සඞ්ඝභෙදකක්ඛන්ධකං
7.
7.
සඞ්ඝභෙදකක්ඛන්ධකං
සඞ්ඝභේදකඛන්ධකය
පඨමභාණවාරං
පළමු බණවර
ඡසක්යපබ්බජ්ජා
ශාක්‍යයන් සදෙනාගේ පැවිද්ද
1. තෙන සමයෙන බුද්ධො භගවා අනුපියායං විහරති අනුපියං නාම මල්ලානං නිගමො. තෙන ඛො පන සමයෙන අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්යකුමාරා භගවන්තං පබ්බජිතං අනුපබ්බජන්ති. තෙන ඛො පන සමයෙන මහානාමො ච සක්කො අනුරුද්ධො ච සක්කො ද්වෙ භාතිකා හොන්ති. අනුරුද්ධො සක්කො සුඛුමාලො හොති. තස්ස තයො පාසාදා හොන්ති එකො හෙමන්තිකො එකො ගිම්හිකො, එකො වස්සිකො. සො වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ නිප්පුරිසෙහි තුරියෙහි පරිචාරයමානො න හෙට්ඨාපාසාදං ඔරොහති.
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුපිය නම් නුවර සමීපයෙහි වැඩ වසන සේක. අනුපිය නම් මල්ලයන් ගේ නියම්ගමෙකි. එ සමයෙහි වනාහි ප්‍රකට වූ ශාක්‍ය කුමාරයෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. එ සමයෙහි මහානාම ශාක්‍ය ද අනුරුද්ධ ශාක්‍ය ද යන දෙදෙන සොහොයුරෝ වෙත්. අනුරුද්ධ ශාක්‍ය තෙම සියුමැලි වෙයි. ඔහුට ප්‍රාසාද තුනෙක් විය. එකෙක් ශීත සෘතුවේ විසීම පිණිස ය. එකෙක් ග්‍රීෂ්ම ඍතුවේ විසීම පිණිස ය. එකෙක් වර්ෂාණ ඍතුවේ විසීම පිණිස ය. හේ වර්ෂාණර්තුව සඳහා තැනැවුණු පහයෙහි වැසි සාරමස තූර්ය්ය වයන ස්ත්‍රීන් විසින් හසුරුවනු ලබන ඉන්ද්රියයන් ඇත්තේ (හෙවත් පස්කම්හි අලවනු ලබනුයේ) යට පහයට නො බසී.
අථ ඛො මහානාමස්ස සක්කස්ස එතදහොසි: “එතරහි ඛො අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්යකුමාරා භගවන්තං පබ්බජිතං අනුපබ්බජන්ති. අම්හාකඤ්ච කුලා නත්ථි කොචි අගාරස්මා අනගාරියං පබ්බජිතො. යන්නූනාහං වා පබ්බජෙය්යං අනුරුද්ධො වා”ති. ”අථ ඛො මහානාමො සක්කො යෙන අනුරුද්ධො සක්කො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අනුරුද්ධං සක්කං එතදවොච: “එතරහි තාත අනුරුද්ධ, අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්යකුමාරා භගවන්තං පබ්බජිතං අනුපබ්බජන්ති. අම්හාකඤ්ච කුලා නත්ථි කොචි අගාරස්මා අනගාරියං පබ්බජිතො. තෙන හි ත්වං වා පබ්බජ අහං වා පබ්බජිස්සාමී”ති.
එ කල්හි “දැන් වනාහි ප්‍රකට ප්‍රකට ශාක්‍ය කුමාරයෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. අප කුලයෙන් ද කිසිවෙක් ගිහිගෙය හැර සස්නට නො පැමිණියේ ය. (පැවිදි නොවී ය.) මා හෝ අනුරුද්ධයා හෝ පැවිදි වතොත් ඉතා යෙහෙකැ”යි මහානාම ශාක්‍යයාට මේ සිත විය. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම අනුරුද්ධ ශාක්‍යයා කරා එළැඹියේ ය. එළැඹ අනුරුද්ධ ශාක්‍යයා බණවා, “දරුව අනුරුද්ධය, දැන් ප්‍රකට ප්‍රකට ශාක්‍ය කුමරුවෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. අපගේ කුලයෙන් වූ කලී කිසිවෙකුත් ගිහි ගෙන් නික්ම පැවිදි නො වී ය. එබැවින් තෝ හෝ පැවිදි වව, මම් හෝ පැවිදි වන්නෙමි” යි මෙ බස් පැවැසීය.
“අහං ඛො සුඛුමාලො. නාහං සක්කොමි අගාරස්මා අනගාරියං පබ්බජිතුං. ත්වං පබ්බජ්ජාහී”ති.
“මම් වූකලී සියුමැලියෙමි. ගිහි ගෙන් නික්ම පැවිදි වන්නට නො හැක්කෙමි. ඔබ පැවිදි වන්නැ” යි අනුරුද්ධ කුමර කී ය.
“එහි ඛො තෙ තාත අනුරුද්ධ ඝරාවාසත්ථං අනුසාසිස්සාමි: පඨමං ඛෙත්තං කසාපෙතබ්බං, කසාපෙත්වා වපාපෙතබ්බං, වපාපෙත්වා උදකං අතිනෙතබ්බං, උදකං අතිනෙත්වා උදකං නින්නෙතබ්බං. උදකං නින්නෙත්වා නිඩ්ඩහෙතබ්බං. නිඩ්ඩහෙත්වා ලවාපෙතබ්බං, ලවාපෙත්වා උබ්බාහාපෙතබ්බං. උබ්බාහාපෙත්වා පුඤ්ජං කාරාපෙතබ්බං. පුඤ්ජං කාරාපෙත්වා මද්දාපෙතබ්බං. මද්දාපෙත්වා පලාලානි උද්ධරාපෙතබ්බානි, පලාලානි උද්ධරාපෙත්වා භූසිකා උද්ධරාපෙතබ්බා. භුසිකං උද්ධරාපෙත්වා ඔපුනාපෙතබ්බං ඔපුනාපෙත්වා අතිහරාපෙතබ්බං. අතිහරාපෙත්වා ආයතිම්පි වස්සං එවමෙව කාතබ්බන්ති.”
“දරුව අනුරුද්ධය, එසේ වී නම් ගිහිගෙයි වසනු පිණිස උපදෙස් දෙන්නෙමි. පළමු කොට කෙත් සෑවවිය යුතු. සාවවා, වැපිරැවිය යුතු. වපුරවා ඇතුළට ජලය පැමිණැවිය යුතු ය. ඇතුළට ජලය පමුණුවා, ජලය සම කැරැවිය යුතු. ජලය සම කරවා, වල් නෙළීම කැරැවිය යුතු. වල් නෙළීම කරවා, කැප්විය යුතු. කප්වා ඇද්දිය යුතු. අදවා මිටි බැන්දවිය යුතු. මිටි බඳවා මැඩවිය යුතු. මඩවා පිදුරු බැහැර කැරැවිය යුතු. පිදුරු බැහැර කරවා කාටුව ඉවත් කැරැවිය යුතු, පොලවාලිය යුතු. පොලවාලා ගෙට ගෙන්වියැ යුතු. ගෙට ගෙන්වා එන වර්ෂයෙහි ද මෙසේ ම කළ යුතු යැ” යි (මහානාම කුමර කී ය.)
“න කම්මා ඛීයන්ති, න කම්මානං අන්තො පඤ්ඤායති. කදා කම්මා ඛීයිස්සන්ති? කදා කම්මානං අන්තො පඤ්ඤායිස්සති? කදා මයං අප්පොස්සුක්කා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරිස්සාමා”ති.
“කටයුතු නො නිම වෙයි. කටයුතුවල කෙළවරෙක් නො පැනෙයි. කවරදා නම් කටයුතු නිම වන්නේ ද? කවර දාක කටයුතුවල කෙළවරෙක් පැනෙන්නේ ද? කවර දාක අපි අල්පොත්සුක වැ පස් කම් ගුණයෙන් සමර්පිත වැ සමන්විත වැ සැප පහසු විඳින්නමෝ දැ”යි (අනුරුද්ධ කුමර කී ය.)
“න හි තාත අනුරුද්ධ කම්මා ඛීයන්ති, න කම්මානං අන්තො පඤ්ඤායති. අඛීණෙයෙව කම්මෙ පිතරො ච පිතාමහා ච කාලකතා”ති.
“දරුව අනුරුද්ධ, කටයුතු නිම නො වේ. කටයුතුවල කෙළවරක් ද නො පැනෙයි. කටයුතු නොනිමි කල්හි ම මාපියෝ ද මුත්තණු මිත්තණියෝ ද කලුරිය කළහ” යි මහානාම කුමරුවෝ කීහ.
“තෙන හි ත්වඤ්ඤෙව ඝරාවාසත්ථෙන උපජානාහි. අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති.
“එසේ වී නම් ඔබ ම ගිහිගෙහි විසීම දැන ගනුව. මම ගිහි ගෙන් නික්ම පැවිදිබිමට පැමිණෙන්නෙමි” යි අනුරුද්ධ කුමර කී ය.
2. අථ ඛො අනුරුද්ධො සක්කො යෙන මාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මාතරං එතදවොච: “ඉච්ඡාමහං අම්ම අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාහි මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ අනුරුද්ධස්ස සක්කස්ස මාතා අනුරුද්ධං සක්කං එතදවොච: “තුම්හෙ ඛො මෙ තාත අනුරුද්ධ ද්වෙ පුත්තා පියා මනාපා අප්පටිකූලා මරණෙනපි වො අකාමකා විනා භවිස්සාමි. කිම්පනාහං තුම්හෙ ජීවන්තෙ අනුජානිස්සාමි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
2. ඉක්බිත්තෙන් අනුරුද්ධ ශාක්‍ය තෙම මව කරා එළැඹියේ ය. එළැඹ, “මෑණියනි, මම් ගිහිගෙන් නික්ම සස්නැ පැවිදි වන්නට කැමැත්තෙමි. මට ගිහිගෙන් නික්ම සස්නැ පැවිදි වන්නට අනුදන්නැ” යි කී ය. මෙසේ කී කල්හි අනුරුද්ධ ශාක්‍යයාගේ මව අනුරුද්ධ ශාක්‍යයාට, “දරුව තෙපි වනාහි මගේ පිය වූ මනාප වූ නො පිළිකුල් වූ දරු දෙදෙනා ය. තොපගේ මරණයෙනුදු නොකැමැත්තෙන් ම වෙන් වන්නෙමි. එසේ කලැ, ජීවත් වන්නා වූ තොපට ගිහි ගෙන් නික්ම සසුන් වදින්නට කිමෙක් ද, අනුදන්නෙම් දැ” යි කීවා ය.
දුතියම්පි ඛො අනුරුද්ධො සක්කො මාතරං එතදවොච: “ඉච්ඡාමහං අම්ම අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාහි මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
දෙවෙනි වර ද අනුරුද්ධ ශාක්‍ය තෙම “මෑණියනි, මම් ගිහි ගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදිනුවට මට අනුදන්නැ” යි කී ය.
“තුම්හෙ ඛො මෙ තාත අනුරුද්ධ ද්වෙ පුත්තා පියා මනාපා අප්පටිකූලා මරණෙනපි වො අකාමකා විනා භවිස්සාමි. කිං පනාහං තුම්හෙ ජීවන්තෙ අනුජානිස්සාමි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
“දරුව අනුරුද්ධය, තෙපි ප්‍රිය වූ මනාප වූ නොපිළිකුල් වූ මගේ දරු දෙදෙනා ය. තොප ගේ මරණයෙනුදු නො කැමැතිවැ ම වෙන් වන්නෙමි. කිමෙක් ද ජීවත් වන්නා වූ තොපට ගිහිගෙන් නික්ම සසුන් වදනට අනුදන්නෙම් දැ” යි අනුරුත් කුමරුගේ මව කීවා ය.
තතියම්පි ඛො අනුරුද්ධො සක්කො මාතරං එතදවොච: “ඉච්ඡාමහං අම්ම අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාමි මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
තෙවෙනි වර ද අනුරුද්ධ ශාක්‍ය තෙම “මෑණියනි, මම් ගිහි ගෙන් නික්ම සසුන් වදිනු කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදිනුවට මට අනුදන්නැ” යි කී ය.
තෙන ඛො පන සමයෙන භද්දියො සක්යරාජා සක්යානං රජ්ජං කාරෙති. සො ච අනුරුද්ධස්ස සක්කස්ස සහායො හොති. අථ ඛො අනුරුද්ධස්ස සක්කස්ස මාතා “අයං ඛො භද්දියො සක්යරාජා සක්යානං රජ්ජං කාරෙති අනුරුද්ධස්ස සක්කස්ස සහායො. සො න උස්සහති අගාරස්මා අනගාරියං පබ්බජිතුන්ති” අනුරුද්ධං සක්කං එතදවොච: “සචෙ තාත අනුරුද්ධ භද්දියො සක්යරාජා අගාරස්මා අනගාරියං පබ්බජති එවං ත්වම්පි පබ්බජාහී”ති.
එ සමයෙහි වනාහි භද්දිය ශාක්‍ය රජ ශාක්‍යයන් ගේ රජය කරවයි. හේ ද අනුරුද්ධ ශාක්‍යයා ගේ යහළුවෙක් වෙයි. එකල්හි අනුරුද්ධ ශාක්‍යයාගේ මවු “මෙ භද්දිය ශාක්‍ය රජ ශාක්‍යයන් ගේ රජය කරවයි. මෙ තෙම අනුරුද්ධ ශාක්‍යයාගේ යහළුවෙක. හේ ගිහිගෙන් නික්ම පැවිදිවන්නට උත්සාහ නො කෙරේ යැ’ යි සිතා, “දරුව අනුරුද්ධය, ඉදින් භද්දිය ශාක්‍ය රජ ගිහි ගෙයින් නික්ම සසුන් වදනේ නම්, එසේ කලැ තෙපිත් පැවිදි වන්නැ” යි කීවා ය.
3. අථ ඛො අනුරුද්ධො සක්කො යෙන භද්දියො සක්යරාජා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භද්දියං සක්යරාජානං එතදවොච: “මම ඛො සම්ම, පබ්බජ්ජා තව පටිබද්ධා”ති.
3. ඉක්බිති අනුරුද්ධ ශාක්‍ය තෙම භද්දිය ශාක්‍ය රජුහු කරා එළැඹියේ ය. එළැඹ, භද්දිය ශාක්යරජුට “යහළුව මගේ පැවිද්ද ඔබ පිළිබඳ යැ” යි කී ය.
“සචෙ තෙ සම්ම පබ්බජ්ජා මම පටිබද්ධා වා අප්පටිබද්ධා වා හොතු. අහං තයා..... යථාසුඛං පබ්බජාහී”ති.
“යහළුව, තාගේ පැවිද්ද මා පිළිබඳ හෝ නො පිළිබඳ හෝ වේ ව යි මම් තා හා ... සුවසේ පැවිදි වන්නැ” යි (භද්දිය ශාක්‍ය රජ කී ය.)
“එහි සම්ම උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
“යහළුව, එන්නැ. අපි දෙ දෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝ වා” යි අනුරුද්ධ ශාක්‍ය කී ය.
“නාහං සම්ම සක්කොමි අගාරස්මා අනගාරියං පබ්බජිතුං. යං තෙ සක්කා අඤ්ඤං මයා කාතුං ත්යාහං කරිස්සාමි. ත්වං පබ්බජාහී”ති.
“යහළුව, ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මම් නො හැකියෙමි. මා විසින් තොපට අන් යමක් කළ හැකි නම්, එය තොපට කරන්නෙමි. තෙපි පැවිදි වන්නැ” යි භද්දියරජ කී ය.
“මාතා ඛො මං සම්ම, එවමාහ: ‘සචෙ තාත අනුරුද්ධ භද්දියො සක්යරාජා අගාරස්මා අනගාරියං පබ්බජති එවං ත්වම්පි පබ්බජාහී’ති. භාසිතා ඛො පන තෙ සම්ම එසා වාචා: සචෙ තෙ සම්ම පබ්බජ්ජා මම පටිබද්ධා වා අප්පටිබද්ධා වා සා හොතු. අහං තයා ... යථා සුඛං පබ්බජ්ජාහී’ති. එහි සම්ම උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
“යහළුව, ‘ඉදින් දරුව අනුරුද්ධය, භද්දිය ශාක්‍ය රජ ගිහිගෙන් නික්ම සසුන් වදනේ නම්, එසේ ඇති කල්හි තෙපිත් පැවිදි වවු’ යි මව මට මෙසේ කීවා ය. ‘යහළුව ඉදින් තොපගේ පැවිද්ද මා පිළිබඳ හෝ නො පිළිබඳ වේව යි මම් තොප හා ... සුවසේ පැවිදි වන්නැ’ යි. මේ වචනය ඔබ විසින් මට කියන ලද්දේ ය. යහළුව එන්න, දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදිමෝව” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
තෙන ඛො පන සමයෙන මනුස්සා සච්චවාදිනො හොන්ති සච්චපටිඤ්ඤා. අථ ඛො භද්දියො සක්යරාජා අනුරුද්ධං සක්කං එතදවොච: “ආගමෙහි සම්ම සත්ත වස්සානි සත්තන්නං වස්සානං අච්චයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
එ සමයෙහි මිනිස්සු සත්‍ය ප්‍රතිඥා ඇති සත්‍යවාදීහු වෙති. ඉක්බිති භද්දිය ශාක්යාරජ අනුරුද්ධ ශාක්‍යයාට “යහළුව, සත් හවුරුද්දක් ඉවසන්න (සාපෙක්ෂකවන්න) සත් හවුරුද්දක් ඇවෑමෙන් අපි දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමු” යි කී ය.
“අතිචිරං සම්ම සත්තවස්සානි. නාහං සක්කොමි සත්තවස්සානි ආගමෙතුන්ති”.
“යහළුව, සත් හවුරුද්ද ඉතා බොහෝ කාලයෙකි. යහළුව, සත් හවුරුද්දක් බලාපොරොත්තු වන්නට මම නො හැක්කෙමි”.
“ආගමෙහි සම්ම ඡ වස්සානි -පෙ- පඤ්චවස්සානි -පෙ- චත්තාරි වස්සානි -පෙ- තීණි වස්සානි -පෙ- ද්වෙ වස්සානි -පෙ- එකං වස්සං. එකස්ස වස්සස්ස අච්චයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
“යහළුව, සාවුරුද්දක් ඉවසන්න ... පස් අවුරුද්දක් ... සතර අවුරුද්දක් ... තුන් අවුරුද්දක් ... දෑවුරුද්දක් ... එක් හවුරුද්දක් ඉවසන්න. එක් හවුරුද්දක් ඇවෑමෙන් අපි දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝවා” යි (භද්දියරජ කී ය).
“අතිචිරං සම්ම එක වස්සං නාහං සක්කොමි එකං වස්සං ආගමෙතුන්ති”.
“යහළුව එක් හවුරුද්දක් ඉතා බොහෝ කාලයකි. මම් එක් හවුරුද්දක් බලා පොරොත්තු වන්නට නො හැක්කෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
“ආගමෙහි සම්ම සත්ත මාසෙ. සත්තන්නං මාසානං අච්චයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
“යහළුව සත් මසක් ඉවසන්න. සත් මස ඇවෑමෙන් දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝවා” යි (භද්දිය රජ කීය).
“අතිචිරං සම්ම සත්ත මාසා. නාහං සක්කොමි සත්ත මාසෙ ආගමෙතුන්ති”.
“යහළුව සත් මස ඉතා බොහෝ කාලයෙකි. සත් මසක් බලාපොරොත්තු වන්නට මම් නො හැක්කෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
“ආගමෙහි සම්ම ඡ මාසෙ -පෙ- පඤ්ච මාසෙ -පෙ- චත්තාරො මාසෙ -පෙ- තයො මාසෙ -පෙ- ද්වෙ මාසෙ -පෙ- එකං මාසං -පෙ- අද්ධමාසං. අද්ධමාසස්ස අච්චයෙන උභො පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමා”ති.
“යහළුව, සමසක් ඉවසන්න ... පස් මසක් ... සිවු මසක් ... තුන් මසක් ... දෙ මසක් ... එක් මසක්... අඩ මසක් ඉවසන්න. අඩමස ඇවෑමෙන් දෙදෙනා ම පැවිදි වන්නමෝ වා” යි (භද්දිය රජ කී ය).
“අතිචිරං සම්ම අඩ්ඪමාසො. නාහං සක්කොමි අද්ධමාසං ආගමෙතුන්ති”.
“යහළුව අඩමස ඉතා බොහෝ කලෙකි. අඩමසක් ඉවසන්නට මම් නො හැකියෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
“ආගමෙහි සම්ම, සත්තාහං යාවාහං පුත්තෙ ච භාතරෙ ච රජ්ජං නීය්යාදෙමී”ති.
“යහළුව, පුතුනටත් සොහොයුරනටත් , රජය පවරා දෙන තෙක් සතියක් ඉවසන්නැ” යි (භද්දියරජ කී ය).
“න චිරං සම්ම සත්තාහො ආගමෙස්සාමී”ති.
“යහළුව සතිය බොහෝ කලෙක් නො වේ. එතෙක් බලා පොරොත්තු වන්නෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
4. අථ ඛො භද්දියො ච සක්යරාජා අනුරුද්ධො ච ආනන්දො ච භගු ච කිම්බිලො ච දෙවදත්තො ච උපාලිකප්පකෙන සත්තමා යථා පුරෙ චතුරඞ්ගිනියා සෙනාය උය්යානභූමිං නීයන්ති එවමෙව චතුරඞ්ගිනියා සෙනාය නීය්යංසු. තෙ දූරං ගන්ත්වා සෙනං නිවත්තාපෙත්වා පරවිසයං ඔක්කමිත්වා ආභරණං ඔමුඤ්චිත්වා උත්තරාසඞ්ගෙන භණ්ඩිකං බන්ධිත්වා උපාලිං කප්පකං එතදවොචුං:: “හන්ද භණෙ උපාලි නිවත්තස්සු. අලං තෙ එත්තකං ජීවිකායා”ති.
4. ඉක්බිති භද්දිය ශාක්‍ය රජ ද අනුරුද්ධ ද ආනන්ද ද භෘගු ද කිංවිල ද දේවදත්ත ද යන ශාක්‍යයෝ ස දෙනා උපාලි කපුවා සත්වනු කොටැත්තාහු පෙර උයන් බිමට සිවුරඟ සෙනඟින් උප ලක්ෂිත ව යම්සේ නික්ම යෙත් ද, එසේ ම සිවුරඟ සෙනඟින් උපලක්ෂිත වැ නික්මුණාහ. ඔහු දුරක් ගොස් සෙනඟ නවත්වා, පරවිෂ යට (අන් රජක්හු ගේ රටට) බැස, ආභරණ ගලවා උතුරු සළුවෙන් පොදියක් කොට බැඳ උපාලි කපුවා බණවා “සගය උපාලිය, පෙරළා යා. මෙය තට ජීවිකාවට ප්‍රමාණ වේ යැ” යි කීහ.
අථ ඛො උපාලිස්ස කප්පකස්ස නිවත්තන්තස්ස එතදහොසි: “චණ්ඩා ඛො සාකියා. ඉමිනා කුමාරා නිප්පාතිතාති ඝාතාපෙය්යුම්පි මං. ඉමෙ හි නාම සක්යකුමාරා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති. කිමඞ්ග පනාහන්ති” සො භණ්ඩිකං මුඤ්චිත්වා තං භණ්ඩං රුක්ඛෙ ආලග්ගෙත්වා ‘යො පස්සති දින්නඤ්ඤෙව හරතූ’ති වත්වා යෙන තෙ සක්යකුමාරා තෙනුපසඞ්කමි. අද්දසාසුං ඛො තෙ සක්යකුමාරා උපාලිං කප්පකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන උපාලිං කප්පකං එතදවොචුං:: “කිස්ස භණෙ උපාලි නිවත්තොසී”ති.
ඉක්බිති පෙරළා එන්නාවූ උපාලි කපුවාට “ශාක්‍යයෝ සැඩයහ. මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ යි ඔවුන් මා මරවනු ද නො බැරි ය. මේ සාක්‍ය කුමාරවරු ද ගිහිගෙන් නික්ම පැවිදි වන්නාහ. මම් කුමට ගිහිගෙයි රැඳෙන්නෙම් ද” යි මේ සිත විය. මෙසේ සිතා ආභරණ පොදිය ලිහා ඒ සියලු බඩු ගසෙක එල්ලා “යමෙක් මේවා දකින්නේ ද ඔහුට දෙන ලදුයේ ම ය. ගෙන යේවා” යි කියා ඒ ශාක්‍ය කුමාරයන් කරා ගියේ ය. ඒ ශාක්‍ය කුමාරයෝ දුරින් ම එන්නා වූ උපාලි කපුවා දුටුහ. දැක ඔහු බණවා, “සගය උපාලි, කවර හෙයින් පෙරළා එන්නෙහි දැ” යි ඇසූහ.
“ඉධ මෙ අය්යපුත්තා නිවත්තන්තස්ස එතදහොසි: ‘චණ්ඩා ඛො සාකියා ඉමිනා කුමාරා නිප්පාතිතාති ඝාතාපෙය්යුම්පි මං. ඉමෙ හි නාම සක්යකුමාරා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති. කිමඞ්ගපනාහන්ති, සො ඛො අහං අය්යපුත්තා භණ්ඩිකං මුඤ්චිත්වා තං භණ්ඩං රුක්ඛෙ ආලග්ගෙත්වා ‘යො පස්සති දින්නඤ්ඤෙව හරතූ’ති වත්වා තතොම්හි පටිනිවත්තො”ති.
