වච්චකුටිවත්තං
වච්චකුටිවත්තං
වැසිකිළි වත
13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු බ්රාහ්මණජාතිකො වච්චං කත්වා න ඉච්ඡති ආචමෙතුං කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතීති. තස්ස වච්චමග්ගෙ කිමි සණ්ඨාසි. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
13. එ සමයෙහි එක්තරා බ්‍රාහ්මණ ජාතික මහණෙක් මල පහ කොට ‘කවරෙක් නම්, දුගඳ වූ මෙ අශුචි අල්ලන්නේ දැ’යි කියා මල දොවන්නට නො කැමැති වෙයි. ඔහු ගේ මල මගැ කෘමිදෝෂය නැංගේ ය. එ කල ඒ මහණ (සෙසු) මහණුනට මෙ පවත් සැල කෙළේ ය.
“කිම්පන ත්වං ආවුසො වච්චං කත්වා න ආචමෙසී”ති.
“ඇවැත්නි, කිමෙක් ද? තෙපි මල පහ කොට නො සෝදවූ දැ”යි භික්ෂූහු විචාළහ.
“එවමාවුසො”ති.
“එසේ ය. ඇවැත්නි” යි ඒ මහණ කී ය.
යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු වච්චං කත්වා න ආචමෙස්සතී”ති.
අල්පෙච්ඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මහණ තෙම මල පහකොට මලමඟ නො සෝදන්නේ දැ” යි ලාමක කොට සිතත්, නින්දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“සච්චං කිර ත්වං භික්ඛු වච්චං කත්වා න ආචමෙසී”ති.
“මහණ, තෝ මල පහකොට (මල මඟ) නො සෝදහි ල. ඒ සැබෑ ද”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
“වහන්ස, සැබවැ”යි ඒ මහණ කී ය ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා,
“න භික්ඛවෙ වච්චං කත්වා සති උදකෙ නාචමෙතබ්බං. යො න ආචමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, මල පහකොට දිය ඇති කලැ නො ම නො සේදියැ යුතු. යමෙක් නො සෝදන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළසේක.
14. තෙන ඛො පන සමයෙන භික්ඛූ වච්චකුටියා යථාවුඩ්ඪං වච්චං කරොන්ති. නවකා භික්ඛූ පඨමතරං ආගන්ත්වා වච්චිතා ආගමෙන්ති. තෙ වච්චං සන්ධාරෙන්තා මුච්ඡිතා පපතන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ” -පෙ-
14. එ සමයෙහි මහණහු වැසිකිළියෙහි වැඩිමහලු පිළිවෙළින් මල පහකෙරෙත්. නවක මහණහු වඩා පළමුවෙන් අවුත් වර්චසින් පීඩිත වැ (වාරය එන තුරු) බලාපොරොත්තු වෙත්. ඔහු වර්චස් වේගය උසුලන්නාහු මුසපත් වැ ඇදවැටෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි. සැබෑ දැ” යි අසා වදාළ සේක.
“සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
“සැබව, වහන්සැ” යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා,
“න භික්ඛවෙ වච්චකුටියා යථාවුඩ්ඪං වච්චො කාතබ්බො. යො කරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ආගතපටිපාටියා වච්චං කාතුන්ති”.
“මහණෙනි, වැසිකිළියෙහි නො ම මහලු පිළිවෙළින් මල පහකළයුතු. යමෙක් එසේ කරන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ආ පිළිවෙළින් මල පහකරන්නට අනුදනිමි”යි වදාළසේක.
15. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අතිසහසාපි වච්චකුටිං පවිසන්ති. උබ්භජිත්වා පි පවිසන්ති. නිත්ථුනන්තාපි වච්චං කරොන්ති. දන්තකට්ඨං ඛාදන්තාපි වච්චං කරොන්ති. බහිද්ධාපි වච්චදොණිකාය වච්චං කරොන්ති. බහිද්ධාපි පස්සාවදොණිකාය පස්සාවං කරොන්ති. පස්සාවදොණිකාය ඛෙළං කරොන්ති. ඵරුසෙනපි කට්ඨෙන අවලෙඛන්ති අවලෙඛනකට්ඨම්පි වච්චකූපම්හි පාතෙන්ති. අතිසහසාපි නික්ඛමන්ති. උබ්භජිත්වාපි නික්ඛමන්ති. චපුචපුකාරකම්පි ආචමෙන්ති. ආචමනසරාවකෙ පි උදකං සෙසෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිසහසාපි වච්චකුටිං පවිසිස්සන්ති -පෙ- ආචමනසරාවකෙපි උදකං සෙසෙස්සන්තී”ති.
15. එ සමයෙහි සවැගි මහණහු ඉතා වහා ද වැසිකිළියට වදිත්, සිවුර ඔසොවා ගෙන ද පිවිසෙත්. තතනමින් ද මල පහ කෙරෙත්. දැහැටි කමින් ද මල පහකෙරෙත්. වැසිකිළි ඔරුවෙන් පිටත්හි ද මල පහකෙරෙත්. මූත්‍ර ඔරුවෙන් පිටත්හි ද මූත්‍ර කෙරෙත්. මූත්‍ර ඔරුවෙහි ද කෙළ ගසත්. රළු කෝටුවෙකින් ද මලමඟ පිසදමත්. පුසන්දඩු ද වැසිකිළි වළෙහි හෙළත්, ඉතා වහා ද නික්මෙත්. සිවුර ඔසොවා ද නික්මෙත්. ‘චපු චපු’ යන හඬ නිකුත් කෙරෙමින් ද මලමඟ සෝදත්. මල සෝදන්නට. දිය ගන්නා බඳුනෙහි ද ජලය ඉතිරි කෙරෙත්. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජි වූ කුකුස් කරන්නා වූ ශික්ෂාකාමී යම් මහණ , කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉතා ඉක්මනින් වැසිකිළියට වදින්නාහු ද ... මල සේදීමට දිය ගන්නා බඳුනෙහිත් දිය ඉතිරි කරන්නාහු දැ”යි ලාමක කොට සිතත් නින්දා කෙරෙත්, දොස් පතුරුවත්:
අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථංආරොචෙසුං -පෙ-
ඉක්බිත්තෙන් ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
“සච්චං කිර භික්ඛවෙ” -පෙ-
“මහණෙනි,... සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“සච්චං භගවා”. -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
“සැබව භාග්‍යවතුන් වහන්සැ”යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.
“තෙන හි භික්ඛවෙ භික්ඛූනං වච්චකුටිවත්තං පඤ්ඤාපෙස්සාමි යථා භික්ඛූහි වච්චකුටියා වත්තිතබ්බං.
“මහණෙනි, එසේ වී නම්, භික්ෂූන් වැසිකිළියෙහි පැවතියැ යුතු පරිදි වැසිකිළි වත පනවන්නෙමි:
