ආගන්තුකවත්තං
ආගන්තුකවත්තං
ආගන්තුක වත්
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසන්ති, ඡත්තපග්ගහිතාපි ආරාමං පවිසන්ති, ඔගුණ්ඨිතාපි ආරාමං පවිසන්ති, සීසෙපි චීවරං කරිත්වා ආරාමං පවිසන්ති, පානීයෙන,පි පාදෙ ධොවන්ති, වුඩ්ඪතරෙ’පි ආවාසිකෙ භික්ඛූ න අභිවාදෙන්ති, න සෙනාසනං පුච්ඡන්ති.
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජුහු සැවැත් නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩවෙසෙති. එ සමයෙහි ආගන්තුක මහණහු වහන් සහිතව ද අරමට පිවිසෙත්, ඉස ලාගත් කුඩ ඇති ව ද අරමට පිවිසෙත්, හිස වසා පෙරවගෙන ද අරමට පිවිසෙත්, සිවුර හිසෙහි කොට ද අරමට පිවිසෙත්, බොන්නට තුබූ දියෙන් ද පා දොවිත්, ආවාසයෙහි වූ වැඩි මාලු වහන්දෑ ද නො වඳිත්, සෙනසුන් නො විචාරත්,
අඤ්ඤතරොපි ආගන්තුකො භික්ඛු අනජ්ඣාවුත්ථං විහාරං ඝටිකං උග්ඝාටෙත්වා කවාටං පණාමෙත්වා සහසා පාවිසි. තස්ස උපරිපිට්ඨිතො අහිඛන්ධො පපති. සො භීතො විස්සරමකාසි. භික්ඛූ උපධාවිත්වා තං භික්ඛුං එතදවොචුං: ‘කිස්ස ත්වං ආවුසො විස්සරමකාසී’ති. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසිස්සන්ති. ඡත්තපග්ගහිතාපි ආරාමං පවිසිස්සන්ති -පෙ- න සෙනාසනං පුච්ඡිස්සන්තීති”
එක්තරා ආගන්තුක මහණෙක් ද භික්ෂූන් විසින් නො වැස හරන ලද (පාළු වූ) වෙහෙරකට අගුල උගුළුවා දොරපළුව විවර කොට වහා පිවිසියේ ය. උඩෙළිපත මත්තෙහි වූ සර්පයෙක් එ මහණහුගේ උරහිසෙහි වැටුණේ ය. හේ බියපත් වූයේ මුර ගෑයේ ය. මහණහු ඔහු වෙතට දිවැවිත්, ‘ඇවැත්නි, තෙපි කුමට මුරගෑහු ද?’ යි විචාළාහ. එවිට එ මහණ මහණුනට මෙ පවත් සැලකෙළේ ය. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණින් තෘප්ත වන්නේ ද ලජ්ජී ද ඉතා සුලු වරදෙහිත් කුකුස් කරන්නේ ද, ශික්ෂාකාමීහු ද, ඔහු ‘කෙසේ නම් ආගන්තුක මහණහු වහන් ඇතිව ද අරමට පිවිසෙත් ද ... සෙනසුන් නො විචාරත් දැ’ යි ලාමක කොට සිතත්, අගුණ කියත්, දොස් පතුරුවත්.
අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“සච්චං කිර භික්ඛවෙ “ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසන්ති, -පෙ- න සෙනාසනං පුච්ඡිස්සන්තී”ති.
“මහණෙනි, ආගන්තුක මහණහු වහන් ඇති ව ද අරමට පිවිසෙත් ල ... සෙනස්න නො විචාරත් ල ඒ සැබෑ දැ?” යි අසාවදාළසේක.
“සච්චං භගවා”.
“සැබව භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු පිළිවදන් දුන්හ.
