ආචරියවත‍්තං
ආචරියවත‍්තං
ඇදුරු වත්
26. තෙන ඛො පන සමයෙන අන‍්තෙවාසිකා ආචරියෙසු න සම‍්මා වත‍්තන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අන‍්තෙවාසිකා ආචරියෙසු න සම‍්මා වත‍්තිස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.
26. එ සමයෙහි වනාහි අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා වැ නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ කුකුස් කරන ශික්‍ෂාකාමී යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා ව නො පවත්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්‍දා කරත්, නො ගුණ පතුරුවත්, ඉක්බිත්තෙන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“සච‍්චං කිර භික‍්ඛවෙ අන‍්තෙවාසිකා ආචරියෙසු න සම‍්මා වත‍්තන‍්තී”ති. සච‍්චං භගවා. -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙනහි භික‍්ඛවෙ අන‍්තෙවාසිකානං ආචරියෙසු වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා අන‍්තෙවාසිකෙහි ආචරියෙසු වත‍්තිතබ‍්බං.”
“මහණෙනි, අතැවැසි මහණහු ඇදුරු මහණුන් කෙරෙහි මොනොවට නො පවතිත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක. “සැබැව, වහන්සැ” යි භික්‍ෂූහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කතා කොට, භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම් අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි යම්සේ පැවතියැයුතු ද එසේ අතැවැස්සනට ඇදුරුවත පනවන්නෙමි” යි වදාරා පහත දැක්වෙන පරිදි ඇදුරුවත පැනවූ සේක.
“අන‍්තෙවාසිකෙන භික‍්ඛවෙ ආචරියම‍්හි සම‍්මා වත‍්තිතබ‍්බං. තත්‍රායං සම‍්මා වත‍්තනා:
“මහණෙනි, අතැවැස්සා විසින් ඇදුරා කෙරෙහි මනාවැ පැවතියැ යුතු. එහි මේ මනා පැවැත්ම යි:
“කාලස‍්සෙව උට‍්ඨාය උපාහනා ඔමුඤ‍්චිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා දන‍්තකට‍්ඨං දාතබ‍්බං, මුඛොදකං දාතබ‍්බං, ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. සචෙ යාගු හොති භාජනං ධොවිත්‍වා යාගු උපනාමෙතබ‍්බා. යාගුපීතස‍්ස උදකං දත්‍වා භාජනං පටිග‍්ගහෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන ධොවිත්‍වා පටිසාමෙතබ‍්බං. ආචරියම‍්හි වුට‍්ඨිතෙ ආසනං උද‍්ධරිතබ‍්බං.
කලින් ම නැඟී සිට වහන් මුදා උතුරුසඟ එකස් කොට ගෙන දැවටු දියැයුතු. මුවදෝනා ජලය දියැයුතු. අසුන් පැනවියැයුතු. ඉදින් හුළුකැන් ඇත් නම්, බඳුනක් දෙවැ හුළුකැන් එළවියැයුතු. හුළුකැන් පූවාහට පැන් පිළිගන්වා බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක ද නො ගාවමින් මොනොවට දෙවැ සුරැකි කොට තැබියැයුතු. ඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු.
සචෙ සො දෙසො උක‍්ලාපො හොති සො දෙසො සම‍්මජ‍්ජිතබ‍්බො. සචෙ ආචරියො ගාමං පවිසිතුකාමො හොති නිවාසනං දාතබ‍්බං. පටිනිවාසනං පටිග‍්ගහෙතබ‍්බං. කායබන්‍ධනං දාතබ‍්බං. සගුණං කත්‍වා සඞ‍්ඝාටියො දාතබ‍්බා ධොවිත්‍වා පත‍්තො සොදකො දාතබ‍්බො. සචෙ ආචරියො පච‍්ඡාසමණං ආකඞ‍්ඛති තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන පරිමණ‍්ඩලං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා සගුණං කත්‍වා සඞ‍්ඝාටියො පාරුපිත්‍වා ගණ‍්ඨිකං පටිමුඤ‍්චිත්‍වා ධොවිත්‍වා පත‍්තං ගහෙත්‍වා ආචරියස‍්ස පච‍්ඡාසමණෙන හොතබ‍්බං. නාතිදූරෙ ගන‍්තබ‍්බං. නාච‍්චාසන‍්නෙ ගන‍්තබ‍්බං. පත‍්තපරියාපන‍්නං පටිග‍්ගහෙතබ‍්බං.
