු භික්‍ෂු සඞ්ඝයා උපස්ථාන කරන කල්හි කලුරිය කෙරේනම් සියල්ලෝම ස්වාමීහු වෙත්. එකල්හි සමහරුන් විසින් වාරය කළ කල්හි සමහරුන් විසින් නොකළකල්හිම කලුරිය කෙරේ නම් එහි සමහර ආචාර්‍ය්‍යයෝ තමන්ගේ වාරය පැමිණි කල්හි සියල්ලෝම උපස්ථාන කරන්නාහ, එහෙයින් සියල්ලෝම ස්වාමීහු’යි කියත් මෙහිලා සමහර ආචාර්‍ය්‍යයෝ ‘යමක්හු විසින් පිළිදැගුම් කරන ලද්දේ ද, ඔවුහුම ලබත්. අන්‍යයෝ නොලබත්’යි කියත්. හෙරණෙකු කලුරිය කළ කල්හි ඔහු සතු සිවුරක් ඇත්තේනම් එය ගිලානොපස්ථායකයන්ට දියයුතුය. නැත්තේනම්, යමක් ඇත්තේනම් එය දිය යුතුය. අන්පිරිකරක් ඇති කල්හි සිවුරේ සමකොටස දියයුතුය.

භික‍්ඛු ච සාමණෙරො ච සචෙ සමං උපට‍්ඨහිංසු, සමකො භාගො දාතබ‍්බො. අථ සාමණෙරොව උපට‍්ඨහති, භික‍්ඛුස‍්ස සංවිදහනමත‍්තමෙව හොති, සාමණෙරස‍්ස ජෙට‍්ඨකභාගො දාතබ‍්බො. සචෙ සාමණෙරො භික‍්ඛුනා ආනීතඋදකෙන යාගුං පචිත්‍වා පටිග‍්ගාහාපනමත‍්තමෙව කරොති, භික‍්ඛු උපට‍්ඨහති, භික‍්ඛුස‍්ස ජෙට‍්ඨකභාගො දාතබ‍්බො.

මහණෙක්ද හෙරණෙක්දැයි දෙදෙනෙක් සමසේ උපස්ථාන කළාහු නම් සමකොටස දියයුතුය. එකල්හි හෙරණෙක්ම උපස්ථාන කෙරේනම්, මහණහුගේ සංවිධානමාත්‍රයක්මවේද, හෙරණහුට ප්‍රධාන කොටස දියයුතුය. හෙරණතෙමේ මහණහු විසින් ගෙනෙන ලද දියෙන් කැඳ පිස පිළිගැන්වීම පමණක්ම කෙරේද, මහණතෙමේ උපස්ථාන කෙරේද, මහණහුට ප්‍රධාන කොටස දියයුතුය.

බහූ භික‍්ඛූ සමග‍්ගා හුත්‍වා උපට‍්ඨහන‍්ති, සබ‍්බෙසං සමකො භාගො දාතබ‍්බො. යො පනෙත්‍ථ විසෙසෙන උපට‍්ඨහති, තස‍්ස විසෙසො කාතබ‍්බො. යෙන පන එකදිවසම‍්පි ගිලානුපට‍්ඨාකවසෙන යාගුභත‍්තං වා පචිත්‍වා දින‍්නං, නහානං වා පටියාදිතං, සොපි ගිලානුපට‍්ඨාකොව. යො සමීපං අනාගන‍්ත්‍වා භෙසජ‍්ජතණ‍්ඩුලාදීනි පෙසෙති, අයං ගිලානුපට‍්ඨාකො න හොති. යො පරියෙසිත්‍වා ගාහාපෙත්‍වා ආගච‍්ඡති, අයං ගිලානුපට‍්ඨාකොව.