විගරහි බුද්ධො භගවා: “කථං හි නාම භික්ඛවෙ ආගන්තුකා භික්ඛූ සඋපාහනාපි ආරාමං පවිසිස්සන්ති -පෙ- න සෙනාසනං පුච්ඡිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
“මහණෙනි, කෙසේ නම් ආගන්තුක මහණහු වහන් සහිතවත් අරමට පිවිසෙත් ද ! ... සෙනසුන් නො ම විචාරත් ද, මහණෙනි, නො පහන් වූවන්ගේ පහන් බව පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩීමට ද කරුණු නො වේ. වැලිදු එය නො පහන් වූවන්ගේ නො පහන් බව පිණිස ද පහන් වූ ඇතැම් අයගේ වෙනස් බව පිණිස ද පවතී යැ” යි වෙසෙසින් ගැරැහූසේක. වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූසේක.
තෙන හි භික්ඛවෙ ආගන්තුකානං භික්ඛූනං වත්තං පඤ්ඤාපෙස්සාමි යථා ආගන්තුකෙහි භික්ඛූහි සම්මා වත්තිතබ්බං, ආගන්තුකෙන භික්ඛවෙ භික්ඛුනා ‘ඉදානි ආරාමං පවිසිස්සාමී’ති උපාහනා ඔමුඤ්චිත්වා නීචං කත්වා පප්ඵොටෙත්වා ගහෙත්වා ඡත්තං අපණාමෙත්වා සීසං විවරිත්වා සීසෙ චීවරං ඛන්ධෙ කරිත්වා සාධුකං අතරමානෙන ආරාමො පවිසිතබ්බො. ආරාමං පවිසන්තෙන සල්ලක්ඛෙතබ්බං “කත්ථ ආවාසිකා භික්ඛූ පටික්කමන්තී”ති. යත්ථ ආවාසිකා භික්ඛූ පටික්කමන්ති උපට්ඨානසාලාය වා මණ්ඩපෙ වා රුක්ඛමූලෙ වා තත්ථ ගන්ත්වා එකමන්තං පත්තො නික්ඛිපිතබ්බො, එකමන්තං චීවරං නික්ඛිපිතබ්බං. පතිරූපං ආසනං ගහෙත්වා නිසීදිතබ්බං. පානීයං පුච්ඡිතබ්බං. පරිභොජනීයං පුච්ඡිතබ්බං, “කතමං පානීයං කතමං පරිභොජනීයන්ති”. සචෙ පානීයෙන අත්ථො හොති පානීයං ගහෙත්වා පාතබ්බං. සචෙ පරිභොජනීයෙන අත්ථො හොති පරිභොජනීයං ගහෙත්වා පාදා ධොවිතබ්බා. පාදෙ ධොවන්තෙන එකෙන හත්ථෙන උදකං ආසිඤ්චිතබ්බං එකෙන හත්ථෙන පාදා ධොවිතබ්බා. න තෙනෙව හත්ථෙන උදකං ආසිඤ්චිතබ්බං. න තෙනෙව හත්ථෙන පාදා ධොවිතබ්බා.
“මහණෙනි, යම්සේ ආගන්තුක මහණුන් විසින් පැවැතියයුතු ද එසේ ඔවුනට වත් පනවන්නෙමි. මහණෙනි, ආගන්තුක මහණහු විසින් ‘දැන් අරමට පිවිසෙන්නෙමි’ යි සලකා වහන් මුදා, පහත් කොට ගසා දමා ගෙන කුඩය ඉවත් කොට හිස විවරආචමනකුම්හි කොට හිසෙහි වූ සිවුර උරහිසෙහි කොට, මනාකොට නො යුහු වැ අරම්පිවිසියැයුතු. අරමට පිවිසෙන්නහු විසින් ‘ආවාසයෙහි නිවැසි මහණහු කොහි පෙරළා ඇක්මෙත් දැ?’ යි සැලකියයුතු. උවටන් හලෙහි හෝ මඩු වැ හෝ රුක්මුලැ හෝ ඒ යම් තැනකට ආවාසික මහණහු පෙරළා එත් ද, එහි ගොස් එක් පැත්තෙක පාත්‍රය තැබියැයුතු. එක් පැත්තෙක සිවුර තැබියැ යුතු. සුදුසු අස්නක් ගෙන හිඳගතයුතු. බොන පැන් කවරේ ද? පරිභෝග ජලය කවරේ දැ?” යි පැන් ද පරිභෝග ජලය ද විචාළයුතු. ඉදින් පැනින් ප්‍රයෝජන වේ නම් පැන් ගෙන පියැයුතු. ඉදින් පරිභෝග ජලයෙන් ප්‍රයෝජන වේ නම් එය ගෙන පා දෙවියැයුතු. පා දොවින්නහු විසින් එක් අතෙකින් දිය ඉස අනෙක් අතින් පා දෙවියැයුතු. එක ම අතින් පැන් ඉසීමත් පා දෙවීමත් නො කළයුතු.