ඉදින් එ පෙදෙස කුණු රොඩු සහිත වී නම් එ තැන හැමැන්ද යුතු. ඉදින් ඇදුරු තෙම ගම් වදිනු කැමති වී නම්, හඳනය දියැ යුතු. පිළිහඳනය පිළිගතයුතු. කාබාන දියැයුතු. සඟළ සිවුරු සගුණ කොට දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. ඉදින් ඇදුරු තෙම පසුමහණකු කැමැත්තේ නම් තිමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා පාත්‍රය සෝදා අතට ගෙන ඇදුරහුගේ පසුමහණ වියැයුතු. ඉතා දුරැ නො යා යුතු. ඉතා ළඟ නො යායුතු. පාත්‍රයට ලැබුණු දෑ පිළිගතයුතු.
27. න ආචරියස‍්ස භණමානස‍්ස අන‍්තරන‍්තරා කථා ඔපාතෙතබ‍්බා. ආචරියො ආපත‍්තිසාමන‍්තා භණමානො නිවාරෙතබ‍්බො. නිවත‍්තන‍්තෙන පඨමතරං ආගන‍්ත්‍වා ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙතබ‍්බං. පටිනිවාසනං දාතබ‍්බං නිවාසනං පටිග‍්ගහෙතබ‍්බං. සචෙ චීවරං සින‍්නං හොති මුහුත‍්තං උණ‍්හෙ ඔතාපෙතබ‍්බං. න ච උණ‍්හෙ චීවරං නිදහිතබ‍්බං. චීවරං සඞ‍්ඝරිතබ‍්බං. චීවරං සඞ‍්ඝරන‍්තෙන චතුරඞ‍්ගුලං කණ‍්ණං උස‍්සාරෙත්‍වා චීවරං සඞ‍්ඝරිතබ‍්බං මා මජ‍්ඣෙ භඞ‍්ගො අහොසීති. ඔභොගෙ කායබන්‍ධනං කාතබ‍්බං.
27. ඇදුරහු කථා කරද්දී අතරතුරැ කථා නො හෙළියැ යුතු. ඇදුරු ඇවැතකට අවදනට ළං ව බණනුයේ වැළැක්වියහැයුතු. පෙරළා එන්නහු විසින් වඩා පළමුවෙන් අවුත් අස්නක් පැනවියහැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටැලිය ද ළං කොට තැබියැ යුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පිළිනිවස්න දියැ යුතු. නිවස්න පිළිගතයුතු. සිවුර ඩහදියෙන් තෙත් වූයේ වේ නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. අව්වේ බොහෝ වේලාවක් නො තැබියැයුතු. සිවුර හැකිළිය යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුරු මැද බිඳීමෙක් නොවේව’ යි සිතා සිවුරු කොන සතරඟුලක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන නමා චීවරභෝගයෙහි (සිවුරේ නැමුම් පොට තුළැ) ලියැයුතු.
සචෙ පිණ‍්ඩපාතො හොති ආචරියො ච භුඤ‍්ජිතුකාමො හොති, උදකං දත්‍වා පිණ‍්ඩපාතො උපනාමෙතබ‍්බො. ආචරියො පානීයෙන පුච‍්ඡිතබ‍්බො. භුත‍්තාවිස‍්ස උදකං දත්‍වා පත‍්තං පටිග‍්ගහෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන ධොවිත්‍වා වොදකං කත්‍වා මුහුත‍්තං උණ‍්හෙ ඔතාපෙතබ‍්බො, න ච උණ‍්හෙ පත‍්තො නිදහිතබ‍්බො. පත‍්තචීවරං නික‍්ඛිපිතබ‍්බං. පත‍්තං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන පත‍්තං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන හෙට‍්ඨාමඤ‍්චං වා හෙට‍්ඨාපීඨං වා පරාමසිත්‍වා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. න ච අනන‍්තරහිතාය භූමියා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. චීවරං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන චීවරං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන චීවරවංසං වා චීවරරජ‍්ජුං වා පමජ‍්ජිත්‍වා පාරතො අන‍්තං ඔරතො භොගං කත්‍වා චීවරං නික‍්ඛිපිතබ‍්බං.
