4. එකාහපටිච්ඡන්නමානත්තං
4. එකාහපටිච්ඡන්නමානත්තං
4. ඒකාහපටිච්ඡන්න මානත
1. සො පරිවුත්ථපරිවාසො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො’හං පරිවුත්ථපරිවාසො. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ? යි භික්ෂූනට කී ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බං:
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු:
තෙන, භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො “අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචිං. තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො’හං, භන්තෙ පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො තතියම්පි යාචිතබ්බො
ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට, මහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් දී “වහන්ස, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. වහන්ස, ඒ මම වුසූ පිරිවෙස ඇතියෙම්, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
3. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දදෙය්ය. එසා ඤත්ති.
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මේ ඥප්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං එකාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්ථපරිවාසො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමෙ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙතම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
දින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලදී. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
එකාහපටිච්ඡන්නමානත්තං නිට්ඨිතං.
ඒකාහපටිච්ඡන්න මානත නිමියේ ය.