බොහෝ මහණහු සියල්ලෝ සමගිව උපස්ථාන කෙරෙත්ද, සියල්ලන්ට සම කොටස දියයුතුය. යමෙක් මෙහි වෙසෙසින් උපස්ථාන කෙරේද, ඔහුට විශේෂයක් කටයුතුය. යමක්හු විසින් වනාහි එක් දවසකුදු ගිලානොපස්ථායක වශයෙන් කැඳබත් හෝ පිසදෙන ලද්දේ ද, නානාපැන් හෝ පිළියෙල කරන ලද්දේ ද හෙතෙමේද ගිලානොපස්ථායකයාමය. යමෙක් සමීපයට නොපැමිණ බෙහෙත් සහල් ආදිය යවාද, මෙතෙමේ ගිලානොපස්ථායකයෙක් නොවේ. යමෙක් බෙහෙත් සහල් ආදිය සොයාගෙන, සොයාගත් දැය ගෙන්වාගෙන ඒද, මෙතෙමේ ගිලානොපස්ථායකයෙක්මය.

එකො වත‍්තසීසෙන ජග‍්ගති; එකො පච‍්චාසාය, මතකාලෙ උභොපි පච‍්චාසීසන‍්ති, උභින‍්නම‍්පි දාතබ‍්බං. එකො උපට‍්ඨහිත්‍වා ගිලානස‍්ස වා කම‍්මෙන අත‍්තනො වා කම‍්මෙන කත්‍ථචි ගතො “පුන ආගන‍්ත්‍වා ජග‍්ගිස‍්සාමී”ති, එතස‍්සපි දාතබ‍්බං. එකො චිරං උපට‍්ඨහිත්‍වා “ඉදානි න සක‍්කොමී”ති ධුරං නික‍්ඛිපිත්‍වා ගච‍්ඡති, සචෙපි තංදිවසමෙව ගිලානො කාලංකරොති, උපට‍්ඨාකභාගො න දාතබ‍්බො.

එකෙක් ව්‍රතශීර්‍ෂයෙන් පිළිදැගුම් කෙරේද, එකෙක් ප්‍රත්‍යයාශාවෙන් පිළිදැගුම් කෙරේද ගිලනහු මළකල්හි දෙදෙනම බලාපොරොත්තුවෙත්නම් දෙදෙනාහටම දියයුතුය. එකෙක් උපස්ථානකොට නැවත අවුත් උපස්ථාන කරන්නෙමියි ගිලනහුගේ කර්‍මයක් නිසා හෝ තමන්ගේ කර්‍මයක් නිසා හෝ කිසි තැනක ගියේද, මොහුටත් දියයුතුය. එකෙක් බොහෝ කලක් උපස්ථාන කොට දැන් නොහැක්කෙමියි ධුනික්‍ෂෙප කොටයේද, ඉදින් එදවසම ගිලන්තෙමේ කලුරිය කෙරේනම් උපස්ථායකභාගය නොදිය යුතුය.

ගිලානුපට‍්ඨාකො නාම ගිහි වා හොතු පබ‍්බජිතො වා, අන‍්තමසො මාතුගාමොපි, සබ‍්බෙ භාගං ලභන‍්ති. සචෙ තස‍්ස භික‍්ඛුනො පත‍්තචීවරමත‍්තමෙව හොති, අඤ‍්ඤං නත්‍ථි; සබ‍්බං ගිලානුපට‍්ඨාකානංයෙව දාතබ‍්බං. සචෙපි සහස‍්සං අග‍්ඝති, අඤ‍්ඤං පන බහුම‍්පි පරික‍්ඛාරං තෙ න ලභන‍්ති; සඞ‍්ඝස‍්සෙව හොති. අවසෙසං භණ‍්ඩං බහුකඤ‍්චෙව මහග‍්ඝඤ‍්ච, තිචීවරං අප‍්පග‍්ඝං; තතො ගහෙත්‍වා තිචීවරපරික‍්ඛාරො දාතබ‍්බො. සබ‍්බඤ‍්චෙතං සඞ‍්ඝිකතොව ලබ‍්භති.

