සෙනාසනක්ඛන්ධකං
6.
6.
සෙනාසනක්ඛන්ධකං
සේනාසනක්ඛන්ධකය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං සෙනාසනං අපඤ්ඤත්තං හොති. තෙ ච භික්ඛූ තහං තහං විහරන්ති අරඤ්ඤෙ රුක්ඛමූලෙ පබ්බතෙ කන්දරායං ගිරිගුහායං සුසානෙ වනපත්ථෙ, අජ්ඣොකාසෙ පලාලපුඤ්ජෙ. තෙ කාලස්සෙව තතො තතො උපනික්ඛමන්ති අරඤ්ඤා රුක්ඛමූලා පබ්බතා කන්දරා ගිරිගුහා සුසානා වනපත්ථා අජ්ඣොකාසා පලාලපුඤ්ජා, පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සම්මිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූඉරියාපථසම්පන්නා.
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට නො දුරු (ලෙහෙණුනට අහර දුන් තැන වූ බැවින්) කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මහණුනට සෙනසුන් නො පනවන ලද්දේ වෙයි. ඒ මහණහු ද රුක්මුලෙහි ද පර්වතයෙහි ද කඳුරැළියෙහි ද ගල්ලෙන්හි ද සොහොනෙහි ද වනපෙතෙහි ද එළිමහනෙහි ද පිදුරුගොඩෙහි දැ යි ඒ ඒ තැන වෙසෙත්. ඔහු දුටුවන් පහදවන්නා වූ ඉදිරි බැලීමෙන් ද දෙපස බැලීමෙන් ද අත් පා නැමීමෙන් ද අත් පා දිගහැරීමෙන් ද උපලක්ෂිත වැ බිමට හෙලූ ඇස් ඇත්තාහු මනා ඉරියව්වෙන් යුක්ත වූවාහු කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්වතයෙන් ද කඳුරෙන් ද ගල් ලෙනින් ද සොහොනින් ද වනපෙතින් එළිමහන් පෙදෙසින් ද පිදුරුගොඩින් ද යන ඒ ඒ තැනින් නික්මයෙත්.
2. තෙන ඛො පන සමයෙන රාජගහකො සෙට්ඨී කාලස්සෙව උය්යානං අගමාසි. අද්දසා ඛො රාජගහකො සෙට්ඨී තෙ භික්ඛූ කාලස්සෙව තතො තතො උපනික්ඛමන්තෙ අරඤ්ඤා රුක්ඛමූලා පබ්බතා කන්දරා ගිරිගුහා සුසානා වනපත්ථා අජ්ඣොකාසා පලාලපුඤ්ජා, පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සම්මිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නෙ. දිස්වානස්ස චිත්තං පසීදි. අථ ඛො රාජගහකො සෙට්ඨී යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “සචාහං භන්තෙ විහාරෙ කාරාපෙය්යං වසෙය්යාථ මෙ විහාරෙසූති”.
2. එ සමයෙහි වනාහි රජගහ නුවර (ප්‍රධාන) සිටු තෙම කල් තබා ම (සිය) උයනට ගියේ ය. රජගහ නුවර සිටු තෙම දුටුවන් පහදවන ඉදිරි බැලීමෙන් දෙපස බැලීමෙන් අත්පා හැකිළැවීමෙන් අත්පා දිග හැරීමෙන් උපලක්ෂිත වැ බිමට හෙලූ ඇස් ඇති වැ මනා ඉරියව්වෙන් යුතු වැ කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්වතයෙන් ද කඳුරෙන් ද ගල්ලෙනින් ද සොහොනින් ද වනපෙතින් ද එළිමහනෙන් ද පිදුරුගොඩින් දැ යි ඒ ඒ තැනින් නික්මැ වඩනා මහණුන් දුටුයේ ම ය. දැකීමෙන් ඔහු ගේ සිත පැහැදිණ. එ කලැ රජගහ සිටු ඒ මහණුන් කරා එළැඹියේ ය. එළැඹැ “වහන්ස, මා විහාරයන් කැරැවූවොත් ඒ මගේ විහාරයන්හි වසන්නහු ද” යි මෙ බස් කී ය.
3. ‘න ඛො ගහපති භගවතා විහාරා අනුඤ්ඤාතා’ති. ‘තෙන හි භන්තෙ භගවන්තං පටිපුච්ඡිත්වා මම ආරොචෙය්යාථා’ති.
3. “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ නො අනුදන්නා ලදුහ” යි (ඒ මහණහු කීහ. ) “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වන්නැ” යි සිටු කී ය.
‘එවං ගහපතී’ති ඛො තෙ භික්ඛූ රාජගහකස්ස සෙට්ඨිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ‘රාජගහකො භන්තෙ සෙට්ඨී විහාරෙ කාරෙතුකාමො කථන්නු ඛො භන්තෙ පටිපජ්ජිතබ්බන්ති’. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ පඤ්ච ලෙනානි විහාරං අඩ්ඪයොගං පාසාදං හම්මියං ගුහාති.”
“එසේ ය, ගැහැවියැ” යි කියා ම ඒ මහණහු රජගහ සිටුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක උන්හ. පසෙක උන්නාවූ ම ඒ මහණහු “වහන්ස, රජගහසිටු තෙම විහාර කරවනු කැමැත්තේ ය. වහන්ස, (මෙහි) කෙසේ පිළිපැදියයුතු දැ” යි. මෙය කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් අමතා, “මහණෙනි, විහාරය ද ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන ලෙන් පස අනුදනිමි” යි වදාළසේක.
අථ ඛො තෙ භික්ඛූ යෙන රාජගහකො සෙට්ඨී තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රාජගහකං සෙට්ඨිං එතදවොචුං: “අනුඤ්ඤාතා ඛො ගහපති භගවතා විහාරා යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛො රාජගහකො සෙට්ඨී එකාහෙනෙව සට්ඨි විහාරෙ පතිට්ඨාපෙසි.
ඉක්බිති ඒ මහණහු රජගහසිටු කරා එළැඹියාහ. එළඹ සිටුහු බණවා, “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ අනුදන්නා ලදුහ. යමක් සඳහා අප විචාළෙහි ද, එයට දැන් කාලයැ යි දැනගන්නැ” යි කීහ. එකල්හි රජගහසිටු තෙම එක් දවසින් ම වෙහෙර සැටක් පිහිටුවී ය.
4. අථ ඛො රාජගහකො සෙට්ඨී තෙ සට්ඨි විහාරෙ පරියොසාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජගහකො සෙට්ඨී භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො රාජගහකො සෙට්ඨී භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
4. එ කල්හි රජගහසිටු ඒ සැට වෙහෙර නිමවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්තේ ය. රජගහ සිටු පසෙක හුන්නේ ම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික් සඟන හා සෙට දවසට මගේ බත ඉවසන සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙ සේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් (එය) ඉවසූ සේක. ඉක්බිති රජගහසිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගී ඔබ වැඳ පැදකුණු කොට නික්මියේ ය.
අථ ඛො රාජගහකො සෙට්ඨී තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි ‘කාලො භන්තෙ නිට්ඨිතං භත්තන්ති’. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන රාජගහකස්ස සෙට්ඨිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො රාජගහකො සෙට්ඨී බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජගහකො සෙට්ඨී භගවන්තං එතදවොච: “එතෙ මෙ භන්තෙ සට්ඨිවිහාරා පුඤ්ඤත්ථිකෙන සග්ගත්ථිකෙන කාරාපිතා, කථාහං භන්තෙ තෙසු විහාරෙසු පටිපජ්ජාමී”ති.
ඉක්බිති රජගහසිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් වඩනට කාලය ය. බත පිළියෙළ කරවා නිමැවිණැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වාලී ය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරු සෙමෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහසිටුහු ගෙය වෙත වැඩිසේක. වැඩ, පැනැවුණු අස්නෙහි බික්සඟන හා හුන්සේක. එ කලැ රජගහ සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සතපා පවරවා වළඳා අවසන් වූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක හිඳ ගත්තේ ය. (එසේ) එක් පසෙක හුන් රජගහ සිටු තෙම “වහන්ස, පින්කැමැති සගසුව පතන මා විසින් මේ වෙහෙර සැටෙක් කැරැවිණ. වහන්ස, ඒ සැට වෙහෙරෙහි මම් කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කී ය.
“තෙන හි ත්වං ගහපති තෙ සට්ඨි විහාරෙ ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙහී”ති.
“ගැහැවියෙනි, එසේ වී නම් තෙපි සැම වෙහෙර පැමිණි නොපැමිණි සිවුදිගැ වැසි සඟනට පිහිටුවවු (පිරිනමවු)” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එවං භන්තෙ”ති ඛො රාජගහකො සෙට්ඨී භගවතො පටිස්සුත්වා තෙ සට්ඨි විහාරෙ ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙසි.
“එසේ ය, වහන්සැ” යි රජගහ සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ වෙහෙර සැට පැමිණි නොපැමිණි සතර දික් වැසි සඟනට පිරිනැමී ය.
5. අථ ඛො භගවා රාජගහකං සෙට්ඨිං ඉමාහි ගාථාහි අනුමොදි:
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කැර වදාළසේක. (ගාථාවල අදහස:)
සීතං උණ්හං පටිහන්ති තතො වාලමීගානි ච සිරිංසපෙ ච මකසෙ සිසිරෙ චාපි වුට්ඨියො.
“විහාරය ශීතය ද උෂ්ණය ද නසයි. එයින් අන්‍ය වූ චණ්ඩ මෘගයන් ද බඩගා යන සතුන් ද මැසිමදුරුවන් ද ශීත සුළං ද වැසි ද බැහැරැ කෙරෙයි.
තතො වාතාතපො ඝොරෙ සඤ්ජාතො පටිහඤ්ඤති ලෙනත්ථඤ්ච සුඛත්ථඤ්ච ඣායිතුං ච විපස්සිතුං.
එයින් අන්‍ය වූ හටගත් නපුරු අවුසුළං ද දුරු වෙයි. සංඝයාට විහාර කරවා දීම එකලා වැ හිඳිනු පිණිස ද ධ්‍යාන කිරීමටත් විවසුන් වැඩීමටත් පහසුව පිණිස ද වූ අග්‍ර එකෙකැ යි බුදුරජුන් විසින් වැණින.
විහාරදානං සඞ්ඝස්ස අග්ගං බුද්ධෙන වණ්ණිතං තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ, සිත්කලු විහාරයන් කරවන්නේ ය, එහි ඇසූ පිරූතැන් ඇති භික්ෂූන් වස්වන්නේ ය.
විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ තෙසං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච
ඔවුනට ද නිසි වූ ආහාර ද පාන ද වස්ත්‍ර ශයනාසන ද ඍජුගුණ ඇති ඒ භික්ෂූන් විෂයයෙහි වෙසෙසින් පහන් සිතින් පිරිනමන්නේ ය.
දදෙය්ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛාපනූදනං යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවො ති.
හෙ තෙම මෙහි දී යම් දහමක් දැනගෙන ආස්‍රව රහිත ව පිරිනිවෙන්නේ ද එසේ වූ සියලු දුක් දුරැ ලන දහමක් ඒ භික්ෂූහු ඔහුට දෙසන්නාහ යනු යි.
අථ ඛො භගවා රාජගහකං සෙට්ඨිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහසිටුහට මේ ගාථාවලින් අනුමෝදනා යොට හුනස්නෙන් නැඟී නික්මිසේක.
6. අස්සොසුං ඛො මනුස්සා “භගවතා කිර විහාරා අනුඤ්ඤාතා”ති සක්කච්චං විහාරෙ කාරාපෙන්ති. තෙ විහාරා අකවාටකා හොන්ති. අහීපි විච්ඡිකාපි සතපදියොපි පවිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
6. “භාග්‍යවතුන් වහන්සේ විසින් විහාර අනුදන්නා ලද්දේ ලැ” යි මිනිස්සු ඇසූහ. ඔහු සකසා විහාර කරවත්. ඒ විහාරයෝ දොරපළු නැත්තාහු වෙත්. සර්පයෝ ද ගෝනුස්සෝ ද පත්තෑයෝ ද පිවිසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ කවාටන්ති.”
“මහණෙනි, දොරපළුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
භිත්තිච්ඡිද්දං කරිත්වා වල්ලියා පි රජ්ජුයා පි කවාටං බන්ධන්ති. උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජන්ති. ඛයිතබන්ධනානි කවාටානි පතන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
බිත්තියෙහි සිදුරක් කොට වැලින් ද රැහැනින් ද දොරපළුව බඳිත්. මීයන් විසින් ද වේයන් විසින් ද වැලුත් රැහැනුත් කනු ලැබෙත්. කන ලද බැඳුම් ඇති දොරපළු වැටේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පිට්ඨිසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකන්ති.”
“මහණෙනි, දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
කවාටා න ඵස්සීයන්ති භගවතො එතමත්ථං ආරොචෙසුං.
කවුළු (දොරපළු) නො පැහැසෙති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ආවිඤ්ජනරජ්ජුන්ති.”
“මහණෙනි, අදිනා රැහැන ලන සිදුර ද අනුදනිමි” යි (වදාළ සේක.)
කවාටා න ථකීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
දොරපළු නො වැසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ අග්ගලවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකන්ති.”
“මහණෙනි, අඟුල් වැටිය (දොරපොල්ල) ද අගුල් කණුව ද යතුර ද තරංකය ද අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ න සක්කොන්ති කවාටං අවාපුරිතුං? භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු දොරපළුව අරින්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ තාලච්ඡිද්දං තීණි තාලානි ලොහතාලං කට්ඨතාලං විසාණතාලන්ති.”
“මහණෙනි, කෙසිසිදුර ද ලොහොමුවා යතුර ද ලීමුවා යතුර අංමුවා යතුර ද යන යතුරු තුන ද අනුදනිමි” යි (වදාළ සේක.)
යෙ පි තෙ උග්ඝාටෙත්වා පවිසන්ති විහාරා අගුත්තා හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
යම් විහාර විවෘත කොට පිවිසෙත් ද ඒ විහාරයෝ නො රැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ යන්තකං සූචිකන්ති.”
“මහණෙනි, යතුරු ඉද්ද අනුදනිමි” යි (වදාළසේක.)
7. තෙන ඛො පන සමයෙන විහාරා තිණච්ඡදනා හොන්ති. සීතකාලෙ සීතා උණ්හකාලෙ උණ්හා. භගවතො එතමත්ථං ආරොචෙසුං.
7. එසමයෙහි විහාරයෝ තණ සෙවෙණි ඇත්තෝ වූහ. ශීත කාලයෙහි ශීත ද උෂ්ණ කාලයෙහි උෂ්ණ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුන්ති.”
“මහණෙනි, ඝන දඩු යොදා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට අනුදනිමි” යි වදාළසේක.
8. තෙන ඛො පන සමයෙන විහාරා අවාතපානකා හොන්ති අචක්ඛුස්සා දුග්ගන්ධා. භගවතො එතමත්ථං ආරොචෙසුං.
8. එසමයෙහි විහාරයෝ වාකවුළු නැත්තාහු ඇසට අහිත ද දුගඳ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ තීණි වාතපානානි: වෙදිකාවාතපානං ජාලවාතපානං සලාකවාතපානන්ති.”
“මහණෙනි, ස්තූපයන්හි සතරැස් කොටුව සෙයින් සිදුරු සිටින සේ ගඩොළින් කළ වාකවුළුව ද, දැල් වාකවුළුව ද කූරු වාකවුළුව ද යන තුන් වාකවුළු අනුදනිමි”යි වදාළසේක.
වාතපානන්තරිකාය කාලකාපි වග්ගුලියොපි පවිසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
වාකවුළු අතරින් ලෙහෙන්නු ද වවුලෝ ද පිවිසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙම පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ වාතපානචක්කලිකංති.”
“මහණෙනි, රෙදි වෙළා කළ පාපිස්නක් (බඳින්නට) අනුදනිමි” යි වදාළසේක.
චක්කලිකන්තරිකායපි කාලකාපි වග්ගුලියොපි පවිසන්ති -පෙ-
රෙදි පාපිස්න අතුරෙන් ද ලෙහෙන්නුත් වවුලෝත් පිවිසෙත් ...
“අනුජානාමි භික්ඛවෙ වාතපානකවාටකං වාතපානභිසිකංති.”
“මහණෙනි, වාකවුළු වසන්නට දොරපළුවක් ද එහි බඳින්නට බිස්සක් ද අනුදනිමි” යි වදාළසේක.
9. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඡමායං සයන්ති. ගත්තානිපි චීවරානිපි පංසුකිතානි හොන්ති භගවතො එතමත්ථං ආරොචෙසුං.
9. එ සමයෙහි මහණහු බිමැ නිදත්. සිරුරු ද සිවුරු ද පසින් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ තිණසන්ථාරකන්ති.”
“මහණෙනි, තණඇතිරියක් අනුදනිමි”යි වදාළසේක.
තිණසන්ථාරකො උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජති -පෙ-
තණඇතිරිය මීයන් ද වේයන් ද විසින් කනුලැබේ.
“අනුජානාමි භික්ඛවෙ මිඪින්ති.”
“මහණෙනි, පිළක් අනුදනිමි” යි වදාළසේක.
මිඪියා ගත්තානි දුක්ඛා හොන්ති -පෙ-
පිළෙහි ගාත්‍රයෝ පෙළෙත්.
“අනුජානාමි භික්ඛවෙ බිදලමඤ්චකන්ති.”
“මහණෙනි, බිදලමඤ්චකය (වේවැල් ඇඳ) අනුදනිමි” යි වදාළ සේක.
10. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො මසාරකො මඤ්චො උප්පන්නො හොති භගවතො එතමත්ථං ආරොචෙසුං.
10. එසමයෙහි වනාහි සඞ්යාට සොහොනෙක දමන ලද මසාරකයක් (පා විද අටනීන් පිවිස්වා කළ ඇඳෙක්) ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ මසාරකං මඤ්චන්ති.”
“මහණෙනි, මසාරක ඇඳපා විද එහි අටනි බහා කළ ඇඳ අනුදනිමි” යි වදාළසේක.
මසාරකං පීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
මසාරක පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ මසාරකං පීඨන්ති.”
“මහණෙනි, මසාරක පුටුව අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො බුන්දිකාබද්ධො මඤ්චො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සඞ්ඝයාට බුන්දිකාබද්ධ (විට්ටම් විද එහි පා යොදා තනන ලද) ඇඳෙක් ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ බුන්දිකාබද්ධං මඤ්චන්ති.”
“මහණෙනි, බුන්දිකාබද්ධ ඇඳ අනුදනිමි” යි වදාළසේක.
බුන්දිකාබද්ධං පීඨං උප්පන්නං හොති -පෙ-
බුන්දිකාබද්ධ (විට්ටම් විද එහි පා ඇතුල් කොට තනන ලද) පුටුවෙක් ලැබිණ. ...
“අනුජානාමි භික්ඛවෙ බුන්දිකාබද්ධං පීඨන්ති.”
“මහණෙනි, බුන්දිකාබද්ධ පුටුව අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො කුළීරපාදකො මඤ්චො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සඞ්ඝයාට සොහොනෙක දමාපියන ලද කකුළු පා ඇඳෙක් (කකුළුවන්ගේ බඳු වක් පා ඇති ඇඳෙක්) ලැබුණේය. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ කුළීරපාදකං මඤ්චන්ති.”
“මහණෙනි, කකුළු පා ඇඳ අනුදනිමි” යි වදාළ සේක.
කුළීරපාදකං පීඨං උප්පන්නං හොති.
කකුළු පා පුටුවෙක් උපන ...
“අනුජානාමි භික්ඛවෙ කුළීරපාදකං පීඨන්ති.”
“මහණෙනි, කකුළුපා පුටුව අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සොසානිකො ආහච්චපාදකො මඤ්චො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සඞ්ඝයාට සොහොනෙක දමාපියන ලද ආහච්චපාදක අටනි විද එහි ඇඳපා බහා ඇණ ලා කළ ඇඳෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ආහච්චපාදකං මඤ්චන්ති.”
“මහණෙනි, ආහච්චපාදක ඇඳ අනුදනිමි” යි වදාළසේක.
ආහච්චපාදකං පීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
ආහච්චපාදක අටනි විද එහි පුටුවක් උපන්නේ වේ....
“අනුජානාමි භික්ඛවෙ ආහච්චපාදකං පීඨන්ති.”
“මහණෙනි, ආහච්චපාදක පුටුව අනුදනිමි” යි වදාළසේක.
11. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ආසන්දිකො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
11. එ සමයෙහි සඞ්ඝයාට සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ආසන්දිකන්ති.”
“මහණෙනි, සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
උච්චකො ආසන්දිකො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
උස් වූ සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ උච්චකම්පි ආසන්දිකන්තී.”
“මහණෙනි, උස් සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
සත්තඞ්ගො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
සප්තාඞ්ගයෙක් (කවිච්චියෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ සත්තඞ්ගන්ති.”
“මහණෙනි, කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
උච්චකො සත්තඞ්ගො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
උස් කවිච්චියෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ උච්චකම්පි සත්තඞ්ගන්ති.”
“මහණෙනි, උස් කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
භද්දපීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
භද්රපීඨයක් (වේ වැල් මුවා පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ භද්දපීඨන්ති.”
“මහණෙනි, වේවැල්මුවා පුටුව අනුදනිමි” යි වදාළසේක.
පීඨිකා උප්පන්නා හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
පීඨිකාවෙක් (රෙදිකඩක් බැඳි පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ පීඨිකන්ති.”
“මහණෙනි, රෙදිකඩ බන් පුටුව අනුදනිමි” යි වදාළසේක.
එලකපාදකං පීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
පුවරුපා පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ එලකපාදකං පීඨන්ති.”
“මහණෙනි, පුවරු පා පුටුව අනුදනිමි” යි වදාළසේක.
ආමලකවට්ටිකපීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
ඇඹුල්වැටි පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ආමලකවට්ටිකං පීඨන්ති.”
“මහණෙනි, ඇඹුල්වැටි පුටුව අනුදනිමි” යි වදාළසේක.
ඵලකං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
පුවරුවෙක් (බංකුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ඵලකන්ති.”
“මහණෙනි, පුවරුව අනුදනිමි” යි වදාළසේක.
කොච්ඡං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
කොස්සෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ කොච්ඡන්ති.”
“මහණෙනි, කොස්ස අනුදනිමි” යි වදාළසේක.
පලාලපීඨං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං .
පිදුරුවලින් තැනු අස්නෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ පලාලපීඨන්ති.”
“මහණෙනි, පිදුරුපුටුව අනුදනිමි” යි වදාළසේක.
12. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චෙ මඤ්චෙ සයන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහීකාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
12. එ සමයෙහි සවැගි මහණහු උස් ඇඳෙහි වැදහෙත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඔවුන්) දැක ලාමක කොට සිතත්, නො ගුණ කියත්, කාමභෝගී ගිහියන් බඳුහ” යි දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“න භික්ඛවෙ උච්චෙ මඤ්චෙ සයිතබ්බං යො යෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, උස් ඇඳෙහි නො වැදහියැයුතු. යමෙක් වැදහෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නීචෙ මඤ්චෙ සයන්තො අහිනා දට්ඨො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි එක්තරා මහණෙක් මිටි හැඳෙක හෝනේ සපකු විසින් ඩස්නා ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ මඤ්චපටිපාදකන්ති.”
“මහණෙනි, ඇඳ පිළිපා අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උච්චෙ මඤ්චපටිපාදකෙ ධාරෙන්ති. සහ මඤ්චපටිපාදකෙහි පලොඨෙන්ති -පෙ-
එ සමයෙහි සැවැගි මහණහු උස්වූ ඇඳපිළිපා පරිභෝග කරත්. ඇඳපිළිපා සහිත ව පෙරැළි වැටෙත්. ....
“න භික්ඛවෙ උච්චා පටිපාදකා ධාරෙතබ්බා. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අට්ඨඞ්ගුලපරමං මඤ්චපටිපාදකන්ති.”
“මහණෙනි, උස් ඇඳ පිළිපා නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොටැති ඇඳපිළිපා අනුදනිමි” යි වදාළසේක.
13. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සුත්තං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
13. එ සමයෙහි සඞ්ඝයාට නූල් ලැබුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ මඤ්චං වෙතුන්ති.”
“මහණෙනි, ඇඳ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
අඞ්ගානි බහුං සුත්තං පරියාදියන්ති -පෙ-
ඇඳ වියල්හු බොහෝ නූල් ගනිත්. (ඇදවියල්වලට ම බොහෝ නූල් වියදම් වේ).
“අනුජානාමි භික්ඛවෙ අඞ්ගෙ විජ්ඣිත්වා අට්ඨපාදකං වෙතුන්ති.”
“මහණෙනි, වියල් විද අට පා දූ පුවරුවක් සේ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
චොළකං උප්පන්නං හොති -පෙ-
රෙදිකඩෙක් උපන්නේ වෙයි.
“අනුජානාමි භික්ඛවෙ චිලිමිකා කාතුන්ති.”
“මහණෙනි, බිමැ අතුරන ඇතිරියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
තූලිකා උප්පන්නා හොති -පෙ-
පුලුන් උපන්නේ වේ.
“අනුජානාමි භික්ඛවෙ විජටෙත්වා බිබ්බොහනං කාතුං. තීණි තූලානි රුක්ඛතූලං ලතාතූලං පොටකිතූලන්ති.”
“මහණෙනි, අවුල් හැර කොට්ටයක් කරන්නට අනුදනිමි. රුක් පුලුන් වැල් පුලුන් තණබට ආදියෙන් ලැබෙන පුලුන් යැ යි තුන් වගයෙකි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අඩ්ඪකායිකානි බිම්බොහනානි ධාරෙන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සවැගි මහණෝ කයින් අඩක් පමණ දික් වූ කොට්ට දරත්. මිනිස්සු විහාරවාරිකාවේ ඇවිදුනාහු ‘කාමභෝගී ගිහියන් බන්දහ’ යි එය දැක ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ අඩ්ඪකායිකානි බිම්බොහනානි ධාරෙතබ්බානි. යො ධාරෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ සීසප්පමාණං බිම්බොහනන්ති.”
“මහණෙනි, අඩකයක් පමණ දික් වූ කොට්ට නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, හිසට සුදුසු පමණ වූ කොට්ටය අනුදනිමි” යි වදාළසේක.
14. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගිරග්ගසමජ්ජො හොති. මනුස්සා මහාමත්තානං අත්ථාය භිසියො පටියාදෙන්ති උණ්ණභිසිං චොළභිසිං වාකභිසිං තිණභිසිං පණ්ණභිසින්ති. තෙ වීතිවත්තෙ සමජ්ජෙ ඡවිං උප්පාටෙත්වා හරන්ති. අද්දසාසුං ඛො භික්ඛූ සමජ්ජට්ඨානෙ බහුං උණ්ණම්පි චොළකම්පි වාකම්පි තිණම්පි පණ්ණම්පි ඡඩ්ඩිතං. දිස්වාන භගවතො එතමත්ථං ආරොචෙසුං.
14. එ සමයෙහි රජගහනුවර ගිරග්ගසමජ්ජ උත්සවය වෙයි. මිනිස්සු මහඇමැතියන් සඳහා ලොම් මෙට්ට (ලොම් පුරවා කළ මෙට්ට), රෙදි මෙට්ට, වැහැරිමෙට්ට තණ මෙට්ට යන (බොහෝ) මෙට්ට පිළියෙළ කරත්, සමජ්ජය අවසන් වූ කල්හි උර ගලවා ගෙනයත්. මහණහු සමද්යස්ථානයෙහි (උළෙල පැවැති තැනැ) හැරදමන ලද බොහෝ ලොම් ද රෙදි ද වැහැරි ද තණ ද කොළ ද දුටුහ. දැක භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චභිසියො උණ්ණාභිසිං චොළභිසිං වාකභිසිං තිණභිසිං, පණ්ණභිසින්ති.”
“මහණෙනි, ලොම් මෙට්ටය, රෙදි මෙට්ටය, වැහැරි මෙට්ටය, තෘණ මෙට්ටය, කොළ මෙට්ටය යන මෙට්ට පස අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපරික්ඛාරිකං දුස්සං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සඞ්ඝයාට සෙනසුන් පිරිකර වශයෙන් වූ වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ භිසිං ඔනන්ධිතුන්ති.”
“මහණෙනි, මෙට්ටය වසාලන්නට (මෙට්ට උරයක් වශයෙන් යොදන්නට) අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ මඤ්චභිසිං පීඨෙ සන්ථරන්ති, පීඨභිසිං මඤ්චෙ සන්ථරන්ති භිසියො පරිභිජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු ඇඳමෙට්ටය පුටුවෙහි අතුරත්, පුටු මෙට්ටය ඇඳෙහි අතුරත්, මෙට්ට බිඳීයේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළඹාහ.
“අනුජානාමි භික්ඛවෙ ඔනද්ධමඤ්චං ඔනද්ධපීඨන්ති.”
