උපජ‍්ඣායවත‍්තං
උපජ‍්ඣායවත‍්තං
උපාධ්‍යාය වත්
16. තෙන ඛො පන සමයෙන සද‍්ධිවිහාරිකා උපජ‍්ඣායෙසු න සම‍්මාවත‍්තන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සද‍්ධිවිහාරිකා උපජ‍්ඣායෙසු න සම‍්මාවත‍්තිස‍්සන‍්තී”ති.
16. එ සමයෙහි සද්ධිවිහාරික මහණහු උපාධ්‍යාය තෙරුන් කෙරෙහි මනා වැ නො පවතිත්. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද... ඔහු “කෙසේ නම් සද්ධිවිහාරික මහණහු උපාධ්‍යායයන් කෙරෙහි මනා ව නො පවත්නහු දැ”යි පහත් කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“සච‍්චං කිර භික‍්ඛවෙ සද‍්ධිවිහාරිකා උපජ‍්ඣායෙසු න සම‍්මා වත‍්තන‍්තී”ති.
“මහණෙනි, සද්ධිවිහාරික භික්‍ෂූහු උපාධ්‍යායයන් කෙරෙහි මනා කොට නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“සච‍්චං භගවා”.
“සැබව භාග්‍යවතුන් වහන්සැ”යි භික්‍ෂූහු කීහ.
විගරහි බුද‍්ධො භගවා: “කථං හි නාම භික‍්ඛවෙ සද‍්ධිවිහාරිකා උපජ‍්ඣායෙසු න සම‍්මා වත‍්තිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය. අථ ඛො තං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානං ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා”ති. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:
“මහණෙනි, සද්ධිවිහාරිකයෝ ... කෙසේ නම් උපාධ්‍යායයන් කෙරෙහි මනා කොට නො පිළිපදින්නාහු ද, මහණෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස ද පහන්වූවන්ගේ පැහැදීම වැඩි වීම පිණිස ද නො වන්නේ ය. වැලි දු එය නො පහන්වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ ද එක්තරා කෙනකුගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ”යි වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක:
“තෙන හි භික‍්ඛවෙ සද‍්ධිවිහාරිකානං උපජ‍්ඣායෙසු වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා සද‍්ධිවිහාරිකෙහි උපජ‍්ඣායෙසු සම‍්මා වත‍්තිතබ‍්බං.”
“මහණෙනි, එසේ වී නම් යම්සේ සද්ධිවිහාරිකයන් විසින් උපාධ්‍යායයන් කෙරෙහි පැවතියයුතු ද එසේ සද්ධිවිහාරිකයනට උපාධ්‍යායයන් කෙරෙහි පවත්නා ලෙසට වත් පනවන්නෙමි”.
“සද‍්ධිවිහාරිකෙන භික‍්ඛවෙ උපජ‍්ඣායම‍්හි සම‍්මාවත‍්තිතබ‍්බං. තත්‍රායං සම‍්මාවත‍්තනා:
“මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාධ්‍යායයන් කෙරෙහි මනාව පැවතියැයුතු. මේ ඒ මනා පැවැත්ම යැ:
කාලස‍්සෙව උට‍්ඨාය උපාහනා ඔමුඤ‍්චිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා දන‍්තකට‍්ඨං දාතබ‍්බං. මුඛොදකං දාතබ‍්බං. ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. සචෙ යාගු හොති භාජනං ධොවිත්‍වා යාගු උපනාමෙතබ‍්බා. යාගුං පීතස‍්ස උදකං දත්‍වා භාජනං පටිග‍්ගහෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන ධොවිත්‍වා පටිසාමෙතබ‍්බං. උපජ‍්ඣායම‍්හි උට‍්ඨිතෙ ආසනං උද‍්ධරිතබ‍්බං.
කලින් ම නැඟී සිට වහන් මුදා තනිපට සිවුර එකස් කොට පෙරෙවගෙන උපාධ්‍යායයාට දැහැටි දියැයුතු. මුවදෝනා ජලය දියහැයුතු. අසුන් පැනවියැයුතු. කැඳ ඇත් නම් කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දි බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක දු නො ගටමින් දෙවැ තැන් පත් කළයුතු. උපාධ්‍යායයා , නැගී සිටි කලැ අස්න ඉදිරියැයුතු.