ඉදින් පිණ්ඩපාත භෝජනය තිබේ නම්, ඇදුරාත් වළඳනු කැමැත්තේ වී නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවියැයුතු. ඇදුරු තෙම පැනින් විචාළයුතු. වැළඳුවහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන කිසිවෙක නොගාවමින් පහත් කොට මොනොවට සෝදා දිය රහිත කොට (තෙත මාත්තු කොට) මොහොතක් අව්වේ වියැලිය යුතු. පාත්‍රය වැඩිවේලාවක් අව්වේ දමා නො තැබියයුතු. පාසිවුරු තැබියහැයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිවක් නො අතුළ බිමැ පාත්‍රය නො තැබියයුතු. සිවුරු බහා තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුරු වස හෝ සිවුරු රැහැන පිරිමැද සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම මෑතට (තමා සිටින පැත්තට) ද කොට සිවුර තැබියයුතු.
ආචරියම‍්හි වුට‍්ඨිතෙ ආසනං උද‍්ධරිතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ‍්බං. සචෙ සො දෙසො උක‍්ලාපො හොති සො දෙසො සම‍්මජ‍්ජිතබ‍්බො.
ඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටදැලිය සුරැකි කොට තැබියයුතු. ඉදින් එ තැන කුණු වැකී ඇත් නම් හැමැන්දයුතු.
සචෙ ආචරියො නහායිතුකාමො හොති නහානං පටියාදෙතබ‍්බං. සචෙ සීතෙන අත්‍ථො හොති සීතං පටියාදෙතබ‍්බං. සචෙ උණ‍්හෙන අත්‍ථො හොති උණ‍්හං පටියාදෙතබ‍්බං. සචෙ ආචරියො ජන‍්තාඝරං පවිසිතුකාමො හොති චුණ‍්ණං සන‍්නෙතබ‍්බං. මත‍්තිකා තෙමෙතබ‍්බා, ජන‍්තාඝරපීඨං ආදාය ආචරියස‍්ස පිට‍්ඨිතො පිට‍්ඨිතො ගන‍්ත්‍වා ජන‍්තාඝරපීඨං දත්‍වා චීවරං පටිග‍්ගහෙත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. චුණ‍්ණං දාතබ‍්බං. මත‍්තිකා දාතබ‍්බා. සචෙ උස‍්සහති ජන‍්තාඝරං පවිසිතබ‍්බං. ජන‍්තාඝරං පවිසන‍්තෙන මත‍්තිකාය මුඛං මක‍්ඛෙත්‍වා පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරං පවිසිතබ‍්බං.
ඉදින් ඇදුරු තෙම නානු කැමැත්තේ වී නම්, නාන දිය පිළියෙළ කළයුතු. ඉදින් සිසිල් දියෙන් ප්‍රයෝජන වේ නම්, සිසිල් දිය පිළියෙළ කළයුතු. උණුදිය වුවමනා නම් උණුදිය පිළියෙල කළයුතු. ඉදින් ඇදුරු තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ වී නම් නාන සුණු දියෙන් තෙමා ගුලි කළයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ඇදුරු පිටුපසින් ගොස් එය දී සිවුරු පිළිගෙන එක් පසෙක තැබියැ යුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ වී නම් තමා ගිනිහල් ගෙට පිවිසියැයුතු. ගිනිහල් ගෙට වදනහු විසින් මැටියෙන් මුහුණ වකා (මැටි මූණේ ගා) ඉදිරි පසින් ද පිටු පසින් ද වසා ගෙන ගිනිහල් ගෙට පිවිසියැයුතු.
