10. මානත්තචාරිකමූලායපටිකස්සනා
10. මානත්තචාරිකමූලායපටිකස්සනා
10. මානත්තචාරිකමුලායපටිකස්සනාව
1. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ- සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. හේ මානත පුරණුයේ, අතරැ නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්ෂූනට “ඇවැත්නි, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට මම් පැමිණියෙමි … ඒ මම් මානත පුරණුයෙම්, නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය පටිකස්සිත්වා ඡාරත්තං මානත්තං දෙතු. එවං ච පන භික්ඛවෙ මූලාය පටිකස්සිතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචි. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තාරහො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචිං. තස්ස මෙ සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචිං.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු තෙරුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන තබා මෙසේ කියැ යුතු වන්නේය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතක් අවනිමි. ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස්දිනක් පිරිවෙස සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස් දිනක් පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සංඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙසැත්තෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයෙක මානත සඟහු යැදීමි.
තස්ස මෙ සඞ්ඝො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො. -පෙ- ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
ඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයෙක මානත දුනි. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවතක් අවනිමි. වහන්ස, (ඒ මම අතරැ අවන්) නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදිමි” යනු යි. දෙවනු දු යැදිය යුතු ... තෙවනුදු යැදියැ යුතු ... වියත් පිළිබල මහණක්හු විසින් මෙසේ සඟ තෙමේ දැන්වියැ යුතු:
3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ-. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සෙය්ය. එසා ඤත්ති.
3. “සඟ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ වුසූ පිරිවෙස් ඇත්තේ තුන් ඇවැත්නට සඟහු සරැයෙක මානත යැදී. සඟ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දුන. හේ මානත පුරනුයේ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන හේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදි. ඉදින් (මෙය) සඟහට ප්‍රාප්තකාල කර්මයෙක් වේ නම්, සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්ති යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛූ එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං -පෙ-. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචති. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය මූලාය පටිකස්සති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො -පෙ- මූලාය පටිකස්සනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
සඟ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ මානත පුරනුයේ, අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදී. සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනා කෙරෙයි උදායී මහණහට ... මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වන්නේ ය. යමක් හට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
දුතියම්පි එතමත්ථං වදාමි: -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: -පෙ-.
දෙවනුදු මෙ කරුණ කියමි. තෙවනුදු මෙ කරුණ කියමි ...
පටිකස්සිතො සඞ්ඝෙන උදායි භික්ඛු අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා මූලාය පටිකස්සනා. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
සඟහු විසින් උදායී මහණ තෙම අතරැ අවන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනායෙන් පිළිකස්නා ලද සඟහට කැමෙයි. එහෙයින් නිහඬ යැ. මෙසේ මෙය දරම්” යනු යි.
4. එවං ච පන භික්ඛවෙ ඡාරත්තං මානත්තං දාතබ්බං: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං -පෙ- තං මං සඞ්ඝො -පෙ- මූලාය පටිකස්සසි. සො’හං පරිවුත්ථපරිවාසො මානත්තහාරො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං -පෙ-. තං මං සඞ්ඝො -පෙ- මූලාය පටිකස්සි -පෙ-. සො’හං භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං යාචි. තස්ස මෙ සඞ්ඝො තිස්සන්නං ආපත්තීනං ඡාරත්තං මානත්තං අදාසි. සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචාමීති.
4. මහණෙනි, මානත ද මෙසේ දියැ යුතු: මහණෙනි, ඒ උදායී මහණ විසින් සඟහු කරා එළැඹ ... මෙසේ කියැ යුතු: “වහන්ස, මම් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... ඒ මා සඟ තෙමේ මුලට පිළිකැසී. ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... සඟ තෙමේ ඒ මා ... මුලට පිළිකැසී ... වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයක් පිරිය යුතු මානත සඟහු යැදීමි. ඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයක් පිරියයුතු මානත දුන. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. වහන්ස, ඒ මම් අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනික සුක්විසැටි ඇවැතට සරැයක් පිරිය යුතු මානත යදිමි” යි.
දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො -පෙ- ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
දෙවනු ද යැද්ද යුතු: තෙවනු ද යැද්ද යුතු ... වියත් පිළිඹුල් මහණක්හු විසින් සහ තෙමේ (මෙසේ) දැන්වියැ යුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු -පෙ- ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උදායිස්ස භික්ඛුනො -පෙ- ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සඟ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ ... සරැයක් පිරියැ යුතු මානත යදී. ඉදින් මේ කර්මය සඟහට ප්‍රාප්තකාල නම් සඟ තෙමේ උදායී මහණහට සරැයක් පිරියැ යුතු මානත දෙන්නේ ය. මේ ඥප්ති යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. -පෙ- සඞ්ඝො. උදායිස්ස භික්ඛුනො ඡාරත්තං මානත්තං දෙති -පෙ- දුතියම්පි එතමත්ථං වදාමි: -පෙ- තතියම්පි එතමත්ථං වදාමි: -පෙ-
“වහන්ස, සහ තෙමේ මබස් අසාවා ... සඟ තෙමේ උදායී මහණහට සරැයක් පිරියැ යුතු මානත දෙයි ... දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
දින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී’ති.
සඟහු විසින් උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට සරැයක් පිරියැ යුතු මානත දෙන ලද. සඟහට රිසියෙ යි. එහෙයින් නිහඬ යැ. මෙසේ මෙය දරමි” යි.
මානත්තචාරිකමුලායපටිකස්සනා නිට්ඨිතා.
මානත්තචාරිකමූලායපටිකස්සනාව නිමි.