වත්තක්ඛන්ධකං අට්ඨකථා
වත්තක්ඛන්ධක වර්ණනාව
ආගන්තුකවත්තකථා
ආගන්තුකවත්තකථා
වත්තක්ඛන්ධකෙ ඉදානි ආරාමං පවිසිස්සාමීති ඉමිනා උපචාරසීමසමීපං දස්සෙති; තස්මා උපචාරසීමං පත්වා උපාහනාඔමුඤ්චනාදි සබ්බං කාතබ්බං. ගහෙත්වාති උපාහනදණ්ඩකෙන ගහෙත්වා. පටික්කමන්තීති සන්නිපතන්ති. විස්සජ්ජෙතබ්බන්ති පත්ථරිතබ්බං. ගොචරො පුච්ඡිතබ්බොති “ගොචරගාමො ආසන්නෙ උදාහු දූරෙ, කාලස්සෙව පිණ්ඩාය චරිතබ්බං උදාහු දිවා”ති එවං භික්ඛාචාරො පුච්ඡිතබ්බො. අගොචරො නාම මිච්ඡාදිට්ඨිකානං වා ගාමො පරිච්ඡින්නභික්ඛො වා ගාමො; යත්ථ එකස්ස වා ද්වින්නං වා භික්ඛා දිය්යති, සොපි පුච්ඡිතබ්බො. පානීයං පුච්ඡිතබ්බන්ති “කිං ඉමිස්සා පොක්ඛරණියා පානීයංයෙව පිවන්ති, නහානාදිපරිභොගම්පි කරොන්තී”ති එවං පානීයඤ්චෙව පරිභොජනීයඤ්ච පුච්ඡිතබ්බං. කෙසුචි ඨානෙසු වාළමිගා වා අමනුස්සා වා හොන්ති, තස්මා “කං කාලං පවිසිතබ්බං, කං කාලං නික්ඛමිතබ්බ”න්ති පුච්ඡිතබ්බං.
වත්තක්ඛන්ධකයෙහි - “ඉදානි ආරාමං පවිසිස්සාමි” යන මෙයින් උපචාර සීමාසමීපය දක්වන්නේය. එහෙයින් උපචාර සීමාවට පැමිණ වහන්මිදීම් ආදී සියල්ල කටයුතුය. “ගහෙත්වා” වහන්දඬුවෙන් ගෙණ “පටික්කමන්ති” රැස්වෙත්. “විස්සජ්ජෙතබ්බං” පැතිරියයුතුය. “ගොචරො පුච්ඡිතබ්බො” ගොදුරුගම ලඟද, නොහොත් දුරෙහිද, උදෑසනම පිඬු පිණිස හැසිරිය යුතුද, නොහොත් දාවල්හිදැ’යි මෙසේ භික්ෂාචාරය ආගන්තුක භික්ෂූන් විසින් විචාළ යුතුය. “අගොචර” නම් මිසදිටුවන්ගේ හෝ ගමය. පිරිසිඳීගිය භික්ෂා ඇති ගම හෝය. යම්තැනෙක එකක්හට හෝ දෙදෙනකුන්ට හෝ භික්ෂා ඇති ගම හෝය. යම්තැනෙක එකක්හට හෝ දෙදෙනකුන්ට හෝ භික්ෂා දෙනුලැබේද, හෙද විචාළ යුතුය. “පානීයං පුච්ඡිතබ්බං” කිම, මේ පොකුණෙහි පැන්ම පානය කෙරෙත්ද, ස්නානය කිරීම් ආදීවූ පරිභොගයන් කෙරෙත්දැ’යි විචාළයුතුය. මෙසේ බොන පැන්ද පිරිබෝපැන්ද විචාළයුතුය. කිසිතන්හි චණ්ඩමෘගයෝ හෝ අමනුෂ්‍යයෝ හෝ වෙත්. එහෙයින් ‘කවර කලෙක පිවිසිය යුතුද, කවරකලෙක නික්මිය යුතුදැ’යි විචාළයුතුය.
බහි ඨිතෙනාති බහි නික්ඛමන්තස්ස අහිනො වා අමනුස්සස්ස වා මග්ගං දත්වා ඨිතෙන නිල්ලොකෙතබ්බො. සචෙ උස්සහති සොධෙතබ්බොති යදි සක්කොති, සබ්බො විහාරො සොධෙතබ්බො. අසක්කොන්තෙන අත්තනො වසනොකාසො ජග්ගිතබ්බො. සබ්බං සොධෙතුං සක්කොන්තස්ස පන දස්සිතෙ විහාරසොධනවත්තෙ විනිච්ඡයො මහාඛන්ධකෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
“බහිට්ඨිතෙන” නික්මෙන්නාවූ සර්පයාට හෝ අමනුෂ්යයාහට හෝ මගදී සිටියහු විසින් බැලිය යුතුය. “සචෙ උස්සහති සොධෙතබ්බො” ඉදින් හැක්කේනම් සියලු විහාරය ශුද්ධ කටයුතුය. නොහැකියහු විසින් තමන් වසනතැන දැගුම් කටයුතුය. සියල්ල ශුද්ධ කිරීමට හැකියහුට දක්වනලද විහාරසොධනවතෙහි විනිශ්චය මහාක්ඛන්ධකයෙහි කියූනයින්ම දතයුතුය.
ආගන්තුකවත්තකථා නිට්ඨිතා.
