යෙදුමෙන් කියවන්න

ඛුද‍්දකවත්‍ථුක‍්ඛන්‍ධකං

5.

5.

ඛුද‍්දකවත්‍ථුක‍්ඛන්‍ධකං

ඛුද්දකවත්‍ථුක්ඛන්‍ධකය

ඛුද‍්දකවත්‍ථූනි

ක්‍ෂුද්‍රකවස්තු

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නහායමානා රුක‍්ඛෙ කායං උග‍්ඝංසෙන‍්ති ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පි. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා නහායමානා රුක‍්ඛෙ කායං උග‍්ඝංසෙස‍්සන‍්ති, ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පි, සෙය්‍යථාපි මල‍්ලමුට‍්ඨිකා ගාමපොද‍්දවාති? අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි: සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නහායමානා රුක‍්ඛෙ කායං උග‍්ඝංසෙන‍්ති ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා, “අනනුච‍්ඡවිකං භික‍්ඛවෙ තෙසං මොඝපුරිසානං අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා නහායමානා රුක‍්ඛෙ කායං උග‍්ඝංසෙස‍්සන‍්ති ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පි. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය. අථ ඛ‍්වෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායාති. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි සවග මහණහු ස්නානය කරන්නාහු කලවා ද අත්දඬු ද ළය ද පිට දැ යි ශරීරාවයව රුකෙහි උළත්. මිනිස්සු ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික මහණහු ස්නානය කරන්නාහු මල්ල පොරකාරයන් සේ, සම පැහැපත් කරන නුවරුන් සේ කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ’ යි ලාමක කොට සිතත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. මහණහු ලාමක කොට සිතන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසංඝයා එක්රැස් කරවා ‘මහණෙනි, සවග මහණහු නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ යි පුවත සත්‍ය දැ යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ’යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ ක්‍රියාව මහණුනට නො නිසි ය, මහණුනට නො අනුලොම් ය, මහණුනට නො සුදුසු ය, අශ්‍රාමණක ය, මහණුනට නො කැප ය, මහණුන් විසින් නො කළ යුත්තෙක. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් රුකෙහි උළත් ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩෙනු පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පහන් වූවන් ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු සමහර දෙනාගේ වෙනස් බව පිණිසද පවතී” යැ යි නොයෙක් ලෙසින් ගැරැහු සේක. නොයෙක් ලෙසින් ගරහා, දැහැමි කතා කොට, මහණුන් අමතා,

“න භික‍්ඛවෙ, නහායමානෙන භික‍්ඛුනා රුක‍්ඛෙ කායො උග‍්ඝංසෙතබ‍්බො. යො උග‍්ඝංසෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සාති.”

“මහණෙනි, නාන්නා වූ මහණහු විසින් රුකෙහි ඇඟ නො ඉළියයුතු ය. යම් මහණෙක් ඇඟ (රුකෙහි) උළන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

2. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නහායමානා ථම‍්භෙ කායං උග‍්ඝංසෙන‍්ති ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පි. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා නහායමානා ථම‍්භෙ කායං උග‍්ඝංසෙස‍්සන‍්ති ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පි, සෙය්‍යථාපි මල‍්ලමුට‍්ඨිකා ගාමමොද‍්දවා’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තා නං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. ‘සච‍්චං කිර භික‍්ඛවෙ -පෙ- ‘සච‍්චං භගවා’ විගරහි බුද‍්ධො භගවා -පෙ- විගරහිත්‍වා -පෙ- ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

2. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද යන ශරීරාවයව ටැඹෙහි උළත්. ‘ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන් සම පැහැ ගන්වන නියැරියන් මෙන් කෙසේ නම් ටැඹෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භික්‍ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළාහ. “මහණෙනි ... සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබෑ යැ’ යි භික්‍ෂුහු පැවැසූහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් කරුණු දක්වා ගැරැහු සේක. නොයෙක් කරුණු දක්වා ගරහා දැහැමි කථා කොට, මහණුන් අමතා,

“න භික‍්ඛවෙ නහායමානෙන භික‍්ඛුනා ථම‍්භෙ කායො උග‍්ඝංසෙතබ‍්බො. යො උග‍්ඝංසෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් ටැඹෙහි ඇඟ නො ඉළියැයුතු. යම් මහණෙක් ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

3. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නහායමානා කුඩ‍්ඩෙ කායං උග‍්ඝංසෙන‍්ති ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පි. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා නහායමානා කුඩ‍්ඩෙ කායං උග‍්ඝංසෙස‍්සන‍්ති ඌරුම‍්පි බාහුම‍්පි උරම‍්පි පිට‍්ඨිම‍්පි, සෙය්‍යථාපි මල‍්ලමුට‍්ඨිකා ගාමමොද‍්දවාති -පෙ- විගරහි බුද‍්ධො භගවා -පෙ- විගරහිත්‍වා ධම‍්මං කථං කත්‍වා භික‍්ඛු ආමන‍්තෙසි:

3. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද බිත්තියෙහි උළත්. ‘ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන්, සම පැහැ ගන්වන නියැරියන් මෙන්, කෙසේ නම් බිත්තියෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් කරුණින් ගැරැහු සේක. ... නොයෙක් කරුණින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් අමතා,

“න භික‍්ඛවෙ නහායමානෙන භික‍්ඛුනා කුඩ‍්ඩෙ කායො උග‍්ඝංසෙතබ‍්බො. යො උග‍්ඝංසෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති.

“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් බිත්තියෙහි ඇඟ නො ඉළියැයුතු, යමෙක් (බිත්තියෙහි) ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

4. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අට‍්ඨානෙ. නහායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම -පෙ- පිට‍්ඨිම‍්පි ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛියන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. සච‍්චං කිර භික‍්ඛවෙ -පෙ- සච‍්චං භගවා. -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

4. එ සමයෙහි වනාහි සවග මහණහු අට්ඨානයෙහි (ගිහියන් සඳහා ඇඟ උළන පුවරු සිටුවා ඇති තොටුපලෙහි) ස්නානය කරත්. මිනිස්සු ... “කෙසේ නම් කාමභෝගී ගිහියන් මෙන් .... පිට ද උළත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබෑ ය වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් ලෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් අමතා,

“න භික‍්ඛවෙ අට‍්ඨානෙ නහායිතබ‍්බං. යො නහායෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, අට්ඨානයෙහි (ගිහියන් සඳහා පිළියෙල වැ ඇති තොටුපලෙහි) නො නෑ යුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

5. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ගන්‍ධබ‍්බහත්‍ථකෙන නහායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ-

5. එ සමයෙහි වනාහි සවග මහණහු ගඳැවු අතින් (නාන තොටැ තබා ඇති ලී මුවා අතින්) ඇඟ උළා නාත්. ‘කාමභෝගී ගිහියන් මෙන් නාති’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා,

“න භික‍්ඛවෙ ගන්‍ධබ‍්බහත්‍ථකෙන නහායිතබ‍්බං. යො නහායෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ගඳැවු අතින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

6. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුරුවින්‍දකසුත‍්තියා නහායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “සෙය්‍යථාපි ගිහී කාමභොගිනොති”. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

6. එ සමයෙහි වනාහි සවග මහණහු කිරිඳිහුයින් (කිරිඳිගල් සුණු ලහයෙන් අනා කළ ගුළි වැටියෙන්) ඇඟ උළා නාත් ...

“න භික‍්ඛවෙ කුරුවින්‍දකසුත‍්තියා නහායිතබ‍්බං යො නහායෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති.”

“මහණෙනි, කිරිඳිහුයින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක

7. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ විග‍්ගය‍්හ පරිකම‍්මං කාරාපෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

7. එ සමයෙහි වනාහි සවග මහණහු ඇඟින් ඇඟ ගටා පිරියම් කරවත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් මෙන් යැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ විග‍්ගය‍්හ පරිකම‍්මං කාරාපෙතබ‍්බං. යො කාරාපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති.”

“මහණෙනි, ඇඟින් ඇඟ ගටා පිරියම් නො කැරැවියයුතු. යමෙක් කැරැවූයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

8. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මල‍්ලකෙන නහායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ-

8. එ සමයෙහි වනාහි සවග මහණහු මල්ලකයෙන් (මුවර දත් සිඳ කෙමියක් මෙන් තැනූ උපකරණයෙන්) ඇඟ උළා නාත්, ‘කාමභෝගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...

“න භික‍්ඛවෙ මල‍්ලකෙන නහායිතබ‍්බං. යො නහායෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති.”

“මහණෙනි, මල්ලකයෙන් ඇඟ උළා නො නෑ යුතු, යමෙක් නෑයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

9. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො කච‍්ඡුරොගාබාධො හොති. න තස‍්ස විනා මල‍්ලකෙන ඵාසු හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

9. එ සමයෙහි වනාහි එක්තරා මහණකුට ඇඟ කසන ලෙඩක් වෙයි. ඔහුට මල්ලකයක් නැති වැ පහසුවෙක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ ගිලානස‍්ස අකතමල‍්ලකං”ති.

“මහණෙනි, ගිලන් මහණහට අකතමල්ලකය (දත් නොසිඳ කළ මල්ලකය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

10. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ජරාදුබ‍්බලො නහායමානො න සක‍්කොති අත‍්තනො කායං උග‍්ඝංසෙතුං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

10. එ සමයෙහි වනාහි ජරායෙන් දුර්‍වල වූ එක්තරා මහණෙක් නානුයේ තමාගේ ඇඟ උළා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ උක‍්කාසිකං”ති.

“මහණෙනි, රෙදි වැටියෙන් ඇඟ ඉළීම අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

11. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ පිට‍්ඨිපරිකම‍්මං කාතුං කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

11. එ සමයෙහි මහණහු පිට පිරියම් කරන්නට (එකක්හු අනෙකකු ලවා පිට උළවන්නට) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ පුථුපාණිකං”ති.

”මහණෙනි, පුථුපාණිකාව (ඔවුනොවුන් අතින් පිට ඉළීම) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

12-19. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වල‍්ලිකං, ධාරෙන‍්ති -පෙ- පාමඞ‍්ගං ධාරෙන‍්ති, -පෙ- කණ‍්ඨසුත‍්තකං ධාරෙන‍්ති -පෙ- කටිසුත‍්තකං ධාරෙන‍්ති, -පෙ- ඔවට‍්ටිකං ධාරෙන‍්ති, -පෙ- කෙයූරං ධාරෙන‍්ති, -පෙ- හත්‍ථාභරණං ධාරෙන‍්ති, -පෙ- අඞ‍්ගුලිමුද‍්දිකං ධාරෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං “සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වල‍්ලිකං ධාරෙන‍්ති. පාමඞ‍්ගං ධාරෙන‍්ති -පෙ- කණ‍්ඨසුත‍්තකං ධාරෙන‍්ති. -පෙ- කටිසුත‍්තකං ධාරෙන‍්ති. ඔවට‍්ටිකං ධාරෙන‍්ති -පෙ- කෙයූරං ධාරෙන‍්ති -පෙ- හත්‍ථාභරණං ධාරෙන‍්ති. -පෙ- අඞ‍්ගුලිමුද‍්දිකං ධාරෙන‍්තී”ති. ‘සච‍්චං භගවා’. -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

12-19. එ සමයෙහි වනාහි සවග මහණහු වල්ලිකා (මුතුවැල් ආදි කර්‍ණාභරණ) දරත් ... පමු (එල්බෙන නූල්) පළඳිත් ... ගෙල පළඳනා දරත් ... ඉඟපළඳනා දරත් ... වළලු දරත්... අඟු පළඳනා දරත් ... හස්තාභරණ දරත් ... ඇඟිලි මුදු දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කථා භික්‍ෂුහු ඇසූහ. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. ‘මහණෙනි, සවග මහණහු වල්ලිකා දරත් යනු සැබෑ ද ... පමු දරත් යනු සැබෑ ද ... ගෙලපළඳනා දරත් යනු සැබෑ ද ... ඉඟපළඳනා දරත් යනු සැබෑ ද ... වළලු දරත් යනු සැබෑ ද ... හස්තාභරණ දරත් යනු , සැබෑ ද ... ඇඟිලිමුදු දරත් යනු සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. සැබැව භාග්‍යවතුන් වහන්සැ’ යි ඒ මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් ගරහා, මහණුන් බණවා,

“න භික‍්ඛවෙ වල‍්ලිකා ධාරෙතබ‍්බා, න පාමඞ‍්ගො ධාරෙතබ‍්බො, න කණ‍්ඨසුත‍්තකං ධාරෙතබ‍්බං න කටිසුත‍්තකං ධාරෙතබ‍්බං. න ඔවට‍්ටිකං ධාරෙතබ‍්බං. න කෙයූරං ධාරෙතබ‍්බං න හත්‍ථාභරණං ධාරෙතබ‍්බං. න අඞ‍්ගුලිමුද‍්දිකා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සාති.”

“මහණෙනි, වල්ලිකා නො දැරියයුතු පමු නො දැරියයුතු, ගෙල පලඳනා නො දැරියයුතු, ඉඟ පළඳනා නො දැරියයුතු, වළලු නො දැරියයුතු, ... හස්තාභරණ නො දැරියයුතු, ඇඟිලි මුදු නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

20. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දීඝෙ කෙසෙ ධාරෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

20. එ සමයෙහි වනාහි සවග මහණහු දික් කෙහෙ දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ ...

“න භික‍්ඛවෙ දීඝා කෙසා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ දුමාසිකං වා දුවඞ‍්ගුලකං වා”ති.

“මහණෙනි, දික් කෙස් නො දැරියයුතු. යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දෙමසක් හෝ දෑඟුලක් දික් වූ හෝ කෙහෙ දරනුවට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

21-25. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කොච‍්ඡෙන කෙසෙ ඔසණෙහන‍්ති. -පෙ- ඵණකෙන කෙසෙ ඔසණෙහන‍්ති. -පෙ- හත්‍ථඵණකෙන කෙසෙ ඔසණෙහන‍්ති. -පෙ- සිත්‍ථතෙලකෙන කෙසෙ ඔසණෙහන‍්ති. උදකතෙලකෙන කෙසෙ ඔසණෙහන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

21-25. එ සමයෙහි වනාහි සවග මහණහු කොස්සෙන් (බුරුසුවෙන්) කෙස් පීරත් ... පණගායෙන් කෙස් පීරත් ... අත් පණගායෙන් කෙස් පීරත් ...... ඉටිතෙලින් කෙස් මටසිලුටු කොට තබත් ... දිය මුසු තෙලින් කෙස් මටසිලිටි කෙරෙත් ‘කාමභෝගී ගිහියන් මෙනැ’ මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....

“න භික‍්ඛවෙ කොච‍්ඡෙන කෙසා ඔසණ‍්හෙතබ‍්බා. න ඵණකෙන කෙසා ඔසණ‍්හෙතබ‍්බා. න හත්‍ථඵණකෙන කෙසා ඔසණ‍්හෙතබ‍්බා. න සිත්‍ථතෙලකෙන කෙසා ඔසණ‍්හෙතබ‍්බා. න උදකතෙලකෙන කෙසා ඔසණ‍්හෙතබ‍්බා. යො ඔසණ‍්හෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති.”

“මහණෙනි, කොස්සෙන් කෙහෙ නො පීරියයුතු, පණයායෙන් හිස නො පීරියයුතු, අත් පණායෙන් හිස නො පීරියයුතු. ඉටිතෙලෙන් හිස කෙහෙ මට සිලිටි නො කළ යුතු, දිය මුසු තෙලින් හිස කෙහෙ මට සිලිටි නො කළයුතු. යමෙක් මට සිලිටි කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

26. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ආදාසෙ’පි උදකපත‍්තෙ’පි මුඛනිමිත‍්තං ඔලොකෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

26. එ සමයෙහි වනාහි සවග මහණහු කැටපතෙහි ද දිය බඳුනෙහි ද මුහුණැ සටහන බලත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...

“න භික‍්ඛවෙ ආදාසෙ වා උදකපත‍්තෙ වා මුඛනිමිත‍්තං ඔලොකෙතබ‍්බං. යො ඔලොකෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති.

“මහණෙනි, කැට පතෙහි හෝ දිය බඳුනෙහි හෝ මුහුණ සටහන නො බැලිය යුතු, යමෙක් බැලුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

27. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො මුඛෙ වණො හොති. සො භික‍්ඛූ පුච‍්ඡි ‘කීදිසො මෙ ආවුසො වණො’ති. භික‍්ඛූ එවමාහංසු ‘ඊදිසො තෙ ආවුසො වණො’ති. සො න සද‍්දහති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

27. එ සමයෙහි වනාහි එක්තරා මහණකු ගේ මුහුණෙහි වණයෙක් වෙයි. ‘ඇවැත්නි, මගේ වණය කෙබඳු එකෙක් දැ’ යි මහණුන් විචාළේ ය. ‘ඇවැත්නි, තොපගේ වණය මෙ බඳු එකෙකැ’ යි ඒ මහණහු කීහ. හේ එය නො අදහයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.

“අනුජානාමි භික‍්ඛවෙ ආබාධප‍්පච‍්චයා ආදාසෙ වා උදකපත‍්තෙ වා මුඛනිමිත‍්තං ඔලොකෙතුන‍්ති.”

“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයෙන් (ආබාධයක් ඇති කල්හි) කැටපතෙහි හෝ දියබඳුනෙහි හෝ මුහුණ සටහන බලන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ අනුදත් සේක.

28. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මුඛං ආලිම‍්පන‍්ති, -පෙ- මුඛං උම‍්මද‍්දෙන‍්ති, මුඛං චුණ‍්ණෙන‍්ති, මනොසිලිකාය මුඛං ලඤ‍්ඡෙන‍්ති, අඞ‍්ගරාගං කරොන‍්ති, මුඛරාගං කරොන‍්ති, අඞ‍්ගරාගමුඛරාගං කරොන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

28. එ සමයෙහි වනාහි සවග මහණහු මුහුණ ආලිප්ත කෙරෙත් (අලෙවු දෙත්), මුහුණු උන්මාර්ජනය කරත් (දියමුසු පිටි මුහුණ උළත්.) ඇඟ පැහැ ගන්වත්. මුහුණ වත්සුණුයෙන් තවරත් මනොසිලායෙන් (තිලක දීම් ආදි විසින්) මුහුණ ලකුණු කෙරෙත්, ඇඟ පැහැ ගන්වත්, මුහුණ පැහැ ගන්වත්, ඇඟ ද මුහුණ ද පැහැ ගන්වත්. “මොහු කාමභෝගී ගිහීන් බඳුහ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...

“න භික‍්ඛවෙ මුඛං ආලිම‍්පිතබ‍්බං, න මුඛං උම‍්මද‍්දිතබ‍්බං, න මුඛං චුණ‍්ණෙතබ‍්බං, න මනොසිලිකාය මුඛං ලඤ‍්ඡෙතබ‍්බං, න අඞ‍්ගරාගො කාතබ‍්බො, න මුඛරාගො කාතබ‍්බො, න අඞ‍්ගරාගමුඛරාගො කාතබ‍්බො. යො කරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, මුහුණ ආලිප්ත නො කළයුතු. මුහුණ උන්මාර්ජිත නො කළයුතු, මුහුණ වත්සුණුයෙන් නො තැවරියයුතු, මනොසිලායෙන් මුහුණ ලකුණු නො කළයුතු, ඇඟ පැහැ නො ගැන්වියයුතු, මුහුණ පැහැ නො ගැන්වියයුතු, ඇඟ ද මුහුණ ද පැහැ නො ගැන්වියයුතු, යමෙක් එය කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

29. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො චක‍්ඛුරොගාබාධො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

29. එක් සමයෙක්හි එක්තරා මහණකුට ඇසැ ලෙඩෙක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ ආබාධප‍්පච‍්චයා මුඛං ආලිම‍්පිතුන‍්ති.”

“මහණෙනි, ආබාධප්‍රත්‍යයෙන් (ලෙඩක් ඇති කලැ එයට පිළියම් වශයෙන්) මුහුණ ආලිප්ත කරන්නට (මුහුණ බේත් ගාන්නට) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

30. තෙන ඛො පන සමයෙන රාජගහෙ ගිරග‍්ගසමජ‍්ජොහොති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ගිරග‍්ගසමජ‍්ජං දස‍්සනාය අගමංසු. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා නච‍්චම‍්පි ගීතම‍්පි වාදිතම‍්පි දස‍්සනාය ගච‍්ඡිස‍්සන‍්ති, සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

30. එ සමයෙහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජය (හෙල් මුදුන්හි පැවැත්වෙන උළෙලෙක්) වෙයි. සවග මහණහු ගිරග්ගසමජ්ජය දකිනු පිණිස ගියාහ. “ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් සේ කෙසේ නම් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස යන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. …

“න භික‍්ඛවෙ නච‍්චං වා ගීතං වා වාදිතං වා දස‍්සනාය ගන‍්තබ‍්බං. යො ගච‍්ඡෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දක්නා පිණිස නො යායුතු. යමෙක් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

31. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මං ගායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘යථෙව මයං ගායාම, එවමෙවිමෙ සමණා සක්‍යපුත‍්තියා ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මං ගායන‍්තී’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මං ගායිස‍්සන‍්තී’ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. සච‍්චං කිර භික‍්ඛවෙ -පෙ- සච‍්චං භගවාති -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

31. එ සමයෙහි වනාහි සවග මහණහු දික් වූ ගී හඬින් දහම් ගයත්, “යම්සේ අපි ගයමෝ ද, එසේ ම මේ ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ දික් වූ ගී හඬින් දහම් ගයති”යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචනය භික්‍ෂුහු ඇසූහ. අල්පෙච්ඡ වූ, ලත් පමණින් සතුටු වූ, ලජ්ජා ඇති, කුකුස් කරන ශික්‍ෂාකාමී වූ, යම් , මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් සවග මහණහු දික් වූ ගීහඬින් දහම් ගයන්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... ‘මහණෙනි, සැබෑ දැ’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබැව වහන්සැ” යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ විවිධ කාරණයෙන් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,

“පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආදීනවා ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මං ගායන‍්තස‍්ස: අත‍්තා පි තස‍්මිං සරෙ සාරජ‍්ජති, පරෙ පි තස‍්මිං සරෙ සාරජ‍්ජන‍්ති, ගහපතිකා පි උජ‍්ඣායන‍්ති, සරකත‍්තිම‍්පි නිකාමයමානස‍්ස සමාධිස‍්ස භඞ‍්ගො හොති. පච‍්ඡිමා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මං ගායන‍්තස‍්ස. න භික‍්ඛවෙ ආයතකෙන ගීතස‍්සරෙන ධම‍්මො ගායිතබ‍්බො. යො ගායෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, දික් වූ ගීහඬින් දහම් ගයන්නහුගේ (ඒ ගැයීමෙහි) මේ ආදීනව පසෙකි: තෙමේත් ඒ හඬෙහි ඇලෙයි, අන්හු ද ඒ හඬෙහි ඇලෙත්, ගැහැවියෝ ද ලාමක කොට සිතත්, ස්වර ක්‍රියාව (හඬ නැංවීම) පතන මහණහුගේ චිත්ත සමාධිය බිඳී යෙයි, පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයියයුතු. යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සරභඤ‍්ඤෙ කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ සරභඤ‍්ඤන‍්ති.”

එ සමයෙහි වනාහි මහණහු ස්වරභණ්‍යයෙහි (තරංගවෘත්තාදි වෘත්තවලට අනුව කීමෙහි) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ස්වරභණ්‍යය අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

32. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ බාහිරලොමිං උණ‍්ණිං ධාරෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ-

32. එසමයෙහි වනාහි සවග මහණහු ලොම් පිටතට ඇති පොරෝනාවක් දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ බාහිරලොමි උණ‍්ණි ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ලොම් පිටතට ඇති පොරෝනා, නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

33. තෙන ඛො පන සමයෙන රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස ආරාමෙ අම‍්බා ඵලිනො හොන‍්ති. රඤ‍්ඤා මාගධෙන සෙනියෙන බිම‍්බිසාරෙන අනුඤ‍්ඤාතං හොති ‘යථාසුඛං අය්‍යා අම‍්බං පරිභුඤ‍්ජන‍්තූ’ති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තරුණඤ‍්චෙව අම‍්බං පාතාපෙත්‍වා පරිභුඤ‍්ජිංසු. රඤ‍්ඤො ච මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස අම‍්බෙන අත්‍ථො හොති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො මනුස‍්සෙ ආණාපෙසි ‘ගච‍්ඡථ භණෙ ආරාමං, ගන‍්ත්‍වා අම‍්බං ආහරථා’ති . ‘එවං දෙවා’ති ඛො තෙ මනුස‍්සා රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පටිස‍්සුත්‍වා ආරාමං ගන‍්ත්‍වා ආරාමපාලං එතදවොචුං ‘දෙවස‍්ස භණෙ අම‍්බෙන අත්‍ථො අම‍්බං දෙථා’ති. ‘නත්‍ථාය්‍යා අම‍්බං. තරුණං යෙව අම‍්බං පාතාපෙත්‍වා භික‍්ඛූ පරිභුඤ‍්ජිංසූ’ති.

33. ඒ සමයෙහි වනාහි මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජුගේ අඹ රුක්හු පල දරන්නෝ වෙත්. මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජු විසින් “පහසු සේ ආර්‍ය්‍යයෝ අඹ වළඳත්වා” යි අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු ළා අඹ (අඹ ගැට) ද නෙළවා කෑහ. ඒ මගධාධිපති සේනික බිම්බිසාර රජුට ද අඹ වුවමනා වෙයි. එ කල්හි මගධේශ්වර සේනික බිම්බිසාර රජ මිනිසුන් බණවා “සගයෙනි, අරමට යවු. ගොස් අඹ ගෙනෙවු” යැ යි ඇණැවී ය. “දේවයන් වහන්ස, එසේ යැ” යි කියා ඒ මිනිස්සු මගධාධිපති සේනික බිම්බිසාර, රජුට පිළිවදන් දී අරමට ගොස්, අරම්පල්ලන් බණවා “සගයෙනි, දේවයන් වහන්සේට අඹ වුවමනා යැ. අඹ දෙවු යැ” යි කීහ. “ආර්‍ය්‍යයෙනි, අඹ නැත. භික්‍ෂුහු ළා වූ ම අඹ නෙළවා වැළඳුහ” යි අරම්පල්ලෝ කීහ.

අථ ඛො තෙ මනුස‍්සා රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස එතමත්‍ථං ආරොචෙසුං. “සුපරිභූත‍්තං භණෙ අය්‍යෙහි අම‍්බං. අපි ච භගවතා මත‍්තා වණ‍්ණිතා’ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා න මත‍්තං ජානිත්‍වා රඤ‍්ඤො අම‍්බං පරිභුඤ‍්ජිස‍්සන‍්තී’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

ඉක්බිති ඒ මිනිස්සු මගධාධිපති සේනිය බිම්බිසාර රජුට මෙ පවත් සැලකළාහ. “සගයෙනි, ආර්‍ය්‍යයන් විසින් අඹ මොනවට වළඳන ලද්දේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් පමණ දැනීම වණන ලද්දේ යැ” යි රජ කී ය. මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පමණ නො දැන රජුගේ අඹ වළඳන්නාහු ද? යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්‍ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ අම‍්බං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, අඹ නො වැළඳියයුතු, යමෙක් වළඳන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

34. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස පූගස‍්ස සඞ‍්ඝභත‍්තං හොති. සූපෙ අම‍්බපෙසිකායො පක‍්ඛිත‍්තා හොන‍්ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පටිගණ‍්හන‍්ති.

34. එ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක (සමූහයකගේ) සඟ බතෙක් වෙයි. සූපයෙහි (හොද්දෙහි) අඹ පෙති දමන ලදුයේ වෙයි. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්.

“පටිගණ‍්හාථ භික‍්ඛවෙ පරිභුඤ‍්ජථ. අනුජානාමි භික‍්ඛවෙ අම‍්බපෙසිකන‍්ති.”

“මහණෙනි, පිළිගනිවු, වළඳවු, මහණෙනි, අඹ පෙති අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස පූගස‍්ස සඞ‍්ඝභත‍්තං හොති. තෙ න පරියාපුණිංසු අම‍්බපෙසිකං කාතුං. භත‍්තග‍්ගෙ සකලෙහෙව අම‍්බෙහි චරන‍්ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පටිගණ‍්හන‍්ති.

එ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක සඟබතෙක් වෙයි. ඔහු අඹ පෙති කරන්නට පුහුණු නො කළාහ. බොජුන් හලෙහි සම්පුර්ණ වූ අඹ වලින් යුක්ත වැ (අඹ) අතින් ගෙන හැසිරෙත්. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නොපිළිගනිත්.

“පටිගණ‍්හාථ භික‍්ඛවෙ පරිභුඤ‍්ජථ. අනුජානාමි භික‍්ඛවෙ පඤ‍්චහි සමණකප‍්පෙහි ඵලං පරිභුඤ‍්ජිතුං, අග‍්ගිපරිචිතං, සත්‍ථපරිචිතං, නඛපරිචිතං, අබීජං, නිබ‍්බට‍්ටබීජඤ‍්ඤෙව පඤ‍්චමං. අනුජානාමි භික‍්ඛවෙ ඉමෙහි පඤ‍්චහි සමණකප‍්පෙහි ඵලං පරිභුඤ‍්ජිතුන‍්ති.”

“මහණෙනි, පිළිගනිවු, වළඳවු. මහණුනට කැප වූ කරුණු පසෙකින් ඵල වළඳන්නට අනුදනිමි. අග්නි පරිවිතය (ගින්නෙන් රත් කරන ලද) ශස්ත්‍ර පරිවිතය (ආයුධයෙකින් කපන ලද), නඛපරිචිතය (නියෙන් සිඳින ලද), අබීජය (බීජ නැති ඵලය), පස්වනු නිබ්බට්ට බීජය (ඉවත් කරන ලද ඇට ඇති ඵලය) යනු ඒ පස් වැදෑරුම් කැප ඵල ය. මහණෙනි, කැප වූ මේ පස් කරුණින් මහණුනට කැප වූ ඵල වළඳන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

35. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අහිනා දට‍්ඨො කාලකතො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. නහ නූන සො භික‍්ඛවෙ භික‍්ඛු ඉමානි චත‍්තාරි අහිරාජකුලානි මෙත‍්තෙන චිත‍්තෙන ඵරි. සචෙ හි සො භික‍්ඛවෙ, භික‍්ඛු ඉමානි චත‍්තාරි අහිරාජකුලානි මෙත‍්තෙන චිත‍්තෙන ඵරෙය්‍ය, න හි සො භික‍්ඛවෙ භික‍්ඛු අහිනා දට‍්ඨො කාලං කරෙය්‍ය. කතමානි චත‍්තාරි අහිරාජකුලානි: විරූපක‍්ඛං අහිරාජකුලං, එරාපථං අහිරාජකුලං, ඡබ්‍යාපුත‍්තං අහිරාජකුලං, කණ‍්හාගොතමකං අහිරාජකුලං, නහ නූන සො භික‍්ඛවෙ භික‍්ඛු ඉමානි චත‍්තාරි අහිරාජකුලානි මෙත‍්තෙන චිත‍්තෙන ඵරි. සචෙ හි සො භික‍්ඛවෙ භික‍්ඛු ඉමානි චත‍්තාරි අහිරාජකුලානි මෙත‍්තෙන චිත‍්තෙන ඵරෙය්‍ය, න හි සො භික‍්ඛවෙ භික‍්ඛු අහිනා දට‍්ඨො කාලං කරෙය්‍ය. අනුජානාමි භික‍්ඛවෙ ඉමානි චත‍්තාරි අහිරාජකුලානි මෙත‍්තෙන චිත‍්තෙන ඵරිතුං, අත‍්තගුත‍්තියා අත‍්තරක‍්ඛාය අත‍්තපරිත‍්තං කාතුං. එවඤ‍්ච පන භික‍්ඛවෙ කාතබ‍්බං:

35. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍පයකු විසින් ඩසිනා ලද්දේ කලුරිය කෙළේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ඒ මහණ මේ සතර සර්‍ප රාජකුලයන් මෙත් සිතින් නො ම පැතිර වි ය. මහණෙනි, ඉදින් ඒ මහණ තෙම මේ සතර සර්පරාජකුලයන් මෙත් සිතින් පැතිර වූයේ වී නම්, මහණෙනි, ඒ මහණ සර්‍පයකු විසින් ඩසින ලදු ව කලුරිය නො කරන්නේ ම ය. කවර සතර සර්‍පරාජ කුලයෝ ද යත්; විරූපාක්‍ෂ සර්‍පරාජ කුලය, ඒරාපථ සර්‍පරාජ කුලය, ඡබ්‍යාපුත්ත සර්‍පරාජ කුලය, කණ්හාගෝතමක සර්‍පරාජ කුලය යන සතර ය. මහණෙනි, ඒ මහණ මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් නො ම පැතිර විය. මහණෙනි, ඉදින් ඒ මහණ මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් පැතිරවූයේ වී නම්, සර්‍පයකු විසින් ඩසින ලදු ව නො ම කලුරිය කරන්නේ ය. මහණෙනි, ආත්මගුප්තිය පිණිස, ආත්මාරක්‍ෂාව පිණිස, තමාට ආරක්‍ෂාව සලසාගන්නට මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් පතුරු වන්නට (සතර සර්පරාජකුලයනට මෙත් වඩන්නට) අනුදනිමි. මහණෙනි, එය වූ කලී මෙසේ කළයුතු:

“විරූපක‍්ඛෙහි මෙ මෙත‍්තං මෙත‍්තං එරාපථෙහි මෙ ඡබ්‍යාපුත‍්තෙහි මෙ මෙත‍්තං මෙත‍්තං කණ‍්හාගොතමකෙහි ච

“විරූපාක්‍ෂ කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. ඒරාපථ කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. ඡබ්‍යාපුත්ත කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. කණ්හාගෝතමක කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා.

අපාදකෙහි මෙ මෙත‍්තං මෙත‍්තං දිපාදකෙහි මෙ චතුප‍්පදෙහි මෙ මෙත‍්තං මෙත‍්තං බහුප‍්පදෙහි මෙ

අපා සතුන් හා මගේ මෙත් සිත වේවා, දෙපා සතුන් හා මගේ මෙත් සිත වේවා, සිවුපා සතුන් හා මගේ මෙත් සිත වේවා, බුහුපා සතුන් හා මගේ මෙත් සිත වේවා.

මා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො මා මං චතුප‍්පදො හිංසි මා මං හිංසි බහුප‍්පදො

අපා සතෙක් මා නො පෙළාවා, දෙපා සතෙක් මා නො පෙළාවා, සිවුපා සතෙක් මා නො පෙළාවා, බුහුපා සතෙක් මා නො පෙළාවා.

සබ‍්බෙ සත‍්තා සබ‍්බෙ පාණා සබ‍්බෙ භූතා ච කෙවලා සබ‍්බෙ භද්‍රානි පස‍්සන‍්තු මා කඤ‍්චි පාපමාගමා

සියලු සත්තු, සියලු පණ ඇත්තෝ, සියලු භූතයෝ, මේ සියල්ලෝ යහපත් දෑ ම දකිත්වා. කිසිවකු ද කරා දුකෙක් නො ඒවා.

අප‍්පමාණො බුද‍්ධො අප‍්පමාණො ධම‍්මො අප‍්පමාණො සඞ‍්ඝො

බුදුරජ තෙම අප්‍රමාණය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), ධර්‍මය අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සඞ්ඝයා අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සරීසෘපයෝ (සර්‍පයෝ) ප්‍රමාණවත්හ.

පමාණවන‍්තානි සිරිංසපානි අහි විච‍්ඡිකා සතපදී උණ‍්ණනාභි

සර්‍පයෝ ය, ගෝනුසුවෝ ය, පත්තෑයෝ ය, දිවිමකුළුවෝ ය, සිකනල්ලු ය, සුහුනෝ ය, මීයෝ ය යන මොහු ප්‍රමාණවත්හ.

සරබූ මූසිකා කතා මෙ රක‍්ඛා කතා මෙ පරිත‍්තා පටික‍්කමන‍්තු භූතානි

මා විසින් ආරක්‍ෂාව කරන ලද්දේ ය, මා විසින් පරිත්‍රාණය කරන ලද්දේ ය. භූතයෝ පෙරළා යෙත්වා.

සො’හං නමො භගවතො නමො සත‍්තන‍්නං සම‍්මාසම‍්බුද‍්ධානන‍්ති.”

ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි, (විපස්සී ආදි) සත් සම්මාසම්බුදුරදුනට නමස්කාර කරමි”</b> යනු යි.

36. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අනභිරතියා පීළිතො අත‍්තනො අඞ‍්ගජාතං ඡින්‍දි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අඤ‍්ඤම‍්හි සො භික‍්ඛවෙ මොඝපුරිසො ඡෙත‍්තබ‍්බම‍්හි, අඤ‍්ඤං ඡින්‍දි.

36. එ සමයෙහි වනාහි එක් මහණෙක් අනභිරතියෙන් (මහණ දම් පිරීමෙහි නො ඇල්මෙන්) පෙළුණේ තමාගේ පුරුෂ නිමිත්තය සිඳගැලී ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඒ හිස් පුරුෂයා අනෙකක් සින්ද යුතු කල්හි වෙන එකක් ම සින්දේ ය.”

න භික‍්ඛවෙ අත‍්තනො අඞ‍්ගජාතං ඡෙතබ‍්බං. යො ඡින්‍දෙය්‍ය ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සාති.”