සචෙ සො දෙසො උක‍්ලාපො හොති, සො දෙසො සම‍්මජ‍්ජිතබ‍්බො. සචෙ උපජ‍්ඣායො ගාමං පවිසිතුකාමො හොති නිවාසනං දාතබ‍්බං. පටිනිවාසනං පටිග‍්ගහෙතබ‍්බං. කායබන්‍ධනං දාතබ‍්බං. සගුණං කත්‍වා සඞ‍්ඝාටියො දාතබ‍්බා, ධොවිත්‍වා පත‍්තො සඋදකො දාතබ‍්බො. සචෙ උපජ‍්ඣායො පච‍්ඡාසමණං ආකඞ‍්ඛති, තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන පරිමණ‍්ඩලං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා සගුණං කත්‍වා සඞ‍්ඝාටියො පාරුපිත්‍වා ගණ‍්ඨිකං පටිමුඤ‍්චිත්‍වා ධොවිත්‍වා පත‍්තං ගහෙත්‍වා උපජ‍්ඣායස‍්ස පච‍්ඡාසමණෙන හොතබ‍්බං. නාතිදූරෙ ගන‍්තබ‍්බං, න අච‍්චාසන‍්නෙ ගන‍්තබ‍්බං. පත‍්තපරියාපන‍්නං පටිග‍්ගහෙතබ‍්බං.
ඒ තැන කැලිකුණු ගැසී ඇත් නම් හැමැන්දයුතු. උපාධ්‍යායයා ගම්වදිනු කැමැත්තේ වේ නම්, හඳනය දියැයුතු. පෙරළා දුන් හඳනය පිළිගතයුතු. කාබහන දියැයුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. පාත්‍රය සෝදා දිය සහිත ව (නො පිසදමා) දියැ යුතු. උපාධ්‍යාය තෙම පසුමහණකු කැමැත්තේ නම්, තිමඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා, ඉක්බිති පාත්‍රය සෝදා රැගෙන උපාධ්‍යායයාගේ පසුමහණකු වියැයුතු. ඉතා ඈත්හි නො යායුතු. ඉතා ළඟ නො යායුතු. පාත්‍රය ඇතුළත වූ දෑ පිළිගතයුතු.
න උපජ‍්ඣායස‍්ස භණමානස‍්ස අන‍්තරන‍්තරා කථා ඔපාතෙතබ‍්බා. උපජ‍්ඣායො ආපත‍්තිසාමන‍්තා භණමානො නිවාරෙතබ‍්බො. නිවත‍්තන‍්තෙන පඨමතරං ආගන‍්ත්‍වා ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං. පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙතබ‍්බං. පටිනිවාසනං දාතබ‍්බං. නිවාසනං පටිග‍්ගහෙතබ‍්බං. සචෙ චීවරං සින‍්නං හොති මුහුත‍්තං උණ‍්හෙ ඔතාපෙතබ‍්බං. න ච උණ‍්හෙ චීවරං නිදහිතබ‍්බං. චීවරං සඞ‍්ඝරිතබ‍්බං. චීවරං සඞ‍්ඝරන‍්තෙන චතුරඞ‍්ගුලං කණ‍්ණං උස‍්සාරෙත්‍වා චීවරං සඞ‍්ඝරිතබ‍්බං, මා මජ‍්ඣෙ භඞ‍්ගො අහොසීති. ඔභොගෙ කායබන්‍ධනං කාතබ‍්බං.
උපාධ්‍යායයා කථා කරද්දී අතරතුර කථා නො හෙළියැයුතු. උපාධ්‍යායය තෙම ඇවතකට සමීප වැ කථා කරන්නේ වී නම්, එය වැළැක්වියැයුතු. (ගමින්) පෙරැළා එන්නාහු විසින් වඩා පළමු ව අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය පාපුටුව පාදකඨලිකාව ළං කොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළූ හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. සිවුර (ඩහදියෙන්) තෙත් වී නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. සිවුර (වැඩිවේලාවක්) අව්වේ දමා තිබියයුතු නො වේ. සිවුර හැකිළියැයුතු. සිවුර හකුළන්නහු විසින් සිවුර මැද බිඳීමෙක් නො වේවා යි අදහස ඇති ව සිවුරු කොන අඟල් සතරක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන සිවුරු නැම්ම තුළ තැබියැයුතු.
17. සචෙ පිණ‍්ඩපාතො හොති උපජ‍්ඣායො ච භුඤ‍්ජිතුකාමො හොති උදකං දත්‍වා පිණ‍්ඩපාතො උපනාමෙතබ‍්බො. උපජ‍්ඣායො පානීයෙන පුච‍්ඡිතබ‍්බො. භුත‍්තාවිස‍්ස උදකං දත්‍වා පත‍්තං පටිග‍්ගහෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන ධොවිත්‍වා වොදකං කත්‍වා මුහුත‍්තං උණ‍්හෙ ඔතාපෙතබ‍්බො. න ච උණ‍්හෙ පත‍්තො නිදහිතබ‍්බො. පත‍්තචීවරං නික‍්ඛිපිතබ‍්බං. පත‍්තං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන පත‍්තං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන හෙට‍්ඨාමඤ‍්චං වා හෙට‍්ඨාපීඨං වා පරාමසිත්‍වා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. න ච අනන‍්තරහිතාය භූමියා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො.
