යෙදුමෙන් කියවන්න

ජන‍්තාඝරවත‍්තං

ජන‍්තාඝරවත‍්තං

ජන්තාඝර වත

11. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජන‍්තාඝරෙ ථෙරෙහි භික‍්ඛූහි නිවාරියමානා අනාදරියං පටිච‍්ච පහූතං කට‍්ඨං ආරොපෙත්‍වා අග‍්ගිං දත්‍වා ද‍්වාරං ථකෙත්‍වා ද‍්වාරෙ නිසීදන‍්ති. භික‍්ඛූ උණ‍්හාභිතත‍්තා ද‍්වාරං අලභමානා මුච‍්ඡිතා පපතන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජන‍්තාඝරෙ ථෙරෙහි භික‍්ඛූහි නිවාරියමානා අනාදරියං පටිච‍්ච පහූතං කට‍්ඨං ආරොපෙත්‍වා අග‍්ගිං දත්‍වා ද‍්වාරං ථකෙත්‍වා ද‍්වාරෙ නිසීදිස‍්සන‍්ති. භික‍්ඛූ උණ‍්හාභිතත‍්තා ද‍්වාරං අලභමානා මුච‍්ඡිතා පපතන‍්තී”ති.

11. එ සමයෙහි වනාහි සවැගි මහණහු ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු ආදරගෞරව නැති බැවින් බොහෝ දර නංවා (ගොඩ ගසා) ගිනි දල්වා දොර වසා දොර කඩැ හිඳිත්. භික්‍ෂූහු උෂ්ණයෙන් බොහෝ සෙයින් තැවුණාහු දොර කඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙත්. අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුකුස් කරන්නාවූ සික කැමැත්තා වූ යම් මහණ කෙනෙක් වෙත් ද , ඔහු “කෙසේ නම් සවැගි මහණහු ගිනිහල් ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු, අනාදර බව නිසා බොහෝ දර ගොඩ ගසා ගිනි දල්වා දොර වසා දොරකඩට වී ඉන්නාහු ද, භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොරකඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙතැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.

අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජන‍්තාඝරෙ ථෙරෙහි භික‍්ඛූහි නිවාරියමානා අනාදරියං පටිච‍්ච පහූතං කට‍්ඨං ආරොපෙත්‍වා අග‍්ගිං දත්‍වා ද‍්වාරං ථකෙත්‍වා ද‍්වාරෙ නිසීදන‍්ති. භික‍්ඛූ උණ‍්හාභිතත‍්තා ද‍්වාරං අලභමානා මුච‍්ඡිතා පපතන‍්තීති”

“මහණෙනි, සවැගි, මහණහු ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු අනාදර බව නිසා බොහෝ දර ගොඩගසා ගිනි දල්වා දොර වසා දොරැ හිඳිත් ල. භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොර නො ලබන්නාහු (පිටත යෑමට දොර නාරින බැවින්) මුසපත් වැ ඇදවැටෙත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“සච‍්චං භගවා.”... විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

“භාග්‍යවතුන් වහන්ස, සැබැවැ”යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,

“න භික‍්ඛවෙ ජන‍්තාඝරෙ ථෙරෙන භික‍්ඛුනා නිවාරියමානෙන අනාදරියං පටිච‍්ච පහූතං කට‍්ඨං ආරොපෙත්‍වා අග‍්ගි දාතබ‍්බො. යො දදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. න භික‍්ඛවෙ ද‍්වාරං ථකෙත්‍වා ද‍්වාරෙ නිසීදිතබ‍්බං. යො නිසීදෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස.

“මහණෙනි, ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන මහණහු විසින් අනාදර බව නිසා බොහෝ දර නංවා ගිනි නො දැල්වියැයුතු. යමෙක් ගිනි දල්වන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දොර වසා දොරැ නො හින්දැයුතු. යමෙක් ඉඳින්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක. (ඉක්බිති මෙසේ ද වදාළ සේක.):

12. “තෙන හි භික‍්ඛවෙ භික‍්ඛූනං ජන‍්තාඝරෙ වත‍්තං පඤ‍්ඤාපෙස‍්සාමි යථා භික‍්ඛූහි ජන‍්තාඝරෙ වත‍්තිතබ‍්බං.”

12. “මහණෙනි, එසේ වී නම් භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි පැවතියයුතු පරිදි භික්‍ෂූනට ගිනිහල්ගෙහි වත පනවන්නෙමි”.