“මහණෙනි, මෙට්ට (ගුදිරි) යෙදූ ඇඳ ද මෙට්ට ලූ පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
උල්ලොකං අකරිත්වා සන්ථරන්ති. හෙට්ඨතො නිප්ඵටන්ති -පෙ-
යටට රෙදි ඇතිරියක් නො දමා මෙට්ට එළත් යට පැත්තෙන් පැළෙත්.....
“අනුජානාමි භික්ඛවෙ උල්ලොකං කත්වා සන්ථරිත්වා භිසිං ඔනන්ධිතුන්ති.”
“මහණෙනි, යටට රෙදි ඇතිරියක් ලා අතුරා මෙට්ටය වසන්නට අනුදනිමි” යි වදාළසේක.
ඡවිං උප්පාටෙත්වා හරන්ති -පෙ-
උරය ගලවාගෙන යෙත්......
“අනුජානාමි භික්ඛවෙ ඵොසෙතුන්ති.”
“මහණෙනි, කහ ආදි පැහැයෙකින් බින්දු ඉසින්නට අනුදනිමි” යි වදාළසේක.
හරන්ති යෙව -පෙ-
ගෙනයෙත් ම ය.....
“අනුජානාමි භික්ඛවෙ භත්තිකම්මන්ති.”
“මහණෙනි, භත්තිකර්මය (කසටින් ලකුණු කිරීම) අනුදනිමි” යි වදාළ සේක.
හරන්ති යෙව -පෙ-
ගෙනයෙත් ම ය.....
“අනුජානාමි භික්ඛවෙ හත්ථභත්තින්ති.”
“මහණෙනි, භස්තභක්තිය (පසඟුල් සලකුණ) අනුදනිමි” යි වදාළ සේක.
15. තෙන ඛො පන සමයෙන තිත්ථියානං සෙය්යා සෙතවණ්ණා හොන්ති කාළවණ්ණකතා භූමි ගෙරුකපරිකම්මකතා භිත්ති. බහූ මනුස්සා සෙය්යාපෙක්ඛකා ගච්ඡන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
15. එ සමයෙහි තොටුවන්ගේ යහන්හු සුදුපැහැ වෙත්. බිම කළු පැහැ කැරුණේ ය. - බිත්ති ගුරු පිරියම් කැරුණේ ය. බොහෝ මිනිස්සු වැදහෝනා අපේක්ෂා ඇත්තෝ එහි යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ විහාරෙ සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මන්ති.”
“මහණෙනි, වෙහෙරෙහි සුදුපැහැ කළුපැහැ ගුරුපැහැ පිරියම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන ඵරුසාය භිත්තියා සෙතවණ්ණො න නිපතති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි රළු බිත්තියෙහි සුදු පැහැ නො රැඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ථුසපිණ්ඩං දත්වා පාණිකාය පටිබාහෙත්වා සෙතවණ්ණං නිපාතෙතුන්ති.”
“මහණෙනි, දහවියා පිඬු දී අත්ලෙන් තුනී කොට සුදු පැහැ හෙළන්නට (රඳවන්නට) අනුදනිමි” යි වදාළසේක.
සෙතවණ්ණො අනිබන්ධනීයො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
සුදු පැහැය එකට නොබැඳෙන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ සණ්හමත්තිකං දත්වා පාණිකාය පටිබාහෙත්වා සෙතවණ්ණං නිපාතෙතුන්ති.”
“මහණෙනි, සියුම් මැටි දී අත්ලෙන් තුනී කොට සුදුපැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
සෙතවණ්ණො අනිබන්ධනියො හොති -පෙ-
සුදුපැහැය එකට නො බැඳෙන්නේ වෙයි.
“අනුජානාමි භික්ඛවෙ ඉක්කාසං පිට්ඨමද්දන්ති.”
“මහණෙනි, මැලියම ද පිටිකැඳ ද අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන ඵරුසාය භිත්තියා ගෙරුකා න නිපතති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි රළු බිත්තියෙහි ගුරු පිරියම් නො බැඳේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ථුසපිණ්ඩං දත්වා පාණිකාය පටිබාහෙත්වා ගෙරුකං නිපාතෙතුන්ති.”
“මහණෙනි, දහවියා පිඬු දි අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
ගෙරුකං අනිබන්ධනීයා හොති -පෙ-
ගුරු පැහැය එකට නො බැඳෙන්නේ වෙයි. ....
“අනුජානාමි භික්ඛවෙ කුණ්ඩකමත්තිකං දත්වා පාණිකාය පටිබාහෙත්වා ගෙරුකං නිපාතෙතුන්ති.”
“මහණෙනි, කුඩු මුසු මැටි ගා අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
ගෙරුකා අනිබන්ධනියං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
ගුරු පැහැය එකට බැඳී නො සිටුනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ සාසපකුණ්ඩං සිත්ථතෙලකන්ති.”
“මහණෙනි අබ පිටි ද ඉටිතෙල (ඉටිදියර) ද අනුදනිමි” යි වදාළසේක.
අච්චුස්සන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
(තැන තැන බින්දු වශයෙන්) උස්ව නැගී සිටියේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ චොළකෙන පච්චුද්ධරිතුන්ති.”
“මහණෙනි, රෙදි කඩෙකින් පිස පසුදුරන්නට අනුදනිමි” යි වදාළ සේක.
16. තෙන ඛො පන සමයෙන ඵරුසාය භූමියා කාළවණ්ණො න නිපතති -පෙ- අනුජානාමි භික්ඛවෙ ථුසපිණ්ඩං දත්වා පාණිකාය පටිබාහෙත්වා කාළවණ්ණං නිපාතෙතුන්ති.
16. එ සමයෙහි රළු බිමැ කළුපැහැ නො රැඳෙයි. ... “මහණෙනි, දහවියා පිඬු දී අත්ලෙන් තුනී කොට (මැද) කළු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
කාළවණ්ණො අනිබන්ධනීයො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගණ්ඩමත්තිකං දත්වා පාණිකාය පටිබාහෙත්වා කාළවණ්ණං නිපාතෙතුන්ති.”
කළුපැහැය එකට නො බැඳෙන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ගැඩවිල් පස් දී අත්ලෙන් මැද කළු පැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
කාළවණ්ණො අනිබන්ධනියො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
කළුපැහැය එකට බැඳී සිටුනේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ඉක්කාසං කසාවන්ති.”
“මහණෙනි, මැලියම් ද (නෙල්ලි ආදියේ) කසට ද අනුදනිමි” යි වදාළසේක.
17. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ විහාරෙ පටිභානචිත්තං කාරාපෙන්ති ඉත්ථිරූපකං පුරිසරූපකං. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
17. එ සමයෙහි සවැගි මහණෝ විහාරයෙහි ස්ත්‍රී රූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභාන චිත්‍ර කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඒවා) දැක ‘කාමභෝගී ගිහියන් බඳුවහ’ යි පහත් කොට සිතත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“න භික්ඛවෙ පටිභානචිත්තං කාරාපෙතබ්බං ඉත්ථිරූපකං පුරිසරූපකං. යො කාරාපෙය්ය ආපත්ති දුක්කටස්ස.
“මහණෙනි, ස්ත්‍රීරූප ද පුරුෂ රූප ද යන ප්රතිභානවිත්ර නො කැරැවියයුතු. යමෙක් කරවන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය.
“අනුජානාමි භික්ඛවෙ මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.”
“මහණෙනි, මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම අනුදනිමි” යි වදාළසේක.
18. තෙන ඛො පන සමයෙන විහාරා නීචවත්ථුකා හොන්ති, උදකෙන ඔත්ථරීයන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
18. එ සමයෙහි වනාහි විහාරයෝ මිටි බිම් ඇත්තාහු වෙත්, (එහෙයින්) දියෙන් වැසීයෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස් කරන්නට) අනුදනිමි” යි වදාළසේක.
චයො පරිපතති -පෙ-
පස්රැස (බැම්ම) බිඳී වැටෙයි.....
“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
“මහණෙනි, ගඩොල් බැම්ම ද ගල් බැම්ම ද දඬු බැම්ම දැ යි තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා විහඤ්ඤන්ති. -පෙ-
(විහාරයට) නඟින්නාහු පෙළෙත්.....
අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ: ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති.”
“මහණෙනි, ගඩොළු හිණිපෙත ගල් හිණිපෙත දඬු හිණිපෙත යන තුන් හිණිපෙත අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා පරිපතන්තී -පෙ-
නඟින්නාහු ඇදීවැටෙත්. ...
“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
“මහණෙනි, අත්වැලක් අනුදනිමි” යි වදාළසේක.
19. තෙන ඛො පන සමයෙන විහාරා ආලකමන්දා හොන්ති. භික්ඛූ හිරීයන්ති නිපජ්ජිතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
19. එ සමයෙහි විහාරයෝ එකාඞ්ගන (දිගටම එළිමහන් ව මිනිසුන්ගෙන් පිරුණාහු) වෙත්. මහණහු වැදහෙන්නට ලජ්ජිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ තිරොකරණින්ති.”
“මහණෙනි, තිරයක් අනුදනිමි” යි වදාළසේක.
තිරොකරණිං උක්ඛිපිත්වා ඔලොකෙන්ති -පෙ-
තිරය ඔසවා බලත්....
“අනුජානාමි භික්ඛවෙ අඩ්ඪකුඩ්ඩකන්ති.”
“මහණෙනි, අඩබිත්තිය අනුදනිමි” යි වදාළසේක.
අඩ්ඪකුඩ්ඩකා උපරිතො ඔලොකෙන්ති -පෙ-
අඩබිත්තියට උඩින් බලත්.....
“අනුජානාමි භික්ඛවෙ තයො ගබ්භෙ: සිවිකාගබ්භං නාළිකාගබ්භං හම්මියගබ්භන්ති.”
“මහණෙනි, සිව්රැස්ගබ, නැළිගබ (පලලට වඩා දෙගුණයක් තුන්ගුණයක් දික් වූ ගබ), සඳලුගබ (උඩතට්ටුව කුළුගෙයක් බඳු හෝ මුදුන් පියස්සක් ඇති ගබ) යන ගබ් (කාමර) තුන අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ ඛුද්දකෙ විහාරෙ මජ්ඣෙ ගබ්භං කරොන්ති. උපචාරො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු කුඩා වෙහෙරේ මැද ගබ් තනත් උපචාරයෙක් (වටින් ඉඩෙක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ඛුද්දකෙ විහාරෙ එකමන්තං ගබ්භං කාතුං මහල්ලකෙ මජ්ඣෙ”ති.
“මහණෙනි, කුඩා වෙහෙරැ එක් පසෙකැ ද මහා වෙහෙරැ මැද ද ගබ් (කාමර) තනන්නට අනුදනිමි” යි වදාළසේක.
20. තෙන ඛො පන සමයෙන විහාරස්ස කුඩ්ඩපාදො ජීරති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
20. එ සමයෙහි විහාරයේ බිත්ති මුල දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ කුලුඞ්කපාදකන්ති.”
“මහණෙනි, කුලුඞ්ක පාදකය ( ලී විද කණු සිටුවා කළ බිත්තිපාදය ) අනුදනිමි” යි වදාළසේක.
විහාරස්ස කුඩ්ඩො ඔවස්සති. -පෙ-
විහාරයේ බිත්තිය තෙමෙයි....
“අනුජානාමි භික්ඛවෙ පරිත්තානකිටිකං උද්දසුධන්ති.”
“මහණෙනි, රකවල් පැලැල්ලක් ද (වසුගොම අළු මැටි එකට අනා තැනු) බදාම ද අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො තිණච්ඡදනා අහි ඛන්ධෙ පපති. සො භීතො විස්සරමකාසි. භික්ඛූ උපධාවිත්වා තං භික්ඛුං එතදවොචුං. “කිස්ස ත්වං ආවුසො විස්සරමකාසී”ති. අථ ඛො සො භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි තණපියස්සෙන් සර්පයෙක් එක්තරා මහණකුගේ උරහිස මත වැටුණේ ය. හේ බියපත් ව කෑගැසී ය. මහණහු වෙතට දිවැගොස් ඒ මහණහට “ඇවැත්නි, තෙපි කවර හෙයින් කෑගැසුවෝ දැ” යි ඇසූහ. එවිට ඒ මහණ මහණුනට (තමාට වූ දෑ) සැලකළේය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ විතානන්ති.”
“මහණෙනි, උඩුවියනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
21. තෙන ඛො පන සමයෙන භික්ඛූ මඤ්චපාදෙපි පීඨපාදෙපි ථවිකායො ලග්ගෙන්ති. උන්දූරෙහිපි උපචිකාහිපි ඛජ්ජන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
21. එ සමයෙහි මහණහු ඇඳපාහි ද පුටුපාහි ද ථවිකාවන් එල්ලත්. මීයන් විසින් ද වේයන් විසින් ද කනු ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ භිත්තිඛිලං නාගදන්තකන්ති.”
“මහණෙනි, භිත්තිඛීලය (බිත්තියෙහි ගසන ලද උල) ද නාගදන්තකය ද අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ මඤ්චෙ’පි පීඨෙ’පි චීවරං නික්ඛිපන්ති. චීවරං පරිභිජ්ජිති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු ඇදෙහි ද පුටුවෙහි ද සිවුරු තබත්. සිවුර ඉරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ චීවරවංසං චීවරරජ්ජුන්ති.”
“මහණෙනි, වෙහෙරෙහි සිවුර වනන වස්දණඩ ද සිවුර වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන විහාරා අනාලින්දකා හොන්ති අප්පටිස්සරණා. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි විහාරයේ පිල් නැත්තාහු (එහෙයින් ම) වටා යා හැකි ඉඩක් නැත්තාහු වෙත්.
“අනුජානාමි භික්ඛවෙ ආලින්දං පඝනං පකුඩ්ඩං ඔසාරකන්ති.”
“මහණෙනි, පිල ද (දොරට ඉදිරියෙන් දෙපස බිත්ති බැඳ කළ) ආලින්දය ද වට මාලය ද (පිලක් නැති විහාරයට) පිටතට පැන්නු වහල ද අනුදනිමි” යි වදාළසේක.
ආලින්දා පාකටා හොන්ති. භික්ඛූ හිරීයන්ති නිපජ්ජිතුං -පෙ-
පිල්හු ආවරණයක් නැත්තාහු වෙත්. මහණහු වැදහෝනට මැලි වෙත් ...
“අනුජානාමි භික්ඛවෙ සංසරණකිටිකං උග්ඝාටනකිටිකන්ති.”
“මහණෙනි, අකුලන පැලැල්ලක් ද ඔසොවන පැලැල්ලක් ද අනුදනිමි” යි වදාළ සේක.
22. තෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ භත්තවිස්සග්ගං කරොන්තා සීතෙන’පි උණ්හෙන’පි කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
22. එ සමයෙහි මහණහු එළිමහනෙහි බත්කිස කරන්නාහු සීතයෙන් ද උෂ්ණයෙන් ද වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ උපට්ඨානසාලන්ති.”
“මහණෙනි, උවටන් හලක් අනුදනිමි” යි වදාළසේක.
උපට්ඨානසාලා නීචවත්ථුකා හොති. උදකෙන ඔත්ථරීයති. -පෙ-
උවටන්හල මිටි බිමක් ඇත්තේ වේ. වතුරට යට වේ...
“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
“මහණෙනි, උවටන්හල උස්බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
චයො පරිපතති.
බැම්ම ඇදී වැටෙයි.
“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
“මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා විහඤ්ඤන්ති.
නඟින්නාහු වෙහෙසෙත්.....
“අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ: ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති.”
“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යනු තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා පරිපතන්ති. -පෙ-
නඟින්නාහු ඇදී වැටෙත්.....
“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
උපට්ඨානසාලාය තිණචුණ්ණං පරිපතති. -පෙ-
උවටන් හලෙහි තණරොඩු වැටෙයි....
“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං. සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම සිවුරු වනන හුණදණ්ඩ සිවුරු වනන රැහැන අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ ඡමාය චීවරං පත්ථරන්ති. චීවරං පංසුකිතං හොති. -පෙ-
එ සමයෙහි මහණහු එළිමහනෙහි බිමැ සිවුරු වනත්, සිවුරු පස් වැකුණේ වේ.
“අනුජානාමි භික්ඛවෙ අජ්ඣොකාසෙ චීවරවංසං චීවරරජ්ජුන්ති.”
“මහණෙනි, එළිමහනෙහි සිවුරු වනන උණදණ්ඩ සිවුරු වනන ලණුව අනුදනිමි” යි වදාළසේක.
පානීයං ඔතප්පති -පෙ-
පැන් අව්වෙන් තැවෙයි.
“අනුජානාමි භික්ඛවෙ පානීයසාලං පානීයමණ්ඩපන්ති.”
“මහණෙනි, පැන්හලක් ද පැන් තබන මඩුවක් ද අනුදනිමි” යි වදාළසේක.
පානීයසාලා නීචවත්ථුකා හොති උදකෙන ඔත්ථරීයති. -පෙ-
පැන්හල මිටි බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යට වෙයි.....
“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
“මහණෙනි, (පැන්හල) උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
චයො පරිපතති -පෙ-
බැම්ම කැඩී වැටෙයි....
“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
මහණෙනි, ගඩොළු බැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා විහඤ්ඤන්ති. -පෙ-
නැඟෙන්නාහු පෙළෙත්.
“අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ: ඉට්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන්ති.”
“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා පරිපතන්ති. -පෙ-
නැඟෙන්නාහු ඇදවැටෙත්.
“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
පානීයසාලාය තිණචුණ්ණං පරිපතති. -පෙ-
පැන්හලෙහි තණ රොඩු වැටෙයි.....
“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ගසා සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වනක් පැහැ කරන්නට අනුදනිමි. සිවුරු වනන හුණදණඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
පානීයභාජනං න සංවිජ්ජති -පෙ-
පැන් බඳුනෙක් නැත ...
“අනුජානාමි භික්ඛවෙ පානීයසඞ්ඛං පානීයසරාවකන්ති.”
“මහණෙනි, පැන්සක ද පැන්කොරහ ද අනුදනිමි” යි වදාළසේක.
23. තෙන ඛො පන සමයෙන විහාරා අපරික්ඛිත්තා හොන්ති. -පෙ-
23. එ සමයෙහි විහාරයෝ (පවුරු ආදියක්) වටා නො ලන ලද්දාහු වෙත් ...
“අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං තයො පාකාරෙ ඉට්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන්ති.”
“මහණෙනි, ගඩොළුපවුර ගල්පවුර දඬුපවුර යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.
කොට්ඨකො න හොති.
(විහාරයට) කොටුවෙක් නො වෙයි.
“අනුජානාමි භික්ඛවෙ කොට්ඨකන්ති.”
“මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළසේක.
කොට්ඨකො නීචවත්ථුකො හොති. උදකෙන ඔත්ථරීයති -පෙ-
කොටුව මිටිබිමැත්තේ වෙයි. වතුරෙන් යටවෙයි ...
“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
“මහණෙනි, කොටුව උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
කොට්ඨකස්ස කවාටං න හොති. -පෙ-
කොටුවට දොරපළුවෙක් නො වෙයි.
“අනුජානාමි භික්ඛවෙ කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකං අග්ගළවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාළච්ඡිද්දං ආවිඤ්ඡනච්ඡිද්දං ආවිඤ්ඡනරජ්ජුන්ති.”
“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුලිය ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදනා රැහැන ද අනුදනිමි” යි වදාළ සේක.
කොට්ඨකෙ තිණචුණ්ණං පරිපතති. -පෙ-
කොටුවෙහි තණරොඩු වැටෙයි ...
“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.”
“මහණෙනි, දඬු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට (එහි) සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පංචවර්ණය යන මෙයින් පැහැපත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
24. තෙන ඛො පන සමයෙන පරිවෙණං චික්ඛල්ලං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
24. එ සමයෙහි පිරිවෙන (පවුරට ඇතුළත වෙහෙර අවට බිම් පෙදෙස) මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....
“අනුජානාමි භික්ඛවෙ මරුම්බං උපකිරිතුන්ති.”
“මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
න පරියාපුණන්ති. -පෙ-
එය නො පිරිමැසේ.
“අනුජානාමි භික්ඛවෙ පදරසිලං නික්ඛිපිතුන්ති.”
“මහණෙනි, ගල්පුවරු බහාලන්නට අනුදනිමි” යි වදාළසේක.
උදකං සන්තිට්ඨති. -පෙ-
දිය රැඳී සිටී.
“අනුජානාමි භික්ඛවෙ උදකනිද්ධමනන්ති.”
“මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ පරිවෙනෙ තහං තහං අග්ගිට්ඨානං කරොන්ති. පරිවෙණං උක්ලාපං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු පිරිවෙනෙහි (පවුරටත් වෙහෙරටත් අතර බිම් පෙදෙසෙහි) ඒ ඒ තැන ලිප් තනත්, පිරිවෙන කසළ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ එකමන්තං අග්ගිසාලං කාතුන්ති.”
“මහණෙනි, එක් පසෙක ගිනිහලක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
අග්ගිසාලා නීචවත්ථුකා හොති. උදකෙන ඔත්ථරීයති. -පෙ-
ගිනිහල පහත් බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යටවෙයි.
“අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
චයො පරිපතති. -පෙ-
බැම්ම කැඩී වැටෙයි...
“අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
“මහණෙනි, ගඩොළුබැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා විහඤ්ඤන්ති. -පෙ-
නැඟෙන්නාහු පෙළෙත්...
“අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ ඉට්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන්ති.”
“මහණෙනි, ගඩොළුහිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
ආරොහන්තා පරිපතන්ති. -පෙ-
නැඟෙන්නාහු ඇදීවැටෙත්...
“අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
අග්ගිසාලාය කවාටං න හොති. -පෙ-
ගිනිහලට දොරපළුවෙක් නැත.
“අනුජානාමි භික්ඛවෙ කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකං අග්ගළවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාළච්ඡිද්දං ආවිඤ්ඡනච්ඡිද්දං ආවිඤ්ඡනරජ්ජුන්ති.”
“මහණෙනි, දොරපළුව දොරබාව වටෙවුලීය උතුරුලීය දොර පොල්ල අගුළුකණුව යතුරුලීය තරංකය කෙසිසිදුර රැහැන්සිදුර අදනා රැහැන යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.
අග්ගිසාලාය තිණචුණ්ණං පරිපතති. -පෙ-
ගිනිහලෙහි තණරොඩු වැටේ.
“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
“මහණෙනි, ඝනදඬු යොදා පියස්ස සාදා ඇතුළත , පිටත බදාම ආලේප කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම මල්කම් ලියකම් මෝරුදැති සිතුවම් පස්පැහැති වර්ණ යෙදීම සිවුරු උණදණ්ඩ සිවුරුවනන ලනුව යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.
25. තෙන ඛො පන සමයෙන ආරාමො අපරික්ඛිත්තො හොති. අජකා’පි පසුකා’පි උපරොපෙ විහෙඨෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
25. එ සමයෙහි ආරාමය (විහාර වත්ත) නො පිරිකෙවුණේ (වටාලූ ආවරණයක් නැත්තේ) වෙයි. එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං තයො වටෙ වෙළුවටං, කණ්ඩකීවටං පරිඛන්ති.”
“මහණෙනි, හුණවැට ද වැටකේවැට ද අගල ද යන ඇවුරුම් තුන අනුදනිමි” යි වදාළසේක.
කොට්ඨකො න හොති. තථෙව අජකා’පි පසුකා’පි උපරොපෙ විහෙඨෙන්ති -පෙ-
ආරාම කොටුවක් නො වෙයි. පළමු සේ ම එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත් ...
“අනුජානාමි භික්ඛවෙ කොට්ඨකං ආපෙසිං යමකකවාටං තොරණං පලිඝන්ති.”
“මහණෙනි, කොටුව ද හිඳිකඩ ද දෙබෑ දොරපළු ද තොරණ ද රෝද කඩුල්ල ද අනුදනිමි” යි වදාළසේක.
කොට්ඨකෙ තිණචුණ්ණං පරිපතති. -පෙ-
දොර කොටුවෙහි තණරොඩු වැටෙයි ....
“අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.”
“මහණෙනි, ඝනදඩු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට ද එහි සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් සටහන් පස්වනක් පැහැ සිත්තම් කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
ආරාමො චික්ඛල්ලො හොති. -පෙ-
අරම මඩ සහිත වේ. ...
“අනුජානාමි භික්ඛවෙ මරුම්බං උපකිරිතුන්ති.”
“මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
න පරියාපුණන්ති. -පෙ-
එයින් තෘප්ත නො වෙත්...
“අනුජානාමි භික්ඛවෙ පදරසිලං නික්ඛිපිතුන්ති.”
“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.
උදකං සන්තිට්ඨති. -පෙ-
දිය රැඳෙයි. ...
“අනුජානාමි භික්ඛවෙ උදකනිද්ධමනන්ති.”
“මහණෙනි, සොරොව්ව අනුදනිමි” යි වදාළසේක.
26. තෙන ඛො පන සමයෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො සඞ්ඝස්ස අත්ථාය සුධාමත්තිකාලෙපනං පාසාදං කාරාපෙතුකාමො හොති. අථ ඛො භික්ඛූනං එතදහොසි: “කින්නු ඛො භගවතා ඡදනං අනුඤ්ඤාතං කිං අනනුඤ්ඤාතන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
26. එ සමයෙහි වනාහි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙම සංඝයාගේ ප්‍රයෝජන පිණිස සුදුහුණු ද මැටි ද මිශ්‍ර කොට තැනු බදාම ආලේපය ඇති ප්‍රාසාදයක් කරවනු කැමැත්තේ වෙයි. එ කල මහණුනට “භාග්‍යවතුන් වහන්සේ විසින් කවර සෙවෙනියෙක් අනුදන්නා ලද ද, කවර සෙවෙනියෙක් නො අනුදන්නා ලද දැ” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්ච ඡදනානි ඉට්ඨකාඡදනං සිලාඡදනං සුධාඡදනං තිණච්ඡදනං පණ්ණච්ඡදනන්ති.”
“මහණෙනි, උළුසෙවිල්ල ද ගල්පුවරු සෙවිල්ල ද හුණුබදාම සෙවිල්ල ද තණසෙවිල්ල ද කොළසෙවිල්ල ද යන සෙවෙනි පස අනුදනිමි” යි වදාළසේක.
පඨමභාණවාරං
පළමු බණවර යි.
27. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති රාජගහකස්ස සෙට්ඨිස්ස භගිනිපතිකො හොති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති රාජගහං අගමාසි කෙනචිදෙව කරණීයෙන. තෙන ඛො පන සමයෙන රාජගහකෙන සෙට්ඨිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො හොති. අථ ඛො රාජගහකො සෙට්ඨී දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙසි “තෙන හි භණෙ කාලස්සෙව උට්ඨාය යාගුයො පචථ, භත්තානි පචථ, සූපානි සම්පාදෙථ, උත්තරිභඞ්ගානි සම්පාදෙථා”ති.
27. එ සමයෙහි අනේපිඬු සිටු තෙම රජගහ නුවර සිටුහට සුහුරුබඩු වෙයි. එ කලැ කිසි කටයුත්තෙකින් රජගහ නුවර ගියේ ය. එ සෙමෙහි වූ කලි රජගහ සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමැතුණේ වෙයි. ඉක්බිති රජගහසිටු තෙම “එසේ නම් සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” ය යි දාසයනට ද කම්කරුවනට ද අණ කෙළේය.
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස එතදහොසි: “පුබ්බෙ ඛ්වායං ගහපති මයි ආගතෙ සබ්බකිච්චානි නික්ඛිපිත්වා මමඤ්ඤෙව සද්ධිං පටිසම්මොදති. සො’දානායං වික්ඛිත්තරූපො දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙසි තෙන හි භණෙ කාලස්සෙව උට්ඨාය යාගුයො පචථ භත්තානි පචථ, සූපානි සම්පාදෙථ, උත්තරිභඞ්ගානි සම්පාදෙථා’ති. කින්නු ඛො ඉමස්ස ගහපතිස්ස ආවාහො වා භවිස්සති විවාහො වා භවිස්සති, මහායඤ්ඤො වා පච්චුපට්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙනා”ති.
එ විට අනේපිඬු සිටුහට, “පෙර දවස්හි වූ කලි මෙ ගැහැවි මා ආ විට සියලු කටයුතු තබා මා හා ම (පිය බස් බෙණෙමින්) සතුටු වෙයි. මෙ තෙම දැන් කලබල අයුරු ඇත්තේ දාසයන් ද කම්කරුවන් ද බණවා, “එසේ වී නම්, සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” යැ යි ඇණැවී ය. කිමෙක් ද මේ ගැහැවිහුගේ ගෙට ආවාහයෙක් හෝ වන්නේ ද? (මෙ ගෙයින්) විවාහයෙක් හෝ වන්නේ ද? මහා යඥයෙක් හෝ එළැඹ සිටියේ ද? බල සෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලදුයේ හෝ වේ දැ” යි මේ සිත විය.