උපාහනපුඤ්ඡනචොළකං පුච්ඡිත්වා උපාහනා පුඤ්ඡිතබ්බා. උපාහනා පුඤ්ඡන්තෙන පඨමං සුක්ඛෙන චොළකෙන පුඤ්ඡිතබ්බා පච්ඡා අල්ලෙන. උපාහනචොළකං ධොවිත්වා එකමන්තං විස්සජ්ජෙතබ්බං. සචෙ ආවාසිකො භික්ඛු වුඩ්ඪො හොති අභිවාදෙතබ්බො. සචෙ නවකො හොති අභිවාදාපෙතබ්බො.
වහන් පිසිනා රෙදි කඩ විචාරා, වහන් පිසදැමියයුතු. වහන් පිසින්නහු විසින් පළමු කොට වියැළි රෙදි කඩින් ද පසු වැ තෙත් කඩින් ද පිසදැමියැයුතු. වහන් පිසිනා රෙදි කඩ සෝදා එක් පැත්තෙක වැනියයුතු. ආවාසික මහණ තෙම වැඩිමහලු වී නම්, වැන්දයුතු. නවක වේ නම් වැන්දවියැ යුතු.
සෙනාසනං පුච්ඡිතබ්බං ‘කතමං මෙ සෙනාසනං පාපුණාතී’ති. අජ්ඣාවුත්ථං වා අනජ්ඣාවුත්ථං වා පුච්ඡිතබ්බං. ගොචරො පුච්ඡිතබ්බො අගොචරො පුච්ඡිතබ්බො. සෙඛසම්මතානි කුලානි පුච්ඡිතබ්බානි. වච්චට්ඨානං පුච්ඡිතබ්බං. පස්සාවට්ඨානං පුච්ඡිතබ්බං. පානීයං පුච්ඡිතබ්බං. පරිභොජනීයං පුච්ඡිතබ්බං. කත්තරදණ්ඩො පුච්ඡිතබ්බො. සඞ්ඝස්ස කතිකසණ්ඨානං පුච්ඡිතබ්බං ‘කං කාලං පවිසිතබ්බං කං කාලං නික්ඛමිතබ්බන්ති’.
‘මට කවර සෙනස්නෙක් පැමිණේ දැ?’ යි සෙනස්න විචාළ යුතු. ‘පළමු කිසිවකු වුසූ එකෙක් ද? නැත නො වුසූ එකෙක් දැ?’ යි විචාරා දතයුතු. ගෝචරය (පිඬු සිඟා යායුතු තැන) අගෝචරය (පිඬු සිඟා නො යායුතු තැන්) විචාරා දතයුතු. සේඛසම්මත කුලයෝ (මහත් සැදැහැති එහෙත් දිළිඳු වූ ගෙවල්) විචාරා දත යුතු. වැසිකිළි කෙසකිළි පිහිටි තැන විචාරා දතයුතු. බොන පැන් ඇති තැන විචාළයුතු. සෙසු පරිභෝගයට ගතයුතු ජලය ඇති තැන අසා දතයුතු. සැරයැටිය ඇති තැන අසා දතයුතු. ‘කවර වේලාවෙක ගම් වැදියයුතු ද? කවර වේලාවෙක ගමින් නික්මියැයුතු ද?’ යි සඞ්ඝයාගේ කතිකා නියමය විචාළයුතු.