28. න ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදිතබ‍්බං. න නවා භික‍්ඛූ ආසනෙන පටිබාහෙතබ‍්බා, ජන‍්තාඝරෙ ආචරියස‍්ස පරිකම‍්මං කාතබ‍්බං. ජන‍්තාඝරා නික‍්ඛමන‍්තෙන ජන‍්තාඝරපීඨං ආදාය පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරා නික‍්ඛමිතබ‍්බං. උදකෙපි ආචරියස‍්ස පරිකම‍්මං කාතබ‍්බං. නහාතෙන පඨමතරං උත‍්තරිත්‍වා අත‍්තනො ගත‍්තං වොදකං කත්‍වා නිවාසෙත්‍වා ආචරියස‍්ස ගත‍්තතො උදකං පමජ‍්ජිතබ‍්බං. නිවාසනං දාතබ‍්බං. සඞ‍්ඝාටි දාතබ‍්බා. ජන‍්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන‍්ත්‍වා ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං. ආචරියො පානීයෙන පුච‍්ඡිතබ‍්බො. සචෙ උද‍්දිසාපෙතුකාමො හොති උද‍්දිසාපෙතබ‍්බො. සචෙ පරිපුච‍්ඡිතුකාමො හොති පරිපුච‍්ඡිතබ‍්බො.
28. ස්ථවිර භික්‍ෂූන් ඇඟ ගැටී නො හින්දැයුතු. නවක මහණහු අස්නෙන් බැහැර නො කළයුතු. ගිනිහල් ගෙහි දී ඇදුරුහට පිරියම් කළ යුතු. ගිනිහල් ගෙන් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගිනිහල් ගෙන් නික්මියැයුතු. දියෙහි ද ඇදුරුහට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් ගොඩ අවුත් සිය ගත දිය පිසදමා හැඳ ඇදුරහු ගතින් දිය පිස දැමියැයුතු. හඳනය දියැයුතු. සඟළ සිවුර දියැයුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටලිය ද එළවා තැබියයුතු. ඇදුරු තෙම පැනින් විචාළයුතු. උදෙස්වනු කැමැත්තේ වී නම් උදෙස්වියයුතු. ප්‍රශ්න විචාරනු කැමැත්තේ වී නම් විචාළයුතු.
යස‍්මිං විහාරෙ ආචරියො විහරති සචෙ සො විහාරො උක‍්ලාපො හොති සචෙ උස‍්සහති සොධෙතබ‍්බො. විහාරං සොධෙන‍්තෙන පඨමං පත‍්තචීවරං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං: නිසීදනපච‍්චත්‍ථරණං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. භිසි-බිම‍්බොහනං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. මඤ‍්චො නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බො. පීඨං නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං නීහරිත්‍වා නික‍්ඛිපිතබ‍්බං. මඤ‍්චපටිපාදකා නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බා. ඛෙළමල‍්ලකො නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බො. අපස‍්සෙනඵලකං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. භුම‍්මත්‍ථරණං යථාපඤ‍්ඤත‍්තං සල‍්ලක‍්ඛෙත්‍වා නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං.
යම් වෙහෙරෙක ඇදුරා වෙසේ ද ඉදින් ඒ වෙහෙර කුණු රොඩු වැකී ඇත්තේ ද, හැකිනම් ශුද්ධ කළ යුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු මෑත් කොට පසෙක තැබිය යුතු. හිඳුනාකඩ ද පසතුරුණ ද මෑත් කොට පසෙක තැබියයුතු. බිසි ද, කොට්ට ද මෑත් කොට පසෙක තැබිය යුතු. ඇඳ පහත් කොට කිසිවෙක ද නො ගාවමින් නො ගටමින් මනා කොට කපාටපෘෂ්ඨයෙන් (දොරපළු පිටෙන්) පිටතට ගෙන ගොස් තැබිය යුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව දොරපළු පිටෙන් පිටතට ගෙන ගොස් තැබියයුතු. ඇඳ පා අළු පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. කෙළමලාව පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. හේත්තුවන පුවරුව පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. බුමුතුරණ පනවා තුබුණු සැටි සලකා පිටත ගෙන ගොස් පසෙක තැබිය යුතු.
සචෙ විහාරෙ සන‍්තානකං හොති උල‍්ලොකා පඨමං ඔහාරෙතබ‍්බං. ආලොකසන්‍ධිකණ‍්ණභාගා සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ ගෙරුකපරිකම‍්මකතා භිත‍්ති කණ‍්ණකිතා හොති චොළකං තෙමෙත්‍වා පීළෙත්‍වා පමජ‍්ජිතබ‍්බා. සචෙ කාළවණ‍්ණකතා භූමි කණ‍්ණකිතා හොති චොළකං තෙමෙත්‍වා පීළෙත්‍වා පමජ‍්ජිතබ‍්බා. සචෙ අකතා හොති භූමි උදකෙන පරිප‍්ඵොසිත්‍වා සම‍්මජ‍්ජිතබ‍්බා ‘මා විහාරො රජෙන උහඤ‍්ඤී’ති. සඞ‍්කාරං විචිනිත්‍වා එකමන‍්තං ඡඩ‍්ඩෙතබ‍්බං.