අථ ඛො රාජගහකො සෙට්ඨී දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙත්වා යෙන අනාථපිණ්ඩිකො ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අනාථපිණ්ඩිකෙන ගහපතිනා සද්ධිං පටිසම්මොදිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජගහකං සෙට්ඨිං අනාථපිණ්ඩිකො ගහපති එතදවොච: “පුබ්බෙ ඛො ත්වං ගහපති මයි ආගතෙ සබ්බකිච්චානි නික්ඛිපිත්වා මමඤ්ඤෙව සද්ධිං පටිසම්මොදසි. සො’දානි ත්වං වික්ඛිත්තරූපො දාසෙ ච කම්මකාරෙ ච ආණාපෙසි ‘තෙන හි භණෙ කාලස්සෙව උට්ඨාය යාගුයො පචථ, භත්තානි පචථ, සූපානි සම්පාදෙථ, උත්තරිභඞ්ගානි සම්පාදෙථා’ති. කින්නු ඛො තෙ ගහපති ආවාහො වා භවිස්සති, විවාහො වා භවිස්සති, මහායඤ්ඤො වා පච්චුපට්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙනා”ති.
ඉක්බිති රජගහ සිටු දාසයන් ද කම්කරුවන් ද අණවා අනේපිඬු සිටු වෙත ආයේ ය. අවුත් අනේපිඬු සිටු හා සතුටු විය. සතුටු ව පසෙක ඉඳ ගත්තේ ය. (එසේ) පසෙක හිඳගත් රජගහ සිටුහට අනේපිඬු සිටු තෙම මෙ බස් පැවැසී ය: ගැහැවියනි, පෙර දවස්හි මා ආකල්හි තෙපි සියලු කටයුතු තබා මා හා ම (පිළිසඳර කතා කොට) සතුටු වහු, ඒ තෙපි දැන් කලබල වූ අයුරු ඇත්තහු දාසයන් ද කම්කරුවන් ද බණවා “එසේ වී නම් සගයෙනි, කලින් ම නැගී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවුඅවුළුපත් පිළියෙල කරවු යැ” යි අණ කළා හු ය. කිමෙක් ද ගැහැවියනි, තොපගේ ආවාහයෙක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායඥයෙක් හෝ එළැඹැ සිටියේ ද? බලසෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලද්දේ හෝ වේද” යනු ය.
“න මෙ ගහපති ආවාහො වා භවිස්සති විවාහො වා. න පි රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙන. අපි ච මෙ මහායඤ්ඤො පච්චුපට්ඨිතො. ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො”ති.
“ගැහැවියෙනි, මගේ ගෙහි ආවාහයෙක් හෝ නො වන්නේ ය. විවාහයෙක් හෝ නො වන්නේ ය. බලසෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට නිමතන ලද්දේ නො වෙයි. වැලි දු මහායාගයෙක් එළැඹ සිටියේ ය. සෙට දවසට බුද්ධප්‍රමුඛ සංඝ තෙමේ නිමතන ලද්දේ වේ” යැ යි රජගහ සිටු කී ය.
28. “බුද්ධො’ති ත්වං ගහපති වදෙසී”ති.
28. “ගැහැවියනි, ‘බුද්ධ’ යැ’යි කියවු දැ” යි අනේපිඬු සිටු කී ය.
“බුද්ධො’ ත්යාහං ගහපති වදාමී”ති.
“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි රජගහසිටු කීය.
“බුද්ධො’ති ත්වං ගහපති වදෙසී”ති.
“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි දෙවෙනි වරත් අනේපිඬු සිටු කී ය.
“බුද්ධො’ ත්යාහං ගහපති වදාමී”ති.
“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි දෙවෙනි වරත් රජගහසිටු කී ය.
“බුද්ධො’ති ත්වං ගහපති වදෙසී”ති.
“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි තෙවෙනි වර ද අනේපිඬු සිටු කී ය.
“බුද්ධො’ ත්යාහං ගහපති වදාමී”ති.
“එසේ ය. ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියමි” යි තෙවෙනි වරත් රජගහසිටු කී ය.
“ඝොසො පි ඛො එසො ගහපති දුල්ලභො ලොකස්මිං යදිදං බුද්ධො ‘බුද්ධො’ති. සක්කා නු ඛො ගහපති ඉමං කාලං තං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං අරහන්තං සම්මාසම්බුද්ධන්ති”.
“ගැහැවියනි, ලොවැ මේ ‘බුද්ධ’ යන ශබ්දය පවා දුර්ලභ ය. ගැහැවියනි, ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට එළැඹෙන්නට මෙ වේලේ හැකි දැ” යි අනේපිඬු සිටු කී ය.
“අකාලො ඛො ගහපති ඉමං කාලං තං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං අරහන්තං සම්මාසම්බුද්ධං. ස්වෙ’දානි ත්වං කාලෙන තං භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සසි අරහන්තං සම්මාසම්බුද්ධන්ති.”
“ගැහැවියනි, ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට එළැඹෙන්නට මේ නො කල් ය. සෙට ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට සුදුසු කල්හි ඔබ උන්වහන්සේ කරා යන්නැ” යි රජගහසිටු කී ය.
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ස්වෙ’දානාහං කාලෙන තං භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සාමි අරහන්තං සම්මාසම්බුද්ධන්ති බුද්ධගතාය සතියා නිපජ්ජිත්වා රත්තියා සුදං තික්ඛත්තුං උට්ඨාසි පභාතං මඤ්ඤමානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීතවනද්වාරං තෙනුපසඞ්කමි. අමනුස්සා ද්වාරං විවරිංසු. අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නගරම්හා නික්ඛන්තස්ස ආලොකො අන්තරධායි. අන්ධකාරො පාතුරහොසි. භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතොව පුන නිවත්තිතුකාමො අහොසි.
ඉක්බිති අනේපිඬු සිටු සෙට මම් ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට යන්නෙමි” යි බුදුරජුන් අරමුණු කොට පැවැති සිහියෙන් යුතු ව වැදහෙව රෑ තුන් යලක් ම පහන් වූයේ වනැ යි හඟිනුයේ නැගී සිටියේ ය. ඉක්බිති අනේපිඬු සිටු ශීතවනද්වාරය කරා එළඹියේ ය. අමනුෂ්‍යයෝ දොර විවරකළහ. ඉක්බිති අනේපිඬු සිටු නුවරින් නික්මුණු වේලෙහි එළිය නැතිවිය. අඳුර පහළ විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහගහැන්ම ද උපන. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය.
අථ ඛො සීවකො යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
එ විට සීවක යක් තෙම නොපෙනී සිටියේ.
“සතං හත්ථී සතං අස්සා සතං අස්සතරී රථා සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණිකුණ්ඩලා එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සොළසි”න්ති.
“ඇත්තු සියදහසෙක් ද අස්සු සියදහසෙක් ද මහඟු අසුන් යෙදූ රිය සියදහසක් ද පළන් මිණි කොඬොල් ඇති කන්‍යාවෝ සිය දහසෙක් ද යන මොහු එක් පදව්යතිහාරයෙක (පිය වරෙක) සොළොස්වන කලාව ද නො අගිත් ය” යි.
අභික්කම ගහපති, අභික්කම ගහපති. අභික්කන්තං තෙ සෙය්යො නො පටික්කන්තන්ති.
“ගැහැවිය ඉදිරියට යන්න, ගැහැවිය, ඉදිරියට යන්න. ඉදිරියට යෑම උතුමි, පෙරළා යෑම උතුම් නො වේ” යැ යි හඬක් ඇස්වී ය,
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි.
එ කල අනේපිඬු සිටුහට අඳුර නැතිවිය, එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ.
දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො -පෙ- අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ආලොකො අන්තරධායි, අන්ධකාරො පාතුරහොසි, භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතො’ව පුන නිවත්තිතුකාමො අහොසි. තතියම්පි ඛො සීවකො යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
දෙවෙනි වර ද... තෙවෙනි වර ද අනේපිඬු සිටුහට එළිය අතුරුදහන් විය. අඳුර ඇති විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහ ගැන්ම ද ඇති විය. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය. තෙවෙනි වර ද සීවක යක් තෙම නොපෙනී සිටියේ
සතං හත්ථි -පෙ- සෙය්යො නො පටික්කන්තන්ති.
“ඇත්තු සිය දහසක් ද... පෙරළා යෑම උතුම් නොවේ යැ” යි හඬ ඇස්වී ය.
තතියම්පි ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීතවනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අජ්ඣොකාසෙ චඞ්කමති. අද්දසා ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන චඞ්කමා ඔරොහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
තෙවෙනි වර ද අනේපිඬු සිටුහට අඳුර අතුරුදහන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ. ඉක්බිති අනේපිඬු සිටු තෙම ශීතවනය කරා ගියේ ය. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟී සිට එළිමහනේ සක්මන් කරන සේක. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන අනේපිඬු සිටුහු දුටුයේක. දැක සක්මන් මළුවෙන් බැස පැනැවුණු අස්නෙහි වැඩහුන්සේක.
29. නිසජ්ජ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච ‘එහි සුදත්තා’ති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ‘නාමෙන මං භගවා ආලපතී’ති හට්ඨො උදග්ගො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච ‘කච්චි භන්තෙ භගවා සුඛමසයිත්ථා’ති.
29. භාග්‍යවතුන් වහන්සේ අස්නැ වැඩ හිඳ ‘සුදත්තය, මෙහි එව’ යි අනේපිඬු සිටුහට අඬගසා වදාළසේක. එවිට අනේපිඬු සිටු තෙම ‘භාග්‍යවතුන් වහන්සේ නමින් (නම කියා) මා අමතන සේකැ’ යි තුටුපහටු වූයේ ඔද වැඩීගිය සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල වැටී හිස නමා වැඳ, “වහන්ස, කිමෙක් ද, භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතැපුණු සේක් දෝ” යි කී ය.
“සබ්බදා වෙ සුඛං සෙති බ්රාහ්මණො පරිනිබ්බුතො යො න ලිම්පති කාමෙසු සීතිභූතො නිරූපධි.
“යමෙක් කාමයන්හි නො ඇලෙයි ද කෙලෙස් තැවුම් නැතියෙන් සිසිල් වූයේ වේ ද, ක්ලේශෝපධි රහිත වේ ද කෙලෙස් පිරිනිවනින් පිරිනිවි ඒ බාහිතපාපී පුද්ගල තෙමේ හැම කල්හි ඒකාන්තයෙන් සුවසේ ශයනය කෙරෙයි.
සබ්බා ආසත්තියො ඡෙත්වා විනෙය්ය හදයෙ දරං උපසන්තො සුඛං සෙති සන්තිං පප්පුය්ය චෙතසො”ති.
හෙ තෙම සියලු ආසක්තීන් (තෘෂ්ණාවන්) සිඳ සිතෙහි කෙලෙස් රිදුම් පහකොට සන්සුන් වූයේ සිතේ සන්සිඳීමට පැමිණ සුවසේ සැතැපේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
අථ ඛො භගවා අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ආනුපුබ්බිංඅකථං කථෙසි. සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙව ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි අනාථපිණ්ඩිකං ගහපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි ‘දුක්ඛං සමුදයං නිරොධං මග්ගං.’ සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය එවමෙව අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට ‘දානකථා, ශීලකථා ස්වර්ගකථා කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කිලිටි බව, කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද යන අනුපූර්ව කථාව (දානාදි පිළිවෙළින් කියන ධර්මකථාව) පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහු (කෙලෙස් යටපත් වීමෙන්) නීරෝග සිතැත්තහු, මොළොක් සිතැත්තහු කාමච්ඡන්දදි නීවරණ යටපත්ව ගිය සිතැත්තහු ඔදවැඩි සිතැත්තහු, පහන් සිතැත්තහු දත්සේක් ද, එ කල්හි දුක ද දුඃඛසමුදය ද නිරෝධය ද මාර්ගය ද යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික දේශනාවෙක් වේ ද එය පැවැසූසේක. පහ වූ කළු බව ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම්සේ මනාකොට ම රඳන් උරා ගන්නේ ද, එසේ ම අනේපිඬු සිටුහට එ අස්නෙහි දී ම ‘යම් කිසිවෙක් ප්‍රත්‍යයෙන් හටගන්නාසුලු ද ඒ සියල්ල නැසෙන සුලුයැ’ යි කෙලෙස් රජසින් තොර, පහවූ කෙලෙස් මලැති, දහම් ඇස (සෝවන් මඟ නුවණ) පහළ විය.
30. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
30. ඉක්බිත්තෙන් අනේපිඬු සිටු තෙම, දුටු ආර්ය්යසත්යධර්ම ඇත්තේ නුවණින් පැමිණි ආර්ය්යසත්යධර්ම ඇත්තේ, දන්නා ලද ආර්ය්යසත්යධර්ම ඇත්තේ නුවණින් බැසගත් ආර්ය්යසත්යධර්ම ඇත්තේ, තරණය කළ සැක ඇත්තේ, පහවූ කථඞ්කථා (සැක) ඇත්තේ, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පැමිණියේ පරප්‍රත්‍යය නැත්තෙක් වූයේ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය: “වහන්ස, අභිකාන්ත ය. වහන්ස, අභිකාන්තය. වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද වැසුණු දැයක් විවෘත කරන්නේ ද මංමුළාවූවකුට මඟ කියන්නේ ද ඇසැතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ ද එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සංඝයා ද සරණ යමි. අදින් ඉදිරියට මා දිවිහිම් කොට සරණ ගිය උවසකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකනසේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට සංඝයා සහිත ව මාගේ බත ඉවසන සේක්වා” යනු ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවසූසේක, ඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය.
අස්සොසි ඛො රාජගහකො සෙට්ඨී අනාථපිණ්ඩිකෙන කිර ගහපතිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතොති. අථ ඛො රාජගහකො සෙට්ඨී අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: “තයා කිර ගහපති ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො. ත්වඤ්චාසි ආගන්තුකො. දෙමි තෙ ගහපති වෙය්යායිකං යෙන ත්වං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරෙය්යාසී”ති. “අලං ගහපති. අත්ථි මෙ වෙය්යායිකං යෙනාහං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරිස්සාමී”ති.
රජගහ සිටු තෙම අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සංඝයා නිමතන ලද්දේ ලැයි ඇසී ය. ඉක්බිති රජගහ සිටු “ගැහැවියනි, ඔබ විසින් සෙට දිනට බුදුපාමොක් සඟ නිමැතිණි ල.’ ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, ඔබ බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරන්නාහු ද, එසේ වූ වියදම ඔබට දෙමි” යි අනේපිඬු සිටුහට කි ය. “කම් නැත, ගැහැවියනි, යමෙකින් බුදුපාමොක් සඟනට බත් කරන්නෙම් ද, එයට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
31. අස්සොසි ඛො රාජගහකො නෙගමො “අනාථපිණ්ඩිකෙන කිර ගහපතිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො”ති. අථ ඛො රාජගහකො නෙගමො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච “තයා කිර ගහපති ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො. ත්වඤ්චාසි ආගන්තුකො. දෙමි තෙ ගහපති වෙය්යායිකං යෙන ත්වං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරෙය්යාසී”ති. “අලං අය්යො; අත්ථි මෙ වෙය්යායිකං යෙනාහං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරිස්සාමී”ති.
31. රජගහපුර නියම්ගම් දෙටු තෙමේ ද “අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමැතිණැ” යි ඇසුයේ ම ය. ඉක්බිති රජගහපුර නිගමාධිපති තෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, ඔබ විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල. ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරනුවට වියදම ඔබට දෙමි” යි කී ය. “ආර්‍ය්‍යයෙනි, අනාවශ්යක ය. බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරවන්නට මට වියදම ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
අස්සොසි ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො “අනාථපිණ්ඩිකෙන කිර ගහපතිනා ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච “තයා කිර ගහපති ස්වාතනාය බුද්ධපමුඛො සඞ්ඝො නිමන්තිතො. ත්වඤ්චාසි ආගන්තුකො, දෙමි තෙ ගහපති වෙය්යායිකං යෙන ත්වං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරෙය්යාසී”ති. “අලං දෙව, අත්ථි මෙ වෙය්යායිකං යෙනාහං බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස භත්තං කරිස්සාමී”ති.
මගධේශ්වර සේනිය බිම්බිසාර රජ ද “අනේපිඬු සිටුහු විසින් හෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල” යි ඇසී ය. ඉක්බිති මගධේශ්වර සේනිය බිම්බිසාර රජ “ගැහැවියනි, තොප විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමතන ලද්දේ ල. තෙපි අමුත්තෝ වෙති. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට යන වියදම තොපට දෙමි” යි අනේපිඬු සිටුහට කී ය. “දේවයිනි, ආවශ්‍යක නො වේ. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
32. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති තස්සා රත්තියා අච්චයෙන රාජගහකස්ස සෙට්ඨිස්ස නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි “කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත”න්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන රාජගහකස්ස සෙට්ඨිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
32. ඉන් පසු අනේපිඬු සිටු තෙම ඒ රැය ඇවෑමෙන් රජගහ සිටුහුගේ ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් කාලය ය. බත් පිළියෙළ කොට නිමැවැ” යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වා යැවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සෙමෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ සිටුහුගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ ප්‍රඥප්ත අස්නෙහි බික් සඟන හා වැඩහුන් සේක.
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච “අධිවාසෙතු මෙ භන්තෙ භගවා සාවත්ථියං වස්සාවාසං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
ඉක්බිති අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සතපා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වැළැඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියාව සලකා භාග්‍යවතුන් වහන්සේට එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ම අනේපිඬුසිටු තෙම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සැවැත්නුවර වස්වසනුවට මා කරන අයදුම ඉවසන සේක් වා” යි කීයේ ය.
“සුඤ්ඤාගාරෙ ඛො ගහපති තථාගතා අභිරමන්තී”ති.
“ගැහැවියනි, තථාගතවරු ශුන්‍යාගාරයෙහි විසීම රිසි කෙරෙත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“අඤ්ඤාගතං භගවා අඤ්ඤාතං සුගතා”ති.
“භාග්‍යවතුන් වහන්ස, මට වැටහිණ. සුගතයන් වහන්ස, මට දැනිණැ” යි සිටු කී ය.
අථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට දැහැමි කථායෙන් කරුණු දක්වා කරුණු ගන්වා එහි උත්සාහවත් කොට එයින් සතුටු කොට හුනස්නෙන් නැඟී වැඩි සේක.
33. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති බහුමිත්තො හොති බහුසහායො ආදෙය්යවාචො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති රාජගහෙ තං කරණීයං තීරෙත්වා යෙන සාවත්ථි තෙන පක්කාමි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති අන්තරාමග්ගෙ මනුස්සෙ ආණාපෙසි “ආරාමෙ අය්යා කරොථ විහාරෙ පතිට්ඨාපෙථ. දානානි පට්ඨපෙථ. බුද්ධො ලොකෙ උප්පන්නො. සො ච මයා භගවා නිමන්තිතො ඉමිනා මග්ගෙන ආගච්ඡිස්සතී”ති. අථ ඛො තෙ මනුස්සා අනාථපිණ්ඩිකෙන ගහපතිනා උය්යොජිතා ආරාමෙ අකංසු, විහාරෙ පතිට්ඨාපෙසුං, දානානි පට්ඨපෙසුං.
33. එ සමයෙහි වූකලි අනේපිඬු සිටු බොහෝ මිතුරන් ඇත්තේ බොහෝ යහළුවන් ඇත්තේ සෙස්සන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ වෙයි. එකල්හි අනේපිඬු සිටු රජගහනුවර ඒ කටයුතු නිමවා සැවැත්නුවර බලා නික්මිණ. ඉක්බිති අනේපිඬු සිටු මඟ අතරැ (ගම් නියම් ගම්හි වූ) මිනිසුන් බණවා “ආර්‍ය්‍යයෙනි, ආරාම කරවු විහාර පිහිටුවවු. දන් පිළියෙළ කරවු බුදුරජුහු ලොව උපන්හ. ඒ භගවත්හු මා විසින් නිමැතුණාහු මෙ මඟින් වඩනාහ” යි කී ය. [missing trans]
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති සාවත්ථිං ගන්ත්වා සමන්තා සාවත්ථිං අනුවිලොකෙසි. ‘කත්ථ නු ඛො භගවා විහරෙය්ය යං අස්ස ගාමතො නෙව නාතිදූරෙ නාච්චාසන්නෙ ගමනාගමනසම්පන්නං අත්ථිකානං අත්ථිකානං මනුස්සානං අභික්කමනීයං දිවා අප්පාකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පන්ති’.
ඉක්බිති අනේපිඬු සිටු සැවැත් ගොස්, ‘යමක් ගමට ඉතාදුරත් ඉතා ළඟත් නොවන්නේ ද යෑමට ඊමට පහසු ද (බුදුන් වදනට බණ අසනුවට ය.) කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වේ ද දහවල් ජනාකීර්ණ නො වේ ද, රෑ නිහඬ ද (නුවරැ හැසිරෙන රථ ආදියේ හඬ නො ඇසෙනුයෙන්) ඝෝෂ රහිත ද ගැවැසෙන ජනයා ගේ ශරීරවාතයෙන් විරහිත ද, මිනිසුන් හුදෙකලා කරන භාවනාදි ක්‍රියාවනට සුදුසු ද විවේකයට යෝග්‍ය ද එසේ වූ කවර නම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ විසියයුතු වන්නේ දැ’යි සැවැත් නුවර හාත්පස පිරික්සා බැලී ය.
අද්දසා ඛො අනාථපිණ්ඩිකො ගහපති ජෙතස්ස රාජකුමාරස්ස උය්යානං ගාමතො නෙව අවිදූරෙ නාච්චාසන්නෙ ගමනාගමනසම්පන්නං අත්ථිකානං අත්ථිකානං මනුස්සානං අභික්කමනීයං දිවා අප්පකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං. දිස්වාන යෙන ජෙතො රාජකුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ජෙතං රාජකුමාරං එතදවොච: “දෙහි මෙ අය්යපුත්ත උය්යානං ආරාමං කාතුන්ති.”
අනේපිඬු සිටු තෙම ගමට ඉතා දුරැ නොවූ ඉතා ළඟ ද නො වූ ගමනාගමනයට පහසු වූ, (බුදුරජුන් දැකීම් ආදිය) කැමැති කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වූ දහවල් ජනාකීර්ණ නොවූ, රාත්‍රියෙහි නිහඬ වූ නගර ඝෝෂ රහිත වූ, ජනවාත විරහිත වූ, මිනිසුන්ගේ හුදෙකලාව කරන ක්‍රියාවනට යෝග්‍ය වූ විවේක වාසයට සුදුසු වූ ජෙතරාජකුමාරයාගේ උයන දුටුයේ ය. දැක ජෙතරාජකුමාරයා කරා එළැඹියේ ය. එළැඹ “ආර්‍ය්‍යයෙනි, ආරාමයක් කරන්නට උයන මට දුනමැනැවැ” යි කීයේ ය.
“අදෙය්යො ගහපති ආරාමො අපි කොටිසන්ථරෙනා”ති.
“කහවණු සුලසින් ඇතිරීමෙනුදු උයන නො දිය හැක්කැ” යි ජේත රාජකුමාර කී ය.
“ගහිතො අය්යපුත්ත ආරාමො”ති.
“ආර්‍ය්‍යපුත්‍රය, ආරාමය (මා විසින්) ගන්නා ලදැ” යි සිටු කී ය.
“න ගහපති ගහිතො ආරාමො”ති.
“ගැහැවියෙනි, ආරාමය නො ගන්නා ලදැ” යි කුමර කී ය.
“ගහිතො න ගහිතො”ති වොහාරිකෙ මහාමත්තෙ පුච්ඡිංසු.
“ආරාමය ගන්නා ලද ද? නො ගන්නා ලද දැ” යි විනිශ්චයකාර මහඇමැත්තන් විචාළාහ.
මහාමත්තා එවමාහංසු “යතො තයා අය්යපුත්ත අග්ඝො කතො, ගහිතො ආරාමො”ති.
“ආර්ය්යපුත්රයෙනි, යම් හෙයෙකින් ඔබ විසින් අගය නියම කොට කියන ලද ද, එහෙයින් (සිටුහු විසින්) ආරාමය ගන්නා ලද්දේ යැ” යි ඇමැත්තෝ කීහ.
34. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති සකටෙහි හිරඤ්ඤං නිබ්බාහාපෙත්වා ජෙතවනං කොටිසන්ථරං සන්ථරාපෙසි. සකිං නීහටං හිරඤ්ඤං ථොකස්ස ඔකාසස්ස කොට්ඨකසාමන්තා නප්පහොති. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති මනුස්සෙ ආණාපෙසි “ගච්ඡථ භණෙ, හිරඤ්ඤං ආහරථ. ඉමං ඔකාසං සන්ථරිස්සාමී”ති.
34. එයින් පසු අනේපිඬු සිටු ගැල්වලින් මසුරන් අදවා ජේතවනය, (මසුරන්) සුලසින් සුලස ඇතිරැවී ය. එක් වරක් ගෙනෙන ලද මසුරන් දොරකොටුව සමීපයේ ස්වල්ප අවකාශයකට ප්‍රමාණ නො වෙයි. (මඳවෙයි) . . . එකල්හි අනේපිඬු සිටු මිනිසුන් බණවා “සගයෙනි, මසුරන් ගෙනෙවු. මේ අවකාශය අතුරා වසාලන්නෙමි” යි ඇණවී ය.
අථ ඛො ජෙතස්ස කුමාරස්ස එතදහොසි “න ඛො ඉදං ඔරකං භවිස්සති, යථායං ගහපති තාව බහුං හිරඤ්ඤං පරිච්චජතී”ති. අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච “අලං ගහපති, මා තං ඔකාසං සන්ථරාපෙසි. දෙහි මෙ එතං ඔකාසං. මමෙතං දානං භවිස්සතී”ති.
එවිට ජේතරාජකුමාරයාට “යම්හෙයකින් මේ ගැහැවි තෙම ඒ සා මහත් මසුරන් රැසක් පරිත්‍යාග කරන්නේ ද එ හෙයින් මෙ සුළු කාරියෙක් නො වන්නේ යැ” යි මේ සිත විය. ඉක්බිති හෙතෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, අවශ්‍ය නැත. ඒ අවකාශය නො අතුරවන්න. ඒ අවකාශය මට දෙන්න. එය මගේ දානය වන්නේයැ” යි කී ය.
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති “අයං ඛො ජෙතො රාජකුමාරො අභිඤ්ඤාතො ඤාතමනුස්සො. මහත්ථිකො ඛො පන එවරූපානං ඤාතමනුස්සානං ඉමස්මිං ධම්මවිනයෙ පසාදො”ති තං ඔකාසං ජෙතස්ස කුමාරස්ස පාදාසි. අථ ඛො ජෙතො රාජකුමාරො තස්මිං ඔකාසෙ කොට්ඨකං මාපෙසි.
එවිට අනේපිඬු “මේ ජේතරාජකුමාර තෙම (මහ ජනයා විසින්) වෙසෙසින් දන්නා ලද ප්‍රකට මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මෙ සස්නෙහි පැහැදීම මහත් වැඩ සිදුකරන්නේ වේ” යැ යි සිතා ඒ අවකාශ ප්‍රදේශය ජේතරාජකුමාරයාට දුන්නේ ය. එයින් පසු ජේතරාජකුමාර , තෙම එ ඉඩම් කැබැල්ලෙහි දොරටු පහයක් තැනැවී ය.
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ජෙතවනෙ විහාරෙ කාරාපෙසි, පරිවෙනානි කාරාපෙසි, කොට්ඨකෙ කාරාපෙසි, උපට්ඨානසාලායො කාරාපෙසි, අග්ගිසාලායො කාරාපෙසි, කප්පියකුටියො කාරාපෙසි, වච්චකුටියො කාරාපෙසි, පස්සාවකුටියො කාරාපෙසි, චඞ්කමෙ කාරාපෙසි, චඞ්කමනසාලායො කාරාපෙසි, උදපානෙ කාරාපෙසි, උදපානසාලායො කාරාපෙසි, ජන්තාඝරෙ කාරාපෙසි, ජන්තාඝරසාලායො කාරාපෙසි, පොක්ඛරණියො කාරාපෙසි, මණ්ඩපෙ කාරාපෙසි.
ඉක්බිත්තෙන් අනේපිඬු සිටු ජේතවනයෙහි විහාරයන් කැරැවිය. පිරිවෙන් කැරැවිය, දොරටු කැරැවිය, උවටන්හල් කැරැවිය, ගිනිහල් කැරැවිය, කැපකිළි කැරැවිය. වැසිකිළි කැරැවිය, කෙසකිළි කැරැවිය. සක්මන්මළු කැරැවිය, සක්මන් හල් කැරැවිය. ළින් කැරැවිය, ළින්හල් කැරැවිය, ජෙන්තාකගෘහ කැරැවිය, ජෙන්තාකගතෘහශාලා කැරැවීය. පොකුණු කැරැවිය. මඩු කැරැවිය.
35. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන මනුස්සා සක්කච්චං නවකම්මං කරොන්ති. යෙපි භික්ඛූ නවකම්මං අධිට්ඨෙන්ති තෙපි සක්කච්චං උපට්ඨෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි.
35. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැඩසිට විසල් මහනුවරට පිටත් වූයේක. පිළිවෙළින් සැරිසරා වඩනාසේක් විසල් පුරයට සම්ප්‍රාප්ත වූයේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ මහවෙහෙනහි කුළාරහල් වෙහෙරැ වසනසේක. එකල මිනිස්සු සකසා නවාම් කෙරෙත්. යම් මහණ කෙනෙක් නවාම් ඉවසත් නම් ඔවුනට ද සිවුරු පිඩුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සකසා උවටන් කෙරෙත්.
අථ ඛො අඤ්ඤතරස්ස දළිද්දස්ස තුන්නවායස්ස එතදහොසි “න ඛො පනෙදං ඔරකං භවිස්සති, යථා ඉමෙ මනුස්සා සක්කච්චං නවකම්මං කරොන්ති. යන්නූනාහම්පි නවකම්මං කරෙය්යන්ති”.
එ කල එක්තරා දිළිඳු රෙදිවියන්නකුට “යම්සේ මේ මිනිස්සු සකසා නවාම් කෙරෙත් ද එහෙයින් මෙය සුළු කාරියෙක් නො වියයුතු, නවාමක් කළොත් යෙහෙකැ” යි මේ සිත විය.
අථ ඛො සො දළිද්දො තුන්නවායො සාමං චික්ඛල්ලං මද්දිත්වා ඉට්ඨකායො චිනිත්වා කුඩ්ඩං උට්ඨාපෙසි. තෙන අකුසලකෙන චිතා වඞ්කා භිත්ති පරිපති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සො දළිද්දො තුන්නවායො සාමං චික්ඛල්ලං මද්දිත්වා ඉට්ඨකායො චිනිත්වා කුඩ්ඩං උට්ඨාපෙසි. තෙන අකුසලකෙන චිතා වඞ්කා භිත්ති පරිපති.
එයින් පසු ඒ දිළිඳු රෙදිවියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියක් නැංවිය. අදක්ෂ වූ ඔහු විසින් තනන ලද, වක් වූ බිත්තිය කැඩී වැටිණ. දෙවැනි වරද ... තුන්වැනි වරද ඒ දිළිඳු රෙදි වියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියෙක් නැංවිය. අදක්ෂ වූ ඔහු විසින් තනන ලද වක් වූ බිත්තිය කැඩී වැටිණ.
අථ ඛො සො දළිද්දො තුන්නවායො උජ්ඣායති ඛීයති විපාචෙති “යෙ ඉමෙසං සමණානං සක්යපුත්තියානං දෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය-භෙසජ්ජපරික්ඛාරං තෙ ඉමෙ ඔවදන්ති අනුසාසන්ති තෙසං ච නවකම්මං අධිට්ඨෙන්ති. අහං පනම්හි දළිද්දො. න මං කොචි ඔවදති වා අනුසාසති වා නවකම්මං වා අධිට්ඨෙතී”ති.
එකලැ එ දිළිඳු රෙදිවියන්නා “යම් කෙනෙක් මේ ශාක්‍යපුත්‍රික මහණුනට සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙත් ද ඔවුනට මොහු අවවාද කරත්, අනුශාසනා කරත්, ඔවුන්ගේ නවාම් ද ඉටත්. මම් වූ කලි දිළින්දෙක්මි. කිසිවෙක් මට අවවාද හෝ අනුශාසනා හෝ නො කෙරෙයි. නවාම් හෝ නො ඉටුයැ යි ලාමක කොට සිතයි. නින්දා කෙරෙයි. දොස් පතුරුවයි.
36. අස්සොසුං ඛො භික්ඛූ තස්ස දළිද්දස්ස තුන්නවායස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
36. භික්ෂුහු පහත් කොට සිතන නින්දා කරන දොස් පතුරුවන ඒ දිළිඳු රෙදිවියන්නා ගේ කථාව ඇසූහ. ඉක්බිති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ විට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්ෂූන් අමතා මෙසේ වදාළසේක.
“අනුජානාමි භික්ඛවෙ නවකම්මං දාතුං, නවකම්මිකො භික්ඛවෙ භික්ඛු උස්සුක්කං ආපජ්ජිස්සති “කින්ති නු ඛො විහාරො ඛිප්පං පරියොසානං ගච්ඡෙය්යා”ති ඛණ්ඩඵුල්ලං පටිසඞ්ඛරිස්සති. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බං: පඨමං භික්ඛු යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
“මහණෙනි, නවාම් දෙන්නට අනුදනිමි. මහණෙනි, නවකැමි මහණ තෙම කෙසේ නම් විහාරය වහා නිමාවට යන්නේ දැ” යි උත්සාහවත් බවට පැමිණෙන්නේ ය. කැඩුණු බිඳුණු තැන් ප්‍රකෘතිමත් කරන්නේ ය. මහණෙනි, මෙසේ දියැයුතු ය. පළමු කොට මහණුන්ගෙන් (මහණෙක්) ඉල්ලියැයුතු. පළමු කොට මහණුන් යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා මෙසේ දැන්වියයුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මං දදෙය්ය” එසා ඤත්ති.
“සංස තෙමේ මගේ වචනය අසාවා ඉදින් සංඝයාට සුදුසු කල් ඇති කර්මයෙක් වැ වැටහේ නම්, සංඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්මය පිණිස දෙන්නේ ය” මේ දැනුම් දීමයි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්මය පිණිස දෙයි. මෙනම් ගැහැවියා ගේ විහාරය මෙ නම් මහණහුට නවකම් පිණිස දීම යම් ආයුෂ්මතකුහට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
දින්නො සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස ගහපතිනො විහාරො ඉත්ථන්නාමස්ස භික්ඛුනො නවකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
සංඝයා විසින් මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකම් සඳහා දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.
37. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා විහාරෙ පරිගණ්හන්ති, සෙය්යායො පරිගණ්හන්ති “ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී”ති.
37. එකලැ භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ කැමැති තාක් කල් වැස සැවැත් නුවර බලා සැරිසරා වැඩිසේක. එ සමයෙහි සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ” යි කියා විහාරයන් අත්කැරැ ගනිත්, යහන් අත් කැරැගනිත්.
අථ ඛො ආයස්මා සාරිපුත්තො බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා විහාරෙසු පරිග්ගහිතෙසු, සෙය්යාසු පරිග්ගහිතාසු සෙය්යං අලභමානො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය උක්කාසි. ආයස්මා පි සාරිපුත්තො උක්කාසි. “කො එත්ථා”ති. “අහං භන්තෙ සාරිපුත්තො”ති.
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ බුදුපාමොක් සඟනට පිටුපසින් පිටුපසින් වැඩ (කලදී සවැගි මහණුන් විසින්) විහාරයන් අත්කැරැ ගන්නා ලද කල්හි යහන් අත්කැරැ ගන්නා ලද කල්හි සැතපෙන්නට යහනක් නො ලබනුයේ එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගීසිට කැස්ස සේක. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ ද කැස්සහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූසේක. “වහන්ස, මම ශාරිපුත්‍රයෙමි” යි කීහ.
“කිස්ස ත්වං සාරිපුත්තං ඉධ නිසින්නො”ති.
“ශාරිපුත්‍රයෙනි, තෙපි කවරහෙයින් මෙහි හුන්නු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
අථ ඛො ආයස්මා සාරිපුත්තො භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා විහාරෙ පරිගණ්හන්ති, සෙය්යායො පරිගණ්හන්ති ‘ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී”ති. “සච්චං භගවා”ති.
එකල්හි සැරියුත් තෙරණුවෝ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අප උපාධ්යයනට වන්නේය. මෙය අප ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’ යි විහාරයන් අත් කැරැ ගනිත් ල, යහන් අත් කැරැ ගනිත් ල. ඒ සැබෑ දැ” යි අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි භික්ෂූහු කීහ.
විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා විහාරෙ පරිගණ්හිස්සන්ති, සෙය්යායො පරිගණ්හිස්සන්ති ‘ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී’ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං භික්ඛවෙ අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “කො භික්ඛවෙ අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති”
“මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කෙසේ නම් බුදුපාමොක් සඟනට පෙරාතුව පෙරාතුව ගොස් ‘මෙය අපේ උපාධ්යයනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’යි විහාරයන් අත්කැරැගන්නාහු ද, යහන් අත්කැරැ ගන්නාහුද, මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ බොහෝවීම පිණිස ද නො වන්නේ ය. වැලි දු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පහන් බව පිණිස ද පහන් වූ ඇතැම් කෙනකුන්ගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා දැහැමි කථා කොට භික්ෂූන් බණවා “මහණෙනි, අග්‍රාසනය, අග්‍රෝදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබන්නට කවරෙක් සුදුසු දැ” යි අසා වදාළ සේක.
38. එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ඛත්තියකුලා පබ්බජිතො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
38. “භාග්‍යවතුන් වහන්ස, යමෙක් කැත් කුලයෙන් පැවිදි වූයේ ද, හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා බ්රාහ්මණකුලා පබ්බජිතො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් බමුණු කුලයෙන් පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබන්නට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ගහපතිකුලා පබ්බජිතො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ගැහැවි කුලයෙන් නික්ම පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ” යැයි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා සුත්තන්තිකො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සූත්රාන්තධර ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා විනයධරො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් විනයධර ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ධම්මකථිකො සො අරහති අග්ගාසනං -අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ධර්මකථික ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා පඨමස්ස ඣානස්ස ලාභී සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ප්‍රථමධ්‍යානලාභී ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ’යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා දුතියස්ස ඣානස්ස ලාභී -පෙ- “යො භගවා තතියස්ස ඣානස්ස ලාභීති -පෙ- “යො භගවා චතුත්ථස්ස ඣානස්ස ලාභී සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ද්විතීය ධ්‍යානලාභී ද ... තෘතීය ධ්‍යානලාභී ද ... චතුර්ත්ථ ධ්‍යානලාභී ද, හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා සොතාපන්නො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සෝවාන් ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා සකදාගාමී” -පෙ- යො භගවා අනාගාමී” -පෙ- “යො භගවා අරහා සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සකෘදාගාමී ද... අනාගාමී ද... යමෙක් රහත් ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා තෙවිජ්ජො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ත්‍රිවිද්‍යා ලාභී ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
එකච්චෙ භික්ඛූ එවමාහංසු: “යො භගවා ඡළභිඤ්ඤො සො අරහති අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති.”
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ෂඩ්භිඥ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
39. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “භූතපුබ්බං භික්ඛවෙ හිමවන්තපස්සෙ මහානිග්රොධො අහොසි. තං තයො සහායා උපනිස්සාය විහරිංසු තිත්තිරො ච මක්කටො ච හත්ථිනාගො ච. තෙ අඤ්ඤමඤ්ඤං අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරන්ති. අථ ඛො භික්ඛවෙ තෙසං සහායානං එතදහොසි: “අහො නූන මයං ජානෙය්යාම. යං අම්හාකං ජාතියා මහන්තතරො තං මයං සක්කරෙය්යාම ගරුං කරෙය්යාම මානෙය්යාම පූජෙය්යාම තස්ස ච මයං ඔවාදෙ තිට්ඨෙය්යාමා”ති.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙය වදාළ සේක. “මහණෙනි, පෙර වූවක් කියමි. මහණෙනි, පෙර හිමවත පාර්ශවයෙහි මහනුගරුකෙක් විය. වටුවෙක් ද වඳුරෙක් ද ඇතෙක් ද යන තුන් යහළු කෙනෙක් එය ඇසුරු කොට විසූහ. ඔහු උනුනට ගරුසරු නැති ව යටත් පැවතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වෙසෙත්. මහණෙනි, එකල්හි ඒ යහළුවනට “ අප අතුරෙන් යමෙක් උත්පත්තියෙන් ඉතා මහලු ද ඔහු දැනගත හෙන්නමෝ නම්, ගරු කරන්නමෝ නම් බුහුමන් කරන්නමෝ නම් පුදන්නමෝ නම්, ඔහුගේ අවවාදයෙහිත් පිහිටන්නමෝ නම් ඉතා යෙහෙකැ” යි මේ සිත විය.
අථ ඛො භික්ඛවෙ තිත්තිරො ච මක්කටො ච හත්ථිනාගං පුච්ඡිංසු “ත්වං සම්ම කිං පොරාණං සරසී”ති.
මහණෙනි, එයින් පසු වටුවා ද වඳුරා ද ඇතු බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි විචාළාහ.
“යදාහං සම්මා ඡාපො හොමි, ඉමං නිග්රොධං අන්තරා සත්ථීනං කරිත්වා අතික්කමාමි අග්ගඞ්කුරකං මෙ උදරං ඡුපති. ඉමාහං සම්මා පොරාණං සරාමී”ති.
“යහළුවනි, මම් යම් කලෙක පැටියෙක් වීම් ද එ කල්හි මම් මේ නුගරුක මාගේ කලවා අතුරෙහි කොට ඉක්මෙමි, මුදුන් දලුව මගේ බඩ ස්පර්ශ කෙරෙයි. යහළුවනි, මම මේ පැරැණි ම දැය සිහි කරමි” යි ඇතා කීය.
අථ ඛො භික්ඛවෙ තිත්තිරො ච හත්ථිනාගො ච මක්කටං පුච්ඡිංසු “ත්වං සම්ම කිං පොරාණං සරසී’ති.
“මහණෙනි, ඉක්බිති වටුවා ද ඇතා ද වඳුරා බණවා “යහළුව, තෙපි පැරැණිම වූ කුමක් සිහි කරවු දැ” යි ඇසූහ.
යදාහං සම්මා ඡාපො හොමි ඡමායං නිසීදිත්වා ඉමස්ස නිග්රොධස්ස අග්ගඞ්කුරකං ඛාදාමි. ඉමාහං සම්මා පොරාණං සරාමී”ති.
යහළුවනි, යම් කලෙක මම් පැටියෙක් වීම් ද, එකලහැ මම් බිම හිඳ මේ නුගයේ මුදුන් දලුව කමි. යහළුවනි, මම් මේ පැරැණි ම දැය සිහි කරමි” යි වඳුරා කී ය.
අථ ඛො භික්ඛවෙ මක්කටො ච හත්ථිනාගො ච තිත්තිරං පුච්ඡිංසු “ත්වං සම්ම කිං පොරාණං සරසී”ති.
මහණෙනි, ඉක්බිති වඳුරාත් ඇතාත් වටුවා බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි පුළුවුත්හ.
අමුකස්මිං සම්මා ඔකාසෙ මහානිග්රොධො අහොසි. තතො අහං ඵලං භක්ඛිත්වා ඉමස්මිං ඔකාසෙ වච්චං අකාසිං. තස්සායං නිග්රොධො ජාතො. තදාහං සම්මා ජාතියා මහන්තතරො”ති.
“යහළුවනි, අසෝ තන්හි මහනුගයෙක් විය. මම් එයින් ගෙඩියක් කා මෙ තැන වසුරු පහකෙළෙමි. එයින් මේ නුගය ඇති විය. යහළුවනි, එදාත් මම් උපතින් ඉතා වැඩුණෙක් ව උනිමි” යි වටුවා කී ය.
අථ ඛො භික්ඛවෙ මක්කටො ච හත්ථිනාගො ච තිත්තිරං එතදවොචුං: “ත්වං සම්ම අම්හාකං ජාතියා මහන්තතරො. තං මයං සක්කරිස්සාම ගරුකරිස්සාම මානෙස්සාම පූජෙස්සාම තුය්හඤ්ච මයං ඔවාදෙ පතිට්ඨිස්සාමා”ති.
මහණෙනි, එ කල්හි වඳුරා ද ඇතා ද වටුවා බණවා “යහළුව, තෙපි උපතින් අප දෙදෙනාට ම වඩා මහලු ය, අපි ඒ තොපට සත්කාර කරන්නමු, ගෞරව කරන්නමු, බුහුමන් කරන්නමු, පුදන්නමු, තොපගේ අවවාදයෙහි ද අපි පිහිටන්නමු” යි කීහ.
අථ ඛො භික්ඛවෙ තිත්තිරො මක්කටඤ්ච හත්ථිනාගඤ්ච පඤ්චසු සීලෙසු සමාදපෙසි. අත්තනා ච පඤ්චසු සීලෙසු සමාදාය වත්තති. තෙ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිකා විහරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු. එවං ඛො තං භික්ඛවෙ තිත්තිරියං නාම බ්රහ්මචරියං අහොසි.
මහණෙනි, එයින් පසු වටුවා වඳුරා ද ඇතු ද පන්සිල්හි පිහිටුවිය. තෙමේ ද පන්සිල් ගෙන පවතියි. ඔහු උනුනට ගෞරව සහිත ව යටත් පැවැතුම් සහිත ව සභාග පැවැතුම් සහිත ව වැස කාබුන් මරණින් මතු සුවයට ස්ථාන වූ සගලොවට ගියාහ. මහණෙනි, මෙය තෛත්තිරිය බ්‍රහමචර්‍ය නම් විය.
යෙ වුද්ධමපචායන්ති නරා ධම්මස්ස කොවිදා දිට්ඨෙව ධම්මෙ පාසංසා සම්පරායෙ ච සුග්ගතී.
දහම්හි දක්ෂ වූ (දහම් දන්නා) යම් කෙනෙක් වැඩිමහල්ලාට යටත් ව පවතිත් ද ඔහු මෙ අත්බව්හි පැසසුම් ලබන්නෝ ද පරලොව්හි සුගතිය ඇත්තෝ ද වෙති.
තෙ හි නාම භික්ඛවෙ තිරච්ඡානගතා පාණා අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිකා විහරිස්සන්ති. ඉධ ඛො තං භික්ඛවෙ සොභෙථ යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරෙය්යාථ. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං භික්ඛවෙ අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ යථාවුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං. න ච භික්ඛවෙ සඞ්ඝිකං යථාවුඩ්ඪං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
මහණෙනි, තිරිසන්ගිය ප්‍රාණීහු වූ ඔහු පවා උනුනට ගෞරව ඇත්තෝ ව යටත් පැවැතුම් ඇත්තෝ ව සභාග පැවැතුම් ඇත්තෝ ව වුසූහ. මහණෙනි, මෙසේ වූ ස්වාඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූ තෙපි උනුනට ගෞරව නැති ව යටත් පැවැතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වසන්නහු ය යන යමෙක් ඇද්ද, මෙහි ලා එය හොබනේ ද? මහණෙනි, මෙය නො පහන් අයගේ පැහැදීම පිණිස ද පහන් අයගේ බොහෝ වීම පිණිස ද නො වන්නේ ය. වැළිදු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා (වැඩිමහලු තෙරුනට ගෞරව නො කිරීමට) ගරහා දැහැමි කතා කොට භික්ෂූන් බණවා, “මහණෙනි, මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ප්‍රිය වචන යෙන් කථාකිරීම ප්රථමාසනය ප්රථමඋදකය ප්‍රථම භෝජනය සංඝස්ථවිර තෙරහට පිරිනැමීම අනුදනිමි. එහෙත් සඟසතු කොට පිදු දෑ වැඩිමහලු පිළිවෙළින් නො ඉසිලියැයුතු. යමෙක් උසුලන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
40. දස ඉමෙ භික්ඛවෙ අවන්දියා: පුරෙ උපසම්පන්නෙන පච්ඡා උපසම්පන්නො අවන්දියො, අනුපසම්පන්නො අවන්දියො, නානාසංවාසකො වුඩ්ඪතරො අධම්මවාදී අවන්දියො, මාතුගාමො අවන්දියො, පණ්ඩකො අවන්දියො, පාරිවාසිකො අවන්දියො, මූලාය පටිකස්සනාරහො අවන්දියො, මානත්තාරහො අවන්දියො, මානත්තචාරිකො අවන්දියො. අබ්භානාරහො අවන්දියො. ඉමෙ ඛො භික්ඛවෙ දස අවන්දියා.
40. මහණෙනි, මේ දස දෙන නො වැන්දයුත්තෝ ය. පළමුවෙන් උපසපන් වූවහු විසින් පසුව උපසපන් වූයේ නො වැන්දයුතු; උපසපන් නො වූයේ ද උපසපන් වූවහු විසින් නො වැන්ද යුතු; වඩා මහලු වූ ද අධර්මවාදී නානාසංවාසක උපසපන් මහණ තෙමේ නො වැන්දයුතු; භික්ෂූහු විසින් මාගම නො වැන්දයුතු, පණ්ඩකයා නො වැන්දයුතු; පිරිවෙස් පුරන මහණ නො වැන්දයුතු; මූලායපටිකස්සනාවට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානතට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානත පුරන මහණ නො වැන්දයුතු; අබ්භානයට සුදුසු මහණ නො වැන්දයුතු. මහණෙනි, මේ දස දෙන උපසපන්හු විසින් නො වැන්ද යුත්තෝ ය.
තයො මෙ භික්ඛවෙ වන්දියා: පච්ඡා උපසම්පන්නෙන පුරෙ උපසම්පන්නො වන්දියො, නානාසංවාසකො වුඩ්ඪතරො ධම්මවාදී වන්දියො, සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො වන්දියො. ඉමෙ ඛො භික්ඛවෙ තයො වන්දියාති.
මහණෙනි, මේ තිදෙන වැන්දයුත්තෝ ය: පසුව උපසපන් මහණහු විසින් තමාට පළමුවෙන් උපසපන් වූ මහණ වැන්දයුතු. නානාසංවාසක වූව ද උපසපුයෙන් වැඩි මහලු ධර්මවාදී මහණ තෙම වැන්දයුතු. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාව ඇති ලොව්හි තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ වැන්දයුතු ය. මහණෙනි, මොහු වැන්දයුතු තුන් දෙනා ය.
41. තෙන ඛො පන සමයෙන මනුස්සා සඞ්ඝං උද්දිස්ස මණ්ඩපෙ පටියාදෙන්ති, සන්ථරෙ පටියාදෙන්ති, ඔකාසෙ පටියාදෙන්ති. ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ සඞ්ඝිකඤ්ඤෙව ‘භගවතා යථාවුඩ්ඪං අනුඤ්ඤාතං, නො උද්දිස්සකතන්ති’ බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා මණ්ඩපෙපි පරිගණ්හන්ති’ සන්ථරෙපි පරිගණ්හන්ති, ඔකාසෙපි පරිගණ්හන්ති ‘ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී’ති.
41. එ සමයෙහි මිනිස්සු සඞ්ඝයා උදෙසා මණඩප පිළියෙළ කරත්, ඇතිරි පිළියෙළ කරදෙත්, අවකාශ ස්ථාන පිළියෙළ කරදෙත්, සවැගි මහණුන්ගේ අතැවැසි මහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් සඟසතු කරන ලද දැය ම මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලදි. කෙනකු උදෙසා කරන ලද දැය මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලද්දේ නො වේ” යැයි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ආචාර්ය්යයනට වන්නේය, මෙය අපට වන්නේ යැ’ යි කියා මණ්ඩප ද ඇතිරි ද අවකාශ ස්ථාන ද අත්කරගනිත්.
අථ ඛො ආයස්මා සාරිපුත්තො බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා මණ්ඩපෙසු පරිග්ගහිතෙසු, සන්ථරෙසු පරිග්ගහිතෙසු ඔකාසෙසු පරිග්ගහිතෙසු ඔකාසං අලභමානො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය උක්කාසි. ආයස්මාපි සාරිපුත්තො උක්කාසි. “කො එත්ථාති.” “අහං භගවා සාරිපුත්තො”ති. “කිස්ස ත්වං සාරිපුත්ත ඉධ නිසින්නො”ති.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බුදුපාමොක් සඟන පසු පස්සෙන් වැඩ, මණඩපයන් ඇතිරි අවකාශස්ථාන (සවැගියන්ගේ අතැවැස්සන් විසින්) අත් කැරැගන්නා ලද කල්හි ඉඩක් නො ලබන්නෝ එක්තරා රුක්මුලෙක හුන්නෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟීසිට කැස්සසේක. සැරියුත් තෙරණුවෝ ද, කැස්සාහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ශාරිපුත්‍රයෙමි” යි තෙරණුවෝ වදාළාහ. “ශාරිපුත්‍රයෙනි, තෙපි කවර හෙයින් මෙහි හුන්නහු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
අථ ඛො ආයස්මා සාරිපුත්තො භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ සඞ්ඝිකඤ්ඤෙව භගවතා යථාවුඩ්ඪං අනුඤ්ඤාතං නො උද්දිස්සකතන්ති බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා මණ්ඩපෙ පරිගණ්හන්ති, සන්ථරෙ පරිගණ්හන්ති, ඔකාසෙ පරිගණ්හන්ති: ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී”ති. “සච්චං භගවා” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ උද්දිස්සකතම්පි යථාවුඩ්ඪං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
එ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු ‘උදෙසා කරන ලද දෑ නො ව සඟ සතු කරන ලද දෑ ම වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කරන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදහ’ යි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අප උපාධ්‍යායයන් වහන්සේට වන්නේ ය, මෙය අප ආචාර්‍ය්‍යයන් වහන්සේට වන්නේ ය, මෙය අපට වන්නේ යැ” කියා මණ්ඩපයන් අත්කැරැ ගනිත් ල, ඇතිරි අත් කැරැ ගනිත් ල, අවකාශස්ථාන අත් කැරැ ගනිත් ල, ඒ සැබෑද’යි අසාවදාළසේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි භික්ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා “මහණෙනි, උදෙසා කරන ලද්ද ද වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කිරීම ප්‍රතිබාහනය නො කළයුතු, යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
42. තෙන ඛො පන සමයෙන මනුස්සා භත්තග්ගෙ අන්තරඝරෙ උච්චාසයනමහාසයනානි පඤ්ඤපෙන්ති. සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොණකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
42. එ සමයෙහි මිනිස්සු ඇතුළුගමැ බත්හලෙහි දික්සඟළා පුටුය, පළඟය කොඳුපලසය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදු ඇතිරිය, පුළුන් ඇතිරිය, එළුලොම්මුවා ඝන පුප්ඇතිරිය, සිංහරූපාදියෙන් විසිතුරු එළුලොම්මුවා ඇතිරිය, එක් පිටෙහි ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, දෙපිටැ ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කම් කොට තිහිරි හුයින් කළ පසතුරුණ, රන්කම් කළ තිහිරි පසතුරුණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනකුන් හට නටන්නට තරම් ඉඩ ඇති එළුලොම්මුවා මහඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රියතුළ අතුරන ඇතිරිය, අඳුන්දිවිසමින් කළ පසතුරුණ, කෙසෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, රතු උඩුවියන් සහිත වූ යහනය, ඉස්දෙර පාමුල රතු කොට්ට ඇති යහනය යන මෙසේ වූ උසසුන් මහසුන් පනවත්. මහණහු කුකුස් කරන්නාහු එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා තීණි ආසන්දිං පල්ලඞ්කං තූලිකං ගිහිවිකතං අභිනිසීදිතුං, නත්වෙව අභිනිපජ්ජිතුන්ති”.
“මහණෙනි, දික්සඟළා පුටුව ද පළඟ ද පුළුන් ඇතිරිය ද හැර සෙසු ගෘහී විකෘතයන්හි (ගිහියන් පැනැවූ අසුන්හි) වැදැහෙන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන මනුස්සා භත්තග්ගෙ අන්තරඝරෙ තූලොනද්ධං මඤ්චම්පි පීඨම්පි පඤ්ඤපෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මිනිස්සු ඇතුළු ගම බොජුන් හලෙහි පුළුන් බහා යොදා පිළියෙළ කළ ඇඳන් ද පුටු ද පනවත්. මහණහු කුකුස් කෙරෙත්, එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“අනුජානාමි භික්ඛවෙ ගිහිවිකතං අභිනිසීදිතුං නත්වෙව අභිනිපජ්ජිතුන්ති.”
“මහණෙනි, ගිහීන් පිළියෙළ කළ ඇඳ පුටු ආදියේ වැදහොන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
43. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගම් නියම්ගම් පිළිවෙළින් සැරිසරා වඩනාසේක්, සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරමැ වසනසේක. එ කලැ (එක් දිනක්) අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙකැ හිඳගත්තේ ය. හේ එකත් පසෙක හුන්නේ “වහන්ස භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා සහිත ව සෙට දවසට මාගේ බත ඉවසනසේක්ව” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවසූසේක.
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි ‘කාලො භන්තෙ නිට්ඨිතං භත්තන්ති.’
ඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගීසිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය. ඉක්බිති අනේපිඬු සිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “ වහන්ස, දැන් වඩනට කාලය ය බත පිළියෙළ කොට නිමැවිණැ” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.
අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච: “කථාහං භන්තෙ ජෙතවනෙ පටිපජ්ජාමී”ති.
භාග්‍යවතුන් වහන්සේ ද ඒ පෙරවරු සෙමෙහි හැඳපෙරෙවැ පා සිවුරු ගෙන අනේපිඬු සිටුහුගේ ගෙය වෙතට එළැඹිසේක. එළැඹ පනවා තුබුණු අසුන්හි බික්සඟන හා වැඩැහුන්සේක. එ කල අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතප්වා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වළඳා නිමවා පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියා දැක ඔබට එකත් පසැ හිඳගත්තේ ය. එසේ හුන්නේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම ජේතවනය පිළිබඳ වැ කෙසේ නම් පිළිපදිම් දැ” යි ඇසූයේ ය.