“ආර්‍ය්‍ය පුත්‍රයිනි, මෙහි පෙරළා එන මට ‘ශාක්‍යයෝ ඒකාන්තයෙන් චණ්ඩය හ. මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ’ යි කියා මා මරවනුත් බැරි නැත. ‘මේ, ශාක්‍ය කුමාරයෝත් ගිහිගෙන් නික්ම පැවිදි වන්නාහ. මා ගැන කියනු ම කවරේ දැ’ යි මේ සිත විය. ආර්යපුත්රයෙනි, ඒ මම් වනාහි බඩු පොදිය මුදා බඩු ගසෙක එල්ලා ‘යමෙක් දක්නේ නම් ඔහුට මෙය දෙන ලද්දේ ම ය හේ මෙය ගෙන යේවා’ යි කියා එතැනින් ම පෙරළා ආයෙමි” යි
“සුට්ඨු භණෙ උපාලි, අකාසි යං න නිවත්තො. චණ්ඩා ඛො සාකියා. ඉමිනා කුමාරා නිප්පාතිතාති ඝාතාපෙය්යුම්පි තන්ති”.
“තෙල උපාලි, පෙරළා ආයේ ය යන යමක් ඇද්ද එය කළ සේ මැනැවි. ශාක්‍යයෝ වූකලි චණ්ඩයහ. ‘මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ’ යි සිතා තා මරවනු ද නො බැරි යැ” (කුමරුවෝ කීහ).
5. අථ ඛො සක්යකුමාරා උපාලිං කප්පකං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ සක්යකුමාරා භගවන්තං එතදවොචුං: “මයං භන්තෙ සාකියා නාම මානස්සිනො. අයං භන්තෙ උපාලි කප්පකො අම්හාකං දීඝරත්තං පරිචාරකො. ඉමං භගවා පඨමං පබ්බාජෙතු. ඉමස්ස මයං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම. එවං අම්හාකං සාකියානං සාකියමානො නිම්මානීයිස්සතී”ති.
5. ඉක්බිති ඒ ශාක්‍යප කුමාරයෝ උපාලි කපුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්හ. ඒ ශාක්‍ය කුමරුවෝ පසෙක උන්නාහු ම “වහන්ස, ශාක්‍ය වූ අපි වනාහි මානනිඃශ්රිතයම්හ. වහන්ස, මේ උපාලි කපු තෙම දීර්ඝ කාලයක් අපේ සේවකයෙකි. භාග්‍යවතුන් වහන්සේ පළමු කොට මොහු පැවිදි කරනසේක්වා. අපි මොහුට වැඳීම, දැක හුනස්නෙන් නැඟී සිටීම, දොහොත් මුදුන් තබා නමස්කාරය, සාමීචිකර්මය (පවන් සැලීමාදී ආභිසමාචාරිකවත්) කරන්නෙමු. මෙසේ අපේ ශාක්‍යමානය නිර්මාණ බවට පමුණුවන ලබන්නේ යැ (දුරුවන්නේ යැ)” කීහ.
අථ ඛො භගවා උපාලිං කප්පකං පඨමං පබ්බාජෙසි, පච්ඡා තෙ සක්යකුමාරෙ. අථ ඛො ආයස්මා භද්දියො තෙනෙව අන්තරවස්සෙන තිස්සො විජ්ජා සච්ඡාකාසි. ආයස්මා අනුරුද්ධො දිබ්බචක්ඛුං උප්පාදෙසි. ආයස්මා ආනන්දො සොතාපත්තිඵලං සච්ඡාකාසි. දෙවදත්තො පොථුජ්ජනිකං ඉද්ධිං අභිනිප්ඵාදෙසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි කපුවා පළමු කොට ද එයට පසු ඒ කුමරුවන් ද පැවිදි කළ සේක. එයින් පසු ආයුෂ්මත් භද්දිය තෙම ඒ අතුරු වසෙහි දී ම ත්‍රිවිද්‍යාවන් සාක්ෂාත් කළේ ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙම දිවැස ඉපැදවී ය. ආයුෂ්මත් ආනන්ද තෙම සෝවාන් ඵලය පසක් කෙළේ ය. දෙව්දත් තෙම පුහුදුන් ඍද්ධිය නිපැදවී ය.
තෙන ඛො පන සමයෙන ආයස්මා භද්දියො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අභික්ඛණං උදානං උදානෙසි ‘අහො සුඛං අහො සුඛන්ති’. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: – “ආයස්මා භන්තෙ භද්දියො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අභික්ඛණං උදානං උදානෙති ‘අහො සුඛං අහො සුඛන්ති’. නිස්සංසයං ඛො භන්තෙ ආයස්මා භද්දියො අනභිරතො ව බ්රහ්මචරියං චරති. තඤ්ඤෙව වා පුරිමං රජ්ජසුඛං සමනුස්සරන්තො අරඤ්ඤගතො පි රුක්ඛමූලගතො පි සුඤ්ඤාගාරගතො පි අභික්ඛණං උදානං උදානෙති ‘අහො සුඛං අහො සුඛන්ති”.
එ සමයෙහි වනාහි ආයුෂ්මත් භද්දියයෝ අරනට ගියෝ ද, රුක්මුලට ගියෝ ද, ශුන්‍යාගාරයකට ගියෝ ද, ‘අහෝ සැප ය, අහෝ සැප යැ’ යි එක්වන් උදන් අනති. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක ඉඳගත්හ. එසේ මහණහු පසෙක උන්නාහු ම “වහන්ස, ආයුෂ්මත් භද්දිය තෙමේ අරනට ගියේ ද රුක් මුලට ගියේ ද ශුන්‍යාගාරයට ගියේ ද ‘අහෝ සැප ය, අහෝ සැප යැ’යි උදන් අනයි. වහන්ස, ආයුෂ්මත් භද්දිය තෙම නිසැකින් ම නො ඇලුණේ බඹසර සරයි. ඒ පළමු රජ සුව ම හෝ සිහි කරනුයේ අරනට ගියේත් රුක්මුලට ගියේත් ශුන්‍යාගාරයට ගියේත් ‘අහෝ, සුව ය අහෝ සුව යැ’ යි එක්වන් උදන් අනා යැ” යි මෙ පවත් සැලකළාහ.
6. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු මම වචනෙන භද්දියං භික්ඛුං ආමන්තෙහි: ‘සත්ථා තං ආවුසො භද්දිය ආමන්තෙතීති”. “එවං භන්තෙ”ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා භද්දියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං භද්දියං එතදවොච: ‘සත්ථා තං ආවුසො භද්දිය ආමන්තෙතී’ති.
6. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා, “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු තොප කැඳවති’ යි කියා මාගේ වචනයෙන් භද්දිය මහණහු කැඳවාගෙනෙව” යි වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි කියා එ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් භද්දියයන් කරා එළඹියේ ය. එළැඹ “ඇවැත්නි, භද්දියයෙනි, ශාස්තෘන් වහන්සේ තොප කැඳවන සේකැ” කීයේ ය.
“එවමාවුසො”ති ඛො ආයස්මා භද්දියො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දියං භගවා එතදවොච: “සච්චං කිර ත්වං භද්දිය අරඤ්ඤගතො පි රුක්ඛමූලගතො පි සුඤ්ඤාගාරගතො පි අභික්ඛණං උදානං උදානෙසි අහො සුඛං අහො සුඛන්ති.”
“එසේ යැ ඇවැත්නි” යි කියා ආයුෂ්මත් භද්දියයෝ එ මහණහට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක උන්හ. පසෙක හුන් ආයුෂ්මත් භද්දියයන් බණවා, භාග්‍යවතුන් වහන්සේ “හදදියයෙනි, තෙපි අරනට ගියෝත් රුක්මුලකට ගියෝත් ශුන්‍යාගාරයට ගියෝත් ‘අහෝ සුව යැ, අහෝ සුව යැ’යි එක්වන් උදන් අනත්ල. ඒ සැබෑ ද” යි අසා වදාළසේක.
“එවං භන්තෙ”ති.
“වහන්ස, එසේ යැ” යි භද්දියෝ පිළිවදන් දුන්හ.
“කිං පන ත්වං භද්දිය අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතො පි රුක්ඛමූලගතො පි සුඤ්ඤාගාරගතො පි අභික්ඛණං උදානං උදානෙසි අහො සුඛං අහො සුඛන්ති.”
භද්දියයෙනි, තෙපි අරනට ගියෝද රුක්මුලකට ගියෝද ශුන්‍යාගාරයට ගියෝද කුමක් අරුත් වශයෙන් බලන්නාහු (ම) එක්වන් සොම්නසින් ‘අහෝ සුවය අහෝ සුවයැ’ යි උදන් ඇනූදැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“පුබ්බෙ මෙ භන්තෙ රඤ්ඤො සතොපි අන්තොපි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා හොති. බහිපි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා හොති. අන්තොපි නගරෙ රක්ඛා සුසංවිහිතා හොති. බහිපි නගරෙ රක්ඛා සුසංවිහිතා හොති. අන්තොපි ජනපදෙ රක්ඛා සුසංවිහිතා හොති. බහිපි ජනපදෙ රක්ඛා සුසංවිහිතා හොති. සො ඛො අහං භන්තෙ එවං රක්ඛිතොපි ගොපිතොපි සන්තො භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රසෙතා විහරාමි. එතරහි ඛො පනාහං භන්තෙ එකො අරඤ්ඤගතො’ පි රුක්ඛමූලගතො’ පි සුඤ්ඤාගාරගතො’ පි අභීතො අනුබ්බිග්ගො අනුස්සඞ්කී අනුත්රස්තො අප්පොස්සුක්කො පන්නලොමො පරදවුත්තො මිගභූතෙන චෙතසා විහරාමි. ඉමම්පි ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අභික්ඛණං උදානං උදානෙමි ‘අහො සුඛං අහො සුඛන්ති”.
“වහන්ස, පෙරැ මා රජ වැ හුන් සමයෙහි ඇතොවුරෙහි ඇතුළත ද මොනොවට රකවල පිහිටුවන ලද්දේ වේ. ඇතෝවුරින් පිටත ද මොනොවට රකවල පිහිටුවන ලද්දේ වේ. දනව්ව ඇතුළත ද මොනොවට රකවල පිහිටුවන ලදුයේ වේ. දනව්වෙන් පිටත ද මොනොවට රකවල පිහිටුවන ලදුයේ වේ. වහන්ස, ඒ මම් මෙසේ රක්ෂිත ගෝපිත වීම් නමුදු බියපත් ව උද්වේග ඇති වැ සැක ඇති වැ තැති ගත්තෙම් වෙසෙමි. වහන්ස, දැන් වූ කලි හුදෙකලා වූයෙම්, අරනට ගියෙම් රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද අභීත වැ අනුද්විග්න වැ සැක නැති වැ තැති ගැනුම් නැති ව, අල්පොත්සුක වැ, මන් නැති ව, මෙරමා දුන් දැයින් යැපුණෙම් , මෘගභූත (අපේක්ෂා රහිත වූ) සිතින් යුතු වැ වෙසෙමි. වහන්ස, මම් මේ කරුණ ද දක්නෙම් වනයට ගියෙම් ද රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද ‘අහෝ සුවය අහෝ සුව යැ’ එක්වන් උදන් අනමි” යි ආයුෂ්මත් භද්දියයෝ කීහ.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මෙ උදන් ඇනූසේක:
යස්සන්තරතො න සන්ති කොපා ඉති භවාභවතඤ්ච වීතිවත්තො තං විගතභයං සුඛිං අසොකං දෙවා නානුභවන්ති දස්සනායාති.
“යමක්හු සිතෙහි අනාගාමි මගින් නැසූ බැවින් කෝපයෝ නො පහළ වෙත් ද, (සම්පත්ති විපත්ති වෘද්ධි හානි ශාශ්වතෝච්ඡෙ ද දෘෂ්ටි පුණ්‍යපාප දැ යි අනේකප්‍රකාර වූ) භවවිභවතාවනුත් යමෙක් ඉක්මියේ ද පහ වූ බිය ඇති සුවපත් වූ ශෝක නැති තෙනැත්තහු දක්නට දෙවියෝ ද නො ලබත් (ඔහු දැක්ම දෙවියනට දුර්ලභ දැයෙකි)”
7. අථ ඛො භගවා අනුපියායං යථාභිරන්තං විහරිත්වා යෙන කොසම්බී තෙන චාරිකං චරමානො යෙන කොසම්බී තදවසරි. තත්ර සුදං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො දෙවදත්තස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කිං නු ඛො අහං පසාදෙය්යං යස්මිං මෙ පසන්නෙ බහුලාභසක්කාරො උප්පජ්ජෙය්යා”ති.
7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුපියායෙහි රිසි තාක් වැස, ඉන් නික්ම කොසොඹෑ නුවර බලා පිළිවෙළින් සැරිසරන සේක් කොසොඹෑ නුවරට පැමිණිසේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසනසේක. එ කලැ එකලා වැ චිත්තවිවේකයෙන් හුන් දෙව්දත් තෙරුනට “යමක්හු මට පැහැදුණු කල්හි මට බොහෝ ලාභසත්කාර උපදයෙන් නම් එබඳු වූ කවරක්හු පහදවා ගනිම් දෝ” යි මේ සිත විය.
අථ ඛො දෙවදත්තස්ස එතදහොසි: “අයං ඛො අජාතසත්තු කුමාරො තරුණො චෙව ආයතිං භද්දො ච, යන්නූනාහං අජාතසත්තුං කුමාරං පසාදෙය්යං. තස්මිං මෙ පසන්නෙ බහුලාභසක්කාරො උප්පජ්ජිස්සතී”ති.
ඉක්බිති දෙව්දත්තෙරහට “මේ අජාසත් කුමර තරුණ ද මත්තෙහි භාග්යසසම්පත් ලබන්නෙක් ද වේ. අජාසත් කුමරු පහදවා ගත හොත් මැනැවි. මට ඔහු පැහැදුණ කල්හි බොහෝ ලාභසත්කාර උපදින්නේ යැ” යි මේ සිත විය.
අථ ඛො දෙවදත්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං තදවසරි. අථ ඛො දෙවදත්තො සකවණ්ණං පටිසංහරිත්වා කුමාරකවණ්ණං අභිනිම්මිනිත්වා අහිමෙඛලිකාය අජාතසත්තුස්ස කුමාරස්ස උච්ඡඞ්ගෙ පාතුරහොසි. අථ ඛො අජාතසත්තු කුමාරො භීතො අහොසි උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො. අථ ඛො දෙවදත්තො අජාතසත්තුං කුමාරං එතදවොච: “භායසි මං ත්වං කුමාරාති”.
ඉක්බිති දෙව්දත් තෙරණුවෝ සෙනස්න සුරැකි කොට තබා පාසිවුරු ගෙන රජගහ නුවර කරා එළැඹියාහ. එ කලැ දෙව්දත්හු (ඍද්ධියෙන්) ස්වකීය වේශය හකුළුවා කුඩා දරුවකුගේ වේශය මවා ගෙන (ඉනවටා සර්පයකු ද එකි එකී අතෙහි පයෙහි එක් එක් සර්පයකු ද ගෙලවටා සර්පයකු ද හිසවටා එකකු දැ යි මෙසේ) සර්පමේඛලායෙන් සැදී, අජාසත් කුමරුගේ උකුළෙහි පහළ විය. එවිට අජාසත් කුමර බියපත් වූයේ, උද්වේගයට පැමිණියේ, නැගී ආ සැක ඇත්තේ, තැති ගත්තේ විය. එ කල්හි දෙව්දත් තෙරණුවෝ ‘කුමාරය, මා දැක බිය පත් වෙහි දැ’ යි පුළුවුත්හ.
“ආම භායාමි. කොසි ත්වන්ති”.
“එසේ ය, බියපත් වෙමි. ඔබ කවුරු දැ” යි කුමර ඇසී ය.
“අහං දෙවදත්තො”ති.
“මම් දෙව්දත් වෙමි” යි තෙරණුවෝ කීහ.
“සචෙ ඛො ත්වං භන්තෙ අය්යො දෙවදත්තො, ඉඞ්ඝ සකෙනෙ ව වණ්ණෙන පාතුභවස්සූ”ති.
“වහන්ස, ඔබ අරී දෙව්දත් වෙත් නම්, තමන් ගේ පියෙවි වේශයෙන් පෙනී සිටින්නැ” යි කුමර කී ය.
8. අථ ඛො දෙවදත්තො කුමාරකවණ්ණං පටිසංහරිත්වා සඞ්ඝාටිපත්තචීවරධරො අජාතසත්තුස්ස කුමාරස්ස පුරතො අට්ඨාසි. අථ ඛො අජාතසත්තු කුමාරො දෙවදත්තස්ස ඉමිනා ඉද්ධිපාටිහාරියෙන අභිප්පසන්නො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගච්ඡති. පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයති.
8. ඉක්බිති දෙව්දත් තෙරණුවෝ කුමාරක වේශය හකුළුවා සංඝාටි පාත්‍ර චීවරධර වූවෝ (සඟළ සිවුර හා පාත්‍රය හා සෙසු දෙසිවුර දරනුවෝ) අජාසත් කුමර ඉදිරියේ පෙනී සිටියාහ. එවිට අජාසත් කුමර දෙව්දතුන්ගේ මේ ඉදු පෙළහරින් වෙසෙසින් පැහැදුණේ රිය පන්සියයෙකින් සැදී උදේ සවස උවටනට යෙයි. දිනපතා බත්තැළි පන්සියයක් වූ බොජුන් පිරිනැමීමෙක් ද කැරෙයි.
අථ ඛො දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති සහ චිත්තුප්පාදා’ව දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහායි.
එ කල්හි ලාභසත්කාරයෙන් හා කීර්තියෙන් මැඩුණු, ක්ෂිණ වූ කුසල් සිත් ඇති දෙව්දත් තෙරණුවනට ‘මම් භික්ෂූ සංඝයා පාලනය කරන්නෙමි’ යි මෙ බඳු වූ ආශාවෙක් උපන. එ සිත උපන්නා හා ම දෙව්දත් තෙරණුවෝ ඒ ඍද්ධියෙන් පිරිහුණාහ.
තෙන ඛො පන සමයෙන කකුධො නාම කොලියපුත්තො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාවපටිලාභො හොති සෙය්යථාපි නාම ද්වෙ වා තීණි වා මාගධකානි ගාමක්ඛෙත්තානි. සො තෙන අත්තභාවප්පටිලාභෙන නෙව අත්තානං න පරං ව්යාබාධෙති.
එ සමයෙහි ආයුෂ්මත් , මහමුගලන් තෙරුන්ගේ උපස්ථායක වූ කෝලිය පුත්‍ර වූ කකුධ නම් ක්ෂත්රියයෙක් එයට සමීප කාලයෙහි කලුරිය කෙළේ එක්තරා මනෝමය දිව්යනිකායයෙක උපන්නේ වෙයි. ඔහුට මගධ රටැ ග්‍රාමක්‍ෂේත්‍ර දෙකක් හෝ තුනක් තරම් විශාල වූ මෙබඳු ආත්මභාව ප්‍රතිලාභයෙක් වෙයි. හේ ඒ ලත් අත් බැවින් තමා හෝ මෙරමා හෝ නො පෙළයි.
අථ ඛො කකුධො දෙවපුත්තො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතො ඛො කකුධො දෙවපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: දෙවදත්තස්ස භන්තෙ ලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති. සහ චිත්තුප්පාදාව භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනො’ති. ඉදමවොච කකුධො දෙවපුත්තො. ඉදං වත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙව අන්තරධායි.
ඉක්බිති කකුධ දෙව්පුත් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළැඹියේ ය. එළඹ ඔබ වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ කකුධ දෙව්පුත් ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “වහන්ස, ලාභ සත්කාර කීර්තියෙන් මඩනා ලද හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙරුනට ‘මම් භික්ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නෙමි’ යි මෙබඳු ආශාවෙක් උපන. වහන්ස, එ සිත උපන්නා හා ම දෙව්දත්හු ඒ ඍද්ධියෙන් පිරිහුණාහ.”යි මෙ පවත් සැලකෙළේ ය. කකුධ දෙව්පුත් මෙබස් පැවැසී ය. මෙය පවසා, මහමුගලන් තෙරුන් වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
9. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: කකුධො නාම භන්තෙ කොලියපුත්තො මම උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාවපටිලාභො සෙය්යථාපි නාම ද්වෙ වා තීණි වා මාගධකානි ගාමක්ඛෙත්තානි, සො තෙන අත්තභාවපටිලාභෙන නෙව අත්තානං න පරං ව්යාබාධෙති. අථ ඛො භන්තෙ කකුධො දෙවපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භන්තෙ කකුධො දෙවපුත්තො මං එතදවොච: දෙවදත්තස්ස භන්තෙ ලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි: අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමීති. සහ චිත්තුප්පාදාව භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනොති. ඉදමවොච භන්තෙ කකුධො දෙවපුත්තො. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙව අන්තරධායීති.
9. එකල්හි මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක උන්හ. (එසේ) පසෙක හුන් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහ: “වහන්ස, මට උපස්ථායක ව සිටි, නොබෝදා කලුරිය කළ කකුධ නම් කොළිය පුතු තෙම එක්තරා මනෝමය ආත්ම භාවයකට පැමිණියේ ය. ඔහුට මගධ රටැ ගම්කෙත්දෙකක් තුනක් පමණ වූ ආත්මභාවයෙක් ලැබී ඇත. හේ ඒ අත්බැවින් තමා නො ම පෙළයි, අනුන් ද නො ම පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දෙව්පුත් මා වෙත එළැඹියේ ය. එළඹ මා වැඳ පසෙක සිටියේ ය. වහන්ස, පසෙක සිටි ඒ කකුධ දෙව්පුත් “වහන්ස, ලාභ සත්කාර කීර්තියෙන් මඩනා ලද දෙව්දතුනට ‘මම භික්ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නෙමි’ යි මෙසේ වූ ආශාවෙක් උපන. වහන්ස, ඒ සිත උපන්නා හා ම දෙව්දත්හු ඍද්ධියෙන් පිරිහුණාහ. වහන්ස, කකුධ දෙව්පුත් මෙ බස් පැවැසී ය. මෙය පවසා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදහන් වී ය” යනු යි.
“කිං පන තෙ මොග්ගල්ලාන කකුධො දෙවපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති ‘සබ්බන්තං තථෙව හොති නො අඤ්ඤථා’ති”ති.
“කිමෙක් ද? මෞද්ගල්‍යායනයෙනි, ‘කකුධ දෙව්පුත් කියන සියල්ල එසේ ම ය. එහි වෙනස් සැටියෙක් නැතැ’ යි ඔහුගේ සිත තොප සිතින් පිරිසිඳ දන්නා ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
“චෙතසා චෙතො පරිච්ච විදිතො ච මෙ භන්තෙ කකුධො දෙවපුත්තො යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති සබ්බන්තං තථෙව හොති, නො අඤ්ඤථා”ති.
“වහන්ස, කකුධ දෙව්පුත් කියන ඒ සියල්ල එසේ ම ය, අන් සැටි නො වේ යැ යි ඔහු මා සිතින් ද පිරිසිඳ දන්නා ලද්දේ” යැ යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ.
“රක්ඛස්සෙතං මොග්ගල්ලාන වාචං රක්ඛස්සෙතං මොග්ගල්ලාන වාචං. ඉදානි සො මොඝපුරිසො අත්තනා ව අත්තානං පාතුකරිස්සතී”ති.
“මෞද්ගල්‍යායනයෙනි, මේ වචනය රැක ගනිවු. මෞද්ගල්‍යායනයෙනි, මේ වචනය රැක ගනිවු. දැන් ඒ හිස් පුරුෂ තෙම තමා ම හෙළිකරන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
10. “පඤ්චිමෙ මොග්ගල්ලාන සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච;
10. මෞද්ගල්‍යායනයෙනි, ලොවැ ශාස්තෘහු පස් දෙනෙක් විද්‍යාමානයහ. කවර පස් දෙනෙක් ද? යත්:
ඉධ මොග්ගල්ලාන එකච්චො සත්ථා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: අයං ඛො භවං සත්ථා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සතීති.
“මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු වූ සිල් ඇත්තේ ම ‘පිරිසිදු සිල් ඇත්තෙම් වෙමි. මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ “මේ භවත් ශාස්තෘ තෙම වනාහි නො පිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙමි යි, මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. අපි වූ කලි මෙය ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් අමනාප වේ නම්, අපි කෙසේ එයින් ඔහුට කියන්නමෝ ද? මහජන තෙමේ මොහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. එ බැවින් තෙමේ යමක් කරන්නේ ද එයින් තෙමේ ම හෙළි වන්නේ යැ” යි මෙසේ ඔහු දනිත්.
එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා සීලතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි සීලතො රක්ඛං පච්චාසීසති.
මෞද්ගල්‍යායනයෙනි, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෘවරයා ශීලය අතින් රකිත්. මෙබඳු ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් ශීලය අතින් රැක ගැන්ම පතයි.
පුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධාජීවො සමානො ‘පරිසුද්ධාජීවොම්හී’ති පටිජානාති ‘පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසංකිලිට්ඨො’ති. තමෙනං සාවකා එවං ජානන්ති; අයං ඛො භවං සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨො’ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං යං ඛො පනස්ස අමනාපං කථං න මයං තෙන සමුදාචරෙය්යාම? සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො ව තෙන පඤ්ඤායිස්සතීති.
තවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් අපිරිසිදු ආජීවය ඇත්තේ ම ‘පිරිසිදු ආජීවය ඇත්තෙම් වෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ ‘මේ භවත් ශාස්තෘ තෙම අපිරිසිදු ආජීවය ඇත්තේ ම පිරිසිදු ආජීවය ඇත්තෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටියැ යි ප්‍රතිඥා කෙරෙයි. අපිදු වනාහි මෙය ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, කෙසේ අපි එයින් ඔහුට කියන්නමෝ ද, ජන තෙමේ මොහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. එබැවින් තෙමේ යමක් කරන්නේ ද එයින් තෙමේ ම හෙළිවන්නේ යැ” යි මෙසේ ඔහු දනිත්.
එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ආජීවතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසති.
මෞද්ගල්‍යායනයෙනි, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෘවරයා ආජීවය අතින් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ආජීවය අතින් ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාව පතයි.
පුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො ‘පරිසුද්ධධම්මදෙසනොම්හී’ති පටිජානාති ‘පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨා’ති. තමෙනං සාවකා එවං ජානන්ති: අයං ඛො භවං සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨා’ති ච. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං,
තවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම්දෙසුම් ඇත්තෙමි යි මාගේ දහම් දෙසුම පිරිසිදු යැ යි හැම ලෙසින් ශුද්ධ යැ යි නො කිලිටි යැ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ ‘මේ භවත් ශාස්තෘ තෙම නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම්දෙසුම් ඇත්තෙමැ යි මාගේ ධර්මදේශනා පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. අපි වනාහි මෙබව ගිහියනට කියන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය.
