යෙදුමෙන් කියවන්න

සද‍්ධිවිහාරිකවත‍්තං

සද‍්ධිවිහාරිකවත‍්තං

සද්ධිවිහාරික වත

22. තෙන ඛො පන සමයෙන උපජ‍්ඣායා සද‍්ධිවිහාරිකෙසු න සම‍්මාවත‍්තන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම උපජ‍්ඣායා සද‍්ධිවිහාරිකෙසු න සම‍්මා වත‍්තිස‍්සන‍්තී”ති.

22. එ සමයෙහි වනාහි උපාධ්‍යායයෝ සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ මඳ වරදෙහි ද කුකුස් කරන, සිඛ කැමැති යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් උපාධ්‍යායයෝ සද්ධිවිහාරික මහණුන් කෙරෙහි මනා ව නො පවතිත් දැ’යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.

අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර භික‍්ඛවෙ උපජ‍්ඣායා සද‍්ධිවිහාරිකෙසු න සම‍්මා වත‍්තන‍්තී”ති.

ඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, උපාධ්‍යායයෙන් සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.

“සච‍්චං භගවා”. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙන හි භික‍්ඛවෙ උපජ‍්ඣායානං සද‍්ධිවිහාරිකෙසු වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා උපජ‍්ඣායෙහි සද‍්ධිවිහාරිකෙසු සම‍්මා වත‍්තිතබ‍්බං”.

“සැබැවැ වහන්සැ,”යි භික්‍ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... වෙසෙසින් ගරහා දැහැමි කථා,කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම්, උපාධ්‍යායයන් විසින් සද්ධිවිහාරිකයන් කෙරෙහි යම් සේ පැවතියැයුතු ද, එසේ උපාධ්‍යායනට සද්ධිවිහාරිකයන් කෙරෙහි වත් පනවන්නෙමි.”

“උපජ‍්ඣායෙන භික‍්ඛවෙ සද‍්ධිවිහාරිකම‍්හි සම‍්මා වත‍්තිතබ‍්බං. තත්‍රායං සම‍්මාවත‍්තනා:

“මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතියැයුතු. එහි මේ ඒ මනා පැවැත්ම ය:

උපජ‍්ඣායෙන භික‍්ඛවෙ සද‍්ධිවිහාරිකො සඞ‍්ගහෙතබ‍්බො, අනුග‍්ගහෙතබ‍්බො, උද‍්දෙසෙන පරිපුච‍්ඡාය ඔවාදෙන අනුසාසනියා. සචෙ උපජ‍්ඣායස‍්ස පත‍්තො හොති, සද‍්ධිවිහාරිකස‍්ස පත‍්තො න හොති, උපජ‍්ඣායෙන සද‍්ධිවිහාරිකස‍්ස පත‍්තො දාතබ‍්බො, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකස‍්ස පත‍්තො උප‍්පජ‍්ජියෙථා’ති. සචෙ උපජ‍්ඣායස‍්ස චීවරං හොති, සද‍්ධිවිහාරිකස‍්ස චීවරං න හොති, උපජ‍්ඣායෙන සද‍්ධිවිහාරිකස‍්ස චීවරං දාතබ‍්බං, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකස‍්ස චීවරං උප‍්පජ‍්ජියෙථා’ති. සචෙ උපජ‍්ඣායස‍්ස පරික‍්ඛාරො හොති, සද‍්ධිවිහාරිකස‍්ස පරික‍්ඛාරො න හොති, උපජ‍්ඣායෙන සද‍්ධිවිහාරිකස‍්ස පරික‍්ඛාරො දාතබ‍්බො, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකස‍්ස පරික‍්ඛාරො උප‍්පජ‍්ජියෙථා’ති.

මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරික තෙම උදෙසීමෙන් (පෙළදහම්, කියැවීමෙන්) ද නැවත නැවත විචාරීමෙන් ද අවවාදයෙන් ද අනුශාසනයෙන් ද සංග්‍රහ කළයුතු අනුග්‍රහ කළ යුතු. ඉදින් උපාධ්‍යායයාගේ පාත්‍රයෙක් වේ ද, (ඒ අතර) සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් නැද්ද, උපාධ්‍යායා විසින් සද්ධිවිහාරිකයාට පාත්‍රය දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට සිවුරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට සිවුරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට සිවුර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට සිවුරක් උපදයෙන් දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට පිරිකරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට පිරිකරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට පිරිකර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පිරිකර උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු.