“තෙන හි ත්වං ගහපති ජෙතවනං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙහී”ති.
“එසේ වී නම් ගැහැවිය පැමිණි නො පැමිණි සිවුදිගට අයත් බික්සඟනට පිහිටුවන්නැ (පිරිනමන්නැ)” ‘යි භාග්‍යවතුන්වහන්සේ වදාළසේක.
“එවං භන්තෙ”ති ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො පටිස්සුත්වා ජෙතවනං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙසි.
“එසේ ය, වහන්සැ” යි කියා අනේපිඬු සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි ජේතවනය සිවු දිගට අයත් එහි පැමිණි නො පැමිණි (සියලු) බික්සඟන සතු කොට පිරිනැමී ය.
අථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදි:
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කළසේක.
44. සීතං උණ්හං පටිහන්ති තතො වාළමිගානි ච සිරිංසපෙ ච මකසෙ සිසිරෙ චාපි වුට්ඨියො.
44. විහාරය වූ කලි ශීතය ද උෂ්ණය ද එයින් අන්‍ය වූ චණ්ඩමෘගයන් ද සර්පයන් ද මැසිමදුරුවන් ද සිසිල්සුළං ද වැසි ද වළහයි.
තතො වාතාතපො ඝොරො සඤ්ජාතො පටිහඤ්ඤති. ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච ඣායිතුඤ්ච විපස්සිතුං
එයින් අන්‍ය වූ හටගත් දැඩි අවු සුළං ද (විහාරය කරණ කොට ගෙන) වැළැකෙයි. විවික්ත වැ විසීම පිණිස ද දෘෂ්ටධර්ම සුඛවිහරණය පිණිස ද ධ්‍යාන වඩනු පිණිස ද විවසුන් වඩනු පිණිස ද විහාරය (යෝග්‍ය ස්ථාන වේ).
විහාරදානං සඞ්ඝස්ස අග්ගං බුද්ධෙන වණ්ණිතං තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො
එහෙයින් සංඝයාට විහාර පිළියෙළ කොට දිම අග්‍ර පිනෙකැ යි හැම බුදුවරයක්හු විසින් වර්ණිත ය. එ බැවින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ,
විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ. තෙසං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච
සිත්කලු විහාරයන් කරන්නේ ය. එහි බොහෝ ඇසූ පිරූ තන් ඇති භික්ෂූන් වස්වන්නේ ය. ඍජු ගුණ ඇති ඔවුන් කෙරෙහි වෙසෙසින් පහන් වූ සිතින් යුතු ව ඒ භික්ෂුනට ආහාර ද පාන ද වස්තු ද ශයනාසන ද දෙන්නේ ය.
දදෙය්ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා. තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛාපනූදනං යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවොති.
ඒ (දායක) තෙම යම් දහමක් දැන ගෙන ආස්‍රව රහිත වූයේ මෙ අත්බව්හිදී කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙන්නේ ද (රහත් බවට පැමිණෙන්නේ ද) - එසේ වූ සියලු සසර දුක් දුරැලන දහමක් ඒ භික්ෂුහු ඔහුට දෙසන්නාහ.
අථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනේපිඬු සිටුහට අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී නික්මවැඩිසේක.
45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස ආජීවකසාවකස්ස මහාමත්තස්ස සඞ්ඝභත්තං හොති. ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙසි. භත්තග්ගං කොලාහලමහොසි. අථ ඛො සො මහාමත්තො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම සමණා සක්යපුත්තියා පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනෙ භික්ඛුං වුට්ඨාපෙස්සන්ති, භත්තග්ගං කොලාහලමහොසි. නනු නාම ලබ්භා අඤ්ඤත්රාපි නිසින්නෙන යාවදත්ථං භුඤ්ජිතුන්ති” අස්සොසුං ඛො භික්ඛූ තස්ස මහාමත්තස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙස්සති. භත්තග්ගං කොලාහලං අහොසී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
45. එ සමයෙහි වනාහි ආජීවක ශ්‍රාවක වූ එක්තරා මහඇමැත්තකුගේ සඞ්ඝයාට පිරිනැමෙන බතෙක් වෙයි. ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ හැමට පසු ව අවුත් සමීපයෙහි හුන් අඩාළ බොජුන් ඇති (වළඳා නො නිමි) භික්ෂූ නමක් නැගිටුවූහ. බොජුන්හල කලබල සහිත විය. එකල්හි ඒ මහඇමැත්තා “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ පසු වැ අවුත් බොජුන්වළඳා නොනිමි භික්ෂූන් නැගිටුවන්නාහු ද, එයින් බොජුන්හල කලබල සහිත විය. අන් තැනෙක හිඳ රිසිතාක් වළඳන්නට නො හැකි දැ” යි පහත් කොට සිතයි, දොස් නඟයි, නුගුණ පතුරුවයි. භික්ෂූහු පහත් කොට සිතන දොස් නගන නුගුණ පතුරුවන ඒ ඇමැත්තාගේ වචනය ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද... ඔහු (ද) “කෙසේ නම් ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ පසු ව අවුත් බොජුන් වළඳා නො නිමි සමීපයෙහි හුන් භික්ෂුනමක් නැඟුටුවන්නෝ ද, එයින් බොජුන්හල කලබල සහිත වී” යැ යි පහත් කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. එ කල ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“සච්චං කිර ත්වං, උපනන්ද පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙසි භත්තග්ගං කොලාහලං අහොසී”ති.
“සැබෑද උපනන්දයෙනි, තෙපි පසුව අවුත් බොජුන් වළඳා නොනිමි මහණක්හු නඟාසිටුවූහු ද (එයින්) බොජුන්හල කලබල සහිත වී දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සච්චං භගවා.”
“සැබැව, වහන්සැ” යි (උපනන්ද තෙරණුවෝ කීහ.)
විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙස්සසි. භත්තග්ගං කොලාහලං අහොසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
“හිස් පුරුෂය තෝ පසුව අවුත් සමීපයේ හුන් වළඳා නො නිමි (සමීපයෙහි වළඳමින් හුන්) මහණක්හු කෙසේ නැඟුටුවූයෙහි ද? බොජුන්හල (එයින්) කලබල සහිත වූයේ ය. හිස් පුරුෂය, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” ය යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කථා කොට,
“න, භික්ඛවෙ විප්පකතභොජනො භික්ඛු වුට්ඨාපෙතබ්බො. යො වුට්ඨාපෙය්ය ආපත්ති දුක්කටස්ස. සචෙ වුට්ඨාපෙති පවාරිතො ච හොති. ‘ගච්ඡ උදකං ආහරා’ති වත්තබ්බො එවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සාධුකං සිත්ථානි ගිලිත්වා වුඩ්ඪතරස්ස භික්ඛුනො ආසනං දාතබ්බං. නත්වෙවාහං භික්ඛවෙ කෙනචි පරියායෙන වුඩ්ඪතරස්ස භික්ඛුනො ආසනං පටිබාහෙතබ්බන්ති වදාමි. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, අඩාළ බොජුන් ඇති (වළඳා නොනිමි) මහණ නො නඟා සිටුවියැයුතු. යමෙක් ඔහු නඟා සිටුවන්නේ නම්, ඔහුට, දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් (ඇවැත නොතකා) නඟා සිටුවන්නේ නම්, මෙ තෙම පවරන ලදුයේ ද වන්නේ ය. ‘වඩින්න, පැන් ගෙනෙන්නැ’යි වැඩිමාලු මහණ තෙම කියැයුතු (වැඩිමහල් මහණහට කියැ යුතු). එසේත් මෙය ලබන්නේ නම් ඒ මැනැවි, ඉදින් නො ලබන්නේ නම් මනාසේ බත්තුළු ගිලැ වැඩිමහලු මහණහට අස්න දියැයුතු, මහණෙනි, මම් කිසි කරුණෙකිනුත් වැඩිමහලු මහණහට ආසනය ප්‍රතිබාහන කළයුතු යැයි නො කියමි. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
46. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ගිලානෙ භික්ඛූ වුට්ඨාපෙන්ති. ගිලානා එවං වදෙන්ති ‘න මයං ආවුසො සක්කොම වුට්ඨාතුං ගිලානාම්හා’ති. ‘මයං ආයස්මන්තෙ වුට්ඨාපෙස්සාමා’ති පරිග්ගහෙත්වා වුට්ඨාපෙත්වා ඨිතකෙ මුඤ්චන්ති. ගිලානා මුච්ඡිතා පපතන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
46. එ සමයෙහි සවැගි මහණහු ගිලන් භික්ෂූන් නගාසිටුවත්. “ඇවැත්නි, නැගී සිටින්නට නො හැක්කම්හ ගිලනුම්හ” යි ගිලන් මහණහු මෙසේ කියත්. ‘අපි ආයුෂ්මතුන් නගාසිටුවම්හ’ යි කියා ඔහු ගිලන් මහණුන් අල්ලා නඟාසිටුවා (එසේ) නැගී සිටියවුන් අතහරිත්. ගිලන් මහණහු ක්ලාන්ත ව වැටෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“න භික්ඛවෙ ගිලානො වුට්ඨාපෙතබ්බො. යො වුට්ඨාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, ගිලනා නො නැගිටුවියයුතු, යමෙක් නැගුටුවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ‘ගිලානා මයම්හා අවුට්ඨාපනීයා’ති වරසෙය්යායො පළිබුද්ධෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සවැගි මහණහු “අපි ගිලනුම්හ, නො නගාසිටුවිය යුත්තම්හ” යි කියා (සුව පහසු දෙන) මනායහන් අවුරාගෙන සැතපෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස පතිරූපං සෙය්යං දාතුන්ති.”
“මහණෙනි, ගිලනාහට සුදුසු යහනක් දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ලෙසකප්පෙන සෙනාසනං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සවැගි මහණෝ ස්වල්පමාත්‍ර ආබාධයෙනුත් සෙනසුන් පිළිබහත් (අන්කෙනකුට එය පරිභෝග කරන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“න භික්ඛවෙ ලෙසකප්පෙන සෙනාසනං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, අල්පමාත්‍ර ආබාධයෙකින් සෙනසුන් නො පිළිබැහිය යුතු. යමෙක් පිළිබහන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
47. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අඤ්ඤතරං පච්චන්තිමං මහාවිහාරං පටිසඞ්ඛරොන්ති ‘ඉධ මයං වස්සං වසිස්සාමා’ති. අද්දසංසු ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්තෙ. දිස්වාන එවමාහංසු ‘ඉමෙ ආවුසො සත්තරසවග්ගියා භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්ති, හන්ද නෙ වුට්ඨාපෙස්සාමා’ති. එකච්චෙ එවමාහංසු: “ආගමෙථ ආවුසො යාව පටිසඞ්ඛරොන්ති. පටිසඞ්ඛතෙ වුට්ඨාපෙස්සාමා’ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ එතදවොචුං: “උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී’ති.
47. එ සමයෙහි සතොළොස්වැගි මහණෝ ‘අපි මෙහි වස් වසන්නම්හ’ යි කියා පිටිසරබද මහවෙහෙරක් පිළිසකර කෙරෙත්. සවැගි මහණෝ වෙහෙර පිළිසකර කරන සතොළොස්වැගි මහණුන් දුටුහ. දැක, ‘ඇවැත්නි, මේ සතොළොස්වැගි මහණහු එක්තරා වෙහෙරක් පිළිසකර කෙරෙත්. අපි දැන් උන් නගාසිටුවම්හ’ යි කීහ. ඔවුන් අතුරෙන් සමහරු ‘ඇවැත්නි, පිළිසකර කොට නිමවන තෙක් බලාපොරොත්තුවවු, පිළිසකර කොට නිමි කල්හි නගාසිටුවන්නම්හ’ යි කීහ. එ කල්හි සවැගි මහණහු සතොළොස්වැගි මහණුන් බණවා ‘ඇවැත්නි, නැගීසිටිවු (ඉවත්වවු) විහාරය අපට පැමිණේ යැ’යි කීහ.
“නනු ආවුසො පටිගච්චෙව ආචික්ඛිතබ්බං. මයඤ්ච අඤ්ඤං පටිසඞ්ඛරෙය්යාමා”ති.
“ඇවැත්නි, කල් තබා ම කියැයුතු වූයේ නො වේ ද? (එසේ කියන ලද නම්) අපි අන් වෙහෙරක් පිළිසකර කරන්නවෝ වේ දැ” යි ඔහු කීහ.
“නනු ආවුසො සඞ්ඝිකො විහාරො?”ති.
“ඇවැත්නි, විහාරය සඟසතු නො වේ දැ?” යි සවැගියෝ ඇසූහ:
“ආම ආවුසො, සඞ්ඝිකො විහාරොති”.
“එසේ ය. ඇවැත්නි විහාරය සඟසතුයැ” යි ඔහු කීහ.
“උට්ඨෙථාවුසො, අම්හාකං විහාරො පාපුණාතී”ති.
“ඇවැත්නි, නැගිටින්න (ඉවත්වන්න) විහාරය අපට පැමිණේයැ” යි සවැගියෝ කීහ.
“මහල්ලකො ආවුසො විහාරො. තුම්හෙ’පි වසථ මයම්පි වසිස්සාමා”ති. “උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී”ති. කුපිතා අනත්තමනා ගීවායං ගහෙත්වා නික්කඩ්ඪන්ති. තෙ නික්කඩ්ඪියමානා රොදන්ති. භික්ඛූ එවමාහංසු “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති.
“ඇවැත්නි, විහාරය මහත් ය, තෙපිත් වසවු. අපිත් වසන්නමු” යි සතොළොස්වැගියෝ කීහ. එවිට සවැගි මහණෝ කුපිත ව නො සතුටු වැ, “ඇවැත්නි, නැගීසිටිවු” යැ යි කියා බෙල්ලෙන් අල්ලා නික්මවත් (පිටතට ඇද දමත්.) ඔහු නික්මවනු ලබන්නාහු හඬත්. “ඇවැත්නි, තෙපි කුමට හඬවු දැ” යි භික්ෂුහු අසත්.
“ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා අම්හෙ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪන්තී”ති.
“ඇවැත්නි, මේ සවැගි මහණෝ කිපුණාහු නො සතුටු වූවාහු අප සඟසතු වෙහෙරින් නෙරපත්” යැ යි ඔහු කීහ.
යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිස්සන්තී”ති.
“යම් මහණ කෙනෙක් අල්පෙච්ඡද... ඔහු සවැගි මහණහු කුපිතව නො සතුටු ව කෙසේ නම් භික්ෂූන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු දැ” යි ලාමක කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා සඞ්ඝිකා විහාරා භික්ඛූ නික්කඩ්ඪන්තීති. “සච්චං භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
එ කල්හි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ ... “මහණෙනි, සවැගි මහණහු කුපිත ව නො සතුටු ව මහණුන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු ද? ඒ සැබෑ ද?” භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා දැහැමි කථා කොට භික්ෂූන් බණවා,
“න භික්ඛවෙ කුපිතෙන අනත්තමනෙන භික්ඛු සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිතබ්බො. යො නික්කඩ්ඪෙය්ය, යථාධම්මො කාරෙතබ්බො. අනුජානාමි භික්ඛවෙ සෙනාසනං ගාහෙතුන්ති.”
“මහණෙනි, මහණකු කිපී නො සතුටු ව මහණෙක් සඟ සතු වෙහෙරින් නො ම නෙරැපියගැයුතු. යමෙක් නෙරැපන්නේ වී නම් ඔහුට ධර්මය වූ පරිදි (විනයනීතිය පරිදි) දඬුවම් කැරැවියැයුතුය. මහණෙනි, සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
48. අථ ඛො භික්ඛූනං එතදහොසි: ‘කෙන නු ඛො සෙනාසනං ගාහෙතබ්බන්ති?” භගවතො එතමත්ථං ආරොචෙසුං.
48. එ කල්හි මහණුනට ‘කවරකු විසින් සෙනසුන් ගැන්විය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ වග දැන්වූහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො:
“මහණෙනි, අඞ්ග පසෙකින් සමන්විත මහණක්හු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද බියෙන් අගතියට නො යන්නේ ද මුළායෙන් අගතියට නො යන්නේ ද ගත් නොගත් සෙනසුන් දන්නේ ද මේ ඒ අඞ්ග පස ය. මහණෙනි, ඒ මහණ මෙසේ සම්මත කටයුතු ය.
පඨමං භික්ඛු යාචිතබ්බො, යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
පළමු කොට (සේනාසන ගාහාපක බව පිළිගනු පිණිස) මහණෙක් යැදියයුතු යැද, වියත් ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනග්ගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරේවා. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සෙනාසනගාහාපකස්ස සම්මති සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණහට සෙනසුන් ගන්වන සම්මතිය (දීම) රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සෙනාසනගාහාපකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
සඞ්ඝයා විසින් මෙ නම් මහණ සෙනසුන් ගන්වන්නකු කොට සම්මත විය. සඞ්ඝයාට (එය) රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යැ.
අථ ඛො සෙනාසනගාහාපකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො සෙනාසනං ගාහෙතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ කල්හි සෙනසුන් ගන්වන මහණුනට “කෙසේ නම් සෙනසුන් ගැන්වියැ යුතු දැ?” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පඨමං භික්ඛූ ගණෙතුං, භික්ඛූ ගණෙත්වා සෙය්යා ගණෙතුං, සෙය්යා ගණෙත්වා සෙය්යග්ගෙන ගාහෙතුන්ති.”
“මහණෙනි, පළමු කොට මහණුන් ගණන් කරන්නට, මහණුන් ගැණ යහන් ගණින්නට, යහන් ගැණ යහන් පිරිසෙයින් (යහන් ගණනට) යහන් ගන්වන්නට අනුදනිමි” යි වදාළ සේක.
සෙය්යග්ගෙන ගාහෙන්තා සෙය්යා උස්සාදයිංසු.
යහන් ගණනින් යහන් ගන්වන්නාහු යහන් ඉතිරි කළාහ.
“අනුජානාමි භික්ඛවෙ විහාරග්ගෙන ගාහෙතුන්ති.”
“මහණෙනි, විහාර ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
විහාරග්ගෙන ගාහෙන්තා විහාරා උස්සාරයිංසු
විහාර ගණනින් සෙනසුන් ගන්වන්නාහු විහාරයක් ඉතිරි කළහ. ...
“අනුජානාමි භික්ඛවෙ පරිවෙනග්ගෙන ගාහෙතුන්ති.”
“මහණෙනි, පිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
පරිවෙනග්ගෙන ගාහෙන්තා පරිවෙණං උස්සාදයිංසු.
පිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නාහු පිරිවෙනක් ඉතිරි කළාහ.
“අනුජානාමි භික්ඛවෙ අනුභාගම්පි දාතුං. ගහිතෙ අනුභාගෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති න අකාමා දාතබ්බො”ති.
“මහණෙනි, නැවත තව කොටසක් ද දෙන්නට අනුදනිමි. එ අතිරේක කොටස ගත් කලැ අන් මහණෙක් ආයේ වී නම් නො කැමැත්තෙන් (ඔහුට) ඒ අනුභාගය (සෙනසුන් කොටස) - නොදියැ යුතු යැ” වදාළසේක.
49. තෙන ඛො පන සමයෙන භික්ඛූ නිස්සීමෙ ඨිතස්ස සෙනාසනං ගාහෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
49. එ සමයෙහි වනාහි භික්ෂුහු උපචාර සීමායෙන් පිටත සිටියා හට සෙනසුන් ගන්වත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“න භික්ඛවෙ නිස්සීමෙ ඨිතස්ස සෙනාසනං ගාහෙතබ්බං. යො ගාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, උපචාර සීමාවෙන් පිටත සිටි මහණහට සෙනසුන් නො ගැන්වියැයුතු. යමෙක් ගන්වන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ” ය.
තෙන ඛො පන සමයෙන භික්ඛූ සෙනාසනං ගහෙත්වා සබ්බකාලං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු සෙනසුන් ගන්වා සියලු කාලයෙහි අන් මහණුනට පිළිබහත් (එන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“න භික්ඛවෙ සෙනාසනං ගහෙත්වා සබ්බකාලං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ වස්සානං තෙමාසං පටිබාහිතුං උතුකාලං පන න පටිබාහිතුන්ති.”
“මහණෙනි, සෙනසුන් ගන්වා (තමනට පවරවා ගෙන) සියලු කල්හි ප්‍රතිබාහනය (අන් මහණුනට එන්නට නො දී ඔවුන් බැහැර කිරීම සෙනස්න අත්නෑර තමන් සතු කොටගෙන තැබීම) නො කළයුතු. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වස් තුන් මස තමා ඉන්නා සෙනස්න පිළිබහන්නට (අන් අයට අත් කරගන්නට නොදී තමා සතුව ම පවත්වන්නට ද ඍතු කාලයෙහි [සෙසු මාස්හි] නො පිළිබහන්නට [තමා සතු කොට ගෙන ම තබා නොගන්නට] අන් මහණුන් එය පරිහරණය කරන්නට ආවෝත් ඔවුන් නො වළක් වන්නට) අනුදනිමි” යි වදාළසේක.
අථ ඛො භික්ඛූනං එතදහොසි “කති නු ඛො සෙනාසනගාහා?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ කල්හි “සෙනසුන් ගැන්වීම් කීයෙක් දැ?” යි භික්ෂුනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:)
“තයො මෙ භික්ඛවෙ සෙනාසනගාහා: පුරිමකො පච්ඡිමකො අන්තරාමුත්තකො. අපරජ්ජුගතාය ආසාළ්හියා පුරිමකො ගාහෙතබ්බො, මාසගතාය ආසාළ්හියා පච්ඡිමකො ගාහෙතබ්බො, අපරජ්ජුගතාය පවාරණාය ආයතිං වස්සාවාසත්ථාය අන්තරාමුත්තකො ගාහෙතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො සෙනාසනගාහා”ති.
“මහණෙනි, පුරිමකය, පශ්චිමකය , අන්තරාමුක්තකයැ යි සෙනසුන් ගැන්වීම් තුනෙක, ඇසළ පුණුපසොළොස්වක ගියාට පසු දින පළමු සෙනසුන් ගැන්වීම කළයුතු, ඇසළ පුණුපසොළොස්වක ගතව මසක් ගිය කලැ පැසිම් සෙනසුන් ගැන්වීම කළයුතු. වස් පවාරණය ගත වූ කලැ (ඉතිරි අටමාසය සඳහා ද) එයින් මතු වස් විසීම් පිණිස අන්තරාමුක්තක සෙනසුන් ගැන්වීම කළයුතු, මහණෙනි, මේ සෙනසුන් ගැන්වීම් තුන යැ”.
දුතියභාණවාරො නිට්ඨිතං.
දෙවෙනි බණවර නිමියේ යි.
50. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සාවත්ථියං සෙනාසනං ගහෙත්වා අඤ්ඤතරං ගාමකාවාසං අගමාසි. තත්ථපි සෙනාසනං අග්ගහෙසි. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අයං ආවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො භණ්ඩනකාරකො කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො. සචායං ඉධ වස්සං වසිස්සති සබ්බෙව මයං න ඵාසු භවිස්සාම. හන්ද නං පුච්ඡාමා”ති.
50. එ සමයෙහි ශාක්‍යපුත්‍ර වූ උපනන්ද තෙරණුවෝ සැවැත්හි සෙනසුන් ගෙන, එක්තරා කුඩා ගමෙක ආවාසයකට ගියේ ය. එහි ද සෙනස්නක් ලැබ ගත්තේ ය. එ කලැ ඒ මහණුනට, “ඇවැත්නි, මේ ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරණුවෝ අරගල කරන්නෙකි, කලහ කරන්නෙකි, විවාද කරන්නෙකි, කතාබහෙන් ආරාවුල් උපදවන්නෙකි, සඞ්ඝයා අතර, නඩු ඇති කරන්නෙකි. මෙ තෙම මෙහි වස් වසන්නේ වී නම්, අපි හැම දෙනා ම පහසු සේ නො වසන්නමු. එබැවින් ඔහු විචාරමු” යි මෙ සිත විය.
අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොචුං: “නනු තයා ආවුසො උපනන්ද සාවත්ථියං සෙනාසනං ගහිතන්ති.”
ඉක්බිත්තෙන් ඒ මහණහු ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුනට, “ඇවැත් උපනන්දයෙනි, ඔබ විසින් සැවැත්හි සෙනස්නෙක් ගන්නා ලද්දේ නොවේ දැ?” යි කීහ.
“එවමාවුසො”ති.
“එසේ ය. ඇවැත්නි” යි උපනන්ද තෙරණුවෝ කීහ.
“කිං පන ත්වං ආවුසො උපනන්ද එකො ද්වෙ පටිබාහසී”ති,
“ඇවැත් උපනන්දයෙනි, කිමෙක් ද? එක් කෙනෙක් ම වූ ඔබ සෙනසුන් දෙකක් පිළිබහන් කෙරෙත් ද (තමනට වෙන් කොට ගෙන සෙස්සන් එයින් වළක්වත් ද)?”
“ඉධ’දානාහං ආවුසො මුඤ්චාමි. තත්ථ ගණ්හාමී”ති.
“ඇවැත්නි, දැන් මෙහි සෙනස්න මුදමි. (අත්හරිමි). එහි සෙනස්න ගනිමි” යි තෙරණුවෝ කීහ.
යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො එකො ද්වෙ පටිබාහිස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා -පෙ- එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං පටිපුච්ඡි “සච්චං කිර ත්වං උපනන්ද එකො ද්වෙ පටිබාහසී”ති.
යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ලද දැයින් සතුටු වන්නෝ ද ලජ්ජිහු ද, කුකුස් කරන්නෝ ද, ශික්ෂා රකිනුයෙහි කැමැත්තෝ ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරණුවෝ එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහන්නෝ දැ” යි පහත් කොට සිතත්, දොස් නගත්, නො ගුණ පතුරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ... මේ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා, ශාක්‍ය පුත්‍ර උපනන්දයන් බණවා, “උපනන්දයෙනි, තෙපි එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහවු ද? සැබෑ දැ?” යි අසා වදාළසේක.
“සච්චං භගවා”.
“සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔබ කීහ.
විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස එකො ද්වෙ පටිබාහිස්සසි, තත්ථ තයා මොඝපුරිස ගහිතං ඉධ මුක්කං. ඉධ තයා ගහිතං තත්ර මුක්කං. එවං ඛො ත්වං මොඝපුරිස උභයත්ථ පරිබාහිරො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ එකෙන ද්වෙ පටිබාහෙතබ්බා, යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“හිස් මිනිස, තෝ එකෙක් වැ කෙසේ නම් සෙනසුන් දෙකක් පිළිබහයි ද හිස්මිනිස, තා විසින් එහි (සෙනස්නක්) ගන්නා ලද්දේ මෙහි (සෙනස්න) මුදන ලද්දේ ය. මෙහි (සෙනස්න) ගන්නා ලද්දේ එහි (සෙනස්න) මුදන ලද්දේ ය. හිස්මිනිස, මෙසේ ම තෝ දෙ තන්හි ම පරිබාහිර වූයෙහි (සෙනස්නක් නැත්තෙක් වූයෙහි). හිස්මිනිස, මෙය සස්න කෙරෙහි පහන් නො වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ වැඩීම පිණිස ද නො වේ. වැලි නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනෙකුන්ගේ වෙනස් බව පිණිස ද වේ” යැ යි වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් බණවා, “මහණෙනි, එක් මහණක්හු විසින් සෙනසුන් දෙකක් නො පිළිබැහියයුතු (තමාට වෙන් කොට නො ගතයුතු). යමෙක් පිළිබහන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
51. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන විනයකථං කථෙති. විනයස්ස වණ්ණං භාසති. විනයපරියත්තියා වණ්ණං භාසති. ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. භික්ඛූනං එතදහොසි: “භගවා ඛො අනෙකපරියායෙන විනයකථං කථෙති, විනයස්ස වණ්ණං භාසති, විනයපරියත්තියා වණ්ණං භාසති, ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. හන්ද මයං ආවුසො ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණාමා”ති. තෙ ච බහූ භික්ඛූ ථෙරා ච නවා ච මජ්ඣිමා ච ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණන්ති. ආයස්මා උපාලි ඨිතකො’ව උද්දිසති ථෙරානං භික්ඛූනං ගාරවෙන. ථෙරාපි භික්ඛූ ඨිතකා’ව උද්දිසාපෙන්ති ධම්මගාරවෙන. තත්ථ ථෙරා චෙව භික්ඛූ කිලමන්ති ආයස්මා ච උපාලි.
51. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වණන සේක. විනය බණ ඉගැන්මෙහි ගුණ වදාරනසේක. ආදර්ශ කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරනසේක: “භාග්‍යවතුන් වහන්සේ වූ කලී නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වදාරනසේක. විනය බණ ඉගැන්මෙහි ගුණ වදාරන සේක. ආදර්ශ කොට කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරන සේක. ඇවැත්නි, අපි උපාලි තෙරුන් වෙත විනය පුහුණු කරම්හ” යි භික්ෂූනට මේ සිත විය. ඒ බොහෝ ස්ථවිර භික්ෂූහු ද නවක භික්ෂූහු ද මධ්‍යයම භික්ෂූහු ද උපාලි තෙරුන් වෙත විනය බණ උගනිත්. උපාලි තෙරණුවෝ තමනට වඩා මහලු තෙරුනට ගෞරවයෙන් සිටියාහු ම (සිට ගෙන ම) බණ උදෙසයි (උගන්වයි), ස්ථවිර (වැඩි මහලු) භික්ෂූහු ද සිටගත්තාහු ම ධර්මගෞරවයෙන් (විනය) උදෙසවාගනිත් (කියවා ගනිත්), එහි ස්ථවිර භික්ෂූහු ද උපාලි තෙරණුවෝ ද (බොහෝ වේලා) (සිටගත් වන ම සිටියාහු) වෙහෙසට පැමිණෙත්.
භගවතො එතමත්ථං ආරොචෙසුං.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ නවකෙන භික්ඛුනා උද්දිසන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං උච්චතරකෙ වා ධම්මගාරවෙන. ථෙරෙන භික්ඛුනා උද්දිසාපෙන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං නීචතරකෙ වා ධම්මගාරවෙනා”ති.
“මහණෙනි, උදෙසන (බණ උගන්වන) නවක මහණහු විසින් ධර්මගෞරවයෙන් සමාන අස්නෙක හෝ වඩා උස් අස්නෙක හෝ ඉඳින්නට ද, උදෙස්වන (ඉගෙනගන්නා) ස්ථවිර භික්ෂූහු විසින් ධර්මගෞරවයෙන් සමාන අස්නෙක හෝ (උගන්වන තෙරුන්ගේ අස්නට) වඩා මිටි අස්නෙක හෝ හිඳින්නට ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
තෙන ඛො පන සමයෙන බහූ භික්ඛූ ආයස්මතො උපාලිස්ස සන්තිකෙ ඨිතකා’ව උද්දෙසං පටිමානෙන්තා කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි වනාහි බොහෝ භික්ෂුහු උපාලි තෙරුන් සමීපයෙහි සිටගත්තාහු ම උදෙසීම බලාපොරොත්තු වන්නාහු වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ සමානාසනිකෙහි සහ නිසීදිතුන්ති.”
“මහණෙනි, සමානාසනිකයන් සමග හිඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
අථ ඛො භික්ඛූනං එතදහොසි: “කිත්තාවතා නු ඛො සමානාසනිකො හොතී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ කල්හි භික්ෂූනට “කොපමණෙකින් සමානාසනිකයෙක් වන්නේ දැ?” යි මෙ සිත විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ තිවස්සන්තරෙන සහ නිසීදිතුන්ති”.
“මහණෙනි, තුන් වසක් අතර ඇති (තමාට වඩා වස් එකක් හෝ දෙකක් වැඩි හෝ අඩු) මහණකු හා එක් අස්නෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සමානාසනිකා එකමඤ්චෙ නිසීදිත්වා මඤ්චං භින්දිංසු. එකපීඨෙ නිසීදිත්වා පීඨං භින්දිංසු. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි බොහෝ සමානාසනික මහණහු එක් ඇඳෙක හිඳ ඇඳ බින්දහ. (කඩා දැමූහ). එක් පුටුවෙක හිඳ පුටුව කැඩුහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ තිවග්ගස්ස මඤ්චං, තිවග්ගස්ස පීඨන්ති.” තිවග්ගො පි මඤ්චෙ නිසීදිත්වා මඤ්චං භින්දි, පීඨෙ නිසීදිත්වා පීඨං භින්දි
“මහණෙනි, තුන් දෙනකුනට ඇඳ ද තුන් දෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක. තුන්දෙනෙක් ද ඇඳෙක හිඳ එය කැඩුහ , පුටුවෙක හිඳ පුටුව කැඩුහ.
“අනුජානාමි භික්ඛවෙ දුවග්ගස්ස මඤ්චං දුවග්ගස්ස පීඨන්ති.”
“මහණෙනි, දෙදෙනකුනට ඇඳ ද දෙදෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි භික්ෂුහු සමාසනික නොවන භික්ෂූන් හා දික් අස්නෙහි හිඳින්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා පණ්ඩකං මාතුගාමං උභතොබ්යඤ්ජනකං අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුන්ති.”
“මහණෙනි, පණ්ඩකයා ද මාගම උභතොඛ්යංජනකයා ද හැර, (සෙසු) අසමානාසනිකයන් හා එක් දීර්ඝාසනයෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
අථ ඛො භික්ඛූනං එතදහොසි ‘කිත්තකපච්ඡිමං නු ඛො දීඝාසනං හොතී’ති -පෙ-
එ කල්හි ‘කොතෙකින් පැසිම් අස්න දීර්ඝාසනයෙක් වේ ද?’ යි භික්ෂූනට මේ සිත විය ...
“අනුජානාමි භික්ඛවෙ යං තිණ්ණන්නං පහොති එත්තකපච්ඡිමං දීඝාසනන්ති.”
“යම් අස්නෙක් තුන් දෙනකුනට සෑහෙයි ද, දීර්ඝාසනය එ පමණින් පැසිම් අස්න යැ. (තුන් දෙනකුහට පමණක් ඉඳිත හැකි අස්න අඩු ම ප්‍රමාණයේ වූ දික් අස්න යැ) යි වදාළ සේක.
52. තෙන ඛො පන සමයෙන විසාඛා මිගාරමාතා සඞ්ඝස්ස අත්ථාය සාලින්දං පාසාදං කාරාපෙතුකාමා හොති හත්ථිනඛකං. අථ ඛො භික්ඛූනං එතදහොසි “කින්නු ඛො භගවතා පාසාදපරිභොගො අනුඤ්ඤාතො කිං අනනුඤ්ඤාතො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
52. එ සමයෙහි මිගාර මාතෘ නම් වූ විශාඛා තොමෝ ආලින්දයක් (ඉස්තෝප්පුවක්) සහිත වූ ඇත්කුඹු සටහන් මත්තෙහි ටැම් බැඳ තැනු ප්‍රාසාදයක් සංඝයා උදෙසා කරවන්නට කැමැත්තී වූවාය. එ කල මහණුනට, “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූනට කෙබඳු ප්‍රාසාද පරිභෝගයෙක් අනුදන්නා ලද ද? කෙබඳු ප්‍රාසාද පරිහොගයෙක් නො අනුදන්නා ලද දැ?” යි. මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ සබ්බං පාසාදපරිභොගන්ති.”
“මහණෙනි, සියලු ප්‍රාසාද පරිහොගය අනුදනිමි” යි වදාළ සේක.
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අය්‍යකා කාලකතා හොති. තස්සා කාලකිරියාය සඞ්ඝස්ස බහුං අකප්පියභණ්ඩං උප්පන්නං හොති, සෙය්යථිදං: ආසන්දි පල්ලඞ්කො ගොණකො චිත්තකො පටිකා පටලිකා තූලිකං විකතිකං උද්දලොමිකං, එකන්තලොමිකං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං කම්බලං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං, අජිනප්පවෙණි කදලිමිගප්පවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි පසේනදී කොසොල් රජුගේ මිත්තණියෝ කලුරිය කළාහ. ඇගේ කලුරියෙන්, දික්සඟළා පුටු ය, පළඟය, සතරඟුලට වඩා ලොම් ඇති ඇතිරි ය, එළුලොමින් කළ විසිතුරු ඇතිරි ය, එළුලොම් මුවා සුදු ඇතිරි ය, පුළුනෙන් පිරූ ඇතිරි ය, ගනපුප් ඇති එළුලොම් මුවා ඇතිරි ය, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු එළුලොම් මුවා ඇතිරි ය, එක් පැත්තෙක පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරි ය, දෙ පැත්තේ ම ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරි ය, තිහිරිහුයින් වියූ රන්කසු කම් කළ පසතුරණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනෙකුන්ට සිට රඟ පාන්නට තරම් දික් පුළුල ඇති මහ ඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරි ය, පිට අතුරන ඇතිරි ය, රියෙහි අතුරන ඇතිරි ය, අඳුන් දිවිසමින් කළ පසතුරුණ, දෙපස රතු කොට්ට තැබූ උඩු වියන් සහිත කෙසෙල් මුව සමින් කළ මහඟු පසතුරුණ යන මේ බොහෝ අකැප බඩු යන බොහෝ නොකැප වී බඩු සංඝයාට උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“අනුජානාමි භික්ඛවෙ ආසන්දියා පාදෙ ඡින්දිත්වා පරිභුඤ්ජිතුං, පල්ලඞ්කස්ස වාලෙ භින්දිත්වා පරිභුඤ්ජිතුං, තූලිකං විජටෙත්වා බිබ්බොහනං කාතුං, අවසෙසං භුම්මත්ථරණං කාතුන්ති.”
“මහණෙනි, දික් සඟළා පුටුවේ පා සිඳ පරිභෝග කරන්නට ද, පළඟෙහි ව්‍යාල රූප බිඳදමා පරිභෝග කරන්නට ද, පුළුන් මෙට්ටය මැහුම් ලිහා කොට්ට කරන්නට ද, ඉතිරි දෑ බුමුතුරුණු කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
53. තෙන ඛො පන සමයෙන සාවත්ථියා අවිදූරෙ අඤ්ඤතරස්මිං ගාමකාවාසෙ ආවාසිකා භික්ඛූ උපද්දුතා හොන්ති ආගන්තුකගමිකානං භික්ඛූනං සෙනාසනං පඤ්ඤපෙන්තා. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “එතරහි ඛො මයං ආවුසො උපද්දුතා ආගන්තුකගමිකානං භික්ඛූනං සෙනාසනං පඤ්ඤපෙන්තා. හන්ද මයං ආවුසො සබ්බං සඞ්ඝිකං සෙනාසනං එකස්ස දෙම තස්ස සන්තකං පරිභුඤ්ජිස්සාමා”ති. තෙ සබ්බං සඞ්ඝිකං සෙනාසනං එකස්ස අදංසු. ආගන්තුකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: ‘අම්හාකං ආවුසො සෙනාසනං පඤ්ඤාපෙථා’ති.
53. එ සමයෙහි සැවැත් නුවරට නොදුරෙහි එක්තරා කුඩා ගමෙක ආවාසයෙක වසන භික්ෂුහු ආගන්තුක වූ ද ගමික වූ ද භික්ෂුනට සෙනසුන් පනවන්නාහු එයින් පීඩාවට පත් වූහ. එකලැ ඒ භික්ෂුනට මේ සිත විය. “ඇවැත්නි, දැන් වනාහි අපි ආගන්තුක වූ ද ගමික වූ ද මහණුනට සෙනසුන් පනවන්නමෝ පීඩාවට පැමිණියම්හ. ඇවැත්නි, එබැවින් අපි සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දෙමු. ඔහු සතු වූ එය පරිභෝග කරන්නමු” යනු යි. ඔහු සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දුන්හ. ආගන්තුක මහණහු ‘ඇවැත්නි, අපට සෙනසුන් පනවන්නැ’ යි කීහ.
“නත්ථාවුසො සඞ්ඝිකං සෙනාසනං සබ්බං අම්හෙහි එකස්ස දින්නන්ති.” “කිං පන තුම්හෙ ආවුසො සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙථා”ති.
“ඇවැත්නි සඟ සතු සෙනස්නෙක් නැත. සියල්ල අප විසින් එක් මහණකුට දෙනලදැ” යි (නේවාසික මහණහු) කීහ. “ඇවැත්නි, කිමෙක් ද? තෙපි සඟසතු සෙනස්න එක් කෙනකුට පවරා දුන්නහු දැ?” යි ඔහු ඇසූහ.
“එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: – “කථං හි නාම භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ. අල්පේච්ඡ වූ ... යම් භික්ෂු කෙනෙක් වෙත් ද, ... ඔහු “කෙසේ නම් භික්ෂුහු සඟසතු සෙනසුන් එකකුට පවරා දුන්නහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, ඉක්බිති එ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
“සච්චං කිර භික්ඛවෙ භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙන්තී”ති?
“මහණෙනි, මහණහු සඟසතු සෙනස්න (එක් මහණකුට) පවරාදුන්නාහු ද? සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සච්චං භගවා.”
“එසේ ය භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ-” විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනස්න කෙනකුට පැවැරුවෝ ද? මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වේ” යැ යි වෙසෙසින් ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
පඤ්චිමානි භික්ඛවෙ අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතානිපි අවිස්සජ්ජිතානි හොන්ති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස. කතමානි පඤ්ච: ආරාමො ආරාමවත්ථු. ඉදං පඨමං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
“මහණෙනි, මේ පස සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ අනෙකකුට (පෞද්ගලික අයිතියට) නො දිය යුතු ය, නො පැවරියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය. කවර පසෙක් ද යත්: ආරාමය, ආරාම වත්ත, මේ පළමු වන නො දියයුතු දැය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො දියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වෙයි. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
විහාරො විහාරවත්ථු, ඉදං දුතියං අවිස්සජ්ජියං: න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගල්ලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
විහාරය ද විහාර වත්ත ද , දෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් පුද්ගලයකු සතු කොට නො දියයුතු ය. දෙන ලද්දේ ද නොදෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
මඤ්චො පීඨං භිසි බිබ්බොහනං ඉදං තතියං අවිස්සජ්ජියං: න විස්සජ්ජෙතබ්බං: සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජි. තම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
ඇඳ ද පුටුව ද බිස්ස ද කොට්ටය ද යන මේ තෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුද්ගලයකු සතු කොට) නො පැවරිය යුතු ය. එසේ දෙන ලද්දේ ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද, තුලැසි ඇවැත් වන්නේ ය.
ලොහකුම්භී ලොහභාණකං ලොහවාරකො ලොහකටාහං වාසි ඵරසු කුඨාරී කුද්දාලො නිඛාදනං ඉදං චතුත්ථං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
ලෙහො සැළි ය, ලොහො පැණ, ලොහො කළ ය, ලොහො කටාරම, වෑය, පොරොව, කෙටේරිය, උදැල්ල, නියන යන මේ සතර වන අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ පුඟුලකු සතු කොට නො දියයුතු ය. යමෙක් එසේ දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
වල්ලි වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකා, දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං ඉදං පඤ්චමං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
වැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණවර්ග, මැටි, ලීබඩු, මැටිබඩු, යන මේ පස්වන අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) මහණකුට නො දියයුතු ය. දෙන ලදුයේ ද නො දෙන ලදුයේ වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
ඉමානි ඛො, භික්ඛවෙ පඤ්ච අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා විස්සජ්ජිතානිපි අවිස්සජ්ජිතානි හොන්ති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
මහණෙනි, මොහු අවිස්සජ්ජිය (පුද්ගලයකු සතු කොට නො දිය යුතු) වස්තු පස් වගය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) නො දියයුතු ය. එසේ දෙන ලද ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
54. අථ ඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන කීටාගිරි තෙන චාරිකං පක්කාමි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච. අස්සොසුං ඛො අස්සජිපුනබ්බසුකා භික්ඛූ “භගවා කිර කීටාගිරිං ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච”. “හන්ද මයං ආවුසො සබ්බං සඞ්ඝිකං සෙනාසනං භාජෙම. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතා. න මයං තෙසං සෙනාසනං පඤ්ඤාපෙස්සාමා”ති. තෙ සබ්බං සඞ්ඝිකං සෙනාසනං භාජෙසුං.
54. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමැති තාක් වැස සැරියුත් මුගලන් දෙනම ද භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද හා කීටාගිරි දනව්වට සැරිසරා වැඩිසේක. අස්සජී පුනබ්බසුක යන මහණහු “භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම ද පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද කැටුව කීටාගිරියට වඩිනසේකැ” යි ඇසූහ. “ඇවැත්නි, අපි දැන් සියලු සඟසතු දෑ බෙදා ගනිමු. සැරියුත් මුගලන් දෙදෙනා ලාමක ආශා ඇත්තෝ ය, ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවමු” යි ඔහු කතිකා කැරැගත්හ. ඔහු මෙසේ කතිකා කොට ගෙන සියලු සඟසතු දෑ බෙදුහ.
අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කීටාගිරි තදවසරි. අථ ඛො භගවා සම්බහුලෙ භික්ඛූ ආමන්තෙසි “ගච්ඡථ තුම්හෙ භික්ඛවෙ, අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙථ: භගවා ආවුසො ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච. භගවතො ච ආවුසො සෙනාසනං පඤ්ඤාපෙථ. භික්ඛුසඞ්ඝස්ස ච සාරිපුත්තමොග්ගල්ලානානඤ්චා”ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරිසරා වඩනාසේක් කීටාගිරියට පැමිණ වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් බණවා “මහණෙනි, තෙපි යවු අස්සජ්ජි පුනබ්බසුක මහණුන් කරා එළඹ, ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙ නම ද කැටුව වඩිනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු යැ’ යි මෙසේ කියවු” යැ යි වදාළසේක.
“එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අස්සජි පුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුං: “භගවා ආවුසො ආගච්ඡති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සාරිපුත්තමොග්ගල්ලානෙහි ච. භගවතො ච ආවුසො සෙනාසනං පඤ්ඤාපෙථ භික්ඛුසඞ්ඝස්ස ච සාරිපුත්තමොග්ගල්ලානානඤ්චා”ති.
“එසේ ය වහන්සැ” යි. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි අස්සජි පුනබ්බසුක මහණුන් කරා එළැඹියාහ. එළැඹ අස්සජිපුනබ්බසුක මහණුන් බණවා, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙනම ද කැටුව වඩනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු” යැ යි කීහ.
“නත්ථාවුසො සඞ්ඝිකං සෙනාසනං. සබ්බං අම්හෙහි භාජිතං. ස්වාගතං ආවුසො භගවතො. යස්මිං විහාරෙ භගවා ඉච්ඡිස්සති තස්මිං විහාරෙ වසිස්සති. පාපිච්ඡා සාරිපුත්තමොග්ගල්ලානා, පාපිකානං ඉච්ඡානං වසං ගතා. න මයං තෙසං සෙනාසනං පඤ්ඤාපෙස්සාමා”ති.
“ඇවැත්නි, සඟසතු සෙනසුනෙක් නැත. සියල්ල අප විසින් බෙදා ගන්නා ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම ස්වාගත ය (වැඩිසේ මැනව). භාග්‍යවතුන් වහන්සේ යම් විහාරයෙක වසන්නට කැමැති වනසේක් ද එහි වසනසේක්වා. සැරියුත් මුගලන් දෙ දෙනා ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවන්නම්ඟ” යි අස්සජිපුනබ්බසුක දෙදෙනා කීහ.
“කිං පන තුම්හෙ ආවුසො සඞ්ඝිකං සෙනාසනං භාජිත්ථා”ති?
“කිමෙක් ද ඇවැත්නි, තෙපි සඟසතු සෙනසුන් බෙදාගත්තු දැ?” යි ඔහු විචාළාහ.
“එවමාවුසො”ති.
“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ.
යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං භාජෙස්සන්තී”ති.
යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු ‘කෙසේ නම් අස්සජිපුනබ්බසුක මහණහු සඟසතු සෙනසුන් (තමන් සතු කොට) බෙදා ගත්තාහු ද’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.
අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
ඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“සච්චං කිර භික්ඛවෙ -පෙ- “සච්චං භගවා.”
“මහණෙනි, ... සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස සැබෑ යැ” යි ඔහු කීහු,
“කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝිකං සෙනාසනං භාජෙස්සන්ති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ-” විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: –
“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනසුන් බෙදා ගන්නාහු ද මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ ගරහා, දැහැමි කතා කොට, භික්ෂූන් බණවා මෙය වදාළසේක:
“පඤ්චිමානි භික්ඛවෙ අවෙභඞ්ගියානි න විභජිතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තානි පි අවිභත්තානි හොන්ති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
“මහණෙනි, මේ වස්තු පස නො බෙදියැ හැකියැ, සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ නො බෙදියැයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
කතමානි පඤ්ච: ආරාමො ආරාමවත්ථු ඉදං පඨමං අවෙභඞ්ගියං. න විභජිතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තම්පි අවිභත්තං හොති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
කවර පසෙක් ද යත්: ආරාමය ද ආරාම වත්ත ද යන මේ පළමු වන නො බෙදියැ යුතු දෑ ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
විහාරො විහාරවත්ථු ඉදං දුතියං අවෙභඞ්ගියං -පෙ-
විහාරය, විහාර වත්ත යන මේ දෙවෙනි නො බෙදියැයුතු දෑ ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලදුයේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
මඤ්චො පීඨං භිසි බිබ්බොහනං ඉදං තතියං අවෙභඞ්ගියං -පෙ-
ඇඳ, පුටු, බිසි, කොට්ට යන මේ තෙවෙනි නො බෙදිය යුතු දෑ ය. ...
ලොහකුම්භී ලොහභාණකං ලොහවාරකො ලොහකටාහං වාසි ඵරසු කුඨාරී කුද්දාලො නිඛාදනං ඉදං චතුත්ථං අවෙභඞ්ගියං -පෙ-
ලොහො සැලි, ලොහො පැණ, ලොහො කළ, ලොහො කටාරම්, වෑ පොරෝ කෙටේරි, උදලු නියන් යන මේ සිවුවන නො බෙදියැයුතු දෑ ය. ...
වල්ලී වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං ඉදං පඤ්චමං අවෙභඞ්ගියං න විභජිතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තම්පි අවිභත්තං හොති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
වැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණ වර්ග, මැටි, ලී බඩු මැටිබඩු යන මේ හැම පස් වන නො බෙදියැයුතු දෑ ය. සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැ යුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අවෙභඞ්ගියානි න විභජිතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විභත්තානි පි අවිභත්තානි හොන්ති. යො විභජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්සාති.
“මහණෙනි, මේ නොබෙදියැයුතු දෑ සඞ්ඝ යා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැයුතු දෑ පස ය. බෙදන ලද්දාහු ද නො බෙදන ලද්දාහු ම වෙත්. යමෙක් බෙදන්නේ නම් තුලයි ඇවැත් වන්නේ යැ” (යනු යි).
55. අථ ඛො භගවා කීටාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන ආළවී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන ආළවී තදවසරි. තත්ර සුදං භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ.
55. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියෙහි රිසි තාක් වැස, අළවු නුවර බලා නික්ම වැඩි සේක. පිළිවෙළින් සැරි සරණසේක් අළවු නුවරට පැමිණිසේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවු නුවර සමීපයේ අග්ගාළව චෛත්‍යස්ථානයේ වසන සේක.
තෙන ඛො පන සමයෙන ආළවිකා භික්ඛූ එවරූපානි නවකම්මානි දෙන්ති: පිණ්ඩනික්ඛෙපනමත්තෙනපි නවකම්මං දෙන්ති, කුඩ්ඩලෙපනමත්තෙනපි නවකම්මං දෙන්ති, ද්වාරට්ඨපනමත්තෙනපි නවකම්මං දෙන්ති, අග්ගළවට්ටිකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, ආලොකසන්ධිකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, සෙතවණ්ණකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, කාළවණ්ණකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, ගෙරුකපරිකම්මකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, ඡාදනමත්තෙනපි නවකම්මං දෙන්ති, බන්ධනමත්තෙනපි නවකම්මං දෙන්ති,
එ සමයෙහි අළවු රටැ වැසි මහණහු මේ (මතු සඳහන් වන) පරිදි වූ නවාම් සම්මතිය දෙන්නාහ. මැටි පිඬක් තබන පමණිනුදු නවාම් සම්මතිය දෙත්, බිත්තියැ මැටි ආදියක් ගෑ පමණිනුත් නවාම් සම්මතිය දෙත්, දොර තබන පමණිනුත් නවාම් සම්මති දෙත්, අගුල් වැටිය කරන (දොරපොලු සවිකරන) පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළු දොර සවි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බිත්ති ආදිය සුදුපැහැ කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළුපැහැ කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, ගුරු පිරියම් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, සෙවිලි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බඳනා පමණිනුත් නවාම් සම්මතිය දෙත්,
ගණ්ඩිකාධානමත්තෙනපි නවකම්මං දෙන්ති, ඛණ්ඩඵුල්ලපටිසඞ්ඛරණමත්තෙනපි නවකම්මං දෙන්ති, පරිභණ්ඩකරණමත්තෙනපි නවකම්මං දෙන්ති, වීසතිවස්සිකම්පි නවකම්මං දෙන්ති, තිංසවස්සිකම්පි නවකම්මං දෙන්ති, යාවජීවිකම්පි නවකම්මං දෙන්ති, ධූමකාලිකම්පි පරියොසිතං විහාරං නවකම්මං දෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආළවකා භික්ඛූ එවරූපානි නවකම්මානි දස්සන්ති. පිණ්ඩනික්ඛෙපනමත්තෙනපි නවකම්මං දස්සන්ති -පෙ- ධූමකාලිකම්පි පරියොසිතං විහාරං නවකම්මං දස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
ගණ්ටිකාවක් තබන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, පිළක් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, විසි වසකට ද නවාම් සම්මතිය දෙත්, තිස් වසකට ද නවාම් සම්මතිය දෙත්, දිවි හිම් කොට ද නවාම් සම්මතිය දෙත්, දරසෑයෙහි දුම් නැගීම ඉම් කොට ද කොට නිමැවූ විහාරය සඳහා නවාම් සම්මතිය දෙත්, යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ... ඔහු කෙසේ නම් අළවූරට වැසි මහණහු මෙසේ නවකම් සම්මතිය දෙන්නාහු ද මැටිපිඩක් තබන පමණිනුදු නවකර්ම සම්මතිය දෙන්නාහු ද ... දරසෑයේ දුම් නැගීම ඉම් කොට ද නිමැවූ විහාරය සඳහා නවකර්ම සම්මතිය දෙන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“සච්චං කිර භික්ඛවෙ -පෙ-” “සච්චං භගවා.” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
“මහණෙනි, සැබෑ දැ? ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “එසේ ය, භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... ගැරැහූසේක, ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
“න භික්ඛවෙ පිණ්ඩනික්ඛෙපනමත්තෙන නවකම්මං දාතබ්බං, න කුඩ්ඩලෙපනමත්තෙන නවකම්මං දාතබ්බං, න ද්වාරට්ඨපනමත්තෙන නවකම්මං දාතබ්බං, න අග්ගළවට්ටිකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න ආලොකසන්ධිකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න සෙතවණ්ණකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න කාළවණ්ණකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න ගෙරුකපරිකම්මකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න ඡාදෙනමත්තෙන නවකම්මං දාතබ්බං, න බන්ධනමත්තෙන නවකම්මං දාතබ්බං, න ගණ්ඩිකාධානමත්තෙන නවකම්මං දාතබ්බං, න ඛණ්ඩඵුල්ල පටිසඞ්ඛරණමත්තෙන නවකම්මං දාතබ්බං, න පරිභණ්ඩකරණමත්තෙන නවකම්මං දාතබ්බං, න වීසතිවස්සිකං නවකම්මං දාතබ්බං. න තිංසවස්සිකං නවකම්මං දාතබ්බං, න යාවජීවිකං නවකම්මං දාතබ්බං, න ධූමකාලිකංපි පරියොසිතං විහාරං නවකම්මං දාතබ්බං, යො දදෙය්ය ආපත්ති දුක්කටස්ස.
“මහණෙනි, මැටිපිඩු තබන පමණින් නවකර්ම සම්මතිය නො දියැයුතු, බිත්තියැ මැටි ආදිය ගානා පමණින් නවකර්ම සම්මතිය නො දියයුතු, දොර තබන පමණින් නවකර්ම සම්මතිය නො දියැ යුතු, අගුල්වැටිය කරන පමණින් නවකර්ම නො දියැයුතු, කවුළු දොර සවි කරන පමණින් නවකර්ම සම්මතිය, නො දියයුතු, සුදුපැහැ කරන පමණින් නවකර්ම සම්මතිය නො දියැ යුතු, කළුපැහැ කරන පමණින් නවකර්ම සම්මතිය නො දියයුතු, ගුරු පිරියම් කරන පමණින් නවකර්ම සම්මතිය නො දියැයුතු, සෙවිලි කරන පමණින් නවකර්ම සම්මතිය නො දියයුතු, බඳනා පමණින් නවකර්ම සම්මතිය නො දියයුතු, ගණ්ඨිකාවක් තබන පමණින් නවකර්ම සම්මතිය නො දියයුතු, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණින් නවකර්ම සම්මතිය නො දියයුතු, පිළක් කරන පමණින් නවකර්ම සම්මතිය නො දියයුතු, විසි වසකට ද තිස් වසකට ද ... දිවි හිම් කොට නවකර්ම සම්මතිය නො දිය යුතු, දර සෑයෙහි දුම් නැගීම ඉම් කොට නිමැවූ විහාරය සඳහා නවකර්ම සම්මතිය නො දියැයුතු, යමෙක් දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.
“අනුජානාමි භික්ඛවෙ අකතං වා විප්පකතං වා නවකම්මං දාතුං. ඛුද්දකෙ විහාරෙ කම්මං ඔලොකෙත්වා ඡප්පඤ්චවස්සිකං නවකම්මං දාතුං. අඩ්ඪයොගෙ කම්මං ඔලොකෙත්වා සත්තට්ඨවස්සිකං නවකම්මං දාතුං. මහල්ලකෙ විහාරෙ පාසාදෙ වා කම්මං ඔලොකෙත්වා දසද්වාදසවස්සිකං නවකම්මං දාතුන්ති.”