ඉදින් වෙහෙරෙහි මකුළුදැල් වේ නම්, පළමු කොට උඩ සිට පහතට ඉවත් කළයුතු. ආලෝකසන්ධිභාගයෝ ද (ඇතුළත පිටත ජනෙල් දොරවල් ද) කර්ණණ භාගයෝ ද (ගැබ , සතර මුළු ද) හැමැන්දයුතු. ඉදින් ගුරු පිරියම් කරන ලද බිත්තිය කිලිටි වී තිබේ නම්, රෙදි කඩක් තෙමා මිරිකා මැද්දයුතු. ඉදින් බිම පිරියම් නො කරන ලද නම්, ‘වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේ ව’ යි සලකා දිය ඉස හැමැන්දයුතු. කසළ රැස්කොට පැත්තකට දැමියයුතු.
29. භුම‍්මත්‍ථරණං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථා පඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. මඤ‍්චපටිපාදකා ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බා. මඤ‍්චො ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බො. පීඨං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන කවාටපිට‍්ඨං අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. භිසි බිම‍්බොහනං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං.
29. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදිම පැනවියැයුතු. ඇඳ පා අළු අව්වේ තවා පිස දමා ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු හ. ඇඳ අව්වේ තවා ශුද්ධ කොට ගසා දමා කවුළු පිටැ නො ගාමින් පහත් කොට මනාව ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. පුටුව අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා, කවුළු පිටැ නො ගාමින් නොගටමින් පහත් කොට මනාව ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැ යුතු. බිසි හා කොට්ට හා අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබූ පරිදි ම පැනවියැයුතු.
නිසීදනපච‍්චත්‍ථරණං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. ඛෙළමල‍්ලකො ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බො. අපස‍්සෙනඵලකං ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බං.
හිඳුනා ඇතිරිය ද පසතුරුණ ද අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදිම පැනවියැ යුතු. කෙළමලාව අව්වේ ලා තවා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තැන ම තැබියයුතු. හේත්තු වන පුවරුව අව්වේ තවා පිස දමා ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන තැබිය යුතු.
පත‍්තචීවරං නික‍්ඛිපිතබ‍්බං. පත‍්තං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන පත‍්තං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන හෙට‍්ඨාමඤ‍්චං වා හෙට‍්ඨාපීඨං වා පරාමසිත්‍වා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. න ච අනන‍්තරහිතාය භූමියා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. චීවරං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන චීවරං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන චීවරවංසං වා චීවරරජ‍්ජුං වා පමජ‍්ජිත්‍වා පාරතො අන‍්තං ඔරතො භොගං කත්‍වා චීවරං නික‍්ඛිපිතබ‍්බං.
පාසිවුරු තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනෙක් අතින් ඇඳයට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබිය යුතු. කිසිවක් නො අතුළ බිමැ පාත්‍රය නො ම තැබියයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනෙක් අතින් සිවුරු වස හෝ සිවුරුරැහැන හෝ පිරිමැද සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම මෑතට (තමා දෙසට) ද කොට සිවුර තැබියයුතු.