මහණෙනි, තමාගේ පුරුෂ නිමිත්ත නො සින්දයුතු. යමෙක් සින්දේ වී නම්, ඔහුට තුලැසි ඇවැත් වන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

37. තෙන ඛො පන සමයෙන රාජගහකස‍්ස සෙට‍්ඨිස‍්ස මහග‍්ඝස‍්ස චන්‍දනස‍්ස චන්‍දනගණ‍්ඨි උප‍්පන‍්නා හොති. අථ ඛො රාජගහකස‍්ස සෙට‍්ඨිස‍්ස එතදහොසි: ‘යන‍්නූනාහං ඉමාය චන්‍දනගණ‍්ඨියා පත‍්තං ලිඛාපෙය්‍යං, ලෙඛඤ‍්ච මෙ පරිභොගං භවිස‍්සති, පත‍්තං ච දානං, දස‍්සාමී’ති. අථ ඛො රාජගහකො සෙට‍්ඨි තාය චන්‍දනගණ‍්ඨියා පත‍්තං ලිඛාපෙත්‍වා සික‍්කාය වාහිත්‍වා වෙළග‍්ගෙ ආලග‍්ගෙත්‍වා වෙළුපරම‍්පරාය බන්‍ධිත්‍වා එවමාහ: ‘යො සමණො වා බ්‍රාහ‍්මණො වා අරහා චෙව ඉද‍්ධිමා ච දින‍්නං යෙව පත‍්තං ඔහරතූ’ති.

37. එ සමයෙහි වනාහි රජගහ නුවර සිටුහට මහඟු සඳුන් හරයෙකින් නිපන් සඳුන් ගැටයෙක් ලැබුණේ වෙයි. ඉක්බිති රජ ගහ නුවර සිටුහට ‘මේ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියැවීම් නම් ඉතා යෙහෙක. ලියැවීමේ දී නිපන් සඳුන් සුණු ද මගේ පරිභෝග වස්තුවෙක් වන්නේ ය. පාත්‍රය ද දාන වස්තුවක් කොට දෙන්නෙමි’ යි මේ සිත විය. ඉක්බිති රජගහ නුවර සිටු තෙම ඒ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියවා, සාල්ලෙක තබා හුණ ගසෙක අගැ එල්වා එය හුණ දඬු පරපුරෙක (හුණගසෙන් හුණගස බද්ධ කොට හුණගස් කිහිපයක් එකට ඈඳා තැනු ගසෙක) “බැඳ යමෙක් රහත් ද ඍද්ධිමත් ද වේ නම් ඔහුට මේ පාත්‍රය දෙන ලද්දේ ය. හේ මෙය ගෙන බසී වා” යි. මෙසේ කීය.

අථ ඛො පූරණො කස‍්සපො යෙන රාජගහකො සෙට‍්ඨි තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා රාජගහකං සෙට‍්ඨිං එතදවොච: ‘අහං හි ගහපති, අරහා චෙව ඉද‍්ධිමා ච දෙහි මෙ පත‍්තන‍්ති. ‘සචෙ භන‍්තෙ ආයස‍්මා අරහා චෙව ඉද‍්ධිමා ච දින‍්නං යෙව පත‍්තං ඔහරතූ’ති.

එ කල්හි පූරණකාශ්‍යප රජගහ නුවර සිටුහු කරා එළැඹියේ ය. එළැඹ රජගහ නුවර සිටුහු බණවා, “ගෘහපතිය, මම් රහත් ද ඍද්ධිමත් ද වෙමි. මට පාත්‍රය දෙව” යි කීය. “වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත් ද ඍද්ධිමත් ද වූ සේක් නම් ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.

අථ ඛො මක‍්ඛලිගොසාලො අජිතො කෙසකම‍්බලො පකුධො කච‍්චායනො සඤ‍්ජයො බෙලට‍්ඨිපුත‍්තො නිගණ‍්ඨො නාතපුත‍්තො යෙන රාජගහකො සෙට‍්ඨි තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා රාජගහකං සෙට‍්ඨිං එතදවොච: ‘අහං හි, ගහපති අරහා චෙව ඉද‍්ධිමා ච, දෙහි මෙ පත‍්තන‍්ති’. ‘සචෙ භන‍්තෙ, ආයස‍්මා අරහා චෙව ඉද‍්ධිමා ච දින‍්නං යෙව පත‍්තං, ඔහරතූ’ති.

ඉක්බිත්තෙන් මක්ඛලිගෝසාල ද, කේසකම්බලී අජිත ද, පකුධ කච්චායන ද, සංජය බෙල්ලට්ඨිපුත්ත ද, නිගණ්ඨ නාතපුත්ත ද යන මොහු එකෙක් වෙන වෙනම රජගහ නුවර සිටු කරා එළැඹියහ. එළඹැ “ගෘහපතිය, මම් වූ කලි රහත් ද ඍද්ධිමත් ද වෙමි. පාත්‍රය මට දෙව” යි කී ය. “වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත්ද ඍද්ධිමත්ද වූ සේක් නම්, ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මා ච පිණ‍්ඩොලභාරද‍්වාජො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පවිසිංසු. අථ ඛො ආයස‍්මා පිණ‍්ඩොලභාරද‍්වාජො ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං එතදවොච: ‘ආයස‍්මා ඛො මහාමොග‍්ගල‍්ලානො අරහා චෙව ඉද‍්ධිමා ච ගච‍්ඡාවුසො මොග‍්ගල‍්ලාන, එතං පත‍්තං ඔහර, තුය‍්හෙසො පත‍්තො’ති. ‘ආයස‍්මාපි ඛො පිණ‍්ඩොලභාරද‍්වාජො අරහා චෙව ඉද‍්ධිමා ච. ගච‍්ඡාවුසො භාරද‍්වාජ, එතං පත‍්තං ඔහර. තුය‍්හෙසො පත‍්තො’ති. අථ ඛො ආයස‍්මා පිණ‍්ඩොලභාරද‍්වාජො වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා තං පත‍්තං ගහෙත්‍වා තික‍්ඛත‍්තුං රාජගහං අනුපරියායි.

එ සමයෙහි වූ කලී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ද යන දෙනම පෙරවරු යෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියාහ. එ කල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රහත් ද ඍද්ධිමත් ද වෙති. ඇවැත් මහමුගලන් තෙරුනි, වඩිනු මැනැව, තෙල පාත්‍රය ගෙන බසිනු මැනැව තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි කීහ. ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝත් රහත් ද ඍද්ධිමත් ද වෙති. “ඇවැත් භාරද්වාජයෙනි, වඩින්න, තෙල පාත්‍රය ගෙන බසින්න, තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ. එකල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ අහස් නැග ඒ පාත්‍රය ගෙන තුන් වරක් රජගහ නුවර සිසාරා වැඩියාහ.

තෙන ඛො පන සමයෙන රාජගහකො සෙට‍්ඨි සපුත‍්තදාරො සකෙ නිවෙසනෙ ඨිතො හොති පඤ‍්ජලිකො නමස‍්සමානො. ‘ඉධෙව භන‍්තෙ අය්‍යො භාරද‍්වාජො අම‍්හාකං නිවෙසනෙ පතිට‍්ඨාතූ’ති. අථ ඛො ආයස‍්මා පිණ‍්ඩොලභාරද‍්වාජො රාජගහකස‍්ස සෙට‍්ඨිස‍්ස නිවෙසනෙ පතිට‍්ඨාසි. අථ ඛො රාජගහකො සෙට‍්ඨි ආයස‍්මතො පිණ‍්ඩොලභාරද‍්වාජස‍්ස හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා මහග‍්ඝස‍්ස ඛාදනීයස‍්ස පූරෙත්‍වා ආයස‍්මතො පිණ‍්ඩොලභාරද‍්වාජස‍්ස පාදාසි. අථ ඛො ආයස‍්මා පිණ‍්ඩොලභාරද‍්වාජො තං පත‍්තං ගහෙත්‍වා ආරාමං අගමාසි. අස‍්සොසුං ඛො මනුස‍්සා ‘අය්‍යෙන කිර පිණ‍්ඩොලභාරද‍්වාජෙන රාජගහකස‍්ස සෙට‍්ඨිස‍්ස පත‍්තො ඔහාරිතො’ති. තෙ ච මනුස‍්සා උච‍්චාසද‍්දා මහාසද‍්දා ආයස‍්මන‍්තං පිණ‍්ඩොලභාරද‍්වාජං පිට‍්ඨිතො අනුබන්‍ධිංසු. අස‍්සොසි ඛො භගවා උච‍්චාසද‍්දං, මහාසද‍්දං, සුත්‍වාන ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: කින‍්නු ඛො සො ආනන්‍ද, උච‍්චාසද‍්දා මහාසද‍්දා’ති.

එ සමයෙහි වනාහි රජගහ නුවර සිටු තෙම අඹුදරුවන් සහිත වැ “වහන්ස, ආර්‍ය්‍ය වූ භාරද්වාජයන් වහන්සේ මෙහි ම අප ගේ නිවෙසෙහි පිහිටන සේක්වා” යි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කරනුයේ සිය ගෙහි සිටියේ වෙයි. ඉක්බිත්තෙන් ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ රජගහ නුවර සිටුහු ගේ ගෙහි පිහිටියාහ. එ කල්හි රජගහ නුවර සිටු තෙම ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් ගේ අතින් ඒ පාත්‍රය ගෙන මහඟු ඛාද්‍යයෙන් පුරා, උන්වහන්සේට ම එය පිළිගැන්වී ය. ඉක්බිති ආයුෂ්මත් පිණෙඩාලභාරද්වාජ තෙරණුවෝ ඒ පාත්‍රය ගෙන ආරාමයට වැඩි සේක. “ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද සේක් ලැ” යි මිනිස්සු ඇසූහ. ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් පිටුපසින් ඔබ අනුව ගියාහ. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උස්හඬ මහහඬ ඇසූ සේක. අසා ආයුෂ්මත් අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි. ඒ උස් හඬ මහහඬ කවරේ දැ” යි අසා වදාළ සේක.

‘ආයස‍්මතා භන‍්තෙ, පිණ‍්ඩොලභාරද‍්වාජෙන රාජගහකස‍්ස සෙට‍්ඨිස‍්ස පත‍්තො ඔහාරිතො, අස‍්සොසුං ඛො භන‍්තෙ, මනුස‍්සා අය්‍යෙන කිර පිණ‍්ඩොලභාරද‍්වාජෙන රාජගහකස‍්ස සෙට‍්ඨිස‍්ස පත‍්තො ඔහාරිතොති. තෙ ච භන‍්තෙ මනුස‍්සා උච‍්චාසද‍්දා මහාසද‍්දා ආයස‍්මන‍්තං පිණ‍්ඩොලභාරද‍්වාජං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබද‍්ධා. සො එසො භන‍්තෙ, භගවා, උච‍්චාසද‍්දො මහාසද‍්දො’ති.

වහන්ස ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ය. වහන්ස, මිනිස්සු ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ල යි මිනිස්සු ඇසූහ. වහන්ස, ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජයන් පසු පස්සෙන් ආවාහු වෙත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ ය මහහඬ යැයි අනඳ තෙරණුවෝ සැලකළාහ.

අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා ආයස‍්මන‍්තං පිණ‍්ඩොලභාරද‍්වාජං පටිපුච‍්ඡි ‘සච‍්චං කිර තයා භාරද‍්වාජ, රාජගහකස‍්ස සෙට‍්ඨිස‍්ස පත‍්තො ඔහාරිතො’ති.

එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණ යෙහි බික්සඟන රැස් කොට, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් බණවා “භාරද්වාජයෙනි, තොප විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය බාගෙනෙන ලද්දේ ල, ඒ සැබෑ දැ” යි අසා වදාළ සේක.

‘සච‍්චං භගවා’.

“සැබව, භාග්‍යවතුන් වහන්සැ” යි තෙරණුවෝ උත්තර දුන්හ.

විගරහි බුද‍්ධො භගවා, ‘අනනුච‍්ඡවිකං භාරද‍්වාජ අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං කථං හි නාම ත්‍වං භාරද‍්වාජ, ඡවස‍්ස දාරුපත‍්තස‍්ස කාරණා ගිහීනං උත‍්තරිමනුස‍්සධම‍්මං ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙස‍්සසි. සෙය්‍යථාපි භාරද‍්වාජ, මාතුගාමො ඡවස‍්ස මාසකරූපස‍්ස කාරණා කොපීනං දස‍්සෙති, එවමෙව ඛො තයා භාරද‍්වාජ, ඡවස‍්ස දාරුපත‍්තස‍්ස කාරණා ගිහීනං උත‍්තරිමනුස‍්සධම‍්මං ඉද‍්ධිපාටිහාරියං දස‍්සිතං. නෙතං භාරද‍්වාජ, අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා වා භිය්‍යොභාවාය. අථ ඛ‍්වෙතං භාරද‍්වාජ අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානං ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා’ති.

“භාරද්වාජයෙනි, නොනිසි දැයෙක, නොඅනුලොම් දැයෙක, නො සුදුසු දැයෙක, මහණුනට නො ගැළැපෙන දැයෙක, නො කැප දැයෙක, නොකටයුතු දැයෙක, භාරද්වාජයෙනි, කෙසේ නම් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ලී පාත්‍රයක් නිසා ගිහියනට උතුරු මිනිස් දමක් වූ ඉදුපෙළහර දැක්වූහු ද භාරද්වාජයෙනි, මාගමක් නොවටනා මස්සක් පමණවූ මිලයක් නිසා යම්සේ ස්වකීය කෞපීනය දක්වන්නී ද, භාරද්වාජයෙනි, එ පරිද්දෙන් ම තොප විසින් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ගිහියනට උතුරුමිනිස්දහමක් වූ ඉදුපෙළහර දක්වුනු ලද්දේ ය. භාරද්වාජයෙනි. මෙය නොපහන් අය ගේ පැහැදීම පිණිස ද පහනු අයගේ (පැහැදීම) බොහෝ වීම පිණිස ද නො වේ. භාරද්වාජයෙනි, වැලිදු මෙය නොපහන් අයගේ ද නො පැහැදීම පිණිස ද පහන් වූ ඇතැම් කෙනකු ගේ වෙනස් බව පිණිස ද වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ විවිධ කරුණු දක්වා ගැරැහු සේක.

විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

විවිධ කරුණින් ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා,

“න භික‍්ඛවෙ, ගිහීනං උත‍්තරිමනුස‍්සධම‍්මං ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙතබ‍්බං. යො දස‍්සෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. භින්‍දථෙතං භික‍්ඛවෙ, දාරුපත‍්තං. සකලිකං සකලිකං කත්‍වා භික‍්ඛූනං අඤ‍්ජනූපපිසනං දෙථ. න ච භික‍්ඛවෙ දාරුපත‍්තො ධාරෙතබ‍්බො යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ගිහීනට උතුරු මිනිස් දහමක් වූ ඉදුපෙළහර නො දැක්වියයුතු, යමෙක් දැක්වූයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තෙල ලී පාත්‍රය බිඳිවු, කැබැලි කැබැලි කොටැ භික්‍ෂූනට අඳුන් ගටනු පිණිස දෙවු. මහණෙනි, ලීමුවා පාත්‍රය නො දැරියයුතු යමෙක් දරන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ” යැ යි වදාළ සේක.

38. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචෙ පත‍්තෙ ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපියමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ-

38. එ සමයෙහි වනාහි සවග මහණහු රන්මුවා ද රිදී මුවා ද ලොකු කුඩා (නොයෙක් ප්‍රමාණයේ) පාත්‍ර දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, ගරහත්, නො ගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, සොවණ‍්ණමයො පත‍්තො ධාරෙතබ‍්බො, න රූපියමයො පත‍්තො ධාරෙතබ‍්බො, න වෙළුරියමයො පත‍්තො ධාරෙතබ‍්බො, න ඵලිකමයො පත‍්තො ධාරෙතබ‍්බො, න කංසමයො පත‍්තො ධාරෙතබ‍්බො, න කාචමයො පත‍්තො ධාරෙතබ‍්බො, න තිපුමයො පත‍්තො ධාරෙතබ‍්බො, න සීසමයො පත‍්තො ධාරෙතබ‍්බො, න තම‍්බලොහමයො පත‍්තො ධාරෙතබ‍්බො, යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ ද‍්වෙ පත‍්තෙ අයොපත‍්තං, මත‍්තිකාපත‍්තං”ති.

“මහණෙනි, රන්මුවා පාත්‍රය නො දැරියයුතු, රිදී මුවා පාත්‍රය නො දැරියයුතු, මිණිමුවා පාත්‍රය නො දැරියයුතු, වෙරළුමිණිමුවා පාත්‍රය නො දැරියයුතු, පළිඟුමුවා පාත්‍රය නො දැරියයුතු, කස්ලොහො මුවා පාත්‍රය නො දැරියයුතු, විදුරුමුවා පාත්‍රය නො දැරියයුතු, කළුඊයම්මුවා පාත්‍රය. නො දැරියයුතු, සුදුඊයම්මුවා පාත්‍රය නො දැරියයුතු, තඹලොහොමුවා පාත්‍රය නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යමුවා පාත්‍රය ද මැටිමුවා පාත්‍රය ද යන පාත්‍රදෙක අනුදනිමි” යි වදාළසේක.

39. තෙන ඛො පන සමයෙන පත‍්තමූලං ඝංසියති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

39. එ සමයෙහි පාත්‍රයේ මුල ගැටෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.

‘අනුජානාමි භික‍්ඛවෙ, පත‍්තමණ‍්ඩලන‍්ති.’

‘මහණෙනි, පාමඬුල්ලක් (පාත්‍ර අඩියක්) අනුදනිමි’ යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචානි පත‍්තමණ‍්ඩලානි ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපියමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

එ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ දැ යි උස් පහත් (නානාවිධ) පාමඬුලු දරත්, ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...

“න භික‍්ඛවෙ, උච‍්චාවචානි පත‍්තමණ‍්ඩලානි ධාරෙතබ‍්බානි. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, ද‍්වෙ පත‍්තමණ‍්ඩලානි තිපුමයං, සීසමයං”ති.

‘මහණෙනි උස්පහත් පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඊයම්මුවාද සුදු ඊයම්මුවා දැයි පාමඬුලු දෙකක් අනුදනිමි’ යි වදාළසේක.

බහලානි මණ‍්ඩලානි නාච‍්ඡුපියන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

ඝන වූ පාමඬුලු පාත්‍රයෙහි වැදගෙන නො සිටී. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, ලිඛිතු”න‍්ති.

‘මහණෙනි, (තුනීබව ගන්වනු පිණිස) මඬුල්ල ලියන්නට අනුදනිමි’ යි වදාළසේක.

වලී හොන‍්ති -පෙ-

රැලි ගැසෙත් (ඇකිලෙත්) ...

“අනුජානාමි භික‍්ඛවෙ, මකරදන‍්තකං ඡින්‍දිතු”න‍්ති.

‘මහණෙනි මුවර දැති කපන්නට අනුදනිමි’ යි වදාළසේක.

40. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ චිත්‍රානි පත‍්තමණ‍්ඩලානි ධාරෙන‍්ති රූපකාකිණ‍්ණානි භිත‍්තිකම‍්මකතානි. තානි රථිකායපි දස‍්සෙන‍්තා ආහිණ‍්ඩන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනොති’. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

40. එ සමයෙහි සවග මහණහු විසිතුරු වූ භිත්තිකර්ම කළ රූපවලින් ගැවැසී ගත් සිතුවම් කරන ලද පාමඬුලු දරත්. වීථියෙහි ද ඒවා පෙන්වමින් ඇවිදිත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, චිත්‍රානි පත‍්තමණ‍්ඩලානි ධාරෙතබ‍්බානි රූපකාකිණ‍්ණානි භිත‍්තිකම‍්මකතානි. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, පකතිමණ‍්ඩල”න‍්ති.

“මහණෙනි, භිත්තිකර්ම කළ රූපයෙන් ගැවැසීගත් විසිතුරු පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පියෙවි පාමඬුලු අනුදනිමි” යි වදාළ සේක.

41. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සඋදකං පත‍්තං පටිසාමෙන‍්ති. පත‍්තො දුස‍්සති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

41. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය තැන්පත් කොට තබත්. පාත්‍රය දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, සොදකො පත‍්තො පටිසාමෙතබ‍්බො. යො පටිසාමෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, ඔතාපෙත්‍වා පත‍්තං පටිසාමෙතු”න‍්ති.

“මහණෙනි, දිය සහිත පාත්‍රය තැන්පත් කොට නො තැබිය යුතු. යමෙක් තබන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තවා (රත් කොට) පාත්‍රය තැන්පත් කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.

42. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සොදකං පත‍්තං ඔතාපෙන‍්ති. පත‍්තො දුග‍්ගන්‍ධො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

42. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය. තවත් (රත් කරත්). පාත්‍රය දුගඳ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, සොදකො පත‍්තො ඔතාපෙතබ‍්බො. යො ඔතාපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, වොදකං කත්‍වා ඔතාපෙත්‍වා පත‍්තං පටිසාමෙතු”න‍්ති.

“මහණෙනි, දිය සහිත පාත්‍රය. නො තැවියයුතු. යමෙක් තවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දිය රහිත කොට තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.

43. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ උණ‍්හෙ පත‍්තං නිදහන‍්ති. පත‍්තස‍්ස වණ‍්ණො දුස‍්සති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

43. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය උෂ්ණයෙහි තබත්. පාත්‍රයේ පැහැය දූෂ්‍ය වෙයි, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, උණ‍්හෙ පත‍්තො නිදහිතබ‍්බො. යො නිදහෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, මුහුත‍්තං උණ‍්හෙ ඔතාපෙත්‍වා පත‍්තං පටිසාමෙතු”න‍්ති.

“මහණෙනි, උෂ්ණයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මොහොතක් උෂ්ණයෙහි තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.

44. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා පත‍්තා අජ‍්ඣොකාසෙ අනාධාරා නික‍්ඛිත‍්තා හොන‍්ති. වාතමණ‍්ඩලිකාය ආවට‍්ටිත්‍වා පත‍්තා භිජ‍්ජිංසු. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

44. එ සමයෙහි වනාහි බොහෝ පාත්‍රයෝ එළිමහනෙහි ආධාරකයක් නැති ව තබන ලද්දාහු වෙත්. පාත්‍රයෝ සුළි සුළඟෙකින් පෙරළී බුන්හ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, පත‍්තාධාරක”න‍්ති.

“මහණෙනි, පාත්‍රාධාරකයක් අනුදනිමි” යි වදාළ සේක.

45. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ මිඪන‍්තෙ පත‍්තං නික‍්ඛිපන‍්ති. පරිපතිත්‍වා පත‍්තො භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

45. “එ සමයෙහි වනාහි භික්‍ෂූහු මීඪාන්තයෙහි (පිල් කෙළවරැ) පාත්‍ර තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, මිඪන‍්තෙ පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. යො නික‍්ඛිපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, පිළ කෙළවර පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

46. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ පරිභණ‍්ඩන‍්තෙ පත‍්තං නික‍්ඛිපන‍්ති. පරිපතිත්‍වා පත‍්තො භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

46. එ සමයෙහි මහණහු පරිභණ්ඩය කෙළවරැ (පිළට පිටත වූ කුඩා පිළැ තුළැ) පාත්‍රය තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට එය සැලකළහ.

“න භික‍්ඛවෙ, පරිභණ‍්ඩන‍්තෙ පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. යො නික‍්ඛිපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, පරිහණ්ඩය කෙළවරැ (පිළට පිටතින් කුඩා පිළ තුළැ) පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබූයේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.

47. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ඡමාය පත‍්තං නික‍්කුජ‍්ජන‍්ති. ඔට‍්ඨො ඝංසියති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

47. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය බිමැ මුනින් නමා තබත්, පාත්‍රයේ මුවවිට ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, තිණසන්‍ථාරක”න‍්ති.

“මහණෙනි, තණ ඇතිරියක් අනුදනිමි” යි වදාළ සේක.

තිණසන්‍ථාරකො උපචිකාහි ඛජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

තණ ඇතිරිය වේයන් විසින් කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, චොළක”න‍්ති.

“මහණෙනි, (පාත්‍රය තැබීමට) රෙදිකඩක් අනුදනිමි” යි වදාළ සේක.

චොළකං උපචිකාහි ඛජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

රෙදිකඩ වේයන් විසින් කනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, පත‍්තමාළකන‍්ති.”

“මහණෙනි, පාත්‍රමාලකයක් (පාත්‍රය තබන්නට පිළක්) අනුදනිමි” යි වදාළ සේක.

පත‍්තමාලකා පරිපතිත්‍වා පත‍්තො භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

පාත්‍රමාලකයෙන් ගිලිහී වැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, පත‍්තකණ‍්ඩොලික”න‍්ති.

“මහණෙනි, පාත්‍රකණ්ඩොලිකාවක් (පාත්‍රය තබන කූඩයක්) අනුදනිමි” යි වදාළ සේක.

පත‍්තකණ‍්ඩොලිකාය පත‍්තො ඝංසියති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

පාත්‍රකණ්ඩෝලිකායෙහි පාත්‍රය ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, පත‍්තථවික”න‍්ති.

“මහණෙනි, (පාත්‍රය බහාලන්නට) ථවිකයක් (පසුම්බියක්) අනුදනිමි” යි වදාළ සේක

අංසබන්‍ධකො න හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එල්ලා ගන්නට අංසබන්ධකයෙක් (උරේ හිසේ එල්වන පටියෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, අංසබන්‍ධකං බන්‍ධනසුත‍්තක”න‍්ති.

“මහණෙනි, අංසබන්ධකයක් (උරබඳනාවක්) ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළ සේක.

48. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ භිත‍්තිඛිලෙපි නාගදන‍්තකෙපි පත‍්තං ලග‍්ගෙන‍්ති. පරිපතිත්‍වා පත‍්තො භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

48. එ සමයෙහි මහණහු භිත්තිඛීලයෙහි (බිත්තියෙහි, ගසන ලද උලෙක) ද නාගදන්තකයෙහි ද (බිත්තියෙහි සවි කළ ඇත්දතෙහි) ද පාත්‍රය එල්ලත්. ඇදවැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, පත‍්තො ලග‍්ගෙතබ‍්බො. යො ලග‍්ගෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, පාත්‍රය නො එල්ලියයුතු. යමෙක් එල්ලන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

49. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ මඤ‍්චෙ පත‍්තං නික‍්ඛිපන‍්ති, සතිසම‍්මොසා නිසීදන‍්තා ඔත්‍ථරිත්‍වා පත‍්තං භින්‍දන‍්ති, භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

49. එ සමයෙහි වනාහි මහණහු ඇඳෙහි පාත්‍රය තබත්. සිහි මුළා වෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, මඤ‍්චෙ පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. යො නික‍්ඛිපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ඇඳෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

50. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ පීඨෙ පත‍්තං නික‍්ඛිපන‍්ති, සතිසම‍්මොසා නිසීදන‍්තා ඔත්‍ථරිත්‍වා පත‍්තං භින්‍දන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

50. එ සමයෙහි මහණහු පුටුවෙහි පාත්‍රය තබත්. සිහි මුළාවෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, පීඨෙ පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. යො නික‍්ඛිපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, පුටුවෙහි පාත්‍රය නො තැබියයුතු, යමෙක් තබන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

51. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අඞ‍්කෙ පත‍්තං නික‍්ඛිපන‍්ති, සතිසම‍්මොසා වුට‍්ඨහන‍්ති. පරිපතිත්‍වා පත‍්තො භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

51. එ සමයෙහි මහණහු ඇකයෙහි පාත්‍රය තබත්. සිහි නැති ව නැඟී සිටිත්. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, අඞ‍්කෙ පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. යො නික‍්ඛිපෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි ඇකයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

52. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ඡත‍්තෙ පත‍්තං නික‍්ඛිපන‍්ති. වාතමණ‍්ඩලිකාය ඡත‍්තං උක‍්ඛිපීයති. පරිපතිත්‍වා පත‍්තො භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

52. එ සමයෙහි මහණහු ඡත්‍රයෙහි පාත්‍රය තබත්. සුළි හුළඟින් ඡත්‍රය එසැවෙයි. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, ඡත‍්තෙ පත‍්තො නික‍්ඛිපිතබ‍්බො. යො නික‍්ඛිපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ඡත්‍රයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

53. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ පත‍්තහත්‍ථා කවාටං පණාමෙන‍්ති. කවාටො ආවට‍්ටිත්‍වා පත‍්තො භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

53. එ සමයෙහි මහණහු පාත්‍රය ගත් අතැත්තාහු කවුළුව අරිත්. කවුළුව පෙරැළී ඊමෙන් පාත්‍රය. බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ, පත‍්තහත්‍ථෙන කවාටො පණාමෙතබ‍්බො. යො පණාමෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, පාත්‍රය ගත් අතැතියනු විසින් කවුළුව නො ඇරිය යුතු. යමෙක් අරින්නේ ද ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළ සේක.

54. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ තුම‍්බකටාහෙ පිණ‍්ඩාය චරන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘සෙය්‍යථාපි තිත්‍ථියා’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

54. එ සමයෙහි මහණහු ලබු කබලෙන් (ලබු කබලක් අතැති වැ) පිඬු පිණිස හැසිරෙත්. මිනිස්සු ‘තීර්‍ත්‍ථකයන් බඳුහ’යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, තුම‍්බකටාහෙ පිණ‍්ඩාය චරිතබ‍්බං. යො චරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ලබුකබලෙන් පිඬුසිඟා නො හැසිරිය යුතු. යමෙක් හැසිරෙන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක

55. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ඝටිකටාහෙ පිණ‍්ඩාය චරන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: සෙය්‍යථාපි තිත්‍ථියා’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ-

55. එ සමයෙහි මහණහු ඝටිකටාහයෙන් (කළ කබලක් ගෙන) පිඬු පිණිස හැසිරෙත්. ‘තීර්‍ත්‍ථකයන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...

“න භික‍්ඛවෙ, ඝටිකටාහෙ පිණ‍්ඩාය චරිතබ‍්බං, යො චරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ඝටිකටාහයෙන් (කළ කබලෙහි) පිඬු පිණිස නො හැසිරියයුතු. යමෙක් හැසිරෙන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

56. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු සබ‍්බපංසුකූලිකො හොති. සො ඡවසීසස‍්ස පත‍්තං ධාරෙති, අඤ‍්ඤතරා ඉත්‍ථී පස‍්සිත්‍වා භීතා විස‍්සරමකාසි ‘අබ‍්භුං මෙ, පිසාචො වතායන‍්ති’. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, ‘කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා ඡවසීසස‍්ස පත‍්තං ධාරෙස‍්සන‍්ති, සෙය්‍යථාපි පිසාචිල‍්ලිකා’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

56. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් හැම පිරිකරින් ම පාංශුකූලික වෙයි. (හැම පිරිකරක් ම පාංශුකූල වශයෙන් සොයා ගත් දැයින් සකස් කොට ගෙන දරන්නේ වෙයි.) හෙතෙම මිනීහිස් කබලකින් කළ පාත්‍රයක් දරයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක බිය පත් වූවා, ‘මට විපතෙක, ඒකාන්තයෙන් මේ පිශාචයෙකැ’ යි කෑගැසූ ය. ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පිසස් පැටියන් සේ මිනීහිසින් කළ පාත්‍රයක් දරත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ...

“න භික‍්ඛවෙ, ඡවසීසස‍්ස පත‍්තො ධාරෙතබ‍්බො. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. න ච භික‍්ඛවෙ, සබ‍්බපංසුකූලිකෙන භවිතබ‍්බං. යො භවෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, මිනීහිසින් කළ පාත්‍රයක් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

57. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ චලකානිපි අට‍්ඨිකානිපි උච‍්ඡිට‍්ඨොදකම‍්පි පත‍්තෙන නීහරන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘යස‍්මිං යෙවිමෙ සමණා සක්‍යපුත‍්තියා භුඤ‍්ජන‍්ති සොව නෙසං පටිග‍්ගහොති’. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ-

57. එ සමයෙහි වනාහි මහණහු (විකා දැමූ) සප ද ඇට කටු ද ඉඳුල්දිය ද පාත්‍රයෙන් ගෙන ගොස් ඉවත ලත්. ‘මේ ශාක්‍යපුත්‍රික මහණහු යම් පාත්‍රයෙක ම වළඳත් ද එය ම ඔවුන් කුණු දමන බඳුන වේ යැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...

“න භික‍්ඛවෙ, චලකානි වා අට‍්ඨිකානි වා උච‍්චිට‍්ඨොදකං වා පත‍්තෙන නීහරිතබ‍්බං. යො නීහරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, පටිග‍්ගහ”න‍්ති.

“මහණෙනි, සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ පාත්‍රයෙන් ඉවතට ගෙන නො යායුතු. යමෙක් ගෙන යන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කුණු දමන්නට බඳුනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

58. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ හත්‍ථෙන විපාටෙත්‍වා චීවරං සිබ‍්බෙන‍්ති. චීවරං විලොමං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

58. එ සමයෙහි මහණහු අතින් ඉරා සිවුරු මසත්. සිවුරු විලොම් (විසම) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, සත්‍ථකං නමතක”න‍්ති.

“මහණෙනි, පිහියක් ද පිහියට වැස්මක් ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

59. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝස‍්ස දණ‍්ඩසත්‍ථකං උප‍්පන‍්නං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

59. එ සමයෙහි වනාහි සංඝයාට දණ්ඩශස්ත්‍රකයෙක් (මීට සහිත පිහියක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැල කළහ.

“අනුජානාමි භික‍්ඛවෙ, දණ‍්ඩසත්‍ථක”න‍්ති.

“මහණෙනි, දණ්ඩශස්ත්‍රකය (මිට සහිත පිහිය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

60. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචෙ සත්‍ථකදණ‍්ඩෙ ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපියමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ-

60. එ සමයෙහි සවග මහණහු රන්මුවා ද රිදීමුවා ද කුදු මහත් පිහියා මිටි දරත්. ‘කාමභෝගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ, උච‍්චාවචා සත්‍ථකදණ‍්ඩා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ අට‍්ඨිමයං දන‍්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට‍්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ‍්ඛනාභිමයන‍්ති.”

“මහණෙනි, කුදු මහත් පිහියා මිටි නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා, දත්මුවා, අංමුවා, බටදඬුමුවා, හුණදඬුමුවා, දඬුමුවා, ලහමුවා, පලමුවා, ලොහොමුවා, සක්නැබමුවා පිහියාමිටි අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

61. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ කුක‍්කුටපත‍්තෙන පි වෙළුපෙසිකාය පි චීවරං සිබ‍්බෙන‍්ති චීවරං දුස‍්සිබ‍්බිතං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

61. එ සමයෙහි වනාහි මහණහු කුකුළු පිහාටුයෙන් ද උන පතුරෙන් කළ කූරෙන් ද සිවුරු මසත්. සිවුරු නොමනා ව මැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, සූචික”න‍්ති.

“මහණෙනි, හිදිකටුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ) වදාළසේක.

සූචියො කණ‍්ණකිතායො හොන‍්ති.

හිදිකටු මල බැඳුණේ වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ, සූචිනාළික”න‍්ති.

“මහණෙනි, හිදිකටුකුලාව අනුදනිමි” යි වදාළ සේක.

සූචිනාළිකායපි කණ‍්ණකිතායො හොන‍්ති.

හිදිකටුකුලායෙහි (බහාලන ලද්දාහු) ද මලබැඳුණාහු වෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ, කිණ‍්ණෙන පූරෙතු”න‍්ති.

“මහණෙනි, රාබිජු සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.

කිණ‍්ණෙපි කණ‍්ණකිතායො හොන‍්ති.

රාබිජු සුණුයෙන් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ, සත‍්තුයා පූරෙතු”න‍්ති.

“මහණෙනි, කහමුසු විළඳ සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.

සත‍්තුයාපි කණ‍්ණකිතායො හොන‍්ති.

කහමුසු විළඳ සුණුයෙන් (පුරාලන ලද්දාහු) ද මල බැඳුණාහු වෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ සරිතක”න‍්ති.

“මහණෙනි, ගල් කුඩුවලින් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.

සරිතකෙනපි කණ‍්ණකිතායො හොන‍්ති.

ගල්කුඩුවලින් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ මධුසිත්‍ථකෙන සාරෙතු”න‍්ති.

“මීඉටියෙන් (තවරන්නට) අනුදනිමි” යි වදාළසේක.

සරිතකං පරිභිජ‍්ජති.

තවරන ලද මීඉටි ගැළැවී වැටෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ සරිතකසිපාටික”න‍්ති.

“මහණෙනි, මීඉටි ගෑ රෙදි කඩක් අනුදනිමි” යි වදාළසේක.

62. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ තත්‍ථ තත්‍ථ ඛිලං නිඛනිත්‍වා සම‍්බන්‍ධිත්‍වා චීවරං සිබ‍්බන‍්ති. චීවරං විකණ‍්ණං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

62. එ සමයෙහි මහණහු ඒ ඒ තැන හුල් සිටුවා සම්බන්‍ධ කොට සිවුරු මසත්. සිවුරු විකර්ණ (සම නොවූ) කොන් ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, කඨිනං, කඨිනරජ‍්ජුං. තත්‍ථ තත්‍ථ ඔබන්‍ධිත්‍වා චීවරං සිබ‍්බෙතුන‍්ති”.

“මහණෙනි, කඨිනය (සිවුරුහිණ) ද කඨින රැහැන (සිවුරුහිණෙහි බඳනා රැහැන) ද යන දෙකත් ඒවායේ ඒ ඒ තැනැ සිවුර නමා බැඳ මසන්නට අනුදනිමි” යි වදාළසේක.

විසමෙ කඨිනං පත්‍ථරන‍්ති. කඨිනං පරිභිජ‍්ජති.

නො සම තන්හි සිවුරුහිණ තබත්. එය බිඳී වැටෙයි.

“න භික‍්ඛවෙ, විසමෙ කඨිනං පත්‍ථරිතබ‍්බං. යො පත්‍ථරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, නො සමවූ තැන සිවුරුහිණ නො තැබියයුතු. යමෙක් තබන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

ඡමාය කඨිනං පත්‍ථරන‍්ති. කඨිනං පංසුකිතං හොති.

සිවුරුහිණ බිමැ තබත්. එය දුලියෙන් බැඳුණේ වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ තිණසන්‍ථාරකන‍්ති”.

“මහණෙනි, තණඇතිරිය අනුදනිමි” යි වදාළ සේක.