ආවාසිකවත්තකථා
ආවාසිකවත්තකථා
ආවාසිකවත්තෙ – ආසනං පඤ්ඤපෙතබ්බන්ති එවමාදි සබ්බං වුඩ්ඪතරෙ ආගතෙ චීවරකම්මං වා නවකම්මං වා ඨපෙත්වාපි කාතබ්බං. චෙතියඞ්ගණං සම්මජ්ජන්තෙන සම්මජ්ජනිං නික්ඛිපිත්වා තස්ස වත්තං කාතුං ආරභිතබ්බං. පණ්ඩිතො හි ආගන්තුකො “සම්මජ්ජාහි තාව චෙතියඞ්ගණ”න්ති වක්ඛති. ගිලානභෙසජ්ජං කරොන්තෙන පන සචෙ නාතිආතුරො ගිලානො හොති, භෙසජ්ජං අකත්වා වත්තමෙව කාතබ්බං. මහාගිලානස්ස පන භෙසජ්ජමෙව කාතබ්බං. පණ්ඩිතො හි ආගන්තුකො “කරොහි තාව භෙසජ්ජ”න්ති වක්ඛති. පානීයෙන පුච්ඡන්තෙන සචෙ සකිං ආනීතං පානීයං සබ්බං පිවති , “පුන ආනෙමී”ති පුච්ඡිතබ්බොයෙව. අපිච බීජනෙනපි බීජිතබ්බො, බීජන්තෙන සකිං පාදපිට්ඨියං බීජිත්වා සකිං මජ්ඣෙ සකිං සීසෙ බීජිතබ්බං, “අලං හොතූ”ති වුත්තෙන තතො මන්දතරං බීජිතබ්බං. පුන “අල”න්ති වුත්තෙන තතො මන්දතරං බීජිතබ්බං. තතියවාරං වුත්තෙන බීජනී ඨපෙතබ්බා. පාදාපිස්ස ධොවිතබ්බා, ධොවිත්වා සචෙ අත්තනො තෙලං අත්ථි, තෙන මක්ඛෙතබ්බා. නො චෙ අත්ථි, තස්ස සන්තකෙන මක්ඛෙතබ්බා. උපාහනාපුඤ්ඡනං පන අත්තනො රුචිවසෙන කාතබ්බං. තෙනෙව හෙත්ථ “සචෙ උස්සහතී”ති වුත්තං. තස්මා උපාහනා අපුඤ්ඡන්තස්සාපි අනාපත්ති. “කත්ථ මය්හං සෙනාසනං පාපුණාතී”ති පුච්ඡිතෙන සෙනාසනං පඤ්ඤපෙතබ්බං, “එතං තුම්හාකං සෙනාසනං පාපුණාතී”ති එවං ආචික්ඛිතබ්බන්ති අත්ථො. පප්ඵොටෙත්වා හි පත්ථරිතුං පන වට්ටතියෙව.
ආවාසිකවතෙහි - “ආසනං පඤ්ඤාපෙතබ්බං” යනාදීවූ නම් සියල්ල වෘද්ධතරයකු ආකල්හි චීවරකර්ම හෝ නවකර්ම හෝ බහා තබා කටයුතුය. සෑමිදුල හමදින්නහු විසින් මුස්න තබා ඒ වැඩිමහලු ආගන්තුකයාහට වත්කරන්නට ඇරඹිය යුතුය. ආගන්තුක තෙමේ පණ්ඩිතවූයේ නම් ‘සෑමිදුල හමදුව’යි කියන්නේය. ගිලන් බෙහෙත් කරන්නහු විසින් ඉදින් ආතුර තෙමේ දැඩිගිලනෙක් නොවේනම් බෙහෙත්ම නොකොට ආගන්තුක වතම කටයුතුය. මහගිලන්හට ආගන්තුකවත නොකොට බෙහෙත්ම කටයුතුය. ආගන්තුක තෙමේ පණ්ඩිත වූයේ නම් ‘බෙහෙත් කරව’යි කියන්නේය. පැනින් විචාරණ ආවාසිකයා විසින් ඉදින් වරක්ගෙණ ආ සියලු පැන් පානය කෙරේනම් ‘නැවැත ගෙණ එම්දැ’යි විචාළයුතුමය. විජනිපතින් පවන්සැළිය යුතුය. පවන්සලන්නහු විසින් වරක් පාපීඨෙහි පවන්සලා වරක් මැදට වරක් හිසට පවන් සැලිය යුතුය. ‘කම්නැත, වේවා’යි කියනලද්දහු විසින් ඉතා මඳ පවන් සැලිය යුතුය. ‘නැවැත පමණැ’යි කියනලද්දහු විසින් එයටත් වඩා මදකොට පවන් සැලියයුතුය. නැවත ‘පමණැ’යි කියනලද්දහු විසින් එයටත් වඩා මඳකොට පවන් සැලිය යුතුය. තෙවනවරක් කියන ලද්දහු විසින් විජනිපත තැබිය යුතුය. මේ ආගන්තුකයාගේ පාදයෝද සේදිය යුතුය. සෝදා තමන්ගේ තෙල් තිබේ නම් ඒ තෙල්ගෑ යුතුය. තමාගේ තෙල් නැත්නම් ඔහු සතු තෙල් ගෑයුතුය. වහන් පිසදැමීම තමාට කැමැති පරිදි කටයුතුය. එහෙයින්ම මෙහි “සචෙ උස්සහති”යි කියන ලද්දේමය. එහෙයින් වහන් නොපිසදමන්නහුටද ඇවැත් නොවේ. ‘කොතැන්හි මට සෙනසුන ලැබේදැ’යි විචාරණ ලද්දහු විසින් සෙනසුන පැණවිය යුතුය. ‘ඔබවහන්සේට මේ සෙනසුන ලැබේය’යි මෙසේ කියයුතුය යන අර්‍ත්‍ථයි. රජස් යනතුරු පොළා අවුකවනලද බුමුතුරුණු එළන්නට වටීමය.