ගිලානොපස්ථායක තෙමේ නම් ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා යටත්පිරිසයින් මාගමක් හෝ වේවා, සියල්ලෝ කොටස ලබත්. මේ මහණහුට පාසිවුරු පමණක්ම වේද, අනිකක් නැත්තේද, සියල්ල ගිලානොපස්ථායකයන්ටම දියයුතුය. ඉදින් දහසක් අගනේනම්, ගිලානොපස්ථායකයන්ටම දියයුතුය. අන්‍යවූ බොහෝ පිරිකර ඇත්තේද, උපස්ථායකයෝ ඒ නොලබත්. සඞ්ඝයාටම වේ. සෙසු භාණ්ඩ හා බොහෝ වේද, මාහැඟි වේද, තුන්සිවුර මදක් අගීද, එයින් ගෙන තුන්සිවුරු පිරිකර දියයුතුය. මේ සියල්ලද සාඞ්ඝිකයෙන් ලැබේ.

සචෙ පන සො ජීවමානොයෙව සබ‍්බං අත‍්තනො පරික‍්ඛාරං නිස‍්සජ‍්ජිත්‍වා කස‍්සචි අදාසි, කොචි වා විස‍්සාසං අග‍්ගහෙසි, යස‍්ස දින‍්නං, යෙන ච ගහිතං, තස‍්සෙව හොති. තස‍්ස රුචියා එව ගිලානුපට‍්ඨාකා ලභන‍්ති, අඤ‍්ඤෙසං අදත්‍වා දූරෙ ඨපිතපරික‍්ඛාරාපි තත්‍ථ තත්‍ථ සඞ‍්ඝස‍්සෙව හොන‍්ති. ද‍්වින‍්නං සන‍්තකං හොති අවිභත‍්තං, එකස‍්මිං කාලඞ‍්කතෙ ඉතරො සාමී . බහූනම‍්පි සන‍්තකෙ එසෙව නයො. සබ‍්බෙසු මතෙසු සඞ‍්ඝිකං හොති. සචෙපි අවිභජිත්‍වා සද‍්ධිවිහාරිකාදීනං දෙන‍්ති අදින‍්නමෙව හොති. විභජිත්‍වා දින‍්නං පන සුදින‍්නං. තං තෙසු මතෙසුපි සද‍්ධිවිහාරිකාදීනංයෙව හොති, න සඞ‍්ඝස‍්ස.

හෙතෙමේ ජීවත්වනුයේම තමන්ගේ සියලු පිරිකර නිසාද කිසිවක්හට දුන්නේද, කිසිවෙක් විශ්වාසයෙන් ගත්තේද, යමෙක්හට දෙනලද්දේ ද, යමෙක්හු විසින් ගන්නා ලද්දේ ද, ඔහුටම වේ. ඔහුගේ කැමැත්තෙන්ම ගිලානොපස්ථායකයෝ ලබත්. අන්හට නොදී දුර තැබූ පිරිකරද ඒ ඒ තන්හි සඞ්ඝයාහටම වේ. දෙදෙනෙකු සතුවූ පිරිකරක් නොබෙදන ලද්දේවේද, එකකු කලුරිය කළ කල්හි අනිකා ස්වාමියා වේ. බොහෝ දෙනෙකු සතුවූවේද මේනයම වේ. සියල්ලන් මළකල්හි සඟසතු වේ. ඉදින් නොබෙදා සද්ධිවිහාරිකාදීන්ට දේද, නොදෙන ලද්දේම වේ. බෙදා දෙන ලද්ද මනාකොට දෙන ලද්දේ වේ. එය ඔවුන් මළකල්හි සද්ධිවිහාරිකාදීන්ටම වේ. සඞ්ඝයාට නොවේ.

කුසචීරාදිපටික‍්ඛෙපකථා

කුසචීරාදිපටික්ඛෙපකථා

කුසචීරාදීසු අක‍්කනාළන‍්ති අක‍්කනාළමයං. පොත්‍ථකොති මකචිමයො වුච‍්චති. සෙසානි පඨමපාරාජිකවණ‍්ණනායං වුත‍්තානි. තෙසු පොත්‍ථකෙ එව දුක‍්කටං. සෙසෙසු ථුල‍්ලච‍්චයානීති. අක‍්කදුස‍්සකදලිදුස‍්සඑරකදුස‍්සානි පන පොත්‍ථකගතිකානෙව.