සචෙ පුරත්‍ථිමා සරජා වාතා වායන‍්ති පුරත්‍ථිමා වාතපානා ථකෙතබ‍්බා. සචෙ පච‍්ඡිමා සරජා වාතා වායන‍්ති පච‍්ඡිමා වාතපානා ථකෙතබ‍්බා. සචෙ උත‍්තරා සරජා වාතා වායන‍්ති උත‍්තරා වාතපානා ථකෙතබ‍්බා. සචෙ දක‍්ඛිණා සරජා වාතා වායන‍්ති දක‍්ඛිණා වාතපානා ථකෙතබ‍්බා. සචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ‍්බා, රත‍්තිං ථකෙතබ‍්බා. සචෙ උණ‍්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ‍්බා, රත‍්තිං විවරිතබ‍්බා. සචෙ පරිවෙණං උක‍්ලාපං හොති පරිවෙණං සම‍්මජ‍්ජිතබ‍්බං. සචෙ කොට‍්ඨකො උක‍්ලාපො හොති කොට‍්ඨකො සම‍්මජ‍්ජිතබ‍්බො. සචෙ උපට‍්ඨානසාලා උක‍්ලාපා හොති උපට‍්ඨානසාලා සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ අග‍්ගිසාලා උක‍්ලාපා හොති අග‍්ගිසාලා සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ වච‍්චකුටි උක‍්ලාපා හොති වච‍්චකුටි සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ පානීයං න හොති පානීයං උපට‍්ඨාපෙතබ‍්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට‍්ඨාපෙතබ‍්බං. සචෙ ආචමනකුම‍්භියා උදකං න හොති ආචමනකුම‍්භියා උදකං ආසිඤ‍්චිතබ‍්බං.
ඉදින් පෙරදිගට අයත් ධුලි සහිත වාතයෙන් හමත් නම්, පෙර දිගැ වූ වාබෝනයෝ වැසියැයුතුහ. ඉදින් පැසිම් දිගට අයත් ධුලි සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගැ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. උතුරු දිගට අයත් ධුලි සහිත වාතයෝ හමත් නම්, උතුරු පැත්තේ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. දකුණු දිගට අයත් ධූලි සහිත වාතයෝ හමත් නම්, දකුණු දිගැ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. ඉදින් ශීත කාලය වේ නම්, වාබෝනයෝ දහවල් විවැරියැයුත්තාහ. රෑ වැසියැයුත්තාහ. ඉදින් උෂ්ණ කාලය වේ නම්, වාබෝනයෝ දහවල් වැසියැ යුත්තාහ, රෑ විවැරියැයුත්තාහ. ඉදින් පිරිවෙන කුණුරොඩු සහිත වී නම්, හැමැන්දයුතු. ඉදින් දොරැ කොටුව කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කුණුරොඩු සහිත වීනම්, එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්ද යුතු. වැසිකිළිය කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්දයුතු. පැන් නැත් නම් පැන් එළවා තැබියැයුතු. පරිභෝග ජලය නැත් නම්, පරිභෝග ජලය එළවා තැබියයුතු. ඉදින් ආචමනකුම්භියෙහි ජලය නැත් නම්, එහි දිය වත් කළයුතු.
30. සචෙ ආචරියස‍්ස අනභිරති උප‍්පන‍්නා හොති අන‍්තෙවාසිකෙන වූපකාසෙතබ‍්බා, වූපකාසාපෙතබ‍්බා, ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ ආචරියස‍්ස කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති, අන‍්තෙවාසිකෙන විනොදෙතබ‍්බං, විනොදාපෙතබ‍්බං, ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ ආචරියස‍්ස දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති අන‍්තෙවාසිකෙන විවෙචෙතබ‍්බං විවෙචාපෙතබ‍්බං, ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ ආචරියො ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නො හොති, පරිවාසාරහො, අන‍්තෙවාසිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො ආචරියස‍්ස පරිවාසං දදෙය්‍යා’ති.
30. ඉදින් ඇදුරුහට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ වේ නම්, අතැවැස්සහු විසින් එය ඉවත් කළයුතු. ඉවත් කැරැවිය යුතු. ඔහුට බණ කියැයුතු හෝ වේ. ඉදින් ඇදුරුහට කුකුසෙක් උපන්නේ නම්, අතැවැස්සහු විසින් එය දුරැ ලියැයුතු. දුරැ ලැවිය යුතු. ඔහුට බණ හෝ කියැ යුතු. ඉදින් ඇදුරුහට මිසදිටුවෙක් උපන්නේ නම්, අතැවැස්සා විසින් විවිසියැයුතු. විවිසැවියැයුතු. ඔහුට බණ හෝ කියැ යුතු. ඉදින් ඇදුරු ගරු ඇවතකට අවන්නේ පිරිවෙස් වසන්නට සුදුසු වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ ඇදුරුහට පිරිවෙස දෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු.