“යො පඨමං ජන‍්තාඝරං ගච‍්ඡති, සචෙ ඡාරිකා උස‍්සන‍්නා හොති, ඡාරිකා ඡඩ‍්ඩෙතබ‍්බා. සචෙ ජන‍්තාඝරං උක‍්ලාපං හොති ජන‍්තාඝරං සම‍්මජ‍්ජිතබ‍්බං. සචෙ පරිභණ‍්ඩං උක‍්ලාපං හොති පරිභණ‍්ඩං සම‍්මජ‍්ජිතබ‍්බං. සචෙ පරිවෙණං උක‍්ලාපං හොති පරිවෙණං සම‍්මජ‍්ජිතබ‍්බං. සචෙ කොට‍්ඨකො උක‍්ලාපො හොති කොට‍්ඨකො සම‍්මජ‍්ජිතබ‍්බො. සචෙ ජන‍්තාඝරසාලා උක‍්ලාපා හොති ජන‍්තාඝරසාලා සම‍්මජ‍්ජිතබ‍්බා. චුණ‍්ණං සන‍්නෙතබ‍්බං. මත‍්තිකා තෙමෙතබ‍්බා. උදකදොණිකාය උදකං ආසිඤ‍්චිතබ‍්බං. ජන‍්තාඝරං පවිසන‍්තෙන මත‍්තිකාය මුඛං මක‍්ඛෙත්‍වා පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරපීඨං ආදාය ජන‍්තාඝරං පවිසිතබ‍්බං. න ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදිතබ‍්බං. න නවා භික‍්ඛූ ආසනෙන පටිබාහිතබ‍්බා. සචෙ උස‍්සහති ජන‍්තාඝරෙ ථෙරානං භික‍්ඛූනං පරිකම‍්මං කාතබ‍්බං. ජන‍්තාඝරා නික‍්ඛමන‍්තෙන ජන‍්තාඝරපීඨං ආදාය පුරතො ච පච‍්ඡතො ච පටිච‍්ඡාදෙත්‍වා ජන‍්තාඝරා නික‍්ඛමිතබ‍්බං. සචෙ උස‍්සහති උදකෙපි ථෙරානං භික‍්ඛූනං පරිකම‍්මං කාතබ‍්බං. න ථෙරානං භික‍්ඛූනං පුරතොපි නහායිතබ‍්බං. න උපරිතො නහායිතබ‍්බං. නහාතෙන උත‍්තරන‍්තෙන ඔතරන‍්තානං මග‍්ගො දාතබ‍්බො. යො පච‍්ඡා ජන‍්තාඝරා නික‍්ඛමති සචෙ ජන‍්තාඝරං චික‍්ඛල‍්ලං හොති ධොවිතබ‍්බං. මත‍්තිකාදොණිකං ධොවිත්‍වා ජන‍්තාඝරපීඨං පටිසාමෙත්‍වා අග‍්ගිං විජ‍්ඣාපෙත්‍වා ද‍්වාරං ථකෙත්‍වා පක‍්කමිතබ‍්බං.

“යමෙක් පළමු කොට ගිනිහල්ගෙට යන්නේ ද, ඉදින් අළු ගොඩගැසී ඇත් නම් අළු බැහැර දමාලියයුතු. ඉදින් ගිනිහල්ගෙය කැළිකසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිල්කඩ කැලි කසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිරිවෙන (ගිනි හලත් පවුරත් අතරැ පෙදෙස) කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ඉදින් දොර කොටුව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ගිනිහල්ගෙහි ශාලාව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. නානසුණු දියෙන් තෙමා ගුලි කළයුතු නාන මැටි තෙමියයුතු. දිය ඔරුවෙහි දිය වත් කළයුතු. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුව වකා (මුහුණේ මැටි ආලේප කොට) ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල්පුටුව ගෙන ගිනිහල්ගෙට පිවිසියැයුතු. ස්ථවිර භික්‍ෂූන් මැදට කඩා පැන නො හින්දැයුතු. නවක භික්‍ෂූහු ඔවුන් හුන් අස්නෙන් නො ම නෙරපියැයුතුහ. හැක්කේ නම්, ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල් ගෙයින් නික්මියැයුතු. හැක්කේ නම්, දියෙහි ද ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ස්ථවිර භික්‍ෂූනට ඉදිරියේ (සිට) නො නෑයුතු. ස්ථවිර භික්‍ෂූනට මත්තෙහි (ඉහළින්) සිට නො නෑයුතු. නා ගොඩ නැගෙන්නහු විසින් දියට බස්නාවුනට මඟ හැරියයුතු. යමෙක් පසුවැ ගිනිහල්ගෙයින් නික්මේ ද ගිනිහල්ගෙය මඩ වී ඇතොත්, ඔහු විසින් එය සේදියැ යුතු. මැටි බහා ලන ඔරුව දෙවැ ගිනි හල් පුටුව තැන් පත් කොට තබා ගිනි නිවා දොර වසා නික්ම යෑ යුතු.

ඉදං ඛො භික‍්ඛවෙ භික‍්ඛූනං ජන‍්තාඝරවත‍්තං යථා භික‍්ඛූහි ජන‍්තාඝරෙ වත‍්තිතබ‍්බන‍්ති”.

මහණෙනි, භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි යම්සේ පැවතියැයුතු ද, මේ ඒ භික්‍ෂූන්ගේ ගිනිහල්ගෙහි වත යි.