17. ඉදින් පිණ්ඩභෝජනය තිබේ උපාධ්‍යායයාත් වළඳනු කැමැති වේ ද, පැන් පිළිගන්වා පිණ්ඩභෝජනය එළවියැයුතු. උපාධ්‍යායය තෙම පැනින් විචාළයුතු. වළඳා අවසන් කළ උපාධ්‍යායයාට පැන් පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට (කිසිවෙක ද) නො ගටමින් මොනොවට සෝදා දිය පිස දමා මොහොතක් කල් උෂ්ණයෙහි (අව්වේ) රත් කළයුතු. උෂ්ණයෙහි පාත්‍රය. (වැඩි වේලා) තැබියැයුතු නො වේ. පාසිවුරු තැබියැයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳයට හෝ පුටුව යට පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමෙහි පාත්‍රය නො ම තැබියැයුතු.
චීවරං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන චීවරං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන චීවරවංසං වා චීවරරජ‍්ජුං වා පමජ‍්ජිත්‍වා පාරතො අන‍්තං ඔරතො භොගං කත්‍වා චීවරං නික‍්ඛිපිතබ‍්බං.
සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුර වනන උණලීය හෝ සිවුර වනන ලනුව පිස දමා සිවුරු කෙළවර එහා පැත්තට ද සිවුරුනැම්ම මෙහා පැත්තට ද කොට සිවුර තැබියැයුතු.
උපජ‍්ඣායම‍්හි වුට‍්ඨිතෙ ආසනං උද‍්ධරිතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං පටිසාමෙතබ‍්බං. සචෙ සො දෙසො උක‍්ලාපො හොති සො දෙසො සම‍්මජ‍්ජිතබ‍්බො.
උපාධ්‍යායයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. පා දෝනා දිය ද පා පුටුව ද පා තබන ලෑලි කඩ ද සුරැකි කොට තැබියැයුතු. ඒ පෙදෙස කුණු සහිත වේ නම් එය ඇමැන්දයුතු.
සචෙ උපජ‍්ඣායො නහායිතුකාමො හොති නහානං පටියාදෙතබ‍්බං. සචෙ සීතෙන අත්‍ථො හොති සීතං පටියාදෙතබ‍්බං. සචෙ උණ‍්හෙන අත්‍ථො හොති, උණ‍්හං පටියාදෙතබ‍්බං. සචෙ උපජ‍්ඣායො ජන‍්තාඝරං පවිසිතුකාමො හොති, චුණ‍්ණං සන‍්නෙතබ‍්බං. මත‍්තිකා තෙමෙතබ‍්බා. ජන‍්තාඝරපීඨං ආදාය උපජ‍්ඣායස‍්ස පිට‍්ඨිතො පිට‍්ඨිතො ගන‍්ත්‍වා ජන‍්තාඝරපීඨං දත්‍වා චීවරං පටිග‍්ගහෙත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. චුණ‍්ණං දාතබ‍්බං. මත‍්තිකා දාතබ‍්බා. සචෙ උස‍්සහති ජන‍්තාඝරං පවිසිතබ‍්බං. ජන‍්තාඝරං පවිසන‍්තෙන මත‍්තිකාය මුඛං මක‍්ඛෙත්‍වා පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරං පවිසිතබ‍්බං.
ඉදින් උපාධ්‍යාය තෙම නානු කැමැති වේ නම්, නාන දිය පිළියෙළ කළයුතු. සිසිල් දිය වුව මනා වී නම් සිසිල් දිය පිළියෙළ කළයුතු. උණු දිය වුව මනා වී නම් උණු දිය පිළියෙළ කළයුතු. උපාධ්‍යාය තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, (ඇඟ ගානා) සුණු සිනිඳු කළයුතු. ඇඟැ ගානා මැටි තෙමියයුතු. ගිනිහල් පුටුව ගෙන උපාධ්‍යායයා පිටුපසින් ගොස් ගිනිහල් පුටුව දී සිවුර පිළිගෙන එක් පසෙක තැබියැයුතු. ඇඟ මදිනා සුණු දියැ යුතු. ඇඟැ ගාන මැටි දියැයුතු. හැක්කේ නම් ගිනිහල් ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුහුණ වකා ඉදිරි පසින් ද පිටු පසින් ද කය වසා ගිනිහල් ගෙට පිවිසියයුතු.
න ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදිතබ‍්බං. න නවා භික‍්ඛූ ආසනෙන පටිබාහිතබ‍්බා. ජන‍්තාඝරෙ උපජ‍්ඣායස‍්ස පරිකම‍්මං කාතබ‍්බං. ජන‍්තාඝරා නික‍්ඛමන‍්තෙන ජන‍්තාඝරපීඨං ආදාය පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරා නික‍්ඛමිතබ‍්බං. උදකෙපි උපජ‍්ඣායස‍්ස පරිකම‍්මං කාතබ‍්බං. නහාතෙන පඨමතරං උත‍්තරිත්‍වා අත‍්තනො ගත‍්තං වොදකං කත්‍වා නිවාසෙත්‍වා උපජ‍්ඣායස‍්ස ගත‍්තතො උදකං පමජ‍්ජිතබ‍්බං. නිවාසනං දාතබ‍්බං. සඞ‍්ඝාටි දාතබ‍්බා. ජන‍්තාඝරපීඨං ආදාය පඨමතරං ආගන‍්ත්‍වා ආසනං පඤ‍්ඤාපෙතබ‍්බං. පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපිතබ‍්බං. උපජ‍්ඣායො පානීයෙන පුච‍්ඡිතබ‍්බො.
ස්ථවිර භික්‍ෂූන් ගටා අතරට පැන නො හින්දයුතු. නවක මහණහු උනස්නෙන් බැහැර නො කළයුතුහ. ගිනිහල් ගෙහි දී උපාධ්‍යාය තෙරහට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද කය වසාගෙන ගිනිහල්ගෙන් නික්මියැයුතු. දියෙහි ද උපාධ්‍යායයාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් දියෙන් නැඟ තමාගේ සිරුර දිය ඉවත් කොට හැඳ පෙරෙව උපාධ්‍යායයාගේ සිරුරෙන් දිය පිස දැමියයුතු. හඳනය දියයුතු. සඟළ සිවුර දියැයුතු. ගිනිහල්පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනැවියයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාදකඨලිකාව ද ළං කොට තැබියයුතු. උපාධ්‍යායයා පැනින් විචාළයුතු.
18. සචෙ උද‍්දිසාපෙතුකාමො හොති උද‍්දිසාපෙතබ‍්බො. සචෙ පරිපුච‍්ඡිතුකාමො හොති පරිපුච‍්ඡිතබ‍්බො. යස‍්මිං විහාරෙ උපජ‍්ඣායො විහරති සචෙ සො විහාරො උක‍්ලාපො හොති සචෙ උස‍්සහති සොධෙතබ‍්බො. විහාරං සොධෙන‍්තෙන පඨමං පත‍්තචීවරං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. නිසීදනපච‍්චත්‍ථරණං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. භිසිබිම‍්බොහනං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. මඤ‍්චො නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසංඝට‍්ටන‍්තෙන නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බො, පීඨං නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. කවාටපිට‍්ඨං නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. මඤ‍්චපටිපාදකා නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බා. ඛෙළමල‍්ලකො නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බො. අපස‍්සෙනඵලකං නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං. භුම‍්මත්‍ථරණං යථාපඤ‍්ඤත‍්තං සල‍්ලක‍්ඛෙත්‍වා නීහරිත්‍වා එකමන‍්තං නික‍්ඛිපිතබ‍්බං.
18. ඉදින් උදෙසවනු කැමැති (හදාරවනු කැමැති) වේ නම්, උදෙසැවියයුතු. ඉදින් පුන පුනා විචාළයුතු නම්, පුනා පුනා විචාළයුතු. යම් වෙහෙරෙක උපාධ්‍යායයා වෙසේ ද ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වේ නම්, ඉදින් හැකි නම් ශුද්ධ කළ යුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පා සිවුරු මෑත් කොට පසෙක තැබියැයුතු. නිසීදනය ද පසතුරුණු ද මෑත් කොට පසෙක තැබියැයුතු. බිසි ද කොට්ට ද බැහැර කොට පසෙක තැබියයුතු. ඇඳ පහත් කොට කිසිවෙක නොගාවා නො ගටා බැහැර කොට පසෙක තැබියයුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවා නො ගටා මොනොවට බැහැර කොට පසෙක තැබියැයුතු. කපාටපෘෂ්ඨය (දොරපළු පිට) පහත් කොට කිසිවෙක නො ගාවා නො ගටා මොනොවට බැහැර කොට පසෙක තැබිය යුතු. ඇඳපා බැහැර කොට පසෙක තැබියැයුතු. කෙළමලාව බැහැර කොට පසෙක තැබියයුතු. හේත්තුවන පුවරුව බැහැර කොට පසෙක තැබියැයුතු. බුමුතුරුණ පනවන ලද පරිදි සලකා බැහැර කොට පසෙක තැබියැයුතු.
සචෙ විහාරෙ සන‍්තානකං හොති උල‍්ලොකා පඨමං ඔහාරෙතබ‍්බං. ආලොකසන්‍ධිකණ‍්ණභාගා පමජ‍්ජිතබ‍්බා. සචෙ ගෙරුකපරිකම‍්මකතා භිත‍්තිකණ‍්ණකිතා හොති චොළකං තෙමෙත්‍වා පීළෙත්‍වා පමජ‍්ජිතබ‍්බා. සචෙ කාළවණ‍්ණකතා භූමි කණ‍්ණකිතා හොති චොළකං තෙමෙත්‍වා පීළෙත්‍වා පමජ‍්ජිතබ‍්බා. සචෙ අකතා හොති භූමි උදකෙන පරිප‍්ඵොසිත්‍වා පරිප‍්ඵොසිත්‍වා සම‍්මජ‍්ජිතබ‍්බා ‘මා විහාරො රජෙන ඌහඤ‍්ඤී’ති. සඞ‍්කාරං විචිනිත්‍වා එකමන‍්තං ඡඩ‍්ඩෙතබ‍්බං.