23. සචෙ සද‍්ධිවිහාරිකො ගිලානො හොති, කාලස‍්සෙව උට‍්ඨාය දන‍්තකට‍්ඨං දාතබ‍්බං, මුඛොදකං දාතබ‍්බං, ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. සචෙ යාගු හොති, භාජනං ධොවිත්‍වා යාගු උපනාමෙතබ‍්බා. යාගුං පීතස‍්ස උදකං දත්‍වා භාජනං පටිග‍්ගහෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන ධොවිත්‍වා පටිසාමෙතබ‍්බං. සද‍්ධිවිහාරිකම‍්හි වුට‍්ඨිතෙ ආසනං උද‍්ධරිතබ‍්බං. සචෙ සො දෙසො උක‍්ලාපො හොති සො දෙසො සම‍්මජ‍්ජිතබ‍්බො.

23. ඉදින් සද්ධිවිහාරිකයා ගිලන් වේ නම්, කලින් ම නැඟී සිට දැවටු දියැයුතු. මුව දෝනා පැන් දියැයුතු. අසුන් පැනවියැ යුතු. ඉදින් කැඳ ඇත් නම් බඳුනක් දෙවැ කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දී බඳුන පිළිගෙන පහත් කොට මනාව කිසිවෙක නො ගාවමින් සෝදා සුරැකි කොට තැබියැයුතු. සද්ධිවිහාරිකයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. ඉදින් ඒ පෙදෙස කුණුරොඩු සහිත වී නම් එය ඇමැන්දැයුතු.

සචෙ සද‍්ධිවිහාරිකො ගාමං පවිසිතුකාමො හොති, නිවාසනං දාතබ‍්බං, පටිනිවාසනං පටිග‍්ගහෙතබ‍්බං, කායබන්‍ධනං දාතබ‍්බං. සගුණං කත්‍වා සඞ‍්ඝාටියො දාතබ‍්බා. ධොවිත්‍වා පත‍්තො සොදකො දාතබ‍්බො. එත‍්තාවතා නිවත‍්තිස‍්සතීති. ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං. පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙතබ‍්බං. පටිනිවාසනං දාතබ‍්බං. නිවාසනං පටිග‍්ගහෙතබ‍්බං. සචෙ චීවරං සින‍්නං හොති මුහුත‍්තං උණ‍්හෙ ඔතාපෙතබ‍්බං. න ච උණ‍්හෙ චීවරං නිදහිතබ‍්බං. චීවරං සඞ‍්ඝරිතබ‍්බං. චීවරං සඞ‍්ඝරන‍්තෙන චතුරඞ‍්ගුලං කණ‍්ණං උස‍්සාරෙත්‍වා චීවරං සඞ‍්ඝරිතබ‍්බං, මා මජ‍්ඣෙ භඞ‍්ගො අහොසීති. ඔභොගෙ කායබන්‍ධනං කාතබ‍්බං.

ඉදින් සද්ධිවිහාරිකයා ගමට යනු කැමැත්තේ වී නම් හඳනය දියැයුතු. පිළිහඳනය (පෙරැළු හඳනය) පිළිගතයුතු. කාබාන දියැ යුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. මෙතෙක් වේලාවෙකින් පෙරළා එන්නේ යැ යි සලකා අසුන් පැනවියැයුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටැලිය ළංකොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළු හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. ඉදින් සිවුර ඩහදිය වැකුණේ වී නම් මොහොතක් අව්වේ වියැලියැයුතු. සිවුර අව්වේ බොහෝ වේලා නො තැවියැයුතු. සිවුර හැකිළියැ යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුර මැද බිඳීමෙක් නො වේව’ යි සලකා සිවුරු කෙළවර සතරඟුලක් උඩට ඇද සිවුර ඇකිළියැයුතු.

