11. අබ්භානාරහමූලායපටිකස්සනා
11. අබ්භානාරහමූලායපටිකස්සනා
11. අබ්භානාරහමූලායපටිකස්සනාව
1. සො චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො’හං චිණ්ණමානත්තො අබ්භානාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. හේ පිරූ මානත ඇත්තේ අබ්භානයට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්ෂූනට “ඇවැත්නි, මම එක් පඤ්චාහප්‍රතිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදියැ යුතුදැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සිත්වා ඡාරත්තං මානත්තං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො: -පෙ- එවං ච පන භික්ඛවෙ ඡාරත්තං මානත්තං දාතබ්බං -පෙ- දින්නං සංඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා අපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ෂාඩ්රාත්‍රික මානත දිය යුතු ... සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
අබ්භානාරහමූලායපටිකස්සනා නිට්ඨිතා.
අබ්භානාරහමූලායපටිකස්සනාව නිමි.