ඉදින් වෙහෙරෙහි මකුළු දැල් වේ ද, උඩ සිට පළමුවෙන් පහතට ඉවත් කළයුතු. වාබෝනයන්හි කවුළු (දොරපළු) ද, කර්ණභාගයෝ (ගැබෙහි මුලු සතර) ද පිස දැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කරන ලද බිත්තිය කුණින් වැකුණේ වේ නම් රෙදිකඩක් තෙමා මිරිකා මැද්ද යුතු. ඉදින් කළුපැහැ කරන ලද බිම කුණින් වැකුණේ වේ නම් රෙදි කඩක් තෙමා මිරිකා මැද්දයුතු. ඉදින් කිසිදු පිරියමක් නො කළ බිමෙක් වේ නම්, විහාරය දූලියෙන් නොවැකෙවයි සලකා දිය ඉස ඉස ඇමැද්දයුතු. කසළ රැස් කොට එක් පසෙකැ දැමියැයුතු.
භුම‍්මත්‍ථරණං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. මඤ‍්චපටිපාදකා ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බා. මඤ‍්චො ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන (කවාටපිට‍්ඨං) අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බො. පීඨං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන (කවාටපිට‍්ඨං) අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. කවාටපිට‍්ඨං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා නීචං කත්‍වා සාධුකං අපරිඝංසන‍්තෙන අසඞ‍්ඝට‍්ටන‍්තෙන අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බං. භිසිබිම‍්බොහනං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. නිසීදනපච‍්චත්‍ථරණං ඔතාපෙත්‍වා සොධෙත්‍වා පප‍්ඵොටෙත්‍වා අතිහරිත්‍වා යථාපඤ‍්ඤත‍්තං පඤ‍්ඤාපෙතබ‍්බං. ඛෙළමල‍්ලකො ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බො. අපස‍්සෙනඵලකං ඔතාපෙත්‍වා පමජ‍්ජිත්‍වා අතිහරිත්‍වා යථාඨානෙ ඨපෙතබ‍්බං.
බුමුතුරුණු වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදි ම පැනැවියයුතු. ඇඳ පා අලු වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු. ඇඳ වියලා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාකොට ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනැවියැයුතු. පුටුව වියලා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාමින් නො ගටමින් මනාකොට ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනැවියැයු. කපාටපෘෂ්ඨය (දොර පළු පිට) වියලා ශුද්ධ කොට පපොළා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු. බිසි ද කොට්ට ද වියලා ශුද්ධ කොට පපොළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. නිසීදනය ද පසතුරුණු ද වියලා ශුද්ධ කොට පපොළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියයුතු. හේත්තු වන පුවරුව වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු.
19. පත‍්තචීවරං නික‍්ඛිපිතබ‍්බං. පත‍්තං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන පත‍්තං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන හෙට‍්ඨාමඤ‍්චං වා හෙට‍්ඨාපීඨං වා පරාමසිත්‍වා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. න ච අනන‍්තරහිතාය භූමියා පත‍්තො නික‍්ඛිපිතබ‍්බො, චීවරං නික‍්ඛිපන‍්තෙන එකෙන හත්‍ථෙන චීවරං ගහෙත්‍වා එකෙන හත්‍ථෙන චීවරවංසං වා චීවරරජ‍්ජුං වා පමජ‍්ජිත්‍වා පාරතො අන‍්තං ඔරතො භොගං කත්‍වා චීවරං නික‍්ඛිපිතබ‍්බං.
19. පා සිවුරු බහා තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබියයුතු. කිසිත් නො අතුරන ලද බිමැ පාත්‍රය නො ම තැබියයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුර දමන උණලීය හෝ සිවුරු රැහැන පිසදමා සිවුර කෙළවර ඈත් කොට ද සිවුරු නැම්ම මෑත් කොට ද සිවුර තැබියයුතු.
සචෙ පුරත්‍ථිමා සරජා වාතා වායන‍්ති පුරත්‍ථිමා වාතපානා ථකෙතබ‍්බා. සචෙ පච‍්ඡිමා සරජා වාතා වායන‍්ති පච‍්ඡිමා වාතපානා ථකෙතබ‍්බා. සචෙ උත‍්තරා සරජා වාතා වායන‍්ති උත‍්තරා වාතපානා ථකෙතබ‍්බා. සචෙ දක‍්ඛිණා සරජා වාතා වායන‍්ති දක‍්ඛිණා වාතපානා ථකෙතබ‍්බා.