සචෙ පිණ‍්ඩපාතො හොති සද‍්ධිවිහාරිකො ච භුඤ‍්ජිතුකාමො හොති උදකං දත්‍වා පිණ‍්ඩපාතො උපනාමෙතබ‍්බො. සද‍්ධිවිහාරිකො පානීයෙන පුච‍්ඡිතබ‍්බො. භුත‍්තාවිස‍්ස උදකං දත්‍වා පත‍්තං පටිග‍්ගහෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන ධොවිත්‍වා වොදකං කත්‍වා මුහුත‍්තං උණ‍්හෙ ඔතාපෙතබ‍්බො. න ච උණ‍්හෙ පත‍්තො නිදහිතබ‍්බො. පත‍්තචීවරං නික‍්ඛිපිතබ‍්බං. පත‍්තං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන පත‍්තං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන හෙට‍්ඨාමඤ‍්චං වා හෙට‍්ඨාපීඨං වා පරාමසිත්‍වා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. න ච අනන‍්තරහිතාය භූමියා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො.

ඉදින් පිණ්ඩපාතය වේ නම්, සද්ධිවිහාරිකයාත් වළඳනු කැමැත්තේ වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළැවියැයුතු. සද්ධිවිහාරික තෙම පැනින් විචාළයුතු. වැළඳුවාහට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට මනා කොට, කිසිවෙකත් නො ගාමින් සෝදා, දිය සිඳුවා, මොහොතක් අව්වේ වියලියැයුතු. පාත්‍රය උෂ්ණයෙහි බොහෝ වේලා නො තැබියැයුතු. පාසිවුරු තැබියැ යුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් ඇඳ යට හෝ පුටුව යට පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමැ පාත්‍රය. නො ම තැබියයුතු.

චීවරං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන චීවරං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන චීවරවංසං වා චීවරරජ‍්ජුං වා පමජ‍්ජිත්‍වා පාරතො අන‍්තං ඔරතො භොගං කත්‍වා චීවරං නික‍්ඛිපිතබ‍්බං. සද‍්ධිවිහාරිකම‍්හි වුට‍්ඨිතෙ ආසනං උද‍්ධරිතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ‍්බං. සචෙ සො දෙසො උක‍්ලාපො හොති සො දෙසො සම‍්මජ‍්ජිතබ‍්බො.

සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුරුවස හෝ සිවුරු රැහැන පිස දමා කෙළවර ඈතින් ද නැම්ම මෑතින් ද කොට සිවුර තැබියයුතු. සද්ධිවිහාරිකයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. පාදෝනා දිය පාපුටුව පාකටැලිය සුරැකි කොට තැබියයුතු. එ තැන හැඩි වී තිබේ නම් හැමැන්දැ යුතු.

24. සචෙ සද‍්ධිවිහාරිකො නහායිතුකාමො හොති නහානං පටියාදෙතබ‍්බං. සචෙ සීතෙන අත්‍ථො හොති සීතං පටියාදෙතබ‍්බං. සචෙ උණ‍්හෙන අත්‍ථො හොති උණ‍්හං පටියාදෙතබ‍්බං. සචෙ සද‍්ධිවිහාරිකො ජන‍්තාඝරං පවිසිතුකාමො හොති චුණ‍්ණං සන‍්නෙතබ‍්බං. මත‍්තිකා තෙමෙතබ‍්බා. ජන‍්තාඝරපීඨං ආදාය ගන‍්ත්‍වා ජන‍්තාඝරපීඨං දත්‍වා චීවරං පටිග‍්ගහෙත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. චුණ‍්ණං දාතබ‍්බං. මත‍්තිකා දාතබ‍්බා. සචෙ උස‍්සහති ජන‍්තාඝරං පවිසිතබ‍්බං. ජන‍්තාඝරං පවිසන‍්තෙන මත‍්තිකාය මුඛං මක‍්ඛෙත්‍වා පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරං පවිසිතබ‍්බං.