කඨිනස‍්ස අන‍්තො ජීරති.

කඨිනයේ කොන් දිරයි.

“අනුජානාමි භික‍්ඛවෙ, අනුවාතං පරිභණ‍්ඩං ආරොපෙතුන‍්ති”.

“මහණෙනි, වාටියක් යොදා පිරිබඩ නංවන්නට අනුදනිමි” යි වදාළ සේක.

කඨිනං නප‍්පහොති.

සිවුරුහිණ නො පොහෝනේ වෙයි (මඳ වෙයි).

“අනුජානාමි භික‍්ඛවෙ, දණ‍්ඩකඨිනං විදලකං සලාකං විනන්‍ධනරජ‍්ජුං විනන්‍ධනසුත‍්තකං විනන්‍ධිත්‍වා චීවරං සිබ‍්බෙතුන‍්ති”.

“මහණෙනි, දණ්ඩකඨිනය ද සිවුරුහිණැ මැදට බඳනා දණ්ඩ ද විදලකය ද (දණ්ඩකඨිනයේ ප්‍රමාණය අනුව) කළාලයේ කොන් දෙක අකුළා දෙපට කිරීම ද, සලාකාව ද (දෙපට සිවුර මැදට දමන කූර ද) විනන්ධන රජ්ජුව ද, මහ සිවුරුහිණ හා කුඩා සිවුරුහිණ බඳනා රැහැන ද කුඩා සිවුරුහිණෙහි සිවුර බඳනා හුය ද එසේ බැඳ සිවුර මහන්නට ද අනුදනිමි” යි වදාළ සේක.

සුත‍්තන‍්තරිකායො විසමා හොන‍්ති.

සූත්‍රානතරිකාවෝ (හු අතරැ පෙදෙස්හු) විසම වෙත්. (සමාන ව නො සිටිත්).

“අනුජානාමි භික‍්ඛවෙ කලිම‍්බභකන‍්ති”.

“මහණෙනි, (අතර ප්‍රමාණය හඟවන) කිලිඹුවක් (තල්කොළ කැබැලි ආදි මිම්මක්) අනුදනිමි” යි වදාළ සේක.

සුත‍්තා වඞ‍්කා හොන‍්ති.

හු ඉරි ඇද වේ.

“අනුජානාමි භික‍්ඛවෙ මොඝසුත‍්තකන‍්ති.”

“(සිවුර මසා අවසන් වූ පසු ගළවා දමන) බොරු හු ගැසීම අනුදනිමි” යි වදාළසේක.

63. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අධොතෙහි පාදෙහි කඨිනං අක‍්කමන‍්ති. කඨිනං දුස‍්සති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

63. එ සමයෙහි මහණහු නො දෙවූ පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ අධොතෙහි පාදෙහි කඨිනං අක‍්කමිතබ‍්බං. යො අක‍්කමෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති”.

“මහණෙනි, නොදෙවූ පයින් යුතු ව, සිවුරුහිණ නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් (පා ගාන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය”.

64. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අල‍්ලෙහි පාදෙහි කඨිනං අක‍්කමන‍්ති. කඨිනං දුස‍්සති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

64. එ සමයෙහි මහණහු තෙත් පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ අල‍්ලෙහි පාදෙහි කඨිනං අක‍්කමිතබ‍්බං. යො අක‍්කමෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, තෙත් පයින් සිවුරුහිණ නො ඇක්මියැයුතු (පා නො ගැසිය යුතු). යමෙක් ඇක්මෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය”.

65. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සඋපාහනා කඨිනං අක‍්කමන‍්ති. කඨිනං දුස‍්සති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

65. එ සමයෙහි මහණහු පාවහන් ඇත්තාහු සිවුරුහිණ ඇක්මෙත් (පාගත්). සිවුරුහිණ දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ සඋපාහනෙන කඨිනං අක‍්කමිතබ‍්බං. යො අක‍්කමෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, පාවහන් සහිත වූවහු විසින් සිවුරුහිණ නො ඇක්මියැයුතු, යමෙක් ඇක්මෙන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

66. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ චීවරං සිබ‍්බෙන‍්තා අඞ‍්ගුලියා පටිගණ‍්හන‍්ති, අඞ‍්ගුලියො දුක‍්ඛා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

66. එ සමයෙහි මහණහු සිවුරු මහන්නාහු හිදිමුව ඇඟිල්ලෙන් පිළිගනිත්. (ඉදිකටු මූණත ඇඟිල්ලෙන් ගෙන අදිත්) ඇඟිල්ලෝ රිදුම් ඇත්තෝ වෙත් (ඇඟිලි රිදේ). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ පටිග‍්ගහන‍්ති”

“මහණෙනි, පිළිගාව (දිදාලය) අනුදනිමි” යි වදාළසේක.

67. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචෙ පටිග‍්ගහොධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපීමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

67. එ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ ද, කුදු මහත් පිළිගාවන් (දිදාල) දරත්. මිනිස්සු , “මොහු කාමභෝගී ගිහීන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නො ගුණ කියත්, දොස් කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ උච‍්චාවචා පටිග‍්ගහා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ අට‍්ඨිමයං දන‍්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට‍්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ‍්ඛනාභිමයන‍්ති”.

“මහණෙනි, (රන්රිදීමුවා) කුදු මහත් පිළිගා (දිදාල) නො දැරිය යුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටින් කරන ලද, ඇත්දළ ඈ දළින් කරන ලද, අඟින් කරන ලද, ගෙඩිවල ලෙල්ලෙන් කරන ලද, ලෝහයෙන් කරන ලද සක්නැබින් කරන ලද පිළිගාව (දිදාලය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

68. තෙන ඛො පන සමයෙන සූචියොපි සත්‍ථකාපි පටිග‍්ගහාපි නස‍්සන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

68. එ සමයෙහි හිදිකටු ද පිහියා ද පිළිගාවෝ (දිදාල) ද නැසෙත් (නැති වෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ ආවෙසනවිත්‍ථකන‍්ති”.

“මහණෙනි, ඇවිසුම් විතක් (ඉදිකටු කුලා ආදිය තබන කුඩා පෙට්ටියක් හෝ කොපුවක්) අනුදනිමි” යි වදාළසේක.

ආවෙසනවිත්‍ථකෙ සමාකුලා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

ඇවිසුම්විතෙහි ඒ හිදිකුලා ආදීහු එකට අවුල්වූවාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ පටිග‍්ගහන‍්ති”.

“මහණෙනි, පිළිගාවට (දිදාලයට) පසුම්බියක් අනුදනිමි” යි වදාළසේක.

අංසබද‍්ධකො න හොති.

පිළිගා පසුම්බියට උරබඳනාවෙක් (උරේ එල්ලා ගැනීමට පටියෙක්) නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ අංසබද‍්ධකං බන්‍ධනසුත‍්තකන‍්ති”.

“මහණෙනි, උරබඳනාව ද බඳනා හුය ද අනුදනිමි” යි වදාළසේක.

69. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අබ‍්භොකාසෙ චීවරං සිබ‍්බන‍්තා සීතෙනපි උණ‍්හෙනපි කිලමන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

69. එ සමයෙහි මහණහු එළිමහනෙහි (හිඳ සිවුරු මහන්නාහු ශීතයෙන් ද උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, කඨිනසාලං කඨිනමණ‍්ඩපන‍්ති”.

“මහණෙනි, සිවුරුහිණ තබන්නට ශාලාවක් සිවුරුහිණට මඩුවක් අනුදනිමි” යි වදාළසේක.

කඨිනසාලා නීචවත්‍ථුකා හොති, උදකෙන ඔත්‍ථරියති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

සිවුරුහිණි හල (කඨින ශාලාව) මිටි බිමක් ඇත්තේ වෙයි. දියෙන් වැසෙයි (දියට යට වෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ උච‍්චවත්‍ථුකං කාතුන‍්ති”.

“මහණෙනි, සිවුරුහිණිහල උස් බිම් ඇතියක් කරන්නට (එහි බිම උස් කොට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.

චයො පරිපතති.

උස් කොට නඟන ලද බිමැ පස් ඇදහැළෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට‍්ඨකාචයං සිලාචයං දාරුචයන‍්ති”.

“මහණෙනි, ගඩොළුයෙන් කළ බැඳුම ද ගලින් කළ බැඳුම ද ලීයෙන් කළ බැඳුම දැ යි බැඳුම් තුනක් අනුදනිමි” යි වදාළසේක.

ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති.

උස් කොට බඳනා ලද බිමට නඟින්නාහු වෙහෙසෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ තයො සොපාණෙ ඉට‍්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන‍්ති”.

“මහණෙනි, ගඩොළු හිණ (තරප්පුව) ගල්මුවා හිණ (තරප්පුව) දඬුමුවා හිණ (තරප්පුව) ද යනු තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.

ආරොහන‍්තා පරිපතන‍්ති.

හිණෙහි නඟින්නාහු ඇද වැටෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති”.

“ගරාදි වැටක් අනුදනිමි” යි වදාළ සේක.

කඨිනසාලාය තිණචුණ‍්ණං පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුං සෙතවණ‍්ණං කාළවණ‍්ණං ගෙරුකපරිකම‍්මං මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකං පඤ‍්චපටිකං චීවරවංසං චීවරරජ‍්ජුකන‍්ති”.

කඨින ශාලායෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝණ දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකර්‍ම ලතාකර්‍ම කරන්නට මෝර දැති හෝ අඳින්නට දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වණවත් කරන්නට ද අනුදනිමි. සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.

70. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ චීවරං සිබ‍්බෙත්‍වා තත්‍ථෙව කඨිනං උජ‍්ඣිත්‍වා පක‍්කමන‍්ති. උන්‍දුරෙහි පි උපචිකාහි පි ඛජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ කඨිනං සඞ‍්ඝරිතුන‍්ති”.

70. එ සමයෙහි මහණහු සිවුරු මසා සිවුරුහිණ එහි ම හැරදමා පිටත් වැ යෙත්, මීයන් විසින් ද වේයන් විසින් ද සිවුරුහිණ කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

කඨිනං පරිභිජ‍්ජති. “අනුජානාමි භික‍්ඛවෙ ගොඝංසිකාය කඨිනං සඞ‍්ඝරිතුන‍්ති”.

“මහණෙනි, සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක: සිවුරුහිණ බිඳීයයි. “මහණෙනි, දණ්ඩක් ඇතුළැ බහා තද කොට සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක.

කඨිනං විනිවෙඨියති. “අනුජානාමි භික‍්ඛවෙ බන්‍ධනරජ‍්ජුන‍්ති”.

සිවුරුහිණ ලිහෙයි. “මහණෙනි, බඳිනා රැහැනක් අනුදනිමි” යි වදාළ සේක.

71. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ කුඩ‍්ඩෙ පි ථම‍්භෙ පි කඨිනං උස‍්සාපෙත්‍වා පක‍්කමන‍්ති. පරිපතිත්‍වා කඨිනං භිජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

71. එ සමයෙහි මහණහු බිත්තියෙක ද කණුවෙක ද සිවුරුහිණ ඔසොවා තබා නික්ම යෙත්. ඇද වැටී සිවුරුහිණ බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ භිත‍්තිඛීලෙ වා නාගදන‍්තෙ වා ලග‍්ගෙතුන‍්ති”.

“මහණෙනි, බිත්තියෙහි ගසන ලද හුලෙක හෝ ඇත් දතක් සේ බිත්තියෙහි සවි කළ උපකරණයෙක හෝ සිවුරුහිණ එල්ලා තබන්නට අනුදනිමි” යි වදාළසේක.

72. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන වෙසාලී තෙන චාරිකං පක‍්කාමි. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සූචිකම‍්පි සත්‍ථකම‍්පි භෙසජ‍්ජම‍්පි පත‍්තෙන ආදාය ගච‍්ඡන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

72. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැස විසල්මහනුවරට සැරිසරා වැඩි සේක. එ සමයෙහි මහණහු හිදිකටුව ද පිහිය ද බෙහෙත් ද පාත්‍රයෙන් ගෙන යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, භෙසජ‍්ජත්‍ථවිකන‍්ති”.

“මහණෙනි, බෙහෙත් පසුම්බිය අනුදනිමි” යි වදාළසේක.

අංසබද‍්ධකො න හොති.

උරබඳනාවෙක් නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ අංසබද‍්ධකං බන්‍ධනසුත‍්තකන‍්ති”.

“මහණෙනි, උරබඳනාව ද බඳනාහුය ද අනුදනිමි” යි වදාළසේක.

73. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු උපාහනායො කායබන්‍ධනෙන බන්‍ධිත්‍වා ගාමං පිණ‍්ඩාය පාවිසි. අඤ‍්ඤතරො උපාසකො තං භික‍්ඛුං අභිවාදෙන‍්තො උපාහනායො සීසෙන ඝට‍්ටෙසි. සො භික‍්ඛු මඞ‍්කූ අහොසි. අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

73. එ සමයෙහි එක්තරා මහණෙක් පාවහන් කාබහනින් (පටියෙන්) බැඳ එල්ලා ගෙන ගමට පිඬු පිණිස පිවිසියේය. එක්තරා උපාසකයෙක් එ මහණහට වඳිනුයේ පාවහන් හිසින් ගැටී ය. ඒ මහණ නිස්තේජස්ක විය. ඉක්බිති ඒ මහණ අරම් ගොස්, මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ උපාහනත්‍ථවිකන‍්ති”.

“මහණෙනි, උපාහනථවිකයක්, අනුදනිමි” යි වදාළසේක.

අංසබද‍්ධකො න හොති.

උරබඳනායෙක් නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ අංසබද‍්ධකං බන්‍ධනසුත‍්තකන‍්ති”.

“මහණෙනි, උරබඳනාවක් ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළසේක.

74. තෙන ඛො පන සමයෙන අන‍්තරාමග‍්ගෙ උදකං අකප‍්පියං හොති. පරිස‍්සාවනං න හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ පරිස‍්සාවනන‍්ති”.

74. එ සමයෙහි වනාහි අතර මඟැ ජලය (පෙරා නැති බැවින්) නො කැප වෙයි. පෙරහනෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, පෙරහන්කඩ අනුදනිමි” යි වදාළ සේක.

චොළකං නප‍්පහොති.

රෙදි කඩ නො පොහෝනේ වෙයි. (මදි වෙයි).

“අනුජානාමි භික‍්ඛවෙ කටච‍්ඡුපරිස‍්සාවනන‍්ති”. චොළකං නප‍්පහොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ධම‍්මකරකන‍්ති”.

“මහණෙනි, කිණිසි පෙරහන අනුදනිමි” යි වදාළ සේක. එයට ද රෙදි කඩ මඳවෙයි. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඩබරාව අනුදනිමි” යි වදාළසේක.

75. තෙන ඛො පන සමයෙන ද‍්වෙ භික‍්ඛූ කොසලෙසු ජනපදෙසු අද‍්ධානමග‍්ගපටිපන‍්නා හොන‍්ති. එකො භික‍්ඛු අනාචාරං ආචරති. දුතියො භික‍්ඛු තං භික‍්ඛුං එතදවොච, ‘මා ආවුසො එවරූපං අකාසි. නෙතං කප‍්පතී’ති. සො තස‍්මිං උපනද‍්ධි. අථ ඛො සො භික‍්ඛු පිපාසාය පීළිතො උපනද‍්ධං භික‍්ඛුං එතදවොච ‘දෙහි මෙ ආවුසො පරිස‍්සාවනං පානීයං පිවිස‍්සාමී’ති. උපනද‍්ධො භික‍්ඛු න අදාසි. සො භික‍්ඛු පිපාසාය පීළිතො කාලමකාසි. අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. “කිම‍්පන ත්‍වං ආවුසො පරිස‍්සාවනං යාචියමානො න අදාසී”ති. ‘එවමාවුසො’ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, ‘කථං හි නාම භික‍්ඛු පරිස‍්සාවනං යාචියමානො න දස‍්සතී’ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

75. එ සමයෙහි දෙමහණහු කෙනෙක් කොසොල් රටැ දික්මඟට පිළිපන්නාහු වෙත්. එක් මහණෙක් අනාචාර කෙරෙයි. (නො මනා ලෙස හැසිරෙයි). දෙවෙනි මහණ එකී මහණහට “ඇවැත්නි, මෙ බඳු දෑ නො කරන්න. මෙය කැප නො වේ යැ” යි කී ය. එ මහණ, වෛර බැන්දේ ය. එ කල්හි ඒ (පළමු) මහණ පවසින් පෙළුණේ වෙර බැඳි මහණහු බණවා, “ඇවැත්නි, ඔබගේ පෙරහන දෙන්න, පැන් බොනු කැමැත්තෙමි” යි කී ය. වෙර බැඳි මහණ එය නො දුන්නේ ය. ඒ පළමු මහණ පවසින් පෙළුණේ කලුරිය කෙළේය. එයින් පසු එ (දෙවෙනි) මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේය. “කිමෙක් ද ඇවැත්නි, තෙපි පෙරහන ඉල්ලනු ලබන්නහු නො දුන්නු දැ?” යි භික්‍ෂුහු ඇසූහ. “එසේ ය, ඇවැත්නි”යි හේ කී ය. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජීවූ සුළු වරදෙහි පවා කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් මහණෙක් පෙරහන ඉල්ලනු ලබනුයේ නො දෙන්නේ දැ?” යි ලාමක කොට සිතත්, අගුණ බෙණෙත්, නොගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ.

අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා තං භික‍්ඛුං පටිපුච‍්ඡි ‘සච‍්චං කිර ත්‍වං භික‍්ඛු පරිස‍්සාවනං යාචියමානො න අදාසී’ති. ‘සච‍්චං භගවා’. විගරහි බුද‍්ධො භගවා, ‘අනනුච‍්ඡවිකං මොඝපුරිස අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං, කථං හි නාම ත්‍වං මොඝපුරිස, පරිස‍්සාවනං යාචියමානො න දස‍්සසි? නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය. අථ ඛ‍්වෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා’ති. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “න භික‍්ඛවෙ, අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නෙන භික‍්ඛුනා පරිස‍්සාවනං යාචියමානෙන න දාතබ‍්බං යො න දදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස, න ච භික‍්ඛවෙ අපරිස‍්සාවනකෙන අද‍්ධානො පටිපජ‍්ජිතබ‍්බො. යො පටිපජ‍්ජෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. සචෙ න හොති පරිස‍්සාවනං වා ධම‍්මකරණො වා සඞ‍්ඝාටිකණ‍්ණො පි අධිට‍්ඨාතබ‍්බො ඉමිනා පරිස‍්සාවෙත්‍වා පිවිස‍්සාමී”ති.

එකලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා, “සැබෑ ද, මහණ තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි දැ?” යි ඒ මහණහු පුළුවුත්සේක. “භාග්‍යවතුන් වහන්ස සැබවැ” යි එ මහණ පිළිවදන් දුන. “හිස් පුරුෂය, මෙය නොනිසි ය. (මහණහට) නො ගැළැපෙන්නෙකි. නො සුදුස්සෙකි. මහණ කමට නො වටනා එකෙකි. නොකැප එකෙකි. නො කටයුත් තෙකි. කෙසේ නම්, හිස් මිනිස, තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි ද? හිස් මිනිස, මෙය (සස්නැ) නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාද වැඩීම ද පිණිස නොවේ. වැලි, හිස් මිනිස, මෙය නො පහනුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කථා කොට, මහණුන් බණවා “මහණෙනි, දිග්මඟ පිළිපන් මහණක්හු විසින් පෙරහන ඉල්ලනු ලබන්නහු විසින් එය නොදියැ යුතු නො වේ. යමෙක් නො දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මහණහු පෙරහනක් නැතිව දික්මඟ නො යෑ යුතු, යමෙක් එසේ යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් පෙරහනෙක් හෝ ඩබරාවෙක් හෝ නැති නම්, ‘මෙයින් පෙරහා බොන්නෙමි’ යි සඟළසිවුරු කොන වුව ද ඉටා ගතයුතු” යැ යි වදාළ සේක.

76. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්‍ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං . තෙන ඛො පන සමයෙන භික‍්ඛූ නවකම‍්මං කරොන‍්ති. පරිස‍්සාවනං න සම‍්මති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

76. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, විසල් මහපුරට බටසේක. එහි වූ කලි මහ වෙනෙහි කුළාරහලෙහි වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි මහණහු නව කම් (අළුත්වැඩියා කැරුම්) කෙරෙත් පෙරහන ප්‍රමාණ නො වෙයි (මදි වෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ දණ‍්ඩපරිස‍්සාවනන‍්ති”. දණ‍්ඩපරිස‍්සාවනං න සම‍්මති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ඔත්‍ථරකන‍්ති”.

“මහණෙනි, දඬුපෙරහන අනුදනිමි” යි වදාළසේක. දඬුපෙරහන ද ප්‍රමාණ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි අවස්තරකය (ළිඳ තුළ බහා දිය පෙරා ගන්නා පෙරහනය) අනුදනිමි” යි වදාළසේක.

77. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ මකසෙහි උබ‍්බාළ‍්හා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ මකසකුටිකන‍්ති”.

77. එ සමයෙහි වනාහි මහණහු මදුරුවන් ගෙන් පෙළුණෝ වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, සිවුරු කිළියක් අනුදනිමි” යි වදාළසේක.

78. තෙන ඛො පන සමයෙන වෙසාලියං පණීතානං භත‍්තානං භත‍්තපටිපාටි අධිට‍්ඨිතා හොති. භික‍්ඛූ පණීතානි භොජනානි භුඤ‍්ජිත්‍වා අභිසන‍්නකායා හොන‍්ති බහ‍්වාබාධා. අථ ඛො ජීවකො කොමාරභච‍්චො වෙසාලිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අද‍්දසා ඛො ජීවකො කොමාරභච‍්චො භික‍්ඛූ අභිසන‍්නකායෙ බහ‍්වාබාධෙ. දිස‍්වාන යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ජීවකො කොමාරභච‍්චො භගවන‍්තං එතදවොච: එතරහි භන‍්තෙ භික‍්ඛූ අභිසන‍්නකායා බහ‍්වාබාධා. සාධු භන‍්තෙ භගවා භික‍්ඛූනං චඞ‍්කමඤ‍්ච ජන‍්තාඝරඤ‍්ච අනුජානාතු. එවං භික‍්ඛූ අප‍්පාබාධා භවිස‍්සන‍්තීති.

78. එ සමයෙහි විසල් මහනුවරැ ප්‍රණීත බත් සම්බන්‍ධ බත් පිළිවෙළෙක් ඉටන ලද්දේ (නියම කැරැ ගන්නා ලද්දේ) වෙයි. මහණහු ප්‍රණීත බොජුන් වළඳා වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. එ කල්හි කෝමාරභච්ච ජීවක තෙම කිසි කටයුත්තෙකින් විසල් මහනුවරට ගියේ ය. කෝමාරභච්ච ජීවක තෙම වැඩීගිය සිරුරු ඇති බොහෝ ආබාධ ඇති මහණුන් දිටී ය. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් කෝමාරභච්ච ජීවක තෙම “වහන්ස, දැන් භික්‍ෂුහු වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. වහන්ස, අයදිමි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදන්නා සේක් වා. මෙසේ භික්‍ෂූහු අල්පාබාධ වන්නාහ”යි මෙ බස් පැවසීය.

අථ ඛො භගවා ජීවකං කොමාරභච‍්චං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො ජීවකො කොමාරභච‍්චො භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝමාරභච්ච ජීවකයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා වදාළ සේක. එය ගැන්වූ සේක. එ උනන්දු කළ සේක. සතුටු කළ සේක. ඉක්බිත්තෙන් කෝමාරභච්ච ජීවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දේ, එය ගන්වන ලද්දේ, උනන්දු කරන ලද්දේ, සතුටු කරන ලද්දේ, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් වැ ගියේ ය.

අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ චඞ‍්කමඤ‍්ච ජන‍්තාඝරඤ‍්චාති.

එයට පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් බණවා, “මහණෙනි, සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදනිමි” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ විසමෙ චඞ‍්කමෙ චඞ‍්කමන‍්ති. පාදා දුක‍්ඛා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ සමං කාතුන‍්ති”. චඞ‍්කමො නීචවත්‍ථුකො හොති. උදකෙන ඔත්‍ථරියති “අනුජානාමි භික‍්ඛවෙ උච‍්චවත්‍ථුකං කාතුන‍්ති.” චයො පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට‍්ඨකාචයං සිලාචයං දාරුචයන‍්ති.”

එ සමයෙහි වනාහි මහණහු තැන තැන උස් මිටි විෂම වූ සක්මන් මළුයෙහි සක්මන් කරත්. (ඔවුන්ගේ) පාදයෙන් පීඩා සහිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි සක්මන් මළුව සම කරන්නට අනුදනිමි” යි වදාළසේක. සක්මන් මළුව පහත් බිමක් ඇත්තේ (පහත්බිමෙහි කරන ලද්දේ) වෙයි. ජලයෙන් වැතිර ගනු ලැබේ. (වතුරට යට වේ). “මහණෙනි, සක්මන්මළුව උස්බිමක් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා උස් කරන්නට) අනුදනිමි” යි වදාළ සේක. පස් ගොඩ ඇදී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගල් බැම්ම ද ලී රැසින් කළ බැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ තයො සොපාණෙ ඉට‍්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන‍්ති.”

සක්මනට නඟින්නාහු වෙහෙසෙත්, “මහණෙනි, ගඩොළු හිණ, ගල්හිණ, ලී හිණ, යැ යි හිණි (පඩිපෙළ) තුනක් අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා පරිපතන‍්ති. අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති.

හිණට නැගෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (හෝ ගරාදි වැට) අනුදනිමි” යි වදාළසේක.

79. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ චඞ‍්කමෙ චඞ‍්කමන‍්තා පරිපතන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ චඞ‍්කමනවෙදිකන‍්ති.”

79. එ සමයෙහි මහණහු සක්මන් මළුවේ සක්මන් කරන්නාහු ඇද වැටෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, සක්මන් පිළක් අනුදනිමි” යි වදාළ සේක.

80. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අජ‍්ඣොකාසෙ චඞ‍්කමන‍්තා සීතෙනපි උණ‍්හෙනපි කිලමන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ චඞ‍්කමනසාලති”ති.

80. එ සමයෙහි මහණහු එළිමහනෙහි සක්මන් කරන්නාහු, ශීතයෙන් ද, උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. “මහණෙනි, සක්මන්හල අනුදනිමි” යි වදාළ සේක.

චඞ‍්කමනසාලායං තිණචුණ‍්ණං පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුං: සෙතවණ‍්ණං කාළවණ‍්ණං ගෙරුකපරිකම‍්මං මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකං පඤ‍්චපටිකං චීවරවංසං චීවරරජ‍්ජුන‍්ති.”

සක්මන්හලෙහි තණසුණු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට, ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකම් ලතාකම් කරන්නට මෝරදැති හෝ අඳින්නට, දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වර්‍ණවත් කරන්නට ද අනුදනිමි. එහි සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.

81. ජන‍්තාඝරං නීචවත්‍ථුකං හොති. උදකෙන ඔත්‍ථරීයති. “අනුජානාමි භික‍්ඛවෙ උච‍්චවත්‍ථුකං කාතුන‍්ති.” චයො පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට‍්ඨකාචයං සිලාචයං දාරුචයන‍්ති.”

81. ගිනිහල් ගෙය පහත් බිමක ඇත්තේ වෙයි. දියෙන් වැතිරේ (යට වේ). “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක. බිම උස් කරන්නට ගොඩ ගසන ලද පස් රැස කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගලින් කළ බැම්ම ද ලීයෙන් කළ බැම්ම ද යි බැඳුම් තුනක් රැස් කොට බඳින්නට අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ තයො සොපාණෙ ඉට‍්ඨකාසොපාණං, සිලාසොපාණං, දාරුසොපාණන‍්ති”.

එය නඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළු හිණ, ගල් හිණ, දඬු හිණ යන හිණි (පඩිපෙළ) තුන අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා පරිපතන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති”.

හිණෙහි නැහෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළසේක.

ජන‍්තාඝරස‍්ස කවාටං න හොති. “අනුජානාමි භික‍්ඛවෙ කවාටං පිට‍්ඨසඞ‍්ඝාටං උදුක‍්ඛලිකං උත‍්තරපාසකං අග‍්ගලවට‍්ටිකං කපිසීසකං සූචිකං ඝටිකං තාලච‍්ඡිද‍්දං ආවිඤ‍්ජනඡිද‍්දං ආවිඤ‍්ජනරජ‍්ජුන‍්ති”.

ගිනිහල්ගෙට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව ද දොරබාව ද උදුක්ඛලිකාව ද උත්තරපාසකය ද අගුළුවැටිය ද කපිසීසකය ද සූචිකාව ද ඝටිකාව ද කෙසිසිදුර ද අදිනා ලනුව බහාලන සිදුර ද අදිනා ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.

82. ජන‍්තාඝරස‍්ස කුඩ‍්ඩපාදො ජීරති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ මණ‍්ඩලිකං කාතුන‍්ති.”

82. ගිනිහල් ගෙයි බිතුපා දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මණ්ඩලිකාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.

ජන‍්තාඝරස‍්ස ධූමනෙත‍්තං න හොති. “අනුජානාමි භික‍්ඛවෙ ධූමනෙත‍්තන‍්ති.”

ගිනිහල් ගෙට දුම් පිට වන සිදුරෙක් නැත. “මහණෙනි, දුම් පිට වන සිදුරක් (තනන්නට) අනුදනිමි” යි වදාළසේක.

83. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ඛුද‍්දකෙ ජන‍්තාඝරෙ මජ‍්ඣෙ අග‍්ගිට‍්ඨානං කරොන‍්ති. උපචාරො න හොති. “අනුජානාමි භික‍්ඛවෙ ඛුද‍්දකෙ ජන‍්තාඝරෙ එකමන‍්තං අග‍්ගිට‍්ඨානං කාතුං, මහල‍්ලකෙ මජ‍්ඣෙ”ති.

83. එ සමයෙහි වූ කලි මහණහු කුඩා ගිනිහලෙහි මැද උදුන තනත්, එයට උපචාරයෙක් (වටා ඉඩෙක්) නො වෙයි. “මහණෙනි, කුඩා ගිනිහල්ගෙහි එක් පසෙකත් මහත් ගිනිහල් ගෙහි මැදත් උදුන තනන්නට අනුදනිමි” යි වදාළසේක.

ජන‍්තාඝරෙ අග‍්ගි මුඛං ඩහති. “අනුජානාමි භික‍්ඛවෙ මුඛමත‍්තිකන‍්ති.”

ගිනිහල් ගෙහි ගින්න මුහුණ දවයි. “මහණෙනි, මුහුණ අලවන මැටි අනුදනිමි” යි වදාළසේක.

හත්‍ථෙ මත‍්තිකං තෙමෙන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ මත‍්තිකාදොණිකන‍්ති.”

අතෙහි මැටි තෙමත්, “මහණෙනි, මැටි ඔරුවක් අනුදනිමි” යි වදාළසේක.

මත‍්තිකා දුග‍්ගන්‍ධා හොති. “අනුජානාමි භික‍්ඛවෙ වාසෙතුන‍්ති.”

මැටි දුගඳ වේ. “මහණෙනි, මැට්ටෙහි සුවඳ කවන්නට අනුදනිමි” යි වදාළසේක.

ජන‍්තාඝරෙ අග‍්ගි කායං ඩහති. “අනුජානාමි භික‍්ඛවෙ උදකං අතිහරිතුන‍්ති.”

ගිනිහල් ගෙහි ගින්න කය දවයි. “මහණෙනි, ගිනිහල් ගෙය තුළට තලිය ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.

පාතියාපි පත‍්තෙනපි උදකං අතිහරන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ උදකාධානං, උදකසරාවකන‍්ති.”

තලියෙන් ද පාත්‍රයෙන් ද දිය (ගිනිහල් ගෙයැ) ඇතුළට ගෙන යෙත්, “දිය තබන බඳුනක් ද (දියමලාවක් නෑබිලියක් ද) අනුදනිමි” යි වදාළසේක.

84. ජන‍්තාඝරං තිණච‍්ඡදනං සාදෙති. “අනුජානාමි භික‍්ඛවෙ ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුන‍්ති.”

84. තණපියස්ස (පිදුරුපියස්ස) ගිනිහල් ගෙය තණකොළ විසුරුවා ලීමෙන් හැඩි කෙරෙයි. (තණපියස්සේ තණකොළ (පිදුරු) වැටීමෙන් ගිනිහල් ගෙය( බිම හැඩි වෙයි.) “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලේප කරන්නට අනුදනිමි” යි වදාළසේක.

ජන‍්තාඝරං චික‍්ඛල‍්ලං හොති. “අනුජානාමි භික‍්ඛවෙ සන්‍ථරිතුං තයො සන්‍ථරෙ: ඉට‍්ඨකාසන්‍ථරං සිලාසන්‍ථරං දාරුසන්‍ථරන‍්ති.” චික‍්ඛල‍්ලඤ‍්ඤෙව හොති. “අනුජානාමි භික‍්ඛවෙ ධොවිතුන‍්ති.”

ගිනිහල් ගෙය මඩ සහිත වෙයි. “ගඩොළු ඇතුරුම ගල් ඇතුරුම දඬු ඇතුරුම යන ඇතුරුම් තුන අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) මඩ සහිත ම වේ. “මහණෙනි, (බිම) සෝදන්නට අනුදනිමි” යි වදාළසේක.

උදකං සන‍්තිට‍්ඨති, “අනුජානාමි භික‍්ඛවෙ උදකනිද‍්ධමනන‍්ති.”

දිය රැඳී සිටී. “මහණෙනි, දිය පිටව යන්නට සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ජන‍්තාඝරෙ ඡමාය නිසීදන‍්ති. ගත‍්තානි කණ‍්ඩූවන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ ජන‍්තාඝරපීඨන‍්ති”.

එ සමයෙහි මහණහු ගිනිහල් ගෙහි බිමැ හිඳිත්. ගාත්‍රයෝ (ශාරීරායවයෝ) කසත්. “මහණෙනි ගිනිහල් පුටුවක් අනුදනිමි” යි වදාළසේක.

85. තෙන ඛො පන සමයෙන ජන‍්තාඝරං අපරික‍්ඛිත‍්තං හොති. “අනුජානාමි භික‍්ඛවෙ පරික‍්ඛිපිතුං, තයො පාකාරෙ ඉට‍්ඨකාපාකාරං, සිලාපාකාරං දාරුපාකාරන‍්ති.”

85. එ සමයෙහි ගිනිහල් ගෙය (කිසිවෙකිනුත්) වටින් නො අවුරන ලද්දේ වෙයි. “මහණෙනි, ගඩොළු පවුර, ගල්පවුර, දඬු පවුර (ලීවැට) යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි” යි වදාළ සේක.

කොට‍්ඨකො න හොති. “අනුජානාමි භික‍්ඛවෙ කොට‍්ඨකන‍්ති.”

දොරැ කොටුවෙක් නො වෙයි. “මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළ සේක.

කොට‍්ඨකො නීචවත්‍ථුකො හොති, උදකෙන ඔත්‍ථරියති. “අනුජානාමි භික‍්ඛවෙ උච‍්චවත්‍ථුකං කාතුන‍්ති.”

කොටුව පහත් බිමක් ඇත්තේ වෙයි. දියෙන් යට වෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.

චයො පරිපතති “අනුජානාමි භික‍්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට‍්ඨකාචයං සිලාචයං දාරුචයන‍්ති.”

බිම උස් කරන්නට ගොඩ ගැසූ පස ගිලිහී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම, දඬුබැම්ම යන තුන් බැඳුම් ගොඩවල් අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ තයො සොපාණෙ ඉට‍්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන‍්ති”.

(දොරැ කොටුවට) නඟින්නාහු වෙහෙසෙත්, “ගඩොළු හිණ ගල් හිණ දඬුහිණ යන හිණි තුන අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා පරිපතන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති.”

(දොරැ කොටුවට) නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.

කොට‍්ඨකස‍්ස කවාටං න හොති. “අනුජානාමි භික‍්ඛවෙ කවාටං පිට‍්ඨසඞ‍්ඝාටං උදුක‍්ඛලිකං උත‍්තරපාසකං අග‍්ගලවට‍්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාලච‍්ඡිද‍්දං ආවිඤ‍්ජනඡිද‍්දං ආවිඤ‍්ජනරජ‍්ජුන‍්ති.”

දොරැ කොටුවට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව, දොරබාව, වටෙවුලීය, උතුරුලීය දොරපොල්ල, අගුළුකණුව, යතුරු ලීය, තරංකය, කෙසි සිදුර, අදිනා ලනුව බහාලන සිදුර, අදනා ලනුව අනුදනිමි” යි වදාළ සේක.

කොට‍්ඨකෙ තිණචුණ‍්ණං පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුං සෙතවණ‍්ණං කාළවණ‍්ණං ගෙරුකපරිකම‍්මං මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකං පඤ‍්චපටිකන‍්ති.

කොටුවෙහි තණසුණු (පිදුරුරොඩු) ගිලිහී වැටෙයි “මහණෙනි, ඝණ ලී අතුරා සුදුපැහැති හෝ කළු පැහැති හෝ බදාම ආලේප කරන්නට ගුරුපිරියම් කරන්නට, (එහි) මාලාකර්‍ම ලතාකර්‍ම මකරදන්තක (මුවරදැති සටහන්) පඤ්චපටිකා (දැහිඟුල් ඈ පස්වණක්පැහැ) කරන්නට ද අනුදනිමි” යි වදාළ සේක.

පරිවෙණං චික‍්ඛල‍්ලං හොති. “අනුජානාමි භික‍්ඛවෙ මරුම‍්බං උපකිරිතුන‍්ති.”

“(ගිනිගල් ගෙය වටා ලූ පවුරෙන්) ඇතුළත බිම මඩ සහිත වෙයි. කුඩා ගල් කැබැලි (බොරළු) ඉසිරුවන්නට අනුදනිමි” යි වදාළ සේක.