මහණෙනි, නො කරන ලද්දා වූ අඩාළ කළ වැඩ ඇත්තා වූ හෝ විහාරය සඳහා නවකර්මය දෙන්නට අනුදනිමි. කුඩා විහාරයෙහි හෝ (කළයුතු ව ඇති) වැඩ බලා සාවුරුද්දකට හෝ පස් හවුරුද්දකට හෝ සුදුසු වූ නවකර්ම සම්මතිය දෙන්නට ද, ගුරුළු පියාපත් බඳු සෙවෙණි ඇති වෙහෙරෙක වැඩ බලා වම් සතකට හෝ අටකට සුදුසු වන පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද මහත් වෙහෙරෙක හෝ ප්‍රාසාදයෙක හෝ වැඩ බලා වර්ෂ දශයක් දොළොසක් කල් පවත්නා පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද අනුදනිමි” (යනුයි.)
56. තෙන ඛො පන සමයෙන භික්ඛූ සබ්බං විහාරං නවකම්මං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
56. එ සමයෙහි මහණහු සියලු ම විහාරය සඳහා නවකර්ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ සබ්බො විහාරෙ නවකම්මං දාතබ්බො. යො දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, සියලු විහාරය සඳහා නවකර්ම සම්මතිය නො දිය යුතු. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ එකස්ස ද්වෙ දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු එක් මහණකුට නවකර්ම සම්මති දෙකක් දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ එකස්ස ද්වෙ දාතබ්බා. යො දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, එක් මහණකුට නවකර්ම සම්මති දෙකක් නො දිය යුතු ය. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා අඤ්ඤං වාසෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු නවකර්මසම්මතිය ගෙන අනෙක් මහණකු එහි වස්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“න භික්ඛවෙ නවකම්මං ගහෙත්වා අඤ්ඤො වාසෙතබ්බො. යො වාසෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, නවකර්ම ගෙන අනෙකෙක් නො වැස්වියයුතු, යමෙක් වස්වන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා සඞ්ඝිකං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු නවකර්ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් කොට ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ නවකම්මං ගහෙත්වා සඞ්ඝිකං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ එකං වරසෙය්යං ගහෙතුන්ති.”
“මහණෙනි, නවකර්ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් නො කර ගතයුතු. යමෙක් වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ. මහණෙනි, එක් මනාප ශය්‍යාවක් (ශයන ස්ථානයක්) වෙන් කැර ගන්නට අනුදනිමි” යි වදාළ සේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ නිස්සීමෙ ඨිතස්ස නවකම්මං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු විහාර සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළඹාහ.
“න භික්ඛවෙ නිස්සීමෙ ඨිතස්ස නවකම්මං දාතබ්බං. යො දදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්ම සම්මතිය නො දියැයුතු, යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා සබ්බකාලං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු නවකර්ම සම්මතිය ලබා ගෙන සියලු කාලයෙහි තමනට වෙන් කර ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න, භික්ඛවෙ නවකම්මං ගහෙත්වා සබ්බකාලං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ වස්සානං තෙමාසං පටිබාහිතුං උතුකාලං පන න පටිබාහිතුන්ති.”
“මහණෙනි, නවකර්ම සම්මතිය ලැබ සියලු කාලයෙහි (ඒ වෙහෙර) තමාට වෙන් කර නො ගතයුතු. යමෙක් එසේ වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැසි තුන් මස මුළුල්ලෙහි (එය) තමනට වෙන් කර ගන්නට ද ඍතු කාලයෙහි (අනිත් මාස නමයෙහි) (එය) තමාට වෙන් කර නො ගන්නට ද අනු දනිමි” යි වදාළසේක.
57. තෙන ඛො පන සමයෙන භික්ඛූ නවකම්මං ගහෙත්වා පක්කමන්තිපි, විබ්භමන්තිපි, කාලම්පි කරොන්ති, සාමණෙරාපි පටිජානන්ති, සික්ඛං පච්චක්ඛාතකාපි පටිජානන්ති අන්තිමවත්ථුං අජ්ඣාපන්නකාපි පටිජානන්ති, උම්මත්තකාපි පටිජානන්ති, ඛිත්තචිත්තාපි පටිජානන්ති, වෙදනට්ටාපි පටිජානන්ති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකාපි පටිජානන්ති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකාපි පටිජානන්ති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකාපි පටිජානන්ති, පණ්ඩකාපි පටිජානන්ති, ථෙය්යසංවාසකාපි පටිජානන්ති, තිත්ථියපක්කන්තකාපි පටිජානන්ති, තිරච්ඡානගතාපි පටිජානන්ති, මාතුඝාතකාපි පටිජානන්ති, පිතුඝාතකාපි පටිජානන්ති, අරහන්තඝාතකාපි පටිජානන්ති, භික්ඛුනීදූසකාපි පටිජානන්ති, සඞ්ඝභෙදකාපි පටිජානන්ති, ලොහිතුප්පාදකාපි පටිජානන්ති, උභතොබ්යඤ්ජනකාපි පටිජානන්ති.
57. එ සමයෙහි මහණහු නවකම් සම්මතිය ගෙන (එයින්) නික්ම යන්නාහු ද සිවුරු හරින්නාහු ද වෙත්, කලුරිය කරන්නාහු ද වෙත්, ‘හෙරණුම්හ’ යි ප්‍රතිඥා ද කෙරෙත්, ‘ශික්ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පරිජි ඇවැත් අවන්මඟ’ යි ද පිළින කෙරෙත්, ‘උම්මත්තකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘වික්ෂිප්ත. සිතැත්තම්හ’ යි ද පිළින කෙරෙත්, ‘වෙදනායෙකින් පෙළුණම්භ’ යි ද පිළින කෙරෙත්, ‘ඇවැත නො දැක්මෙහි උත්ක්ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ලාමක දෘෂ්ටිය , නො හැරීමෙහි උත්ක්ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පණ්ඩකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ථෙය්යසංවාසකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘අන් තොටුවනට බැඳුණම්හ’ යි ද පිළින කෙරෙත්, ‘තිරිසන්ගියම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මව නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පියා නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘රහතුන් නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මෙහෙණියක දුෂණ කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘සඞ්ඝභේදය කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘බුදුරජුන් ඇඟ ලෙහෙ සෙලැවූම්හ’ යි ද පිළින කෙරෙත්, ‘උභතොඛ්යංජනකයම්හ’ යි ද පිළින කෙරෙත්.
භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ-
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. ... භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“ඉධ පන, භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පක්කමති, මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං. ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා විබ්භමති, කාලං කරොති, සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනීදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං”.
“මහණෙනි, මෙහි යම් මහණෙක් නවාම් සම්මතිය ලබා ගෙන එයින් බැහැර ව යේ ද, ‘සඟ සතු දෑ නො නැසේවා’ යි සලකා (නවාම් සම්මතිය) අනෙකකුට දියැයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබගෙන සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, ‘හෙරණෙමි’ යි පිළින කෙරෙයි ද, ‘පැවිදිසික’ අතහළෙකිමි යි පිළින කෙරෙයි ද, ‘පරිජි ඇවැත් අවනෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උමතුවෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘වික්ෂිප්ත සිතැත්තෙමි’ යි පිළින කෙරෙයි ද, ‘වෙදනාවෙකින් පෙළිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැත නො දැක්මෙහි උත්කෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්ෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ලමා දිටු නොහැරීමෙහි උත්ක්ෂිප්තයෙමි’ යි. පිළින කෙරෙයි ද, ‘පණ්ඩකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ථෙය්‍යසංවාසකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘අන්තොටුවනට බැඳිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘තිරිසන්ගියෙමි’ යි පිළින කෙරෙයි ද, ‘මව නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘පියා නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘රහතුන් නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘මෙහෙණියක දූෂණ කෙළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘සඟබේ කළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘බුදුරජුන් ඇඟැ ලෙහෙ සෙලැවූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උභතොඛ්යංජනකයෙමි’ යි පිළින කෙරෙයි ද, (එසේ කැලැ) ‘සඟ සතු දෑ නො නැසේව’ යි සලකා නවාම් සම්මතිය අන් මහණකුට දියැයුතු” යි.
ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා විප්පකතෙ පක්කමති. මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං. ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා විප්පකතෙ විබ්භමති -පෙ- කාලං කරොති -පෙ- උභතොබ්යඤ්ජනකො පටිජානාති. මා සඞ්ඝස්ස හායීති අඤ්ඤස්ස දාතබ්බං.
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන (කටයුතු දෑ) අඩාළ කල්හි එයින් බැහැර වැ යෙයි ද, ‘සඟ සතු දෑ නො නැසේ ව” යි සලකා නවාම් සම්මතිය මහණකුට දියයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන, කටයුතු අඩාළ කල්හි සිවුරු හැර යේ ද, ... කලුරිය කෙරෙයි ද ... උභතොඛ්යඤජනකයෙමි යි පිළින කෙරෙයි ද සඟ සතු දෑ නො නැසෙව යි අන් මහණකුට නවාම් සම්මතිය දියැයුතු,
ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ පක්කමති, තස්සෙවෙ තං. ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ විබ්භමති -පෙ- කාලං කරොති සාමණෙරො පටිජානාති, සික්ඛං පච්චක්ඛාතකො පටිජානාති, අන්තිමවත්ථුං අජ්ඣාපන්නකො පටිජානාති, සඞ්ඝො සාමි.
“මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (කටයුතු) අවසන් වූ කල්හි බැහැර වැ යෙයි ද එය ඔහුට ම ය (නැවත අවුත් වස්වසනු කැමැත්තේ නම් එය සඳහා ඒ ආවාසය ඔහුට ම අයත් වෙයි). මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (එහි වැඩ කටයුතු) අවසන් වූ කල්හි සිවුරු හරී ද, ... කලුරිය කෙරෙයි ද, හෙරණෙමි යි පිළින කෙරෙයි ද, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කළෙමි යි පිළින කෙරෙයි ද, පරිජි අවන්මි යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම එහි ස්වාමි වේ (ඒ ආවාසය සඟසතු වේ).
ඉධ පන භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ උම්මත්තකො පටිජානාති, ඛිත්තචිත්තො පටිජානාති, වෙදනාට්ටො පටිජානාති, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තකො පටිජානාති, ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තකො පටිජානාති, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තකො පටිජානාති, තස්සෙව තං.
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි උමතුවෙකිමි යි පිළින කෙරෙයි ද වික්ෂිප්ත සිතැත්තෙමි යි පිළින කෙරෙයි ද, වේදනායෙන් පෙළුණෙකිමි යි පිළින කෙරෙයි ද, ඇවැත නොදැක්මෙහි උඛෙවුනීකම් , කරනු ලදුයෙමි යි පිළින කෙරෙයි ද, ඇවැතට පිළියම් නො කිරීමෙහි උඛෙවුනී කම් කරනු ලදුයෙකිමි යි පිළින කෙරෙයි ද ලමුදිටු බැහැරැ නො කිරීමෙහි උබෙවුනී කම් කරනු ලදුයෙමි යි කෙරෙයි ද, ඒ ආවාසය ඔහුට ම ය.
ඉධ පන, භික්ඛවෙ භික්ඛු නවකම්මං ගහෙත්වා පරියොසිතෙ පණ්ඩකො පටිජානාති, ථෙය්යසංවාසකො පටිජානාති, තිත්ථියපක්කන්තකො පටිජානාති, තිරච්ඡානගතො පටිජානාති, මාතුඝාතකො පටිජානාති, පිතුඝාතකො පටිජානාති, අරහන්තඝාතකො පටිජානාති, භික්ඛුනීදූසකො පටිජානාති, සඞ්ඝභෙදකො පටිජානාති, ලොහිතුප්පාදකො පටිජානාති, උභතොබ්යඤ්ජනකො පටිජානාති, සඞ්ඝො සාමී”ති.
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි පණ්ඩකයෙමි යි පිළින කෙරෙයි ද, ථෙය්‍යසංවාසකයෙමි යි පිළින කෙරෙයි ද, අන්තොටුවනට බැඳුණෙමි යි පිළින කෙරෙයි ද, තිරිසන් ගියෙකිමි යි පිළින කෙරෙයි ද, මාතෘඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, පිතෘ ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, අර්හද්ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, භික්ෂුණි දූෂකයෙකිමි යි පිළින කෙරෙයි ද, සඞ්ග භේදකයෙකිමි යි පිළින කෙරෙයි ද, ලොහිතුප්පාදකයෙකිමි යි පිළින කෙරෙයි ද, උභතොඛ්යඤ්ජනයෙකිමි යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම ඒ ආවාසයට ස්වාමි යැ. (එය සඟසතු යැ) යි (වදාළසේක).
58. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ඤතරස්ස උපාසකස්ස විහාරපරිභොගං සෙනාසනං අඤ්ඤත්ර පරිභුඤ්ජන්ති. අථ ඛො සො උපාසකො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා අඤ්ඤත්ර පරිභොගං අඤ්ඤත්ර පරිභුඤ්ජිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
58. එ සමයෙහි වනාහි මහණහු එක්තරා උපාසකයකු සතු වූ විහාර වශයෙන් පරිභෝග කටයුතු සෙනස්නක් අන් වෙහෙරෙක වෙසෙමින් පරිභෝග කරත්. එ කල්හි ඒ උපාසක තෙම “කෙසේ නම් පින්වතුන් වහන්සේ අන්තැනෙක හිඳ - පරිභෝග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභෝග කරන්නාහු දැ” යි ලාමක කොට සිතයි, නින්දා කෙරෙයි, දොස් පතුරුවයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ අඤ්ඤත්ර පරිභොගො අඤ්ඤත්ර පරිභුඤ්ජිතබ්බො. යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, අන් තැනෙක හිඳ පරිභෝග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභෝග කටයුතු නො වේ. යමෙක් එසේ පරිභෝග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ උපොසථග්ගම්පි සන්නිසජ්ජම්පි හරිතුං කුක්කුච්චායන්තා ඡමාය නිසීදන්ති. ගත්තානිපි චීවරානිපි පංසුකිතානි හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු හිඳ ගන්නා පැදුරු මෙට්ට ආදිය පොහෝ ගෙට ද ගෙන යන්නට කුකුස් කරන්නාහු බිමැ හිඳ ගනිත්. ගාත්‍ර ද සිවුරු ද පස් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ තාවකාලිකං හරිතුන්ති.”
“මහණෙනි, තාවකාලික කොට (ඒ වේලාවේ ප්‍රයෝජනයට පමණක්) ඒවා ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස මහාවිහාරො උද්රියති. භික්ඛූ කුක්කුච්චායන්තා සෙනාසනං නාභිහරන්ති භගවතො එතමත්ථං ආරොචෙසුං.
ඒ සමයෙහි වනාහි සඟසතු මහවෙහෙරෙක් දිරාපත් වෙයි. භික්ෂූහු කුකුස් කරන්නාහු, සෙනසුන් පිටතට නො ගෙන යත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ගුත්තත්ථාය හරිතුන්ති.”
“මහණෙනි, ආරක්ෂාව පිණිස (අන් තැනකට) ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපරික්ඛාරිකො මහග්ඝො කම්බලො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත් වැ මහඟු කම්බලයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ ඵාතිකම්මත්ථාය පරිවත්තෙතුන්ති.”
“මහණෙනි, වැඩීම පිණිස (සම වූ හෝ එයට වඩා ප්‍රයෝජන වූ හෝ දැයක්ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපරික්ඛාරිකං මහග්ඝං දුස්සං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එසමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත්වැ වටිනා වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළහ.
“අනුජානාමි භික්ඛවෙ ඵාතිකම්මත්ථාය පරිවත්තෙතුන්ති.”
“මහණෙනි, වැඩීම පිණිස (සමවූ හෝ එයට වඩා ප්‍රයෝජනවත් වූ හෝ දැයක් ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළසේක.
59. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස අච්ඡචම්මං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
59. එ සමයෙහි වනාහි සඞ්ඝයාට වලස් සමෙක් උපන්නේ (ලැබුණේ) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පාදපුඤ්ඡනිං කාතුන්ති.”
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
චක්කලිකං උප්පන්නං හොති.
චක්කලිකාවෙක් උපන්නේ වෙයි.
“අනුජානාමි භික්ඛවෙ පාදපුඤ්ඡනිං කාතුන්ති.”
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
චොළකං උප්පන්නං හොති.
රෙදි කඩෙක් උපන්නේ (ලැබුණේ) වෙයි.
“අනුජානාමි භික්ඛවෙ පාදපුඤ්ඡනිං කාතුන්ති.”
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ අධොතෙහි පාදෙහි සෙනාසනං අක්කමන්ති. සෙනාසනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු නො සේදු පයින් සෙනසුන් ඇක්මෙත් (පාගත්). සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ අධොතෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, නො සේදු පයින් සෙනසුන් නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ අල්ලෙහි පාදෙහි සෙනාසනං අක්කමන්ති. සෙනාසනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු තෙත් පයින් සෙනස්න ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“න භික්ඛවෙ අල්ලෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, තෙත් පයින් සෙනස්න නො ඇක්මිය යුතු(නො පෑගියයුතු), යමෙක් ඇක්මුයේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ සඋපාහනා සෙනාසනං අක්කමන්ති. සෙනාසනං දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු පාවහන් ඇති වැ සෙනසුන් ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහ.
“න භික්ඛවෙ සඋපාහනෙන සෙනාසනං අක්කමිතබ්බං. යො අක්කමෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
“මහණෙනි, පාවහන් ඇති වැ සෙනස්න නො ඇක්මියැ යුතු. යමෙක් ඇක්මෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
60. තෙන ඛො පන සමයෙන භික්ඛූ පරිකම්මකතාය භූමියා නිට්ඨුභන්ති. වණ්ණො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
60. එ සමයෙහි වනාහි භික්ෂූහු පිරියම් කළ බිමැ කෙළ ගසත්. පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ පරිකම්මකතාය භූමියා නිට්ඨුභිතබ්බං. යො නිට්ඨුභෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ඛෙළමල්ලකන්ති.”
“මහණෙනි, පිරියම් කළ බිමැ කෙළ නො ගැසියැයුතු. යමෙක් කෙළ ගසන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කෙළමලාවක් (පඩික්කමක්) අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන මඤ්චපාදාපි පීඨපාදාපි පරිකම්මකතං භූමිං විලිඛන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මැසි පා (ඇඳ කකුල්) ද, පුටු පා ද පිරියම් කළ බිම සූරත් (ඇඳ කකුල්වලිනුත් පුටුකකුල්වලිනුත් පිරියම් කළ බිම සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ චොළකෙන පලිවෙඨෙතුන්ති.”
“මහණෙනි, රෙදි කඩින් (ඇඳ පුටුවල පා) වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ පරිකම්මකතං භිත්තිං අපස්සෙන්ති. වණ්ණො දුස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි වනාහි භික්ෂූහු පිරියම් කළ බිත්තියට හේත්තු වෙත්. (එහි) පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“න භික්ඛවෙ පරිකම්මකතා භිත්ති අපස්සෙතබ්බා. යො අපස්සෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ අපස්සෙනඵලකන්ති.”
“මහණෙනි, පිරියම් කළ බිත්තියට හේත්තු වියයුතු නො වේ. යමෙක් හේත්තු වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, හේත්තු වන්නට පුවරුවක් අනුදනිමි” යි වදාළසේක.
අපස්සෙනඵලකං හෙට්ඨතො භූමිං විලිඛති උපරිතො භිත්තිං භගවතො එතමත්ථං ආරොචෙසුං.
හේත්තු වන පුවරුව යටින් බිම ද උඩින් බිත්තිය සුරයි. (හේත්තු වන පුවරුවෙන් යටින් බිමත්, උඩින් බිත්තියත් සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ හෙට්ඨතො ච උපරිතො ච චොළකෙන පලිවෙඨෙතුන්ති.”
“මහණෙනි, හේත්තු වන පුවරුව යටින් ද උඩින් ද රෙදි කඩින් වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
තෙන ඛො පන සමයෙන භික්ඛූ ධොතපාදකා නිපජ්ජිතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි මහණහු දෙවූ පා ඇත්තාහු (ඇඳැ) වැදැහෙන්නට කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පච්චත්ථරිත්වා නිපජ්ජිතුන්ති.”
“මහණෙනි, ඇතිරියක් එළා වැදැ හෝනට අනුදනිමි” යි වදාළසේක.
61. අථ ඛො භගවා ආළවියං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්ර සුදං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
61. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරටැ කැමැති තාක් කල් වැස රජගහ නුවර බලා නික්මුණුසේක. පිළිවෙළින් සැරිසරන සේක්, රජගහ නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවර කලන්දක නිවාප නම් වූ උණවෙනෙහි වැඩවසන සේක.
62. තෙන ඛො පන සමයෙන රාජගහං දුබ්භික්ඛං හොති. මනුස්සා න සක්කොන්ති සඞ්ඝභත්තං කාතුං. ඉච්ඡන්ති උද්දෙසභත්තං නිමන්තනං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකං කාතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
62. එ සමයෙහි රජගහ නුවර දුර්භික්ෂයෙක් (අහර හිඟයෙක්) වෙයි. මිනිස්සු සියලු සඞ්ඝයාට බොජුන් පිළියෙළ කරන්නට නො හැකි වෙත්. උදෙසා දෙන බත, නිමැතුම් බත, සලා බත, පක්ෂයට වරක් දෙන බත, පොහෝදාට දෙන බත, පැළවියට දෙන බත, යන බත් පිළියෙළ කරන්නට කැමැති වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ සඞ්ඝභත්තං උද්දෙසභත්තං නිමන්තනං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකන්ති.”
“මහණෙනි, සඟබත ද, උදෙසා දෙන බත ද, නිමැතුම් බත ද, සලා බත ද, පක්ෂයකට වරක් දෙන බත ද, පොහෝ බත ද, පෑළවි බත ද අනුදනිමි” යි වදාළසේක.
63. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අත්තනො වරභත්තානි ගහෙත්වා ලාමකානි භත්තානි භික්ඛූනං දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
63. එ සමයෙහි සවැගි මහණහු අගනා ආහාර තමනට ගෙන නො අගනා ආහාර මහණුනට දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය න මොහාගතිං ගච්ඡෙය්ය න භයාගතිං ගච්ඡෙය්ය උද්දිට්ඨානුදිට්ඨඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
“මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, උදෙසන ලද නො උදෙසන ලද දන්නේ ද, මෙකී අංගපසින් යුක්ත මහණක්හු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු: පළමු කොට භත්තුද්දේශක සම්මුතිය පිළිගන්නට මහණෙක් යැදියයුතු. (මහණකුගෙන් ඉල්ලීම කළයුතු) යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු ලවා මෙසේ සඞ්ඝයා දැන්වියැයුතු:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
‘වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ පැමිණි කල් වී නම් මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භත්තුද්දෙසකග්ගසම්මති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහුට භත්තුද්දේශක සම්මතිය දීම යම් ආයුෂ්මතකුට රිසියෙයි ද, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුට නො රිසියෙයි ද හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භත්තුද්දෙසකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
මෙ නම් මහණ තෙම භත්තුද්දේශකයකු කොට සඞ්ඝයා විසින් සම්මත වෙයි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සලකමි)” යනු යැ.
අථ ඛො භත්තුද්දෙසකානං භික්ඛූනං එතදහොසි: ‘කථන්නු ඛො භත්තං උද්දිසිතබ්බන්ති?’ භගවතො එතමත්ථං ආරොචෙසුං.
ඉක්බිති භත්තුද්දේශක භික්ෂුනට ‘කෙසේ නම් බත් උදෙසිය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ සලාකාය වා පට්ටිකාය වා උපනිබන්ධිත්වා ඔපුඤ්ජිත්වා ඔපුඤ්ජිත්වා උද්දිසිතුන්ති.”
“මහණෙනි, ඉරටුවෙක හෝ පතුරෙක හෝ නම් ලියා ආලෝලනය කොට කොට සොලොවා උදෙසන්නට අනුදනිමි” යි වදාළසේක.
64. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සෙනාසනපඤ්ඤාපකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
64. එ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පනවන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, පඤ්ඤත්තාපඤ්ඤාත්තඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
“මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන්, අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, පනවන ලද්දත් නො පනවන ලද්දත් දන්නේ ද, මෙ කී අංග පසින් සමන්විත වූ මහණක්හු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නේ යැ, මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සෙනාසනපඤ්ඤාපකස්ස සම්මුති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු වශයෙන් සම්මත කිරීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬවේ වා. යම් ආයුෂ්මතකුහට නො රිසියේ නම් හේ කියාවා.
“සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සෙනාසනපඤ්ඤාපකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සෙනසුන් පනවන්නෙකැ යි සම්මත විය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහ ඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
65. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරිකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
65. එ සමයෙහි සඞ්ඝයාට භාණඩාගාරිකයෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය න මොහාගතිං ගච්ඡෙය්ය න භයාගතිං ගච්ඡෙය්ය, ගුත්තාගුත්තඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, සුරක්ෂිත කොට තබන ලද නො තබන ලද දැයත් දන්නේ ද, මේ අංග පසින් සමන්විත මහණක්හු භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණ භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නේ යැ, තෙලඤත්ති යැ.
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භණ්ඩාගාරිකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භණ්ඩාගාරිකස්ස සම්මති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භාණ්ඩාගාරිකයක්හු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු භාණඩාගාරිකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි ද හේ නිහඬ වේ වා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි ද හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භණ්ඩාගාරිකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම භාණ්ඩාගාරිකයැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහඬ ය, මෙසේ මෙ කරුණ සලකමි’ යනු” යි.
66. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස චීවරපටිග්ගාහකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
66. එ සමයෙහි සඞ්ඝයාට සිවුරු පිළිගන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නිතුං. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, පිළිගත් නොපිළිගත් දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්විත මහණක්හු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
“සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
‘සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරපටිග්ගාහකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරපටිග්ගාහකස්ස සම්මති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම්, මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරපටිග්ගාහකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සිවුරු පිළිගන්නකු කොට සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)’ යනු” ය.
67. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස චීවරභාජකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
67. එ සමයෙහි වූ කලී සඞ්ඝයාට සිවුරු බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං චීවරභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවං ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො:
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දෑත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්විත මහණක්හු චීවර භාජකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම ඒ මහණ තෙම සම්මත කළයුතු ය.
පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
පළමු කොට මහණෙක් යැදියයුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරභාජකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං චීවරභාජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො චීවරභාජකස්ස සම්මුති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු චීවරභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
මෙ නම් මහණ තෙම සිවුරු බෙදන්නකු කොට සඞ්ඝයා විසින් සම්මත විය. එ හෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි (සලකමි)” යනු යි.
68. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස යාගුභාජකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
68. එ සමයෙහි සඞ්ඝයාට කැඳ බෙදන්නෙක් (යාගුභාජකයෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං යාගුංභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා, -පෙ- සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු යාගුභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො පැමිණෙන්නේ ද, ... බෙදූ නො බෙදූ දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්විත මහණහු යාගුභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මහණ ද මෙසේ සම්මත කළයුතු. පළමු කොට මහණෙක් යැදියයුතු ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම යාගුභාජකයකු වූ කොට සම්මත කරන ලද්දේ ය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ඵලභාජකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට පලවැළ බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං ඵලභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො -පෙ- සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු ඵලභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදන ලද නො බෙදන ලද දැයත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්විත මහණක්හු ඵලභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු ය. පළමු කොට මහණෙක් යැදියයුතු ය ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ එලභාජක යැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනුයි.
69. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ඛජ්ජකභාජකො න හොති. ඛජ්ජකං අභාජියමානං නස්සති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
69. එ සමයෙහි සඞ්ඝයාට ඛාද්‍ය (කැවිලි) බෙදන්නෙක් නො වෙයි. ඛාද්‍ය නො බෙදනු ලබන්නේ නැසී යෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං ඛජ්ජකභාජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං -පෙ- භාජිතාභාජිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දැය දන්නේ ද, මෙකී අඞ්ගපසින් සමන්විත මහණක්හු ඛාද්යභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු: පළමු කොට මහණ තෙම, යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්හ තෙමේ මෙසේ දැන්වියැයුතු:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං ඛජ්ජකභාජකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්යභොජක කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං ඛජ්ජකභාජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො ඛජ්ජකභාජකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්යභෝජක කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ඛාද්යභෝජක කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු ඛජ්ජකභාජකො. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා “විසින් මෙ නම් මහණ බාද්යභෝජක කොට සම්මත ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
70. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස භණ්ඩාගාරෙ අප්පමත්තකො පරික්ඛාරො උප්පන්නො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
70. එ සමයෙහි වූ කලී සඞ්ඝයාගේ භාණඩාගාරයෙහි අල්පමාත්‍ර වූ (කුඩා) පිරිකර උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- විස්සජ්ජිතාවිස්සජ්ජිතඤ්ච ජානෙය්ය.
මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ... දුන් නොදුන් දැයත් දන්නේ ද මෙසේ වූ අඞ්ග පසින් සමන්විත මහණක්හු අල්පමාත්‍ර පිරිකර දෙන තැනැත්තකු කොට සම්මත කරන්නට අනුදනිමි.
එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු; පළමු කොට මහණෙක් යැදිය යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
වහන්ස සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු අප්පමත්ත විස්සජ්ජකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො අප්පමත්තකවිස්සජ්ජකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසා වා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි නම් හේ කියා වා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු අප්පමත්තකවිස්සජ්ජකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජක යැ යි සම්මත ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
“තෙන අප්පමත්තකවිස්සජ්ජකෙන භික්ඛුනා එකෙකා සූචි දාතබ්බා. සත්ථකං දාතබ්බං. උපාහනා දාතබ්බා. කායබන්ධනං දාතබ්බං. අංසබන්ධකො දාතබ්බො. පරිස්සාවනං දාතබ්බං. ධම්මකරකො දාතබ්බො. කුසි දාතබ්බා. අඩ්ඪකුසි දාතබ්බා මණ්ඩලං දාතබ්බං. අඩ්ඪමණ්ඩලං දාතබ්බං. අනුවාතො දාතබ්බො. පරිභණ්ඩං දාතබ්බං. සචෙ හොති සඞ්ඝස්ස සප්පි වා තෙලං වා මධු වා ඵාණිතං වා සකිං පටිසායිතුං දාතබ්බං. සචෙ පුනපි අත්ථො හොති පුනපි දාතබ්බන්ති.
“ඒ අල්පමාත්‍රක විසර්ජක මහණහු විසින් (දික් එකක් ද ලුහුඬු එකක් දැ යි සඞ්ඝයා නො විචාරාම) එක් එක් හිදිකටුවක් දිය හැක්ක. එක් පිහියක් දියැ හැක්ක. එක් වහන් සඟළක් දිය හැක්ක. එක් කාබානක් දියැ හැක්ක. එක් අංසබන්ධකයක් (අස් බඳනාවක්) දියැ හැක්ක. එක් පෙරහනක් දියැහැක්ක. එක් ඩබරාවක් දියහැ හැක්ක. කුසියක් (සිවුරෙහි දික් නුවාපතක්) දියැ හැක්ක. අඩ කුසියක් (ලුහුඬු නුවා පතක්) දියැ හැක්ක, මඬුල්ලක් (පස්කඩ සිවුරෙහි මහා මණ්ඩලයක්) දියැ හැක්ක. අඩමඬුල්ලක් ( කුඩා මණඩලයක්) දියැ හැක්ක. නුවාවක් දියැහැක්ක. පරිහණ්ඩයක් (ඇතුළු නුවාවක්) දියැ හැක්ක. ඉදින් සඞ්ඝයාට ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ සකුරු හෝ වේ නම් එක් වරක් වළඳන්නට දියැහැකි ය. ඉදින් යළිත් වුව මනා වී නම් යළිත් දියැ හැකි යැ” යි වදාළ සේක.
71. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සාටියගාහාපකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
71. එ සමයෙහි සඞ්ඝයාට වැසිසළු ගන්වන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ.
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සාටියගාහාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- ගහිතාගහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
“මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්විත මහණක්හු සාටියගාහාපකයකු (වැසි සළු ගන්වන්නකු) කොට සම්මත කරන්නට අනුදනිමි. මෙසේ සම්මත ද කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු ය. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝයා මෙසේ දැන්වියයුතු ය:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාටියගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටිගාහාපකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාටියගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සාටියගාහාපකස්ස සම්මති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය. සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සාටියගාහාපකො ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත, කිරීම රිසියෙයි ද හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණ සාටියගාහාපක යෙකියි සම්මත ය. (එය), සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස පත්තගාහාපකො න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට පාත්‍ර ගන්වන්නෙක් නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං පත්තගාහාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- ගහිතාගහිතඤ්ච ජානෙය්ය.
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ..... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්විත මහණහු පාත්‍ර ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි.
එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො:
මහණෙනි, මෙසේ ම හේ සම්මත කළයුතු:
පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා -පෙ- ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
පළමු කොට මහණෙක් යැදියැයුතු ... සඞ්ඝයාට රිසියෙයි. මෙසේ මෙ කරුණ දරමි (සලකමි).” යනු යි.
72. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ආරාමිකපෙසකො න හොති. ආරාමිකා අපෙසියමානා කම්මං න කරොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
72. එසමයෙහි ආරාමික ප්රේෂකයෙක් නැත. ආරාමිකයෝ නො මෙහෙයනු ලබන්නාහු වැඩපල නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං ආරාමිකපෙසකං සම්මන්නිතුං. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය -පෙ- පෙසිතාපෙසිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො. -පෙ- තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්විත මහණක්හු ආරාමික ප්‍රේෂකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය. ... එ හෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනුයි.
තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස සාමණෙරපෙසකො න හොති. සාමණෙරා අපෙසියමානා කම්මං න කරොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
එ සමයෙහි සඞ්ඝයාට ශ්‍රාමණෙර ප්රේෂකයෙක් (හෙරණුන් ඒ ඒ කටයුත්තෙහි මෙහෙයවන්නෙක්) නැත. හෙරණහු නො මෙහෙයනු ලබන්නාහු කිසි කටයුත්තක් නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ:)
“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සාමණෙරපෙසකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය න මොහාගතිං ගච්ඡෙය්ය න භයාගතිං ගච්ඡෙය්ය පෙසිතාපෙසිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ද්වේෂයාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද භයාගතියට නො යන්නේ ද, මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්විත මහණක්හු ශ්‍රාමණෙර ප්රේෂකයක්හු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු: යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු ය:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාමණෙරපෙසකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්‍රාමණෙර පේෂකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සාමණෙරපෙසකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සාමණෙරපෙසකස්ස සම්මති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ශ්රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියේ නම් හේ කියාවා.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සාමණෙරපෙසකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම ශ්‍රාමණෙර ප්‍රේෂක යැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
තතියක-භාණවාරං.
තෙවෙනි බණවර යි.
සෙනාසනක්ඛන්ධකො නිට්ඨිතො ඡට්ඨො.
සවැනි ශයනාසනස්කන්ධකය නිමියේ යි.
තස්සුද්දානං:
එහි උද්දානය කියැවේ:
1. විහාරො බුද්ධසෙට්ඨෙන අපඤ්ඤත්තො තදා අහු තහං තහං නික්ඛමන්ති වාසා තෙ ජිනසාවකා.
1. එ දා බුදුරජුන් විසින් විහාරයෙක් නො පැනැවුණේ විය. ඒ බුදුසව්වෝ වසන තැනින් ඒ ඒ තැනට නික්ම යෙත්.
2. තෙ සෙට්ඨී ගහපති දිස්වා භික්ඛූනං එතදබ්රවි කාරාපෙය්යං වසෙය්යාථ පටිපුච්ඡිංසු නායකං
2. සිටු ගැහැවියෙක් ඔවුන් දැක මහණුනට මෙය කී: වෙහෙරක් කරවන්නෙම් නම් එහි වසන්නහුදැ යි. ඇසී ය. (ඔහු බුදුරජුන් විචාළාහ.)
3. විහාරං අඩ්ඪයොගඤ්ච පාසාදං හම්මියං ගුහං පඤ්චලෙණං අනුඤ්ඤාසි විහාරෙ සෙට්ඨි කාරයි.
3. වෙහෙර ද ගුරුළු පියා පත් වැනි සෙවෙණි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන වසන තැන් පසක් බුදුරජුන් අනුදත්හ. සිටු තෙම වෙහෙර සැටක් කැරැවී ය.
4. ජනො විහාරං කාරෙති අකවාටං අසංවුතං කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලඤ්ච උත්තරි.
4. ජනයා දොරපළු නැති විවෘත වූ විහාර කරවයි. දොරපළුව ද දොරබාව ද වටෙවු ලීය ද උතුරු ලීය ද,
5. ආවිඤ්ඡනච්ඡිද්දරජ්ජුං වට්ටිඤ්ච කපිසීසකං සූචී ඝටී තාලච්ඡිද්දං ලොහකට්ඨවිසාණකං.
5. රැහැන් සිදුර ද අදිනා රැහැන ද අගුල් වැටිය ද අගුල් කණුව ද යතුර ද තරංකය ද කෙසි සිදුර ද ලොහොමුවා ලීමුවා අංමුවා යතුර ද,
6. යන්තකං සූචිකඤ්චෙව ඡදනං උල්ලිත්තාවලිත්තං වෙදිජාලසලාකඤ්ච චක්කලී සන්ථරෙන ච.
6. යතුර ද හිද්ද ද ඇතුළත පිටත බදාම ඇලැවි සෙවෙණිය ද පිල් වාබෝනය ද දැල්වාබෝනය ද කූරුවාබොනය ද රෙදි පාපිස්න ද තණ ඇතිරිය ද,
7. මීඪිං බිදලමඤ්චඤ්ච සොසානිකමසාරකො බුන්දි කුළීරපාදඤ්ච ආහච්චාසන්දි උච්චකෙ.
7. මීඪය ද වේවැල් ඇඳ ද සොහොනැ ලූ මසාරකය ද බුන්දිකා බද්ධ ඇඳ පුටු ද කුලීරපාදක (කකුළු පා) ඇඳ පුටු ද ආහච්චපාදක ඇඳ පුටු ද සිවුරැස් පුටුව ද උස් සිවුරැස් පුටුව ද,
8. සත්තඞ්ගො ච භද්දපීඨං පීඨකාඵලකපාදකං ආමලාඵලකා කොච්ඡා පලාලපීඨමෙව ච.
8. කවිච්චිය ද වේවැල් පුටුව ද රෙදි බන් පුටුව ද පුවරු පා පුටුව ද ඇඹුල්වැටි පුටුව ද පුවරුවද කොස්ස ද පිදුරු පුටුව ද,
9. උච්චෙ ච අභිපාදානි අට්ඨඞ්ගුලකපාදකං සුත්තං අට්ඨපදං චොළං තූලිකං අඩ්ඪකායිකං
9. උස් යහනෙහි හීම ද සපකු ඩැසීම ද ඇඳ පිළිපා ද අටඟුල් ඇඳ පිළිපා ද හුය ද අටපා වියුම ද රෙදිකඩ ද පුලුන් ද අඩකයක් දික් කොට්ට ද,
10. ගිරග්ගො භිසියො චාපි දුස්සං සෙනාසනම්පි ච ඔනද්ධං හෙට්ඨා පතති උප්පාටෙත්වා හරන්ති ච.
10. ගිරග්ගසම්ජ්ජය ද බිසි ද සෙනසුන් පිරිකර වූ වස්ත්‍රය ද මෙට්ට ලු ඇඳ පුටු ද බිසි යටින් පැළී වැටෙනු ද, උර ගළවා ගෙන යත් යන්න ද,
11. භත්තිඤ්ච හත්ථභත්තිඤ්ච අනුඤ්ඤාසි තථාගතො සෙතකාළවිහාරෙපි ථුසං සණ්හඤ්ච මත්තිකං
11. භක්ති කර්මය ද හස්තභක්ති කර්මය ද තථාගතයෝ අනුදත්හ. වෙහෙරෙහි ද සුදු පැහැ කළු පැහැ ගැන්වීම ද දස්පිණ්ඩ දානය ද සණ්හමත්තිකා දානය ද,
12. ඉක්කාසං පාණිකං කුණ්ඩං සාසපං සිත්ථතෙලකං උස්සන්නෙ පච්චුද්ධරිතුං ඵරුසං ගණ්ඩමත්තිකං.
12. මැලියම් ද අත්ලෙන් තුනී කිරීම ද අබපිටි ද ඉටිතෙල් ද අනුදැනීම ද ඒවා වැඩි වූ කල්හි රෙදි කඩින් පසුදුරන්නට අවසරය ද, රළු බිමැ ගඩවිල් පස් දීම ද,
13. ඉක්කාසං පටිභානඤ්ච නීචා චයො ච ආරුහං පරිපතන්ති ආළකං අඩ්ඪකුඩ්ඩං තයො පුන.
13. මැලියම් අනුදැන්ම ද ප්‍රතිභාන චිත්‍ර කිරීම ද මිටි බිම් ද බැඳුම් ද නැඟෙන්නවුන් වෙහෙසට පත් වෙත් යනු ඇදී වැටෙත් ය යනු ද ඒකාඞ්ගන වීමද අඩ භිත්තිය අනුදැන්ම ද ගබ් තුන ද,
14. ඛුද්දකෙ කුඩ්ඩපාදො ච ඔවස්සති සරං ඛිලං චීවරවංසං රජ්ජුඤ්ච ආළින්දං කිටීකෙන ච.
14. කුඩා වෙහෙරෙහි බිතුපා දිරීම ද බිත්ති තෙමීම ද බිය පත් ව කෑගැසීම ද භිත්තිඛිලය අනුදැන්ම ද සිවුරු හෙලන වස් දංඩ ද සිවුරු හෙලන ලනුව ද පිළ අනුදැන්ම ද පැලැලි අනුදැන්ම ද,
15. ආලම්බනං තිණචුණ්ණං හෙට්ඨාමග්ගෙ නයං කරෙ අජ්ඣොකාසෙ ඔතප්පති සාලං හෙට්ඨා ච භාජනං
15. ආලම්බන බාහානුජානනය ද තණ රොඩු වැටීම ද යට කී නය අනුව උල්ලොපාවලෙපාදිය කළ යුතු ය යන්න ද එළිමහනැ වීවරවංස චීවරරජ්ජුන් තැබීම ද පැන් අව්වෙන් කැකෑරෙයි යන්න ද පැන්හල අනුදැන්ම ද යටකී පරිදි පැන්හලෙහි පියස්සේ උල්ලොපාවලෙපාදිය ද පැන්බඳුන අනුදැනීම ද,
16. විහාරො කොට්ඨකො චෙව පරිවෙණග්ගිසාලකං ආරාමෙ ච පුන කොට්ඨෙ හෙට්ඨඤ්ඤෙව නයං කරෙ.
16. විහාරය ද කොටුව ද පිරිවෙන ද ගිනිහල් ගෙය ද යළි කොටුව පිළිබඳ ව යට කී පරිදි ම උල්ලිත්තාවලිත්තාදිය යොදා දැන ගන්නේ ය.
17. සුදං අනාථපිණ්ඩී ච සද්ධො සීතවනං අගා දිට්ඨධම්මො නිමන්තෙසි සහ සඞ්ඝෙන නායකං.
17. සුදත්ත නම් සැදැවත් අනේපිඬුසිටු තෙම ශීතවනයට ගියේ ය. හේ දුටු නිවන් දහම් ඇත්තේ සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමැතී ය.
18. ආණාපෙසන්තරාමග්ගෙ ආරාමං කාරයි ගණො වෙසාලියං නවකම්මං පුරතො ච පරිග්ගහං.
18. අතරමඟැ අණ කෙළේ ය. ගණයා මගැ ආරාම කැරැවී ය. විසල් පුරැ මහණහු නවාම් කෙරෙත්. සවැගියන් අතැවැස්සෝ ඉදිරියෙන් ගොස් සෙනසුන් අත් කැරැ ගැන්ම කරත්.
19. කො අරහති භත්තග්ගෙ තිත්තිරඤ්ච අවන්දියා පරිග්ගහිතන්තරඝරා තූලො සාවත්ථි ඔසරි.
19. බොජුන් හල අග්රපිණ්ඩාදියට කවරෙක් සුදුසු ද? වටුවාට ඉතිරිදෙදෙන බුහුමන් කළාහ. නො වැන්ද යුත්තෝ ද කියන ලදහ. සවැගියන් අතැවැස්සෝ මණ්ඩපයන් අත්කැරැ ගැන්ම කළහ. ඇතුළු ගමැ පුළුන් පිරැවූ ඇඳ පුටු ආදිය පැනැවූහ. සැවැතට බුදුරජුහු වැඩියාහ.
20. පතිට්ඨාපෙසි ආරාමං භත්තග්ගෙ ච කොලාහලං, ගිලානා වරසෙය්යා ච ලෙසා සත්තරසා තහිං.
20. දෙව්රම සඟනට පිරිනැමී ය. බොජුන්හල කලබල ඇතිවිය. ගිලන් මහණහු මුසපත් වෙත්. මහඟු යහන් අත්කර ගනිත්. ලෙසමාත්රාබාධයෙන් සෙනසුන් අත් පත් කරත්. සතලොස්වැගි මහණහු එහි වෙහෙරක් පිළිසකර කෙරෙත්.
21. කෙන නු ඛො කථන්නු ඛො විහාරග්ගෙන භාජසී පරිවෙණානුභාගඤ්ච අකාමා භාගං නො දදෙ.
21. කවරකු විසින් කෙසේ නම් සෙනසුන් ගැන්විය යුතු ද යන පැනය නැංගේ ය. විහාර ගණනින් සෙනසුන් ගැන්වීම බෙදී ය. පිරිවෙන් අනුභාගය දියයුතු ය. ඒ භාගය නො කැමැත්තෙන් නො දියයුතු.
22. නිස්සීමං සබ්බකාලං ච ගාහා සෙනාසනෙ තයො උපනන්දො ච වණ්ණෙසි ඨිතකා සමකාසනා.
22. සීමාවෙන් පිටත සිටියහුට සෙනසුන් නො ගැන්විය යුතු. හැම කල්හි සෙනසුන් ප්‍රතිබාහනය නො කළ යුතු, සෙනසුන් පිළිබඳ ගැන්වීම් තුනෙකි. උපනන්ද තෙර සෙනසුන් දෙකක් ප්‍රතිබාහන කෙළේ ය. බුදුහු විනය වැණුහු. තෙරහු සිටගෙන විනය උදෙසැවූහ. කොතෙකින් සමානාසන ඇත්තෝ වෙත් ද?
23. සමානාසනිකා භින්දිංසු තිවග්ගා ච දුවග්ගිකං අසමානාසනිකෙහි දීඝං සාළින්දං පරිභුඤ්ජිතුං.
23. සමානාසනිකයෝ ඇඳ කඩාදැමූහ. තුන් දෙනෙක් ද හිඳ ඇඳ කඩාදැමූහ. දෙදෙනකුට එකට ඇඳ පුටුවල හිඳ ගන්නට අනුදත් සේක. අසමානාසනිකයන් හා දික් අස්නැ හිඳීම අනුදත් සේක. ආළින්ද සහිත සියලු පහය අනුදත් සේක.
24. අය්‍යකා ච අවිදූරෙ භාජිතඤ්ච කීටාගිරෙ ආළවී පිණ්ඩකකුඩ්ඩෙහි ද්වාරඅග්ගළවට්ටිකා.
24. කොසොල් රජුගේ මුත්තණියෝ කලුරිය කළාහ. සැවතට නොදුරෙහි මහණුනට උවදුරු ඇති විය. කීටාගිරියෙහි දී සවැගිමහණුන් ගේ අතැවැස්සන් විසින් සෙනසුන් බෙදන ලදි. බුදුරජහු අළවු රටට වැඩියාහ. මැටිපිඩු තබන පමණිනුත් බිත්තිය මැටි ගෑ පමණිනුත් දොර අගුල් වැටිය කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්.
25. ආලොක සෙත-කාළඤ්ච ගෙරු-ඡාදන බන්ධනා භණ්ඩි-ඛණ්ඩ-පරිභණ්ඩං වීස-තිංසා යාවජීවිකං.
25. කවුළු දොර සවිකරන පමණිනුත් බිත්ති ආදිය සුදු කළු ගුරු පැහැ කරන පමණිනුත් සෙවිලි කරන පමණිනුත් පියස්ස බඳනා පමණිනුත් ගණ්ඨිකාවක් තැබීම් කැඩුම් බිඳුම් පිළිසකර පමණින් පිළක් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්. විසි වසකට තිස් වසකට ද දිවිහිම් කොට ද නවාම් සම්මතිය දෙත්.
26. ඔසිතෙ අකතං ඛුද්දෙ ඡ-පඤ්චවස්සිකංදදෙ අඩ්ඪයොගෙ ච සත්තට්ඨ මහල්ලෙ දස-ද්වාදස.
26. කොට නිමැවූ වෙහෙර සඳහා ද නවාම් සම්මතිය දෙත්. නොකළ හෝ අඩාළ වූ හෝ වෙහෙර සඳහා නවාම් සම්මතිය අනුදත් සේක. නවාම් දෙත්. කුඩා වෙහෙරෙහි සවසකට හෝ පස්වසකට නවාම් දියයුතු, අඩ්ඪයොග වෙහෙරෙහි කටයුතු බලා හත් අට වසකට ද මහ වෙහෙරෙක කටයුතු සඳහා දසදෙළොස් වසකට ද නවාම් සම්මතිය දියයුතු.
27. සබ්බං විහාරං එකස්ස අඤ්ඤං වාසෙන්ති සඞ්ඝිකං නිස්සීමං සබ්බකාලඤ්ච පක්කමන්ති විබ්භමන්ති ච.
27. සියලු වෙහෙරට නවාම් දෙත්. එකකුට නවාම් දෙකක් දෙත්. නවාම් ගෙන අන් එකකු වස්වත්. සඟසතු දෑ තමනට වෙන් කෙරෙත්. සීමායෙන් පිටත සිටියාහට නවාම් දෙත්. ඔහු සියලු කාලයෙහි වෙහෙර තමනට වෙන් කර ගනිත්. නවාම් ගෙන පිටත් ව යෙත්, සිවුරු හැර ද යෙත්.
28. කාලඤ්ච සාමණෙරඤ්ච සික්ඛාපච්චක්ඛාන්තිමං උම්මත්ත ඛිත්තචිත්තා ච වෙදනාපතත්යදස්සනා.
28. කලුරිය ද කෙරෙත්, හෙරණුම්හ යි ශික්ෂා ප්‍රතික්ෂේප කළම්හ යි පරිජියට අවනුම්හ යි උමතුවම්හ යි කැලඹුණු සිතැත්තම්හ යි වේදනායෙන් පෙළුණම්හ යි, ඇවැත් නො දැක්මෙන් ද,
29. අප්පටිකම්මා දිට්ඨියා පණ්ඩකා ථෙය්යතිත්ථියා තිරච්ඡාන මාතු පිතු අරහන්තා ඝාතක දූසකා.
29. ඇවැතට පිළියම් නො කිරීමෙන් ද දෘෂ්ටිය අත් නො හැරීමෙන් ද උත්ක්ෂිප්තයම්හ යි, පණ්ඩකයම්හයි, ථෙය්‍ය සංවාසකයම්හයි, අන් තොටුවනට බැඳුණම්හ යි, තිරිසන්ගියම්හ යි මා පිය රහතුන් නැසුවම්හ යි භික්ෂුණි දූෂකයම්හ යි ද,
30. භෙදකා ලොහිතුප්පාදා උභතො චාපි ව්යඤ්ජනා මා සඞ්ඝස්ස පරිහායි කම්මං අඤ්ඤස්ස දාතවෙ.
30. සඟබේ කළම්හ යි ද ලොහිතුප්පාදකයම්හ යි ද උභතොඛ්යඤ්ජනකයම්හ යි ද පිළින කෙරෙත්. සඞ්ඝයාට පාඩු නො වේවා යි කටයුත්ත අන්හට දියයුතු.
31. විප්පකතෙ ච අඤ්ඤස්ස කතෙ තස්සෙව පක්කමෙ විබ්භමති කාලකතො සාමණෙරො ච ජායති.
31. කටයුත්ත අඩාළ කල්හි ද අනෙකකුට පැවරියයුතු, එය කොට නිමි කල්හි ඔහුට ම එය පැවරියයුතු, නික්ම යන්නේ ද සිවුරු හරනේ ද කලුරිය කෙළේ ද හෙරණ වෙමි යි හෝ,
32. පච්චක්ඛාතො ච සික්ඛාය අන්තිමා පණ්ඩකො යදි සඞ්ඝො ව සාමිකො හොති උම්මත්ත ඛිත්තවෙදනා.
32. ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය කෙළෙමි යි හෝ අන්තිම වස්තුවට පැමිණියෙමියි පණ්ඩකයෙමි යි ප්‍රතිඥා කෙරේ ද, සඞ්ඝයා ම එහි ස්වාමි වේ. උමතු වෙමි යි, වික්ෂිප්ත සිතැත්තෙමි යි, වේදනායෙන් පෙළුණෙමි යි පිළින කෙරේ ද,
33. අදස්සනාප්පටිකම්මෙ දිට්ඨි තස්සෙව හොති වා පණ්ඩකො ථෙය්‍ය තිත්ථී ච තිරච්ඡාන මාතුපෙත්තිකං
33. ඇවැත් නො දැක්මෙහි ඇවැතට පිළියම් නො කිරීමෙහි මිසදිටුව අත්නොහැරීමෙහි උඛෙව්නි කම් කරන ලදිමි යි පිළින කෙරෙයි ද ඒ ආවාසය ඔහුට ම ය. පණ්ඩකයෙමි යි ථෙය්‍යසංවාසකයෙමි යි තිත්‍ථියපක්කන්තක යෙමි යි තිරිසන්ගතයෙමි යි මාතෘඝාතක පිතෘඝාතක යෙමි යි.
34. ඝාතකො දූසකො චාපි භෙද ලොහිත ව්යඤ්ජනා පටිජානාති යදි සො සඞ්ඝොව හොති සාමිකො.
34. අරහන්තඝාතකයෙමි යි භික්ෂුණිදුෂකයෙමි යි සඞ්භේදකයෙමි යි ලොහිතුප්පාදකයෙමි යි උභතෝබ්යඤ්ජනකයෙමි යි හේ පිළින කෙරේ ද සඞ්ඝයා ම ඒ ආවාසයට ස්වාමි වේ.
35. හරන්තඤ්ඤත්ර කුක්කුච්චං උද්රියති ච කම්බලං දුස්සං ච චම්ම චක්කලී චොළකං අක්කමන්ති ච.
35. විහාරපරිභෝගය අන් තැනකට ගෙන යත්, පැදුරු ආදිය ගෙනයන්නට කුකුස් කෙරෙත්. වෙහෙරෙක් දිරාපත් වෙයි. සඞ්ඝයාට මාහැඟි කම්බලයෙක් උපන. මාහැඟි වස්තුයෙක් උපන. චර්මයෙක් උපන. චක්කලිකාවෙක් උපන. රෙදි කඩෙක් උපන. නොසෙදු පයින් සෙනසුන් ඇක්මෙත්.
36. අල්ලා උපාහනා නිට්ඨු ලිඛන්ති අපස්සෙන්ති ච. අපස්සෙනං ලිඛතෙ වා ධොතපච්චත්ථරෙන ච.
36. තෙත් පා ඇත්තාහු පාවහන් ඇත්තාහු සෙනස්න ඇක්මෙත්. පිරියම් කළ බිමැ කෙළ ගසත්. පිරියම් කළ බිත්තියට හේත්තු වෙත්. හේත්තුවන පුවරුව බිම සූරයි. සේදු පයැත්තහු පසතුරුණ එළා සැතපියයුතු,
37. රාජගහෙ න සක්කොන්ති ලාමකං භත්තුද්දෙසකං කථං නු ඛො පඤ්ඤාපකං භණ්ඩාගාරිකසම්මුතිං.
37. රජගහ නුවර සඟබත් කරන්නට නො හැකි වෙත්. සැවැගියෝ ලාමක බත් භික්ෂුනට දෙති. භතතුද්දේසකයකු අනුදත් සේක. කෙසේ බත් උදෙසිය යුතු දැ යි ප්‍රශ්නයෙක් විය. සෙනසුන් පනවන්නකු අනුදත් සේක. භාණ්ඩාගාරික සම්මතිය අනුදත් සේක.
38. පටිග්ගාහභාජකො චාපි යාගු ච ඵලභාජකො ඛජ්ජකභාජකො චෙව අප්පමත්තකවිස්සජො.
38. චීවරප්රතිග්රාහකයෙක් ද චීවරභාජකයෙක් ද යාගුභාජකයෙක් ද ඵලභාජකයෙක් ද බජ්ජකභාජකයෙක් ද අප්පමන්තකවිසජ්ජකයෙක් ද,
39. සාටියගාහාපකො චෙව තථෙව පත්තගාහකො ආරාමික සාමණෙර පෙසකස්ස ච සම්මුති.
39. සාටියගාහාපකයෙක් ද එසේ ම පත්තගාහාපකයෙක් ද අනුදන්නා ලදහ. ආරාමිකපේසක සම්මතිය ද සාමණේරපෙසක සම්මතිය ද අනුදන්නා ලදහ.
40. සබ්බාභිභූ ලොකවිදූ හිතචිත්තො විනායකො ලෙණත්ථං ච සුඛත්ථං ච, ඣායිතුං ච විපස්සිතුන්ති.
40. සියල්ල මැඩැලූ ලොව තතු දන්නා ඉතසිත් ඇති විනායකයන් වහන්සේ විවේකවාසය පිණිස ද සුව පහසු පිණිස ද ධ්‍යාන වඩන්නට ද විවසුන් වඩන්නට ද සෙනසුන් අනුදත් සේක.