යෙදුමෙන් කියවන්න

5. එකාහපටිච‍්ඡන‍්නඅබ‍්භානං

5. එකාහපටිච‍්ඡන‍්නඅබ‍්භානං

5. ඒකාහපටිච්ඡන්න අබ්භානය

1. සො චිණ‍්ණමානත‍්තො භික‍්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං එකාහපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං අදාසි. සො’හං පරිවුත්‍ථපරිවාසො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං අදාසි. සො’හං චිණ‍්ණමානත‍්තො. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති”. භගවතො එතමත්‍ථං ආරොචෙසුං:

1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් එක් දවසක් විසිය යුතු පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැයි භික්‍ෂූනට කීය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළහ.

2. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අබ‍්භෙතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ අබ‍්භෙතබ‍්බො:

2. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කට යුතු:

තෙන භික‍්ඛවෙ උදායිනා භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා. එවමස‍්ස වචනීයො: අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං එකාහපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං අදාසි. සො’හං පරිවුත්‍ථ පරිවාසො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං අදාසි. සො’හං භන‍්තෙ චිණ‍්ණමානත‍්තො සඞ‍්ඝං අබ‍්භානං යාචාමීති. දුතියම‍්පි යාචිතබ‍්බො. තතියම‍්පි යාචිතබ‍්බො.

ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා මෙසේ කිය යුතු: “වහන්ස, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් එක් දවසක් පිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් ඒ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලම්” කියා යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...

3. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං එකාහපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්‍ථපරිවාසො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං අදාසි. සො චිණ‍්ණමානත‍්තො සඞ‍්ඝං අබ‍්භානං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අබ‍්භෙය්‍ය. එසා ඤත‍්ති.

“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරුයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං එකාහපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය එකාහපරිවාසං අදාසි. සො පරිවුත්‍ථපරිවාසො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචි. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා එකාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං අදාසි. සො චිණ‍්ණමානත‍්තො සඞ‍්ඝං අබ‍්භානං යාචති. සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අබ‍්භෙති. යස‍්සායස‍්මතො ඛමති, උදායිස‍්ස භික‍්ඛුනො අබ‍්භානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙම උදායී මහණ අබ්භානය කෙරෙයි. උදායී මහණහුගේ අබ්භානය යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-

දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...

අබ‍්භිතො සඞ‍්ඝෙන උදායී භික‍්ඛු ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් උදායී මහණ අබ්භිත වෙයි. එය සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.

එකාහපටිච‍්ඡන‍්නඅබ‍්භානං නිට‍්ඨිතං.

ඒකාහපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.