යං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතී’ති.
යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, ජන තෙමේ මොහුට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. තෙමේ යමක් කරන්නේ ද තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි දනිත්.
එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසති.
මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ශාස්තෘවරයා වූකලි ශ්‍රාවකයෝ දම්දෙසුම් අතින් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද දම්දෙසුම් අතින් රැකගැන්ම ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කෙරෙයි.
පුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම, සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතී”ති.
තව ද මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු විවරණ (ධර්මය හෙළි පෙහෙළි කොට තෝරා දීම) ඇත්තේ ම පිරිසිදු විවරණ ඇත්තෙම් වෙමි යි, මාගේ විවරණය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ සව්වෝ ද, ‘මේ භවත් ශාස්තෘ තෙමේ අපිරිසිදු දහම් විවරණ ඇත්තේ ම පිරිසිදු විවරණ ඇත්තෙම් වෙමි, මාගේ දහම් විවරණ පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලුටු යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. අපිදු වූකලි ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, (මහ ජන තෙමේ) සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ඔහුට සම්මාන කෙරේ ම ය. යමක් තෙමේ කරන්නේ ද තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි ඔහු (ගැන) මෙසේ දනිත්.
එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසති.
මෞද්ගල්‍යායනය, මෙ බඳු ශාස්තෘහු වනාහි ශ්‍රාවකයෝ දහම් විවරණය කෙරෙන් රකිත්. මෙ බඳු ශාස්තෘ තෙමේ ද සිය සව්වන්ගෙන් දහම් විවරණ අතින් තමාගේ ආරක්ෂාව පතයි.
පුන ච පරං මොග්ගල්ලාන ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: අයං ඛො භවං සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථං තං මයං තෙන සමුදාචරෙය්යාම, සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතී’ති.
තවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු ඥානදර්ශන (නුවණින් දැක්ම) ඇත්තේ ම පිරිසිදු ඥානදර්ශනය ඇත්තෙම් වෙමි. මගේ ඥානදර්ශනය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. (ඔහුගේ) සව්වෝ ඔහු මෙසේ දැනගනිත්: ‘මේ භවත් ශාස්තෘ තෙම නො පිරිසිදු ඥානදර්ශන ඇත්තේ ම පිරිසිදු ඥානදර්ශන ඇත්තෙමි යි, මාගේ ඥානදර්ශන පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. අපි වූකලි (මෙ පවත්) ගිහියනට දන්වන්නමෝ නම් එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, මහජන තෙමේ ඔහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. යමක් තෙමේ කරන්නේ ද එයින් තෙමේ ම පැනෙන්නේ යැ”යි මෙසේ දනිත්.
එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසතීති.
මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි ශ්‍රාවකයෝ ඥානදර්ශනය අතින් රකිත්, මෙබඳු ශාස්තා තෙමේ ද ශ්‍රාවකයන්ගෙන් ඥානදර්ශනය අතින් රැක්ම අපේක්ෂා කෙරෙත්.
ඉමෙ ඛො මොග්ගල්ලාන පඤ්ච සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
මෞද්ගල්‍යායනය, ලොවැ මේ ශාස්තෘහු පස් දෙන විද්‍යාමාන වෙත්.
අහං ඛො පන මොග්ගල්ලාන පරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා සීලතො රක්ඛන්ති. න චාහං සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසාමි.
මෞද්ගල්‍යායනයෙනි, මම් වූකලි පිරිසිදු සිල් ඇත්තෙම් ම “පිරිසිදු සිල් ඇත්තෙමි, මාගේ සිල් පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ”යි ප්‍රතිඥා කෙරෙමි. (මා) සව්වෝ සිල් අතින් මා නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් සිල් අතින් මා රැක ගැන්මක් නො පතමි.
පරිසුද්ධාජීවො සමානො “පරිසුද්ධාජීවොම්හීති පටිජානාමි පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨො”ති. න ච මං සාවකා ආජීවතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසාමි.
පිරිසිදු ආජීවය ඇත්තෙම් ම “පිරිසිදු ආජීවය ඇත්තෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ ආජීවය අතින් මා නො රක්නාහ. මම් ද ආජීවය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්ෂා නො කරමි.
පරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාමි පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨාති. න ච මං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසාමි.
පිරිසිදු දම් දෙසුම් ඇත්තෙම් ම “පිරිසිදු දම් දෙසුම් ඇත්තෙමි, මාගේ දම් දෙසුම පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ දම් දෙසුම් අතින් මා නො රක්නාහ. මම් ද සව්වන් ගෙන් දම් දෙසුම් අතින් මා රැකගැන්මක් අපේක්ෂා නො කරමි.
පරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. න චාහං සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසාමි.
පිරිසිදු දහම් විවරණ ඇත්තෙම් ම “පිරිසිදු දහම් විවරණ ඇතියෙමි, මාගේ දහම් විවරණය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ දහම් විවරණ අතින් මා නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් දහම් විවරණ අතින් මා රැක ගැන්මක් අපේක්ෂා නො කරමි.
පරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති. පටිජානාමි පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති, න ‘චාහං සාවකෙහි’ රක්ඛං පච්චාසිංසාමීති.
පිරිසිදු ඥානදර්ශන ඇතියෙම් ම “පිරිසිදු ඥානදර්ශන ඇත්තෙම් වෙමි, මාගේ ඥානදර්ශනය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ මා ඥානදර්ශනය අතින් නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් ඥානදර්ශනය අතින් මා රැකගැන්මක් අපේක්ෂා නො කරමි” යනු යි.
11. අථ ඛො භගවා කොසම්බියං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි.
11. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවරෙහි කැමැති තාක් කල් වැස, රජගහ නුවර බලා චාරිකායෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, රජගහ නුවරට වැඩිසේක.
තත්ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු නොළං තන්හි වූ කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක.
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “දෙවදත්තස්ස භන්තෙ අජාතසත්තු කුමාරො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගච්ඡති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයතී”ති.
එ සමයෙහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. එසේ හිඳගත්තා වූ ඒ මහණහු “වහන්ස, අජාසත් කුමර තෙමේ පන්සියක් රියෙන් සෑදී දෙව්දත් තෙරුනට සවස ද උදේ ද උවටනට යයි, බත්සැළි පන්සියයක් වූ බත් පිරිනැමීමෙක් ද කැරේ” යැ යි මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“මා භික්ඛවෙ දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකං පිහයිත්ථ, යාවකීවඤ්ච භික්ඛවෙ දෙවදත්තස්ස අජාතසත්තු කුමාරො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති. හානි යෙව භික්ඛවෙ දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
“මහණෙනි, දෙව්දතුගේ ලාභසත්කාර කීර්තියට ඊප්සා නො කරවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර පන්සියක් රියෙන් සැදී දෙව්දතුහට සවස උදේ උවටනට යන්නේ ද, බත් සැළි පන්සියක් වූ බත් එළවීම කරනු ලබන්නේ ද, ඒ තාක් ම දෙව්දතුට කුසල් දහම්හි හානියක් ම මිස වෘද්ධියක් අපේක්ෂා නො කළහැක්ක.
සෙය්යථාපි භික්ඛවෙ චණ්ඩස්ස කුක්කුරස්ස නාසාය පිත්තං භින්දෙය්යුං. එවං හි සො භික්ඛවෙ කුක්කුරො භිය්යොසොමත්තාය චණ්ඩතරො අස්ස. එවමෙව ඛො භික්ඛවෙ යාවකීවඤ්ච දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායං පාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති, හානියෙව භික්ඛවෙ දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි. අත්තවධාය භික්ඛවෙ දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. සෙය්යථාපි භික්ඛවෙ කදලී අත්තවධාය ඵලං දෙති. පරාභවාය ඵලං දෙති. එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
මහණෙනි, නපුරු බල්ලකුගේ නාසයෙහි මුවපිත (මිරිකා) බින්දු හෙළන්නාහු ද, එසේ කිරීමෙන් ඒ බලු තෙම වඩාත් බොහෝ සෙයින් චණ්ඩ වන්නේ ද, එසේ ම මහණෙනි, යම්තාක් අජාසත් කුමර පන්සියක් රියෙන් යුතු ව දෙව්දතුට උවටනට සවස උදේ යන්නේ ද, බත් සැළ පන්සියක් වූ බත් එළැවීම කරනු ලබන්නේ ද, ඒතාක් ම දෙව්දතුට කුසල් දහම්හි හානියක් ම මිස වෘද්ධියක් අපේක්ෂා නො කළ හැක්ක. මහණෙනි, දෙව්දතුහට තමාගේ විනාශය පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය. තමා ගේ පිරිහීම පිණිස දෙව්දතුහට ලාභ සත්කාර කීර්ති පහළ විය. මහණෙනි, යම්සේ කෙසෙල් ගස තමාගේ විනාශය පිණිස තමාගේ පිරිහීම පිණිස පලදෙන්නේද එසේම දෙව්දතුට ලාභසත්කාර කීර්ති පහළවිය.
සෙය්යථාපි භික්ඛවෙ වෙළු අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙඅත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
මහණෙනි, යම්සේ හුණගස තමාගේ විනාශය පිණිස පල දෙන්නේ ද, තමාගේ පිරිහීම පිණිස පල දෙන්නේ ද, මහණෙනි, එසේ ම තමාගේ විනාශය පිණිස දෙව්දතුහට ලාභ සත්කාර කීර්ති පහළ විය, තමාගේ පිරිහීම පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය.
සෙය්යථාපි භික්ඛවෙ නළො අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
මහණෙනි, යම්සේ බටගස තමාගේ විනාශය පිණිස පල දෙන්නේ ද, තමාගේ පිරිහීම පිණිස පල දෙන්නේ ද, මහණෙනි, එසේ ම දෙව්දතුට තමාගේ විනාශය පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය, තමාගේ පිරිහීම පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය.
සෙය්යථාපි භික්ඛවෙ අස්සතරී අත්තවධාය ගබ්භං ගණ්හාති, පරාභවාය ගබ්භං ගණ්හාති. එවමෙව ඛො භික්ඛවෙ අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදී’ති.
මහණෙනි, යම්සේ කොටළුදෙන තමාගේ විනාශය පිණිස ගබ් ගන්නී ද, තමාගේ පිරිහීම පිණිස ගබ් ගන්නී ද, මහණෙනි, එසේ ම තමාගේ විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති පහළ විය, තමා ගේ පිරිහීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කිර්ත්ති පහළ විය” යනු ය.
ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං, සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථාති.
“යම්සේ ඒකාන්තයෙන් ඵලය කෙසෙල්ගස නසා ද, ඵලය හුණගස නසා ද, එලය බටගස නසා ද, දරුගබ කොටළු දෙන නසා ද, එසේ ම සත්කාරය ලාමක පුරුෂයා නසයි”.
පඨමක භාණවාරං
පළමු බණවර
12. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති සරාජිකාය. අථ ඛො දෙවදත්තො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:
12. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රජු සහිත මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් හුන්සේක. එ කල්හි දෙව්දත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී උතුරු සහ එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් නමා වැඳ, මෙසේ කීය.
‘ජිණ්ණො’දානි භන්තෙ භගවා වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. අප්පොස්සුක්කො’ දානි භන්තෙ භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු මමං භික්ඛුසඞ්ඝං නිස්සජ්ජතු, අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී”ති.
“වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්ණසේක. වෘද්ධ වූ සේක, මහලු වූ සේක, දීර්ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මනෝදාත්සාහ වන සේක්වා, දෘෂ්ටධර්ම සුඛවිහරණයෙහි (එල සමාපත්ති සුවයෙහි) යෙදී වසනසේක්වා. භික්ෂූ සඞ්ඝයා මට බාර දෙනසේක්වා. මම් භික්ෂූසඞ්ඝයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)”යි මෙ බස් කීහ.
“අලං දෙවදත්ත, මා තෙ රුච්චි භික්ඛුසඞ්ඝං පරිහරිතුන්ති”.
“දෙව්දතුනි, කම් නැත. භික්ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නට ඔබට රිසි නො වේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
දුතියම්පි ඛො දෙවදත්තො -පෙ- තතියම්පි ඛො දෙවදත්තො භගවන්තං එතදවොච: ‘ජිණ්ණො’දානි භන්තෙ, භගවා වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. අප්පොස්සුක්කො’දානි භන්තෙ භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු, මමං භික්ඛුසඞ්ඝං නිස්සජ්ජතු. අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී”ති.
දෙවෙනි වර ද ... තෙවෙනි වර ද දෙව්දත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්ණ වූ සේක: වයෝවෘද්ධ වූ සේක, මහලු වූ සේක, දීර්ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මන්දෝත්සාහ වනසේක්වා, දෘෂ්ටධර්‍මසුඛ විහරණයෙහි (පල සමවත් සුවෙහි) යෙදී වසනසේක්වා, භික්ෂූ සඞ්ඝයා මට බාරදෙනසේක්වා, මම් භික්ෂූසඞ්හයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)” යි කීහ.
“සාරිපුත්ත මොග්ගල්ලානානම්පි ඛො අහං දෙවදත්ත භික්ඛුසඞ්ඝං න නිස්සජ්ජෙය්යං, කිම්පන තුය්හං ඡවස්ස ඛෙළාසකස්සා”ති.
දෙව්දතුනි, මම් සැරියුත් මුගලන් දෙදෙනාට ද භික්ෂූසංඝයා බාර නො දෙන්නෙමි. කිමෙක් ද? ළාමකවූ කෙළ බුදින (මිථ්‍යා ජීවිකා යෙන් දිවි පවත්වන) ඔබට භික්ෂූසඞ්ඝයා බාර දෙම් ද? (බාර නො දෙමි) යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
අථ ඛො දෙවදත්තො “සරාජිකාය මං භගවා පරිසාය, ඛෙළාසකවාදෙන අපසාදෙති. සාරිපුත්තමොග්ගල්ලානෙ ව උක්කංසතී”ති කුපිතො අනත්තමනො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
එවිට දෙව්දත් තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ රජුන් සහිත පිරිසෙහි මට ඛෙළාසක වාදයෙන් (කෙළ බුදින්නෙකැ යි කීමෙන්) පිරිහෙළා කථා කෙරෙති, සැරියුත් මුගලනුන් උස්තන්හි තබති” යි කිපුණාහු නො සතුටු සිතැත්තාහු, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියාහ.
අයං චරහි දෙවදත්තස්ස භගවති පඨමො ආඝාතො අහොසි.
මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දෙව්දතුන්ගේ පළමු වෙර බැඳීම විය.
13. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං කරොතු: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය’ න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති.
13. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ‘පෙර දෙව්දත් තෙරුන්ගේ අන් පියෙවියෙක් විය, දැන් අන් පියෙවියෙකි. යමක් දෙව්දත් තෙරණුවෝ කයින් හෝ වචනයෙන් හෝ කරන්නාහු නම්, එයින් බුදුහු හෝ දහම හෝ සංඝයා හෝ නො දත යුතු යැ. (එයට බුදුහු හෝ දහම හෝ සංඝයා හෝ වග නො කියති) යි දෙව්දත්හු ම එයින් දතයුත්තාහ’යි රජගහ නුවර ප්‍රකාශනික කර්මය කෙරේ වා” යි වදාළසේක.
“එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
තව ද “මහණෙනි, එය මෙසේ කළයුතු ය. ව්‍යක්ත ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු ය:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං කරෙය්ය: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය, න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති. එසා ඤත්ති.
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය, දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද, එයින් බුදුහු හෝ ධර්මය හෝ සඞ්ඝයා හෝ නො දත යුතුවහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ”යි සඞ්ඝ තෙමේ දෙව්දතුන් පිළිබඳ ව රජගහනුවරෙහි ප්‍රකාශනක කර්මය කෙරෙයි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං කරොති: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො, දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති. යස්සායස්මතො ඛමති දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයස්ස කම්මස්ස කරණං පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො’ව තෙන දට්ඨබ්බොති, සො තුණ්හස්ස යස්ස නක්ඛමති සො භාසෙය්ය.
‘පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද, එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දත යුතුහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ’යි දෙව්දතුන් පිළිබඳ වැ රජගහ නුවරැ ප්‍රකාශනක කර්මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේ වා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
කතං සඞ්ඝෙන දෙවදත්තස්ස රාජගහෙ පකාසනීයකම්මං ‘පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය, න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො. දෙවදත්තො ව තෙන දට්ඨබ්බො’ති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
‘පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දතයුතුවහ. දෙව්දත්හු ම එයින් දත යුතුහ’යි රජගහනුවරැ දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනක කර්මය කරන ලද්දේ ය. එය සඞ්ඝයාට රිසි ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (නුවණින් සලකමි)” යනු ය.
14. අථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: “තෙන හි ත්වං සාරිපුත්ත දෙවදත්තං රාජගහෙ පකාසෙහී”ති.
14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරණුවන් අමතා, ‘එසේ වී නම් ශාරිපුත්‍රයෙනි, තෙපි රජගහනුවරැ දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනක කර්මය කරවු’ යැ යි වදාළසේක.
“පුබ්බෙ මයා භන්තෙ දෙවදත්තස්ස රාජගහෙ වණ්ණො භාසිතො මහිද්ධිකො ගොධිපුත්තො මහානුභාවො ගොධිපුත්තො”ති. කථාහං දෙවදත්තං රාජගහෙ පකාසෙමී?ති.
“වහන්ස, පෙරැ මා විසින් ගොධිපුත්‍ර දෙව්දත් තෙරණුවෝ මහත් සෘද්ධි ඇත්තෝ ය, ගොධිපුත්‍ර (දෙව්දත් තෙරණුවෝ) මහානුභාව ඇත්තෝ ය”යි රජගහනුවරෙහි දී දෙව්දත් තෙරුන්ගේ ගුණ කියන ලද්දේය. දැන් කෙසේ නම් දෙව්දත් තෙරුන් පිළිබඳ ප්‍රකාශනක කර්මය කරන්නෙම් ද?” යි සැරියුත් තෙරණුවෝ කීහ.
“නනු තයා සාරිපුත්ත භූතොයෙව දෙවදත්තස්ස රාජගහෙ වණ්ණො භාසිතො මහිද්ධිකො ගොධිපුත්තො මහානුභාවො ගොධිපුත්තො”ති.
“ශාරීපුත්‍රයෙනි, ගොධිපුත්‍රයෝ ‘මහර්ධිමත්හ, ගොධිපුත්‍රයෝ මහානුභාව ඇත්තෝ යැ’යි තොප විසින් රජගහ නුවරෙහි දෙව්දතුන් ගේ ඇත්තාවූ ම ගුණය එදා කියන ලද්දේ නො වේ ද?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එවං භන්තෙ”.
“එසේ ය, වහන්සැ ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
“එවමෙව ඛො ත්වං සාරිපුත්ත භූතඤ්ඤෙව දෙවදත්තං රාජගහෙ පකාසෙහී”ති.
“ශාරීපුත්‍රයෙනි, එසේ ම දෙව්දතුන් පිළිබඳ දැන් ඇත්තාවූ ම තත්ත්වය රජගහ නුවරෙහි පවසවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“එවං භන්තෙ”ති ඛො ආයස්මා සාරිපුත්තො භගවතො පච්චස්සොසි.
“එසේ ය වහන්සැ”යි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය පිළිගත්හ.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො සාරිපුත්තං සම්මන්නතු දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි. ඉදානි අඤ්ඤා පකති. යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය, න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො දෙවදත්තො ව තෙන දට්ඨබ්බො’ති. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං සාරිපුත්තො යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක: “මහණෙනි, එසේ වී නම් පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය, දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් හෝ වචසින් හෝ යමක් කරන්නාහු නම්, එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දතයුතුහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ”යි රජගහනුවරෙහි දෙව්දතුන් පිළිබඳ ප්රකාශනය කරන්නට සඞ්ඝ තෙමේ ශාරිපුත්‍ර තෙරුන් සම්මත කෙරේවා. මහණෙනි ඒ සම්මතිය ද මෙසේ කළ යුතු ය: පළමු කොට සැරි යුත්හු යැදිය යුත්තාහ. යැද, ව්‍යක්ත ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු.
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ආයස්මන්තං සාරිපුත්තං සම්මන්නෙය්ය දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බොති. එසා ඤත්ති.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. පෙර දෙව්දතුන් පියෙවිය අනෙකෙක් විය. දතයුතුහ” යි දෙව්දතුන් පිළිබඳ ව රජගහ නුවරෙහි පුකාශනය කරන්නට සඞ්ඝ තෙමේ සැරියුත් තෙරුන් සම්මත කෙරේවා. මේ ඥප්තිය ය (දැන්වීමය).
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: සඞ්ඝො ආයස්මන්තං සාරිපුත්තං සම්මන්නති දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බොති. යස්සායස්මතො ඛමති ආයස්මතො සාරිපුත්තස්ස සම්මති දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බො’ති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය ... එයින් දත යුතුහ’යි දෙව්දතුන් පිළිබඳ ව රජගහ නුවරෙහි ප්‍රකාශ කරන්නට සැරියුත් තෙරුන් සම්මත කෙරෙයි. පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය ... දෙව්දත්හු ම දතයුතු යැ යි රජගහනුවරැ ප්රකාශනය කරන්නට සැරියුත් තෙරුන් සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ ද හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ ද හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ආයස්මා සාරිපුත්තො දෙවදත්තං රාජගහෙ පකාසෙතුං: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි -පෙ- දෙවදත්තොව තෙන දට්ඨබ්බො’ති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
“පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය... එයින් දෙව්දත් ම දතයුතුහ”යි දෙව්දතුන් පිළිබඳව රජගහ නුවරැ ප්‍රකාශනක කම්ය කරන්නට සැරියුත් තෙරණුවෝ සම්මතය හ. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
සම්මතො ච ආයස්මා සාරිපුත්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං රාජගහං පවිසිත්වා දෙවදත්තං රාජගහෙ පකාසෙසි: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති -පෙ- තෙන දට්ඨබ්බො’ති. තත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො, තෙ එවමාහංසු: උසූයකා ඉමෙ සමණා සක්යපුත්තියා දෙවදත්තස්ස ලාභසක්කාරං උසූයන්තීති. යෙ පන තෙ මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා බුද්ධිමන්තො තෙ එවමාහංසු: න ඛො ඉදං ඔරකං භවිස්සති යථා භගවා දෙවදත්තං රාජගහෙ පකාසාපෙතීති.
මෙසේ සඞ්ඝයා විසින් සම්මත වූ සැරියුත් තෙරණුවෝ බොහෝ භික්ෂූන් හා රජගහනුවරට වැඩ “පෙරැ දෙව්දත් තෙරුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙක ... එයින් දෙව්දත් තෙරණුවෝ ම දතයුත්තාහ”යි රජගහනුවරැ දෙව්දත් තෙරුන් පිළිබඳ ප්රකාශනය කළහ. එහි යම් මනුෂ්‍ය කෙනෙක් ශ්‍රද්ධාව නැත්තෝ ද සස්නෙහි අප්‍රසන්න ද, නුවණ නැත්තෝ ද, ඔහු මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ඊර්ෂ්‍යා කරන්නෝ ය. දෙව්දතුන්ගේ ලාභ සත්කාර නො ඉවසන්නාහ”යි කීහ. යම් මනුෂ්‍ය කෙනෙක් සැදැහැ ඇත්තෝ ද, සස්නෙහි පහන් වූවෝ ද, පණ්ඩිත ද බුද්ධිමත් ද, ඔහු යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් පිළිබඳ ව රජගහ නුවරෙහි ප්රකාශනය කරවන සේක් ද, එහෙයින් මෙය (දෙව්දතුන් කළ දැය) අල්ප ස්වල්ප වරදක් නො වියයුතු යැ”යි මෙසේ කීහ.
15. අථ ඛො දෙවදත්තො යෙන අජාතසත්තු කුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අජාතසත්තුං කුමාරං එතදවොච “පුබ්බෙ ඛො කුමාර මනුස්සා දීඝායුකා’ එතරහි අප්පායුකා. ඨානං ඛො පනෙතං විජ්ජති යං ත්වං කුමාරොව සමානො කාලං කරෙය්යාසි. තෙන හි ත්වං, කුමාර, පිතරං හන්ත්වා රාජා හොහි. අහං භගවන්තං හන්ත්වා බුද්ධො භවිස්සාමීති.
15. එ කලැ දෙව්දත්හු අජාසත් කුමරු වෙත එළඹියහ. එළඹැ ඔහු අමතා, “කුමරුවනි, පෙරැ වූ කලි මිනිස්සු දීර්ඝායුෂ්ක වූහ. දැන් අල්පායුෂ්කයහ. තෙපි කුමාර ව හිඳ ම (රජ බවට පත් නොවී) කලුරිය කරන්නහුය යන මේ කාරණය ඇත (විය හැක්කෙකි). එ බැවින් කුමරුවනි, තෙපි පියා මරා රජ වවු. මම් භාග්‍යවතුන් නසා බුදු වන්නෙමි” යි කීහ.
අථ ඛො අජාතසත්තු කුමාරො අය්යො ඛො දෙවදත්තො මහිද්ධිකො මහානුභාවො. ජානෙය්යාසි අය්යො දෙවදත්තොති ඌරුයා පොත්ථනිකං බන්ධිත්වා දිවාදිවස්ස භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො සහසා අන්තෙපුරං පාවිසි අද්දසාසුං ඛො අන්තෙපුරෙ උපචාරකා මහාමත්තා අජාතසත්තුං කුමාරං දිවා දිවස්ස භීතං උබ්බිග්ගං උස්සඞ්කිං උත්රස්තං සහසා අන්තෙපුරං පවිසන්තං. දිස්වාන අග්ගහෙසුං, තෙ විචිනන්තා ඌරුයා පොත්ථනිකං බද්ධං දිස්වාන අජාතසත්තුං කුමාරං එතදවොචුං: “කිං ත්වං කුමාර කත්තුකාමො’සී?ති.