ඉදින් පෙරදිගට අයත් රජස් සහිත සුළං හමා නම් පෙර දිගැ වූ වාතපානයෝ වැසියයුත්තාහ. පැසිම් දිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගට අයත් වාතපානයෙන් වැසියයුත්තාහ. උතුරුදිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම්, උතුරුදිගැ වාතපානයෝ වැසියයුත්තාහ. දකුණු දිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම් දකුණු දිග වාතපානයෝ වැසිය යුත්තාහ.
සචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ‍්බා. රත‍්තිං ථකෙතබ‍්බා. සචෙ උණ‍්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ‍්බා. රත‍්තිං විවරිතබ‍්බා.
ඉදින් ශීත කාලය වේ නම්, දාවල් වාතපානයෙන් ඇර තැබිය යුත්තාහ. රාත්‍රියෙහි වසා තැබියයුත්තාහ. ඉදින් උෂ්ණ කාලය වේ නම්, වාතපානයෝ දහවල් වැසියයුත්තාහ. රාත්‍රියෙහි ඇර තැබිය යුත්තාහ.
සචෙ පරිවෙණං උක‍්ලාපං හොති පරිවෙණං සම‍්මජ‍්ජිතබ‍්බං. සචෙ කොට‍්ඨකො උක‍්ලාපො හොති කොට‍්ඨකො සම‍්මජ‍්ජිතබ‍්බො. සචෙ උපට‍්ඨානසාලා උක‍්ලාපා හොති උපට‍්ඨානසාලා සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ අග‍්ගිසාලා උක‍්ලාපා හොති අග‍්ගිසාලා සම‍්මජ‍්ජිතබ‍්බා. සචෙ වච‍්චකුටි උක‍්ලාපා හොති වච‍්චකුටි සම‍්මජ‍්ජිතබ‍්බා.
ඉදින් පිරිවෙණ කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් දොරටුව කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල් ගෙය කුණුරොඩු සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් වැසිකිළිය කුණුරොඩු සහිත වී නම් එය හැමැන්දයුතු.
සචෙ පානීයං න හොති පානීයං උපට‍්ඨාපෙතබ‍්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට‍්ඨාපෙතබ‍්බං. සචෙ ආචමනකුම‍්භියා උදකං න හොති ආචමනකුම‍්භියා උදකං ආසිඤ‍්චිතබ‍්බං.
ඉදින් පැන් නො වී නම් පැන් එළවා තැබියයුතු. ඉදින් පරිභෝග ජලය නො වේ නම් එය එළවා තැබියැයුතු. ඉදින් ආචමනකුම්භියෙහි ජලය නො වේ නම් එහි දිය වත්කළයුතු.
20. සචෙ උපජ‍්ඣායස‍්ස අනභිරති උප‍්පන‍්නා හොති, සද‍්ධිවිහාරිකෙන වූපකාසෙතබ‍්බො වූපකාසාපෙතබ‍්බො ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ උපජ‍්ඣායස‍්ස කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති සද‍්ධිවිහාරිකෙන විනොදෙතබ‍්බං, විනොදාපෙතබ‍්බං, ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ උපජ‍්ඣායස‍්ස දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති සද‍්ධිවිහාරිකෙන විවෙචෙතබ‍්බං, විවෙචාපෙතබ‍්බං, ධම‍්මකථා වාස‍්ස කාතබ‍්බා. සචෙ උපජ‍්ඣායො ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නො හොති පරිවාසාරහො සද‍්ධිවිහාරිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො උපජ‍්ඣායස‍්ස පරිවාසං දදෙය්‍යා’ති.
20. ඉදින් උපාධ්‍යායයාට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, සද්ධිවිහාරික මහණහු විසින් සන්හිඳුවියයුතු. අනුන් ලවා හෝ සන්හිඳුවවියැයුතු. ඔහුට බණ හෝ කියැයුතු. ඉදින් උපාධ්‍යායයාට කුකුසෙක් උපන්නේ වී නම්, එය සද්ධිවිහාරිකයා විසින් දුරැ ලියැයුතු. අනුන් ලවා හෝ දුරැලැවියැයුතු. ඔහුට බණ කියැයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායාට මිසදිටෙක් උපන්නේ නම් සද්ධිවිහාරිකයා විසින් එය බැහැරලියැයුතු. අනුන් ලවා හෝ බැහැරැ ලැවියුතු. ඔහුට බණ කියැයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යාය තෙම පිරිවෙසට සුදුසු ගරු ඇවතකට පැමිණියේ වී නම්, ‘කෙසේ නම් සඞ්ග තෙමේ උපාධ්‍යායයාට පිරිවෙස දෙන්නේ දැ’යි (පිරිවෙස් දෙවීම පිණිස) සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු වෙයි.