යො වච්චකුටිං ගච්ඡති තෙන බහි ඨිතෙන උක්කාසිතබ්බං. අන්තො නිසින්නෙනපි උක්කාසිතබ්බං. චීවරවංසෙ වා චීවරරජ්ජුයා වා චීවරං නික්ඛිපිත්වා සාධුකං අතරමානෙන වච්චකුටි පවිසිතබ්බා. නාතිසහසා පවිසිතබ්බා. න උබ්භජිත්වා පවිසිතබ්බා. වච්චපාදුකාය ඨිතෙන උබ්භජිතබ්බං. න නිත්ථුනන්තෙන වච්චො කාතබ්බො. න දන්තකට්ඨං ඛාදන්තෙන වච්චො කාතබ්බො. න බහිද්ධා වච්චදොණිකාය වච්චො කාතබ්බො. න බහිද්ධා පස්සාවදොණිකාය පස්සාවො කාතබ්බො. න පස්සාවදොණිකාය ඛෙළො කාතබ්බො. න ඵරුසෙන කට්ඨෙන අවලෙඛිතබ්බං. න අවලෙඛනකට්ඨං වච්චකූපම්හි පාතෙතබ්බං. වච්චපාදුකාය ඨිතෙන පටිච්ඡාදෙතබ්බං. නාතිසහසා නික්ඛමිතබ්බං. න උබ්භජිත්වා නික්ඛමිතබ්බං. ආචමනපාදුකාය ඨිතෙන උබ්භජිතබ්බං. න චපුචපුකාරකෙන ආචමෙතබ්බං. න ආචමනසරාවකෙ උදකං සෙසෙතබ්බං. ආචමනපාදුකාය ඨිතෙන පටිච්ඡාදෙතබ්බං. සචෙ වච්චකුටි ඌහතා හොති ධොවිතබ්බා. සචෙ අවලෙඛන. පිඨරො පූරො හොති, අවලෙඛනකට්ඨං ඡඩ්ඩෙතබ්බං. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා. සචෙ පරිභණ්ඩං උක්ලාපං හොති පරිභණ්ඩං සම්මජ්ජිතබ්බං. සචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
යමෙක් වැසිකිළියට යන්නේ ද ඔහු විසින් පිටතැ සිටැ කැස්ස යුතු. ඇතුළතැ උන්නහු විදිනුදු කැස්සයුතු. සිවුරුවසැ හෝ සිවුරුරැහැනැ හෝ සිවුර තබා මොනොවට යුහුසුලු නො වැ වැසිකිළියට පිවිසියැයුතු. ඉතා වහා නො පිවිසියැයුතු. සිවුර ඔසොවාගෙන නො පිවිසියැයුතු. වැසිකිළි පාදුකායෙහි සිට සිවුර එසවියැයුතු. නො තතනමින් මල පහකළයුතු. දැහැටි කමින් මල නො පහකළයුතු. වර්චස් ඔරුවෙන් පිටතැ වසුරු නො පහයකළයුතු. මූත්‍ර ඔරුවෙන් පිටතැ මූත්‍ර නො කළයුතු. මූත්‍ර ඔරුවෙහි කෙළ නො ගැසියැයුතු. රළු කෝටුවෙකින් මල නො සීරියයුතු. පුසන්දඬු වැසිකිළි වළැ නො ම දැමියැ යුතු. වැසිකිළි පාදුකායෙහි සිට ඇඟ වසාගතයුතු. ඉතා යුහු ව නො නික්මියයුතු. සිවුරු ඔසොවාගෙන නො නික්මියයුතු. මල සෝදා හරින පාදුකායෙහි සිට කය සිවුරින් වසාගතයුතු. චපු චපු යන හඬ නිකුත් කරමින් මල නො සේදියයුතු. මල සෝදනුවට දිය ගන්නා බඳුනෙහි ජලය ඉතිරි නො කළයුතු. ආචමනපාදුකායෙහි සිට ගත්තහු විසින් ඇඟ වසාගතයුතු. ඉදින් වැසිකිළිය අපිරිසුදු කරන ලද නම් සේදියයුතු. ඉදින් පුසන්කූරු දමන බඳුන පිරුණේ වී නම් පුසන්කූරු ඉවත ලියයුතු. වැසිකිළිය කැලික සළ සහිත වී නම් එය හැමැන්ද යුතු. ඉදින් පිල්කඩ කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් පිරිවෙන (වැසිකිළිය වටා බිම) කැලි කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් කොටුව කැලි කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ආචමනකුමහියෙහි දිය නැත් නම් එහි දිය වත්කළයුතු.
ඉදං ඛො භික්ඛවෙ භික්ඛූනං වච්චකුටිවත්තං යථා භික්ඛූහි වච්චකුටියා වත්තිතබ්බන්ති.”
මහණෙනි, මේ වනාහි භික්ෂූන් විසින් වැසිකිළියෙහි පැවතියැ යුතු පරිදි වූ භික්ෂූන්ගේ වැසිකිළි වත යි”.