එවිට අජාසත් කුමර දෙව්දත් හිමියෝ වනාහි මහත් සෘද්ධි ඇත්තෝ ය. මහානුභාව ඇත්තෝ ය. දෙව්දත් හිමියෝ කළයුත්ත දන්නෝත් වෙති යි සිතා කළවායෙහි සිරියක් බැඳගෙන මද්දහනෙහි බිය ඇත්තේ උද්වේග ඇත්තේ, සැක ඇත්තේ වහා ඇතොවුරට පිවිසියේ ය. ඇතොවුරෙහි සෙවායෙහි යෙදුණු මහඇමැත්තෝ මද්දහනෙහි බිය පත් ව උද්වෙග ඇති ව සැක ඇති ව තැතිගැනුම් ඇති ව වහා ඇතොවුරට වදනා අජාසත් කුමරු දුටුවාහ. දැක ඔහු අල්ලාගත්හ. ඔහු පිරික්සන්නාහු කළවෙහි බැඳි සිරිය දැක, “කුමාරයෙනි, ඔබ කුමක් කරනු කැමැත්තහු ද? ”යි විචාළාහ.
“පිතරම්හි හන්තුකාමො”ති.
“පියාණන් නසනු කැමැත්තෙම් වෙමි”යි කුමර කී ය.
“කෙනාසි උස්සාහිතො?”ති.
“කවරකු විසින් මෙහෙයන ලද්දනු ද? (කාගේ කීමකට ද?) ”යි ඔහු ඇසූහ.
“අය්යෙන දෙවදත්තෙනා”ති.
“දෙව්දත් හිමියන් විසිනැ” යි කුමර කී ය.
එකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: “කුමාරො ච හන්තබ්බො දෙවදත්තො ච සබ්බෙ ච භික්ඛූ හන්තබ්බා”ති.
සමහර මහඇමතියෝ “කුමරු ද නැසියයුතු ය, දෙව්දත් ද නැසියයුතු ය, සියලු මහණහු ද නැසියැ යුතුහ” යි මතිය පහළ කළහ.
එකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: “න භික්ඛූ හන්තබ්බා, න භික්ඛූ කිඤ්චි අපරජ්ඣන්ති. කුමාරො ච හන්තබ්බො දෙවදත්තො චා”ති.
සමහර මහ ඇමැත්තෝ “භික්ෂූහු නො නැසියයුත්තාහ, භික්ෂූහු කිසි වරදක් නො කළහ. කුමරුත් දෙව්දතුත් නැසියයුතු හ”යි මෙසේ අදහස් කළාහ.
එකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: “න කුමාරො ච හන්තබ්බො න දෙවදත්තො, න භික්ඛූ හන්තබ්බා. රඤ්ඤො ආරොචෙතබ්බං. යථා රාජා වක්ඛති තථා කරිස්සාමා”ති.
සමහර මහඇමැත්තෝ “කුමරුත් නො නැසියයුතු, දෙව්දතුත් නො නැසියයුතු, භික්ෂූහුත් නො නැසියයුතු, රජුට දැන්වියයුතු, රජු කියන සැටියක් කරන්නමු” යි කීහ.
අථ ඛො තෙ මහාමත්තා අජාතසත්තුං කුමාරං ආදාය යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස එතමත්ථං ආරොචෙසුං.
ඉක්බිති ඒ මහඇමැත්තෝ අජාසත් කුමරු රැගෙන මගධේශ්වර බිම්බිසාර රජු කරා එළැඹියහ. එළැඹ රජුට මෙ පවත් සැල කළාහ.
“කථං භණෙ මහාමත්තෙහි මති කතා?”ති.
“සගයෙනි, මහඇමැතියන් විසින් , කෙසේ මතියක් කරන ලද ද (කුමක් අදහස් කරන ලද දැ)” යි රජ පුළුවුත.
“එකච්චෙ දෙව මහාමත්තා එවං මතිං අකංසු: කුමාරො ච හන්තබ්බො දෙවදත්තො ච සබ්බෙ ච භික්ඛූ හන්තබ්බාති. එකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: න භික්ඛූ හන්තබ්බා න භික්ඛූ කිඤ්චි අපරජ්ඣන්ති. කුමාරො ච හන්තබ්බො දෙවදත්තො චාති. එකච්චෙ මහාමත්තා එවං මතිං අකංසු: න කුමාරො ච හන්තබ්බො න දෙවදත්තො න භික්ඛූ හන්තබ්බා. රඤ්ඤො ආරොචෙතබ්බං යථා රාජා වක්ඛති තථා කරිස්සාමා”’ති.
“දේවයිනි, සමහර මහඇමැත්තෝ කුමරු ද දෙව්දත් ද භික්ෂූහු ද නැසිය යුතුහ”යි අදහස් කළහ. සමහර ඇමැත්තෝ ‘භික්ෂූහු නො නැසිය යුතුහ, භික්ෂූන් කළ වරදෙක් නැත, කුමරුත් දෙව්දතුත් නැසිය යුතුහ’යි අදහස් කළහ. සමහර මහඇමැත්තෝ කුමරුත් නො නැසියයුතු, දෙව්දතුත් නො නැසියයුතු, භික්ෂූහුත් නො නැසියයුතු. රජුහට දැන්වියයුතු, රජුහු කියන සැටියක් කළයුතු යැ’යි අදහස් කළහ” යි ඔහු කීහ.
“කිං භණෙ කරිස්සති බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා? නනු භගවතා පටිගච්චෙව දෙවදත්තො රාජගහෙ පකාසාපිතො: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි, ඉදානි අඤ්ඤා පකති, යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො, දෙවදත්තොව තෙන දට්ඨබ්බො”ති. තත්ථ යෙ තෙ මහාමත්තා එවං මතිං අකංසු: “කුමාරො ච හන්තබ්බො දෙවදත්තො ච සබ්බෙ ච භික්ඛූ හන්තබ්බා”ති. තෙ අභබ්බෙ අකාසි. යෙ තෙ මහාමත්තා එවං මතිං අකංසු: ‘න භික්ඛූ හන්තබ්බා න භික්ඛූ කිඤ්චි අපරජ්ඣන්ති. කුමාරො ච හන්තබ්බො දෙවදත්තො චා’ති, තෙ නීචෙ ඨානෙ ඨපෙසි. යෙ තෙ මහාමත්තා එවං මතිං අකංසු: ‘න කුමාරො ච හන්තබ්බො න දෙවදත්තො න භික්ඛූ හන්තබ්බා. රඤ්ඤො ආරොචෙතබ්බං, යථා රාජා වක්ඛති තථා කරිස්සාමා”ති. තෙ උච්චෙ ඨානෙ ඨපෙසි.
“සගයෙනි, බුදුරජු හෝ ධර්මය හෝ සඞ්ඝයා කුමක් කරන්නේ ද? ”පෙරැ දෙවිදත්හුගේ පියෙවිය අනෙකෙක් විය, දැන් අනෙකෙක: “දෙව්දතුන් කයින් වචසින් කරන කියන දැයෙකින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දැක්කයුතුහ”යි දෙව්දත් ම එ දැක්ක යුතු යැ” කලින් ම දෙව්දත් තෙම රජගහ නුවරෙහි පවස්වන ලදුයේ නො වේ (දෙව්දතු පිළිබඳ ප්රකාශනය කරවන ලද්දේ නො වේ ද?” රජ කී ය. (මෙසේ කියා) ‘එහි යම් මහඇමති කෙනෙක් කුමරුත් දෙව්දතුත් භික්ෂූහුත් නැසියයුතු යැ’ යි අදහස් කළෝ ද ඔවුන් අභව්‍යයන් කෙළේ ය. (ඔවුන් දැරු ඇමැති ධූරයෙන් පහ කෙළේ ය). ‘භික්ෂූහු නො නැසියයුතුහ. භික්ෂූහු කිසි වරදක් නො කෙරෙත්. කුමරු ද දෙව්දත් ද නැසියැයුතු ය’යි මෙසේ යම් මහඇමති කෙනෙක් අදහස් කළෝ ද, ඔවුන් පහත් තන්හි තැබී ය. (තනතුරෙන් පහත හෙලී ය). ‘කුමරු නො නැසියයුතු, දෙව්දත් ද නො නැසියයුතු, භික්ෂූහු ද නො නැසිය යුතුහ, රජුට දැන්වියැයුතු, රජු කියන සැටියක් කරන්නමු’ යි යම් මහඇමති කෙනෙක් කීහු ද ඔවුන් උස් තන්හි තැබී ය.
අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අජාතසත්තුං කුමාරං එතදවොච: “කිස්ස මං ත්වං කුමාර හන්තුකාමො’සී”ති. “රජ්ජෙනම්හි දෙව අත්ථිකො”ති.
ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ අජාසත් කුමරු බණවා, “කුමරුනි, තෝ කුමට මා නසනු කැමැති වීහි දැ?” යි ඇසී ය. “දේවයිනි, රජකමින් ප්‍රයෝජන ඇත්තෙමි (මම රජ වනු කැමැත්තෙමි)”යි කුමර කී ය.
“සචෙ ඛො ත්වං කුමාර රජ්ජෙන අත්ථිකො එතං තෙ රජ්ජන්ති”. අජාතසත්තුස්ස කුමාරස්ස රජ්ජං නිය්යාදෙසි.
“කුමරුනි, තෝ රජකම කැමැත්තෙහි නම්, මේ රජකම තට ය. (ගනුව) යි කියා අජාසත් කුමරුට රජය පැවැරී ය.
16. අථ ඛො දෙවදත්තො යෙන අජාතසත්තු කුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අජාතසත්තුං කුමාරං එතදවොච: “පුරිසෙ මහාරාජ ආණාපෙහි: යෙ සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සන්තී”ති. අථ ඛො අජාතසත්තු කුමාරො මනුස්සෙ ආණාපෙසි: “යථා භණෙ අය්යො දෙවදත්තො ආහ, තථා කරොථා”ති.
16. එ කල්හි දෙව්දත් තෙර අජාසත් කුමරු කරා එළැඹියේ ය. එළැඹ, අජාසත් කුමරු බණවා “ශ්‍රමණ ගෞතමයාගේ දිවි තොර කරනුවට පුරුෂයනට අණ කරන්නැ”යි කී ය. එවිට අජාසත් කුමර “සගයෙනි, දෙව්දත් හිමිඳුන් කියන සැටියක් කරවු යැ”යි මිනිසුනට අණ කෙළේ ය.
අථ ඛො දෙවදත්තො එකං පුරිසං ආණාපෙසි: “ගච්ඡාවුසො අමුකස්මිං ඔකාසෙ සමණො ගොතමො විහරති. තං ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡා”ති. තස්මිං මග්ගෙ ද්වෙ පුරිසෙ ඨපෙසි: “යො ඉමිනා මග්ගෙන එකො පුරිසො ආගච්ඡති, තං ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡථා”ති. තස්මිං මග්ගෙ චත්තාරො පුරිසෙ ඨපෙසි: “යෙ ඉමිනා මග්ගෙන ද්වෙ පුරිසා ආගච්ඡන්ති, තෙ ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡථා”ති. තස්මිං මග්ගෙ අට්ඨපුරිසෙ ඨපෙසි: “යෙ ඉමිනා මග්ගෙන චත්තාරො පුරිසා ආගච්ඡන්ති, තෙ ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡථා”ති. තස්මිං මග්ගෙ සොළස පුරිසෙ ඨපෙසි: “යෙ ඉමිනා මග්ගෙන අට්ඨ පුරිසා ආගච්ඡන්ති, තෙ ජීවිතා වොරොපෙත්වා ආගච්ඡථා”ති.
එක්බිති දෙව්දත් එක් මිනිසකු බණවා “ඇවැත්නි, යවු අසෝ තැන මහණ ගොයුම් වෙසෙයි. ඔහු දිවි තොර කොට මෙ නම් මගින් එවු” යැ යි ඇණැවී ය. එ මගෙහි “මෙ මඟින් හුදෙකලා වැ එන මිනිසා දිවියෙන් තොර කොට මෙ නම් මඟින් එවු” යැ යි මිනිසුන් දෙදෙනකුන් තැබී ය. එ මගෙහි ද “මෙ මඟින් එන මිනිසුන් දෙදෙනා මරා මෙ නම් මඟින් එවු” යැ යි මිනිසුන් සතර දෙනකුන් සිටුවී ය. ඔවුන් එන මහෙහි ද “මෙ මඟින් එන පුරුෂයන් සතර දෙනා මරවු” යැ යි පුරුෂයන් අට දෙනකුන් සිටුවී ය. ඔවුන් එන මහෙහි ද මෙ “මඟින් එන පුරුෂයන් අට දෙනා මරා මෙ නම් මඟින් එවු යැ”යි මිනිසුන් සොළොස් දෙනකුන් සිටුවී ය.
අථ ඛො සො එකො පුරිසො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො පත්ථද්ධෙන කායෙන අට්ඨාසි. අද්දසා ඛො භගවා තං පුරිසං භීතං උබ්බිග්ගං උස්සඞ්කිං උත්රස්තං පත්ථද්ධෙන කායෙන ඨිතං. දිස්වාන තං පුරිසං එතදවොච: එහි ආවුසො, මා භායීති.
එක්බිති ඒ හුදෙකලා පුරුෂ තෙම කඩු පලිස් දරා දුනුහියවුරු බැඳගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට නො දුරු තන්හි බිය පත් වූයේ, සිතින් කැලැඹුණේ, සැක ඇත්තේ, තැති ගත්තේ, දැඩි වූ (ගල්ගැසුණු) කයින් යුතු ව සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ බියපත් කැලැඹුණු සැක ඇති, තැතිගත් දැඩිවගිය කයින් යුත් ඒ මිනිසා දුටුසේක. දැක ඔහු බණවා, “ඇවැත්නි, මෙහි එවු, බිය නො ගනිවු” යි වදාළසේක.
අථ ඛො සො පුරිසො අසිචම්මං එකමන්තං කරිත්වා ධනුකලාපං නික්ඛිපිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථා අකුසලං, යොහං දුට්ඨචිත්තො වධකචිත්තො ඉධූපසඞ්කන්තො. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායා”ති.
එ විට ඒ පුරුෂ තෙම කඩුපලිස් එක් පසෙක තබා දුනුහියවුර ද බහා තබා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළඹ ඔබ පාමුල හිස නමා වැදහොවැ “යම් බඳුවූ මම් අඥාන බැවින් මුළා වූ බැවින්, අකුශල බැවින් දුෂ්ට සිතැත්තෙම් වධ කරන සිතැත්තෙම් මෙහි පැමිණියෙම් ද ඒ මා වරද යට කොට ගත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස ඒ මාගේ වරද වරදවශයෙන් පිළිගන්නාසේක්වා”යි මෙ බස් පැවැසී ය.
“තග්ඝ ත්වං ආවුසො අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං දුට්ඨචිත්තො වධකචිත්තො ඉධූපසඞ්කන්තො. යතො ච ඛො ත්වං ආවුසො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ්හාම. වුද්ධි හෙසා ආවුසො අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජතී”ති.
‘ඇවැත්නි, යම් බඳු වූ තෙපි අඥාන බැවින්, මුළා වූ බැවින්, අකුශල බැවින්, දුෂ්ට සිතැත්තෝ වධක චිත්තය ඇත්තෝ මෙහි පැමිණියෝ ද, වරද ඒ තොප යට කොටගෙන ගියේ ය. ඇවැත්නි, වරද වරද සේ දැක ධර්මය වූ පරිදි පිළියම් කරවු ද තොපගේ ඒ ආරෝචනාව අපි පිළිගනිමු. ඇවැත්නි, යමෙක් වරද වරද සේ දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ ද මතු සංවරයට පැමිණෙන්නේ ද මෙය ආර්‍ය්‍ය විනයයෙහි වැඩිදියුණුවෙකැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
අථ ඛො භගවා තස්ස පුරිසස්ස අනුපුබ්බිං කථං කථෙසි සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි තං පුරිසං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි, දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය එවමෙව තස්ස පුරිසස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයාට දානකථා ශීල කථා ස්වර්ගකථා කාමාදීනව කාමයන්ගේ ලාමක බව කාමයන් ගේ කිලිටි බව කාමයන්ගෙන් හික්මීමෙහි අනුසස් යන පිළිවෙළ කථාව වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයා නීරෝග සිතැති, මොළොක් සිතැති, නීවරණයන්ගෙන් පහ වූ සිතැති, ඔද වැඩීගිය සිතැති පහන් සිතැති එකක්හු කොට දත් කෙණෙහි බුදුවරුන්ගේ සාමුත්කර්ෂිකි දේශනාව වූ දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළසේක පහ වූ කිලිටි බව ඇති පිරිසිදු වස්ත්‍රයක් මොනොවට රඳන් පිළිගන්නා සේ ම ඒ පුරුෂයාට ඒ අස්නෙහි දි ම උපදනා සුලු සියල්ල නැසෙන සුලු ය’යි පහවූ කෙලෙස් රජස් ඇති පහවූ කෙලෙස් මල ඇති, දහම් ඇස (සෝවාන් මඟ නුවණ) පහළ විය.
අථ ඛො සො පුරිසො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛුසඞ්ඝං ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති. අථ ඛො භගවා තං පුරිසං එතදවොච: මා ඛො ත්වං ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡ. ඉමිනා මග්ගෙන ගච්ඡාහීති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
ඉක්බිති දුටු නිවන් දහම් ඇති, පැමිණි සෝවත් පල දහම් ඇති, ප්‍රකට වූ සෝවත් පල දහම් ඇති, හැම ලෙසින් බැසගත් සෝවත් පල දහම් ඇති, තිණූ සැක ඇති, පහවූ කථංකථා (සැක) ඇති, විශාරද බවට පැමිණි, ශාස්තෘශාසනයෙහි, පරප්‍රත්‍යය රහිත වූ ඒ පුරුෂ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය: “වහන්ස, අභිකාන්ත ය, වහන්ස, අභිකාන්ත ය වහන්ස, යැටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නා සේ ම, වැසුණු දැයක් විවෘත කරන්නා සේ ම, මංමුළාවූවකුට මඟ කියන්නා සේ ම ඇස් ඇතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නා සේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් , කරුණින් මට ධර්මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්ම ය ද භිකෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට සලකාවදාරන සේක්වා” යනු ය.
17. අථ ඛො තෙ ද්වෙ පුරිසා කින්නු ඛො සො එකො පුරිසො චිරෙන ආගච්ඡතීති පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා ආනුපුබ්බීකථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති.
17. එකල්හි මඟ රැක සිටි පුරුෂයෝ දෙදෙන “කවර හෙයින් ඒ හුදෙකලා මිනිසා එන්නට කල් යවා දැ යි මඟ ඉදිරියට යන්නාහු එක්තරා රුක්මුලෙක වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක උන්වහන්සේ වෙත එළැඹියාහ. එළඹ වැඳ පසෙක හිඳගත්හ, ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළ සේක. ඔහු ... ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැති වැ (සෝවන් වැ) භාග්‍යවතුන් වහන්සේ ට ... වහන්ස, දේශනාව අභිකාන්ත ය, වහන්ස, දේශනාව අභිකාන්ත ය... භාග්‍යවතුන් වහන්සේ අප අද සිට දිවිහිම් කොට සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා” යි කීහ.
අථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච: “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථා”ති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයන් බණවා “ඇවැත්නි, තෙපි මේ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යි වදාළ සේක. (මෙසේ වදාරා) අන් මගෙකින් ඔවුන් යැවූයේක.
අථ ඛො තෙ චත්තාරො පුරිසා කින්නු ඛො තෙ ද්වෙ පුරිසා චිරෙන ආගච්ඡන්තීති පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා අනුපුබ්බිං කථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති. අථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථා”ති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
එ කලැ යථෝක්ත පුරුෂයෝ සතර දෙන ඒ පුරුෂයෝ දෙදෙන කවර හෙයින් එන්නට කල් යවත් දැ”යි මාර්ගයේ ඉදිරියට යන්නාහු එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක ඔබ වෙතට ගියාහ. ගොස් වැඳ පසෙක ඉඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළසේක. ඔහු ... ශාස්තෘශාසනයෙහි පරප්රත්යයය නැත්තාහු භාග්‍යවතුන් වහන්සේට වහන්ස, දේශනාව අභිකාන්ත ය, වහන්ස, දේශනාව අභිකාන්ත ය ... අප අද සිට දිවිහිම් කොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උවසුවන් කොට සලකාවදාරනසේක්වා” යි කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයන් බණවා “ඈවැත්නි, මෙ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යි ඔවුන් අන් මඟෙකින් යැවූසේක.
අථ ඛො තෙ අට්ඨපුරිසා කින්නු ඛො තෙ චත්තාරො පුරිසා චිරෙන ආගච්ඡන්තීති පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, තෙසං භගවා ආනුපුබ්බීකථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති. අථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච: “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථාති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
එකල ඒ පුරුෂයෝ අට දෙන පුරුෂයෝ ‘ඒ සතර කවර හෙයින් එන්නට කල් යවත් දැ’ යි මඟැ ඉදිරියට යන්නාහු එක්තරා රුකක් මුලැ වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක එළැඹ වැඳ පසෙක හිඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළ කථාව වදාළසේක. ... ඔහු ... ශාස්තෘශාසනයෙහි පර ප්‍රත්‍යය නැත්තාහු, “වහන්ස, දේශනාව අභිකාන්ත ය ... වහන්ස, අප අද සිට දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා” යි කීහ.
අථ ඛො තෙ සොළස පුරිසා “කින්නු ඛො තෙ අට්ඨ පුරිසා චිරෙන ආගච්ඡන්තී”ති. පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා ආනුපුබ්බීකථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති.
එකලැ යථෝක්ත සොළොස් පුරුෂයෝ ‘කවර හෙයින් ඒ පුරුෂයෝ අට දෙන එන්නට කල් යවත් දැ’ යි මඟැ ඉදිරියට යන්නාහු එක්තරා රුක්මුලෙක හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක ඔබ වෙත ගියහ. ගොස් ඔබ වැඳ පසෙක ඉඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළසේක. ඔහු . ශාස්තෘශාසනයෙහි පරප්රත්යයය නැත්තාහු ‘වහන්ස, දේශනාව අභිකාන්ත ය ... භාග්‍යවතුන් වහන්සේ අප අද සිට දිව් හිම් කොට සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා’ යි කීහ.
අථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච: “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථා”ති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් බණවා, ඇවැත්නි, තෙපි මෙ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යැ යි අන් මහෙකින් යැවූසේක.
අථ ඛො සො එකො පුරිසො යෙන දෙවදත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දෙවදත්තං එතදවොච: “නාහම්භන්තෙ සක්කොමි තං භගවන්තං ජීවිතා වොරොපෙතුං. මහිද්ධිකො සො භගවා මහානුභාවො”ති.
එ කල්හි යට කී හුදෙකලා පුරුෂයා දෙව්දතු කරා ගියේ ය. ගොස් ‘වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ දිවියෙන් තොර කරන්නට මම් නො හැක්කෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මහර්ධි ඇතිසේක, මහත් අනුභාව ඇති සේකැ” යි කී ය.
“අලං ආවුසො මා ත්වං සමණං ගොතමං ජීවිතා වොරොපෙසි අහමෙව සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සාමී”.
“කම් නැත, ඈවැත්නි තෙපි මහණ ගොයුමා දිවියෙන් තොර නො කරවු, මම ම මහණ ගොයුමා දිවියෙන් තොර කරන්නෙමි” යි දෙව්දත් තෙර කී ය.
18. තෙන ඛො පන සමයෙන භගවා ගිජ්ඣකූටස්ස පබ්බතස්ස පච්ඡායායං චඞ්කමති. අථ ඛො දෙවදත්තො ගිජ්ඣකූටං පබ්බතං අභිරුහිත්වා මහතිං සිලං පවිජ්ඣි ‘ඉමාය සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සාමී’ති. ද්වෙ පබ්බතකූටා සමාගන්ත්වා තං සිලං සම්පටිච්ඡිංසු. තතො පපතිකා උප්පතිත්වා භගවතො පාදෙ රුහිරං උප්පාදෙසි.
18. එසමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළු පව්වෙහි ප්රාක්ඡායායෙහි (ඉදිරි පසැ සෙවණෙහි) සක්මන් කරන සේක. එකලැ දෙව්දත් තෙර ගිජුකුළු පව්ව නැඟ ‘මෙයින් මහණ ගොයුමා දිවියෙන් තොර කරන්නෙමි’ යි මහගලක් පෙරැළී ය. ගල්කුළු දෙකෙක් එක් වැ ඒ ගල පිළිගත්තේ ය. එයින් පතුරෙක් බිඳී වැටී භාග්‍යවතුන් වහන්සේගේ පයෙක ලෙහෙ මතු කෙළේ ය. (ලෙහෙ සැල්මෙක් විය).
අථ ඛො භගවා උද්ධං උල්ලොකෙත්වා දෙවදත්තං එතදවොච: “බහුං තයා මොඝපුරිස අපුඤ්ඤං පසුතං යං ත්වං දුට්ඨචිත්තො වධකචිත්තො තථාගතස්ස රුහිරං උප්පාදෙසී”ති.
එවිට භාග්‍යවතුන් වහන්සේ උඩ බලා “හිස් පුරුෂය, යම් හෙයෙකින් තෝ නපුරු සිතැති ව වධකරන සිතැති ව තථාගතයන්ගේ සිරුරැ ලෙහෙ මතු කෙළෙහි ද, එයින් තා විසින් බොහෝ පව් රැස් කරන ලද” යි වදාළසේක.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉදං භික්ඛවෙ දෙවදත්තෙන පඨමං ආනන්තරියකම්මං උපචිතං යං දුට්ඨචිත්තෙන වධකචිත්තෙන තථාගතස්ස රුහිරං උප්පාදිතන්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, යම් හෙයකින් නපුරු සිතැති ව වධ කරන සිතැති ව තථාගතයන්ගේ සිරුරැ ලේ සොලොවන ලදද, එයින් දෙව්දතු විසින් පළමුවන ආනන්තර්‍ය්‍ය කර්මය රැස්කැරිණැ” යි වදාළසේක.