නවකස්ස වත්තෙ – පානීයං ආචික්ඛිතබ්බන්ති “එතං පානීයං ගහෙත්වා පිවාහී”ති ආචික්ඛිතබ්බං. පරිභොජනීයෙපි එසෙව නයො. සෙසං පුරිමසදිසමෙව. මහාආවාසෙපි අත්තනො සන්තිකං සම්පත්තස්ස ආගන්තුකස්ස වත්තං අකාතුං න ලභති.
නවකයා පිළිබඳ වතෙහි - “පානීයං ආචික්ඛිතබ්බං” ‘මේ පැන් ගෙන පානය කරව’යි කියයුතුය. පරිභොග කටයුතු පැන්හිද මේනයම වේ. සෙස්ස පළමු කියනලද්ද හා සමානමය. මහාවිහාරය සමාන මහාවා සයෙහිද තමන් වෙතට පැමිණි ආගන්තුකයාහට වත්නොකොට සිටිය නොහැකිය. වත්නොකරන්නට නොලැබේ.
ආවාසිකවත්තකථා නිට්ඨිතා.
ගමිකවත්තකථා
ගමිකවත්තකථා
ගමිකවත්තෙසු දාරුභණ්ඩන්ති සෙනාසනක්ඛන්ධකෙ වුත්තං මඤ්චපීඨාදි. මත්තිකාභණ්ඩම්පි රජනභාජනාදි සබ්බං තත්ථ වුත්තප්පභෙදමෙව. තං සබ්බං අග්ගිසාලාය වා අඤ්ඤතරස්මිං වා ගුත්තට්ඨානෙ පටිසාමෙත්වා ගන්තබ්බං. අනොවස්සකෙ පබ්භාරෙපි ඨපෙතුං වට්ටති. සෙනාසනං ආපුච්ඡිතබ්බන්ති එත්ථ යං පාසාණපිට්ඨියං වා පාසාණත්ථම්භෙසු වා කතසෙනාසනං, යත්ථ උපචිකා නාරොහන්ති, තං අනාපුච්ඡන්තස්සාපි අනාපත්ති. චතූසු පාසාණකෙසූතිආදි උපචිකානං උප්පත්තිට්ඨානෙ පණ්ණසාලාදිසෙනාසනෙ කත්තබ්බාකාරදස්සනත්ථං වුත්තං. අප්පෙව නාම අඞ්ගානිපි සෙසෙය්යුන්ති අයං අජ්ඣොකාසෙ ඨපිතම්හි ආනිසංසො. ඔවස්සකගෙහෙ පන තිණෙසු ච මත්තිකාපිණ්ඩෙසු ච උපරි පතන්තෙසු මඤ්චපීඨානං අඞ්ගානිපි විනස්සන්ති.
ගමිකවතෙහි - “දාරුභණ්ඩං” සෙනාසනක්‍ඛන්‍ධකයෙහි කියනලද ඇඳපුටු ආදියය. “මත්තිකාභණ්ඩං” මැටිමුවා බඩුද රඳන් බඳුන් ඈ සියල්ල එහි කියනලද ප්‍රභෙද ඇත්තේමය. ඒ සියල්ල ගිනිහල්ගෙයි හෝ රැකෙන අන්තැනක හෝ ගමික මහණහු විසින් තැන්පත් කොට තබා යායුතුය. නොතෙමෙන පර්වතය ඉදිරියට නෙරායෑමෙන් වූ ගුහාවක හෝ තැබිය යුතුය. “සෙනාසනං ආපුච්ඡිතබ්බං” යන මෙහි ගල් පිටෙක හෝ ගල්කණුවල හෝ කළ සෙනසුනක්වේද, යම්තැනෙක යම් සෙනසුනකට වේයෝ නොනැගෙත්ද, ඒ සෙනසුන නොවිචාරණ ගමිකමහණහුටද ඇවැත් නොවේ. “චතුසු පාසාණකෙසු” යනාදිය වේයන් උපදින තැන පර්ණශාලාදි සෙනසුනෙහි කටයුතු ආකාර දැක්වීම පිණිස වදාරණ ලද්දේය. මෙහි ගමික මහණහු විසින් විචාරා යන්නට මහණෙක් හෝ හෙරණෙක් හෝ ආරාමිකයෙක් නැත්තේද, ගල් සතරෙහි ඇද තබා ඊමතුපිට ඇදපුටුද තබා මතුයෙහි නොතෙමෙන ලෙසක්කොට දැවබඩු ආදිය තැන්පත්කොට තබා දොරවසා යායුතුය යනු අදහසය. “අප්පෙවනාම අඞ්ගානිපි සෙසෙය්යුං” යන මෙය එළිමහනෙහි තබන ලද්දෙහි ආනිසංසය වේ. තෙමෙන ගෙයි තණ හා මැටිපිඬු මතුයෙහි වැටෙන කල්හි ඇඳපුටුවල අවයවද නැසේ.
ගමිකවත්තකථා නිට්ඨිතා.