න පරියාපුණන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ පදරසිලං නික‍්ඛිපිතුන‍්ති.” උදකං සන‍්තිට‍්ඨති. “අනුජානාමි භික‍්ඛවෙ උදකනිද‍්ධමනන‍්ති.”

ගල් කැබැලි නො සෑහෙයි, “මහණෙනි, ගල්පුවරු බහා ලන්නට අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) දිය රැඳී සිටි. “මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළ සේක.

86. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ නග‍්ගා නග‍්ගං අභිවාදෙන‍්ති. නග‍්ගා නග‍්ගං අභිවාදාපෙන‍්ති. නග‍්ගා නග‍්ගස‍්ස පරිකම‍්මං කරොන‍්ති. නග‍්ගා නග‍්ගස‍්ස පරිකම‍්මං කාරාපෙන‍්ති. නග‍්ගා නග‍්ගස‍්ස දෙන‍්ති. නග‍්ගා පටිගණ‍්හන‍්ති. නග‍්ගා ඛාදන‍්ති. නග‍්ගා භුඤ‍්ජන‍්ති. නග‍්ගා සායන‍්ති. නග‍්ගා පිවන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ නග‍්ගෙන නග‍්ගො අභිවාදෙතබ‍්බො. යො අභිවාදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. න නග‍්ගෙන නග‍්ගො අභිවාදාපෙතබ‍්බො -පෙ- න නග‍්ගෙන අභිවාදෙතබ‍්බං -පෙ- න නග‍්ගෙන අභිවාදාපෙතබ‍්බං -පෙ- න නග‍්ගෙන නග‍්ගස‍්ස පරිකම‍්මං කාතබ‍්බං -පෙ- න නග‍්ගෙන නග‍්ගස‍්ස පරිකම‍්මං කාරාපෙතබ‍්බං -පෙ- න නග‍්ගෙන නග‍්ගස‍්ස දාතබ‍්බං -පෙ- න නග‍්ගෙන පටිග‍්ගහෙතබ‍්බං -පෙ- න නග‍්ගෙන ඛාදිතබ‍්බං -පෙ- න නග‍්ගෙන භුඤ‍්ජිතබ‍්බං -පෙ- න නග‍්ගෙන සායිතබ‍්බං -පෙ- න නග‍්ගෙන පාතබ‍්බං යො පිවෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති.

86. එ සමයෙහි මහණහු තුමූ නග්න වූවාහු නග්න මහණක්හු වඳිත්. නග්නවූවාහු අනෙකකු ලවා නග්න මහණකුට වන්දවත්. නග්න වූවාහු නග්න මහණකුට සිරුරු පිරියම් කරත්, නග්න වූවාහු නග්නමහණකුට සිරුරු පිරියම් කරවත්. නග්න වූවාහු නග්න මහණකුට (ආහාරාදිය) දෙත්. නග්න වූවාහු පිළිගනිත්. නග්න වූවාහු කත්, නග්න වූවාහු බුදිත්, නග්න වූවාහු රස විඳිත්. නග්න වූවාහු බොත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නග්න වැ නග්නයෙක් නො වැන්ද යුතු, නග්න වැ නග්නයකු වඳිනේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. නග්නයෙක් නග්නයකු ලවා නො වැන්දවියැ යුතු ... තමා නග්න වැ කවරෙක් හෝ නො වැන්ද යුතු ... නග්නයකු ලවා නො වැන්දවියයුතු ... නග්න වූවහු විසින් නග්නයකුහට පිරියම් නො කටයුතු ... නග්න වූවහු විසින් නග්නයකුට පිරියම් නො කැරැවියයුතු ... නග්න වූවහු විසින් නග්නයක්හට (කිසිත්) නො දියැයුතු ... නග්න වැ නො පිළිගතයුතු ... නග්න වැ නො කෑයුතු ... නග්න වැ නො බුදියයුතු ... නග්න වැ රස නො වින්ද යුතු ... නග්න වැ නො පියැ යුතු. යමෙක් බොන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

87. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ජන‍්තාඝරෙ ඡමාය චීවරං නික‍්ඛිපන‍්ති. චීවරං පංසුකිතං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ජන‍්තාඝරෙ චීවරවංසං චීවරරජ‍්ජුන‍්ති.”

87. එ සමයෙහි වනාහි මහණහු ගිනිහල්ගෙහි බිම සිවුරු තබත්. සිවුරු පස් තැවරුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙහි සිවුරු එල්ලා තබන්නට ලීයක්ද සිවුරු රැහැනක් ද අනුදනිමි” යි වදාළ සේක.

දෙවෙ වස‍්සෙන‍්තෙ චීවරං ඔවස‍්සති. “අනුජානාමි භික‍්ඛවෙ ජන‍්තාඝරසාලන‍්ති.”

වැසි වස්නා කල්හි සිවුරු තෙමෙයි. “මහණෙනි, ගිනිහල් ගෙට සිවුරු තබන්නට ශාලාවක් අනුදනිමි” යි වදාළ සේක.

ජන‍්තාඝරසාලා නීචවත්‍ථුකා හොති, උදකෙන ඔත්‍ථරියති. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ උච‍්චවත්‍ථුකං කාතුන‍්ති.”

ගිනිහල්ගෙයි සිවුරු තබන ශාලාව පහත් බිමක් ඇතියේ වෙයි. වතුරට යට වෙයි. “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.

චයො පරිපතති. අනුජානාමි භික‍්ඛවෙ චිනිතුං තයො චයෙ -පෙ- ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති -පෙ- ආරොහන‍්තා පරිපතන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති.”

බිම උස්කරන්නට ගොඩ ගැසූ පස් ගිලිහී වැටීයෙයි. “මහණෙනි ... තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළ සේක. නඟින්නාහු වෙහෙසෙත්. නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.

ජන‍්තාඝරසාලාය තිණචුණ‍්ණං පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුං සෙතවණ‍්ණං කාළවණ‍්ණං ගෙරුකපරිකම‍්මං මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකං පඤ‍්චපටිකං -පෙ- චීවරවංසං චීවරරජ‍්ජුන‍්ති.”

ගිනිහල් ගෙහි සිවුරු තබන ශාලායෙහි තණරොඩු ගිලිහී වැටෙයි “මහණෙනි, පියස්ස ඝන ලී යොදා තනා, සුදුපැහැති කොට, කළු පැහැති කොට, ගුරු පිරියම් ඇති කොට හෝ ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, එහි මාලාකම්, ලතාකම්, මකරදන්තක චිත්‍ර පඤ්චපටිකා හෝ කරන්නට අනුදනිමි ... සිවුරු එල්ලන ලීයක් ද සිවුරු එල්ලන රැහැනක් ද අනුදනිමි “යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ජන‍්තාඝරෙපි උදකෙපි පරිකම‍්මං කාතුං කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ තිස‍්සො පටිච‍්ඡාදියො ජන‍්තාඝරපටිච‍්ඡාදිං උදකපටිච‍්ඡාදිං වත්‍ථපටිච‍්ඡාදින‍්ති.”

එ සමයෙහි මහණහු නග්න වැ ගිනිහල් ගෙහි ද දියෙහි ද (සිරුරු) පිරියම් කරන්නට කුකුස් කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙට පිවිසීම නමැති වැස්ම ද දියට බැසීම නමැති වැස්ම ද වස්‍ත්‍රයෙන් ඇඟ වසාගැන්ම නමැති වැස්ම දැ යි තුන් වැසුම් අනුදනිමියි” වදාළ සේක.

88. තෙන ඛො පන සමයෙන ජන‍්තාඝරෙ උදකං න හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ උදපානන‍්ති.”

88. එ සමයෙහි ගිනිහල්ගෙහි ජලය නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ළිඳක් අනුදනිමි” යි වදාළ සේක.

උදපානස‍්ස කූලං ලුජ‍්ජති. “අනුජානාමි භික‍්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට‍්ඨකාචයං, සිලාචයං දාරුචයන‍්ති.”

ළිඳේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬුබැම්ම, යන බැඳුම් තුන අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

උදපානො නීචවත්‍ථුකො හොති. උදකෙන ඔත්‍ථරීයති. “අනුජානාමි භික‍්ඛවෙ උච‍්චවත්‍ථුකං කාතුන‍්ති.”

ළිඳ පහත් බිමක් ඇතියේ වෙයි. දියෙන් වැසෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස්සන්නට) අනුදනිමි” යි වදාළ සේක.

චයො පරිපතති -පෙ- ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති -පෙ- ආරොහන‍්තා පරිපතන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති.”

ගොඩ ගැසූ පස් රැස ඇද හැලෙයි ... එයට නඟින්නාහු වෙහෙසෙත් ... නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළ සේක.

89. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ වල‍්ලියාපි කායබන්‍ධනෙනපි උදකං වාහෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ උදකවාහනරජ‍්ජුන‍්ති.”

89. එ සමයෙහි මහණහු වැලින් ද කාබහනින් ද (කයැ බඳනා පටියෙන් ද) දිය අදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, දිය අදනා කඹයක් අනුදනිමි” යි වදාළ සේක.

හත්‍ථා දුක‍්ඛා හොන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ තුලං කරකටකං චක‍්කවට‍්ටකන‍්ති.”

අත් පෙළෙන්නෝ වේ. “මහණෙනි, තුලාව (ආඬියා) ද කරකටකය ද (අතින් හෝ ගවයන් ලවා හෝ ඈතට ඇදගෙන යෑමෙන් දිය අදනා යන්ත්‍රය ද) චක්‍රවර්තය (ඝටී යන්ත්‍රය) ද අනුදනිමි” යි වදාළ සේක.

භාජනා බහූ භිජ‍්ජන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ තයො වාරකෙ ලොහවාරකං දාරුවාරකං චම‍්මඛණ‍්ඩන‍්ති.”

බොහෝ බඳුන් බිඳේ. “මහණෙනි, ලොහොමුවා කළය ද දඬුමුවා කළය ද සම් කඩින් කළ භාජනය ද යන තුන් කළ අනුදනිමි” යි වදාළ සේක.

90. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අජ‍්ඣොකාසෙ උදකං වාහන‍්තො සීතෙනපි උණ‍්හෙනපි කිලමන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ උදපානසාලන‍්ති.”

90. එ සමයෙහි මහණහු එළිමහන් බිමෙහි දිය අදනාහු (ශීත ඍතුයෙහි) ශීතයෙන් ද (උෂ්ණ ඍතුයෙහි) උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළහ. “මහණෙනි, ළින් හලක් අනුදනිමි’ යි වදාළ සේක.

උදපානසාලාය තිණචුණ‍්ණං පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුං සෙතවණ‍්ණං කාළවණ‍්ණං ගෙරුකපරිකම‍්මං මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකං පඤ‍්චපටිකං චීවරවංසං චීවරරජ‍්ජුන‍්ති.”

ළින්හලෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් බදාම ආලේප කරන්නට, සුදු පැහැ කළු පැහැ කරන්නට, ගුරු පිරියම් කරන්නට, මල්කම් ලියකම් කරන්නට, මුවරදැති හෝ සිතියම් කරන්නට, දෑහිඟුල් ආදියෙන් පස් වණක් පැහැ කරන්නට” අනුදනිමි. සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.

උදපානො අපාරුතො හොති. තිණචුණ‍්ණෙහිපි පංසුකෙහිපි ඔකිරියති. “අනුජානාමි භික‍්ඛවෙ අපිධානන‍්ති.”

ළිඳ නො වසන ලද්දේ වේ. තණරොඩු වලින්ද දූවිල්ලෙන් ද වැසෙයි. “මහණෙනි, (ළිඳ වසා තබන්නට) වැස්මක් (පියනක්) අනුදනිමි” යි වදාළ සේක.

උදකභාජනං න සංවිජ‍්ජති. “අනුජානාමි භික‍්ඛවෙ උදකදොණිං උදකකටාහන‍්ති.”

ළින්හලෙහි දියබඳුනෙක් නැත. “මහණෙනි, දියඔරුව ද දිය කටාරම ද අනුදනිමි” යි වදාළ සේක.

91. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ආරාමෙ තහං තහං නහායන‍්ති. ආරාමො චික‍්ඛල‍්ලො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ චන්‍දනිකන‍්ති.”

91. එ සමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන නාත්. අරම මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, (නාන පිණිස) වළක් අනුදනිමි” යි වදාළ සේක.

චන්‍දනිකා අපාරුතා හොති. භික‍්ඛූ හිරීයන‍්ති නහායිතුං. “අනුජානාමි භික‍්ඛවෙ පරික‍්ඛිපිතුං තයො පාකාරෙ ඉට‍්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන‍්ති.”

නාන වළ වටින් නො හැවුරුණේ වෙයි. මහණහු නාන්නට ලජ්ජිත වෙත්. “මහණෙනි, ගඩොළු පවුර, ගල් පවුර, දඬුපවුර, යන පවුරු තුන අනුදනිමි” යි වදාළ සේක.

චන්‍දනිකා චික‍්ඛල‍්ලා හොති. “අනුජානාමි භික‍්ඛවෙ සන්‍ථරිතුං තයො සන්‍ථරෙ ඉට‍්ඨකාසන්‍ථරං සිලාසන්‍ථරං දාරුසන්‍ථරන‍්ති.”

නාන වළ මඩ සහිත වෙයි. “මහණෙනි, ගඩොළු ඇතුරුම, ඇතුරුම, ලී ඇතුරුම යන තුන් ඇතුරුම් අනුදනිමි” යි වදාළ සේක.

උදකං සන‍්තිට‍්ඨති. “අනුජානාමි භික‍්ඛවෙ උදකනිද‍්ධමනන‍්ති.”

දිය ගලා නො ගොස් රැඳෙයි. “මහණෙනි, දිය ගලා යනු පිණිස සොරොව්වක් (තනන්නට) අනුදනිමි” යි වදාළ සේක.

92. තෙන ඛො පන සමයෙන භික‍්ඛූනං ගත‍්තානි සීතිකානි හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ උදකපුඤ‍්ජචොලකෙන පි පච‍්චුද‍්ධරිතුන‍්ති.”

92. එ සමයෙහි භික්‍ෂුන්ගේ සිරුරු ශීතල වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දිය පිසිනා රෙදි කඩෙකින් පිස දිය ඉවත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො උපාසකො සඞ‍්ඝස‍්ස අත්‍ථාය පොක‍්ඛරණිං කාරෙතුකාමො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ පොක‍්ඛරණින‍්ති.”

එ සමයෙහි එක්තරා උවසුවෙක් සඞ්ඝයා සඳහා පොකුණක් කරවනු කැමැත්තේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, පොකුණක් අනුදනිමි” යි වදාළ සේක.

පොක‍්ඛරණියා කූලං ලුජ‍්ජති. “අනුජානාමි භික‍්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට‍්ඨකාචයං සිලාචයං දාරුචයන‍්ති.”

පොකුණේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬු බැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ තයො සොපාණෙ ඉට‍්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන‍්ති.”

නඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළුහිණ ද ගල් හිණ ද දඬුහිණ ද යන හිණ තුන අනුදනිමි” යි වදාළ සේක.

ආරොහන‍්තා පරිපතන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති.”

නඟින්නාහු වැටෙත්. “මහණෙනි, ඇත්වැලක් (ගරාදි වැටක්) අනුදනිමි” යි වදාළ සේක.

පොක‍්ඛරණියා උදකං පුරාණං හොති. “අනුජානාමි භික‍්ඛවෙ උදකමාතිකං උදකනිද‍්ධමනන‍්ති.”

පොකුණෙහි දිය පරණ වෙයි. “මහණෙනි, (පිටතින්) දිය ගලා ඊමට ඇළක් ද දිය පිට වීමට සොරොව්වක් ද අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු සඞ‍්ඝස‍්ස අත්‍ථාය නිල‍්ලෙඛං ජන‍්තාඝරං කත‍්තුකාමො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ නිල‍්ලෙඛං ජන‍්තාඝරන‍්ති.”

එ සමයෙහි එක්තරා මහණෙක් සඞ්ඝයාගේ පුයෝජනය පිණිස කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය සවිකොට කළ පියසි සහිත ගිනිහල් ගෙයක් කරන්නට කැමැති වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය තබා කළ පියැසි සහිත ගිනිහල්ගෙය අනුදනිමි” යි වදාළ සේක.

93. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ චාතුමාසං නිසීදනෙන විප‍්පවසන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං “න භික‍්ඛවෙ චාතුමාසං නිසීදනෙන විප‍්පවසිතබ‍්බං. යො විප‍්පවසෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

93. එ සමයෙහි සවග මහණහු සාරමසක් හිඳිනා කඩෙන් වෙන් වැ වෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, සාරමසක් හිඳින කඩින් වෙන් වැ නො විසියැ යුතු, යමෙක් (එසේ) එයින් වෙන් වැ වසන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

94. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පුප‍්ඵාභිකිණ‍්ණෙසු සයනෙසු සයන‍්ති මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ පුප‍්ඵාභිකිණ‍්ණෙසු සයනෙසු සයිතබ‍්බං. යො සයෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති .

94. එ සමයෙහි සවග මහණහු මල් විසුළ යහන්හි වැදහොත්. මිනිස්සු විහාර චාරිකායෙහි ඇවිදුනාහු එය දැක “කාමභෝගී ගිහියන් බඳුහ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මල් විසුළ යහන්හි නො සැතැපියැ යුතු. යමෙක් එහි සැතැපෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන මනුස‍්සා ගන්‍ධම‍්පි මාලම‍්පි ආදාය ආරාමං ආගච‍්ඡන‍්ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න පටිගණ‍්හන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ගන්‍ධං ගහෙත්‍වා කවාටෙ පඤ‍්චඞ‍්ගුලිකං දාතුං, පුප‍්ඵං ගහෙත්‍වා විහාරෙ එකමන‍්තං නික‍්ඛිපිතුන‍්ති.”

එ සමයෙහි මිනිස්සු සුවඳ දෑ ද මල් ද ගෙන ආරාමයට එත්. මහණහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සුවඳ දෑ පිළිගෙන කවුළුයෙහි (දොර පළුවෙහි) පසඟුල් දෙන්නට ද මල් පිළිගෙන වෙහෙරෙහි එක් පැත්තෙක තබන්නට ද අනුදනිමි” යි වදාළ සේක.

95. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝස‍්ස නමතකං උප‍්පන‍්නං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ නමතකන‍්ති.”

95. එ සමයෙහි සඞ්ඝයාට නමතකයෙක් (එළුලොමින් කළ නො වියන ලද ඇතිරියක් හෝ සම්කඩක් සේ පරිභෝග කළ යුතු උපකරණයෙක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ බවත් සැලකළහ. “මහණෙනි, නමතකය අනුදනිමි” යි වදාළ සේක.

අථ ඛො භික‍්ඛූනං එතදහොසි: ‘නමතකං අධිට‍්ඨාතබ‍්බං නු ඛො උදාහු විකප‍්පෙතබ‍්බන‍්ති.’ “න භික‍්ඛවෙ නමතකං අධිට‍්ඨාතබ‍්බං, න විකප‍්පෙතබ‍්බන‍්ති.”

එ කල්හි මහණුනට ‘නමතකය ඉටියැ යුතු ද නොහොත් විකැපිය යුතු ද’ යි මේ සිත විය. “මහණෙනි, නමතකය නො ඉටියැ යුතු, නො ද විකැපියැ යුතු යැ’ යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ආසිත‍්තකූපධානෙ භුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ ආසිත‍්තකූපධානෙ භුඤ‍්ජිතබ‍්බං. යො භුඤ‍්ජෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති .

එ සමයෙහි සවග මහණහු තමෙන් හෝ රිදියෙන් කළ පේලායෙහි (පෙට්ටියක් වැනි උපකරණයෙක්හි) වළඳත්. මිනිස්සු “මොහු කාමභෝගී ගිහියන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. මහණෙනි, තඹින් හෝ රිදියෙන් කළ පේළායෙහි නො වැළඳිය යුතු යැ’ යි වදාළ සේක.

96. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. සො භුඤ‍්ජමානො න සක‍්කොති හත්‍ථෙන පත‍්තං සන්‍ධාරෙතුං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ මළොරිකන‍්ති.”

96. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. හේ වළඳනුයේ අතින් පාත්‍රය දරා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දණ්ඩකාධාරකයක් (ලීයෙන් කළ පාත්‍රාධාරකයක්) අනුදනිමි’ යි වදාළ සේක.

97. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ එකභාජනෙ පි භුඤ‍්ජන‍්ති. එකථාලකෙ පි පිවන‍්ති. එකමඤ‍්චෙ පි තුවට‍්ටෙන‍්ති. එකත්‍ථරණා පි තුවට‍්ටෙන‍්ති. එකපාපුරණා පි තුවට‍්ටෙන‍්ති. එකත්‍ථරණාපාපුරණා පි තුවට‍්ටෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං, “න භික‍්ඛවෙ එකභාජනෙ භුඤ‍්ජිතබ‍්බං. න එකථාලකෙ පාතබ‍්බං. න එකමඤ‍්චෙ තුවට‍්ටිතබ‍්බං. න එකත්‍ථරණෙ තුවට‍්ටිතබ‍්බං. න එකපාපුරණෙපි තුවට‍්ටිතබ‍්බං. න එකත්‍ථරණපාපුරණෙපි තුවට‍්ටිතබ‍්බං. යො තුවට‍්ටෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

97. එ සමයෙහි සවග මහණහු එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් තලුතැටියෙහි පැන් පීම ද කෙරෙත්, එක් ඇඳෙහි වැද හෝනාහු ද වෙත්, එක් ඇතිරියක් ඇත්තාහු ද (එක් ඇතිරියෙහි ද) වැදහොත්, (සැතපෙත්) එක් පොරෝනාවක් ඇත්තාහු ද වැදහොත් (සැතපෙත්). ‘කාමභෝගී ගිහියන් බඳුවහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, එක් බඳුනෙහි නො වැළඳියැ යුතු, එක් තලු තැටියෙහි නො පියැ යුතු, එක් ඇඳෙහි නො වැදැහියැයුතු, එක් ඇතිරියක් ඇත්තවුන් වැ නො වැද හියැයුතු, එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැදැහියැ යුතු, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැද හියැ යුතු, යමෙක් එසේ වැදහොන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

98. තෙන ඛො පන සමයෙන වඩ‍්ඪො ලිච‍්ඡවී මෙත‍්තියභුම‍්මජකානං භික‍්ඛූනං සහායො හොති. අථ ඛො වඩ‍්ඪො ලිච‍්ඡවී යෙන මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මෙත‍්තියභුම‍්මජකෙ භික‍්ඛූ එතදවොච: ‘වන්‍දාමි අය්‍යා’ති. එවං වුත‍්තෙ මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ නාලපිංසු. දුතියම‍්පි ඛො වඩ‍්ඪො ලිච‍්ඡවී මෙත‍්තියභුම‍්මජකෙ භික‍්ඛූ එතදවොච. ‘වන්‍දාමි අය්‍යා’ති. දුතියම‍්පි ඛො මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ නාලපිංසු. තතියම‍්පි ඛො වඩ‍්ඪො ලිච‍්ඡවී මෙත‍්තියභුම‍්මජකෙ භික‍්ඛූ එතදවොච: ‘වන්‍දාමි අය්‍යා’ති. තතියම‍්පි ඛො මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ නාලපිංසු. “ක්‍යාහං අය්‍යානං අපරජ‍්ඣාමි? කිස‍්ස මං අය්‍යා නාලපන‍්තී”ති. “තථා හි පන ත්‍වං ආවුසො වඩ‍්ඪ අම‍්හෙ දබ‍්බෙන මල‍්ලපුත‍්තෙන විහෙඨියමානෙ අජ‍්ඣුපෙක‍්ඛසී?ති”

98. එ සමයෙහි වඩ්ඪ නම් ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක යන භික්‍ෂුදෙනමගේ යහළුවෙක් වෙයි. එ කලැ වඩ්ඪ ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක දෙ නම කරා එළැඹියේ ය. එළැඹ, ‘ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කීය. මෙසේ කී කල මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. දෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම ‘ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කී ය. දෙවෙනි වර ද මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. තෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කී ය. තෙවෙනි වර ද ඔහු නිහඬ වූහ. ‘ආර්‍ය්‍යයනට මම් කවර වරදක් කෙරෙම් ද? කුමට ආර්‍ය්‍යයෝ මට නො දොඩත් දැ?’ යි හේ ඇසී ය. “එසේ ම ය, ඇවැත් වඩ්ඪයිනි, මල්ලරාජපුත්‍ර දබ්බයා විසින් පෙළනු ලබන අප නො තකා උදාසීන වූහු” යැ යි ඔහු කීහු.

‘ක්‍යාහං අය්‍යා කරොමී?”ති

‘ආර්‍ය්‍යයෙනි, මම් කුමක් කරන්නෙම් දැ?’ යි. වඩ්ඪ පුළුවුත.

‘සචෙ ඛො ත්‍වං ආවුසො වඩ‍්ඪ, ඉච‍්ඡෙය්‍යාසි, අජ‍්ජෙව භගවා ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං නාසාපෙය්‍යා’ති.

‘ඉදින් වඩ්ඪයෙනි, තෙපි කැමැති වන්නහු නම්, අද ම භාග්‍යවතුන් වහන්සේ මල්ලපුත්‍ර දබ්බයා මෙ සස්නෙන් පලවා හරින්නේ යැ’ යී ඔහු කීහ.

‘ක්‍යාහං අය්‍යා කරොමි? කිං මයා සක‍්කා කාතුන‍්ති’

‘ආර්‍ය්‍යයෙනි, මම් කුමක් කරන්නෙම් ද? කුමක් මා විසින් කරන්නට හැකි දැ?’ යි. වඩ්ඪ පුළුවුත.

‘එහි ත්‍වං ආවුසො වඩ‍්ඪ, යෙන භගවා තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එවං වදෙහි: “ඉදං භන‍්තෙ නච‍්ඡන‍්නං නප‍්පතිරූපං යායං භන‍්තෙ දිසා අභයා අනීතිකා අනුපද‍්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද‍්දවා. යතො නිවාතං, තතො පවාතං උදකං මඤ‍්ඤෙ ආදිත‍්තං. අය්‍යෙන මෙ දබ‍්බෙන මල‍්ලපුත‍්තෙන පජාපති දූසිතා”ති.

“ඇවැත් වඩ්ඪයිනි, තෙපි මෙහි එවු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹැ, ‘වහන්ස, යම් දිසාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද, ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් සුළං නැත් ද එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ල පුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්‍ය්‍යාව දූෂිත විය. වහන්ස, මෙය නො නිසි ය, මෙය නො සුදුසු යැ’ යි කියන්නැ” යි ඔහු කීහු,

‘එවං අය්‍යා’ති ඛො වඩ‍්ඪො ලිච‍්ඡවී මෙත‍්තියභුම‍්මජකානං භික‍්ඛූනං පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වඩ‍්ඪො ලිච‍්ඡවී භගවන‍්තං එතදවොච: “ඉදං භන‍්තෙ නච‍්ඡන‍්නං නප‍්පතිරූපං, යායං භන‍්තෙ දිසා අභයා අනීතිකා අනුපද‍්දවා සායං දිසා සභයා සඊතිකා සඋපද‍්දවා, යතො නිවාතං තතො පවාතං උදකං මඤ‍්ඤෙ ආදිත‍්තං. අය්‍යෙන මෙ දබ‍්බෙන මල‍්ලපුත‍්තෙන පජාපති දූසිතා”ති.

‘එසේ යැ ආර්‍ය්‍යයෙනි’ යි කියා වඩ්ඪ ලිච්ඡවී තෙම මෙත්තිය භූම්මජක මහණුනට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හුන්නේ ම “වහන්ස, යම් දිශාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් හුළං නැද්ද, එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ලපුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්‍ය්‍යාව දූෂිත විය. වහන්ස, මෙය නො නිසි යැ. මෙය නො සුදුසු යැ” යි භාග්‍යවතුන් වහන්සේට කීය.

අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං පටිපුච‍්ඡි: “සරසි ත්‍වං දබ‍්බ එවරූපං කත‍්තා යථායං වඩ‍්ඪො ආහා?”ති.

එ කලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා, ආයුෂ්මත් දබ්බ තෙරුන් බණවා, “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් තෙපි සිහි කරවු ද?” යි පුළුවුත් සේක.

“යථා මං භන‍්තෙ භගවා ජානාතී”ති.

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එබඳුයෙමි” යි ආයුෂ්මත් දබ්බ තෙරණුවෝ වදාළාහ.

දුතියම‍්පි ඛො භගවා -පෙ- තතියම‍්පි ඛො භගවා ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං එතදවොච: “සරසි ත්‍වං දබ‍්බ එවරූපං කත‍්තා යථායං වඩ‍්ඪො ආහා”ති.

භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් කළා තෙපි සිහි කරවු දැ?” යි පුළුවුත් සේක.

යථා මං භන‍්තෙ භගවා ජානාතී”ති.

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එසේ වෙමි” යි දබ්බ තෙරණුවෝ වදාළාහ.

“න ඛො දබ‍්බ දබ‍්බා එවං නිබ‍්බෙඨෙන‍්ති. සචෙ තයා කතං කතන‍්ති වදෙහි. සචෙ අකතං අකතන‍්ති වදෙහී”ති.

“දබ්බයෙනි, නුවණැත්තෝ මෙසේ අවුල් නිරවුල් නො කරත්, ඉඳින් තොප විසින් කරන ලද්දේ නම් ‘කරන ල දැ’ යි කියවු. ඉඳින් නො කරන ලද්දේ නම්, ‘නො කරන ල දැ’ යි කියවු” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“යතොහං භන‍්තෙ ජාතො, නාභිජානාමි සුපිනන‍්තෙන’පි මෙථුනං ධම‍්මං පටිසෙවිතා, පගෙව ජාගරො”ති.

“වහන්ස, මම් , යම් දිනෙක (ආර්‍ය ජාතියෙහි) උපන්නෙම් ද, එ තැන් සිට ස්වප්නාන්තයෙනු දු මෙවුන්දම් සෙවියෙකිමි යි නො දනිමි. නින්දෙන් පිබිද සිටින්නෙම් (එබන්දක් කෙළෙම් යැ) යනු කියනුම කවරේ දැ” යි තෙරණුවෝ වදාළාහ.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තං නික‍්කුජ‍්ජතු අසම‍්භොගං සඞ‍්ඝෙන කරොතු. අට‍්ඨහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස උපාසකස‍්ස පත‍්තො නික‍්කුජ‍්ජිතබ‍්බො: භික‍්ඛූනං අලාභාය පරිසක‍්කති, භික‍්ඛූනං අනත්‍ථාය පරිසක‍්කති, භික‍්ඛූනං අවාසාය පරිසක‍්කති. භික‍්ඛූ අක‍්කොසති පරිභාසති. භික‍්ඛූ භික‍්ඛූහි භෙදෙති. බුද‍්ධස‍්ස අවණ‍්ණං භාසති. ධම‍්මස‍්ස අවණ‍්ණං භාසති. සඞ‍්ඝස‍්ස අවණ‍්ණං භාසති. අනුජානාමි භික‍්ඛවෙ ඉමෙහි අට‍්ඨහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස උපාසකස‍්ස පත‍්තං නික‍්කුජ‍්ජිතුං.

එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තනික්කුජ්ජනය (පාත්‍රය යැටිකුරු කිරීම - ඔහුගේ ගෙයින් භික්‍ෂාව නො පිළිගැන්මේ සම්මතිය) කෙරේවා, ඔහු සංඝයා හා සම්භෝග නැත්තකු කෙරේවා (ඔහු දුන් දැයක් සංඝයා විසින් නො පිළිගත යුතු සේ වූ කෙනකු ලෙස සම්මත කෙරේවා). මහණෙනි, අඞ්ග අටෙකින් සමන්‍විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කළයුතු. (කවර අටකින් ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස (ලැබෙන දෑ වළක්වන්නට) උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට අනර්‍ත්‍ථ පිණිස උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට ඔවුන් (වසනා තැන) නො විසීම පිණිස ප්‍රයෝග කෙරෙයි ද, භික්‍ෂූනට ආක්‍රෝශ පරිභව කෙරෙයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් බිඳුවයි ද, බුදුනට දොස් නගයි ද, ධමීයට දොස් නගයි ද, සඞ්ඝයාට දොස් නගයි ද මේ අඞ්ග අට ය. මහණෙනි, මේ අඞ්ග අටින් සමන්‍විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කෙරේවා.

එවඤ‍්ච පන භික‍්ඛවෙ නික‍්කුජ‍්ජිතබ‍්බො: ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

තවද මහණෙනි, මෙ මතු කියන පරිද්දෙන් පත්තනික්කුජ්ජනය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වීයැ යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: වඩ‍්ඪො ලිච‍්ඡවී ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං අමූලිකාය සීලවිපත‍්තියා අනුද‍්ධංසෙති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තං නික‍්කුජ‍්ජෙය්‍ය අසම‍්භොගං සඞ‍්ඝෙන කරෙය්‍ය”. එසා ඤත‍්ති.

“සඞ්ඝයා මගේ වචනය අසාවා. වඩ්ඪ ලිච්ඡවි තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. ඉදින් සඞ්ඝයාට සුදුසු කල් වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන්නේ ය සඞ්ඝයා හා සමෙහාග නැත්තකු කරන්නේ ය.” මේ ඥප්තිය (දැනුම්දීම) යැ.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: වඩ‍්ඪො ලිච‍්ඡවී ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං අමූලිකාය සීලවිපත‍්තියා අනුද‍්ධංසෙති. සඞ‍්ඝො වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තං නික‍්කුජ‍්ජති. අසම‍්භොගං සඞ‍්ඝෙන කරොති. යස‍්සායස‍්මතො ඛමති වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තස‍්ස නික‍්කුජ‍්ජනා අසම‍්භොගං සඞ‍්ඝෙන කරණං, සො තුණ‍්හස‍්ස, යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. නික‍්කුජ‍්ජිතො සඞ‍්ඝෙන වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තො අසම‍්භොගො සඞ‍්ඝෙන, ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. වඩ්ඪ ලිච්ඡවී තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග රහිතයක්හු කරයි. වඩ්ඪ ලිච්ඡවියාට පනතනික්කුජජනය කිරීම, ඔහු සඞ්ඝයා හා සමෙහාගය නැත්තක්හු කිරීම යම් ආයුෂ්මතකුට රිසියෙන්නේ නම් හේ නිහඬවේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට සඞ්ඝයා හා සමෙහාගය නැති පත්තනික්කුජ්ජනය කරන ලද්දේ වෙයි. එය සචහයාට රිසියෙයි, එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි (පිළිගනිමි)” යනු යැ.

99. අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා වඩ‍්ඪං ලිච‍්ඡවිං එතදවොච: “සඞ‍්ඝෙන තෙ ආවුසො වඩ‍්ඪ පත‍්තො නික‍්කුජ‍්ජිතො. අසම‍්භොගො’සි සඞ‍්ඝෙනා”ති. අථ ඛො වඩ‍්ඪො ලිච‍්ඡවී “සඞ‍්ඝෙන කිර මෙ පත‍්තො නික‍්කුජ‍්ජිතො අසම‍්භොගො’ම‍්හි කිර සඞ‍්ඝෙනා”ති තත්‍ථෙව මුච‍්ඡිතො පපති. අථ ඛො වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා වඩ‍්ඪං ලිච‍්ඡවිං එතදවොචුං: “අලං ආවුසො වඩ‍්ඪ, මා සොචි, මා පරිදෙවි. මයං භගවන‍්තං පසාදෙස‍්සාම භික‍්ඛුසඞ‍්ඝඤ‍්චා”ති.

99. එ කල්හි වනාහි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු සෙමෙහි හැඳ පෙරෙව ගෙන පාසිවුරු ගෙන වඩ්ඪ ලිවජවීහුගේ ගෙය වෙත එළඹුණාහ. එළැඹ වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, සඞ්ඝයා විසින් ඔබට පත්තනික්කුජ්ජනය කරන ලදි. ඔබ , සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් කරන ලදහ” යි වදාළාහ. එ කල්හි වඩ්ඪ ලිචඡවී තෙම “සඞ්ඝයා විසින් මට පත්තනික්කුජ්ජනය කර්‍මය කරන ලද්දේ ල, සඞ්ඝයා හා සමෙහාග නැතියෙකිම් වෙමි” යි කියා එහි ම මුසපත් වැ වැටිණ. ඉක්බිති වඩ්ඪ ලිචඡවීහුගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේ නෑයෝ ද වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, ශෝක නො කරන්න, නො හඬන්න. අපි භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසඞ්ඝයා ද පහදවන්නම්හ” යි කීහ.

අථ ඛො වඩ‍්ඪො ලිච‍්ඡවී සපුත‍්තදාරො සමිත‍්තාමච‍්චො සඤාතිසාලොහිතො අල‍්ලවත්‍ථො අල‍්ලකෙසො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවන‍්තං එතදවොච: “අච‍්චයො මං භන‍්තෙ අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං, යොහං අය්‍යං දබ‍්බං මල‍්ලපුත‍්තං අමූලිකාය සීලවිපත‍්තියා අනුද‍්ධංසෙසිං. තස‍්ස මෙ භන‍්තෙ භගවා අච‍්චයං අච‍්චයතො පටිගණ‍්හාතු ආයතිං සංවරායා”ති.

ඉක්බිත්තෙන් වඩ්ඪ ලිචඡවී තෙම අඹුදරුවන් සහිත වැ, මිත්‍රාමාත්‍යයන් සහිත වැ, නෑසහ ලේ නෑයන් සහිත වැ තෙත් වස්ත්‍ර ඇතියේ තෙත් කෙහෙ ඇතියේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල හිසින් වැටී වැඳ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු වූ මම් ආර්‍ය වූ මල්ලපුත්‍ර දබ්බ තෙරුන් වහන්සේට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙළෙම් ද, එසේ චෝදනා කළ හැකි පමණට ම මහත් අඥානයකු වූ බැවින්, එ පමණට ම මහත් සේ මුළා වූවකු බැවින්, එ පමණට ම කෞශල්‍ය නැත්තකු වූ බැවින් වරද මා ඉක්මැ ගියේ ය. (මම එ බඳු වරදකට යට වීමි). භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මතු එබඳු දැයින් වළකිනු පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා (එය මාගේ වරද යැ යි මා කියන වචනය පිළිගන්නා සේක්වා)” යි. මේ වචන කී ය.