අස්සොසුං ඛො භික්ඛූ “දෙවදත්තෙන කිර භගවතො වධො පයුත්තො”ති. තෙ ච භික්ඛූ භගවතො විහාරස්ස පරිතො පරිතො චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා සජ්ඣායං කරොන්තා භගවතො රක්ඛාවරණගුත්තියා. අස්සොසි ඛො භගවා උච්චාසද්දං මහාසද්දං සජ්ඣායසද්දං. සුත්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: කින්නු ඛො සො ආනන්ද උච්චාසද්දො මහාසද්දො සජ්ඣායසද්දොති.
“දෙව්දතු විසින් භාග්‍යවතුන් වහන්සේගේ දිවි තොර කරන්නට උපායෙක් යොදන ලද්දේ ය” යි භික්ෂූහු ඇසූහ. (භික්ෂූනට ආරංචි විය). ඒ භික්ෂූහු ද භාග්‍යවතුන් වහන්සේට ආරක්ෂාවරණය ගුප්තිය (රකවල) පිණිස උස්හඬ ඇති වැ මහහඬ ඇති වැ සජඣධායනය කරන්නාහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳුනා විහාරය හාත්පස සක්මන් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්ෂූන්ගේ) උස්හඬ මහහඬ, සජ්ඣායනා හඬ ඇසූසේක. අසා, ආයුෂ්මත් අනඳ තෙරුනට අඞ්ගාවදාරා, “ආනන්දයෙනි, ඒ උස්හඬ, මහහඬ, සජඣායන හඬ කවර හෙයින් ද ?” යි පුළුවුත්සේක.
“අස්සොසුං ඛො භන්තෙ භික්ඛූ ‘දෙවදත්තෙන කිර භගවතො වධො පයුත්තො’ති. තෙ’ධ භන්තෙ භික්ඛූ භගවතො විහාරස්ස පරිතො පරිතො චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා සජ්ඣායං කරොන්තා භගවතො රක්ඛාවරණගුත්තියා, සො එසො භගවා උච්චාසද්දො මහාසද්දො සජ්ඣායසද්දො”ති.
“වහන්ස, දෙව්දත් තෙර විසින් භාග්‍යවතුන් වහන්සේගේ දිවි තොර කරන උපායෙක් යොදන ලද්දේ ල” යි භික්ෂූහු ඇසූහු, වහන්ස, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ආරක්ෂාවරණ ගුප්තිය පිණිස උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු සජඣායනය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ විහාරය හාත්පස සක්මන් කෙරෙත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ ය, මහහඬ ය, සජ්ඣායනා හඬ යැ” යි අනඳ තෙරණුවෝ සැලකළාහ.
“තෙනහානන්ද මම වචනෙන තෙ භික්ඛූ ආමන්තෙහි: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති.
“ආනන්දය, එසේ වී නම්, ‘ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවා’ යැ යි මගේ වචනයෙන් ඒ භික්ෂූන් අමතව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති.
“එසේය , වහන්සැ” යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්ෂූන් වෙතට වැඩියාහ. වැඩ ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන සේකැ” යි සැලකළහ.
“එවමාවුසො”ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච:
“එසේ ද ඇවැත්නි” යි කියා ඒ මහණහු අනඳ තෙරුනට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, ඔබ වැඳ එකත්පස් වැ හුන් ඒ භික්ෂූන් බණවා භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
19. “අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය, අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්ති.”
19. මහණෙනි, පරෝපක්‍රමයෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන මෙය නො කරුණෙකි, වන්නට අවකාශ නැත්තෙකි. මහණෙනි, තථාගතවරු පරෝපක්‍රම නැති ව ම පිරිනිවෙති.
“පඤ්චිමෙ භික්ඛවෙ සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච: ඉධ භික්ඛවෙ එකච්චො සත්ථා අපරිසුද්ධසීලො සමානො “පරිසුද්ධසීලොම්හී”ති පටිජානාති “පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති”. තමෙනං සාවකා එවං ජානන්ති: “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධසීලො සමානො “පරිසුද්ධසීලොම්හී”ති පටිජානාති “පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති”. මයඤ්චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථං තං මයං තෙන සමුදාචරෙය්යාම, සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතීති. එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා සීලතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසති.
“මහණෙනි, ලොවැ ඇති විද්‍යාමාන මේ ශාස්තෘවරු පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්; මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු සිල් ඇත්තේ ම ‘පිරිසිදු සිල් ඇතියෙමි, මාගේ සිල් පිරිසිදුය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. (ඔහුගේ) සව්වෝ “මේ භවත් ශාස්තෘ තෙම වනාහි නො පිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙමි, මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙයි. ‘අපි (ඇති තතු) ගිහියනට දන්වන්නමෝ නම් එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, එයින් ඔහුට කෙසේ කියන්නමෝ ද, (මහජන තෙමේ) සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ඔහු පුදයි. යමක් තෙමේ කරන්නේ ද, තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි ඔහු මෙසේ දනිත්. මහණෙනි, මෙබඳු ශාස්තෘහු සව්වෝ ශිලයෙන් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ශීලයෙන් තමා රැකගැන්ම සව්වන් ගෙන් අපේක්ෂා කෙරෙයි.
පුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති -පෙ- එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා ආජීවතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසති.
තව ද අනෙකෙකි. මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු ආජීවය ඇත්තේ ම පිරිසිදු ආජීවය ඇත්තෙමි ... යි පිළින කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු ශ්‍රාවකයෝ ආජීවයෙන් රැකගනිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ආජීවයෙන් තමා රැකගැන් ම සව්වන්ගෙන් අපේක්ෂා කෙරෙයි.
පුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති -පෙ- එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා ධම්මදෙසනකො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසති.
තවද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම් දෙසුම් ඇත්තෙමැ යි ... පිළින කෙරෙයි. මහණෙනි, මෙබඳු ශාස්තෘහු සව්වෝ ධර්මදේශනා අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද දම් දෙසුම් අතින් තමා රැක ගැන්ම සව්වන්ගෙන් අපේක්ෂා කෙරෙයි.
පුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො -පෙ- පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති -පෙ- එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසති.
තව ද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු දහම්විවැරැම් ඇත්තේ ම පිරිසිදු දහම්විවැරැම් ඇතියෙමි යි ප්‍රතිඥා කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි සව්වෝ දහම්විවැරුම් අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ ද සව්වන් ගෙන් ද දහම්විවැරැම් අතින් රැක්ම අපේක්ෂා කෙරෙයි.
පුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති -පෙ-. එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
තවද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු ඥානදර්ශන ඇත්තේ ම පිරිසිදු ඥානදර්ශන ඇත්තෙම් වෙමි යි ප්‍රතිඥා කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි සව්වෝ ඥානදර්ශනය අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ ද ඥානදර්ශනය අතින් තමා රැකගැන්ම සව්වන්ගෙන් අපේක්ෂා කෙරෙයි.
අහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා සීලතො රක්ඛන්ති, නචාහං සාවකෙහි සීලතො රක්ඛං පච්චාසීසාමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු සිල් ඇත්තෙම් ම “පිරිසිදු සිල් ඇත්තෙමි යි, මාගේ සිල් පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ මා ශීලය අතින් නො රකිත්. මම ද ශීලය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්ෂා නො කරමි.
අහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාමි පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසංකිලිට්ඨොති. න ච මං සාවකා ආජීවතො රක්ඛන්ති. නචාහං සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසාමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු ආජීවය ඇත්තෙම් ම “පිරිසිදු ආජීවය ඇත්තෙම් වෙමි යි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ මා ආජීවය අතින් නො රකිත්. මම ද ආජීවය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් නො පතමි.
අහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හී”ති පටිජානාමි පරිසුද්ධං මෙ ධම්මදෙසනා පරියොදාතා අසංකිලිට්ඨාති. න ච මං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසාමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු දම්දෙසුම් ඇත්තෙම් ම “පිරිසිදු දම්දෙසුම් ඇත්තෙම් වෙමි, මාගේ දම්දෙසුම් පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා දම්දෙසුම් අතින් නො රකිත්, මම් ද දම්දෙසුම් අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්ෂා නො කරමි.
අහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසංකිලිට්ඨන්ති. න ච මං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. න චාහං සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසාමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු දහම් විවරණ ඇත්තෙම් ම “පිරිසිදු දහම් විවරණ ඇතියෙම් වෙමි, මාගේ දහම් විවැරුම පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා දහම් විවරණ අතින් නො රකිත්, මම් ද දහම්විවරණ අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් නො පතමි.
අහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාමි. පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසංකිලිට්ඨන්ති, න ච මං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසාමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු ඥානදර්ශන ඇත්තෙම් ම “පිරිසිදු ඥානදර්ශන ඇතියෙම් වෙමි. මාගේ ඥානදර්ශනය පිරිසිදු ය. හැම ලෙසින් ශුද්ධ ය. නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා ඥානදර්ශන අතින් නො රකිත්, ඥානදර්ශන අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්ෂා නො කරමි.
අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය, අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්ති.
මහණෙනි, පරෝපක්‍රමයෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන මෙය නො කරුණෙකි. වන්නට අවකාශ නැත්තෙකි. මහණෙනි, පරෝක්‍රම නැති ව මැ තථාගතවරු පිරිනිවෙත්.
ගච්ඡථ තුම්හෙ භික්ඛවෙ යථාවිහාරං. අරක්ඛියා භික්ඛවෙ තථාගතා”ති.
මහණෙනි, තෙපි තම තමන්ගේ විහාරයට යවු, මහණෙනි, තථාගතවරු අනුන් විසින් නො රැක්ක යුත්තෝ ය යනු” යි.
20. තෙන ඛො පන සමයෙන රාජගහෙ නාලාගිරි නාම හත්ථී චණ්ඩො හොති මනුස්සඝාතකො. අථ ඛො දෙවදත්තො රාජගහං පවිසිත්වා හත්ථිසාලං ගන්ත්වා හත්ථිභණ්ඩෙ එතදවොච: “මයං ඛො භණෙ රාජඤාතකා නාම පටිබලා නීචට්ඨානියං උච්චෙඨානෙ ඨපෙතුං, භත්තම්පි වෙතනම්පි වඩ්ඪාපෙතුං. තෙන හි භණෙ යදා සමණො ගොතමො ඉමං රච්ඡං පටිපන්නො හොති තදා ඉමං නාලාගිරිං හත්ථිං මුඤ්චිත්වා ඉමං රච්ඡං පටිපාදෙථා”ති. “එවං භන්තෙ”ති ඛො තෙ හත්ථිභණ්ඩා දෙවදත්තස්ස පච්චස්සොසුං.
20. එ සමයෙහි රජගහනුවර නාලාගිරි නම් ඇත් තෙම චණ්ඩ ද මිනිසුන් මරන්නේ ද වෙයි. එ කලැ දෙව්දත් තෙම රජගහ නුවරට වැද ඇත්හලට ගොස් ඇත් ගොව්වන් බණවා, “සගයෙනි, රජුට නෑ වූ අපි වූ කලි පහත් තනතුරෙහි සිටිනවුන් උස් තනතුරෙහි තබන්නට, බතුත් වැටුපුත් වඩාලන්නට හැකියම්හ. එබැවින් සගයෙනි, යම් විටෙක මහණ ගොයුම්හු මේ වීථියට පිළිපන්නෝ වෙත් ද, එ විටැ මේ නාලාගිරි ඇතු මුදා මේ වීථියට පමුණුවවු” යැ යි කීය. “එසේ ය වහන්සැ” යි කියා ඒ ඇත්ගොව්වෝ දෙව්දතුට පිළිවදන් දුන්හ.
අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවා තං රච්ඡං පටිපජ්ජි. අද්දසාසුං ඛො තෙ හත්ථිභණ්ඩා භගවන්තං තං රච්ඡං පටිපන්නං. දිස්වාන නාලාගිරිං හත්ථිං මුඤ්චිත්වා තං රච්ඡං පටිපාදෙසුං. අද්දසා ඛො නාලාගිරි හත්ථී භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන සොණ්ඩං උස්සාපෙත්වා පහට්ඨකණ්ණවාලො යෙන භගවා තෙන අභිධාවි. අද්දසාසුං ඛො තෙ භික්ඛූ නාලාගිරිං හත්ථිං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන භගවන්තං එතදවොචුං: “අයං භන්තෙ නාලාගිරි හත්ථී චණ්ඩො මනුස්සඝාතකො ඉමං රච්ඡං පටිපන්නො. පටික්කමතු භන්තෙ භගවා පටික්කමතු සුගතො”ති. “ආගච්ඡථ භික්ඛවෙ මා භායිත්ථ. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය, අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්තී”ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සෙමෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, බොහෝ භික්ෂූන් කැටුව රජගහ නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකලැ භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට පිළිපන් සේක. ඒ ඇත්ගොව්වෝ භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට පිළිපන්නවුන් දුටුහ. දැක නාලාගිරි ඇතු මුදා ඒ වීථියට පැමිණැවුහ. නාලාගිරි ඇත් තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක සොඬ ඔසොවා විදැහු කන් හා වලග හා ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ වෙතට දිවැගියේ ය. ඒ භික්ෂූහු දුරින් ම එන නාලාගිරි ඇතු දුටුහ. දැක, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මිනිසුන් මරන නපුරු වූ මේ නාලාගිරි ඇත් මේ වීථියට බටුයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරළා වඩනාසේක්වා, සුගතයන් වහන්සේ පෙරළා වඩනාසේක්වා” යි කීහ. “මහණෙනි, එවු, බිය නො ගනිවු. පරෝපක්‍රම යෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේය යන්න නො කරුණෙකි, වන්නට අවකාශ නැතියෙකි. තථාගතවරු පරෝපක්‍රම නැති ව ම පිරිනිවෙති”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
දුතියම්පි ඛො තෙ භික්ඛූ -පෙ- තතියම්පි ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “අයං භන්තෙ නාලාගිරි හත්ථී චණ්ඩො මනුස්සඝාතකො ඉමං රච්ඡං පටිපන්නො. පටික්කමතු භන්තෙ පටික්කමතු සුගතො”ති.
දෙවෙනි වර ද ... තෙවෙනි වර ද භික්ෂූහු “වහන්ස, මිනිසුන් මරන නපුරු වූ මේ නාලාගිරි ඇතා මේ වීථියට බටුයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරළා වඩනාසේක්වා. සුගතයන් වහන්සේ පෙරළා වඩනාසේක්වා” යි කීහ.
“ආගච්ඡථ භික්ඛවෙ, මා භායිත්ථ, අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය. අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්තී”ති.
“මහණෙනි, එවු, බිය නො ගනිවු. පරෝපක්‍රම යෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන්න නො කරුණෙකි, වන්නට ඉඩ නැත්තෙකි. පරොක්රම නැති ව ම තථාගතවරු පිරිනිවෙති” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
21. තෙන ඛො පන සමයෙන මනුස්සා පාසාදෙසුපි හම්මියෙසුපි ඡදනෙසුපි ආරූළ්හා අච්ඡන්ති. තත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො තෙ එවමාහංසු: “අභිරූපො වත භො මහාසමණො නාගෙන විහෙඨීයිස්සතී”ති. යෙ පන මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා ව්යත්තා බුද්ධිමන්තො තෙ එවමාහංසු: “වීරස්සං වත භො නාගො නාගෙන සඞ්ගාමෙස්සතී”ති.
21. එ සමයෙහි වනාහි මිනිස්සු ප්‍රාසාදයන්හි ද සඳලුවල ද පියැසි වල ද නැඟී හිඳිත්. සැදැහැ නැති සස්නෙහි නො පහන් අනුවණ මිනිස්සු “අහෝ ! විශිෂ්ට රූපශෝභා ඇති මහාශ්‍රමණයා ඇතු විසින් පෙළනු ලබන්නේ යැ”යි කීහ. සැදැහැවත් සස්නෙහි පහන් පණ්ඩිත බුද්ධිමත් මිනිස්සු “භවත්නි, කලකට පසු නාගයෙක් (ශ්‍රේෂඨයෙක්) නාගයකු (ශ්‍රේෂඨයකු) හා සටන් වදින්නේයැ”යි කීහ.
අථ ඛො භගවා නාලාගිරිං හත්ථිං මෙත්තෙන චිත්තෙන ඵරි. අථ ඛො නාලාගිරි හත්ථී භගවතො මෙත්තෙන චිත්තෙන ඵුටො සොණ්ඩං ඔරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පුරතො අට්ඨාසි. අථ ඛො භගවා දක්ඛිණෙන හත්ථෙන නාලාගිරිස්ස හත්ථිස්ස කුම්භං පරාමසන්තො නාලාගිරිං හත්ථිං ඉමාහි ගාථාහි අජ්ඣභාසි:
එ කලැ භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි ඇතු මෙත්සිතින් පැතිරැගත්සේක. එවිට නාලාගිරි ඇත් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙත්සිතින් පැතිරැගන්නා ලද්දේ, සොඬ පහතට හෙළාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය. එ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ දකුණතින් නාලාගිරි ඇතුගේ කුම්භස්ථලය පිරිමදිමින් උහුට ගාථාවලින් මෙසේ වදාළසේක.
“මා කුඤ්ජර නාගමාසදො, දුක්ඛං හි කුඤ්ජර නාගමාසදො, න හි නාගහතස්ස කුඤ්ජර සුගති හොති ඉතො පරං යතො.
‘හස්තිය, යම් හෙයෙකින් බුද්ධනාගයා පෙළන්නහුට මෙයින් මතු සුගතියෙක් නො වන්නේ ද එහෙයින් හිංසක සිතින් බුද්ධ නාගයාට ළං නොවෙව. බුද්ධනාගයාට හිංසක සිතින් ළං වීම ඒකාන්තයෙන් දුකට කරුණු වේ.
“මා ච මදො මා ච පමාදො න හි පමත්තා සුගතිං වජන්ති තෙන ත්වඤ්ඤෙව තථා කරිස්සසි යෙන ත්වං සුගතිං ගමිස්සසී”ති.
මත් නොවෙව, පමා නොවෙව, පමා වූවෝ සුගතියට නො යෙත්. එබැවින් යමෙකින් තෝ සුගතියට යන්නෙහි ද තෝ ම එසේ කරව.” යි.
අථ ඛො නාලාගිරි හත්ථී සොණ්ඩාය භගවතො පාදපංසූනි ගහෙත්වා උපරි මුද්ධනි ආකිරිත්වා පතිකුටිතො පටිසක්කි යාව භගවන්තං අද්දක්ඛි. අථ ඛො නාලාගිරි හත්ථී හත්ථිසාලං ගන්ත්වා සකෙ ඨානෙ අට්ඨාසි. තථා දන්තො ච පන නාලාගිරි හත්ථී අහොසි. තෙන ඛො පන සමයෙන මනුස්සා ඉමං ගාථං ගායන්ති.
එ කලැ නාලාගිරි ඇත් තෙම සොඬින් භාග්‍යවතුන් වහන්සේගේ පා දූවිලි ගෙන හිස මුදුනැ විසුරුවාගෙන භාග්‍යවතුන් වහන්සේ පෙනෙන තෙක් මානයේ පසුබැස ගියේ ය. එයින් පසු නාලාගිරි ඇත් තෙම ඇත්හලට ගොස් සිය තැනැ සිටියේ ය. නාලාගිරි ඇත් තෙම එසේ දැමුණේ ම විය. (එයින් පසු කිසි ම දිනෙක චණ්ඩ නො වී ය.) එ සමයෙහි මිනිස්සු මේ ගාථාව ගයත්:
දණ්ඩෙනෙකෙ දමයන්ති අඞ්කුසෙහි කසාහි ච අදණ්ඩෙන අසත්ථෙන නාගො දන්තො මහෙසිනාති.
“සමහරු හසත්යාදීන් දංඩෙන් හීලෑ කෙරෙත්. සමහරු අකුසුවලින් ද සමහරු කසවලින් ද හීලෑ කෙරෙත්. (එහෙත්) මහර්ෂිහු විසින් දණ්ඩක් අවියක් නැති ව ම ඇතා හීලෑ කරන ලද්දේ ය” යනුවෙනි.
මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “යාව පාපො අයං දෙවදත්තො අලක්ඛිකො, යත්ර හි නාම සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වධාය පරක්කමිස්සතී”ති.
“යමෙක් මෙසේ මහත් සෘද්ධි ඇති මෙසේ මහානුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වධ කිරීම පිණිස උත්සාහ කරන්නේ ද, එසේ වූ මේ දෙව්දත් තෙම කොතරම් මහත් පවිටෙක් ද කොතරම් මහත් කාලකණ්ණියෙක් දැ”යි මිනිස්සු පහත් කොට සිතත්, දොස් කියත්, අගුණ පතුරුවත්.
දෙවදත්තස්ස ලාභසක්කාරො පරිහායි. භගවතො ච ලාභසක්කාරො අභිවඩ්ඪි.
දෙව්දතුට ලාභ සත්කාර පිරිහිණ. භාග්‍යවතුන් වහන්සේට ලාභ සත්කාර වැඩිණ.
22. තෙන ඛො පන සමයෙන දෙවදත්තො පරිහීනලාභසක්කාරො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති, කස්ස සම්පන්නං න මනාපං, කස්ස සාදුං න රුච්චතී”ති.
22. එ සමයෙහි දෙව්දත් පිරිහුණු ලාභසත්කාර ඇත්තේ සිය ශ්‍රාවක පිරිස සමග කුලයන් කරා ගොස් ඉල්ල ඉල්ලා වළඳයි. “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය මහණහු කුලයන්හි ඉල්ල ඉල්ලා වළඳන්නාහු ද මොනොවට පිළියෙල කැරුණු බොජුන් කාට මනාප නො වේද, මිහිරි බොජුන් කාට නො රිසියේ ද ” යි මිනිස්සු පහත් කොට සිතත්, ගරහත්, දොස් පතුරුවත්.
අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම දෙවදත්තො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සතී”ති.
භික්ෂූහු එසේ පහත් කොට සිතන, ගරහන, දොස් පතුරුවන මිනිසුන්ගේ වචන ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ වූ ලද පමණින් සතුටු වන්නා වූ පවට ලජ්ජා ඇති සුළු ඇවැතෙහි ද කුකුස් කරන ශික්ෂා කාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් දෙව්දත් තෙම සිය සවුපිරිස සමග කුලයන් කරා ගොස් විනව විනවා වළඳන්නේ ද ” යි පහත් කොට සිතත්, ගරහත් දොස් පතුරුවත්,
භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“සච්චං කිර ත්වං දෙවදත්ත, සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජසී?”ති.
“දෙව්දතුනි, තෙපි සිය පිරිස සමග කුලයන් කරා ගොස් ඉල්ල ඉල්ලා වළඳවු ද? මෙය සැබෑ ද?” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
“සච්චං භගවා”.
“භාග්‍යවතුන් වහන්ස, සත්‍යයැ”යි දෙව්දත් කී ය.
විගරහි බුද්ධො භගවා. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
භාග්‍යවතුන් වහන්සේ ගැරැහුසේක. ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා:
“තෙන හි භික්ඛවෙ භික්ඛූනං කුලෙසු තිකභොජනං පඤ්ඤාපෙස්සාමි තයො අත්ථවසෙ පටිච්ච දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සඞ්ඝං භින්දෙය්යුං කුලානුද්දයාය ච. ගණභොජනෙ යථාධම්මො කාරෙතබ්බො”ති.
“මහණෙනි, එසේ වී නම් දුසිල් පුඟුලනට නිගා පිණිස ද ප්‍රියශීල පුඟුලනට සැප විහරණ පිණිස ද ලාමක අදහස් ඇති මහණහු පක්ෂය නිසා සඞ්ඝයා භින්න නො කෙරෙත්වා යන අදහස් ඇති බැවින් කුලයන් කෙරෙහි දයාව නිසා ද යන මේ කරුණු තුන නිසා භික්ෂූනට කුලයන්හි ත්රිකභෝජනය පනවන්නෙමි. ගණභෝජනයෙහි දහම් වූ පරිදි කැරැවිය යුතු” යැ යි වදාළසේක.
23. අථ ඛො දෙවදත්තො යෙන කොකාලිකො කටමොරකතිස්සො ඛණ්ඩදෙවියා පුත්තො සමුද්දදත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කොකාලිකං කටමොරකතිස්සකං ඛණ්ඩදෙවියා පුත්තං සමුද්දදත්තං එතදවොච: “එථ මයං ආවුසො සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති”.
23. එයින් පසු දෙව්දත් තෙම ඛණ්ඩදේවියගේ පුත් වූ කටමෝරකතිස්ස ද සමුද්‍රදත්ත ද යන නම් ඇති කෝකාලික මහණහු කරා එළඹියේ ය. එළඹ “එවු ඇවැත්නි, අපි මහණ ගොයුම්හු ගේ සඞ්ඝයා බිඳින්නමු, ආඥාහේදය කරන්නමු” යි කී ය.
එවං වුත්තෙ කොකාලිකො දෙවදත්තං එතදවොච: “සමණො ඛො ආවුසො ගොතමො මහිද්ධිකො මහානුභාවො. කථං මයං සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති”.
මෙසේ කී කල්හි කෝකාලික තෙම දෙව්දතුට “ඇවැත්නි, මහණ ගොයුම් වනාහි මහත් සෘද්ධි ඇත්තෙක, මහත් අනුභාව ඇත්තෙක. අපි කෙසේ මහණ ගොයුම්හුගේ සඟපිරිස බිඳින්නමු ද? ආඥාභේදය කරන්නමු දැ?” යි කී ය.