අනුමොදනවත්තකථා
අනුමොදනවත්තකථා
අනුමොදනවත්ථුස්මිං ඉද්ධං අහොසීති සම්පන්නං අහොසි. චතූහි පඤ්චහීති සඞ්ඝත්ථෙරෙන අනුමොදනත්ථාය නිසින්නෙ හෙට්ඨා පටිපාටියා චතූහි නිසීදිතබ්බං. අනුථෙරෙ නිසින්නෙ මහාථෙරෙන ච හෙට්ඨා ච තීහි නිසීදිතබ්බං. පඤ්චමෙ නිසින්නෙ උපරි චතූහි නිසීදිතබ්බං. සඞ්ඝත්ථෙරෙන හෙට්ඨා දහරභික්ඛුස්මිං අජ්ඣිට්ඨෙපි සඞ්ඝත්ථෙරතො පට්ඨාය චතූහි නිසීදිතබ්බමෙව. සචෙ පන අනුමොදකො භික්ඛු “ගච්ඡථ භන්තෙ, ආගමෙතබ්බකිච්චං නත්ථී”ති වදති, ගන්තුං වට්ටති. මහාථෙරෙන “ගච්ඡාම ආවුසො”ති වුත්තෙ “ගච්ඡථා”ති වදති, එවම්පි වට්ටති. “බහිගාමෙ ආගමෙස්සාමා”ති ආභොගං කත්වාපි බහිගාමං ගන්ත්වා අත්තනො නිස්සිතකෙ “තුම්හෙ තස්ස ආගමනං ආගමෙථා”ති වත්වාපි ගන්තුං වට්ටතියෙව. සචෙ පන මනුස්සා අත්තනො රුචිකෙන එකෙන අනුමොදනං කාරෙන්ති, නෙව තස්ස අනුමොදතො ආපත්ති, න මහාථෙරස්ස භාරො හොති. උපනිසින්නකථායමෙව හි මනුස්සෙසු කථාපෙන්තෙසු මහාථෙරො ආපුච්ඡිතබ්බො, මහාථෙරෙන ච අනුමොදනාය අජ්ඣිට්ඨොව ආගමෙතබ්බොති ඉදමෙත්ථ ලක්ඛණං. වච්චිතොති සඤ්ජාතවච්චො; වච්චපීළිතොති අධිප්පායො.
අනුමොදන වස්තුවෙහි - “ඉද්ධං අහොසි” සමෘද්ධ වූයේය. “චතුහි පඤ්චහි” සඞ්ඝ ස්ථවිරයන් අනුමොදනා කිරීම පිණිස භක්තාග්‍රයෙහි හුන්කල්හි පහත පිළිවෙළින් සතර නමක් හිඳියයුතුය. අනුතෙරුන් හුන්කල්හි මහතෙරුන්ද පහත තුන් නමක්ද හිඳියයුතුය. අනුමොදනාව පිණිස පස්වන තෙරුන් හුන්කල්හි ඊට ඉහල සතර නමක් හිඳියයුතුය. සඞ්ඝ ස්ථවිරයන් විසින් පහත් ලදරු මහණෙක් ආරාධනා කරණලද්දේ ද එකල්හි සඞ්ඝ ස්ථවිරයන් පටන් සතර නමක් හිඳිය යුතුමය. ඉදින් අනුමොදක භික්ෂුතෙමේ “ස්වාමීනි” වඩිනු මැනැවි, බලපොරොත්තු වියයුතු කිසක් නැත්තේය’යි කියානම් යෑම වටියි. මහතෙරුන් විසින් ‘ඇවැත’ යමුදැ’යි විචාළ කල්හි යවු’යි කියානම් මෙසේද වටියි. ‘ගමින් පිටත බලාපොරොත්තු වන්නෙමු’යි ආභොග කොටද ගමින් පිටතට ගොස් තමන්ගේ නිශ්ශ්රිතකයන්ට ‘තෙපි ඔහුගේ ඊම බලාපොරොත්තු වහු’යි කියාද යෑම සුදුසුය. ඉදින් මිනිස්සු තමන් සිතට රුචිවූ එක්මහණකු ලවා අනුමෝදනා කරවත්නම් අනුමොදනා කරණ ඒ මහණහුට ඇවැත් නොවේ. මහතෙරහට භාරනොවේ. බොහෝ දෙන රැස්වූ කල්හි දහම් දෙසීමැයි කියන උපනිසින්නක කථාවෙහිම මිනිසුන් කියවන කල්හි මහාස්ථවිර තෙමේ විචාළයුතුය. මහතෙරහු විසින්ද අනුමොදනා පිණිස ආරාධනා කරණලදුයේම බලාපොරොත්තු විය යුත්තේය. මේ මෙහි ලක්ෂණයයි. “වච්චිතො” හටගත් වර්චස් ඇත්තේ වර්චයන් පෙළුනේය යන අර්‍ත්‍ථයි.
අනුමොදනවත්තකථා නිට්ඨිතා.
භත්තග්ගවත්තකථා
භත්තග්ගවත්තකථා
භත්තග්ගවත්තෙ “අන්තොගාමො වා හොතු විහාරො වා, මනුස්සානං පරිවෙසනට්ඨානං ගච්ඡන්තෙන චීවරං පාරුපිත්වා කායබන්ධනං බන්ධනමෙව වට්ටතී”ති අට්ඨකථාසු වුත්තං. න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජාති ථෙරෙ භික්ඛූ අතිඅල්ලීයිත්වා න නිසීදිතබ්බං. සචෙ මහාථෙරස්ස නිසින්නාසනෙන සමකං ආසනං හොති, බහූසු ආසනෙසු සති එකං ද්වෙ ආසනානි ඨපෙත්වා නිසීදිතබ්බං. භික්ඛූ ගණෙත්වා පඤ්ඤත්තාසනෙසු අනිසීදිත්වා මහාථෙරෙන නිසීදාති වුත්තෙන නිසීදිතබ්බං. නො චෙ මහාථෙරො වදති, “ඉදං, භන්තෙ, ආසනං උච්ච”න්ති වත්තබ්බං. “නිසීදා”ති වුත්තෙ නිසීදිතබ්බං. සචෙ පන එවං ආපුච්ඡිතෙපි න වදති, නිසීදන්තස්ස අනාපත්ති; මහාථෙරස්සෙව ආපත්ති. නවකො හි එවරූපෙ ආසනෙ අනාපුච්ඡා නිසීදන්තො ආපජ්ජති, ථෙරො ආපුච්ඡිතෙ අනනුජානන්තො. න සඞ්ඝාටිං ඔත්ථරිත්වාති න සඞ්ඝාටිං අවත්ථරිත්වා නිසීදිතබ්බං.
