13. පක්ඛපටිච්ඡන්නපරිවාසො
13. පක්ඛපටිච්ඡන්නපරිවාසො
13. පක්ඛපටිච්ඡන්න පිරිවෙස
1. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. කථන්නුඛො මයා පටිපජ්ජිතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං: තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං දෙතු. එවං ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
1. එ සමයෙහි වනාහි ආයුෂ්මත් උදායී තෙම පක්ෂයක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි, මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි හේ භික්ෂූනට කි ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පිරිවෙස දේවා. එය මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... “වහන්ස, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදිමි”යි මෙසේ යැද්ද යුතු. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු.
2. ව්යත්තෙන භික්ඛුනො පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො –
2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්මයෙක් වේ නම්, සඞ්ඝ තෙම උදායී භික්ෂූහට පක්ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසස්ස දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී භික්ෂු තෙම පක්ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම සඞ්ඝයාගෙන් පක්‍ෂප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙයි. උදායී භික්ෂූහට පක්ෂප්රතිච්ඡන්නවූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. -පෙ- දින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
දෙවනු ද මේ කරුණ කියම් ... තෙවනු ද මෙ කරුණ කියම් ... සඞ්ඝයා විසින් උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (පිළිගනිමි).
පක්ඛපටිච්ඡන්නපරිවාසො.
පක්ඛපටිච්ඡන්නපරිවාසය යි.