“එථ, මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිස්සාම: භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස
“ඇවැත්නි, එවු. අපි මහණ ගොයුම්හු කරා එළඹ, වස්තු පසක් ඉල්ලම්හ. (ඒ පස නම්: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පෙච්ඡ ගුණයේ යථාලාභ සන්තොෂයේ, සල්ලේඛ ගුණයේ ධුතගුණයේ ඇසු දුටුවන් සිත් පහදවන පැවැත්මේ, යටත් පහත් බවේ, වැර වැඩීමේ
වණ්ණවාදී, ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතතාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
ගුණ වදාරනසුලු කෙනෙක. වහන්ස, මේ පංච වස්තුහු නොයෙක් කරුණින් අල්පෙච්ඡ බව පිණිස පවතිත්. යථාලාභසන්තොෂය පිණිස, සල්ලේඛය පිණිස, ධුතගුණය පිණිස, ප්‍රසාද එළවන බව පිණිස, යටත් පැවැතුම් ඇති වන බව පිණිස පවතිත්.
සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු. යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
වහන්ස, භික්ෂූහු දිවි හිම් කොට අරණ්‍යවාසී වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම්, වරද ඔහු ස්පර්ශ කරන්නේ ය. (ඔහු වරදක් කළා වන්නේ ය).
යාවජීවං පිණ්ඩපාතිකා අස්සු. යො නිමන්තනං සාදියෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය.
භික්ෂූහු දිවි හිම් කොට පිණ්ඩපාතික වන්නාහු නම් මැනැව. යමෙක් නිමන්ත්‍රණ (කැඳවා පිළිගන්වන බත) ඉවසන්නේ නම්, වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.
යාවජීවං පංසුකූලිකා අස්සු. යො ගහපතිචීවරං සාදියෙය්ය. වජ්ජං නං ඵුසෙය්ය.
භික්ෂූහු දිවි හිම් කොට පාංසුකූලික වන්නාහු නම් මැනැව. යමෙක් ගෘහපති චීවරය පිළිගන්නේ නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.
යාවජීවං රුක්ඛමූලිකා අස්සු. යො ඡන්නං උපගච්ඡෙය්ය. වජ්ජං නං ඵුසෙය්ය.
භික්ෂූහු දිවි හිම් කොට වෘක්ෂමූලක වන්නාහු නම් මැනැව. යමෙක් සෙවෙණි ඇති තැනකට පැමිණෙන්නේ නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.
යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං යො මච්ඡමංසං ඛාදෙය්ය, වජ්ජං නං ඵුසෙය්යා’ති.
භික්ෂූහු දිවි හිම් කොට දියමස් ගොඩමස් නො වළඳන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් වැළඳුයේ වී නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.” යනු යි.
“ඉමානි පඤ්ච වත්ථූනි සමණො ගොතමො නානුජානිස්සති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙස්සාමා”ති.
“මහණ ගොයුම් තෙම මේ වස්තු පස නො අනුදන්නේය. ඒ අපි මේ වස්තු පසින් ජනයාට හඟවන්නමු.”
“සක්කා ඛො ආවුසො ඉමෙහි පඤ්චහි වත්ථූහි සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදො කාතුං චක්කභෙදො. ලූඛප්පසන්නා හි ආවුසො මනුස්සා”ති.
“ඇවැත්නි, මේ කරුණු පසින් මහණ ගොයුම්හුගේ සංඝයා බිඳීම කරන්නට හැක්කේ ය, (මහණගොයුම්හුගේ) අණසක බිඳීම කරන්නට හැක්කේ ය. ඇවැත්නි, මිනිස්සු රූක්ෂ ප්‍රතිපත්තිය කෙරෙහි පැහැදණෝ ය. එහෙයිනැ” යි කෝකාලික කී ය.
24. අථ ඛො දෙවදත්තො සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දෙවදත්තො භගවන්තං එතදවොච:
24. ඉක්බිති දෙව්දත් තෙම සිය පිරිස කැටුව භාගාත්‍යවතුන් වහන්සේ කරා එළගැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හුන්නේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
“භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතතාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ යථාලාභ සන්තොෂයේ සල්ලේඛයේ ධුතගුණයේ ප්‍රාසාදික බවේ යටත් පැවැත්මේ විය. වීර්ය්යාරම්භයේ ගුණ වදාරනසුලු කෙනෙක. වහන්ස, මේ පංච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡතාව පිණිස යථාලාභ සන්තුෂ්ටිය පිණිස සල්ලේඛය පිණිස ධුතගුණ පිණිස ප්රාසාදිකතාව පිණිස යටත් පැවැත්ම පිණිස වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්.
“සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
“වහන්ස, භික්ෂූහු දිවි හිම් කොට ආරණ්‍යයක වන්නාහු නම් මැනැව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ වී නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.
යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
භික්ෂූහු දිවි හිම් කොට පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසූයේ වී නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.
යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
භික්ෂූහු දිවි හිම් කොට පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපති චීවරය ඉවසුයේ වී නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.
යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
භික්ෂූහු දිවි හිම් කොට වෘක්ෂමූලක වන්නාහු නම් මැනව. යමෙක් සෙවෙණියක් ඇති තැනකට පැමිණියේ වී නම්, වරද ඔහු ස්පර්ශ කරන්නේ ය.
යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං, යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යා”ති.
භික්ෂූහු දිවි හිම් කොට දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් කෑයේ වී නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය. ” (මෙසේ කියා දෙව්දත් තෙම මේ පංච වස්තූන් පනවන ලෙස ඉල්ලී ය.)
“අලං දෙවදත්ත. යො ඉච්ඡති ආරඤ්ඤිකො හොතු, යො ඉච්ඡති ගාමන්තෙ විහරතු”
“දේවදත්තයෙනි, කම් නැත. යමෙක් කැමැත්තේ නම් හේ ආරණ්‍යක වේවා. යමෙක් කැමැත්තේ නම් ග්‍රාමාන්තයෙහි වෙසේවා.
යො ඉච්ඡති පිණ්ඩපාතිකො හොතු, යො ඉච්ඡති නිමන්තනං සාදියතු.
යමෙක් කැමැත්තේ නම් හේ පිණ්ඩපාතික වේවා. යමෙක් කැමැත්තේ නම් හේ නිමන්ත්‍රණ ඉවසාවා.
යො ඉච්ඡති පංසුකූලිකො හොතු, යො ඉච්ඡති ගහපතිචීවරං සාදියතු.
යමෙක් කැමැත්තේ නම් හේ පාශුකූලික වේවා. යමෙක් කැමැත්තේ නම් ගෘහපති චීවරය ඉවසාවා.
අට්ඨ මාසෙ ඛො මයා දෙවදත්ත රුක්ඛමූලසෙනාසනං අනුඤ්ඤාතං, තිකොටිපරිසුද්ධං මච්ඡමංසං අදිට්ඨං අසුතං අපරිසඞ්කිතන්ති”.
දේවදත්තයෙනි, අට මසක් ම රුක්මුල් සෙනස්න මා විසින් අනුදන්නා ලදි. තමා උදෙසා මරන ලදැ යි නො දුටු නො ඇසූ සැක නො කරන ලද (යන මේ) තුන් කෙළ පිරිසුදු වූ දියමස් ගොඩමස් මා විසින් අනුදන්නා ලදි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
25. අථ ඛො දෙවදත්තො ‘න භගවා ඉමානි පඤ්ච වත්ථූනි අනුජානාතී’ති හට්ඨො උදග්ගො සපරිසො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො දෙවදත්තො සපරිසො රාජගහං පවිසිත්වා පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙසි:
25. එකල්හි දෙව්දත් තෙම “භාග්‍යවතුන් වහන්සේ මේ පංච වස්තූන් නො අනුදන්නා සේකැ”යි තුටුපහටු වූයේ ඔදවැඩි සිතැත්තේ උනස්නෙන් නැගී සිය පිරිස කැටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියේ ය. ඉක්බිති දෙව්දත්තෙම පිරිස කැටුව රජගහ නුවර වැද වස්තු පසින් මෙසේ ජනයා හැඟැවී ය:
“මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිම්හ: භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස -පෙ- වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය -පෙ- විරියාරම්භාය සංවත්තන්ති. සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු -පෙ- යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං. යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යාති. ඉමානි පඤ්ච වත්ථූනි සමණො ගොතමො නානුජානාති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි සමාදාය වත්තාමා”ති.
“ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ මෙසේ වස්තු පසක් ඉල්ලූමු: ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ ... වීර්ය්යාරම්භයේ ගුණ වදාරන සේක. වහන්ස, මේ පංච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡතාව පිණිස ... වීර්‍ය්‍යාරම්භය පිණිස පවත්නාහ. වහන්ස, භික්ෂූහු දිවි හිම් කොට ආරණ්‍යක වන්නාහු නම් මැනව... දිවි හිම් කොට දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව, යමෙක් දියමස් ගොඩමස් කන්නේ වී නම්, වරද ඔහු ස්පර්ශ කරන්නේ යැ’ යනුවෙනි. මහණ ගොයුම් තෙම මේ පංච වස්තූන් නො අනුදනී. (එහෙත්) ඒ අපි මේ පංච වස්තූන් සමාදන් කොට ගෙන පවතිමු” යි.
තත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො තෙ එවමාහංසු: “ඉමෙ ඛො සමණා ධුතා සල්ලෙඛවුත්තිනො. සමණො පන ගොතමො බාහුලිකො බාහුල්ලාය චෙතෙතී”ති. යෙ පන තෙ මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා බුද්ධිමන්තො තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො භගවතො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති.
ඔවුන් අතුරෙහි යම් මිනිස් කෙනෙක් සැදෑ නැත්තෝ ද, සස්න කෙරෙහි නො පහන් වූවෝ ද දුර්බුද්ධීහු ද ඔහු “මේ මහණහු වනාහි ධුත ගුණ ඇත්තෝ ය, කෙලෙස් ලියාලන පැවැතුම් ඇත්තෝ ය. මහණ ගොයුම් වනාහි ප්‍රත්‍යය බහුල බව ඇත්තෙකි ප්‍රත්‍යය බහුල බව පිණිස සිතා යැ” යි කීහ. යම් මිනිස් කෙනෙක් සැදැහැ ඇත්තෝ ද සස්නෙහි ප්‍රසන්න ද පණ්ඩිත ද බුද්ධිමත් ද ඔහු “කෙසේ නම් දෙව්දත් තෙම සංඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාහ කරන්නේ දැ”යි ලාමක කොට සිතත්, ගරහත්, නුගුණ පතුරුවත්. භික්ෂූහු ඒ ලාමක කොට සිතන, ගරහන, නො ගුණ පතුරුවන මිනිසුන්ගේ කථා ඇසුවෝ ම ය. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු “කෙසේ නම් දෙව්දත් සංඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාහ කරන්නේ දැ”යි ලාමක කොට කියත්, ගරහත්, නොගුණ පතුරුවත්.
26. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං දෙවදත්ත සඞ්ඝභෙදාය පරක්කමසි චක්කභෙදායා”ති.
26. එ කල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ, “දේවදත්තයෙනි, තෙපි සංඝ භේදය පිණිස, චක්‍රභේදය පිණිස තැත් කරහු ලු. ඒ සැබෑ දැ” යි අසාවදාළහ.
“සච්චං භගවා”.
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්සැ”යි දෙව්දත් කී ය.
“අලං දෙවදත්ත. මා තෙ රුච්චි සඞ්ඝභෙදො. ගරුකා ඛො දෙවදත්ත, සඞ්ඝභෙදො. යො ඛො දෙවදත්ත, සමග්ගං සඞ්ඝං භින්දති, කප්පට්ඨිතිකං කිබ්බිසං පසවති, කප්පං නිරයම්හි පච්චති. යො ච ඛො දෙවදත්ත භින්නං සඞ්ඝං සමග්ගං කරොති, බ්රහ්මං පුඤ්ඤං පසවති, කප්පං සග්ගම්හි මොදති. අලං දෙවදත්ත. මා තෙ රුච්චි සඞ්ඝභෙදො. ගරුකා ඛො දෙවදත්ත, සඞ්ඝභෙදො”ති.
‘දේවදත්තයෙනි, එය නො සුදුසු ය. තොපට සංඝභේදය රිසි නො වේවා. දේවදත්තයෙනි, සංඝභේදය බර පවෙකි. දේවදත්තයෙනි, යමෙක් සමග සංඝයා බිඳලන්නේ නම් හේ කලාපස්ථායී පාපයක් රැස් කරයි. කල්පයක් නිරයෙහි පැසෙයි. දේවදත්තයෙනි, යමෙක් වනාහි භින්න වූ සංඝයා සමග කරන්නේ ද හේ මහත් පින් රැස් කෙරෙයි. කල්පයක් ස්වර්ගයෙහි සතුටු වෙයි. දේවදත්තයෙනි, නො සුදුසු ය. තොපට සංඝභේදය නො රිසියේවා. දේවදත්තයෙනි, සංඝ භේදය ඒකාන්තයෙන් බර පවෙකි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො දෙවදත්තො ආයස්මන්තං ආනන්දං රාජගහෙ පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: “අජ්ජතග්ගෙ දානාහං ආවුසො ආනන්ද අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්රෙව භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි, සඞ්ඝකම්මං කරිස්සාමී”ති.
එකල්හි වනාහි අනඳ තෙරණුවෝ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬුපිණිස පිවිසිය හ. දෙව්දත් තෙර රජගහ නුවරැ පිඬුපිණිස හැසිරෙන අනඳ තෙරුන් දුටුයේ ය. දැක ඔබ වෙත එළඹියේ ය. එළඹ අනඳ තෙරුන් බණවා, “ඇවැත් ආනන්දයෙනි, අදින් මත්තෙහි මම් භාග්‍යවතුන් වහන්සේ ගෙන් වෙන් ව ම භික්ෂූසංඝයා ගෙන් වෙන් ව ම පොහෝ කරන්නෙමි, සඞ්ඝකර්‍ම කරන්නෙමි” යි කී ය.
අථ ඛො ආයස්මා ආනන්දො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. අද්දසා ඛො මං භන්තෙ දෙවදත්තො රාජගහෙ පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං එතදවොච: ‘අජ්ජතග්ගෙ දානාහං ආවුසො ආනන්ද අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්රෙව භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි, සඞ්ඝකම්මං කරිස්සාමී’ති. අජ්ජ භන්තෙ දෙවදත්තො සඞ්ඝං භින්දිස්සතී”ති.
ඉක්බිති අනඳ තෙරණුවෝ රජගහ නුවරැ පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරැළා ඇක්මුණාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන්නාවූ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි මම් පෙර වරුයෙහි හැඳපෙරෙව, පාසිවුරුගෙන රජගහ නුවරැ පිඬුපිණිස පිවිසියෙමි. වහන්ස, දෙව්දත් තෙරණුවෝ රජගහ නුවරැ පිඬුපිණිස හැසිරෙන මා දුටහ. දැක මා කරා එළැඹියාහ. එළැඹැ, මා අමතා ‘ඇවැත් ආනන්දයෙනි, අදින් මත්තෙහි මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම භික්ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම පොහොය කරන්නෙමි, සඞ්ඝකර්‍ම කරන්නෙමි’ යි කීහ. වහන්ස, දෙව්දත් තෙරණුවෝ අද සඞ්ඝයා භේද කරන්නාහ” යි සැලකළාහ.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැක එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
සුකරං සාධුනා සාධු සාධු පාපෙන දුක්කරං, පාපං පාපෙන සුකරං පාපමරියෙහි දුක්කරන්ති.
“සත්පුරුෂයා විසින් හොඳ දෑ ලෙහෙසියෙන් කළ හැක්ක. අසත්පුරුෂයා විසින් හොඳ දෑ කරනු ලෙහෙසි නො වේ: පාපයා විසින් පාපය ලෙහෙසියෙන් කළ හැක්ක: ආර්‍ය්‍යයන් විසින් පාපය කළ නො හැක්කැයි.”
දුතියං භාණවාරං
දෙවෙනි බණවරයි.
1. අථ ඛො දෙවදත්තො තදහුපොසථෙ උට්ඨායාසනා සලාකං ගාහෙසි: “මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිම්හ:
1. එකල්හි දෙව්දත් තෙම එ පොහෝ දිනෙහි අස්නෙන් නැඟීසිට සලාක ගැන්වීය. ‘ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ (මෙහි මතු දැක්වෙන පරිදි) වස්තු පසක් ඉල්ලූමු:
භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය -පෙ- විරියාරම්භාය සංවත්තන්ති, සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු. යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය -පෙ- යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං. යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යාති. ඉමානි පඤ්ච වත්ථූනි සමණො ගොතමො නානුජානාති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි සමාදාය වත්තාම. යස්සායස්මතො ඉමානි පඤ්ච වත්ථූනි ඛමන්ති සො සලාකං ගණ්හාතූ”ති.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ යථාලාභසන්තොෂයේ සල්ලේඛයේ ධුතගුණයේ ප්‍රාසාදික බවේ යටත් පැවැත්මේ වීර්‍ය්‍ය වැඩීමේ ගුණ කියනසුලු කෙනෙක. වහන්ස, මේ මතු කියැවෙන පඤ්ච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡ බව පිණිස ...වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්. වහන්ස, භික්ෂූහු දිවි හිම් කොට ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය ... වහන්ස, දිවි හිම් කොට භික්ෂූහු දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් කෑයේ වී නම් වරද ඔහු ස්පර්ශ කරන්නේ ය’ යනු ය. මහණ ගොයුම් තෙම මේ වස්තු පස නො අනුදනී. (එහෙත්) ඒ අපි මේ වස්තු පස සමාදන් කොටගෙන පවතිමු. යම් ආයුෂ්මතක්හට මේ පඤ්ච වස්තූහු රිසියෙත් ද හේ සලාකාව ගනී වා” යි කියා සලාකා ගැන්විය.
තෙන ඛො පන සමයෙන වෙසාලිකා වජ්ජිපුත්තකා පඤ්චමත්තානි භික්ඛුසතානි නවකා චෙව හොන්ති අප්පකතඤ්ඤුනො ච. තෙ ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනන්ති’ සලාකං ගණ්හිංසු.
එ සමයෙහි විසල්පුර වැසි පන්සියක් පමණ වූ භික්ෂූහු නවක (අළුත පැවිදිවූවාහු) වූවාහු බුද්ධප්රඳප්ත ශික්ෂාපදයන්ගේ යථාතත්ත්වය නො දන්නාහු ද වෙත්. ඔහු ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’යි සිතා සලාකා ගත්හ.
අථ ඛො දෙවදත්තො සඞ්ඝං භින්දිත්වා පඤ්චමත්තානි භික්ඛුසතානි ආදාය යෙන ගයාසීසං තෙන පක්කාමි.
ඉක්බිති දෙව්දත් තෙම මෙසේ සඞ්ඝ භේදය කොට පන්සියක් පමණ වූ (ඒ) භික්ෂූන් ගෙන ගයාශීර්ෂය බලා නික්මියේ ය.
අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “දෙවදත්තො භන්තෙ සඞ්ඝං භින්දිත්වා පඤ්චමත්තානි භික්ඛුසතානි ආදාය යෙන ගයාසීසං තෙන පක්කන්තො”ති.
එ කල්හි සැරියුත් මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, දෙව්දත් තෙරණුවෝ සංඝයා බිඳ පන්සියක් පමණ භික්ෂූන් ගෙන ගයාශීර්ෂය කරා ගියාහ.” යි සැලකළාහ.
“න හි නාම තුම්හාකං සාරිපුත්තා තෙසු නවකෙසු භික්ඛූසු කාරුඤ්ඤම්පි භවිස්සති. ගච්ඡථ තුම්හෙ සාරිපුත්තා, පුරා තෙ භික්ඛූ අනයව්යසනං ආපජ්ජන්තී”ති. “එවං භන්තෙ”ති ඛො සාරිපුත්තමොග්ගල්ලානා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන ගයාසීසං තෙන පක්කමිංසු.
“ශාරිපුත්‍රයෙනි, ඒ නවක භික්ෂූන් කෙරෙහි තොපගේ කරුණාවකුදු නො වියයුතු ද, ශාරිපුත්‍රයෙනි, ඒ භික්ෂූන් අනයව්‍යසනයට පැමිණෙන්නට පෙරාතුව තෙපි යවු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. “එසේය, වහන්සැ”යි කියා සැරියුත් මුගලන් දෙ නම පිළිවදන් දී අස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගයාශීර්ෂය බලා නික්මුණාහ.
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භගවතො අවිදූරෙ රොදමානො ඨිතො හොති. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “කිස්ස ත්වං භික්ඛු රොදසී”ති.
එසමයෙහි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හඬමින් සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මහණ කවර හෙයින් තෝ හඬහි දැ?’යි අසාවදාළසේක.
“යෙපි තෙ භන්තෙ භගවතො අග්ගසාවකා සාරිපුත්තමොග්ගල්ලානා තෙපි දෙවදත්තස්ස සන්තිකෙ ගච්ඡන්ති, දෙවදත්තස්ස ධම්මං රොචෙන්තා”ති.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අගසවු වූ යම් සැරියුත් මුගලන් දෙනමෙක් වූහු ද, ඔබ දෙදෙනා ද දෙව්දතුගේ දහම රිසියෙන්නාහු, ඔහු වෙත යෙති” යි හේ කී ය.
“අට්ඨානමෙතං භික්ඛු අනවකාසො යං සාරිපුත්තමොග්ගල්ලානා දෙවදත්තස්ස ධම්මං රොචෙය්යුං, අපි ච තෙ ගතා භික්ඛූනං සඤ්ඤත්තියා”ති
“මහණ, සැරියුත් මුගලන් දෙ දෙනා දෙව්දතුගේ දහම රිසි කරන්නාහ යන මෙය නො කරුණෙක, සිදුවන්නට අවකාශ නැත්තෙක. වැලි දු ඔහු භික්ෂූනට (යථා තත්ත්වය) හැඳින්වීම පිණිස ගියාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
2. තෙන ඛො පන සමයෙන දෙවදත්තො මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො හොති. අද්දසා ඛො දෙවදත්තො සාරිපුත්තමොග්ගල්ලානෙ දූරතො ව ආගච්ඡන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “පස්සථ භික්ඛවෙ යාව ස්වාක්ඛාතො මයා ධම්මො, යෙපි තෙ සමණස්ස ගොතමස්ස අග්ගසාවකා සාරිපුත්තමොග්ගල්ලානා තෙපි මම සන්තිකෙ ආගච්ඡන්ති, මම ධම්මං රොචෙන්තා”ති. එවං වුත්තෙ කොකාලිකො දෙවදත්තං එතදවොච: “මා ආවුසො දෙවදත්ත සාරිපුත්තමොග්ගල්ලානෙ විස්සසි. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසංගතා”ති.
2. එ සමයෙහි වනාහි දෙව්දත් තෙම මහත් පිරිසක් විසින් පිරිවැරුණේ දම් දෙසමින් හුන්නේ වෙයි. දෙව්දත් තෙම දුරින් ම එන්නා වූ සැරියුත් මුගලන් දෙ නම දිටී ය. දැක භික්ෂූන් බණවා, “මහණෙනි, බලවු. මා විසින් ධර්මය කොතරම් මනා කොට කියන ලද්දේද, මහණ ගොයුම්හුගේ අගසවු වූ සැරියුත් මුගලන් දෙදෙනා ද මගේ ධර්මයට රුචි කරන්නාහු මා වෙත එත්” යැ යි කී ය. මෙසේ කී කල්හි කෝකාලික මහණ තෙම දෙව්දතුට “ඇවැත් දෙව්දතුනි, සැරියුත් මුගලනුන් නො අදහවු. සැරියුත් මුගලන් දෙදෙනා ලාමක ආශා ඇත්තෝය. ලාමකාශාවනට වශග වූවෝයැ” යි කීය.
“අලං ආවුසො. ස්වාගතං තෙසං යතො මෙ ධම්මං රොචෙන්තී”ති.
“ඇවැත්නි, කම් නැත. මගේ දහම රිසියෙන හෙයින් ඔවුන්ගේ මනා පැමිණීමෙකි (ඔවුන් පිළිගනිමි)” යි දෙව්දත් කී ය.
අථ ඛො දෙවදත්තො ආයස්මන්තං සාරිපුත්තං උපඩ්ඪාසනෙන නිමන්තෙසි: “එහාවුසො සාරිපුත්ත ඉධ නිසීදාහී”ති.
ඉක්බිති දෙව්දත් තෙම “ඇවැත් ශාරිපුත්‍රයෙනි, එවු, මෙහි වැඩ ඉඳිවු” යැ යි සැරියුත් තෙරුන් සිය අස්නෙන් අඩෙකින් නිමැතී ය. (තමා හුන් ආසනයෙන් අඩක් පෙන්වා ‘මෙහි වැඩ ඉන්නැ’යි කැඳවීය).
“අලං ආවුසො”ති ඛො ආයස්මා සාරිපුත්තො අඤ්ඤතරං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. ආයස්මාපි ඛො මහාමොග්ගල්ලානො අඤ්ඤතරං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි.
“කම් නැත, ඇවැත්නි” යි කියා සැරියුත් තෙරණුවෝ එක්තරා අස්නක් ගෙන පසෙක හුන්හ. මහමුගලන් තෙරණුවෝ ද එක්තරා අස්නක් ගෙන පසෙක උන්හ.
අථ ඛො දෙවදත්තො බහුදෙවරත්තිං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා ආයස්මන්තං සාරිපුත්තං අජ්ඣෙසි: “විගතථිනමිද්ධො ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුසඞ්ඝො. පටිභාතු තං ආවුසො සාරිපුත්ත භික්ඛූනං ධම්මීකථා. පිට්ඨි මෙ ආගිලායති. තමහං ආයමිස්සාමී”ති. “එවමාවුසො”ති ඛො ආයස්මා සාරිපුත්තො දෙවදත්තස්ස පච්චස්සොසි.
එකල්හි දෙව්දත් භික්ෂූනට රෑ බොහෝ වේලා දහම් කථායෙන් කරුණු දක්වා එය ගන්වා, එහි උනන්දු කරවා, සතුටු කොට සැරියුත් තෙරුන් අමතා, “ඇවැත් ශාරීපුත්‍රයෙනි, භික්ෂූ සංඝ තෙම පහවූ ථීනමිද්ධය ඇත්තේ ය. ඇවැත් ශාරිපුත්‍රයෙනි, භික්ෂූනට (කළයුතු) , ධර්මකථාවෙක් ඔබට වැටහේවා, (භික්ෂූනට දම් දෙසන්න). මගේ පිට රිදෙයි. එය දිග හරින්නෙමි” යි කීය. “එසේ ය, ඇවැත්නි” යි සැරියුත් තෙරණුවෝ දෙව්දතුට පිළිවදන් දුන්හ.