භත්තග්ගවතෙහි ඇතුළුගම හෝ විහාරය හෝ වේවා, මිනිසුන් වළඳන තැනට යන්නහු විසින් සිවුර පොරොවා පටිය බඳින ලද්දේම වටීයයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේය. “න ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ” ස්ථවිර භික්ෂූන් තදින් අල්වාගෙණ නොහිඳියයුතුය. ඉදින් මහතෙරහු හුන් ආසනය හා සමවූ ආසනයක් වේනම්, බොහෝ ආසන ඇති කල්හි ආසන එකක් දෙකක් හැර හිඳිය යුතුය. භික්ෂූන් ගැණ පැණවූ අසුන්හි නොහිඳ මහතෙරුන් ‘හිඳුව’යි කියනලද්දහු විසින් හිඳිය යුතුය. මහාස්ථවිර තෙමේ නොකියානම් ‘ස්වාමීනි’ මේ ආසනය උස්යයි කියයුතුය. ‘හිඳුව’යි කියූකල්හි හිඳියයුතුය. මෙසේ විචාළ කල්හිද නොකියාද, හිඳින්නහුට ඇවැත්නොවේ. මහතෙරුන්හටම ඇවැත් වේ. නවකතෙමේද, මෙබඳු අසුනෙහි නොවිචාරා හිඳිනුයේ ඇවැතට පැමිණේ. විචාළ කල්හි නොඅනුදන්නා මහාස්ථවිර තෙමේ ඇවතට පැමිණේ. “න සඞ්ඝාටිං ඔත්ථරිත්වා” සඞ්ඝාටිය යටකොට නොහිඳිය යුතුය.
උභොහි හත්ථෙහීති පත්තධොවනඋදකං සන්ධාය වුත්තං. දක්ඛිණොදකං පන පුරතො ආධාරකෙ පත්තං ඨපෙත්වා ගහෙතබ්බං. සාධුකන්ති උදකසද්දං අකරොන්තෙන.
“උභොහි භත්ථෙහි” පාත්‍ර සෝදන දිය සඳහා කියනලදී. දක්‍ෂිණෙදකය ඉදිරියෙහි ආධාරකයෙහි පාත්‍රය තබා ගතයුතුය. “සාධුකං” උදකශබ්දය නොකරන්නහු විසින්. දියහඬ නොනගවා පාත්‍රය සේදිය යුතුය යන අදහසය.
සූපස්ස ඔකාසොති යථා සූපස්ස ඔකාසො හොති; එවං මත්තාය ඔදනො ගණ්හිතබ්බොති අත්ථො. සමකං සම්පාදෙහීති ඉදං න කෙවලං සප්පිආදීසුයෙව ඔදනෙපි වත්තබ්බං. සප්පිආදීසු පන යං අප්පං හොති එකස්ස වා ද්වින්නං වා අනුරූපකං, තං සබ්බෙසං සමකං සම්පාදෙහීති වුත්තෙ මනුස්සානං විහසා හොති, තස්මා තාදිසං සකිං වා ද්වික්ඛත්තුං වා ගහෙත්වා සෙසං න ගහෙතබ්බං.
“සූපස්ස ඔකාසො” යම්සේ සූපයට අවකාශ ඇත්තේවේද, මෙසේ ප්‍රමාණ වශයෙන් ඔදනය ගතයුතුය, යන අර්‍ත්‍ථයි. “සමකං සම්පාදෙහි” හුදෙක් මෙය ගිතෙල් ආදියෙහි පමණක් සමව සම්පාදනය කරව’යි කියයුතු නොවේ. ඔදනයන්හිද සමව බෙදිය යුතුයයි කියයුතුය. ගිතෙල් ආදීන් අතුරෙහි යම් දෙයක් ටික වේද, ඒ ද්‍රව්‍යය සියල්ලන්ට සමව සම්පාදනය කරව’යි කියූ කල්හි මිනිසුන්ට එය වෙහෙසක් වේ. එහෙයින් එබඳු ටික දෙය වරක් හෝ දෙවරක් හෝ ගෙන සෙස්ස නොගතයුතුය.
න තාව ථෙරෙන භුඤ්ජිතබ්බන්ති ඉදං යං පරිච්ඡින්නභික්ඛුකං භත්තග්ගං, යත්ථ මනුස්සා සබ්බෙසං පාපෙත්වා දාතුකාමා හොන්ති, තං සන්ධාය වුත්තං. යං පන මහාභත්තග්ගං හොති, යත්ථ එකස්මිං පදෙසෙ භුඤ්ජන්ති, එකස්මිං පදෙසෙ උදකං දිය්යති, තත්ථ යථාසුඛං භුඤ්ජිතබ්බං.
“න තාව ථෙරෙන භුඤ්ජිතබ්බං” යන මෙය පිරිසිඳින ලද මහණුන් ඇති භක්තාග්‍රයෙහි යම් තැනෙක මිනිස්සු සියල්ලන්ට පමණුවා දෙනු කැමැත්තාහු වෙත්ද, ඒ සඳහා කියනලදී. යම් මහාබොජුන්හලක් වේද, යම් එක් පෙදෙසෙක වලඳත්ද, එක් පෙදෙසක පැන් දෙනු ලැබේද, එහි පහසු පරිදි වැලඳිය යුතුය.