සචෙ උපජ‍්ඣායො මූලාය පටිකස‍්සනාරහො හොති සද‍්ධිවිහාරිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො උපජ‍්ඣායං මූලාය පටිකස‍්සෙය්‍යා’ති. සචෙ උපජ‍්ඣායො මානත‍්තාරහො හොති සද‍්ධිවිහාරිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො උපජ‍්ඣායස‍්ස මානත‍්තං දදෙය්‍යා’ති. සචෙ උපජ‍්ඣායො අබ‍්භානාරහො හොති සද‍්ධිවිහාරිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං කින‍්ති නු ඛො සඞ‍්ඝො උපජ‍්ඣායං අබ‍්භෙය්‍යා’ති. සචෙ සඞ‍්ඝො උපජ‍්ඣායස‍්ස කම‍්මං කත‍්තුකාමො හොති තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා, සද‍්ධිවිහාරිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො උපජ‍්ඣායස‍්ස කම‍්මං න කරෙය්‍ය ලහුකාය වා පරිණාමෙය්‍යා’ති. කතං වා පනස‍්ස හොති සඞ‍්ඝෙන කම‍්මං තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා, සද‍්ධිවිහාරිකෙන උස‍්සුක‍්කං කාතබ‍්බං ‘කින‍්ති නු ඛො උපජ‍්ඣායො සම‍්මා වත‍්තෙය්‍ය ලොමං පාතෙය්‍ය නෙත්‍ථාරං වත‍්තෙය්‍ය සඞ‍්ඝො තං කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍යා’ති.
ඉදින් උපාධ්‍යායයා මූලායපටිකස්සනය ලබනුවට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට මූලායපටිකස්සනය කරන්නේ වේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු වේ. ඉදින් උපාධ්‍යාය තෙම මානතට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට මානත දෙන්නේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු. ඉදින් උපාධ්‍යාය තෙම අබ්භානයට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයා අබ්භානය කරන්නේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු. ඉදින් සංඝයා උපාධ්‍යායයාට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරනු කැමැත්තේ වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට ඒ කර්‍මය නො කරන්නේ හෝ ඒ කර්‍මය හෑල්ලු බවට පෙරළන්නේ හෝ වේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සුක බවට පැමිණියයුතු. ඉදින් ඔහුට සංඝයා විසින් තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍ම හෝ කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් උපාධ්‍යාය තෙමේ (විනය නීති අනුව) , මනා ව පවතින්නේ ද භික්‍ෂූනට අනුලොම් ව පවතින්නේ ද, නිස්තරණයට හේතු වූ වත්හි පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ දැ’යි සද්ධිවිහාරික මහණහු විසින් උත්සුක බව කළයුතු.
21. සචෙ උපජ‍්ඣායස‍්ස චීවරං ධොවිතබ‍්බං හොති, සද‍්ධිවිහාරිකෙන ධොවිතබ‍්බං උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො උපජ‍්ඣායස‍්ස චීවරං ධොවීයෙථා’ති. සචෙ උපජ‍්ඣායස‍්ස චීවරං කාතබ‍්බං හොති සද‍්ධිවිහාරිකෙන කාතබ‍්බං. උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො උපජ‍්ඣායස‍්ස චීවරං කරීයෙථා’ති. සචෙ උපජ‍්ඣායස‍්ස රජනා පචිතබ‍්බං හොති සද‍්ධිවිහාරිකෙන පචිතබ‍්බං, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො උපජ‍්ඣායස‍්ස රජනං පචීයෙථා’ති. සචෙ උපජ‍්ඣායස‍්ස චීවරං රජිතබ‍්බං හොති සද‍්ධිවිහාරිකෙන රජිතබ‍්බං, උස‍්සුක‍්කං වා කාතබ‍්බං ‘කින‍්ති නු ඛො උපජ‍්ඣායස‍්ස චීවරං රජියෙථා’ති. චීවරං රජන‍්තෙන සාධුකං පම‍්පරිවත‍්තකං සම‍්පරිවත‍්තකං රජිතබ‍්බං. න ච අච‍්ඡින‍්නෙ ථෙවෙ පක‍්කමිතබ‍්බං.
21. ඉදින් උපාධ්‍යායාගේ සිවුරු සේදියැ යුතු වී නම් සද්ධිවිහාරිකයා විසින් එය සේදියැ යුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායාගේ සිවුරු සෝදනු ලබන්නේ දැ’යි උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායයාට සිවුරක් කළයුතු වී නම් සද්ධිවිහාරිකයා විසින් එය කළයුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායයාට සිවුරු කරනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට රඳන් පිසියැයුතු (පඬු උණු කළයුතු) වී නම්, සද්ධිවිහාරිකයා විසින් එය පිසියැයුතු. ‘කෙසේ නම් උපාධ්‍යායයාට රඳන් පිසිනු ලබන්නේ දැ’යි උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායයාගේ සිවුරු පඬු පෙවියැයුතු වී නම්, සද්ධිවිහාරිකයා විසින් එය කළ යුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායයාගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළයුතු. සිවුරු පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සුන් කල්හි (සිවුර වියැලෙන්නට පෙර) ඉවත නො යායුතු.