කුසචිරාදියෙහි “අක්කනාළං” වරාදඬුවෙන් කළ සිවුර. “පොත්‍ථකො” නියඳකෙඳිවලින් කළ සිවුර කියනු ලැබේ. සෙස්සෝ ප්‍රථමපාරාජික වර්‍ණනාවෙහි කියන ලදහ. ඔවුන් අතුරෙහි නියඳ වැහරියෙන් කළ සිවුරු ඇඳීමෙහි දුක්කටය වේ. සෙසු සිවුරු ඇඳීමෙහි ථුල්ලච්චයාදීහු වෙත්. වරා හුයින් කළ වස්ත්‍ර, කෙසෙල්හුයෙන් කළ වස්ත්‍ර, එරුහුයින් කළවස්ත්‍ර, නියඳ වැහැරියෙන් කළ වස්ත්‍ර ගතිකම වෙත්.

සබ‍්බනීලකාදීනි රජනං ධොවිත්‍වා පුන රජිත්‍වා ධාරෙතබ‍්බානි. න සක‍්කා චෙ හොන‍්ති ධොවිතුං, පච‍්චත්‍ථරණානි වා කාතබ‍්බානි. දුපට‍්ටචීවරස‍්ස වා මජ‍්ඣෙ දාතබ‍්බානි. තෙසං වණ‍්ණනානත‍්තං උපාහනාසු වුත‍්තනයමෙව. අච‍්ඡින‍්නදසදීඝදසානි දසා ඡින්‍දිත්‍වා ධාරෙතබ‍්බානි. කඤ‍්චුකං ලභිත්‍වා ඵාලෙත්‍වා රජිත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. වෙඨනෙපි එසෙව නයො. තිරීටකං පන රුක‍්ඛඡල‍්ලිමයං; තං පාදපුඤ‍්ඡනං කාතුං වට‍්ටති.

සියල්ල නිල්වන් සිවුරු ආදිය රඳන් ගලවාහැර නැවත රඳන්කොට දියයුතුය. ඔවුන්ගේ පැහැයෙහි වෙනස්කම උපාහනයන්හි කියූ නයමය. “අච්ඡින්නදස - දීඝදසානි” නොසිඳිනලද දාව ඇති, දිග්දාව, ඇතිසිවුරු දාව සිඳ දැරිය යුතුය. සැට්ටයක් ලැබ පලා පඬුපොවා පරිභොග කිරීම වටීමය. වෙළුමෙහිද මේනයම වේ. සුඹුළු වනාහි රුක්පතුරුමය. එය පාපිස්නක් කිරීම වටීයි.

පතිරූපෙ ගාහකෙති සචෙ කොචි භික‍්ඛු “අහං තස‍්ස ගණ‍්හාමී”ති ගණ‍්හාති, දාතබ‍්බන‍්ති අත්‍ථො. එවමෙතෙසු තෙවීසතියා පුග‍්ගලෙසු සොළස ජනා න ලභන‍්ති, සත‍්ත ජනා ලභන‍්තීති.

“පතිරූපෙ ගාහකෙ” ඉදින් කිසි මහණෙක් ‘මම ඔහුගේ කොටස ගනිමි’යි ගනීනම් දිය යුතුය යන අර්‍ත්‍ථයි. මෙසේ මේ තෙවිසි පුද්ගලයන් අතුරෙහි සොළොස් දෙනෙක් නොලබත්. සත්දෙනෙක් ලබත්යි