“තග‍්ඝ ත්‍වං ආවුසො වඩ‍්ඪ අච‍්චයො අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං යං ත්‍වං දබ‍්බං මල‍්ලපුත‍්තං අමූලිකාය සීලවිපත‍්තියා අනුද‍්ධංසෙසි. යතො ච ඛො ත්‍වං ආවුසො වඩ‍්ඪ අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොසි, තං තෙ මයං පටිගණ‍්හාම. වුද‍්ධිහෙසා ආවුසො වඩ‍්ඪ අරියස‍්ස විනයෙ යො අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති ආයතිං සංවරං ආපජ‍්ජතී”ති.

“ඇවැත් වඩ්ඪයිනි, යම් බඳු වූ තෙපි යම් හෙයෙකින් මල්ලපුත්‍ර දබ්බයනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කළහු ද, එහෙයින් ම ඒ වරද එසේ කිරීමට තරම් ම අඥාන වූ මුළා වූ කෞශල්‍ය රහිත වූ තොප ඉක්මැ ගියේ ය. ඇවැත් වඩ්ඪයිනි, යම් හෙයෙකින් ම තෙපි වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි (එයට) ප්‍රතිකර්‍ම කරවු ද එහෙයින් අපි තොපගේ ඒ (වරද පිළිගැන්මේ) වචනය පිළිගනිමු. වඩ්ඪයිනි, යමෙක් (තමා කළ) වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි එයට පිළියම් කරන්නේ නම්, මත්තෙහි සංවරයට පැමිණෙන්නේ නම්, මෙය ආර්‍ය විනයයෙහි වැඩීමෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තං උක‍්කුජ‍්ජතු සම‍්භොගං සඞ‍්ඝෙන කරොතු. අට‍්ඨහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස උපාසකස‍්ස පත‍්තො උක‍්කුජ‍්ජිතබ‍්බො: න භික‍්ඛූනං අලාභාය පරිසක‍්කති. න භික‍්ඛූනං අනත්‍ථාය පරිසක‍්කති. න භික‍්ඛූනං අවාසාය පරිසක‍්කති. න භික‍්ඛූ අක‍්කොසති පරිභාසති, න භික‍්ඛූ භික‍්ඛූහි භෙදෙති. න බුද‍්ධස‍්ස අවණ‍්ණං භාසති. න ධම‍්මස‍්ස අවණ‍්ණං භාසති. න සඞ‍්ඝස‍්ස අවණ‍්ණං භාසති. අනුජානාමි භික‍්ඛවෙ ඉමෙහි අට‍්ඨහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස උපාසකස‍්ස පත‍්තං උක‍්කුජ‍්ජිතුං.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තඋක්කුජ්ජනය කෙරේවා (පත්තනික්කජජ්න කර්‍මය අවලංගු කෙරේ වා) ඔහු සඞ්ඝයා සමෙහාගය ඇත්තකු කෙරේවා. මහණෙනි, අංග අටෙකින් සමන්‍විත උපාසකයාට පත්තඋක්කුජ්ජන කර්‍මය කළයුතු. (කවර අඞ්ග අටෙකින් සමන්විතයාට ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස තැත් නො කෙරේ ද, භික්‍ෂූනට අවැඩ පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූන් වසන තැනින් නෙරැපීම පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූනට ආක්‍රෝශ නො කෙරේ ද පරිභව නො කෙරේ ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් නො බිඳුවා ද, බුදුනට දොස් නො නඟා ද, දහමට දොස් නො නඟා ද, සඟනට දොස් නො නඟා ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් උපාසකයාට පත්තඋක්කුජ්ජනය කරන්නට (පත්තනික්කුජ්ජන කර්‍මයෙන් ඔහු නිදහස් කරන්නට) අනුදනිමි” යනු යි.

එවඤ‍්ච පන භික‍්ඛවෙ උක‍්කුජ‍්ජිතබ‍්බො. තෙන භික‍්ඛවෙ වඩ‍්ඪෙන ලිච‍්ඡවිනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: සඞ‍්ඝෙන මෙ භන‍්තෙ පත‍්තො නික‍්කුජ‍්ජිතො, අසම‍්භොගොම්’හි සඞ‍්ඝෙන, සො’හං භන‍්තෙ සම‍්මා වත‍්තාමි ලොමං පාතෙමි. නෙත්‍ථාරං වත‍්තාමි. සඞ‍්ඝං පත‍්තුක‍්කුජ‍්ජනං යාචාමීති. දුතියම‍්පි යාචිතබ‍්බො. තතියම‍්පි යාචිතබ‍්බො. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

මහණෙනි, පත්ත උක්කුජ්ජන ය වනාහි මෙසේ කළයුතු: මහණෙනි, ඒ වඩ්ඪ ලිච්ඡවීන් විසින් සඞ්ඝයා කරා එළැඹ, උතුරු සළුව සකස් කොට භික්‍ෂුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන “වහන්ස, මට සඞ්ඝ තෙමේ පත්තනික්කුජ්ජන කෙළේ යැ. සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් (කරන ලද්දෙම්) වෙමි. වහන්ස, ඒ මම් මනාව පවතිමි. ලොම් හෙළමි (යටත් පහත් ව පවතිමි). නිස්තරණය පිණිස (මට පැනවූ දඬුවමින් මිදෙනු පිණිස) කළයුතු දෑ කරමි. සඞ්ඝයා ගෙන් පත්තඋක්කුජ්ජන ය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද තෙවෙනි වර ද මෙසේ ම යාච්ඤා කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. සඞ‍්ඝෙන වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තො නික‍්කුජ‍්ජිතො අසම‍්භොගො සඞ‍්ඝෙන. සො සම‍්මා වත‍්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත‍්තති. සඞ‍්ඝං පත‍්තුක‍්කුජ‍්ජනං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තං උක‍්කුජ‍්ජෙය්‍ය සම‍්භොගං සඞ‍්ඝෙන කරෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මා ගේ වචනය අසාවා. සඩඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාග නැතියෙක් කරන ලද්දේ ය. හේ මනා වැ පවතී. අනුලොම් වැ (යටත් පහත් වැ-වචනයට අවනත වැ) පවතී: නිස්තරණය පිණිස (පැන වූ දඬුවමින් මිදෙනු පිණිස) කළ යුතු දෑ කෙරෙයි. පත්තඋක්කුජ්ජනය සඞ්ඝයාගෙන් ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිවජවිහට පත්තඋක්කුජ්ජනය කෙරේවා, ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරේවා”. මේ ඥප්තිය යැ.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: සඞ‍්ඝෙන වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තො නික‍්කුජ‍්ජිතො අසම‍්භොගො සඞ‍්ඝෙන. සො සම‍්මා වත‍්තති ලොමං පාතෙති නෙත්‍ථාරං වත‍්තති. සඞ‍්ඝං පත‍්තුක‍්කුජ‍්ජනං යාචති. සඞ‍්ඝො වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තං උක‍්කුජ‍්ජති. සම‍්භොගං සඞ‍්ඝෙන කරොති. යස‍්සායස‍්මතො ඛමති වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තස‍්ස උක‍්කුජ‍්ජනං, සම‍්භොගං සඞ‍්ඝෙන කරණං. සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, හේ සඞ්ඝයා හා සමෙහාගය නැත්තෙක් කරන ලද්දේ ය. හෙ තෙම මනා වැ පවතී. යටත් පහත් වැ පවතී. නිස්තරණය පිණිස පවතී. සඞ්ඝයාගෙන් පත්තඋක්කුජ්ජනය ඉල්ලයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්ත උක්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරෙයි. වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.

“උක‍්කුජ‍්ජිතො සඞ‍්ඝෙන වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිස‍්ස පත‍්තො සම‍්භොගො සඞ‍්ඝෙන. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාගය ඇත්තෙක් කරන ලද්දේ ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනු යි.

දුතිය භාණවාරං.

දෙවෙනි බණවර නිමියේ ය.

තතිය භාණවාරං

තුන්වන බණවර

100. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන භග‍්ගා තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන භග‍්ගා තදවසරි. තත්‍ර සුදං භගවා භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ.

100. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ විසල්පුර කැමැති තාක් වැස, භග්ග රට බලා සැරි සරා වඩින්නට පිටත් වූ සේක. පිළිවෙළින් සැරිසරා, වඩනා සේක්, භග්ග රටට බට සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට සුංසුමාරගිර නුවරට නො දුරු නො ළං තන්හි වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක.

තෙන ඛො පන සමයෙන බොධිස‍්ස රාජකුමාරස‍්ස කොකනදො නාම පාසාදො අචිරකාරිතො හොති අනජ‍්ඣාවුත්‍ථො සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා කෙනචි වා මනුස‍්සභූතෙන.

එ කලැ වනාහි බෝධි රාජකුමාරයා විසින් කොකනද නම් පහයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු හෝ බමුණක්හු හෝ මනුෂ්‍ය වූ කිසිවක් හු විසින් වාසය නො කරන ලද වෙයි.

අථ ඛො බොධිරාජකුමාරො සඤ‍්ජිකාපුත‍්තං මාණවං ආමන‍්තෙසි: “එහි ත්‍වං සම‍්ම සඤ‍්චිකාපුත‍්ත, යෙන භගවා තෙනුපසඞ‍්කම. උපසඞ‍්කමිත්‍වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍ද, අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡ ‘බොධි භන‍්තෙ රාජකුමාරො භගවතො පාදෙ සිරසා වන්‍දති අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡතී’ති. එවඤ‍්ච වදෙහි: ‘අධිවාසෙතු කිර භන‍්තෙ භගවා බොධිස‍්ස රාජකුමාරස‍්ස ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති.

ඉක්බිති බෝධි රාජකුමාර තෙම සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “සගය, සඤ්ජිකාපුත්‍රය, මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ වෙත යා. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිස නමා වඳුව, ආබාධ නැති බව, නීරෝග බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරව. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක් වා’ යි මෙසේත් කියව” යි කීයේ ය.

‘එවං භො’ති ඛො සඤ‍්චිකාපුත‍්තො මාණවො බොධිස‍්ස රාජකුමාරස‍්ස පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සඤ‍්චිකාපුත‍්තො මාණවො භගවන‍්තං එතදවොච: බොධි ඛො රාජකුමාරො භොතො ගොතමස‍්ස පාදෙ සිරසා වන්‍දති, අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡති. එවඤ‍්ච වදෙති ‘අධිවාසෙතු කිර භන‍්තෙ භගවා බොධිස‍්ස රාජකුමාරස‍්ස ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන.

සඤ්ජිකාපුත්‍ර මාණවක “එසේ ය. පින්වතැ’ යි කියා බෝධි රාජකුමාරයාට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය, සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා, එක් පසෙක හිඳ ගත්තේ ය. සඤ්ජිකා පුත්‍ර මාණවක තෙම මෙසේ එක් පසෙක හුන්නේ ම, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී. නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, සිරුරු බල ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සභුන් හා සෙට දවසට බෝධි රාජ කුමාරයාගේ බත ඉවසන සේක්වා’ යි මෙසේත් කියා” යැයි මේ වචන කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක:

අථ ඛො සඤ‍්ජිකාපුත‍්තො මාණවො භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා යෙන බොධිරාජකුමාරො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා බොධිං රාජකුමාරං එතදවොච: “අවොචුම‍්හ ඛො මයං භොතො වචනෙන තං භවන‍්තං ගොතමං ‘බොධි ඛො රාජකුමාරො භොතො ගොතමස‍්ස පාදෙ සිරසා වන්‍දති, අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡති. එවඤ‍්ච වදෙති: අධිවාසෙතු කිර භන‍්තෙ භගවා බොධිස‍්ස රාජකුමාරස‍්ස ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති. අධිවුත්‍ථඤ‍්ච පන සමණෙන ගොතමෙනා”ති.

ඉක්බිත්තෙන් සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම භාග්‍යවතුන් වහන්සේ ඒ නිමන්ත්‍රණය ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැගී බෝධි රාජ කුමාරයා කරා ගියේ ය. ගොස්, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී, නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක්වා’ යි මෙසේත් කියා යැ යි. අපි භවත්හුගේ වචනයෙන් ඒ භවත් ගෞතමයනට මෙසේත් කීම්හ” යි බෝධි රාජකුමාරයාට මෙ බස් පැවසී ය.

101. අථ ඛො බොධිරාජකුමාරො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා, කොකනදඤ‍්ච පාසාදං ඔදාතෙහි දුස‍්සෙහි සන්‍ථරාපෙත්‍වා යාව පච‍්ඡිමා සොපානකලෙබරා සඤ‍්චිකාපුත‍්තං මාණවං ආමන‍්තෙසි: එහි ත්‍වං සම‍්ම සඤ‍්චිකාපුත‍්ත, යෙන භගවා තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා භගවතො කාලං ආරොචෙහි ‘කාලො භන‍්තෙ නිට‍්ඨිතං භත‍්තන‍්ති’. ‘එවම‍්භො’ති ඛො සඤ‍්චිකාපුත‍්තො මාණවො බොධිස‍්ස රාජකුමාරස‍්ස පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතො කාලං ආරොචෙසි ‘කාලො භො ගොතම, නිට‍්ඨිතං භත‍්තන‍්ති’.

101. ඉක්බිති බෝධි රාජකුමාර තෙම ඒ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා, පැසිම් හිණිපෙත තෙක් කොකනද පහය (බිම) සුදුවතින් වස්වා, සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “යහළු සඤ්ජිකාපුත්‍ර, එන්න, භාග්‍යවතුන් වහන්සේ කරා යව, ගොස් ‘වහන්ස, බත පිළියෙළ කොට නිමියේ ය, වඩින්නට කාලය යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වව” යි කී ය. ‘එසේ ය, පින්වතැ’ යි කියා සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම බෝධි රාජකුමාරයාට පිළිවදන් අස්වා, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, ‘භවත් ගෞතමයිනි, දැන් වඩින්නට කල් වේ. බත පිළියෙළ කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වී ය.

අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන බොධිස‍්ස රාජකුමාරස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. තෙන ඛො පන සමයෙන බොධිරාජකුමාරො බහිද‍්වාරකොට‍්ඨකෙ ඨිතො හොති භගවන‍්තං ආගමයමානො. අද‍්දසා ඛො බොධිරාජකුමාරො භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන තතො පච‍්චුග‍්ගන‍්ත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා පුරක‍්ඛත්‍වා යෙන කොකනදො පාසාදො තෙනුපසඞ‍්කමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සමයෙහි හැඳ පෙරව, පාසිවුරු ගෙන බික් සඟන කැටුව බෝධි රාජකුමාරයාගේ නිවෙස කරා වැඩිසේක. එ වේලෙහි වනාහි බෝධි රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේ වඩිනු බලාපොරොත්තු වනුයේ බිහිදොරටුයෙහි සිටියේ වේ. බෝධි රාජකුමාර තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක එතැනින් පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පෙරටු කොට ගෙන කොකනද පහය වෙත එළැඹියේ ය.

අථ ඛො භගවා පච‍්ඡිමං සොපාණකලෙබරං නිස‍්සාය අට‍්ඨාසි. අථ ඛො බොධිරාජකුමාරො භගවන‍්තං එතදවොච: ‘අක‍්කමතු භන‍්තෙ භගවා දුස‍්සානි, අක‍්කමතු සුගතො දුස‍්සානි, යං මම අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායා’ති. එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො බොධිරාජකුමාරො භගවන‍්තං එතදවොච: ‘අක‍්කමතු භන‍්තෙ භගවා දුස‍්සානි, අක‍්කමතු සුගතො දුස‍්සානි, යං මම අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායා’ති. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං අපලොකෙසි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො බොධිං රාජකුමාරං එතදවොච: ‘සංහරතු රාජකුමාර දුස‍්සානි, න භගවා චෙලපත‍්තිකං අක‍්කමිස‍්සති. පච‍්ඡිමං ජනතං තථාගතො අනුකම‍්පතී’ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැසිම් හිණිපෙත ළඟ වැඩසිටි සේක. එ කල්හි බෝධි රාජකුමාර තෙම ‘වහන්ස, යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා, සුගතයන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා’ යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬ වූ සේක. දෙවනු ද ... තෙවනු ද බෝධි රාජකුමාර තෙම, ‘යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එ හෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙන (පාගා වඩිනා) සේක් වා’ යි කීයේ ය. එ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් දෙස හැරී බැලූසේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධි රාජකුමාරයාට ‘රාජකුමාරය, වස්ත්‍රයන් හකුළාවා, භාග්‍යවතුන් වහන්සේ රෙදි පියවිල්ල නො ඇක්මෙන (නො පාගන) සේක. තථාගතයන් වහන්සේ පශේවිම ජනතාවට අනුකම්පා කරන සේක’ යි කීහ.

අථ ඛො බොධි රාජකුමාරො දුස‍්සානි [සංහරාපෙත්‍වා උපරිකොකනදෙ පාසාදෙ ආසනං පඤ‍්ඤාපෙසි. අථ ඛො භගවා කොකනදං පාසාදං අභිරූහිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. අථ ඛො බොධිරාජකුමාරො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදි.

එකල්හි බෝධි රාජකුමාර තෙම වස්ත්‍ර හකුළවා කොකනද පහයේ උඩු මහල් තලයෙහි අසුන් පැනැවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොකනද පහය නැඟ පනවන ලද අසුන්හි බික් සඟන හා වැඩහුන්සේක. ඒ වේලෙහි බෝධි රාජකුමාර තෙම බුදුපාමොක් සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් හොජ්‍යයෙන් සියතින් සතප්වා මොනවට පවරවා (පෙරැත්ත කොට කොට බොජුන් වළඳවා), බොජුන් වළඳා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් ඇතැති භාග්‍යවතුන් වහන්සේ සමීපයේ එක් පසෙක හිඳ ගත්තේ ය.

එකමන‍්තං නිසින‍්නං ඛො බොධිං රාජකුමාරං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි “න භික‍්ඛවෙ චෙලපත‍්තිකා අක‍්කමිතබ‍්බා. යො අක‍්කමෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

එසේ එක් පසෙක හුන් බෝධි රාජකුමාරයාට භාග්‍යවතුන් වහන්සේ ධර්‍මකථායෙන් කරුණු දක්වා, එය මොනොවට ගන්වා, ඒ ගැන්ම තියුණු කොට, එහි ඵල දැක්වීමෙන් සතුටු කොට, හුනස්නෙන් නැගී නික්ම වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් බණවා, “වස්ත්‍රයෙන් කළ පියවිල්ල (පාවාඩය) නො ඇක්මිය යුතු ය, යම් මහණෙක් ඇක්මෙන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.

102. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා ඉත්‍ථී අපගතගබ‍්භා භික‍්ඛූ නිමන‍්තෙත්‍වා දුස‍්සං පඤ‍්ඤාපෙත්‍වා එතදවොච “අක‍්කමථ භන‍්තෙ දුස‍්සන‍්ති”. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න අක‍්කමන‍්ති.

102. එ සමයෙහි වනාහි එක්තරා ස්ත්‍රියක් පහ වූ දරුගැබ් ඇත්තී, භික්‍ෂූන් නිමතා වස්ත්‍ර පනවා (බිමට රෙදි එළා) “වහන්ස, වස්ත්‍රය ඇක්මුන මැනැවැ” යි කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මෙත්.

“අක‍්කමථ භන‍්තෙ දුස‍්සං මඞ‍්ගලත්‍ථායා”ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා න අක‍්කමිංසු.

“වහන්ස, මංගල පිණිස වස්ත්‍රය. ඇක්මෙන්නැ” යි. ඕ කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මුණාහ.

අථ ඛො සා ඉත්‍ථී උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම අය්‍යා මඞ‍්ගලත්‍ථාය යාචියමානා චෙලප‍්පතිකං නාක‍්කමිස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්සා ඉත්‍ථියා උජ‍්ඣායන‍්තියා ඛීයන‍්තියා විපාචෙන‍්තියා. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “ගිහී භික‍්ඛවෙ මඞ‍්ගලිකා. අනුජානාමි භික‍්ඛවෙ ගිහීනං මඞ‍්ගලත්‍ථාය යාචියමානෙන චෙලප‍්පතිකං අක‍්කමිතුන‍්ති”.

එකල්හි ඒ ස්ත්‍රී “කෙසේ නම් ආර්‍ය්‍යයෝ මංගල පිණිස ඉල්ලනු ලබන්නාහු රෙදි පියැවිල්ල නො ඇක්මෙන්නාහු දැ” යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් කතා පතුරුවයි. භික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් කතා පතුරුවන ඒ ස්ත්‍රියගේ වචන ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ ... “මහණෙනි, ගෘහස්ථයෝ මාංගලිකයහ මහණෙනි, මංගල පිණිස ගිහියන් විසින් ඉල්ලනු ලබන මහණහු විසින් රෙදි පියැවිල්ල ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ධොතපාදකං අක‍්කමිතුං කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ ධොතපාදකං අක‍්කමිතුන‍්ති”.

එ සමයෙහි මහණහු දෙවූ පා ඇතියනු විසින් පා තැබිය යුතු කොට එලා ඇති රෙදි ඇතිරිය ඇක්මෙන්නට කුකුස් කෙරෙත් ... “මහණෙනි, දෙවූ පා ඇත්තහු සඳහා එළා ඇති ඇතිරිය ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.

103. අථ ඛො භගවා භග‍්ගෙසු යථාභිරන‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො විසාඛා මිගාරමාතා ඝටකඤ‍්ච කතකඤ‍්ච සම‍්මජ‍්ජනිඤ‍්ච ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නා ඛො විසාඛා මිගාරමාතා භගවන‍්තං එතදවොච: “පටිගණ‍්හාතු මෙ භන‍්තෙ භවො ඝටකඤ‍්ච කතකඤ‍්ච සම‍්මජ‍්ජනිඤ‍්ච යං මම අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායා”ති. පටිග‍්ගහෙසි භගවා ඝටකඤ‍්ච සම‍්මජ‍්ජනිඤ‍්ච. න භගවා කතකං පටිග‍්ගහෙසි.

103. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට කැමති තාක් වැස සැවැත් නුවර බලා සැරිසරා වඩනට නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, සැවැත්නුවරට පැමිණිසේක. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි මිගාරමබාතෘ නම් වූ විශාඛා උපාසිකා තොමෝ අතළයක් ද (කටු මතු කොට මැටියෙන් තනන ලද) පාගටනාවක් ද මුස්නක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළහැඹියා ය. එළැඹ වැඳ පසෙක හුන්නා ය. පසෙක හිඳ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ මේ අතළය ද පාගටනාව ද මුස්න ද පිළිගන්නා සේක් වා. එය මට දීර්‍ඝ කාලයක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අතළය ද මුස්න ද පිළිගත් සේක. පාගටනාව නො පිළිගත්සේක.

අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ ඝටකඤ‍්ච සම‍්මජ‍්ජනිඤ‍්ච. න භික‍්ඛවෙ කතකං පරිභුඤ‍්ජිතබ‍්බං. යො පරිභුඤ‍්ජෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ තිස‍්සො පාදඝංසනියො සක‍්ඛරං කඨලං සමුද‍්දඵෙණකන‍්ති.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතෘ නම් වූ විශාඛාවට ධර්‍මනිඃශ්‍රිත කථායෙන් කරුණු දක්වාවදාළසේක, ඒ කරුණු ගැන්වූ සේක, එහි උනන්දු කළසේක, එහි ලා සතුටු කළ සේක. එයට පසු, විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දී, කරුණු ගන්වන ලද්දී, එහි උනන්දු කරන ලද්දී, එහි සතුටු කරන ලද්දී, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂුසඞ්ඝයා බණවා, “මහණෙනි, අතළය ද මුස්න ද අනුදනිමි. මහණෙනි, පාගටනාව පරිහොග නො කළයුතු. යමෙක් පරිහොග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (පා ගටනු පිණිස) ගල ද කැබැලිති ද මුහුදු පෙණ ද යන තුන් පා ගටනා අනුදනිමි” යි වදාළ සේක.

104. අථ ඛො විසාඛා මිගාරමාතා විධූපනඤ‍්ච තාලවණ‍්ටඤ‍්ච ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නා ඛො විසාඛා මිගාරමාතා භගවන‍්තං එතදවොච: “පටිගණ‍්හාතු මෙ භන‍්තෙ භගවා විධූපනඤ‍්ච තාලවණ‍්ටඤ‍්ච යං මම අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායා”ති.

104. නැවත (එක් දිනක්) මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ විජිනිපතක් ද තල්වටක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ වැඳ පසෙක හිඳ ගත්තා ය. පසෙක හිඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ විජිනිපත ද තල්වට ද පිළිගන්නාසේක්වා. එය මට දික් කලක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය.

පටිග‍්ගහෙසි භගවා විධූපනඤ‍්ච තාලවණ‍්ටඤ‍්ච. අථ ඛො භගවා විසාඛං මිගාරමාතරං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි -පෙ- අථ ඛො විසාඛා මිගාරමාතා -පෙ- පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ විධූපනඤ‍්ච තාලවණ‍්ටඤ‍්චා”ති.

භාග්‍යවතුන් වහන්සේ විජිනිපත ද තල්වට ද පිළිගත් සේක. ඉක්බිති මිගාරමාතෘ නම් වූ විශාඛාවට දැහැමි කථාවෙන් කරුණු දක්වා වදාළසේක. එකල්හි මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ ... පැදකුණු කොට ගියාය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි, තෙල කරුණෙහි දැහැමිකථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, විජිනිපත ද තල්වැට ද අනුදනිමි” යි.

105. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝස‍්ස මකසවීජනී උප‍්පන‍්නා හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ මකසවීජනින‍්ති”.

105. එ සමයෙහි වනාහි සඞ්ඝයාට මදුරුවිදුනාවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, මදුරුවිදුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

චාමරිවීජනී උප‍්පන‍්නා හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ චමරිවීජනී ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ තිස‍්සො වීජනියො: වාකමයං උසීරමයං, මොරපිඤ‍්ජමයන‍්ති.

සෙමෙර විදුනාවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, සෙමෙරවිදුනාව නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැහැරිමුවා විදුනාව ද, සුවඳහොට මුවා විදුනාවද, මොනර පිල්මුවා විදුනාව ද යන තුන් විජිනිපත් අනුදනිමි” යි වදාළ සේක.

106. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝස‍්ස ඡත‍්තං උප‍්පන‍්නං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ඡත‍්තන‍්ති.”

106. එ සමයෙහි සඞ්ඝයාට ඡත්‍රයෙක් (කුඩයෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි ඡත්‍රය (කුඩය) අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ඡත‍්තපග‍්ගහිතා ආහිණ‍්ඩන‍්ති. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො උපාසකො සම‍්බහුලෙහි ආජීවකසාවකෙහි සද‍්ධිං උය්‍යානං අගමාසි. අද‍්දසංසු ඛො තෙ ආජීවකසාවකා ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ දූරතොව ඡත‍්තපග‍්ගහිතෙ ආගච‍්ඡන‍්තෙ. දිස‍්වාන තං උපාසකං එතදවොචුං: “එතෙ ඛො අය්‍ය, තුම‍්හාකං භදන‍්තා ඡත‍්තපග‍්ගහිතා ආගච‍්ඡන‍්ති සෙය්‍යථාපි ගණකමහාමත‍්තා”ති.

එ සමයෙහි සවැගි මහණහු ඔසොවා ගත් කුඩ ඇත්තාහු (කුඩ ඉසැ ලා ගෙන) ඇවිදිත්. එ කල එක්තරා උපාසකයෙක් බොහෝ සිය ගණන් ආජීවික ශ්‍රාවකයන් හා උයනට ගියේ ය. ඒ ආජීවික ශ්‍රාවකයෝ කුඩ ඉසලා ගෙන එන සවැගි මහණුන් දුරින් ම දුටුයේ ය. දැක, ඒ උපාසකයා බණවා “ආර්‍ය්‍ය තෙල ඔබ පැවිදි පින්වත්හු ගණක මහාමාත්‍යයන් සේ කුඩ ඉසලා ගත්තාහු එන්නාහ” යි කීහ.

“නාය්‍යා එතෙ භික‍්ඛූ පරිබ‍්බාජකා”ති.

“ආර්‍ය්‍යයෙනි, තෙල භික්‍ෂුහු නො වෙත්, පිරිවැජියෝයැ” යි උපාසක තෙම කී ය.

“භික‍්ඛූ න භික‍්ඛූ”ති අබ‍්භුතං අකංසු. අථ ඛො සො උපාසකො උපගතෙ සඤ‍්ජානිත්‍වා උජ‍්ඣායති ඛීයති විපාචෙති “කථං හි නාම භදන‍්තා ඡත‍්තපග‍්ගහිතා ආහිණ‍්ඩිස‍්සන‍්තී”ති.

“භික්‍ෂුහු ද? භික්‍ෂුහු නො වෙත් දැ?” යි ඔට්ටු ඇල්ලූහ. එයින් පසු ඒ උපාසක තෙම ළඟට ආවුන් හැඳින “කෙසේ නම් පින්වත්හු කුඩ ඉසලා ගෙන හැවිදින්නාහු දැ” යි අවඥා කෙරෙයි, නොගුණ කියයි, දොස් පතුරුවයි.

අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්ස උපාසකස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර භික‍්ඛවෙ -පෙ- සච‍්චං භගවා”

භික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසකයා ගේ වචන ඇසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ... සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබව වහන්සැ’ යි ඔහු කීහ.

විගරහි බුද‍්ධො භගවා. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ ඡත‍්තං ධාරෙතබ‍්බං. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

භාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා ධර්‍ම කථා කොට “මහණෙනි, කුඩය නො දැරිය යුතු, යමෙක් දැරුයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ’ යි වදාළ සේක.

107. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති, තස‍්ස විනා ඡත‍්තෙන න ඵාසු හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ගිලානස‍්ස ඡත‍්තන‍්ති.”

107. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට කුඩයක් නැති ව අපහසු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිලන් මහණහට කුඩය අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ‘ගිලානස‍්සෙව භගවතා ඡත‍්තං අනුඤ‍්ඤාතං නො අගිලානස‍්සා’ති ආරාමෙ ආරාමූපචාරෙ ඡත‍්තං ධාරෙතුං කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ අගිලානෙනපි ආරාමෙ ආරාමූපචාරෙ ඡත‍්තං ධාරෙතුන‍්ති.”

එ සමයෙහි මහණහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලනාට ම කුඩය අනුදැනිණ, නොගිලනාට නො අනුදැනිණ’ යි කියා ආරාමයෙහි ද, ආරාමොපචාරයෙහි ද කුඩ දරන්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නොගිලනහු විසින් ද ආරාමයෙහිත් ආරාමොපචාරයෙහිත් කුඩය දරන්නට අනුදනිමි” යි වදාළ සේක.

108. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු සික‍්කාය පත‍්තං උඩ‍්ඩෙත්‍වා දණ‍්ඩෙ ආලග‍්ගිත්‍වා විකාලෙ අඤ‍්ඤතරෙන ගාමද‍්වාරෙන අතික‍්කමති. මනුස‍්සා “එසය්‍යා චොරො ගච‍්ඡති, අසි’ස‍්ස විජ‍්ජොතලතී”ති අනුපතිත්‍වා ගහෙත්‍වා සඤ‍්ජානිත්‍වා මුඤ‍්චිංසු. අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි.

108. එ සමයෙහි එක්තරා මහණෙක් සාල්ලෙක නෙවා දණඩෙක එල්ලාගෙන නො කල්හි එක්තරා ගම්දොරෙකින් ඉක්මයෙයි. මිනිස්සු ‘ආර්‍ය්‍යයෙනි, මේ සොරෙක් යෙයි, ඔහුගේ කඩුව දිලිසේ’ යැ යි කියා ලුහුබැඳ අල්ලාගෙන හැඳින මුදා හළහ. එ කල්හි ඒ මහණ ආරාමයට ගොස් හිකෂුනට මෙ පවත් සැල කෙළේ ය.

“කිං පන ත්‍වං ආවුසො දණ‍්ඩසික‍්කං ධාරෙසී”ති.

“ඇවැත්නි, තෙපි දණ්ඩසික්කාවක් (දණඩෙක බඳනා ලද සාල්ලක්) දරවු දැ?” යි භික්‍ෂූහු ඇසූහ.

“එවමාවුසො”ති.

“එසේය ඇවැත්නි” යි. හේ කී ය.

යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛු දණ‍්ඩසික‍්කං ධාරෙස‍්සසී”ති.

යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණෙහි සතුටු වෙත් ද ලජජීහු ද සුළු වරදෙහිත් කුකුස් කෙරෙත් ද ශික්‍ෂා කැමැත්තෝ ද, ඔහු “කෙසේ නම් මහණ තෙමේ දණ්ඩසිකතාවක් දරන්නේ දැ” යි අවඥා කෙරෙත්, අගුණ කියත්, දොස් පතුරුවත්.

අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“සච‍්චං කිර ත්‍වං භික‍්ඛූ දණ‍්ඩසික‍්කං ධාරෙසී’ති”

“මහණ සැබෑ ද? තෝ දණ්ඩසික්කාවක් දරහි දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“සච‍්චං භගවා”

“එසේ ය, වහන්සැ” යි එ මහණ කී ය.

විගරහි බුද‍්ධො භගවා. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ දණ‍්ඩසික‍්කා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

භාග්‍යවතුන් වහන්සේ ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා, “මහණෙනි, දණ්ඩසික්කාව නො දැරිය යුතු. යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

109. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. න සක‍්කොති විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ගිලානස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසම‍්මතිං දාතුං. එවඤ‍්ච පන භික‍්ඛවෙ දාතබ‍්බා: තෙන ගිලානෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො:

109. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, ගිලන් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නට අනුදනිමි. එය වනාහි මෙසේ දියැ යුතු: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන්හි තබාගෙන,

“අහං භන‍්තෙ ගිලානො න සක‍්කොමි විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං. සො’හං භන‍්තෙ සඞ‍්ඝං දණ‍්ඩසම‍්මුතිං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බා. තතියම‍්පි යාචිතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝොඤාපෙතබ‍්බො.

“වහන්ස මම් ගිලන්මි, දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩ සම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලිය යුතු තෙවෙනි වරද ඉල්ලියයුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් මෙසේ සඞ්ඝ තෙමේ දැන්වියයුතු ය.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො, න සක‍්කොති විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං. සො සඞ‍්ඝං දණ‍්ඩසම‍්මතිං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසම‍්මතිං දදෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙ නම් මහණ ගිලන් යැ. දණ්ඩක් නැති වැ ඇවිදියැ නො හැක්ක. හෙතෙම සඞ්ඝයා ගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් මෙ නම් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො න සක‍්කොති විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං. සො සඞ‍්ඝං දණ‍්ඩසම‍්මුතිං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසම‍්මතිං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසම‍්මුතියා දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් ය. දණ්ඩක් නැතිවැ ඇවිදින්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩ සම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.

දින‍්නා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසම‍්මති. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

“සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සිතමි)” යනු යැ.

110. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. න සක‍්කොති විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

110. තවද එසමයෙහි එක්තරා මහණෙක් ගිලන්වෙයි. සහල්ලක් නැති වැ පාත්‍රය. පරිහරණ කරන්නට නො හැකි වෙයි. තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වාලූහ.

“අනුජානාමි භික‍්ඛවෙ ගිලානස‍්ස භික‍්ඛුනො සික‍්කාසම‍්මතිං දාතුං. එවඤ‍්ච පන භික‍්ඛවෙ දාතබ‍්බා: තෙන ගිලානෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො “අහං භන‍්තෙ ගිලානො න සක‍්කොමි විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. සො’හං භන‍්තෙ සඞ‍්ඝං සික‍්කාසම‍්මතිං යාචාමී’ති. දුතියම‍්පි යාචිතබ‍්බා. තතියම‍්පි යාචිතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො.”

“මහණෙනි, ගිලන් මහණහට සික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ දිය යුතුය: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු වහන්දෑගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියැ යුතු වෙයි. “වහන්ස මම ගිලන්මි. සහල්ලක් නැතිව පාත්‍රය පරිහරණ කරන්නට නො හැකි වෙමි. වහන්ස, ඒ මම සඞ්ඝයා (වෙතින්) සික්කාසම්මතිය යදිමි” යි. දෙවන වට දු යාච්ඤා කළයුතු ය. තෙවන වට දු යාච්ඤා කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඟහු දැන්වියයුත්තාහ.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො න සක‍්කොති විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. සො සඞ‍්ඝං සික‍්කාසම‍්මතිං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සික‍්කාසම‍්මතිං දදෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝයා මබස් අසන සේක්වා. මේ මෙනම් මහණ ගිලන් වෙයි. සහල්ලක් නැතිවැ පාත්‍රය පරිහරිණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදියි. ඉදින් සඟනට පැමිණි කල් වී නම් සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන්නේය. තෙල ඤත්ති යැ.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො න සක‍්කොති විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. සො සඞ‍්ඝං සික‍්කාසම‍්මතිං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සික‍්කාසම‍්මතිං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සික‍්කාසම‍්මතියා දානං. සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. දින‍්නා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සික‍්කාසම‍්මති. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

“වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් ඇති මහණ ගිලන් වෙයි. සහල්ලකින් වෙන් වැ පාත්‍රය පරිහරණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදී, සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙති. යම් ආයුෂ්මත් කෙනකුන්ට තෙල මහණහට සික්කාසම්මති දීම රිසි වේ නම් හේ නිහඬ වන්නේය. යමකුට නො රුස්නේ නම් හේ බණන්නේය. සඞ්ඝයා විසින් මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන ලදු. සඞ්ඝයාට (එය) රුස්නේය. එහෙයින් තුෂ්ණිම්භාවය , වෙයි. තෙල මෙසේ දරමි” යි.

111. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති, න සක‍්කොති විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං, න සක‍්කොති විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

111. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැතිව ඇවිදින්නට නො හැකි වෙයි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ ගිලානස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසික‍්කාසම‍්මතිං දාතුං. එවඤ‍්ච පන භික‍්ඛවෙ දාතබ‍්බා: තෙන ගිලානෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ ගිලානො, න සක‍්කොමි විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං, න සක‍්කොමි විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. සො’හං භන‍්තෙ සඞ‍්ඝං දණ‍්ඩසික‍්කාසම‍්මතිං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බා. තතියම‍්පි යාචිතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

“මහණෙනි, ගිලන් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ එය දියැ යුතු: ඒ ගිලන් මහණ සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩිමහලු භික්‍ෂූන් ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා, “වහන්ස, මම් ගිලන්මි. දණ්ඩෙන් තොර වැ හැවිදින්නට නොහැක්කෙමි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලියැ යුතු, තෙවෙනි වර ද ඉල්ලියැ යුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො. න සක‍්කොති විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං. න සක‍්කොති විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. සො සඞ‍්ඝං දණ‍්ඩසික‍්කාසම‍්මතිං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසික‍්කාසම‍්මතිං දදෙය්‍ය” එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් යැ. දණ්ඩක් නැති වැ හැවිදින්නට නො හැකි ය, සාල්ලක් නැති ව පාත්‍රය. පරිහරණය කරන්නට නො හැකි ය. හේ සඞ්ඝයා ගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇතියේ වී නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කා සම්මතිය දෙන්නේ ය”. මේ ඥප්තිය (දැන්වීම යැ).

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො න සක‍්කොති විනා දණ‍්ඩෙන ආහිණ‍්ඩිතුං, න සක‍්කොති විනා සික‍්කාය පත‍්තං පරිහරිතුං. සො සඞ‍්ඝං දණ‍්ඩසික‍්කාසම‍්මතිං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසික‍්කාසම‍්මතිං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසික‍්කාසම‍්මුතියා දානං, සො තුණ‍්හ’ස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. දින‍්නා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දණ‍්ඩසික‍්කාසම‍්මුති. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් යැ. දණ්ඩක් නැති ව ඇවිදින්නට නො හැකි යැ. සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකිය. හේ සබඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන ලදු, එය සඞ්ඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සිතමි)” යනු යැ.

112. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු රොමන්‍ථකො හොති සො රොමන්‍ථිත්‍වා රොමන්‍ථිත්‍වා අජ‍්ඣොහරති. භික‍්ඛූ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “විකාලෙ’යං භික‍්ඛු භොජනං භුඤ‍්ජතී”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

112. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් වැළැඳූ බොජුන් වමාරන්නේ වෙයි. හේ වමාර වමාරා ගිලියි. “මේ මහණ විකාලයෙහි බොජුන් වළඳා”යහැ යි භික්‍ෂූහු ඔහුට අවඥා කෙරෙත්: අගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“එසො භික‍්ඛවෙ භික‍්ඛු අචිරං ගොයොනියා චුතො. අනුජානාමි භික‍්ඛවෙ රොමන්‍ථකස‍්ස රොමන්‍ථනං. න ච භික‍්ඛවෙ බහි මුඛවාරං නීහරිත්‍වා අජ‍්ඣොහරිතබ‍්බං. යො අජ‍්ඣොහරෙය්‍ය යථා ධම‍්මො කාරෙතබ‍්බො”ති.

“මහණෙනි, මේ මහණ නොබෝ කල්හි (මෑතදී) ගවයෝනියෙන් වුත විය. මහණෙනි, (පියෙවියෙන්) වමාරන්නාහට ඒ වැමෑරීම අනුදනිමි. මහණෙනි, එතෙකුදු වුවත් මුවදොරින් (උගුරෙන්) පිටත, නික්මවා නැවැත නොගිලියැයුතු. යමෙක් එසේ ගිලින්නේ නම් ඔහුට ධර්‍මය වූ පරිදි (විකාල හොජනය වැළැඳීමට කළයුතු පරිදි) ඔහුට කළයුතු යැ” යි වදාළ සේක.

113. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස පූගස‍්ස සඞ‍්ඝභත‍්තං හොති. භත‍්තග‍්ගෙ බහූ සිත්‍ථානි විප‍්පකිරීයිංසු. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා ඔදනෙ දීයමානෙ න සක‍්කච‍්චං පටිග‍්ගහෙස‍්සන‍්ති. එකමෙකං සිත්‍ථං කම‍්මසතෙන නිට‍්ඨායතී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ යං දීයමානං පතති තං සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං. පරිච‍්චත‍්තං තං භික‍්ඛවෙ දායකෙහී”ති.

113. එ සමයෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. බොජුන් හලෙහි බොහෝ බත්තුළු විසිරිණ. “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශුමණයෝ බත් දෙනු ලබන කල්හි සකසා නොපිළි ගන්නාහු ද, එකි එකී බත්හුළෙක් කර්‍ම සියයෙකින් නිමවේ” යැයි මිනිස්සු අවඥා කරත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ කථාව භික්‍ෂූහු ඇසූහ. ඉක්බිත්තෙන් භික්‍ෂූහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ) “මහණෙනි, දෙනු ලබන යමක් වැටෙන්නේ නම්, එය තමන් ම ගෙන පරිභෝග කරන්නට අනුදනිමි. එය දායකයන් විසින් පරිත්‍යක්ත එකෙකැ” යි වදාළසේක.

114. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු දීඝෙහි නඛෙහි පිණ‍්ඩාය චරති. අඤ‍්ඤතරා ඉත්‍ථී පස‍්සිත්‍වා තං භික‍්ඛුං එතදවොච: “එහි භන‍්තෙ මෙථුනං ධම‍්මං පටිසෙවා”ති.

114. එ සමයෙහි එක්තරා මහණෙක් දික් නියවලින් යුතු ව පිඬු පිණිස හැසිරෙයි. එක්තරා ස්ත්‍රියක් එ මහණ දැක “වහන්ස, එන්න, මෙවුන් දම් සෙවිනු මැනැවැ” යි කීවා ය.

“අලං භගිනි, නෙතං කප‍්පතී”ති.

මහණ තෙම “බිහිනිය, කම් නැත. එය (අපට) කැප නො වේ” යැ යි කීය.

“සචෙ ඛො ත්‍වං භන‍්තෙ න පටිසෙවිස‍්සසි, ඉදානාහං අත‍්තනො නඛෙහි ගත‍්තානි විලිඛිත්‍වා කුප‍්පං කරිස‍්සාමි ‘අයං මං භික‍්ඛු විප‍්පකරොතී’ති.

“වහන්ස, ඉදින් ඔබ මෙවුන් දම් නො සෙවින්නාහු නම්, දැන් මම සිය නියවලින් සිරුරැ අවයව සූරාගෙන ‘මේ මහණ මට හිරිහැර කෙරේ’ යැ යි හඬ නඟන්නෙමි” යි ඕ කීවාය.

“පජානාසි ත්‍වං භගිනී”ති.

“බිහිනිය, තෝ ම එය දැන ගන්නෙහි”යැ යි මහණ කීය.

අථ ඛො සා ඉත්‍ථී අත‍්තනො නඛෙහි ගත‍්තානි විලිඛිත්‍වා කුප‍්පං අකාසි: “අයං මං භික‍්ඛු විප‍්පකරොතී”ති.

එවිට ඒ ස්ත්‍රී තමාගේ නියවලින් ශරීරාවයව සූරා ගෙන “මේ මහණ මට හිරිහැර කෙරේ යැ” යි හඬ නැඟුවාය.

මනුස‍්සා උපධාවිත්‍වා තං භික‍්ඛුං අග‍්ගහෙසුං. අද‍්දසාසුං ඛො තෙ මනුස‍්සා තස‍්සා ඉත්‍ථියා නඛෙසු ඡවිම‍්පි ලොහිතම‍්පි. දිස‍්වාන ‘ඉමිස‍්සායෙව ඉත්‍ථියා ඉදං කම‍්මං, අකාරකො භික‍්ඛූ’ති තං භික‍්ඛුං මුඤ‍්චිංසු.

මිනිස්සු එ තැනට දිවගොස් ඒ මහණ අල්ලා ගත්හ. ඒ මිනිස්සු ඒ ස්ත්‍රියගේ නියවල සිවිය ද ලේ ද දුටුවාහ. දැක, “මෙය මේ ස්ත්‍රියගේ ම ක්‍රියාවෙක, මේ මහණ වරදකරු නොවේ”යැ යි කියා එ මහණහු මුදාලුහ.

අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි.

එකල්හි ඒ මහණ අරමට ගොස් භික්ෂූනට මෙ පවත් දැන්වීය.

“කිං පන ත්‍වං ආවුසො දීඝෙ නඛෙ ධාරෙසී”ති.

“කිමෙක් ද ආයුෂ්මත්නි, තෙපි දික් නිය දරුහු දැ?” යි එ මහණහු පුළුවුත්හ.

“එවමාවුසො”ති.

“එසේ ය, ඇවැත්නි”යි ඒ මහණ කී ය.

යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛු දීඝෙ නඛෙ ධාරෙස‍්සන‍්තී”ති.

යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණින් සතුටු වන්නෝ ද, ලජජීහු ද, කුකුස් කරන්නෝද, ශික්ෂාකාමිහු ද, ඔහු “කෙසේ නම් මහණහු දික් නිය දරන්නාහු දැ’යි අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.

අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.

“න භික‍්ඛවෙ දීඝා නඛා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, දික් නිය නො දැරිය යුතු. යමෙක් එය දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

115. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ නඛෙනපි නඛං ඡින්‍දන‍්ති, මුඛෙනපි නඛං ඡින්‍දන‍්ති, කුඩ‍්ඩෙපි නඛං ඝංසන‍්ති. අඞ‍්ගුලියො දුක‍්ඛා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

115. එ සමයෙහි වනාහි මහණහු නියෙන් ද නිය සිඳිත්, මුවින් ද නිය සිඳිත්, බිත්තියෙහි ද නිය මදිත්, ඇඟිලි රිදුම් සහිත වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ නඛච‍්ඡෙදනන‍්ති”.

“මහණෙනි, නියසිඳුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සලොහිතං නඛං ඡින්‍දන‍්ති. අඞ‍්ගුලියො දුක‍්ඛා හොන‍්ති.

ලේ සහිත කොට නිය සිඳිත්. ඇඟිලි රිදේ.

“අනුජානාමි භික‍්ඛවෙ මංසප‍්පමාණෙන නඛං ඡින්‍දිතුන‍්ති”.

“මහණෙනි, මාංශප්‍රමාණයෙන් (නියළඟ මස ඉම් කොට) නිය සිඳින්නට අනුදනිමි” යි වදාළසේක.

116. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වීසතිමට‍්ටං කාරාපෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

116. එ සමයෙහි සවැගි මහණහු විසි නිය ඔප මට්ටම් කරවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ වීසතිමට‍්ටං කාරාපෙතබ‍්බං. යො කාරාපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ මලමත‍්තං අපකඩ‍්ඪිතුන‍්ති”.

“මහණෙනි, විසි නිය ඔප මට්ටම් නො කැරැවිය යුතු. යමෙක් එය කරවන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (නිය තුළ වූ) මල පමණක් බැහැර කරන්නට අනුදනිමි” යි වදාළසේක.

117. තෙන ඛො පන සමයෙන භික‍්ඛූනං කෙසා දීඝා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

117. එ සමයෙහි මහණුන්ගේ කෙහෙ දික් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“උස‍්සහන‍්ති පන භික‍්ඛවෙ භික‍්ඛූ අඤ‍්ඤමඤ‍්ඤං කෙසෙ ඔරොපෙතුන‍්ති?”.

“මහණෙනි, භික්‍ෂුහු උනුන් කෙහෙ බාන්නට හැකි වෙත් ද?” යි අසා වදාළ සේක.

“උස‍්සහන‍්ති භගවා”ති.

“හැකි වෙත් වහන්සැ”යි භික්‍ෂූහු කීහ.

අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ ඛුරං ඛුරසිලං ඛුරසිපාටිකං නමතකං සබ‍්බං ඛුරභණ‍්ඩන‍්ති.”

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි ලා දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, කරකැත්ත ද කරගල ද කරකොපුව ද කරකැත්ත ඔතන රෙදි කඩ ද සියලු කර බඩු (ඉසකේ රවුළු බෑමට ඇවැසි සෙසු උපකරණ) ද අනුදනිමි” යි වදාළසේක.

118. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මස‍්සුං කප‍්පාපෙන‍්ති, මස‍්සුං වඩ‍්ඪාපෙන‍්ති, ගොලොමිකං කාරාපෙන‍්ති. චතුරස‍්සකං කාරාපෙන‍්ති. පරිමුඛං කාරාපෙන‍්ති, අඩ‍්ඪුරකං කාරාපෙන‍්ති, දාඨිකං ඨපෙන‍්ති, සම‍්බාධෙ ලොමං සංහරාපෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

118. එ සමයෙහි සවැගි මහණහු (කතුරෙන්) රවුළ (අන්දම් තබා) කපවත්, රවුළ වඩවත්, (එළුරැවුළ සේ) දිගු කොට කපවත්, (උඩින් නලළ දෙ කෙළවර ද යැටින් හනු දෙපැත්තේ දැයි සතර කොන් ඉතිරි ව සිටුනා සේ) රවුළ සතරැස් කොට කපවත්, පපුවෙහි ලොම් බාවත්, බඩෙහි ලොම්වැටිය තබා සෙසු තන්හි ලොම් බාවත්, දැළි රවුළ තබත්. සම්බාධ ස්ථානයෙහි, පුරිස්නිමිති පෙදෙස දෙකිසිලි යන තන්හි) ලොම් බාවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“න භික‍්ඛවෙ මස‍්සු කප‍්පාපෙතබ‍්බං, න මස‍්සු වඩ‍්ඪාපෙතබ‍්බං, න ගොලොමිකං කාරාපෙතබ‍්බං, න චතුරස‍්සකං කාරාපෙතබ‍්බං, න පරිමුඛං කාරාපෙතබ‍්බං, න අඩ‍්ඪුරකං කාරාපෙතබ‍්බං, න දාඨිකා ඨපෙතබ‍්බා න සම‍්බාධෙ ලොමං සංහරාපෙතබ‍්බං. යො සංහරාපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, රවුළ (අන්දම් තබා) නො කැප්විය යුතු, රවුළ නො වැඩිය යුතු, රවුළ (එළුරවුළු සේ) දික් කොට නො කැප්පිය යුතු; රවුළු සතරැස් කොට නො කැප්වියයුතු, පපුවේ ලොම් නො බෑවියයුතු, බඩෙහි ලොම් වැටිය තබා සෙසු තන්හි ලොම් නොබෑවියයුතු, දැළි රවුළු නො තැබියයුතු සම්බාධ ස්ථානයෙහි ලොම් නො බෑවියයුතු. යමෙක් එසේ කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.” යනු යැ.

119. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො සම‍්බාධෙ වණො හොති. භෙසජ‍්ජං න සන‍්තිට‍්ඨති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

119. එ සමයෙහි එක්තරා මහණකුට සම්බාධස්ථානයෙක වණයෙක් වෙයි. බෙහෙත් එහි නො සිටී (නොරැඳෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

අනුජානාමි භික‍්ඛවෙ ආබාධප‍්පච‍්චයා සම‍්බාධෙ ලොමං සංහරාපෙතුන‍්ති.”

“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් එ තන්හි ලෙඩක් ඇති කල්හි සම්බාධස්ථානයෙහි ලොම් බාවන්නට අනුදනිමි” යි වදාළ සේක.

120. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කත‍්තරිකාය කෙසෙ ඡෙදාපෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

120. එ සමයෙහි සවැගි මහණහු කතුරෙන් කෙස් සිඳුවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.

“න භික‍්ඛවෙ කත‍්තරිකාය කෙසා ඡෙදාපෙතබ‍්බා. යො ඡෙදාපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, කතුරෙන් කෙස් නො සිඳවිය යුතු. යමෙක් සිදැවී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

121. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො සීසෙ වණො හොති, න සක‍්කොති ඛුරෙන කෙසෙ ඔරොපෙතුං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

121. එ සමයෙහි එක්තරා මහණක්හුගේ හිසෙහි වණයෙක් වේ. කරකැත්තෙන් කෙස් බහවන්නට නො හැක්කේය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ ආබාධප‍්පච‍්චයා කත‍්තරිකාය කෙසෙ ඡෙදාපෙතුන‍්ති.”

“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් කතුරෙන් කෙහෙ සිඳුවන්නට අනුදනිමි” යි වදාළ සේක.

122. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ දීඝානි නාසිකාලොමානි ධාරෙන‍්ති, මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි පිසාචිල‍්ලිකා’ති, භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

122. එ සමයෙහි මහණහු දික් නාසිකා ලෝම දරත්, “පිශාච දරුවන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ දීඝං නාසිකාලොමං ධාරෙතබ‍්බං, යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, නැහැයෙහි දික් ලොම් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය” යි වදාළසේක.

123. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ සක‍්ඛරිකායපි මධුසිත්‍ථකෙනපි නාසිකාලොමං ගාහාපෙන‍්ති. නාසිකා දුක‍්ඛා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

123. එ සමයෙහි මහණහු ගල්කැටින් ද මී ඉටියෙන් ද නැහැ ලොම් ගන්වත් (ගළවවත්.) නාසිකාවෝ රිදෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ සණ‍්ඩාසන‍්ති.”

“මහණෙනි, අඬුව අනුදනිමි” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පලිතං ගාහාපෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි සවැගි මහණහු නරකෙස් ගන්වත් (උදුරවත්) “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.

“න භික‍්ඛවෙ පලිතං ගාහාපෙතබ‍්බං. යො ගාහාපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, නරකෙස් නො ගැන්වියයුතු (නො ඉදිරැවියයුතු) යමෙක් ගන්වන්නේ නම් (උදුරවන්නේ නම්) දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

124. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො කණ‍්ණගූථකෙහි කණ‍්ණා ථකිතා හොන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

124. එක් සමයෙක එක්තරා මහණකුගේ කන් කන්මලින් වැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ කණ‍්ණමලහරණින‍්ති.”

“මහණෙනි, කන්මල හරනාව (කන්හැන්ද) අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචා කණ‍්ණමලහරණියො ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපියමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි සවැගි මහණහු රන්මුවා ද රිදීමුවාද කුදු මහත් කන්හැඳි දරත්. “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ උච‍්චාවචා කණ‍්ණමලහරණියො ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ අට‍්ඨිමයං දන‍්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට‍්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ‍්ඛනාභිමයන‍්ති.”

“මහණෙනි, රන්මුවා ආදි කුදුමහත් කන්හැඳි නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, “ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා කන්හැඳි දරන්නට අනුදනිමි” යි වදාළසේක.

125. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ බහුං ලොහභණ‍්ඩ - කංසභණ‍්ඩ - සන‍්නිචයං කරොන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා බහුං ලොහභණ‍්ඩ-කංසභණ‍්ඩ-සන‍්නිචයං කරිස‍්සන‍්ති සෙය්‍යථාපි කංසපත්‍ථරිකා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

125. එ සමයෙහි සවැගි මහණහු බොහෝ ලොහො බඩු කස් බඩු (ඊයම් හා තඹ මිශු කොට තැනු) ලෝහයෙන් කළ (බඩු) රැස් කරති. මිනිස්සු විහාරවාරිකාව කරන්නාහු ඒ දැක, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ලොහො බඩු වෙළෙන්දන් සේ කෙසේ නම් ලොහො බඩු කස්බඩු රැස් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ ලොහභණ‍්ඩ-කංසභණ‍්ඩ-සන‍්නිචයො කාතබ‍්බො. යො කරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ලොහොබඩු කස්බඩු නො රැස් කළයුතු. යමෙක් කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අඤ‍්ජනිම‍්පි අඤ‍්ජනිසලාකම‍්පි කණ‍්ණමලහරණිම‍්පි බන්‍ධනමත‍්තම‍්පි කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි මහණහු අඳුන්නළ ද අඳුන් කුරු ද කන්හැඳි ද (වෑ ආදියේ) මිටු ද දැරීමෙහි කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ අඤ‍්ජනිං අඤ‍්ජනිසලාකං කණ‍්ණමලහරණිං බන්‍ධනමත‍්තන‍්ති.”

“මහණෙනි, අඳුන් නළය ද අඳුන් කුර ද කන්හැන්ද ද වෑ ආදියට මිට ද අනුදනිමි” යි වදාළසේක.

126. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සඞ‍්ඝාටිපල‍්ලත්‍ථිකාය නිසීදන‍්ති. සඞ‍්ඝාටියා පත‍්තා ලුජ‍්ජන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

126. එ සමයෙහි සවැගි මහණහු චීවර පල්ලත්‍ථිකායෙන් හිඳිත්, සඟළසිවුරේ පත් (වාටි) පලුදු වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.

“න භික‍්ඛවෙ සඞ‍්ඝාටිපල‍්ලත්‍ථිකාය නිසීදිතබ‍්බං. යො නිසීදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, සංඝාටි පල්ලත්‍ථිකායෙන් නො හින්දැයුතු යමෙක් එසේ ඉඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තස‍්ස විනා ආයොගා න ඵාසු හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට ආයොගපට නැති වැ පහසු නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ ආයොගන‍්ති.”

“මහණෙනි, ආයොගපට අනුදනිමි” යි වදාළසේක.

අථ ඛො භික‍්ඛූනං එතදහොසි: ‘කථන‍්නු ඛො ආයොගො චෙතබ‍්බො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ කල්හි මහණුනට “ආයොගපට කෙසේ නම් වියැයුතු ද?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ තන‍්තකං වෙමකං වට‍්ටං සලාකං සබ‍්බං තන‍්තභණ‍්ඩකන‍්ති.”.

“මහණෙනි, හු ඔතන දණ්ඩ ද වියන දණ්ඩ ද වට ලීය ද නඩාව ද සියලු වියන උපකරණ ද අනුදනිමි” යි වදාළ සේක.

127. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අකායබන්‍ධනො ගාමං පිණ‍්ඩාය පාවිසි. තස‍්ස රථිකාය අන‍්තරවාසකො භස‍්සිත්‍ථ. මනුස‍්සා උක‍්කුට‍්ඨිං අකංසු. සො භික‍්ඛු මඞ‍්කු අහොසි. අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

127. එ සමයෙහි එක්තරා මහණෙක් කාබහන නැති ව ගමට පිඬු පිණිස පිවිසියේ ය. වීදියේදී ඔහුගේ හඳනය ගිලිහී වැටුණේ ය. මිනිස්සු ඔල්වර හඬ දුන්හ. ඒ මහණ නිසෙතජසක විය. ඉක්බිති එ මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ අකායබන්‍ධනෙන ගාමො පවිසිතබ‍්බො. යො පවිසෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ කායබන්‍ධනන‍්ති.”

“මහණෙනි, කාබහන නැති ව ගමට නො පිවිසියයුතු. යමෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි කාබහන අනුදනිමි” යි වදාළ සේක.

128. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචානි කායබන්‍ධනානි ධාරෙන‍්ති: කලාබුකං දෙඩ‍්ඩුභකං මුරජං මද‍්දවීණං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

128. එ සමයෙහි සවැගි මහණහු බොහෝ රැහැන් ඇති කාබහන දියබරණ හිසක් බඳු සටහන් ඇති කාබහන මිහිඟු බෙර වැටියක් කොට වෙළු සේ කාබහන හවඩියක් බඳු කොට ගෙතූ කාබහන දැයි කුදු මහත් කාබහන් දරත්. කාමභෝගී ගිහියන් බඳුවහ’ යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ උච‍්චාවචානි කායබන්‍ධනානි ධාරෙතබ‍්බානි: කලාබුකං දෙඩ‍්ඩුභකං මුරජං මද‍්දවීණං. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ ද‍්වෙ කායබන්‍ධනානි පට‍්ටිකං සූකරන‍්තකන‍්ති.

“මහණෙනි, බොහෝ රැහැන් ඇති කාබහන ද දියබරණ හිස් බඳු සටහන් ඇති කොට වියූ කාබහන ද මිහිඟු බෙරවැටියක් සේ කොට වෙළා සෑදු කාබහන ද හවඩියක් බඳු කාබහන දැ යි යන කුදු මහත් කාබහන් නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පට්ටිකාව ද සූකරන්තකය ද යන කාබහන දෙක අනුදනිමි” යි වදාළ සේක.

කායබන්‍ධනස‍්ස දසා ජීරන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ මුරජං මද‍්දවීණන‍්ති.”

කාබහෙන් දහවලු දිරයි. “මහණෙනි, මිහිඟු බෙර වැටියක් සේ වෙළා සැදූ කාබහන ද හවඩියක් වැනි පටිය ද අනුදනිමි” යි වදාළ සේක.

කායබන්‍ධනස‍්ස අන‍්තො ජීරති. “අනුජානාමි භික‍්ඛවෙ සොභකං ගුණකන‍්ති.”

කාබහනේ කෙළවර දිරයි. “මහණෙනි, වෙළා මුවවිට මැඩීම ද මිහිඟුබෙර වැටියෙක සටහනින් විවීම ද අනුදනිමි” යි වදාළ සේක.

කායබන්‍ධනස‍්ස පවනන‍්තො ජීරති. “අනුජානාමි භික‍්ඛවෙ වීඨන‍්ති.”

කාබහනේ පාසය කෙළවර දිරයි. “මහණෙනි, වීඨය අනුදනිමි” යි වදාළ සේක.

129. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචෙ විධෙ ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපියමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

129. එ සමයෙහි සවැගි මහණහු රන්මුවා රිදීමුවා කුදුමහත් වීඨයන් දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහීන් බඳුවහ’යි අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“න භික‍්ඛවෙ උච‍්චාවචා වීඨා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ අට‍්ඨිමයං දන‍්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට‍්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ‍්ඛනාභිමයං සුත‍්තමයන‍්ති.”

“මහණෙනි, කුදු මහත් වීඨ නො දැරිය යුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටවලින් කරන ලද, දත්වලින් කරන ලද, අංවලින් කරන ලද, බටයෙන් කරන ලද, හුනයෙන් කරන ලද, ලීයෙන් කරන ලද, ලාකඩින් කරන ලද, ඵලයෙන් කරන ලද, ලොහොයෙන් කරන ලද, සක්නැබින් කරන ලද, හුයෙන් කරන ලද, වීඨ අනුදනිමි” යි වදාළසේක.

130. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ආනන්‍දො ලහුකා සඞ‍්ඝාටියො පාරුපිත්‍වා ගාමං පිණ‍්ඩාය පාවිසි. වාතමණ‍්ඩලිකාය සඞ‍්ඝාටියො උක‍්ඛීපියිංසු. අථ ඛො ආයස‍්මා ආනන්‍දො ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

130. එ සමයෙහි අනඳ තෙරණුවෝ හෑල්ලු සඟළසිවුරු පොරොවා ගමට පිඬු පිණිස පිවිසියාහ. සුළි සුළඟින් සිවුරු එසැවුණාහ. එ කල්හි අනඳ තෙරණුවෝ අරම් වැඩ මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.

“අනුජානාමි භික‍්ඛවෙ ගණ‍්ඨිකං පාසකන‍්ති.”

“මහණෙනි, ගණ්ඨීකාව ද පාසකය ද අනුදනිමි” යි වදාළ සේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාවචා ගණ‍්ඨිකායො ධාරෙන‍්ති සොවණ‍්ණමයං රූපියමයං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ කල්හි සවැගි මහාණෝ රන්මුවා ද රිදීමුවා ද ගණ්ඨීකාවන් දරත්, ‘කාමභෝගී ගිහින් බඳුවහ’ යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ උච‍්චාවචා ගණ‍්ඨිකා ධාරෙතබ‍්බා. යො ධාරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, අට‍්ඨිමයං දන‍්තමයං විසාණමයං නළමයං වෙළුමයං කට‍්ඨමයං ජතුමයං ඵලමයං ලොහමයං සඞ‍්ඛනාභිමයං සුත‍්තමයන‍්ති.”

“මහණෙනි, රන්මුවා රිදීමුවා කුදුමහත් ගණ්ඨීකා නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා හුමුවා ගණ්ඨීකා අනුදනිමි” යි වදාළසේක.

131. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ගණ‍්ඨිකම‍්පි පාසකම‍්පි චීවරෙ අප‍්පෙන‍්ති. චීවරං ජීරති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

131. එ සමයෙහි මහණහු ගණ්ඨීකාව ද පාසකය ද සිවුරෙහි පිහිටුවත්, සිවුරු දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.

“අනුජානාමි භික‍්ඛවෙ ගණ‍්ඨිකඵලකං පාසකඵලකන‍්ති.”

“මහණෙනි, ගණ්ඨීකාඵලකය (ගණ්ඨීය යොදන්නට රෙදි කැබැල්ලක්) ද, පාසකඵලකය (පාසකය තනන්නට රෙදි කැබැල්ලක්) ද අනුදනිමි” යි වදාළසේක.

ගණ‍්ඨිකඵලකම‍්පි පාසකඵලකම‍්පි අන‍්තෙ අප‍්පෙන‍්ති. කොණො විවරීයති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

ගණ්ඨීකාඵලකය ද පාසකඵලකය ද සිවුර කෙළවරැ පිහිටුවත්. සිවුරු කොණ විවෘත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.

“අනුජානාමි භික‍්ඛවෙ ගණ‍්ඨිකඵලකං අන‍්තෙ අප‍්පෙතුං පාසකඵලකං සත‍්තඞ‍්ගුලං වා අට‍්ඨඞ‍්ගුලං වා ඔගාහෙත්‍වා අප‍්පෙතුන‍්ති.”

“මහණෙනි, ගණ්ඨීකාඵලකය සිවුර කෙළවරැ පිහිටුවන්නට ද පාසකඵලකය සතඟුලක් හෝ අටඟුලක් හෝ සිවුර අද්දරින් පහතට බස්වා පිහිටුවන්නට අනුදනිමි” යි වදාළසේක.

132. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ගිහීනිවත්‍ථං නිවාසෙන‍්ති: හත්‍ථිසොණ‍්ඩකං මච‍්ඡාවාළකං චතුකණ‍්ණකං තාලවණ‍්ටකං සතවලිකං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

132. එ සමයෙහි සවැගි මහණහු හත්‍ථිසොණ්ඩිකාව ද (නැබ මුල සිට ඇත්සොඬක් මෙන් පහතට එල්බෙන සේ හඳනා හැඳීම) ද මච්ජවාළකය (දසාන්ත පාසන්තයන් දෙපසට එල්බෙන සේ හැඳීම) ද චතුකණ්ණය (උඩට හා යටට කොන් සිටින සේ හැඳීම) ද තාලවණ්ටකය (තල්වැටක් මෙන් අඳනය එල්බෙන සේ හැඳීම) ද සතවල්ලිකාව (අඳනය රැළිගන්වා හැඳීම) ද යන ගිහිහැඳුම් හඳිත්. ‘කාමභෝගී ගිහීන් බඳුවහ’යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“න භික‍්ඛවෙ ගිහීනිවත්‍ථං නිවාසෙතබ‍්බං: හත්‍ථිසොණ‍්ඩකං මච‍්ඡවාළකං චතුකණ‍්ණකං තාලවණ‍්ටකං සතවලිකං. යො නිවාසෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, හත්‍ථිසොණ්ඩිකා මච්ජවාළක චතුකණ්ණක තාලවණ්ටක සතවල්ලික, යන ගිහිහැඳුම් නො හැන්දැයුතු. යමෙක්, හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

133. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සංවෙල‍්ලියං නිවාසෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි රඤ‍්ඤො මුණ‍්ඩවට‍්ටී’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

133. එ සමයෙහි සවැගි මහණහු (කම්කරුවන් සේ) කැස බඳිත් (පිට පට ගසත්). ‘රජුගේ මුඩුවැටියන් බඳුවහ’යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ, සංවෙල‍්ලියං නිවාසෙතබ‍්බං. යො නිවාසෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, පිට පට ගසා නො යුතු. යමෙක් හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ගිහීපාරුතං පාරුපන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි සවැගි මහණහු ගිහීන් සේ සිවුර පොරොවත්. “කාමභෝගී ගිහීන් බඳුවහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ ගිහීපාරුතං පාරුපිතබ‍්බං. යො පාරුපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ගිහි පෙරැවුම නො පෙරෙවියැයුතු යමෙක් පොරොවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

134. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උභතොකාජං හරන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි රඤ‍්ඤො මුණ‍්ඩවට‍්ටීති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

134. එ සමයෙහි සවැගි මහණහු දෙකොන් කද ගෙනයත්, ‘රජුගේ වහලුන් මෙනැ’ යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ උභතොකාජං හරිතබ‍්බං. යො හරෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ එකතො කාජං අන‍්තරාකාජං සීසභාරං ඛන්‍ධභාරං කටිභාරං ඔලම‍්බකන‍්ති.”

“මහණෙනි, දෙකොන් කද නො ගෙන යායුතු. යමෙක් ගෙනයන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, එක් කොන් කද ද තඩ ද හිසින් බර ගෙන යෑම ද උරහිසින් බර ගෙනයෑම ද කටියෙන් බර ගෙනයෑම ද බර අතින් එල්ලාගෙන යෑම ද අනුදනිමි” යි වදාළසේක.

135. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ දන‍්තකට‍්ඨං න ඛාදන‍්ති. මුඛං දුග‍්ගන්‍ධං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

135. එ සමයෙහි මහණහු දැහැටි නො කත්. මුව දුගඳ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ආදීනවා දන‍්තකට‍්ඨස‍්ස අඛාදනෙ: අචක‍්ඛුස‍්සං, මුඛං දුග‍්ගන්‍ධං හොති, රසහරණියො න විසුජ‍්ඣන‍්ති, පිත‍්තං සෙම‍්හං භත‍්තං පරියොනන්‍ධති, භත‍්තමස‍්ස නච‍්ඡාදෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආදීනවා දන‍්තකට‍්ඨස‍්ස අඛාදනෙ.

“මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පසෙකි: ඇස් පෙනීම දුබල කෙරෙයි, මුව දුගඳ වේ, රස නහර පිරිසිදු නො වේ, පිත ද සෙම ද බත වෙලාගනී, ඔහුට බත රුචි නො වේ. මහණෙනි, මොහු දැහැටි නො කැමේ දොස් පස” යි.

“පඤ‍්චිමෙ භික‍්ඛවෙ ආනිසංසා දන‍්තකට‍්ඨස‍්ස ඛාදනෙ: චක‍්ඛුස‍්සං, මුඛං න දුග‍්ගන්‍ධං හොති, රසහරණියො විසුජ‍්ඣන‍්ති, පිත‍්තං සෙම‍්හං භත‍්තං න පරියොනන්‍ධති, භත‍්තමස‍්ස ඡාදෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ආනිසංසා දන‍්තකට‍්ඨස‍්ස ඛාදනෙ. අනුජානාමි භික‍්ඛවෙ දන‍්තකට‍්ඨන‍්ති.”

මහණෙනි, දැහැටි කෑමෙහි මේ අනුසස් පසෙකි: ඇසට හිත වේ, මුව දුගඳ නො වේ, රස නහර පිරිසිදු වෙයි, පිතත් සෙමත් බත වෙළදා නො ගනී, ඔහුට බත රුචි වේ. මහණෙනි, මොහු දැහැටි කෑමෙහි අනුසස් පස” යි. [missing trans]

136. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දීඝානි දන‍්තකට‍්ඨානි ඛාදන‍්ති. තෙහෙව සාමණෙරං ආකොටෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

136. එ සමයෙහි සවැගි මහණහු දික් දැහැටි වළඳත්. එයින් ම හෙරණුනට තළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්නුහ.

“න භික‍්ඛවෙ දීඝං දන‍්තකට‍්ඨං ඛාදිතබ‍්බං. යො ඛාදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ අට‍්ඨඞ‍්ගුලපරමං දන‍්තකට‍්ඨං, න ච තෙන සාමණෙරො ආකොටෙතබ‍්බො. යො ආකොටෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, දික් දැහැටි නො කෑ යුතු. යමෙක් කන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොට ඇති දැහැටි අනුදනිමි. එයින් හෙරණ ද නො ම තැළියයුතු. යමෙක් එසේ තළන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

137. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො අතිමටාහකං දන‍්තකට‍්ඨං ඛාදන‍්තස‍්ස කණ‍්ඨෙ විලග‍්ගං හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

137. එ සමයෙහි ඉතා කෙටි දැහැට්ටක් කන මහණක්හුගේ උගුරෙහි ලැගුණේ (හිර වූයේ) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ අතිමටාහකං දන‍්තකට‍්ඨං ඛාදිතබ‍්බං. යො ඛාදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ චතුරඞ‍්ගුලපච‍්ඡිමං දන‍්තකට‍්ඨන‍්ති.”

“මහණෙනි, ඉතා කෙටි දැහැට්ට නො කෑයුතු. යමෙක් කන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යටත් පිරිසෙයින් අඟල් සතරක් වූ (අඟල්සතරකට නො අඩු) දැහැට්ට අනුදනිමි” යි වදාළසේක.

138. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දායං ආලිම‍්පෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: සෙය්‍යථාපි දවඩාහකා’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

138. එ සමයෙහි සවැගි මහණහු කැලෑ ගිනිලත්. ‘කැලෑ දවන්නන් බඳුවහ’යි මිනිස්සු අවමන් කෙරෙත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ දායො ආලිම‍්පිතබ‍්බො. යො ආලිම‍්පෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, කැලෑ නො ගිනිලියැයුතු. යමෙක් ගිනි ලන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන විහාරා තිණගහණා හොන‍්ති. දවඩාහෙ ඩය‍්හමානෙ විහාරා ඩය‍්හන‍්ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්ති පටග‍්ගිං දාතුං පරිත‍්තං කාතුං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි විහාරයෝ තණහඩුයෙන් යුක්ත වෙත්. ළැව්ගිනි ඇවිළෙන කල්හි විහාරයෝ දැවෙත්. පිළිගිනි (ප්‍රතිවිරුද්ධ ගින්නක්) දෙන්නට, ආරක්‍ෂාව කරන්නට භික්‍ෂුහු කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ දවඩාහෙ ඩය‍්හමානෙ පටග‍්ගිං දාතුං පරිත‍්තං කාතුන‍්ති.”

“මහණෙනි, ළැව්ගිනි ඇවිළෙන කල්හි පිළිගිනි දෙන්නට එයින් ආරක්‍ෂාව කරන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

139. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ රුක‍්ඛං අභිරුහන‍්ති. රුක‍්ඛා රුක‍්ඛං සඞ‍්කමන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි මක‍්කටා’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

139. එ සමයෙහි සවැගි මහණහු රුක් නඟිත්. රුකින් රුකට යෙත්. “වඳුරන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“න භික‍්ඛවෙ රුක‍්ඛො අභිරුහිතබ‍්බො. යො අභිරුහෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, රුකට නො නැඟිය යුතු. යමෙක් නඟින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො කොසලෙසු ජනපදෙ සාවත්‍ථිං ගච‍්ඡන‍්තස‍්ස අන‍්තරාමග‍්ගෙ හත්‍ථී පරියුට‍්ඨාති. අථ ඛො සො භික‍්ඛු රුක‍්ඛමූලං උපධාවිත්‍වා කුක‍්කුච‍්චායන‍්තො රුක‍්ඛං න අභිරුහි. සො හත්‍ථී අඤ‍්ඤෙන අගමාසි. අථ ඛො සො භික‍්ඛු සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි මහණකු කොසොල්රටැ සැවැත් නුවරට යද්දී අතර මඟ දී ඇතෙක් ලුහුබැන්දේ ය. එ කල්හි එ මහණ රුක්මුලක් කරා දිවැ කුකුස් කරන්නේ රුකට නො නැංගේ ය. ඒ ඇතා අන් මඟෙකින් ගියේ ය. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ සති කරණීයෙ පොරිසං රුක‍්ඛං අභිරුහිතුං ආපදාසු යාවදත්‍ථන‍්ති”.

“මහණෙනි, කටයුත්තක් ඇති කල්හි බඹයක් ඉහළට ගස නැගෙන්නට ද, ආපදාවන්හි දී වුව මනා පමණ ඉහළ නඟින්නට ද අනුදනිමි” යි වදාළසේක.

140. තෙන ඛො පන සමයෙන යමෙළුතෙකුලා නාම භික‍්ඛූ ද‍්වෙ භාතිකා හොන‍්ති බ්‍රාහ‍්මණජාතිකා කල්‍යාණවාචා කල්‍යාණවාක‍්කරණා. තෙ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “එතරහි භන‍්තෙ භික‍්ඛූ නානානාමා නානාගොත‍්තා නානාජච‍්චා නානාකුලා පබ‍්බජිතා. තෙ සකාය නිරුත‍්තියා බුද‍්ධවචනං දූසෙන‍්ති. හන්‍ද මයං භන‍්තෙ බුද‍්ධවචනං ඡන්‍දසො ආරොපෙමා”ති. විගරහි බුද‍්ධො භගවා. “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා එවං වක‍්ඛථ ‘හන්‍ද මයං භන‍්තෙ බුද‍්ධවචනං ඡන්‍දසො ආරොපෙමා’ති. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය. අථ ඛ‍්වෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා”ති. විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

140. එ සමයෙහි මිහිරි වචන ඇති මිහිරි හඬ ඇති බ්‍රාහ්මණ ජාතික වූ යමෙළු ද තෙකුල ද යන නම් ඇති දෙ බැ මහණ කෙනෙක් වෙත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක උන්නාහු ම “වහන්ස, දැන් භික්‍ෂූහු නානාවිධ නම් ඇත්තාහු, නානාගොත්‍රයෙන් නානා ජාතියෙන් නානා , කුලයෙන් නික්මැ පැවිදිවූවාහු වෙත්. ඔහු ස්වකීය ව්‍යවහාරයෙන් බුද්ධවචනය දූෂිත කෙරෙත්. වහන්ස, එබැවින් අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟන්නම්හ”යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ, “හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ’යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට,

“න භික‍්ඛවෙ බුද‍්ධවචනං ඡන්‍දසො ආරොපෙතබ‍්බං. යො ආරොපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ සකාය නිරුත‍්තියා බුද‍්ධවචනං පරියාපුණිතුන‍්ති”.

“මහණෙනි, බුදුවදන ඡන්දසට (වෛදිකභාෂාවට) නො නැඟිය යුතු. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, මාගධික නිරුක්තියෙන් බුද්ධවචනය පිරිවහන්නට අනුදනිමි” යි වදාළසේක.

141. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ලොකායතං පරියාපුණන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

141. එ සමයෙහි සවැගි මහණහු ලෝකායතශාස්ත්‍රය පිරිවහත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු අවමන් කෙරෙත්, කියත්, දොස් පතුරුවත්, එසේ අවමන් කරන, නුගුණ යන, දොස් පතුරුවන මිනිසුන් ගේ කථාව භික්‍ෂුහු ඇසූහ. ඉක්බිත්තෙන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.

“අපි නු ඛො භික‍්ඛවෙ ලොකායතෙ සාරදස‍්සාවී ඉමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍යා”ති.

“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රයෙහි සාරයක් දක්නාසුලු තැනැත්තේ මෙ සස්නෙහි වැඩීමට නැඟීමට මහත්බවට පැමිණියැ හෙන්නේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.

“නොහෙතං භන‍්තෙ”.

“වහන්ස, මෙය නොවන්නේ ම යැ” යි භික්ෂුහු පිළිවදන් දුන්හ.

“ඉමස‍්මිං වා පන ධම‍්මවිනයෙ සාරදස‍්සාවී ලොකායතං පරියාපුණෙය්‍යා”ති.

“මහණෙනි, මෙ සස්නෙහි සාරය දක්නාසුලු තැනැත්තේ ලෝකායත ශාස්ත්‍රය පිරිවහන්නේ දැ’යි අසා වදාළසේක.

“නොහෙතං භන‍්තෙ”.

“මෙය නො වේ ම ය, වහන්සැ” යි මහණහු පිළිවදන් දුන්හ.

“න භික‍්ඛවෙ ලොකායතං පරියාපුණිතබ‍්බං. යො පරියාපුණෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රය නො පිරිවැහියැයුතු. යමෙක් පිරිවහන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ලොකායතං වාචෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ ලොකායතං වාචෙතබ‍්බං. යො වාචෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියවිය යුතු. යමෙක් කියවා නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තිරච‍්ඡානවිජ‍්ජං පරියාපුණන‍්ති. -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එසමයෙහි වනාහි සවග මහණහු තිරශ්චීන විද්‍යාව පිරිවහති ... භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ තිරච‍්ඡානවිජ‍්ජා පරියාපුණිතබ‍්බා යො පරියාපුණෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො පිරිවැහියැයුතු, යමෙක් පිරිවහා නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තිරච‍්ඡානවිජ‍්ජං වාචෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘සෙය්‍යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි වනාහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත්, මිනිස්සු ‘කාමභෝගී ගිහියන් වැනියහ’ යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“න භික‍්ඛවෙ තිරච‍්ඡානවිජ‍්ජා වාචෙතබ‍්බා. යො වාචෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියැවියයුතු. යමෙක් කියවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

142. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම‍්මං දෙසෙන‍්තො ඛිපි. භික‍්ඛූ “ජීවතු භන‍්තෙ භගවා ජීවතු සුගතො”ති උච‍්චාසද‍්දං මහාසද‍්දං අකංසු. තෙන සද‍්දෙන ධම‍්මකථා අන‍්තරා අහොසි. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි. “අපි නු ඛො භික‍්ඛවෙ ඛිපිතෙ ජීවාති වුත‍්තෙ තප‍්පච‍්චයා ජීවෙය්‍ය වා මරෙය්‍ය වා”ති.

142. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසකින් පිරිවැරුණුසේක්, දම් දෙසනසේක්, කිවිසුමක් පහළ කළසේක. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ජීවත් වන සේක්වා, සුගතයන් වහන්සේ ජීවත් වන සේක්වා” යි භික්‍ෂූහු උස්හඬ මහහඬ කළහ. එ හඬින් ධර්‍මකථාව අතරක් ඇත්තේ විය (හෙවත් නැඟුණු හඬින් ධර්‍මකථා හඬ යටපත් ව වැසීගියේ ය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා, “මහණෙනි, කිවිසි කල්හි ජීවත් වන්නැයි කී කලැ ඒ කරුණින් ජීවත් වන්නේ ද, නැතහොත් (එය නොකී කල්හි එ කරුණින්) මැරෙන්නේ හෝ වේ දැ” යි අසාවදාළසේක.

“නොහෙතං භන‍්තෙ”.

“මෙය නො වන්නේ ම ය, වහන්සැ” යි මහණහු කීහ.

“න භික‍්ඛවෙ ඛිපිතෙ ජීවාති වත‍්තබ‍්බො. යො වදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ‘කිවිසි කලහැ ජීවත් වන්නැ’ යි නො කියැ යුතු. යමෙක් කියන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන මනුස‍්සා භික‍්ඛූනං ඛිපිතෙ ‘ජීවථ භන‍්තෙ’ති වදන‍්ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාලපන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා ජීවථ භන‍්තෙති වුච‍්චමානා නාලපිස‍්සන‍්තී’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

එ සමයෙහි මිනිස්සු මහණුනට කිවිසි කල්හි, ‘වහන්ස, ජීවත් වන්නැ’යි කියත්, භික්‍ෂූහු, කුකුස් කරන්නාහු කිසිත් නො කියත්, “ශාක්‍යපුත්‍රීය මහණහු ‘වහන්ස, ජීවත්වන්නැ’ යි කියනු ලබන්නාහු කෙසේ නම් කිසිත් නො කියන්නාහු දැ’යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“ගිහී භික‍්ඛවෙ මඞ‍්ගලිකා. අනුජානාමි භික‍්ඛවෙ ගිහීනං ජීවථ භන‍්තෙති වුච‍්චමානෙන චිරං ජීවාති වත‍්තුන‍්ති”.

“මහණෙනි, ගිහියෝ මංගලයනට ගරු කරන්නෝ වෙත්. ‘වහන්ස, ජීවත් වන්නැ’යි කියනු ලබන මහණහු විසින් ‘බොහෝ කල් ජීවත් වන්නැ’ යි කියන්නට අනුදනිමි” යි වදාළසේක.

143. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම‍්මං දෙසෙන‍්තො නිසින‍්නො හොති. අඤ‍්ඤතරෙන භික‍්ඛුනා ලසුනං ඛායිතං හොති. සො ‘මා භික‍්ඛූ බ්‍යාබාධිංසූ’ති එකමන‍්තං නිසීදි. අද‍්දසා ඛො භගවා තං භික‍්ඛුං එකමන‍්තං නිසින‍්නං. දිස‍්වාන භික‍්ඛූ ආමන‍්තෙසි. “කින‍්නු ඛො සො භික‍්ඛවෙ භික‍්ඛු එකමන‍්තං නිසින‍්නො”ති.

143. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසෙන් පිරිවැරුණුසේක් දම් දෙසමින් වැඩහුන්සේක. මෙහි එක්තරා මහණෙක් ලුහුනු කන ලද්දේ වෙයි. හේ ‘මහණහු (මෙහි ගඳින්) නො පෙළෙත් වා’ යි සිතා එක් පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක හුන් මහණහු දුටුයේක. දැක, “මහණෙනි, කවර හෙයින් තෙල මහණ එක් පසෙක හුන්නේ වේ දැ” යි අසාවදාළසේක.

“එතෙන භන‍්තෙ භික‍්ඛුනා ලසුනං ඛායිතං. ‘සො මා භික‍්ඛූ ව්‍යබාධියිංසූ’ති එකමන‍්තං නිසින‍්නො”ති.

“වහන්ස, තෙල මහණ විසින් ලුහුනු කන ලද්දේ ය. හේ ‘භික්‍ෂුහු (ලුහුනු ගඳින්) නො පෙළෙත් වා’ යි එක් පසෙක හුන්නේ වේ” යැ යි කීහ.

“අපි නු ඛො භික‍්ඛවෙ තං ඛාදිතබ‍්බං යං ඛාදිත්‍වා එවරූපාය ධම‍්මකථාය පරිබාහිරො අස‍්සා”ති.

“මහණෙනි, යමක් කෑමෙන් මෙ බඳු ධර්‍ම කථායෙන් බැහැර ව ඉන්නේ නම් එබඳු දෑ කෑ යුතු දැ” යි ඇසූසේක.

“නොහෙතං භන‍්තෙ”.

“වහන්ස, මෙය (කෑයුතු) නො වන්නේ”යැ යි භික්‍ෂුහු කීහ.

“න භික‍්ඛවෙ ලසුනං ඛාදිතබ‍්බං. යො ඛාදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

“මහණෙනි, ලුහුනු නො කෑයුතු. යමෙක් කන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ’යි වදාළසේක.

තෙන ඛො පන සමයෙන ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස උදරවාතාබාධො හොති. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “පුබ‍්බෙ තෙ ආවුසො සාරිපුත‍්ත, උදරවාතාබාධො කෙන ඵාසු හොතී”ති?

එ සමයෙහි සැරියුත් මහතෙරුනට බඩ රුජාවෙක් වෙයි. එ කලහැ මහමුගලන් තෙරණුවෝ සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ‘ඇවැත් ශාරිපුත්‍රයිනි, පෙරැ ඔබේ බඩරිදුම කිමෙකින් පහසුවේ දැ’යි ඇසූහ.

“ලසුනෙන මෙ ආවුසො”ති.

“ඇවැත්නි, ලුහුනෙනැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.

භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ ආබාධප‍්පච‍්චයා ලසුනං ඛාදිතුං”ති.

භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ආබාධප්‍රත්‍යයයෙන් (ආබාධයකට ප්‍රතිකාර වශයෙන්) ලුහුනු වළඳන්නට අනුදනිමි” යි වදාළසේක.

144. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ආරාමෙ තහං තහං පස‍්සාවං කරොන‍්ති. ආරාමො දුස‍්සති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

144. එ සමයෙහි මහණහු අරමෙහි (ආවාස වත්තෙහි) ඒ ඒ තැන මූත්‍ර පහකරත්. අරම දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, එකමන‍්තං පස‍්සාවං කාතුන‍්ති”.

“මහණෙනි, එක් පැත්තෙක මූත්‍ර පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.

ආරාමො දුග‍්ගන්‍ධො හොති. “අනුජානාමි භික‍්ඛවෙ, පස‍්සාවකුම‍්භින‍්ති”.

ආරාමය දුගඳ වෙයි. “මහණෙනි, වටන්දෙණ අනුදනිමි” යි වදාළසේක.

දුක‍්ඛං නිසින‍්නා පස‍්සාවං කරොන‍්ති.

දුක්සේ හුන්නාහු (දුකසේ හිඳ) මූත්‍ර පහකෙරෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ, පස‍්සාවපාදුකන‍්ති” පස‍්සාවපාදුකා පාකටා හොන‍්ති. භික‍්ඛූ හිරීයන‍්ති පස‍්සාවං කාතුං.

“මහණෙනි, ප්‍රස්‍රාවපාදුකාව අනුදනිමි” යි වදාළසේක. ප්‍රස්‍රාවපාදුකාව ප්‍රකට වෙයි (පිටතට පෙනෙයි). මහණහු එහි හිඳ මූත්‍ර පහකරන්නට ලජ්ජිත වෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ පරික‍්ඛිපිතුං තයො පාකාරෙ: ඉට‍්ඨකාපාකාරං සිලාපාකාරං, දාරුපාකාරන‍්ති”.

“මහණෙනි, ගඩොළු පවුර ද ගල්පවුර ද, දඬුපවුර ද තුන් පවුරු (බිත්ති තුන) අනුදනිමි”යි වදාළසේක.

පස‍්සාවකුම‍්භී අපාරුතා දුග‍්ගන්‍ධා හොති. “අනුජානාමි භික‍්ඛවෙ අපිධානන‍්ති”.

වටන්දෙණ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.

145. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ආරාමෙ තහං තහං වච‍්චං කරොන‍්ති. ආරාමො දුස‍්සති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

145. එසමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන මල පහ කෙරෙත්. අරම දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, එකමන‍්තං වච‍්චං කාතුන‍්ති”.

“මහණෙනි, එක් පසෙක මල පහකරන්නට අනුදනිමි” යි වදාළ සේක.

ආරාමො දුග‍්ගන්‍ධො හොති. “අනුජානාමි භික‍්ඛවෙ, වච‍්චකූපන‍්ති”.

අරම දුගඳ වේ. “මහණෙනි, වසුරුවළක් (මල පහකරන්නට වළක්) අනුදනිමි” යි වදාළසේක.

වච‍්චකූපස‍්ස කූලං ලුජ‍්ජති, “අනුජානාමි භික‍්ඛවෙ, චිනිතුං තයො චයෙ: ඉට‍්ඨකාචයං, සිලාචයං දාරුචයන‍්ති”.

වසුරුවළැ ගැටිය කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුබැම්ම, ගල්බැම්ම, ලීබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.

වච‍්චකූපො නීචවත්‍ථුකො හොති. උදකෙන ඔත්‍ථරීයති.

වසුරුවළ මිටිබිමක් ඇත්තේ වේ. දියෙන් යටකැරේ-දියට යට වේ.

“අනුජානාමි භික‍්ඛවෙ, උච‍්චවත්‍ථුකං කාතුන‍්ති”.

“මහණෙනි, එය උස්බිමක් ඇතියක් කරන්නට (බිම පස් ආදිය අතුරා උසට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.

චයො පරිපතති. “අනුජානාමි භික‍්ඛවෙ, චිනිතුං, තයො චයෙ: ඉට‍්ඨකාචයං සිලාචයං, දාරුචයන‍්ති”.

බැම්ම කැඩී හැලෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම ද ගල් බැම්ම ද දඬුබැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.

ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති.

එයට නඟින්නාහු වෙහෙසෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ, තයො සොපාණෙ, ඉට‍්ඨකාසොපාණං සිලාසොපාණං දාරුසොපාණන‍්ති”.

“මහණෙනි, ගඩොළු හිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.

ආරොහන‍්තා පරිපතන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ, ආලම‍්බනබාහන‍්ති”. අන‍්තෙ නිසින‍්නා වච‍්චං කරොන‍්තා පරිපතන‍්ති.

එයට නඟින්නාහු වැටෙත්. “මහණෙනි, (එල්බැ යන්නට) අත්වැල අනුදනිමි” යි වදාළසේක. කෙළවරැ හිඳ මල පහකරනුවෝ වැටෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ, සන්‍ථරිත්‍වා මජ‍්ඣෙ ඡිද‍්දං කත්‍වා වච‍්චං කාතුන‍්ති”.

“මහණෙනි, ලෑලි ආදියක් අතුරා මැද සිදුරක් කොට මල පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.

දුක‍්ඛං නිසින‍්නා වච‍්චං කරොති.

දුකසේ හුන්නාහු මල පහකෙරෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ වච‍්චපාදුකන‍්ති”.

“මහණෙනි, වර්චස්පාදුකාව (වළ දෙපස පා තබන ආධාරකය) අනුදනිමි” යි වදාළසේක.

බහිද‍්ධා පස‍්සාවං කරොන‍්ති.

වළෙන් පිටත මූත්‍ර පහකෙරෙති.

“අනුජානාමි භික‍්ඛවෙ පස‍්සාවදොණිකන‍්ති”.

“මහණෙනි, වටන් දෙණක් අනුදනිමි” යි වදාළසේක.

අවලෙඛනකට‍්ඨං න හොති.

පුසන් දණඩෙක් නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ අවලෙඛනකට‍්ඨන‍්ති”.

“මහණෙනි, පුසන් දණ්ඩ අනුදනිමි” යි වදාළසේක.

අවලෙඛනපිඨරො න හොති.

පුසන්දඬු තබන බඳුනෙක් නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ අවලෙඛනපිඨරන‍්ති”.

“මහණෙනි, පුසන් දඬු තබන බඳුනක් අනුදනිමි” යි වදාළසේක.

වච‍්චකූපො අපාරුතො දුග‍්ගන්‍ධො හොති. “අනුජානාමි භික‍්ඛවෙ අපිධානන‍්ති”.

වසුරුවළ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.

අජ‍්ඣොකාසෙ වච‍්චං කරොන‍්තා සීතෙනපි උණ‍්හෙනපි කිලමන‍්ති. “අනුජානාමි භික‍්ඛවෙ වච‍්චකුටින‍්ති”.

එළිමහනෙහි (වටා ආවරණ නැති තන්හි තැනූ වසුරු වළෙහි) මල පහකරන්නාහු, ශීතයෙනුත් උෂ්ණයෙනුත් පෙළෙත්. “මහණෙනි, වැසිකිළියක් අනුදනිමි” යි වදාළ සේක.

වච‍්චකුටියා කවාටං න හොති.

වැසිකිළියට දොර පොහොරුවෙක් නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ, කවාටං, පිට‍්ඨිසඞ‍්ඝාටං, උදුක‍්ඛලිකං, උත‍්තරපාසකං, අග‍්ගලවට‍්ටිං, කපිසීසකං, සූචිකං, ඝටිකං, තාලච‍්ඡිද‍්දං, ආවිඤ‍්ඡනච‍්ඡිද‍්දං, ආවිඤ‍්ඡනරජ‍්ජුන‍්ති”.

“මහණෙනි, දොරපොහොරුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරු ලීය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදින රැහැන ද අනුදනිමි” යි වදාළසේක.

වච‍්චකුටියා තිණචුණ‍්ණං පරිපතති.

වැසිකිළියෙහි තණරොඩු වැටෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුං, සෙතවණ‍්ණං කාළවණ‍්ණං ගෙරුකපරිකම‍්මං මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකං පඤ‍්චපටිකං චීවරවංසං චීවරරජ‍්ජුන‍්ති”.

“මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, සුදුපැහැය කළුපැහැය ගුරුපිරියම මාලා කර්‍ම ලතාකර්‍ම මුවරදැති, සිතියම් (දෑහිඟුල් ඈ විසින්) පස්වනක් පැහැ කරන්නට ද සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන රැහැන ද අනුදනිමි” යි වදාළසේක.

146. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ජරාදුබ‍්බලො වච‍්චං කත්‍වා වුට‍්ඨහන‍්තො පරිපති භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

146. එ සමයෙහි එක් මහණෙක් ජරායෙන් අබල වූයේ මල පහකොට නැගී සිටින්නේ ඇදී වැටුණේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.

“අනුජානාමි භික‍්ඛවෙ, ඔලම‍්බකන‍්ති”.

“මහණෙනි, එල්බැගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.

වච‍්චකුටි අපරික‍්ඛිත‍්තා හොති.

වැසිකිළිය වටින් නො වසන ලදුයේ වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ පරික‍්ඛිපිතුං තයො පාකාරෙ: ඉට‍්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන‍්ති”.

“මහණෙනි, ගඩොළු බිත්තිය ද ගල් බිත්තිය ද දඬු බිත්තිය ද යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.

කොට‍්ඨකො න හොති.

දොර කොටුවෙක් නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ, කොට‍්ඨකන‍්ති”.

“මහණෙනි, දොරකොටුවක් අනුදනිමි” යි වදාළසේක.

කොට‍්ඨකො නීචවත්‍ථුකො හොති -පෙ- අනුජානාමි භික‍්ඛවෙ උච‍්චවත්‍ථුකං කාතුන‍්ති. චයො පරිපතති -පෙ- ආරොහන‍්තා විහඤ‍්ඤන‍්ති -පෙ- අනුජානාමි භික‍්ඛවෙ, තයො සොපාණෙති -පෙ- අනුජානාමි භික‍්ඛවෙ ආලම‍්බනබාහන‍්ති.

කොටුව මිටි බිමක් ඇත්තේ වෙයි ... “මහණෙනි, උස්බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක. බැම්ම කැඩී යයි. … නැඟෙන්නාහු වෙහෙසෙත්. ... “මහණෙනි, සෝපාන තුනක් ... අනුදනිමි” යි වදාළසේක. “මහණෙනි, එල්බගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.

කොට‍්ඨකස‍්ස කවාටං න හොති.

දොර කොටුවට දොර පළුවෙක් නොවෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ, කවාටං පිට‍්ඨිසඞ‍්ඝාටං උදුක‍්ඛලිකං උත‍්තරපාසකං අග‍්ගලවට‍්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාළච‍්ඡිද‍්දං ආවිඤ‍්ඡනච‍්ඡිද‍්දං ආවිඤ‍්ඡනරජ‍්ජුන‍්ති”.

“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද දොර පොල්ල ද අගුළුකණුව ද, යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද අදින රැහැන බහන සිදුර ද, අදනා රැහැන ද අනුදනිමි” යි වදාළසේක.

කොට‍්ඨකෙ තිණචුණ‍්ණං පරිපතති.

දොරටුවෙහි තණරොඩු වැගිරෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ, ඔගුම‍්බෙත්‍වා උල‍්ලිත‍්තාවලිත‍්තං කාතුං: සෙතවණ‍්ණං කාළවණ‍්ණං ගෙරුකපරිකම‍්මං මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකං පඤ‍්චපටිකන‍්ති.

“මහණෙනි, ඝන දඬුවලින් පියස්ස තනා ඇතුළත පිටත බදාම අලවන්නට ද සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මාලාකර්‍ම ලතාකර්‍ම මෝරුදැති පස්වනක් පැහැය ගන්වන්නට ද අනුදනිමි” යි වදාළසේක.

පරිවෙණං චික‍්ඛල‍්ලං හොති.

වැසිකිළිය වටා පවුර ඇතුළත වූ බිම මඩ සහිත වේ.

“අනුජානාමි භික‍්ඛවෙ, මරුම‍්බං උපකිරිතුන‍්ති”.

“මහණෙනි, වැලි ඉස වසාලන්නට අනුදනිමි” යි වදාළසේක.

න පරියාපුණන‍්ති.

වැලි ප්‍රමාණවත් නො වේ.

“අනුජානාමි භික‍්ඛවෙ, පදරසිලං නික‍්ඛිපිතුන‍්ති”.

“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.

උදකං සන‍්තිට‍්ඨති.

දිය රැඳී සිටී.

“අනුජානාමි භික‍්ඛවෙ, උදකනිද‍්ධමනන‍්ති”.

“මහණෙනි, දිය සොරොව්වක් කරන්නට අනුදනිමි” යි. වදාළසේක.

ආචමනකුම‍්භී න හොති.

දෙවුනා ජලය පිණිස බඳුනෙක් නො වෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ, ආචමනකුම‍්භින‍්ති”.

“මහණෙනි, මලධොවනයට දිය බඳුනෙක් අනුදනිමි” යි වදාළසේක.

ආචමනසරාවකො න හොති. “අනුජානාමි භික‍්ඛවෙ, ආචමනසරාවකන‍්ති”.

දොවුනා දිය ගන්නට සරාවෙක්, නො වෙයි. “මහණෙනි, (මලධෝවනයට දිය බඳුනෙන්) දිය ගන්නා සරාවක් අනුදනිමි” යි වදාළසේක.

දුක‍්ඛං නිසින‍්නා ආචමෙන‍්ති.

දුක්සේ හිඳුනාහු මල දොවිත්.

“අනුජානාමි භික‍්ඛවෙ, ආචමනපාදුකන‍්ති”.

මහණෙනි, මල දෝනට හිඳිනු පිණිස පාදුකා අනුදනිමි” යි වදාළසේක.

ආචමනපාදුකා පාකටා හොන‍්ති. භික‍්ඛූ හිරීයන‍්ති ආචමෙතුං.

ආචමනපාදුකාවෝ (මලදොවනට හිඳිනා පාදුකාවෝ) පිටතට පෙනෙත්, මහණහු මලදෝනට ලජ්ජිත වෙත්.

“අනුජානාමි භික‍්ඛවෙ පරික‍්ඛිපිතුං තයො පාකාරෙ: ඉට‍්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන‍්ති”.

“මහණෙනි, ගඩොළුපවුර ද ගල්පවුර ද දඬුපවුර ද යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි”.

ආචමනකුම‍්භී අපාරුතා හොති. තිණචුණ‍්ණෙහි පි පංසුකෙහි පි ඔකිරීයති.

මලදෝනා දිය තබන සැළ නො වැසුණේ වේ. තණ රොඩුයෙන් ද දූවිලියෙන් ද එය වැසෙයි.

“අනුජානාමි භික‍්ඛවෙ අපිධානන‍්ති”.

“මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.

147. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ එවරූපං අනාචාරං ආචරන‍්ති: මාලාවච‍්ඡං රොපෙන‍්තිපි රොපාපෙන‍්තිපි, සිඤ‍්චන‍්තිපි සිඤ‍්චාපෙන‍්තිපි, ඔචිනන‍්තිපි ඔචිනාපෙන‍්තිපි, ගන්‍ථෙන‍්තිපි ගන්‍ථාපෙන‍්තිපි, එකතො වණ‍්ටිකමාලං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, උභතොවණ‍්ටිකමාලං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, මඤ‍්ජරිකං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, විධූතිකං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, වටංසකං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, ආවෙළකං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි, උරච‍්ඡදං කරොන‍්තිපි කාරාපෙන‍්තිපි.

147. එ සමයෙහි සවැගි මහණහු මෙසේ වූ අනාචාර කරත්: මල් පැල සිටුවත්, සිටුවවත්. ඒවාට දිය ඉසිත්, දිය ඉස්වත්. මල්කඩත්, කඩවත්. මල්දම් ගොතත්, ගොතවත්. එක් පසකට නටුව ඇතිසේ මල්දම් තනත්, තනවත්. දෙපසට නටු සිටිනා සේ වූ මල්දම් ද තනත් තනවත්, මල්කැන් ද කරත්, කරවත්. හිද්දෙක අමුනා තනන මල්දම් ද කරත්, කරවත්. කනමතැ පලඳනා මල්දම් ද තනත්, තනවත්. හිසෙහි පලඳනා මල්දම් ද තනත්, තනවත්. මල්හර ද කරත්, කරවත්.

තෙ කුලිත්‍ථීනං කුලධීතානං කුලකුමාරීනං කුලසුණ‍්හානං කුලදාසීනං එකතො වණ‍්ටිකමාලං හරන‍්තිපි හරාපෙන‍්තිපි, උභතො වණ‍්ටිකමාලං හරන‍්තිපි හරාපෙන‍්තිපි, මඤ‍්ජරිකං හරන‍්තිපි හරාපෙන‍්තිපි, විධූතිකං හරන‍්තිපි හරාපෙන‍්තිපි, වටංසකං හරන‍්තිපි හරාපෙන‍්තිපි, ආවෙළකං හරන‍්තිපි හරාපෙන‍්තිපි, උරච‍්ඡදං හරන‍්තිපි හරාපෙන‍්තිපි.

කුලවමියනට කුල දූනට කුල කුමරියනට කුල යෙහෙළියනට කුලදාසීනට එක් පසකට නටු සිටුනා සේ තැනූ මල්දම් ගෙනයත්, යවත්. දෙපසට නටු ඇති මල්දම් ද ගෙන යත්, යවත්. මල් කැන් ද ගෙන යත්, යවත්. හිද්දෙන් අමුනා කළ මල් දම් ගෙනයත්, යවත්. කන මතැ පලඳනා මල්දම් ද ගෙනයත් යවත්, මුදුන් මල් කඩ ද ගෙනයත්, යවත් මල්හර ද ගෙනයත්, යවත්.

තෙ කුලිත්‍ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ‍්හාහි කුලදාසීහි සද‍්ධිං එකභාජනෙපි භුඤ‍්ජන‍්ති, එකථාලකෙපි පිවන‍්ති, එකාසනෙපි නිසීදන‍්ති, එකමඤ‍්චෙපි තුවට‍්ටෙන‍්ති, එකත්‍ථරණාපි තුවට‍්ටෙන‍්ති, එකපාවුරණාපි තුවට‍්ටෙන‍්ති, එකත්‍ථරණපාවුරණාපි තුවට‍්ටෙන‍්ති, විකාලෙපි භුඤ‍්ජන‍්ති, මජ‍්ජම‍්පි පිවන‍්ති, මාලාගන්‍ධවිලෙපනම‍්පි ධාරෙන‍්ති, නච‍්චන‍්තිපි, ගායන‍්තිපි, වාදෙන‍්තිපි, ලාසෙන‍්තිපි, නච‍්චන‍්තියාපි නච‍්චන‍්ති, නච‍්චන‍්තියාපි ගායන‍්ති, නච‍්චන‍්තියාපි වාදෙන‍්ති, නච‍්චන‍්තියාපි ලාසෙන‍්ති ගායන‍්තියාපි නච‍්චන‍්ති.... ගායන‍්ති ... ලාසෙන‍්ති වාදෙන‍්තියාපි නච‍්චන‍්ති ... ගායන‍්ති ... වාදෙන‍්ති ... ලාසෙන‍්ති, ලාසෙන‍්තියාපි නච‍්චන‍්ති, ලාසෙන‍්තියාපි ගායන‍්ති, ලාසෙන‍්තියාපි වාදෙන‍්ති, ලාසෙන‍්තියාපි ලාසෙන‍්ති. අට‍්ඨපදෙපි කීළන‍්ති, දසපදෙපි කීළන‍්ති, ආකාසෙපි කීළන‍්ති, පරිහාරපථෙපි කීළන‍්ති,

කුලවමියන් හා කුලදූන් හා කුල කුමරියන් හා කුලයෙහෙළියන් හා කුලදාසීන් හා එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් මලාවෙන් දිය පීම ද කෙරෙත්, එක් අස්නෙහි හිඳීම ද කරත්, එක් ඇඳෙහි නිදීම ද කරත්, එක් ඇතිරියක් ඇත්තෝ ව ද නිදත්, එක් පොරෝනාවක් ඇත්තෝ ව ද නිදත්, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තාහු ද නිදත්. විකාලයේ ද බොජුන් වළඳත්, මත්පැන් ද බොත්, මල් ගඳ විලෙවුන් දැරීම ද කරත්, නැටීම ද කරත්, ගැයීම ද කරත්, වැයීම ද කරත්, ලාසා නැටීම ද කරත්, නටන්නියට ද නටත්, නටන්නියට ද ගයත්, නටන්නියට ද වයත්, නටන්නියට ද ලාසා නැටීම කරත්, ගයන්නියට ද නටත්, ගයන්නියට ද ගයත්, ගයන්නියට ද වයත්, ගයන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, වයන්නියට ද නටත්, වයන්නියට ද ගයත්, වයන්නියට ද වයත්, ලාස්‍ය නෘත්‍යය කරන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, නටත් ... ගයත් ... වයත්, අට පා පුවරුවෙහි ද දූ කෙළිත්, දසපාපුවරුවෙහි ද දූ කෙළිත්, ආකාශයෙහි (දූ පුවරු සිතින් සිතා ගෙන) ද දූ කෙළිත්, කට්ටි පැනුම් ක්‍රීඩාව ද කරත්,

සන‍්තිකායපි කීළන‍්ති, ඛලිකායපි කීළන‍්ති, ඝටිකායපි කීළන‍්ති, සලාකහත්‍ථෙනපි කීළන‍්ති, අක‍්ඛෙනපි කීළන‍්ති, පඞ‍්ගචීරෙනපි කීළන‍්ති, වඞ‍්කකෙනපි කීළන‍්ති, මොක‍්ඛචිකායපි කීළන‍්ති, චිඞ‍්ගුලකෙනපි කීළන‍්ති, පත‍්තාළ‍්හකෙනපි කීළන‍්ති, රථකෙනපි කීළන‍්ති, ධනුකෙනපි කීළන‍්ති, අක‍්ඛරිකායපි කීළන‍්ති, මනෙසිකායපි කීළන‍්ති, යථාවජ‍්ජෙනපි කීළන‍්ති, හත්‍ථිස‍්මිම‍්පි සික‍්ඛන‍්ති, අස‍්සස‍්මිම‍්පි සික‍්ඛන‍්ති, රථස‍්මිම‍්පි සික‍්ඛන‍්ති, ධනුස‍්මිම‍්පි සික‍්ඛන‍්ති, ථරුස‍්මිම‍්පි සික‍්ඛන‍්ති, හත්‍ථිස‍්සපි පුරතො ධාවන‍්ති, අස‍්සස‍්සපි පුරතො ධාවන‍්ති, රථස‍්සපි පුරතො ධාවන‍්ති. ධාවන‍්තිපි ආධාවන‍්තිපි, උස‍්සොළෙහන‍්තිපි, අප‍්පොඨෙන‍්තිපි, නිබ‍්බුජ‍්ඣන‍්තිපි, මුට‍්ඨීහිපි යුජ‍්ඣන‍්ති, රඞ‍්ගමජ‍්ඣෙපි සඞ‍්ඝාටිං පත්‍ථරිත්‍වා නච‍්චන‍්තිං එවං වදෙන‍්ති ‘ඉධ භගිනි නච‍්චස‍්සූ’ති නලාටිකම‍්පි දෙන‍්ති, විවිධම‍්පි අනාචාරං ආචරන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “න භික‍්ඛවෙ විවිධං අනාචාරං ආචරිතබ‍්බං. යො ආචරෙය්‍ය යථාධම‍්මො කාරෙතබ‍්බො”ති.