අථ ඛො දෙවදත්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සෙය්යං කප්පෙසි. තස්ස කිලමන්තස්ස මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස මුහුත්තනෙව නිද්දා ඔක්කමි.
ඉක්බිති දෙව්දත් තෙම සඟළසිවුර සතරපට කොට පනවා දකුණැලයෙන් වැදහොත්තේ ය. ක්ලාන්ත වූ සිහිමුළා වූ නුවණින් තොර වූ ඔහුට මොහොතින් ම නිද්රොපගමය විය:
අථ ඛො ආයස්මා සාරිපුත්තො ආදෙසනාපාටිහාරියානුසාසනියා භික්ඛූ ධම්මියා කථාය ඔවදි, අනුසාසි. ආයස්මා මහාමොග්ගල්ලානො ඉද්ධිපාටිහාරියානුසාසනියා භික්ඛූ ධම්මියා කථාය ඔවදි, අනුසාසි. අථ ඛො තෙසං භික්ඛූනං ආයස්මතා සාරිපුත්තෙන ආදෙසනාපාටිහාරියානුසාසනියා ආයස්මතා මහාමොග්ගල්ලානෙන ඉද්ධිපාටිහාරියානුසාසනියා ඔවදියමානානං අනුසාසියමානානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති”.
ඉක්බිති සැරියුත් තෙරණුවෝ ආදේශනාප්රාතිහාර්ය්යයෙන් ද අනුශාසනීප්රාතිහාර්ය්යයෙන් ද යුක්ත කොට භික්ෂූනට දැහැමි කතායෙන් අනුශාසනා කළහ. මහමුගලන් තෙරණුවෝ සෘද්ධිප්රාතිහාර්ය්යයෙන් ද අනුශාසනීප්රාතිහාර්ය්යයෙන් ද යුක්ත කොට ධර්මකථායෙන් භික්ෂූනට අනුශාසනා කළහ. එකලැ සැරියුත් තෙරුන් විසින් ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය දෙකින් ද, මහමුගලන් තෙරුන් විසින් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය අනුශාසනාප්රාතිහාර්ය්ය දෙකින් ද ඔවා දෙනු ලබන, අනුශාසන කරනු ලබන ඒ භික්ෂූනට “උපදනාසුලු සියල්ල නැසෙනසුලු යැ”යි කෙලෙස් රජස් රහිත පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස පහළ විය.
අථ ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: “ගච්ඡාම මයං ආවුසො භගවතො සන්තිකෙ. යො තස්ස භගවතො ධම්මං රොචෙති සො ආගච්ඡතූ”ති. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා තානි පඤ්ච භික්ඛුසතානි ආදාය යෙන වෙළුවනං තෙනුපසඞ්කමිංසු. අථ ඛො කොකාලිකො දෙවදත්තං උට්ඨාපෙසි: උට්ඨෙහි ආවුසො දෙවදත්ත. නීතා තෙ භික්ඛූ සාරිපුත්තමොග්ගල්ලානෙහි. නනු ත්වං, ආවුසො දෙවදත්ත මයා වුත්තො ‘මා ආවුසො දෙවදත්ත, සාරිපුත්තමොග්ගල්ලානෙ විස්සසි. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසංගතා’ති? අථ ඛො දෙවදත්තස්ස තත්ථෙව උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි.
එයින් පසු සැරියුත් තෙරණුවෝ භික්ෂූන් අමතා “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත යමු. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය රිසි කරන තැනැත්තේ (අප හා) ඒවා” යි වදාළාහ. ඉක්බිති සැරියුත්මුගලන් දෙ නම ඒ පන්සියක් භික්ෂූන් ගෙන වේළුවනය කරා එළැඹියාහ. එවිට කෝකාලික මහණ තෙම “ඇවැත් දෙව්දතුනි, නැගී සිටින්න, ඒ භික්ෂූහු සැරියුත් මුගලන් දෙදෙනා විසින් ගෙනයන ලදහ. “ඇවැත් දෙව්දතුනි, සැරියුත් මුගලනුන් නො අදහවු. සැරියුත් මුගලන්හු, ලාමක ආශා ඇත්තාහ. ලාමක ඊප්ෂාවනට වශග වූවෝ යැ’යි මා විසින් ඔබ නො කියන ලද්දෝ දැ ” යි කියා දෙව්දතු පුබුදුවා ලී ය. එවිට දෙව්දතුට එතන්හි මුවින් උණුලේ නික්මිණ.
3. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිසුං. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච “සාධු භන්තෙ භෙදකානුවත්තකා භික්ඛූ පුන උපසම්පජ්ජෙය්යුන්ති”.
3. ඉක්බිති සැරියුත් මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියාහ. වැඩ ඔබ වැඳ පසෙක හිඳගත්හ. එක් පසෙක හුන්නාවූ සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භෙදානුවර්තතක (සංඝභේදකයන් අනුව පැවැති) මහණහු යලිදු උපසපුව ලබන්නාහු නම් මැනැවැ”යි කීහ.
“අලං සාරිපුත්ත. මා තෙ රුච්චි භෙදකානුවත්තකානං භික්ඛූනං පුන උපසම්පදා. තෙන හි ත්වං සාරිපුත්ත භෙදකානුවත්තකෙ භික්ඛූ ථුල්ලච්චයං දෙසාපෙහි”.
“කම් නැත, ශාරිපුත්‍රයෙනි. භෙදකානුවර්තතක භික්ෂූන් යලිත් උපසපන් කිරීම තොපට නො රිසියේවා. එබැවින් ශාරීපුත්‍රයෙනි, තෙපි භෙදකානුවර්තතක භික්ෂූන් ලවා තුලැසි ඇවැත දෙසවවු” යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“කථං පන තෙ සාරිපුත්ත දෙවදත්තො පටිපජ්ජී”ති.
(ඉක්බිති) භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා, “ශාරීපුත්‍රයෙනි, දෙව්දත් තෙරණුවෝ තොප කෙරෙහි කෙසේ පිළිපැද්දාහු ද?” යි අසාවදාළසේක.
“යථෙව භන්තෙ භගවා බහුදෙව රත්තිං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා මං අජ්ඣෙසති: “විගතථිනමිද්ධො ඛො සාරිපුත්ත භික්ඛුසඞ්ඝො, පටිභාතු තං සාරිපුත්ත භික්ඛූනං ධම්මී කථා. පිට්ඨි මෙ ආගිලායති. තමහං ආයමිස්සාමී’ති. එවමෙව ඛො භන්තෙ දෙවදත්තො පටිපජ්ජී”ති.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් දැහැමි කතායෙන් භික්ෂූනට කරුණු දක්වා කරුණු ගන්වා, එහි උනන්දු කරවා, එහි සතුටු කරවා “ ශාරීපුත්‍රයෙනි, භික්ෂූසංඝ තෙම වහා පහ වූ ථිනමිද්ධය ඇත්තේ ය. ශාරීපුත්‍රයෙනි, භික්ෂූනට (කැරෙන) ධර්මකථාව තොපට වැටහේවා. මා පිට රිදෙයි, මම් එය දිගහරින්නෙමි” යි වදාරා යම්සේ දම් දෙසන්නට මට විධාන කරනසේක් ද, එසේ ම වහන්ස, මා කෙරෙහි පිළිපන්නේ යැ යි” සැරියුත් තෙරණුවෝ වදාළාහ.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “භූතපුබ්බං භික්ඛවෙ අරඤ්ඤායතනෙ මහාසරසී. තං නාගා උපනිස්සාය විහරිංසු. තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුළාලං අබ්බුහිත්වා සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා අකද්දමං සඞ්ඛාදිත්වා අජ්ඣොහරන්ති. තෙසං තං වණ්ණාය චෙව හොති බලාය ච, න ච තතො නිදානං මරණං වා නිගච්ඡන්ති මරණමත්තං වා දුක්ඛං. තෙසං යෙව ඛො පන භික්ඛවෙ, මහානාගානං අනුසික්ඛමානා තරුණා භිංකඡාපා තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුළාලං අබ්බුහිත්වා, න සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා සකද්දමං සඞ්ඛාදිත්වා අජ්ඣොහරන්ති. තෙසං තං නෙව වණ්ණාය හොති න බලාය. තතො නිදානංච මරණං වා නිගච්ඡන්ති මරණමත්තං වා දුක්ඛං. එවමෙව ඛො භික්ඛවෙ දෙවදත්තො මමානුකුබ්බං කපණො මරිස්සතීති.
එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. වන පෙදෙසෙක මහවිලෙක් විය. ඇත්තු එය නිසා වුසූහ. ඔහු එ විලට බැස සොඬින් නෙළුම් දඩු උදුරා මොනොවට සෝදා මඩ නැති කොට සපා ගිලිත්. එය ඔවුනට පැහැපත් බව පිණිස ද ශරීර ශක්තිය පිණිස ද වේ. එය හේතු කොට ගෙන මරණයට හෝ මරණමාත්‍ර දුකකට හෝ නො ද පැමිණෙත්. මහණෙනි, ඔවුන් අතුරෙන් ඒ මහඇතුන් අනුව හික්මෙන තරුණ වූ යම් ඇත් පැටවු වෙත් ද ඔහු ඒ විලට බැස සොඬින් නෙළුම්දඩු උදුරා මනා කොට නො සෝදා මඩ සහිත ව විකා ගිලිත්. ඔවුනට එය පැහැපත් බව පිණිස ද ශක්තිය පිණිස ද නො වේ. එය හේතු කොට ගෙන ඔහු මරණයට හෝ මරණයට සමාන දුකකට හෝ පැමිණෙත්. මහණෙනි, එසේ ම මා අනුකරණය කරන දෙව්දත්හු කෘපණ වැ (අනාථ වැ) මියෙන්නාහ.
මහාවරාහස්ස මහිං විකුබ්බතො භිසං ඝසානස්ස නදීසු ජග්ගතො, භිංකොව පඞ්කං අභිභක්ඛයිත්වා මමානුකුබ්බං කපණො මරිස්සතී”ති.
“මිහි පිටැ විකුර්වණය කරන නදීන්හි පිළිදැගුම් කරන මහ ඇතක්හු අනුකරණය කොට මඩ කා මැරෙන ඇත්පොව්වා සෙයින් මා අනුකරණය කරන දෙව්දත් ද අනාථ ව මිය යන්නේ ය.”
4. “අට්ඨහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු දූතෙය්යං ගන්තුමරහති. කතමෙහි අට්ඨහි: ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති සාවෙතා ච උග්ගහෙතා ච ධාරෙතා ච විඤ්ඤාතා ච විඤ්ඤාපෙතා ච කුසලො ච සහිතාසහිතස්ස නො ච කලහකාරකො. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු දූතෙය්යං ගන්තුමරහති.
4. “මහණෙනි, අංග අටෙකින් සමන්විත මහණ තෙමේ දූත කාර්‍ය්‍යයෙහි යන්නට සුදුසු ය. කවර අටින් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කියන බසට මොනොවට කන්යොමු කෙරේ ද, අස්වන්නේ (කියන්නේත්) වේ ද, ඉගෙනගන්නේ වේ ද, උගත් දෑ සිතෙහි දරන්නේ වේ ද, කරුණු නුවණින් දැනගන්නේ වේ ද, සෙස්සනට දන්වන්නේ වේ ද, අර්‍ථනිඃශ්‍රිත වූ ද අර්‍ථනිඃශ්‍රිත නො වූද දෑ දැනීමෙහි දක්ෂ වේ ද, කලහකාරී නො වේ ද, මහණෙනි, මෙ කී අංග අටින් සමන්විත මහණ තෙම දූතගමන යන්නට සුදුසු වේ.
අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො සාරිපුත්තො දූතෙය්යං ගන්තුමරහති. කතමෙහි අට්ඨහි: ඉධ භික්ඛවෙ සාරිපුත්තො සොතා ච හොති සාවෙතා ච උග්ගහෙතා ච ධාරෙතා ච විඤ්ඤාතා ච විඤ්ඤාපෙතා ච කුසලො ච සහිතාසහිතස්ස නො ච කලහකාරකො. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතො සාරිපුත්තො දූතෙය්යං ගන්තුමරහතී”ති.
මහණෙනි, අංග අටෙකින් සමන්විත ශාරීපුත්‍ර තෙමේ දූත ගමන යන්නට සුදුසු ය. කවර අංග අටෙකින් ද යත්: මහණෙනි, මෙහි ශාරිපුත්‍ර තෙම ඇහුම් කන් දෙන්නේ ද අස්වන්නේ ද උගන්නේ ද සිතින් දරන්නේ ද දන්නේද දන්වන්නේද අර්‍ථනිඃශ්‍රිත වූ නිඃශ්‍රිත නොවූ දෑ දැනීමෙහි දක්ෂ වේද කලහකාරී නො වේද, මහණෙනි, මේ අංග අටින් සමන්විත ශාරිපුත්‍ර තෙමේ දූතකාර්ය්ය පිණිස යන්නට සුදුසු වේ.”
“යො වෙ න බ්යථති පත්වා පරිසං උග්ගවාදිනිං න ච හාපෙති වචනං න ච ඡාදෙති සාසනං. අසන්දිද්ධො ච අක්ඛාති පුච්ඡිතො ච න කුප්පති ස වෙ තාදිසකො භික්ඛු දූතෙය්යං ගන්තුමරහතී”ති.
“යමෙක් උග්රවාද ඇති පිරිසක් කරා පැමිණ නො පෙළේ ද, කියැ යුතු වචනය පැහැර නො හරී ද, හස්න නො ම වසාලයි ද, සැක නැති ව කියැයුතු වචනය කියයි ද, කරුණු විචාරන ලද්දේ නො කිපෙයි ද, ඒකාන්තයෙන් එබඳු මහණ තෙම් දූතබව්හි යන්නට සුදුසු වේ. ”
“අට්ඨහි භික්ඛවෙ අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි අට්ඨහි: ලාභෙන භික්ඛවෙ අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. අලාභෙන භික්ඛවෙ -පෙ- යසෙන භික්ඛවෙ -පෙ- අයසෙන භික්ඛවෙ -පෙ- සක්කාරෙන භික්ඛවෙ -පෙ- අසක්කාරෙන භික්ඛවෙ -පෙ- පාපිච්ඡතාය භික්ඛවෙ -පෙ- පාපමිත්තතාය භික්ඛවෙ අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
“මහණෙනි, අසද්ගුණ අටෙකින් මැඩුණු, එයින් දැඩි කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙම අපායගාමී වූයේ නිරයගාමී වූයේ කල්පයක් නිරයෙහි සිටින්නෙක් වනුයේ එය වළක්වාලන්නට කළහැකි පිළියමක් නැත්තෙක් වූයේ වෙයි. කවර අසද්ගුණ අටින් ද යත්: මහණෙනි, දෙව්දත් තෙම ලාභයෙන් මැඩුණේ, දැඩි කොට ගන්නා ලද සිතැත්තේ, අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, කපක් නිරයේ සිටින්නේ, එය නවතාලන පිළියම් නැත්තේ වෙයි. මහණෙනි, දෙව්දත් තෙම අලාභයෙන්... යසසින්... අයසසින් සත්කාරයෙන්... අසත්කාරයෙන්... ලාමක ඊප්සා ඇති බැවින්... පවිටු මිතුරන් ඇති බැවින් මැඩුණේ, දැඩි ලෙස ගන්නා ලද සිතැත්තේ, අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, කපක් නිරයෙහි සිටින්නෙක් වන්නේ, එය නවතාලන පිළියමක් නැත්තේ වෙයි. මහණෙනි, මේ අසද්ගුණ අටින් මැඩුණු , දැඩිලෙස ගන්නා ලද සිතැති දෙව්දත් තෙමේ ආපායික වූයේ නේරයික වූයේ කල්පයක් නිරයේ සිටුනේ පිළියම් නැත්තේ වෙයි.
සාධු භික්ඛවෙ භික්ඛු උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නංසක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං -පෙ- අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
මහණෙනි, මහණ තෙම උපන් ලාභය මැඩ ගෙන මැඩ ගෙන වසන්නේ නම් මැනැවි. උපන් අලාභය... උපන් යශස ... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව... මැඩ මැඩ වසන්නේ නම් මැනව.
කිං ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය. උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය භික්ඛවෙ උප්පන්නං ලාභං අනභිභුය්ය අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං විහරෙය්ය. යංහි‘ස්ස ආසවා විඝාතපරිළාහා උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
මහණෙනි, යම් හෙයෙකින් උපන් ලාභය නො මැඩ නො මැඩ වසන ඔහුට ආස්‍රවයෝ ද චිත්ත පීඩාවෝ ද සිත් දැවිලි ද උපදනාහු ද, උපන් ලාභය මැඩ මැඩ වසන ඔහුට මෙසේ ඒ ආස්‍රවයෝ, ඒ සිත් පෙළුම් හා සිත් දැවිලි නො වෙත්. [missing trans]
යං හි‘ස්ස භික්ඛවෙ උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අනභිභුය්ය අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
මහණෙනි, යම් හෙයෙකින් උපන් අලාභය... උපන් යශස... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව නො මැඩ නො මැඩ වසන ඔහුට ආස්‍රව කෙනෙක් විසාතපරිදාහ කෙනෙක් උපදනාහු නම්, උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන ඔහුට මෙසේ ඒ ආස්‍රවයෙන් විඝාත පරිදාහයෝ නො වෙත්.
ඉදං ඛො භික්ඛවෙ අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය. උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, තස්මාතිහ භික්ඛවෙ උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාම - උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
මහණෙනි, මහණ තෙම මේ කරුණ නිසා උපන් ලාභය මැඩ මැඩ වසන්නේ ද උපන් අලාභය... උපන් යශස... උපන් අයශස.... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන්නේ ය. මහණෙනි, එහෙයින් “උපන් ලාභය මැඩ මැඩ වසන්නමු, උපන් අලාභය... උපන් යශස... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන්නමු” යි මෙසේ ම තොප විසින් හික්මියැ යුතු.
5. “තීහි භික්ඛවෙ අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි තීහි: පාපිච්ඡතා පාපමිත්තතා ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරාවොසානං ආපාදි. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො”ති.
5. “මහණෙනි, අසත් ස්වභාව තුනෙකින් මැඩුණු හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙම ආපායිකයෙක් (අපාය උරුම කොටගැත්තෙක්), නෙරයිකයෙක් (නිරයයේ උපදනට නියත වූයෙක්), කල්පයක් ම නිරයෙහි සිටුනෙක්, පිළියම් ලැබිය නො හැක්කෙක් විය. කවර අසත් ස්වභාව තුනෙකින් ද යත්: ලාමක ආශා ඇති බව, පාපමිත්‍රයන් ඇති බව, අල්පමාත්‍ර විශේෂාධිගමයෙන් (ලෞකිකධ්යාන හා අභිඥා ලේශයක් ලැබීමෙන්) අතර මඟහැදී (නිෂ්ඨාවට නො පැමිණ ම නිෂ්ඨාවට පැමිණියෙමි’යි) ව්යවසානයට (කෙළවරට-තෘප්තියට) පැමිණියේ ය යන බව යන අසත් ස්වභාව තුන ය. මහණෙනි, මේ අසත් ස්වභාව තුනින් මැඩුණු හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙම ආපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ඡ ද විය”.
1. “මා ජාතු කොචි ලොකස්මිං පාපිච්ඡො උදපජ්ජථ, තදමිනා‘පි විජානාථ පාපිච්ඡානං යථා ගති.
1. “ලොවැ කිසි ම කලෙක ලාමක ඊප්සා (ලාභාශා) ඇතියෙක් පහළ නො වේවා. ලාමක ඊප්සා ඇතියන්ගේ ගතිය යම් බඳු වේ ද, එය මේ දෙව්දතුගෙන් ද දැන ගනිවු.
2. පණ්ඩිතොති සමඤ්ඤාතො භාවිතත්තොති සම්මතො, ජලං’ව යසසා අට්ඨා, දෙවදත්තො’ති මෙ සුතං.
2. දෙව්දත් තෙම පණ්ඩිතයෙකැ යි (ලොවැස්සා විසින්) පිළිගන්නා ලද්දේ ය. භාවිතාත්මය (වඩනා ලද සිතැත්තෙකැ) යි ද සම්මත විය. යශසින් බබළමින් ම සිටියේ යැ යි ද මා විසින් අසන ලදී.
3. සො පමාදමනුචිණ්ණො ආසජ්ජ නං තථාගතං, අවීචිනිරයං පත්තො චතුද්වාරං භයානකං.
3. එබඳු වූ හෙතෙම ප්‍රමාදයට අනුව හැසුරුණේ (එළැඹ සිටි සිහිය නැති බව අනුව පැවැත්තේ) ඒ තථාගතයන් වහන්සේ ආසාදනය කොට (ලොහිතුප්පාදය කොට) සතර දොරක් ඇති භයානක වූ අවීචිනිරයට පැමිණියේ ය.
4. අදුට්ඨස්ස හි යො දුබ්භෙ පාපකම්මං අකුබ්බතො තමෙව පාපං ඵුසති දුට්ඨචිත්තං අනාදරං.
4. යමෙක් පව්කම් නො කරන, දුෂ්ට නො වූවකුට ද්‍රෝහ කරන්නේ ද, පාපය තෙමේ ආදර සිත් නැති දුෂ්ට වූ ඒ පුද්ගලයා ම ස්පර්ශ කෙරෙයි.
5. සමුද්දං විසකුම්භෙන යො මඤ්ඤෙය්ය පදූසිතුං. න සො තෙන පදූසෙය්ය භ්ස්මා හි උදධි මහා.
5. යමෙක් විෂ පිරුණු කළයෙකින් මුහුද දූෂිත කරන්නට සිතන්නේ ද, එයින් හේ එය දූෂිත කළ හැකි නො වන්නේ ය. මුහුද මහත් ය, බිය උපදවන තරම් විශාලය. එ හෙයිනි.
6. එවමෙව තථාගතං යො වාදෙනුපහිංසති; සම්මග්ගතං සන්තචිත්තං වාදො තම්හි න රූහති,
6. එ පරිද්දෙන් ම යමෙක් මාන මගින් ගිය සන්හුන් සිතැති තථාගතයන් වහන්සේට වාදයෙන් හිංසා කරන්නට තැත් කෙරෙයි ද, එහෙත් උන්වහන්සේ කෙරෙහි වාදය නො නැගෙයි (රුහණය නො වේ).
7. තාදිසං මිත්තං කුබ්බෙථ තං ච සෙවෙථ පණ්ඩිතො යස්ස මග්ගානුගො භික්ඛු ඛයං දුක්ඛස්ස පාපුණෙ”ති.
7. යමකු ගිය මඟ අනුව යන මහණ තෙම දුඃඛයාගේ විනාශයට පැමිණෙන්නේ ද (සියලු කෙලෙස් නසන්නේ ද), නුවණැත්තේ එබන්දකු මිතුරකු කැරැගන්නේ ය, එබන්දකු ම සෙවුනේ ය.
6. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච: “සඞ්ඝරාජි සඞ්ඝරාජී’ති, භන්තෙ වුච්චති කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. කිත්තාවතා ච පන සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චා”ති.
6. එසමයෙහි උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ, ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් උපාලි තෙරණුවෝ “වහන්ස, සඞ්ගරාජි ය සඞ්ගරාජියැ යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් සඞ්ගරාජිය වේ ද? එහෙත් සඞ්ඝභේදය නො වේ ද? කොතෙකින් ම සඞ්ගරාජියත් සඞ්ගභේදයත් යන දෙක ම වේ ද?” යි විචාළහ.
“එකතො උපාලි එකො හොති එකතො ද්වෙ චතුත්ථො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
“උපාලි, ධර්මවාදී එක් පක්ෂයෙකින් එකෙක් වෙයි ද, අධර්මවාදී පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, සතර වැන්නෙක් ‘මෙය ධර්මය යැ, මෙය විනය යැ, මෙය ශාස්තෘශාසනය යැ, මෙය පිළිගනිවු, මෙයට සතුටු වවු (මෙයට රිසි කරවු) යැ’ යි අනුශ්‍රාවණය (අනුනට ඇස්වීම) කෙරේ ද, සලාකා ගන්වාද, උපාලි, මෙසේ ම සඞ්ඝරාජිය වෙයි, එහෙත් සඞ්ඝභේදය නො වෙයි” .
“එකතො උපාලි ද්වෙ හොන්ති එකතො ද්වෙ පඤ්චමො අනුසාවෙති සලාකං ගාහෙති, ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
“උපාලි, ධම්වාදී එක් පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, අධර්මවාදී එක් පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, පස් වැන්නෙක් (අධර්මවාදී වැ) ‘මේ ධර්ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසනය යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි.”
“එකතො උපාලි ද්වෙ හොන්ති එකතො තයො. ඡට්ඨො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො”.
“උපාලි එක් පසෙකින් දෙදෙනෙක් වෙත් ද අනික් පසින් තුන් දෙනෙක් වෙත් ද, සවැන්නෙක් ‘මේ ධර්ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි.”
“එකතො උපාලි තයො හොන්ති, එකතො තයො. සත්තමො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
“උපාලි, එක් පසෙකින් තිදෙනෙක් වෙත් ද, අනික් පසිනුත් තිදෙනෙක් වෙත් ද, සත් වැන්නෙක් ‘මේ ධර්ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය පිළිගනිවු මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වේ, වැලිදු සඞ්ඝභේදය නොවේ” .
“එකතො උපාලි තයො හොන්ති, එකතො චත්තාරො, අට්ඨමො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො.”
“උපාලි, එක් පසෙකින් තිදෙනෙක් වෙත් ද, අනික් පසින් සතර දෙනෙක් වෙත් ද, අටවැන්නෙක් ‘මේ දහම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි” .