සචෙ ආචරියො මූලායපටිකස‍්සනාරහො හොති අන‍්තෙවාසිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො ආචරියං මූලාය පටිකස‍්සෙය්‍යා’ති. සචෙ ආචරියො මානත‍්තාරහො හොති අන‍්තෙවාසිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො ආචරියස‍්ස මානත‍්තං දදෙය්‍යා’ති. සචෙ ආචරියො අබ‍්භානාරහො හොති අන‍්තෙවාසිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො ආචරියං අබ‍්භෙය්‍යා’ති. සචෙ සඞ‍්ඝො ආචරියස‍්ස කම‍්මං කත‍්තුකාමො හොති තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා අන‍්තෙවාසිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො ආචරියස‍්ස කම‍්මං න කරෙය්‍ය ලහුකාය වා පරිණාමෙය්‍යා’ති. කතං වා පනස‍්ස හොති සඞ‍්ඝෙන කම‍්මං තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා, අන‍්තෙවාසිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො ආචරියො සම‍්මාවත‍්තෙය්‍ය, ලොමං පාතෙය්‍ය, නෙත්‍ථාරං වත‍්තෙය්‍ය, සඞ‍්ඝො තං කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍යා’ති.
ඉදින් ඇදුරු තෙම මූලායපටිකස්සනයට සුදුසු වී නම් ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට මූලායපටිකස්සනය කරන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක වියැයුතු. ඉදින් ඇදුරු තෙම මානතට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට මානත දෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු (උනන්දු වියැයුතු). ඉදින් ඇදුරු තෙම අබ්භානයට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරහු අබ්භානය කරන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු. ඉදින් සංඝ තෙමේ ඇදුරුහට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛෙපණීය කර්‍මය හෝ කරනු කැමැති වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට (ඒ) කර්‍මය නො කරන්නේ ද, එය හෑල්ලු බවට හෝ පෙරළන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු. ඔහුට සංඝයා විසින් තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපණිය කර්‍මය කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් ඇදුරු තෙමේ මනා වැ පවත්නේ ද, ලොම් හෙළන්නේ ද (සංඝයාට අවනත වන්නේ ද), නිස්තරණය පිණිස පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්සිඳු වන්නේ දැ’ යි. අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු.
සචෙ ආචරියස‍්ස චීවරං ධොවිතබ‍්බං හොති අන‍්තෙවාසිකෙන ධොවිතබ‍්බං උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො ආචරියස‍්ස චීවරං ධොවියෙථා’ති. සචෙ ආචරියස‍්ස චීවරං කාතබ‍්බං හොති, අන‍්තෙවාසිකෙන කාතබ‍්බං, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො ආචරියස‍්ස චීවරං කරියෙථා’ති. සචෙ ආචරියස‍්ස රජනං පචිතබ‍්බං හොති, අන‍්තෙවාසිකෙන පචිතබ‍්බං, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො ආචරියස‍්ස රජනං පචීයෙථා’ති. සචෙ ආචරියස‍්ස චීවරං රජිතබ‍්බං හොති, අන‍්තෙවාසිකෙන රජිතබ‍්බං. උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො ආචරියස‍්ස චීවරං රජියෙථා’ති. චීවරං රජන‍්තෙන සාධුකං සම‍්පරිවත‍්තකං සම‍්පරිවත‍්තකං රජිතබ‍්බං. න ච අච‍්ඡින‍්නෙ ථෙවෙ පක‍්කමිතබ‍්බං.
ඉදින් ඇදුරාගේ සිවුරු සේදියැයුතු වේ නම්, අතැවැස්සා විසින්, සේදියැයුතු. ‘කෙසේ නම් ඇදුරහුගේ සිවුරු සෝදනු ලබන්නේ දැ’ යි. අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහට සිවුරෙක් කළයුතු වේ නම්, අතැවැස්සා විසින් එය කළයුතු. ‘කෙසේ නම්, ඇදුරාගේ සිවුර කැරෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහට රඳන් පිසියැයුතු (පඬු උණු කළයුතු) වේ නම්, අතැවැස්සහු විසින් පිසියැයුතු. ‘කෙසේ නම් ඇදුරුහට රඳන් පිසෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහුගේ සිවුර පඬුපෙවියැ යුතු වේ නම්, අතැවැස්සා විසින් පඬුපෙවියැ යුතු. ‘කෙසේ නම් ඇදුරුහුගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මොනොවට පඬුපෙවියැයුතු පඬු බිඳු නො සුන් කල්හි නො ම නික් මැ යායුතු.