න තාව උදකන්ති ඉදං හත්ථධොවනඋදකං සන්ධාය වුත්තං. අන්තරා පිපාසිතෙන පන ගලෙ විලග්ගාමිසෙන වා පානීයං පිවිත්වා හත්ථා න ධොවිතබ්බා. සචෙ මනුස්සා “ධොවථ භන්තෙ පත්තඤ්ච හත්ථෙ චා”ති වදන්ති, භික්ඛූ වා “තුම්හෙ උදකං ගණ්හථා”ති වදන්ති, වට්ටති.
“න තාව උදකං” මෙය අත්දෝනා දිය සඳහා කියනලදී. මෙහි සියලු මහණුන් වලඳා කෙළවර කරණතුරු මහතෙරහු විසින් අත්දෝනාදිය නොපිළිගත යුතුය යන අදහසය. අතර පවස් ඇතියකු විසින්ද බොටුවේ හිරවුනු ආමිස ඇතියකු විසින්ද පැන්බී අත් නොසේදිය යුතුය. ඉදින් මිනිස්සු ‘ස්වාමීනි’ පාත්‍රයද අත්ද දෝනා කළ මැනැවැ’යි කියත්ද, භික්ෂූහු හෝ පැන් ගණිවු’යි කියත්ද පැන් ගැනීම වරද නොවේ.
නිවත්තන්තෙනාති භත්තග්ගතො උට්ඨාය නිවත්තන්තෙන සඞ්ඝෙන එවං නිවත්තිතබ්බන්ති දස්සෙති. කථං? “නවකෙහී”ති සබ්බං දට්ඨබ්බං. සම්බාධෙසු හි ඝරෙසු මහාථෙරානං නික්ඛමනොකාසො න හොති, තස්මා එවං වුත්තං. එවං නිවත්තන්තෙහි පන නවකෙහි ගෙහද්වාරෙ ඨත්වා ථෙරෙසු නික්ඛන්තෙසු පටිපාටියා ගන්තබ්බං. සචෙ පන මහාථෙරා ධුරෙ නිසින්නා හොන්ති, නවකා අන්තොගෙහෙ , ථෙරාසනතො පට්ඨාය පටිපාටියා එව නික්ඛමිතබ්බං. කායෙන කායං අඝට්ටෙන්තෙන යථා අන්තරෙන මනුස්සා ගන්තුං සක්කොන්ති, එවං විරළාය පටිපාටියා ගන්තබ්බං.
“නිවත්තන්තෙන” බොජුන්හලෙන් නැගිට හැසිරෙන්නාවූ සඞ්ඝයා විසින් මෙසේ හැසිරියයුතුයයි දක්වාලන්නේය. කිසේය, යත්:- “නවකෙහි” නවකයන් විසිනැයි සියල්ල දතයුතුය. ඉඩපහසු නැති ගෙවල මහතෙරුන්ට නික්මීමට අවකාශයක් නොවේද, එහෙයින් මෙසේ වදාරණලදී. මෙසේ හැසිරෙන්නාවූ නවකයන් විසින් ගෙදොර සිට තෙරුන් නික්මෙන කල්හි පිළිවෙළින් යායුතුය. ඉදින්, මහතෙරහු දුර හුන්නාහු වෙත්ද නවකයෝ ගෙයතුළ හුන්නාහු වෙත්ද, ථෙරාසනය පටන් පෙලටම නික්මිය යුතුය. කයින්කය නොගටන්නවුන් විසින් යම්සේ මිනිසුන්ට අතරින් යනු හැකිද එසේ තුනීවූ පෙලට යායුතුය.
භත්තග්ගවත්තකථා නිට්ඨිතා.
පිණ්ඩචාරිකවත්තකථා
පිණ්ඩචාරිකවත්තකථා
පිණ්ඩචාරිකවත්තෙ – කම්මං වා නික්ඛිපතීති කප්පාසං වා සුප්පං වා මුසලං වා යං ගහෙත්වා කම්මං කරොන්ති, ඨිතා වා නිසින්නා වා හොන්ති, තං නික්ඛිපති . න ච භික්ඛාදායිකායාති ඉත්ථී වා හොතු පුරිසො වා, භික්ඛාදානසමයෙ මුඛං න උල්ලොකෙතබ්බං.
පිණ්ඩචාරිකවතෙහි - “කම්මං නික්ඛිපති” කපු හෝ කුල්ල හෝ මෝල හෝ යන යමක් ගෙණ කර්මාන්ත කෙරෙත්ද, සිටියාහු හෝ හුන්නාහු හෝ වෙත්ද, එය බහාතබයි. “න ච භික්ඛා දායිකා” ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, භික්ෂාව දෙන කල්හි මූණ නොබැලිය යුතුය.
පිණ්ඩචාරිකවත්තකථා නිට්ඨිතා.
ආරඤ්ඤිකවත්තකථා
ආරඤ්ඤිකවත්තකථා
ආරඤ්ඤිකවත්තෙ – සෙනාසනා ඔතරිතබ්බන්ති වසනට්ඨානතො නික්ඛමිතබ්බං.
ආරණ්යකවතෙහි - “සෙනාසනා ඔතරිතබ්බං” වසන තැනින් නික්මිය යුතුය.
පත්තං ථවිකාය පක්ඛිපිත්වාති එත්ථ සචෙ බහිගාමෙ උදකං නත්ථි, අන්තොගාමෙයෙව භත්තකිච්චං කත්වා අථ බහිගාමෙ අත්ථි, බහිගාමෙ භත්තකිච්චං කත්වා පත්තො ධොවිත්වා වොදකො කත්වා ථවිකාය පක්ඛිපිතබ්බො.
“පත්තං ථවිකාය නික්ඛිපිත්වා” යන මෙහි ගමින් පිටත දිය නැත්තේද ඇතුළු ගමෙහිදීම බත්කිස කොට නැවත ගමින් පිටත දිය ඇත්තේ නම් ගමින් පිටත බත්කිස කොට පාත්‍රය සෝදා දිය පිසදමා පසුම්බියෙහි බැහිය යුතුය.