න උපජ‍්ඣායං අනාපුච‍්ඡා එකච‍්චස‍්ස පත‍්තො දාතබ‍්බො, න එකච‍්චස‍්ස පත‍්තො පටිග‍්ගහෙතබ‍්බො, න එකච‍්චස‍්ස චීවරං දාතබ‍්බං, න එකච‍්චස‍්ස චීවරං පටිග‍්ගහෙතබ‍්බං, න එකච‍්චස‍්ස පරික‍්ඛාරො දාතබ‍්බො, න එකච‍්චස‍්ස පරික‍්ඛාරො පටිග‍්ගහෙතබ‍්බො, න එකච‍්චස‍්ස කෙසා ඡෙත‍්තබ‍්බා, න එකච‍්චෙන කෙසා ඡෙදාපෙතබ‍්බා, න එකච‍්චස‍්ස පරිකම‍්මං කාතබ‍්බං, න එකච‍්චෙන පරිකම‍්මං කාරාපෙතබ‍්බං, න එකච‍්චස‍්ස වෙය්‍යාවච‍්චො කාතබ‍්බො, න එකච‍්චෙන වෙය්‍යාවච‍්චො කාරාපෙතබ‍්බො, න එකච‍්චස‍්ස පච‍්ඡාසමණෙන හොතබ‍්බං, න එකච‍්චො පච‍්ඡාසමණො ආදාතබ‍්බො, න එකච‍්චස‍්ස පිණ‍්ඩපාතො නීහරිතබ‍්බො. න එකච‍්චෙන පිණ‍්ඩපාතො නීහරාපෙතබ‍්බො.
උපාධ්‍යායයා නො විචාරා අනෙකකුට පාත්‍රය නො දියැයුතු. අනෙකකුගේ පාත්‍රය නො පිළිගතයුතු. අනෙකකුට සිවුරක් නො දියැයුතු. අනෙකකුගේ සිවුරක් නො පිළිගතයුතු. අනෙකකුට පිරිකර නො දියැ යුතු. අනෙකකුගේ පිරිකරෙක් නො පිළිගතයුතු. අනෙකකුගේ කෙස් නොසිඳියැ යුතු. අනෙකකු ලවා තමාගේ කෙස් නො සින්ද වියැයුතු. අනෙකකුට (අත් පා මිරිකීම් ආදි) පිරියම් නො කළයුතු. අනෙකකු ලවා පිරියම් නො කරවා ගතයුතු. අනෙකකුට වතාවත් නො කළයුතු. අනෙකකු ලවා වතාවත් නො කරවාගත යුතු. අනෙකකුගේ පසු මහණකු නො වියැයුතු. අනෙකකු පසු මහණකු කොට නො ගතයුතු. අනෙකකුට පිණ්ඩපාතය නො ගෙන යායුතු. අනෙකකු ලවා පිණ්ඩපාතය නො ම ගෙන්වාගතයුතු වෙයි.
න උපජ‍්ඣායං අනාපුච‍්ඡා ගාමො පවිසිතබ‍්බො, න සුසානං ගන‍්තබ‍්බං, න දිසා පක‍්කමිතබ‍්බා. සචෙ උපජ‍්ඣායො ගිලානො හොති යාවජීවං උපට‍්ඨාපෙතබ‍්බො, වුට‍්ඨානමස‍්ස ආගමෙතබ‍්බං.
උපාධ්‍යායයා නො විචාරා ගම් නො වැදියැයුතු. සොහොනට නො යායුතු. දිසා (ඈතකට) නො යායුතු. උපාධ්‍යායයා ගිලන් වී නම්, දිවි ඇති තාක් උවටන් කළයුතු. ඔහු ගිලන් බැවින් නැඟී සිටීම අපේක්‍ෂා කළයුතු.
ඉදං ඛො භික‍්ඛවෙ සද‍්ධිවිහාරිකානං උපජ‍්ඣායෙසු වත‍්තං යථා සද‍්ධිවිහාරිකෙහි උපජ‍්ඣායෙසු වත‍්තිතබ‍්බන‍්ති.”
“මහණෙනි, මේ වනාහි උපාධ්‍යායයන් කෙරෙහි සද්ධිවිහාරිකයන් විසින් යම් සේ පැවතියැයුතු ද, ඒ උපාධ්‍යායයන් කෙරෙහි සද්ධිවිහාරිකයන්ගේ වත යි”.