න ආචරියං අනාපුච‍්ඡා එකච‍්චස‍්ස පත‍්තො දාතබ‍්බො. න එකච‍්චස‍්ස පත‍්තො පටිග‍්ගහෙතබ‍්බො. න එකච‍්චස‍්ස චීවරං දාතබ‍්බං. න එකච‍්චස‍්ස චීවරං පටිග‍්ගහෙතබ‍්බං. න එකච‍්චස‍්ස පරික‍්ඛාරො දාතබ‍්බො. න එකච‍්චස‍්ස පරික‍්ඛාරො පටිග‍්ගහෙතබ‍්බො. න එකච‍්චස‍්ස කෙසා ඡෙත‍්තබ‍්බා. න එකච‍්චෙන කෙසා ඡෙදාපෙතබ‍්බා. න එකච‍්චස‍්ස පරිකම‍්මං කාතබ‍්බං. න එකච‍්චෙන පරිකම‍්මං කාරාපෙතබ‍්බං. න එකච‍්චස‍්ස වෙය්‍යාවච‍්චො කාතබ‍්බො. න එකච‍්චෙන වෙය්‍යාවච‍්චො කාරාපෙතබ‍්බො. න එකච‍්චස‍්ස පච‍්ඡාසමණෙන හොතබ‍්බං. න එකච‍්චො පච‍්ඡාසමණො ආදාතබ‍්බො. න එකච‍්චස‍්ස පිණ‍්ඩපාතො නීහරිතබ‍්බො. න එකච‍්චෙන පිණ‍්ඩපාතො නීහරාපෙතබ‍්බො.
ඇදුරහු නො විචාරා එකක්හට පාත්‍රය නො දියැයුතු. එකකුගේ පාත්‍රය නො ම පිළිගතයුතු. එකකුට සිවුර නො දියැයුතු. එකකුගේ සිවුරු නො පිළිගත යුතු. එකකුට පිරිකර නො දියැ යුතු. එකකුගේ පිරිකර නො ම පිළිගතයුතු. එකකුගේ කෙස් නො සින්දැ යුතු. එකක්හු ලවා තමා කෙස් නො ම සින්දැවියැ යුතු. එකකුට පිරියම් නො කළයුතු. එකක් හු ලවා පිරියම් නො ම කරවාගතයුතු. එකක්හට වතාවත් නො කළයුතු. එකක්හු ලවා වතාවත් නො ම කරවාගතයුතු. එකක්හට පසු මහණකු නො වියැයුතු. එකෙක් පසු මහණකු කොට නො ම ගතයුතු. එකක්හට පිණ්ඩපාතය නො ම ගෙනයා යුතු. එකක් හු ලවා පිණ්ඩපාතය, නො ම ගෙන්වාගතයුතු.
න ආචරියං අනාපුච‍්ඡා ගාමො පවිසිතබ‍්බො. න සුසානං ගන‍්තබ‍්බං න දිසා පක‍්කමිතබ‍්බා. සචෙ ආචරියො ගිලානො හොති යාවජීවං උපට‍්ඨාතබ‍්බො. වුට‍්ඨානමස‍්ස ආගමෙතබ‍්බං.
ඇදුරා නො ම විචාරා ගම් නො වැදියැයුතු. සොහොනට නො යායුතු. දිසාවන්හි නො යායුතු. ඉදින් ඇදුරා ගිලන් වේ නම්, යව්දිව් උවටන් කළයුතු. ඔහුගේ රෝගයෙන් නැඟී සිටීම (සුවය) බලා පොරොත්තු වියැයුතු.
ඉදං ඛො භික‍්ඛවෙ අන‍්තෙවාසිකානං ආචරියෙසු වත‍්තං යථා අන‍්තෙවාසිකෙහි ආචරියෙසු සම‍්මා වත‍්තිතබ‍්බන‍්ති”.
මහණෙනි, මේ වනාහි යම්සේ අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි පැවතියැයුතු ද, මේ අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි පැවතියැයුතු ඒ වත යැ”.