“එකතො උපාලි චත්තාරො හොන්ති එකතො චත්තාරො. නවමො අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. එවං ඛො උපාලි සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච. නවන්නං වා උපාලි අතිරෙක නවන්නං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච.”
“උපාලි, එක් පසෙකින් සතර දෙනෙක් වෙත් ද, අනික් පසින් සතර දෙනෙක් වෙත් ද, නවවැන්නෙක් ‘මේ දහම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේ ම සඞ්ගරාජිය ද සඞ්ඝභේදය ද වේ. උපාලි, නවදෙනකුගෙන් ද නව දෙනකුට වැඩි ගණනෙකින් ද සඞ්ඝරාජියත් සඞ්ගභේදයත් දෙක ම වේ.”
“න ඛො උපාලි භික්ඛුනී සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න සික්ඛමානා සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න සාමණෙරො සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න සාමණෙරී සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න උපාසකො සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. න උපාසිකා සඞ්ඝං භින්දති. අපි ච භෙදාය පරක්කමති. භික්ඛු ඛො උපාලි, පකතත්තො සමානසංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දෙ”ති.
“උපාලි, මෙහෙණක් සඞ්ඝභේදය නො කෙරෙයි වැලිදු සඞ්ඝභේදය පිණිස තැත් කෙරෙයි. ශික්ෂාමාණාව ද සංඞ්ඝභේදය නො කෙරෙයි. වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණෙක් සඞ්ග හෙදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණික් සඞ්ඝභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසකයෙක් සඞ්ඝභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසිකාවක් සඞ්ග භේදය නො කෙරෙයි: වැලිදු සඞ්ග භේදයට වෑයම් කරයි. උපාලි, සමාන සංවාසක වූ පුවතත් (පියෙවි මහණ දම ඇති) මහණ තෙමේ ම සමානසංවාස සීමායෙහි සිටියේ සඞ්ඝභේදය කෙරෙයි” වදාළසේක.
7. ‘සඞ්ඝභෙදො සඞ්ඝභෙදො’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො භින්නා හොතී”ති.
7. “වහන්ස, සඞ්ඝභේද යැ, සඞ්ඝභේද යැ යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් වනාහි සඞ්ඝයා බිඳුණේ නම් වේ දැ” යි උපාලිතෙරණුවෝ පුළුවුත්හ.
“ඉධුපාලි භික්ඛූ අධම්මං ධම්මො’ති දීපෙන්ති, ධම්මං අධම්මො’ති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, අනාපත්තිං ආපත්තීති දීපෙන්ති, ආපත්තිං අනාපත්තීති දීපෙන්ති, ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්ති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුලා ආපත්තීති දීපෙන්ති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. තෙ ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි අපකස්සන්ති, විපකස්සන්ති, ආවෙණිං උපොසථං කරොන්ති, ආවෙණිං පවාරණං කරොන්ති, ආවෙණිං සඞ්ඝකම්මං කරොන්ති. එත්තාවතා ඛො උපාලි සඞ්ඝො භින්නො හොතී”ති.
“උපාලි, මෙසස්නෙහි මහණහු ධර්ම යැ යි කියා අධර්මය දක්වත් ද, අධර්ම යැ යි කියා ධර්මය දක්වත් ද, විනය යැ යි කියා අවිනය දක්වත් ද, අවිනය යැ යි කියා විනය දක්වත් ද, තථාගතයන් විසින් දෙසන ලද යි වදාරන ලදැ යි තථාගතයන් විසින් නො දෙසන ලද්දක් නො වදාරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො දෙසන ලදැ යි නො වදාරන ලදැ යි කියා තථාගතයන් විසින් දෙසන ලද්ද, වදාරන ලද්ද දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු කරන ලදැ යි තථාගතයන් විසින් නො පුරුදුකරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො පුරුදු කරන ලදැ යි තථාගතයන් විසින් පුරුදු කරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් පනවන ලද්දෙකැ යි කියා තථාගතයන් විසින් නො පනවන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො පනවන ලද්දෙකැ යි කියා තථාගතයන් විසින් පනවන ලද්දක් දක්වත් ද, ඇවැතැ යි කියා නො ඇවැතක් දක්වත් ද, නො ඇවැතැ යි කියා ඇවැතක් දක්වත් ද, ගරු ඇවැතැ යි කියා ලුහු ඇවැතක් දක්වත් ද, ලුහු ඇවැතැ යි කියා ගරු ඇවැතක් දක්වත් ද, අනවශේෂ (ඉතිරි බවක් නැති) ඇවැතකැ යි කියා සාවශේෂ (ඉතිරි බවක් ඇති) ඇවතක් දක්වත් ද, සාවශේෂ ඇවැතැ යි කියා අනවශේෂ ඇවැත දක්වත් ද, නොදුළුල් ඇවැතැ යි කියා දුළුල් ඇවැතක් දක්වත් ද, දුළුල් ඇවැතකැයි කියා නො දුළුල් ඇවතක් දක්වත් ද, මේ භේදකර වස්තූන් අටළොසින් ඔහු (භික්ෂූන්) එක් පසකට අදිත්, අතිසයින් (යලි එකතු කළ නො හැකි වන පරිදි) එක් පසකට අදිත්, වෙන් ව පොහෝ කෙරෙත්, වෙන් ව පවුරුණු කෙරෙත්, වෙන් ව සඞ්ඝකර්‍ම කෙරෙත්. උපාලි, මෙ තෙකින් සඞ්ඝයා බිඳුණේ වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
8. “සඞ්ඝසාමග්ගි සඞ්ඝසාමග්ගීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො සමග්ගො හොතී”ති.
8. “වහන්ස, ‘සඞ්ඝ සාමග්‍රිය, සඞ්ඝ සාමග්රියැ’ යි කියනු ලැබේ. වහන්ස කොතෙකින් සඞ්ඝයා සමග්‍ර (සමග) වේ දැ?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“ඉධුපාලි භික්ඛූ අධම්මං අධම්මොති දීපෙන්ති, ධම්මං ධම්මොති දීපෙන්ති, අවිනයං අවිනයොති දීපෙන්ති, විනයං විනයොති දීපෙන්ති අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති, අනාපත්තිං අනාපත්තීති දීපෙන්ති, ආපත්තිං ආපත්තීති දීපෙන්ති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති, සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙන්ති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති. තෙ ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි න අපකස්සන්ති න විපකස්සන්ති න ආවෙණිං උපොසථං කරොන්ති, න ආවෙණිං පවාරණං කරොන්ති, න ආවෙණිං සඞ්ඝකම්මං කරොන්ති, එත්තාවතා ඛො උපාලි සඞ්ඝො සමග්ගො හොතී”ති.
“උපාලි, මෙහි මහණහු අධර්ම යැ යි කියා අධර්මය දක්වත් ද, ධර්ම යැ යි කියා ධර්මය දක්වත් ද, අවිනය යැ යි කියා අවිනය දක්වත් ද, විනය යැ යි කියා විනය දක්වත් ද, තථාගතයන් විසින් නො දෙසන ලදැ යි නොවදාරන ලදැ යි කියා තථාගතයන් විසින් නො දෙසන ලද නො වදාරන ලද දැයක් දක්වත් ද, තථාගතයන් විසින් දෙසන ලදැ යි වදාරන ලදැ යි කියා තථාගතයන් විසින් දෙසන ලද වදාරන ලද දැයක් දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු නො කරන ලද දැයක් තථාගතයන් විසින් පුරුදු නො කරන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු කරන ලද්දක් තථාගතයන් විසින් පුරුදු කරන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැ යි දක්වත් ද, නො ඇවැතැ යි නො ඇවැත දක්වත් ද, ඇවැතැ යි ඇවැත දක්වත් ද, ලුහු ඇවැතැ යි ලුහු ඇවැත දක්වත් ද, ගරු ඇවැතැ යි ගරු ඇවැත දක්වත් ද, සාවශේෂ ඇවැතැ යි සාවශේෂ ඇවත දක්වත් ද, අනවශේෂ ඇවැතැ යි අනවශේෂ ඇවැත දක්වත් ද, දුළුල් ඇවැතැ යි දුළුල් ඇවැත දක්වත් ද, නො දුළුල් ඇවැතැ යි නො දුළුල් ඇවැත දක්වත් ද, ඔහු මේ (දැහැමි) වස්තු අටළොසින් භික්ෂූන් පසකට නො අදිත් ද, අතිසයින් නො අදිත් ද, වෙන ම පොහෝ නො කෙරෙත් ද, වෙන ම පවුරුණු නො කෙරෙත් ද, වෙන ම සඞ්ඝකර්‍ම නො කෙරෙත් ද, උපාලි, මෙ තෙකින් වනාහි සඞ්ඝයා සමග්‍ර වූයේ නම් වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
9. “සමග්ගං පන භන්තෙ සඞ්ඝං භින්දිත්වා කිං සො පසවතී?”ති.
9. “වහන්ස, සමග්‍ර වූ සඞ්ඝයා බිඳ හේ කුමක් රැස් කෙරෙයි ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“සමග්ගං ඛො උපාලි සඞ්ඝං භින්දිත්වා කප්පට්ඨිකං කිබ්බිසං පසවති. කප්පං නිරයම්හි පච්චතී”ති.
“උපාලි, සමග්‍ර සඞ්ඝයා බිඳ කල්පස්ථායී පව් රැස් කෙරෙයි. කල්පයක් නිරයෙහි පැසේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො, වග්ගරතො අධම්මට්ඨො යොගක්ඛෙමා පධංසති; සඞ්ඝං සමග්ගං භින්දිත්වා, කප්පං නිරයම්හි පච්චතී”ති.
“සඞ්ඝයා බිඳුණේ අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, එහි කල්පයක් සිටුනේ වෙයි. ව්යග්රරත (අසමග වූවනට ඇලුණු), අධර්‍මස්ථ වූ හෙ තෙම යෝගක්ෂේමය ලැබීමෙන් වැළැකෙයි. සමග්‍ර සඞ්ඝයා බිඳ නිරයෙහි කපක් පැසෙයි” .
“භින්නං පන භන්තෙ සඞ්ඝං සමග්ගං කත්වා කිං සො පසවතී?”ති.
“වහන්ස, බෙදුණු සඞ්ඝයා සමග කොට හේ කුමක් රැස් කෙරේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“භින්නං ඛො උපාලි සඞ්ඝං සමග්ගං කත්වා බ්රහ්මං පුඤ්ඤං පසවති. කප්පං සග්ගම්හි මොදතී”ති.
“උපාලි, බෙදුණු සඞ්ඝයා සමග කොට මහත් පිනක් රැස් කෙරේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං චනුග්ගහො, සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති; සඞ්ඝං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මොදතී”ති.
“සඞ්ඝයාගේ සමගිය සැප ගෙනදෙයි. සමග වූ සඞ්ඝයාට අනුබල දීම ද සැප ගෙනදෙයි. සමග වූවනට ඇලුණු, දහමෙහි පිහිටි තැනැත්තෙක් යෝගක්ෂේමයෙන් (නිවන් ලැබීමෙන්) නො වැළකෙ යි. සඞ්ඝයා සමග කොට හේ කපක් සගෙහි සතුටු වේ”.
10. “සියා නු ඛො භන්තෙ සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො?”ති.
10. “වහන්ස, සඞ්ඝයා බිඳුනා පුද්ගල තෙමේ අපාය පිණිස වූයේ, නිරය පිණිස වූයේ කපක් නිරයෙහි සිටුනේ, එයින් මුදාලන පිළියමක් නැත්තේ වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“සියා උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො”ති.
“උපාලි, සඞ්ඝයා බිඳුනා එක්තරා පුඟුලෙක් අපාය පිණිස පවත්නේ ද නිරය පිණිස පවත්නේ ද, කපක් නිරයේ සිටුනේ ද, එයින් මුදාලන පිළියමක් නැත්තේ ද වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
සියා පන භන්තෙ සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො?ති”
“වහන්ස, සඞ්ඝයා බිඳුනා කිසියම් පුඟුලෙක් අපාය පිණිස නො පවත්නේ නිරය පිණිස නො පවත්නේ කපක් නිරයෙහි නො සිටුනේ පිළියම් නැත්තෙක් නො වන්නේත් වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“සියා උපාලි සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො”ති.
“උපාලි, සඞ්ඝයා බිඳුනා එක්තර පුඟුලෙක් ආපායික නො වූයේ නේරයික නො වූයේ කපක් නිරයෙහි නො සිටුනේ පිළියම් නැත්තෙක් නො වූයේ වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“කතමො පන භන්තෙ සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො?”ති.
“වහන්ස, කවර නම් සඞ්ඝභේදක තෙමේ ආපායික, නේරයික, කල්පස්ථ අතෙකිච්ඡ නො වන්නේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති තස්මිං අධම්මදිට්ඨි භෙදෙ අධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුස්සාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො, අතෙකිච්ඡො.
“උපාලි, මෙහි මහණෙක් ධර්මය යැ යි කියා අධර්මය දක්වන්නේ ද, එහි අධර්ම දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝ භේදයෙහි අධර්මදෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, අනුශ්‍රාවණය කෙරේ ද (අනුනට කියා ද), ‘මේ ධර්මයය මේ විනය යැ, මෙය ශාස්තෘශාසනය යැ. මෙය පිළිගනිවු, මෙයට කැමැති වවු’යි සලාකා ගන්වා ද උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ජ ද වේ.”
පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති. තස්මිං අධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථු සාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
තවද අනෙකක් කියමි. උපාලි, මහණෙක් ධර්මයැ යි අධර්මය දක්වා ද එහි අධර්ම යැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසන යැ. මෙය පිළිගනිවු, මෙයට කැමති වවු’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝ භේදක තෙමේ ද, ආපායිකත් නෙරයිකත් කල්පස්ථායීත් අතෙකිච්ඡත් වේ.
පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති. තස්මිං අධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථාති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
තවද උපාලි, මහණෙක් ධර්මයැ යි අධර්මය දක්වා ද, එහි අධර්මය යන දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝගභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථායීත් අතෙකිච්ඡත් වේ.
පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති තස්මිං ධම්මදිට්ඨි භෙදෙ අධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡා.
තවද උපාලි, මහණෙක් ධර්මය යැ යි අධර්මය දක්වා ද, එහි ධර්මයැයි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යී අනුනට කියා ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්භේදක තෙමේත් ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
පුන චපරං උපාලි භික්ඛු ධම්මං අධම්මොති දීපෙති භෙදෙ ධම්මදිට්ඨි විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
තවද උපාලි, මහණෙක් ධර්මයැ යි අධර්මය දක්වා ද, එහි ධර්මය යි දෘෂ්ටි ඇත්තේ, භේදයෙහි ධර්ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා , ‘මේ ධර්මය යැ, මේ විනය යැ. මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට රුචි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිව්ජත් වේ.
පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති තස්මිං ධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
තවද උපාලි, මහණෙක් ධර්මයැ යි , අධර්මය දක්වා ද, එහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ. දෘෂ්ටිය පිහිටුවා ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක, තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං වෙමතිකො, භෙදෙ අධම්මදිට්ඨි, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
තවද උපාලි, මහණෙක් ධර්මයැ යි අධර්මය දක්වා ද, එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්භේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
11. පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං වෙමතිකො භෙදෙ අධම්මදිට්ඨි, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
11. තව ද, උපාලි, ධර්මයැ යි අධර්මයක් දක්වා ද, එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං වෙමතිකො භෙදෙ වෙමතිකො, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථාති. අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
තව ද උපාලි, මහණෙක් ධර්මයැ යි අධර්මය දක්වා ද එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේත් ආපායික ද නේරයික ද, කල්පස්ථ ද අතෙකිව්ජ ද වේ.
පුන චපරං උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති, අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, අනාපත්තිං ආපත්තීති දීපෙති, ආපත්තිං අනාපත්තීති දීපෙති, ලහුකං ආපත්ති, ගරුකා ආපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, තස්මිං අධම්මදිට්ඨි, භෙදෙ අධම්මදිට්ඨි, විනිධාය දිට්ඨිං විනිධාය, ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං, අනුසාවෙති සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
තව ද උපාලි, මහණෙක් ධර්මයැ යි අධර්‍මයැ දක්වා ද, අධර්මය යැ යි ධර්මය දක්වා ද, විනය යැ යි අවිනයයක් දක්වා ද, අවිනය යැ යි විනය දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලද්දක් නො දෙසන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දක් දෙසන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් ආවීර්ණ නොවූවක් තථාගතයන් වහන්සේ විසින් ආචීර්ණ යැ යි දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් , නො පනවන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්දක් දක්වා ද, ඇවැතැයි නො ඇවැතක් දක්වා ද, නො ඇවැතැ යි ඇවැතක් දක්වා ද, ගරු ඇවැතැ යි ලුහු ඇවැතක් දක්වා ද, ලුහු ඇවැතැ යි ගරු ඇවැතක් දක්වා ද, අනවශේෂ ඇවැතැ යි සාවශේෂ ඇවැතක් දක්වා ද සාවශේෂ ඇවැතැ යි අනවශේෂ ඇවැතක් දක්වා ද, නොදුළුල් ඇවැතැ යි දුළුල් ඇවැතක් දක්වා ද, දුළුල් ඇවැතැ නොදුළුල් ඇවතක් දක්වා ද, එහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, ඒ දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමැති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ආපායික ද නේරයික ද, කල්පස්ථ ද අතෙකිච්ඡ ද වේ.
පුන චපරං උපාලි භික්ඛු ධම්මං අධම්මොති දීපෙති -පෙ- අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, තස්මිං අධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි -පෙ-
තව ද උපාලි, මහණෙක් , අධර්‍මයැ යි ධර්මයැ දක්වා ද, ... දුළුල් ඇවැතැ යි නො දුළුල් ඇවැත දක්වා ද ... එහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධමයැ යි දෘෂ්ටි ඇත්තේ, ...
තස්මිං අධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො -පෙ-
එහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ ...
තස්මිං ධම්මදිට්ඨි -පෙ- තස්මිං ධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො -පෙ-
එහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ ....
තස්මිං වෙමතිකො භෙදෙ අධම්මදිට්ඨි -පෙ-
එහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ ...
තස්මිං වෙමතිකො භෙදෙ ධම්මදිට්ඨි -පෙ-
එහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ ....
තස්මිං වෙමතිකො භෙදෙ වෙමතිකො විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡොති.
එහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්මය යැ. මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු මෙයට කැමති වවු’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ අපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ඡ ද වේ.
12. “කතමො පන භන්තෙ සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො”ති.
12. “වහන්ස, සඞ්ඝභේදය කරන කවරෙක් වනාහි ආපායික නො වේ ද? නේරයික නො වේ ද? කල්පස්ථ නො වේ ද? අතෙකිච්ඡ නො වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“ඉධූපාලි භික්ඛු අධම්මං අධම්මොති දීපෙති, තස්මිං ධම්මංදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි අවිනිධාය දිට්ඨිං අවිනිධාය ඛන්තිං අවිනිධාය රුචිං අවිනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.”
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) “උපාලි, මෙහි මහණ තෙම අධර්‍මයැ යි අධර්‍මයැ දක්වා ද, එහි ධම්යැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, ඒ දෘෂ්ටිය නො පිහිටුවා, ඉවසීම නො පිහිටුවා, රුචිය නො පිහිටුවා, අදහස නො පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ මෙය ගනිවු, මෙයට කැමති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ආපායික නො වේ, නේරයික නො වේ, කල්පස්ථ නො වේ, අතෙකිච්ජ නො වේ.”
පුන ච පරං උපාලි භික්ඛු ධම්මං ධම්මොති දීපෙති තස්මිං ධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි -පෙ- අවිනයං අවිනයොති දීපෙති, -පෙ- විනයං විනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙති.
“තව ද උපාලි, මහණ තෙම ධර්ම යැ යි ධර්මයැ දක්වා ද, එහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, ... අවිනය යැ යි අවිනය දක්වා ද, ... විනයයැ යි විනය දක්වාද තථාගතයන් විසින් නො වදාරන ලද්ද නො දෙසන ලද්ද තථාගතයන් විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි දක්වා ද තථාගතයන් විසින් වදාරන ලද්ද දෙසන ලද්ද තථාගතයන් විසින් වදාරන ලද්දැ යි දෙසන ලද්දැ යි දක්වා ද, තථාගතයන් විසින් අනාචීර්‍ණ දැය තථාගතයන් විසින් අනාවීර්ණ දැයෙකැ යි දක්වා ද,
ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙති, ආපත්තිං ආපත්තීති දීපෙති, අනාපත්තිං අනාපත්තීති දීපෙති, ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙති, ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙති, සාවසෙසං ආපත්තිං සාවසෙසා ආපත්තීති දීපෙති, අනවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙති, දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙති, තස්මිං ධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි අවිනිධාය දිට්ඨිං අවිනිධාය ඛන්තිං අවිනිධාය රුචිං අවිනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති: “අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං ඉමං ගණ්හථ ඉමං රොචෙථා’ති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡොති.
තථාගතයන් විසින් ආවීර්ණ දැය තථාගතයන් විසින් ආචීර්ණ දැයෙකැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලද්දකැ යි දක්වා ද, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලද්දැ යි දක්වා ද, ඇවැත ඇවැතැ යි දක්වා ද, නො ඇවැත නො ඇවැතැ යි දක්වා ද, ගරු ඇවත ගරු ඇවැතැ යි දක්වා ද, ලුහු ඇවත ලුහු ඇවැතැ යි දක්වා ද, සාවශේෂ ඇවැත සාවශේෂ ඇවැතැ යි දක්වා ද, අනවශේෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වා ද, දුළුල් ඇවැත දුළුල් ඇවැතැ යි දක්වා ද, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැ යි දක්වා ද, එහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්මයැ යි දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය නො පිහිටුවා, ඉවැසීම නො පිහිටුවා, රුචිය නො පිහිටුවා, අදහස නො පිහිටුවා, ‘මේ ධර්මය යැ, මේ විනය යැ. මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු” යැ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලීනි, මේ සඞ්ඝභේදක තෙමේත් ආපායික නො වේ, නේරයික නො වේ, කල්පස්ථායීත් නො වේ, අතෙකිච්ඡත් නො වේ” යැ යි වදාළසේක.
තතිය භාණවාරං
තෙවෙනි බණවර යි.
සඞ්ඝභෙදකක්ඛන්ධකං සත්තමං.
සත්වැනි සඞ්ඝභේදකබන්ධක යි.
තස්සුද්දානං:
මේ එහි උද්දානය යැ:
අනුපියෙ අභිඤ්ඤාතා, සුඛුමාලො න ඉච්ඡති කසා වප්පා අතිනින්නෙ නිඩ්ඩා ලාවෙ ච උබ්බහො පුඤ්ජමද්දපලාලඤ්ච භුසඔපුනඅතීහරෙ ආයතිම්පි න ඛීයන්ති පිතරො ච පිතාමහා.
අනුපිය වෙනෙහි දී ප්‍රකට ශාක්‍ය කුමාර කෙනෙක් පැවිදි වූහ. ඔවුන්ගෙන් එකෙක් සියුමැලි වූයේ පැවිද්දට නො කැමැති විය. කෙත් සෑම ද වී වැපිරීම ද දිය ඇතුළට ගැන්ම ද දිය සම කොට පැතිරැවීම ද, නෙළීම ද ගොයම් කැපීම ද ඒවා ගෙන්වීම ද මිටි බැඳීම ද ගොයම් මැඩීම ද පිදුරු වෙන් කිරීම ද කාටු හැරීම ද හුළං ගැස්වීම ද වී ඇතුළට ගෙන්වීම ද කරන්නේ ය. මතුමත්තෙහිත් මෙය කළයුතු ය. කර්මාන්තයෝ අවසන් නො වෙත්. කර්මාන්ත අවසන් නො වී තිබියැදීම පියවරු ද මුතුන්මිත්තෝ ද කලුරිය කළාහ.
භද්දියො අනුරුද්ධො ච ආනන්දො භගු කිම්බිලො සක්යමානො ච කොසම්බිං පරිහායි කකුධෙන ච.
භද්දිය ද අනුරුද්ධ ද ආනන්ද ද භෘගු ද කිම්බිල ද යන මොහු නික්ම ගියාහ. ශාක්‍යමානය බිඳින ලද්දේ ය. කොසඹෑ නුවරට බුදුරජහු වැඩියාහ. දෙව්දත් ඍද්ධියෙන් පිරිහුණේ ය. කකුධ දෙව්පුතු වි එය පැවැසිණ.
පකාසෙසි පිතුනො ච පුරිසෙ සිලං නාළාගිරිං තිකපඤ්ච ගරුකො භින්දි ථුල්ලච්චයෙන ච තයො අට්ඨ පුන තීණි රාජි භෙදො සියා නු ඛො ති.
සඞ්ඝයා දෙව්දතු පිළිබඳ ව ප්රකාශනීය කර්මය කෙළේ ය. අජාසත් රජුගේ පියාගේ මරණය විය. දෙව්දත් බුදුරජුන් නසනුවට පුරුෂයන් යෙදවී ය. බුදුරජුන් මත්තෙහි ගලක් පෙරැළී ය. නාළාගිරි ඇතු මෙහෙයැවී ය. ත්‍රික භෝජනය පැනැවිණ. සඞ්ඝභේදය ගරු අකුශලයෙකැ යි වදාළහ. දෙව්දත් සඞ්ඝයා බින්දේ ය. සඞ්ඝයා භේදයට තැත් කරනුයේ තුලැසි ඇවැතින් බැඳේ. එක් පසෙක තිදෙනෙක් ද (අනිත් පසැ සිවු දෙනෙක් ද) අටවැන්නැ අනුශ්‍රාවණය කෙරෙයි. නැවැත මෙබඳු වාර තුනෙකි. සඞ්ඝරාජිය වන අයුරු දැක්විණ. සඞ්ඝභේදය වන්නේ දැ යි ප්‍රශ්න නැඟිණ, (බුදුරජුහු ඒ විසැඳූහ.)