24. ඉදින් සද්ධිවිහාරික තෙම නානු කැමැත්තේ වී නම්, නාන දිය පිළියෙළ කැරැ දියැයුතු. ඉදින් සිසිල් දියෙන් වැඩෙක් වේ නම් සිසිල් දිය පිළියෙළ කළයුතු. උණු දියෙන් වැඩෙක් වේ නම් උණු දිය පිළියෙළ කළයුතු. සද්ධිවිහාරික තෙම ගිනිහල් ගෙට වදිනු කැමැති නම්, නාන සුණු ඇනියයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ගොස් දී සිවුරු පිළිගෙන පැත්තෙක තැබියැ යුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ නම් ගිනිහලට පිවිසියැයුතු. ගිනිහලට වදනහු විසින් මැටියෙන් මුහුණ වකා (මැටි මුහුණේ තවරා) ඉදිරි පසින් ද පිටු පසින් ද වසා ගෙන ගිනිහල් ගෙට පිවිසියැයුතු.

න ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදිතබ‍්බං. න නවා භික‍්ඛූ ආසනෙන පටිබාහිතබ‍්බා. ජන‍්තාඝරෙ සද‍්ධිවිහාරිකස‍්ස පරිකම‍්මං කාතබ‍්බං. ජන‍්තාඝරා නික‍්ඛමන‍්තෙන ජන‍්තාඝරපීඨං ආදාය පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරා නික‍්ඛමිතබ‍්බං. උදකෙපි සද‍්ධිවිහාරිකස‍්ස පරිකම‍්මං කාතබ‍්බං. නහාතෙන පඨමතරං උත‍්තරිත්‍වා අත‍්තනො ගත‍්තං වොදකං කත්‍වා නිවාසෙත්‍වා සද‍්ධිවිහාරිකස‍්ස ගත‍්තතො උදකං පමජ‍්ජිතබ‍්බං. නිවාසනං දාතබ‍්බං. සඞ‍්ඝාටි දාතබ‍්බා. ජන‍්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන‍්ත්‍වා ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං. සද‍්ධිවිහාරිකො පානීයෙන පුච‍්ඡිතබ‍්බො.

ස්ථවිර භික්‍ෂූන් හා ගැටී නො හින්දැයුතු. නවක මහණහු අස්නෙන් නො පිළිබැහියැයුතු. ගිනිහල්ගෙහි දි සද්ධිවිහාරිකයාට පිරියම් කළයුතු. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටු පසින් ද වසා ගෙන එයින් නික්මියැ යුතු. දියෙහි ද සද්ධිවිහාරිකයාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් ගොඩ නැඟී සිය ගත දිය පිසදමා හඳනය හැඳ සද්ධිවිහාරිකයාගේ සිරුරින් දිය පිස දැමියැයුතු. හඳනය දියැයුතු. සඟළ සිවුර දියයුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය පාපුටුව පාකටදැලිය ළං කොට තැබියැයුතු. සද්ධිවිහාරිකයා පැනින් විචාළයුතු.

යස‍්මිං විහාරෙ සද‍්ධිවිහාරිකො විහරති සචෙ සො විහාරො උක‍්ලාපො හොති සචෙ උස‍්සහති සොධෙතබ‍්බො. විහාරං සොධෙන‍්තෙන පඨමං පත‍්තචීවරං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං -පෙ- සචෙ ආචමනකුම‍්භියා උදකං න හොති ආචමනකුම‍්භියා උදකං ආසිඤ‍්චිතබ‍්බං. සචෙ සද‍්ධිවිහාරිකස‍්ස අනභිරති උප‍්පන‍්නා හොති උපජ‍්ඣායෙන වූපකාසෙතබ‍්බා. වූපකාසාපෙතබ‍්බා. ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ සද‍්ධිවිහාරිකස‍්ස කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති උපජ‍්ඣායෙන විනොදෙතබ‍්බං. විනොදාපෙතබ‍්බං. ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ සද‍්ධිවිහාරිකස‍්ස දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති උපජ‍්ඣායෙන විවෙචෙතබ‍්බං. විවෙචාපෙතබ‍්බං. ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා.