2. සචෙ විහාරො අනජ්ඣාවුත්ථො හොති කවාටං ආකොටෙත්වා මුහුත්තං ආගමෙත්වා ඝටිකං උග්ඝාටෙත්වා කවාටං පණාමෙත්වා බහි ඨිතෙන නිල්ලොකෙතබ්බො. සචෙ සො විහාරො උක්ලාපො හොති මඤ්චෙ වා මඤ්චො ආරොපිතො හොති, පීඨෙ වා පීඨං ආරොපිතං හොති, සෙනාසනං උපරිපුඤ්ජීකතං හොති. සචෙ උස්සහති සොධෙතබ්බො. විහාරං සොධෙන්තෙන පඨමං භුම්මත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. මඤ්චපටිපාදකා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බා. භිසිබිම්බොහනං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
2. ඉදින් විහාරය කිසිවකු නො වුසූ එකෙක් වේ නම්, දොරපළුවට තට්ටු කොට මොහොතක් බලා සිට අගුළ උඟුළුවා දොරපළුව විවර කොට පිටතැ සිටියහු විසින් පිරික්සා බැලියැ යුතු. ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වී නම්, ඇඳෙක ඇඳෙක් නංවන ලදුයේ හෝ පුටුවෙක පුටුවෙක් නංවන ලදුයේ වේ ද, සෙනස්න මත (ඇඳ පුටු මත) ඇතිරිලි ආදිය ගොඩ ගසන ලදුයේ වී නම්, ඉදින් හැක්කේ නම් ශුද්ධ කළයුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට බුමුතුරුණු බැහැර කොට පසෙක තැබියැ යුතු. ඇඳ පා අලු බැහැර කොට පසෙක තැබිය යුතු. බිසි ද කොට්ට ද බැහැර කොට පසෙක තැබියැ යුතු.
නිසීදනපච්චත්ථරණං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං මඤ්චො නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන එකමන්තං නික්ඛිපිතබ්බො. පීඨං නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන, අසඞ්ඝට්ටන්තෙන නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. කවාටපිට්ඨං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං. ඛෙළමල්ලකො නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බො. අපස්සෙනඵලකං නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බං.
හිඳිනා ඇතිරිය ද පසතුරුණ ද බැහැර කොට පසෙක තැබියැ යුතු. ඇඳ පහත් කොට (කිසිවෙක) නො ගාවා නො ගටා බැහැර කොට පසෙක තැබියැයුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව බැහැර කොට පසෙක තැබියැ යුතු. කවාට පෘෂ්ඨය (දොරපළු පිට) බැහැර කොට එක් පසෙක තැබියයුතු. කෙළමලාව (පඩික්කම) බැහැර කොට එක් පසෙක තැබියැ යුතු. අපාශ්රයන ඵලකය (හේත්තුවන පුවරුව) බැහැර කොට පසෙක තැබියයුතු.
සචෙ විහාරෙ සන්තානකං හොති උල්ලොකා පඨමං ඔහාරෙතබ්බං. ආලොකසන්ධිකණ්ණභාගා පමජ්ජිතබ්බා. සචෙ ගෙරුකපරිකම්මකතා භිත්ති කණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ කාළවණ්ණකතා භූමි කණ්ණකිතා හොති චොළකං තෙමෙත්වා පීළෙත්වා පමජ්ජිතබ්බා. සචෙ අකතා හොති භූමි උදකෙන පරිප්ඵොසිත්වා සම්මජ්ජිතබ්බා ‘මා විහාරො රජෙන උහඤ්ඤී’ති. සඞ්ඛාර විචිනිත්වා එකමන්තං ඡඩ්ඩෙතබ්බං.