පරිභොජනීයං උපට්ඨාපෙතබ්බන්ති සචෙ භාජනානි නප්පහොන්ති, පානීයමෙව පරිභොජනීයම්පි කත්වා උපට්ඨාපෙතබ්බං. භාජනං අලභන්තෙන වෙළුනාළිකායපි උපට්ඨාපෙතබ්බං. තම්පි අලභන්තස්ස යථා සමීපෙ උදකආවාටො හොති, එවං කාතබ්බං. අරණිසහිතෙ සති අග්ගිං අකාතුම්පි වට්ටති . යථා ච ආරඤ්ඤිකස්ස, එවං කන්තාරප්පටිපන්නස්සාපි අරණිසහිතං ඉච්ඡිතබ්බං. ගණවාසිනො පන තෙන විනාපි වට්ටති. නක්ඛත්තානෙව නක්ඛත්තපදානි.
“පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං” ඉදින් බඳුන් නොසෑහේනම් බොන පැන්ම පිරිබෝ පැන්දකොට එළවා තැබිය යුතුය. බඳුනක් නොලබන්නහු විසින්හුණ නළයෙක හෝ එළවා තැබිය යුතුය. එද නොලබන්නහුට යම්සේ සමීපයෙහි දියවළක්වේද, මෙසේ කටයුතුය. ගිනිගානා දණ්ඩ ඇති කල්හි ගිනි දැල්වීම නොකිරීමද වටියි. වෙනෙහි වසන මහණහුට යම්සේද, කාන්තාරයට පැමිණියහු විසින්ද, එසේ ගිනිගානා දණ්ඩ කැමැති විය යුතුය. ගණවැසියාහට ඒ ගිනිගානා දණ්ඩ නැතිවද වටියි. නකත්තරුම නක්ඛත්තපද නම.
ආරඤ්ඤිකවත්තකථා නිට්ඨිතා.
සෙනාසනවත්තකථා
සෙනාසනවත්තකථා
සෙනාසනවත්තෙ – ද්වාරං නාම යස්මා මහාවළඤ්ජං, තස්මා තත්ථ ආපුච්ඡනකිච්චං නත්ථි, සෙසානි පන උද්දෙසදානාදීනි ආපුච්ඡිත්වාව කාතබ්බානි. දෙවසිකම්පි ආපුච්ඡිතුං වට්ටති. අථාපි “භන්තෙ ආපුච්ඡිතමෙව හොතූ”ති වුත්තෙ වුඩ්ඪතරො “සාධූ”ති සම්පටිච්ඡති, සයමෙව වා “ත්වං යථාසුඛං විහරාහී”ති වදති; එවම්පි වට්ටති. සභාගස්ස විස්සාසෙනාපි වට්ටතියෙව. යෙන වුඩ්ඪො තෙන පරිවත්තිතබ්බන්ති වුඩ්ඪාභිමුඛෙන පරිවත්තිතබ්බං. භොජනසාලාදීසුපි එවමෙව පටිපජ්ජිතබ්බං.
සෙනාසනවතෙහි - දොර නම් යම්හෙයකින් මහත් ප්‍රයොජන ඇත්තේද, එහෙයින් එහි නවකයා විසින් දොර වසන කල්හි විචාරීමක් නැත්තේය. සෙසු උද්දෙසදානාදිය තෙරුන් විචාරාම නවකයන් විසින් කටයුතුය. දවස්පතාද විචාරීම සුදුසු වේ. නැවැතද ‘ස්වාමීනි’ විචාරණ ලද්දේම වේව’යි කියූකල්හි වෘද්ධතර තෙමේ යහපතැයි පිළිගණීද, තෙමේම හෝ ‘තෝ පහසු පරිදි වෙසෙව’යි කියාද, මෙසේ ඇති කල්හිද වටියි. සභාගයාගේ විශ්වාසයෙන්ද වටීමය. “යෙන ඛුඩ්ඪො තෙන පවෙත්තිතබ්බං” වෘද්ධයාහට අභිමුඛවීමෙන් පරිවර්තනය කටයුතුය. බොජුන්හල් ආදියෙහිද එපරිද්දෙන්ම පිළිපැදිය යුතුය.
සෙනාසනවත්තකථා නිට්ඨිතා.
ජන්තාඝරවත්තාදිකථා
ජන්තාඝරවත්තාදිකථා
ජන්තාඝරවත්තෙ – පරිභණ්ඩන්ති බහිජගති.
ජනතාඝරවතෙහි - “පරිභණ්ඩං” ගිනිහල්ගෙයින් පිටබිමැ.
ආචමනවත්ථුස්මිං – සති උදකෙති එත්ථ සචෙ උදකං අත්ථි, පටිච්ඡන්නට්ඨානං පන නත්ථි, භාජනෙන නීහරිත්වා ආචමිතබ්බං. භාජනෙ අසති පත්තෙන නීහරිතබ්බං. පත්තෙපි අසති අසන්තං නාම හොති. “ඉදං අතිවිවටං පුරතො අඤ්ඤං උදකං භවිස්සතී”ති ගතස්ස උදකං අලභන්තස්සෙව භික්ඛාචාරවෙලා හොති, කට්ඨෙන වා කෙනචි වා පුඤ්ඡිත්වා ගන්තබ්බං, භුඤ්ජිතුම්පි අනුමොදනම්පි කාතුං වට්ටති. ආගතපටිපාටියාති වච්චකුටියං පස්සාවට්ඨානෙ න්හානතිත්ථෙති තීසුපි ආගතපටිපාටියෙව පමාණං.