සත්තිකායෙන් ද කෙළිත්, බලිකායෙන් ද කෙළිත්, ඝටිකායෙන් ද කෙළිත්, ශලාකහස්ත ක්‍රීඩායෙන් ද කෙළිත්, ගුඩයෙන් (පන්දුවෙන්) ද කෙළිත්, කොළනලා පිඹීමෙන් ද කෙළිත්, කුඩානඟුලෙන් ද කෙළිත්, කරනම් පැනීමෙන් ද කෙළිත්, (වාතයෙන් භ්‍රමණය වන) හුළං පතින් ද කෙළිත්, කොළනැළියෙන් මිනීමෙන් ද... කුඩාරියෙන් ද ..... කුඩාදුන්නෙන් ද ... අහසැ අකුරු ඇඳ කියැවීමෙන් ද ... සිතු දෑ කීමෙන් ද ... අංගවිකලයන් සේ ඉරියවු පැවැත්වීමෙන් ද කෙළිත්, හස්ත්‍රිශිල්පයෙහි ද පුහුණු වෙත්, අශ්වශිල්පයෙහි ද ... රථශිල්පයෙහි ද ... ධනුශ්ශිල්පයෙහි ද ... කඩුසිප්හි ද පුහුණු වෙත්, ඇතුට පෙරටු ව ද දිවෙත්, අසුට පෙරටු ව ද ... රියට පෙරටු ව ද දුවත්, ඉදිරියට ද ආපසු ද දුවත්. සීරුසන් දීම ද ... අත්පොළසන් දීම ද ... මල්ල පොර බැදීම ද ... මිටුයෙන් පහර දීම ද කරත්, නැටුම් පොළෙහි සඟළ සිවුර එළා නටන්නියට “නැඟණියනි, මෙහි නටන්නැ” යි ද කියත්. සිය නලළැ ඇඟිල්ල තබා නටන්නිය ගේ නලළැ ද ඇඟිල්ල තබත්. නානාවිධ අනාචාර කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... “මහණෙනි, නානාවිධ අනාචාර නො කළයුතු, යමෙක් කරන්නේ වී නම් විනයදහම්හි වූ පරිදි පිළියම් කැරැවියයුතු යැ” යී වදාළසේක.

148. තෙන ඛො පන සමයෙන ආයස‍්මන‍්තෙ උරුවෙලකස‍්සපෙ පබ‍්බජිතෙ සඞ‍්ඝස‍්ස බහුං ලොහභණ‍්ඩං දාරුභණ‍්ඩං මත‍්තිකාභණ‍්ඩං උප‍්පන‍්නං හොති. අථ ඛො භික‍්ඛූනං එතදහොසි “කින‍්නු ඛො භගවතා ලොහභණ‍්ඩං අනුඤ‍්ඤාතං කිං අනනුඤ‍්ඤාතං, කිං දාරුභණ‍්ඩං අනුඤ‍්ඤාතං, කිං අනනුඤ‍්ඤාතං, කිං මත‍්තිකාභණ‍්ඩං අනුඤ‍්ඤාතං, කිං අනනුඤ‍්ඤාතන‍්ති”.

148. එ සමයෙහි ආයුෂ්මත් උරුවෙල් කසුප් තෙරුන් පැවිදි වූ කල්හි සඞ්ඝයාහට බොහෝ ලොහොමුවා බඩු ද දඬුමුවා බඩු ද මැටිමුවා බඩු ද උපන්නේ වෙයි. ‘කවර නම් ලොහො බඩුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේ ද? කවරෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර දඬුමුවා බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර නම් මැටි බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ දැ’ යි භික්‍ෂුනට මේ සිත විය.

භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක.

“අනුජානාමි භික‍්ඛවෙ ඨපෙත්‍වා පහරණිං සබ‍්බං ලොහභණ‍්ඩං, ඨපෙත්‍වා ආසන්‍දිං පල‍්ලඞ‍්කං දාරුපත‍්තං දාරුපාදුකං සබ‍්බං දාරුභණ‍්ඩං, ඨපෙත්‍වා කතකං ච කුම‍්භකාරිකඤ‍්ච සබ‍්බං මත‍්තිකාභණ‍්ඩන‍්ති”.

“ආයුධ හැර, සියලු ලොහොබඩු ද, දික්සඟළා පුටුවත් ව්‍යඝ්‍රරූපාදිය ඇති පුටුවත් ලීයෙන් කළ පාත්‍රයත් ලීයෙන් කළ මරවැඩිත් හැර සියලු ලීමුවා බඩු ද, පියුම් කෙමියක් මෙන් උඩට නෙරා සිටුනා සේ කළ මැටි පාපිස්නාව ද සියල්ල මැටියෙන් කළ කුටිය ද හැර සෙසු සියලු මැටි බඩු ද අනුදනිමි” (යි වදාළ සේක).

ඛුද‍්දක වත්‍ථුක‍්ඛන්‍ධකං පඤ‍්චමං.

පස්වනු බුද්දකවත්ථුක්ඛනධක යි.

තස‍්සුද‍්දානං:

මේ එහි උද්දානය යැ:

1. රුක‍්ඛෙ ථම‍්භෙ ච කුඩ‍්ඩෙ ච අට‍්ඨානෙ ගන්‍ධසුත‍්තියා විග‍්ගය‍්හ මල‍්ලකො කච‍්ඡු ජරා ච පුථුපාණිකා.

1. රුකෙහි කය ඉලීම, ටැඹෙහි කය ඉලීම, බිත්තියෙහි කය ඉලීම, නො තන්හි නෑම, දැවමුවා අතින් සිරුර ඉලීම, කිරිඳි හුයින් ඇඟ ඉලීම, උනුන් සිරුර ගටා පිරියම් කැරැවීම, මල්ලකයෙන් සිරුර ඉලීම, කැසීම් රොගයට මල්ලකය අනුදැනීම, ජරායෙන් පෙළුණාහට උක්කාසිකාව අනුදැනීම, පුථුපාණිකාව අනුදැනීම,

2. වල‍්ලිකාපි ච පාමඞ‍්ගං කණ‍්ඨසුත‍්තං න ධාරයෙ කටි ඔවට‍්ටි කෙයූරං හත්‍ථාභරණ මුද‍්දිකා.

2. මුතුවැල් ආදිය ද, පමුව ද ගෙල පලඳනා ද, ඉඟපලඳනා ද, වළලු ද, අඟුපලඳනා ද හස්තාභරණ ද මුදු ද නො දැරිය යුතු ය යන්න ද,

3. දීඝෙ කොච‍්ඡෙ ඵණෙ හත්‍ථෙ සිත්‍ථා උදකතෙලකෙ ආදාසුද පත‍්තවණා ආලෙප මද‍්ද චුණ‍්ණනා

3. දික් කෙස් දැරීම ද, කොස්සෙන්, පනායෙන් අත්පනායෙන්, ඉටිතෙලින්, දියමුසු තෙලින් කෙස් පිරීම, කැටපතෙහි ද දිය බඳුනෙහි ද මුහුණ බැලීම, මුඛයේ වණයක් ඇති කලැ කැටපත් ඈහි මූණ බැලීම, මුහුණ අලෙවු දීම, මුව පිරිමැදීම, මුවැ වත්සුණු තැවැරීම, යන කරුණු ද,

4. ලඤ‍්ඡෙන‍්ති අඞ‍්ගරාගඤ‍්ච මුඛරාගං තදූභයං චක‍්ඛුරොගං ගිරග‍්ගඤ‍්ච ආයතං සරබාහිරං.

4. මහණහු මුවැ සලකුණු තබත්, ඇඟැ පැහැ ගැල්වීම, මුහුණ පැහැ ගැල්වීම ද ඒ දෙක ම ද කරත්, ඇසැ රොගයට මුඛයාලෙපය අනුදැනීම, ගිරග්ගසමජ්ජය දක්නට යෑම, ආයතක ස්වරයෙන් බණ කීම, ස්වරභාණ්‍යය, පිටතට ලොම් සිටුනා සේ කළ පොරෝනා දැරීම යන කරුණු ද,

5. අම‍්බපෙසි සකලෙහි අහි ඡින්‍දි ච චන්‍දනං උච‍්චාවචා පත‍්තමූලං සුවණ‍්ණො බහලා වලී

5. රජුගේ උයනෙහි අඹ වැළඳීම, සූපයෙහි ලූ අඹපෙති වැළඳීම, දායකයන් සියලු අඹ අතින් ගෙන බොජුන් හලැ හැසිරීම, සපුනට මෙත් වැඩීම, අඟදා සිඳීම, හඳුන් පා පිළිබඳ වත, කුදුමහත් පාත්‍ර දැරීම, පාත්‍රමූලය පිළිබඳ පැනැවීම, රන්මුවා ඈ පාමඩුලු දැරීම, පාමඩුලු හැකිලීම යන කරුණු ද,

6. චිත්‍රා දුස‍්සති දුග‍්ගන්‍ධො උණ‍්හෙ භිජ‍්ජිංසු මිඩ‍්ඪියා පරිභණ‍්ඩං තිණං චොළං මාලං කුණ‍්ඩොලිකාය ච. ථවිකඤ‍්ච අංසබන්‍ධකං, තථා බන්‍ධනසුත‍්තකා

6. විසිතුරු පාමඩුලු දැරීම, දිය සහිත පාත්‍ර දූෂ්‍ය වේ යන්න, පාත්‍ර දුගඳ වීම, පාත්‍ර උෂ්ණයෙහි තැබීම, සුළිහුළඟින් පාත්‍ර බිඳී ගියේ ය යන්න, පිල් කෙළවරැ පාත්‍රා තැබීම, පටු පිල් කෙළවරැ පාත්‍ර තැබීම, පාත්‍ර සඳහා තණ ඇතිරිය, රෙදි ඇතිරිය, පාත්‍රමාලකය, පාත්‍ර කණ්ඩොලිකාව හා පාත්‍ර ථවිකය, අංසබන්ධකය, පාත්‍ර බඳනා හුය යන මෙතෙක් දෑ ද,

7. ඛිලෙ මඤ‍්චෙ ච පීඨෙ ච අංකෙ ඡත‍්තෙ පණාමනා තුම‍්බඝටී ඡවසීසං චලකානි පටිග‍්ගහො.

7. බිතුහුලෙහි පාත්‍රය ලැග්වීම, ඇඳෙහි ද පුටුවෙහි ද ඇකයෙහි ද ඡත්‍රයෙහි ද පාත්‍රය තැබීම, පාත්‍රය අතැති ව කවුළුව ඇරීම, ලබුකබල් ද කළගෙඩි ද පාත්‍ර වශයෙන් දැරීම, මිනී හිස් පාත්‍ර දැරීම සපා ඉවත් කළ දෑ පාත්‍රයෙන් ගෙන යෑම, පඩික්කම අනුදැනිම් යන කරුණු ද,

8. විප‍්ඵාලි දණ‍්ඩ සොවණ‍්ණං පත‍්තෙ පෙසි ච නාළිකා කිණ‍්ණං සත‍්තු සරිතඤ‍්ච මධුසිත්‍ථං සිපාටිකං.

8. අතින් සිවුරු ඉරා , මැහීම, පිහිය රන්මුවා පිහියා මිටි ආදිය, කුකුළු පිහාටුයෙන් මැහීම, උණ පතුරෙන් මැහීම, හිදි කටුගුලාව, රාබිජුසුණු, පිටිකුඩු ගල්කුඩු, මීඉටි, මීඉටි ගැල්වූ රෙදිකඩ යන කරුණු ද,

9. විකණ‍්ණං බන්‍ධි විසමං ඡමා ජිර පහොති ච කළිම‍්බං මොඝසුත‍්තඤ‍්ච අධොතල‍්ලං උපාහනා

9. කොන් සම නැති සිවුරු, උල් සිටුවා සිවුරු බැඳීම, විසම තැන කඨිනය තැබීම, කඨිනය බිම තැබීම, කඨිනයේ කොන දිරීම, කඨිනය පුමාණවත් නොවෙයි ද එය, කලිම්බක (ලාපත) ය, බොරු හුය, නොසේදු පයින් කඨිනය ඇක්මීම, තෙත් පයින් කඨිනය - ඇක්මීම, මරවැඩි සහිත පයින් කඨිනය ඇක්මීම, යන කරුණු ද,

10. අඞ‍්ගුලී පටිග‍්ගහඤ‍්ච විත්‍ථකං අංසබන්‍ධකා අජ‍්ඣොකාසෙ නීචවත්‍ථු චයො චාපි විහඤ‍්ඤරෙ.

10. සිවුරු මැහීමේ දී ඇඟිල්ලෙන් හිදිකටුව ඇදීම, දිදාලය අනුදැනීම, විත්ථකය (හෙප්පුව) අනුදැනීම, අංසඛන්ධකය අනුදැනීම, එළිමහනෙහි සිවුරු මැහීම, කඨිනශාලාව පිහිටි බිම පහත් බව, බැම්මෙන් බිම උස් කිරීම, උස්බිමට නගින්නාහු පෙළෙත්,

11. පරිපතති තිණචුණ‍්ණං උල‍්ලිත‍්තාවලිත‍්තකං සෙතං කාළකවණ‍්ණඤ‍්ච පරිකම‍්මඤ‍්ච ගෙරුකං

11. උස්බිමට නගින්නාහු වැටෙත් (මේවා පිළිබඳ කළ අනුදැනුම්), කෙළින්හලැ තණ සුණු වැටීම, පියස්සැ උඩ යට බදාම ආලේප කිරීම, එහි සුදු පැහැ කළු පැහැ ගුරු පිරියම් ද කිරීම යන කරුණු ද,

12. මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තක පට‍්ටිකා චීවරවංසං රජ‍්ජුඤ‍්ච අනුඤ‍්ඤාසි විනායකො

12. එහි මාලාකර්‍ම ලතාකර්‍ම මකරදන්තක පංචපටිකා සිතුවම් කිරීම ද, සිවුරු වනන උන දංඩ ද , සිවුරු වනන ලනුව ද යන මෙ හැම බුදුරජුහු අනුදත්හ.

13. උජ‍්ඣිත්‍වා පක‍්කමන‍්ති ඛජ‍්ජති පරිභිජ‍්ජති. විනිවෙඨියති කුඩ‍්ඩෙපි පත‍්තෙනාදාය ගච‍්ඡරෙ

13. කඨිනය නොසැලකිලියේ දමා යත්, එයින් කඨිනය වේ ආදීන් විසින් කනු ලබයි, කැඩීබිඳී යෙයි. කඨිනය ලිහෙයි, කඨිනය බිත්තියෙහි ද නංවා යෙත්. හිදිකටු ආදිය පාත්‍රයෙන් ගෙන යත්.

14. ථවිකා බන්‍ධසුත‍්තඤ‍්ච බන්‍ධිත්‍වා ච උපාහනා උපාහනත්‍ථවිකඤ‍්ච අංසබන්‍ධන සුත‍්තකං

14. ථවිකාවක් ද බඳනා හුයක් ද අනුදත්හ. මරවැඩි කාබහතින් බැඳ ගෙනයත්, උපාහනත්ථවිකාව ද අංශයෙහි බඳනා හුය ද අනුදත්හ.

15. උදකාකප‍්පියං මග‍්ගෙ පරිස‍්සාවනචොළකං ධම‍්මකරකං ද‍්වෙ භික‍්ඛූ වෙසාලිං අගමා මුනි

15. මාර්‍ගයේ දී අකැප දිය ලැබේ, පෙරහන් කූඩ ද ඩබරාව ද අනුදත්හ. දික්මඟ පිළිපන් භික්‍ෂුහු දෙදෙනෙකි. (ඔවුන්ගේ පුවත ය). බුදුරජුහු විසල් පුර වැඩියාහ.

16. දණ‍්ඩං ඔත්‍ථරකං තත්‍ථ අනුඤ‍්ඤාසි පරිස‍්සාවනං මකසෙහි පණීතෙන බහ‍්වාබාධා ච ජීවකො

16. එහි දී දඬුපෙරහන ද ළිඳ තුළ ඔබා දිය පෙරන පෙරහන ද අනුදත්හ. මහණහු මදුරුවන් ගෙන් පෙළුණාහ. (සිවුරු කිළිය අනුදත්හ.) ප්‍රණීත භෝජන හේතුයයෙන් මහණහු ගිලන් වූහ. ජීවක තෙම ආයාචනයක් කෙළේ ය.

17. චඞ‍්කමනං ජන‍්තාඝරං විසමෙ නීචවත්‍ථුකො තයො චයෙ විහඤ‍්ඤන‍්ති සොපාණාලම‍්බ වෙදිකං

17. සක්මන්මළුව ද ගිනිහල් ගෙය ද අනුදත්හ. විසම සක්මන්මළුවෙහි සක්මන් කරත්. සක්මන්මළුව මිටි බිමෙක වෙයි. බැඳුම් තුනක් අනුදත්හ. එයට නඟින්නාහු වෙහෙසෙත්. පඩිපෙළ ද අත්වැල ද සක්මන්පිළ ද අනුදත්හ.

18. අජ‍්ඣොකාසෙ තිණචුණ‍්ණං උල‍්ලිත‍්තාවලිත‍්තකං සෙතකං කාළවණ‍්ණඤ‍්ච පරිකම‍්මඤ‍්ච ගෙරුකං

18. මහණහු එළිමහනැ සක්මන් කරත්. සක්මන්හලැ තණ රොඩු වැටෙයි. පියස්ස ඇතුළතින් පිටතින් බදාම ආලේප කිරීම අනුදත්හ. එය සුදුපැහැ කළුපැහැ ද කරන්නට ද ගුරු පිරියම් කරන්නට ද අනුදත්හ.

19. මාලාකම‍්මං ලතාකම‍්මං මකරදන‍්තකපට‍්ටිකං වංසං චීවරරජ‍්ජුඤ‍්ච උච‍්චං ච වත්‍ථුකං කරෙ

19. එහි මල්කම් ලියකම් මුවරදත් පස්වනින් පැහැපත් කිරීම යන මෙය දත්හ. සිවුරු වනන වස්දහංඩ ද රැහැන ද අනුදත්හ. ගිනිහල්ගෙහි බිම උස් කරන්නේ ය.

20. තයො සොපාණ බාහඤ‍්ච කවාටං පිට‍්ඨිසඞ‍්ඝාටං උදුක‍්ඛලුත‍්තරපාසකං වට‍්ටිඤ‍්ච කපිසීසකං

20. තුන් පඩිපෙලවල් ද අත්වැල ද දොර ද දොර ඛාව ද මුසලපාසය ද උත්තරපාසය ද දොරපොල්ල ද අගුළුකණුව ද අනුදත්හ.

21. සූචි ඝටි තාලච‍්ඡිද‍්දං ආවිඤ‍්ඡනඤ‍්ච රජ‍්ජුකං. මණ‍්ඩලං ධූමනෙත‍්තඤ‍්ච මජ‍්ඣෙ ච මුඛමත‍්තිකං

21. යතුරුලීය ද තරංකය ද කෙසිසිදුර ද අදනා රැහැන් ආදිය ද අනුදත්හ. මංඩලිකාව (කය්යෝරුව) ද දුම් සිදුර ද ගිනිහල මැද උදුන ද මුහුණ තවරනා මැටි ද අනුදත්හ.

22. මත‍්තිකාදොණි දුග‍්ගන්‍ධො ඩහතී උදකාධානං සරාවකං ච සෙදෙති චික‍්ඛල‍්ලං ධොවි නිද‍්ධමනං

22. මැටි ඔරුව අනුදත්හ. මැටි දුගඳ වෙයි. සිරුර දැවෙයි. දිය බඳුනක් ද මලාවක් ද අනුදත්හ. පියස්ස විසිරෙයි. ගිනිහල මඩ සහිත වෙයි. සෝදා හැරීම ද මොහොල (කානුවක්) තැනීම ද අනුදත්හ.

23. පීඨඤ‍්ච කොට‍්ඨකෙ කම‍්මං මරුම‍්බාසිලා නිද‍්ධමනං නග‍්ගා ඡමායං වස‍්සන‍්තෙ පටිච‍්ඡාදී තයො තහිං

23. ගිනිහල් පුටුව ද දොරටුව ද එහි බිම උස් කිරීම් ඈ කටයුතු ද අවට බිමැ වැලි ඉසීම ද, මොහොලක් තැනීම ද අනුදත්හ. මහණහු නග්න ව වන්දනාදිය කරත්, (එය නොකළ යුතු යි වදාළාහ.) ගිනිහලෙහි බිමැ සිවුරු තබත්. වසින කල සිවුරු තෙමෙයි. ගිනිහලෙහි ප්‍රතිච්ඡාදන තුනක් අනුදත්හ.

24. උදපානං ලුජ‍්ජති ච වල‍්ලියා කායබන්‍ධනං තූලං කරකටං චක‍්කං බහූ භිජ‍්ජන‍්ති භාජනා

24. ළිඳක් අනුදත්හ, එය කැඩී යයි (එයට තුන් බැඳුම් අනුදත්හ.) වැලෙන් දිය බාත්, කාබහන ද එහි යොදත්. තුලා කරකටක චක්‍රවර්ත යන තුන අනුදත්හ. බොහෝ බඳුන් බිඳේ.

25. ලොහදාරු චම‍්මඛණ‍්ඩං සාලා තිණං පිධානි ච දොණිං චන්‍දනි පාකාරං චික‍්ඛල‍්ලං නිද‍්ධමනෙන ච

25. ලොහො කළය, ලී කළය, සම් පසුම්බිය අනුදත්හ. ළින් හල අනුදත්හ. එහි තණරොඩු වැටෙයි, පියනක් අනුදත්හ. දිය බහාලන ඔරුවක් ද නාන තැන වළක් ද වටා පවුරක් ද අනුදත්හ. එය මඩ සහිත වෙයි. කානුවෙන් දිය යවන්නට අනුදත්හ.

26. සීතිගතං පොක‍්ඛරණිං පුරාණඤ‍්ච නිල‍්ලෙඛනං. චාතුමාසං සයන‍්ති ච නමතකඤ‍්ච නධිට‍්ඨහෙ

26. නාන්නහුගේ කය ශීතවත් වෙයි. (දිය පිසිනා රෙදිකඩ අනුදත්හ). පොකුණ අනුදත්හ. පොකුණ දිය පරණ වෙයි. (දියනික්මවන ඇලක් ද කානුවක් ද අනුදත්හ. පියස්ස සහිත ගිනිහල අනුදත්හ. සිවුමසක් හිඳිනා කඩෙන් තොර ව හිඳිත්. (එය නොකටයුතු යැ යි වදාළහ). මහණහු මල්යහන්හි වැදහොත් (එය නොකටයුතු යි වදාළාහ). නමතකය ඉටියයුතු නො වේ යැ යි ද වදාළාහ.

27. ආසිත‍්තකං මළොරිකං භුඤ‍්ජන‍්තෙකං තුවට‍්ටිසුං වඩ‍්ඪො බොධි න අක‍්කමි ඝටං කතකං සම‍්මජ‍්ජනි

27. ආසිත්තකය (තඹෙන් හෝ රිදියෙන් කළ පෙට්ටියක් වැනි බඳුන) පරිභෝග කරත්, එය නොකටයුතු යැ යි වදාළහ. පාත්‍රාධාරකය අනුදත්හ. සවැගියෝ එක් බඳුනෙන් වළඳත්, එක් හැඳෙහි වැදහොත්. වඩ්ඪ ලිච්ඡවීහු ගේ පුවත ද බෝධි රාජකුමාරයා ගේ පුවත ද එයි. බුදුරජහු පාවාඩය නො ඇක්මියහ. කිරිගරුඬ කළය ද මැටිමුවා පාපිස්නාව ද මුස්නක් ද (විශාඛා) පිළිගැන්නුවා ය.

28. සක‍්ඛරං කඨලඤ‍්චෙව ඵෙණකං පාදඝංසනිං විධූපනං තාලවණ‍්ටං මකසං චාපි චාමරී

28. ගල්කැටින් කළ පාපිස්නාව ද කැබිලිතියෙන් කළ පාපිස්නාව ද මුහුදුපෙණින් කළ පාපිස්නාව ද විජිනිපත ද තල්වැට ද මදුරුවිජිනිපත ද අනුදත්හ. සෙමෙර වල්විදුනාව නො අනුදත්හ.

29. ඡත‍්තං විනා ච ආරාමෙ තයො සික‍්කාය සම‍්මති රොම සිත්‍ථා නඛා දීඝා ඡින්‍දන‍්තඞ‍්ගුලිකා දුක‍්ඛා

29. මහණකුහට කුඩයක් නැතිව පහසු නො වේ. ආරාමයෙහි කුඩය දැරීමට අනුදත්හ. දණ්ඩසික්කාව පිළිබඳ පැනැවීම ද දණ්ඩසම්මතිය ද සික්කා සම්මතිය ද යන තුන ද වේ. ආහාර වැමෑරීම ද බොජුන් හලැ බත්හුලු විසුරුවීම ද දික් නිය දැරීම ද පැනැවීම් වේ. නිය සිඳීමේ දී ඇඟිලි පෙළේ. එය පිළිබඳ ව ද සිකපද පැනැවූහ.

30. සලොහිතං පමාණඤ‍්ච වීසති දීඝකෙසතා ඛුරං සීලං සිපාටිකං නමතකං ඛුරභණ‍්ඩකං

30. ලේ සහිත කොට නිය සිඳීම පිළිබඳ පැනවීම, මාංසප්‍රමාණයෙන් නිය සිඳින්නට අනුදැනීම, විසිනිය මට්ටම් කිරීම පිළිබඳ පැනවීම, දික් කෙස් ඇති බව ඇරැබ පැනවීම, දැළි පිහිය ද පිහියා මදින ගල ද පිහියා කොපුව පිහියා මදින සම ද සියලු කරබඩු ද අනුදැන්ම,

31. මස‍්සුං කප‍්පෙන‍්ති වඩ‍්ඪෙන‍්ති ගොලොමි චතුරස‍්සකං පරිමුඛං අඩ‍්ඪුරකඤ‍්ච දාඨි සම‍්බාධසංහරෙ

31. රවුළු කපවත්, රවුළු වඩත්, හනුවෙහි රවුළ ඉතිරි කිරීම, කොන්සතරක් සිටුනා සේ රවුළු කැපීම, පපුවෙහි ලොම් කැප්වීම, බඩෙහි රොමරාජිය තැබවිම, උඩුරවුළ තැබීම පිළිබඳ සිකපද පැනැවිණ. සම්බාධස්ථානයන්හි ලොම් ඉවත් කිරීමෙහි ද සිකපද පැනවිණ.

32. ආබාධා කත‍්තරි වණො දීඝං සක‍්ඛරිකාය පලිතං ථකිතං උච‍්චා ලොහභණ‍්ඩඤ‍්ජනී චයා;

32. ආබාධප්‍රත්‍යයයෙන් ලොම් හැරැවීම, කතුරෙන් කෙස් සිඳුවීම, හිසෙහි වණයක් පිළිබඳ වත. දික් නැහැලොම් දැරීම, ගල්කැටින් නැහැලොම් ගැලවීම, පැසුණු කෙස් ගැලවීම, කන් කාඳුරුයෙන් වැසීයාම, කුදුමහත් කන්හැඳි දැරීම, ලොහොබඩු රැස්කිරීම, අඳුන්නලාදිය දැරීම, (පිළිබඳ ප්‍රඳප්තීහු වෙත්).

33. පල‍්ලත්‍ථිකං ච ආයොගො වටං සලාකබන්‍ධනං කලාබුකං දෙඩ‍්ඩුභකං මුරජං මද‍්දවීණකං

33. සංඝාටිපල්ලත්‍ථිකාව ද ආයෝග පට, වටලීය නඩාව පිළිබඳ පැනැවීම් ද කාබහන දැරීම රැහැන් ඇති කාබහන, දියබරණ හිස වැනි මල ඇති කාබහන, මිහිඟු බෙර වැටි බඳු කාබහන, හවඩියත් වැනි කාබහන යන මේවා පිළිබඳ පැනවීම් ද ඇත.

34. පට‍්ටිකං සූකරන‍්තඤ‍්ච දසා මුරජ වෙණිතා අන‍්තො සොභං ගණකඤ‍්චෙව පවනන‍්තොපි ජීරති.

34. හැඳ පට රටා පටිය, හුරු අතුනු බඳු පටිය දහවලු දිරීම, දහවලු මිහිඟුබෙරවැටි සේ වෙළූපටිය, හවඩිය බඳු පටිය, කාබහන කෙළවර දිරීම, මුවවිට වෙළා ගෙතීම, මිහිඟුබෙර වැටි සේ විවීම පිළිබඳ ද සික පැනැවූහ. දහවලු කෙළවර ද දිරයි. (එය පිළිබඳ පැනවීම් ද ඇත.)

35. වීඨෙ ගණ‍්ඨි ච පාසකං ඵලකන‍්තෙ ච ඔගහෙ ගිහීනිවත්‍ථං හත්‍ථිසොණ‍්ඩං මච‍්ඡකං චතුකණ‍්ණකං.

35. පටි ඇට ද ගණ්ඨිය ද පාසකය ද පිළිබඳ සික පැනවූහ. ගණ්ඨියට අලවන රෙදි කැබල්ල සිවුර කෙළවරැ යොදන්නේ ය. ගිහියන් මෙන් සිවුරු හැඳීම, හත්ථිසොණ්ඩක මච්ඡවාළක චතුකණ්ණක යන ගිහිනිවාසන නො කළයුතු බව වදාළහ.

36. තාලවණ‍්ටං සතවල‍්ලිං සාවෙල‍්ලිං ගිහිපාරුතං උභතොකාජං න හරෙය්‍ය දන‍්තකට‍්ඨං ආකොටනං.

36. තල්වැට සේ හැඳීම, සතවල්ලිකය යන ගිහිපෙරැවුම් නො කළයුතු, පිටපටගැසීම ද නානාවිධ ගිහි පෙරැවුම් ද නොකළ යුතු, දෙපස කද නො ගෙනයායුතු, දැවටු විකීම ද දැවටුයෙන් තැළීම ද පිළිබඳ පැනැවීම් ද ඇත.

37. කණ‍්ඨෙ විලග‍්ගං දායඤ‍්ච පටග‍්ගි රුක‍්ඛ හත්‍ථිනා යමෙළු ලොකායතකං පරියාපුණිංසු වාචයුං.

37. දැහැට්ට උගුරේ රැඳිණ. (එය ඇරැබැ සික පැනැවූහ.) කැලෑ දැවීම, පිළිගිනි දීම, රුක් නැගීම, ඇතකු ලුහුබැඳීම ද යන කරුණු ද යමෙළුතෙකුල පැවිද්දන් ද ඇරැබැ සික පැනනැවිණ. ලෝකායත ශාස්ත්‍ර හදාළාහ, කියැවූහ. එය පිළිබඳ ද සික පැනවිණ.

38. තිරච‍්ඡවිජ‍්ජා වාචනා ඛිපි මඞ‍්ගල ලසුණං ච වාතාබාධො දුස‍්සති ච දුග‍්ගන්‍ධො දුක‍්ඛපාදුකා.

38. තිරශ්චීනවිද්‍යා හැදෑරීම, එය ඉගැන්වීම, කිවිසීමේ දී ආසිරි පැතීම, ගිහීන් මංගලික බව, ලුහුණු කෑම, වාතාබාධයෙහි ලුහුණු කැම යන කරුණු ඇරැබැ සික පැනැවිණ. ආරාමය දුෂ්‍ය වෙයි. දුගඳ වෙයි, කෙසකිළියේ දුකයේ හිඳිත්, පස්සාව පාදුකාව අනුදැනිණ.

39. හිරීයන‍්ති අපාරු දුග‍්ගන්‍ධො තහං තහං කරොන‍්ති ච දුග‍්ගන්‍ධො කූපං ලුජ‍්ජති උච‍්චවත්‍ථු චයෙපි ච.

39. වැස්මක්නැනි කෙසකිළියෙහි මූත්‍ර කරන්නට ලජ්ජිත වෙත්. කෙසකිළිය ආවරණ රහිත වෙයි. දුගඳ වෙයි (එය පිළිබඳ සික පැනැවිණ). ඒ ඒ තැන මල පහ කෙරෙත්. දුගඳ වෙයි. වර්චස්කූපයක් අනුදත්හ. වර්චස්කූපයේ ඉවුරු කැඩී වැටෙයි. බිම උස් කොට තනන්නට අනුදත්හ. ගඩොළු බැඳුම් ආදි බැඳුම් ද අනුදත්හ.

40. සොපාණාලම‍්බණ බාහා අන‍්තෙ දුක‍්ඛඤ‍්ච පාදුකා බහිද‍්ධා දොණි කට‍්ඨඤ‍්ච පිඨරො ච අපාරුතො

40. සොපමාණ ආලම්බනබාහ ද අනුදත්හ. අද්දර හිඳ මල පහ කිරීම, දුකසේ හිඳ මල පහ කිරීම, වච්චපාදුකා ව පිටත මූත්‍ර පහ කිරීම, මූත්‍ර ඔරුව, පුසන් දඬු, පුසන් දඬු බඳුන (පිළිබඳ සික පැනැවිණ.) වළ නො වසන ලද්දේ ය. (එය පිළිබඳ ව ද සික පැනැවිණ.)

41. වච‍්චකුටී කවාටඤ‍්ච පිට‍්ඨසඞ‍්ඝාටමෙව ච උදුක‍්ඛලුත‍්තරපාසො වට‍්ටිං ච කපිසීසකං.

41. වැසිකිළියක් පැනැවීම, එයට දොර, දොරබාව, වටෙවූලිය, උතුරුලීය, අගුළුවැටිය, අගුළුකණුව යන දෑ අනුදත්හ.

42. සූචි ඝටි තාලච‍්ඡිද‍්දං ආවිඤ‍්ඡනච‍්ඡිද‍්දමෙව ච රජ‍්ජු උල‍්ලිත‍්තාවලිත‍්තං සෙතවණ‍්ණඤ‍්ච කාළකං.

42. යතුරුලීය, තරංකය, කෙසිසිදුර, අදනා රැහැන බහාලන සිදුර අදනා රැහැන වැසිකිළිදොරටුවෙහි ඇතුළත පිටත බදාම ඇලවීම, සුදුපැහැ කිරීම, කළු පැහැකිරීම.

43. මාලාකම‍්මං ලතාකම‍්මං මකරං පඤ‍්චපට‍්ටිකං චීවරවංසං රජ‍්ජුං ච ජරා දුබ‍්බල පාකාරං.

43. මල්කම්, ලියකම්, මෝරදැති ඇඳීම, පස්පැහැ කිරීම ධීවරවංසය, චීවරරජ්ජුය, ජරා දුබලා ප්‍රාකර (යන දෑ අනුදත්හ).

44. පරිවෙණෙ චාපි තත්‍ථෙව මරුම‍්බං පදරසිලා සන‍්තිට‍්ඨති නිද‍්ධමනං කුම‍්භිඤ‍්චාපි සරාවකං.

44. එහි ම පිරිවෙනෙහි ද වැලි ඇතිරීම ද පතුරුගල් ඇතිරීම ද අනුදත්හ. දිය රැඳී සිටී. කානුවක් ද සෝදන දිය බහාලන මහසැළක් ද සරාවක් ද අනුදත්හ.

45. දුක‍්ඛං හිරි අපිධානං අනාචාරඤ‍්ච ආචරුං ලොහභණ‍්ඩං අනුඤ‍්ඤාසි ඨපයිත්‍වා පහරණිං.

45. දුකසේ දිය කිස කරත්. දිය කිසට ලජ්ජා ගනිත්. දිය සැළට පියනක් අනුදත්හ. (සවැගියෝ) නොමනා ව හැසුරුණාහ. අවි හැර ලොහොබඩු අනුදත්හ.

46. ඨපයිත්‍වා සන්‍දිපල‍්ලඞ‍්කං දාරුපත‍්තඤ‍්ච පාදුකං සබ‍්බං දාරුමයං භණ‍්ඩං අනුඤ‍්ඤාසි මහාමුනි

46. දික්සඟළා පුටුව ද ව්‍යාලරූප ඇති පළඟ ද ලීමුවා පාත්‍රය ද ලී සෙරෙප්පු ද හැර සියලු ලීමුවා බඩු මහාමුනිහු අනුදත්හ.

47. කතකං කුම‍්භකාරඤ‍්ච ඨපයිත්‍වා තථාගතො සබ‍්බම‍්පි මත‍්තිකාභණ‍්ඩං අනුඤ‍්ඤාසි අනුකම‍්පකො

47. මැටිපාපිස්ස ද සියල්ල මැටිමුවා ගෙය ද හැර ඉතිරි සියලු මැටි බඩු ආනුකම්පක තථාගතයන් වහන්සේ අනුදත් සේක.

48. යස‍්ස වත්‍ථුස‍්ස නිද‍්දෙසො පුරිමෙන සමම‍්පි ච තංපි සංඛිත‍්තමුද‍්දානෙ නයතො තං විජානියා.

48. යම් වස්තුවෙක නිර්‍දෙශය පළමු දැක්වුණ දෑ හා සම වන්නේ නම් එය ද සැකෙවින් උද්දානයෙහි දැක්විණ. එය දුන් නය අනුව දන්නේ ය.

49. එවං දසසතා වත්‍ථූ විනයෙ ඛුද‍්දකවත්‍ථුකෙ සද‍්ධම‍්මට‍්ඨිතියා චෙව පෙසලානං චනුග‍්ගහො

49. මෙසේ විනය පිටකයේ බුද්දකවත්ථුක්ඛන්‍ධකයෙහි දහසෙක් වස්තූහු වෙත්. ඔහු ශාසනයාගේ චිරස්ථිතිය පිණිස වන්නාහ. ඒවා පැනවීම ප්‍රියශීල පැවිද්දනට අනුග්‍රහයෙක් ද වන්නේ ය.

50. සුසික‍්ඛිතො විනයධරො හිතචිත‍්තො සුපෙසලො පදීපකරණො ධීරො පූජාරහො බහුස‍්සුතොති.

50. මනාව හික්මුණු, විනයධර වූ, ඉත සිත් ඇති, ප්‍රියශීල වූ, සස්නට එළිය කරන, නුවණැති, බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහණ තෙම පූජාර්‍හ වේ.

උද‍්දානං නිට‍්ඨිතං.

උද්දානය නිමියේ යි.