සධිවිහාරිකයා යම් වෙහෙරෙකැ වෙසේ ද, ඒ වෙහෙර හැඩි වී තිබේ නම්, හැකි නම්, ශුද්ධ කළයුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පා සිවුරු බැහැර කොට එක් පැත්තෙක තැබියැයුතු ... ආචමනකුම්භියෙහි ජලය නැත් නම්, එහි ජලය වත්කළයුතු. සද්ධිවිහාරිකයාට පැවිද්දෙහි නො ඇල්මක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය සන්හිඳුවියැයුතු. අනුන් ලවා හෝ සන්හිඳුවියැයුතු. බණ හෝ කියැයුතු. ඉදින් සද්ධිවිහාරිකයාට කුකුසෙක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය දුරැ ලියැ යුතු. දුරැලැවියැයුතු හෝ වෙයි. බණ හෝ කියැයුතු. සද්ධිවිහාරිකයාට මිසදිටෙක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය විවේචනය කළයුතු. අනුන් ලවා හෝ විවේචනය කැරැවියැයුතු. ඔහුට බණ හෝ කියැයුතු.

25. සචෙ සද‍්ධිවිහාරිකො ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නො හොති පරිවාසාරහො, උපජ‍්ඣායෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො සද‍්ධිවිහාරිකස‍්ස පරිවාසං දදෙය්‍යා’ති. සචෙ සද‍්ධිවිහාරිකො මූලායපටිකස‍්සනාරහො හොති උපජ‍්ඣායෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො සද‍්ධිවිහාරිකං මූලායපටිකස‍්සෙය්‍යා’ති. සචෙ සද‍්ධිවිහාරිකො මානත‍්තාරහො හොති උපජ‍්ඣායෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො සද‍්ධිවිහාරිකස‍්ස මානත‍්තං දදෙය්‍යා’ති. සචෙ සද‍්ධිවිහාරිකො අබ‍්භානාරහො හොති උපජ‍්ඣායෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො සද‍්ධිවිහාරිකං අබ‍්භෙය්‍යා’ති.

25. ඉදින් සද්ධිවිහාරික තෙම ගරු ඇවැතකට පැමිණියේ පිරිවෙසට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාට පිරිවෙස දෙන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු යි. ඉදින් සද්ධිවිහාරික තෙම මූලායපටිකස්සනයට සුදුසු වේ නම්, උපාධ්‍යායයා විසින් ‘කෙසේ නම් සඞ්ග තෙමේ සද්ධිවිහාරිකයාට මූලායපටිකස්සනය කරන්නේ දැ’ යි උත්සාහ කළයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම මානත ලබන්නට සුදුසු වී නම්, ‘කෙසේ නම් සද්ධිවිහාරික තෙමේ මානත ලබන්නේ දැ’ යි උපාධ්‍යායා විසින් උත්සාහ කළයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම අබ්භානයට සුදුසු වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයා අබ්භානය කරන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු.

සචෙ සඞ‍්ඝො සද‍්ධිවිහාරිකස‍්ස කම‍්මං කත‍්තුකාමො හොති තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා උපජ‍්ඣායෙන උස‍්සුක‍්කං කාතබ‍්බං, ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො සද‍්ධිවිහාරිකස‍්ස කම‍්මං න කරෙය්‍ය ලහුකාය වා පරිණාමෙය්‍යා’ති. කතං වා පනස‍්ස හොති සඞ‍්ඝෙන කම‍්මං තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා උපජ‍්ඣායෙන උස‍්සුක‍්කං කාතබ‍්බං, ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකො සම‍්මා වත‍්තෙය්‍ය ලොමං පාතෙය්‍ය නෙත්‍ථාරං වත‍්තෙය්‍ය සඞ‍්ඝො තං කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍යා’ති.

ඉදින් සඞ්ඝයා සද්ධිවිහාරිකයාට තර්‍ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරනු කැමති වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාට ඒ කර්‍මය නො කරන්නේ ද යි, ඒ කර්‍මය හෑල්ලු බවට පිරිනමන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු ය. ඉදින් ඔහුට තර්‍ජනීයකර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් සද්ධිවිහාරික තෙම මනා ව පවත්නේ ද සඞ්ඝයාට අනුලොම් ව පවත්නේ ද නිස්තරණය පිණිස පවත්නේ ද සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ ද’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළ යුතු.

