6. පඤ්චාහපටිච්ඡන්නපරිවාසො
6. පඤ්චාහපටිච්ඡන්නපරිවාසො
6. පඤ්චාහපටිච්ඡන්න පිරිවෙස
1. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං ද්වීහපටිච්ඡන්නං -පෙ- තීහපටිච්ඡන්නං -පෙ- චතූහපටිච්ඡන්නං -පෙ- තෙන ඛො පන සමයෙන ආයස්මා උදායි එකං ආපත්තිං ආපන්නො හොති සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
1. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙම දෙදවසක් පිළිසන් ... තුන් දවසක් පිළිසන් ... සතර දවසක් පිළිසන් ... එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි ... එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි. හේ භික්ෂුනට “ඇවැත්නි, පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං භන්තෙ සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචාමී ති. දුතියම්පි යාචිතබ්බො. -පෙ- තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
2. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මහණෙනි, එය ද මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
3. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනක් වසන පිරිවෙස ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මේ ඥප්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙයි. උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
දෙවනුවද මේ කරුණ කියමි ... තෙවනු ව ද මෙ කරුණ කියමි ...
දින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පඤ්චාහපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙන ලදි. සංඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි.
පඤ්චාහපටිච්ඡන්නපරිවාසො නිට්ඨිතො.
පඤ්චාහපටිච්ඡන්න පිරිවෙස නිමියේ ය.