ඉදින් විහාරයෙහි මකුළුදල් වේ නම්, පළමුවෙන් ඉහළ සිට ඉවත් කළයුතු.ඇතුළත පිටත වාකවුළු ද ගැබ සතර කොන් ද පිසදැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කළ බිත්තිය කුණු වැකී ඇත් නම්, රෙදි කඩක් තෙමා මිරිකා එයින් පිස දැමියයුතු. ඉදින් කළුපැහැ කරන ලද බිත්තිය කුණු වැකී ඇත්තේ නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමියයුතු. ඉදින් බිම (ගුරු ආදි කිසිවෙකින්) පිරියම් නො කරන ලද නම්, ‘වෙහෙර දූවිල්ලෙන් නො වැකේවා’ යි සිතා දිය ඉස බිම ඇමැන්දැයුතු: කැලි කසළ එක් රැස් කොට පසෙක දැමියයුතු.
“භුම්මත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං. මඤ්චපටිපාදකා ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බා. මඤ්චො ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන යථාඨානෙ පඤ්ඤාපෙතබ්බො. පීඨං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා නීචං කත්වා සාධුකං අපරිඝංසන්තෙන අසඞ්ඝට්ටන්තෙන අතිහරිත්වා යථාඨානෙ පඤ්ඤාපෙතබ්බං. කවාටපිට්ඨං අතිහරිත්වා යථාඨානෙ නික්ඛිපිතබ්බං භිසිබිම්බොහනං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාඨානෙ පඤ්ඤාපෙතබ්බං. නිසීදනපච්චත්ථරණං ඔතාපෙත්වා සොධෙත්වා පප්ඵොටෙත්වා අතිහරිත්වා යථාඨානෙ පඤ්ඤාපෙතබ්බං. ඛෙළමල්ලකො ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බො. අපස්සෙනඵලකං ඔතාපෙත්වා පමජ්ජිත්වා අතිහරිත්වා යථාඨානෙ ඨපෙතබ්බං.
බුමුතුරුණ අව්වේ තවා (වියළා) ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදි ම පැනැවියයුතු. ඇඳ පාඅලු වියළා පිසදමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තන්හි තැබියැ යුතු. ඇඳ අව්වේ දමා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව ඇතුළට ගොස් කලින් තුබුණු තැන පැනැවියැයුතු. පුටුව අව්වේ ලා ශුද්ධ කොට ගසාහෙළා පහත් කොට කිසිවෙක නො ගාවමින් නොගටමින් ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන පැනවියැයුතු. දොරපළුපිට ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු. බිසි ද කොට්ට ද අව්වේ ලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙන ගොස් කලින් තුබූ තන්හි ම පැනැවියයුතු. ඉඳිනා ඇතිරි ද පසතුරුණු ද අව්වෙන් තවා ශුද්ධ කොට ගසා හෙළා ඇතුළට ගෙනගොස් කලින් තුබූ තැන පැනැවියයුතු. කෙළමලාව අව්වේ ලා තවා පිස දමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන තැබියැයුතු. හේත්තුවන පුවරුව අව්වේ ලා පිසදමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු.
3. පත්තචීවරං නික්ඛිපිතබ්බං. පත්තං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන පත්තං ගහෙත්වා එකෙන හත්ථෙන හෙට්ඨාමඤ්චං වා හෙට්ඨාපීඨං වා පරාමසිත්වා පත්තො නික්ඛිපිතබ්බො. න ච අනත්ථරහිතාය භූමියා පත්තො නික්ඛිපිතබ්බො. චීවරං නික්ඛිපන්තෙන එකෙන හත්ථෙන චීවරං ගහෙත්වා එකෙන හත්ථෙන චීවරවංසං වා චීවරරජ්ජුං වා පමජ්ජිත්වා පාරතො අන්තං ඔරතො භොගං කත්වා චීවරං නික්ඛිපිතබ්බං.
3. පා සිවුරු බහා තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පරාමර්ශනය කොට (අත ගා) පාත්‍රය තැබියයුතු. (පැදුරු ඈ කිසිවක්) නො අතුළ බිමැ පාත්‍රය නො තැබියැයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුරුවස (සිවුර දමන උණ දණ්ඩ) හෝ සිවුරුරැහැන (සිවුර දමන රැහැන) හෝ පිසදමා සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම තමා දෙසට ද වැටෙන සේ කොට සිවුර තැබිය යුතු.