සචෙ සද‍්ධිවිහාරිකස‍්ස චීවරං ධොවිතබ‍්බං හොති උපජ‍්ඣායෙන ආචික‍්ඛිතබ‍්බං ‘එවං ධොවෙය්‍යාසී’ති, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකස‍්ස චීවරං ධොවීයෙථා’ති. සචෙ සද‍්ධිවිහාරිකස‍්ස චීවරං කාතබ‍්බං හොති උපජ‍්ඣායෙන ආචික‍්ඛිතබ‍්බං ‘එවං කරෙය්‍යාසී’ති. උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකස‍්ස චීවරං කරියෙථා’ති. සචෙ සද‍්ධිවිහාරිකස‍්ස රජනං පචිතබ‍්බං හොති උපජ‍්ඣායෙන ආචික‍්ඛිතබ‍්බං ‘එවං පචෙය්‍යාසී’ති. උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකස‍්ස රජනං පචීයෙථා’ති. සචෙ සද‍්ධිවිහාරිකස‍්ස චීවරං රජිතබ‍්බං හොති උපජ‍්ඣායෙන ආචික‍්ඛිතබ‍්බං ‘එවං රජෙය්‍යාසී’ති. උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සද‍්ධිවිහාරිකස‍්ස චීවරං රජියෙථා’ති. චීවරං රජන‍්තෙන සාධුකං සම‍්පරිවත‍්තකං සම‍්පරිවත‍්තකං රජිතබ‍්බං. න ච අච‍්ඡින‍්නෙථෙවෙ පක‍්කමිතබ‍්බං. සචෙ සද‍්ධිවිහාරිකො ගිලානො හොති යාවජීවං උපට‍්ඨාපෙතබ‍්බො වුට‍්ඨානමස‍්ස ආගමෙතබ‍්බං.

ඉදින් සද්ධිවිහාරිකයාගේ සිවුර සේදියයුතු නම්, ‘මෙසේ සෝදන්නැ’ යි උපාධ්‍යායයා විසින් කියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාගේ සිවුර සෝදනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළ යුතු. ඉදින් සද්ධිවිහාරිකයාට සිවුරක් කළයුතු නම්, ‘මෙසේ කළ යුතු යැ’ යි උපාධ්‍යායයා විසින් කියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට සිවුර කරනු ලබන්නේ දැ’ යි උත්සාහ හෝ කළ යුතු. ඉදින් සද්ධිවිහාරිකයාට රඳන් පිසියැයුතු නම්, ‘මෙසේ පිසන්නැ’යි උපාධ්‍යායයා විසින් කියයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට රඳන් පිසිනු ලබන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පෙවියැ යුතු නම්, ‘මෙසේ පඬු පොවන්නැ’ යි උපාධ්‍යායයා විසින් කිය යුතු ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පොවනු ලබන්නේ දැ’ යි උත්සාහ කළයුතු හෝ වෙයි. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මනා කොට සිවුර පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සිඳු කල්හි නො ම නික්මියැයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම ගිලන් වේ නම් යව් දිව් උවටන් කළයුතු. ඔහු ගිලන් බැවින් නැගී සිටීම බලාපොරොත්තු වියයුතු:

ඉදං ඛො භික‍්ඛවෙ උපජ‍්ඣායානං සද‍්ධිවිහාරිකෙසු වත‍්තං යථා උපජ‍්ඣායෙහි සද‍්ධිවිහාරිකෙසු වත‍්තිතබ‍්බන‍්ති.

මහණෙනි, යම්සේ උපාධ්‍යායයන් විසින් සද්ධිවිහාරිකයන් කෙරෙහි පැවැතියැ යුතු ද මේ ඒ සද්ධිවිහාරිකයන් කෙරෙහි උපාධ්‍යායයන්ගේ වත යි.

දුතියභාණවාරං නිට‍්ඨිතං.

දෙවෙනි බණවර නිමියේ යි.