ආචමන වස්තුවෙහි - “සනිඋදකෙ” යන මෙහි ඉදින් දිය ඇත්තේද, පිළිසන් තැනක් නැත්තේද බඳුනකින් දියගෙණ ගොස් මල සේදිය යුතුය. බඳුනක් නැතිකල්හි පාත්‍රයෙන් ගෙණයායුතුය. පාත්‍රයක්ද නැතිකල්හි නැත්තේ නම් වේ. මෙය අතිවිවෘතය. ඉදිරියෙහි අන් ජලයක් වන්නේය’යි ගියාවූ ජලය නොලබන මහණහුටම පිඬුසිඟායන වෙලාව වේද කාෂ්ටයකින් හෝ අන් කිසිවකින් හෝ පිසදමා යායුතුය. මල නොසෝදා වලඳන්නටත් අනුමෝදනා කරන්නටත් අවකාශ ඇත්තේය. “ආගතපටිපාටියා” වැසිකිළියෙහිද මූත්‍ර කරණ තැනද නාන තොටෙහිද යන තුන් තන්හිම ආ පිළිවෙලින් මලමූත්‍ර කිරීම හා නෑම ප්‍රමාණය.
වච්චකුටිවත්තෙ – න දන්තකට්ඨං ඛාදන්තෙනාති අයං වච්චකුටියාපි අවච්චකුටියාපි සබ්බත්ථෙව පටික්ඛෙපො. න ඵරුසෙන කට්ඨෙනාති ඵාලිතකට්ඨෙන වා ඛරෙන වා ගණ්ඨිකෙන වා කණ්ටකෙන වා සුසිරෙන වා පූතිනා වා න අවලෙඛිතබ්බං. අවලෙඛනකට්ඨං පන අග්ගහෙත්වා පවිට්ඨස්ස ආපත්ති නත්ථි.
වච්චකුටිවතෙහි - “න දන්තකට්ඨං ඛාදන්තෙන” දැහැටි කන්නහු විසින් මලකිස නොකටයුතුය යන මේ නිගමනය, වැසිකිළියෙහිද වැසිකිළිය නොවන තැනද මලකිස කරණ හැමතැන්හිදීම ප්රතික්ෂෙප කෙළේය. “න ඵරුසෙන කට්ඨෙන” පැළුනු කාෂ්ටයකින් හෝ රළු කාෂ්ටයකින් හෝ ගැට සහිත කාෂ්ටයකින් හෝ කටු සහිත කාෂ්ටයකින් හෝ ගැටසහිත කාෂ්ටයකින් හෝ කුණුවූ කාෂ්ටයකින් හෝ මල පහරා ගුදයෙහි මල නෙපිසදැමිය යුතුය. මල පිසදමන කාෂ්ටයක් නොගෙණ වැසිකිළියට පිවිසියහුට ඇවැතක් නැත්තේය.
න ආචමනසරාවකෙති සබ්බසාධාරණට්ඨානං සන්ධායෙතං වුත්තං. තත්ර හි අඤ්ඤෙ අඤ්ඤෙ ආගච්ඡන්ති, තස්මා උදකං න සෙසෙතබ්බං. යං පන සඞ්ඝිකෙපි විහාරෙ එකදෙසෙ නිබද්ධගමනත්ථාය කතං ඨානං හොති පුග්ගලිකට්ඨානං වා, තස්මිං වට්ටති. විරෙචනං පිවිත්වා පුනප්පුනං පවිසන්තස්සාපි වට්ටතියෙව.
“න ච ආචමනසරාවකෙ” යනු සියල්ලට සාධාරණ ස්ථානය සඳහා මේ වදාරණ ලදී. එහි සියල්ලන්ට සාධාරණ වූ වැසිකිළියෙහි අතපය දෝනා බඳුනෙහි අනෙකෙක් අනකෙක් ඒ ද එහෙයින් ජලය ඉතිරිනොකට යුතුය. සඞ්ඝික විහාරයෙහි එක් දෙසෙක්හි තමාගේ නිබඳ යෑම පිණිස කරණලද යම් තැනෙක් වේද, පෞද්ගලික ස්ථානයක් වේද, එහි බඳුනෙහි දිය ඉතිරිකොට තැබීම වරද නොවේ. විරෙචන බෙහෙතක් බී නැවැත නැවැත පිවිසෙන්නහුටද දිය ඉතිරිකොට තැබීම නොසුදුසු නොවේමය.
ඌහතාති ඌහදිතා; බහි වච්චමක්ඛිතාති අත්ථො. ධොවිතබ්බාති උදකං ආහරිත්වා ධොවිතබ්බා. උදකං අත්ථි, භාජනං නත්ථි, අසන්තං නාම හොති. භාජනං අත්ථි, උදකං නත්ථි, එතම්පි අසන්තං. උභයෙ පන අසති අසන්තමෙව, කට්ඨෙන වා කෙනචි වා පුඤ්ඡිත්වා ගන්තබ්බං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“ඌහතා” වර්චසින් කෙලෙසන ලද පාදුකාවෙන් පිටත මල තවරණලද යන අර්‍ත්‍ථයි. “ධොවිතබ්බා” දිය ගෙණවුත් සේදිය යුතුය. දිය ඇත්තේද බඳුනක් නැත්තේද, මෙද නැත්තේ නම. දිය හා බඳුන යන දෙකම නැති කල්හි නැත්තේම නම. කාෂ්ටයකින් හෝ අන්කිසිවකින් හෝ පිසදමා යායුතුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
ජන්තාඝරවත්තාදිකථා නිට්ඨිතා.
වත්තක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
වත්තක්ඛන්ධක වර්ණනාව නිමි.