සචෙ පුරත්ථිමා සරජා වාතා වායන්ති පුරත්ථිමා වාතපානා ථකෙතබ්බා. සචෙ පච්ඡිමා සරජා වාතා වායන්ති පච්ඡිමා වාතපානා ථකෙතබ්බා. සචෙ උත්තරා සරජා වාතා වායන්ති උත්තරා වාතපානා ථකෙතබ්බා. සචෙ දක්ඛිණා සරජා වාතා වායන්ති දක්ඛිණා වාතපානා ථකෙතබ්බා. සචෙ සීතකාලො හොති දිවා වාතපානා විවරිතබ්බා. රත්තිං ථකෙතබ්බා. සචෙ උණ්හකාලො හොති දිවා වාතපානා ථකෙතබ්බා. රත්තිං විවරිතබ්බා.
ඉදින් පෙර දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, පෙරදිගැ වූ වාකවුළු වසා දැමියයුතු. ඉදින් පැසිම් දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගැ වාකවුළු වසාදැමියයුතු. ඉදින් උතුරු දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, උතුරු දිගැ වාකවුළු වසාලියැයුතු. ඉදින් දකුණු දිග දූවිලි සහිත වාතයෝ හමත් නම්, දකුණු දිගැ වාකවුළු වසා තැබියැයුතු. ඉදින් ශීතකාලය වේ නම්, දහවල් වාකවුළු විවැරියැයුතු. රෑ වැසියැයුතු. ඉදින් උෂ්ණකාලය වේ නම්, දහවල් වාකවුළු වැසියයුතු. රෑ විවැරියැයුතු.
සචෙ පරිවෙණං උක්ලාපං හොති පරිවෙණං සම්මජ්ජිතබ්බං. සචෙ කොට්ඨකො උක්ලාපො හොති කොට්ඨකො සම්මජ්ජිතබ්බො. සචෙ උපට්ඨානසාලා උක්ලාපා හොති උපට්ඨානසාලා සම්මජ්ජිතබ්බා. සචෙ අග්ගිසාලා උක්ලාපා හොති අග්ගිසාලා සම්මජ්ජිතබ්බා. සචෙ වච්චකුටි උක්ලාපා හොති වච්චකුටි සම්මජ්ජිතබ්බා.
ඉදින් පිරිවෙන කැලි කසළ සහිත වේ නම්, පිරිවෙන හැමැන්ද යුතු. ඉදින් දොරටුව (දොරැ කොටුව) කසළ සහිත වී නම්, එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කසළ සහිත වී නම්, උවටන් හල හැමැන්දයුතු. ඉදින් ගිනිහල් ගෙය කසළ සහිත වී නම්, එය හැමැන්ද යුතු. ඉදින් වැසිකිළිය කැලි කසළ සහිත වී නම්, එය හැමැන්දයුතු.
සචෙ පානීයං න හොති පානීයං උපට්ඨපෙතබ්බං. සචෙ පරිභොජනීයං න හොති පරිභොජනීයං උපට්ඨපෙතබ්බං. සචෙ ආචමනකුම්භියා උදකං න හොති ආචමනකුම්භියා උදකං ආසිඤ්චිතබ්බං.
ඉදින් බොන පැන් නො වේ නම්, එය එළවා තැබියැයුතු. ඉදින් පරිභෝග පැන් නො වේ නම්, එය එළවා තැබියැයුතු. ඉදින් මල දොවා හරනා දිය සඳහා ඇති කළයේ ජලය නො වේ නම්, එහි එය වත්කළයුතු.
ඉදං ඛො භික්ඛවෙ ආගන්තුකානං භික්ඛූනං වත්තං යථා ආගන්තුකෙහි භික්ඛූහි වත්තිතබ්බන්ති.
මහණෙනි, යම් සේ ආගන්තුකයන් විසින් පැවැත්වියැයුතු ද, මේ ඒ ආගන්තුක භික්ෂූන්ගේ වත යි.