සඞ‍්ඝෙභින‍්නෙචීවරුප‍්පාදකථා

සඞ්ඝෙභින්නෙචීවරුප්පාදකථා

සඞ‍්ඝො භිජ‍්ජතීති භිජ‍්ජිත්‍වා කොසම‍්බකභික‍්ඛූ විය ද‍්වෙ කොට‍්ඨාසා හොන‍්ති. එකස‍්මිං පක‍්ඛෙති එකස‍්මිං කොට‍්ඨාසෙ දක‍්ඛිණොදකඤ‍්ච ගන්‍ධාදීනි ච දෙන‍්ති, එකස‍්මිං චීවරානි. සඞ‍්ඝස‍්සෙවෙතන‍්ති සකලස‍්ස සඞ‍්ඝස‍්ස ද‍්වින‍්නම‍්පි කොට‍්ඨාසානං එතං හොති, ඝණ‍්ටිං පහරිත්‍වා ද‍්වීහිපි පක‍්ඛෙහි එකතො භාජෙතබ‍්බං. පක‍්ඛස‍්සෙවෙතන‍්ති එවං දින‍්නෙ යස‍්ස කොට‍්ඨාසස‍්ස උදකං දින‍්නං, තස‍්ස උදකමෙව හොති; යස‍්ස චීවරං දින‍්නං, තස‍්සෙව චීවරං. යත්‍ථ පන දක‍්ඛිණොදකං පමාණං හොති, තත්‍ථ එකො පක‍්ඛො දක‍්ඛිණොදකස‍්ස ලද‍්ධත‍්තා චීවරානි ලභති, එකො චීවරානමෙව ලද‍්ධත‍්තාති උභොහිපි එකතො හුත්‍වා යථාවුඩ‍්ඪං භාජෙතබ‍්බං. ඉදං කිර පරසමුද‍්දෙ ලක‍්ඛණන‍්ති මහාඅට‍්ඨකථායං වුත‍්තං. තස‍්මිංයෙව පක‍්ඛෙති එත්‍ථ පන ඉතරො පක‍්ඛො අනිස‍්සරොයෙව. චීවරපෙසනවත්‍ථූනි පාකටානෙව.

සඞ්ඝො භිජ්ජති වස් විසූ මහණුන්ට සිවුරු නොදුන් කල්හි සඞ්ඝතෙමේ බිඳීගොස් කෝසම්බක භික්‍ෂූන් මෙන් දෙකොටසක් වේද, එකස්මිං පක්‍ඛෙ බිඳීගිය සඟ දෙකොටසින් එක් කොටසකට දක්‍ෂිණෝදකයද සුගන්‍ධාදියද දෙත්ද, එක් කොටසකට සිවුරු දෙත්ද, “සඞ්ඝස්සෙවෙතං” දෙකොටසම පිළිබඳ සියලු සඞ්ඝයාහටම වේ. ගෙඩිය ගසා දෙපස විසින්ම එක්ව බෙදා ගතයුතුය. “පක්‍ඛස්සෙවෙතං” මේ සිවුරු පක්‍ෂයකටමයයි කියා “මෙසේ දුන් කල්හි යම් කොටසකට දක්‍ෂිණෙදකය දෙනලද්දේ ද, ඒ කොටසට දියම පමණක්ම වේ. යම් කොටසකට සිවුර දෙන ලද්දේ ද, සිවුර ඒ කොටසටම වේ. යම් තැනෙක්හි දක්‍ෂිණෙදකය ප්‍රමාණවේද එහි එක් පක්‍ෂයද ක්‍ෂිණෙදකය ලැබූ බැවින් සිවුරු ලබයි. එක් පක්‍ෂයක් සිවුරු පමණක්ම ලත්බැවිනැයි දෙපක්‍ෂයම එක්ව වැඩිමහලු පිළිවෙළින් බෙදිය යුතුය. මේ වනාහි දඹදිවෙහි ලක්‍ෂණැයි මහා අර්‍ත්‍ථකථාවෙහි කියනලදී. “තස්මිං යෙව පක්‍ඛෙ” දක්‍ෂිණෙදකය දුන් පක්‍ෂයටම සිවුරු දෙත්ද, අනික් පක්‍ෂය එහි ඊශ්වර නොවේ. සිවුරුයවන වස්තූහු ප්‍රකටමයහ.